Pali BJT923. තත්ථ කතමා තිස්සො එසනා: කාමෙසනා භවෙසනා බ්රහ්මචරියෙසනා. තත්ථ කතමා කාමෙසනා: යො කාමෙසු කාමච්ඡන්දො -පෙ- කාමජ්ඣොසානං, අයං වුච්චති කාමෙසනා.
Sinhala BJT923. එහි තුන් ඒසනාවෝ කවරහ යත්: කාමේසනා (කාමගවේෂණරාගය) ය, භවේසනා ය, බ්‍රහ්මචරියේසනා යි. එහි කාමේසනා කවර යත්: පඤ්චකාමගුණයෙහි යම් කාමච්ඡන්‍දයෙක් ... කාමයන් ගිලගැනීමෙක් වේ ද, මේ ‘කාමේසනා’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා භවෙසනා: යො භවෙසු භවච්ඡන්දො -පෙ- භවජ්ඣොසානං, අයං වුච්චති භවෙසනා.
Sinhala BJTඑහි භවේසනා කවර යත්: රූපාරූපභවයන්හි යම් භවච්ඡන්‍දයෙක් ... භවය ගිලගැනීමෙක් වේ ද, මේ ‘භවේසනා’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා බ්රහ්මචරියෙසනා: සස්සතො ලොකොති වා අසස්සතො ලොකොති වා -පෙ- නෙව හොති. න න හොති තථාගතො පරම්මරණාති වා යා එවරූපා දිට්ඨි දිට්ඨිගතං -පෙ- විපරියෙසගාහො, අයං වුච්චති බ්රහ්මචරියෙසනා.
Sinhala BJTඑහි බ්‍රහ්මචරියේසනා කවර යත්: ලෝකය ශාස්වතැ යි හෝ ලෝකය අශාස්වතැයි හෝ ... සත්ත්‍ව තෙම මරණින් මතු නොම වෙයි නොද නොවේ ය යි හෝ යම් මෙඳු දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් වේ ද, මේ ‘බ්‍රහ්මචරියේසනා’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා කාමෙසනා: කාමභවො, තදෙකට්ඨං අකුසලං කාය කම්මං වචීකම්මං මනොකම්මං, අයං වුච්චති කාමෙසනා.
Sinhala BJTඑහි කාමේසනා කවර යත්: කාමභවය තදේකස්ථ (එය හා එක්ව සිටි) අකුශල කායකර්‍ම ය, වාක්කර්‍ම ය, මනඃකර්‍ම යි. මේ ‘කාමේසනා’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා භවෙසනා: භවරාගො තදෙකට්ඨං අකුසලං කායකම්මං වචීකම්මං මනොකම්මං, අයං වුච්චති භවෙසනා.
Sinhala BJTඑහි භවේසනා කවර යත්: භවරාග ය, තදේකස්ථ වූ අකුශල කායකර්‍ම ය, වාක්කර්‍ම ය, මනඃකර්‍ම යි. මේ ‘භවේසනා’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා බ්රහ්මචරියෙසනා: අන්තග්ගාහිකාදිට්ඨි තදෙකට්ඨං අකුසලං කායකම්මං වචීකම්මං මනොකම්මං, අයං වුච්චති බ්රහ්මචරියෙසනා. ඉමා තිස්සෙ එසනා.
Sinhala BJTඑහි බ්‍රහ්මචරියේසනා කවර යත්: අන්තග්‍රාහකදෘෂ්ටිය තදේකස්ථ වූ අකුශල කායකර්‍ම ය, වාක්කර්‍ම ය, මනඃකර්‍ම යි. මේ ‘බ්‍රහ්මචරියේසනා’ යි කියනු ලැබේ. මොහු ‘තුන් ඒසනා’ යි.
Pali BJT924. තස්ස කතමා තිස්සො විධා: ‘සොය්යොහමස්මී’ති විධා. ‘සදිසො හමස්මී’ති විධා ‘හීනොහමස්මී’ති විධා. ඉමා තිස්සො විධා.
Sinhala BJT924. එහි තුන් විධා (මානය) කවරහ යත්: මම් ශ්‍රේෂ්ඨයෙමි විධායෙක. මම් සදෘශයෙමි විධායෙක. මම් හීනයෙමි විධායෙකි. මොහු තුන් විධා යි.
Pali BJT925. තත්ථ කතමානි තීණි භයානි: ජාතිභයං ජරාභයං මරණභයං. තත්ථ කතමං ජාතිභයං: ජාතිං පටිච්ච භයං භයානකං ඡම්භිතත්තං ලොමහංසො චෙතසො උත්රාසො, ඉදං වුච්චති ජාතිභයං.
Sinhala BJT925. එහි තුන් භය කවරහ යත්: ජාතිභය ය, ජරාභය ය, මරණභය යි. එහි ජාතිභය කවරෙ යත්: ජාතිය පිණිස භයෙක් භයානකයෙක් තැතිගැන්මෙක් ලොමුදහගැන්මෙක් චිත්තයාගේ උත්‍රාසයෙක් වේ ද, මේ ‘ජාතිභය’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං ජරාභයං: ජරං පටිච්ච භයං භයානකං ඡම්භිතත්තං ලොමහංසො චෙතසො උත්රාසො, ඉදං වුච්චති ජරාභයං.
Sinhala BJTඑහි ජරාභය කවරෙ යත්: ජරාව පිණිස බියෙක් බිය අයුරෙක් තැතිගැන්මෙක් ලොමුදහගැන්මෙක් චිත්තයාගේ උත්‍රාසයෙක් වේ ද, මේ ‘ජරාභය’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං මරණභයං: මරණං පටිච්ච භයං භයානකං ඡම්භිතත්තං ලොමහංසො චෙතසො උත්රාසො, ඉදං වුච්චති මරණභයං. ඉමානි තීණි භයානි.
Sinhala BJTඑහි මරණභය කවරෙ යත්: මරණය පිණිස බියෙක් බිය අයුරෙක් තැතිගැන්මෙක් ලොමුදහගැන්මෙක් චිත්තයාගේ උත්‍රාසයෙක් වේ ද, මේ ‘මරණභය’ යි කියනු ලැබේ.
Pali BJT926. තත්ථ කතමානි තීණි තමානි: අතීතං වා අද්ධානං ආරබ්භ කඞ්ඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති, අනාගතං වා අද්ධානං ආරබ්භ කඞ්ඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති, එතරහි වා පච්චුප්පන්නං අද්ධානං ආරබ්භ කඞ්ඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති. ඉමානි තීණි තමානි.
Sinhala BJT926. එහි තුන් තමස්හු (අඳුරු) කවරහ යත්: අතීතකාලය හෝ ඇරබ සැක කෙරෙ යි, විචිකිත්සා කෙරෙ යි, එහි අධිමුක්ත නො වෙ යි, නො පහදී. අනාගතකාලය හෝ ඇරබ සැක කෙරෙ යි, විචිකිත්සා කෙරෙ යි, එහි අධිමුක්ත නො වෙයි, නො පහදී. මේ ප්‍රත්‍යුත්පන්නකාලය හෝ ඇරබ සැක කෙරෙ යි, විචිකිත්සා කෙරෙයි, එහි අධිමුක්ත නො වෙයි, නො පහදී. මේ තුන් තමස්හු වෙත්.
Pali BJT927. තත්ථ කතමානි තීණි තිත්ථායතනානි: ඉධෙකච්චො සමණො වා බ්රාහ්මණො වා එවංවාදී හොති එවංදිට්ඨි ‘යං කිඤ්චායං පුරිසං පුග්ගලො පටිසංවෙදෙති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා සබ්බන්තං පුබ්බෙකතහෙතූ’ති.
Sinhala BJT927. එහි තුන් තීර්‍ත්‍ථායතනයෝ කවරහ යත්: මෙලොව ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ මෙසේ කියනසුලු වෙයි. මෙබඳු දෘෂ්ටි ඇත්තේ යි: (කෙබඳු ද යත්) ‘මේ සත්ත්‍ව තෙම යම් කිසි සුඛවේදනාවක් හෝ දුඃඛවේදනාවක් හෝ උපේක්‍ෂාවේදනාවක් හෝ විඳී නම් ඒ සියල්ල පූර්‍වකෘතහේතුයෙන් විඳී’ යයි.
Pali BJTඉධ පනෙකච්චො සමණො වා බ්රාහ්මණො වා එවංවාදී හොති එවංදිට්ඨි. ‘යං කිඤ්චායං පුරිසපුග්ගලො පටිසංවෙදෙති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා සබ්බන්තං ඉස්සරනිමංමාණහෙතූ’ති.
Sinhala BJTතව ද මෙ ලොව ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ මෙසේ කියනසුලු වෙයි. මෙ බඳු දෘෂ්ටි ඇත්තේ යි: ‘මේ සත්ත්‍ව තෙම යම් කිසි සුඛවේදනාවක් හෝ දුඃඛවේදනාවක් හෝ උපේක්‍ෂාවේදනාවක් හෝ විඳී නම් ඒ සියල්ල ඊෂ්වරනිර්‍මාණහේතුයෙන් විඳී’ යයි.
Pali BJTඉධ පනෙකච්චො සමණො වා බ්රාහ්මණො වා එවංවාදී හොති එවංදිට්ඨි ‘යං කිඤ්චායං පුරිසපුග්ගලො පටිසංවෙදෙති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා සබ්බන්තං අහෙතුඅප්පච්චයා’ති. ඉමානි තීණි තිත්ථායතනානි.
Sinhala BJTතව ද, මෙ ලොව ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ මෙසේ කියනසුලු වෙයි. මෙ බඳු දෘෂ්ටි ඇත්තේ යි: ‘මේ සත්ත්‍ව තෙම යම් කිසි සුඛවේදනාවක් හෝ දුඃඛවේදනාවක් හෝ උපේක්‍ෂාවේදනාවක් හෝ විඳී නම් ඒ සියල්ල හේතු රහිත ව ප්‍රත්‍යය රහිත ව විඳී’ යයි. මොහු ‘තුන් තීර්‍ත්‍ථායතනයෝ’ යි.
Pali BJT928. තත්ථ කතමෙ තයො කිඤ්චනා: රාගො කිඤ්චනං දොසො කිඤ්චනං මොහො කිඤ්චනං. ඉමෙ තයො කිඤ්චනා.
Sinhala BJT928. එහි තුන් පලිබෝධ කවරහ යත්: රාගය පලිබෝධයෙක, ද්වේෂය පලිබෝධයෙක, මෝහය පලිබෝධයෙකි. මොහු තුන් පලිබෝධයෝ යි.
Pali BJT929. තත්ථ කතමානි තීණි අඞ්ගණානි: රාගො අඞ්ගණං දොසො අඞ්ගණං මොහො අඞ්ගණං. ඉමානි තීණි අඞ්ගණානි.
Sinhala BJT929. එහි තුන් අඞ්ගණයෝ (තියුණු කෙලෙස්) කවරහ යත්: රාගය අඞ්ගණයෙක, ද්වේෂය අඞ්ගණයෙක, මෝහය අඞ්ගණයෙකි. මොහු තුන් අඞ්ගණයෝ යි.
Pali BJT930. තත්ථ කතමානි තීණි මලානි: රාගො මලං දොසො මලං මොහො මලං. ඉමානි තීණි මලානි.
Sinhala BJT930. එහි තුන් මල කවරහ යත්: රාගය මලයෙක, ද්වේෂය මලයෙක, මෝහය මලයෙකි. මොහු ‘තුන් මල’ වෙත්.
Pali BJT931. තත්ථ කතමානි තීණි විසමානි: රාගො විසමං දොසො විසමං මොහො විසමං, ඉමානි තීණි විසමානි.
Sinhala BJT931. එහි තුන් විෂමයෝ කවරහ යත්: රාගය විෂමයෙක, ද්වේෂය විෂමයෙක, මෝහය විෂමයෙකි. මොහු ‘තුන් විෂමයෝ’ යි.
Pali BJT932. තත්ථ කතමානි අපරානිපි තීණි විසමානි: කායවිසමං වචීවිසමං මනොවිසමං. ඉමානි තීණි විසමානි.
Sinhala BJT932. එහි අනෙකුදු තුන් විෂමයෝ කවරහ යත්: කායවිෂම ය, වාග්විෂම ය, මනෝවිෂම ය. මොහු ‘තුන් විෂමයෝ’ යි.
Pali BJT933. තත්ථ කතමෙ තයො අග්ගී: රාගග්ගි දොසග්ගි මොහග්ගි, ඉමෙ තයො අග්ගී.
