Pali BJT865. තත්ථ කතමා කුහනා: ලාභසක්කාරසිලොකසන්නිස්සිතස්ස පාපිච්ඡස්ස ඉච්ඡාපකතස්ස පච්චයපටිසෙධනසඞ්ඛාතෙන වා සාමන්තජප්පිතෙන වා ඉරියාපථස්ස වා අට්ඨපනා{2} ඨපනා සණ්ඨපනා භාකුටිතා භාකුටියං කුහනා කුහායනා කුහිතත්තං, අයං වුච්චති කුහනා.
Sinhala BJT865. එහි කුහනා කවර යත්: ලාභසත්කාරප්‍රශංසා ඇසුරු කළ, පාපේච්ඡ වූ, (අසද්ගුණ ප්‍රකාශ කරනු කැමැති) ආශායෙන් මඩනා ලද්දහුගේ ප්‍රත්‍යයප්‍රතිෂෙධනය යි කියන ලද කොහොන්වතින් හෝ සාමන්තජල්පනයෙන් හෝ ඊර්‍ය්‍යාපථයාගේ හෝ ආදියෙහි තැබීමෙක් තබන අයුරෙක් මොනොවට තැබීමෙක් මුහුණ හකුළුවන බවෙක් මුහුණ හකුළන අයුරෙක් විස්මය කරවීමෙක් විස්මය පැවැත්වීමෙක් කොහොන් බවෙක් වේ ද, මේ ‘කුහනා’ යි කියනු ලැබේ.
Pali BJT866. තත්ථ කතමා ලපනා: ලාභසක්කාරසිලොකසන්නිස්සිතස්ස පාපිච්ඡස්ස ඉච්ඡාපකතස්ස යා පරෙසං ආලපනා ලපනා සල්ලපනා උල්ලපනා සමුල්ලපනා උන්නහනා සමුන්නහනා උක්කාචනා සමුක්කාචනා අනුප්පියභාණිතා{3} චාටුකම්යතා මුග්ගසුප්ප්යතා පාරිභට්ටතා, අයං වුච්චති ලපනා.
Sinhala BJT866. එහි ලපනා කවර යත්: ලාභසත්කාර කීර්තිප්‍රශංසා ඇසුරු කළ පවිටු අදහස් ඇති ආශායෙන් මඩනා ලද්දහුගේ පරාහට යම් පළමු කොට බිණීමෙක්, මනා කොට බිණීමෙක්, උසස් කොට බිණීමෙක්, හාත්පසින් උසස් කොට බිණීමෙක්, මතුමත්තෙහි බැඳීමෙක්, හාත්පසින් මතුමත්තෙහි බැඳීමෙක්, උස් කොට හැඟැවීමෙක්, හාත්පසින් උස් කොට හැඟැවීමෙක්, ප්‍රිය තෙපුල් බිණීමෙක්, යටත් ව පවත්නා බවෙක්, මුද්ගසූපය වැනි බවෙක්, දරුවන් වඩන බවෙක් වේ ද, මේ ‘ලපනා’ යි කියනු ලැබේ.
Pali BJT867. තත්ථ කතමා නෙමිත්තිකතා: ලාභසක්කාරසිලොකසන්නිස්සිතස්ස පාපිච්ඡස්ස ඉච්ඡාපකතස්ස යං පරෙසං නිමිත්තං නිමිත්තකම්මං ඔභාසො ඔභාසකම්මං සාමන්තජප්පා පරිකථා, අයං වුච්චති නෙමිත්තිකතා.
Sinhala BJT867. එහි නෛමිත්තිකතා කවර යත්: ලාභසත්කාරප්‍රශංසා ඇසුරු කළ පවිටු අදහස් ඇති ආශායෙන් මඩනා ලද්දහුගේ මෙරමාහට යම් නිමිති කරන බවෙක් නිමිති කිරීමෙක් පහළ කිරීමෙක් පහළ කරන ක්‍රියායෙක් සමීප කොට බිණීමෙක් පර්‍ය්‍යාය තෙපුලෙක් වේ ද, මේ ‘නෙමිත්තිකතා’ යි කියනු ලැබේ.
Pali BJT868. තත්ථ කතමා නිප්පෙසිකතා: ලාභසක්කාරසිලොකසන්නිස්සිතස්ස පාපිච්ඡස්ස ඉච්ඡාපකතස්ස යා පරෙසං අක්කොසනා වම්භනා ගරහනා උක්ඛෙපනා සමුක්ඛෙපනා ඛිපනා සංඛිපනා පාපනා සම්පාපනා අවණ්ණාහාරිකා{4} පරපිට්ඨිමංසිකතා, අයං වුච්චති නිප්පෙසිකතා.
Sinhala BJT868. එහි නිප්පෙසිකතා කවර යත්: ලාභසත්කාරප්‍රශංසා ඇසුරු කළ, පවිටු අදහස් ඇති, ආශායෙන් මඩනා ලද්දහුගේ මෙරමාහට යම් ආක්‍රෝශ කිරීමෙක්, පරිභව කිරීමෙක්, ගර්‍හා කිරීමෙක්, උස් කොට බිණීමෙක්, හාත්පසින් උස් කොට බිණීමෙක්, සිනහ කිරීමෙක්, හාත්පසින් සිනහ කිරීමෙක්, පැමිණවීමෙක්, හාත්පසින් පැමිණවීමෙක්, නුගුණ එළවන බවෙක්, මෙරමාපිටුමස් කනසුලු බවෙක් වේ ද, මේ ‘නිප්පෙසිකතා’ යි කියනු ලැබේ.
Pali BJT869. තත්ථ කතමා ලාභෙන ලාභං නිජිගිංසනතා: ලාභසක්කාරසිලොකසන්නිස්සිතො පාපිච්ඡො ඉච්ඡාපකතො ඉතො ලද්ධං ආමිසං අමුත්ර හරති, අමුත්ර වා ලද්ධං ආමිසං ඉධ ආහරති, යා එවරූපා ආමිසෙන ආමිසස්ස එට්ඨි ගවෙට්ඨි පරියෙට්ඨි එසනා ගවෙසනා පරියෙසනා, අයං වුච්චති ලාභෙන ලාභං නිජිගිංසනතා.
Sinhala BJT869. එහි ලාභයෙන් ලාභය සෙවීම කවරෙ යත්: ලාභසත්කාරප්‍රශංසා ඇසුරු කෙළේ, පවිටු අදහස් ඇතියේ, ආශායෙන් මඩනා ලදුයේ, මෙගෙන් ලද ආමිෂය එගෙට ගෙනයේ ද, එගෙන් ලද ආමිෂය හෝ මෙගෙට ගෙන ඒ ද, මෙබඳු වූ යම් ආමිෂයෙන් ආමිෂය කැමැතිවීමෙක්, සෙවීමෙක්, නැවත නැවත සෙවීමෙක්, ඒෂණයෙක්, ගවේෂණයෙක්, පර්‍ය්‍යෙෂණයෙක් වේ ද, මේ ‘ලාභයෙන් ලාභය සෙවීම’ යි කියනු ලැබේ.
Pali BJT870. තත්ථ කතමො සෙය්යොහමස්මීති මානො: ඉධෙකච්චො ජාතියා වා ගොත්තෙන වා කොලපුත්තියෙන වා වණ්ණපොක්ඛරතාය වා ධනෙන වා අජ්ඣෙනෙන වා කම්මායතනෙන වා සිප්පායතනෙන වා විජ්ජාට්ඨානෙන වා සුතෙන වා පටිභානෙන වා අඤ්ඤතරඤ්ඤතරෙන වත්ථුනා මානං ජප්පෙති, යො එවරූපො මානො මඤ්ඤනා මඤ්ඤිතත්තං උන්නති උන්නාමො ධජො සම්පග්ගාහො කෙතුකම්යතා චිත්තස්ස අයං වුච්චති සෙය්යොහමස්මීති මානො.
Sinhala BJT870. එහි මම උසස්මි යන මානය කවරෙ යත්: මෙලොව ඇතැමෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ කුලපුත්‍ර භාවයෙන් හෝ වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් හෝ ධනයෙන් හෝ අධ්‍යයනයෙන් හෝ කර්‍මායතනයෙකින් හෝ ශිල්පායතනයෙකින් හෝ විද්‍යාවෙකින් හෝ ශ්‍රැතයෙන් හෝ ප්‍රතිභානයෙන් හෝ අන්‍යතරාන්‍යතර වස්තුවෙකින් මානය කෙරෙයි. යම් මෙබඳු වූ මානයෙක්, මානාකාරයෙක්, මානය කළ බවෙක්, උන්නතියෙක්, උස් කොට තැබීමෙක්, මානධ්වජයෙක්, සිත නඟාගැනීමෙක්, චිත්තයාගේ කේතුකම්‍යතායෙක් වේ ද, මේ ‘මම උසස්මි යන මානය’ යි කියනු ලැබේ.
Pali BJT871. තත්ථ කතමො සදිසොහමස්මීති මානො: ඉධෙකච්චො ජාතියා වා ගොත්තෙන වා කොලපුත්තියෙන වා වණ්ණපොක්ඛරතාය වා ධනෙන වා අජ්ඣෙනෙන වා කම්මායතනෙන වා සිප්පායතනෙන වා විජ්ජාට්ඨානෙන වා සුතෙන වා පටිභානෙන වා අඤ්ඤතරඤ්ඤතරෙන වත්ථුනා මානං ජප්පෙති, යො එවරූපො මානො මඤ්ඤනා මඤ්ඤිතත්තං උන්නති උන්නාමො ධජො සම්පග්ගාහො කෙතුකම්යතා චිත්තස්ස, අයං වුච්චති සදිසො’හමස්මීති මානො.
Sinhala BJT871. එහි මම් සදෘශයෙමි යන මානය කවරෙ යත්: මෙලොව ඇතැමෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ කුලපුත්‍ර භාවයෙන් හෝ වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් හෝ ධනයෙන් හෝ අධ්‍යයනයෙන් හෝ කර්‍මායතනයෙකින් හෝ ශිල්පායතනයෙකින් හෝ විද්‍යාවෙකින් හෝ ශ්‍රැතයෙන් හෝ ප්‍රතිභානයෙන් හෝ අන්‍යතරාන්‍යතරවස්තුවෙකින් මානය කෙරෙයි. යම් මෙබඳු වූ මානයෙක්, මානාකාරයෙක්, මානය කළ බවෙක්, උන්නතියෙක්, උසස් කොට තැබීමෙක්, මානධ්වජයෙක්, සිත නඟාගැනීමෙක්, චිත්තයාගේ කේතුකම්‍යතායෙක් වේ ද, මේ ‘මම සදෘශයෙමි යන මානය’ යි කියනු ලැබේ.
Pali BJT872. තත්ථ කතමො හීනොහමස්මීති මානො: ඉධෙකච්චො ජාතියා වා ගොත්තෙන වා කොලපුත්තියෙන වා වණ්ණපොක්ඛරතාය වා ධනෙන වා අජ්ඣෙනෙන වා කම්මායතනෙන වා සිප්පායතනෙන වා විජ්ජාට්ඨානෙන වා සුතෙන වා පටිභානෙන වා අඤ්ඤතරඤ්ඤතනෙ වත්ථුනා ඔමානං ජප්පෙති, යො එවරූපො ඔමානො ඔමඤ්ඤනා ඔමඤ්ඤිතත්තං හීළනා ඔහීළනා ඔහීළිතත්තං අත්තුඤ්ඤා අත්තවඤ්ඤා අත්තපරිභවො, අයං වුච්චති හීනො’හමස්මීති මානො.
Sinhala BJT872. එහි මම හීනයෙමි යන මානය කවරෙ යත්: මෙලොව ඇතැමෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ කුලපුත්‍ර භාවයෙන් හෝ වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් හෝ ධනයෙන් හෝ අධ්‍යයනයෙන් හෝ කර්‍මායතනයෙකින් හෝ ශිල්පායතනයෙකින් හෝ විද්‍යාවෙකින් හෝ ශ්‍රැතයෙන් හෝ ප්‍රතිභානයෙන් හෝ අන්‍යතරාන්‍යතර වස්තුවෙකින් අවමානය කෙරෙයි. යම් මෙබඳු වූ හීනමානයෙක්, අවමානාකාරයෙක්, අවමන් කළ බවෙක්, තමහට ගැරහීමෙක්, අධිකව ගැරහීමෙක්, ගැරහූ බවෙක්, තමා හීනකොට සැලැකීමෙක්, තමහට අවඥා කිරීමෙක්, තමහට පරිභවයෙක් වේ ද, මේ ‘මම හීනයෙමි මානය’ යි කියනු ලැබේ.
Pali BJT873. තත්ථ කතමො සෙය්යස්ස සෙය්යොහමස්මීති මානො: ඉධෙකච්චො සෙය්යො හොති ජාතියා වා ගොත්තෙන වා කොලපුත්තියෙන වා වණ්ණපොක්ඛරතාය වා ධනෙන වා අජ්ඣෙනෙන වා කම්මායතනෙන වා සිප්පායතනෙන වා විජ්ජාට්ඨානෙන වා සුතෙන වා පටිභානෙන වා අඤ්ඤතරඤ්ඤතරෙන වත්ථුනා පරෙහි සෙය්යං අත්තානං දහති. සො තං නිස්සාය මානං ජප්පෙති, යො එවරූපො මානො මඤ්ඤනා මඤ්ඤිතත්තං උන්නති උන්නාමො ධජො සම්පග්ගාහො කෙතුකම්යතා චිත්තස්ස, අයං වුච්චති සෙය්යස්ස සෙය්යෙ’හමස්මීති මානො.
