Pali BJTකථඤ්ච ඉමිනා අඤ්ඤථා සියන්ති හොති: පරපුග්ගලං උපනිධාය යථා සො ඛත්තියො ඉමිනා නාහං තථා ඛත්තියො සියන්ති වා, යථා සො බ්රාහ්මණො ඉමිනා නාහං තථා බ්රාහ්මණො සියන්ති වා -පෙ- යථා සො නෙවසඤ්ඤීනාසඤ්ඤී ඉමිනා නාහං තථා නෙවසඤ්ඤී නාසඤ්ඤී සියන්ති වා, එවං ඉමිනා අඤ්ඤථා සියන්ති හොති.
Sinhala BJTකිසෙයින් ‘මෙයින් අන් ප්‍රකාර වන්නෙම් දෝහෝ’ යි වේ ද යත්: පරපුඟුලකු පිණිස යම්සේ හෙතෙම ක්‍ෂත්‍රිය වේ නම් එසෙයින් මම මෙයින් ක්‍ෂත්‍රිය නො වන්නෙම් දෝහෝ යි හෝ යම්සේ හෙතෙම බ්‍රාහ්මණ වේ නම් එසෙයින් මම මෙයින් බ්‍රාහ්මණ නො වන්නෙම් දෝහෝ’ යි හෝ ... යම්සේ හෙතෙම නෛවසංඥීනාසංඥී වේ නම් එසෙයින් මම මෙයින් නෛවසංඥීනාසංඥී නො වන්නෙම් දෝහෝ’ යි හෝ මෙසෙයින් ‘මෙයින් අන් ප්‍රකාර වන්නෙම් දෝහෝ’ යි වේ.
Pali BJTකථඤ්ච ඉමිනා අපාහං සියන්ති හොති: කඤ්චි ධම්මං අවකාරිං කරිත්වා රූපං වෙදනං සඤ්ඤං සඞ්ඛාරෙ විඤ්ඤාණං ඉමිනා අපාහං සියන්ති ඡන්දං පටිලභති, ඉමිනා අපාහං සියන්ති මානං පටිලභති, ඉමිනා අපාහං සියන්ති දිට්ඨිං පටිලභති. තස්මිං සති ඉමානි පපඤ්චිතානි හොන්ති: ඉමිනා අපාහං ඉත්ථං සියන්ති වා, ඉමිනා අපාහං එවං සියන්ති වා, ඉමිනා අපාහං අඤ්ඤථා සියන්ති වා.
Sinhala BJTකිසෙයින් ‘මෙයින් මම වන්නෙම් නම් මැනැවැ’ යි වේ ද යත්: කිසි දහමක් රූපය වේදනාව සංඥාව සංස්කාරයන් විඥානය වෙන් කොටගෙන මෙයින් මම වන්නෙම් නම් මැනැවැ’ යි තෘෂ්ණාවට පැමිණෙයි, මෙයින් මම වන්නෙම් නම් මැනැවැ යි මානයට පැමිණෙයි, මෙයින් මම වන්නෙම් නම් මැනැවැ යි දෘෂ්ටියට පැමිණෙයි. ඒ තුන් ප්‍රපඤ්චයන් ඇති කල්හි මෙයින් මම මේ ප්‍රකාර වන්නෙම් නම් මැනැවැ යි හෝ මෙයින් මම මෙසේ වන්නෙම් නම් මැනැවැ යි හෝ මෙයින් මම අන් ප්‍රකාරයෙකින් වන්නෙම් නම් මැනැවැ යි හෝ මේ ප්‍රපඤ්චිතයෝ වෙත්.
Pali BJTකථඤ්ච ඉමිනා අපාහං ඉත්ථං සියන්ති හොති: ඉමිනා අපාහං ඛත්තියො සියන්ති වා, ඉමිනා අපාහං බ්රාහ්මණො සියන්ති වා, ඉමිනා අපාහං වෙස්සො සියන්ති වා, ඉමිනා අපාහං සුද්දො සියන්ති වා, ඉමිනා අපාහං ගහට්ඨො සියන්ති වා, ඉමිනා අපාහං පබ්බජිතො සියන්ති වා, ඉමිනා අපාහං දෙවො සියන්ති වා, ඉමිනා අපාහං මනුස්සො සියන්ති වා, ඉමිනා අපාහං රූපී සියන්ති වා, ඉමිනා අපාහං අරූපී සියන්ති වා, ඉමිනා අපාහං සඤ්ඤී සියන්ති වා, ඉමිනා අපාහං අසඤ්ඤී සියන්ති වා, ඉමිනා අපාහං නෙවසඤ්ඤී, නාසඤ්ඤී සියන්ති වා, එවං ඉමිනා අපාහං ඉත්ථං සියන්ති හොති.
Sinhala BJTකිසෙයින් ‘මෙයින් මම මේ ප්‍රකාර වන්නෙමි නම් මැනැවැ’ යි වේ ද යත්: මෙයින් මම ක්‍ෂත්‍රිය වන්නෙම් නම් මැනැවැ යි හෝ මෙයින් මම බ්‍රාහ්මණ වන්නෙම් නම් මැනැවැ යි හෝ මෙයින් මම වෛශ්‍ය වන්නෙම් නම් මැනැවැ යි හෝ මෙයින් මම ශුද්‍ර වන්නෙම් නම් මැනැවැ යි හෝ මෙයින් මම ගැහැවි වන්නෙම් නම් මැනැවැ යි හෝ මෙයින් මම පැවිදි වන්නෙම් නම් මැනැවැ යි හෝ මෙයින් මම දෙවි වන්නෙම් නම් මැනැවැ යි හෝ මෙයින් මම මිනිස් වන්නෙම් නම් මැනැවැ යි හෝ මෙයින් මම රූපී වන්නෙම් නම් මැනැවැ යි හෝ මෙයින් මම අරූපී වන්නෙම් නම් මැනැවැ යි හෝ මෙයින් මම සංඥී වන්නෙම් නම් මැනැවැ යි හෝ මෙයින් මම අසංඥී වන්නෙම් නම් මැනැවැ යි හෝ මෙයින් මම නෛවසංඥීනාසංඥී වන්නෙම් නම් මැනැවැ යි හෝ මෙසෙයින් ‘මෙයින් මම මේ ප්‍රකාර වන්නෙම් නම් මැනැවැ’ යි වේ.
Pali BJTකථඤ්ච ඉමිනා අපාහං එවං සියන්ති හොති: පරපුග්ගලං උපනිධාය යථා සො ඛත්තියො ඉමිනා අපාහං තථා ඛත්තියො සියන්ති වා, යථා සො බ්රාහ්මණො ඉමිනා අපාහං තථා බ්රාහ්මණො සියන්ති වා -පෙ- යථා සො නෙවසඤ්ඤී නාසඤ්ඤී ඉමිනා අපාහං තථා නෙවසඤ්ඤී නාසඤ්ඤී සියන්ති වා. එවං ඉමිනා අපාහං එවං සියන්ති හොති.
Sinhala BJTකිසෙයින් ‘මෙයින් මම මෙසේ වන්නෙම් නම් මැනැවැ’ යි වේ ද යත්: පරපුඟුලකු පිණිස යම්සේ හෙතෙම ක්‍ෂත්‍රිය වේ නම් එසෙයින් මම මෙයින් ක්‍ෂත්‍රිය වන්නෙම් නම් මැනැවැ යි හෝ යම්සේ හෙතෙම බ්‍රාහ්මණ වේ නම් එසෙයින් මම මෙයින් බ්‍රාහ්මණ වන්නෙම් නම් මැනැවැ යි හෝ ... යම්සේ හෙතෙම නෛවසංඥීනාසංඥී වේ නම් එසෙයින් මම මෙයින් නෛවසංඥීනාසංඥී වන්නෙම් නම් මැනැවැ යි හෝ මෙසෙයින් ‘මෙයින් මම මෙසේ වන්නෙම් නම් මැනැවැ’ යි වේ.
Pali BJTකථඤ්ච ඉමිනා අපාහං අඤ්ඤථා සියන්ති හොති: පරපුග්ගලං උපනිධාය යථා සො ඛත්තියො ඉමිනා අපාහං න තථා ඛත්තියො සියන්ති වා, යථා සො බ්රාහ්මණො ඉමිනා අපාහං න තථා බ්රාහ්මණො සියන්ති වා -පෙ- යථා සො නෙවසඤ්ඤී නාසඤ්ඤී ඉමිනා අපාහං න තථා නෙවසඤ්ඤීනාසඤ්ඤී සියන්ති වා. එවං ඉමිනා අපාහං අඤ්ඤථා සියන්ති හොති. ඉමානි අට්ඨාරස තණ්හාවිචරිතානි බාහිරස්ස උපාදාය.
Sinhala BJTකිසෙයින් ‘මෙයින් මම අන් ප්‍රකාරයෙකින් වන්නෙම් නම් මැනැවැ’ යි වේ ද යත්: පරපුඟුලකු පිණිස යම්සේ හෙතෙම ක්‍ෂත්‍රිය වේ නම් එසෙයින් මම මෙයින් ක්‍ෂත්‍රිය නො වන්නෙම් නම් මැනැවැ යි හෝ, යම්සේ හෙතෙම බ්‍රාහ්මණ වේ නම් එසෙයින් මම මෙයින් බ්‍රාහ්මණ නො වන්නෙම් නම් මැනැවැ යි හෝ ... යම්සේ හෙතෙම නෛවසංඥීනාසංඥී වේ නම් එසෙයින් මම මෙයින් නෛවසංඥීනාසංඥී නො වන්නෙම් නම් මැනැවැ යි හෝ මෙසෙයින් ‘මෙයින් මම අන් ප්‍රකාරයෙකින් වන්නෙම් නම් මැනැවැ’ යි වේ. මොහු බාහිර ස්කන්‍ධපඤ්චකය ගැන අටළොස් තෘෂ්ණාවිචරිතයෝ යි.
Pali BJTඉති ඉමානි අට්ඨාරස තණ්හාවිචරිතානි අජ්ඣත්තිකස්ස උපාදාය, ඉමානි අට්ඨාරස තණ්හාවිචරිතානි බාහිරස්ස උපාදාය. තදෙකජ්ඣං අභිසඤ්ඤූහිත්වා අභිසංඛිපිත්වා ඡත්තිංස තණ්හාවිචරිතානි හොන්ති. ඉති එවරූපානි අතීතානි ඡත්තිංස තණ්හාවිචරිතානි, අනාගතානි ඡත්තිංස තණ්හාවිචරිතානි, පච්චුප්පන්නානි ඡත්තිංස තණ්හාවිචරිතානි, තදෙ කජ්ඣං අභිසඤ්ඤූහිත්වා අභිසංඛිපිත්වා අට්ඨතණ්හාවිචරිතසතං හොති.
