Pali BJTපුන චපරං තථාගතො පරසත්තානං පරපුග්ගලානං ඉන්ද්රියපරොපරියත්තං යථාභූතං පජානාති, යම්පි තථාගතො පරසත්තානං පරපුග්ගලානං ඉන්ද්රියපරොපරියත්තං යථාභූතං පජානාති, ඉදම්පි තථාගතස්ස තථාගතබලං හොති, යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති.
Sinhala BJTතවද තථාගතයෝ පරසත්ත්‍වයන්ගේ පරපුද්ගලයන්ගේ ඉන්‍ද්‍රියපරාවරභාවය (වෘද්ධිහානිය) ඇති සැටියෙන් දැනගනිති. යම් ඥානයෙකින් තථාගතයෝ පරසත්ත්‍වයන්ගේ පරපුද්ගලයන්ගේ ඉන්‍ද්‍රියපරාවරභාවය දැනගනිත් නම් මෙ ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි. යම් බලයකට පැමිණ තථාගතයෝ ශ්‍රේෂ්ඨස්ථානය ප්‍රතිඥා කෙරෙත් ද, පිරිස්හි සිංහනාද කෙරෙත් ද, බ්‍රහ්මචක්‍රය පවත්වත් ද, එබඳු බලයෙකි.
Pali BJTපුන චපරං තථාගතො ඣානවිමොක්ඛසමාධිසමාපත්තීනං සංකිලෙසං වොදානං වුට්ඨානං යථාභූතං පජානාති, යම්පි තථාගතො ඣානවිමොක්ඛසමාධිසමාපත්තීනං සංකිලෙසං වොදානං වුට්ඨානං යථාභූතං පජානාති, ඉදම්පි තථාගතස්ස තථාගතබලං හොති, යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති.
Sinhala BJTතවද තථාගතයෝ ධ්‍යානවිමෝක්‍ෂසමාධිසමාපත්තීන්ගේ සංක්ලේශය, ව්‍යවදානය, ව්‍යුත්‍ථානය ඇති සැටියෙන් දැනගනිති. යම් ඥානයෙකින් තථාගතයෝ ධ්‍යානවිමෝක්‍ෂසමාධිසමාපත්තීන්ගේ සංක්ලේශය, ව්‍යවදානය, ව්‍යුත්‍ථානය දැනගනිත් නම් මෙ ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි. යම් බලයකට පැමිණ තථාගතයෝ ශ්‍රේෂ්ඨ ස්ථානය ප්‍රතිඥා කෙරෙත් ද, පිරිස්හි සිංහනාද කෙරෙත් ද, බ්‍රහ්මචක්‍රය පවත්වත් ද, එබඳු බලයෙකි.
Pali BJTපුන චපරං තථාගතො පුබ්බෙනිවාසානුස්සතිං යථාභූතං පජානාති, යම්පි තථාගතො පුබ්බෙනිවාසානුස්සතිං යථාභූතං පජානාති, ඉදම්පි තථාගතස්ස තථාගතබලං හොති, යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති.
Sinhala BJTතවද තථාගතයෝ පූර්‍වනිවාසානුස්මෘතිය ඇති සැටියෙන් දැනගනිති. යම් ඥානයෙකින් තථාගතයෝ පූර්‍වනිවාසානුස්මෘතිය ඇති සැටියෙන් දැනගනිත් ද මෙ ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි. යම් බලයකට පැමිණ තථාගතයෝ ශ්‍රේෂ්ඨස්ථානය ප්‍රතිඥා කෙරෙත් ද, පිරිස්හි සිංහනාද කෙරෙත් ද, බ්‍රහ්මචක්‍රය පවත්වත් ද, එබඳු බලයෙකි.
Pali BJTපුන චපරං තථාගතො සත්තානං චුතූපපාතං යථාභූතං පජානාති, යම්පි තථාගතො සත්තානං චුතූපපාතං යථාභූතං පජානාති, ඉදම්පි තථාගතස්ස තථාගතබලං හොති, යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති.
Sinhala BJTතවද තථාගතයෝ සත්ත්‍වයන්ගේ ච්‍යුති - උත්පත්තිය ඇති සැටියෙන් දැනගනිති. යම් ඥානයෙකින් තථාගතයෝ සත්ත්‍වයන්ගේ ච්‍යුති - උත්පත්තිය ඇති සැටියෙන් දැනගනිත් ද මෙ ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි. යම් බලයකට පැමිණ තථාගතයෝ ශ්‍රේෂ්ඨස්ථානය ප්‍රතිඥා කෙරෙත් ද, පිරිස්හි සිංහනාද කෙරෙත් ද, බ්‍රහ්මචක්‍රය පවත්වත් ද, එබඳු බලයෙකි.
Pali BJTපුන චපරං තථාගතො ආසවානං ඛයං යථාභූතං පජානාති, යම්පි තථාගතො ආසවානං ඛයං යථාභූතං පජානාති, ඉදම්පි තථාගතස්ස තථාගතබලං හොති, යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති. ඉමානි දස තථාගතස්ස තථාගතබලානි, යෙහි බලෙහි සමන්නාගතො තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති.