Sinhala BJT873. එහි මම ශ්‍රේෂ්ඨයහට ශ්‍රේෂ්ඨයෙමි යන මානය කවරෙ යත්: මෙලොව ඇතැමෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ කුලපුත්‍රභාවයෙන් හෝ වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් හෝ ධනයෙන් හෝ අධ්‍යයනයෙන් හෝ කර්‍මායතනයෙකින් හෝ ශිල්පායතනයෙකින් හෝ විද්‍යාවෙකින් හෝ ශ්‍රැතයෙන් හෝ ප්‍රතිභානයෙන් හෝ අන්‍යතරාන්‍යතර වස්තුයෙකින් ශ්‍රේෂ්ඨ වේ ද, හෙතෙම පරහට වඩා තමා උසස් කොට තබයි. හේ එනිසා මානය කෙරෙයි. යම් මෙබඳු වූ මානයෙක්, මානාකාරයෙක්, මානය කළ බවෙක්, උන්නතියෙක්, උන්නාමයෙක්, මානද්ධවජයෙක්, සිත නඟාගැනීමෙක්, චිත්තයාගේ කේතුකම්‍යතායෙක් වේ ද, මේ ‘මම ශ්‍රේෂ්ඨයෙමි යන මානය’ යි කියනු ලැබේ.
Pali BJT874. තත්ථ කතමො සෙය්යස්ස සදිසො’හමස්මීති මානො: ඉධෙකච්චො සෙය්යො හොති ජාතියා වා ගොත්තෙන වා කොලපුත්තියෙන වා වණ්ණපොක්ඛරතාය වා ධනෙන වා අජ්ඣෙනෙන වා කම්මායතනෙන වා සිප්පායතනෙන වා විජ්ජාට්ඨානෙන වා සුතෙන වා පටිභානෙන වා අඤ්ඤතරඤ්ඤතරෙන වත්ථුනා පරෙහි සදිසං අත්තානං දහති. සො තං නිස්සාය මානං ජප්පෙති. යො එවරූපො මානො මඤ්ඤනා මඤ්ඤිතත්තං උන්නති උන්නාමො ධජො සම්පග්ගාහො කෙතුකම්යතා චිත්තස්ස, අයං වුච්චති සෙය්යස්ස සදිසො’හමස්මීති මානො.
Sinhala BJT874. එහි ‘මම ශ්‍රේෂ්ඨයහට ශ්‍රේෂ්ඨයහට සදෘශයෙමි යන මානය’ කවරෙ යත්: මෙලොවැ ඇතැමෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ කුලපුත්‍රභාවයෙන් හෝ වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් හෝ ධනයෙන් හෝ අධ්‍යයනයෙන් හෝ කර්‍මායතනයෙකින් හෝ ශිල්පායතනයෙකින් හෝ විද්‍යායෙකින් හෝ ශ්‍රැතයෙන් හෝ ප්‍රතිභානයෙන් හෝ අන්‍යතරාන්‍යතර වස්තුයෙකින් ශ්‍රේෂ්ඨ වේ ද, හෙතෙම තමා මෙරමා හා සදෘශ කෙරෙයි. හෙතෙම එනිසා මානය කෙරෙයි. යම් මෙබඳු වූ මානයෙක්, මානාකාරයෙක්, මානය කළ බවෙක්, උන්නතියෙක්, උන්නාමයෙක්, මානද්ධවජයෙක්, සිත නඟාගැනීමෙක්, චිත්තයාගේ කේතුකම්‍යතායෙක් වේ ද, මේ ‘මම ශ්‍රේෂ්ඨයහට සදෘශයෙමි යන මානය’ යි කියනු ලැබේ.
Pali BJT875. තත්ථ කතමො සෙය්යස්ස හීනො’හමස්මීති මානො: ඉධෙකච්චො සෙය්යො හොති ජාතියා වා ගොත්තෙන වා කොලපුත්තියෙන වා වණ්ණපොක්ඛරතාය වා ධනෙන වා අජ්ඣෙනෙන වා කම්මායතනෙන වා සිප්පායතනෙන වා විජ්ජාට්ඨානෙන වා සුතෙන වා පටිභානෙන වා අඤ්ඤතරඤ්ඤතරෙන වත්ථුනා පරෙහි හීනං අත්තානං දහති. සො තං නිස්සාය ඔමානං ජප්පෙති. යො එවරූපො ඔමානො ඔමඤ්ඤනා ඔමඤ්ඤිතත්තං හීළනා ඔහීළනා ඔහීළිතත්තං අත්තුඤ්ඤා අත්තවඤ්ඤා අත්තපරිභවො, අයං වුච්චති සෙය්යස්ස හීනො’හමස්මීති මානො.
Sinhala BJT875. එහි ‘මම ශ්‍රේෂ්ඨයහට හීනයෙමි’ යන මානය කවරෙ යත්: මෙලොව ඇතැමෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ කුලපුත්‍රභාවයෙන් හෝ වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් හෝ ධනයෙන් හෝ අධ්‍යයනයෙන් හෝ කර්‍මායතනයෙකින් හෝ ශිල්පායතනයෙකින් හෝ විද්‍යායෙකින් හෝ ශ්‍රැතයෙන් හෝ ප්‍රතිභානයෙන් හෝ අන්‍යතරාන්‍යතර වස්තුයෙකින් ශ්‍රේෂ්ඨ වේ ද, හෙතෙම මෙරමා කෙරෙන් තමා හීන කෙරෙයි. හෙතෙම එනිසා අවමානය කෙරෙයි. යම් මෙබඳු අවමානයෙක්, අවමානාකාරයෙක්, අවමන් කළ බවෙක්, තමහට ගැරහීමෙක්, අධිකව ගැරහීමෙක්, ගැරහූ බවෙක්, තමා හීන කොට සැලකීමෙක් තමහට අවඥා කිරීමෙක්, තමහට පරිභවයෙක් වේ ද, මේ ‘මම් ශ්‍රේෂ්ඨයහට හීනයෙමි යන මානය’ යි කියනු ලැබේ.
Pali BJT876. තත්ථ කතමො සදිසස්ස සෙය්යො’හමස්මීති මානො: ඉධෙකචෙචා සදිසො හොති ජාතියා වා ගොත්තෙන වා කොලපුත්තියෙන වා -පෙ- අඤ්ඤතරඤ්ඤතරෙන වත්ථුනා පරෙහි සෙය්යං අත්තානං දහති. සො තං නිස්සාය මානං ජප්පෙති. යො එවරූපො මානො මඤ්ඤනා මඤ්ඤිතත්තං -පෙ- කෙතුකම්යතා චිත්තස්ස, අයං වුච්චති සදිසස්ස සෙය්යො’හමස්මීති මානො.
Sinhala BJT876. එහි ‘මම් සදෘශයහට ශ්‍රේෂ්ඨයෙමි’ යන මානය කවරෙ යත්: මෙලොව ඇතැමෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ කුලපුත්‍රභාවයෙන් හෝ ... අන්‍යතරාන්‍යතර වස්තුයෙකින් සදෘශ වූයේ වේ ද, හෙතෙම මෙරමාහට වඩා තමා ශ්‍රේෂ්ඨ කෙරෙයි. හෙතෙම එනිසා මානය කෙරෙයි. යම් මෙබඳු මානයෙක්, මානාකාරයෙක්, මානය කළ බවෙක් ... චිත්තයාගේ කේතුකම්‍යතායෙක් වේ ද, මේ ‘මම් සදෘශයහට ශ්‍රේෂ්ඨයෙමි යන මානය’ යි කියනු ලැබේ.
Pali BJT877. තත්ථ කතමො සදිසස්ස සදිසො’හමස්මීති මානො: ඉධෙකච්චො සදිසො හොති ජාතියා වා ගොත්තෙන වා කොලපුත්තියෙන වා -පෙ- අඤ්ඤතරඤ්ඤතරෙන වත්ථුනා පරෙහි සදිසං අත්තානං දහති. සො තං නිස්සාය මානං ජප්පෙති. යො එවරූපො මානො මඤ්ඤනා මඤ්ඤිතත්තං -පෙ- කෙතුකම්යතා චිත්තස්ස, අයං වුච්චති සදිසස්ස සදිසො’හමස්මීති මානො.
Sinhala BJT877. එහි ‘මම් සදෘශයහට සදෘශයෙමි’ යන මානය කවරෙ යත්: මෙලොව ඇතැමෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ කුලපුත්‍රභාවයෙන් හෝ ... අන්‍යතරාන්‍යතර වස්තුයෙකින් සදෘශ වූයේ වේ ද, හෙතෙම මෙරමා හා තමා සදෘශ කෙරෙයි. හෙතෙම එනිසා මානය කෙරෙයි. යම් මෙබඳු මානයෙක්, මානාකාරයෙක්, මානය කළ බවෙක් ... චිත්තයාගේ කේතුකම්‍යතායෙක් වේ ද, මේ ‘මම් සදෘශයහට සදෘශයෙමි යන මානය’ යි කියනු ලැබේ.
Pali BJT878. තත්ථ කතමො සදිසස්ස’හීනොහමස්මීති මානො: ඉධෙකච්චො සදිසො හොති ජාතියා වා ගොත්තෙන වා කොලපුත්තියෙන වා -පෙ- අඤ්ඤතරඤ්ඤතරෙන වත්ථුනා පරෙහි හීනං අත්තානං දහති. සො තං නිස්සාය ඔමානං ජප්පෙති. යො එවරූපො ඔමානො ඔමඤ්ඤනා ඔමඤ්ඤිතත්තං හීළනා ඔහීළනා ඔහීළිතත්තං අත්තුඤ්ඤා අත්තවඤ්ඤා අත්තපරිභවො, අයං වුච්චති සදිසස්ස හීනො’හමස්මීති මානො.
Sinhala BJT878. එහි ‘මම් සදෘශයහට හීනයෙමි’ යන මානය කවරෙ යත්: මෙලොව ඇතැමෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ කුලපුත්‍රභාවයෙන් හෝ ... අන්‍යතරාන්‍යතර වස්තුයෙකින් සදෘශ වූයේ වේ ද, හෙතෙම මෙරමාහට වඩා තමා හීන කෙරෙයි. හෙතෙම එනිසා තමහට අවමානය කෙරෙයි. යම් මෙබඳු අවමානයෙක්, අවමානාකාරයෙක්, අවමානය කළ බවෙක්, ගැරහීමෙක්, අධිමාත්‍ර ගැරහීමෙක්, ගැරහූ බවෙක්, තමා හීන කොට සැලකීමෙක්, තමහට අවඥා කිරීමෙක්, තමහට පරිභවයෙක් වේ ද, මේ ‘මම් සදෘශයහට හීනයෙමි යන මානය’ යි කියනු ලැබේ.
Pali BJT879. තත්ථ කතමො හීනස්ස සෙය්යෙ’හමස්මීති මානො: ඉධෙකච්චො හීනො හොති ජාතියා වා ගොත්තෙන වා -පෙ- අඤ්ඤතරඤ්ඤතරෙන වත්ථුනා පරෙහි සෙය්යං අත්තානං දහති. සො තං නිස්සාය මානං ජප්පෙති. යො එවරූපො මානො මඤ්ඤනා මඤ්ඤිතත්තං -පෙ- කෙතුකම්යතා චිත්තස්ස, අයං වුච්චති හීනස්ස සෙය්යො’හමස්මීති මානො.
Sinhala BJT879. එහි ‘මම් හීනයහට ශ්‍රේෂ්ඨයෙමි’ යන මානය කවරෙ යත්: මෙලොව ඇතැමෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ ... අන්‍යතරාන්‍යතර වස්තුයෙකින් හීන වූයේ වේ ද, හෙතෙම පරහට වඩා තමා ශ්‍රේෂ්ඨ කෙරෙයි. හෙතෙම එනිසා මානය කෙරෙයි. යම් මෙබඳු මානයෙක්, මානාකාරයෙක්, මානය කළ බවෙක් ... චිත්තයාගේ කේතුකම්‍යතායෙක් වේ ද, මේ ‘මම් හීනයහට ශ්‍රේෂ්ඨයෙමි යන මානය’ යි කියනු ලැබේ.
Pali BJT880. තත්ථ කතමො හීනස්ස සදිසො’හමස්මීති මානො: ඉධෙකච්චො හීනො හොති, ජාතියා වා ගොත්තෙන වා -පෙ- අඤ්ඤතරඤ්ඤතරෙන වත්ථුනා පරෙහි සදිසං අත්තානං දහති. සො තං නිස්සාය මානං ජප්පෙති. යො එවරූපො මානො මඤ්ඤනා මඤ්ඤිතත්තං -පෙ- කෙතුකම්යතා චිත්තස්ස, අයං වුච්චති හීනස්ස සදිසො’හමස්මීති මානො.
Sinhala BJT880. එහි ‘මම් හීනයනට සදෘශයෙමි’ යන මානය කවරෙ යත්: මෙලොව ඇතැමෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ ... අන්‍යතරාන්‍යතරවස්තුයෙකින් හීන වූයේ වේ ද, හෙතෙම මෙරමා හා තමා සදෘශ කෙරෙයි. හෙතෙම එනිසා මානය කෙරෙයි. යම් මෙබඳු මානයෙක්, මානාකාරයෙක්, මානය කළ බවෙක් ... චිත්තයාගේ කේතුකම්‍යතායෙක් වේ ද, මේ ‘මම් හීනයහට සදෘශයෙමි යන මානය’ යි කියනු ලැබේ.
Pali BJT881. තත්ථ කතමො හීනස්ස හීනො’හමස්මීති මානො: ඉධෙකච්චො හීනො හොති ජාතියා වා ගොත්තෙන වා -පෙ- අඤ්ඤතරඤ්ඤතරෙන වත්ථුනා පරෙහි හීනං අත්තානං දහති. සො තං නිස්සාය ඔමානං ජප්පෙති. යො එවරූපො ඔමානො ඔමඤ්ඤනා ඔමඤ්ඤිතත්තං හීළනා ඔහීළනා ඔහීළිත්තං අත්තුඤ්ඤා අත්තවඤ්ඤා අත්තපරිභවො, අයං වුච්චති හීනස්ස හීනො’හමස්මීති මානො.
