Pali BJTතත්ථ කතමා සුඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා පඤ්ඤා: අකිච්ඡෙන අකසිරෙන සමාධිං උප්පාදෙන්තස්ස ඛිප්පං තණ්ඨානං අභිජානන්තස්ස යා උප්පජ්ජති පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, අයං වුච්චති සුඛා පටිපදා{3} ඛිප්පාභිඤ්ඤා පඤ්ඤා. ඉමා චතස්සො පටිපදා.
Sinhala BJTඑහි සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥප්‍රඥා කවර යත්: නිදුකින් අනායාසයෙන් සමාධිය උපදවන්නහුට, නො ලස් ව ඒ සමාධිස්ථානය ප්‍රතිවේධ කරන්නහුට යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් උපදී ද, මේ ‘සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥප්‍රඥා’ යි කියනු ලැබේ. මොහු සතර ප්‍රතිපදාවෝ යි.
Pali BJTතත්ථ කතමානි චත්තාරි ආරම්මණානි: පරිත්තා පරිත්තාරම්මණා පඤ්ඤා, පරිත්තා අප්පමාණාරම්මණා පඤ්ඤා, අප්පමාණා පරිත්තාරම්මණා පඤ්ඤා, අප්පමාණා අප්පමාණාරම්මණා පඤ්ඤා.
Sinhala BJTඑහි සතර ආලම්බනයෝ කවරහ යත්: පරිත්ත වූ පරිත්තාලම්බනප්‍රඥා ය, පරිත්ත වූ අප්‍රමාණාලම්බනප්‍රඥා ය, අප්‍රමාණ වූ පරිත්තාලම්බනප්‍රඥා ය, අප්‍රමාණ වූ අප්‍රමාණාලම්බනප්‍රඥා යි.
Pali BJTතත්ථ කතමා පරිත්තා පරිත්තාරම්මණා පඤ්ඤා: සමාධිස්ස න නිකාමලාභිස්ස ආරම්මණං ථොකං ඵරන්තස්ස යා උප්පජ්ජති පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, අයං වුච්චති පරිත්තා පරිත්තාරම්මණා පඤ්ඤා.
Sinhala BJTඑහි පරිත්ත වූ පරිත්තාලම්බනප්‍රඥා කවර යත්: නිකාමලාභී (කැමැති සේ ලබන සුලු) නො වූ සමාධිහුගේ අරමුණ අල්ප ව ස්පර්‍ශ කරන්නහුට යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘පරිත්ත වූ පරිත්තාලම්බන ප්‍රඥා’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා පරිත්තා අප්පමාණාරම්මණා පඤ්ඤා: සමාධිස්ස න නිකාමලාභිස්ස ආරම්මණං විපුලං ඵරන්තස්ස යා උප්පජ්ජති පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, අයං වුච්චති පරිත්තා පරිත්තාරම්මණා පඤ්ඤා.
Sinhala BJTඑහි පරිත්ත වූ අප්‍රමාණාලම්බනප්‍රඥා කවර යත්: නිකාමලාභී නො වූ සමාධිහුගේ අරමුණ විපුල ව ස්පර්‍ශ කරන්නහුට යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘පරිත්ත වූ අප්‍රමාණාලම්බන ප්‍රඥා’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා අප්පමාණා පරිත්තාරම්මණා පඤ්ඤා: සමාධිස්ස නිකාමලාභිස්ස ආරම්මණං ථොකං ඵරන්තස්ස යා උප්පජ්ජති පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, අයං වුච්චති පරිත්තා පරිත්තාරම්මණා පඤ්ඤා.
Sinhala BJTඑහි අප්‍රමාණ වූ පරිත්තාලම්බනප්‍රඥා කවර යත්: නිකාමලාභීසමාධිහුගේ අරමුණ අල්ප ව ස්පර්‍ශ කරන්නහුට යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘අප්‍රමාණ වූ පරිත්තාලම්බනප්‍රඥා’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා අප්පමාණා අප්පමාණාරම්මණා පඤ්ඤා: සමාධිස්ස නිකාමලාභිස්ස ආරම්මණං විපුලං ඵරන්තස්ස යා උප්පජ්ජති පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මා දිට්ඨි, අයං වුච්චති අප්පමාණා අප්පමාණාරම්මණා පඤ්ඤා. ඉමානි චත්තාරි ආරම්මණානි.
Sinhala BJTඑහි අප්‍රමාණ වූ අප්‍රමාණාලම්බනප්‍රඥා කවර යත්: නිකාමලාභීසමාධිහුගේ අරමුණ විපුල ව ස්පර්‍ශ කරන්නහුට යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘අප්‍රමාණ වූ අප්‍රමාණාලම්බනප්‍රඥා’ යි කියනු ලැබේ. මොහු සතර ආලම්බනයෝ යි.
Pali BJTමග්ගසමඞ්ගිස්ස ඤාණං ජරාමරණෙපෙතං ඤාණං, ජරාමරණ සමුදයෙපෙතං ඤාණං ජරාමරණනිරොධෙපෙතං ඤාණං, ජරාමරණ නිරොධගාමිනියා පටිපදායපෙතං ඤාණං.
Sinhala BJTමාර්‍ගසමඞ්ගීහුගේ යම් ඥානයෙක් වේ ද තෙල ජරාමරණයෙහි ඥාන ද වෙයි, තෙල ජරාමරණසමුදයෙහි ඥාන ද වෙයි, තෙල ජරාමරණනිරෝධයෙහි ඥාන ද වෙයි, තෙල ජරාමරණනිරෝධගාමිනීප්‍රතිපදායෙහි ඥාන ද වේ.
Pali BJTතත්ථ කතමං ජරාමරණෙ ඤාණං: ජරාමරණං ආරබ්භ යා උප්පජ්ජති පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, ඉදං වුච්චති ජරාමරණෙ ඤාණං. ජරාමරණසමුදයං ආරබ්භ -පෙ- ජරාමරණ නිරොධං ආරබ්භ -පෙ- ජරාමරණනිරොධගාමිනිං පටිපදං ආරබ්භ යා උප්පජ්ජති පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, ඉදං වුච්චති ජරාමරණනිරොධගාමිනියා පටිපදාය ඤාණං.
Sinhala BJTඑහි ජරාමරණයෙහි ඥාන කවරෙ යත්: ජරාමරණය ඇරැබැ යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් උපදී ද, මේ ‘ජරාමරණයෙහි ඥාන’ යි කියනු ලැබේ. ජරාමරණසමුදය ඇරැබැ ... ජරාමරණනිරෝධය ඇරැබැ ... ජරාමරණනිරෝධගාමිනීප්‍රතිපදාව ඇරැබැ යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් උපදී ද, මේ ‘ජරාමරණනිරෝධගාමිනීප්‍රතිපදායෙහි ඥාන’ යි කියනු ලැබේ.
Pali BJTමග්ගසමඞ්ගිස්ස ඤාණං ජාතියාපෙතං ඤාණං -පෙ- භවෙපෙතං ඤාණං -පෙ- උපාදානෙපෙතං ඤාණං -පෙ- තණ්හායපෙතං ඤාණං -පෙ- වෙදනායපෙතං ඤාණං -පෙ- ඵස්සෙපෙතං ඤාණං -පෙ- සළායතනෙපෙතං ඤාණං -පෙ- නාමරූපෙපෙතං ඤාණං -පෙ- විඤ්ඤාණෙපෙතං ඤාණං -පෙ-
Sinhala BJTමාර්‍ගසමඞ්ගීහුගේ යම් ඥානයෙක් වේ ද තෙල ජාතියෙහි ඥානය ද වෙයි ... භවයෙහි ඥානය ද වෙයි ... උපාදානයෙහි ඥානය ද වෙයි ... තෘෂ්ණායෙහි ඥානය ද වෙයි ... වේදනායෙහි ඥානය ද වෙයි ... ස්පර්‍ශයෙහි ඥානය ද වෙයි ... ෂඩායතනයෙහි ඥානය ද වෙයි ... නාමරූපයෙහි ඥානය ද වෙයි ... විඥානයෙහි ඥානය ද වෙයි ...
Pali BJTසඞ්ඛාරෙසුපෙතං ඤාණං, සඞ්ඛාරසමුදයෙපෙතං ඤාණං, සඞ්ඛාර නිරොධෙපෙතං ඤාණං, සඞ්ඛාරනිරොධගාමිනියා පටිපදාය පෙතං ඤාණං. තත්ථ කතමං සඞ්ඛාරෙසු ඤාණං: සඞ්ඛාරෙ ආරබ්භ යා උප්පජ්ජති පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, ඉද වුච්චති සඞ්ඛාරෙසු ඤාණං. සඞ්ඛාරසමුදයං ආරබ්භ -පෙ- සඞ්ඛාරනිරොධං ආරබ්භ -පෙ- සඞ්ඛාරනිරොධගාමිනිං පටිපදං ආරබ්භ යා උප්පජ්ජති පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, ඉදං වුච්චති සඞ්ඛාරනිරොධගාමිනියා පටිපදාය ඤාණං.
Sinhala BJTතෙල සංස්කාරයන්හි ඥානය ද වෙයි, සංස්කාරසමුදයෙහි ඥානය ද වෙයි, සංස්කාරනිරෝධයෙහි ඥානය ද වෙයි, සංස්කාරනිරෝධගාමිනීප්‍රතිපදායෙහි ඥානය ද වේ. එහි සංස්කාරයන්හි ඥානය කවර යත්: සංස්කාරයන් නිසා යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් උපදී ද, මේ ‘සංස්කාරයන්හි ඥාන’ යි කියනු ලැබේ. සංස්කාරසමුදය නිසා ... සංස්කාරනිරෝධය නිසා ... සංස්කාරනිරෝධගාමිනීප්‍රතිපදාව නිසා යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් උපදී ද, මේ ‘සංස්කාරනිරෝධගාමිනීප්‍රතිපදායෙහි ඥාන’ යි කියනු ලැබේ.
Pali BJTඑවං චතුබ්බිධෙන ඤාණවත්ථු.
Sinhala BJTමෙසේ චතුෂ්ප්‍රකාරයෙන් ඥානවස්තු වේ.
Pali BJTචතුක්කං.
Sinhala BJTචතුෂ්ක යි.
Pali BJT821. තත්ථ කතමො පඤ්චඞ්ගිකො සම්මාසමාධි: පීතිඵරණතා සුඛ ඵරණතා චෙතොඵරණතා ආලොකඵරණතා පච්චවෙක්ඛනානිමිත්තං. ද්වීසු ඣානෙසු පඤ්ඤා පීතිඵරණතා, තීසු ඣානෙසු පඤ්ඤා සුඛඵරණතා, පරචිත්තෙ ඤාණං චෙතොඵරණතා, දිබ්බචක්ඛු ආලොකඵරණතා, තම්හා තම්හා සමාධිම්හා වුට්ඨිතස්ස පච්චවෙක්ඛනාඤාණං පච්චවෙක්ඛනා නිමිත්තං, අයං වුච්චති පඤ්චඞ්ගිකො සම්මාසමාධි.
Sinhala BJT821. එහි පඤ්චාඞ්ගික වූ සම්‍යක්සමාධි කවරෙ යත්: පීතිඵරණතා ය, සුඛඵරණතා ය, චේතෝඵරණතා ය, ආලෝකඵරණතා ය, පච්චවෙක්ඛණානිමිත්ත යි. (ප්‍රථම ද්විතීය) ධ්‍යානද්වයෙහි ප්‍රඥාව පීතිඵරණතා ය, ධ්‍යානත්‍රයෙහි ප්‍රඥාව සුඛඵරණතා ය, පරචිත්තයෙහි ප්‍රඥාව චේතෝඵරණතා ය, දිව්‍යචක්‍ෂුස ආලෝකඵරණතා ය, ඒ ඒ සමාධියෙන් නැඟීසිටියහුගේ ප්‍රත්‍යවේක්‍ෂාඥානය පච්චවෙක්ඛණානිමිත්ත යි. මේ ‘පඤ්චාඞ්ගික වූ සම්‍යක්සමාධි’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො පඤ්චඤාණිකො සම්මාසමාධි: අයං සමාධි පච්චුප්පන්නසුඛො චෙව ආයතිඤ්ච සුඛවිපාකොති පච්චත්තඤ්ඤෙව ඤාණං උප්පජ්ජති, අයං සමාධි අරියො නිරාමිසොති පච්චත්තඤ්ඤෙව ඤාණං උප්පජ්ජති, අයං සමාධි අකාපුරිසසෙවිතොති{1} පච්චත්තඤ්ඤෙව ඤාණං උප්පජ්ජති, අයං සමාධි සන්තො පණීතො පටිප්පස්සද්ධලද්ධො{2} එකොදිභාවාධිගතො න සසඞ්ඛාරනිග්ගය්හ වාරිතවතොති{3} පච්චත්තඤ්ඤෙව ඤාණං උප්පජ්ජති. සො ඛො පනාහං ඉමං සමාධිං සතො සමාපජ්ජාමි සතො උට්ඨහාමීති පච්චත්තඤ්ඤෙව ඤාණං උප්පජ්ජති. අයං පඤ්චඤාණිකො සම්මාසමාධි, එවං පඤ්චවිධෙන ඤාණවත්ථු.
Sinhala BJTඑහි පඤ්චඥානික වූ සම්‍යක්සමාධිය කවරෙ යත්: මේ (අර්‍හත්ඵල) සමාධිය ප්‍රත්‍යුත්පන්නසුඛයත් ආයතිසුඛවිපාකත් ඇත්තේ යයි තමා කෙරෙහි ම ඥානය උපදී, මේ සමාධිය ආර්‍ය්‍ය ය, නිරාමිෂ යයි තමා කෙරෙහි ම ඥානය උපදී, මේ සමාධිය මහාපුරුෂයන් විසින් සෙවුනා ලදැ යි තමා කෙරෙහි ම ඥානය උපදී. මේ සමාධිය ශාන්ත ය, ප්‍රණීත ය, කෙලෙසුන් සන්හිඳුවීමෙන් ලබන ලද ය. එකඟ බැවින් පැමිණෙන ලද ය, සප්‍රෙයෝග සිතින් නිග්‍රහ කොට කෙලෙස් වරා පැමිණියේ නො වේ යයි තමා කෙරෙහි ඥානය උපදී. ඒ මම මේ සමාධියට සිහි ඇති ව සමවදිමි සිහි ඇති ව (ඉන්) නැඟෙමී තමා කෙරෙහි ම ඥානය උපදී. මේ පඤ්චඥානික වූ සම්‍යක්සමාධිය වේ. මෙසේ පඤ්චප්‍රකාරයෙන් ඥානවස්තු වේ.
Pali BJT822. තත්ථ කතමා ඡසු අභිඤ්ඤාසු පඤ්ඤා: ඉද්ධිවිධෙ ඤාණං, සොතධාතු විසුද්ධියා ඤාණං, පරචිත්තෙ ඤාණං, පුබ්බෙනිවාසානුස්සතියා ඤාණං,{4} සත්තානං චුතූපපාතෙ ඤාණං, ආසවානං ඛයෙ ඤාණං, ඉමා ඡසු අභිඤ්ඤාසු පඤ්ඤා. එවං ඡබ්බිධෙන ඤාණවත්ථු.
Sinhala BJT822. එහි ෂට් - අභිඥාවන්හි ප්‍රඥා කවර යත්: ඍද්ධිවිධයෙහි ඥානය, ශ්‍රෝතධාතු විශුද්ධියෙහි ඥාන ය, පරචිත්තයෙහි ඥාන ය, පූර්‍වනිවාසානුස්මෘතියෙහි ඥාන ය, සත්ත්‍වයන්ගේ ච්‍යුති - උපපාතයෙහි ඥාන ය, ආස්‍රවක්‍ෂයයෙහි ඥාන යි. මේ ෂට් - අභිඥාවන්හි ප්‍රඥා යි. මෙසේ ෂට්ප්‍රකාරයෙන් ඥානවස්තු වේ.
Pali BJT823. තත්ථ කතමානි සත්තසත්තති ඤාණවත්ථූනි: ජාතිපච්චයා ජරාමරණන්ති ඤාණං. අසති ජාතියා නත්ථි ජරාමරණන්ති ඤාණං. අතීතම්පි අද්ධානං ජාතිපච්චයා ජරාමරණන්ති ඤාණං. අසති ජාතියා නත්ථි ජරාමරණන්ති ඤාණං. අනාගතම්පි අද්ධානං ජාතිපච්චයා ජරාමරණන්ති ඤාණං, අසති ජාතියා නත්ථි ජරාමරණන්ති ඤාණං. යම්පිස්ස තං ධම්මට්ඨිති ඤාණං, තම්පි ඛයධම්මං වයධම්මං විරාගධම්මං නිරොධධම්මන්ති ඤාණං. භවපච්චයා ජාතීති ඤාණං -පෙ- උපාදාන පච්චයා භවොති ඤාණං -පෙ- තණ්හාපච්චයා උපාදානන්ති ඤාණං -පෙ- වෙදනාපච්චයා තණ්හාති ඤාණං -පෙ- ඵස්සපච්චයා වෙදනාති ඤාණං -පෙ- සළායතනපච්චයා ඵස්සොති ඤාණං -පෙ- නාමරූප පච්චයා සළායතනන්ති ඤාණං -පෙ- විඤ්ඤාණපච්චයා නාමරූපන්ති ඤාණං -පෙ- සඞ්ඛාරපච්චයා විඤ්ඤාණන්ති ඤාණං -පෙ- අවිජ්ජා පච්චයා සඞ්ඛාරාති ඤාණං, අසති අවිජ්ජාය නත්ථි සඞ්ඛාරාති ඤාණං. අතීතම්පි අද්ධානං අවිජ්ජාපච්චයා සඞ්ඛාරාති ඤාණං, අසති අවිජ්ජාය නත්ථි සඞ්ඛාරාති ඤාණං, අනාගතම්පි අද්ධානං අවිජ්ජාපච්චයා සඞ්ඛාරාති ඤාණං, අසති අවිජ්ජාය නත්ථි සඞ්ඛාරාති ඤාණං. යම්පිස්ස තං ධම්මට්ඨිති ඤාණං, තම්පි ඛයධම්මං වයධම්මං විරාහධම්මං නිරොධධම්මන්ති ඤාණං. ඉමානි සත්තසත්තති{5} ඤාණවත්ථූනි. එවං සත්තවිධෙන ඤාණවත්ථු.