Sinhala BJTමෙසේ මේ ආධ්‍යාත්මිකස්කන්‍ධපඤ්චකය ගැන අටළොස් තෘෂ්ණාවිචරිතයෝ ය, මේ බාහිරස්කන්‍ධපඤ්චකය ගැන අටළොස් තෘෂ්ණාවිචරිතයෝ ය යි ඒ සියල්ල එක් අයුරෙකින් කැටි කොට හකුළුවා සතිස් තෘෂ්ණාවිචරිතයෝ වෙති. මෙසේ මෙබඳු අතීත වූ සතිස් තෘෂ්ණාවිචරිතයෝ ය, අනාගත වූ සතිස් තෘෂ්ණාවිචරිතයෝ ය, ප්‍රත්‍යුත්පන්න වූ සතිස් තෘෂ්ණාවිචරිතයෝ ය යි ඒ සියල්ල එක් අයුරෙකින් කැටි කොට හකුළුවා එක්සියඅටක් තෘෂ්ණාවිචරිත වේ.
Pali BJTතත්ථ කතමානි ද්වාසට්ඨි දිට්ඨිගතානි බ්රහ්මජාලෙ වෙය්යාකරණෙ වුත්තානි භගවතා: චත්තාරො සස්සතවාදා, චත්තාරො එකච්චසස්සතිකා, චත්තාරො අන්තානන්තිකා, චත්තාරො අමරාවික්ඛෙපිකා, ද්වෙ අධිච්ච සමුප්පන්නිකා, සොළස සඤ්ඤීවාදා, අට්ඨ අසඤ්ඤීවාදා, අට්ඨ නෙවසඤ්ඤී නාසඤ්ඤීවාදා, සත්ත උච්ඡෙදවාදා, පඤ්ච දිට්ඨධම්මනිබ්බානවාදා, ඉමානි ද්වාසට්ඨි දිට්ඨිගතානි බ්රහ්මජාලෙ වෙය්යාකරණෙ වුත්තානි භගවතාති.
Sinhala BJTඑහි භාග්‍යවතුන් විසින් බ්‍රහ්මජාලවෙය්‍යාකරණයෙහි වදාළ දෙසැට දෘෂ්ටිගතයෝ කවරහ යත්: සතර ශාශ්වතවාදයෝ ය, සතර එකත්‍යශාශ්වතිකයෝ ය, සතර අන්තානන්තිකයෝ ය, සතර අමරාවික්‍ෂේපිකයෝ ය, අධිත්‍යසමුත්පන්නවාද ඇතියෝ දෙදෙන ය, සොළොස් සංඥීවාදයෝ ය, අසංඥීවාදයෝ අටදෙන ය, නේවසඤ්ඤීනාසඤ්ඤීවාදයෝ අටදෙන ය, උච්ඡේදවාදයෝ සත්දෙන ය, දෘෂ්ටධර්‍මනිර්‍වාණවාදයෝ පස්දෙන යි, මොහු භාග්‍යවතුන් විසින් බ්‍රහ්මජාලවෙය්‍යාකරණයෙහි වදාළ දෙසැට දෘෂ්ටිගතයෝ යි.
Pali BJTඛුද්දකවත්ථුවිභඞ්ගො නිට්ඨිතො.
Sinhala BJTඛුද්දකවත්‍ථුවිභඞ්ග නිමි.
Pali BJT18. ධම්මහදය විභඞ්ගො
Sinhala BJT18. ධම්මහදය විභඞ්ගය
Pali BJT1.
Sinhala BJT1.
Pali BJT1020. කති ඛන්ධා: කති ආයතනානි: කති ධාතුයො: කති සච්චානි: කති ඉන්ද්රියානි: කති හෙතු: කති ආහාරා: කති ඵස්සා: කති වෙදනා: කති සඤ්ඤා: කති චෙතනා: කති චිත්තානි:
Sinhala BJT1020. ස්කන්‍ධයෝ කෙතෙක් ද, ආයතනයෝ කෙතෙක් ද, ධාතූහු කෙතෙක් ද, සත්‍යයෝ කෙතෙක් ද, ඉන්‍ද්‍රියයෝ කෙතෙක් ද, හේතූහු කෙතෙක් ද, ආහාරයෝ කෙතෙක් ද, ස්පර්‍ශයෝ කෙතෙක් ද, වේදනා කෙතෙක් ද, සංඥා කෙතෙක් ද, චේතනා කෙතෙක් ද, චිත්තයෝ කෙතෙක් ද යත්:
Pali BJT1021. පඤ්චක්ඛන්ධා, ද්වාදසායතනානි, අට්ඨාරසධාතුයො, චත්තාරි සච්චානි, බාවීසතින්ද්රියානි, නව හෙතූ, චත්තාරො ආහාරා, සත්ත ඵස්සා, සත්ත වෙදනා, සත්ත සඤ්ඤා, සත්ත චෙතනා, සත්ත චිත්තානි.
Sinhala BJT1021. ස්කන්‍ධ පසෙකි, ආයතන දොළොසෙකි, ධාතු අටළොසෙකි, සත්‍ය සතරෙකි, ඉන්‍ද්‍රිය දෙවිස්සෙකි, හේතු නවයෙකි, ආහාර සතරෙකි, ස්පර්‍ශ සතෙකි, වේදනා සතෙකි, සංඥා සතෙකි, චේතනා සතෙකි, චිත්ත සතෙකි.
Pali BJT1022. තත්ථ කතමෙ පඤ්චක්ඛන්ධා: රූපක්ඛන්ධො වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො. ඉමෙ වුච්චන්ති පඤ්චක්ඛන්ධා.
Sinhala BJT1022. එහි පඤ්චස්කන්‍ධයෝ කවරහ යත්: රූපස්කන්‍ධ ය, වේදනාස්කන්‍ධ ය, සංඥාස්කන්‍ධ ය, සංස්කාරස්කන්‍ධ ය, විඥානස්කන්‍ධ යි. මොහු පඤ්චස්කන්‍ධයහ යි කියනු ලැබෙත්.
Pali BJT1023. තත්ථ කතමානි ද්වාදසායතනානි: චක්ඛායතනං රූපායතනං සොතායතනං සද්දායතනං ඝානායතනං ගන්ධායතනං ජිව්හායතනං රසායතනං කායායතනං ඵොට්ඨබ්බායතනං මනායතනං ධම්මායතනං. ඉමානි වුච්චන්ති ද්වාදසායතනානි.
Sinhala BJT1023. එහි ද්වාදශායතනයෝ කවරහ යත්: චක්‍ෂුරායතන ය, රූපායතන ය, ශ්‍රෝත්‍රායතන ය, ශබ්දායතන ය, ඝ්‍රාණායතන ය, ගන්‍ධායතන ය, ජිහ්වායතන ය, රසායතන ය, කායායතන ය, ස්ප්‍රෂ්ටව්‍යායතන ය, මනායතන ය, ධර්‍මායතන යි. මොහු ද්වාදශායතනහ යි කියනු ලැබෙත්.
Pali BJT1024. තත්ථ කතමා අට්ඨාරසධාතුයො: චක්ඛුධාතු රූපධාතු චක්ඛුවිඤ්ඤාණධාතු, සොතධාතු සද්දධාතු සොතවිඤ්ඤාණධාතු, ඝානධාතු ගන්ධධාතු ඝානවිඤ්ඤාණධාතු, ජිව්හාධාතු රසධාතු ජිව්හාවිඤ්ඤාණධාතු, කායධාතු ඵොට්ඨබ්බධාතු කායවිඤ්ඤාණධාතු, මනොධාතු ධම්මධාතු මනොවිඤ්ඤාණධාතු. ඉමා වුච්චන්ති අට්ඨාරසධාතුයො.
Sinhala BJT1024. එහි අටළොස්ධාතූහු කවරහ යත්: චක්‍ෂුර්ධාතු ය, රූපධාතු ය, චක්‍ෂුර්විඥානධාතු ය, ශ්‍රෝත්‍රධාතු ය, ශබ්දධාතු ය, ශ්‍රෝත්‍රවිඥානධාතු ය, ඝ්‍රාණධාතු ය, ගන්‍ධධාතු ය, ඝ්‍රාණවිඥානධාතු ය, ජිහ්වාධාතු ය, රසධාතු ය, ජිහ්වාවිඥානධාතු ය, කායධාතු ය, ස්ප්‍රෂ්ටව්‍යධාතු ය, කායවිඥානධාතු ය, මනෝධාතු ය, ධම්මධාතු ය, මනෝවිඥානධාතු යි. මොහු අටළොස්ධාතූහු වෙත්.
Pali BJT1025. තත්ථ කතමානි චත්තාරි සච්චානි: දුක්ඛසච්චං සමුදයසච්චං නිරොධසච්චං මග්ගසච්චං. ඉමානි වුච්චන්ති චත්තාරි සච්චානි.
Sinhala BJT1025. එහි සතර සත්‍යයෝ කවරහ යත්: දුඃඛසත්‍යය, සමුදයසත්‍ය ය, නිරෝධසත්‍ය ය, මාර්‍ගසත්‍ය යි. මොහු සතර සත්‍යහ යි කියනු ලැබෙත්.
Pali BJT1026. තත්ථ කතමානි බාවීසතින්ද්රියානි: චක්ඛුන්ද්රියං සොතින්ද්රියං ඝානින්ද්රියං ජිව්හින්ද්රියං කායින්ද්රියං මනින්ද්රියං ඉත්ථින්ද්රියං පුරිසින්ද්රියං ජීවිතින්ද්රියං සුඛින්ද්රියං දුක්ඛින්ද්රියං සොමනස්සින්ද්රියං උපෙක්ඛින්ද්රියං සද්ධින්ද්රියං විරියින්ද්රියං සතින්ද්රියං සමාධින්ද්රියං පඤ්ඤින්ද්රියං අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං අඤ්ඤින්ද්රියං අඤ්ඤාතාවින්ද්රියං. ඉමානි වුච්චන්ති බාවීසතින්ද්රියානි.
Sinhala BJT1026. එහි දෙවිසි ඉන්‍ද්‍රියයෝ කවරහ යත්: චක්‍ෂුරින්‍ද්‍රිය ය, ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය ය, ඝ්‍රාණේන්‍ද්‍රිය ය, ජිහ්වේන්‍ද්‍රිය ය, කායේන්‍ද්‍රිය ය, මනින්‍ද්‍රිය ය, ස්ත්‍රීන්‍ද්‍රිය ය, පුරුෂේන්‍ද්‍රිය ය, ජීවිතේන්‍ද්‍රිය ය, සුඛේන්‍ද්‍රිය ය, දුඃඛේන්‍ද්‍රිය ය, සෞමනස්‍යෙන්‍ද්‍රිය ය, දෞර්‍මනස්‍යෙන්‍ද්‍රිය ය, උපේක්‍ෂේන්‍ද්‍රිය ය, ශ්‍රද්ධේන්‍ද්‍රිය ය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය, ස්මෘතින්‍ද්‍රිය ය, සමාධින්‍ද්‍රිය ය, ප්‍රඥේන්‍ද්‍රිය ය, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ය, අඤ්ඤින්‍ද්‍රිය ය, අඤ්ඤාතාවින්‍ද්‍රිය යි. මොහු දෙවිසි ඉන්‍ද්‍රියයෝ යි කියනු ලැබෙත්.