Sinhala BJT881. එහි ‘මම් හීනයහට හීනයෙමි’ යන මානය කවරෙ යත්: මෙලොව ඇතැමෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ ... අන්‍යතරාන්‍යතරවස්තුයෙකින් හීන වූයේ වේ ද, හෙතෙම මෙරමා කෙරෙන් තමා හීන කෙරෙයි. හෙතෙම එනිසා අවමානය කෙරෙයි. යම් මෙබඳු අවමානයෙක්, අවමානාකාරයෙක්, අවමානය කළ බවෙක් ගැරහීමෙක්, අධිමාත්‍ර ගැරහීමෙක්, ගර්හිත බවෙක්, තමා පහත්කොට සැලකීමෙක්, තමහට අවඥා කිරීමෙක්, තමහට පරිභවයෙක් වේ ද, මේ ‘මම් හීනයහට හීනයෙමි යන මානය’ යි කියනු ලැබේ.
Pali BJT882. තත්ථ කතමො මානො: යො මානො මඤ්ඤනා මඤ්ඤිතත්තං උන්නති උන්නාමො ධජො සම්පග්ගාහො කෙතුකම්යතා චිත්තස්ස, අයං වුච්චති මානො.
Sinhala BJT882. එහි මානය කවරෙ යත්: යම් මානයෙක්, මානාකාරයෙක්, මානය කළ බවෙක්, උන්නතියෙක්, උන්නාමයෙක්, මානද්ධවජයෙක්, සිත නඟාගැනීමෙක්, චිත්තයාගේ කේතුකම්‍යතායෙක් වේ ද, මේ ‘මානය’ යි කියනු ලැබේ.
Pali BJT883. තත්ථ කතමො අතිමානො: ඉධෙකච්චො ජාතියා වා ගොත්තෙන වා -පෙ- අඤ්ඤතරඤ්ඤතරෙන වත්ථුනා පරෙහි අත්තානං අතිමඤ්ඤති. යො එවරූපො මානො මඤ්ඤනා මඤ්ඤිතත්තං -පෙ- කෙතුකම්යතා චිත්තස්ස, අයං වුච්චති අතිමානො.
Sinhala BJT883. එහි අතිමානය කවරෙ යත්: මෙලොව ඇතැමෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ ... අන්‍යතරාන්‍යතරවස්තුයෙකින් මෙරමාහට වඩා තමා උසස් කොට සිතයි. යම් මෙබඳු මානයෙක්, මානාකාරයෙක්, මානය කළ බවෙක් ... චිත්තයාගේ කේතුකම්‍යතායෙක් වේ ද, මේ ‘අතිමානය’ යි කියනු ලැබේ.
Pali BJT884. තත්ථ කතමො මානාතිමානො: ඉධෙකච්චො ජාතියා වා ගොත්තෙන වා -පෙ- අඤ්ඤතරඤ්ඤතරෙන වත්ථුනා පුබ්බකාලං පරෙහි සදිසං අත්තානං දහති. අපරකාලං අත්තානං සෙය්යං දහති. යො එවරූපො මානො මඤ්ඤනා මඤ්ඤිතත්තං -පෙ- කෙතුකම්යතා චිත්තස්ස, අයං වුච්චති මානාතිමානො.
Sinhala BJT884. එහි මානාතිමානය කවරෙ යත්: මෙලොව ඇතැමෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ ... අන්‍යතරාන්‍යතරවස්තුයෙකින් පූර්‍වකාලයෙහි මෙරමා හා සදෘශ කොට තමා තබයි. අපරකාලයෙහි තමා ශ්‍රේෂ්ඨ කොට තබයි. යම් මෙබඳු මානයෙක්, මානාකාරයෙක්, මානය කළ බවෙක් ... චිත්තයාගේ කේතුකම්‍යතායෙක් වේ ද, මේ ‘මානාතිමානය’ යි කියනු ලැබේ.
Pali BJT885. තත්ථ කතමො ඔමානො: ඉධෙකච්චො ජාතියා වා ගොත්තෙන වා කොලපුත්තියෙන වා වණ්ණපොක්ඛරතාය වා ධනෙන වා අජ්ඣෙනෙන වා කම්මායතනෙන වා සිප්පායතනෙන වා විජ්ජාට්ඨානෙන වා සුතෙන වා පටිභානෙන වා අඤ්ඤතරඤ්ඤතරෙන වත්ථුනා ඔමානං ජප්පෙති. යො එවරූපො ඔමානො ඔමඤ්ඤනා ඔමඤ්ඤිතත්තං හීළනා ඔහීළනා ඔහීළිතත්තං අත්තුඤ්ඤා අත්තවඤ්ඤා අත්තපරිභවො, අයං වුච්චති ඔමානො.
Sinhala BJT885. එහි ඔමානය කවරෙ යත්: මෙලොව ඇතැමෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ කුලපුත්‍රභාවයෙන් හෝ වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් හෝ ධනයෙන් හෝ අධ්‍යයනයෙන් හෝ කර්‍මායතනයෙකින් හෝ ශිල්පායතනයෙකින් හෝ විද්‍යායෙකින් හෝ ශ්‍රැතයෙන් හෝ ප්‍රතිභානයෙන් හෝ අන්‍යතරාන්‍යතරවස්තුයෙකින් තමහට අවමානය කෙරෙයි. යම් මෙබඳු අවමානයෙක්, අවමානාකාරයෙක්, අවමානය කළ බවෙක්, ගැරහීමෙක්, අධිමාත්‍ර ගැරහීමෙක්, ගැරහූ බවෙක්, තමා හීන කොට සැලකීමෙක් තමහට අවඥා කිරීමෙක්, තමහට පරිභව කිරීමෙක් වේ ද, මේ ‘ඔමානය’ යි කියනු ලැබේ.
Pali BJT886. තත්ථ කතමො අධිමානො: අප්පත්තෙ පත්තසඤ්ඤිතා අකතෙ කතසඤ්ඤිතා අනධිගතෙ අධිගතසඤ්ඤිතා අසච්ඡිකතෙ සච්ඡිකතසඤ්ඤිතා, යො එවරූපො මානො මඤ්ඤනා මඤ්ඤිතත්තං උන්නති උන්නාමො ධජො සම්පග්ගාහො කෙතුකම්යතා චිත්තස්ස, අයං වුච්චති අධිමානො.
Sinhala BJT886. එහි අධිමානය කවරෙ යත්: නො පැමිණියේ (සිව්සස්) හි පැමිණි සංඥා ඇති බව ය, නො කළ (මාර්‍ග) කෘත්‍යයෙහි කළ සංඥා ඇති බව ය, අවබෝධ නො කළ (සිව්සස්) දහම් හි අවබෝධ කළ සංඥා ඇති බව ය, ප්‍රත්‍යක්‍ෂ නො කළ දැයෙහි ප්‍රත්‍යක්‍ෂ කරන ලදැයි සංඥා ඇති බව යි. යම් මෙබඳු මානයෙක්, මානාකාරයෙක්, මානය කළ බවෙක්, උන්නතියෙක්, උන්නාමයෙක්, මානද්ධවජයෙක්, සිත නඟාගැනීමෙක්, චිත්තයාගේ කේතුකම්‍යතායෙක් වේ ද, මේ ‘අධිමානය’ යි කියනු ලැබේ.
Pali BJT887. තත්ථ කතමො අස්මිමානො: රූපං අස්මීති මානො, අස්මීති ඡන්දො, අස්මීති අනුසයො, වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං අස්මීති මානො, අස්මීති ඡන්දො, අස්මීති අනුසයො. යො එවරූපො මානො මඤ්ඤනා මඤ්ඤිතත්තං උන්නති උන්නාමො ධජො සම්පග්ගාහො කෙතුකම්යතා චිත්තස්ස, අයං වුච්චති අස්මිමානො.
Sinhala BJT887. එහි අස්මිමානය කවරෙ යත්: රූපයෙමි මාන ය, රූපයෙමි ඡන්‍ද ය, රූපයෙමි අනුශය ය, වේදනායෙමි ... සංඥායෙමි ... සංස්කාරයෙමි ... විඥානයෙමි මානය, විඥානයෙමි ඡන්‍දය, විඥානයෙමි අනුශය යි. යම් මෙබඳු මානයෙක්, මානාකාරයෙක්, මානය කළ බවෙක්, උන්නතියෙක්, උන්නාමයෙක්, මානද්ධවජයෙක්, සිත නඟාගැනීමෙක්, චිත්තයාගේ කේතුකම්‍යතායෙක් වේ ද, මේ ‘අස්මිමානය’ යි කියනු ලැබේ.
Pali BJT888. තත්ථ කතමො මිච්ඡාමානො: ඉධෙකච්චො පාපකෙන වා කම්මායතනෙන පාපකෙන වා සිප්පායතනෙන පාපකෙන වා විජ්ජාට්ඨානෙන පාපකෙන වා සුතෙන පාපකෙන වා පටිභානෙන පාපකෙන වා සීලෙන පාපකෙන වා වතෙන පාපකෙන වා සීලබ්බතෙන පාපිකාය වා දිට්ඨියා අඤ්ඤතරඤ්ඤතරෙන වත්ථුනා මානං ජප්පෙති. යො එවරූපො මානො මඤ්ඤනා මඤ්ඤිතත්තං උන්නති උන්නාමො ධජො සම්පග්ගාහො කෙතුකම්යතා චිත්තස්ස, අයං වුච්චති මිච්ඡාමානො.
Sinhala BJT888. එහි මිථ්‍යාමානය කවරෙ යත්: මෙලොව ඇතැමෙක් ලාමක වූ කර්‍මායතනයෙකින් හෝ ලාමක වූ ශිල්පායතනයෙකින් හෝ ලාමක වූ විද්‍යායෙකින් හෝ ලාමක වූ ශ්‍රැතයෙන් හෝ ලාමක වූ ප්‍රතිභානයෙන් හෝ ලාමක වූ ශීලයෙන් හෝ, ලාමක වූ ව්‍රතයෙන් හෝ, ලාමක වූ ශීලව්‍රතයෙන් හෝ, ලාමක වූ දෘෂ්ටියෙන් හෝ, අන්‍යතරාන්‍යතර වස්තුයෙකින් මානය කෙරෙයි. යම් මෙබඳු මානයෙක්, මානාකාරයෙක්, මානය කළ බවෙක්, උන්නතියෙක්, උන්නාමයෙක්, මානද්ධවජයෙක් සිත නඟාගැනීමෙක්, චිත්තයාගේ කේතුකම්‍යතායෙක් වේ ද, මේ ‘මිථ්‍යාමානය’ යි කියනු ලැබේ.
Pali BJT889. තත්ථ කතමො ඤාතිවිතක්කො: ඤාතකෙ ආරබ්භ ගෙහසිතො තක්කො විතක්කො මිච්ඡාසඞ්කප්පො, අයං වුච්චති ඤාතිවිතක්කො.
Sinhala BJT889. එහි ඥාතිවිතර්‍කය කවරෙ යත්: ඥාතීන් ඇරැබ ගෘහ (පඤ්චකාමගුණ) ශ්‍රිත තර්‍කයෙක්, විතර්‍කයෙක්, මිථ්‍යාසංකල්පයෙක් වේ ද, මේ ‘ඥාතිවිතර්‍කය’ යි කියනු ලැබේ.
Pali BJT890. තත්ථ කතමො ජනපදවිතක්කො: ජනපදං ආරබ්භ ගෙහසිතො තක්කො විතක්කො මිච්ඡාසඞ්කප්පො, අයං වුච්චති ජනපදවිතක්කො.
Sinhala BJT890. එහි ජනපදවිතර්‍කය කවරෙ යත්: ජනපදය නිසා ගෘහශ්‍රිත තර්‍කයෙක්, විතර්‍කයෙක්, මිථ්‍යාසංකල්පයෙක් වේ ද, මේ ‘ජනපදවිතර්‍කය’ යි කියනු ලැබේ.
Pali BJT891. තත්ථ කතමො අමරවිතක්කො: දුක්කරකාරිතා පටිසංයුත්තො වා දිට්ඨිගතපටිසංයුත්තො වා ගෙහසිතො තක්කො විතක්කො මිච්ඡාසඞ්කප්පො, අයං වුච්චති අමරවිතක්කො.
Sinhala BJT891. එහි අමරවිතර්‍කය කවරෙ යත්: දුෂ්කරක්‍රියාප්‍රතිසංයුක්ත වූ හෝ දෘෂ්ටිප්‍රතිසංයුක්ත වූ හෝ ගෘහශ්‍රිත තර්‍කයෙක්, විතර්‍කයෙක්, මිථ්‍යාසංකල්පයෙක් වේ ද, මේ ‘අමරවිතර්‍කය’ යි කියනු ලැබේ.
Pali BJT892. තත්ථ කතමො පරානුද්දයතාපටිසංයුත්තො විතක්කො: ඉධෙකච්චො ගිහීසංසට්ඨො විහරති සහනන්දී සහසොකී සුඛිතෙසු සුඛිතො දුක්ඛිතෙසු දුක්ඛිතො උප්පන්නෙසු කිච්ච කරණීයෙසු අත්තනා වා යොගං ආපජ්ජති. යො තත්ථ ගෙහසිතො තක්කො විතක්කො මිච්ඡාසඞ්කප්පො, අයං වුච්චති පරානුද්දයතාපටිසංයුත්තො විතක්කො.
Sinhala BJT892. එහි පරානුකම්පාප්‍රතිසංයුක්ත වූ විතර්‍කය කවරෙ යත්: මෙලොව ඇතැමෙක් ගිහීන් හා සංසෘෂ්ට වූයේ එක්ව සතුටු වූයේ එක්ව ශෝකී වූයේ සුඛිත කල්හි (තෙමේ) සුඛිත වැ දුඃඛිත කල්හි දුඃඛිත වැ වෙසෙයි. උපන් කටයුතු ඇති කල්හි තෙමේ හෝ යෙදෙයි. එහි යම් ගෘහශ්‍රිත තර්‍කයෙක්, විතර්‍කයෙක්, මිථ්‍යාසංකල්පයෙක් වේ ද, මේ ‘පරානුකම්පාප්‍රතිසංයුක්තවිතර්‍කය’ යි කියනු ලැබේ.