Sinhala BJTතවද තථාගතයෝ ආස්‍රවක්‍ෂය ඇති සැටියෙන් දැනගනිති. යම් ඥානයෙකින් තථාගතයෝ ආස්‍රවක්‍ෂය ඇති සැටියෙන් දැනගනිත් ද, මෙ ද තථාගතයන්ගේ තථාගත බලයෙක් වෙයි. යම් බලයකට පැමිණ තථාගතයෝ ශ්‍රේෂ්ඨස්ථානය ප්‍රතිඥා කෙරෙත් ද, පිරිස්හි සිංහනාද කෙරෙත් ද, බ්‍රහ්මචක්‍රය පවත්වත් ද, එබඳු බලයෙකි. මොහු දසදෙන තථාගතයන්ගේ තථාගතබලයෝ යි. යම් බලයෙකින් සමන්‍වාගත වූ තථාගතයෝ ශ්‍රේෂ්ඨස්ථානය ප්‍රතිඥා කෙරෙත් ද, පිරිස්හි සිංහනාද කෙරෙත් ද, බ්‍රහ්මචක්‍රය පවත්වත් ද, එබඳු බලයෝ යි.
Pali BJTඑවං දසවිධෙන ඤාණවත්ථු.
Sinhala BJTමෙසේ දශප්‍රකාරයෙන් ඥානවස්තු වේ.
Pali BJTමාතිකා
Sinhala BJTමාතෘකා යි.
Pali BJT817. පඤ්ච විඤ්ඤාණා{1} න හෙතුමෙව, අහෙතුකමෙව, හෙතු විප්පයුත්තමෙව, සප්පච්චයමෙව, සඞ්ඛතමෙව, අරූපමෙව, ලොකියමෙව, සාසවමෙව, සංයොජනියමෙව, ගන්ථනීයමෙව, ඔඝනීයමෙව, යොගනීයමෙව, නීවරණීයමෙව, පරාමට්ඨමෙව, උපාදානියමෙව, සංකිලෙසිකමෙව, අව්යාකතමෙව, සාරම්මණමෙව, අචෙතසිකමෙව, විපාකමෙව, උපාදින්නුපාදානියමෙව, අසංකිලිට්ඨසංකිලෙසිකමෙව, න සවිතක්ක සවිචාරමෙව, න අවිතක්කවිචාරමත්තමෙව, අවිතක්කඅවිචාරමෙව, න පීතිසහගතමෙව, නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බමෙව නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බහෙතුකමෙව, නෙව ආචයගාමී න අපචයගාමීමෙව, නෙවසෙක්ඛනාසෙක්ඛමෙව, පරිත්තමෙව, කාමාවචරමෙව, න රූපාවචරමෙව, න අරූපාවචරමෙව, පරියාපන්නමෙව, නො අපරියාපන්නමෙව, අනියතමෙව, අනිය්යානිකමෙව, උප්පන්නං, මනොවිඤ්ඤාණවිඤ්ඤෙය්යමෙව, අනිච්චමෙව, ජරාභිභූතමෙව.
Sinhala BJT817. පඤ්චවිඥානයෝ හේතු නො වූවාහු ම ය, අහේතුකයෝ ම ය, හේතු විප්‍රයුක්තයෝ ම ය, සප්‍රත්‍යයෝ ම ය, සඞ්ඛතයෝ ම ය, අරූපයෝ ම ය, ලෞකිකයෝ ම ය, සාස්‍රවයෝ ම ය, සංයෝජනියයෝ ම ය, ග්‍රන්‍ථනීයයෝ ම ය, ඕඝනීයයෝ ම ය, යෝගනීයයෝ ම ය, නීවරණියයෝ ම ය, පරාමෘෂ්ටයෝ ම ය, උපාදානියයෝ ම ය, සාංක්ලෙසිකයෝ ම ය, අව්‍යාකෘතයෝ ම ය, සාලම්බනයෝ ම ය, අචෛතසිකයෝ ම ය, විපාකයෝ ම ය, උපාදින්නෝපාදානියයෝ ම ය, අසාංක්ලිෂ්ටසංක්ලෙසිකයෝ ම ය, සවිතර්‍කසවිචාර නො වූවාහු ම ය, අවිතර්‍කවිචාරමාත්‍ර නො වූවාහු ම ය, අවිතර්‍කඅවිචාරයෝ ම ය, ප්‍රීතිසහගත නො වූවාහු ම ය, නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ ම ය, නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු ම ය, නෛවාචයගාමිනාපචයගාමීහු ම ය, නෛවශෛක්‍ෂනාශෛක්‍ෂයෝ ම ය, පරිත්තයෝ ම ය, කාමාවචරයෝ ම ය, රූපාවචර නො වූවාහු ම ය, අරූපාවචර නො වූවාහු ම ය, පර්‍ය්‍යාපන්නයෝ ම ය, අපර්‍ය්‍යාපන්න නො වූවාහු ම ය, අනියතයෝ ම ය, අනෛර්‍ය්‍යාණිකයෝ ම ය, උත්පන්න ය, මනෝවිඥානයෙන් දතයුත්තෝ ම ය, අනිත්‍ය ම ය, ජරායෙන් මඩනා ලද්දාහු මැ යි.