Sinhala BJT933. එහි තුන් ගිනි කවරහ යත්: රාග ගිනි ය, ද්වේෂ ගිනි ය, මෝහ ගිනි යි. මොහු තුන්ගිනි වෙත්.
Pali BJT934. තත්ථ කතමෙ තයො කසාවා: රාගකසාවො දොසකසාවො මොහකසාවො ඉමෙ තයො කසාවා.
Sinhala BJT934. එහි තුන් කසට කවරහ යත්: රාගකසට ය, ද්වේෂකසට ය, මෝහකසට යි. මේ තුන් කසට වෙත්.
Pali BJT935. තත්ථ කතමෙ අපරෙපි තයො කසාවා: කායකසාවො වචීකසාවො මනො කසාවො. ඉමෙ තයො කසාවා.
Sinhala BJT935. එහි අනෙකුදු තුන් කසට කවරහ යත්: කායකසට ය, වාක්කසට ය, මනඃකසට යි. මේ තුන් කසට වෙත්.
Pali BJT936. තත්ථ කතමා අස්සාදදිට්ඨි: ඉධෙකච්චො සමණො වා බ්රාහ්මණො වා එවංවාදී හොති එවංදිට්ඨි ‘නත්ථි කාමෙසු දොසො’ති. සො කාමෙසු පාතව්යතං ආපජ්ජති. අයං වුච්චති අස්සාදදිට්ඨි.
Sinhala BJT936. එහි ආස්වාදදෘෂ්ටි කවර යත්: මෙලොව ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ ‘වස්තුකාමසේවනයෙහි දොස් නැතැ’ යි මෙසෙයින් කියනසුලු වෙයි. මෙ බඳු දෘෂ්ටි ඇත්තේ යි. හෙතෙම වස්තුකාමයන්හි (කෙලේශකාමය) පරිභෝග කළයුතු බවට පැමිණෙ යි. මේ ‘ආස්වාදදෘෂ්ටි’ යයි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා අත්තානුදිට්ඨි, ඉධ අස්සුතවා පුථුජ්ජනො අරියානං අදස්සාවී අරියධම්මස්ස අකොවිදො අරියධම්මෙ අවිනීතො, සප්පුරිසානං අදස්සාවී සප්පුරිසධම්මස්ස අකොවිදො සප්පුරිසධම්මෙ අවිනීතො රූපං අත්තතො සමනුපස්සති රූපවන්තං වා අත්තානං අත්තනි වා රූපං රූපස්මිං වා අත්තානං. වෙදනා -පෙ- සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ -පෙ- විඤ්ඤාණං අත්තතො සමනුපස්සති විඤ්ඤාණවන්තං වා අත්තානං අත්තනි වා විඤ්ඤාණං විඤ්ඤාණස්මිං වා අත්තානං, යා එවරූපා දිට්ඨි දිට්ඨිගතං -පෙ- විපරියෙසගාහො, අයං වුච්චති අත්තානුදිට්ඨි.
Sinhala BJTඑහි ආත්මානුගතදෘෂ්ටි කවර යත්: මේ ලෝකයෙහි ආර්‍ය්‍යයන් නො දක්නාසුලු ආර්‍ය්‍යධර්‍මයෙහි අදක්‍ෂ වූ ආර්‍ය්‍යධර්‍මයෙහි අවිනීත වූ, සත්පුරුෂයන් නො දක්නාසුලු සත්පුරුෂධර්‍මයෙහි අදක්‍ෂ වූ සත්පුරුෂධර්‍මයෙහි අවිනීත වූ අශ්‍රැතවත් පෘථග්ජන තෙම රූපය ආත්මවශයෙන් විපරීතදෘෂ්ටියෙන් දකී. ආත්මය රූප ඇත්තකැ යි හෝ රූපය ආත්මයෙහි ඇතැ යි හෝ ආත්මය රූපයෙහි ඇතැ යි හෝ දකී. වේදනාව ... සංඥාව ... සංස්කාරයන් ... විඥානය ආත්ම වශයෙන් විපරීතදෘෂ්ටියෙන් දකී. ආත්මය විඥානය ඇත්තකැයි හෝ විඥානය ආත්මයෙහි ඇතැ යි හෝ ආත්මය විඥානයෙහි ඇතැ යි හෝ විපරීතදෘෂ්ටියෙන් දකී. යම් මෙබඳු දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් වේ ද, මේ ‘ආත්මානුගතදෘෂ්ටි’ යයි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා මිච්ඡාදිට්ඨි: නත්ථි දින්නං නත්ථි යිට්ඨං -පෙ- යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තීති. යා එවරූපා දිට්ඨි දිට්ඨිගතං -පෙ- විරියෙසගාහො,{1} අයං වුච්චති මිච්ඡාදිට්ඨි. සස්සතදිට්ඨි අස්සාදදිට්ඨි, සක්කායදිට්ඨි අත්තානුදිට්ඨි, උච්ඡෙද දිට්ඨි මිච්ඡාදිට්ඨි.
Sinhala BJTඑහි මිථ්‍යාදෘෂ්ටි කවර යත්: දුන් දැයෙහි විපාක නැත, පූජායෙහි විපාක නැත ... යම් කෙනෙක් මෙ ලොව ද පරලොව ද තුමූ වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරෙත් නම් ඔහු නැතැ’ යි යම් මෙබඳු දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් වේ ද, මේ ‘මිථ්‍යාදෘෂ්ටි’ යයි කියනු ලැබේ. ශාශ්වතදෘෂ්ටි ආස්වාදදෘෂ්ටි වෙයි, සත්කායදෘෂ්ටිය ආත්මානුදෘෂ්ටි වෙයි, උච්ඡේදදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි වේ.
Pali BJT937. තත්ථ කතමා අරති: පන්තෙසු වා සෙනාසනෙසු අඤ්ඤතරඤ්ඤතරෙසු වා අධිකුලෙසු ධම්මෙසු අරති අරතිතා{2} අනභිරති අනභිරමණා උක්කණ්ඨිතා පරිතස්සිතා{3}, අයං වුච්චති අරති.
Sinhala BJT937. එහි අරති කවර යත්: ප්‍රාන්තසේනාසනයන්හි හෝ අන්‍යතරාන්‍යතරඅධිකුශලධර්‍මයන්හි හෝ යම් නො ඇල්මෙක් නො ඇලෙන අයුරෙක් අනභිරතියෙක් අනභිරමණයෙක් උකටලී බවෙක් උද්වේගයෙක් වේ ද, මේ ‘අරති’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා විහෙසා: ඉධෙකච්චො පාණිනා වා ලෙඩ්ඩුනා වා දණ්ඩෙන වා සත්ථෙන වා රජ්ජුයා වා අඤ්ඤතරඤ්ඤතරෙන සත්තෙ විහෙඨෙති, යා එවරූපා හෙඨනා විහෙඨනා හිංසනා විහිංසනා රොසනා විරොසනා පරූපඝාතො, අයං වුච්චති විහෙසා.
Sinhala BJTඑහි විහෙසා කවර යත්: මෙ ලොව ඇතැමෙක් අතින් හෝ කැටින් හෝ මුගුරින් හෝ සැතින් හෝ රැහැනින් හෝ එක්තර එක්තරයෙකින් සත්ත්‍වයන් පෙළ යි. යම් මෙබඳු පෙළීමෙක් වෙසෙසින් පෙළීමෙක් හිංසනයෙක් විහිංසනයෙක් රොෂ කිරීමෙක් වෙසෙසින් රොෂ කිරීමෙක් මෙරමා නැසීමෙක් වේ ද, මේ ‘විහෙසා’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා අධම්මචරියා: කායෙ අධම්මචරියා විසමචරියා වාචාය අධම්මචරියා විසමචරියා මනසා අධම්මචරියා විසමචරියා, අයං වුච්චති අධම්මචරියා.
Sinhala BJTඑහි අධර්‍මචර්‍ය්‍යා කවර යත්: කායික අධර්‍මචර්‍ය්‍යා ය, විෂමචර්‍ය්‍යා ය, වාචසික අධර්‍මචර්‍ය්‍යා ය, විෂමචර්‍ය්‍යා ය, මානසික අධර්‍මචර්‍ය්‍යා ය, විෂමචර්‍ය්‍යා යි. මේ ‘අධර්‍මචර්‍ය්‍යා’ යි කියනු ලැබේ.
Pali BJT938. තත්ථ කතමා දොවචස්සතා: සහධම්මිකෙ වුච්චමානෙ දොවචස්සායං දොවචස්සියං දොවචස්සතා විප්පටිකූලගාහිතා විපච්චනිකසාතතා අනාදරියං අනාදරතා අගාරවතා අප්පතිස්සවතා, අයං වුච්චති දොවචස්සතා.
Sinhala BJT938. එහි දුර්වචස්කතා කවර යත්: ප්‍රඥප්තශික්‍ෂාපදයක් කියනු ලබන කල්හි යම් දුර්වච කමෙක් දුර්වචකර්ම ඇති බවෙක් දුර්වචස්කතායෙක් විරුද්ධග්‍රාහයෙක් විරෝධග්‍රාහයෙහි මිහිරි බවෙක් අනාදර බවෙක් අනාදර අයුරෙක් අගෞරව බවෙක් නිඃශ්‍රය රහිත බවෙක් වේ ද, මේ ‘දුර්වචස්කතා’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා පාපමිත්තතා: යෙ තෙ පුග්ගලා අස්සද්ධා දුස්සීලා අප්පස්සුතා මච්ඡරිනො දුප්පඤ්ඤා. යා තෙසං සෙවනා නිවෙසනා සංසෙවනා භජනා සංභජනා භත්ති සම්භත්ති තං සම්පවඞ්කතා, අයං වුච්චති පාපමිත්තතා.
Sinhala BJTඑහි පාපමිත්‍රතා කවර යත්: යම් ඒ පුද්ගල කෙනෙක් සැදැහැ නැත්තාහු දුසිල් වූවාහු අල්පශ්‍රැත වූවාහු මසුරු වූවාහු නුවණ නැත්තාහු වෙත් ද, ඔවුන් පිළිබඳ යම් සේවනයෙක් බලවත් සේවනයෙක් හාත්පසින් සේවනයෙක් භජනයෙක් හාත්පසින් භජනයෙක් භක්තියෙක් හාත්පසින් භක්තියෙක් ඔවුන් කෙරෙහි නැමුණු බවෙක් වේ ද, මේ ‘පාපමිත්‍රතා’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා නානත්තසඤ්ඤා: කාමසඤ්ඤා ව්යාපාදසඤ්ඤා විහිංසා සඤ්ඤා, අයං වුච්චති නානත්තසඤ්ඤා. සබ්බාපි අකුසලසඤ්ඤා නානත්තසඤ්ඤා.
Sinhala BJTඑහි නානාත්‍වසංඥා කවර යත්: කාමසංඥා ය, ව්‍යාපාදසංඥා ය, විහිංසාසංඥා යි. මේ ‘නානාත්‍වසංඥා’ යි කියනු ලැබේ. හැම අකුශලසංඥා නානාත්‍වසංඥා යි.
Pali BJT939. තත කතමං උද්ධච්චං: යං චිත්තස්ස උද්ධච්චං අවුපසමො චෙතසො වික්ඛෙපො භන්තත්තං චිත්තස්ස, ඉදං වුච්චති උද්ධච්චං.
Sinhala BJT939. එහි ඖද්ධත්‍ය කවරෙ යත්: චිත්තයාගේ යම් උඩඟු බවෙක් නො සන්හිඳීමෙක් චිත්තයාගේ විසුරුණු බවෙක් චිත්තයාගේ භ්‍රාන්ත බවෙක් වේ ද, මේ ‘ඖද්ධත්‍ය’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං කොසජ්ජං: කායදුච්චරිතෙ වා වචීදුච්චරිතෙ වා මනොදුච්චරිතෙ වා පඤ්චසු වා කාමගුණෙසු චිත්තස්ස වොස්සග්ගො වොස්සග්ගානුප්පදානං කුසලානං ධම්මානං භාවනාය අසක්කච්චකිරියතා අසාතච්චකිරියතා අනට්ඨිතකිරියතා ඔලීනවුත්තිතා නික්ඛිත්තඡන්දතා නික්ඛිත්තධුරතා අනාසෙවනා අභාවනා අබහුලීකම්මං අනධිට්ඨානං අනනුයොගො පමාදො, ඉදං වුච්චති කොසජ්ජං.