Sinhala BJT823. එහි සත්සැත්තෑ ඥානවස්තුහු කවරහ යත්: ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ යැ යි ඥානයෙක, ජාතිය නැති කල්හි ජරාමරණ නැතැ යි ඥානයෙක, අතීතකාලයෙහිදු ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ යැ යි ඥානයෙක, ජාතිය නැති කල්හි ජරාමරණ නැතැ යි ඥානයෙක, අනාගතකාලයෙහිදු ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ යැ යි ඥානයෙක, ජාතිය නැති කල්හි ජරාමරණ නැතැ යි ඥානයෙක, යම් ඒ ධර්‍මස්ථිති (ප්‍රත්‍යයාකාර) ඥානයෙකුත් වන්නේ නම් හෙ ද ක්‍ෂයස්වභාව ඇත්තේ ය, ව්‍යයස්වභාව ඇත්තේ ය, විරාගස්වභාව ඇත්තේ ය, නිරෝධස්වභාව ඇත්තේ යැ යි ඥානයෙක, භවප්‍රත්‍යයෙන් ජාතිය වේ යැ යි ඥානයෙක ... උපාදානප්‍රත්‍යයෙන් භවය වේ යැ යි ඥානයෙක ... තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය වේ යැ යි ඥානයෙක ... වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වේ යැ යි ඥානයෙක ... ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා වේ යැ යි ඥානයෙක ... ෂඩායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වේ යැ යි ඥානයෙක ... නාමරූපප්‍රත්‍යයෙන් ෂඩායතනය වේ යැ යි ඥානයෙක ... විඥානප්‍රත්‍යයෙන් නාමරූප වේ යැ යි ඥානයෙක ... සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වේ යැ යි ඥානයෙක ... අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙතැ යි ඥානයෙක. අවිද්‍යාව නැති කල්හි සංස්කාරයෝ නැතැ යි ඥානයෙක, අතීතකාලයෙහිදු අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වූහ යි ඥානයෙක. අවිද්‍යාව නැති කල්හි සංස්කාරයෝ නැතැ යි ඥානයෙක, අනාගතකාලයෙහිදු අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වන්නාහ යි ඥානයෙක. අවිද්‍යාව නැති කල්හි සංස්කාරයෝ නැතැ යි ඥානයෙක, යම් ඒ ධර්‍මස්ථිතිඥානයෙකුත් වන්නේ නම් හෙ ද ක්‍ෂයස්වභාව ඇත්තේ ය, ව්‍යයස්වභාව ඇත්තේ ය, විරාගස්වභාව ඇත්තේ ය, නිරෝධස්වභාව ඇත්තේ යැ යි ඥානයෙකි. මොහු සත්සැත්තෑ ඥානවස්තූහු වෙත්. මෙසේ සප්තප්‍රකාරයෙන් ඥානවස්තු වේ.
Pali BJT824. තත්ථ කතමා චතුසු මග්ගෙසු චතුසු ඵලෙසු පඤ්ඤා: සොතාපත්ති මග්ගෙ පඤ්ඤා, සොතාපත්ති ඵලෙ පඤ්ඤා, සකදාගාමී මග්ගෙ පඤ්ඤා, සකදාගාමී ඵලෙ පඤ්ඤා, අනාගාමිමග්ගෙ පඤ්ඤා, අනාගාමිඵලෙ පඤ්ඤා, අරහත්තමග්ගෙ පඤ්ඤා, අරහත්තඵලෙ පඤ්ඤා. ඉමා චතුසු මග්ගෙසු චතුසු ඵලෙසු පඤ්ඤා. එවං අට්ඨවිධෙන ඤාණවත්ථු.
Sinhala BJT824. එහි සතර මාර්‍ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥා කවර යත්: ශ්‍රෝතාපත්තිමාර්‍ගයෙහි ප්‍රඥා ය, ශ්‍රොතාපත්තිඵලයෙහි ප්‍රඥා ය, සකෘදාගාමීමාර්‍ගයෙහි ප්‍රඥා ය, සකෘදාගාමීඵලයෙහි ප්‍රඥා ය, අනාගාමිමාර්‍ගයෙහි ප්‍රඥා ය, අනාගාමීඵලයෙහි ප්‍රඥා ය, අර්‍හන්මාර්‍ගයෙහි ප්‍රඥා ය, අර්‍හත්ඵලයෙහි ප්‍රඥා යි. මේ සතර මාර්‍ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥායි. මෙසේ අෂ්ප්‍රකාරයෙන් ඥානවස්තු වේ.
Pali BJT825. තත්ථ කතමා නවසු අනුපුබ්බවිහාරසම්පත්තීසු පඤ්ඤා: පඨමජ්ඣානසමාපත්තියා පඤ්ඤා, දුතියජ්ඣානසමාපත්තියා පඤ්ඤා, තතියජ්ඣානසමාපත්තියා පඤ්ඤා, චතුත්ථජ්ඣානසමාපත්තියා පඤ්ඤා, ආකාසානඤ්චායතනසමාපත්තියා පඤ්ඤා, විඤ්ඤාණඤ්චායතනසමාපත්තියා පඤ්ඤා, ආතිඤ්චඤ්ඤායතනසමාපත්තියා පඤ්ඤා, නෙවසඤ්ඤා නාසඤ්ඤායතනසමාපත්තියා පඤ්ඤා සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්තියා වුට්ඨිතස්ස පච්චවෙක්ඛනාඤාණං. ඉමා නවසු අනුපුබ්බවිහාරසමාපත්තීසු පඤ්ඤා. එවං නවවිධෙන ඤාණවත්ථු.
Sinhala BJT825. එහි නව අනුපූර්‍වවිහාරසමාපත්තීන්හි ප්‍රඥා කවර යත්: ප්‍රඥමධ්‍යානසමාපත්තියෙහි ප්‍රඥා ය, ද්විතීයධ්‍යානසමාපත්තියෙහි ප්‍රඥා ය, තෘතීයධ්‍යානසමාපත්තියෙහි ප්‍රඥා ය, චතුර්‍ත්‍ථධ්‍යානසමාපත්තියෙහි ප්‍රඥා ය, ආකාසානඤ්චායතනසමාපත්තියෙහි ප්‍රඥා ය, විඤ්ඤාණඤ්චායතනසමාපත්තියෙහි ප්‍රඥා ය, ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියෙහි ප්‍රඥා ය, නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියෙහි ප්‍රඥා ය, සංඥාවේදයිතනිරෝධසමාපත්තියෙන් නැඟීසිටියහු ගේ ප්‍රත්‍යවෙක්‍ෂණාඥාන යි. මේ අනුපූර්‍වවිහාරසමාපත්තීන්හි ප්‍රඥා යි. මෙසේ නවප්‍රකාරයෙන් ඥානවස්තු වේ.
Pali BJT826. තත්ථ කතමාං තථාගතස්ස ඨානං ච ඨානතො අට්ඨානඤ්ච අට්ඨානතො යථාභූතං ඤාණං: ඉධ තථාගතො අට්ඨානමෙතං අනවකාසො යං දිට්ඨිසම්පන්නො පුග්ගලො කඤ්චි සඞ්ඛාරං නිච්චතෙ උපගච්ඡෙය්ය නෙතං ඨානං විජ්ජතීති පජානාති, ඨානඤ්ච ඛො එතං විජ්ජති යං පුථුජ්ජනො කඤ්චි සඞ්ඛාරං නිච්චතො උපගච්ඡෙය්ය ඨානමෙතං විජ්ජතීති පජානාති. අට්ඨානමෙතං අනවකාසො යං දිට්ඨිසම්පන්නො පුග්ගලො කඤ්චි සඞ්ඛාරං සුඛතො උපගච්ඡෙය්ය නෙතං ඨානං විජ්ජතීති පජානාති, ඨානඤ්ච ඛො එතං විජ්ජති යං පුථුජ්ජනො කඤ්චි සඞ්ඛාරං සුඛතො උපගච්ඡෙය්ය ඨානමෙතං විජ්ජතීති පජානාති, අට්ඨානමෙතං අනවකාසො යං දිට්ඨිසම්පන්නො පුග්ගලො කඤ්චි ධම්මං අත්තතො උපගච්ඡෙය්ය නෙතං ඨානං විජ්ජතීති පජානාති, ඨානඤ්ච ඛො එතං විජ්ජති යං පුථුජ්ජනො කඤ්චි ධම්මං අත්තතො උපගච්ඡෙය්ය ඨානමෙතං විජ්ජතීති පජානාති.
Sinhala BJT826. එහි තථාගතයන්ගේ කාරණය කාරණ හෙයින් ද අකාරණය අකාරණ හෙයින් ද ඇති සැටියෙන් දන්නා නුවණ කවරෙ යත්: යම් කරුණෙකින් දෘෂ්ටිසම්පන්න (සෝවන්) පුද්ගල තෙමේ කිසි සංස්කාරයක් නිත්‍ය විසින් ගන්නේ නම් මෙය අහේතුක ය, අනවකාශ ය. මෙ කරුණ නො පැනේ යයි මෙහි තථාගත තෙමේ දනියි. යම් කරුණෙකින් පෘථග්ජන තෙමේ කිසි සංස්කාරයක් නිත්‍ය විසින් ගන්නේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්‍යමාන වේ යයි දනියි. යම් කරුණෙකින් දෘෂ්ටිසම්පන්නපුද්ගල තෙමේ කිසි සංස්කාරයක් සුඛ විසින් ගන්නේ නම් මේ අස්ථාන ය, අනවකාශ ය, මෙ කරුණ නො පැනේ යයි දනියි. යම් කරුණෙකින් පෘථග්ජන තෙමේ කිසි සංස්කාරයක් සුඛ විසින් ගන්නේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්‍යමාන වේ යයි දනී. යම් කරුණෙකින් දෘෂ්ටිසම්පන්නපුද්ගල තෙමේ කිසි සංස්කාරයක් ආත්ම විසින් ගන්නේ නම් මේ අස්ථාන ය, අනවකාශ ය, මෙ කරුණ නො පැනේ යයි දනියි. යම් කරුණෙකින් පෘථග්ජන තෙමේ කිසි සංස්කාරයක් ආත්ම විසින් ගන්නේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්‍යමාන වේ යයි දනී.
Pali BJTඅට්ඨානමෙතං අනවකාසො යං දිට්ඨිසම්පන්නො පුග්ගලො මාතරං ජීවිතා වොරොපෙය්ය නෙතං ඨානං විජ්ජතීති පජානාති, ඨානඤ්ච ඛො එතං විජ්ජති යං පුථුජ්ජනො මාතරං ජීවිතා වොරොපෙය්ය ඨානමෙතං විජ්ජතීති පජානාති. අට්ඨානමෙතං අනවකාසො යං දිට්ඨිසම්පන්නො පුග්ගලො පිතරං ජීවිතා වොරොපෙය්ය -පෙ- අරහන්තං ජීවිතා වොරොපෙය්ය -පෙ- දුට්ඨෙන චිත්තෙන තථාගතස්ස ලොහිතං උප්පාදෙය්ය -පෙ- සඞ්ඝං භින්දෙය්ය -පෙ- අඤ්ඤං සත්ථාරං උද්දිසෙය්ය -පෙ- අට්ඨමං භවං නිබ්බත්තෙය්ය නෙතං ඨානං විජ්ජතීති පජානාති, ඨානඤ්ච ඛො එතං විජ්ජති යං පුථුජ්ජනො අට්ඨමං භවං නිබ්බත්තෙය්ය ඨානමෙතං විජ්ජතීති පජානාති.
Sinhala BJTයම් කරුණෙකින් දෘෂ්ටිසම්පන්නපුද්ගල තෙම මව දිවි ගලවන්නේ නම් මේ හේතු රහිතය, ප්‍රත්‍යය රහිතය, මෙ කරුණ නො පැනේ යයි දනියි. යම් කරුණෙකින් පෘථග්ජන තෙම මව දිවිගලවන්නේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්‍යමාන වේ යයි දනී. යම් කරුණෙකින් දෘෂ්ටිසම්පන්නපුද්ගල තෙම පියා දිවිගලවන්නේ නම් ... රහත්හු දිවිගලවන්නේ නම් ... දුෂ්ට වූ සිතින් බුදුන් සිරිරින් ලෙහෙ සොලවා නම් ... සඞ්ඝභේද කෙරේ නම් ... අන් ශාස්තෘවක්හු උදෙසා නම් ... අට වැනි භවයෙක උපදනේ නම් හේතු රහිත ය, ප්‍රත්‍යය රහිත ය, මෙ කරුණ නො පැනේ යයි දනී. යම් කරුණෙකින් පෘථග්ජන තෙම අටවැනි භවයෙක උපදනේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්‍යමාන වේ යයි දනී.
Pali BJTඅට්ඨානමෙතං අනවකාසො යං එකිස්සා ලොකධාතුයා ද්වෙ අරහන්තො සම්මාසම්බුද්ධා අපුබ්බං අචරිමං උප්පජ්ජෙය්යුං නෙතං ඨානං විජ්ජතීති පජානාති, ඨානඤ්ච ඛො එතං විජ්ජති යං එකිස්සා ලොකධාතුයා එකො අරහං සම්මාසම්බුද්ධො උප්පජෙය්ය ඨානමෙතං විජ්ජතීති පජානාති. අට්ඨානමෙතං අනවකාසො යං එකිස්සා ලොක ධාතුයා ද්වෙ රාජානො චක්කවත්තී අපුබ්බං අචරිමං උප්පජ්ජෙය්යුං නෙතං ඨානං විජ්ජතීති පජානාති, ඨානඤ්ච ඛො එතං විජ්ජති යං එකිස්සා ලොකධාතුයා එකො රාජා චක්කවත්තී උප්පජ්ජෙය්ය ඨානමෙතං විජ්ජතීති පජානාති. අට්ඨානමෙතං අනවකාසො යං ඉත්ථී අරහං අස්ස සම්මාසම්බුද්ධො නෙතං ඨානං විජ්ජතීති පජානාති, ඨානඤ්ච ඛො එතං විජ්ජති යං පුරිසො අරහං අස්ස සම්මාසම්බුද්ධො ඨානමෙතං විජ්ජතීති පජානාති. අට්ඨානමෙතං අනවකාසො යං ඉත්ථි රාජා අස්ස චක්කවත්තී නෙතං ඨානං විජ්ජතීති පජානාති, ඨානඤ්ච ඛො එතං විජ්ජති යං පුරිසො රාජා අස්ස චක්කවත්තී ඨානමෙතං විජ්ජතීති පජානාති අට්ඨානමෙතං අනවකාසො යං ඉත්ථි සක්කත්තං කරෙය්ය මාරත්තං කරෙය්ය බ්රහ්මත්තං කරෙය්ය නෙතං ඨානං විජ්ජතීති පජානාති -පෙ- ඨානඤ්ච ඛො එතං විජ්ජති යං පුරිසො බ්රහ්මත්තං කරෙය්ය ඨානමෙතං විජ්ජතීති පජානාති.
Sinhala BJTයම් කරුණෙකින් එක් ලෝකධාතුයෙක්හි අර්‍හත් සම්මාසම්බුදුවරයෝ දෙදෙනෙක් පෙරපසු නො ව උපදනාහු නම් මෙ කරුණ හේතු රහිත ය, ප්‍රත්‍යය රහිත ය, මෙ කරුණ විද්‍යමාන නො වේ යයි දනී. යම් කරුණෙකින් එක් ලෝකධාතුයෙක්හි එක් අර්‍හත් සම්මාසම්බුදුවරයෙක් උපදනේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්‍යමාන වේ යයි දනී. යම් කරුණෙකින් එක් ලෝකධාතුයෙක්හි සක්විතිරජවරු දෙදෙනෙක් පෙරපසු නො ව උපදනාහු නම් මේ හේතු රහිත ය, ප්‍රත්‍යය රහිත ය, මෙ කරුණ විද්‍යමාන නො වේ යයි දනී. යම් කරුණෙකින් එක් ලෝකධාතුයෙක්හි එක් සක්විතිරජෙක් උපදනේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්‍යමාන වේ යයි දනී. යම් කරුණෙකින් මාගමක් අර්‍හත් සම්මාසම්බුදු වේ නම් මේ හේතු රහිත ය, ප්‍රත්‍යය රහිත ය, මෙ කරුණ විද්‍යමාන නො වේ යයි දනී. යම් කරුණෙකින් පිරිම්නියෙක් අර්‍හත් සම්මාසම්බුදු වේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්‍යමාන වේ යයි දනී. යම් කරුණෙකින් මාගමක් සක්විතිරජ වේ නම් මේ හේතු රහිත ය, ප්‍රත්‍යය රහිත ය, මෙ කරුණ විද්‍යමාන නො වේ යයි දනී. යම් කරුණෙකින් පිරිම්නියෙක් සක්විතිරජ වේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්‍යමාන වේ යයි දනී. යම් කරුණෙකින් මාගමක් ශක්‍ර බව ... මාර බව ... බ්‍රහ්ම බව කෙරේ නම් මේ හේතු රහිත ය, ප්‍රත්‍යය රහිත ය, මෙ කරුණ විද්‍යමාන නො වේ යයි දනී. යම් කරුණෙකින් පිරිම්නියෙක් බ්‍රහ්ම බව කෙරේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්‍යමාන වේ යයි දනී.