Pali BJT1027. තත්ථ කතමෙ නව හෙතූ: තයො කුසලහෙතූ, තයො අකුසලහෙතූ, තයො අව්යාකතහෙතූ. තත්ථ කතමෙ තයො කුසලහෙතූ: අලොභො කුසලහෙතූ, අදොසො කුසලහෙතූ, අමොහො කුසලහෙතූ, ඉමෙ තයො කුසලහෙතූ. තත්ථ කතමෙ තයො අකුසලහෙතූ, ලොභො අකුසලහෙතූ, දොසො අකුසලහෙතූ, මොහො අකුසලහෙතූ, ඉමෙ තයො අකුසලහෙතූ. තත්ථ කතමෙ තයො අව්යාකතහෙතූ: කුසලානං වා ධම්මානං විපාකතො කිරියාව්යාකතෙසු වා ධම්මෙසු අලොභො අදොසො අමොහො, ඉමෙ තයො අව්යාකතහෙතූ. ඉමෙ වුච්චන්ති නව හෙතූ.
Sinhala BJT1027. එහි නවහේතූහු කවරහ යත්: කුශලහේතූහු තිදෙනෙකි, අකුශලහේතූහු තිදෙනෙකි, අව්‍යාකෘතහේතූහු තිදෙනෙකි. එහි තුන් කුශලහේතූහු කවරහ යත්: අලෝභය කුශලහේතු වෙයි, අද්වේෂය කුශලහේතු වෙයි, අමෝහය කුශලහේතු වේ, මොහු තුන් කුශලහේතූහු වෙත්. එහි තුන් අකුශලහේතූහු කවරහ යත්: ලෝභය අකුශලහේතු වෙයි, ද්වේෂය අකුශලහේතු වෙයි, මෝහය අකුශලහේතු වේ. මොහු තුන් අකුශලහේතූහු වෙත්. එහි තුන් අව්‍යාකෘතහේතූහු කවරහ යත්: කුශලකර්‍මයන්ගේ විපාක හෙයින් හෝ ක්‍රියාව්‍යාකෘතධර්‍මයන්හි හෝ අලෝභය, අද්වේෂය, අමෝහයි. මොහු තුන් අව්‍යාකෘතහේතූහු වෙත්. මොහු නවහේතූහුයි කියනු ලැබෙත්.
Pali BJT1028. තත්ථ කතමෙ චත්තාරො ආහාරා: කබළිඞ්කාරො ආහාරො ඵස්සාහාරො මනොසඤ්චෙතනාහාරො විඤ්ඤාණාහාරො. ඉමෙ වුච්චන්නි චත්තාරො ආහාරා.
Sinhala BJT1028. එහි සතර ආහාරයෝ කවරහ යත්: කවලීකාරාහාර ය, ස්පර්‍ශාහාර ය, මනෝසඤ්චේතනාහාර ය, විඥානාහාර යි. මොහු සතර ආහාරයෝ යි කියනු ලැබෙත්.
Pali BJT1029. තත්ථ කතමෙ සත්ත ඵස්සා: චක්ඛුසම්ඵස්සො සොතසම්ඵස්සො ඝානසම්ඵස්සො ජිව්හාසම්ඵස්සො කායසම්ඵස්සො මනොධාතුසම්ඵස්සො මනොවිඤ්ඤාණධාතුසම්ඵස්සො. ඉමෙ වුච්චන්ති සත්ත සම්පස්සා.
Sinhala BJT1029. එහි සප්තස්පර්‍ශයෝ කවරහ යත්: චක්ඛුසම්ඵස්ස ය, සෝතසම්ඵස්ස ය, ඝානසම්ඵස්ස ය, ජිව්හාසම්ඵස්ස ය, කායසම්ඵස්ස ය, මනෝධාතුසම්ඵස්ස ය, මනෝවිඤ්ඤාණධාතුසම්ඵස්ස යි. මොහු සප්තස්පර්‍ශහ යි කියනු ලැබෙත්.
Pali BJT1030. තත්ථ කතමා සත්ත වෙදනා: චක්ඛුසම්ඵස්සජා වෙදනා සොතසම්ඵස්සජා වෙදනා ඝානසම්ඵස්සජා වෙදනා ජිව්හාසම්ඵස්සජා වෙදනා කායසම්ඵස්සජා වෙදනා මනොධාතුසම්ඵස්සජා වෙදනා මනොවිඤ්ඤාණධාතුසම්ඵස්සජා වෙදනා ඉමා වුච්චන්ති සත්ත වෙදනා.
Sinhala BJT1030. එහි සප්තවේදනා කවරහ යත්: චක්ඛුසම්ඵස්සයෙන් උපන් වේදනා ය, සෝතසම්ඵස්සයෙන් උපන් වේදනා ය, ඝානසම්ඵස්සයෙන් උපන් වේදනා ය, ජිව්හාසම්ඵස්සයෙන් උපන් වේදනා ය, කායසම්ඵස්සයෙන් උපන් වේදනා ය, මනෝධාතුසම්ඵස්සයෙන් උපන් වේදනා ය, මනෝවිඤ්ඤාණධාතුසම්ඵස්සයෙන් උපන් වේදනා යි. මොහු සප්තවේදනා යි කියනු ලැබෙත්.
Pali BJT1031. තත්ථ කතමා සත්ත සඤ්ඤා: චක්ඛුසම්ඵස්සජා සඤ්ඤා සොතසම්ඵස්සජා සඤ්ඤා ඝානසම්ඵස්සජා සඤ්ඤා ජිව්හාසම්ඵස්සජා සඤ්ඤා කායසම්ඵස්සජා සඤ්ඤා මනොධාතුසම්ඵස්සජා සඤ්ඤා මනොවිඤ්ඤාණධාතුසම්ඵස්සජා සඤ්ඤා. ඉමා වුච්චන්ති සත්තසඤ්ඤා.
Sinhala BJT1031. එහි සප්තසංඥා කවරහ යත්: චක්ඛුසම්ඵස්සයෙන් උපන් සංඥා ය, සෝතසම්ඵස්සයෙන් උපන් සංඥා ය, ඝානසම්ඵස්සයෙන් උපන් සංඥා ය, ජිව්හාසම්ඵස්සයෙන් උපන් සංඥා ය, කායසම්ඵස්සයෙන් උපන් සංඥා ය, මනෝධාතුසම්ඵස්සයෙන් උපන් සංඥා ය, මනෝවිඤ්ඤාණධාතුසම්ඵස්සයෙන් උපන් සංඥා යි. මොහු සප්තසංඥා යි කියනු ලැබෙත්.
Pali BJT1032. තත්ථ කතමා සත්ත චෙතනා: චක්ඛුසම්ඵස්සජා චෙතනා සොතසම්ඵස්සජා චෙතනා ඝානසම්ඵස්සජා චෙතනා ජිව්හාසම්ඵස්සජා චෙතනා කායසම්ඵස්සජා චෙතනා මනොධාතුසම්ඵස්සජා චෙතනා මනොවිඤ්ඤාණධාතුසම්ඵස්සජා චෙතනා. ඉමා වුච්චන්ති සත්ත චෙතනා.
Sinhala BJT1032. එහි සප්තචේතනා කවරහ යත්: චක්ඛුසම්ඵස්සයෙන් උපන් චේතනා ය, සෝතසම්ඵස්සයෙන් උපන් චේතනා ය, ඝානසම්ඵස්සයෙන් උපන් චේතනා ය, ජිව්හාසම්ඵස්සයෙන් උපන් චේතනා ය, කායසම්ඵස්සයෙන් උපන් චේතනා ය, මනෝධාතුසම්ඵස්සයෙන් උපන් චේතනා ය, මනෝවිඤ්ඤාණධාතුසම්ඵස්සයෙන් උපන් චේතනා යි. මොහු සප්තචේතනා යි කියනු ලැබෙත්.
Pali BJT1033. තත්ථ කතමානි සත්තචිත්තානි: චක්ඛුවිඤ්ඤාණං සොතවිඤ්ඤාණං ඝානවිඤ්ඤාණං ජිව්හාවිඤ්ඤාණං කායවිඤ්ඤාණං මනොධාතු මනොවිඤ්ඤාණධාතු. ඉමානි වුච්චන්ති සත්ත චිත්තානි.
Sinhala BJT1033. එහි සප්තචිත්තයෝ කවරහ යත්: චක්‍ෂුර්විඥාන ය, ශ්‍රෝත්‍රවිඥාන ය, ඝ්‍රාණවිඥාන ය, ජිහ්වාවිඥාන ය, කායවිඥාන ය, මනෝධාතුය, මනෝවිඥානධාතු යි. මොහු සප්ත චිත්තයෝ යි කියනු ලැබෙත්.
Pali BJT2.
Sinhala BJT2.
Pali BJT1034. කාමධාතුයා කති ඛන්ධා: කති ආයතනානි: කති ධාතුයො: කති සච්චානි: කති ඉන්ද්රියානි: කති හෙතූ: කති ආහාරා: කති ඵස්සා: කති වෙදනා: කති සඤ්ඤා: කති චෙතනා: කති චිත්තානි:
Sinhala BJT1034. කාමධාතුයෙහි ස්කන්‍ධයෝ කෙතෙක් ද, ආයතනයෝ කෙතෙක් ද, ධාතූහු කෙතෙක් ද, සත්‍යයෝ කෙතෙක් ද, ඉන්‍ද්‍රියයෝ කෙතෙක් ද, හේතූහු කෙතෙක් ද, සංඥා කෙතෙක් ද, චේතනා කෙතෙක් ද, චිත්තයෝ කෙතෙක් ද යත්:
Pali BJTකාමධාතුයා පඤ්චක්ඛන්ධා, ද්වාදසායතනානි, අට්ඨාරසධාතුයො, තීණි සච්චානි, බාවීසතින්ද්රියානි, නව හෙතූ, චත්තාරො ආහාරා, සත්ත ඵස්සා, සත්ත වෙදනා, සත්ත සඤ්ඤා, සත්ත චෙතනා, සත්ත චිත්තානි.
Sinhala BJTකාමධාතුයෙහි ස්කන්‍ධ පසෙක, ආයතන දොළොසෙක, ධාතූහු අටළොසෙක, සත්‍ය තුනෙක, ඉන්‍ද්‍රිය දෙවිස්සෙක, හේතු නවයෙක, ආහාර සතරෙක, ස්පර්‍ශ සතෙක, වේදනා සතෙක, සංඥා සතෙක, චේතනා සතෙක, චිත්ත සතෙකි.
Pali BJTතත්ථ කතමෙ කාමධාතුයා පඤ්චක්ඛන්ධා, රූපක්ඛන්ධො වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො. ඉමෙ වුච්චන්ති කාමධාතුයා පඤ්චක්ඛන්ධා.