Pali BJTපඤ්ච විඤ්ඤාණා උප්පන්නවත්ථුකා උප්පන්නාරම්මණාති: උප්පන්නස්මිං වත්ථුස්මිං උප්පන්නෙ ආරම්මණෙ උප්පජ්ජන්ති. පුරෙජාතවත්ථුකා පුරෙජාතාරම්මණාති: පුරෙජාතස්මිං වත්ථුස්මිං පුරෙජාතෙ ආරම්මණෙ උප්පජ්ජන්ති. අජ්ඣත්තිකවත්ථුකා බාහිරාරම්මණාති: පඤ්චන්නං විඤ්ඤාණානං වත්ථු අජ්ඣත්තිකා, ආරම්මණා බාහිරා. අසම්භින්නවත්ථුකා අසම්භින්නාරම්මණාති: අසම්භින්නස්මිං වත්ථුස්මිං අසම්භින්නෙ ආරම්මණෙ උප්පජ්ජන්ති. නානාවත්ථුකා නානාරම්මණාති: අඤ්ඤං චක්ඛුවිඤ්ඤාණස්ස වත්ථු ච{2} ආරම්මණං ච, අඤ්ඤං සොතවිඤ්ඤාණස්ස වත්ථු ච{2} ආරම්මණං ච, අඤ්ඤං ඝානවිඤ්ඤාණස්ස වත්ථු ච ආරම්මණං ච, අඤ්ඤං ජිව්හාවිඤ්ඤාණස්ස වත්ථූ ච{2} ආරම්මණං ච, අඤ්ඤං කායවිඤ්ඤාණස්ස වත්ථු ච ආරම්මණං ච, න අඤ්ඤමඤ්ඤස්ස ගොචරවිසයං පච්චනුභොන්තීති: චක්ඛුවිඤ්ඤාණස්ස ගොචරවිසයං සොතවිඤ්ඤාණං න පච්චනුභොති, සොත විඤ්ඤාණස්ස ගොචරවිසයම්පි චක්ඛුවිඤ්ඤාණං න පච්චනුභොති, චක්ඛුවිඤ්ඤාණස්ස ගොචරවිසයං ඝානවිඤ්ඤාණං න පච්චනුභොති, ඝාන විඤ්ඤාණස්ස ගොචරවිසයම්පි චක්ඛුවිඤ්ඤාණං න පච්චනුභොති, චක්ඛුවිඤ්ඤාණස්ස ගොචරවිසයං ජිව්හාවිඤ්ඤාණං න පච්චනුභොති, ජිව්හාවිඤ්ඤාණස්ස ගොචරවිසයම්පි චක්ඛුවිඤ්ඤාණං න පච්චනුභොති, චක්ඛුවිඤ්ඤාණස්ස ගොචරවිසයං කායවිඤ්ඤාණං න පච්චනුභොති, කායවිඤ්ඤාණස්ස ගොචරවිසයම්පි චක්ඛුවිඤ්ඤාණං න පච්චනුභොති, සොතවිඤ්ඤාණස්ස -පෙ- ඝානවිඤ්ඤාණස්ස -පෙ- ජිව්හාවිඤ්ඤාණස්ස -පෙ- කායවිඤ්ඤාණස්ස ගොචරවිසයං චක්ඛුවිඤ්ඤාණං න පච්චනුභොති, චක්ඛුවිඤ්ඤාණස්ස ගොචරවිසයම්පි කායවිඤ්ඤාණං න පච්චනුභොති, කායවිඤ්ඤාණස්ස ගොචරවිසයං සොතවිඤ්ඤාණං න පච්චනුභොති, සොතවිඤ්ඤාණස්ස ගොචරවිසයම්පි කායවිඤ්ඤාණං න පච්චනුභොති, කායවිඤ්ඤාණස්ස ගොචරවිසයං ඝානවිඤ්ඤාණං න පච්චනුභොති, ඝානවිඤ්ඤාණස්ස ගොචරවිසයම්පි කායවිඤ්ඤාණං න පච්චනුභොති, කායවිඤ්ඤාණස්ස ගොචරවිසයං ජිව්හාවිඤ්ඤාණං න පච්චනුභොති, ජිව්හාවිඤ්ඤාණස්ස ගොචරවිසයම්පි කායවිඤ්ඤාණං න පච්චනුභොති. න අසමන්නාහාරා උප්පජ්ජන්තී’ති: සමන්නාහරන්තස්ස උප්පජ්ජන්ති. න අමනසිකාරා උප්පජ්ජන්තී’ති: මනසිකරොන්තස්ස උප්පජ්ජන්ති. න අබ්බොකිණ්ණා උප්පජ්ජන්තී’ති: න පටිපාටියා උප්පජ්ජන්ති. න අපුබ්බං අචරිමං උප්පජ්ජන්තී’ති: න එකක්ඛණෙ උප්පජ්ජන්ති.