Pali BJTඅට්ඨානමෙතං අනවකාසො යං කායදුච්චරිතස්ස ඉට්ඨො කන්තො මාපො විපාකො නිබ්බත්තෙය්ය නෙතං ඨානං විජ්ජතීති පජානාති, ඨානඤ්ච ඛො එතං විජ්ජති යං කායදුච්චරිතස්ස අනිට්ඨො අකන්තො අමනාපො විපාකො නිබ්බත්තෙය්ය ඨානමෙතං විජ්ජතීති පජානාති. අට්ඨානමෙතං අනවකාසො යං වචීදුච්චරිතස්ස -පෙ- යං මනොදුච්චරිතස්ස ඉට්ඨො කන්තො මනාපො විපාකො නිබ්බත්තෙය්ය නෙතං ඨානං විජ්ජතීති පජානාති -පෙ- ඨානඤ්ච ඛො එතං විජ්ජති යං මනොදුච්චරිතස්ස අනිට්ඨො අකන්තො අමනාපො විපාකො නිබ්බත්තෙය්ය ඨානමෙතං විජ්ජතීති පජානාති. අට්ඨානමෙතං අනවකාසො යං කායසුචරිතස්ස අනිට්ඨො අකන්තො අමනාපො විපාකො නිබ්බත්තෙය්ය නෙතං ඨානං විජ්ජතීති පජානාති, ඨානඤ්ච ඛො එතං විජ්ජති යං කායසුචරිතස්ස ඉට්ඨො කන්තො මනාපො විපාකො නිබ්බත්තෙය්ය ඨානමෙතං විජ්ජතීති පජානාති. අට්ඨානමෙතං අනවකාසො යං වචීසුචරිතස්ස -පෙ- යං මනොසුචරිතස්ස අනිට්ඨො අකන්තො අමනාපො විපාකො නිබ්බත්තෙය්ය, නෙතං ඨානං විජ්ජතීති පජානාති -පෙ- ඨානඤ්ච ඛො එතං විජ්ජති යං මනොසුචරිතස්ස ඉට්ඨො කන්තො මනාපො විපාකො නිබ්බත්තෙය්ය ඨානමෙතං විජ්ජතීති පජානාති.
Sinhala BJTයම් කරුණෙකින් කායදුශ්චරිතයාගේ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ විපාකය උපදනේ නම් මේ හේතු රහිත ය, ප්‍රත්‍යය රහිත ය, මෙ කරුණ විද්‍යමාන නො වේ යයි දනියි. යම් කරුණෙකින් කායදුශ්චරිතයාගේ අනිෂ්ට වූ අකාන්ත වූ අමනාප වූ විපාක උපදනේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්‍යමාන වේ යයි දනියි. යම් කරුණෙකින් වාග්දුශ්චරිතයාගේ ... මනෝදුශ්චරිතයාගේ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ විපාකය උපදනේ නම් මේ හේතු රහිත ය, ප්‍රත්‍යය රහිත ය, මෙ කරුණ විද්‍යමාන නො වේ යයි දනී. යම් කරුණෙකින් මනෝදුශ්චරිතයාගේ අනිෂ්ට වූ අකාන්ත වූ අමනාප වූ විපාකය උපදනේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්‍යමාන වේ යයි දනියි. යම් කරුණෙකින් කායසුචරිතයාගේ අනිෂ්ට වූ අකාන්ත වූ අමනාප වූ විපාකය උපදනේ නම් මේ හේතු රහිත ය, ප්‍රත්‍යය රහිත ය, මෙ කරුණ විද්‍යමාන නො වේ යයි දනියි. යම් කරුණෙකින් කායසුචරිතයාගේ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ විපාකය උපදනේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්‍යමාන වේ යයි දනියි. යම් කරුණෙකින් වාක්සුචරිතයාගේ ... මනස්සුචරිතයාගේ අනිෂ්ට වූ අකාන්ත වූ අමනාප වූ විපාකය උපදනේ නම් මේ හේතු රහිත ය, ප්‍රත්‍යය රහිත ය, මෙ කරුණ විද්‍යමාන නො වේ යයි දනී. යම් කරුණෙකින් මනස්සුචරිතයාගේ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ විපාකය උපදනේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්‍යමාන වේ යයි දනී.
Pali BJTඅට්ඨානමෙතං අනවකාසො යං කායදුච්චරිතසමඞ්ගී තංනිදානා තප්පච්චයා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජෙය්ය නෙතං ඨානං විජ්ජතීති පජානාති, ඨානඤ්ච ඛො එතං විජ්ජති යං කායදුච්චරිතසමඞ්ගී තංනිදානා තප්පච්චයා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජෙය්ය ඨානමෙතං විජ්ජතීති පජානාති, අට්ඨානමෙතං අනවකාසො යං වචීදුච්චරිතසමඞ්ගී -පෙ- යං මනොදුච්චරිතසමඞ්ගී තංනිදානා තප්පච්චයා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජෙය්ය නෙතං ඨානං විජ්ජතීති පජානාති -පෙ- ඨානඤ්ච ඛො එතං විජ්ජති යං මනොදුච්චරිතසමඞ්ගී තංනිදානා තප්පච්චයා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජෙය්ය ඨානමෙතං විජ්ජතීති පජානාති.
Sinhala BJTයම් කරුණෙකින් කායදුශ්චරිතසමඞ්ගී වූ පුද්ගල තෙම එ කරුණෙන් ඒ හේතුයෙන් කාබුන් මරණින් මත්තෙහි සැපයට ගති වූ ස්වර්‍ගලෝකයෙහි උපදනේ නම් මේ හේතු රහිත ය, ප්‍රත්‍යය රහිත ය, මෙ කරුණ විද්‍යමාන නො වේ යයි දනියි. යම් කරුණෙකින් කායදුශ්චරිතසමඞ්ගී වූ පුද්ගල තෙම එ කරුණෙන් ඒ හේතුයෙන් කාබුන්මරණින් මත්තෙහි සැපයෙන් පහ වූ දුකට ගති වූ විවස ව පතිත වන නිරයට පැමිණෙන්නේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්‍යමාන වේ යයි දනියි. යම් කරුණෙකින් වාග්දුශ්චරිතසමඞ්ගී වූ ... මනෝදුශ්චරිතසමඞ්ගී වූ පුද්ගල තෙම එ කරුණෙන් ඒ හේතුයෙන් කාබුන් මරණින් මත්තෙහි සැපයට ගති වූ ස්වර්‍ගලෝකයෙහි උපදනේ නම් මේ හේතු රහිත ය, ප්‍රත්‍යය රහිත ය, මෙ කරුණ විද්‍යමාන නො වේ යයි දනියි. යම් කරුණෙකින් මනෝදුශ්චරිතසමඞ්ගී වූ පුද්ගල තෙම එ කරුණෙන් ඒ හේතුයෙන් කාබුන්මරණින් මත්තෙහි සැපයෙන් පහ වූ දුකට ගති වූ විවස ව පතිත වන නිරයෙහි උපදනේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්‍යමාන වේ යයි දනී.
Pali BJTඅට්ඨානමෙතං අනවකාසො යං කායසුචරිතසමඞ්ගී තංනිදානා තප්පච්චයා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජෙය්ය නෙතං ඨානං විජ්ජතීති පජානාති, ඨානඤ්ච ඛො එතං විජ්ජති යං කායසුචරිතසමඞ්ගී තංනිදානා තප්පච්චයා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජෙය්ය ඨානමෙතං විජ්ජතීති පජානාති. අට්ඨානමෙතං අනවකාසො යං වචීසුචරිතසමඞ්ගී -පෙ- යං මනොසුචරිතසමඞ්ගී තංනිදානා තප්පච්චයා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජෙය්ය, නෙතං ඨානං විජ්ජතීති පජානාති -පෙ- ඨානඤ්ච ඛො එතං විජ්ජති යං මනොසුචරිතසමඞ්ගී තංනිදානං තප්පච්චයා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජෙය්ය, ඨානමෙතං විජ්ජතීති පජානාති යෙ යෙ ධම්මා යෙසං යෙසං ධම්මානං හෙතු පච්චයා උපාදාය තං තං ඨානං යෙ යෙ ධම්මා යෙසං යෙසං ධම්මානං න හෙතු අප්පච්චයා උපාදාය තං තං අට්ඨානන්ති යා තත්ථ පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, ඉදං තථාගතස්ස ඨානඤ්ච ඨානතො අට්ඨානඤ්ච අට්ඨානතො යථාභූතං ඤාණං.
Sinhala BJTයම් කරුණෙකින් කායසුචරිතසමඞ්ගී වූ පුද්ගල තෙම එ කරුණෙන් ඒ හේතුයෙන් කාබුන්මරණින් මත්තෙහි සැපයෙන් පහ වූ දුකට ගති වූ විවස ව පතිත වන නිරයෙහි උපදනේ නම් මේ හේතු රහිත ය, ප්‍රත්‍යය රහිත ය, මෙ කරුණ විද්‍යමාන නො වේ යයි දනියි. යම් කරුණෙකින් කායසුචරිතසමඞ්ගී වූ පුද්ගල තෙම එ කරුණෙන් ඒ හේතුයෙන් කාබුන්මරණින් මත්තෙහි සැපයට ගති වූ ස්වර්‍ගලෝකයෙහි උපදනේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්‍යමාන වේ යයි දනියි. යම් කරුණෙකින් වාක්සුචරිතසමඞ්ගී වූ ... මනස්සුචරිතසමඞ්ගී වූ පුද්ගල තෙම එ කරුණෙන් ඒ හේතුයෙන් කාබුන්මරණින් මත්තෙහි සැපයෙන් පහවූ දුකට ගති වූ නිරයෙහි උපදනේ නම් මේ හේතු රහිත ය, ප්‍රත්‍යය රහිත ය, මෙ කරුණ විද්‍යමාන නො වේ යයි දනියි. යම් කරුණෙකින් මනස්සුචරිතසමඞ්ගී වූ පුද්ගල තෙම එ කරුණෙන් ඒ හේතුයෙන් කාබුන්මරණින් මත්තෙහි සැපයට ගති වූ ස්වර්‍ගලෝකයෙහි උපදනේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්‍යමාන වේ යයි දනී. යම් යම් ධර්‍ම කෙනෙක් යම් යම් ධර්‍ම කෙනෙකුන්ට හේතු වෙත් ද ප්‍රත්‍යය වෙත් ද, ඒ ඒ ධර්‍මය පිණිස කාරණ ය, යම් යම් ධර්‍ම කෙනෙක් යම් යම් ධර්‍ම කෙනෙකුන්ට හේතු නො වෙත් ද, ප්‍රත්‍යය නො වෙත් ද, ඒ ඒ ධර්‍මය පිණිස අකාරණ යැ යි එහි යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘තථාගතයන්ගේ කාරණය කාරණ හෙයින් ද අකාරණය අකාරණ හෙයින් ද ඇති සැටියෙන් දන්නා නුවණ’ වේ.
Pali BJT827. තත්ථ කතමං තථාගතස්ස අතීතානාගතපච්චුප්පන්නානං කම්ම සමාදානානං ඨානසො හෙතුසො විපාකං යථාභූතං ඤාණං: ඉධ තථාගතො පජානාති අත්ථෙකච්චානි පාපකානි කම්මසමාදානානි ගති සම්පත්තිපතිබාළ්හානි න විපච්චන්ති. අත්ථෙකච්චානි පාපකානි කම්ම සමාදානානි උපධිසම්පත්තිපතිබාළ්හානි න විපච්චන්ති. අත්ථෙකච්චානි පාපකානි කම්මසමාදානානි කාලසම්පත්තිපතිබාළ්හානි න විපච්චන්ති. අත්ථෙකච්චානි පාපකානි කම්මසමාදානානි පයොගසම්පත්තිපතිබාළ්හානි න විපච්චන්ති. අත්ථෙකච්චානි පාපකානි කම්මසමාදානානි ගතිවිපත්තිං ආගම්ම විපච්චන්ති. අත්ථෙකච්චානි පාපකානි කම්මසමාදානානි උපධිවිපත්තිං ආගම්ම විපච්චන්ති. අත්ථෙකච්චානි පාපකානි කම්මසමාදානානි කාලවිපත්තිං ආගම්ම විපච්චන්ති. අත්ථෙ කච්චානි පාපකානි කම්මසමාදානානි පයොගවිපත්තිං ආගම්ම විපච්චන්ති. අත්ථෙකච්චානි කල්යාණානි කම්මසමාදානානි ගතිවිපත්තිපතිබාළ්හානි න විපච්චන්ති. අත්ථෙකච්චානි කල්යාණානි කම්මසමාදානානි උපධිවිපත්තිපතිබාළ්හානි න විපච්චන්ති. අත්ථෙකච්චානි කල්යාණානි කම්මසමාදානානි කාලවිපත්තිපතිබාළ්හානි න විපච්චන්ති. අත්ථෙකච්චානි කල්යාණානි කම්මසමාදානානි පයොගවිපත්තිපතිබාළ්හානි න විපච්චන්ති. අත්ථෙකච්චානි කල්යාණානි කම්මසමාදානානි ගතිසම්පත්තිං ආගම්ම විපච්චන්ති. අත්ථෙකච්චානි කල්යාණානි කම්මසමාදානානි උපධිසම්පත්තිං ආගම්ම විපච්චන්ති. අත්ථෙකච්චානි කල්යාණානි කම්මසමාදානානි කාලසම්පත්තිං ආගම්ම විපච්චන්ති. අත්ථෙකච්චානි කල්යාණානි කම්මසමාදානානි පයොගසම්පත්තිං ආගම්ම විපච්චන්තීති යා තත්ථ පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, ඉදං තථාගතස්ස අතීතානාගතපච්චුප්පන්නානං කම්මසමාදානානං ඨානසො හෙතුසො විපාකං යථාභූතං ඤාණං.
Sinhala BJT827. එහි තථාගතයන්ගේ කාරණ විසින් හේතු විසින් අතීත - අනාගත - ප්‍රත්‍යුත්පන්න කර්‍මසමාදානයන්ගේ විපාකය ඇතිසැටියෙන් දන්නා නුවණ කවරෙ යත්: මෙහි තථාගත තෙම මෙසේ දනී. කෙසේ ද යත්: ‘ගතිසම්පත්තීන් බාධිත ව විපාක නො දෙත් නම් එබඳු වූ ඇතැම් ලාමක කර්‍මසමාදාන කෙනෙක් ඇත, උපධිසම්පත්තීන් බාධිත ව විපත නො දෙත් නම් එබඳු වූ ඇතැම් ලාමක කර්‍මසමාදාන කෙනෙක් ඇත, කාලසම්පත්තීන් බාධිත ව විපාක නො දෙත් නම් එබඳු වූ ඇතැම් ලාමක කර්‍මසමාදාන කෙනෙක් ඇත. ප්‍රයෝගසම්පත්තීන් බාධිත ව විපාක නො දෙත් නම් එබඳු වූ ඇතැම් ලාමක කර්‍මසමාදාන කෙනෙක් ඇත, ගතිවිපත්තියට පැමිණ විපාක දෙත් නම් එබඳු වූ ඇතැම් ලාමක කර්‍මසමාදාන කෙනෙක් ඇත, උපධිවිපත්තියට පැමිණ විපාක දෙත් නම් එබඳු වූ ඇතැම් ලාමක කර්‍මසමාදාන කෙනෙක් ඇත, කාලවිපත්තියට පැමිණ විපාක දෙත් නම් එබඳු වූ ඇතැම් ලාමක කර්‍මසමාදාන කෙනෙක් ඇත, ප්‍රයෝගවිපත්තියට පැමිණ විපාක දෙත් නම් එබඳු වූ ඇතැම් ලාමක කර්‍මසමාදාන කෙනෙක් ඇත, ගතිවිපත්තීන් බාධිත ව විපාක නො දෙත් නම් එබඳු වූ ඇතැම් කල්‍යාණ කර්‍මසමාදාන කෙනෙක් ඇත, උපධිවිපත්තීන් බාධිතව විපාක නො දෙත් නම් එබඳු වූ ඇතැම් කල්‍යාණ කර්‍මසමාදාන කෙනෙක් ඇත, කාලවිපත්තීන් බාධිතව විපාක නො දෙත් නම් එබඳු වූ ඇතැම් කල්‍යාණ කර්‍මසමාදාන කෙනෙක් ඇත, ප්‍රයෝගවිපත්තීන් බාධිත ව විපාක නො දෙත් නම් එබඳු වූ ඇතැම් කල්‍යාණ කර්‍මසමාදාන කෙනෙක් ඇත, ගතිසම්පත්තියට පැමිණ විපාක දෙත් නම් එබඳු වූ ඇතැම් කල්‍යාණ කර්‍මසමාදාන කෙනෙක් ඇත, උපධිසම්පත්තියට පැමිණ විපාක දෙත් නම් එබඳු වූ ඇතැම් කල්‍යාණ කර්‍මසමාදාන කෙනෙක් ඇත, කාලසම්පත්තියට පැමිණ විපාක දෙත් නම් එබඳු වූ ඇතැම් කල්‍යාණ කර්‍මසමාදාන කෙනෙක් ඇත, ප්‍රයෝගසම්පත්තියට පැමිණ විපාක දෙත් නම් එබඳු වූ ඇතැම් කල්‍යාණ කර්‍මසමාදාන කෙනෙක් ඇතැ’ යි. එහි යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘තථාගතයන්ගේ කාරණ විසින් හේතු විසින් අතීතානාගතප්‍රත්‍යුත්පන්න කර්‍මසමාදානයන්ගේ විපාකය ඇති සැටියෙන් දන්නා නුවණ’ වේ.
Pali BJT828. තත්ථ කතමං තථාගතස්ස සබ්බත්ථගාමිනීපටිපදං යථාභූතං ඤාණං: ඉධ තථාගතො අයං මග්ගො අයං පටිපදා නිරයගාමිනීති{1} පජානාති. අයං මග්ගො අයං පටිපදා තිරච්ඡානයොනිගාමිනීති{1} පජානාති. අයං මග්ගො අයං පටිපදා පෙත්තිවිසයගාමිනීති{1} පජානාති. අයං මග්ගො අයං පටිපදා මනුස්සලොකගාමිනීති පජානාති අයං මග්ගො අයං පටිපදා දෙවලොකගාමිනීති පජානාති. අයං මග්ගො අයං පටිපදා නිබ්බානාගාමිනීති පජානාතීති යා තත්ථ පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, ඉදං තථාගතස්ස සබ්බත්ථගාමිනීපටිපදං යථාභූතං ඤාණං.
