Pali BJT977. තත්ථ කතමානි ඡ විවාදමූලානි: කොධො මක්ඛො ඉස්සා සාඨෙය්යං පාපිච්ඡතා සන්දිට්ඨිපරාමාසිතා. ඉමානි ඡ විවාදමූලානි.
Sinhala BJT977. එහි විවාදමූලයෝ සදෙන කවරහ යත්: ක්‍රෝධ ය, මකු බව ය, ඊර්‍ෂ්‍යා ය, සඨ බව ය, පාපිච්ඡ බව ය, ස්වකීය දෘෂ්ටිය පරාමර්‍ශ කරනසුලු බව යි. මොහු සදෙන විවාදමූලයෝ යි.
Pali BJT978. තත්ථ කතමො ඡ ඡන්දරාගා ගෙහසිතා ධම්මා: මනාපියෙසු රූපෙසු ගෙහසිතො රාගො සාරාගො චිත්තස්ස සාරාගො. මනාපියෙසු සද්දෙසු -පෙ- මනාපියෙසු ගන්ධෙසු -පෙ- මනාපියෙසු රසෙසු -පෙ- මනාපියෙසු ඵොට්ඨබ්බෙසු -පෙ- මනාපියෙසු ධම්මෙසු ගෙහසිතො රාගො සාරාගො චිත්තස්ස සාරාගො, ඉමෙ ඡ ඡන්දරාගා ගෙහසිතා ධම්මා.
Sinhala BJT978. එහි ගෘහශ්‍රිත වූ ඡන්‍දරාගධර්‍මයෝ සදෙන කවරහ යත්: මනවඩන රූපයන්හි ගෘහශ්‍රිත වූ රාගයෙක් බලවත් රාගයෙක් චිත්තයාගේ බලවත්රාගයෙක්, මනවඩන ශබ්දයන්හි ... මනවඩන ගන්‍ධයන්හි ... මනවඩන රසයන්හි ... මනවඩන ස්ප්‍රෂ්ටව්‍යයන්හි ... මනවඩන ධර්‍මාලම්බනයන්හි ගෘහශ්‍රිත රාගයෙක් බලවත් රාගයෙක් චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මොහු සදෙන ගෘහශ්‍රිතඡන්‍දරාගධර්‍මයෝ යි.
Pali BJT979. තත්ථ කතමානි ඡ විරොධවත්ථූනි: අමනාපියෙසු රූපෙසු චිත්තස්ස ආඝාතො පටිඝාතො චණ්ඩික්කං අසුරොපො අනත්තමනතා චිත්තස්ස. අමනාපියෙසු සද්දෙසු -පෙ- අමනාපියෙසු ගන්ධෙසු -පෙ- අමනාපියෙසු රසෙසු -පෙ- අමනාපියෙසු ඵොට්ඨබ්බෙසු -පෙ- අමනාපියෙසු ධම්මෙසු චිත්තස්ස ආඝාතො පටිඝාතො චණ්ඩික්කං අසුරොපො අනත්තමනතා චිත්තස්ස, ඉමානි ඡ විරොධෙවත්ථුනි.
Sinhala BJT979. එහි විරුද්ධවස්තූහු සදෙන කවරහ යත්: අනිෂ්ට වූ රූපයන්හි චිත්තයාගේ ආඝාතයෙක් ප්‍රතිඝාතයෙක් සැඩ බවෙක් දුරුක්තියෙක් චිත්තයාගේ නො සතුටුබවෙක්, අනිෂ්ට වූ ශබ්දයන්හි ... අනිෂ්ට වූ ගන්‍ධයන්හි ... අනිෂ්ට වූ රසයන්හි ... අනිෂ්ට වූ ස්ප්‍රෂටව්‍යයන්හි ... අනිෂ්ට වූ ධර්‍මාලම්බනයන්හි චිත්තයාගේ ආඝාතයෙක් ප්‍රතිඝාතයෙක් සැඬ බවෙක් දුරුක්තියෙක් චිත්තයාගේ නො සතුටුබවෙක් වේ ද, මොහු විරුද්ධවස්තූහු සදෙන වෙත්.
Pali BJT980. තත්ථ කතමා ඡ තණ්හාකායා: රූපතණ්හා සද්දතණ්හා ගන්ධතණ්හා රසතණ්හා ඵොට්ඨබ්බතණ්හා ධම්මතණ්හා. ඉමෙ ඡ තණ්හාකායා.
Sinhala BJT980. එහි ෂට්තෘෂ්ණාකාය කවරෙ යත්: රූපතෘෂ්ණා ය, ශබ්දතෘෂ්ණා ය, ගන්‍ධතෘෂ්ණා ය, රසතෘෂ්ණා ය, ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණා ය, ධර්‍මතෘෂ්ණා යි. මොහු ෂට්තෘෂ්ණාකාය වෙත්.
Pali BJT981. තත්ථ කතමො ඡ අගාරවා: සත්ථරි අගාරවො විහරති අප්පතිස්සො, ධම්මෙ අගාරවො විහරති අප්පතිස්සො, සඞ්ඝෙ අගාරවො විහරති අප්පතිස්සො, සික්ඛාය අගාරවො විහරති අප්පතිස්සො. අප්පමාදො අගාරවො විහරති අප්පතිස්සො. පටිසන්ථාරෙ අගාරවො විහරති අප්පතිස්සො ඉමෙ ඡ අගාරවා.
Sinhala BJT981. එහි අගෞරවයෝ සදෙන කවරහ යත්: ශාස්තෘන් කෙරෙහි ගෞරව රහිත ව නිඃශ්‍රය රහිත ව වෙසෙ යි. ධර්‍මය කෙරෙහි ගෞරව රහිත ව නිඃශ්‍රය රහිත ව වෙසෙ යි. සංඝයා කෙරෙහි ගෞරව රහිත ව නිඃශ්‍රය රහිත ව වෙසෙ යි. ශික්‍ෂායෙහි ගෞරව රහිත ව නිඃශ්‍රය රහිත ව වෙසෙ යි. අප්‍රමාදයෙහි ගෞරව රහිත ව නිඃශ්‍රය රහිත ව වෙසෙ යි. ප්‍රතිසන්‍ථාරයෙහි ගෞරව රහිත ව නිඃශ්‍රය රහිත ව වෙසෙ යි. මොහු අගෞරවයෝ සදෙන වෙත්.
Pali BJT982. තත්ථ කතමො ඡ පරිහානියා ධම්මා: කම්මාරාමතා භස්සාරාමතා නිද්දාරාමතා සඞ්ගණිකාරාමතා සංසග්ගාරාමතා පපඤ්චාරාමතා, ඉමෙ ඡ පරිහානියා ධම්මා.
Sinhala BJT982. එහි පරිහාණියධර්‍මයෝ සදෙන කවරහ යත්: කම්හි ඇලුණු බව ය, කථායෙහි ඇලුණු බව ය, නිද්‍රායෙහි ඇලුණු බව ය, සඞ්ගණිකායෙහි ඇලුණු බව ය, සංසර්‍ගයෙහි ඇලුණු බව ය, ප්‍රපඤ්චයෙහි ඇලුණු බව යි. මොහු පරිහාණියධර්‍මයෝ සදෙන වෙත්.
Pali BJT983. තත්ථ කතමෙ අපරෙපි ඡ පරිහානියා ධම්මා: කම්මාරාමතා භස්සාරාමතා නිද්දාරාමතා සඞ්ගණිකාරාමතා දොවචස්සතා පාපමිත්තතා. ඉමෙ ඡ පරිහානියා ධම්මා.
Sinhala BJT983. එහි අන්‍ය වූ ද, පරිහාණියධර්‍මයෝ සදෙන කවරහ යත්: කම්හි ඇලුණු බව ය, කථායෙහි ඇලුණු බව ය, නිද්‍රායෙහි ඇලුණු බව ය, සඞ්ගණිකායෙහි ඇලුණු බව ය, දුබැසි බව ය, පාපමිත්‍ර බව යි. මොහු පරිහාණියධර්‍මයෝ සදෙන වෙත්.
Pali BJT984. තත්ථ කතමෙ ඡ සොමනස්සුපවිචාරා: චක්ඛුනා රූපං දිස්වා සොමනස්සට්ඨානියං රූපං උපවිචරති. සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය සොමනස්සට්ඨානීයං ධම්මං උපවිචරති, ඉමෙ ඡ සොමනස්සුපවිචාරා.
Sinhala BJT984. එහි සෝමනස්සුපවිචාරයෝ සදෙන කවරහ යත්: ඇසින් රූපයක් දැක සොම්නසට කරුණු වූ රූපයෙහි සිත එළවයි. කනින් හඬක් අසා ... නැහැයෙන් ගඳක් අසා ... දිවින් රසක් විඳ ... කයින් පහසක් පැහැස ... මනසින් දහමක් දැන සොම්නසට කරුණු වූ ධර්‍මයෙහි සිත එළවයි. මොහු සෝමනස්සුපවිචාරයෝ සදෙන වෙත්.
Pali BJT985. තත්ථ කතමෙ ඡ දොමනස්සුපවිචාරා: චක්ඛුනා රූපං දිස්වා දොමනස්සට්ඨානියං රූපං උපවිචරති. සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය දොමනස්සට්ඨානීයං ධම්මං උපවිචරති, ඉමෙ ඡ දොමනස්සුපවිචාරා.
Sinhala BJT985. එහි දෝමනස්සුපවිචාරයෝ සදෙන කවරහ යත්: ඇසින් රූපයක් දැක දොම්නසට කරුණු වූ රූපයෙහි සිත එළවයි. කනින් හඬක් අසා ... නැහැයෙන් ගඳක් අසා ... දිවින් රසක් විඳ ... කයින් පහසක් පැහැස ... මනසින් දහමක් දැන දොම්නසට කරුණු වූ ධර්‍මයෙහි සිත එළවයි. මොහු දෝමනස්සුපවිචාරයෝ සදෙන වෙත්.
Pali BJT986. තත්ථ කතමො ඡ උපෙක්ඛූපවිචාරා: චක්ඛුනා රූපං දිස්වා උපෙක්ඛාඨානීයං රූපං උපවිචරති. සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය උපෙක්ඛාඨානීයං ධම්මං උපවිචරති, ඉමෙ ඡ උපෙක්ඛූපවිචාරා.
Sinhala BJT986. එහි උපෙක්ඛුපවිචාරයෝ සදෙන කවරහ යත්: ඇසින් රූපයක් දැක උපේක්‍ෂාවට කරුණු වූ රූපයෙහි සිත එළවයි. කනින් හඬක් අසා ... නැහැයෙන් ගඳක් අසා ... දිවින් රසක් විඳ ... කයින් පහසක් පැහැස ... මනසින් දහමක් දැන උපේක්‍ෂාවට කරුණු වූ දහම්හි සිත එළවයි. මොහු උපෙක්ඛුපවිචාරයෝ සදෙන වෙත්.
Pali BJT987. තත්ථ කතමානි ඡ ගෙහසිතානි සොමනස්සානි: මනාපියෙසු රූපෙසු ගෙහසිතං චෙතසිකං සාතං චෙතසිකං සුඛං, චෙතො සම්ඵස්සජං සාතං සුඛං වෙදයිතං, චෙතො සම්ඵස්සජා සාතා සුඛා වෙදනා, මනාපියෙසු සද්දෙසු -පෙ- මනාපියෙසු ගන්ධෙසු -පෙ- මනාපියෙසු රසෙසු -පෙ- මනාපියෙසු ඵොට්ඨබ්බෙසු -පෙ- මනාපියෙසු ධම්මෙසු ගෙහසිතං චෙතසිකං සාතං චෙතසිකං සුඛං චෙතො සම්ඵස්සජං සාතං සුඛං වෙදයිතං, චෙතොසම්ඵස්සජා සාතා සුඛා වෙදනා, ඉමානි ඡ ගෙහසිතානි සොමනස්සානි.
Sinhala BJT987. එහි ගෘහශ්‍රිත සෞමනස්‍යයෝ සදෙන කවරහ යත්: මනවඩනා රූපයන්හි කාමාශ්‍රිත වූ චෛතසිකසාතයෙක් චෛතසිකසුඛයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් සාතසුඛවේදයිතයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් සාතසුඛවේදනායෙක්, මනවඩනා ශබ්දයන්හි ... මනවඩනා ගන්‍ධයන්හි ... මනවඩනා රසයන්හි ... මනවඩනා ස්ප්‍රෂ්ටව්‍යයන්හි ... මනවඩනා දහම්හි කාමාශ්‍රිත වූ චෛතසික සාතයෙක් චෛතසික සුඛයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් සාතසුඛවේදයිතයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් සාතසුඛවේදනායෙක් වේද, මොහු ගෘහශ්‍රිතසෞමනස්‍යයෝ සදෙන වෙත්.
Pali BJT988. තත්ථ කතමානි ඡ ගෙහසිතානි දොමනස්සානි: අමනාපියෙසු රූපෙසු ගෙහසිතං චෙතසිකං අසාතං චෙතසිකං දුක්ඛං, චෙතො සම්ඵස්සජං අසාතං දුක්ඛං වෙදයිතං, චෙතොසම්ඵස්සජා අසාතා දුක්ඛා වෙදනා, අමනාපියෙසු සද්දෙසු -පෙ- අමනාපියෙසු ගන්ධෙසු -පෙ- අමනාපියෙසු රසොසු -පෙ- අමනාපියෙසු ඵොට්ඨබ්බෙසු -පෙ- අමනාපියෙසු ධම්මෙසු ගෙහසිතං චෙතසිකං අසාතං චෙතසිකං දුක්ඛං චෙතොසම්ඵස්සජං අසාතං දුක්ඛං වෙදයිතං චෙතොසම්ඵස්සජා අසාතා දුක්ඛා වෙදනා, ඉමානි ඡ ගෙහසිතානි දොමනස්සානි.
Sinhala BJT988. එහි ගෘහශ්‍රිත දෞර්‍මනස්‍යයෝ සදෙන කවරහ යත්: අනිෂ්ට වූ රූපයන්හි ගෘහශ්‍රිත වූ චෛතසික අසාතයෙක් චෛතසික දුඃඛයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් අසාතදුඃඛවේදයිතයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් අසාතදුඃඛවේදනායෙක්, අනිෂ්ට වූ ශබ්දයන්හි ... අනිෂ්ට වූ ගන්‍ධයන්හි ... අනිෂ්ට වූ රසයන්හි ... අනිෂ්ට වූ ස්ප්‍රෂ්ටව්‍යයන්හි ... අනිෂ්ට වූ ධර්‍මයන්හි ගෘහශ්‍රිත වූ චෛතසික අසාතයෙක් චෛතසික දුඃඛයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් අසාතදුඃඛවේදයිතයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් අසාතදුඃඛවේදනායෙක් වේද, මොහු ‘ගෘහශ්‍රිත දෞර්‍මනස්‍යයෝ සදෙන’ වෙත්.
Pali BJT989. තත්ථ කතමා ඡ ගෙහසිතා උපෙක්ඛා: උපෙක්ඛාඨානීයෙසු රූපෙසු ගෙහසිතං චෙතසිකං නෙවසාතං නාසාතං චෙතොසම්ඵස්සජං අදුක්ඛමසුඛං වෙදයිතං චෙතොසම්ඵස්සජා අදුක්ඛමසුඛා වෙදනා උපෙක්ඛාඨානීයෙසු සද්දෙසු -පෙ- උපෙක්ඛාඨානීයෙසු ගන්ධෙසු -පෙ- උපෙක්ඛාඨානීයෙසු රසෙසු -පෙ- උපෙක්ඛාඨානීයෙසු ඵොට්ඨබ්බෙසු -පෙ- උපෙක්ඛාඨානීයෙසු ධම්මෙසු ගෙහසිතං චෙතසිකං නෙවසාතං නාසාතං චෙතොසම්ඵස්සජං අදුක්ඛමසුඛං වෙදයිතං චෙතොසම්ඵස්සජා අදුක්ඛමසුඛා වෙදනා, ඉමා ඡ ගෙහසිතා උපෙක්ඛා.
Sinhala BJT989. එහි ගෘහශ්‍රිතඋපේක්‍ෂාවෝ සදෙන කවරහ යත්: උපේක්‍ෂාවට කරුණු වූ රූපයන්හි ගෘහශ්‍රිත වූ චෛතසික නෛවසාතනාසාතයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් උපේක්‍ෂාවේදයිතයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් උපේක්‍ෂාවේදනායෙක්, උපේක්‍ෂාවට කරුණු වූ ශබ්දයන්හි ... උපේක්‍ෂාවට කරුණු වූ ගන්‍ධයන්හි ... උපේක්‍ෂාවට කරුණු වූ රසයන්හි ... උපේක්‍ෂාවට කරුණු වූ ස්ප්‍රෂ්ටව්‍යයන්හි ... උපේක්‍ෂාවට කරුණු වූ ධර්‍මයන්හි ගෘහශ්‍රිත වූ චෛතසික නෛවසාතනාසාතයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් උපේක්‍ෂාවේදයිතයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් උපේක්‍ෂාවේදනායෙක් වේද, මොහු ගෘහශ්‍රිත උපේක්‍ෂාවෝ සදෙන වෙත්.
Pali BJT990. තත්ථ කතමා ඡ දිට්ඨියො: අත්ථි මෙ අත්තාති වා අස්ස සච්චතො ථෙතතො දිට්ඨි උප්පජ්ජති, නත්ථි මෙ අත්තාති වා අස්ස සච්චතො ථෙතතො දිට්ඨි උප්පජ්ජති. අත්තනා වා අත්තානං සඤ්ජානාමීති වා අස්ස සච්චතො ථෙතතො දිට්ඨි උප්පජ්ජති. අත්තනා වා අනත්තානං සඤ්ජානාමීති වා අස්ස සච්චතො ථෙතතො දිට්ඨි උප්පජ්ජති. අනත්තනා වා අත්තානං සඤ්ජානාමීති වා අස්ස සච්චතො ථෙතතො දිට්ඨි උප්පජ්ජති. අථ වා පනස්ස එවං දිට්ඨි හොති. සො මෙ අයං අත්තා වදො වෙදෙය්යො. තත්ර තත්ර දීඝරත්තං කල්යාණපාපකානං කම්මානං විපාකං පච්චනුභොති න සො ජාතො නාහොසි. න සො ජාතො න භවිස්සති. නිච්චො ධුවො සස්සතො අවිපරිණාමධම්මොති වා පනස්ස සච්චතො ථෙතතො දිට්ඨි උප්පජ්ජති, ඉමා ඡ දිට්ඨියො.