Sinhala BJTඑහි කාමධාතුයෙහි පඤ්චස්කන්‍ධයෝ කවරහ යත්: රූපස්කන්‍ධ ය, වේදනාස්කන්‍ධ ය, සංඥාස්කන්‍ධ ය, සංස්කාරස්කන්‍ධ ය, විඥානස්කන්‍ධ යි. මොහු කාමධාතුයෙහි පඤ්චස්කන්‍ධයෝ යි කියනු ලැබෙත්.
Pali BJTතත්ථ කතමානි කාමධාතුයා ද්වාදසායතනානි: චක්ඛායතනං රූපායතනං සොතායතනං සද්දායතනං ඝානායතනං ගන්ධායතනං ජිව්හායතනං රසායතනං කායායතනං ඵොට්ඨබ්බායතනං මනායතනං ධම්මායතනං. ඉමානි වුච්චන්ති කාමධාතුයා ද්වාදසායතනානි.
Sinhala BJTඑහි කාමධාතුයෙහි ද්වාදශායතනයෝ කවරහ යත්: චක්‍ෂුරායතන ය, රූපායතන ය, ශ්‍රෝතායතන ය, ශබ්දායතන ය, ඝ්‍රාණායතන ය, ගන්‍ධායතන ය, ජිහ්වායතන ය, රසායතන ය, කායායතන ය, ස්ප්‍රෂ්ට්‍යව්‍යායතන ය, මනායතන ය, ධර්‍මායතන යි. මොහු කාමධාතුයෙහි ද්වාදශායතනයෝ යි කියනු ලැබෙත්.
Pali BJTතත්ථ කතමා කාමධාතුයා අට්ඨාරසධාතුයො: චක්ඛුධාතු රූපධාතු චක්ඛුවිඤ්ඤාණධාතු, සොතධාතු සද්දධාතු සොතවිඤ්ඤාණධාතු, ඝානධාතු ගන්ධධාතු ඝානවිඤ්ඤාණධාතු, ජිව්හාධාතු රසධාතු ජිව්හාවිඤ්ඤාණධාතු, කායධාතු ඵොට්ඨබ්බධාතු කායවිඤ්ඤාණධාතු, මනොධාතු ධම්මධාතු මනොවිඤ්ඤාණධාතු. ඉමා වුච්චන්ති කාමධාතුයා අට්ඨාරස ධාතුයො.
Sinhala BJTඑහි කාමධාතුයෙහි අටළොස් ධාතූහු කවරහ යත්: චක්‍ෂුර්ධාතු ය රූපධාතු ය චක්‍ෂුර්විඥානධාතු ය, ශ්‍රෝත්‍රධාතු ය ශබ්දධාතු ය ශ්‍රෝත්‍රවිඥානධාතු ය, ඝ්‍රාණධාතු ය ගන්‍ධධාතු ය ඝ්‍රාණවිඥානධාතු ය, ජිහ්වාධාතු ය රසධාතු ය ජිහ්වාවිඥානධාතු ය, කායධාතු ය ස්ප්‍රෂ්ට්‍යව්‍යධාතු ය කායවිඥානධාතු ය, මනෝධාතු ය ධම්මධාතු ය මනෝවිඥානධාතු යි. මොහු කාමධාතුයෙහි අටළොස් ධාතුහ යි කියනු ලැබෙත්.
Pali BJTතත්ථ කතමානි කාමධාතුයා තීණි සච්චානි: දුක්ඛසච්චං සමුදයසච්චං මග්ගසච්චං. ඉමානි වුච්චන්ති කාමධාතුයා තීණි සච්චානි.
Sinhala BJTඑහි කාමධාතුයෙහි තුන් සත්‍යයෝ කවරහ යත්: දුඃඛසත්‍ය ය, සමුදයසත්‍ය ය, මාර්‍ගසත්‍ය යි. මොහු කාමධාතුයෙහි තුන් සත්‍යයෝ යි කියනු ලැබෙත්.
Pali BJTතත්ථ කතමානි කාමධාතුයා බාවීසතින්ද්රියානි: චක්ඛුන්ද්රියං සොතින්ද්රියං -පෙ- අඤ්ඤාතාවින්ද්රියං. ඉමානි වුච්චන්ති කාමධාතුයා බාවීසතින්ද්රියානි.
Sinhala BJTඑහි කාමධාතුයෙහි දෙවිසි ඉන්‍ද්‍රියයෝ කවරහ යත්: චක්‍ෂුරින්‍ද්‍රිය ය, ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය ය ... අඤ්ඤාතාවින්‍ද්‍රිය යි. මොහු කාමධාතුයෙහි දෙවිසි ඉන්‍ද්‍රියයෝ යි කියන ලැබෙත්.
Pali BJTතත්ථ කතමෙ කාමධාතුයා නව හෙතූ: තයො කුසලහෙතූ, තයො අකුසලහෙතූ, තයො අව්යාකතහෙතූ. ඉමෙ වුච්චන්ති කාමධාතුයා නව හෙතූ.
Sinhala BJTඑහි කාමධාතුයෙහි නවහේතූහු කවරහ යත්: කුශලහේතු තුනෙක, අකුශලහේතු තුනෙක, අව්‍යාකෘතහේතු තුනෙකි. මොහු කාමධාතුයෙහි නවහේතූහු යි කියනු ලැබෙත්.
Pali BJTතත්ථ කතමෙ කාමධාතුයා චත්තාරො ආහාරා: කබළිඞ්කාරො ආහාරො ඵස්සාහාරො මනොසඤ්චෙතනාහාරො විඤ්ඤාණාහාරො. ඉමෙ වුච්චන්ති කාමධාතුයා චත්තාරො ආහාරා.
Sinhala BJTඑහි කාමධාතුයෙහි සතර ආහාරයෝ කවරහ යත්: කවලීකාරාහාර ය, ස්පර්‍ශාහාර ය, මනෝසඤ්චේතනාහාර ය, විඥානාහාර යි. මොහු කාමධාතුයෙහි සතර ආහාරයෝ යි කියනු ලැබෙත්.
Pali BJTතත්ථ කතමෙ කාමධාතුයා සත්ත ඵස්සා: චක්ඛුසම්ඵස්සා සොතසම්ඵස්සා ඝානසම්ඵස්සා ජිව්හාසම්ඵස්සා කායසම්ඵස්සා මනොධාතුසම්ඵස්සා මනොවිඤ්ඤාණධාතුසම්ඵස්සො. ඉමෙ වුච්චන්ති කාමධාතුයා සත්ත ඵස්සා.
Sinhala BJTඑහි කාමධාතුයෙහි සප්තස්පර්‍ශයෝ කවරහ යත්: චක්ඛුසම්ඵස්ස ය, සෝතසම්ඵස්ස ය, ඝානසම්ඵස්ස ය, ජිව්හාසම්ඵස්ස ය, කායසම්ඵස්ස ය, මනෝධාතුසම්ඵස්ස ය, මනෝවිඤ්ඤාණධාතුසම්ඵස්ස යි. මොහු කාමධාතුයෙහි සප්තස්පර්‍ශයෝ යි කියනු ලැබෙත්.
Pali BJTතත්ථ කතමා කාමධාතුයා සත්ත වෙදනා: චක්ඛුසම්ඵස්සජා වෙදනා සොතසම්ඵස්සජා වෙදනා ඝානසම්ඵස්සජා වෙදනා ජිව්හාසම්ඵස්සජා වෙදනා කායසම්ඵස්සජා වෙදනා මනොධාතුසම්ඵස්සජා වෙදනා මනොවිඤ්ඤාණධාතුසම්ඵස්සජා වෙදනා. ඉමා වුච්චන්ති කාමධාතුයා සත්ත වෙදනා.
Sinhala BJTඑහි කාමධාතුයෙහි සප්තවේදනා කවර යත්: චක්ඛුසම්ඵස්සයෙන් උපන් වේදනා ය, සෝතසම්ඵස්සයෙන් උපන් වේදනා ය, ඝානසම්ඵස්සයෙන් උපන් වේදනා ය, ජිව්හාසම්ඵස්සයෙන් උපන් වේදනා ය, කායසම්ඵස්සයෙන් උපන් වේදනා ය, මනෝධාතුසම්ඵස්සයෙන් උපන් වේදනා ය, මනෝවිඤ්ඤාණධාතුසම්ඵස්සයෙන් උපන් වේදනා යි. මොහු කාමධාතුයෙහි සප්තවේදනා යි කියනු ලැබෙත්.
Pali BJTතත්ථ කතමා කාමධාතුයා සත්ත සඤ්ඤා: චක්ඛු සම්ඵස්සජා සඤ්ඤා සොතසම්ඵස්සජා සඤ්ඤා ඝානසම්ඵස්සජා සඤ්ඤා ජිව්හාසම්ඵස්සජා සඤ්ඤා කායසම්ඵස්සජා සඤ්ඤා මනොධාතුසම්ඵස්සජා සඤ්ඤා මනොවිඤ්ඤාණධාතුසම්ඵස්සජා සඤ්ඤා. ඉමා වුච්චන්ති කාමධාතුයා සත්ත සඤ්ඤා.
Sinhala BJTඑහි කාමධාතුයෙහි සප්තසංඥා කවර යත්: චක්ඛුසම්ඵස්සයෙන් උපන් සංඥා ය, සෝතසම්ඵස්සයෙන් උපන් සංඥා ය, ඝානසම්ඵස්සයෙන් උපන් සංඥා ය, ජිව්හාසම්ඵස්සයෙන් උපන් සංඥා ය, කායසම්ඵස්සයෙන් උපන් සංඥා ය, මනෝධාතුසම්ඵස්සයෙන් උපන් සංඥා ය, මනෝවිඤ්ඤාණධාතුසම්ඵස්සයෙන් උපන් සංඥා යි. මොහු කාමධාතුයෙහි සප්තසංඥා යි කියනු ලැබෙත්.
Pali BJTතත්ථ කතමා කාමධාතුයා සත්ත චෙතනා: චක්ඛුසම්ඵස්සජා චෙතනා සොතසම්ඵස්සජා චෙතනා ඝානසම්ඵස්සජා චෙතනා ජිව්හාසම්ඵස්සජා චෙතනා කායසම්ඵස්සජා චෙතනා මනොධාතුසම්ඵස්සජා චෙතනා මනොවිඤ්ඤාණධාතුසම්ඵස්සජා චෙතනා. ඉමා වුච්චන්ති කාමධාතුයා සත්ත චෙතනා.
Sinhala BJTඑහි කාමධාතුයෙහි සප්තචේතනා කවර යත්: චක්ඛුසම්ඵස්සයෙන් උපන් චේතනා ය, සෝතසම්ඵස්සයෙන් උපන් චේතනා ය, ඝානසම්ඵස්සයෙන් උපන් චේතනා ය, ජිව්හාසම්ඵස්සයෙන් උපන් චේතනා ය, කායසම්ඵස්සයෙන් උපන් චේතනා ය, මනෝධාතුසම්ඵස්සයෙන් උපන් චේතනා ය, මනෝවිඤ්ඤාණධාතුසම්ඵස්සයෙන් උපන් චේතනා යි. මොහු කාමධාතුයෙහි සප්තචේතනා යි කියනු ලැබෙත්.