Sinhala BJTපඤ්චවිඥානයෝ උත්පන්නවස්තුකයෝ ය, උත්පන්නාලම්බනයෝ ය යනු: උපන් වස්තුයෙහි උපන් අරමුණෙහි උපදිත්. පුරේජාතවස්තුකයෝ ය, පුරේජාතාලම්බනයෝ ය යනු: පළමු උපන් වස්තුයෙහි පළමු උපන් අරමුණෙහි උපදිත්. ආධ්‍යාත්මිකවස්තුකයෝ ය, බාහිරාලම්බනයෝ ය යනු: පඤ්චවිඥානයන්ගේ වස්තුව ආධ්‍යාත්මික ය, ආලම්බනයෝ බාහිරයෝ යි. අසම්භින්නවස්තුකයෝ ය, අසම්භින්නආලම්බනයෝ ය යනු: අනිරුද්ධවස්තුයෙහි අනිරුද්ධආලම්බනයෙහි උපදිත්. නානාවස්තුකයෝ ය, නානාලම්බනයෝ ය යනු: චක්‍ෂුර්විඥානයාගේ වස්තුව (ප්‍රසාදය) ත් ආලම්බනයත් අනෙකෙක, ශ්‍රෝත්‍රවිඥානයාගේ වස්තුවත් ආලම්බනයත් අනෙකෙක, ඝ්‍රාණවිඥානයාගේ වස්තුවත් ආලම්බනයත් අනෙකෙක, ජිහ්වාවිඥානයාගේ වස්තුවත් ආලම්බනයත් අනෙකෙක, කායවිඥානයාගේ වස්තුවත් ආලම්බනයත් අනෙකෙකි. අන්‍යෝන්‍ය ගෝචරවිෂය නො විඳිති යනු: චක්‍ෂුර්විඥානයාගේ ගෝචරවිෂය ශ්‍රෝත්‍රවිඥානය තෙමේ නො විඳියි, ශ්‍රෝත්‍ර විඥානයාගේ ගෝචරවිෂය ද චක්‍ෂුර්විඥානය නො විඳී. චක්‍ෂුර්විඥානයාගේ ගෝචරවිෂය ඝ්‍රාණවිඥානය නො විඳියි. ඝ්‍රාණවිඥානයාගේ ගෝචරවිෂය ද චක්‍ෂුර්විඥානය නො විඳී. චක්‍ෂුර්විඥානයාගේ ගෝචරවිෂය ජිහ්වාවිඥානය නො විඳියි. ජිහ්වාවිඥානයාගේ ගෝචරවිෂය ද චක්‍ෂුර්විඥානය නො විඳී. චක්‍ෂුර්විඥානයාගේ ගෝචරවිෂය කායවිඥානය නො විඳියි. කායවිඥානයාගේ ගෝචරවිෂය ද චක්‍ෂුර්විඥානය නො විඳී. ශ්‍රෝත්‍රවිඥානයාගේ ... ඝ්‍රාණවිඥානයාගේ ... ජිහ්වාවිඥානයාගේ ... කායවිඥානයාගේ ගෝචරවිෂය චක්‍ෂුර්විඥානය නො විඳියි. චක්‍ෂුර්විඥානයාගේ ගෝචරවිෂය ද කායවිඥානය නො විඳී. කායවිඥානයාගේ ගෝචරවිෂය ශ්‍රෝත්‍රවිඥානය නො විඳියි. ශ්‍රෝත්‍රවිඥානයාගේ ගෝචරවිෂය ද කායවිඥානය නො විඳී. කායවිඥානයාගේ ගෝචරවිෂය ඝ්‍රාණවිඥානය නො විඳියි. ඝ්‍රාණවිඥානයාගේ ගෝචරවිෂය ද කායවිඥානය නො විඳී. කායවිඥානයාගේ ගෝචරවිෂය ජිහ්වාවිඥානය නො විඳියි. ජිහ්වාවිඥානයාගේ ගෝචරවිෂය ද කායවිඥානය නො විඳී. අසමන්‍වාහාර ව නූපදිති යනු: සිත්හි ලා එළවන්නහුට උපදිත්. අමනසිකාරව නූපදිති යනු: මෙනෙහි කරන්නහුට උපදිත්. අව්‍යාකීර්‍ණව නූපදිති යනු: පිළිවෙළින් නූපදිත්. පෙරපසු නො ව නූපදිති යනු: ඒකක්‍ෂණයෙහි නූපදිත්.