Sinhala BJT990. එහි ෂඩ්දෘෂ්ටීහු කවරහ යත්: මාගේ ආත්මය ඇතැ යි හෝ සත්‍ය විසින් ස්ථිර විසින් ඔහුට දෘෂ්ටිය උපදියි. මාගේ ආත්මය නැතැ යි හෝ සත්‍ය විසින් ස්ථිර විසින් ඔහුට දෘෂ්ටිය උපදියි. (සංඥාස්කන්‍ධ සඞ්ඛ්‍යාත) ආත්මයෙන් (අවශෙෂස්කන්‍ධ සඞ්ඛ්‍යාත) ආත්මය දනිමි හෝ සත්‍ය විසින් ස්ථිර විසින් ඔහුට දෘෂ්ටිය උපදියි. ආත්මයෙන් අනාත්මය දනිමි හෝ සත්‍ය විසින් ස්ථිර විසින් ඔහුට දෘෂ්ටිය උපදියි. අනාත්මයෙන් ආත්මය දනිමි හෝ සත්‍ය විසින් ස්ථිර විසින් ඔහුට දෘෂ්ටිය උපදියි. නොහොත් යළි ඔහුට මෙබඳු දෘෂ්ටි යෙක් වෙයි: (කෙබඳු ය යත්) යමෙක් කථා කරනුයේ නම් විඳුනේ නම් ඒ ඒ තැන්හි දිගුකලක් කල්‍යාණපාපකකර්‍මයන්ගේ විපාකය අනුභව කෙරේ නම් ඒ මේ මාගේ ආත්මය වෙයි. හෙතෙම නූපන්නේ නො වූයේ ය, හෙතෙම නූපන්නේ නො වන්නේ ය, නිත්‍ය ය, ධ්‍රැව ය, අවිපරිණාමස්වභාව ඇත්තේ ය යි හෝ ඔහුට සත්‍ය විසින් ස්ථිර විසින් දෘෂ්ටිය උපදී. මොහු ෂඩ්දෘෂ්ටීහු වෙත්.
Pali BJTඡක්කං.
Sinhala BJTෂට්ක යි.
Pali BJT991. තත්ථ කතමෙ සත්තානුසයා: කාමරාගානුසයො පටිඝානුසයො මානානුසයො දිට්ඨානුසයො විචිකිච්ඡානුසයො භවරාගානුසයො අවිජ්ජානුසයො, ඉමෙ සත්ත අනුසයා.
Sinhala BJT991. එහි සප්තානුශයයෝ කවරහ යත්: කාමරාගානුශය ය, ප්‍රතිඝානුශය ය, මානානුශය ය, දෘෂ්ට්‍යනුශය ය, විචිකිත්සානුශය ය, භවරාගානුශය ය, අවිද්‍යානුශය යි. මොහු සප්තානුශය වෙත්.
Pali BJT992. තත්ථ කතමානි සත්ත සඤ්ඤොජනානි: කාමරාගසඤ්ඤොජනං පටිඝසඤ්ඤොජනං මානසඤ්ඤොජනං දිට්ඨිසඤ්ඤොජනං විචිකිච්ඡාසඤ්ඤොජනං භවරාගසඤ්ඤොජනං අවිජ්ජාසඤ්ඤොජනං, ඉමානි සත්ත සඤ්ඤොජනානි.
Sinhala BJT992. එහි සප්තසංයෝජනයෝ කවරහ යත්: කාමරාගසංයෝජන ය, ප්‍රතිඝසංයෝජන ය, මානසංයෝජන ය, දෘෂ්ටිසංයෝජන ය, විචිකිත්සාසංයෝජන ය, භවරාගසංයෝජන ය, අවිද්‍යාසංයෝජන යි. මොහු සප්තසංයෝජනයෝ යි.
Pali BJT993. තත්ථ කතමානි සත්ත පරියුට්ඨානානි: කාමරාගපරියුට්ඨානං පටිඝපරියුට්ඨානං මානපරියුට්ඨානං දිට්ඨිපරියුට්ඨානං විචිකිච්ඡාපරියුට්ඨානං භවරාගපරියුට්ඨානං අවිජ්ජාපරියුට්ඨානං, ඉමානි සත්ත පරියුට්ඨානානි.
Sinhala BJT993. එහි සප්ත පර්‍ය්‍යුත්‍ථානයෝ කවරහ යත්: කාමරාගපර්‍ය්‍යුත්‍ථාන ය, ප්‍රතිඝපර්‍ය්‍යුත්‍ථාන ය, මානපර්‍ය්‍යුත්‍ථාන ය, දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථාන ය, විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන ය, භවරාගපර්‍ය්‍යුත්‍ථාන ය, අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථාන යි. මොහු සප්ත පර්‍ය්‍යුත්‍ථානයෝ යි.
Pali BJT994. තත්ථ කතමෙ සත්ත අසද්ධම්මා: අස්සද්ධො හොති, අහිරිකො හොති, අනොත්තප්පී හොති, අප්පස්සුතො හොති. කුසීතො හොති. මුට්ඨස්සති හොති, දුප්පඤ්ඤො හොති. ඉමො සත්ත අසද්ධම්මා.
Sinhala BJT994. එහි සප්ත අසද්ධර්‍මයෝ කවරහ යත්: අශ්‍රාද්ධයෙක් වෙයි, අහ්‍රීකයෙක් වෙයි, පාපභීරුක නො වූයෙක් වෙයි, අල්පශ්‍රැතයෙක් වෙයි, කුසීතයෙක් වෙයි, මූඪස්මෘති ඇත්තේ වෙයි, දුෂ්ප්‍රාඥයෙක් වේ. මොහු සප්තඅසද්ධර්‍මයෝ යි.
Pali BJT995. තත්ථ කතමානි සත්ත දුච්චරිතානි: පාණාතිපාතො අදින්නාදානං කාමෙසු මිච්ඡාචාරො මුසාවාදො පිසුනාවාචා ඵරුසාවාචා සම්ඵප්පලාපො. ඉමානි සත්ත දුච්චරිතානි.
Sinhala BJT995. එහි සප්ත දුශ්චරිතයෝ කවරහ යත්: ප්‍රාණඝාත ය, අදත්තාදාන ය, කාමමිථ්‍යාචාර ය, මෘෂාවාද ය, පිශුනවචන ය, පරුෂවචන ය, සම්ඵප්‍රලාප යි. මොහු සප්ත දුශ්චරිතයෝ යි.
Pali BJT996. තත්ථ කතමො සත්ත මානා: මානො අතිමානො මානාතිමානො ඔමානො අධිමානො අස්මිමානො මිච්ඡාමානො. ඉමෙ සත්ත මානා.
Sinhala BJT996. එහි සප්ත මානයෝ කවරහ යත්: මාන ය, අතිමාන ය, මානාතිමාන ය, අවමාන ය, අධිමාන ය, අස්මීමාන ය, මිථ්‍යාමාන යි. මොහු සප්ත මානයෝ යි.
Pali BJT997. තත්ථ කතමා සත්ත දිට්ඨියො: ඉධෙකච්චො සමණො වා බ්රාහ්මණො වා එවංවාදී හොති එවංදිට්ඨි. යතො ඛො භො අයං අත්තා රූපී චාතුම්මහාභූතිකො මාතාපෙත්තිකසම්භවො කායස්ස භෙදා උච්ඡිජ්ජති විනස්සති න හොති පරම්මරණා එත්තාවතා ඛො භො අයං අත්තා සම්මා සමුච්ඡින්නො හොතීති. ඉත්ථෙකෙ සතො සත්තස්ස උච්ඡෙදං විනාසං විභවං පඤ්ඤාපෙන්ති.
Sinhala BJT997. එහි සප්තදෘෂ්ටීහු කවරහ යත්: මෙලොව ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙයි. භවත, යම් හෙයකින් රූපී වූ චාතුර්මහාභූතික වූ මාතෘපෛතෘකසම්භව වූ මේ ආත්මය කරජකායයාගේ බිඳීමෙන් සිඳේ ද, වැනැසේ ද, මරණින් මත්තෙහි නො වේ ද, භවත, මෙතෙකින් මේ ආත්මය මොනොවට සිඳුනේ වේ යයි, මෙසේ ඇතැම් කෙනෙක් විද්‍යමාන වූ සත්ත්‍වයාගේ උච්ඡේදය විනාශය විභවය පනවති.
Pali BJTතමඤ්ඤො එවමාහ: අත්ථි ඛො භො එසො අත්තා යං ත්වං වදෙසි නෙසො නත්ථීති වදාමි. නො ච ඛො භො අයං අත්තා එත්තාවතා සම්මා සමුච්ඡින්නො හොති. අත්ථි ඛො භො අඤ්ඤො අත්තා දිබ්බො රූපී කාමාවචරො කබළිඞ්කාරභක්ඛො, තං ත්වං න ජානාසි න පස්සසි තමහං ජානාමි පස්සාමි. සො ඛො භො අත්තා යතො කායස්ස භෙදා උච්ඡිජ්ජති විනස්සති න හොති පරම්මරණා, එත්තාවතා ඛො භො අයං අත්තා සම්මා සමුච්ඡින්නො හොතීති, ඉත්ථෙකෙ සතො සත්තස්ස උච්ඡෙදං විනාසං විභවං පඤ්ඤාපෙන්ති.
Sinhala BJTඔහුට අනෙකෙක් මෙසේ කියයි.: භවත, තෝ යමක් කියෙහි නම් තෙල ආත්මය ඇත් ම ය, තෙල නැතැ යි නො කියමි. එතෙකුදුවත් භවත, මේ ආත්මය මෙතෙකින් මොනොවට සිඳුණේ නො වෙයි. භවත, දිව්‍ය වූ රූපී වූ කාමාවචර වූ කවලීකාරාහාරය වළඳනා අන්‍ය ආත්මයෙක් ඇත් මැ යි. එය තෝ නො දන්නෙහි ය, නො දක්නෙහි ය. එය මම් දනිමි දක්මි. භවත, ඒ මේ ආත්මය යම් හෙයෙකින් කරජකායයාගේ භේදයෙන් සිඳේ ද, වැනැසේ ද, මරණින් මත්තෙහි නො වේ ද, භවත, මෙතෙකින් මේ ආත්මය මොනොවට සිඳුනේ වේ යයි මෙසේ ඇතැම් කෙනෙක් විද්‍යමාන වූ සත්ත්‍වයාගේ උච්ඡේදය විනාශය විභවය පනවති.
Pali BJTතමඤ්ඤො එවමාහ: අත්ථි ඛො භො එසො අත්තා යං ත්වං වදෙසි නෙසො නත්ථීති වදාමි. නො ච ඛො භො අයං අත්තා එත්තාවතා සම්මා සමුච්ඡින්නො හොති අත්ථි ඛො භො අඤ්ඤො අත්තා දිබ්බො රූපී මනොමයො සබ්බඞ්ගපච්චඞ්ගී අහීනින්ද්රියො, තං ත්වං න ජානාසි න පස්සසි, තමහං ජානාමි පස්සාමි. සො ඛො භො අත්තා යතො කායස්ස භෙදා උච්ඡිජ්ජති, විනස්සති, න හොති, පරම්මරණා. එත්තාවතා ඛො භො අයං අත්තා සම්මා සමුච්ඡින්නො හොතීති, ඉත්ථෙකෙ සතො සත්තස්ස උච්ඡෙදං විනාසං විභවං පඤ්ඤාපෙන්ති.
Sinhala BJTඔහුට අනෙකෙක් මෙසේ කියයි: භවත, තෝ යමක් කියෙහි නම් තෙල ආත්ම ඇත් ම ය, තෙලෙ නැතැ’ යි නො කියමි. එතෙකුදුවත් භවත, මේ ආත්මය මෙතෙකින් මොනොවට සිඳුනේ නො වෙයි. භවත, දිව්‍ය වූ රූපී වූ (ධ්‍යාන) මනසින් නිපන් හැම අඟපසඟ ඇති පරිපූර්‍ණ ඉන්‍ද්‍රිය ඇති අන්‍ය ආත්මයෙක් ඇත් මැ යි. එය තෝ නො දන්නෙහි ය, නො දක්නෙහි ය, එය මම් දනිමි, දක්මි. භවත, ඒ මේ ආත්මය යම් හෙයෙකින් ශරීරයාගේ භේදයෙන් සිඳේ ද, වැනැසේ ද, මරණින් මත්තෙහි නො වේ ද, මෙතෙකින් භවත, මේ ආත්මය මොනොවට සිඳුණේ වේ යයි මෙසේ ඇතැම් කෙනෙක් විද්‍යමාන වූ සත්ත්‍වයාගේ උච්ඡේදය විනාශය විභවය පනවති.
Pali BJTතමඤ්ඤො එවමාහ: අත්ථි ඛො භො එසො අත්තා යං ත්වං වදෙසි නෙසො නත්ථීති වදාමි. නො ච ඛො භො අයං අත්තා එත්තාවතා සම්මා සමුච්ඡින්නො හොති. අත්ථි ඛො භො අඤ්ඤො අත්තා සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා අනන්තො ආකාසොති ආකාසානඤ්චායතනූපගො තං ත්වං න ජානාසි න පස්සසි, තමහං ජානාමි පස්සාමි. සො ඛො භො අත්තා යතො කායස්ස භෙදා උච්ඡිජ්ජති, විනස්සති, න හොති පරම්මරණා. එත්තාවතා ඛො භො අයං අත්තා සම්මා සමුච්ඡින්නො හොතීති, ඉත්ථෙකෙ සතො සත්තස්ස උච්ඡෙදං විනාසං විභවං පඤ්ඤාපෙන්ති.
Sinhala BJTඔහුට අනෙකෙක් මෙසේ කියයි: භවත, තෝ යමක් කීයෙහි නම් තෙල ආත්මය ඇත් ම ය, තෙලෙ නැතැ යි නො කියමි. එතෙකුදුවත් භවත, මේ ආත්මය මෙතෙකින් මොනොවට සිඳුනේ නො වෙයි. භවත, සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන්ගේ ඉක්මවීමෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තඞ්ගමයෙන් නානාත්‍වසංඥාවන්ගේ නො මෙනෙහි කිරීමෙන් ‘ආකාශය අනන්ත ය’ යි ආකාසානඤ්චායතනයට පැමිණි අන්‍ය ආත්මයෙක් ඇත. එය තෝ නො දන්නෙහි ය, නො දක්නෙහි ය, එය මම් දනිමි, දක්මි. භවත, ඒ ආත්මය යම් හෙයෙකින් ශරීරයාගේ භේදයෙන් සිඳේ ද, වැනැසේ ද, මරණින් මත්තෙහි නො වේ ද, මෙතෙකින් භවත, මේ ආත්මය මොනොවට සිඳුණේ වේ යයි මෙසේ ඇතැම් කෙනෙක් විද්‍යමාන වූ සත්ත්‍වයාගේ උච්ඡේදය විනාශය විභවය පනවති.
Pali BJTතමඤ්ඤො එවමාහ: අත්ථි ඛො භො එසො අත්තා යං ත්වං වදෙසි නෙසො නත්ථීති වදාමි. නො ච ඛො භො අයං අත්තා එත්තාවතා සම්මා සමුච්ඡින්නො හොති. අත්ථි ඛො භො අඤ්ඤො අත්තා සබ්බසො, ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනූපගො, තං ත්වං න ජානාසි න පස්සසි තමහං ජානාමි පස්සාමි. සො ඛො භො අත්තා යතො කායස්ස භෙදා උච්ඡිජ්ජති විනස්සති න හොති පරම්මරණා, එත්තාවතා ඛො භො අයං අත්තා සම්මා සමුච්ඡින්නො හොතීති, ඉත්ථෙකෙ සතො සත්තස්ස උච්ඡෙදං විනාසං විභවං පඤ්ඤාපෙන්ති.
Sinhala BJTඔහුට අනෙකෙක් මෙසේ කියයි: භවත, තෝ යමක් කියෙහි ද, තෙල ආත්ම ඇත, ‘තෙලෙ නැතැ’ යි නො කියමි. එතෙකුදුවත් භවත, මේ ආත්මය මෙතෙකින් මොනොවට සිඳුනේ නො වෙයි. භවත, සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා ‘විඥානය අනන්ත ය’ යි විඤ්ඤාණඤ්චායතනයට පැමිණි අන්‍ය ආත්මයෙක් ඇත් මැ යි, එය තෝ නො දන්නෙහි ය, නො දක්නෙහි ය, එය මම් දනිමි, දක්මි. භවත, ඒ ආත්මය යම් හෙයෙකින් ශරීරයාගේ භේදයෙන් සිඳේ ද, වැනැසේ ද, මරණින් මත්තෙහි නො වේ ද, භවත, මෙතෙකින් මේ ආත්මය මොනොවට සිඳුණේ වේ යයි මෙසේ ඇතැම් කෙනෙක් විද්‍යමාන වූ සත්ත්‍වයාගේ උච්ඡේදය විනාශය විභවය පනවති.
Pali BJTතමඤ්ඤො එවමාහ: අත්ථි ඛො භො එසො අත්තා යං ත්වං වදෙසි නෙසො නත්ථීති වදාමි. නො ච ඛො භො අයං අත්තා එත්තාවතා සම්මා සමුච්ඡින්නො හොති. අත්ථි ඛො භො අඤ්ඤො අත්තා සබ්බසො, විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනූපගො, තං ත්වං න ජානාසි න පස්සසි, තමහං ජානාමි පස්සාමි. සො ඛො භො අත්තා යතො කායස්ස භෙදා උච්ඡිජ්ජති විනස්සති න හොති පරම්මරණා, එත්තාවතා ඛො භො අයං අත්තා සම්මා සමුච්ඡින්නො හොතීති, ඉත්ථෙකෙ සතො සත්තස්ස උච්ඡෙදං විනාසං විභවං පඤ්ඤාපෙන්ති.