Sinhala BJT828. එහි තථාගතයන්ගේ සර්‍වත්‍රගාමිනීප්‍රතිපදාව ඇතිසැටියෙන් දන්නානුවණ කවරෙ යත්: මෙහි තථාගත තෙම මේ මඟ මේ පිළිවෙත නිරයගාමී යි දැනගනී. මේ මඟ මේ පිළිවෙත තිර්‍ය්‍යග්යෝනිගාමී යි දැනගනී. මේ මඟ මේ පිළිවෙත ප්‍රෙත්‍යවිෂයගාමී යි දැනගනී. මේ මඟ මේ පිළිවෙත මනුෂ්‍යලෝකගාමී යි දැනගනී. මේ මඟ මේ පිළිවෙත දිව්‍යලෝකගාමී යි දැනගනී. මේ මඟ මේ පිළිවෙත නිර්‍වාණගාමී යි දැනගනී යි එහි යම් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ තථාගතයන්ගේ සර්‍වත්‍රගාමිනීප්‍රතිපදාව ඇතිසැටියෙන් දන්නා නුවණ වේ.
Pali BJT829. තත්ථ කතමං තථාගතස්ස අනෙකධාතුනානාධාතුලොකං යථා භූතං ඤාණං: ඉධ තථාගතො ඛන්ධනානත්තං පජානාති, ආයතන නානත්තං පජානාති: ධාතුනානත්තං පජානාති, අනෙකධාතුනානාධාතුලොකනානත්තං පජානාතීති යා තත්ථ පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, ඉදං තථාගතස්ස අනෙකධාතුනානා ධාතුලොකං යථාභූතං ඤාණං.
Sinhala BJT829. එහි තථාගතයන්ගේ අනේකධාතුනානාධාතුලෝකය ඇතිසැටියෙන් දන්නා නුවණ කවරෙ යත්: මෙහි තථාගත තෙම ස්කන්‍ධනානාත්‍වය දැනගනී. ආයතනනානාත්‍වය දැනගනී. ධාතුනානාත්‍වය දැනගනී. අනේකධාතුනානාධාතුලෝකනානාත්‍වය දැනගනී යි එහි යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ තථාගතයන්ගේ අනෙධාතුනානාධාතුලෝකය ඇතිසැටියෙන් දන්නා නුවණ වේ.
Pali BJT830. තත්ථ කතමං තථාගතස්ස සත්තානං නානාධිමුත්තිකතං යථාභූතං ඤාණං: ඉධ තථාගතො පජානාති: සන්ති සත්තා හීනාධිමුත්තිකා, සන්ති සත්තා පණීතාධිමුත්තිකා, හීනාධිමුත්තිකා සත්තා හීනාධිමුත්තිකෙ සත්තෙ සෙවන්ති, භජන්ති, පයිරුපාසන්ති, පණීතාධිමුත්තිකා සත්තා පණීතාධිමුත්තිකෙ සත්තෙ සෙවන්ති, භජන්ති, පයිරුපාසන්ති, අතීතම්පි අද්ධානං හීනාධිමුත්තිකා සත්තා හීනාධිමුත්තිකෙ සත්තෙ සෙවිංසු, භජිංසු, පයිරුපාසිංසු, පණීතාධිමුත්තිකා සත්තා පණීතාධිමුත්තිකෙ සත්තෙ සෙවිංසු, භජිංසු, පයිරුපාසිංසු, අනාගතම්පි අද්ධානං හීනාධිමුත්තිකා සත්තා හීනාධිමුත්තිකෙ සත්තෙ සෙවිස්සන්ති, භජිස්සන්ති, පයිරුපාසිස්සන්ති, පණීතාධිමුත්තිකා සත්තා පණීතාධිමුත්තිකෙ සත්තෙ සෙවිස්සන්ති, භජිස්සන්ති, පයිරුපාසිස්සන්තීති යා තත්ථ පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, ඉදං තථාගතස්ස සත්තානං නානාධිමුත්තිකතං යථාභූතං ඤාණං.
Sinhala BJT830. එහි තථාගතයන් සත්ත්‍වයන්ගේ නානාධිමුක්තික බව ඇතිසැටියෙන් දන්නා නුවණ කවරෙ යත්: මෙහි තථාගත තෙම මෙසේ දැනගනි යි. කෙසේ ද යත්: හීනාධිමුක්තික සත්ත්‍වයෝ වෙති, ප්‍රණීතාධිමුක්තිකසත්ත්‍වයෝ වෙත්, හීනාධිමුක්තිකසත්ත්‍වයෝ හීනාධිමුක්තිකසත්ත්‍වයන් සේවනය කෙරෙති, භජනය කෙරෙති, පර්‍ය්‍යුපාසනය කෙරෙත්. ප්‍රණීතාධිමුක්තිකසත්ත්‍වයෝ ප්‍රණීතාධිමුක්තිකසත්ත්‍වයන් සේවනය කෙරෙති, භජනය කෙරෙති, පර්‍ය්‍යුපාසනය කෙරෙත්, අතීතකාලයෙහිදු හීනාධිමුක්තිකසත්ත්‍වයෝ හීනාධිමුක්තිකසත්ත්‍වයන් සේවනය කළහ, භජනය කළහ, පර්‍ය්‍යුපාසනය කළහ, ප්‍රණීතාධිමුක්තිකසත්ත්‍වයෝ ප්‍රණීතාධිමුක්තිකසත්ත්‍වයන් සේවනය කළහ, භජනය කළහ, පර්‍ය්‍යුපාසනය කළහ, අනාගතකාලයෙහිදු හීනාධිමුක්තිකසත්ත්‍වයෝ හීනාධිමුක්තිකසත්ත්‍වයන් සේවනය කරන්නාහ, භජනය කරන්නාහ, පර්‍ය්‍යුපාසනය කරන්නාහු ය. ප්‍රණීතාධිමුක්තිකසත්ත්‍වයෝ ප්‍රණීතාධිමුක්තිකසත්ත්‍වයන් සේවනය කරන්නාහ, භජනය කරන්නාහ, පර්‍ය්‍යුපාසනය කරන්නාහු යි එහි යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ තථාගතයන් සත්ත්‍වයන්ගේ හීනාධිමුක්තික බව ඇතිසැටියෙන් දන්නා නුවණ වේ.
Pali BJT831. තත්ථ කතමං තථාගතස්ස පරසත්තානං පරපුග්ගලානං ඉන්ද්රියපරොපරියත්තං යථාභූතං ඤාණං: ඉධ තථාගතො සත්තානං ආසයං පජානාති, අනුසයං පජානාති, චරිතං පජානාති, අධිමුත්තිං පජානාති, අප්පරජක්ඛෙ මහාරජක්ඛෙ තික්ඛින්ද්රියෙ මුදින්ද්රියෙ ස්වාකාරෙ ද්වාකාරෙ සුවිඤ්ඤාපයෙ දුවිඤ්ඤාපයෙ භබ්බාභබ්බෙ සත්තෙ පජානාති.
Sinhala BJT831. එහි තථාගතයන් පරසත්ත්‍වයන්ගේ පරපුද්ගලයන්ගේ ඉන්‍ද්‍රියපරාවරතා ඇතිසැටියෙන් දන්නා නුවණ කවරෙ යත්: මෙහි තථාගත තෙම සත්ත්‍වයන්ගේ ආසය දැනගනී, අනුසය දැනගනියි, චරිතය දැනගනියි, අධ්‍යාශය දැනගනියි, අල්පරජස්ක වූ මහාරජස්ක වූ (ශ්‍රද්ධාදි) තියුණු වූ ඉන්‍ද්‍රිය ඇති මෘදු වූ ඉන්‍ද්‍රිය ඇති සුන්‍දර වූ ආකාර ඇති නපුරු වූ ආකාර ඇති සුවසේ හැඟැවිය හැකි දුකසේ හැඟැවිය හැකි භව්‍යාභව්‍ය වූ සත්ත්‍වයන් දැනගනී.
Pali BJTකතමො ච සත්තානං ආසයො: සස්සතො ලොකොති වා අසස්සතො ලොකොති වා අන්තවා ලොකොති වා අනන්තවා ලොකොති වා තං ජීවං තං සරීරන්ති වා, අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති වා හොති තථාගතො පරම්මරණාති වා, න හොති තථාගතො පරම්මරණාති වා, හොති ච න ච හොති තථාගතො පරම්මරණාති වා, නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වා, ඉති භවදිට්ඨිසන්නිස්සිතා වා සත්තා හොන්ති, විභවදිට්ඨිසන්නිස්සිතා වා, එතෙ වා පන උභො අන්තෙ අනුපගම්ම ඉදප්පච්චයතා පටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු අනුලොමිකා ඛන්ති පටිලද්ධා හොති යථාභූතං වා ඤාණං,{2} අයං සත්තානං ආසයො.
Sinhala BJTසත්ත්‍වයන්ගේ ආසය කවරෙ යත්: ලෝකය ශාස්වත යැ හෝ ලෝකය අශාස්වත යැ හෝ ලෝකය අන්තවත් යැ හෝ ලෝකය අනන්තවත් යැ හෝ එ ම ජීව යැ එ ම ශරීර යැ හෝ ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැ යි හෝ සත්ත්‍ව තෙමේ මරණින් මත්තෙහි වන්නේ යැ හෝ සත්ත්‍ව තෙමේ මරණින් මත්තෙහි නො වන්නේ යැ හෝ සත්ත්‍ව තෙමේ මරණින් මත්තෙහි වන්නේත් නො වන්නේත් වේ යැ හෝ සත්ත්‍ව තෙමේ මරණින් මත්තෙහි නො ම වන්නේත් නො ද නො වන්නේත් වේ යැ හෝ මෙසේ ශාස්වත දෘෂ්ටිනිශ්ශ්‍රිත වූ හෝ උච්ඡේදදෘෂ්ටිනිශ්ශ්‍රිත වූ හෝ සත්ත්‍වයෝ වෙති. මේ අන්තද්වයට නො පැමිණ ඉදංප්‍රත්‍යයභාවයෙහි ද ප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයන්හි ද විදර්‍ශනාඥාන සඞ්ඛ්‍යාත අනුලෝමක්‍ෂාන්තිය ලබන ලද වෙයි. යථාභූතඥානය හෝ ලබන ලද වේ. මේ ‘සත්ත්‍වයන්ගේ ආසය’ යි.
Pali BJTකතමො ච සත්තානං අනුසයො: සත්තානුසයා: කාමරාගානුසයො පටිඝානුසයො මානානුසයො දිට්ඨානුසයො විචිකිච්ඡානුසයො භවරාගානුසයො අවිජ්ජානුසයො, යං ලොකෙ පියරූපං සාතරූපං එත්ථ සත්තානං රාගානුසයො අනුසෙති. යං ලොකෙ අප්පියරූපං අසාතරූපං එත්ථ සත්තානං පටිඝානුසයො අනුසෙති ඉති ඉමෙසු ද්වීසු ධම්මෙසු අවිජ්ජානුපතිතා තදෙකට්ඨො මානො ච දිට්ඨි ච විචිකිච්ඡා ච දට්ඨබ්බා, අයං සත්තානං අනුසයො.
Sinhala BJTසත්ත්‍වයන්ගේ අනුසය කවරෙ යත්: අනුශයයෝ සත් දෙනෙකි: කාමරාගානුශය ය, ප්‍රතිඝානුශය ය, මානානුශය ය, දෘෂ්ට්‍යනුශය ය, විචිකිත්සානුශය ය, භවරාගානුශය ය, අවිද්‍යානුශය යි. යමෙක් ලෝකයෙහි ප්‍රියරූප සාතරූප වේ ද, මෙහි සත්ත්‍වයන්ගේ රාගානුශය පවතී. යමෙක් ලෝකයෙහි අප්‍රියරූප අසාතරූප වේ ද, මෙහි සත්ත්‍වයන්ගේ ප්‍රතිඝානුශය පවතී. මෙසේ මේ දෙ දහම්හි අවිද්‍යාව (අරමුණු වශයෙන්) පතිත වෙයි. තදේකස්ථ වූ මානය ද දෘෂ්ටිය ද විචිකිත්සාව ද දතයුතු. මේ සත්ත්‍වයන්ගේ අනුශය යි.
Pali BJTකතමඤ්ච සත්තානං චරිතං: පුඤ්ඤාභිසඞ්ඛාරො අපුඤ්ඤාභිසඞ්ඛාරො ආනෙඤ්ජාභිසඞ්ඛාරො පරිත්තභූමකො වා මහාභූමකො වා, ඉදං සත්තානං චරිතං.
Sinhala BJTසත්ත්‍වයන්ගේ චරිතය (කරන ලද්ද) කවරෙ යත්: පරිත්තභූමක වූ හෝ මහද්ගතභූමක වූ හෝ පුණ්‍යාභිසංස්කාර ය, අපුණ්‍යාභිසංස්කාර ය, ආනෙඤ්ජාභිසංස්කාර යි. මේ සත්ත්‍වයන්ගේ චරිත යි.
Pali BJTකතමා ච සත්තානං අධිමුත්ති: සන්ති සත්තා හීනාධිමුත්තිකා සන්ති සත්තා පණීතාධිමුත්තිකා, හීනාධිමුත්තිකා සත්තා හීනාධිමුත්තිකෙ සත්තෙ සෙවන්ති, භජන්ති පයිරුපාසන්ති, පණීතාධිමුත්තිකා සත්තා පණීතාධිමුත්තිකෙ සත්තෙ සෙවන්ති භජන්ති පයිරුපාසන්ති. අතීතම්පි අද්ධානං -පෙ- අනාගතම්පි අද්ධානං හීනාධිමුත්තිකා සත්තා හීනාධිමුත්තිකෙ සත්තෙ සෙවිස්සන්ති, භජිස්සන්ති පයිරුපාසිස්සන්ති, පණීතාධිමුත්තිකා සත්තා පණීතාධිමුත්තිකෙ සත්තෙ සෙවිස්සන්ති, භජිස්සන්ති, පයිරුපාසිස්සන්ති. අයං සත්තානං අධිමුත්ති.
Sinhala BJTසත්ත්‍වයන්ගේ අධ්‍යාශය කවරෙ යත්: හීන වූ අධ්‍යාශය ඇති සත්ත්‍වයෝ ඇත. ප්‍රණීත වූ අධ්‍යාශය ඇති සත්ත්‍වයෝ ඇති. හීන වූ අධ්‍යාශය ඇති සත්ත්‍වයෝ හීන වූ අධ්‍යාශය ඇති සත්ත්‍වයන් සේවනය කෙරෙති, භජනය කෙරෙති, පර්‍ය්‍යුපාසනය කෙරෙත්. ප්‍රණීත වූ අධ්‍යාශය ඇති සත්ත්‍වයෝ ප්‍රණීත වූ අධ්‍යාශය ඇති සත්ත්‍වයන් සේවනය කෙරෙති භජනය කෙරෙති, පර්‍ය්‍යුපාසනය කෙරෙත්. අතීතකාලයෙහි දු ... අනාගත කාලයෙහි දු හීනාධිමුක්තිකසත්ත්‍වයෝ හීනාධිමුක්තිකසත්ත්‍වයන් සේවනය කරන්නාහ, භජනය කරන්නාහ, පර්‍ය්‍යුපාසනය කරන්නාහු ය. ප්‍රණීතාධිමුක්තික සත්ත්‍වයෝ ප්‍රණීතාධිමුක්තික සත්ත්‍වයන් සේවනය කරන්නාහ, භජනය කරන්නාහ, පර්‍ය්‍යුපාසනය කරන්නාහු යි. මේ සත්ත්‍වයන්ගේ අධිමුක්ති යි.
Pali BJTකතමෙ තෙ සත්තා මහාරජක්ඛා: දසකිලෙසවත්ථුනි: ලොභො දොසො මොහො මානො දිට්ඨි විචිකිච්ඡා ථීනං උද්ධච්චං අහිරිකං අනොත්තප්පං. යෙසං සත්තානං ඉමානි දසකිලෙසවත්ථූනි ආසෙවිතානි භාවිතානි බහුලීකතානි උස්සදගතානි. ඉමෙ තෙ සත්තා මහාරජක්ඛා.
Sinhala BJTඒ මහාරජස්කසත්ත්‍වයෝ කවරහ යත්: කෙලේශවස්තූහු දශදෙනෙකි: ලෝභ ය ද්වේෂ ය මෝහ ය මාන ය දෘෂ්ටි ය විචිකිත්සා ය ස්ත්‍යාන ය ඖද්ධත්‍ය ය අහ්‍රීකය ය අනපත්‍රපා යි. යම් සත්ත්‍ව කෙනෙකුන් විසින් මේ දශක්ලේශවස්තූහු සෙවුනා ලද්දාහු ද වඩනා ලද්දාහු ද බහුල කරන ලද්දාහු ද උත්සද (විපුල) කරන ලද්දාහු ද, මොහු ඒ මහාරජස්ක සත්ත්‍වයෝ යි.
Pali BJTකතමෙ තෙ සත්තා අප්පරජක්ඛා: යෙසං සත්තානං ඉමානි දස කිලෙසවත්ථූනි අනාසෙවිතානි අභාවිතානි අබහුලීකතානි අනුස්සදගතානි. ඉමෙ තෙ සත්තා අප්පරජක්ඛා.
Sinhala BJTඑ අල්පරජස්කසත්ත්‍වයෝ කවරහ යත්: යම් සත්ත්‍ව කෙනෙකුන් විසින් මේ දශක්ලේශවස්තූහු නො සෙවුනා ලද්දාහු ද නො වඩනා ලද්දාහු ද බහුල නො කරන ලද්දාහු ද උත්සද නො කරන ලද්දාහු ද, මොහු ඒ අල්පරජස්කසත්ත්‍වයෝ යි.
Pali BJTකතමෙ තෙ සත්තා මුදින්ද්රියා: පඤ්චින්ද්රියානි: සද්ධින්ද්රියං විරියින්ද්රියං සතින්ද්රියං සමාධින්ද්රියං පඤ්ඤින්ද්රියං. යෙසං සත්තානං ඉමානි පඤ්චින්ද්රියානි අනාසෙවිතානි අභාවිතානි අබහුලීකතානි අනුස්සදගතානි,{1} ඉමෙ තෙ සත්තා මුදින්ද්රියා.