Sinhala BJTඑහි කෞසීද්‍යය - කුසීත බව කවරෙ යත්: කායදුශ්චරිතයෙහි හෝ වාග්දුශ්චරිතයෙහි හෝ මනෝදුශ්චරිතයෙහි හෝ පස්කම්ගුණයෙහි හෝ චිත්තයාගේ විසර්‍ජන ය, පුනපුනා විසර්‍ජන ය, කුශලධර්‍මයන්ගේ වැඩීම පිණිස සකස් කොට නො කරන බව ය, නිරතුරු නො කරන බව ය, නො පිහිටි ක්‍රියා ඇති බව ය, හැකුළුණු පැවැතුම් ඇති බව ය, බහාතැබූ කුශලච්ඡන්‍ද ඇති බව ය, බහා තැබූ වීර්‍ය්‍යධුර ඇති බව ය, ආසේවන රහිත බව ය, නො වැඩීම ය, බහුල නො කිරීම ය, නො පිහිටීම ය, අනුයෝග නො කිරීම ය, ප්‍රමාද යයි. මේ ‘කෞසීද්‍ය’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං පමාදො: කායදුච්චරිතෙ වා වචීදුච්චරිතෙ වා මනොදුච්චරිතෙ වා පඤ්චසු වා කාමගුණෙසු චිත්තස්ස වොස්සග්ගො වොස්සග්ගානුප්පදානං කුසලානං ධම්මානං භාවනාය අසක්කච්චකිරියතා අසාතච්චකිරියතා අනට්ඨිතකිරියතා ඔලීනවුත්තිතා නික්ඛිත්තඡන්දතා නික්ඛිත්තධුරතා අනාසෙවනා අභාවනා අබහුලීකම්මං අනධිට්ඨානං අනනුයොගො පමාදො, යො එවරූපො පමාදො පමජ්ජනා පමජ්ජිතත්තං, අයං වුච්චති පමාදො.
Sinhala BJTඑහි ප්‍රමාද කවරෙ යත්: කායදුශ්චරිතයෙහි වාග්දුශ්චරිතයෙහි හෝ මනෝදුශ්චරිතයෙහි හෝ පස්කම්ගුණයෙහි හෝ චිත්තයාගේ විසර්‍ජන ය, පුනපුනා විසර්‍ජන ය, කුශලධර්‍මයන්ගේ වැඩීම පිණිස සකස් කොට නො කරන බව ය, නිරතුරු නො කරන බව ය, නො පිහිටි ක්‍රියා ඇති බව ය, හැකුළුණු පැවැතුම් ඇති බව ය, බහාතැබූ කුශලච්ඡන්‍ද ඇති බව ය, බහාතැබූ වීර්‍ය්‍යධුර ඇති බව ය, ආසේවන රහිත බව ය, නො වැඩීම ය, බහුල නො කිරීම ය, නො පිහිටීම ය, පුනපුනා නො යෙදීම ය, ප්‍රමාදය යි. යම් මෙබඳු ප්‍රමාදයෙක් ප්‍රමාද අයුරෙක් ප්‍රමාද වූ බවෙක් වේ ද, මේ ‘ප්‍රමාද’ යි කියනු ලැබේ.
Pali BJT940. තත්ථ කතමා අසන්තුට්ඨිතා: ඉතරීතරචීවරපිණ්ඩපාත සෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙහි පඤ්චහි වා කාමගුණෙහි අසන්තුට්ඨස්ස භිය්යොකම්යතා. යා එවරූපා ඉච්ඡා ඉච්ඡාගතං අසන්තුට්ඨිතා රාගො සාරාගො -පෙ- චිත්තස්ස සාරාගො, අයං වුච්චති අසන්තුට්ඨිතා.
Sinhala BJT940. එහි අසන්තුෂ්ටිතා කවර යත්: ඉතරෙතරචීවරපිණ්ඩපාතසේනාසනග්ලානප්‍රත්‍යයභෛසජ්‍යපරිෂ්කාරයන්ගෙන් හෝ පඤ්චකාමගුණයෙන් හෝ නො සතුටු වූවහුගේ බොහෝ කැමැති බව ය. යම් මෙබඳු ඉච්ඡායෙක් ඉච්ඡාගතයෙක් නො සතුටු බවෙක් රාගයෙක් බලවත් රාගයෙක් චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ ‘අසන්තුෂ්ටිතා’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා අසම්පජඤ්ඤතා: යං අඤ්ඤාණං අදස්සනං -පෙ- අවිජ්ජාලඞ්ගී මොහො අකුසලමූලං, අයං වුච්චති අසම්පජඤ්ඤතා.
Sinhala BJTඑහි අසම්ප්‍රජන්‍යතා කවර යත්: යම් අඥානයෙක් අදර්‍ශනයෙක් ... අවිද්‍යාපරිඝයෙක් මෝහ සඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ ‘අසම්ප්‍රජන්‍යතා’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා මහිච්ඡතා: ඉතරීතරචීවරපිණ්ඩපාතසෙනාසන ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙහි පඤ්චහි වා කාමගුණෙහි අසන්තුට්ඨස්ස භිය්යොකම්යතා. යා එවරූපා ඉච්ඡා ඉච්ඡාගතං මහිච්ඡතා රාගො සාරාගො -පෙ- චිත්තස්ස සාරාගො, අයං වුච්චති මහිච්ඡතා.
Sinhala BJTඑහි මහෙච්ඡතා කවර යත්: ඉතරෙතරචීවරපිණ්ඩපාතසේනාසනග්ලානප්‍රත්‍යයභෛසජ්‍යපරිෂ්කාරයන්ගෙන් හෝ පඤ්චකාමගුණයෙන් හෝ නො සතුටු වූවහුගේ බොහෝ කැමැති බව ය. යම් මෙබඳු ඊප්සායෙක් ඊප්සාගතයෙක් මහේච්ඡබවෙක් රාගයෙක් බලවත් රාගයෙක් චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ ‘මහෙච්ඡතා’ යි කියනු ලැබේ.
Pali BJT941. තත්ථ කතමං අහිරිකං: යං න හිරීයති හිරීයිතබ්බෙන න හිරීයති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා, ඉදං වුච්චති අහිරිකං.
Sinhala BJT941. එහි අපත්‍රපා කවර යත්: යමෙකින් ජුගුප්සා කළ යුත්ත ජුගුප්සා නො කෙරේ ද, ලාමක අකුශලධර්‍මයන්ට පැමිණීම ජුගුප්සා නො කෙරේ ද, මේ ‘අපත්‍රපා’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං අනොත්තප්පං: යං න ඔත්තප්පති ඔත්තප්පිතබ්බෙන න ඔත්තප්පති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා, ඉදං වුච්චති අනොත්තප්පං.
Sinhala BJTඑහි අනොත්තප්පය කවරෙ යත්: යමෙකින් බියවියයුත්තට බිය නො වේද, ලාමක අකුශලධර්‍මයන්ට පැමිණීමට බිය නො වේ ද, මේ ‘අනොත්තප්පය’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො පමාදො: කායදුච්චරිතෙ වා වචීදුච්චරිතෙ වා මනොදුච්චරිතෙ වා පඤ්චසු වා කාමගුණෙසු චිත්තස්ස වොස්සග්ගො වොස්සග්ගානුප්පදානං කුසලානං ධම්මානං භාවනාය අසක්කච්චකිරියතා අසාතච්චකිරියතා අනට්ඨිතකිරියතා ඔලීනවුත්තිතා නික්ඛිත්තඡන්දතා නික්ඛිත්තධුරතා අනාසෙවනා අභාවනා අබහුලීකම්මං අනධිට්ඨානං අනනුයොගො පමාදො, යො එවරූපො පමාදො පමජ්ජනා පමජ්ජිතත්තං. ඉදං වුච්චති පමාදො.
Sinhala BJTඑහි ප්‍රමාද කවරෙ යත්: කායදුශ්චරිතයෙහි හෝ වාග්දුශ්චරිතයෙහි හෝ මනෝදුශ්චරිතයෙහි හෝ පඤ්චකාමගුණයෙහි හෝ චිත්තයාගේ විසර්‍ජනයෙක් පුනපුනා විසර්‍ජනයෙක් කුශලධර්‍මයන්ගේ වැඩීමට සකස් කොට නො කරන බවෙක් නිරතුරු නො කරන බවෙක් නො පිහිටි ක්‍රියා ඇති බවෙක් හැකුළුණු පැවැතුම් ඇති බවෙක් බහාතැබූ කුශලච්ඡන්‍දය ඇති බවෙක් බහාතැබූ වීර්‍ය්‍යධුර ඇති බවෙක් ආසේවනය නො කිරීමෙක් නො වැඩීමෙක්, බහුල නො කිරීමෙක්, නො පිහිටීමෙක්, අනුයෝග නොකිරීමෙක්, ප්‍රමාදයෙක් වේද, යම් මෙබඳු ප්‍රමාදයෙක් ප්‍රමාද අයුරෙක් ප්‍රමාද වූ බවෙක් වේ ද, මේ ‘ප්‍රමාද’ යි කියනු ලැබේ.
Pali BJT942. තත්ථ කතමං අනාදරියං: යං අනාදරියං අනාදරතා අගාරවතා අප්පතිස්සවතා අනද්දා අනද්දායනා අනද්දායිතත්තං අසීල්යං අචිත්තීකාරො, ඉදං වුච්චති අනාදරියං.
Sinhala BJT942. එහි අනාදරිය කවරෙ යත්: යම් අනාදර බවෙක් අනාදර අයුරෙක් අගෞරව බවෙක් නිඃශ්‍රය රහිත බවෙක් නො ගැන්මෙක් නො ගන්නා අයුරෙක් නො ගත් බවෙක් ආචාර රහිත බවෙක් ගරු නො කිරීමෙක් වේ ද, මේ ‘අනාදරිය’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා දොවචස්සතා: සහධම්මිකො වුච්චමානො දොවචස්සායං දොවචස්සියං දොවචස්සතා විප්පටිකූලගාහිතා විපච්චනිකසාතතා{1} අනාදරියං අනාදරතා අගාරවතා අප්පතිස්සවතා, අයං වුච්චති දොවචස්සතා.
Sinhala BJTඑහි දුර්වචස්කතා කවර යත්: ප්‍රඥප්තශික්‍ෂාපදයක් කියනු ලබන කල්හි යම් දුර්වචකමෙක් දුර්වචකර්ම ඇති බවෙක් දුර්වචස්කතායෙක් විරුද්ධග්‍රාහයෙක් විරෝධග්‍රාහයෙහි මධුර බවෙක් අනාදර බවෙක් අනාදර අයුරෙක් අගෞරව බවෙක් නිඃශ්‍රය රහිත බවෙක් වේ ද , මේ ‘දුර්වචස්කතා’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා පාපමිත්තතා: යෙ තෙ පුග්ගලා අස්සද්ධා දුස්සීලා අප්පස්සුතා මච්ඡරිනො දුප්පඤ්ඤා. යා තෙසං සෙවනා නිසෙවනා සංසෙවනා පටිසෙවනා භජනා සංභජනා භත්ති සංභත්ති තං සම්පවඞ්කතා, අයං වුච්චති පාපමිත්තතා.
Sinhala BJTඑහි පාපමිත්‍රතා කවර යත්: යම් ඒ පුද්ගල කෙනෙක් අශ්‍රාද්ධ ද, දුශ්ශීල ද, අල්පශ්‍රැත ද, මාත්සර්‍ය්‍යයෝ ද, දුෂ්ප්‍රාඥයෝ ද, ඔවුන්ගේ යම් සේවනයෙක් බලවත් සේවනයෙක් හාත්පසින් සේවනයෙක් පුනපුනා සේවනයෙක් භජනයෙක් හාත්පසින් භජනයෙක් (ඔවුන් කෙරෙහි) භක්තියෙක් හාත්පසින් භක්තියෙක් ඔවුනට නැමුණු බවෙක් වේ ද, මේ ‘පාපමිත්‍රතා’ යි කියනු ලැබේ.
Pali BJT943. තත්ථ කතමං අස්සද්ධියං: ඉධෙකච්චො අස්සද්ධො හොති. න සද්දහති බුද්ධං වා ධම්මං වා සංඝං වා. යං එවරූපං අස්සද්ධියං අසද්දහනා අනොකප්පනා අනභිප්පසාදො, ඉදං වුච්චති අස්සද්ධියං.