Pali BJT893. තත්ථ කතමො ලාභසක්කාරසිලොකපටිසංයුත්තො විතක්කො: ලාභසක්කාරසිලොකං ආරබ්භ ගෙහසිතො තක්කො විතක්කො මිච්ඡාසංකාප්පො, අයං වුච්චති ලාභසක්කාරසිලොකපටිසංයුත්තො විතක්කො.
Sinhala BJT893. එහි ලාභසත්කාරප්‍රශංසාප්‍රතිසංයුක්තවිතර්‍කය කවරෙ යත්: ලාභසත්කාර ප්‍රශංසා නිසා ගෘහශ්‍රිත තර්‍කයෙක්, විතර්‍කයෙක්, මිථ්‍යාසංකල්පයෙක් වේ ද, මේ ‘ලාභසත්කාරප්‍රශංසාප්‍රතිසංයුක්තවිතර්‍කය’ යි කියනු ලැබේ.
Pali BJT894. තත්ථ කතමො අනවඤ්ඤත්තිපටිසංයුත්තො විතක්කො: ඉධෙකච්චො ජාතියා වා ගොත්තෙන වා කොලපුත්තියෙන වා වණ්ණපොක්ඛරතාය වා ධනෙන වා අජ්ඣෙනෙන වා කම්මායතනෙන වා සිප්පායතනෙන වා විජ්ජාට්ඨානෙන වා සුතෙන වා පටිභානෙන වා අඤ්ඤතරඤ්ඤතරෙන වත්ථුනා ‘මා මං පරෙ’ අවජානිංසූ{1}ති. යො තත්ථ ගෙහසිතො තක්කො විතක්කො මිච්ඡාසඞ්කප්පො, අයං වුච්චති අනවඤ්ඤත්තිපටිසංයුත්තො විතක්කො.
Sinhala BJT894. එහි අනවඥාප්‍රතිසංයුක්තවිතර්‍කය කවරෙ යත්: මෙලොව ඇතැමෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ කුලපුත්‍රභාවයෙන් හෝ වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් හෝ ධනයෙන් හෝ අධ්‍යයනයෙන් හෝ කර්‍මායතනයෙකින් හෝ ශිල්පායතනයෙකින් හෝ විද්‍යායෙකින් හෝ ශ්‍රැතයෙන් හෝ ප්‍රතිභානයෙන් හෝ අන්‍යතරාන්‍යතරවස්තුයෙකින් අන්‍යයෝ මට නහමක් අවමන් කෙරෙත්ව’ යි එහි යම් ගෘහශ්‍රිත තර්‍කයෙක්, විතර්‍කයෙක්, මිථ්‍යාසංකල්පයෙක් වේ ද, මේ ‘අනවඥාප්‍රතිසංයුක්තවිතර්‍කය’ යි කියනු ලැබේ.
Pali BJTඑකකං.
Sinhala BJTඑකක යි.
Pali BJT895. තත්ථ කතමො කොධො: යො කොධො කුජ්ඣනා කුජ්ඣිතත්තං දොසො දුස්සනා දුස්සිතත්තං,{2} ව්යාපත්ති ව්යාපජ්ජනා ව්යාපජ්ජිතත්තං, විරොධො පටිවිරොධො චණ්ඩික්කං අසුරොපො{3} අනත්තමනතා චිත්තස්ස, අයං වුච්චති කොධො.
Sinhala BJT895. එහි ක්‍රෝධය කවරෙ යත්: යම් ක්‍රෝධයෙක් ක්‍රෝධ අයුරෙක් ක්‍රෝධ කළ බවෙක් දෝෂයෙක් දූෂ්‍ය අයුරෙක් දූෂිත බවෙක් ප්‍රකෘතිභාවය හැරීමෙක් ව්‍යාපාදාකාරයෙක් ව්‍යාපාදිත බවෙක් විරෝධයෙක් ප්‍රතිවිරෝධයෙක් සැඩ බවෙක් අපරිපූර්‍ණවචන ඇති බවෙක් චිත්තයාගේ නො සතුටු බවෙක් වේ ද, මේ ‘ක්‍රෝධය’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො උපනාහො: පුබ්බකාලං{4} කොධො අපරකාලං{5} උපනාහො. යො එවරූපො උපනාහො උපනය්හනා උපනය්හිතත්තං. ආඨපනා, ඨපනා සණ්ඨපනා අනුසංසන්දනා අනුපුබ්බබන්ධනා දළ්හීකම්මං කොධස්ස, අයං වුච්චති උපනාහො.
Sinhala BJTඑහි උපනාහය කවරෙ යත්: පූර්‍වකාලය ක්‍රෝධය වෙයි. අපරකාල උපනාහය වේ. යම් මෙබඳු උපනාහ (බද්ධවෛර)යෙක් බදවෙර ඇති අයුරෙක් බදවෙර ඇති බවෙක් (ක්‍රෝධය) ආදියෙහි තැබීමෙක් පියවින් තැබීමෙක් පුන පුනා තැබීමෙක් අනුසන්‍ධානයෙක් අනුප්‍රබන්‍ධයෙක් (ගැළපීමෙක්) ක්‍රෝධය දැඩි කිරීමෙක් වේ ද, මේ ‘උපනාහය’ යි කියනු ලැබේ.
Pali BJT896. තත්ථ කතමො මක්ඛො: යො මක්ඛො මක්ඛියනා{1} මක්ඛීයිතත්තං නිට්ඨුරියං නිට්ඨුරියකම්මං, අයං වුච්චති මක්ඛො.
Sinhala BJT896. එහි මක්ඛය කවරෙ යත්: යම් පරගුණ මැකීමෙක් ගුණ මකන අයුරෙක් ගුණමැකූ බවෙක් රළුවදන් ඇති බවෙක් රළුකමෙක් වේ ද, මේ ‘මක්ඛය’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො පළාසො: යො පළාසො පළාසායනා පළාසාහාරො විවාදට්ඨානං යුගග්ගාහො අප්පටිනිස්සග්ගො, අයං වුච්චති පළාසො.
Sinhala BJTඑහි පළාසය කවරෙ යත්: යම් යුගග්‍රාහයෙක් යුගග්‍රාහ අයුරෙක් (ජයාහරණයෙන්) පළාසාහාරයෙක් විවාදකාරණයෙක් සමධුර ගැන්මෙක් නො හැරීමෙක් වේ ද, මේ ‘පළාසය’ යි කියනු ලැබේ.
Pali BJT897. තත්ථ කතමා ඉස්සා: යා පරලාභසක්කාරගරුකාරමානනවන්දනපූජනාසු ඉස්සා ඉස්සායනා ඉස්සායිතත්තං, උසූයා උසූයනා උසූයිතත්තං, අයං වුච්චති ඉස්සා.
Sinhala BJT897. එහි ඊර්‍ෂ්‍යා කවර යත්: මෙරමා පිළිබඳ ලාභසත්කාරගරුකාරමානනවන්‍දන පූජාවන් කෙරෙහි යම් ඊර්‍ෂ්‍යායෙක් ඊර්‍ෂ්‍යා අයුරෙක් ඊර්‍ෂ්‍යා කළ බවෙක් දොස් පහළ කිරීමෙක් දොස් පහළ කරන අයුරෙක් දොස් පහළ කළ බවෙක් වේ ද, මේ ‘ඊර්‍ෂ්‍යා’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං මච්ඡරියං: පඤ්ච මච්ඡරියානි: ආවාසමච්ඡරියං කුල මච්ඡරියං ලාභමච්ඡරියං වණ්ණමච්ඡරියං ධම්මමච්ඡරියං. යං එවරූපං මච්ඡෙරං මච්ඡරායනා මච්ඡරායිතත්තං වෙවිච්ඡං කදරියං කටුකඤ්චුකතා අග්ගහිතත්තං චිත්තස්ස, ඉදං වුච්චති මච්ඡරියං.
Sinhala BJTඑහි මාත්සර්‍ය්‍ය කවරෙ යත්: මාත්සර්‍ය්‍ය පසෙකි: ආවාසමාත්සර්‍ය්‍ය ය, කුලමාත්සර්‍ය්‍ය ය, ලාභමාත්සර්‍ය්‍ය ය, වර්‍ණමාත්සර්‍ය්‍ය ය, ධර්‍මමාත්සර්‍ය්‍ය යි. යම් මෙබඳු මාත්සර්‍ය්‍යයෙක්, මසුරු අයුරෙක්, මසුරු කළ බවෙක් (ස්වකීය සම්පත්තීන්) ව්‍යාප්ත කරනු කැමැති බවෙක්, තද මසුරු බවෙක්, කටුකභාවයෙක්, හැකුළුණුසිත් ඇති බවෙක්, සිත නො විදහාගත් බවෙක් වේ ද, මේ ‘මාත්සර්‍ය්‍ය’ යි කියනු ලැබේ.
Pali BJT898. තත්ථ කතමා මායා: ඉධෙකච්චො කායෙන දුච්චරිතං චරිත්වා වාචාය දුච්චරිතං චරිත්වා මනසා දුච්චරිතං චරිත්වා තස්ස පටිච්ඡාදන හෙතු පාපිකං ඉච්ඡං පණිදහති, මා මං ජඤ්ඤාති ඉච්ඡති, මා මං ජඤ්ඤාති සංකප්පෙති, මා මං ජඤ්ඤාති වාචං භාසති, මා මං ජඤ්ඤාති කායෙන පරක්කමති, යා එවරූපා මායා මායාවිතා අච්චාසරා{2} වඤ්චනා නිකති විකිරණා පරිහරණා ගූහනා පරිගූහනා ඡාදනා පටිච්ඡාදනා අනුත්තානීකම්මං අනාවීකම්මං වොච්ඡාදනා පාපකිරියා, අයං වුච්චති මායා.
Sinhala BJT898. එහි මායා කවර යත්: මෙලොව ඇතැමෙක් කයින් දුසිරිත් කොට වචනයෙන් දුසිරිත් කොට මනසින් දුසිරිත් කොට එය පිළිසන් කරනු පිණිස ලාමක වූ ඉච්ඡාවක් පිහිටුවයි. මා නො දනීව යි කැමැති වෙ යි. මා නො දනීව යි කල්පනය කෙරෙ යි. මා නො දනීව යි වචන කිය යි. මා නො දනීව යි කයින් ව්‍යායාම කෙරෙ යි. යම් මෙබඳු මායායෙක් මායාවී බවෙක් ඉක්ම පැවැත්මෙක් වඤ්චනයෙක් නිකෘතියෙක් විකිරණයෙක් බැහැර කිරීමෙක් සැඟැවීමෙක් හාත්පසින් සැඟැවීමෙක් වැසීමෙක් හාත්පසින් වැසීමෙක් නො පහළ කිරීමෙක් නො හෙළි කිරීමෙක් පාපක්‍රියාව මොනොවට වැසීමෙක් වේ ද, මේ ‘මායා’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං සාඨෙය්යං: ඉධෙකච්චො සඨො හොති පරිසඨො. යං තත්ථ සඨං සඨතා සාඨෙය්යං කක්ඛළතා කක්ඛළියං{3} පරික්ඛත්තතා පාරික්ඛත්තියං, ඉදං වුච්චති සාඨෙය්යං.
Sinhala BJTඑහි සාඨෙය්‍ය කවරෙ යත්: මෙලොව ඇතැමෙක් කෛරාටිකයෙක් හාත්පසින් කෛරාටිකයෙක් වෙයි. එහි යම් කෛරාටිකගුණයෙක් කෛරාටික අයුරෙක් කෛරාටික බවෙක් කර්‍කශතායෙක් කැකුළු බවෙක් (කැනසිටුවූ සෙයින්) දැඩි කෛරාටික බවෙක් පරික්ඛත්ත බවෙක් වේ ද, මේ ‘සාඨෙය්‍ය’ යි කියනු ලැබේ.
Pali BJT899. තත්ථ කතමා අවිජ්ජා: යං අඤ්ඤාණං අදස්සනං -පෙ- අවිජ්ජාලඞ්ගී මොහො අකුසලමූලං, අයං වුච්චති අවිජ්ජා.
Sinhala BJT899. එහි අවිද්‍යා කවර යත්: යම් අඥානයෙක් නො දැක්මෙක් ... අවිද්‍යාපරිඝයෙක් මෝහසඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ ‘අවිද්‍යා’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා භවතණ්හා: යො භවෙසු භවච්ඡන්දො භවරාගො භවනන්දි භවතණ්හා භවස්නෙහො භවපරිලාහො භවමුච්ඡා භවජ්ඣොසානං. අයං වුච්චති භවතණ්හා.
Sinhala BJTඑහි භවතෘෂ්ණා කවර යත්: භවයන්හි යම් භවච්ඡන්‍දයෙක් භවරාගයෙක් භවනන්‍දියෙක් භවතෘෂ්ණායෙක් භවස්නෙහයෙක් භවපරිදාහයෙක් භවමූර්ඡායෙක් භවය ගිල ගැනීමෙක් වේ ද, මේ ‘භවතෘෂ්ණා’ යි කියනු ලැබේ.
Pali BJT900. තත්ථ කතමා භවදිට්ඨි: භවිස්සති අත්තා ච ලොකොචාති යා එවරූපා දිට්ඨි දිට්ඨිගතං -පෙ- විපරියෙසගාහො{4} අයං වුච්චති භවදිට්ඨි.
Sinhala BJT900. එහි භවදෘෂ්ටි කවර යත්: ආත්මයත් ලෝකයත් වන්නේ යයි යම් මෙබඳු දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් (වරදවාගැනීමෙක්) වේ ද, මේ ‘භවදෘෂ්ටි’ යයි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා විභවදිට්ඨි: න භවිස්සති අත්තා ච ලොකො චාති යා එවරූපා දිට්ඨි දිට්ඨිගතං -පෙ- විපරියෙසගාහො, අයං වුච්චති විභවදිට්ඨි.