Sinhala BJTඔහුට අනෙකෙක් මෙසේ කියයි: භවත, තෝ යමක් කීයෙහි ද, තෙල ආත්ම ඇත් ම ය, ‘තෙලෙ නැතැ’ යි නො කියමි. එතෙකුදුවත් භවත, මේ ආත්මය මෙතෙකින් මොනොවට සිඳුනේ නො වෙයි. භවත, සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා ‘කිසිවක් නැතැ’ යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණි අන්‍යආත්මයෙක් ඇත් මැ යි, එය තෝ නො දන්නෙහි ය, නො දක්නෙහි ය, එය මම් දනිමි, දක්මි. භවත, ඒ මේ ආත්මය යම් හෙයෙකින් ශරීරයාගේ භේදයෙන් සිඳේ ද, වැනැසේ ද, මරණින් මත්තෙහි නො වේ ද, මෙතෙකින් භවත, මේ ආත්මය මොනොවට සිඳුණේ වේ යයි මෙසේ ඇතැම් කෙනෙක් විද්‍යමාන වූ සත්ත්‍වයාගේ උච්ඡේදය විනාශය විභවය පනවති.
Pali BJTතමඤ්ඤො එවමාහ: අත්ථි ඛො භො එසො අත්තා යං ත්වං වදෙසි නෙසො නත්ථීති වදාමි. නො ච ඛො භො අයං අත්තා එත්තාවතා සම්මා සමුච්ඡින්නො හොති. අත්ථි ඛො භො අඤ්ඤො අත්තා සබ්බසො, ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනූපගො. තං ත්වං න ජානාසි න පස්සසි, තමහං ජානාමි පස්සාමි. සො ඛො භො අත්තා යතො කායස්ස භෙදා උච්ඡිජ්ජති විනස්සති න හොති පරම්මරණා, එත්තාවතා ඛො භො අයං අත්තා සම්මා සමුච්ඡින්නො හොතීති, ඉත්ථෙකෙ සතො සත්තස්ස උච්ඡෙදං විනාසං විභවං පඤ්ඤාපෙන්ති. ඉමෙ සත්ත දිට්ඨියො.
Sinhala BJTඔහුට අනෙකෙක් මෙසේ කියයි: භවත, තෝ යමක් කියෙහි නම් තෙල ආත්මය ඇත් ම ය, ‘තෙලෙ නැතැ’ යි නො කියමි. එතෙකුදුවත් භවත, මේ ආත්මය මෙතෙකින් මොනොවට සිඳුනේ නො වෙයි. භවත, සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණි අන්‍ය ආත්මයෙක් ඇත් මැ යි, එය තෝ නො දන්නෙහි ය, නො දක්නෙහි ය, එය මම් දනිමි, දක්මි. භවත, ඒ මේ ආත්මය යම් හෙයෙකින් ශරීරයාගේ භේදයෙන් සිඳේ ද, වැනැසේ ද, මරණින් මත්තෙහි නො වේ ද, මෙතෙකින් භවත, මේ ආත්මය මොනොවට සිඳුණේ වේ යයි මෙසේ ඇතැම් කෙනෙක් විද්‍යමාන වූ සත්ත්‍වයාගේ උච්ඡේදය විනාශය විභවය පනවත්. මොහු සප්තදෘෂ්ටීහු වෙත්.
Pali BJTසත්තකං.
Sinhala BJTසප්තක යි.
Pali BJT998. තත්ථ කතමානි අට්ඨ කිලෙසවත්ථූනි: ලොභො දොසො මොහො මානො දිට්ඨි විචිකිච්ඡා ථිනං උද්ධච්චං. ඉමානි අට්ඨ කිලෙසවත්ථූනි.
Sinhala BJT998. එහි අෂ්ට ක්ලේශවස්තූහු කවරහ යත්: ලෝභ ය, ද්වේෂ ය, මෝහ ය, මාන ය, දෘෂ්ටි ය, විචිකිත්සා ය, ථීන ය, ඖද්ධත්‍ය යි. මොහු අෂ්ට ක්ලේශවස්තූහු වෙත්.
Pali BJT999. තත්ථ කතමානි අට්ඨ කුසීතවත්ථූනි: ඉධ භික්ඛුනා කම්මං කාතබ්බං හොති, තස්ස එවං හොති: කම්මං ඛො මෙ කාතබ්බං භවිස්සති. කම්මං ඛො පන මෙ කරොන්තස්ස කායො කිලමිස්සති. හන්දාහං නිපජ්ජාමීති සො නිපජ්ජති න විරියං ආරභති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. ඉදං පඨමං කුසීතවත්ථු.
Sinhala BJT999. එහි අෂ්ට කුසීදවස්තූහු කවරහ යත්: මෙ සස්නෙහි මහණහු විසින් කළයුතු කිසෙක් වෙයි, ඔහුට මෙබඳු සිතෙක් වෙයි: මා විසින් කළයුතු කිසෙක් වන්නේ ය, මා කිස කරන්නහුට කය ක්ලාන්ත වෙයි. මම් හොවිම් නම් මැනැවැ යි හෙතෙම වැදහොවී. නො පැමිණියහු (ධ්‍යානාදිය) ගේ පැමිණීම පිණිස අනධිගතයාගේ අධිගමය පිණිස ප්‍රත්‍යක්‍ෂ නො කළහුගේ ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස වීර්‍ය්‍යාරම්භ නො කෙරෙයි. මේ පළමු වැනි කුසීදවස්තුව වෙයි.
Pali BJTපුන චපරං භික්ඛුනා කම්මං කතං හොති. තස්ස එවං හොති: අහං ඛො කම්මං අකාසිං, කම්මං ඛො පන මෙ කරොන්තස්ස කායො කිලන්තො හන්දාහං නිපජ්ජාමීති සො නිපජ්ජති. න විරියං ආරභති අප්පත්තස්ස පත්තියා, අනධිගතස්ස අධිගමාය, අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. ඉදං දුතියං කුසීතවත්ථු.
Sinhala BJTතව ද අනෙකෙකි: මහණහු විසින් කිසෙක් කරන ලද වෙයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි, මම වනාහි කිසක් කෙළෙමි. මා කිස කරන්නහුට කය ක්ලාන්ත විය. මම් හොවිම් නම් මැනැවැ යි හෙතෙම හොවී. නො පැමිණියහුගේ පැමිණීම පිණිස අනධිගතයාගේ අධිගමය පිණිස ප්‍රත්‍යක්‍ෂ නො කළහුගේ ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස වීර්‍ය්‍යාරම්භ නො කෙරෙයි. මේ දෙවැනි කුසීදවස්තුව වෙයි.
Pali BJTපුන චපරං භික්ඛුනා මග්ගො ගන්තබ්බො හොති, තස්ස එවං හොති: මග්ගො ඛො පන මෙ ගන්තබ්බො භවිස්සති. මග්ගං ඛො පන මෙ ගච්ඡන්තස්ස කායො කිලමිස්සති, හන්දාහං නිපජ්ජාමීති, සො නිපජ්ජති. න විරියං ආරභති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. ඉදං තතියං කුසීතවත්ථු.
Sinhala BJTතව ද අනෙකෙකි: මහණහු විසින් මග යා යුතු වෙයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි, මා වනාහි මග යා යුතු වෙයි. මා මග යන්නහුට කය ක්ලාන්ත වෙයි. මම් හොවිම් නම් මැනැවැ යි හෙතෙම හොවී. නො පැමිණියහුගේ පැමිණීම පිණිස අනධිගතයාගේ අධිගමය පිණිස ප්‍රත්‍යක්‍ෂ නො කළහුගේ ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස වීර්‍ය්‍යාරම්භ නො කෙරෙයි. මේ තුන්වැනි කුසීදවස්තුව වෙයි.
Pali BJTපුන චපරං භික්ඛුනා මග්ගො ගතො හොති. තස්ස එවං හොති: අහං ඛො මග්ගං අගමාසිං. මග්ගං ඛො පන මෙ ගච්ඡන්තස්ස කායො කිලන්තො හන්දාහං නිපජ්ජාමීති. සො නිපජ්ජති. න විරියං ආරභති. අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. ඉදං චතුත්ථං කුසීතවත්ථු.
Sinhala BJTතව ද අනෙකෙකි: මහණහු විසින් මග ගියේ වෙයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි. මම මග ගියෙමි. මා මග යන්නහුට කය ක්ලාන්ත විය. මම් හොවිම් නම් මැනැවැ යි හෙතෙම හොවී. නො පැමිණියහුගේ පැමිණීම පිණිස අනධිගතයාගේ අධිගමය පිණිස ප්‍රත්‍යක්‍ෂ නො කළහුගේ ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස වීර්‍ය්‍යාරම්භ නො කෙරෙයි. මේ සතරවැනි කුසීදවස්තුව වෙයි.
Pali BJTපුන චපරං භික්ඛු ගාමං වා නිගමං වා පිණ්ඩාය චරන්තො න ලභති ලූඛස්ස වා පණීතස්ස වා භොජනස්ස යාවදත්ථං පාරිපූරිං. තස්ස එවං හොති: අහං ඛො ගාමං වා නිගමං වා පිණ්ඩාය චරන්තො නාලත්ථං ලූඛස්ස වා පණීතස්ස වා භොජනස්ස යාවදත්ථං පාරිපූරිං. තස්ස මෙ කායො කිලන්තො අකම්මඤ්ඤො හන්දාහං නිපජ්ජාමීති. සො නිපජ්ජති, න විරියං ආරභති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. ඉදං පඤ්චමං කුසීතවත්ථු.
Sinhala BJTතව ද අනෙකෙකි: මහණ තෙම ගමෙක හෝ නියම්ගමෙක හෝ පිඬු පිණිස සරන්නේ රූක්‍ෂ වූ හෝ ප්‍රණීත වූ හෝ භෝජනයක් කැමැති තෙක් කුසපුරා නො ලබයි, ඔහුට මෙබඳු සිතෙක් වෙයි, මම වනාහි ගමෙහි හෝ නියම්ගමෙහි හෝ පිඬු පිණිස සරන්නෙම් රූක්‍ෂ වූ හෝ ප්‍රණීත වූ හෝ භෝජනයක් කැමැති තෙක් කුසපුරා නො ලද්දෙමි. ඒ මාගේ කය ක්ලාන්ත විය. අකර්‍මණ්‍ය විය, මම් හොවිම් නම් මැනැවැ යි හෙතෙම හොවී. නො පැමිණියහුගේ පැමිණීම පිණිස අනධිගතයාගේ අධිගමය පිණිස ප්‍රත්‍යක්‍ෂ නො කළහුගේ ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස වීර්‍ය්‍යාරම්භ නො කෙරෙයි. මේ පස්වැනි කුසීදවස්තුව වෙයි.
Pali BJTපුන චපරං භික්ඛු ගාමං වා නිගමං වා පිණ්ඩාය චරන්තො ලභති ලූඛස්ස වා පණීතස්ස වා භොජනස්ස යාවදත්ථං පාරිපූරිං. තස්ස එවං හොති: අහං ඛො ගාමං වා නිගමං වා පිණ්ඩාය චරන්තො අලත්ථං ලූඛස්ස වා පණීතස්ස වා භොජනස්ස යාවදත්ථං පාරිපූරි. තස්ස මෙ කායො කිලන්තො අකම්මඤ්ඤො මාසාචිතං මඤ්ඤෙ. හන්දාහං නිපජ්ජාමීති සො නිපජ්ජති න විරියං ආරභති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. ඉදං ඡට්ඨං කුසීතවත්ථු.
Sinhala BJTතව ද අනෙකෙකි: මහණ තෙම ගමෙක හෝ නියම්ගමෙක හෝ පිඬු පිණිස සරන්නේ රූක්‍ෂ වූ හෝ ප්‍රණීත වූ හෝ භෝජනයක් කැමැති තෙක් කුසපුරා ලබයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි, මම වනාහි ගමෙහි හෝ නියම්ගමෙහි හෝ පිඬු පිණිස සරන්නෙම් රූක්‍ෂ වූ හෝ ප්‍රණීත වූ හෝ භෝජනයක් කැමැති තෙක් කුසපුරා ලදිමි. ඒ මාගේ කය ක්ලාන්ත විය, අකර්‍මණ්‍ය විය, (තෙත්) මෑ ඇට පිරූ කලක් වැන්න. මම් හොවිම් නම් මැනැවැ යි හෙතෙම හොවියි. නො පැමිණියහුගේ පැමිණීම පිණිස අනධිගතයාගේ අධිගමය පිණිස ප්‍රත්‍යක්‍ෂ නො කළහුගේ ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස වීර්‍ය්‍යාරම්භ නො කෙරෙයි. මේ සවැනි කුසීදවස්තුව වෙයි.
Pali BJTපුන චපරං භික්ඛුනො උප්පන්නො හොති අප්පමත්තකො ආබාධො. තස්ස එවං හොති: උප්පන්නො ඛො මෙ අයං අප්පමත්තකො ආබාධො අත්ථි කප්පො නිපජ්ජිතුං. හන්දාහං නිපජ්ජාමීති සො නිපජ්ජති න විරියං ආරභති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. ඉදං සත්තමං කුසීතවත්ථු.
Sinhala BJTතව ද අනෙකෙකි: මහණහට අල්පමාත්‍ර ආබාධයෙක් උපන්නේ වෙයි, ඔහුට මෙබඳු සිතෙක් වෙයි: ‘මට මේ අල්පමාත්‍ර ආබාධයෙක් උපන්නේ ය. නිදන්නට කැප ඇති, මම් නිදනුයෙම් නම් මැනැවැ’ යි හෙතෙම නිදයි. නො පැමිණියහුගේ පැමිණීම පිණිස අනධිගතයාගේ අධිගමය පිණිස ප්‍රත්‍යක්‍ෂ නො කළහුගේ ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස වීර්‍ය්‍යාරම්භ නො කෙරෙයි. මේ සත්වැනි කුසීදවස්තුව වේ.
Pali BJTපුන චපරං භික්ඛු ගිලානා වුට්ඨිතො හොති අචිරවුට්ඨිතො ගෙලඤ්ඤා, තස්ස එවං හොති: අහං ඛො ගිලානා වුට්ඨිතො අචිරවුට්ඨිතො ගෙලඤ්ඤා. තස්ස මෙ කායො දුබ්බලො අකම්මඤ්ඤො හන්දාහං නිපජ්ජාමීති. සො නිපජ්ජති. න විරියං ආරභති, අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. ඉදං අට්ඨමං කුසීතවත්ථු. ඉමානි අට්ඨ කුසීතවත්ථූනි.
Sinhala BJTතව ද අනෙකෙකි: මහණ තෙම ගිලන් ව සිට ඉන් නැඟුණේ ගිලන් බැවින් නැගි නොබෝකල් ඇතියේ වෙයි, ඔහුට මෙබඳු සිතෙක් වෙයි: ‘මම වනාහි ගිලනින් නැගුනෙම් ගිලන් බැවින් නැගි නොබෝකල් ඇතියෙමි, ඒ මාගේ කය දුබල ය, අකර්‍මණ්‍ය ය, මම් හොවිම් නම් මැනැවැ’ යි හෙතෙම හොවියි. නො පැමිණියහුගේ පැමිණීම පිණිස අනධිගතයාගේ අධිගමය පිණිස ප්‍රත්‍යක්‍ෂ නො කළහුගේ ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස වීර්‍ය්‍යාරම්භ නො කෙරෙයි. මේ අටවැනි කුසීදවස්තුව වේ. මොහු අෂ්ටකුසීදවස්තූහු වෙත්.
Pali BJT1000. තත්ථ කතමෙසු අට්ඨසු ලොකධම්මෙසු චිත්තස්ස පටිඝාතො: ලාභෙ සාරාගො අලාභෙ පටිවිරොධො යසො සාරාගො අයසෙ පටිවිරොධො පසංසාය සාරාගො නින්දාය පටිවිරොධො සුඛො සාරාගො දුක්ඛෙ පටිවිරොධො, ඉමෙසු අට්ඨසු ලොකධම්මෙසු චිත්තස්ස පටිඝාතො.
Sinhala BJT1000. එහි කවර අෂ්ටලොකධර්‍මයෙහි චිත්තයාගේ ප්‍රතිඝාතය වේ ද යත්: ලාභයෙහි බලවත් රාග ය, අලාභයෙහි ප්‍රතිවිරෝධ ය, යශස්හි බලවත් රාග ය, අයසෙහි ප්‍රතිවිරෝධ ය, ප්‍රශංසායෙහි බලවත් රාග ය, නින්‍දායෙහි ප්‍රතිවිරෝධ ය, සුඛයෙහි බලවත් රාගය, දුඃඛයෙහි ප්‍රතිවිරෝධ යයි. මේ අෂ්ටලොකධර්‍මයෙහි චිත්තයාගේ ප්‍රතිඝාතය වේ.
Pali BJT1001. තත්ථ කතමෙ අට්ඨ අනරියවොහාරා: අදිට්ඨෙ දිට්ඨවාදිතා අස්සුතෙ සුතවාදිතා අමුතෙ මුතවාදිතා අවිඤ්ඤාතෙ විඤ්ඤාතවාදිතා දිට්ඨෙ අදිට්ඨවාදිතා සුතෙ අස්සුතවාදිතා, මුතෙ අමුතවාදිතා, විඤ්ඤාතෙ අවිඤ්ඤාතවාදිතා. ඉමෙ අට්ඨ අනරියවොහාරා.