Sinhala BJT943. එහි ශ්‍රද්ධා නැති බව කවරෙ යත්: මෙ ලොව ඇතැමෙක් ශ්‍රද්ධා නැත්තේ වෙයි. බුදුන් හෝ දහම් හෝ සඞ්ඝයා හෝ නො හදහයි. යම් මෙබඳු ශ්‍රද්ධා නැති බවෙක් නො හදහන අයුරෙක් නො පිවිස ගැන්මෙක් නො පැහැදීමෙක් වේ ද, මේ ‘ශ්‍රද්ධා නැති බව’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා අවදඤ්ඤුතා: පඤ්චමච්ඡරියානි: ආවාසමච්ඡරියං කුලමච්ඡරියං ලාභමච්ඡරියං වණ්ණමච්ඡරියං ධම්මමච්ඡරියං. යං එවරූපං මච්ඡෙරං මච්ඡරායනා මච්ඡරායිතත්තං වෙවිච්ඡං කදරියං කටුකඤ්චුකතා අග්ගහිතත්තං චිත්තස්ස, අයං වුච්චති අවදඤ්ඤුතා.
Sinhala BJTඑහි අවදඤ්ඤුතා (වචනඥ නො වන බව) කවර යත්: මාත්සර්‍ය්‍ය පසෙකි: ආවාස මාත්සර්‍ය්‍ය ය, කුලමාත්සර්‍ය්‍ය ය, ලාභමාත්සර්‍ය්‍ය ය, වර්‍ණමාත්සර්‍ය්‍ය ය, ධර්‍මමාත්සර්‍ය්‍ය යි. යම් මෙබඳු මාත්සර්‍ය්‍යයෙක් මාත්සර්‍ය්‍ය අයුරෙක් මාත්සර්‍ය්‍ය කළ බවෙක් (ස්වකීය සම්පත්) ව්‍යාප්ත කරනු කැමැති බවෙක් තදමසුරු බවෙක් කටුකභාවයෙක් හැකුළුණුසිත් ඇති බවෙක් සිත නො විදහාගත් බවෙක් වේ ද, මේ ‘අවදඤ්ඤුතා’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං කොසජ්ජං: කායදුච්චරිතෙ වා වචීදුච්චරිතෙ වා මනොදුච්චරිතෙ වා. පඤ්චසු වා කාමගුණෙසු චිත්තස්ස වොස්සග්ගො වොස්සග්ගානුප්පදානං කුසලානං ධම්මානං භාවනාය අසක්කච්චකිරියතා අසාතච්චකිරියතා අනට්ඨිතකිරියතා ඔලීනවුත්තිතා නික්ඛිත්තඡන්දතා නික්ඛිත්තධුරතා අනාසෙවනා අභාවනා අබහුලීකම්මං අනධිට්ඨානං අනනුයොගො පමාදො, ඉදං වුච්චති කොසජ්ජං.
Sinhala BJTඑහි කෞසීද්‍යය කවරෙ යත්: කායදුශ්චරිතයෙහි හෝ වාග්දුශ්චරිතයෙහි හෝ මනෝදුශ්චරිතයෙහි හෝ පඤ්චකාමගුණයෙහි හෝ චිත්තයාගේ විසර්‍ජනයෙක් පුනපුනා විසර්‍ජනයෙක් කුශලධර්‍මයන්ගේ වැඩීම පිණිස සකසා නො කරන බවෙක් සතතයෙන් නො කරන බවෙක් නො නිමි ක්‍රියා ඇති බවෙක් හැකුළුණු පැවතුම් ඇති බවෙක් බහාතැබූ කුශලච්ඡන්‍දය ඇති බවෙක් බහාතැබූ වීර්‍ය්‍යධුර ඇති බවෙක් ආසේවන රහිත බවෙක් අභාවනයෙක් බහුල නො කිරීමෙක් නො පිහිටීමෙක් අනුයෝග රහිත බවෙක් ප්‍රමාදයෙක් වේ ද, මේ ‘කෞසීද්‍ය’ යි කියනු ලැබේ.
Pali BJT944. තත්ථ කතමං උද්ධච්චං: යං චිත්තස්ස උද්ධච්චං අවුපසමො චෙතසො වික්ඛෙපො භන්තත්තං චිත්තස්ස, ඉදං වුච්චති උද්ධච්චං.
Sinhala BJT944. එහි ඖද්ධත්‍ය කවරෙ යත්: චිත්තයාගේ යම් උද්ධත බවෙක් නො සන්හිඳීමෙක් චිත්තයාගේ වික්‍ෂේපයෙක් චිත්තයාගේ භ්‍රාන්ත බවෙක් වේ ද, මේ ‘ඖද්ධත්‍ය’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො අසංවරො: ඉධෙකච්චො චක්ඛුනා රූපං දිස්වා නිමිත්තග්ගාහී හොති අනුබ්යඤ්ජනග්ගාහී. යත්ථාධිකරණමෙනං චක්ඛුන්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය න පටිපජ්ජති න රක්ඛති චක්ඛුන්ද්රියං චක්ඛුන්ද්රියෙ න සංවරං ආපජ්ජති, සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය නිමිත්තග්ගාහී හොති අනුබ්යඤ්ජනග්ගාහී, යත්වාධිකරණමෙනං මනින්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය න පටිපජ්ජති න රක්ඛති මනින්ද්රියං මනින්ද්රියෙ න සංවරං ආපජ්ජති, අයං වුච්චති අසංවරො.
Sinhala BJTඑහි අසංවර කවරෙ යත්: මෙ ලොව ඇතැමෙක් ඇසින් රූපයක් දැක නිමිති ගන්නේ අනුව්‍යඤ්ජන ගන්නේ වෙයි. යම් කරුණෙකින් චක්‍ෂුරින්‍ද්‍රිය අසංවෘත ව වාස කරන්නා වූ මොහු අභිධ්‍යාදෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලාමකඅකුශලධර්‍මයෝ ලුහුබඳනාහු නම් ඒ චක්‍ෂුරින්‍ද්‍රියයාගේ සංවරය පිණිස නො පිළිපදී. චක්‍ෂුරින්‍ද්‍රියය නො රකී. චක්‍ෂුරින්‍ද්‍රියෙහි සංවරයට නො පැමිණෙ යි. කනින් හඬක් අසා ... නැහැයෙන් ගඳක් ගහා ... දිවින් රසක් විඳ ... කයින් පහසක් පැහැස ... මනසින් දහමක් දැන නිමිති ගන්නේ අනුව්‍යඤ්ජන ගන්නේ වෙයි. යම් කරුණෙකින් මනින්‍ද්‍රියය අසංවෘතව වාස කරන්නා වූ මොහු අභිධ්‍යාදෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලාමක අකුශලධර්‍මයෝ ලුහුබඳනාහු නම් ඒ මනින්‍ද්‍රියයාගේ සංවරය පිණිස නො පිළිපදි යි. මනින්‍ද්‍රිය නො රකි යි. මනින්‍ද්‍රියෙහි සංවරයට නො පැමිණෙයි. මේ ‘අසංවර’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං දුස්සීල්යං: කායිකො වීතික්කමො වාචසිකො වීතික්කමො කායිකවාචසිකො වීතික්කමො, ඉදං වුච්චති දුස්සීල්යං.
Sinhala BJTඑහි දුශ්ශීල බව කවරෙ යත්: කායිකව්‍යතික්‍රම ය, වාචසිකව්‍යතික්‍රම ය, කායිකවාචසිකව්‍යතික්‍රම යි. මේ ‘දුශ්ශීල බව’ යි කියනු ලැබේ.
Pali BJT945. තත්ථ කතමා අරියානං අදස්සනකම්යතා: තත්ථ කතමෙ අරියා: අරියා වුච්චන්ති බුද්ධා ච බුද්ධසාවකා ච, යා ඉමෙසං අරියානං අදස්සනකම්යතා අදට්ඨුකම්යතා අසමෙතුකම්යතා අසමාගන්තුකම්යතා, අයං වුච්චති අරියානං අදස්සනකම්යතා.
Sinhala BJT945. එහි ආර්‍ය්‍යයන් නො දක්නා කැමැති බව කවර යත්: එහි ආර්‍ය්‍යයෝ කවරහ යත්: බුදුවරු ද බුද්ධශ්‍රාවකයෝ ද ආර්‍ය්‍යහ යි කියනු ලැබෙත්. යම් මේ ආර්‍ය්‍යයන්ගේ නො දැකීම කැමැති බවෙක් නො දක්නට කැමැති බවෙක් ඔවුන් වෙත නො එළඹෙනු කැමැති බවෙක් ඔවුන් හා එක්වන්නට නො කැමැති බවෙක් වේ ද, මේ ‘ආර්‍ය්‍යයන් නො දක්නා කැමැති බව’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා සද්ධම්මං අසොතුකම්යතා: තත්ථ කතමො සද්ධම්මො: චත්තාරො සතිපට්ඨානා චත්තාරො සම්මප්පධානා චත්තාරො ඉද්ධිපාදා පඤ්චින්ද්රියානි පඤ්ච බලානි සත්ත බොජ්ඣඞ්ගා අරියො අට්ඨඞ්ගිකො මග්ගො, අයං වුච්චති සද්ධම්මො. යා ඉමස්ස සද්ධම්මස්ස අසොතුකම්යතා අසවනකම්යතා අනුග්ගහෙතුකම්යතා අධාරෙතුකම්යතා, අයං වුච්චති සද්ධම්මං අසොතුකම්යතා.
Sinhala BJTඑහි සදහම් නො අසනු කැමැති බව කවර යත්: එහි සද්ධර්‍ම කවරෙ යත්: සතර සතිපට්ඨාන ය, සතර සම්‍යක්ප්‍රධාන ය, සතරඍද්ධිපාද ය, පඤ්චේන්‍ද්‍රිය ය, පඤ්චබල ය, සප්තබෝධ්‍යඞ්ග ය, ආර්‍ය්‍යාෂ්ටාඞ්ගිකමාර්‍ග යයි මේ ‘සද්ධර්‍ම’ යි කියනු ලැබේ. යම් මේ සද්ධර්‍මය නො අසන්නට කැමැති බවෙක් නො අසනු කැමැති බවෙක් උගන්නට නො කැමැති බවෙක් දරන්නට නො කැමැති බවෙක් වේ ද, මේ ‘සදහම් නො අසනු කැමැති බව’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා උපාරම්භචිත්තතා: තත්ථ කතමො උපාරම්භො: යො උපාරම්භො අනුපාරම්භො උපාරම්භනා අනුපාරම්භනා අනුපාරම්භිතත්තං උඤ්ඤා අවඤ්ඤා පරිභවො රන්ධගවෙසිතා. අයං වුච්චති උපාරම්භ චිත්තතා.
Sinhala BJTඑහි උපාරම්භ සිත් ඇති බව කවරෙ යත්: එහි උපාරම්භ කවරෙ යත්: යම් උපාරම්භ (නින්‍දාපූර්‍වදෝෂාරෝපණ)යෙක් පුනපුනා උපාරම්භයෙක් උපාරම්භ අයුරෙක් පුනපුනා උපාරම්භ අයුරෙක් පුනපුනා උපාරම්භ කළ බවෙක් පහත්කොට සිතීමෙක් අවඥායෙක් පරිභවයෙක් රන්ධ්‍රගවේෂී (සිදුරු සොයන) බවෙක් වේ ද, මේ ‘උපාරම්භ සිත් ඇති බව’ යි කියනු ලැබේ.
Pali BJT946. තත්ථ කතමං මුට්ඨසච්චං: යා අසති අනනුස්සති අප්පටිස්සති අසරණතා අධාරණතා පිලාපනතා පම්මුස්සනතා, ඉදං වුච්චති මුට්ඨසච්චං.
Sinhala BJT946. එහි මූඪස්මෘති කවර යත්: යම් නො සිහි කිරීමෙක් පුනපුනා නො සිහි කිරීමෙක් අබිමුව ව සිහි නො කිරීමෙක් සිහි නො කරන අයුරෙක් නො දරන බවෙක් (අරමුණෙහි) ඉල්පෙන බවෙක් ප්‍රමොෂ බවෙක් වේ ද, මේ ‘මූඪස්මෘති’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං අසම්පජඤ්ඤං: යං අඤ්ඤාණං අදස්සනං -පෙ- අවිජ්ජාලඞ්ගී මොහො අකුසලමූලං, ඉදං වුච්චති අසම්පජඤ්ඤං.
Sinhala BJTඑහි අසම්‍යග්ඥාන කවරෙ යත්: යම් අඥානයෙක් අදර්‍ශනයෙක් ... අවිද්‍යාපරිඝයෙක් මෝහ සඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ ‘අසම්‍යග්ඥාන’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො චෙතසො වික්ඛෙපො: යං චිත්තස්ස උද්ධච්චං අවුපසමො චෙතසො වික්ඛෙපො භන්තත්තං චිත්තස්ස, අයං වුච්චති චෙතසො වික්ඛෙපො.