Pali BJTන අඤ්ඤමඤ්ඤස්ස සමනන්තරා උප්පජ්ජන්තී’ති: චක්ඛුවිඤ්ඤාණස්ස උප්පන්නසමනන්තරා සොතවිඤ්ඤාණං න උප්පජ්ජති, සොතවිඤ්ඤාණස්ස උප්පන්නසමනන්තරාපි චක්ඛුවිඤ්ඤාණං න උප්පජ්ජති, චක්ඛුවිඤ්ඤාණස්ස උප්පන්නසමනන්තරා ඝානවිඤ්ඤාණං න උප්පජ්ජති, ඝානවිඤ්ඤාණස්ස උප්පන්නසමනන්තරාපි චක්ඛුවිඤ්ඤාණං න උප්පජ්ජති, චක්ඛුවිඤ්ඤාණස්ස උප්පන්නසමනන්තරා ජිව්හාවිඤ්ඤාණං න උප්පජ්ජති, ජිව්හාවිඤ්ඤාණස්ස උප්පන්නසමනන්තරාපි චක්ඛුවිඤ්ඤාණං න උප්පජ්ජති, චක්ඛුවිඤ්ඤාණස්ස උප්පන්නසමනන්තරා කායවිඤ්ඤාණං න උප්පජ්ජති, කායවිඤ්ඤාණස්ස උප්පන්නසමනන්තරාපි චක්ඛුවිඤ්ඤාණං න උප්පජ්ජති, සොතවිඤ්ඤාණස්ස -පෙ- ඝානවිඤ්ඤාණස්ස -පෙ- ජිව්හාවිඤ්ඤාණස්ස -පෙ- කායවිඤ්ඤාණස්ස උප්පන්නසමනන්තරා චක්ඛුවිඤ්ඤාණං න උප්පජ්ජති, චක්ඛුවිඤ්ඤාණස්ස උප්පන්නසමනන්තරාපි කායවිඤ්ඤාණං න උප්පජ්ජති, කායවිඤ්ඤාණස්ස උප්පන්නසමනන්තරා සොතවිඤ්ඤාණං න උප්පජ්ජති, සොතවිඤ්ඤාණස්ස උප්පන්නසමනන්තරාපි කායවිඤ්ඤාණං න උප්පජ්ජති, කායවිඤ්ඤාණස්ස උප්පන්නසමනන්තරා ඝානවිඤ්ඤාණං න උප්පජ්ජති, ඝානවිඤ්ඤාණස්ස උප්පන්නසමනන්තරාපි කායවිඤ්ඤාණං න උප්පජ්ජති, කායවිඤ්ඤාණස්ස උප්පන්නසමනන්තරා ජිව්හාවිඤ්ඤාණං න උප්පජ්ජති, ජිව්හාවිඤ්ඤාණස්ස උප්පන්නසමනන්තරාපි කායවිඤ්ඤාණං න උප්පජ්ජති.
Sinhala BJTඔවුනොවුන්ට සමන්තර ව නූපදිති යනු: චක්‍ෂුර්විඥානය උපන් සමනන්තර ව ශ්‍රෝත්‍රවිඥානය නූපදියි, ශ්‍රෝත්‍රවිඥානය උපන් සමනන්තර ව ද චක්‍ෂුර්විඥානය නූපදී. චක්‍ෂුර්විඥානය උපන් සමනන්තර ව ඝ්‍රාණවිඥානය නූපදියි, ඝ්‍රාණවිඥානය උපන් සමනන්තර ව ද චක්‍ෂුර්විඥානය නූපදී. චක්‍ෂුර්විඥානය උපන් සමනන්තර ව ජිහ්වාවිඥානය නූපදියි, ජිහ්වාවිඥානය උපන් සමනන්තර ව ද චක්‍ෂුර්විඥානය නූපදී. චක්‍ෂුර්විඥානය උපන් සමනන්තරව කායවිඥානය නූපදියි, කායවිඥානය උපන් සමනන්තර ව ද චක්‍ෂුර්විඥානය නූපදී. ශ්‍රෝත්‍රවිඥානය ... ඝ්‍රාණවිඥානය ... ජිහ්වාවිඥානය ... කායවිඥානය උපන් සමනන්තර ව චක්‍ෂුර්විඥානය නූපදියි, චක්‍ෂුර්විඥානය උපන් සමනන්තරව ද කායවිඥානය නූපදී. කායවිඥානය උපන් සමනන්තර ව ශ්‍රෝතවිඥානය නූපදියි, ශ්‍රෝත්‍රවිඥානය උපන් සමනන්තර ව ද කායවිඥානය නූපදී. කායවිඥානය උපන් සමනන්තර ව ඝ්‍රාණවිඥානය නූපදියි, ඝ්‍රාණවිඥානය උපන් සමනන්තරව ද කායවිඥානය නූපදී. කායවිඥානය උපන් සමනන්තර ව ජිහ්වාවිඥානය නූපදියි, ජිහ්වාවිඥානය උපන් සමනන්තර ව ද කායවිඥානය නූපදී.