Sinhala BJT1001. එහි අෂ්ට අනාර්‍ය්‍යව්‍යවහාරයෝ කවරහ යත්: අදෘෂ්ටයෙහි දෘෂ්ටවාදී බව ය, අශ්‍රැතයෙහි ශ්‍රැතවාදි බව ය, අමුතයෙහි මුතවාදී බව ය, අවිඥාතයෙහි විඥාතවාදී බව ය, දෘෂ්ටයෙහි අදෘෂ්ටවාදී බව ය, ශ්‍රැතයෙහි අශ්‍රැතවාදී බව ය, මුතයෙහි අමුතවාදී බව ය, විඥාතයෙහි අවිඥාතවාදී බව යි. මොහු අෂ්ට අනාර්‍ය්‍යව්‍යවහාරයෝ යි.
Pali BJT1002. තත්ථ කතමෙ අට්ඨ මිච්ඡත්තා: මිච්ඡාදිට්ඨි මිච්ඡාසඞ්කප්පො මිච්ඡාවාචා මිච්ඡාකම්මන්තො මිච්ඡාආජීවො මිච්ඡාවායාමො මිච්ඡාසති මිච්ඡාසමාධි. ඉමෙ අට්ඨමිච්ඡත්තා.
Sinhala BJT1002. එහි අෂ්ට මිථ්‍යාත්‍වයෝ කවරහ යත්: මිථ්‍යාදෘෂ්ටි ය, මිථ්‍යාසංකල්ප ය, මිථ්‍යාවචන ය, මිථ්‍යාකර්‍මාන්ත ය, මිථ්‍යාආජීව ය, මිථ්‍යාව්‍යායාම ය, මිථ්‍යාස්මෘති ය, මිථ්‍යාසමාධි යි. මොහු අෂ්ට මිථ්‍යාත්‍වයෝ යි.
Pali BJT1003. තත්ථ කතමෙ අට්ඨ පුරිසදොසා: ඉධ භික්ඛු භික්ඛුං ආපත්තියා චොදෙන්ති සො භික්ඛු භික්ඛූහි ආපත්තියා චොදියමානො න සරාමි න සරාමී’ති අසතියාව නිබ්බෙඨෙති. අයං පඨමො පුරිස දොසො.
Sinhala BJT1003. එහි අෂ්ට පුරුෂදෝෂයෝ කවරහ යත්: මෙ සස්නෙහි මහණහු මහණහට ඇවැතින් චෝදනා කෙරෙති. ඒ මහණ තෙම මහණුන් විසින් ඇවැතින් චෝදනා කරනු ලබන්නේ නො සිහි කෙරෙමි, නො සිහි කෙරෙමි නො සිහියෙන් ම මිදෙයි. මේ පළමුවැනි පුරුෂදෝෂය වෙයි.
Pali BJTපුන චපරං භික්ඛූ භික්ඛුං ආපත්තියා චොදෙන්ති, සො භික්ඛු භික්ඛූහි ආපත්තියා චොදියමානො චොදකං යෙව පටිප්ඵරති. කිං නු ඛො තුය්හං බාලස්ස අව්යත්තස්ස භණිතෙන, තුවම්පි නාම මං භණිතබ්බං මඤ්ඤසීති. අයං දුතියො පුරිසදොසො.
Sinhala BJTතව ද අනෙකෙකි: මහණහු මහණහට ඇවැතින් චෝදනා කෙරෙති. ඒ මහණ තෙම මහණුන් විසින් ඇවැතින් චෝදනා කරනු ලබන්නේ ‘බොළඳ වූ අව්‍යක්ත වූ තාගේ කථායෙන් කිම? තො ද මා කියයුත්තකු කොට හඟනෙහි දැ’ යි චෝදකයාහට ම පටහැනි වෙයි. මේ දෙවැනි පුරුෂදෝෂය වෙයි.
Pali BJTපුන චපරං භික්ඛූ භික්ඛුං ආපත්තියා චොදෙන්ති, සො භික්ඛු භික්ඛූහි ආපත්තියා චොදියමානො වොදකංයෙව පච්චාරොපෙති. ත්වම්පි ඛොසි ඉත්ථන්නාමං ආපත්තිං ආපන්නො, ත්වං තාව පඨමං පටිකරොහීති අයං තතියො පුරිසදොසො.
Sinhala BJTතව ද අනෙකෙකි: මහණහු මහණහට ඇවැතින් චෝදනා කෙරෙති. ඒ මහණ තෙම මහණුන් විසින් ඇවැතින් චෝදනා කරනු ලබන්නේ ‘තො ද මෙ නම් ඇවැතට පැමිණියෙහි, තෝ පළමු කොට පිළියම් කරව’ යි චෝදකයාහට ම ප්‍රත්‍යාරෝපණය කෙරේ. මේ තුන්වැනි පුරුෂදෝෂය වෙයි.
Pali BJTපුන චපරං භික්ඛූ භික්ඛුං ආපත්තියා චොදෙන්ති. සො භික්ඛු භික්ඛූහි ආපත්තියා චොදියමානො අඤ්ඤෙනඤ්ඤං පටිචරති. බහිද්ධා කථං අපනාමෙති. කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති. අයං චතුත්ථො පුරිසදොසො.
Sinhala BJTතව ද අනෙකෙකි: මහණහු මහණහට ඇවැතින් චෝදනා කෙරෙති. ඒ මහණ තෙම මහණුන් විසින් ඇවැතින් චෝදනා කරනු ලබන්නේ අනෙකෙකින් පිළි සොය යි. කථාව බැහැරට නම යි. කෝපයත් ද්වේෂයත් නො සතුටත් පහළ කෙරේ. මේ සතරවැනි පුරුෂදෝෂය වෙයි.
Pali BJTපුන චපරං භික්ඛූ භික්ඛුං ආපත්තියා චොදෙන්ති. සො භික්ඛු භික්ඛූහි ආපත්තියා චොදියමානො සඞ්ඝමජ්ඣෙ බාහා වික්ඛෙපකං භණති. අයං පඤ්චමො පුරිසදොසො.
Sinhala BJTතව ද අනෙකෙකි: මහණහු මහණහට ඇවැතින් චෝදනා කෙරෙති. ඒ මහණ තෙම මහණුන් විසින් ඇවැතින් චෝදනා කරනු ලබන්නේ සඟ මැද අත්සලමින් කථා කෙරෙයි. මේ පස්වැනි පුරුෂදෝෂය වෙයි.
Pali BJTපුන චපරං භික්ඛූ භික්ඛුං ආපත්තියා චොදෙන්ති. සො භික්ඛු භික්ඛූහි ආපත්තියා චොදියමානො නෙවාහං ආපන්නොස්මි න පනාහං අනාපන්නොස්මීති තුණ්හීභූතො සඞ්ඝං විහෙසෙති. අයං ඡට්ඨො පුරිසදොසො.
Sinhala BJTතව ද අනෙකෙකි: මහණහු මහණහට ඇවැතින් චෝදනා කෙරෙති. ඒ මහණ තෙම මහණුන් විසින් ඇවැතින් චෝදනා කරනු ලබන්නේ ‘මම් නො ම අවන්මි, යළි මම් නො අවන්නෙම් නො වෙමි’ තූෂ්ණීම්භූතව සඞ්ඝයා වෙහෙසයි. මේ සවැනි පුරුෂදෝෂය වෙයි.
Pali BJTපුන චපරං භික්ඛූ භික්ඛුං ආපත්තියා චොදෙන්ති. සො භික්ඛු භික්ඛූහි ආපත්තියා චොදියමානො අනාදියිත්වා සඞ්ඝං, අනාදියිත්වා චොදකං, සාපත්තිකොව යෙන කාමං පක්කමති. අයං සත්තමො පුරිසදොසො.
Sinhala BJTතව ද අනෙකෙකි: මහණහු මහණහට ඇවැතින් චෝදනා කෙරෙති. ඒ මහණ තෙම මහණුන් විසින් ඇවැතින් චෝදනා කරනු ලබන්නේ සඞ්ඝයා අනදර කොට චෝදකයා අනදර කොට සාපත්තික ව ම කැමැති තැනෙක යේ. මේ සත්වැනි පුරුෂදෝෂය වෙයි.
Pali BJTපුන චපරං භික්ඛූ භික්ඛුං ආපත්තියා චොදෙන්ති. සො භික්ඛු භික්ඛූහි ආපත්තියා චොදියමානො එවමාහ: කිං නු ඛො තුම්හෙ ආයස්මන්තො අතිබාළ්හං මයි බ්යාවටා. ඉදානාහං සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තිස්සාමීති. සො සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තිත්වා එවමාහ: ‘ඉදානි ඛො තුම්හෙ ආයස්මන්තො අත්තමනා හොථා’ති. අයං අට්ඨමො පුරිසදොසො. ඉමෙ අට්ඨ පුරිසදොසා.
Sinhala BJTතව ද අනෙකෙකි: මහණහු මහණහට ඇවැතින් චෝදනා කෙරෙති. ඒ මහණ තෙම මහණුන් විසින් ඇවැතින් චෝදනා කරනු ලබන්නේ මෙසේ කියයි: ‘ඇවැත්නි, මුඹ වහන්සේ මා කෙරෙහි කුමට ඉතා දැඩි ව (පමණ ඉක්ම) ව්‍යාපෘතවවු ද? දැන් මම ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යානය කොට ගිහි බවට පෙරළෙමි’ යි හෙතෙම ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යානය කොට ගිහි ව මෙසේ කිය යි: ‘ඇවැත්නි දැන් මුඹ වහන්සේ සතුටුසිතැති වවු’ යයි. මේ අටවැනි පුරුෂදෝෂය වේ. මොහු අෂ්ට පුරුෂදෝෂයෝ යි.
Pali BJT1004. තත්ථ කතමෙ අට්ඨ අසඤ්ඤීවාදා: රූපී අත්තා හොති අරොගො පරම්මරණාති අසඤ්ඤීති නං පඤ්ඤාපෙන්ති. අරූපී අත්තා -පෙ- රූපී ච අරූපී ච -පෙ- නෙවරූපී නාරූපී -පෙ- අන්තවා අත්තා හොති අරොගො පරම්මරණාති අසඤ්ඤීති නං පඤ්ඤාපෙන්ති. අනන්තවා අත්තා හොති අරොගො පරම්මරණාති. අසඤ්ඤීති නං පඤ්ඤාපෙන්ති. අන්තවා ච අනන්තවා ච අත්තා හොති අරොගො පරම්මරණාති අසඤ්ඤීති නං පඤ්ඤපෙන්ති. නෙවන්තවා නානන්තවා අත්තා හොති අරොගො පරම්මරණාති අසඤ්ඤීති නං පඤ්ඤාපෙන්ති. ඉමෙ අට්ඨ අසඤ්ඤීවාදා.
Sinhala BJT1004. එහි අෂ්ට අසංඥීවාදයෝ කවරහ යත්: ආත්මය රූප ඇත්තේ වෙයි, මරණින් මත්තෙහි නිත්‍ය වේ යැ යි ද, ඒ ආත්මය අසංඥී යැ යි ද පනවති. ආත්මය රූප නැත්තේ වෙයි ... රූප ඇත්තේ ද රූප නැත්තේ ද වෙයි ... නො ම රූප ඇත්තේ නො ද රූප නැත්තේ වෙයි ... ආත්මය අනන්තවත් වෙයි, මරණින් මත්තෙහි නිත්‍ය වේ යැ යි ද ඒ ආත්මය අසංඥී යැ යි ද පනවති. ආත්මය අනන්තවත් වෙයි, මරණින් මත්තෙහි නිත්‍ය වේ යැ යි ද, එය අසංඥී යැ යි ද පනවති. ආත්මය අන්තවත් ද අනන්තවත් ද වෙයි, මරණින් මත්තෙහි නිත්‍ය වේ යැ යි ද එය අසංඥී යැ යි ද පනවති. ආත්මය නො ම අන්තවත් නො ද අනන්තවත් වෙයි, මරණින් මත්තෙහි නිත්‍ය වේ යැ යි ද එය අසංඥී යැ යි ද පනවත්. මොහු අෂ්ට අසංඥීවාදයෝ යි.
Pali BJT1005. තත්ථ කතමෙ අට්ඨ නෙවසඤ්ඤී නාසඤ්ඤීවාදා: රූපී අත්තා හොති අරොගො පරම්මරණාති නෙවසඤ්ඤී නාසඤ්ඤීති නං පඤ්ඤාපෙන්ති. අරූපී අත්තා හොති අරොගො පරම්මරණාති නෙවසඤ්ඤී නාසඤ්ඤීති නං පඤ්ඤාපෙන්ති. රූපී ච අරූපී ච අත්තා හොති අරොගො පරම්මරණාති නෙවසඤ්ඤී නාසඤ්ඤීති නං පඤ්ඤාපෙන්ති. නෙව රූපී නා රූපී අත්තා හොති අරොගො පරම්මරණාති නෙවසඤ්ඤී නාසඤ්ඤීති නං පඤ්ඤාපෙන්ති. අන්තවා අත්තා හොති අරොගො පරම්මරණාති නෙවසඤ්ඤී නාසඤ්ඤීති න පඤ්ඤාපෙන්ති. අනන්තවා අත්තා හොති අරොගො පරම්මරණාති නෙවසඤ්ඤී නාසඤ්ඤීති නං පඤ්ඤාපෙන්ති. අන්තවා ච අනන්තවා ච අත්තා හොති අරොගො පරම්මරණාති නෙවසඤ්ඤීනාසඤ්ඤීති නං පඤ්ඤාපෙන්ති. නෙවන්තවා නානන්තවා අත්තා හොති අරොගො පරම්මරණාති නෙවසඤ්ඤීනාසඤ්ඤීති නං පඤ්ඤාපෙන්ති. ඉමෙ අට්ඨ නෙවසඤ්ඤීනාසඤ්ඤීවාදා.
Sinhala BJT1005. එහි අෂ්ට නෛවසංඥීනාසංඥීවාදයෝ කවරහ යත්: ආත්මය රූපවත් වෙයි, මරණින් මතු නිත්‍ය වේ යැ යි ද, එය නෛවසංඥීනාසංඥී යැ යි ද පනවති. ආත්මය අරූපී වෙයි, මරණින් මතු නිත්‍ය වේ යැ යි ද, එය නෛවසංඥීනාසංඥී යැ යි ද පනවති. ආත්මය රූපීත් අරූපීත් වෙයි, මරණින් මතු නිත්‍ය වේ යැ යි ද එය නෛවසංඥීනාසංඥී යැ යි ද පනවති. ආත්මය නෛවරූපීනාරූපී වෙයි, මරණින් මතු නිත්‍ය වේ යැ යි ද, එය නෛවසංඥීනාසංඥී යැ යි ද පනවති. ආත්මය අන්තවත් වෙයි, මරණින් මතු නිත්‍ය වේ යැ යි ද, එය නෛවසංඥීනාසංඥී යැ යි ද පනවති. ආත්මය අන්තවත් නො වෙයි, මරණින් මතු නිත්‍ය වේ යැ යි ද, එය නෛවසංඥීනාසංඥී යැ යි ද පනවති. ආත්මය අන්තවත් ද අනන්තවත් ද වෙයි, මරණින් මතු නිත්‍ය වේ යැ යි ද, එය නෛවසංඥීනාසංඥී යැ යි ද පනවති. ආත්මය නො ම අන්තවත් නොද අනන්තවත් වෙයි. මරණින් මතු නිත්‍ය වේ යැ යි ද, එය නෛවසංඥීනාසංඥී යැ යි ද පනවත්. මොහු අෂ්ට නෛවසංඥීනාසංඥීවාදයෝ යි.
Pali BJTඅට්ඨකං
Sinhala BJTඅෂ්ටක යි.
Pali BJT1006. තත්ථ කතමානි නව ආඝාතවත්ථූනි: අනත්ථං මෙ අචරීති ආඝාතො ජායති. අනත්ථං මෙ චරතීති ආඝාතො ජායති. අනත්ථං මෙ චරිස්සතීති ආඝාතො ජායති. පියස්ස මෙ මනාපස්ස අනත්ථං අචරි, අනත්ථං චරති, අනත්ථං චරිස්සතීති. ආඝාතො ජායති. අප්පියස්ස මෙ අමනාපස්ස අත්ථං අචරි, අත්ථං චරති, අත්ථං චරිස්සතීති ආඝාතො ජායති. ඉමානි නව ආඝාතවත්ථූනි.
Sinhala BJT1006. එහි නව ආඝාතවස්තූහු කවරහ යත්: මට අනර්‍ත්‍ථයක් කෙළේ යැ යි ආඝාතයෙක් උපදී. මට අනර්‍ත්‍ථයක් කෙරේ යැ යි ආඝාතයෙක් උපදියි. මට අනර්‍ත්‍ථයක් කරන්නේ යැ යි ආඝාතයෙක් උපදියි. මාගේ ප්‍රියමනාපයහට අනර්‍ත්‍ථයක් කෙළේ ය, අනර්‍ත්‍ථයෙක් කෙරෙයි, අනර්‍ත්‍ථයක් කරන්නේ යැ යි ආඝාතයෙක් උපදියි. මාගේ අප්‍රිය අමනාපයහට අර්‍ත්‍ථයක් කෙළේ ය, අර්‍ත්‍ථයක් කෙරෙයි, අර්‍ත්‍ථයක් කරන්නේ යැ යි ආඝාතයෙක් උපදියි. මොහු නව ආඝාතවස්තූහු වෙත්.
Pali BJT1007. තත්ථ කතමානි නව පුරිසමලානි: කොධො මක්ඛො ඉස්සා මච්ඡරියං මායා සාඨෙය්යං මුසාවාදො පාපිච්ඡතා මිච්ඡාදිට්ඨි ඉමානි නව පුරිසමලානි.
Sinhala BJT1007. එහි නව පුරුෂමලයෝ කවරහ යත්: ක්‍රෝධ ය, මකු බව ය, ඊර්‍ෂ්‍යා ය, මාත්සර්‍ය්‍ය ය, මායා ය, ශඨ බව ය, මෘෂාවාද ය, පාපේච්ඡතා ය, මිථ්‍යාදෘෂ්ටි යි. මොහු නව පුරුෂමලයෝ යි.