Sinhala BJTඑහි චිත්තවික්‍ෂේප කවරෙ යත්: චිත්තයාගේ යම් උද්ධත භාවයෙක් නො සන්හිඳීමෙක් චිත්තයාගේ විසිරීමෙක් චිත්තයාගේ භ්‍රාන්ත බවෙක් වේ ද, මේ ‘චිත්ත වික්‍ෂේප’ යි කියනු ලැබේ.
Pali BJT947. තත්ථ කතමො අයොනිසො මනසිකාරො: අනිච්චෙ නිච්චන්ති අයොනිසො මනසිකාරො, දුක්ඛෙ සුඛන්ති අයොනිසො මනසිකාරො. අනත්තනි අත්තාති අයොනිසො මනසිකාරො, අසුභෙ සුභන්ති අයොනිසො මනසිකාරො, සච්චවිප්පටිකූලෙන වා චිත්තස්ස ආවට්ටනා අන්වාවට්ටනා{1} ආභොගො සමන්නාහාරො මනසිකාරො, අයං වුච්චති අයොනිසො මනසිකාරො.
Sinhala BJT947. එහි අයෝනිසෝමනසිකාර කවරෙ යත්: අනිත්‍යයෙහි නිත්‍ය යනු අයෝනිසෝමනසිකාර ය, දුඃඛයෙහි සුඛ යනු අයෝනිසෝමනසිකාර ය, අනාත්මයෙහි ආත්ම යනු අයෝනිසෝමනසිකාර ය, අශුභයෙහි ශුභ යනු අයෝනිසෝමනසිකාර යි, සත්‍යයනට විලෝම විසින් හෝ චිත්තයාගේ ආවර්‍ජනයෙක් පුනපුනා ආවර්‍ජනයෙක් ආභෝගයෙක් සමන්‍වාහාරයෙක් මනසිකාරයෙක් වේ ද, මේ ‘අයෝනිසෝමනසිකාර’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා කුම්මග්ගසෙවනා: තත්ථ කතමො කුම්මග්ගො: මිච්ඡා දිට්ඨි මිච්ඡාසඞ්කප්පො මිච්ඡාවාචා මිච්ඡාකම්මන්තො මිච්ඡාආජීවො මිච්ඡාවායාමො මිච්ඡාසති මිච්ඡාසමාධි, අයං වුච්චති කුම්මග්ගො. යා ඉමස්ස කුම්මග්ගස්ස සෙවනා නිසෙවනා සංසෙවනා භජනා සංභජනා භත්ති සම්භත්ති තං සම්පවඞ්කතා, අයං වුච්චති කුම්මග්ගසෙවනා.
Sinhala BJTඑහි කුත්සිතමාර්‍ගසේවන කවරෙ යත්: එහි කුත්සිතමාර්‍ගය කවරෙ යත්: මිථ්‍යාදෘෂ්ටි ය, මිථ්‍යාසංකල්ප ය, මිථ්‍යාවචන ය, මිථ්‍යාකර්‍මාන්ත ය, මිථ්‍යාආජීව ය, මිථ්‍යාව්‍යායාම ය, මිථ්‍යාස්මෘති ය, මිථ්‍යාසමාධි යි. මේ ‘කුත්සිතමාර්‍ග’ යි කියනු ලැබේ. යම් මේ කුත්සිතමාර්‍ගයාගේ සේවනයෙක් බලවත් සේවනයෙක් හාත්පසින් සේවනයෙක් භජනයෙක් හාත්පසින් භජනයෙක් එය කෙරෙහි භක්තියෙක් හාත්පසින් භක්තියෙක් එයට හාත්පසින් නැමුණු බවෙක් වේ ද, මේ ‘කුත්සිතමාර්‍ගසේවන’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං චෙතසො ච ලීනත්තං: යා චිත්තස්ස අකල්යතා අකම්මඤ්ඤතා ඔලීයනා සල්ලීයනා ලීනං ලීයනා ලීයිතත්තං ථිනං ථියනා ථීයිතත්තං චිත්තස්ස, ඉදං වුච්චති චෙතසො ච ලීනත්තං.
Sinhala BJTඑහි චිත්තයාගේ ලීනත්‍වය කවරෙ යත්: චිත්තයාගේ යම් අකල්‍ය බවෙක් අකර්‍මණ්‍ය බවෙක් එලෙන බවෙක් හාත්පසින් එලෙන බවෙක් හැකිළීමෙක් හැකිළෙන අයුරෙක් හැකිළුණු බවෙක් චිත්තයාගේ තදයෙක් තද අයුරෙක් තද වූ බවෙක් වේ ද, මේ ‘චිත්තයාගේ ලීනත්‍ව’ යි කියනු ලැබේ.
Pali BJTතිකං.
Sinhala BJTත්‍රික යි.
Pali BJT948. තත්ථ කතමෙ චත්තාරො ආසවා: කාමාසවො භාවාසවො දිට්ඨාසවො අවිජ්ජාසවො, තත්ථ කතමො කාමාසවො: යො කාමෙසු කාමච්ඡන්දො කාමරාගො කාමනන්දි කාමතණ්හා කාමස්නෙහො කාම පරිළාහො කාමමුච්ඡා කාමජ්ඣොසානං, අයං වුච්චති කාමාසවො.
Sinhala BJT948. එහි සතර ආස්‍රවයෝ කවරහ යත්: කාමාස්‍රව ය, භවාස්‍රව ය, දෘෂ්ට්‍යාස්‍රව ය, අවිද්‍යාස්‍රව යි. එහි කාමාස්‍රව කවර යත්: පඤ්චකාමගුණයෙහි යම් කාමච්ඡන්‍දයෙක්, කාමරාගයෙක්, කාමනන්‍දියෙක්, කාමතෘෂ්ණායෙක්, කාමස්නේහයෙක්, කාමපරිදාහයෙක්, කාමමූර්ඡායෙක්, කාමයන්හි ගැලීමෙක් වේ ද, මේ ‘කාමාස්‍රව’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො භවාසවො: යො භවෙසු භවච්ඡන්දො -පෙ- භවජ්ඣොසානං, අයං වුච්චති භවාසවො.
Sinhala BJTඑහි භවාස්‍රව කවරෙ යත්: රූපාරූපභවයන්හි යම් භවච්ඡන්‍දයෙක් ... භවජ්ඣොසානායක් වේ ද, මේ ‘භවාස්‍රව’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො දිට්ඨාසවො: සස්සතො ලොකොති වා අසස්සතො ලොකොති වා අන්තවා ලොකොති වා අනන්තවා ලොකොති වා තං ජීවං තං සරීරන්ති වා අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති වා. හොති තථාගතො පරම්මරණාති වා. න හොති තථාගතො පරම්මරණාති වා. හොති ච න හොති ච තථාගතො පරම්මරණාති වා නෙව හොති න නහොති තථාගතො පරම්මරණාති වා යා එවරූපා දිට්ඨි දිට්ඨිගතං -පෙ- විපරියෙසගාහො, අයං වුච්චති දිට්ඨාසවො. සබ්බාපි මිච්ඡාදිට්ඨි දිට්ඨාසවො.
Sinhala BJTඑහි දෘෂ්ට්‍යාස්‍රව කවරෙ යත්: ලෝකය ශාස්වතැ යි හෝ ලෝකය අශාශ්සවතයැ යි හෝ ලෝකය අන්ත ඇතැයි හෝ ලෝකය අන්ත නැතැයි හෝ හේ මැ ජීවය හේ මැ ශරීර යැ යි හෝ ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ යි හෝ සත්ත්‍ව තෙම මරණින් මතු වේ යැ යි හෝ සත්ත්‍ව තෙම මරණින් මතු නො වේ යැ යි හෝ සත්ත්‍ව තෙම මරණින් මතු වන්නේත් නො වන්නේත් වේ යැ යි හෝ සත්ත්‍ව තෙම මරණින් මතු නො ම වෙයි නො ද නො වේ යැ යි හෝ යම් මෙබඳු දෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් වේ ද, මේ ‘දෘෂ්ට්‍යාස්‍රව’ යි කියනු ලැබේ. හැම මිථ්‍යාදෘෂ්ටිය දෘෂ්ට්‍යාස්‍රව වේ.
Pali BJTතත්ථ කතමො අවිජ්ජාසවො: දුක්ඛෙ අඤ්ඤාණං දුක්ඛසමුදයෙ අඤ්ඤාණං දුක්ඛනිරොධෙ අඤ්ඤාණං දුක්ඛනිරොධගාමිනියා පටිපදාය අඤ්ඤාණං පුබ්බන්තෙ අඤ්ඤාණං අපරන්තෙ අඤ්ඤාණං පුබ්බන්තාපරන්තෙ අඤ්ඤාණං ඉදප්පච්චයතා පටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු අඤ්ඤාණං, යං එවරූපං අඤ්ඤාණං අදස්සනං -පෙ- අවිජ්ජාලඞ්ගී මොහො අකුසලමූලං, අයං වුච්චති අවිජ්ජාසවො. ඉමෙ චත්තාරො ආසවා.
Sinhala BJTඑහි අවිද්‍යාස්‍රව කවරෙ යත්: දුඃඛයෙහි නො දැනීම ය, දුඃඛසමුදයෙහි නො දැනීම ය, දුඃඛනිරෝධයෙහි නො දැනීම ය, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදායෙහි නො දැනීම ය, පූර්‍වාන්තයෙහි නො දැනීම ය, අවරාන්තයෙහි නො දැනීම ය, පූර්‍වාන්තාවරාන්තයෙහි නො දැනීම ය, ඉදංප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයන්හි නො දැනීම යි. යම් මෙබඳු නො දැනීමෙක් නො දැකීමෙක් ... අවිද්‍යාපරිඝයෙක් මෝහ සඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ ‘අවිද්‍යාස්‍රව’ යි කියනු ලැබේ. මොහු සතර ආස්‍රව වෙත්.
Pali BJT949. තත්ථ කතමෙ චත්තාරො ගන්ථා -පෙ- චත්තාරො ඔඝා -පෙ- චත්තාරො යොගා -පෙ- චත්තාරි උපාදානානි: කාමූපාදානං දිට්ඨුපාදානං සීලබ්බතූපාදානං අත්තවාදූපාදානං. තත්ථ කතමං කාමූපාදානං: යො කාමෙසු කාමච්ඡන්දො කාමරාගො කාමනන්දි කාමතණ්හා කාමස්නෙහො කාමපරිළාහො කාමමුච්ඡා කාමජ්ඣොසානං, ඉදං වුච්චති කාමූපාදානං.
Sinhala BJT949. එහි සතර ග්‍රන්‍ථයෝ ... සතර ඕඝයෝ ... සතර යෝගයෝ ... සතර උපාදානයෝ කවරහ යත්: කාමොපාදාන ය, දෘෂ්ට්‍යුපාදාන ය, ශීලව්‍රතොපාදාන ය, ආත්මවාදෝපාදාන යි. එහි කාමොපාදාන කවරෙ යත්: පඤ්චකාමගුණයෙහි යම් කාමච්ඡන්‍දයෙක්, කාමරාගයෙක්, කාමනන්‍දියෙක්, කාමතෘෂ්ණායෙක්, කාමස්නේහයෙක්, කාමපරිදාහයෙක්, කාමමූර්ඡායෙක්, කාමයෙහි බැසගැනීමෙක් වේ ද, මේ ‘කාමොපාදාන’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං දිට්ඨූපාදානං: නත්ථි දින්නං නත්ථි යිට්ඨං -පෙ- යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තීති යා එවරූපා දිට්ඨි දිට්ඨිගතං -පෙ- විපරියෙසගාහො, ඉදං වුච්චති දිට්ඨුපාදානං. ඨපෙත්වා සීලබ්බතූපාදානඤ්ච අත්තවාදූපාදානඤ්ච සබ්බාපි මිච්ඡාදිට්ඨි දිට්ඨුපාදානං.
Sinhala BJTඑහි දෘෂ්ට්‍යුපාදාන කවරෙ යත්: ‘දුන්දැයෙහි විපාක නැත, පූජායෙහි විපාක නැත ... යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තුමූ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරෙත් නම් ඔහු නැතැ’ යි යම් මෙබඳු දෘෂ්ටියෙන් දෘෂ්ටිගතයෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් වේ ද, මේ ‘දෘෂ්ට්‍යුපාදාන’ යි කියනු ලැබේ. ශීලව්‍රතෝපාදානයත් ආත්මවාදොපාදානයත් තබා හැම මිථ්‍යාදෘෂ්ටිය ‘දෘෂ්ට්‍යුපාදාන’ යි.