Pali BJTපඤ්ච විඤ්ඤාණා{1} අනාභොගාති: පඤ්චන්නං විඤ්ඤාණානං නත්ථි ආවජ්ජනා වා ආභොගො වා සමන්නාහාරො වා මනසිකාරො වා. පඤ්චහි විඤ්ඤාණෙහි න කඤ්චි{2} ධම්මං පටිවිජානාතීති: පඤ්චහි විඤ්ඤාණෙහි න කඤ්චි ධම්මං පටිවිජානාති. අඤ්ඤත්ර; අභිනිපාතමත්තාති: අඤ්ඤත්ර ආපාතමත්තා. පඤ්චන්නං විඤ්ඤාණානං සමනන්තරාපි න කඤ්චි{2} ධම්මං පටිවිජානාතීති: පඤ්චන්නං විඤ්ඤාණානං සමනන්තරා මනොධාතුයාපි න කඤ්චි ධම්මං පටිවිජානාති. පඤ්චහි විඤ්ඤාණෙහි න කඤ්චි ඉරියාපථං කප්පෙතීති: පඤ්චහි විඤ්ඤාණෙහි න කඤ්චි ඉරියාපථං කප්පෙති ගමනං වා ඨානං වා නිසජ්ජං වා සෙය්යං වා. පඤ්චන්නං විඤ්ඤාණානං සමනන්තරාපි න කිඤ්චි ඉරියාපථං කප්පෙතීති: පඤ්චන්නං විඤ්ඤාණානං සමනන්තරා මනොධාතුයාපි න කිඤ්චි ඉරියාපථං කප්පෙති ගමනං වා ඨානං වා නිසජ්ජං වා සෙය්යං වා. පඤ්චහි විඤ්ඤාණෙහි න කායකම්මං න වචීකම්මං පට්ඨපෙතීති: පඤ්චහි විඤ්ඤාණෙහි න කායකම්මං වචීකම්මං පට්ඨපෙති: පඤ්චන්නං විඤ්ඤාණානං සමනන්තරාපි න කායකම්මං න වචීකම්මං පට්ඨපෙතීති: පඤ්චන්නං විඤ්ඤාණානං සමනන්තරා මනොධාතුයාපි න කායකම්මං න වචීකම්මං පට්ඨපෙති. පඤ්චහි විඤ්ඤාණෙහි න කුසලාකුසලං ධම්මං සමාදියතීති: පඤ්චහි විඤ්ඤාණෙහි න කුසලාකුසලං ධම්මං සමාදියති. පඤ්චන්නං විඤ්ඤාණානං සමනන්තරාපි න කුසලාකුසලං ධම්මං සමාදියතීති: පඤ්චන්නං විඤ්ඤාණානං සමනන්තරා මනොධාතුයාපි න කුසලාකුසලං ධම්මං සමාදියති.
Sinhala BJTපඤ්චවිඥානයෝ අනාභෝගයෝ ය යනු: පඤ්චවිඥානයන්ගේ ආවර්‍ජනයෙක් හෝ අභොගයෙක් හෝ සමන්‍වාහාරයෙක් හෝ මනසිකාරයෙක් හෝ නැති. පඤ්චවිඥානයෙන් කිසි ධර්‍මයක් නො දැනගනී යනු: පඤ්චවිඥානයෙන් අභිනිපාතමාත්‍රය හැර ආපාත (හමුවට පැමිණ රූපාදි අරමුණු) මාත්‍රය හැර (කුශලාකුශලාදි) කිසි ධර්‍මයක් නො දැනගනී. පඤ්චවිඥානයන්ට සමන්තර ව ද කිසි ධර්‍මයක් නො දැනගනී යනු: පඤ්චවිඥානයට සමන්තර වූ මනෝධාතුයෙනුදු කිසි ධර්‍මයක් නො දැනගනී. පඤ්චවිඥානයෙන් කිසි ඊර්‍ය්‍යාපථයක් නො කෙරේ යනු: පඤ්චවිඥානයෙන් යෑමක් වේවයි, සිටීමක් වේවයි, හිඳීමක් වේවයි, හොවීමක් වේවයි, කිසි ඊර්‍ය්‍යාපථයක් නො කෙරෙයි. පඤ්චවිඥානයට සමන්තර ව ද කිසි ඊර්‍ය්‍යාපථයක් නො කෙරේ යනු: පඤ්චවිඥානයට සමන්තර වූ මනෝධාතුයෙනුදු යෑමක් වේවයි, සිටීමක් වේවයි, හිඳීමක් වේවයි, හොවීමක් වේවයි, කිසි ඊර්‍ය්‍යාපථයක් නො කෙරෙයි. පඤ්චවිඥානයෙන් නො ද කායකර්‍මය නො ද වාක්කර්‍මය පිහිටුවයි යනු: පඤ්චවිඥානයෙන් කායකර්‍මය නො පිහිටුවයි, වාක්කර්‍මය නො පිහිටුවයි. පඤ්චවිඥානයට සමන්තරව ද නො ද කායකර්‍මය නො ද වාක්කර්‍මය නො පිහිටුවයි යනු: පඤ්චවිඥානයට සමන්තර වූ මනෝධාතුයෙනුදු කායකර්‍මය නො පිහිටුවයි, වාක්කර්‍මය නො පිහිටුවයි. පඤ්චවිඥානයෙන් කුශලාකුශලධර්‍මය සමාදානය නො කෙරේ යනු: පඤ්චවිඥානයෙන් කුශලාකුශලධර්‍මසමාදානය නො කෙරේ. පඤ්චවිඥානයට සමනන්තර ව ද කුශලාකුශලධර්‍මසමාදානය නො කෙරේ යනු: පඤ්චවිඥානයට සමනන්තර වූ මනෝධාතුයෙනුදු කුශලාකුශලධර්‍මසමාදානය නො කෙරේ.
Pali BJTපඤ්චහි විඤ්ඤාණෙහි න සමාපජ්ජති න උට්ඨාතීති: පඤ්චහි විඤ්ඤාණෙහි න සමාපජ්ජති න උට්ඨාති.
Sinhala BJTපඤ්චවිඥානයෙන් සමවතට නො පැමිණෙයි, සමවතින් නො නැඟේ යනු: පඤ්චවිඥානයෙන් සමවතට නො පැමිණෙයි. සමවතින් නො නැඟේ.