Sinhala BJTඑහි විභවදෘෂ්ටි කවර යත්: ආත්මයත් ලෝකයත් නො වන්නේ යයි යම් මෙබඳු දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් වේ ද, මේ ‘විභවදෘෂ්ටි’ යයි කියනු ලැබේ.
Pali BJT901. තත්ථ කතමා සස්සතදිට්ඨි: සස්සතො අත්තා ච ලොකො චාති යා එවරූපා දිට්ඨි දිට්ඨිගතං -පෙ- විපරියෙසගාහො, අයං වුච්චති සස්සතදිට්ඨි.
Sinhala BJT901. එහි ශාශ්වතදෘෂ්ටි කවර යත්: ආත්මයත් ලෝකයත් ශාශ්වත යයි යම් මෙබඳු දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් වේ ද, මේ ‘ශාශ්වතදෘෂ්ටි’ යයි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා උච්ඡෙදදිට්ඨි: උච්ඡිජ්ජිස්සති අත්තා ච ලොකො චාති යා එවරූපා දිට්ඨි දිට්ඨිගතං -පෙ- විපරියෙසගාහො, අයං වුච්චති උච්ඡෙදදිට්ඨි.
Sinhala BJTඑහි උච්ඡේදදෘෂ්ටි කවර යත්: ආත්මයත් ලෝකයත් උච්ඡේද වන්නේ යයි යම් මෙබඳු දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් වේ ද, මේ ‘උච්ඡේදදෘෂ්ටි’ යි කියනු ලැබේ.
Pali BJT902. තත්ථ කතමා අන්තවාදිට්ඨි: අන්තවා අත්තා ච ලොකො චාති යා එවරූපා දිට්ඨි දිට්ඨිගතං -පෙ- විපරියෙසගාහො, අයං වුච්චති අන්තවාදිට්ඨි.
Sinhala BJT902. එහි අන්තවද්දෘෂ්ටි කවර යත්: ආත්මයත් ලෝකයත් අන්ත ඇත්තේ යයි යම් මෙබඳු දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් වේ ද, මේ ‘අන්තවද්දෘෂ්ටි’ යයි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා අනන්තවාදිට්ඨි: අනන්තවා අත්තා ච ලොකො චාති යා එවරූපා දිට්ඨි දිට්ඨිගතං -පෙ- විපරියෙසගාහො, අයං වුච්චති අනන්තවාදිට්ඨි.
Sinhala BJTඑහි අනන්තවද්දෘෂ්ටි කවර යත්: ආත්මයත් ලෝකයත් අන්ත නැත්තේ යයි යම් මෙබඳු දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් වේ ද, මේ ‘අනන්තවද්දෘෂ්ටි’ යි කියනු ලැබේ.
Pali BJT903. තත්ථ කතමා පුබ්බන්තානුදිට්ඨි: පුබ්බන්තං ආරබ්භ යා උප්පජ්ජති දිට්ඨි දිට්ඨිගතං -පෙ- විපරියෙසගාහො, අයං වුච්චති පුබ්බන්තානුදිට්ඨි.
Sinhala BJT903. එහි පූර්‍වාන්තානුදෘෂ්ටි කවර යත්: පූර්‍වාන්තය නිසා යම් දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් උපදී ද, මේ ‘පූර්‍වාන්තානුදෘෂ්ටි’ යයි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා අපරන්තානුදිට්ඨි: අපරන්තං ආරබ්භ යා උප්පජ්ජති දිට්ඨි දිට්ඨිගතං -පෙ- විපරියෙසගාහො, අයං වුච්චති අපරන්තානුදිට්ඨි.
Sinhala BJTඑහි අවරාන්තානුදෘෂ්ටි කවර යත්: අවරාන්තය නිසා යම් දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් උපදී ද, මේ ‘අවරාන්තානුදෘෂ්ටි’ යයි කියනු ලැබේ.
Pali BJT904. තත්ථ කතමං අහිරිකං: යං න හිරීයති හිරීයිතබ්බෙන න හිරීයති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා, ඉදං වුච්චති අහිරිකං.
Sinhala BJT904. එහි අපත්‍රපා කවර යත්: යමෙකින් ජුගුප්සා කළයුත්ත ජුගුප්සා නො කෙරේද, ලාමක අකුශලධර්‍මයන්ගේ සමාපත්තිය ජුගුප්සා නො කෙරේ ද, මේ ‘අපත්‍රපා’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං අනොත්තප්පං: යා න ඔත්තප්පති ඔත්තප්පිතබ්බෙන න ඔත්තප්පති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා, ඉදං වුච්චති අනොත්තප්පං.
Sinhala BJTඑහි අනොත්තප්ප කවර යත්: යමෙකින් බියවිය (තැවිය) යුත්තට බිය නො වේද, ලාමක අකුශලධර්‍මයන්ගේ සමාපත්තියට බිය නො වේ ද, මේ ‘අනොත්තප්ප’ යි කියනු ලැබේ.
Pali BJT905. තත්ථ කතමා දොවචස්සතා: සහධම්මිකෙ වුච්චමානො දොවචස්සතා දෙවචස්සායං දොවචස්සියං දොවචස්සතා විප්පටිකූලගාහිතා විපච්චනිකසාතතා අනාදරියං අනාදරතා අගාරවතා අප්පතිස්සවතා, අයං වුච්චති දොවචස්සතා.
Sinhala BJT905. එහි දුර්වචස්ක බව කවරෙ යත්: ප්‍රඥප්තශික්‍ෂාපදය කියනු ලබන කල්හි දුර්වචස්ක බවෙක්, දුර්වචස්ක කමෙක්, දුර්වචස්කකර්ම ඇති බවෙක්, දුර්වචස්කතායෙක් විරුද්ධග්‍රාහයෙක් ප්‍රතිලෝමග්‍රාහයෙහි මධුර බවෙක් අනාදර බවෙක් අනාදර අයුරෙක් අගෞරව බවෙක් නිඃශ්‍රය රහිත බවෙක් වේ ද, මේ ‘දුර්වචස්ක බව’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා පාපමිත්තතා: යෙ තෙ පුග්ගලා අස්සද්ධා දුස්සීලා අප්පස්සුතා මච්ඡරිනො දුප්පඤ්ඤා යා තෙසං සෙවනා නිසෙවනා සංසෙවනා භජනා සංභජනා භත්ති සම්භත්ති සම්පවඞ්කතා, අයං වුච්චති පාපමිත්තතා.
Sinhala BJTඑහි පාපමිත්‍රතා කවර යත්: යම් ඒ පුද්ගල කෙනෙක් අශ්‍රාද්ධ ද, දුශ්ශීල ද, අල්පශ්‍රැත ද, මාත්සර්‍ය්‍ය ඇත්තාහු ද, දුෂ්ප්‍රාඥ ද, ඔවුන්ගේ යම් සේවනයෙක් බලවත් සේවනයෙක් හාත්පසින් සේවනයෙක් භජනයෙක් සම්භජනයෙක් භක්තියෙක් සම්භක්තියෙක් ඔවුන් කෙරෙහි නම්‍රත්‍වයෙක් වේ ද, මේ ‘පාපමිත්‍රතා’ යි කියනු ලැබේ.
Pali BJT906. තත්ථ කතමො අනජ්ජවො: යො අනජ්ජවො අනජ්ජවතා ජිම්හතා වඞ්කතා කුටිලතා, අයං වුච්චති අනජ්ජවො.
Sinhala BJT906. එහි අනාර්‍ජව කවරෙ යත්: යම් අනාර්‍ජව (වඞ්කතා) අයුරෙක් අනාර්‍ජව බවෙක් ජිම්හතායෙක් වඞ්ක බවෙක් කුටිල බවෙක් වේ ද, මේ ‘අනාර්‍ජව’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො අමද්දවො: යා අමුදුතා අමද්දවතා කක්ඛළියං ඵාරුසියං කක්ඛළතා කඨිනතා උජුචිත්තතා අමුදුතා, අයං වුච්චති අමද්දවො.
Sinhala BJTඑහි අමාර්දව කවරෙ යත්: යම් නො මුදු බවෙක් අමාර්දවාකාරයෙක් කර්‍කශ බවෙක් පරුෂ බවෙක් කර්‍කශ අයුරෙක් කඨින බවෙක් අමෘදුතාසඞ්ඛ්‍යාත ඍජු සිත් ඇති බවෙක් වේ ද, මේ ‘අමාර්දව’ යි කියනු ලැබේ.
Pali BJT907. තත්ථ කතමා අක්ඛන්ති: යා අක්ඛන්ති අක්ඛමනතා අනධිවාසනතා චණ්ඩික්කං අසුරොපො අනත්තමනතා චිත්තස්ස, අයං වුච්චති අක්ඛන්ති.
Sinhala BJT907. එහි අක්‍ෂාන්ති කවර යත්: යම් නො ඉවසීමෙක්, නො ඉවසන අයුරෙක්, අනධිවාසනතායෙක්, සැඩ බවෙක්, නො පිරිපුන් වදන් ඇති බවෙක්, චිත්තයාගේ නො සතුටු බවෙක් වේ ද, මේ ‘අක්‍ෂාන්ති’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං අසොරච්චං: කායිකො වීතික්කමො වාචසිකො වීතික්කමො කායික වාචසිකො වීතික්කමො, ඉදං වුච්චති අසොරච්චං, සබ්බම්පි දුස්සීල්යං අසොරච්චං.
Sinhala BJTඑහි අසොරච්චය කවරෙ යත්: කායික වූ ව්‍යතික්‍රම (දුශ්චරිත) ය, වාචසික වූ ව්‍යතික්‍රම ය, කායිකවාචසික වූ ව්‍යතික්‍රම යි. මේ ‘අසොරච්ච’ යි කියනු ලැබේ. හැම දුසිල් බව අසොරච්ච යි.
Pali BJT908. තත්ථ කතමං අසාඛල්යං, යා සා වාචා අණ්ඩකා කක්කසා පරකටුකා පරාභිසජ්ජනී කොධසාමන්තා අසමාධි සංවත්තනිකා තථා රූපිං වාචං භාසිතා හොති. යා තත්ථ අසණ්හවාචතා අසඛිලවාචතා ඵරුසවාචතා, ඉදං වුච්චති අසාඛල්යං.
Sinhala BJT908. එහි අසාඛල්‍ය කවරෙ යත්: යම් ඒ වචනයෙක් (සදොස් බැවින්) ගඬු ඇත්තේ ද, කර්‍කශ (කුණු) වූයේ ද, මෙරමාහට කටුක වේ ද, මෙරමා ලගනේ ද, ක්‍රෝධයට ආසන්න වූයේ ද, සමාධිහුගේ නො පැවැත්ම කරන්නේ ද, එබඳු වචනය කියන්නේ වෙ යි. එහි යම් නො මටවදන් බවෙක් නො මොළොක්වදන් බවෙක් රළුවදන් බවෙක් වේ ද, මේ ‘අසාඛල්‍ය’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො අපටිසන්ථාරො: ද්වෙ පටිසන්ථාරා ආමිසපටිසන්ථාරො ච ධම්මපටිසන්ථාරො ච ඉධෙකච්චො අපටිසන්ථාරකො හොති ආමිසපටිසන්ථාරෙන වා ධම්මපටිසන්ථාරෙන වා, අයං වුච්චති අපටිසන්ථාරො.
Sinhala BJTඑහි අප්‍රතිසන්‍ථාර කවරෙ යත්: ප්‍රතිසන්‍ථාර දෙකෙකි: ආමිෂප්‍රතිසන්‍ථාර (ආමිෂයෙන් ඇතිරීම) හා ධර්‍මප්‍රතිසන්‍ථාර යි. මෙලොව ඇතැමෙක් ආමිෂප්‍රතිසන්‍ථාරයෙන් හෝ ධර්‍මප්‍රතිසන්‍ථාරයෙන් හෝ නො අතුරන්නේ වෙයි. මේ ‘අප්‍රතිසන්‍ථාර’ යි කියනු ලැබේ.
Pali BJT909. තත්ථ කතමා ඉන්ද්රියෙසු අගුත්තද්වාරතා: ඉධෙකච්චො චක්ඛුනා රූපං දිස්වා නිමිත්තග්ගාහී හොති අනුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණ මෙනං චක්ඛුන්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය න පටිපජ්ජති න රක්ඛති චක්ඛුන්ද්රියං චක්ඛුන්ද්රියෙ න සංවරං ආපජ්ජති. සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මා විඤ්ඤාය නිමිත්තග්ගාහී හොති අනුබ්යඤ්ජනග්ගාහී යත්වාධිකරණමෙනං මනින්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං. තස්ස සංවරාය න පටිපජ්ජති, න රක්ඛති මනින්ද්රියං මනින්ද්රියෙ න සංවරං ආපජ්ජති. යා ඉමෙසං ඡන්නං ඉන්ද්රියානං අගුත්ති අගොපනා අනාරක්ඛො අසංවරො, අයං වුච්චති ඉන්ද්රියෙසු අගුත්තද්වාරතා.