Pali BJTතත්ථ කතමං සීලබ්බතූපාදානං: ඉතො බහිද්ධා සමණබ්රාහ්මණානං සීලෙන සුද්ධි වතෙන සුද්ධි සීලබ්බතෙන සුද්ධීති යා එවරූපා දිට්ඨි දිට්ඨිගතං -පෙ- විපරියෙසගාහො, ඉදං වුච්චති සීලබ්බතූපාදානං.
Sinhala BJTඑහි ශීලව්‍රතොපාදාන කවරෙ යත්: මෙ සස්නෙන් බැහැර මහණබමුණන්ගේ ශීලයෙන් ශුද්ධි ය, ව්‍රතයෙන් ශුද්ධි ය, ශීලව්‍රතයෙන් ශුද්ධි ය යි යම් මෙබඳු දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් වේ ද, මේ ‘ශීලව්‍රතොපාදාන’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං අත්තවාදූපාදානං: ඉධ අස්සුතවා පුථුජ්ජනො අරියානං අදස්සාවී අරියධම්මස්ස අකොවිදො අරියධම්මෙ අවිනීතො සප්පුරිසානං අදස්සාවී සප්පුරිසධම්මස්ස අකොවිදො සප්පුරිසධම්මෙ අවිනීතො රූපං අත්තතො සමනුපස්සති රූපවන්තං වා අත්තානං අත්තනි වා රූපං රූපස්මිං වා අත්තානං, වෙදනං -පෙ- සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ -පෙ- විඤ්ඤාණං අත්තතො සමනුපස්සති. විඤ්ඤාණවන්තං වා අත්තානං අත්තනි වා විඤ්ඤාණං. විඤ්ඤාණස්මිං වා අත්තානං, යා එවරූපා දිට්ඨි දිට්ඨිගතං -පෙ- විපරියෙසගාහො, ඉදං වුච්චති අත්තවාදූපාදානං. ඉමානි චත්තාරි උපාදානානි.
Sinhala BJTඑහි ආත්මවාදෝපාදාන කවරෙ යත්: මෙලොව ආර්‍ය්‍යයන් නො දක්නාසුලු, ආර්‍ය්‍යධර්‍මයෙහි අදක්‍ෂ වූ, ආර්‍ය්‍යධර්‍මයෙහි අවිනීත වූ, සත්පුරුෂයන් නො දක්නාසුලු සත්පුරුෂ ධර්‍මයෙහි අදක්‍ෂ වූ සත්පුරුෂධර්‍මයෙහි අවිනීත වූ අශ්‍රැතවත් පෘථග්ජන තෙම රූපය ආත්මවශයෙන් විපරීතදෘෂ්ටියෙන් දකී. ආත්මය රූපවත් කොට හෝ රූපය ආත්මයෙහි ඇතැයි හෝ ආත්මය රූපයෙහි ඇතැයි හෝ විපරීතදෘෂ්ටියෙන් දකී. වේදනාව ... සංඥාව ... සංස්කාරයන් ... විඥානය ආත්මවශයෙන් විපරීතදෘෂ්ටියෙන් දකී. ආත්මය විඥානවත් කොට හෝ විඥානය ආත්මයෙහි ඇතැ යි හෝ ආත්මය විඥානයෙහි ඇතැ යි හෝ මෙබඳු දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් වේ ද, මේ ‘ආත්මවාදෝපාදාන’ යි කියනු ලැබේ. මොහු සතර උපාදානයෝ යි.
Pali BJT950. තත්ථ කතමෙ චත්තාරො තණ්හුප්පාදා: චීවරහෙතු වා භික්ඛුනො තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, පිණ්ඩපාතහෙතු වා භික්ඛුනො තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, සෙනාසනහෙතු වා භික්ඛුනො තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, ඉති භවාභව හෙතු වා භික්ඛුනො තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, ඉමෙ චත්තාරො තණ්හුප්පාදා.
Sinhala BJT950. එහි සතර තෘෂ්ණෝත්පාදයෝ කවරහ යත්: චීවරහේතුයෙන් හෝ මහණහට උපදනා තෘෂ්ණාව උපදී. පිණ්ඩපාතහේතුයෙන් හෝ මහණහට උපදනා තෘෂ්ණාව උපදී. සේනාසනහේතුයෙන් හෝ මහණහට උපදනා තෘෂ්ණාව උපදී. මෙසේ භවාභව (පිණි ඉපිණි තෙල්, මිහි, පැණි ඈ) හේතුයෙන් හෝ මහණහට උපදනා තෘෂ්ණාව උපදී. මොහු සතර තෘෂ්ණෝත්පාදයෝ යි.
Pali BJT951. තත්ථ කතමානි චත්තාරි අගතිගමනානි: ඡන්දාගතිං ගච්ඡති දොසාගතිං ගච්ඡති. මොහාගතිං ගච්ඡති. භයාගතිං ගච්ඡති. යා එවරූපා අගතිගමානා ඡන්දගමනා වග්ගගමනා වාරිගමනා, ඉමානි චත්තාරි අගතිගමනානි.
Sinhala BJT951. එහි සතර අගතිගමනයෝ කවරහ යත්: ඡන්‍දයෙන් (ප්‍රේමවශයෙන්) අගතියට යෙයි. ද්වේෂයෙන් අගතියට යෙයි. මෝහයෙන් අගතියට යෙයි. භය විසින් අගතියට යේ. යම් මෙබඳු අගතිගමනයෙක් (අකටයුතු කිරීමෙක්) ඡන්‍දගමනයෙක් වර්‍ගගමනයෙක් (නිම්නගාමී බැවින්) වාරිගමනයෙක් වේ ද, මොහු සතර අගති ගමනයෝ යි.
Pali BJT952. තත්ථ කතමො චත්තාරො විපරියෙසා{1}: අනිච්චෙ නිච්චන්ති සඤ්ඤා විපරියෙසො චිත්තවිපරියෙසො දිට්ඨිවිපරියෙසො, දුක්ඛෙ සුඛන්ති සඤ්ඤා විපරියෙසො චිත්තවිපරියෙසො දිට්ඨිවිපරියෙසො, අනත්තනි අත්තාති සඤ්ඤාවිපරියෙසො චිත්තවිපරියෙසො දිට්ඨිවිපරියෙසො, අසුභෙ සුභන්ති සඤ්ඤාවිපරියෙසො චිත්තවිපරියෙසො දිට්ඨිවිපරියෙසො. ඉමෙ චත්තාරො විපරියෙසා.
Sinhala BJT952. එහි සතර විපර්‍ය්‍යාසයෝ කවරහ යත්: අනිත්‍යවස්තුයෙහි නිත්‍ය යයි සංඥාවිපර්‍ය්‍යාස ය, චිත්තවිපර්‍ය්‍යාස ය, දෘෂ්ටිවිපර්‍ය්‍යාස ය, දුඃඛයෙහි සුඛ යයි සංඥාවිපර්‍ය්‍යාස ය, චිත්තවිපර්‍ය්‍යාස ය, දෘෂ්ටිවිපර්‍ය්‍යාස ය, අනාත්මයෙහි ආත්ම යයි සංඥාවිපර්‍ය්‍යාස ය, චිත්තවිපර්‍ය්‍යාස ය, දෘෂ්ටිවිපර්‍ය්‍යාස ය, අශුභයෙහි ශුභ යයි සංඥාවිපර්‍ය්‍යාස ය, චිත්තවිපර්‍ය්‍යාස ය, දෘෂ්ටිවිපර්‍ය්‍යාස යි. මොහු සතර විපර්‍ය්‍යාසයෝ යි.
Pali BJT953. තත්ථ කතමො චත්තාරො අනරියවොහාරා: අදිට්ඨෙ දිට්ඨවාදිතා අස්සුතෙ සුතවාදිතා අමුතො මුතවාදිතා අවිඤ්ඤාතෙ විඤ්ඤාතවාදිතා. ඉමෙ චත්තාරො අනරියවොහාරා.
Sinhala BJT953. එහි සතර අනාර්‍ය්‍යව්‍යවහාරයෝ කවරහ යත්: අදෘෂ්ටයෙහි (නො දුටුයෙහි) දෘෂ්ටවාදීත්‍ව ය, අශ්‍රැතයෙහි (නො ඇසුයෙහි) ශ්‍රැතවාදීත්‍ව ය, අමුතයෙහි (නො ගත් ගන්‍ධරසස්ප්‍රෂ්ටව්‍යයෙහි) මුතවාදීත්ව ය, අවිඥාතයෙහි (නො දත්තෙහි) විඥාතවාදීත්ව යි. මොහු ‘සතර අනාර්‍ය්‍යව්‍යවහාරයෝ’ යි.
Pali BJT954. තත්ථ කතමො අපරෙපි චත්තාරො අනරියවොහාරා: දිට්ඨෙ අදිට්ඨවාදිතා සුතෙ අස්සුතවාදිතා මුතෙ අමුතවාදිතා විඤ්ඤාතෙ අවිඤ්ඤාතවාදිතා. ඉමෙ චත්තාරො අනරියවොහාරා.
Sinhala BJT954. එහි අනෙකුදු සතර අනාර්‍ය්‍යව්‍යවහාරයෝ කවරහ යත්: දෘෂ්ටයෙහි අදෘෂ්ටවාදීත්‍ව ය, ශ්‍රැතයෙහි අශ්‍රැතවාදීත්‍ව ය, මුතයෙහි අමුතවාදීත්‍ව ය, විඥාතයෙහි අවිඥාතවාදීත්‍ව යයි. මොහු සතර අනාර්‍ය්‍යව්‍යවහාරයෝ යි.
Pali BJT955. තත්ථ කතමානි චත්තාරි දුච්චරිතානි: පාණාතිපාතො අදින්නාදානං කාමෙසු මිච්ඡාචාරො මුසාවාදො, ඉමානි චත්තාරි දුච්චරිතානි.
Sinhala BJT955. එහි සතර දුශ්චරිතයෝ කවරහ යත්: ප්‍රාණඝාත ය, අදත්තාදාන ය, කාමමිථ්‍යාචාර ය, මෘෂාවාද යි. මොහු සතර දුශ්චරිතයෝ යි.
Pali BJT956. තත්ථ කතමානි අපරානිපි චත්තාරි දුච්චරිතානි: මුසාවාදො පිසුනාවාචා ඵරුසාවාචා සම්ඵප්පලාපො, ඉමානි චත්තාරි දුච්චරිතානි.
Sinhala BJT956. එහි අනෙකුදු සතර දුශ්චරිතයෝ කවරහ යත්: මෘෂාවාද ය, පිශුනවචන ය, පරුෂවචන ය, සම්ඵප්‍රලාප යි. මොහු සතර දුශ්චරිතයෝ යි.
Pali BJT957. තත්ථ කතමානි චත්තාරි භයානි: ජාතිභයං ජරාභයං ව්යාධිභයං මරණභයං, ඉමානි චත්තාරි භයානි.
Sinhala BJT957. එහි සතර භය කවරහ යත්: ජාතිය නිසා උපන් බිය ය, ජරාව නිසා උපන් බිය ය, ව්‍යාධිය නිසා උපන් බිය ය, මරණය නිසා උපන් බිය යි. මොහු සතර භය වෙත්.
Pali BJT958. තත්ථ කතමානි අපරානි චත්තාරි භයානි: රාජභයං චොර භයං අග්ගිභයං උදකභයං, ඉමානි චත්තාරි භයානි.
Sinhala BJT958. එහි අනෙකුදු සතර භය කවරහ යත්: රජු කෙරෙන් උපන් බිය ය, සොරු කෙරෙන් උපන් බිය ය, ගින්නෙන් උපන් බිය ය, දියෙන් උපන් බිය යි. මොහු සතර භය වෙත්.
Pali BJT959. තත්ථ කතමානි අපරානිපි චත්තාරි භයානි: ඌමිභයං, කුම්භීලභයං, ආවට්ටභයං, සුසුකාභයං, ඉමානි චත්තාරි භයානි.
Sinhala BJT959. එහි අනෙකුදු සතර භය කවරහ යත්: තරඟවැල නිසා උපන් බිය ය, කිඹුලන් කෙරෙන් උපන් බිය ය, දියසුළියෙන් වන බිය ය, සැඩමසුන් කෙරෙන් උපන් බිය යි. මොහු සතර භය වෙත්.
Pali BJT960. තත්ථ කතමානි අපරානිපි චත්තාරි භයානි: අත්තානුවාදභයං. පරානුවාදාභයං දණ්ඩභයං දුග්ගතිභයං, ඉමානි චත්තාරි භයානි.
Sinhala BJT960. එහි අනෙකුදු සතර භය කවරහ යත්: ආත්මානුවාදභය ය, පරානුවාදභය ය, දණ්ඩභය ය, දුර්‍ගතිභය යි. මොහු සතර භය වෙත්.