Pali BJTතත්ථ කතමානි කාමධාතුයා සත්ත චිත්තානි: චක්ඛුවිඤ්ඤාණං සොතවිඤ්ඤාණං ඝානවිඤ්ඤාණං ජිව්හාවිඤ්ඤාණං කායවිඤ්ඤාණං මනොධාතු මනොවිඤ්ඤාණධාතු. ඉමානි වුච්චන්ති කාමධාතුයා සත්ත චිත්තානි.
Sinhala BJTඑහි කාමධාතුයෙහි සප්තචිත්තයෝ කවර යත්: චක්‍ෂුර්විඥාන ය, ශ්‍රොතවිඥාන ය, ඝ්‍රාණවිඥාන ය, ජිහ්වාවිඥාන ය, කායවිඥාන ය, මනෝධාතු ය, මනෝවිඥානධාතු යි. මොහු කාමධාතුයෙහි සප්තචිත්තයෝ යි කියනු ලැබෙත්.
Pali BJT1035. රූපධාතුයා කති ඛන්ධා: කති ආයතනා: කති ධාතුයො: කති සච්චානි: කති ඉන්ද්රියා -පෙ- කති චිත්තානි:
Sinhala BJT1035. රූපධාතුයෙහි ස්කන්‍ධයෝ කෙතෙක් ද, ආයතනයෝ කෙතෙක් ද, ධාතූහු කෙතෙක් ද, සත්‍යයෝ කෙතෙක් ද, ඉන්‍ද්‍රියයෝ කෙතෙක් ද? ... චිත්තයෝ කෙතෙක් ද යත්:
Pali BJTරූපධාතුයා පඤ්චක්ඛන්ධා, ඡ ආයතනානි, නව ධාතුයො, තීණි සච්චානි, චුද්දසින්ද්රියානි, අට්ඨ හෙතූ, තයො ආහාරා, චත්තාරො ඵස්සා, චතස්සො වෙදනා, චතස්සො සඤ්ඤා, චතස්සො චෙතනා, චත්තාරි චිත්තානි.
Sinhala BJTරූපධාතුයෙහි ස්කන්‍ධ පසෙක, ආයතන සයෙක, ධාතු නවයෙක, සත්‍ය තුනෙක, ඉන්‍ද්‍රිය තුදුසෙක, හේතු අටෙක, ආහාර තුනෙක, ස්පර්‍ශ සතරෙක, වේදනා සතරෙක, සංඥා සතරෙක, චේතනා සතරෙක, සිත් සතරෙකි.
Pali BJTතත්ථ කතමෙ රූපධාතුයා පඤ්චක්ඛන්ධා රූපක්ඛන්ධො වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො. ඉමෙ වුච්චන්ති රූපධාතුයා පඤ්චක්ඛන්ධා.
Sinhala BJTඑහි රූපධාතුයෙහි පඤ්චස්කන්‍ධයෝ කවරහ යත්: රූපස්කන්‍ධ ය, වේදනාස්කන්‍ධ ය, සංඥාස්කන්‍ධ ය, සංස්කාරස්කන්‍ධ ය, විඥානස්කන්‍ධ යි. මොහු රූපධාතුයෙහි පඤ්චස්කන්‍ධයෝ යි.
Pali BJTතත්ථ කතමානි රූපධාතුයා ඡ ආයතනානි: චක්ඛායතං රූපායතනං සොතායතනං සද්දායතනං මානායතනං ධම්මායතනං. ඉමානි වුච්චන්ති රූපධාතුයා ඡ ආයතනානි.
Sinhala BJTඑහි රූපධාතුයෙහි ෂඩායතනයෝ කවරහ යත්: චක්‍ෂුරායතන ය, රූපායතන ය, ශ්‍රෝත්‍රායතන ය, ශබ්දායතන ය, මනායතන ය, ධර්‍මායතන යි. මොහු රූපධාතුයෙහි ෂඩායතනහ යි කියනු ලැබෙත්.
Pali BJTතත්ථ කතමා රූපධාතුයා නව ධාතුයො: චක්ඛුධාතු රූපධාතු චක්ඛුවිඤ්ඤාණධාතු, සොතධාතු සද්දධාතු සොතවිඤ්ඤාණධාතු. මනොධාතු ධම්මධාතු මනොවිඤ්ඤාණධාතු. ඉමානි වුච්චන්ති රූපධාතුයා නව ධාතුයො.
Sinhala BJTඑහි රූපධාතුයෙහි නවධාතු කවර යත්: චක්‍ෂුර්ධාතු ය, රූපධාතු ය, චක්‍ෂුර්විඥානධාතු ය, ශ්‍රෝත්‍රධාතු ය, ශබ්දධාතු ය, ශ්‍රෝත්‍රවිඥානධාතු ය, මනෝධාතු ය, ධර්‍මධාතු ය, මනෝවිඥානධාතු යි. මොහු රූපධාතුයෙහි නවධාතුහ යි කියනු ලැබෙත්.
Pali BJTතත්ථ කතමානි රූපධාතුයා තීණි සච්චානි: දුක්ඛසච්චං සමුදයසච්චං මග්ගසච්චං. ඉමානි වුච්චන්ති රූපධාතුයා තීණි සච්චානි.
Sinhala BJTඑහි රූපධාතුයෙහි තුන් සත්‍යයෝ කවරහ යත්: දුඃඛසත්‍ය ය, සමුදය සත්‍ය ය, මාර්‍ගසත්‍ය යි. මොහු රූපධාතුයෙහි තුන් සත්‍යහ යි කියනු ලැබෙත්.
Pali BJTතත්ථ කතමානි රූපධාතුයා චුද්දසින්ද්රියානි: චක්ඛුන්ද්රියං සොතින්ද්රියං මනින්ද්රියං ජීවිතින්ද්රියං සොමනස්සින්ද්රියං උපෙක්ඛින්ද්රියං සද්ධින්ද්රියං විරියින්ද්රියං සතින්ද්රියං සමාධින්ද්රියං පඤ්ඤින්ද්රියං අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං අඤ්ඤින්ද්රියං අඤ්ඤාතාවින්ද්රියං. ඉමානි වුච්චන්ති රූපධාතුයා චුද්දසින්ද්රියානි.
Sinhala BJTඑහි රූපධාතුයෙහි තුදුස් ඉන්‍ද්‍රියයෝ කවරහ යත්: චක්‍ෂුරින්‍ද්‍රිය ය, ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය ය, මනින්‍ද්‍රිය ය, ජීවිතේන්‍ද්‍රිය ය, සෞමනස්‍යෙන්‍ද්‍රිය ය, උපේක්‍ෂේන්‍ද්‍රිය ය, ශ්‍රද්ධේන්‍ද්‍රිය ය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය, ස්මෘතින්‍ද්‍රිය ය, සමාධීන්‍ද්‍රිය ය, ප්‍රඥේන්‍ද්‍රිය ය, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ය, අඤ්ඤින්‍ද්‍රිය ය, අඤ්ඤාතාවින්‍ද්‍රිය යි. මොහු රූපධාතුයෙහි තුදුස් ඉන්‍ද්‍රියහ යි කියනු ලැබෙත්.
Pali BJTතත්ථ කතමෙ රූපධාතුයා අට්ඨ හෙතූ: තයො කුසලහෙතූ, ද්වෙ අකුසලහෙතූ, තයො අව්යාකතහෙතූ. තත්ථ කතමෙ තයො කුසලහෙතූ: අලොභො කුසලහෙතු, අදොසො කුසලහෙතු, අමොහො කුසලහෙතු. ඉමෙ තයො කුසලහෙතු.
Sinhala BJTඑහි රූපධාතුයෙහි අෂ්ටහේතූහු කවරහ යත්: තුන් කුශලහේතු ය, අකුශලහේතූහු දෙදෙන ය, තුන් අව්‍යාකෘතහේතු යි. එහි තුන් කුශලහේතු කවර යත්: අලෝභය කුශලහේතුයෙක, අද්වේෂය කුශලහේතුයෙක, අමෝහය කුශලහේතුයෙකි. මොහු තුන් කුශලහේතු වෙත්.
Pali BJTතත්ථ කතමෙ ද්වෙ අකුසලහෙතූ: ලොභො අකුසලහෙතූ මොහො අකුසලහෙතූ. ඉමෙ ද්වෙ අකුසලහෙතූ.
Sinhala BJTඑහි අකුශලධාතූහු දෙදෙන කවරහ යත්: ලෝභය අකුශලහේතුයෙකි. මෝහය අකුශලහේතුයෙකි. මොහු අකුශලහේතූහු දෙදෙන වෙත්.
Pali BJTතත්ථ කතමෙ තයො අව්යාකත හෙතූ: කුසලානං වා ධම්මානං විපාකතො කිරියාව්යාකතෙසු වා ධම්මෙසු අලොභො අදොසො අමොහො ඉමෙ තයො අව්යාකත හෙතූ. ඉමෙ වුච්චන්ති රූපධාතුයා අට්ඨ හෙතූ.
Sinhala BJTඑහි තුන් අව්‍යාකෘතහේතූහු කවරහ යත්: කුශලධර්‍මයන්ගේ විපාක හෙයින් හෝ ක්‍රියාව්‍යාකෘතධර්‍මයන්හි හෝ අලෝභ ය අද්වේෂ ය අමෝහ යි. මොහු තුන් අව්‍යාකෘතහේතූහු වෙත්. මොහු රූපධාතුයෙහි අෂ්ටහේතූහු යි කියනු ලැබෙත්.
Pali BJTතත්ථ කතමෙ රූපධාතුයා තයො ආහාරා: ඵස්සාහාරො මනොසඤ්චෙතනාහාරො විඤ්ඤාණාහාරො. ඉමෙ වුච්චන්ති රූපධාතුයා තයො ආහාරා.
Sinhala BJTඑහි රූපධාතුයෙහි තුන් ආහාරයෝ කවරහ යත්: ස්පර්‍ශාහාර ය, මනෝසඤ්චේතනාහාර ය, විඥානාහාර යි. මොහු රූපධාතුයෙහි තුන් ආහාරහ යි කියනු ලැබෙත්.
Pali BJTතත්ථ කතමෙ රූපධාතුයා චත්තාරො ඵස්සා: චක්ඛුසම්ඵස්සො සොතසම්ඵස්සො මනොධාතුසම්ඵස්සො මනොවිඤ්ඤාණධාතුසම්ඵස්සො. ඉමෙ වුච්චන්ති රූපධාතුයා චත්තාරො ඵස්සා.
Sinhala BJTඑහි රූපධාතුයෙහි සතර ස්පර්‍ශයෝ කවරහ යත්: චක්‍ෂුසම්ඵස්ස ය, සෝතසම්ඵස්ස ය, මනෝධාතුසම්ඵස්ස ය, මනෝවිඤ්ඤාණධාතුසම්ඵස්ස යි. මොහු රූපධාතුයෙහි සතර ස්පර්‍ශහ යි කියනු ලැබෙත්.