Sinhala BJT909. එහි ඉන්‍ද්‍රියයන්හි අගුප්තද්වාරතා කවර යත්: මෙලොව ඇතැමෙක් ඇසින් (චක්‍ෂුර්විඥානයෙන්) රූපයක් දැක නිමිති ගන්නේ අනුව්‍යඤ්ජන ගන්නේ වෙයි. යම් කරුණෙකින් චක්‍ෂුරින්‍ද්‍රියය අසංවෘත ව වාසය කරන්නා වූ මොහු අභිධ්‍යාදෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලාමකඅකුශලධර්‍මයෝ ලුහුබඳනාහු නම්, ඒ චක්‍ෂුරින්‍ද්‍රියයාගේ සංවරය පිණිස නො පිළිපදි යි. චක්‍ෂුරින්‍ද්‍රියය නො රකියි. චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට නො පැමිණෙ යි. කනින් හඬක් අසා ... නැහැයෙන් ගඳක් අසා ... දිවින් රසයක් විඳ ... කයින් පහසක් පැහැස ... මනසින් දහමක් දැන නිමිති ගන්නේ අනුව්‍යඤ්ජන ගන්නේ වෙයි. යම් කරුණෙකින් මනින්‍ද්‍රියය අසංවෘතව වාස කරන්නා වූ මොහු අභිධ්‍යාදෞර්‍මනස්‍යසඞ්ඛ්‍යාත ලාමකඅකුශලධර්‍මයෝ ලුහුබඳනාහු නම්, ඒ මනින්‍ද්‍රියයාගේ සංවරය පිණිස නො පිළිපදි යි. මනින්‍ද්‍රියය නො රකියි. මනින්‍ද්‍රියයෙහි සංවරයට නො පැමිණෙ යි. මේ ෂඩ්රින්‍ද්‍රියයන්ගේ යම් නො රැක්මෙක් නො රක්නා අයුරෙක් අනාරක්‍ෂායෙක් අසංවරයෙක් වේ ද, මේ ‘ඉන්‍ද්‍රියයන්හි අගුප්තද්වාරතා’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා භොජනෙ අමත්තඤ්ඤුතා: ඉධෙකච්චො අප්පටිසඞ්ඛා අයොනිසො ආහාරං ආහාරෙති, දවාය මදාය මණ්ඩනාය විභූසනාය. යා තත්ථ අසන්තුට්ඨිතා අමත්තඤ්ඤුතා අප්පටිසඞ්ඛා භෙජනෙ, අයං වුච්චති භොජනෙ අමත්තඤ්ඤුතා.
Sinhala BJTඑහි භෝජනයෙහි අමාත්‍රඥතා කවර යත්: මෙලොව ඇතැමෙක් ප්‍රත්‍යවේක්‍ෂා නො කොට අනුපායයෙන් කෙළි පිණිස, මද පිණිස, සැරසීම පිණිස, විභූෂණය පිණිස අහර වළඳ යි. ඒ නුනුවණින් අහරවැළඳීමෙහි යම් අසන්තුෂ්ටි බවෙක් පමණ නො දන්නා බවෙක් වේ ද, මේ ‘භෝජනයෙහි අමාත්‍රඥතා’ යි කියනු ලැබේ.
Pali BJT910. තත්ථ කතමං මුට්ඨසච්චං: යා අසති අනනුස්සති අප්පටිස්සති අසරණතා අධාරණතා පිලාපනතා සංමුස්සනතා,{1} ඉදං වුච්චති මුට්ඨසච්චං.
Sinhala BJT910. එහි මූඪස්මෘති බව කවරෙ යත්: යම් නො සිහියක්, අනනුස්මෘතියෙක්, අප්‍රතිස්මෘතියෙක්, නො සිහි කරන අයුරෙක්, නො දරන බවෙක්, අරමුණෙහි ඉපිලෙන බවෙක්, නටසිහි ඇති බවෙක් වේ ද, මේ ‘මූඪස්මෘති බව’ යයි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං අසම්පජඤ්ඤං: යං අඤ්ඤාණං අදස්සනං -පෙ- අවිජ්ජාලඞ්ගී මොහො අකුසලමූලං, ඉදං වුච්චති අසම්පජඤ්ඤං.
Sinhala BJTඑහි අසම්ප්‍රජන්‍ය කවරෙ යත්: යම් නො දැන්මෙක්, නො දැක්මෙක් ... අවිද්‍යා පරිඝයෙක්, මෝහ සඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ ‘අසම්ප්‍රජන්‍ය’ යි කියනු ලැබේ.
Pali BJT911. තත්ථ කතමා සීලවිපත්ති: යො කායිකො වීතික්කමො වාචසිකො වීතික්කමො කායිකවාචසිකො වීතික්කමො, අයං වුච්චති සීලවිපත්ති. සබ්බම්පි දුස්සීල්යං සීලවිපත්ති.
Sinhala BJT911. එහි ශීලවිපත් කවර යත්: යම් කායිකව්‍යතික්‍රමයෙක් (දුශ්චරිතයෙක්) වාචසිකව්‍යතික්‍රමයෙක්, කායිකවාචසිකව්‍යතික්‍රමයෙක් වේ ද, මේ ‘ශීලවිපත්’ යයි කියනු ලැබේ. හැම දුසිල් බව ශීලවිපත් වේ.
Pali BJTතත්ථ කතමා දිට්ඨිවිපත්ති: නත්ථි දින්නං නත්ථි යිට්ඨං -පෙ- යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තීති යා එවරූපා දිට්ඨි දිට්ඨිගතං -පෙ- විපරියෙසගාහො, අයං වුච්චති දිට්ඨිවිපත්ති සබ්බාපි මිච්ඡාදිට්ඨි දිට්ඨිවිපත්ති.
Sinhala BJTඑහි දෘෂ්ටිවිපත් කවර යත්: දුන් දැයෙහි විපාක නැත, යාගයෙහි විපාක නැත ... යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තුමූ වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරෙත් නම් ඔහු නැතැ යි යම් මෙබඳු දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් වේ ද, මේ ‘දෘෂ්ටිවිපතැ’ යි කියනු ලැබේ. හැම මිථ්‍යාදෘෂ්ටිය දෘෂ්ටිවිපති.
Pali BJT912. තත්ථ කතමං අජ්ඣත්තසංයොජනං: පඤ්චොරම්භාගියානි සංයොජනානි අජ්ඣත්තසංයොජනං. පඤ්චුද්ධම්භාගියානි සංයොජනානි බහිද්ධාසංයොජනං.
Sinhala BJT912. එහි අධ්‍යාත්මසංයෝජන කවරෙ යත්: ඕරම්භාගියසංයෝජන පස අධ්‍යාත්ම සංයෝජන ය, උද්ධම්භාගියසංයෝජන පස වාහ්‍යසංයෝජන යි.
Pali BJTදුකං.
Sinhala BJTද්වික යි.
Pali BJT913. තත්ථ කතමානි තීණි අකුසලමූලානි : ලොභො දොසො මොහො.
Sinhala BJT913. එහි තුන් අකුශලමූලයෝ කවරහ යත්: ලෝභ ය, ද්වේෂ ය, මෝහ යි.
Pali BJTතත්ථ කතමො ලොභො: යො රාගො සාරාගො අනුනයො අනුරොධො නන්දි{1} නන්දිරාගො චිත්තස්ස සාරාගො ඉච්ඡා මුච්ඡා අජ්ඣොසානං ගෙධො පරිගෙධො සඞ්ගො පඞ්කො එජා මායා ජනිකා{2} සඤ්ජනනී සිබ්බනී{3} ජාලිනී සරිතා විසත්තිකා සුත්තං{4} විසටා{5} ආයූහනී දුතියා පණිධි භවනෙත්ති වනං වනථො සන්ථවො ස්නෙහො{6} අපෙක්ඛා පටිබන්ධු ආසා ආසිංසනා ආසිංසිතත්තං රූපාසා සද්දාසා ගන්ධාසා රසාසා ඵොට්ඨබ්බාසා ලාභාසා ධනාසා පුත්තාසා ජීවිතාසා ජප්පා අභිජප්පා ජප්පනා ජප්පිතත්තං ලොලුප්පං ලොලුප්පායනා ලොලුප්පායිතත්තං පුච්ඡඤ්චිකතා{7} සාදුකම්යතා{8} අධම්මරාගො විසමලොභො නිකන්ති නිකාමනා පත්ථනා පිහනා සංපත්ථනා කාමතණ්හා භවතණ්හා විභවතණ්හා රූපතණ්හා අරූපතණ්හා නිරොධතණ්හා සද්දතණ්හා ගන්ධතණ්හා රසතණ්හා ඵොට්ඨබ්බතණ්හා ධම්මතණ්හා ඔඝො යොගො ගන්ථො උපාදානං ආවරණං නීවරණං ඡදනං බන්ධනං උපක්කිලෙසො අනුසයො පරියුට්ඨානං ලතා වෙවිච්ඡං දුක්ඛමූලං දුක්ඛනිදානං දුක්ඛප්පභවො මාරපාසො මාරබළිසං මාරවිසයො තණ්හානදී තණ්හාජාලං තණ්හාගද්දුලං තණ්හාසමුද්දො අභිජ්ඣා ලොභො අකුසලමූලං, අයං වුච්චති ලොභො.
Sinhala BJTඑහි ලෝභය කවරෙ යත්: යම් රාගයෙක්, බලවත් රාගයෙක්, අනුනයෙක්, අනුරෝධයෙක් (කැමැත්තෙක්), නන්‍දියෙක්, නන්‍දිරාගයෙක්, චිත්තයාගේ බලවත් රාගයෙක්, ඉච්ඡායෙක්, මූර්ඡායෙක්, ගිලගැනීමෙක්, ගිජුබවෙක්, බලවත් ගිජුබවෙක්, රාගසඞ්ගයෙක්, පඞ්කයෙක්, (අදනා හෙයින්) එජායෙක්, මායායෙක්, (ජනනාර්‍ත්‍ථයෙන්) ජනිකායේක්, සඤ්ජනනියක්, (හිවනාර්‍ත්‍ථයෙන්) සිබ්බනියක්, ජාලිනියක්, සරිතාවක්, විසත්තිකායෙක්, සූත්‍රයෙක්, (විස්තෘත බැවින්) විසටායෙක්, ආයූහනියක් (රැස්කරනුවක්), ද්විතියිකාවක්, ප්‍රණිධියෙක්, භවනෙත්තියෙක් වන (බලවත්තෘෂ්ණා)යෙක්, වනථයෙක්, සන්‍ථවයෙක්, ස්නේහයෙක්, අපේක්‍ෂායෙක්, ප්‍රතිබන්‍ධුයෙක්, ආශායෙක්, ආශිංසනයෙක්, ආශිංසිතබවෙක්, රූපාශායෙක්, ශබ්දාශායෙක්, ගන්‍ධාශායෙක්, රසාශායෙක්, ස්ප්‍රෂ්ටව්‍යාශායෙක්, ලාභාශායෙක්, ධනාශායෙක්, පුත්‍රාශායෙක්, ජීවිතාශායෙක්, ජල්පයෙක්, අභිජල්පයෙක්, ජල්පන අයුරෙක්, ජල්පිත බවෙක්, පුනපුනා අරමුණු අදනා බවෙක්, පුනපුනා අරමුණු අදනා අයුරෙක්, පුනපුනා අරමුණු ඇදගත් බවෙක්, නඟුටසලන බවෙක්, මිහිරිකැමැති බවෙක්, අධර්‍මරාගයෙක්, විෂමලෝභයෙක්, කැමැත්තෙක්, කැමැති අයුරෙක්, ප්‍රාර්‍ත්‍ථනායෙක්, අභිලාශයෙක්, මොනොවට ප්‍රාර්‍ත්‍ථනායෙක්, කාමතෘෂ්ණායෙක්, භවතෘෂ්ණායෙක්, විභවතෘෂ්ණායෙක්, රූපභවයෙහි තෘෂ්ණායෙක්, අරූපභවයෙහි තෘෂ්ණායෙක්, නිරෝධ (උච්ඡේදදෘෂ්ටි)යෙහි තෘෂ්ණායෙක්, ශබ්දයෙහි තෘෂ්ණායෙක්, ගන්‍ධතෘෂ්ණායෙක්, රසතෘෂ්ණායෙක්, ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණායෙක්, ධර්‍මතෘෂ්ණායෙක්, ඕඝයෙක්, යෝගයෙක්, ග්‍රන්‍ථයෙක්, උපාදානයෙක්, ආවරණයෙක්, නීවරණයෙක්, ඡදනයෙක්, බන්‍ධනයෙක්, උපක්ලේශයෙක්, අනුසයෙක්, පර්‍ය්‍යුත්‍ථානයෙක්, තෘෂ්ණාලතායෙක්, විවිධෙප්සායෙක්, දුඃඛමූලයෙක්, දුඃඛනිදානයෙක්, දුඃඛප්‍රභවයෙක්, මාරපාශයෙක්, මාරබිලියෙක්, මාරවිෂයයෙක්, තෘෂ්ණානදියක්, තෘෂ්ණාජාලයෙක්, තෘෂ්ණා නමැති බලුදමෙක්, තෘෂ්ණාසමුද්‍රයෙක්, අභිධ්‍යායෙක්, ලෝභසඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ ‘ලෝභ’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො දොසො: අනත්ථං මෙ අචරීති ආඝාතො ජායති, අනත්ථං මෙ චරතීති ආඝාතො ජායති, අනත්ථං මෙ චරිස්සතීති ආඝාතො ජායති, පියස්ස මෙ මනාපස්ස අනත්ථං චරි අනත්ථං චරති අනත්ථං චරිස්සතීති ආඝාතො ජායති, අප්පියස්ස මෙ අමනාපස්ස අත්ථං අචරි අත්ථං චරති අත්ථං චරිස්සතීති ආඝාතො ජායති, අට්ඨානෙ වා පන ආඝාතො ජායති, යො එවරූපො චිත්තස්ස ආඝාතො පටිඝාතො පටිඝං පටිවිරොධො කොපො පකොපො සම්පකොපො දොසො පදොසො සම්පදොසො චිත්තස්ස බ්යාපත්ති මනොපදොසො කොධො කුජ්ඣනා කුජ්ඣිතත්තං දොසො දුස්සනා දුස්සිතත්තං බ්යාපත්ති බ්යාපජ්ජනා බ්යාපජ්ජිතත්තං විරොධො පටිවිරොධො චණ්ඩික්කං අසුරොපො{9} අනත්තමනතා චිත්තස්ස, අයං වුච්චති දොසො.