Sinhala BJTඑ මෘද්වින්‍ද්‍රියසත්ත්‍වයෝ කවරහ යත්: ඉන්‍ද්‍රියයෝ පස් දෙනෙකි: ශ්‍රද්ධේන්‍ද්‍රිය ය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය, ස්මෘතින්‍ද්‍රිය ය, සමාධීන්‍ද්‍රිය ය, ප්‍රඥේන්‍ද්‍රිය යයි. යම් සත්ත්‍ව කෙනෙකුන් විසින් මේ පඤ්චේන්‍ද්‍රියයෝ නො සෙවුනා ලද්දාහු ද, නො වඩනා ලද්දාහු ද, බහුල නො කරන ලද්දාහු ද, උත්සද නො කරන ලද්දාහු ද, මොහු ඒ මෘද්වින්‍ද්‍රියසත්ත්‍වයෝ යි.
Pali BJTකතමෙ තෙ සත්තා තික්ඛින්ද්රියා: යෙසං සත්තානං ඉමානි පඤ්චින්ද්රියානි ආසෙවිතානි භාවිතානි බහුලීකතානි උස්සදගතානි,{1} ඉමෙ තෙ සත්තා තික්ඛින්ද්රියා.
Sinhala BJTඒ තීක්‍ෂෙණන්‍ද්‍රියසත්ත්‍වයෝ කවරහ යත්: යම් සත්ත්‍ව කෙනෙකුන් විසින් මේ පඤ්චේන්‍ද්‍රියයෝ සෙවුනා ලද්දාහු ද, වඩනා ලද්දාහු ද, බහුල කරන ලද්දාහු ද, උත්සද කරන ලද්දාහු ද, මොහු ඒ තීක්‍ෂෙණන්‍ද්‍රියසත්ත්‍වයෝ යි.
Pali BJTකතමෙ තෙ සත්තා ද්වාකාරා: යෙ තෙ සත්තා පාපාසයා පාපානුසයා පාපචරිතා පාපාධිමුත්තිකා මහාරජක්ඛා මුදින්ද්රියා ඉමෙ තෙ සත්තා ද්වාකාරා.
Sinhala BJTඒ ද්වාකාරසත්ත්‍වයෝ කවරහ යත්: යම් ඒ සත්ත්‍ව කෙනෙක් අකුශලාධ්‍යාශය ඇත්තාහු ද, පාපානුශය ඇත්තාහු ද, ලාමකචරිත ඇත්තාහු ද, ලාමකඅධ්‍යාශය ඇත්තාහු ද, මහාරජස්කයෝ ද, මෘද්වින්‍ද්‍රිය ඇත්තාහු ද, මොහු ඒ ද්වාකාරසත්ත්‍වයෝ යි.
Pali BJTකතමෙ තෙ සත්තා ස්වාකාරා: යෙ තෙ සත්තා කල්යාණා කල්යාණාසයා කල්යාණචරිතා කල්යාණාධිමුත්තිකා අප්පරජක්ඛා තික්ඛින්ද්රියා, ඉමෙ තෙ සත්තා ස්වාකාරා.
Sinhala BJTඒ ස්වාකාරසත්ත්‍වයෝ කවරහ යත්: යම් ඒ සත්ත්‍ව කෙනෙක් කල්‍යාණ ද, කල්‍යාණාධ්‍යාශය ඇත්තාහු ද, කල්‍යාණ චරිත ඇත්තාහු ද, කල්‍යාණාධිමුක්ති ඇත්තාහු ද, අල්පරජස්කයෝ ද, තීක්‍ෂෙණන්‍ද්‍රිය ඇත්තාහු ද, මොහු ඒ ස්වාකාරසත්ත්‍වයෝ යි.
Pali BJTකතමෙ තෙ සත්තා දුවිඤ්ඤාපයා: යෙව තෙ සත්තා ද්වාකාරා තෙව තෙ සත්තා දුවිඤ්ඤාපයා, යෙව තෙ සත්තා ස්වාකාරා, තෙව තෙ සත්තා සුවිඤ්ඤාපයා.
Sinhala BJTඒ දුර්විඥාප්‍යසත්ත්‍වයෝ කවරහ යත්: යම් මැ කෙනෙක් ඒ ද්වාකාරසත්ත්‍වයෝ නම් ඔහු මැ ඒ දුර්විඥාප්‍යසත්ත්‍වයෝ යි. යම් මැ කෙනෙක් ඒ ස්වාකාරසත්ත්‍වයෝ නම් ඔහු මැ ඒ සුවිඥාප්‍යසත්ත්‍වයෝ යි.
Pali BJTකතමෙ තෙ සත්තා අභබ්බා: යෙ තෙ සත්තා කම්මාවරණෙන සමන්නාගතා, කිලෙසාවරණෙන සමන්නාගතා, විපාකාවරණෙන සමන්නාගතා, අස්සද්ධා අච්ඡන්දිකා දුප්පඤ්ඤා අභබ්බා නියාමං ඔක්කමිතුං කුසලෙසු ධම්මෙසු සම්මත්තං, ඉමෙ තෙ සත්තා අභබ්බා.
Sinhala BJTඒ අභව්‍යසත්ත්‍වයෝ කවරහ යත්: යම් ඒ සත්ත්‍ව කෙනෙක් කර්‍මාවරණයෙන් සමන්‍වාගතයෝ ද, ක්ලේශාවරණයෙන් සමන්‍වාගතයෝ ද, විපාකාවරණයෙන් සමන්‍වාගතයෝ ද, අශ්‍රද්ධායෝ ද, කුශලච්ඡන්‍ද රහිතයෝ ද, දුෂ්ප්‍රාඥයෝ ද, කුශලධර්‍මයන්හි සම්‍යක්ත්‍වනියාම සඞ්ඛ්‍යාත මාර්‍ගයට බැසගන්නට අභව්‍ය වූවාහු ද, මොහු ඒ අභව්‍ය සත්ත්‍වයෝ යි.
Pali BJTකතමෙ තෙ සත්තා භබ්බා: යෙ තෙ සත්තා න කම්මාවරණෙන සමන්නාගතා, න කිලෙසාවරණෙන සමන්නාගතා, න විපාකාවරණෙන සමන්නාගතා, සද්ධා ඡන්දිකා පඤ්ඤාවන්තො භබ්බා නියාමං ඔක්කමිතුං කුසලෙසු ධම්මෙසු සම්මත්තං. ඉමෙ තෙ සත්තා භබ්බාති යා තත්ථ පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, ඉදං තථාගතස්ස පරසත්තානං පරපුග්ගලානං ඉන්ද්රියපරොපරියත්තං යථාභූතං ඤාණං.
Sinhala BJTඒ භව්‍යසත්ත්‍වයෝ කවරහ යත්: යම් ඒ සත්ත්‍ව කෙනෙක් කර්‍මාවරණයෙන් සමන්‍වාගත නො වූවාහු ද, ක්ලේශාවරණයෙන් සමන්‍වාගත නො වූවාහු ද, විපාකාවරණයෙන් සමන්‍වාගත නො වූවාහු ද, ශ්‍රද්ධා ඇත්තාහු ද, කුශලච්ඡන්‍ද ඇත්තාහු ද, ප්‍රඥා ඇත්තාහු ද, කුශලධර්‍මයන්හි සම්‍යක්ත්‍ව නියාම සඞ්ඛ්‍යාත මාර්‍ගයට බැසගන්නට භව්‍යයෝ ද, මොහු ඒ භව්‍යසත්ත්‍වයෝ යි. එහි යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක්, සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘තථාගතයන් පරසත්ත්‍වයන්ගේ පරපුද්ගලයන්ගේ ඉන්‍ද්‍රියපරාවරතා ඇතිසැටියෙන් දන්නා නුවණ’ යි.
Pali BJT832. තත්ථ කතමං තථාගතස්ස ඣානවිමොක්ඛසමාධිසමාපත්තීනං සංකිලෙසං වොදානං වුට්ඨානං යථාභූතං ඤාණං. ඣායීති චත්තාරො ඣායී: අත්ථෙකච්චො ඣායී සම්පත්තිංයෙව{1} සමානං විපත්තීති පච්චෙති. අත්ථෙකච්චො ඣායී විපත්තිංයෙව{2} සමානං සම්පත්තීති පච්චෙති. අත්ථෙකච්චො ඣායී සම්පත්තිංයෙව සමානං සම්පත්තීති පච්චෙති. අත්ථෙකච්චො ඣායී විපත්තිංයෙව සමානං සම්පත්තීති පච්චෙති. ඉමෙ චත්තාරො ඣායී.
Sinhala BJT832. එහි තථාගතයන් ධ්‍යානවිමෝක්‍ෂසමාධිසමාපත්තීන්ගේ සංක්ලේශව්‍යවදාන ව්‍යුත්‍ථාන ඇතිසැටියෙන් දන්නා නුවණ කවරෙ යත්: ධ්‍යායී යනු: ධ්‍යායීහු සතර දෙනෙකි: සම්පත් වූයේ ම විපතැ යි ගනී නම් එබඳු ඇතැම් ධ්‍යාන කරන්නෙක් ඇත, විපත් වූයේ ම සම්පතැ යි ගනී නම් එබඳු ඇතැම් ධ්‍යාන කරන්නෙක් ඇත, සම්පත් වූයේ ම සම්පතැ යි ගනී නම් එබඳු ඇතැම් ධ්‍යාන කරන්නෙක් ඇත, විපත් වූයේ ම විපතැ යි ගනී නම් එබඳු ඇතැම් ධ්‍යාන කරන්නෙක් ඇති. මොහු සතර ධ්‍යායීහු ය.
Pali BJTඅපරෙපි චත්තාරො ඣායී. අත්ථෙකච්චො ඣායී දව්ධං සමාපජ්ජති ඛිප්පං වුට්ඨාති, අත්ථෙකච්චො ඣායී. ඛිප්පං සමාපජ්ජති දන්ධං වුට්ඨාති, අත්ථෙකච්චො ඣායී දන්ධං සමාපජ්ජති දන්ධං වුට්ඨාති, අත්ථෙකච්චො ඣායී ඛිප්පං සමාපජ්ජති ඛිප්පං වුට්ඨාති. ඉමෙ චත්තාරො ඣායී.
Sinhala BJTඅන්‍ය වූ ද ධ්‍යායීහු සතර දෙනෙකි: ලැසි ව සමවදී නම් වහා දැහැනින් නැඟේ නම් එබඳු ඇතැම් ධ්‍යාන කරන්නෙක් ඇත, වහා සමවදී නම් ලැසි ව දැහැනින් නැඟේ නම් එබඳු ඇතැම් ධ්‍යාන කරන්නෙක් ඇත, ලැසි ව සමවදී නම් ලැසිව දැහැනින් නැඟේ නම් එබඳු ඇතැම් ධ්‍යාන කරන්නෙක් ඇත, වහා සමවදී නම් වහා දැහැනින් නැඟේ නම් එබඳු ඇතැම් ධ්‍යාන කරන්නෙක් ඇති. මොහු සතර ධ්‍යායීහු ය.
Pali BJTඅපරෙපි චත්තාරො ඣායී: අත්ථෙකච්චො ඣායී සමාධිස්මිං සමාධි කුසලො හොති න සමාධිස්මිං සමාපත්තිකුසලො, අත්ථෙකච්චො ඣායී සමාධිස්මිං සමාපත්තිකුසලො හොති න සමාධිස්මිං සමාධිකුසලො, අත්ථෙකච්චො ඣායී සමාධිස්මිං සමාධිකුසලො ච හොති සමාධිස්මිං සමාපත්ති කුසලො ච, අත්ථෙකච්චො ඣායී නෙව සමාධිස්මිං සමාධි කුසලො හොති න සමාධිස්මිං සමාපත්තිකුසලො. ඉමෙ චත්තාරො ඣායී.
Sinhala BJTඅන්‍ය වූ ද ධ්‍යායීහු සතර දෙනෙකි: සමාධියෙහි සමාධිකුශල වේ නම්, සමාධියෙහි සමාපත්තිකුශල නො වේ නම් එබඳු ඇතැම් ධ්‍යාන කරන්නෙක් ඇත, සමාධියෙහි සමාපත්තිකුශල වේ නම් සමාධියෙහි සමාධිකුශල නො වේ නම් එබඳු ඇතැම් ධ්‍යාන කරන්නෙක් ඇත, සමාධියෙහි සමාධිකුශල වේ නම් සමාධියෙහි සමාපත්තිකුශල ද වේ නම් එබඳු ඇතැම් ධ්‍යාන කරන්නෙක් ඇත, සමාධියෙහි නො ම සමාධිකුශල වේ නම් සමාධියෙහි නො ද සමාපත්තිකුශල වේ නම් එබඳු ඇතැම් ධ්‍යාන කරන්නෙක් ඇති. මොහු සතර ධ්‍යායීහු වෙත්.
Pali BJTඣානන්ති චත්තාරි ඣානානි: පඨමං ඣානං දුතියං ඣානං තතියං ඣානං චතුත්ථං ඣානං.
Sinhala BJTධ්‍යාන යනු: ධ්‍යාන සතරෙකි: ප්‍රථමධ්‍යාන ය, ද්විතීයධ්‍යාන ය, තෘතීයධ්‍යාන ය, චතුර්‍ත්‍ථධ්‍යාන යි.
Pali BJTවිමොක්ඛොති අට්ඨවිමොක්ඛා: රූපී රූපානි පස්සති, අයං පඨමො විමොක්ඛො. අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති, අයං දුතියො විමොක්ඛො. සුභන්තෙව අධිමුත්තො හොති, අයං තතියො විමොක්ඛො. සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා අනන්තො ආකාසොති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති, අයං චතුත්ථො විමොක්ඛො. සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති, අයං පඤ්චමො විමොක්ඛො. සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති, අයං ඡට්ඨො විමොක්ඛො. සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. අයං සත්තමො විමොක්ඛො. සබ්බසො නෙවසඤ්ඤා නාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරති, අයං අට්ඨමො විමොක්ඛො.
Sinhala BJTවිමෝක්‍ෂ යනු විමෝක්‍ෂ අටෙකි: රූපධ්‍යාන ඇත්තේ රූපයන් දකී. මේ ප්‍රථම විමෝක්‍ෂ ය, අධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇත්තේ බාහ්‍යරූපයන් දකී. මේ ද්විතීය විමෝක්‍ෂ ය. ශුභ යයි අධිමුක්ති ඇත්තේ වෙයි. මේ තෘතීය විමෝක්‍ෂ ය, සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන්ගේ ඉක්මවීමෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තඞ්ගමයෙන් නානාත්‍වසංඥාවන් නො මෙනෙහි කිරීමෙන් ‘ආකාශය අනන්තය’ යි ආකාසානඤ්චායතනයට පැමිණ වාස කෙරෙයි. මේ චතුර්‍ත්‍ථවිමෝක්‍ෂ ය, සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්ම ‘විඥානය අනන්තය’ යි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කෙරෙයි. මේ පඤ්චමවිමොක්‍ෂය යි. සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා ‘කිසිවක් නැතැ’ යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කෙරෙයි. මේ ෂෂ්ඨවිමෝක්‍ෂය යි. සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කෙරෙයි. මේ සප්තමවිමොක්‍ෂය යි. සර්‍වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සංඥාවේදයිතනිරෝධයට පැමිණ වාස කෙරේ. මේ අෂ්ටමවිමෝක්‍ෂය යි.
Pali BJTසමාධීති තයො සමාධි: සවිතක්කසවිචාරො සමාධි, අවිතක්ක විචාරමත්තො සමාධි, අවිතක්කඅවිචාරො සමාධි.
Sinhala BJTසමාධි යනු: සමාධි තුනෙකි: සවිතර්‍කසවිචාරසමාධි ය, අවිතර්‍කවිචාරමාත්‍රසමාධි ය, අවිතර්‍කඅවිචාරසමාධි යි.
Pali BJTසමාපත්තීති නව අනුපුබ්බවිහාරසමාපත්තියො, පඨමජ්ඣානසමාපත්ති දුතියජ්ඣානසමාපත්ති තතියජ්ඣානසමාපත්ති චතුත්ථජ්ඣාන සමාපත්ති ආකාසානඤ්චායතනසමාපත්ති විඤ්ඤාණඤ්චායතනසමාපත්ති ආකිඤ්චඤ්ඤායතනසමාපත්ති, නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්ති සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්ති.
Sinhala BJTසමාපත්ති යනු: අනුපූර්‍වවිහාරසමාපත්ති නවයෙකි. ප්‍රථමධ්‍යානසමාපත්ති ය, ද්වීතීයධ්‍යානසමාපත්ති ය, තෘතීයධ්‍යානසමාපත්ති ය, චතුර්‍ත්‍ථධ්‍යානසමාපත්ති ය, ආකාසානඤ්චායතනසමාපත්ති ය, විඤ්ඤාණඤ්චායතනසමාපත්ති ය, ආකිඤ්චඤ්ඤායතනසමාපත්ති ය, නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්ති ය, සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්ති යි.
Pali BJTසංකිලෙසන්ති හානභාගියො ධම්මො.
Sinhala BJTසංකෙලේශ යනු: හානභාගිය ධර්‍ම යි.
Pali BJTවොදානන්ති විසෙසභාගියො ධම්මො.
Sinhala BJTවෝදාන යනු: විශේෂභාගිය ධර්‍ම යි.
Pali BJTවුට්ඨානන්ති වොදානම්පිවුට්ඨානං, තම්හා තම්හා සමාධිම්හා වුට්ඨානම්පි වුට්ඨානන්ති යා තත්ථ පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, ඉදං තථාගතස්ස ඣානවිමොක්ඛසමාධිසමාපත්තීනං සංකිලෙසං වොදානං වුට්ඨානං යථාභූතං ඤාණං.
Sinhala BJTව්‍යුත්‍ථාන යනු: ව්‍යවදානය ද ව්‍යුත්‍ථාන ය, ඒ ඒ සමාධියෙන් නැඟීසිටීම ද ව්‍යුත්‍ථාන යි. එහි යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘තථාගතයන් ධ්‍යානවිමෝක්‍ෂසමාධිසමාපත්තීන්ගේ සාංක්ලේශව්‍යවදානව්‍යුත්‍ථාන ඇති සැටියෙන් දන්නා නුවණ’ යි.