Pali BJT1008. තත්ථ කතමෙ නවවිධා මානා: සෙය්යස්ස සෙය්යොහමස්මීති මානො, සෙය්යස්ස සදිසො හමස්මීති මානො, සෙය්යස්ස හීනො හමස්මීති මානො, සදිසස්ස සෙය්යො හමස්මීති මානො, සදිසස්ස සදිසො හමස්මීති මානො, සදිසස්ස හීනො හමස්මීති මානො, හීනස්ස සෙය්යො හමස්මීති මානො, හීනස්ස සදිසො හමස්මීති මානො, හීනස්ස හීනො හමස්මීති මානො. ඉමෙ නවවිධා මානා.
Sinhala BJT1008. එහි නවවිධ මානයෝ කවරහ යත්: මම ශ්‍රේෂ්ඨයහට ශ්‍රේෂ්ඨයෙමි යන මානය, මම ශ්‍රේෂ්ඨයහට සදෘශයෙමි යන මාන ය, මම ශ්‍රේෂ්ඨයහට හීනයෙමි යන මානය, මම සදෘශයහට ශ්‍රේෂ්ඨයෙමි යන මාන ය, මම සදෘශයහට සදෘශයෙමි යන මාන ය, මම සදෘශයහට හීනයෙමි යන මාන ය, මම හීනයහට ශ්‍රේෂ්ඨයෙමි යන මාන ය, මම හීනයහට සදෘශයෙමි යන මාන ය, මම හීනයහට හීනයෙමි යන මාන යි. මොහු නවවිධ මානයෝ යි.
Pali BJT1009. තත්ථ කතමෙ නව තණ්හාමූලකා ධම්මා: තණ්හා පටිච්ච පරියෙසනා, පරියෙසනං පටිච්ච ලාභො, ලාභං පටිච්ච විනිච්ඡයො, විනිච්ඡයං පටිච්ච ඡන්දරාගො, ඡන්දරාගං පටිච්ච අජ්ඣොසානං, අජ්ඣොසානං පටිච්ච පරිග්ගහො, පරිග්ගහං පටිච්ච මච්ඡරියං, මච්ඡරියං පටිච්ච ආරක්ඛො, ආරක්ඛාධිකරණං දණ්ඩාදානසත්ථාදානකලහවිග්ගහ විවාදතුවංතුවංපෙසුඤ්ඤමුසාවාදා, අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති. ඉමෙ නව තණ්හාමූලකා ධම්මා.
Sinhala BJT1009. එහි නව තෘෂ්ණාමූලකධර්‍මයෝ කවරහ යත්: තෘෂ්ණාව නිසා (රූපාදි අරමුණු) සෙවීම ය, පර්‍ය්‍යෙෂණය නිසා ලාභ ය, ලාභය නිසා තෘෂ්ණාදෘෂ්ටිවිනිශ්චය ය, විනිශ්චය නිසා ඡන්‍දරාග ය, ඡන්‍දරාගය නිසා (මම ය මාගේ ය යන) අධ්‍යවසාන ය, අධ්‍යවසානය නිසා තෘෂ්ණාදෘෂ්ටි පරිග්‍රහ ය, පරිග්‍රහය නිසා මාත්සර්‍ය්‍ය ය, මාත්සර්‍ය්‍යය නිසා ආරක්‍ෂාව ය, ආරක්‍ෂාව හේතු කොට දඬුගැනීම ය, අවිගැනීම ය, කලහ ය, විග්‍රහ ය, විවාද ය, තෝ තෝ යන බස ය, පෛශුන්‍ය ය, මෘෂාවාද ය යන මොහු ය, නොයෙක් ලාමක අකුශලධර්‍මයෝ ය, යන මොහු වෙත්. මොහු නව තෘෂ්ණාමූලකධර්‍මයෝ යි.
Pali BJT1010. තත්ථ කතමානි නව ඉඤ්ජිතානි: ‘අස්මී’ති ඉඤ්ජිතමෙතං ‘අහමස්මී’ති ඉඤ්ජිතමෙතං, ‘අයමහමස්මී’ති ඉඤ්ජිතමෙතං, ‘භවිස්ස’න්ති ඉඤ්ජිතමෙතං, ‘රූපී භවිස්ස’න්ති ඉඤ්ජිතමෙතං, ‘අරූපී භවිස්ස’න්තී ඉඤ්ජිතමෙතං, ‘සඤ්ඤී භවිස්ස’න්ති ඉඤ්ජිතමෙතං, ‘අසඤ්ඤී භවිස්ස’න්ති ඉඤ්ජිතමෙතං, ‘නෙවසඤ්ඤීනාසඤ්ඤී භවිස්ස’න්ති ඉඤ්ජිතමෙතං. ඉමානි නව ඉඤ්ජිතානි.
Sinhala BJT1010. එහි නව ඉඤ්ජිතයෝ කවරහ යත්: ‘වෙමි’ යන තෙල ඉඤ්ජිතයෙක, ‘මම වෙමි’ තෙල ඉඤ්ජිතයෙක, ‘මේ මම වෙමි’ තෙල ඉඤ්ජිතයෙක, ‘වන්නෙමි’ තෙල ඉඤ්ජිතයෙක, ‘රූපී වන්නෙමි’ තෙල ඉඤ්ජිතයෙක, ‘අරූපී වන්නෙමි’ තෙල ඉඤ්ජිතයෙක, ‘සංඥී වන්නෙමි’ තෙල ඉඤ්ජිතයෙක, ‘අසංඥී වන්නෙමි’ තෙල ඉඤ්ජිතයෙක, ‘නෛවසංඥීනාසංඥී වන්නෙමි’ තෙල ඉඤ්ජිතයෙකි. මොහු නව ඉඤ්ජිතයෝ යි.
Pali BJT1011. තත්ථ කතමානි නව මඤ්ඤිතානි -පෙ- නව ඵන්දිතානි -පෙ- නව පපඤ්චිතානි -පෙ- නව සඞ්ඛතානි: ‘අස්මී’ති සඞ්ඛතමෙතං, ‘අහමස්මි’ති සඞ්ඛතමෙතං, ‘අයමහමස්මී’ති සඞ්ඛතමෙතං, ‘භවිස්ස’න්ති සඞ්ඛතමෙතං, ‘රූපී භවිස්ස’න්ති සඞ්ඛතමෙතං, ‘අරූපී භවිස්ස’න්ති සඞ්ඝතමෙතං, ‘සඤ්ඤී භවිස්ස’න්ති සඞ්ඛතමෙතං, ‘අසඤ්ඤී භවිස්ස’න්ති සඞ්ඛතමෙතං, ‘නෙවසඤ්ඤීනාසඤ්ඤී භවිස්ස’න්ති සඞ්ඝතමෙතං, ඉමානි නව සඞ්ඛතානි.
Sinhala BJT1011. එහි නව මඤ්ඤිතයෝ කවරහ යත්: ... නව ඵන්‍දිතයෝ ... නවපපඤ්චිතයෝ ... නව සඞ්ඛතයෝ කවරහ යත්: ‘වෙමි’ තෙල සඞ්ඛතයෙක, ‘මම වෙමි’ තෙල සඞ්ඛතයෙක, ‘මේ මම වෙමි’ තෙල සඞ්ඛතයෙක, ‘වන්නෙමි’ තෙල සඞ්ඛතයෙක, ‘රූපී වන්නෙමි’ තෙල සඞ්ඛතයෙක, ‘අරූපී වන්නෙමි’ තෙල සඞ්ඛතයෙක, ‘සංඥී වන්නෙමි’ තෙල සඞ්ඛතයෙක, ‘අසංඥී වන්නෙමි’ තෙල සඞ්ඛතයෙක, ‘නෛවසංඥීනාසංඥී වන්නෙමි’ තෙල සඞ්ඛතයෙකි. මොහු නව සඞ්ඛතයෝ යි.
Pali BJTනවකං.
Sinhala BJTනවක යි.
Pali BJT1012. තත්ථ කතමානි දස කිලෙසවත්ථූනි: ලොභො දොසො මොහො මානො දිට්ඨි විචිකිච්ඡා ථීනං උද්ධච්චං අහිරිකං අනොත්තප්පං, ඉමානි දස කිලෙසවත්ථූනි.
Sinhala BJT1012. එහි දශ ක්ලේශවස්තූහු කවරහ යත්: ලෝභ ය, ද්වේෂ ය, මෝහ ය, මාන ය, දෘෂ්ටි ය, විචිකිත්සා ය, ස්ත්‍යාන ය, ඖද්ධත්‍ය ය, අහ්‍රීයක ය, අනපත්‍රපා යි. මොහු දශක්ලේශවස්තූහු වෙත්.
Pali BJT1013. තත්ථ කතමානි දස ආඝාතවත්ථූනි: අනත්ථං මෙ අචරීති ආඝාතො ජායති, අනත්ථං මෙ චරතීති ආඝාතො ජායති, අනත්ථං මෙ චරිස්සතීති ආඝාතො ජායති, පියස්ස මෙ මනාපස්ස අනත්ථං අචරි අනත්ථං චරති අනත්ථං චරිස්සතීති ආඝාතො ජායති, අප්පියස්ස මෙ අමනාපස්ස අත්ථං අචරි අත්ථං චරති අත්ථං චරිස්සතීති ආඝාතො ජායති, අට්ඨානෙ වා පන ආඝාතො ජායති, ඉමානි දස ආඝාතවත්ථූනි.
Sinhala BJT1013. එහි දශ ආඝාතවස්තු කවරහ යත්: මට අනර්‍ත්‍ථ කළැ යි ආඝාත උපදී. මට අනර්‍ත්‍ථ කෙරේ යැ යි ආඝාත උපදී. මට අනර්‍ත්‍ථ කරන්නේ යැ යි ආඝාත උපදී. මාගේ ප්‍රියමනාපයහට අනර්‍ත්‍ථ කෙළේ ය, අනර්‍ත්‍ථ කෙරෙ යි, අනර්‍ත්‍ථ කරන්නේ යැ යි ආඝාත උපදී. මාගේ අප්‍රියඅමනාපයහට අර්‍ත්‍ථ කෙළේ ය, අර්‍ත්‍ථ කෙරෙ යි, අර්‍ත්‍ථ කරන්නේ යැ යි ආඝාත උපදී. යළි අස්ථානයෙහි හෝ ආඝාත උපදී. මොහු දශ ආඝාතවස්තු වෙත්.
Pali BJT1014. තත්ථ කතමෙ දස අකුසලකම්මපථා: පාණාතිපාතො අදින්නාදානං කාමෙසු මිච්ඡාචාරො මුසාවාදො පිසුනාවාචා ඵරුසාවාචා සම්ඵප්පලාපො අභිජ්ඣා ව්යාපාදො මිච්ඡාදිට්ඨි, ඉමෙ දස අකුසල කම්මපථා.
Sinhala BJT1014. එහි දශ අකුශලකර්‍මපථයෝ කවරහ යත්: ප්‍රාණවධය, අදත්තාදානය, කාමමිථ්‍යාචාරය, මෘෂාවාදය, පිශුනවචනය, පරුෂවචනය, සම්ඵප්‍රලාපය, අභිධ්‍යාය, ව්‍යාපාදය මිථ්‍යාදෘෂ්ටි යි. මොහු දශ අකුශලකර්‍මපථයෝ යි.
Pali BJT1015. තත්ථ කතමානි දස සඤ්ඤොජනානි: කාමරාගසඤ්ඤොජනං, පටිඝසඤ්ඤොජනං, මානසඤ්ඤොජනං, දිට්ඨිසඤ්ඤොජනං, විචිකිච්ඡාසඤ්ඤොජනං, සීලබ්බතපරාමාසසඤ්ඤොජනං, භවරාගසඤ්ඤොජනං, ඉස්සාසඤ්ඤොජනං, මච්ඡරියසඤ්ඤොජනං, අවිජ්ජාසඤ්ඤොජනං, ඉමානි දස සඤ්ඤොජනානි.
Sinhala BJT1015. එහි දශ සංයෝජනයෝ කවරහ යත්: කාමරාගසංයෝජන ය, ප්‍රතිඝසංයෝජන ය, මානසංයෝජන ය, දෘෂ්ටිසංයෝජන ය, විචිකිත්සාසංයෝජන ය, ශීලව්‍රතපරාමර්‍ශසංයෝජන ය, භවරාගසංයෝජන ය, ඊර්‍ෂ්‍යාසංයෝජන ය, මාත්සර්‍ය්‍යසංයෝජන ය, අවිද්‍යාසංයෝජන යි. මොහු දශ සංයෝජනයෝ යි.
Pali BJT1016. තත්ථ කතමෙ දස මිච්ඡත්තා: මිච්ඡාදිට්ඨි මිච්ඡාසඞ්කප්පො මිච්ඡාවාචා මිච්ඡාකම්මන්තො මිච්ඡාආජීවො මිච්ඡාවායාමො මිච්ඡාසති මිච්ඡාසමාධි මිච්ඡාඤාණං මිච්ඡාවිමුත්ති, ඉමෙ දස මිච්ඡත්තා.
Sinhala BJT1016. එහි දශ මිථ්‍යාත්‍වයෝ කවරහ යත්: මිථ්‍යාදෘෂ්ටි ය, මිථ්‍යාසංකල්ප ය, මිථ්‍යාවාක් ය, මිථ්‍යාකර්‍මාන්ත ය, මිථ්‍යාජීව ය, මිථ්‍යාව්‍යායාම ය, මිථ්‍යාස්මෘති ය, මිථ්‍යාසමාධි ය, මිථ්‍යාඥාන ය, මිථ්‍යාවිමුක්ති යි. මොහු දශ මිථ්‍යාත්‍වයෝ යි.
Pali BJT1017. තත්ථ කතමා දසවත්ථුකා මිච්ඡාදිට්ඨි: නත්ථි දින්නං, නත්ථි යිට්ඨං, නත්ථි හුතං, නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො, නත්ථි අයං ලොකො, නත්ථි පරො ලොකො, නත්ථි මාතා, නත්ථි පිතා, නත්ථි සත්තා ඔපපාතිකා, නත්ථි ලොකෙ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මා පටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තීති, අයං දසවත්ථුකා මිච්ඡාදිට්ඨි.
Sinhala BJT1017. එහි දශවස්තුකමිථ්‍යාදෘෂ්ටි කවර යත්: දුන්දැයෙහි විපාක නැත, පුදනලදුයෙහි විපාක නැත, හවනලදුයෙහි විපාක නැත, සුකෘතදුෂ්කෘතකර්‍මයන්ගේ ඵල විපාක නැත, මෙලොව නැත, පරලොව නැත, මව් නැත, පියා නැත, ඕපපාතිකසත්ත්‍වයෝ නැත, ලොව යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තුමූ ම දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරෙත් නම්, එබඳු සම්‍යග්ගත වූ සම්‍යක්ප්‍රතිපන්න වූ ශ්‍රමණබ්‍රාහ්මණ කෙනෙක් නැතැ යි, මේ දශවස්තුකමිථ්‍යාදෘෂ්ටි වේ.
Pali BJT1018. තත්ථ කතමා දසවත්ථුකා අන්තග්ගාහිකා දිට්ඨි: සස්සතො ලොකොති වා, අසස්සතො ලොකොති වා අන්තවා ලොකොති වා අනන්තවා ලොකොති වා, තං ජීවං තං සරීරන්ති වා, අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති වා, හොති තථාගතො පරම්මරණාති වා, න හොති තථාගතො පරම්මරණාති වා, හොති ච න හොති ච තථාගතො පරම්මරණාති වා, නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වා, අයං දසවත්ථුකා අන්තග්ගාහිකා දිට්ඨි.
Sinhala BJT1018. එහි දශවස්තුක අන්තග්‍රාහිකදෘෂ්ටි කවර යත්: ලෝකය ශාස්වතැ යි හෝ ලෝකය අශාශ්වතැ යි හෝ ලෝකය අන්තවත් යැ යි හෝ ලෝකය අනන්තවත්යැ යි හෝ එ මැ ජීවය එ මැ ශරීර යැ යි හෝ ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ යි හෝ, සත්ත්‍ව තෙමේ මරණින් මතු වෙයි හෝ, සත්ත්‍ව තෙමේ මරණින් මතු නො වෙයි හෝ, සත්ත්‍ව තෙමේ මරණින් මතු වන්නේත් නො වන්නේත් වේ යැ යි හෝ සත්ත්‍ව තෙමේ මරණින් මතු නො ම වෙයි නො වන්නේ නො වෙයි හෝ යි. මේ දශවස්තුක අන්තග්‍රාහිකාදෘෂ්ටි වේ.
Pali BJTදසකං.
Sinhala BJTදශක යි.
Pali BJT1019. තත්ථ කතමානි අට්ඨාරස තණ්හාවිචරිතානි අජ්ඣත්තිකස්ස උපාදාය: අස්මීති හොති, ඉත්ථස්මීති හොති, එවස්මීති හොති, අඤ්ඤථාස්මීති හොති, භවිස්සන්ති හොති, ඉත්ථං භවිස්සන්ති හොති. එවං භවිස්සන්ති හොති. අඤ්ඤථා භවිස්සන්ති හොති, අසස්මීති{1} හොති, සතස්මීති{2} හොති, සියන්ති හොති, ඉත්ථං සියන්ති හොති, එවං සියන්ති හොති, අඤ්ඤථා සියන්ති හොති, අපාහං සියන්ති හොති, අපාහං ඉත්ථං සියන්ති හොති, අපාහං එවං සියන්ති හොති, අපාහං අඤ්ඤථා සියන්ති හොති.