Sinhala BJTඑහි ද්වේෂය කවරෙ යත්: මට අවැඩක් කෙළේ යයි ආඝාතයෙක් උපදී. මට අවැඩක් කරා යයි ආඝාතයෙක් උපදී. මට අවැඩක් කරන්නේ යයි ආඝාතයෙක් උපදී. මාගේ ප්‍රියමනාපයහට අවැඩක් කෙළේ ය. අවැඩක් කර යි. අවැඩක් කරන්නේ ය යි ආඝාතයෙක් උපදී. මාගේ අප්‍රියඅමනාපයහට වැඩක් කෙළේ ය, වැඩක් කර යි, වැඩක් කරන්නේ ය යි ආඝාතයෙක් උපදී. යළි අස්ථානයෙහි හෝ ආඝාතයෙක් උපදී. චිත්තයාගේ යම් මෙබඳු ආඝාතයෙක් බලවත් ආඝාතයෙක් ප්‍රතිඝයෙක් ප්‍රතිවිරෝධයෙක් කෝපයෙක් ප්‍රකෝපයෙක් සම්ප්‍රකෝපයෙක් ද්වේෂයෙක් ප්‍රද්වේෂයෙක් සම්ප්‍රද්වේෂයෙක් චිත්තයාගේ ප්‍රකෘතිය හැරීමෙක් සිත් දූෂ්‍ය බවෙක් ක්‍රෝධයෙක් ක්‍රෝධ අයුරෙක් ක්‍රෝධ කළ බවෙක් ද්වේෂයෙක් ද්වේෂාකාරයෙක් දූෂිත බවෙක් ව්‍යාපත්තියෙක් ව්‍යාපත්ති අයුරෙක් ව්‍යාපාදිත බවෙක් විරෝධයෙක් පුනපුනා විරෝධයෙක් සැඩ බවෙක් නො පිරිපුන් වදන් ඇති බවෙක් චිත්තයාගේ නො සතුටු බවෙක් වේ ද, මේ ‘ද්වේෂ’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො මොහො: දුක්ඛෙ අඤ්ඤාණං දුක්ඛසමුදයෙ අඤ්ඤාණං, දුක්ඛනිරොධෙ අඤ්ඤාණං, දුක්ඛනිරොධගාමිනියා පටිපදාය අඤ්ඤාණං, පුබ්බන්තෙ අඤ්ඤාණං, අපරන්තෙ අඤ්ඤාණං, පුබ්බන්තාපරන්තෙ අඤ්ඤාණං, ඉදප්පච්චයතා පටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු අඤ්ඤාණං. යං එවරූපං අඤ්ඤාණං අදස්සනං -පෙ- අවිජ්ජාලඞ්ගී මොහො අකුසලමූලං, අයං වුච්චති මොහො. ඉමානි තීණි අකුසලමූලානි.
Sinhala BJTඑහි මෝහය කවරෙ යත්: දුඃඛයෙහි නො දැනීම ය, දුඃඛසමුදයෙහි නො දැනීම ය, දුඃඛනිරෝධයෙහි නො දැනීම ය, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදායෙහි නො දැනීම ය, පූර්‍වාන්තයෙහි නො දැනීම ය, අවරාන්තයෙහි නො දැනීම ය, පූර්‍වාන්තාවරාන්තයෙහි නො දැනීම ය, ඉදංප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයන්හි නො දැනීම යි. යම් මෙබඳු නො දැන්මෙක්, නො දැක්මෙක් ... අවිද්‍යාපරිඝයෙක් මෝහ සඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ ‘මෝහ’ යි කියනු ලැබේ. මොහු තුන් අකුශලමූලයෝ යි.
Pali BJT914. තත්ථ කතමෙ තයො අකුසලවිතක්කා: කාමවිතක්කො: ව්යාපාදවිතක්කො විහිංසාවිතක්කො. තත්ථ කතමො කාමවිතක්කො: කාමපටිසංයුත්තො තක්කො විතක්කො -පෙ- මිච්ඡා සඞ්කප්පො, අයං වුච්චති කාමවිතක්කො.
Sinhala BJT914. එහි තුන් අකුශලවිතර්‍කයෝ කවරහ යත්: කාමවිතර්‍ක ය, ව්‍යාපාදවිතර්‍ක ය, විහිංසාවිතර්‍ක යි. එහි කාමවිතර්‍ක කවරෙ යත්: කාමප්‍රතිසංයුක්ත වූ තර්‍කයෙක් විතර්‍කයෙක්, මිථ්‍යාසංකල්පයෙක් වේ ද, මේ ‘කාමවිතර්‍ක’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො ව්යාපාද විතක්කො: ව්යාපාදපටිසංයුත්තො තක්කො විතක්කො -පෙ- මිච්ඡාසඞ්කප්පො, අයං වුච්චති ව්යාපාදවිතක්කො.
Sinhala BJTඑහි ව්‍යාපාදවිතර්‍ක කවරෙ යත්: ව්‍යාපාදප්‍රතිසංයුක්ත වූ තර්‍ක ය, විතර්‍ක ය, මිථ්‍යාසංකල්ප යි. මේ ‘ව්‍යාපාදවිතර්‍ක’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො විහිංසාවිතක්කො: විහිංසාපටිසංයුත්තො තක්කො විතක්කො -පෙ- මිච්ඡාසඞ්කප්පො, අයං වුච්චති විහිංසාවිතක්කො. ඉමෙ තයො අකුසලවිතක්කා.
Sinhala BJTඑහි විහිංසාවිතර්‍ක කවරෙ යත්: විහෙසාප්‍රතිසංයුක්ත වූ තර්‍ක ය, විතර්‍ක ය, මිථ්‍යාසංකල්ප යි. මේ ‘විහිංසාවිතර්‍ක’ යි කියනු ලැබේ. මොහු තුන් අකුශල විතර්‍කයෝ යි.
Pali BJT915. තත්ථ කතමා තිස්සො අකුසලසඤ්ඤා: කාමසඤ්ඤා ව්යාපාදසඤ්ඤා විහිංසාසඤ්ඤා. තත්ථ කතමා කාමසඤ්ඤා: කාමපටිසංයුත්තා සඤ්ඤා සඤ්ජානනා සඤ්ජානිතත්තං, අයං වුච්චති කාමසඤ්ඤා.
Sinhala BJT915. එහි තුන් අකුශලසංඥාවෝ කවරහ යත්: කාමසංඥා ය, ව්‍යාපාදසංඥා ය, විහිංසාසංඥා යි. එහි කාමසංඥා කවර යත්: කාමප්‍රතිසංයුක්ත වූ සංඥායෙක් හඳුනන අයුරෙක් හැඳිනගත් බවෙක් වේ ද, මේ ‘කාමසංඥා’ යි කියනු ලැබේ.
Pali BJTසත්ථ කතමා ව්යාපාදසඤ්ඤා: ව්යාපාදපටිසංයුත්තා සඤ්ඤා සඤ්ජානනා සඤ්ජානිතත්තං, අයං වුච්චති ව්යාපාදසඤ්ඤා.
Sinhala BJTඑහි ව්‍යාපාදසංඥා කවර යත්: ව්‍යාපාදප්‍රතිසංයුක්ත වූ හැඳිනීමෙක් හඳුනන අයුරෙක් හැඳිනගත් බවෙක් වේ ද, මේ ‘ව්‍යාපාදසංඥා’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා විහිංසාසඤ්ඤා: විහිංසාපටිසංයුත්තා සඤ්ඤා සඤ්ජානනා සඤ්ජානිතත්තං. අයං වුච්චති විහිංසා සඤ්ඤා. ඉමා තිස්සො අකුසලසඤ්ඤා.
Sinhala BJTඑහි විහිංසාසංඥා කවර යත්: විහිංසාප්‍රතිසංයුක්ත වූ හැඳිනීමෙක් හඳුනන අයුරෙක් හැඳිනගත් බවෙක් වේ ද, මේ ‘විහිංසාසංඥා’ යි කියනු ලැබේ. මොහු ‘තුන් අකුශල සංඥා’ යි.
Pali BJT916. තත්ථ කතමා තිස්සො අකුසලධාතුයො: කාමධාතු, ව්යාපාදධාතු, විහිංසාධාතු. තත්ථ කතමා කාමධාතු: කාමවිතක්කො කාමධාතු ව්යාපාදවිතක්කො ව්යාපාදධාතු විහිංසාවිතක්කො විහිංසාධාතු.
Sinhala BJT916. එහි තුන් අකුශලධාතූහු කවරහ යත්: කාමධාතු ය, ව්‍යාපාදධාතු ය, විහිංසාධාතු යි. එහි කාමධාතු කවර යත්: කාමවිතර්‍කය කාමධාතු වෙයි. ව්‍යාපාදවිතර්‍කය ව්‍යාපාදධාතු වෙයි. විහිංසාවිතර්‍කය විහිංසාධාතු වේ.
Pali BJTතත්ථ කතමො කාමවිතක්කො: කාමපටිසංයුත්තො තක්කො විතක්කො -පෙ- මිච්ඡාසඞ්කප්පො, අයං වුච්චති කාමවිතක්කො.
Sinhala BJTඑහි කාමවිතර්‍ක කවරෙ යත්: කාමප්‍රතිසංයුක්ත වූ තර්‍කයෙක් විතර්‍කයෙක් මිථ්‍යාසංකල්පයෙක් වේ ද, මේ ‘කාමවිතර්‍ක’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො ව්යාපාද විතක්කො: ව්යාපාදපටිසංයුත්තො තක්කො විතක්කො -පෙ- මිච්ඡාසඞ්කප්පො, අයං වුච්චති ව්යාපාදවිතක්කො.
Sinhala BJTඑහි ව්‍යාපාදවිතර්‍ක කවරෙ යත්: ව්‍යාපාදප්‍රතිසංයුක්ත වූ තර්‍කයෙක් විතර්‍කයෙක් මිථ්‍යාසංකල්පයෙක් වේ ද, මේ ‘ව්‍යාපාදවිතර්‍ක’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො විහිංසා විතක්කො: විහිංසාපටිසංයුත්තො තක්කො විතක්කො -පෙ- මිච්ඡාසඞ්කප්පො, අයං වුච්චති විහිංසා විතක්කො. ඉමා තිස්සො අකුසලධාතුයො.
Sinhala BJTඑහි විහිංසාවිතර්‍ක කවරෙ යත්: විහිංසාප්‍රතිසංයුක්ත වූ තර්‍කයෙක් විතර්‍කයෙක් මිථ්‍යාසංකල්පයෙක් වේ ද, මේ ‘විහිංසාවිතර්‍ක’ යි කියනු ලැබේ. මොහු තුන් අකුශල ධාතූහු වෙත්.
Pali BJT917. තත්ථ කතමානි තීණි දුච්චරිතානි: කායදුච්චරිතං වචීදුච්චරිතං මනොදුච්චරිතං. තත්ථ කතමං කායදුච්චරිතං: පාණාතිපාතො අදින්නාදානං කාමෙසු මිච්ඡාචාරො, ඉදං වුච්චති කායදුච්චරිතං.
Sinhala BJT917. එහි තුන් දුශ්චරිතයෝ කවරහ යත්: කායදුශ්චරිත ය, වාග්දුශ්චරිත ය, මනෝදුශ්චරිත යි. එහි කායදුශ්චරිතය කවරෙ යත්: ප්‍රාණඝාත ය, අදත්තාදාන ය, කාමමිථ්‍යාචාර යි. මේ ‘කායදුශ්චරිත’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං වචීදුච්චරිතං: මුසාවාදො පිසුණාවාචා ඵරුසාවාචා සම්ඵප්පලාපො, ඉදං වුච්චති වචීදුච්චරිතං:
Sinhala BJTඑහි වාග්දුශ්චරිතය කවරෙ යත්: මෘෂාවාද ය, පිශුනවචන ය, පරුෂවචන ය, සම්ඵප්‍රලාප යි. මේ ‘වාග්දුශ්චරිත’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං මනොදුච්චරිතං: අභිජ්ඣා ව්යාපාදො මිච්ඡාදිට්ඨි, ඉදං වුච්චති මනොදුච්චරිතං.
Sinhala BJTඑහි මනෝදුශ්චරිතය කවරෙ යත්: අභිධ්‍යා ය, ව්‍යාපාද ය, මිථ්‍යාදෘෂ්ටි යි. මේ ‘මනෝදුශ්චරිත’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං කායදුච්චරිතං: අකුසලං කායකම්මං කායදුච්චරිතං, අකුසලං වචීකම්මං වචීදුච්චරිතං, අකුසලං මනොකම්මං මනොදුච්චරිතං. තත්ථ කතමං අකුසලං කායකම්මං: අකුසලා කායසඤ්චෙතනා අකුසලං කායකම්මං, අකුසලා වචීසඤ්චෙතනා අකුසලං වචීකම්මං, අකුසලා මනොසඤ්චෙතනා අකුසලං මනොකම්මං. ඉමානි තීණි දුච්චරිතානි.
Sinhala BJTඑහි කායදුශ්චරිතය කවරෙ යත්: අකුශල වූ කායකර්‍ම කායදුශ්චරිත ය, අකුශල වූ වාක්කර්‍ම වාග්දුශ්චරිත ය, අකුශල වූ මනඃකර්‍ම මනෝදුශ්චරිත යි. එහි අකුශල කායකර්‍ම කවරෙ යත්: අකුශල වූ කායසඤ්චේතනා අකුශලකායකර්‍ම වෙයි. අකුශල වූ වාක්සඤ්චේතනා අකුශලවාක්කර්‍ම වෙයි. අකුශල වූ මනස්සඤ්චේතනා අකුශල මනඃකර්‍ම වේ. මොහු තුන් දුශ්චරිතයෝ යි.
Pali BJT918. තත්ථ කතමෙ තයො ආසවා: කාමාසවො භවාසවො අවිජ්ජාසවො. තත්ථ කතමො කාමාසවො: යො කාමෙසු කාමච්ඡන්දො -පෙ- කාමජ්ඣොසානං, අයං වුච්චති කාමාසවො.