Pali BJT833. තත්ථ කතමං තථාගතස්ස පුබ්බෙනිවාසානුස්සති යථාභූතං ඤාණං: ඉධ තථාගතො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. සෙය්යථීදං: එකම්පි ජාති, ද්වෙපි ජාතියො, තිස්සොපි ජාතියො, චතස්සොපි ජාතියො, පඤ්චපි ජාතියො, දසපි ජාතියො, වීසතිම්පි ජාතියො, තිංසම්පි ජාතියො, චත්තාළීසම්පි ජාතියො, පඤ්ඤාසම්පි ජාතියො, ජාතිසතම්පි ජාති සහස්සම්පි ජාති සතසහස්සම්පි අනෙකෙපි සංවට්ටකප්පෙ, අනෙකෙපි විවට්ටකප්පෙ, අනෙකෙපි සංවට්ටවිවට්ටකප්පෙ, අමුත්රාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො, එවමාහාරො, එවංසුඛදුක්ඛපටිසංවෙදී, එවමායුපරියන්තො, සො තතො චුතො අමුත්ර උදපාදිං තත්රාපාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො. සො තතො චුතො ඉධූපපන්නොති ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරතීති යා තත්ථ පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, ඉදං තථාගතස්ස පුබ්බෙනිවාසානුස්සති යථාභූතං ඤාණං.
Sinhala BJT833. එහි තථාගතයන්ගේ පූර්‍වනිවාසයන් (පෙරවිසූකඳපිළිවෙළ) ඇතිසැටියෙන් දන්නා නුවණ කවරෙ යත්: මෙහි තථාගත තෙම නන්වැදෑරුම් වූ පූර්‍වනිවාසය සිහි කෙරෙයි. හෙ මෙසේ යි: එක් ජාතියකුදු, ජාති දෙකකුදු, ජාති තුනකුදු, ජාති සතරකුදු, ජාති පසකුදු, ජාති දසයකුදු, ජාති විස්සකුදු, ජාති තිසකුදු, ජාති සතළිසකුදු, ජාති පනසකුදු, ජාති සියයකුදු, ජාති දහසකුදු, ජාති ලක්‍ෂයකුදු, නොයෙක් සංවර්‍තකල්පයනුදු, නොයෙක් විවර්‍තකල්පයනුදු, නොයෙක් සංවර්‍තවිවර්‍තකල්පයුනුදු, අසුවල් තැන මෙබඳු නම් ඇතියෙම් මෙබඳු ගෝත්‍ර ඇතියෙම් මෙබඳු පැහැසටහන් ඇතියෙම් මෙබඳු ආහාර ඇතියෙම් මෙබඳු සුවදුක් විඳුනාසුලුයෙම් මෙබඳු ආයුපර්‍ය්‍යන්ත ඇතියෙම් වීමි. මම එතැනින් ච්‍යුත වූයෙම් අසුවල් තැන උපන්මි. එහිදු මෙබඳු නම් ඇතියෙම් මෙබඳු ගෝත්‍ර ඇතියෙම් මෙබඳු පැහැසටහන් ඇතියෙම් මෙබඳු ආහාර ඇතියෙම් මෙබඳු සුවදුක් විඳුනාසුලුයෙම් මෙබඳු ආයුපර්‍ය්‍යන්ත ඇතියෙම් වීමි. මම එතැනින් ච්‍යුත වූයෙම් මෙහි උපන්මියි මෙසේ ආකාර සහිත ව උද්දේශ සහිත ව නන්වැදෑරුම් වූ පූර්‍වනිවාසය සිහි කෙරේ යයි, එහි යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ තථාගතයන්ගේ පූර්‍වනිවාසයන් ඇති සැටියෙන් දන්නා නුවණ යි.
Pali BJT834. තත්ථ කතමා තථාගතස්ස සත්තානං වූතූපපාතං යථාභූතං ඤාණං: ඉධ තථාගතො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කමන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති. ඉමෙ වත භොන්තො සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා වචීදුච්චරිතෙන සමන්නාගතා මනොදුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා, තෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා. ඉමෙ වා පන භොන්තො සත්තා කායසුචරිතෙන සමන්නාගතා වචීසුචරිතෙන සමන්නාගතා මනොසුචරිතෙන සමන්නාගතා අරියානං අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්මසමාදානා තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නාති, ඉති දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාතීති, යා තත්ථ පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, ඉදං තථාගතස්ස සත්තානං චුතූපපාතං යථාභූතං ඤාණං.
Sinhala BJT834. එහි තථාගතයන් සත්ත්‍වයන්ගේ ච්‍යුති - උත්පත්ති ඇතිසැටියෙන් දන්නා නුවණ කවරෙ යත්: මෙහි තථාගත තෙම මිනිස් බව ඉක්මගිය විශුද්ධ වූ දිවඇසින් ච්‍යුතවන්නා වූ හීන වූ ප්‍රණීත වූ ශෝභනවර්‍ණ වූ දුර්වර්‍ණ වූ සුන්‍දරගති ඇති නපුරුගති ඇති සත්ත්‍වයන් දකී. මේ භවත් සත්ත්‍වයෝ කායදුශ්චරිතයෙන් සමන්‍වාගතයහ, වාග්දුශ්චරිතයෙන් සමන්‍වාගතයහ, මනෝදුශ්චරිතයෙන් සමන්‍වාගතයහ, ආර්‍ය්‍යෝපවාදකයහ, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාහ. මිථ්‍යාදෘෂ්ටිකර්‍මසමාදාන ඇත්තාහ, ඔහු කාබුන් මරණින් මතු සැපයෙන් පහවූ දුකට ගති ඇති විවස ව පතිත වන නිරයෙහි උපන්නාහු ය. තවද මේ භවත් සත්ත්‍වයෝ කායසුචරිතයෙන් සමන්‍වාගතයහ, වාක්සුචරිතයෙන් සමන්‍වාගතයහ, මනස්සුචරිතයෙන් සමන්‍වාගතයහ, ආර්‍ය්‍යයන්ට උපවාද නො කරන්නාහ, සම්‍යග්දෘෂ්ටි ඇත්තාහ, සම්‍යග්දෘෂ්ටිකර්‍මසමාදාන ඇත්තාහ, ඔහු කාබුන් මරණින් මතු සුන්‍දරගති ඇති ස්වර්‍ගලෝකයෙහි උපන්නාහු යි මෙසේ මිනිස් බව ඉක්මගිය විශුද්ධ වූ දිව ඇසින් ච්‍යුත වන්නා වූ උපදනා වූ හීන වූ ප්‍රණීත වූ ශෝභනවර්‍ණ වූ දුර්වර්‍ණ වූ සුන්‍දරගති ඇති නපුරුගති ඇති සත්ත්‍වයන් දකී. කම්වූපරිද්දෙන් ගිය සත්ත්‍වයන් දැනගනී යයි එහි යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘තථාගතයන් සත්ත්‍වයන්ගේ ච්‍යුති - උත්පත්ති ඇතිසැටියෙන් දන්නා නුවණ’ යි.
Pali BJT835. තත්ථ කතමං තථාගතස්ස ආසවානං ඛයෙ යථාභූතං ඤාණං: ඉධ තථාගතො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරතීති යා තත්ථ පඤ්ඤා පජානනා සල්ලක්ඛණා පච්චුපලක්ඛණා පණ්ඩිච්චං කොසල්ලං නෙපුඤ්ඤං වෙභව්යා චින්තා උපපරික්ඛා භූරි මෙධා පරිනායිකා විපස්සනා සම්පජඤ්ඤං පතොදො පඤ්ඤා පඤ්ඤින්ද්රියං පඤ්ඤාබලං පඤ්ඤාසත්ථං පඤ්ඤාපාසාදො පඤ්ඤාආලොකො පඤ්ඤාඔභාසො පඤ්ඤා පජ්ජොතො පඤ්ඤාරතනං අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, ඉදං තථාගතස්ස ආසවානං ඛයෙ යථාභූතං ඤාණන්ති, ඉමානි දස තථාගතස්ස තථාගතබලානි, යෙහි බලෙහි සමන්නාගතො තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති.
Sinhala BJT835. එහි තථාගතයන්ගේ ආස්‍රවක්‍ෂයයෙහි යථාභූතඥානය කවරෙ යත්: මෙහි තථාගත තෙම ආස්‍රවයන්ගේ ක්‍ෂය වීමෙන් ආස්‍රව රහිත වූ චිත්තවිමුක්තියත් ප්‍රඥාවිමුක්තියත් මෙ අත්බැව්හි ම තෙමේ වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වෙසේ යයි එහි යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් සංලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පාණ්ඩිත්‍යයෙක් කෞශල්‍යයෙක් නෛපුණ්‍යයෙක් (අනිත්‍යාදි) විභාවනයෙක් චින්තායෙක් උපපරීක්‍ෂායෙක් පෘථුලප්‍රඥායෙක් මේධායෙක් පරිණායිකායෙක් විදර්‍ශනායෙක් සම්‍යග්ඥානයෙක් පතෝදප්‍රඥායෙක් ප්‍රඥේන්‍ද්‍රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥාආලෝකයෙක් ප්‍රඥා - අවභාසයෙක් ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘තථාගතයන්ගේ ආස්‍රවක්‍ෂයයෙහි යථාභූතඥාන’ යි. මොහු තථාගතයන්ගේ දශතථාගතබලයෝ යි. යම් බලකෙනකුන්ගෙන් සමන්‍වාගත වූ තථාගත තෙම ශ්‍රේෂ්ඨස්ථානය ප්‍රතිඥා කෙරේ නම් පිරිස්හි අභීතනාද කෙරේ නම් ශ්‍රේෂ්ඨ වු ධර්‍මචක්‍රය පවත්වා නම් ඔහු යි.
Pali BJTඑවං දසවිධෙන ඤාණවත්ථු.
Sinhala BJTමෙසේ දශප්‍රකාරයෙන් ඥානවස්තු වේ.
Pali BJTදසකං.
Sinhala BJTදශක යි.
Pali BJTඤාණවිභඞ්ගො නිට්ඨිතො.
Sinhala BJTඥානවිභඞ්ග නිමි.
Pali BJT17. ඛුද්දකවත්ථුවිභඞ්ගො.
Sinhala BJT17. ඛුද්දකවත්‍ථු විභඞ්ගය
Pali BJT836. ජාතිමදො ගොත්තමදො ආරොග්යමදො යොබ්බනමදො ජීවිතමදො ලාභමදො සක්කාරමදො ගරුකාරමදො පුරෙක්ඛාරමදො පරිවාරමදො භොගමදො වණ්ණමදො සුතමදො පටිභානමදො රත්තඤ්ඤුමදො පිණ්ඩපාතිකමදො අනවඤ්ඤත්තිමදො{1} ඉරියාපථමදො ඉද්ධිමදො යසමදො සීලමදො ඣානමදො සිප්පමදො ආරොහමදො පරිණාහමදො සණ්ඨානමදො පාරිපූරිමදො මදො පමාදො ථම්භො සාරම්භො අත්රිච්ඡතා මහිච්ඡතා පාපිච්ඡතා සිඞ්ගං තින්තිනං චාපල්යං අසභාගවුත්ති, අරති තන්දි විජම්භිකා භත්තසම්මදො චෙතසො ච ලීනත්තං, කුහනා ලපනා නෙමිත්තිකතා නිප්පෙසිකතා ලාභෙන ලාභං නිජිගිංසනතා, සෙය්යො හමස්මීති මානො සදිසොහමස්මීති මානො හීනොහමස්මීති මානො, සෙය්යස්ස සෙය්යාහමස්මීති මානො සෙය්යස්ස සදිසොහමස්මීති මානො සෙය්යස්ස හීනොහමස්මීති මානො, සදිසස්ස සෙය්යොහමස්මීති මානො සදිසස්ස සදිසොහමස්මීති මානො සදිසස්ස හීනොහමස්මීති මානො, හීනස්ස සෙය්යොහමස්මීති මානො, මානො අතිමානො මානාතිමානො ඔමානො අධිමානො අස්මිමානො මිච්ඡාමානො, ඤාතිවිතක්කො ජනපදවිතක්කො අමරවිතක්කො පරානුද්දයතාපටිසංයුත්තො විතක්කො ලාභසක්කාරසිලොකපටිසංයුත්තො විතක්කො අනවඤ්ඤත්තිපටිසංයුත්තො විතක්කො.
Sinhala BJT836. ජාතිමද ය, ගොත්‍රමද ය, ආරෝග්‍යමද ය, යෞවනමද ය, ජීවිතමද ය, ලාභමදය, සත්කාරමද ය, ගරුකාරමද ය, පුරස්කාරමද ය, පරිවාරමද ය, භෝගමද ය, වර්‍ණමද ය, ශ්‍රැතමදය, ප්‍රතිභානමද ය, රාත්‍රඥමද ය, පිණ්ඩපාතිකමද ය, අනවඥමද ය, ඊර්‍ය්‍යාපථමද ය, ඍද්ධිමද ය, යශෝමද ය, ශීලමද ය, ධ්‍යානමද ය, ශිල්පමද ය, ආරෝහමද ය, පරිණාහමද ය, සංස්ථානමද ය, පරිපූර්‍ණමද ය, මද ය ප්‍රමාද ය, ස්තම්භ ය, සාරම්භ ය, අත්‍රිච්ඡ බව ය, මහේච්ඡ බව ය, පාපේච්ඡ බව ය, ශෘඞ්ග ය, තින්තින ය, චපල බව ය, නො සම පැවැත්ම ය, නො ඇල්ම ය, මැලි බව ය, ඇඟමැලිහරන බව ය, බත්මත ය, චිත්තයාගේ ලීන බව ය, කුහක බව ය, ලපන ය, නෛමිත්තිකබව ය, නිප්පෙසිකතා (පරගුණපිසලීම) ය, ලාභයෙන් ලාභ සොයන බව ය. මම උසස්මි යන මාන ය, මම සමානයෙමි යන මාන ය, මම හීනයෙමි යන මාන ය, මම උසස්වූවහුට උසස්මි යන මාන ය, මම උසස් වූවහුට සමානයෙමි යන මාන ය, මම උසස් වූවහුට හීනයෙමි යන මාන ය, මම සමානයාහට උසස්මි යන මාන ය, මම සමානයාට සමානයෙමි යන මාන ය, මම සමානයාට හීනයෙමි යන මාන ය, මම හීනයාට උසස්මි යන මානය, මම හීනයාට සමානයෙමි යන මානය, මම හීනයාට හීනයෙමි යන මානය, මානය, අතිමාන ය, මානාතිමාන ය, අවමාන ය, අධිමාන ය, අස්මිමාන ය, මිථ්‍යාමාන ය, ඥාතිවිතර්‍ක ය, ජනපදවිතර්‍ක ය, අමරවිතර්‍ක ය, මෙරමාහට දයායෙන් ප්‍රතිසංයුක්ත විතර්‍ක ය, ලාභසත්කාරශ්ලෝකප්‍රතිසංයුක්තවිතර්‍ක ය, අනවඥාප්‍රතිසංයුක්තවිතර්‍ක යි.
Pali BJTඑකකං.
Sinhala BJTඑකක යි.
Pali BJT837. කොධො ච උපනාහො ච, මක්ඛො ච පලාසො ච, ඉස්සා ච මච්ඡරියං ච. මායා ච සාඨෙය්යං ච, අවිජ්ජා ච භවතණ්හා ච, භවදිට්ඨි ච විභවදිට්ඨිච, සස්සතදිට්ඨි ච උච්ඡෙදදිට්ඨි ච, අන්තවාදිට්ඨි ච අනන්තවා දිට්ඨි ච, පුබ්බන්තානුදිට්ඨි ච අපරන්තානුදිට්ඨි ච, අහිරිකං ච අනොත්තප්පං ච, දොවචස්සතා ච පාපමිත්තතා ච, අනජ්ජවො ච අමද්දවො ච, අක්ඛන්ති ච අසොරච්චං ච, අසාඛල්ලං ච අප්පටිසන්ථාරො ච, ඉන්ද්රියෙසු අභුත්තද්වාරතා ච භොජනෙ අමත්තඤ්ඤුතා ච, මුට්ඨසච්චං ච අසම්පජඤ්ඤං ච, සීලවිපත්ති ච දිට්ඨිවිපත්ති ච, අජ්ඣත්තසංයොජනං ච බහිද්ධාසංයොජනං ච.
Sinhala BJT837. ක්‍රෝධය ද බද්ධවෛරය ද, මකු බව ද පළාසය ද, ඊර්‍ෂ්‍යාව ද මාත්සර්‍ය්‍ය ද, මායාව ද සඨ බව ද, අවිද්‍යාව ද භවතෘෂ්ණාව ද, භවදෘෂ්ටිය ද විභවදෘෂ්ටිය ද, ශාශ්වතදෘෂ්ටිය ද උච්ඡේදදෘෂ්ටිය ද, අන්තවද්දෘෂ්ටිය ද, අනන්තවද්දෘෂ්ටිය ද, පූර්‍වාන්තානුදෘෂ්ටිය ද, අවරාන්තානු දෘෂ්ටිය ද, අපත්‍රපාව ද, අනුත්තාපය ද, දුර්වච බව ද, පාපමිත්‍ර බව ද, අනාර්‍ජවය ද, අමාර්දවය ද, නො ඉවසීම ද, සුරත නො වන බව ද, අසඛිල බව ද, පටිසන්‍ථාර රහිත බව ද, ඉන්‍ද්‍රියයන්හි අගුප්තද්වාර බව ද, භෝජනයෙහි අමාත්‍රඥ බව ද, මුෂිතස්මෘතිය ද, සම්‍යග්ඥාන රහිත බව ද, ශීලවිපත්තිය ද, දෘෂ්ටිවිපත්තිය ද, අධ්‍යාත්ම සංයෝජන ද බාහ්‍යසංයෝජන දැ යි.
Pali BJTදුකං.
Sinhala BJTද්වික යි.