Pali BJTපඤ්චන්නං විඤ්ඤාණානං සමනන්තරාපි න සමාපජ්ජති න වුට්ඨාතීති: පඤ්චන්නං විඤ්ඤාණානං සමනන්තරා මනොධාතුයාපි න සමාපජ්ජති න වුට්ඨාති.
Sinhala BJTපඤ්චවිඥානයට සමන්තර ව ද සමවතට නො පැමිණෙයි, සමවතින් නො නැඟේ යනු: පඤ්චවිඥානයට සමනන්තර වූ මනෝධාතුයෙනුදු සමවතට නො පැමිණෙයි, සමවතින් නො නැඟේ.
Pali BJTපඤ්චහි විඤ්ඤාණෙහි න චවති න උප්පජ්ජතී’ති: පඤ්චහි විඤ්ඤාණෙහි න චවති න උප්පජ්ජති. පඤ්චන්නං විඤ්ඤාණානං සමනන්තරාපි න චවති න උප්පජ්ජතී’ති: පඤ්චන්නං විඤ්ඤාණානං සමනන්තරා මනොධාතුයාපි න චවති න උප්පජ්ජති.
Sinhala BJTපඤ්චවිඥානයෙන් ච්‍යුත නො වෙයි, නූපදී යනු: පඤ්චවිඥානයෙන් ච්‍යුත නො වෙයි, නූපදී. පඤ්චවිඥානයට සමනන්තර ව ද ච්‍යුත නො වෙයි, නූපදී යනු: පඤ්චවිඥානයට සමනන්තර වූ මනෝධාතුයෙනුදු ච්‍යුත නො වෙයි, නූපදී.
Pali BJTපඤ්චහි විඤ්ඤාණෙහි න සුපති න පටිබුජ්ඣති න සුපිනං පස්සතීති: පඤ්චහි විඤ්ඤාණෙහි න සුපති න පටිබුජ්ඣති න සුපිනං පස්සති.
Sinhala BJTපඤ්චවිඥානයෙන් නො හොවී, නුපුබුදී, සිහින නො දකී යනු: පඤ්චවිඥානයෙන් නො හොවී, නුපුබුදී, සිහින නො දකී.
Pali BJTපඤ්චන්නං විඤ්ඤාණානං සමනන්තරාපි න සුපති න පටිබුජ්ඣති: න සුපිනං පස්සතීති: පඤ්චන්නං විඤ්ඤාණානං සමනන්තරා මනොධාතුයාපි න සුපති න පටිබුජ්ඣති න සුපිනං පස්සති. එවං යාථාවකවත්ථුවිභාවනා පඤ්ඤා.
Sinhala BJTපඤ්චවිඥානයට සමනන්තර ව ද නො හොවී, නුපුබුදී, සිහින නො දකී යනු: පඤ්චවිඥානයට සමනන්තර වූ මනෝධාතුයෙනුදු නො හොවී, නුපුබුදී, සිහින නො දකී. මෙසේ ඇති සැටියෙන් වස්තූන් ප්‍රකට කරන ප්‍රඥාව වෙයි.
Pali BJTඑවං එකවිධෙන ඤාණවත්ථු.
Sinhala BJTමෙසේ එක් ප්‍රකාරයෙන් ඥානවස්තු වේ.
Pali BJTඑකකං.
Sinhala BJTඑකක යි.
Pali BJT818. තීසු භූමිසු කුසලාව්යාකතෙ පඤ්ඤා ලොකියා පඤ්ඤා, චතුසු මග්ගෙසු චතුසු ඵලෙසු පඤ්ඤා ලොකුත්තරා පඤ්ඤා.
Sinhala BJT818. තුන් භූමියෙහි කුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව ලෞකිකප්‍රඥා ය, සතර මාර්‍ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව ලෝකෝත්තරප්‍රඥා යි.
Pali BJTසබ්බාව පඤ්ඤා කෙනචි විඤ්ඤෙය්යා, කෙනචි න විඤ්ඤෙය්යා.
Sinhala BJTහැම ප්‍රඥාව කිසි විඥානයෙකින් දතයුතු ය, කිසි විඥානයෙකින් නො දත යුතු ය.
Pali BJTතීසු භූමිසු කුසලාව්යාකතෙ පඤ්ඤා සාසවා පඤ්ඤා, චතුසු මග්ගෙසු චතුසු ඵලෙසු පඤ්ඤා අනාසවා පඤ්ඤා.
Sinhala BJTතුන් භූමියෙහි කුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව සාස්‍රව ප්‍රඥා ය, සතර මාර්‍ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව අනාස්‍රවප්‍රඥා යි.
Pali BJTතීසු භූමිසු කුසලාව්යාකතෙ පඤ්ඤා ආසවවිප්පයුත්තා සාසවා පඤ්ඤා, චතුසු මග්ගෙසු චතුසු ඵලෙසු පඤ්ඤා ආසවවිප්පයුත්තා අනාසවා පඤ්ඤා.
Sinhala BJTතුන් භූමියෙහි කුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව ආස්‍රවවිප්‍රයුක්තසාස්‍රවප්‍රඥා ය, සතර මාර්‍ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව ආස්‍රවවිප්‍රයුක්තඅනාස්‍රවප්‍රඥා යි.