Pali BJTතත්ථ කතමා රූපධාතුයා චතස්සො වෙදනා -පෙ- චතස්සො සඤ්ඤා -පෙ- චතස්සො චෙතනා -පෙ- චත්තාරි චිත්තානි: චක්ඛුවිඤ්ඤාණං සොතවිඤ්ඤාණං මනොධාතු මනොවිඤ්ඤාණධාතු. ඉමානි වුච්චන්ති රූපධාතුයා චත්තාරි චිත්තානි.
Sinhala BJTඑහි රූපධාතුයෙහි සතර වේදනා කවර යත්: ... සතර සංඥා ... සතර චේතනා ... සතර චිත්තයෝ කවරහ යත්: චක්‍ෂුර්විඥාන ය, ශ්‍රෝත්‍රවිඥාන ය, මනෝධාතු ය, මනෝවිඥානධාතු යි. මොහු රූපධාතුයෙහි සතර චිත්තහ ය කියනු ලැබෙත්.
Pali BJT1036. අරූපධාතුයා කති ඛන්ධා: -පෙ- කති චිත්තානි:
Sinhala BJT1036. අරූපධාතුයෙහි: ස්කන්‍ධයෝ කෙතෙක් ද ... චිත්තයෝ කෙතෙක් ද යත්:
Pali BJTඅරූපධාතුයා චත්තාරො ඛන්ධා, ද්වෙ ආයතනානි, ද්වෙ ධාතුයො, තීණි සච්චානි, එකාදසින්ද්රියානි, අට්ඨ හෙතූ, තයො ආහාරා, එකො ඵස්සො, එකා වෙදනා, එකා සඤ්ඤා, එකා චෙතනා, එකං චිත්තං.
Sinhala BJTඅරූපධාතුයෙහි ස්කන්‍ධ සතරෙක, ආයතන දෙකෙක, ධාතු දෙකෙක, සත්‍ය තුනෙක, ඉන්‍ද්‍රිය එකොළොසෙක, හේතු අටෙක, ආහාර තුනෙක, ස්පර්‍ශ එකෙක, වේදනා එකෙක, සංඥා එකෙක, චේතනා එකෙක, චිත්ත එකෙකි.
Pali BJTතත්ථ කතමෙ අරූපධාතුයා චත්තාරො ඛන්ධා: වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො. ඉමෙ වුච්චන්ති අරූපධාතුයා චත්තාරො ඛන්ධා.
Sinhala BJTඑහි අරූපධාතුයෙහි සතර ස්කන්‍ධයෝ කවරහ යත්: වේදනා ස්කන්‍ධ ය, සංඥා ස්කන්‍ධ ය, සංස්කාරස්කන්‍ධ ය, විඥානස්කන්‍ධ යි. මොහු අරූපධාතුයෙහි සතර ස්කන්‍ධහ යි කියනු ලැබෙත්.
Pali BJTතත්ථ කතමානි අරූපධාතුයා ද්වෙ ආයතනානි: මනායතනං ධම්මායතනං. ඉමානි වුච්චන්ති අරූපධාතුයා ද්වෙ ආයතනානි.
Sinhala BJTඑහි අරූපධාතුයෙහි ආයතනයෝ දෙදෙන කවරහ යත්: මනායතන ය, ධර්‍මායතන යි. මොහු අරූපධාතුයෙහි ආයතනයෝ දෙදෙන යයි කියනු ලැබෙත්.
Pali BJTතත්ථ කතමා අරූපධාතුයා ද්වෙ ධාතුයො: මනොවිඤ්ඤාණධාතු ධම්මධාතු. ඉමා වුච්චන්ති අරූපධාතුයා ද්වෙ ධාතුයො.
Sinhala BJTඑහි අරූපධාතුයෙහි ධාතූහු දෙදෙන කවරහ යත්: මනෝවිඥානධාතු ය, ධර්‍මධාතු යි. මොහු අරූපධාතුයෙහි ධාතූහු දෙදෙන යයි කියනු ලැබෙත්.
Pali BJTතත්ථ කතමානි අරූපධාතුයා තීණි සච්චානි: දුක්ඛ සච්චං සමුදය සච්චං මග්ගසච්චං. ඉමානි වුච්චන්ති අරූපධාතුයා තීණි සච්චානි.
Sinhala BJTඑහි අරූපධාතුයෙහි තුන් සත්‍යයෝ කවරහ යත්: දුඃඛසත්‍ය ය, සමුදයසත්‍ය ය, මාර්‍ගසත්‍ය යි. මොහු අරූපධාතුයෙහි තුන් සත්‍යහ යි කියනු ලැබෙත්.
Pali BJTතත්ථ කතමානි අරූපධාතුයා එකාදසින්ද්රියානි: මනින්ද්රියං ජීවිතින්ද්රියං සොමනස්සින්ද්රියං උපෙක්ඛින්ද්රියං සද්ධින්ද්රියං විරියින්ද්රියං සතින්ද්රියං සමාධින්ද්රියං පඤ්ඤින්ද්රියං අඤ්ඤින්ද්රියං අඤ්ඤාතාවින්ද්රියං. ඉමානි වුච්චන්ති අරූපධාතුයා එකාදසින්ද්රියානි.
Sinhala BJTඑහි අරූපධාතුයෙහි එකොළොස් ඉන්‍ද්‍රියයෝ කවරහ යත්: මනින්‍ද්‍රිය ය, ජීවිතේන්‍ද්‍රිය ය, සෞමනස්‍යෙන්‍ද්‍රිය ය, උපේක්‍ෂේන්‍ද්‍රිය ය, ශ්‍රද්ධේන්‍ද්‍රිය ය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය, ස්මෘතින්‍ද්‍රිය ය, සමාධින්‍ද්‍රිය ය, ප්‍රඥේන්‍ද්‍රිය ය, අඤ්ඤින්‍ද්‍රිය ය, අඤ්ඤාතාවින්‍ද්‍රිය යි. මොහු අරූපධාතුයෙහි එකොළොස් ඉන්‍ද්‍රියහ යි කියනු ලැබෙත්.
Pali BJTතත්ථ කතමෙ අරූපධාතුයා අට්ඨහෙතූ: තයො කුසලහෙතූ ද්වෙ අකුසලහෙතූ තයො අව්යාකතහෙතූ. ඉමෙ වුච්චන්ති අරූපධාතුයා අට්ඨහෙතූ.
Sinhala BJTඑහි අරූපධාතුයෙහි අෂ්ටහේතු කවර යත්: තුන් කුශලහේතු ය, අකුශලහේතු දෙක ය, තුන් අව්‍යාකෘතහේතු යි. මොහු අරූපධාතුයෙහි අෂ්ටහේතූහු යි කියනු ලැබෙත්.
Pali BJTතත්ථ කතමෙ අරූපධාතුයා තයො ආහාරා: ඵස්සාහාරො මනො සඤ්චෙතනාහාරො විඤ්ඤාණාහාරො. ඉමෙ වුච්චන්ති අරූපධාතුයා තයො ආහාරා.
Sinhala BJTඑහි අරූපධාතුයෙහි තුන් ආහාර කවර යත්: ස්පර්‍ශාහාර ය, මනෝසඤ්චේතනාහාර ය, විඥානාහාර යි. මොහු අරූපධාතුයෙහි තුන් ආහාර ආහාරහ යි කියනු ලැබෙත්.
Pali BJTතත්ථ කතමො අරූපධාතුයා එකො ඵස්සො: මනොවිඤ්ඤාණධාතු සම්ඵස්සො. අයං වුච්චති අරූපධාතුයො එකො ඵස්සො.
Sinhala BJTඑහි අරූපධාතුයෙහි එක් මැ ස්පර්‍ශය කවරෙ යත්: මනෝවිඤ්ඤාණධාතුසම්ඵස්ස යි. මේ අරූපධාතුයෙහි එක් මැ ස්පර්‍ශ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා අරූපධාතුයා එකා වෙදනා -පෙ- එකා සඤ්ඤා -පෙ- එකා චෙතනා -පෙ- එකං චිත්තං: මනොවිඤ්ඤාණධාතු. ඉදං වුච්චති අරූපධාතුයා එකං චිත්තං.
Sinhala BJTඑහි අරූපධාතුයෙහි එක් මැ වේදනාව ... එක් මැ සංඥාව ... එක් මැ චේතනාව ... එක් මැ චිත්තය කවරෙ යත්: මනෝවිඥානධාතු යි. මේ අරූපධාතුයෙහි එක් මැ චිත්ත යි කියනු ලැබේ.
Pali BJT1037. අපරියාපන්නෙ කති ඛන්ධා: -පෙ- කති චිත්තානි: අපරියාපන්නෙ චත්තාරො ඛන්ධා, ද්වෙ ආයතනානි: ද්වෙ ධාතුයො, ද්වෙ සච්චානි, ද්වාදසින්ද්රියානි, ඡ හෙතූ, තයො ආහාරා, එකො ඵස්සො, එකා වෙදනා, එකා සඤ්ඤා, එකා චෙතනා, එකං චිත්තං.
Sinhala BJT1037. අපර්‍ය්‍යාපන්නයෙහි: ස්කන්‍ධයෝ කෙතෙක් ද ... චිත්තයෝ කෙතෙක් ද යත්: අපර්‍ය්‍යාපන්නයෙහි ස්කන්‍ධ සතරෙක, ආයතන දෙකෙක, ධාතු දෙකෙක, සත්‍ය දෙකෙක, ඉන්‍ද්‍රිය දොළොසෙක, හේතු සයෙක, ආහාර තුනෙක, ස්පර්‍ශ එකෙක, වේදනා එකෙක, සංඥා එකෙක, චේතනා එකෙක, චිත්ත එකෙකි.
Pali BJTතත්ථ කතමෙ අපරියාපන්නෙ චත්තාරො ඛන්ධා: වෙදනාක්ඛන්ධො, සඤ්ඤාක්ඛන්ධො, සඞ්ඛාරක්ඛන්ධො, විඤ්ඤාණක්ඛන්ධො. ඉමෙ වුච්චන්ති අපරියාපන්නෙ චත්තාරො ඛන්ධා.
Sinhala BJTඑහි අපර්‍ය්‍යාපන්නයෙහි සතර ස්කන්‍ධයෝ කවරහ යත්: වේදනාස්කන්‍ධ ය, සංඥාස්කන්‍ධ ය, සංස්කාරස්කන්‍ධ ය, විඥානස්කන්‍ධ යි. මොහු අපර්‍ය්‍යාපන්නයෙහි සතර ස්කන්‍ධහ යි කියනු ලැබෙත්.
Pali BJTතත්ථ කතමානි අපරියාපන්නෙ ද්වෙ ආයතනානි: මනායතනං ධම්මායතනං. ඉමානි වුච්චන්ති අපරියාපන්නෙ ද්වෙ ආයතනානි
Sinhala BJTඑහි අපර්‍ය්‍යාපන්නයෙහි ආයතනයෝ දෙදෙන කවරහ යත්: මනායතන ය, ධර්‍මායතන යි. මොහු අපර්‍ය්‍යාපන්නයෙහි ආයතනයෝ දෙදෙන යයි කියනු ලැබෙත්.