Sinhala BJT1019. එහි ආධ්‍යාත්මිකපඤ්චස්කන්‍ධය නිසා පවත්නා අටළොස් තෘෂ්ණාවිචරිතයෝ කවරහ යත්: (මම) ‘වෙමි’ (තෘෂ්ණාව) වෙයි, ‘මේ ප්‍රකාර වෙමි’ තෘෂ්ණා වෙයි, ‘මෙසේ වෙමි’ තෘෂ්ණාව වෙයි, ‘අන් ප්‍රකාරයෙකින් වෙමි’ තෘෂ්ණා වෙයි, (මම) ‘වන්නෙමි’ තෘෂ්ණා වෙයි, ‘මේ ප්‍රකාරයෙන් වන්නෙමි’ වෙයි, ‘මෙසේ වන්නෙමි’ වෙයි, ‘අන් ප්‍රකාරයෙකින් වන්නෙමි’ වෙයි, ‘ශාස්වතයෙමි’ වෙයි, ‘අශාස්වතයෙමි’ වෙයි, ‘වන්නෙම් දෝහෝ’ යි වෙයි, ‘මේ ප්‍රකාරයෙන් වන්නෙම් දෝහෝ’ යි වෙයි, ‘මෙසේ වන්නෙම් දෝහෝ’ යි වෙයි, ‘අන් ප්‍රකාරයෙකින් වන්නෙම් දෝහෝ’ යි වෙයි, ‘වන්නෙම් නම් මැනැවැ’ යි වෙයි, ‘මේ ප්‍රකාරයෙන් වන්නෙම් නම් මැනැවැ’ යි වෙයි, ‘මෙසේ වන්නෙම් නම් මැනැවැ’ යි වෙයි, ‘අන් ප්‍රකාරයෙකින් වන්නෙම් නම් මැනැවැ’ යි වේ.
Pali BJTකථඤ්ච අස්මීති හොති: කඤ්චි ධම්මං අනවකාරිං කරිත්වා රූපං වෙදනං සඤ්ඤං සඞ්ඛාරෙ විඤ්ඤාණං අස්මීති ඡන්දං පටිලභති. අස්මීති මානං පටිලභති අස්මීති දිට්ඨිං පටිලභති. තස්මිං සති ඉමානි පපඤ්චිතානි හොන්ති: ඉත්ථස්මීති වා එවස්මීති වා අඤ්ඤථාස්මීති වා.
Sinhala BJTකිසෙයින් ‘වෙමි’ වේ ද යත්: කිසි දහමක් රූපය, වේදනාව, සංඥාව, සංස්කාරයන් විඥානය නො වෙන් කොට ගෙන ‘මම වෙමි’ යි තෘෂ්ණාවට පැමිණෙ යි. ‘මම වෙමි’ යි මානයට පැමිණෙයි. ‘මම වෙමි’ යි දෘෂ්ටියට පැමිණෙ යි. ඒ තුන් ප්‍රපඤ්චයන් ඇති කල්හි ‘මේ ප්‍රකාර වෙමි’ යි හෝ ‘මෙසේ වෙමි’ යි හෝ ‘අන් ප්‍රකාරයෙකින් වෙමි’ යි හෝ මේ ප්‍රපඤ්චිතයෝ වෙති.
Pali BJTකථඤ්ච ඉත්ථස්මීති හොති: ඛත්තියොස්මීති වා බ්රාහ්මණොස්මීති වා වෙස්සොස්මීති වා සුද්දොස්මීති වා ගහට්ඨොස්මීති වා පබ්බජිතොස්මීති වා දෙවොස්මීති වා මනුස්සොස්මීති වා රූපීස්මීති වා අරූපීස්මීති වා සඤ්ඤීස්මීති වා අසඤ්ඤීස්මීති වා නෙවසඤ්ඤීනාසඤ්ඤීස්මිති වා, එවං ඉත්ථස්මීති හොති.
Sinhala BJTකිසෙයින් ‘මේ ප්‍රකාර වෙමි’ වේ ද යත්: ක්‍ෂත්‍රියයෙමි හෝ බ්‍රාහ්මණයෙමි හෝ වෛශ්‍යයෙමි හෝ ශුද්‍රයෙමි හෝ ගෘහස්තයෙමි හෝ ප්‍රව්‍රජිතයෙමි හෝ දිව්‍යයෙමි හෝ මනුෂ්‍යයෙමි හෝ රූපී වෙමි හෝ අරූපී වෙමි හෝ සංඥී වෙමි හෝ අසංඥී වෙමි හෝ නෛවසංඥීනාසංඥී වෙමි හෝ ‘මේ ප්‍රකාර වෙමි’ යි වේ.
Pali BJTකථඤ්ච එවස්මීති හොති: පරපුග්ගලං උපනිධාය යථා සො ඛත්තියො තථාහං ඛත්තියොස්මීති වා, යථා සො බ්රාහ්මණො තථාහං බ්රාහ්මණොස්මීති වා, යථා සො වෙස්සො තථාහං වෙස්සොස්මීති වා, යථා සො සුද්දො, තථාහං සුද්දොස්මීති වා, යථා සො ගහට්ඨො තථාහං ගහට්ඨොස්මීති වා, යථා සො පබ්බජිතො තථාහං පබ්බජිතොස්මීති වා, යථා සො දෙවො තථාහං දෙවොස්මීති වා යථා සො මනුස්සො තථාහං මනුස්සොස්මීති වා, යථා සො රූපී තථාහං රූපීස්මීති වා, යථා සො අරූපී තථාහං අරූපීස්මීති වා, යථා සො සඤ්ඤී තථාහං සඤ්ඤීස්මීති වා, යථා සො අසඤ්ඤී තථාහං අසඤ්ඤීස්මීති වා, යථා සො නෙවසඤ්ඤී නාසඤ්ඤී තථාහං නෙවසඤ්ඤී නාසඤ්ඤීස්මීති වා, එවං එවස්මීති හොති.
Sinhala BJTකිසෙයින් ‘මෙසේ වෙමි’ යි වේ ද යත්: පරපුඟුලකු පිණිස යම්සේ හෙතෙම ක්‍ෂත්‍රිය වේ නම් එසෙයින් මම ක්‍ෂත්‍රියෙමි හෝ යම්සේ හෙතෙම බ්‍රාහ්මණ වේ නම් එසෙයින් මම බ්‍රාහ්මණයෙමි හෝ යම්සේ හෙතෙම වෛශ්‍ය වේ නම් එසෙයින් මම වෛශ්‍යයෙමි හෝ යම්සේ හෙතෙම ශුද්‍ර වේ නම් එසෙයින් මම ශුද්‍රයෙමි හෝ යම්සේ හෙතෙම ගෘහස්ථ වේ නම් එසෙයින් මම ගෘහස්ථයෙමි හෝ යම්සේ හෙතෙම ප්‍රව්‍රජිත වේ නම් එසෙයින් මම ප්‍රව්‍රජිතයෙමි හෝ යම්සේ හෙතෙම දිව්‍ය වේ නම් එසෙයින් මම දිව්‍යයෙමි හෝ යම්සේ හෙතෙම රූපී වේ නම් එසෙයින් මම රූපී වෙමි හෝ යම්සේ හෙතෙම අරූපී වේ නම් එසෙයින් මම අරූපී වෙමි හෝ යම්සේ හෙතෙම සංඥී වේ නම් එසෙයින් මම සංඥී වෙමි හෝ යම්සේ හෙතෙම අසංඥී වේ නම් එසෙයින් මම අසංඥී වෙමි හෝ යම්සේ හෙතෙම නෛවසංඥීනාසංඥී වේ නම් එසෙයින් මම නෛවසංඥීනාසංඥී වෙමි හෝ මෙසෙයින් ‘මෙසේ වෙමි’ යි වේ.
Pali BJTකථඤ්ච අඤ්ඤථාස්මීති හොති: පරපුග්ගලං උපනිධාය යථා සො ඛත්තියො නාහං තථා ඛත්තියොස්මීති වා, යථා සො බ්රාහ්මණො නාහං තථා බ්රාහ්මණොස්මීති වා, යථා සො වෙස්සො නාහං තථා වෙස්සොස්මීති වා, යථා සො සුද්දො නාහං තථා සුද්දොස්මීති වා, යථා සො ගහට්ඨො නාහං තථා ගහට්ඨොස්මීති වා, යථා සො පබ්බජිතො නාහං තථා පබ්බජිතොස්මීති වා, යථා සො දෙවො නාහං තථා දෙවොස්මීති වා, යථා සො මනුස්සො නාහං තථා මනුස්සොස්මීති වා, යථා සො රූපී නාහං තථා රූපීස්මීති වා, යථා සො අරූපී නාහං තථා අරූපීස්මීති වා, යථා සො සඤ්ඤී නාහං තථා සඤ්ඤීස්මීති වා, යථා සො අසඤ්ඤී නාහං තථා අසඤ්ඤීස්මීති වා, යථා සො නෙවසඤ්ඤී නාසඤ්ඤී නාහං තථා නෙවසඤ්ඤී නාසඤ්ඤීස්මීති වා, එවං අඤ්ඤථාස්මීති හොති.
Sinhala BJTකිසෙයින් ‘අන්ප්‍රකාරයෙකින් වෙමි’ වේ ද යත්: පරපුඟුලකු පිණිස යම් සේ හෙතෙම ක්‍ෂත්‍රිය වේ නම් එසෙයින් මම ක්‍ෂත්‍රිය නො වෙමි හෝ යම්සේ හෙතෙම බ්‍රාහ්මණ වේ නම් එසෙයින් මම බ්‍රාහ්මණ නො වෙමි හෝ යම්සේ හෙතෙම වෛශ්‍ය වේ නම් එසෙයින් මම වෛශ්‍ය නො වෙමි හෝ යම්සේ හෙතෙම ශුද්‍ර වේ නම් එසෙයින් මම ශුද්‍ර නො වෙමි හෝ යම්සේ හෙතෙම ගෘහස්ථ වේ නම් එසෙයින් මම ගෘහස්ථ නො වෙමි හෝ යම්සේ හෙතෙම ප්‍රව්‍රජිත වේ නම් එසෙයින් මම ප්‍රව්‍රජිත නො වෙමි හෝ යම්සේ හෙතෙම දෙවි වේ නම් එසෙයින් මම දෙවි නො වෙමි හෝ යම්සේ හෙතෙම මනුෂ්‍ය වේ නම් එසෙයින් මම මනුෂ්‍ය නො වෙමි හෝ යම්සේ හෙතෙම රූපී වේ නම් එසෙයින් මම රූපී නො වෙමි හෝ යම්සේ හෙතෙම අරූපී වේ නම් එසෙයින් මම අරූපී නො වෙමි හෝ යම්සේ හෙතෙම සංඥී වේ නම් එසෙයින් මම සංඥී නො වෙමි හෝ යම්සේ හෙතෙම අසංඥී වේ නම් එසෙයින් මම අසංඥී නො වෙමි හෝ යම් සේ හෙතෙම නෛවසංඥීනාසංඥී වේ නම් එසෙයින් මම නෛවසංඥීනාසංඥී නො වෙමි හෝ මෙසෙයින් ‘අන් ප්‍රකාරයෙකින් වෙමි’ යි වේ.
Pali BJTකථඤ්ච භවිස්සන්ති හොති: කඤ්චි ධම්මං අනවකාරිං කරිත්වා රූපං වෙදනං සඤ්ඤං සඞ්ඛාරෙ විඤ්ඤාණං භවිස්සන්ති ඡන්දං පටිලභති, භවිස්සන්ති මානං පටිලභති. භවිස්සන්ති දිට්ඨිං පටිලභති. තස්මිං සති ඉමානි පපඤ්චිතානි හොන්ති: ඉත්ථං භවිස්සන්ති වා එවං භවිස්සන්ති වා අඤ්ඤථා භවිස්සන්ති වා.
Sinhala BJTකිසෙයින් ‘වන්නෙමි’ යි වේ ද යත්: කිසි දහමක් රූපය වේදනාව සංඥාව සංස්කාරයන් විඥානය නො වෙන් කොටගෙන මම වන්නෙමි තෘෂ්ණාවට පැමිණෙයි, වන්නෙමි මානයට පැමිණෙයි, වන්නෙමි දෘෂ්ටියට පැමිණෙයි, ඒ තුන් ප්‍රපඤ්චයන් ඇති කල්හි මේ ප්‍රකාරයෙන් වන්නෙමි හෝ මෙසේ වන්නෙමි හෝ අන් ප්‍රකාරයෙකින් වන්නෙමි හෝ මේ ප්‍රපඤ්චිතයෝ වෙත්.
Pali BJTකථඤ්ච ඉත්ථං භවිස්සන්ති හොති: ඛත්තියො භවිස්සන්ති වා, බ්රාහ්මණො භවිස්සන්ති වා, වෙස්සො භවිස්සන්ති වා, සුද්දො භවිස්සන්ති වා, ගහට්ඨො භවිස්සන්ති වා, පබ්බජිතො භවිස්සන්ති වා, දෙවො භවිස්සන්ති වා, මනුස්සො භවිස්නන්ති වා, රූපී භවිස්සන්ති වා, අරූපී භවිස්සන්ති වා, සඤ්ඤී භවිස්සන්ති වා, අසඤ්ඤී භවිස්සන්ති වා, නෙවසඤ්ඤීනාසඤ්ඤී භවිස්සන්ති වා, එවං ඉත්ථං භවිස්සන්ති හොති.
Sinhala BJTකිසෙයින් ‘මේ ප්‍රකාරයෙන් වන්නෙමි’ යි වේ ද යත්: ක්‍ෂත්‍රිය වන්නෙමි හෝ, බ්‍රාහ්මණ වන්නෙමි හෝ, වෛශ්‍ය වන්නෙමි හෝ, ශුද්‍ර වන්නෙමි හෝ, ගෘහස්ථ වන්නෙමි හෝ, ප්‍රව්‍රජිත වන්නෙමි හෝ, දිව්‍ය වන්නෙමි හෝ, මනුෂ්‍ය වන්නෙමි හෝ, රූපී වන්නෙමි හෝ, අරූපී වන්නෙමි හෝ, සංඥී වන්නෙමි හෝ, අසංඥී වන්නෙමි හෝ, නෛවසංඥීනාසංඥී වන්නෙමි හෝ මෙසෙයින් ‘මේ ප්‍රකාරයෙන් වන්නෙමි’ යි වේ.
Pali BJTකථඤ්ච එවං භවිස්සන්ති හොති: පරපුග්ගලං උපනිධාය යථා සො ඛත්තියො තථාහං ඛත්තියො භවිස්සන්ති වා, යථා සො බ්රාහ්මණො තථාහං බ්රාහ්මණො භවිස්සන්ති වා -පෙ- යථා සො නෙවසඤ්ඤීනාසඤ්ඤී තථාහං නෙවසඤ්ඤීනාසඤ්ඤී භවිස්සන්ති වා, එවං භවිස්සන්ති හොති.
Sinhala BJTකිසෙයින් ‘මෙසේ වන්නෙමි’ යි වේ ද යත්: පරපුඟුලකු පිණිස යම්සේ හෙතෙම ක්‍ෂත්‍රිය වේ නම් එසෙයින් මම ක්‍ෂත්‍රිය වන්නෙමි හෝ යම්සේ හෙතෙම බ්‍රාහ්මණ වේ නම් එසෙයින් මම බ්‍රාහ්මණ වන්නෙමි හෝ ... යම් සේ හෙතෙම නෛවසංඥීනාසංඥී වේ නම් එසෙයින් මම නෛවසංඥීනාසංඥී වන්නෙමි හෝ මෙසෙයින් ‘මෙසේ වන්නෙමි’ යි වේ.
Pali BJTකථඤ්ච අඤ්ඤථා භවිස්සන්ති හොති: පරපුග්ගලං උපනිධාය යථා සො ඛත්තියො නාහං තථා ඛත්තියො භවිස්සන්ති වා, යථා සො බ්රාහ්මණො නාහං තථා බ්රාහ්මණො භවිස්සන්ති වා -පෙ- යථා සො නෙවසඤ්ඤී නාසඤ්ඤී නාහං තථා නෙවසඤ්ඤීනාසඤ්ඤී භවිස්සන්ති වා, එවං අඤ්ඤථා භවිස්සන්ති හොති.
Sinhala BJTකිසෙයින් ‘අන් ප්‍රකාරයෙකින් වන්නෙමි’ යි වේ ද යත්: පරපුඟුලකු පිණිස යම්සේ හෙතෙම ක්‍ෂත්‍රිය වේ නම් එසෙයින් මම ක්‍ෂත්‍රිය නො වන්නෙමි හෝ යම්සේ හෙතෙම බ්‍රාහ්මණ වේ නම් එසෙයින් මම බ්‍රාහ්මණ නො වන්නෙමි හෝ ... යම් සේ හෙතෙම නෛවසංඥීනාසංඥී වේ නම් එසෙයින් මම නෛවසංඥීනාසංඥී නො වන්නෙමි හෝ මෙසෙයින් ‘අන් ප්‍රකාරයෙකින් වන්නෙමි’ යි වේ.
Pali BJTකථඤ්ච අසස්මීති හොති: කඤ්චි ධම්මං අනවකාරිං{1} කරිත්වා රූපං වෙදනං සඤ්ඤං සඞ්ඛාරෙ විඤ්ඤාණං නිච්චොස්මි ධුවොස්මි සස්සතොස්මි අවිපරීණාමධම්මොස්මීති එවං අසස්මීති හොති.
Sinhala BJTකිසෙයින් ‘ශාස්වතයෙමි’ යි වේ ද යත්: කිසි දහමක් රූපය වේදනාව සංඥාව සංස්කාරයන් විඥානය නො වෙන් කොට ගෙන මම නිත්‍යයෙමි ධ්‍රැවයෙමි ශාශ්වතයෙමි විපරිණාමස්වභාව නැත්තෙමි’ යි මෙසෙයින් ‘ශාශ්වතයෙමි’ යි වේ.
Pali BJTකථඤ්ච සතස්මීති හොති: කඤ්චි ධම්මං අනවකාරිං කරිත්වා රූපං වෙදනං සඤ්ඤං සඞ්ඛාරෙ විඤ්ඤාණං උච්ඡිජ්ජිස්සාමි විනස්සිස්සාමි න භවිස්සාමීති, එවං සතස්මීති හොති.
Sinhala BJTකිසෙයින් ‘අශාස්වතයෙමි’ යි වේ ද යත්: කිසි දහමක් රූපය වේදනාව සංඥාව සංස්කාරයන් විඥානය නො වෙන් කොටගෙන මම සිඳෙන්නෙමි, වැනැසෙන්නෙමි, නො වන්නෙමි’ යි මෙසෙයින් ‘අශාශ්වතයෙමි’ යි වේ.