Pali BJT961. තත්ථ කතමා චතස්සො දිට්ඨියො: සයං කතං සුඛදුක්ඛන්ති සච්චතො ථෙතතො දිට්ඨි උප්පජ්ජති. පරං කතං සුඛදුක්ඛන්ති සච්චතො ථෙතතො දිට්ඨි උප්පජ්ජති. සයං කතඤ්ච පරං කතඤ්ච සුඛදුක්ඛන්ති සච්චතො ථෙතතො දිට්ඨි උප්පජ්ජති. අසයංකාරං අපරංකාරං අධිච්චසමුප්පන්නං සුඛදුක්ඛන්ති සච්චතො ථෙතතො දිට්ඨි උප්පජ්ජති. ඉමා චතස්සො දිට්ඨියො.
Sinhala BJT961. එහි සතර දෘෂ්ටීහු කවරහ යත්: සුවදුක් (වේදනාව) තමා විසින් කරන ලදැ යි සත්‍ය හෙයින් ස්ථිර හෙයින් දෘෂ්ටි උපදි යි. සුවදුක් වේදනා පරා විසින් කරන ලදැයි සත්‍ය හෙයින් ස්ථිර හෙයින් දෘෂ්ටි උපදී. සුවදුක් තමා විසිනුත් පරා විසිනුත් කරන ලදැයි සත්‍ය හෙයින් ස්ථිර හෙයින් දෘෂ්ටි උපදී. සුවදුක් තමා විසින් නො කරන ලද ය, පරා විසින් නො කරන ලද ය, අධිත්‍යසමුත්පන්න ය යි සත්‍ය හෙයින් ස්ථිර හෙයින් දෘෂ්ටි උපදී. මොහු සතර දෘෂ්ටීහු වෙත්.
Pali BJTචතුක්කං.
Sinhala BJTචතුෂ්ක යි.
Pali BJT962. තත්ථ කතමානි පඤ්චොරම්භාගියානි සඤ්ඤොජනානි: සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාසො කාමච්ඡන්දො ව්යාපාදො, ඉමානි පඤ්චොරම්භාගියානි සඤ්ඤොජනානි.
Sinhala BJT962. එහි පඤ්චඕරම්භාගියසංයෝජනයෝ කවරහ යත්: සත්කායදෘෂ්ටි ය, විචිකිත්සා ය, ශීලව්‍රතපරාමර්‍ශ ය, කාමච්ඡන්‍ද ය, ව්‍යාපාද යි. මොහු පඤ්චඕරම්භාගියසංයෝජනයෝ යි.
Pali BJT963. තත්ථ කතමානි පඤ්චුද්ධම්භාගියානි සඤ්ඤොජනානි: රූප රාගො අරූපරාගො මානො උද්ධච්චං අවිජ්ජා, ඉමානි පඤ්චුද්ධම්භාගියානි සඤ්ඤොජනානි.
Sinhala BJT963. එහි පඤ්චඋද්ධම්භාගියසංයෝජනයෝ කවරහ යත්: රූපරාග ය, අරූපරාග ය, මාන ය, ඖද්ධත්‍ය ය, අවිද්‍යා යි. මොහු පඤ්චඋද්ධම්භාගියසංයෝජනයෝ යි.
Pali BJT964. තත්ථ කතමානි පඤ්චමච්ඡරියානි: ආවාසමච්ඡරියං කුලමච්ඡරියං ලාභමච්ඡරියං වණ්ණමච්ඡරියං ධම්මමච්ඡරියං. ඉමානි පඤ්ච මච්ඡරියානි.
Sinhala BJT964. එහි පඤ්චමාත්සර්‍ය්‍යයෝ කවරහ යත්: ආවාසමාත්සර්‍ය්‍ය ය, කුලමාත්සර්‍ය්‍ය ය, ලාභමාත්සර්‍ය්‍ය ය, වර්‍ණමාත්සර්‍ය්‍ය ය, ධර්‍මමාත්සර්‍ය්‍ය යයි. මොහු පඤ්චමාත්සර්‍ය්‍යයෝ යි.
Pali BJT965. තත්ථ කතමෙ පඤ්ච සඞ්ගා: රාගසඞ්ගො දොසසඞ්ගො මොහසඞ්ගො මානසඞ්ගො දිට්ඨිසඞ්ගො, ඉමෙ පඤ්චසඞ්ගා.
Sinhala BJT965. එහි පඤ්චසඞ්ගයෝ කවරහ යත්: රාගසඞ්ග ය, ද්වේෂසඞ්ග ය, මෝහසඞ්ග ය, මානසඞ්ග ය, දෘෂ්ටිසඞ්ග යි. මොහු පඤ්චසඞ්ගයෝ යි.
Pali BJT966. තත්ථ කතමෙ පඤ්චසල්ලා: රාගසල්ලං දොසසල්ලං මොහසල්ලං මානසල්ලං දිට්ඨිසල්ලං, ඉමෙ පඤ්ච සල්ලා.
Sinhala BJT966. එහි පඤ්චශල්‍යයෝ කවරහ යත්: රාගශල්‍ය ය, ද්වේෂශල්‍ය ය, මෝහශල්‍ය ය, මානශල්‍ය ය, දෘෂ්ටිශල්‍ය යි. මොහු පඤ්චශල්‍යයෝ යි.
Pali BJT967. තත්ථ කතමෙ පඤ්චචෙතොඛිලා: සත්ථිරි කඞ්ඛතී විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති, ධම්මෙ කඞ්ඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති, සඞ්ඝෙ කඞ්ඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති, සික්ඛාය කඞ්ඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති. සබ්රහ්මචාරීසු කුපිතො හොති අනත්තමනතො ආහතචිත්තො ඛිලජාතො, ඉමෙ පඤ්ච චෙතොඛිලා.
Sinhala BJT967. එහි පඤ්චචේතෝඛිලයෝ කවරහ යත්: ශාස්තෘන් කෙරෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි, නො ඇලෙයි, නො පහදී. ධර්‍මය කෙරෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි, නො ඇලෙයි, නො පහදී. සඞ්ඝයා කෙරෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි, නො ඇලෙයි, නො පහදී. ශික්‍ෂාව කෙරෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි, නො ඇලෙයි, නො පහදී. සබ්‍රම්සරුන් කෙරෙහි කිපියේ නො සතුටු සිත් ඇත්තේ ගැටුණු සිත් ඇත්තේ හටගත් චේතෝඛිල ඇත්තේ වෙයි. මොහු ‘පඤ්චචේතෝඛිලයෝ’ යි.
Pali BJT968. තත්ථ කතමෙ පඤ්ච චෙතසො විනිබන්ධා: කාමෙ අවීතරාගො හොති අවිගතඡන්දො අවිගතපෙමො අවිගතපිපාසො අවිගතපරිළාහො අවිගතතණ්හො. කායෙ අවීතරාගො හොති. -පෙ- රූපෙ අවීතරාගො හොති. -පෙ- යාවදත්ථං උදරාවදෙහකං භුඤ්ජිත්වා සෙය්යසුඛං පස්සසුඛං{1} මිද්ධසුඛං අනුයුත්තො විහරති. අඤ්ඤතරං දෙවනිකායං පණිධාය බ්රහ්මචරියං චරති ඉමිනාහං සීලෙන වා වතෙන වා තපෙන වා බ්රහ්මචරියෙන වා දෙවො වා භවිස්සාමි දෙවඤ්ඤතරො වාති, ඉමෙ පඤ්ච චෙතසො විනිබන්ධා.
Sinhala BJT968. එහි පඤ්ච චිත්තවිනිබන්‍ධයෝ කවරහ යත්: වස්තුකාමක්ලේශකාමයන්හි අවිගත වූ රාග ඇත්තේ, අවිගත වූ ඡන්‍ද ඇත්තේ, අවිගත වූ ප්‍රේම ඇත්තේ, අවිගත වූ පිපාසා ඇත්තේ, අවිගත වූ පරිදාහ ඇත්තේ, අවිගත වූ තෘෂ්ණා ඇත්තේ වෙයි. අධ්‍යාත්මකායයෙහි අවිගතරාග ඇත්තේ වෙයි ... බහිද්ධාරූපයෙහි අවිගතරාග ඇත්තේ වෙයි ... කැමැති තාක් කුසපුරා වළඳා ශය්‍යාසුඛයෙහි ස්පර්‍ශසුඛයෙහි නිද්‍රාසුඛයෙහි යෙදුණේ වෙසෙයි. ‘මම් මේ ශීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බඹසරින් හෝ දෙවියෙක් හෝ එක්තරා දෙවියෙක් හෝ වන්නෙමි’ එක්තරා දේවනිකායක් පතා බඹසර වෙසේ. මොහු පඤ්චචිත්තවිනිබන්‍ධයෝ යි.
Pali BJT969. තත්ථ කතමානි පඤ්ච නීවරණානි: කාමච්ඡන්දනීවරණං ව්යාපාදනීවරණං ථිනමිද්ධනීවරණං උද්ධච්චකුක්කුච්චනීවරණං විචිකිච්ඡානීවරණං, ඉමානි පඤ්ච නීවරණානි.
Sinhala BJT969. එහි පඤ්චනීවරණයෝ කවරහ යත්: කාමච්ඡන්‍දනීවරණ ය, ව්‍යාපාදනීවරණ ය, ථීනමිද්ධනීවරණ ය, උද්ධච්චකුක්කුච්චනීවරණ ය, විචිකිච්ඡානීවරණ යි. මොහු පඤ්චනීවරණයෝ යි.
Pali BJT970. තත්ථ කතමානි පඤ්ච කම්මානි ආනන්තරියානි: මාතා ජීවිතා වොරොපිතා හොති. පිතා ජීවිතා වොරොපිතො හොති. අරහන්තො ජීවිතා වොරොපිතො හොති. දුට්ඨෙන චිත්තෙන තථාගතස්ස ලොහිතං උප්පාදිතං හොති. සඞ්ඝො භින්නො හොති. ඉමානි පඤ්ච කම්මානි ආනන්තරියානි.
Sinhala BJT970. එහි පඤ්චානන්තර්‍ය්‍යකර්‍මයෝ කවරහ යත්: මව දිවියෙන් ගළවනලද වෙයි, පියා දිවියෙන් ගළවනලද වෙයි, රහත් දිවියෙන් ගළවනලද වෙයි, දුෂ්ට සිතින් තථාගත සිරුරෙහි ලෙහෙ උපදවන ලද්දේ වෙයි, සඞ්ඝයා බිඳුනා ලද්දේ වේ. මොහු පඤ්චානන්තර්‍ය්‍යකර්‍මයෝ යි.
Pali BJT971. තත්ථ කතමා පඤ්ච දිට්ඨියො: සඤ්ඤී අත්තා හොති අරොගො පරම්මරණාති ඉත්ථෙකෙ අභිවදන්ති, අසඤ්ඤී අත්තා හොති අරොගො පරම්මරණාති ඉත්ථෙකෙ අභිවදන්ති, නෙවසඤ්ඤී නාසඤ්ඤී අත්තා හොති අරොගො පරම්මරණාති ඉත්ථෙකෙ අභිවදන්ති, සතො වා පන සත්තස්ස උච්ඡෙදං විනාසං විභවං පඤ්ඤාපෙන්ති. දිට්ඨධම්මනිබ්බානං වා පනෙකෙ අභිවදන්ති, ඉමා පඤ්ච දිට්ඨියො.
Sinhala BJT971. එහි පඤ්චදෘෂ්ටීහු කවරහ යත්: මරණින් මත්තෙහි ආත්මය සංඥා ඇත්තේ නිත්‍ය වේ යයි ඇතැම් කෙනෙක් කියති. මරණින් මත්තෙහි ආත්මය සංඥා විරහිත වූයේ නිත්‍ය වේ යයි ඇතැම් කෙනෙක් කියති. මරණින් මත්තෙහි ආත්මය නෛවසංඥීනාසංඥී වූයේ නිත්‍ය වේ යයි ඇතැම් කෙනෙක් කියති. තවද විද්‍යමාන වූ ම සත්ත්‍වයාගේ සිඳීම විනාශය විභවය පනවත්. යළි ඇතැම් කෙනෙක් දෘෂ්ටධර්‍මනිර්‍වාණය හෝ කියත්. මොහු පඤ්චදෘෂ්ටීහු වෙත්.
Pali BJT972. තත්ථ කතමෙ පඤ්ච වෙරා: පාණාතිපාතො අදින්නාදානං කාමෙසුමිච්ඡාචාරො මුසාවාදො සුරාමෙරයමජ්ජපමාදට්ඨානං, ඉමෙ පඤ්ච වෙරා.