Pali BJTතත්ථ කතමා අපරියාපන්නෙ ද්වෙ ධාතුයො: මනොවිඤ්ඤාණධාතු ධම්මධාතු. ඉමා වුච්චන්ති අපරියාපන්නෙ ද්වෙ ධාතුයො.
Sinhala BJTඑහි අපර්‍ය්‍යාපන්නයෙහි ධාතූහු දෙදෙන කවරහ යත්: මනෝවිඥානධාතු ය, ධර්‍මධාතු යි. මොහු අපර්‍ය්‍යාපන්නයෙහි ධාතූහු දෙදෙන යයි කියනු ලැබෙත්.
Pali BJTතත්ථ කතමානි අපරියාපන්නෙ ද්වෙ සච්චානි: මග්ගසච්චං නිරොධසච්චං. ඉමානි වුච්චන්ති අපරියාපන්නෙ ද්වෙ සච්චානි.
Sinhala BJTඑහි අපර්‍ය්‍යාපන්නයෙහි සත්‍යයෝ දෙදෙන කවරහ යත්: මාර්‍ගසත්‍ය ය, නිරෝධසත්‍ය යි. මොහු අපර්‍ය්‍යාපන්නයෙහි සත්‍යයෝ දෙදෙන යයි කියනු ලැබෙත්.
Pali BJTතත්ථ කතමානි අපරියාපන්නෙ ද්වාදසින්ද්රියානි: මනින්ද්රියං ජීවිතින්ද්රියං සොමනස්සින්ද්රියං උපෙක්ඛින්ද්රියං සද්ධින්ද්රියං විරියින්ද්රියං සතින්ද්රියං සමාධින්ද්රියං පඤ්ඤින්ද්රියං අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං අඤ්ඤින්ද්රියං අඤ්ඤාතාවින්ද්රියං. ඉමානි වුච්චන්ති අපරියාපන්නෙ ද්වාදසින්ද්රියානි.
Sinhala BJTඑහි අපර්‍ය්‍යාපන්නයෙහි දොළොස් ඉන්‍ද්‍රියයෝ කවරහ යත්: මනින්‍ද්‍රිය ය, ජීවිතින්‍ද්‍රිය ය, සෝමනස්සින්‍ද්‍රිය ය, උපෙක්ඛින්‍ද්‍රිය ය, සද්ධින්‍ද්‍රිය ය, විරියින්‍ද්‍රිය ය, සතින්‍ද්‍රිය ය, සමාධින්‍ද්‍රිය ය, පඤ්ඤින්‍ද්‍රිය ය, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ය, අඤ්ඤින්‍ද්‍රිය ය, අඤ්ඤාතාවින්‍ද්‍රිය යි. මොහු අපර්‍ය්‍යාපන්නයෙහි දොළොස් ඉන්‍ද්‍රියයෝ යයි කියනු ලැබෙත්.
Pali BJTතත්ථ කතමෙ අපරියාපන්නෙ ඡ හෙතූ: තයො කුසලහෙතූ, තයො අව්යාකතහෙතූ.
Sinhala BJTඑහි අපර්‍ය්‍යාපන්නයෙහි ෂඩ් හේතූ හු කවරහ යත්: කුසල හේතූහු තිදෙන ය, අව්‍යාකෘතහේතූහු තිදෙන යි.
Pali BJTතත්ථ කතමෙ තයො කුසලහෙතූ: අලොභෙ කුසලහෙතූ, අදොසො කුසලහෙතූ, අමොහො කුසලහෙතූ. ඉමෙ තයො කුසලහෙතූ.
Sinhala BJTඑහි කුසලහේතූහු තිදෙන කවරහ යත්: අලෝභකුසලහේතූ ය, අදෝසකුසලහේතූ ය, අමෝහකුසලහේතූ යි. මොහු තිදෙන කුසලහේතු යි.
Pali BJTතත්ථ කතමෙ තයො අව්යාකතහෙතූ: කුසලානං ධම්මානං විපාකතො අලොභො අදොසො අමොහො. ඉමෙ තයො අව්යාකතහෙතූ. ඉමෙ වුච්චන්ති අපරියාපන්නෙ ඡ හෙතූ.
Sinhala BJTඑහි අව්‍යාකෘතහේතූහු තිදෙන කවරහ යත්: කුසලධර්‍මයන්ගේ විපාකවශයෙන් අලෝභ ය අදෝස ය අමෝහ යි. මොහු තිදෙන අව්‍යාකෘතහේතූහු යි. මොහු අපර්‍ය්‍යාපන්නයෙහි ෂඩ් හේතූහු යි කියනු ලැබෙත්.
Pali BJTතත්ථ කතමෙ අපරියාපන්නෙ තයො ආහාරා: ඵස්සාහාරො, මනො සඤ්චෙතනාහාරො, විඤ්ඤාණාහාරො. ඉමෙ වුච්චන්ති අපරියාපන්නෙ තයො ආහාරා,
Sinhala BJTඑහි අපර්‍ය්‍යාපන්නයෙහි ආහාරයෝ තිදෙන කවරහ යත්: ස්පර්‍ශාහාර ය, මනඃසඤ්චේතනාහාර ය, විඥානාහාර යි. මොහු අපර්‍ය්‍යාපන්නයෙහි ආහාරයෝ තිදෙන යි කියනු ලැබෙත්.
Pali BJTතත්ථ කතමො අපරියාපන්නෙ එකො ඵස්සො: මනොවිඤ්ඤාණධාතු සම්ඵස්සො. අයං වුච්චති අපරියාපන්නෙ එකො ඵස්සො.
Sinhala BJTඑහි අපර්‍ය්‍යාපන්නයෙහි එක් ස්පර්‍ශය කවරෙ යත්: මනෝවිඥානධාතු සංස්පර්‍ශයි. මේ අපර්‍ය්‍යාපන්නයෙහි එක් ස්පර්‍ශ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා අපරියාපන්නෙ එකා වෙදනා -පෙ- එකා සඤ්ඤා -පෙ- එකා චෙතනා -පෙ- එකං චිත්තං: මනොවිඤ්ඤාණධාතු. ඉදං වුච්චති අපරියාපන්නෙ එකං චිත්තං.
Sinhala BJTඑහි අපර්‍ය්‍යාපන්නයෙහි එක් වේදනාව කවර යත්: ... එක් සංඥා ... එක් චේතනා ... එක් සිත කවරෙ යත්: මනෝවිඥානධාතු යි. මේ අපර්‍ය්‍යාපන්නයෙහි එක් සිත යි කියනු ලැබේ.
Pali BJT3.
Sinhala BJT3.
Pali BJT1038. පඤ්චන්නං ඛන්ධානං කති කාමධාතු පරියාපන්නා: කති න කාමධාතුපරියාපන්නා: -පෙ- සත්තන්නං චිත්තානං කති කාමධාතු පරියාපන්නා: කති න කාමධාතුපරියාපන්නා:
Sinhala BJT1038. පඤ්ච ස්කන්‍ධයන් අතුරෙහි කෙතෙක් කාමධාතුපර්‍ය්‍යාපන්න ද, කෙතෙක් කාමධාතුපර්‍ය්‍යාපන්න නො වෙත්ද ... සප්තචිත්තයෙන් කෙතෙක් කාමධාතුපර්‍ය්‍යාපන්න ද, කෙතෙක් කාමධාතුපර්‍ය්‍යාපන්න නො වෙත් ද යත්:
Pali BJTරූපක්ඛන්ධො කාමධාතුපරියාපන්නො. චත්තාරො ඛන්ධා සියා කාමධාතුපරියාපන්නා, සියා න කාමධාතුපරියාපන්නා.
Sinhala BJTරූපස්කන්‍ධය කාමධාතුපර්‍ය්‍යාපන්න යි. සතර ස්කන්‍ධයෝ කාමධාතුපර්‍ය්‍යාපන්න ද වෙත්, කාමධාතුපර්‍ය්‍යාපන්න නො ද වෙත්.
Pali BJTදසායතනා කාමධාතුපරියාපන්නා. ද්වෙ ආයතනා සියා කාමධාතුපරියාපන්නා, සියා න කාමධාතුපරියාපන්නා.
Sinhala BJTආයතනයෝ දස දෙනෙක් කාමධාතුපර්‍ය්‍යාපන්න වෙත්. ආයතනයෝ දෙදෙනෙක් කාමධාතුපර්‍ය්‍යාපන්න ද වෙත්, කාමධාතු පර්‍ය්‍යාපන්න නො ද වෙත්.
Pali BJTසොළස ධාතුයො කාමධාතු පරියාපන්නා. ද්වෙ ධාතුයො සියා කාමධාතුපරියාපන්නා, සියා න කාමධාතුපරියාපන්නා.
Sinhala BJTසොළොස් ධාතු කෙනෙක් කාමධාතුපර්‍ය්‍යාපන්නයහ. ධාතූහු දෙදෙනෙක් කාමධාතුපර්‍ය්‍යාපන්න ද වෙති. කාමධාතුපර්‍ය්‍යාපන්න නො ද වෙත්.
Pali BJTසමුදයසච්චං කාමධාතුපරියාපන්නං. ද්වෙ සච්චා න කාමධාතු පරියාපන්නා. දුක්ඛසච්චං සියා කාමධාතුපරියාපන්නං, සියා න කාමධාතු පරියාපන්නං.
Sinhala BJTසමුදයසත්‍යය කාමධාතුපර්‍ය්‍යාපන්න යි. සත්‍යයෝ දෙදෙනෙක් කාමධාතුපර්‍ය්‍යාපන්න නො වෙත්. දුඃඛසත්‍යය කාමධාතුපර්‍ය්‍යාපන්න ද වෙයි. කාමධාතුපර්‍ය්‍යාපන්න නො ද වේ.
Pali BJTදසින්ද්රියා කාමධාතුපරියාපන්නා. තීණින්ද්රියා න කාමධාතුපරියාපන්නා. නවින්ද්රියා සියා කාමධාතුපරියාපන්නා. සියා න කාමධාතුපරියාපන්නා.
Sinhala BJTදශ ඉන්‍ද්‍රියයෝ කාමධාතුපර්‍ය්‍යාපන්නයහ. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් කාමධාතුපර්‍ය්‍යාපන්න නො වෙත්. නව ඉන්‍ද්‍රියයෝ කාමධාතුපර්‍ය්‍යාපන්න ද වෙත්. කාමධාතු පර්‍ය්‍යාපන්න නො ද වෙත්.
Pali BJTතයො අකුසලහෙතූ කාමධාතුපරියාපන්නා. ඡ හෙතූ සියා කාමධාතු පරියාපන්නා, සියා න කාමධාතුපරියාපන්නා.