Pali BJT838. තීණි අකුසලමූලානි, තයො අකුසල විතක්කා, තිස්සො අකුසල සඤ්ඤා, තිස්සො අකුසලධාතුයො, තීණි දුච්චරිතානි, තයො ආසවා, තීණි සංයොජනානි, තිස්සො තණ්හා, අපරාපි තිස්සො තණ්හා, තිස්සො එසනා, තිස්සො විධා, තීණි භයානි, තීණි තමානි, තීණි තිත්ථායතනානි, තයො කිඤ්චනා, තීණි අඞ්ගණානි, තීණි මලානි, තීණි විසමානි අපරානිපි තීණි විසමානි, තයො අග්ගී, තයො කසාවා, අපරෙපි තයො කසාවා, අස්සාදදිට්ඨි අත්තානුදිට්ඨි මිච්ඡාදිට්ඨි, අරති විහෙසා අධම්මචරියා.
Sinhala BJT838. අකුශලමූලයෝ තිදෙනෙකි, අකුශලවිතර්‍කයෝ තිදෙනෙකි, අකුශලසංඥාවෝ තිදෙනෙකි, අකුශලධාතුහු තිදෙනෙකි, දුශ්චරිතයෝ තිදෙනෙකි, ආස්‍රවයෝ තිදෙනෙකි, සංයෝජනයෝ තිදෙනෙකි, තෘෂ්ණාවෝ තිදෙනෙකි, අන්‍ය වූ ද තෘෂ්ණාවෝ තිදෙනෙකි, ඒෂණයෝ තිදෙනෙකි, විධාවෝ (මාන) තිදෙනෙකි, භය තුනෙකි, තමස්හු තිදෙනෙකි, තීර්‍ත්‍ථායතනයෝ තිදෙනෙකි, කිඤ්චන (පලිබෝධ) යෝ තිදෙනෙකි, අඞ්ගණයෝ තිදෙනෙකි, මලයෝ තිදෙනෙකි, විෂමයෝ තිදෙනෙකි, අන්‍ය වූද විෂමයෝ තිදෙනෙකි, අග්නීහු තිදෙනෙකි, කසටයෝ තිදෙනෙකි, අන්‍ය වූද කසටයෝ තිදෙනෙකි, ආස්වාදදෘෂ්ටි ය ආත්මානුදෘෂ්ටි ය මිථ්‍යාදෘෂ්ටි ය, අරති ය විහෙසා ය අධර්‍මචර්‍ය්‍යා ය,
Pali BJTදොවචස්සතා පාපමිත්තතා නානත්තසඤ්ඤා, උද්ධච්චං කොසජ්ජං පමාදො, අසන්තුට්ඨිතා අසම්පජඤ්ඤතා මහිච්ඡතා, අහිරිකං අනොත්තප්පං පමාදො, අනාදරියං දොවචස්සතා පාපමිත්තතා, අස්සද්ධියං අවදඤ්ඤුතා කොසජ්ජං, උද්ධච්චං අසංවරො දුස්සීල්යං, අරියානං අදස්සනකම්යතා සද්ධම්මං අසොතුකම්යතා උපාරම්භචිත්තතා, මුට්ඨසච්චං අසම්පජඤ්ඤං චෙතසො වික්ඛෙපො, අයොනිසොමනසිකාරො කුම්මග්ගසෙවනා චෙතසො ච ලීනත්තං.
Sinhala BJTදුර්වචතා ය පාපමිත්‍රතා ය නානාත්‍වසංඥා ය, ඖද්ධත්‍ය ය කෞසීද්‍ය ය, ප්‍රමාද ය, අසන්තුෂ්ටිතා ය අසම්‍යග්ඥානතා ය, මහෙච්ඡතා ය, අපත්‍රපා ය, අනුත්තාප ය ප්‍රමාද ය, අනාදරිය ය, දුර්වචතා ය පාපමිත්‍රතා ය, අශ්‍රද්ධා ය, අවදඤ්ඤුතා ය, කෞසීද්‍ය ය, ඖද්ධත්‍ය ය, අසංවර ය දුශ්ශීල්‍ය ය, ආර්‍ය්‍යයන් නො දක්නා කැමැති බව ය සදහම් නො අසනු කැමැති බව ය උපාරම්භ සිත් ඇති බව ය, මුළාසී බව ය සම්‍යග්ඥාන රහිත බව ය චිත්තයාගේ වික්‍ෂේප ය, මනසිකාර ය කුත්සිත මාර්‍ගසේවන ය චිත්තයාගේ ලීනතා යි.
Pali BJTතිකං.
Sinhala BJTත්‍රික යි.
Pali BJT839. චත්තාරො ආසවා, චත්තාරො ගන්ථා, චත්තාරො ඔඝා, චත්තාරො යොගා, චත්තාරි උපාදානානි, චත්තාරො තණ්හුප්පාදා, චත්තාරි අගතිගමනානි, චත්තාරො විපරියෙසා, චත්තාරො අනරියවොහාරා, අපරෙපි චත්තාරො අනරියවොහාරා, චත්තාරි දුච්චරිතානි, අපරානිපි චත්තාරි දුච්චරිතානි, චත්තාරි භයානි, අපරානිපි චත්තාරි භයානි, චතස්සො දිට්ඨියො.
Sinhala BJT839. ආස්‍රව සතරෙකි, ග්‍රන්‍ථ සතරෙකි, ඕඝ සතරෙකි, යෝග සතරෙකි, උපාදාන සතරෙකි, තෘෂ්ණෝත්පාද සතරෙකි, අගතිගමන සතරෙකි, විපර්‍ය්‍යාස සතරෙකි, අනාර්‍ය්‍ය ව්‍යවහාර සතරෙකි, අන්‍ය වූ ද අනාර්‍ය්‍යව්‍යවහාර සතරෙකි, දුශ්චරිත සතරෙකි, අන්‍ය වූ ද දුශ්චරිත සතරෙකි, භය සතරෙකි, අන්‍ය වූ ද භය සතරෙකි, දෘෂ්ටි සතරෙකි.
Pali BJTචතුක්කං.
Sinhala BJTචතුෂ්ක යි.
Pali BJT840. පඤ්චොරම්භාගියානි සඤ්ඤොජනානි, පඤ්චුද්ධම්භාගියානි සඤ්ඤොජනානි, පඤ්ච මච්ඡරියානි, පඤ්ච සඞ්ගා, පඤ්ච සල්ලා, පඤ්ච චෙතොඛිලා, පඤ්ච චෙතසො විනිබන්ධා, පඤ්ච නීවරණානි, පඤ්ච කම්මානි ආනන්තරිකානි, පඤ්ච දිට්ඨියො, පඤ්ච වෙරා, පඤ්ච ව්යසනා, පඤ්ච අක්ඛන්තියා ආදීනවා, පඤ්ච භයානි, පඤ්ච දිට්ඨධම්මනිබ්බානවාදා.
Sinhala BJT840. ඕරම්භාගියසංයෝජන පසෙකි, උද්ම්භාගියසංයෝජන පසෙකි, මාත්සර්‍ය්‍ය පසෙකි, සඞ්ග පසෙකි, ශල්‍ය පසෙකි, චේතෝඛිල පසෙකි, චිත්තයාගේ විනිබන්‍ධ පසෙකි, නීවරණ පසෙකි, ආනන්තර්‍ය්‍යකර්‍ම පසෙකි, දෘෂ්ටි පසෙකි, වෛර පසෙකි, ව්‍යසන පසෙකි, අක්‍ෂාන්තියෙහි ආදීනව පසෙකි, භය පසෙකි, දෘෂ්ටධර්‍මනිර්‍වාණවාද පසෙකි.
Pali BJTපඤ්චකං.
Sinhala BJTපඤ්චක යි.
Pali BJT841. ඡ විවාද මූලානි, ඡ ඡන්දරාගා ගෙහසිතා ධම්මා,{1} ඡ විරොධවත්ථූනි, ඡ තණ්හාකායා, ඡ අගාරවා, ඡ පරිහානියා ධම්මා, අපරෙපි ඡ පරිහානියා ධම්මා, ඡ සොමනස්සුපවිචාරා, ඡ දොමනස්සුපවිචාරා, ඡ උපෙක්ඛුපවිචාරා, ඡ ගෙහසිතානි සොමනස්සානි, ඡ ගෙහසිතානි දොමනස්සානි, ඡ ගෙහසිතා උපෙක්ඛා, ඡ දිට්ඨියො.
Sinhala BJT841. විවාදමූල සයෙකි, ගෘහශ්‍රිතඡන්‍දරාගධර්‍ම සයෙකි, විරුද්ධවස්තු සයෙකි, තෘෂ්ණාකාය සයෙකි, අගෞරව සයෙකි, පරිහානිකරධර්‍ම සයෙකි, අන්‍ය වූ ද පරිහානිකර ධර්‍ම සයෙකි, සෞමනස්‍යෝපවිචාර සයෙකි, දෞමනස්‍යොපවිචාර සයෙකි, උපේක්‍ෂෝපවිචාර සයෙකි, ගෘහශ්‍රිතසෞමනස්‍ය සයෙකි, ගෘහශ්‍රිතදෞර්‍මනස්‍ය සයෙකි, ගෘහශ්‍රිතඋපේක්‍ෂා සයෙකි, දෘෂ්ටි සයෙකි.
Pali BJTඡක්කං.
Sinhala BJTෂට්ක යි.
Pali BJT842. සත්තානුසයා, සත්ත සඤ්ඤොජනානි, සත්ත පරියුට්ඨානානි, සත්ත අසද්ධම්මා, සත්ත දුච්චරිතානි, සත්ත මානා, සත්ත දිට්ඨියො.
Sinhala BJT842. අනුශය සතෙකි, සංයෝජන සතෙකි, පර්‍ය්‍යුත්‍ථාන සතෙකි, අසද්ධර්‍ම සතෙකි, දුශ්චරිත සතෙකි, මාන සතෙකි, දෘෂ්ටි සතෙකි.
Pali BJTසත්තකං.
Sinhala BJTසප්තක යි.
Pali BJT843. අට්ඨ කිලෙසවත්ථූනි, අට්ඨ කුසීතවත්ථූනි, අට්ඨසු ලොකධම්මෙසු චිත්තස්ස පටිඝාතො, අට්ඨ අනරියවොහාරා, අට්ඨ මිච්ඡත්තා, අට්ඨ පුරිසදොසා, අට්ඨ අසඤ්ඤීවාදා, අට්ඨ නෙවසඤ්ඤීනාසඤ්ඤීවාදා.
Sinhala BJT843. ක්ලේශවස්තු අටෙක, කුසීතවස්තු අටෙක, අෂ්ටලොකධර්‍මයෙහි චිත්තයාගේ ප්‍රතිඝාත ය, අනාර්‍ය්‍යව්‍යවහාර අටෙක, මිථ්‍යාත්‍ව අටෙක, පුරුෂදෝෂ අටෙක, අසංඥීවාද අටෙක, නෛවසංඥානාසංඥීවාද අටෙකි.
Pali BJTඅට්ඨකං.
Sinhala BJTඅෂ්ටක යි.
Pali BJT844. නව ආඝාතවත්ථූනි, නව පුරිසමලානි, නවවිධ මානා, නව තණ්හාමූලිකා ධම්මා, නව ඉඤ්ජිතානි, නව මඤ්ඤිතානි, නව ඵන්දිතානි, නව පපඤ්චිතානි, නව සඞ්ඛතානි.
Sinhala BJT844. ආඝාතවස්තු නවයෙක, පුරුෂමල නවයෙක, නවවිධමානය, තෘෂ්ණාමූලක ධර්‍ම නවයෙක, ඉඤ්ජිත නවයෙක, මඤ්ඤිත නවයෙක, ස්පන්‍දිත නවයෙක, ප්‍රපඤ්චිත නවයෙක, සඞ්ඛත නවයෙකි.
Pali BJTනවකං.
Sinhala BJTනවක යි.
Pali BJT845. දස කිලෙසවත්ථූනි, දස ආඝාතවත්ථූනි, දස අකුසලකම්මපථා, දස සඤ්ඤොජනානි, දස මිච්ඡත්තා, දසවත්ථුකා මිච්ඡාදිට්ඨි, දසවත්ථුකා අන්තග්ගාහිකා දිට්ඨි.
Sinhala BJT845. ක්ලේශවස්තු දසයෙක, ආඝාතවස්තු දසයෙක, අකුශලකර්‍මපථ දසයෙක, සංයෝජන දසයෙක, මිථ්‍යාත්‍ව දසයෙක, දශවස්තුකමිථ්‍යාදෘෂ්ටි ය, දශවස්තුක අන්තග්‍රාහික දෘෂ්ටි යි.
Pali BJTදසකං.
Sinhala BJTදශක යි.
Pali BJT846. අට්ඨාරස තණ්හා විචරිතානි අජ්ඣත්තිකස්ස උපාදාය, අට්ඨාරස තණ්හා විචරිතානි බාහිරස්ස උපාදාය, තදෙකජ්ඣං අභිසඤ්ඤූහිත්වා අභිසංඛිපිත්වා ඡත්තිංස තණ්හාවිචරිතානි හොන්ති. ඉති අතීතානි ඡත්තිංස තණ්හාවිචරිතානි, අනාගතානි ඡත්තිංස තණ්හාවිචරිතානි, පච්චුප්පන්නානි ඡත්තිංස තණ්හා විචරිතානි, තදෙකජ්ඣං අභිසඤ්ඤූහිත්වා අභිසංඛිපිත්වා අට්ඨතණ්හාවිචරිතසතං හොති. යානි ච ද්වාසට්ඨි දිට්ඨිගතානි බ්රහ්මජාලෙ වෙය්යාකරණෙ වුත්තානි භගවතා.
Sinhala BJT846. තෘෂ්ණාවිචරිත අටළොසෙක ආධ්‍යාත්මිකස්කන්‍ධ නිසා, තෘෂ්ණාවිචරිත අටළොසෙක බාහිරස්කන්‍ධ නිසා, එය එක් අයුරෙකින් රැස් කොට හකුළුවා තෘෂ්ණාවිචරිත සතිසෙක් වෙයි. මෙසේ අතීතතෘෂ්ණාවිචරිත සතිසෙක, අනාගතතෘෂ්ණාවිචරිත සතිසෙක, ප්‍රත්‍යුත්පන්නතෘෂ්ණාවිචරිත සතිසෙක, එය එක් අයුරෙකින් රැස් කොට හකුළුවා තෘෂ්ණාවිචරිත අටතුරාසියෙක් වේ. තවද භාග්‍යවතුන් විසින් බ්‍රහ්මජාල ව්‍යාකරණයෙහි යම් දෙසැටදෘෂ්ටි කෙනෙක් වදාරන ලද්දාහු නම් ඔහු යි.
Pali BJTමාතිකා.
Sinhala BJTමාතෘකා යි.
Pali BJT847. තත්ථ කතමො ජාතිමදො: ජාතිං පටිච්ච මදො මජ්ජනා මජ්ජිතත්තං මානො මඤ්ඤනා මඤ්ඤිතත්තං උන්නති උන්නාමො ධජො සම්පග්ගාහො කෙතුකම්යතා චිත්තස්ස, අයං වුච්චති ජාතිමදො.
Sinhala BJT847. එහි ජාතිමද කවරෙ යත්: ජාතිය නිසා මදයෙක් මත් අයුරෙක් මත් වූ බවෙක් මානයෙක් මානනාකාරයෙක් මානය කළ බවෙක් උන්නතියෙක් උන්නාමයෙක් ධ්වජයෙක් සම්ප්‍රග්‍රාහයෙක් චිත්තයාගේ කේතුකම්‍යතායෙක් වේ ද, මේ ‘ජාතිමද’ යි කියනු ලැබේ.
Pali BJT848. තත්ථ කතමො ගොත්තමදො: ගොත්තං පටිච්ච -පෙ- ආරොග්යං පටිච්ච -පෙ- යොබ්බනං පටිච්ච -පෙ- ජීවිතං පටිච්ච -පෙ- ලාභං පටිච්ච -පෙ- සක්කාරං පටිච්ච -පෙ- ගරුකාරං පටිච්ච -පෙ- පුරෙක්ඛාරං පටිච්ච -පෙ- පරිවාරං පටිච්ච -පෙ- භොගං පටිච්ච -පෙ- වණ්ණං පටිච්ච -පෙ- සුතං පටිච්ච -පෙ- පටිභානං පටිච්ච -පෙ- රත්තඤ්ඤුතං පටිච්ච -පෙ- පිණ්ඩපාතිකත්තං පටිච්ච -පෙ- අනවඤ්ඤත්තිං{1} පටිච්ච -පෙ- ඉරියාපථං පටිච්ච -පෙ- ඉද්ධිං පටිච්ච -පෙ- යසං පටිච්ච -පෙ- සීලං පටිච්ච -පෙ- ඣානං පටිච්ච -පෙ- සිප්පං පටිච්ච -පෙ- ආරොහං පටිච්ච -පෙ- පරිණාහං පටිච්ච -පෙ- සණ්ඨානං පටිච්ච -පෙ- පාරිපූරිං පටිච්ච මදො මජ්ජනා මජ්ජිතත්තං මානො මඤ්ඤා මඤ්ඤිතත්තං උන්නති උන්නාමො ධජො සම්පග්ගාහො කෙතුකම්යතා චිත්තස්ස අයං වුච්චති පාරිපූරිමදො.
Sinhala BJT848. එහි ගොත්‍රමද කවරෙ යත්: ගෝත්‍රය නිසා ... ආරෝග්‍යය නිසා ... යෞවනය නිසා ... ජීවිතය නිසා ... ලාභය නිසා ... සත්කාරය නිසා ... ගරුකාරය නිසා ... පුරස්කාරය නිසා ... පිරිවර නිසා ... භෝගය නිසා ... වර්‍ණය නිසා ... ශ්‍රැතය නිසා ... ප්‍රතිභානය නිසා ... රාත්‍රඥතාව නිසා ... පිණ්ඩපාතික බව නිසා ... අවඥා නො කිරීම නිසා ... ඊර්‍ය්‍යාපථය නිසා ... ඍද්ධිය නිසා ... යශස නිසා ... ශීලය නිසා ... ධ්‍යානය නිසා ... ශිල්පය නිසා ... ආරෝහය නිසා ... පරිණාහය නිසා ... සටහන නිසා ... පරිපූර්‍ණ බව නිසා මදයෙක් මත් අයුරෙක් මත් වූ බවෙක් මානයෙක් මානනාකාරයෙක් මානය කළ බවෙක් උන්නතියෙක් උන්නාමයෙක් ධ්වජයෙක් සම්ප්‍රග්‍රාහයෙක් චිත්තයාගේ කේතුකම්‍යතායෙක් වේ ද, මේ ‘පාරිපූරීමද’ යි කියනු ලැබේ.