Sinhala BJT972. එහි පඤ්චවෛරයෝ කවරහ යත්: ප්‍රාණඝාත ය, අදත්තාදාන ය, කාමමිථ්‍යාචාර ය, මෘෂාවාද ය, මදයට හා ප්‍රමාදයට කරුණු වූ රහමෙර පීම යි. මොහු පඤ්ච වෛරයෝ යි.
Pali BJT973. තත්ථ කතමෙ පඤ්ච ව්යසනා: ඤාතිව්යසනං භොගව්යසනං රොගව්යසනං සීලව්යසනං දිට්ඨිව්යසනං, ඉමෙ පඤ්ච ව්යසනා.
Sinhala BJT973. එහි පඤ්චව්‍යසනයෝ කවරහ යත්: ඥාතිව්‍යසන ය, භෝගව්‍යසන ය, රෝගව්‍යසන ය, ශීලව්‍යසන ය, දෘෂ්ටිව්‍යසන යි. මොහු පඤ්චව්‍යසනයෝ යි.
Pali BJT974. තත්ථ කතමෙ පඤ්ච අඛන්තියා ආදීනවා: බහුනො ජනස්ස අප්පියො හොති අමනාපො, වෙරබහුලො ච හොති, වජ්ජබහුලො ච, සම්මූළ්හො කාලං කරොති, කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. ඉමෙ පඤ්ච අඛන්තියා ආදීනවා.
Sinhala BJT974. එහි අක්‍ෂාන්තියෙහි පඤ්චආදීනවයෝ කවරහ යත්: බොහෝ දෙනාට අප්‍රිය වූයේ අමනාප වූයේ වෙයි. වෛරබහුල වූයේත් වද්‍යබහුල වූයේත් වෙයි. මූඪ වූයේ කලුරිය කෙරෙයි. කාබුන් මරණින් මතුයෙහි සැපයෙන් පහ වූ දුකට ගති වූ විවස ව පතිත වන නිරයට පැමිණේ. මොහු අක්‍ෂාන්තියෙහි පඤ්චආදීනවයෝ යි.
Pali BJT975. තත්ථ කතමානි පඤ්ච භයානි: ආජීවිකභයං අසිලොකභයං පරිසසාරජ්ජභයං මරණභයං දුග්ගතිභයං, ඉමානි පඤ්චභයානි.
Sinhala BJT975. එහි පඤ්චභය කවරහ යත්: දිවිවැටුම නිසා උපන් බිය ය, ගැරැහුම්බිය ය, පිරිස්හි සාරද්‍ය සඞ්ඛ්‍යාත බිය ය, මරණයෙන් වූ බිය ය, දුගති බිය යි. මොහු පඤ්චභය වෙත්.
Pali BJT976. තත්ථ කතමො පඤ්ච දිට්ඨධම්මනිබ්බානවාදා: ඉධෙකච්චො සමණො වා බ්රාහ්මණො වා එවංවාදී හොති එවංදිට්ඨි. යතො ඛො භො අයං අත්තා පඤ්චහි කාමගුණෙහි සමප්පිතො සමඞ්ගීභූතො පරිචාරෙති. එත්තාවතා ඛො භො අයං අත්තා පරමදිට්ඨධම්ම නිබ්බානප්පත්තො හොතීති, ඉත්ථෙකෙ සතො සත්තස්ස පරමදිට්ඨධම්ම නිබ්බානං පඤ්ඤාපෙන්ති.
Sinhala BJT976. එහි පඤ්චදෘෂ්ටධර්‍මනිර්‍වාණවාදයෝ කවරහ යත්: මෙලොව ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙයි. භවත, යම් තැනෙක පටන් මේ ආත්මය පස්කම්ගුණයෙන් ඇලුණේ යුක්ත වූයේ ඉඳුරන් පිනවා ද, භවත්නි, මෙතෙකින් මේ ආත්මය පරමදෘෂ්ටධර්‍මනිර්‍වාණයට පැමිණියේ වේ යයි මෙසේ ඇතැම් කෙනෙක් විද්‍යමාන වූ සත්ත්‍වයාගේ පරමදෘෂ්ටධර්‍මනිර්‍වාණය පනවත්.
Pali BJTතමඤ්ඤො එවමාහ: අත්ථි ඛො භො එසො අත්තා යං ත්වං වදෙසි නෙසො නත්ථීති වදාමි. නෙ ච ඛො භො අයං අත්තා එත්තාවතා පරමදිට්ඨධම්මනිබ්බානප්පත්තො හොති. තං කිස්ස හෙතු: කාමා හි භො අනිච්චා දුක්ඛා විපරිණාමධම්මා, තෙසං විපරිණාමඤ්ඤථාභාවා උප්පජ්ජන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා. යතො ඛො භො අයං අත්තා විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. එත්තාවතා ඛො භො අයං අත්තා පරමදිට්ඨධම්මනිබ්බානප්පත්තො හොතීති ඉත්ථෙකෙ සතො සත්තස්ස පරමදිට්ඨධම්මනිබ්බානං පඤ්ඤාපෙන්ති.
Sinhala BJTඔහුට අනෙකෙක් මෙසේ කියයි: භවත, තෙල ආත්මය ඇත් ම ය තෝ යමක් කීයෙහි නම් තෙල නැතැ යි නො කියමි. භවත, මෙතෙකින් මේ ආත්මය පරමදෘෂ්ටධර්‍මනිර්‍වාණයට පැමිණියේ නො ද වෙයි. ඊට හේතු කිම? භවත, කාමයෝ අනිත්‍යයහ, දුඃඛයහ, විපරිණාමස්වභාවයහ. ඔවුන්ගේ විපරිණාම සඞ්ඛ්‍යාත අන්‍යථාත්‍වයෙන් සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසයෝ උපදිත්. භවත, යම් තැනෙක පටන් මේ ආත්මය කාමයන්ගෙන් වෙන් ව ම ... ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, මෙතෙකින් භවත, මේ ආත්මය පරමදෘෂ්ටධර්‍මනිර්‍වාණයට පැමිණියේ වේ ය යි මෙසේ ඇතැම් කෙනෙක් විද්‍යමාන වූ සත්ත්‍වයාගේ පරමදෘෂ්ටධර්‍මනිර්‍වාණය පණවත්.
Pali BJTතමඤ්ඤො එවමාහ: අත්ථි ඛො භො එසො අත්තා යං ත්වං වදෙසි. නෙසො නත්ථීති වදාමි. නො ච ඛො භො අයං අත්තා එත්තාවතා පරමදිට්ඨධම්මනිබ්බානප්පත්තො හොති. තං කිස්ස හෙතු: යදෙව තත්ථ විතක්කිතං විචාරිතං එතෙන එතං ඔළාරිකං අක්ඛායති. යතො ඛො භො අයං අත්තා විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. එත්තාවතා ඛො භො අයං අත්තා පරම දිට්ඨධම්ම නිබ්බානප්පත්තො හොතීති ඉත්ථෙකෙ සතො සත්තස්ස පරමදිට්ඨධම්ම නිබ්බානං පඤ්ඤාපෙන්ති.
Sinhala BJTඔහුට අනෙකෙක් මෙසේ කියයි: භවත, තෙල ආත්මය ඇත් ම ය, තෝ යමක් කියෙහි නම් තෙල නැතැ යි නො කියමි. භවත, මේ ආත්මය මෙතෙකින් පරමදෘෂ්ටධර්‍මනිර්‍වාණයට පැමිණියේ නො ද වෙයි. ඊට හේතු කිම? එහි යම් ම විතර්‍කයෙක් විචාරයෙක් වේ ද, මෙයින් තෙල ප්‍රථමධ්‍යානය ඖදාරික ව වැටහෙයි. භවත, යම් තැනෙක පටන් මේ ආත්මය විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, මෙතෙකින් භවත, මේ ආත්මය පරමදෘෂ්ටධර්‍මනිර්‍වාණයට පැමිණියේ වේ ය යි මෙසේ ඇතැම් කෙනෙක් විද්‍යමාන වූ සත්ත්‍වයාගේ පරමදෘෂ්ටධර්‍මනිර්‍වාණය පණවත්.
Pali BJTතමඤ්ඤො එවමාහ: අත්ථි ඛො භො එසො අත්තා යං ත්වං වදෙසි නෙසො නත්ථීති වදාමි. නො ච ඛො භො අයං අත්තා එත්තාවතා පරමදිට්ඨධම්මනිබ්බානප්පත්තො හොති. තං කිස්ස හෙතු: යදෙව තත්ථ පීතිගතං චෙතසො උබ්බිල්ලාවිතත්තං{1} එතෙන එතං ඔළාරිකං අක්ඛායති. යතො ඛො භො අයං අත්තා පීතියා ච විරාගා -පෙ- තතියං ඣානං උපසම්පජ්ජ විහරති. එත්තාවතා ඛො භො අයං අත්තා පරමදිට්ඨධම්මනිබ්බානප්පත්තො හොතීති ඉත්ථෙකෙ සතො සත්තස්ස පරමදිට්ඨධම්මනිබ්බානං පඤ්ඤාපෙන්ති.
Sinhala BJTඔහුට අනෙකෙක් මෙසේ කියයි: භවත, තෙල ආත්මය ඇත් ම ය, තෝ යමක් කියෙහි නම් තෙල නැතැ යි නො කියමි. භවත, මේ ආත්මය මෙතෙකින් පරමදෘෂ්ටධර්‍මනිර්‍වාණයට පැමිණියේ නො ද වෙයි. ඊට හේතු කිම? එහි යම් මැ මෙයින් ප්‍රීතිගතයෙක් චිත්තයාගේ උත්ප්ලාවනයෙක් වේ ද, මෙයින් තෙල ද්විතීයධ්‍යානය ඖදාරික සේ වැටැහෙයි. භවත, යම් තැනෙක පටන් මේ ආත්මය ප්‍රීතියගේ ද විරාගයෙන් ... තෘතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, භවත, මෙතෙකින් මේ ආත්මය පරමදෘෂ්ටධර්‍මනිර්‍වාණයට පැමිණියේ වේ ය යි මෙසේ ඇතැම් කෙනෙක් විද්‍යමාන වූ සත්ත්‍වයාගේ පරමදෘෂ්ටධර්‍මනිර්‍වාණය පණවත්.
Pali BJTතමඤ්ඤො එවමාහ: අත්ථි ඛො භො එසො අත්තා යං ත්වං වදෙසි. නෙසො නත්ථීති වදාමි. නො ච ඛො භො අයං අත්තා එත්තාවතා පරමදිට්ඨධම්මනිබ්බානප්පත්තො හොති. තං කිස්ස හෙතු: යදෙව තත්ථ සුඛමිති චෙතසො{2} ආභොගො එතෙන එතං ඔළාරිකං අක්ඛායති. යතො ඛො භො අයං අත්තා සුඛස්ස ච පහානා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. එත්තාවතා ඛො භො අයං අත්තා පරමදිට්ඨධම්මනිබ්බානප්පත්තො හොතීති ඉත්ථෙකෙ සතො සත්තස්ස පරමදිට්ඨධම්මනිබ්බානං පඤ්ඤාපෙන්ති. ඉමෙ පඤ්ච දිට්ඨධම්මනිබ්බානවාදා.
Sinhala BJTඔහුට අනෙකෙක් මෙසේ කියයි: භවත, මේ ආත්මය ඇත් ම ය, තෝ යමක් කියෙහි නම් තෙල නැතැ යි නො කියමි. භවත, මේ ආත්මය මෙතෙකින් පරමදෘෂ්ටධර්‍මනිර්‍වාණයට පැමිණියේ නො ද වෙයි. ඊට හේතු කිම? එහි යම් මැ සුඛයෙහි චිත්තයාගේ ආභෝගයෙක් වේ ද, මෙයින් තෙල තෘතීයධ්‍යානය ඖදාරික සේ වැටැහෙයි. භවත, යම් තැනෙක පටන් මේ ආත්මය සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, භවත, මෙතෙකින් මේ ආත්මය පරමදෘෂ්ටධර්‍මනිර්‍වාණයට පැමිණියේ වේ ය යි මෙසේ ඇතැම් කෙනෙක් විද්‍යමාන වූ සත්ත්‍වයාගේ පරමදෘෂ්ටධර්‍මනිර්‍වාණය පණවත්. මේ පඤ්ච දෘෂ්ටධර්‍මනිර්‍වාණවාදයෝ යි.
Pali BJTපඤ්චකං.
Sinhala BJTපඤ්චක යි.