Pali BJTකථඤ්ච සියන්ති හොති: කඤ්චි ධම්මං අනවකාරිං කරිත්වා රූපං වෙදනං සඤ්ඤං සඞ්ඛාරෙ විඤ්ඤාණං සියන්ති ඡන්දං පටිලභති, සියන්ති මානං පටිලභතා, සියන්ති දිට්ඨිං පටිලභති, තස්මිං සති ඉමානි පපඤ්චිතානි හොන්ති: ඉත්ථං සියන්ති වා, එවං සියන්ති වා, අඤ්ඤථා සියන්ති වා.
Sinhala BJTකිසෙයින් වන්නෙම් දෝහෝ යි වේ ද යත්: කිසි දහමක් රූපය වේදනාව සංඥාව සංස්කාරයන් විඥානය නො වෙන් කොටගෙන මම වන්නෙම් දෝ හො යි තෘෂ්ණාවට පැමිණෙයි, වන්නෙම් දෝ හො යි මානයට පැමිණෙයි, වන්නෙම් දෝ හො යි දෘෂ්ටියට පැමිණෙයි. ඒ තුන් ප්‍රපඤ්චයන් ඇති කල්හි මේ ප්‍රකාරයෙන් වන්නෙම් දෝහෝ කියා හෝ මෙසේ වන්නෙම් දෝහෝ කියා හෝ අන් ප්‍රකාරයෙකින් වන්නෙම් දෝහෝ කියා හෝ මේ ප්‍රපඤ්චිතයෝ වෙත්.
Pali BJTකථඤ්ච ඉත්ථං සියන්ති හොති: ඛත්තියො සියන්ති වා, බ්රාහ්මණො සියන්ති වා, වෙස්සො සියන්ති වා, සුද්දො සියන්ති වා, ගහට්ඨො සියන්ති වා, පබ්බජිතො සියන්ති වා, දෙවො සියන්ති වා, මනුස්සො සියන්ති වා, රූපී සියන්ති වා, අරූපී සියන්ති වා, සඤ්ඤී සියන්ති වා, අසඤ්ඤී සියන්ති වා, නෙවසඤ්ඤීනාසඤ්ඤී සියන්ති වා, එවං ඉත්ථං සියන්ති හොති.
Sinhala BJTකිසෙයින් මේ ප්‍රකාරයෙන් වන්නෙම් දෝහෝ’ යි වේ ද යත්: ක්‍ෂත්‍රිය වන්නෙම් දෝහෝ යි කියා හෝ බ්‍රාහ්මණ වන්නෙම් දෝහෝ යි කියා හෝ වෛශ්‍ය වන්නෙම් දෝහෝ යි කියා හෝ ශුද්‍ර වන්නෙම් දෝහෝ යි කියා හෝ ගෘහස්ථ වන්නෙම් දෝහෝ’ යි කියා හෝ ප්‍රව්‍රජිත වන්නෙම් දෝහෝ’ යි කියා හෝ දිව්‍ය වන්නෙම් දෝහෝ’ යි කියා හෝ මනුෂ්‍ය වන්නෙම් දෝහෝ’ යි කියා හෝ රූපී වන්නෙම් දෝහෝ’ යි කියා හෝ අරූපී වන්නෙම් දෝහෝ’ යි කියා හෝ සංඥී වන්නෙම් දෝහෝ’ යි කියා හෝ අසංඥී වන්නෙම් දෝහෝ’ යි කියා හෝ නෛවසංඥීනාසංඥී වන්නෙම් දෝහෝ’ යි කියා හෝ මෙසෙයින් ‘මේ ප්‍රකාරයෙන් වන්නෙම් දෝහෝ’ යි වේ.
Pali BJTකථඤ්ච එවං සියන්ති හොති: පරපුග්ගලං උපනිධාය යථා සො ඛත්තියො තථාහං ඛත්තියො සියන්ති වා, යථා සො බ්රාහ්මණො තථාහං බ්රාහ්මණො සියන්ති වා -පෙ- යථා සො නෙවසඤ්ඤීනාසඤ්ඤී, තථාහං නෙවසඤ්ඤීනාසඤ්ඤී සියන්ති වා, එවං එවං සියන්ති හොති.
Sinhala BJTකිසෙයින් මෙසේ වන්නෙමි දෝහෝ’ යි වේ ද යත්: පරපුඟුලකු පිණිස යම් සේ හෙතෙම ක්‍ෂත්‍රිය වේ නම් එසෙයින් මම ක්‍ෂත්‍රිය වන්නෙම් දෝහෝ’ යි කියා හෝ යම්සේ හෙතෙම බ්‍රාහ්මණ වේ නම් එසෙයින් මම බ්‍රාහ්මණ වන්නෙම් දෝහෝ’ යි කියා හෝ ... යම්සේ හෙතෙම නෛවසංඥීනාසංඥී වේ නම් එසෙයින් මම නෛවසංඥීනාසංඥී වන්නෙම් දෝහෝ’ යි කියා හෝ මෙසෙයින් ‘මෙසේ වන්නෙම් දෝහෝ’ යි යනු වේ.
Pali BJTකථඤ්ච අඤ්ඤථා සියන්ති හොති: පරපුග්ගලං උපනිධාය යථා සො ඛත්තියො නාහං තථා ඛත්තියො සියන්ති වා, යථා සො බ්රාහ්මණො නාහං තථා බ්රාහ්මණො සියන්ති වා -පෙ- යථා සො නෙවසඤ්ඤීනාසඤ්ඤී නාහං තථා නෙවසඤ්ඤීනාසඤ්ඤී සියන්ති වා, එවං අඤ්ඤථා සියන්ති හොති.
Sinhala BJTකිසෙයින් අන් ප්‍රකාරයෙකින් වන්නෙමි දෝහෝ’ යි වේ ද යත්: පරපුඟුලකු පිණිස යම් සේ හෙතෙම ක්‍ෂත්‍රිය වේ නම් එසෙයින් මම ක්‍ෂත්‍රිය නො වන්නෙම් දෝහෝ’ යි කියා හෝ යම්සේ හෙතෙම බ්‍රාහ්මණ වේ නම් එසෙයින් මම බ්‍රාහ්මණ නො වන්නෙම් දෝහෝ’ යි කියා හෝ ... යම්සේ හෙතෙම නෛවසංඥීනාසංඥී වේ නම් එසෙයින් මම නෛවසංඥීනාසංඥී නො වන්නෙම් දෝහෝ’ යි කියා හෝ මෙසෙයින් ‘අන් ප්‍රකාරයෙකින් වන්නෙමි දෝහෝ’ යනු වේ.
Pali BJTකථඤ්ච අපාහං සියන්ති හොති: කඤ්චි ධම්මං අනවකාරිං කරිත්වා රූපං වෙදනං සඤ්ඤං සඞ්ඛාරෙ විඤ්ඤාණං අපාහං සියන්ති ඡන්දං පටිලභති. අපාහං සියන්ති මානං පටිලභති. අපාහං සියන්ති දිට්ඨිං පටිලභති. තස්මිං සති ඉමානි පපඤ්චිතානි හොන්ති: අපාහං ඉත්ථං සියන්ති වා, අපාහං එවං සියන්ති වා, අපාහං අඤ්ඤථා සියන්ති වා.
Sinhala BJTකිසෙයින් මම වන්නෙම් නම් මැනැවැයි වේ ද යත්: කිසි දහමක් රූපය වේදනාව සංඥාව සංස්කාරයන් විඥානය නො වෙන් කොටගෙන මම වන්නෙම් නම් මැනැවැ’ යි තෘෂ්ණාවට පැමිණෙයි, මම වන්නෙම් නම් මැනැවැ යි මානයට පැමිණෙයි, මම වන්නෙම් නම් මැනැවැ යි දෘෂ්ටියට පැමිණෙයි. ඒ තුන් ප්‍රපඤ්චයන් ඇති කල්හි මම මේ ප්‍රකාරයෙන් වන්නෙම් නම් මැනැවැ’ යි හෝ මම මෙසේ වන්නෙම් නම් මැනැවැ යි හෝ මම අන් ප්‍රකාරයෙකින් වන්නෙම් නම් මැනැවැ’ යි හෝ මේ ප්‍රපඤ්චිතයෝ වෙත්.
Pali BJTකථඤ්ච අපාහං ඉත්ථං සියන්ති හොති: අපාහං ඛත්තියො සියන්ති වා, අපාහං බ්රාහ්මණො සියන්ති වා, අපාහං වෙස්සො සියන්ති වා, අපාහං සුද්දො සියන්ති වා, අපාහං ගහට්ඨො සියන්ති වා, අපාහං පබ්බජිතො සියන්ති වා, අපාහං දෙවො සියන්ති වා, අපාහං මනුස්සො සියන්ති වා, අපාහං රූපී සියන්ති වා, අපාහං අරූපී සියන්ති වා, අපාහං සඤ්ඤී සියන්ති වා, අපාහං අසඤ්ඤී සියන්ති වා, අපාහං නෙවසඤ්ඤී නාසඤ්ඤී සියන්ති වා. එවං අපාහං ඉත්ථි සියන්ති හොති.
Sinhala BJTකිසෙයින් ‘මම මේ ප්‍රකාරයෙන් වන්නෙම් නම් මැනැවැ’ යි වේ ද යත්: මම ක්‍ෂත්‍රිය වන්නෙම් නම් මැනැවැ යි හෝ මම බ්‍රාහ්මණ වන්නෙම් නම් මැනැවැ යි හෝ මම වෛශ්‍ය වන්නෙම් නම් මැනැවැ යි හෝ මම ශුද්‍ර වන්නෙම් නම් මැනැවැ යි හෝ මම ගෘහස්ථ වන්නෙම් නම් මැනැවැ යි හෝ මම පැවිදි වන්නෙම් නම් මැනැවැ යි හෝ මම දෙවි වන්නෙම් නම් මැනැවැ යි හෝ මම මිනිස් වන්නෙම් නම් මැනැවැ යි හෝ මම රූපී වන්නෙම් නම් මැනැවැ යි හෝ මම අරූපී වන්නෙම් නම් මැනැවැ යි හෝ මම සංඥී වන්නෙම් නම් මැනැවැ යි හෝ මම අසංඥී වන්නෙම් නම් මැනැවැ යි හෝ මම නෛවසංඥීනාසංඥී වන්නෙම් නම් මැනැවැ යි හෝ මෙසෙයින් ‘මම මේ ප්‍රකාරයෙන් වන්නෙම් නම් මැනැව’ යනු වේ.
Pali BJTකථඤ්ච අපාහං එවං සියන්ති හොති: පරපුග්ගලං උපනිධාය යථා සො ඛත්තියො අපාහං තථා ඛත්තියො සියන්ති වා, යථා සො බ්රාහ්මණො අපාහං තථා බ්රාහ්මණො සියන්ති වා -පෙ- යථා සො නෙවසඤ්ඤීනාසඤ්ඤී අපාහං තථා නෙවසඤ්ඤීනාසඤ්ඤී සියන්ති වා. එවං අපාහං එවං සියන්ති හොති.
Sinhala BJTකිසෙයින් ‘ මම මෙසේ වන්නෙම් නම් මැනැවැ’ යි වේ ද යත්: පරපුඟුලකු පිණිස යම්සේ හෙතෙම ක්‍ෂත්‍රිය වේ නම් එසෙයින් මම ක්‍ෂත්‍රිය වන්නෙම් නම් මැනැවැ යි හෝ යම්සේ හෙතෙම බ්‍රාහ්මණ වේ නම් එසෙයින් මම බ්‍රාහ්මණ වන්නෙම් නම් මැනැවැ යි හෝ ... යම්සේ හෙතෙම නෛවසංඥීනාසංඥී වේ නම් එසෙයින් මම නෛවසංඥීනාසංඥී වන්නෙම් නම් මැනැවැ යි හෝ මෙසෙයින් ‘මම මෙසේ වන්නෙම් නම් මැනැව’ යනු වේ.
Pali BJTකථඤ්ච අපාහං අඤ්ඤථා සියන්ති හොති: පරපුග්ගලං උපනිධාය යථා සො ඛත්තියො අපාහං න තථා ඛත්තියො සියන්ති වා, යථා සො බ්රාහ්මණො අපාහං න තථා බ්රාහ්මණො සියන්ති වා -පෙ- යථා සො නෙවසඤ්ඤීනාසඤ්ඤී අපාහං න තථා නෙවසඤ්ඤීනාසඤ්ඤී සියන්ති වා. එවං අපාහං අඤ්ඤථා සියන්ති හොති. ඉමානි අට්ඨාරස තණ්හා විචරිතානි අජ්ඣත්තිකස්ස උපාදාය.
Sinhala BJTකිසෙයින් ‘මම අන් ප්‍රකාරයෙකින් වන්නෙම් නම් මැනැවැ’ යි වේ ද යත්: පරපුඟුලකු පිණිස යම්සේ හෙතෙම ක්‍ෂත්‍රිය වේ නම් එසෙයින් මම ක්‍ෂත්‍රිය නො වන්නෙම් නම් මැනැවැ යි හෝ යම්සේ හෙතෙම බ්‍රාහ්මණ වේ නම් එසෙයින් මම බ්‍රාහ්මණ නො වන්නෙම් නම් මැනැවැ යි හෝ ... යම්සේ හෙතෙම නෛවසංඥීනාසංඥී වේ නම් එසෙයින් මම නෛවසංඥීනාසංඥී නො වන්නෙම් නම් මැනැවැ යි හෝ මෙසෙයින් ‘මම අන් ප්‍රකාරයෙකින් වන්නෙම් නම් මැනැව’ යනු වේ. මොහු ආධ්‍යාත්මික ස්කන්‍ධපඤ්චකය ගෙන අටළොස් තෘෂ්ණාවිචරිතයෝ යි.
Pali BJTතත්ථ කතමානි අට්ඨාරස තණ්හාවිචරිතානි බාහිරස්ස උපාදාය: ඉමිනා අස්මීති හොති ඉමිනා ඉත්ථස්මීති හොති. ඉමිනා එවස්මීති හොති. ඉමිනා අඤ්ඤථාස්මීති හොති ඉමිනා භවිස්සන්ති හොති ඉමිනා ඉත්ථං භවිස්සන්ති හොති. ඉමිනා එවං භවිස්සන්ති හොති ඉමිනා අඤ්ඤථා භවිස්සන්ති හොති. ඉමිනා අසස්මීති හොති. ඉමිනා සතස්මීති හොති. ඉමිනා සියන්ති හොති. ඉමිනා ඉත්ථං සියන්ති හොති ඉමිනා එවං සියන්ති හොති. ඉමිනා අඤ්ඤථා සියන්ති හොති. ඉමිනා අපාහං සියන්ති හොති. ඉමිනා අපාහං ඉත්ථං සියන්ති හොති, ඉමිනා අපාහං එවං සියන්ති හොති ඉමිනා අපාහං අඤ්ඤථා සියන්ති හොති.
Sinhala BJTඑහි බාහිර ස්කන්‍ධපඤ්චකය ගෙන අටළොස් තෘෂ්ණාවිචරිතයෝ කවරහ යත්: මෙයින් (මම) වෙමි වෙයි, මෙයින් මේ ප්‍රකාරයෙන් වෙමි වෙයි, මෙයින් මෙසේ වෙමි වෙයි, මෙයින් අන් ප්‍රකාරයෙකින් වෙමි වෙයි, මෙයින් (මම) වන්නෙමි වෙයි, මෙයින් මේ ප්‍රකාරයෙන් වන්නෙමි වෙයි, මෙයින් මෙසේ වන්නෙමි වෙයි, මෙයින් අන් ප්‍රකාරයෙකින් වන්නෙමි වෙයි, මෙයින් ශාශ්වතයෙමි වෙයි, මෙයින් අශාශ්වතයෙමි වෙයි, මෙයින් වන්නෙම් දෝහෝ යි වෙයි, මෙයින් මේ ප්‍රකාරයෙන් වන්නෙම් දෝහෝ යි වෙයි, මෙයින් මෙසේ වන්නෙම් දෝහෝ යි වෙයි, මෙයින් අන් ප්‍රකාරයෙකින් වන්නෙම් දෝහෝ යි වෙයි, මෙයින් මම වන්නෙම් නම් මැනැවැ යි වෙයි, මෙයින් මම මේ ප්‍රකාරයෙන් වන්නෙම් නම් මැනැවැ යි වෙයි, මෙයින් මම මෙසේ වන්නෙම් නම් මැනැවැ යි වෙයි, මෙයින් මම අන් ප්‍රකාරයෙකින් වන්නෙම් නම් මැනැවැ යි වේ.
Pali BJTකථඤ්ච ඉමිනා අස්මීති හොති: කඤ්චි ධම්මං අවකාරිං{1} කරිත්වා රූපං වෙදනං සඤ්ඤං සඞ්ඛාරෙ විඤ්ඤාණං. ඉමිනා අස්මීති ඡන්දං පටිලභති. ඉමානා අස්මීති මානං පටිලභති. ඉමිනා අස්මීති දිට්ඨිං පටිලභති. තස්මිං සති ඉමානි පපඤ්චිතානි හොන්ති: ඉමිනා ඉත්ථස්මීති වා ඉමිනා එවස්මීති වා ඉමිනා අඤ්ඤථාස්මීති වා.
Sinhala BJTකිසෙයින් ‘මෙයින් (මම) වෙමි’ යි වේ ද යත්: කිසි දහමක් රූපය වේදනාව සංඥාව සංස්කාරයන් විඥානය වෙන් කොටගෙන මෙයින් ‘(මම) වෙමි’ යි තෘෂ්ණාවට පැමිණෙයි, මෙයින් ‘වෙමි’ යි මානයට පැමිණෙයි, මෙයින් ‘වෙමි’ යි දෘෂ්ටියට පැමිණෙයි, ඒ තුන් ප්‍රපඤ්චයන් ඇති කල්හි මෙයින් මේ ප්‍රකාරයෙන් වෙමි හෝ මෙයින් මෙසේ වෙමි හෝ මෙයින් අන් ප්‍රකාරයෙකින් වෙමි හෝ මේ ප්‍රපඤ්චිතයෝ වෙත්.