Sinhala BJTඅකුශලහේතූහු තිදෙනෙක් කාමධාතුපර්‍ය්‍යාපන්න වෙත්. ෂඩ්හේතූහු කාමධාතු පර්‍ය්‍යාපන්න ද වෙත්. කාමධාතුපර්‍ය්‍යාපන්න නො ද වෙත්.
Pali BJTකබළිඞ්කාරො ආහාරො කාමධාතුපරියාපන්නො. තයො ආහාරා සියා කාමධාතුපරියාපන්නා, සියා න කාමධාතුපරියාපන්නා.
Sinhala BJTකවලීකාරාහාරය කාමධාතුපර්‍ය්‍යාපන්න යි. ආහාරයෝ තිදෙනෙක් කාමධාතු පර්‍ය්‍යාපන්න ද වෙත්. කාමධාතුපර්‍ය්‍යාපන්න නො ද වෙත්.
Pali BJTඡ ඵස්සා කාමධාතුපරියාපන්නා. මනොවිඤ්ඤාණධාතුසම්ඵස්සො සියා කාමධාතුපරියාපන්නො, සියා න කාමධාතුපරියාපන්නො.
Sinhala BJTෂට් ස්පර්‍ශයෝ කාමධාතු පර්‍ය්‍යාපන්නයහ. මනෝවිඥානධාතු සංස්පර්‍ශය කාමධාතුපර්‍ය්‍යාපන්න ද වේ. කාමධාතුපර්‍ය්‍යාපන්න නො ද වේ.
Pali BJTඡ වෙදනා -පෙ- ඡ සඤ්ඤා -පෙ- ඡ චෙතනා -පෙ- ඡ චිත්තා කාමධාතුපරියාපන්නා. මනොවිඤ්ඤාණධාතු සියා කාමධාතුපරියාපන්නා, සියා න කාමධාතුපරියාපන්නා.
Sinhala BJTෂඩ්වේදනාවෝ ... ෂට්සංඥාවෝ ... ෂට්චේතනාවෝ ... ෂට්චිත්තයෝ කාමධාතුපර්‍ය්‍යාපන්නයහ. මනෝවිඥානධාතුව කාමධාතුපර්‍ය්‍යාපන්න ද වේ. කාමධාතුපර්‍ය්‍යාපන්න නො ද වේ.
Pali BJT1039. පඤ්චන්නං ඛන්ධානං කති රූපධාතුපරියාපන්නා: කති න රූපධාතුපරියාපන්නා -පෙ- සත්තන්නං චිත්තානං කති රූපධාතුපරියාපන්නා: කති න රූපධාතුපරියාපන්නා:
Sinhala BJT1039. පඤ්ච ස්කන්‍ධයන් අතුරෙහි කෙතෙක් රූපධාතුපර්‍ය්‍යාපන්න වෙත් ද, කෙතෙක් රූපධාතුපර්‍ය්‍යාපන්න නො වෙත් ද ... සප්ත චිත්තයන් අතුරෙහි කෙතෙක් රූපධාතුපර්‍ය්‍යාපන්න වෙත් ද, කෙතෙක් රූපධාතුපර්‍ය්‍යාපන්න නො වෙත් ද යත්:
Pali BJTරූපක්ඛන්ධො න රූපධාතුපරියාපන්නො. චත්තාරො ඛන්ධා සියා රූපධාතුපරියාපන්නා, සියා න රූපධාතුපරියාපන්නා.
Sinhala BJTරූපස්කන්‍ධය රූපධාතුපර්‍ය්‍යාපන්න නො වෙයි. ස්කන්‍ධයෝ සතර දෙනෙක් රූපධාතුපර්‍ය්‍යාපන්න ද වෙති. රූපධාතුපර්‍ය්‍යාපන්න නො ද වෙත්.
Pali BJTදසායතනා න රූපධාතුපරියාපන්නා. ද්වෙ ආයතනා සියා රූපධාතු පරියාපන්නා, සියා න රූපධාතුපරියාපන්නා.
Sinhala BJTදශආයතනයෝ රූපධාතුපර්‍ය්‍යාපන්න නො වෙත්. ආයතනයෝ දෙදෙනෙක් රූපධාතුපර්‍ය්‍යාපන්න ද වෙත්. රූපධාතුපර්‍ය්‍යාපන්න නො ද වෙත්.
Pali BJTසොළස ධාතුයො න රූපධාතුපරියාපන්නා, ද්වෙ ධාතුයො සියා රූපධාතුපරියාපන්නා, සියා න රූපධාතුපරියාපන්නා.
Sinhala BJTෂෝඩශධාතු කෙනෙක් රූපධාතුපර්‍ය්‍යාපන්න නො වෙත්. ධාතූහු දෙදෙනෙක් රූපධාතුපර්‍ය්‍යාපන්න ද වෙත්. රූපධාතුපර්‍ය්‍යාපන්න නො ද වෙත්.
Pali BJTතීණි සච්චානි න රූපධාතුපරියාපන්නා, දුක්ඛසච්චං සියා රූපධාතුපරියාපන්නං, සියා න රූපධාතුපරියාපන්නං,
Sinhala BJTසත්‍යයෝ තිදෙනෙක් රූපධාතුපර්‍ය්‍යාපන්න නො වෙත්. දුඃඛසත්‍යය රූපධාතුපර්‍ය්‍යාපන්න ද වෙයි. රූපධාතුපර්‍ය්‍යාපන්න නො ද වේ.
Pali BJTතෙරසින්ද්රියා න රූපධාතුපරියාපන්නා, නවින්ද්රියා සියා රූපධාතුපරියාපන්නා, සියා න රූපධාතුපරියාපන්නා.
Sinhala BJTතෙළෙස් ඉන්‍ද්‍රිය කෙනෙක් රූපධාතුපර්‍ය්‍යාපන්න නො වෙත්. නව ඉන්‍ද්‍රිය කෙනෙක් රූපධාතුපර්‍ය්‍යාපන්න ද වෙත්. රූපධාතුපර්‍ය්‍යාපන්න නො ද වෙත්.
Pali BJTතයො අකුසලහෙතූ න රූපධාතුපරියාපන්නා, ඡ හෙතූ සියා රූපධාතුපරියාපන්නා, සියා න රූපධාතුපරියාපන්නා.
Sinhala BJTඅකුසලහේතූහු තිදෙන රූපධාතුපර්‍ය්‍යාපන්න නො වෙත්. ෂට්හේතූහු රූපධාතුපර්‍ය්‍යාපන්න ද වෙත්. රූපධාතුපර්‍ය්‍යාපන්න නො ද වෙත්.
Pali BJTකබළිඞ්කාරො ආහාරො න රූපධාතුපරියාපන්නො. තයො ආහාරා සියා රූපධාතුපරියාපන්නා, සියා න රූපධාතුපරියාපන්නා.
Sinhala BJTකවලීකාරාහාරය රූපධාතුපර්‍ය්‍යාපන්න නො වේ. ආහාරයෝ තිදෙනෙක් රූපධාතුපර්‍ය්‍යාපන්න ද වෙත්. රූපධාතුපර්‍ය්‍යාපන්න නො ද වෙත්.
Pali BJTඡ ඵස්සා න රූපධාතුපරියාපන්නා. මනොවිඤ්ඤාණධාතුසම්ඵස්සො සියා රූපධාතුපරියාපන්නො, සියා න රූපධාතුපරියාපන්නො.
Sinhala BJTෂට්ස්පර්‍ශයෝ රූපධාතුපර්‍ය්‍යාපන්න නො වෙත්. මනෝවිඥානධාතුසංස්පර්‍ශය රූපධාතුපර්‍ය්‍යාපන්න ද වේ. රූපධාතුපර්‍ය්‍යාපන්න නො ද වේ.
Pali BJTඡ වෙදනා -පෙ- ඡ සඤ්ඤා -පෙ- ඡ චෙතනා -පෙ- ඡ චිත්තා න රූපධාතුපරියාපන්නා. මනොවිඤ්ඤාණධාතු සියා රූපධාතුපරියාපන්නා. සියා න රූපධාතුපරියාපන්නා.
Sinhala BJTෂඩ්වේදනාවෝ ... ෂට්සංඥාවෝ ... ෂට්චේතනාවෝ ... ෂට්චිත්තයෝ රූපධාතුපර්‍ය්‍යාපන්න නො වෙත්. මනෝවිඥානධාතුව රූපධාතුපර්‍ය්‍යාපන්න ද වේ. රූපධාතුපර්‍ය්‍යාපන්න නො ද වේ.
Pali BJT1040. පඤ්චන්නං ඛන්ධානං කති අරූපධාතුපරියාපන්නා: කති න අරූපධාතුපරියාපන්නා: -පෙ- සත්තන්නං චිත්තානං කති අරූපධාතුපරියාපන්නා: කති න අරූපධාතුපරියාපන්නා:
Sinhala BJT1040. පඤ්චස්කන්‍ධයන් අතුරෙහි කෙතෙක් අරූපධාතුපර්‍ය්‍යාපන්න වෙත් ද කෙතෙක් අරූපධාතුපර්‍ය්‍යාපන්න නො වෙත් ද ... සප්තචිත්තයන් අතුරෙහි කෙතෙක් අරූපධාතුපර්‍ය්‍යාපන්න වෙත් ද කෙතෙක් අරූපධාතුපර්‍ය්‍යාපන්න නො වෙත් ද යත්:
Pali BJTරූපක්ඛන්ධො න අරූපධාතුපරියාපන්නො. චත්තාරො ඛන්ධා සියා අරූපධාතුපරියාපන්නා, සියා න අරූපධාතුපරියාපන්නා.
Sinhala BJTරූපස්කන්‍ධය අරූපධාතුපර්‍ය්‍යාපන්න නො වේ. ස්කන්‍ධයෝ සතරදෙනෙක් අරූපධාතුපර්‍ය්‍යාපන්න ද වෙත්. අරූපධාතුපර්‍ය්‍යාපන්න නො ද වෙත්.
Pali BJTදසායතනා න අරූපධාතුපරියාපන්නා. ද්වෙ ආයතනා සියා අරූපධාතු පරියාපන්නා, සියා න අරූපධාතුපරියාපන්නා.
Sinhala BJTදශආයතන කෙනෙක් අරූපධාතුපර්‍ය්‍යාපන්න නො වෙත්. ආයතනයෝ දෙදෙනෙක් අරූපධාතුපර්‍ය්‍යාපන්න ද වෙත්. අරූපධාතුපර්‍ය්‍යාපන්න නො ද වෙත්.
Pali BJTසොළස ධාතුයො න අරූපධාතුපරියාපන්නා. ද්වෙ ධාතුයො සියා අරූපධාතුපරියාපන්නා, සියා න අරූපධාතුපරියාපන්නා.
Sinhala BJTෂෝඩශධාතු කෙනෙක් අරූපධාතුපර්‍ය්‍යාපන්න නො වෙත්. ධාතූහු දෙදෙනෙක් අරූපධාතුපර්‍ය්‍යාපන්න ද වෙත්. අරූපධාතුපර්‍ය්‍යාපන්න නො ද වෙත්.