Pali BJT849. තත්ථ කතමො මදො: යො මදො මජ්ජනා මජ්ජිතත්තං මානො මඤ්ඤනා මඤ්ඤිතත්තං උන්නති උන්නාමො ධජො සම්පග්ගාහො කෙතුකම්යතා චිත්තස්ස, අයං වුච්චති මදො.
Sinhala BJT849. එහි මද කවරෙ යත්: යම් මදයෙක් මත් අයුරෙක් මත් වූ බවෙක් මානයෙක් මානාකාරයෙක් මානය කළ බවෙක් උන්නතියෙක් උන්නාමයෙක් ධ්වජයෙක් සම්ප්‍රග්‍රාහයෙක් චිත්තයාගේ කේතුකම්‍යතායෙක් වේ ද, මේ ‘මද’ යි කියනු ලැබේ.
Pali BJT850. තත්ථ කතමො පමාදො: කායදුච්චරිතෙ වා වචීදුච්චරිතෙ වා මනො දුච්චරිතෙ වා පඤ්චසු වා කාමගුණෙසු චිත්තස්ස වොස්සග්ගො වොස්සග්ගානුප්පාදානං කුසලානං වා ධම්මානං භාවනාය අසක්කච්චකිරියතා අසාතච්චකිරියතා අනට්ඨිතකිරියතා ඔලීනවුත්තිතා නික්ඛිත්තඡන්දතා නික්ඛිත්තධූරතා අනාසෙවනා අභාවනා අබහුලීකම්මං අනධිට්ඨානං අනනුයොගො පමාදො. යො එවරූපො පමාදො පමජ්ජනා පමජ්ජිතත්තං. අයං වුච්චති පමාදො.
Sinhala BJT850. එහි ප්‍රමාද කවරෙ යත්: කායදුශ්චරිතයෙහි හෝ වාග්දුශ්චරිතයෙහි හෝ මනෝදුශ්චරිතයෙහි හෝ පඤ්චකාමගුණයෙහි හෝ චිත්තයාගේ විසර්‍ජනයෙක් පුන පුනා විසර්‍ජනයෙක්, කුශලධර්‍මයන්ගේ වැඩීම පිණිස නො සකසා කරන බවෙක් සාතත්‍යක්‍රියා රහිත බවෙක් අනවස්ථිතක්‍රියා බවෙක් හැකුළුණු පැවැතුම් ඇති බවෙක් බහා තැබූ වීර්‍ය්‍ය ඡන්‍දය ඇති බවෙක් බහා තැබූ වීර්‍ය්‍යධුර ඇති බවෙක් අනාසේවනයෙක් අභාවනයෙක් බහුල නො කිරීමෙක් නො පිහිටීමෙක් අනුයෝග රහිත වීමෙක් ප්‍රමාදයෙක් වේ ද, යම් මෙබඳු ප්‍රමාදයෙක් ප්‍රමාද අයුරෙක් ප්‍රමත්ත බවෙක් වේ ද, මේ ‘ප්‍රමාද’ යි කියනු ලැබේ.
Pali BJT851. තත්ථ කතමො ථම්භො: යො ථම්භො ථම්භනා ථම්භිතත්තං කක්ඛළියං ඵාරුසියං උජුචිත්තතා අමුදුතා, අයං වුච්චති ථම්භො.
Sinhala BJT851. එහි ස්තම්භ කවරෙ යත්: යම් ස්තම්භයෙක්, තද ඇයුරෙක්, තද වූ බවෙක්, කර්‍කශ බවෙක්, පරුෂ බවෙක්, (අභිවාදනාදියෙහි) නො නැමෙන සිත් ඇති බවෙක්, මෘදු නො වන බවෙක් වේ ද, මේ ‘ස්තම්භ’ යි කියනු ලැබේ.
Pali BJT852. තත්ථ කතමො සාරම්භො: යො සාරම්භො පටිසාරම්භො සාරම්භනා පටිසාරම්භනා පටිසාරම්භිතත්තං, අයං වුච්චති සාරම්භො.
Sinhala BJT852. එහි සාරම්භ කවරෙ යත්: යම් කරණොත්තරකරණයෙක්, ප්‍රතිසාරම්භයෙක්, සාරම්භාකාරයෙක්, ප්‍රතිසාරම්භාකාරයෙක්, ප්‍රතිසාරම්භ කළ බවෙක් වේ ද, මේ ‘සාරම්භ’ යි කියනු ලැබේ
Pali BJT853. තත්ථ කතමා අත්රිච්ඡතා: ඉතරීතරචීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙහි පඤ්චහි වා කාමගුණෙහි අසන්තුට්ඨස්ස භිය්යොකම්ම්යතා යා එවරූපා ඉච්ඡා ඉච්ඡාගතං{1} අත්රිච්ඡතා රාගො සාරාගො අනුනයො අනුරොධො නන්දි නන්දිරාගො චිත්තස්ස සාරාගො, අයං වුච්චති අත්රිච්ඡතා.
Sinhala BJT853. එහි අත්‍රිච්ඡතා කවර යත්: යම්කිසි සිවුරු - පිඬුවා - සෙනසුන් - ගිලන්පස - බෙහෙත්පිරිකරින් හෝ පස්කම්ගුණෙන් හෝ නො සතුටු වූවහුගේ බොහෝ කැමැති බවෙක් වේ ද, යම් මෙබඳු ඉච්ඡායෙක්, ඉච්ඡාගතයෙක්, අතිශයින් කැමැති බවෙක්, රාගයෙක්, සාරාගයෙක්, අනූනයෙක්, අනුරෝධයෙක්, නන්‍දියෙක්, නන්‍දිරාගයෙක්, චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ ‘අත්‍රිච්ඡතා’ යි කියනු ලැබේ.
Pali BJT854. තත්ථ කතමා මහිච්ඡතා: ඉතරීතරචීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරෙහි පඤ්චහි වා කාමගුණෙහි අසන්තුට්ඨස්ස භිය්යොකම්යතා, යා එවරූපා ඉච්ඡා ඉච්ඡාගතං මහිච්ඡතා රාගො සාරාගො -පෙ- චිත්තස්ස සාරාගො, අයං වුච්චති මහිච්ඡතා.
Sinhala BJT854. එහි මහිච්ඡතා කවර යත්: යම්කිසි සිවුරු - පිඬුවා - සෙනසුන් - ගිලන්පස - බෙහෙත්පිරිකරින් නො සතුටු වූවහුගේ බොහෝ කැමැති බවෙක් වේ ද, යම් මෙබඳු ඉච්ඡායෙක්, ඉච්ඡාගතයෙක්, මහේච්ඡ බවෙක්, රාගයෙක්. බලවත් රාගයෙක්, ... චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ ‘මහිච්ඡතා’ යි කියනු ලැබේ.
Pali BJT855. තත්ථ කතමා පාපිච්ඡතා: ඉධෙකච්චො අස්සද්ධො සමානො සද්ධොති මං ජනො ජානාතූති ඉච්ඡති, දුස්සීලො සමානො සීලවාති මං ජනො ජානාතූති ඉච්ඡති, අප්පස්සුතො සමානො බහුස්සුතොති මං ජනො ජානාතූති ඉච්ඡති, සඞ්ගණිකාරාමො සමානො පවිවිත්තොති මං ජනො ජානාතූති ඉච්ඡති, කුසීතො සමානො ආරද්ධවිරියොති මං ජනො ජානාතූති ඉච්ඡති, මුට්ඨස්සති සමානො උපට්ඨිතසතීති මං ජනො ජානාතූති ඉච්ඡති, අසමාහිතො සමානො සමාහිතොති මං ජනො ජානාතූති ඉච්ඡති. දුප්පඤ්ඤො සමානො පඤ්ඤවාති මං ජනො ජානාතූති ඉච්ඡති. අඛීණාසවො සමානො ඛීණාසවොති මං ජනො ජානාතූති ඉච්ඡති. යා එවරූපා ඉච්ඡා ඉච්ඡාගතං පාපිච්ඡතා රාගො සාරාගො -පෙ- චිත්තස්ස සාරාගො, අයං වුච්චති පාපිච්ඡතා.
Sinhala BJT855. එහි පාපිච්ඡතා කවර යත්: මෙලොව ඇතැමෙක් ශ්‍රද්ධා රහිත වූයේ ම, ශ්‍රද්ධා ඇතියෙකැ යි ජන තෙම මා දනී ව යි කැමැති වෙ යි. දුශ්ශීල වූයේ ම, සිල්වතෙකැ යි ජන තෙම මා දනීව යි කැමැති වෙයි. අල්පශ්‍රැත වූයේ ම බහුශ්‍රැතයෙකැ යි ජන තෙම මා දනීව යි කැමැති වෙයි. ගණයා කෙරෙහි ඇලුණේ ම විවික්තයෙකැ යි ජන තෙම මා දනීව යි කැමැති වෙයි. කුසීත වූයේ ම රුකුළුවැර ඇතියෙකැ යි ජන තෙම මා දනීව යි කැමැති වෙයි. මුළාසී ඇතියේ ම එළඹසිටිසිහි ඇතියෙකැ යි ජන තෙම මා දනීව යි කැමැති වෙයි. අසමාහිත වූයේ ම සමාහිතයෙකැ යි ජන තෙම මා දනීව යි කැමැති වෙයි. නුවණ නැතියෙක් වූයේ ම නුවණැතියෙකැ යි ජන තෙම මා දනීව යි කැමැති වෙයි. ක්‍ෂීණාස්‍රව නො වූයේ ම ක්‍ෂීණාස්‍රවයෙකැ යි ජන තෙම මා දනීව යි කැමැති වෙයි. යම් මෙ බඳු ඉච්ඡායෙක්, ඉච්ඡාගතයෙක්, පාපේච්ඡ බවෙක්, රාගයෙක්, බලවත් රාගයෙක් ... චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ ‘පාපිච්ඡතා’ යි කියනු ලැබේ.
Pali BJT856. තත්ථ කතමං සිඞ්ගං: යං සිඞ්ගං සිඞ්ගාරතා චතුරතා{2} චාතුරියං පරික්ඛත්තතා පාරික්ඛත්තියං, ඉදං වුච්චති සිඞ්ගං.
Sinhala BJT856. එහි ශෘඞ්ග කවරෙ යත්: යම් ක්ලේශශෘඞ්ගයෙක් ශෘඞ්ගාර (නාගරික) බවෙක් චතුර බවෙක් චාතුර්‍ය්‍යයෙක් දැඩි ශෘඞ්ගාර බවෙක් බලවත් ශෘඞ්ගාර බවෙක් වේ ද, මේ ‘ශෘඞ්ගය’ යි කියනු ලැබේ.
Pali BJT857. තත්ථ කතමං තින්තිනං: යං තින්තිනං තින්තිනායනා තින්තිනායිතත්තං ලොලුප්පං ලොලුප්පායනා ලොලුප්පායිතත්තං පුච්ඡඤ්චිකතා{3} සාදුකම්යතා{4}, ඉදං වුච්චති තින්තිනං.
Sinhala BJT857. එහි තින්තින කවරෙ යත්: යම් කෙඳිරියක්, කොඳුරන අයුරෙක් කොඳුළ බවෙක්, ලොල් බවෙක්, ලොල් අයුරෙක්, ලොල් කළ බවෙක්, නඟුට සලන බවෙක් මිහිරි කැමැති බවෙක් වේ ද, මේ ‘තින්තින’ යි කියනු ලැබේ.
Pali BJT858. තත්ථ කතමං චාපය්යං:{5} චීවරමණ්ඩනා පත්තමණ්ඩනා සෙනාසනමණ්ඩනා ඉමස්ස වා පූතිකායස්ස බාහිරානං වා පරික්ඛාරානං මණ්ඩනා විභූසනා කෙලායනා පරිකෙලායනා{6} ගෙධිකතා ගෙධිකත්තං චපලතා චාපල්යං, ඉදං වුච්චති චාපල්යං.
Sinhala BJT858. එහි චපල බව කවරෙ යත්: සිවුරු සැරසීමෙක්, පාත්‍ර සැරසීමෙක්, සෙනසුන් සැරසීමෙක්, මේ පූතිකායයාගේ හෝ බාහිරපරිෂ්කාරයන්ගේ හෝ සැරසීමෙක් විභූෂණයෙක්, නැළවීමෙක්, හාත්පසින් නැළවීමෙක්, ගිජු බවෙක්, චපලබවෙක්, චාපල්‍යයෙක් වේ ද, මේ ‘චපල බව’ යි කියනු ලැබේ.
Pali BJT859. තත්ථ කතමා අසභාගවුත්ති: මාතරි වා පිතරි වා ජෙට්ඨෙ වා කනිට්ඨෙ වා භාතරි ආචරියෙසු වා උපජ්ඣායෙ වා බුද්ධෙ වා සාවකෙසු වා අඤ්ඤතරඤ්ඤතරෙසු ගරුට්ඨානීයෙසු විප්පටිකූලගාහිතා විපච්චනිකසාතතා අනාදරියං අනාදරතා{1} අගාරවතා අප්පතිස්සවතා, අයං වුච්චති අසභාගවුත්ති.
Sinhala BJT859. එහි අසභාගවෘත්ති කවර යත්: මව කෙරෙහි හෝ පියා කෙරෙහි හෝ දෙටු බෑයා කෙරෙහි හෝ කනිටු බෑයා කෙරෙහි හෝ ආචාර්‍ය්‍යයන් කෙරෙහි හෝ උපාධ්‍යායයා කෙරෙහි හෝ බුදුන් කෙරෙහි හෝ බුදුසව්වන් කෙරෙහි හෝ අන්‍යතරාන්‍යතර ගරුස්ථානයන්හි විලෝමග්‍රාහයෙක් විරුද්ධකරණයෙන් සුඛිතවන අයුරෙක් අනාදර බවෙක් අනාදරත්‍වයෙක් අගෞරව බවෙක් දෙටු කොට නො ගැන්මෙක් වේ ද, මේ ‘අසභාගවෘත්ති’ යයි කියනු ලැබේ.
Pali BJT860. තත්ථ කතමා අරති: පන්තෙසු වා සෙනාසනෙසු අඤ්ඤතරඤ්ඤතරෙසු වා අධිකුසලෙසු ධම්මෙසු අරති අරතිතා අනභිරති අනභිරමනා උක්කණ්ඨිතා පරතස්සිතා, අයං වුච්චති අරති.
Sinhala BJT860. එහි අරති කවර යත්: ප්‍රාන්තසේනාසනයන්හි හෝ අන්‍යතරාන්‍යතර අධිකුශලධර්‍මයන්හි හෝ යම් නො ඇල්මෙක් නො ඇලෙන අයුරෙක් අනභිරතියෙක් අනභිරමණයෙක් උකටලී බවෙක් උද්වේගයෙක් වේ ද, මේ ‘අරති’ යයි කියනු ලැබේ.
Pali BJT861. තත්ථ කතමා තන්දි: යා තන්දි තන්දියනා තන්දිමනකතා ආලස්යං ආලස්යායනා ආලස්යායිතත්තං, අයං වුච්චති තන්දි.
Sinhala BJT861. එහි තන්‍දි කවර යත්: යම් මැලිවීමෙක් මැලි අයුරෙක් මැලි සිත් ඇති බවෙක් අලස බවෙක් අලස අයුරෙක් අලස වූ බවෙක් වේ ද, මේ ‘තන්‍දි’ යයි කියනු ලැබේ.
Pali BJT862. තත්ථ කතමා විජම්භිකා: යා කායස්ස ජම්භනා විජම්භනා ආනමනා විනමනා සන්නමනා පනමනා ව්යාධියකං, අයං වුච්චති විජම්භිකා.
Sinhala BJT862. එහි විජම්බිකා කවර යත්: ශරීරයාගේ යම් ජෘම්භණයෙක් විජෘම්බණයෙක් ඉදිරියට නැමීමෙක් පස්සට නැමීමෙක් හාත්පසැ නැමීමෙක් නඟාසිටුවීමෙක් ගිලන් බවෙක් වේ ද, මේ ‘විජම්භිකා’ යි කියනු ලැබේ.
Pali BJT863. තත්ථ කතමො භත්තසම්මදො: යා භුත්තාවිස්ස භත්තමුච්ඡා භත්තකිලමථො භත්තපරිලාහො කායදුට්ඨුල්ලං, අයං වුච්චති භත්තසම්මදො.
Sinhala BJT863. එහි භත්තසම්මද කවරෙ යත්: වැළඳුවහුට යම් භක්තමූර්ඡායෙක් භක්තක්ලමථුයෙක් භක්තපරිදාහයෙක් කය පිළිබඳ අකර්‍මණ්‍ය බවෙක් වේ ද, මේ ‘භත්තසම්මද’ යි කියනු ලැබේ.
Pali BJT864. තත්ථ කතමං චෙතසො ච ලීනත්තං: යා චිත්තස්ස අකල්ලතා අකම්මඤ්ඤතා ඔලීයනා සල්ලීයනා ලීනං ලීයනා ලීයිතත්තං ථිනං ථියනා ථියිතත්තං චිත්තස්ස, ඉදං වුච්චති චෙතසො ච ලීනත්තං.
Sinhala BJT864. එහි චිත්තයාගේ ලීනත්‍වය කවරෙ යත්: චිත්තයාගේ යම් අකල්‍ය බවෙක්, අකර්‍මණ්‍ය බවෙක්, එලෙන බවෙක්, හාත්පසින් එලෙන බවෙක්, හැකිළීමෙක්, හැකිළෙන අයුරෙක්, හැකුළුණු බවෙක්, සිත පිළිබඳ තද වීමෙක්, තද අයුරෙක්, තද බවෙක් වේ ද, මේ ‘චිත්තයාගේ ලීනත්‍වය’ යි කියනු ලැබේ.