Pali BJTකථඤ්ච ඉමිනා ඉත්ථස්මීති හොති: ඉමිනා ඛත්තියොස්මීති වා, ඉමිනා බ්රාහ්මණොස්මීති වා, ඉමිනා වෙස්සොස්මීති වා, ඉමිනා සුද්දොස්මීති වා, ඉමිනා ගහට්ඨොස්මීති වා, ඉමිනා පබ්බජිතොස්මීති වා, ඉමිනා දෙවොස්මීති වා. ඉමිනා මනුස්සොස්මීති වා, ඉමිනා රූපීස්මීති වා, ඉමිනා අරූපීස්මීති වා, ඉමිනා සඤ්ඤීස්මීති වා, ඉමිනා අසඤ්ඤීස්මීති වා, ඉමිනා නෙවසඤ්ඤීනාසඤ්ඤීස්මිති වා, එවං ඉමිනා ඉත්ථස්මීති හොති.
Sinhala BJTකිසෙයින් මෙයින් මේ ප්‍රකාරයෙන් වෙමි’ යි වේ ද යත්: මෙයින් ක්‍ෂත්‍රිය වෙමි හෝ මෙයින් බ්‍රාහ්මණ වෙමි හෝ මෙයින් වෛශ්‍ය වෙමි හෝ මෙයින් ශුද්‍ර වෙමි හෝ මෙයින් ගැහැවි වෙමි හෝ මෙයින් පැවිදි වෙමි හෝ මෙයින් දෙවි වෙමි හෝ මෙයින් මිනිස් වෙමි හෝ මෙයින් රූපී වෙමි හෝ මෙයින් අරූපී වෙමි හෝ මෙයින් සංඥී වෙමි හෝ මෙයින් අසංඥී වෙමි හෝ මෙයින් නෛවසංඥීනාසංඥී වෙමි හෝ මෙසේ ‘මෙයින් මේ ප්‍රකාරයෙන් වෙමි’ යි වේ.
Pali BJTකථඤ්ච ඉමිනා එවස්මීති හොති: පර පුග්ගලං උපනිධාය යථා සො ඛත්තියො ඉමිනා තථාහං ඛත්තියොස්මීති වා, යථා සො බ්රාහ්මණො ඉමිනා තථාහං බ්රාහ්මණොස්මීති වා -පෙ- යථා සො නෙවසඤ්ඤී නාසඤ්ඤී ඉමිනා තථාහං නෙවසඤ්ඤීනාසඤ්ඤීස්මීති වා, එවං ඉමිනා එවස්මීති හොති.
Sinhala BJTකිසෙයින් ‘මෙයින් මෙසේ වෙමි’ යි වේ ද යත්: පරපුඟුලකු පිණිස යම්සේ හෙතෙම ක්‍ෂත්‍රිය වේ නම් එසෙයින් මම මෙයින් ක්‍ෂත්‍රිය වෙමි හෝ යම්සේ හෙතෙම බ්‍රාහ්මණ වේ නම් එසෙයින් මම මෙයින් බ්‍රාහ්මණ වෙමි හෝ ... යම් සේ හෙතෙම නෛවසංඥීනාසංඥී වේ නම් එසෙයින් මම මෙයින් නෛවසංඥීනාසංඥී වෙමි හෝ මෙසේ ‘මෙයින් මෙසේ වෙමි’ යි වේ.
Pali BJTකථඤ්ච ඉමිනා අඤ්ඤථාස්මීති හොති: පරපුග්ගලං උපනිධාය යථා සො ඛත්තියො ඉමිනා නාහං තථා ඛත්තියොස්මීති වා, යථා සො බ්රාහ්මණො ඉමිනා නාහං තථා බ්රාහ්මණොස්මීති වා -පෙ- යථා සො නෙවසඤ්ඤීනාසඤ්ඤී ඉමිනා නාහං තථා නෙවසඤ්ඤීනාසඤ්ඤීස්මීති වා. එවං ඉමිනා අඤ්ඤථාස්මීති හොති.
Sinhala BJTකිසෙයින් මෙයින් අන් ප්‍රකාරයෙකින් වෙමි’ යි වේ ද යත්: පරපුඟුලකු පිණිස යම්සේ හෙතෙම ක්‍ෂත්‍රිය වේ නම් එසෙයින් මම මෙයින් ක්‍ෂත්‍රිය නො වෙමි හෝ යම් සේ හෙතෙම බ්‍රාහ්මණ වේ නම් එසෙයින් මම මෙයින් බ්‍රාහ්මණ නො වෙමි හෝ ... යම් සේ හෙතෙම නෛවසංඥීනාසංඥී වේ නම් එසෙයින් මම මෙයින් නෛවසංඥීනාසංඥී නො වෙමි හෝ මෙසේ ‘මෙයින් අන් ප්‍රකාරයෙකින් වෙමි’ යි වේ.
Pali BJTකථඤ්ච ඉමිනා භවිස්සන්ති හොති: කඤ්චිධම්මං අවකාරිං{1} කරිත්වා රූපං වෙදනං සඤ්ඤං සඞ්ඛාරෙ විඤ්ඤාණං ඉමිනා භවිස්සන්ති ඡන්දං පටිලභති. ඉමිනා භවිස්සන්ති මනං පටිලභති: ඉමිනා භවිස්සන්ති දිට්ඨිං පටිලභති. තස්මිං සති ඉමානි පපඤ්චිතානි හොන්ති: ඉමිනා ඉත්ථං භවිස්සන්ති වා, ඉමිනා එවං භවිස්සන්ති වා, ඉමිනා අඤ්ඤථා භවිස්සන්ති වා.
Sinhala BJTකිසෙයින් ‘මෙයින් (මම) වන්නෙමි’ යි වේ ද යත්: කිසි දහමක් රූපය වේදනාව සංඥාව සංස්කාරයන් විඥානය වෙන් කොටගෙන මෙයින් වන්නෙමි තෘෂ්ණාවට පැමිණෙයි, මෙයින් වන්නෙමි මානයට පැමිණෙයි, මෙයින් වන්නෙමි දෘෂ්ටියට පැමිණෙයි. ඒ තුන් ප්‍රපඤ්චයන් ඇති කල්හි මෙයින් මේ ප්‍රකාරයෙන් වන්නෙමි හෝ මෙයින් මෙසේ වන්නෙමි හෝ මෙයින් අන් ප්‍රකාරයෙකින් වන්නෙමි හෝ මේ ප්‍රපඤ්චිතයෝ වෙත්.
Pali BJTකථඤ්ච ඉමිනා ඉත්ථං භවිස්සන්ති හොති: ඉමිනා ඛත්තියො භවිස්සන්ති වා -පෙ- ඉමිනා අරූපී භවිස්සන්ති වා, ඉමිනා සඤ්ඤී භවිස්සන්ති වා, ඉමිනා අසඤ්ඤී භවිස්සන්ති වා, ඉමිනා නෙවසඤ්ඤී නාසඤ්ඤී භවිස්සන්ති වා, එවං ඉමිනා ඉත්ථං භවිස්සන්ති හොති.
Sinhala BJTකිසෙයින් ‘මෙයින් මේ ප්‍රකාරයෙන් වන්නෙමි’ යි වේ ද යත්: මෙයින් ක්‍ෂත්‍රිය වන්නෙමි හෝ ... මෙයින් අරූපී වන්නෙමි හෝ මෙයින් සංඥී වන්නෙමි හෝ මෙයින් අසංඥී වන්නෙමි හෝ මෙයින් නෛවසංඥීනාසංඥී වන්නෙමි හෝ මෙසේ ‘මෙයින් මේ ප්‍රකාර වන්නෙමි’ යි වේ.
Pali BJTකථඤ්ච ඉමිනා එවං භවිස්සන්ති හොති: පරපුග්ගලං උපනිධාය යථා සො ඛත්තියො ඉමිනා තථාහං ඛත්තියො භවිස්සන්ති වා, යථා සො බ්රාහ්මණො ඉමිනා තථාහං බ්රාහ්මණො භවිස්සන්ති වා -පෙ- යථා සො නෙවසඤ්ඤීනාසඤ්ඤී ඉමිනා තථාහං නෙවසඤ්ඤීනාසඤ්ඤී භවිස්සන්ති වා, එවං ඉමිනා එවං භවිස්සන්ති හොති.
Sinhala BJTකිසෙයින් ‘මෙයින් මෙසේ වන්නෙමි’ යි වේ ද යත්: පරපුඟුලකු පිණිස යම්සේ හෙතෙම ක්‍ෂත්‍රිය වේ නම් එසෙයින් මම මෙයින් ක්‍ෂත්‍රිය වන්නෙමි හෝ යම්සේ හෙතෙම බ්‍රාහ්මණ වේ නම් එසෙයින් මම මෙයින් බ්‍රාහ්මණ වන්නෙමි හෝ ... යම්සේ හෙතෙම නෛවසංඥීනාසංඥී වේ නම් එසෙයින් මම මෙයින් නෛවසංඥීනාසංඥී වන්නෙමි හෝ මෙසෙයින් ‘මෙයින් මෙසේ වන්නෙමි’ යි වේ.
Pali BJTකථඤ්ච ඉමිනා අඤ්ඤථා භවිස්සන්ති හොති: පරපුග්ගලං උපනිධාය යථා සො ඛත්තියො ඉමිනා නාහං තථා ඛත්තියො භවිස්සන්ති වා, යථා සො බ්රාහ්මණො ඉමිනා නාහං තථා බ්රාහ්මණො භවිස්සන්ති වා -පෙ- යථා සො නෙවසඤ්ඤීනාසඤ්ඤී ඉමිනා නාහං තථං නෙවසඤ්ඤීනාසඤ්ඤී භවිස්සන්ති වා, එවං ඉමිනා අඤ්ඤථා භවිස්සන්ති හොති.
Sinhala BJTකිසෙයින් ‘මෙයින් අන් ප්‍රකාරයෙකින් වන්නෙමි’ යි වේ ද යත්: පරපුඟුලකු පිණිස යම්සේ හෙතෙම ක්‍ෂත්‍රිය වේ නම් එසෙයින් මම මෙයින් ක්‍ෂත්‍රිය නො වන්නෙමි හෝ යම්සේ හෙතෙම බ්‍රාහ්මණ වේ නම් එසෙයින් මම මෙයින් බ්‍රාහ්මණ නො වන්නෙමි හෝ ... යම් සේ හෙතෙම නෛවසංඥීනාසංඥී වේ නම් එසෙයින් මම මෙයින් නෛවසංඥීනාසංඥී නො වන්නෙමි හෝ මෙසෙයින් ‘මෙයින් අන් ප්‍රකාර වන්නෙමි’ යි වේ.
Pali BJTකථඤ්ච ඉමිනා අසස්මීති හොති: කඤ්චි ධම්මං අවකාරිං{1} කරිත්වා රූපං වෙදනං සඤ්ඤං සඞ්ඛාරෙ විඤ්ඤාණං ඉමිනා නිච්චොස්මි ධුවොස්මි සස්සතොස්මි අවිපරිණාමධම්මොස්මීති, එවං ඉමිනා අසස්මීති හොති.
Sinhala BJTකිසෙයින් ‘මෙයින් ශාශ්වතයෙමි’ යි වේ ද යත්: කිසි දහමක් රූපය වේදනාව සංඥාව සංස්කාරයන් විඥානය වෙන් කොටගෙන මෙයින් නිත්‍යයෙමි, ධ්‍රැවයෙමි, ශාශ්වතයෙමි, අවිපරිණාමස්වභාව ඇත්තෙමි’ යි ‘මෙසෙයින් ශාශ්වතයෙමි’ යි වේ.
Pali BJTකථඤ්ච ඉමිනා සතස්මීති හොති: කඤ්චි ධම්මං අවකාරිං කරිත්වා රූපං වෙදනං සඤ්ඤං සඞ්ඛාරෙ විඤ්ඤාණං ඉමිනා උච්ඡිජ්ජිස්සාමි විනස්සිස්සාමි න භවිස්සාමීති, එවං ඉමිනා සතස්මීති හොති.
Sinhala BJTකිසෙයින් ‘මෙයින් මම අශාශ්වතයෙමි’ යි වේ ද යත්: කිසි දහමක් රූපය වේදනාව සංඥාව සංස්කාරයන් විඥානය වෙන් කොටගෙන මෙයින් සිඳෙන්නෙමි, වැනැසෙන්නෙමි, නො වන්නෙමි’ යි මෙසෙයින් ‘මෙයින් අශාශ්වතයෙමි’ යි වේ.
Pali BJTකථඤ්ච ඉමිනා සියන්ති හොති: කිඤ්චි ධම්මං අවකාරිං කරිත්වා රූපං වෙදනං සඤ්ඤං සඞ්ඛාරෙ විඤ්ඤාණං, ඉමිනා සියන්ති ඡන්දං පටිලභති, ඉමිනා සියන්ති මානං පටිලභති, ඉමිනා සියන්ති දිට්ඨිං පටිලභති. තස්මිං සති ඉමානි පපඤ්චිතානි හොන්ති: ඉමිනා ඉත්ථං සියන්ති වා, ඉමිනා එවං සියන්ති වා, ඉමිනා අඤ්ඤථා සියන්ති වා.
Sinhala BJTකිසෙයින් ‘මෙයින් වන්නෙම් දෝහෝ’ යි වේ ද යත්: කිසි දහමක් රූපය වේදනාව සංඥාව සංස්කාරයන් විඥානය වෙන් කොටගෙන මෙයින් වන්නෙම් දෝහෝ’ යි තෘෂ්ණාවට පැමිණෙයි. මෙයින් වන්නෙම් දෝහෝ’ යි මානයට පැමිණෙයි. මෙයින් වන්නෙම් දෝහෝ’ යි දෘෂ්ටියට පැමිණෙයි. ඒ තුන් ප්‍රපඤ්චයන් ඇති කල්හි මෙයින් මේ ප්‍රකාර වන්නෙම් දෝහෝ කියා හෝ මෙයින් මෙසේ වන්නෙම් දෝහෝ කියා හෝ මෙයින් අන් ප්‍රකාර වන්නෙම් දෝහෝ කියා හෝ මේ ප්‍රපඤ්චිතයෝ වෙත්.
Pali BJTකථඤ්ච ඉමිනා ඉත්ථං සියන්ති හොති: ඉමිනා ඛත්තියො සියන්ති වා, ඉමිනා බ්රාහ්මණො සියන්ති වා, ඉමිනා වෙස්සො සියන්ති වා, ඉමිනා සුද්දො සියන්ති වා, ඉමිනා ගහට්ඨො සියන්ති වා, ඉමිනා පබ්බජිතො සියන්ති වා, ඉමිනා දෙවො සියන්ති වා, ඉමිනා මනුස්සො සියන්ති වා, ඉමිනා රූපී සියන්ති වා, ඉමිනා අරූපී සියන්ති වා, ඉමිනා සඤ්ඤී සියන්ති වා, ඉමිනා අසඤ්ඤී සියන්ති වා, ඉමිනා නෙවසඤ්ඤී නාසඤ්ඤී සියන්ති වා, එවං ඉමිනා ඉත්ථං සියන්ති හොති.
Sinhala BJTකිසෙයින් ‘මෙයින් මේ ප්‍රකාර වන්නෙමි දෝහෝ’ යි වේ ද යත්: මෙයින් ක්‍ෂත්‍රිය වන්නෙම් දෝහෝ කියා හෝ, මෙයින් බ්‍රාහ්මණ වන්නෙම් දෝහෝ කියා හෝ මෙයින් වෛශ්‍ය වන්නෙම් දෝහෝ කියා හෝ මෙයින් ශුද්‍ර වන්නෙම් දෝහෝ කියා හෝ මෙයින් ගැහැවි වන්නෙම් දෝහෝ කියා හෝ මෙයින් පැවිදි වන්නෙම් දෝහෝ කියා හෝ මෙයින් දෙවි වන්නෙම් දෝහෝ කියා හෝ මෙයින් මිනිස් වන්නෙම් දෝහෝ කියා හෝ මෙයින් රූපී වන්නෙම් දෝහෝ කියා හෝ මෙයින් අරූපී වන්නෙම් දෝහෝ කියා හෝ මෙයින් සංඥී වන්නෙම් දෝහෝ කියා හෝ මෙයින් අසංඥී වන්නෙම් දෝහෝ කියා හෝ මෙයින් නෛවසංඥානාසංඥී වන්නෙම් දෝහෝ කියා හෝ මෙසෙයින් ‘මෙයින් මේ ප්‍රකාර වන්නෙම් දෝහෝ’ යි වේ.
Pali BJTකථඤ්ච ඉමිනා එවං සියන්ති හොති: පරපුග්ගලං උපනිධාය යථා සො ඛත්තියො ඉමිනා තථාහං ඛත්තියො සියන්ති වා, යථා සො බ්රාහ්මණො ඉමිනා තථාහං බ්රාහ්මණො සියන්ති වා -පෙ- යථා සො නෙවසඤ්ඤීනාසඤ්ඤී ඉමිනා තථාහං නෙවසඤ්ඤීනාසඤ්ඤී සියන්ති වා, එවං ඉමිනා එවං සියන්ති හොති.
Sinhala BJTකිසෙයින් ‘මෙයින් මෙසේ වන්නෙම් දෝහෝ’ යි වේ ද යත්: පරපුඟුලකු පිණිස යම්සේ හෙතෙම ක්‍ෂත්‍රිය වේ නම් එසෙයින් මම මෙයින් ක්‍ෂත්‍රිය වන්නෙම් දෝහෝ යි හෝ යම්සේ හෙතෙම බ්‍රාහ්මණ වේ නම් එසෙයින් මම මෙයින් බ්‍රාහ්මණ වන්නෙම් දෝහෝ’ යි හෝ ... යම්සේ හෙතෙම නෛවසංඥීනාසංඥී වේ නම් එසෙයින් මම මෙයින් නෛවසංඥීනාසංඥී වන්නෙම් දෝහෝ යි හෝ මෙසෙයින් ‘මෙයින් මෙසේ වන්නෙම් දෝහෝ’ යි වේ.