Sinhala BJT918. එහි තුන් ආස්‍රවයෝ කවරහ යත්: කාමාස්‍රව ය, භවාස්‍රව ය, අවිද්‍යාස්‍රව යි. එහි කාමාස්‍රව කවරෙ යත්: පඤ්චකාමගුණයෙහි යම් කාමච්ඡන්‍දයෙක් ... කාමයෙහි ගැලී බැසැගැන්මෙක් වේ ද, මේ ‘කාමාස්‍රව’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො භාවාසවො: යො භවෙසු භවච්ඡන්දො -පෙ- භවජ්ඣොසානං, අයං වුච්චති භවාසවො.
Sinhala BJTඑහි භවාස්‍රව කවරෙ යත්: රූපාරූපභවයන්හි (භවප්‍රාර්‍ත්‍ථනා විසින්) යම් භවච්ඡන්‍දයෙක් ... භවයෙහි ගැලීමෙක් වේ ද, මේ ‘භවාස්‍රව’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො අවිජ්ජාසවො: දුක්ඛෙ අඤ්ඤාණං -පෙ- අවිජ්ජාලඞ්ගී මොහො අකුසලමූලං, අයං වුච්චති අවිජ්ජාසවො. ඉමෙ තයො ආසවා.
Sinhala BJTඑහි අවිද්‍යාස්‍රව කවරෙ යත්: දුඃඛයෙහි නො දැනීමෙක් ... අවිද්‍යාපරිඝයෙක් මෝහසඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ ‘අවිද්‍යාස්‍රව’ යි කියනු ලැබේ. මොහු තුන් ආස්‍රවයෝ යි.
Pali BJT919. තත්ථ කතමානි තීණි සංයොජනානි: සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාසො. තත්ථ කතමා සක්කායදිට්ඨි: ඉධ අස්සුතවා පුථුජ්ජනො අරියානං අදස්සාවී අරියධම්මස්ස අකොවිදො අරියධම්මෙ අවිනීතො සප්පුරිසානං අදස්සාවී සප්පුරිසධම්මස්ස අකොවිදො සප්පුරිසධම්මෙ අවිනීතො රූපං අත්තතො සමනුපස්සති රූපවන්තං වා අත්තානං අත්තනි වා රූපං රූපස්මිං වා අත්තානං, වෙදනං -පෙ- සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ -පෙ- විඤ්ඤාණං අත්තතො සමනුපස්සති විඤ්ඤාණවන්තං වා අත්තානං අත්තනි වා විඤ්ඤාණං විඤ්ඤාණස්මිං වා අත්තානං. යා එවරූපා දිට්ඨි දිට්ඨිගතං -පෙ- විපරියෙසගාහො, අයං වුච්චති සක්කායදිට්ඨි.
Sinhala BJT919. එහි තුන් සංයෝජනයෝ කවරහ යත්: සත්කායදෘෂ්ටි ය, විචිකිත්සා ය, ශීලව්‍රතපරාමර්‍ශ යි. එහි සත්කායදෘෂ්ටි කවර යත්: මෙලොව (බුද්ධාදී) ආර්‍ය්‍යයන් නො දක්නාසුලු (සතිපට්ඨානාදී) ආර්‍ය්‍යධර්‍මයෙහි අදක්‍ෂ වූ ආර්‍ය්‍යධර්‍මයෙහි නො හික්මුණු සත්පුරුෂයන් නො දක්නාසුලු සත්පුරුෂධර්‍මයෙහි අදක්‍ෂ වූ සත්පුරුෂධර්‍මයෙහි නො හික්මුණු අශ්‍රැතවත් (ආගමාධිගමරහිත) පෘථග්ජන තෙම රූපය ආත්ම වශයෙන් (ආත්ම දෘෂ්ටියෙන්) දකී. ආත්මය රූප ඇත්තෙකැ යි හෝ ආත්මයෙහි හෝ රූපය ඇතැ යි රූපයෙහි හෝ ආත්මය ඇතැ යි, වේදනාව ... සංඥාව ... සංස්කාරයන් ... විඥානය ආත්ම වශයෙන් දකී. ආත්මය විඥානය ඇත්තකැ යි හෝ ආත්මයෙහි හෝ විඥානය ඇතැ යි විඥානයෙහි හෝ ආත්මය ඇතැ යි (ආත්මදෘෂ්ටියෙන්) දකී. යම් මෙ බඳු දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් ... වරදවාගැන්මෙක් වේ ද, මේ ‘සත්කායදෘෂ්ටි’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා විචිකිච්ඡා: සත්ථරි කඞ්ඛති විචිකිච්ඡති, ධම්මෙ කඞ්ඛති විචිකිච්ඡති, සඞ්ඝෙ කඞ්ඝති විචිකිච්ඡති, සික්ඛාය කඞ්ඛති විචිකිච්ඡති, පුබ්බන්තෙ සඞ්ඛති විචිකිච්ඡති, අපරන්තෙ කඞ්ඛති විචිකිච්ඡති, පුබ්බන්තාපරන්තෙ කඞ්ඛති විචිකිච්ඡති, ඉදප්පච්චයතා පටිච්ච සමුප්පන්නෙසු ධම්මෙසු කඞ්ඛති විචිකිච්ඡති. යා එවරූපා කඞ්ඛා කඞ්ඛායනා කඞ්ඛායිතත්තං ථම්භිතත්තං{1} චිත්තස්ස මනොවිලෙඛො, අයං වුච්චති විචිකිච්ඡා.
Sinhala BJTඑහි විචිකිත්සා කවර යත්: ශාස්තෘහු කෙරෙහි සැක කෙරෙයි, විචිකිත්සා (අරමුණෙහි ක්ලාන්ත වීම) කෙරෙයි. ධර්‍මයෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. සඞ්ඝයා කෙරෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. ශික්‍ෂායෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. පූර්‍වාන්තයෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. අවරාන්තයෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. පූර්‍වාන්තාවරාන්තයෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. ඉදංප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයන්හි සැක කෙරෙයි, විචිකිත්සා කෙරේ. යම් මෙබඳු සැකයෙක්, සැක කරන අයුරෙක්, සැක කළ බවෙක්, චිත්තයාගේ තද බවෙක් මනෝවිලේඛයෙක් (සිතහිරිගැසීමෙක්) වේ ද, මේ ‘විචිකිත්සා’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො සීලබ්බතපරාමාසො: ඉතො බහිද්ධා සමණබ්රාහ්මණානං සීලෙන සුද්ධි වතෙන සුද්ධි සීලබ්බතෙන සුද්ධීති යා එවරූපා දිට්ඨි දිට්ඨිගතං -පෙ- විපරියෙසගාහො, අයං වුච්චති සීලබ්බතපරාමාසො ඉමානි තීණි සංයොජනානි.
Sinhala BJTඑහි ශීලව්‍රතපරාමර්‍ශ කවරෙ යත්: මෙසස්නෙන් බැහැර මහණබමුණන්ගේ ශීලයෙන් ශුද්ධි ය, ව්‍රතයෙන් ශුද්ධි ය, ශීලව්‍රතයෙන් ශුද්ධි යයි යම් මෙබඳු දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් වේ ද, මේ ‘ශීලව්‍රතපරාමර්‍ශ’ යි කියනු ලැබේ. මොහු තුන් සංයෝජනයෝ යි.
Pali BJT920. තත්ථ කතමා තිස්සො තණ්හා: කාමතණ්හා භවතණ්හා විභවතණ්හා. තත්ථ කතමා භවතණ්හා: භවදිට්ඨිසහගතො රාගො සාරාගො චිත්තස්ස සාරාගො, අයං වුච්චති භවතණ්හා.
Sinhala BJT920. එහි තුන් තෘෂ්ණාවෝ කවරහ යත්: කාමතෘෂ්ණා ය, භවතෘෂ්ණා ය, විභවතෘෂ්ණා යි. එහි භවතෘෂ්ණා කවර යත්: භවදෘෂ්ටිසහගත වූ රාගයෙක් බලවත්රාගයෙක් චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ ‘භවතෘෂ්ණා’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා විභවතණ්හා: උච්ඡෙදදිට්ඨි සහගතො රාගො සාරාගො චිත්තස්ස සාරාගො, අයං වුච්චති විභවතණ්හා. අවසෙසා තණ්හා කාමතණ්හා.
Sinhala BJTඑහි විභවතෘෂ්ණා කවර යත්: උච්ඡේදදෘෂ්ටිසහගත වූ රාගයෙක් බලවත් රාගයෙක් චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ ‘විභවතෘෂ්ණා’ යි කියනු ලැබේ. අවශේෂ තෘෂ්ණාව ‘කාමතෘෂ්ණා’ යි.
Pali BJTතත්ථ කතමා කාමතණ්හා: කාමධාතු පටිසංයුත්තො රාගො සාරාගො -පෙ- චිත්තස්ස සාරාගො, අයං වුච්චති කාමතණ්හා. රූපධාතු අරූපධාතු පටිසංයුත්තො රාගො සාරාගො -පෙ- චිත්තස්ස සාරාගො, අයං වුච්චති භවතණ්හා. උච්ඡෙදදිට්ඨිසහගතො රාගො සාරාගො -පෙ- චිත්තස්ස සාරාගො, අයං වුච්චති විභවතණ්හා. ඉමා තිස්සො තණ්හා.
Sinhala BJTඑහි කාමතෘෂ්ණා කවර යත්: කාමධාතුප්‍රතිසංයුක්ත වූ රාගයෙක් බලවත් රාගයෙක් චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ ‘කාමතෘෂ්ණා’ යි කියනු ලැබේ. රූපධාතු අරූපධාතු ප්‍රතිසංයුක්ත වූ රාගයෙක් බලවත් රාගයෙක් චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ ‘භවතෘෂ්ණා’ යි කියනු ලැබේ. උච්ඡේදදෘෂ්ටිසහගත වූ රාගයෙක් බලවත් රාගයෙක් චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ ‘විභවතෘෂ්ණා’ යි කියනු ලැබේ. මොහු තුන් තෘෂ්ණා යි.
Pali BJT921. තත්ථ කතමා අපරාපි තිස්සො තණ්හා: කාමතණ්හා රූපතණ්හා අරූපතණ්හා. තත්ථ කතමා කාමතණ්හා: කාමධාතු පටිසංයුත්තො රාගො සාරාගො -පෙ- චිත්තස්ස සාරාගො, අයං වුච්චති කාමතණ්හා.
Sinhala BJT921. එහි අන්‍ය වූ ද තුන් තෘෂ්ණාවෝ කවරහ යත්: කාමතෘෂ්ණා ය, රූපතෘෂ්ණා ය, අරූපතෘෂ්ණා යි, එහි කාමතෘෂ්ණා කවර යත්: කාමධාතුප්‍රතිසංයුක්ත වූ රාගයෙක් බලවත් රාගයෙක් චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ ‘කාමතෘෂ්ණා’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා රූපතණ්හා: රූපධාතුපටිසංයුත්තො රාගො සාරාගො -පෙ- චිත්තස්ස සාරාගො, අයං වුච්චති රූපතණ්හා.
Sinhala BJTඑහි රූපතෘෂ්ණා කවර යත්: රූපධාතුප්‍රතිසංයුක්ත වූ රාගයෙක් බලවත් රාගයෙක් චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ ‘රූපතෘෂ්ණා’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා අරූපතණ්හා : අරූපධාතුපටිසංයුත්තො රාගො සාරාගො -පෙ- චිත්තස්ස සාරාගො, අයං වුච්චති අරූපතණ්හා. ඉමා තිස්සො තණ්හා.
Sinhala BJTඑහි අරූපතෘෂ්ණා කවර යත්: අරූපධාතුප්‍රතිසංයුක්ත වූ රාගයෙක් බලවත් රාගයෙක් චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ ‘අරූපතෘෂ්ණා’ යි කියනු ලැබේ. මොහු ‘තුන් තෘෂ්ණා’ යි.
Pali BJT922. තත්ථ කතමා අපරාපි තිස්සො තණ්හා: රූපතණ්හා අරූපතණ්හා නිරොධතණ්හා. තත්ථ කතමා රූපතණ්හා: රූපධාතුපටිසංයුත්තො රාගො සාරාගො -පෙ- චිත්තස්ස සාරාගො, අයං වුච්චති රූපතණ්හා.
Sinhala BJT922. එහි අන්‍ය වූ ද තුන් තෘෂ්ණාවෝ කවරහ යත්: රූපතෘෂ්ණා ය, අරූපතෘෂ්ණා ය, නිරෝධතෘෂ්ණා යි, එහි රූපතෘෂ්ණා කවර යත්: රූපධාතුප්‍රතිසංයුක්ත වූ රාගයෙක් බලවත් රාගයෙක් චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ ‘රූපතෘෂ්ණා’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා අරූපතණ්හා: අරූපධාතුපටිසංයුත්තො රාගො සාරාගො -පෙ- චිත්තස්ස සාරාගො, අයං වුච්චති අරූපතණ්හා.
Sinhala BJTඑහි අරූපතෘෂ්ණා කවර යත්: අරූපධාතුප්‍රතිසංයුක්ත වූ රාගයෙක් බලවත් රාගයෙක් චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ ‘අරූපතෘෂ්ණා’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා නිරොධතණ්හා: උච්ඡෙදදිට්ඨි සහගතො රාගො සාරාගො -පෙ- චිත්තස්ස සාරාගො, අයං වුච්චති නිරොධතණ්හා. ඉමා තිස්සො තණ්හා.
Sinhala BJTඑහි නිරෝධතෘෂ්ණා කවර යත්: උච්ඡේදෘෂ්ටිසහගත වූ රාගයෙක් බලවත් රාගයෙක් චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ ‘නිරෝධතෘෂ්ණා’ යි කියනු ලැබේ. මොහු ‘තුන් තෘෂ්ණා’ යි.