Pali BJTතීසු භූමිසු කුසලාව්යාකතෙ පඤ්ඤා සංයොජනියා පඤ්ඤා, චතුසු මග්ගෙසු චතුසු ඵලෙසු පඤ්ඤා අසංයොජනියා පඤ්ඤා.
Sinhala BJTතුන් භූමියෙහි කුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව සංයෝජනියප්‍රඥා ය, සතර මාර්‍ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව අසංයෝජනියප්‍රඥා යි.
Pali BJTතීසු භූමිසු කුසලාව්යාකතෙ පඤ්ඤා සංයොජනවිප්පයුත්තා සංයොජනියා පඤ්ඤා, චතුසු මග්ගෙසු චතුසු ඵලෙසු පඤ්ඤා සංයොජන විප්පයුත්තා අසංයොජනියා පඤ්ඤා.
Sinhala BJTතුන් භූමියෙහි කුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව සංයෝජනවිප්‍රයුක්තසංයෝජනියප්‍රඥා ය, සතර මාර්‍ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව සංයෝජනවිප්‍රයුක්තඅසංයෝජනියප්‍රඥා යි.
Pali BJTතීසු භූමිසු කුසලාව්යාකතෙ පඤ්ඤා ගන්ථනීයා පඤ්ඤා, චතුසු මග්ගෙසු චතුසු ඵලෙසු පඤ්ඤා අගන්ථනීයා පඤ්ඤා.
Sinhala BJTතුන් භූමියෙහි කුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව ග්‍රන්‍ථනීයප්‍රඥා ය, සතර මාර්‍ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව අග්‍රන්‍ථනීයප්‍රඥා යි.
Pali BJTතීසු භූමිසු කුසලාව්යාකතෙ පඤ්ඤා ගන්ථවිප්පයුත්තා ගන්ථනීයා පඤ්ඤා, චතුසු මග්ගෙසු චතුසු ඵලෙසු පඤ්ඤා ගන්ථවිප්පයුත්තා අගන්ථනීයා පඤ්ඤා.
Sinhala BJTතුන් භූමියෙහි කුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව ග්‍රන්‍ථවිප්‍රයුක්තග්‍රන්‍ථනීයප්‍රඥා ය, සතර මාර්‍ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව ග්‍රන්‍ථවිප්‍රයුක්තඅග්‍රන්‍ථනීයප්‍රඥා යි.
Pali BJTතීසු භූමිසු කුසලාව්යාකතෙ පඤ්ඤා ඔඝනීයා පඤ්ඤා, චතුසු මග්ගෙසු චතුසු ඵලෙසු පඤ්ඤා අනොඝනීයා පඤ්ඤා.
Sinhala BJTතුන් භූමියෙහි කුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව ඕඝනීයප්‍රඥා ය, සතර මාර්‍ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව අනෝඝනීයප්‍රඥා යි.
Pali BJTතීසු භූමිසු කුසලාව්යාකතෙ පඤ්ඤා ඔඝවිප්පයුත්තා ඔඝනීයා පඤ්ඤා, චතුසු මග්ගෙසු චතුසු ඵලෙසු පඤ්ඤා ඔඝවිප්පයුත්තා අනොඝනීයා පඤ්ඤා.
Sinhala BJTතුන් භූමියෙහි කුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව ඕඝවිප්‍රයුක්තඕඝනීයප්‍රඥා ය, සතර මාර්‍ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව ඕඝවිප්‍රයුක්තඅනෝඝනීයප්‍රඥා යි.
Pali BJTතීසු භූමිසු කුසලාව්යාකතෙ පඤ්ඤා යොගනීයා පඤ්ඤා, චතුසු මග්ගෙසු චතුසු ඵලෙසු පඤ්ඤා අයොගනීයා පඤ්ඤා.
Sinhala BJTතුන් භූමියෙහි කුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව යෝගනීයප්‍රඥා ය, සතර මාර්‍ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව අයෝගනීයප්‍රඥා යි.
Pali BJTතීසු භූමිසු කුසලාව්යාකතෙ පඤ්ඤා යොගවිප්පයුත්තා යොගනීයා පඤ්ඤා, චතුසු මග්ගෙසු චතුසු ඵලෙසු පඤ්ඤා යෙගවිප්පයුත්තා අයොගනීයා පඤ්ඤා.
Sinhala BJTතුන් භූමියෙහි කුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව යෝගවිප්‍රයුක්තයෝගනීයප්‍රඥා ය, සතර මාර්‍ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව යෝගවිප්‍රයුක්තඅයෝගනීයප්‍රඥා යි.
Pali BJTතීසු භූමිසු කුසලාව්යාකතෙ පඤ්ඤා නීවරණියා පඤ්ඤා, චතුසු මග්ගෙසු චතුසු ඵලෙසු පඤ්ඤා අනීවරණියා පඤ්ඤා.
Sinhala BJTතුන් භූමියෙහි කුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව නීවරණියප්‍රඥා ය, සතර මාර්‍ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව අනීවරණියප්‍රඥා යි.
Pali BJTතීසු භූමිසු කුසලාව්යාකතෙ පඤ්ඤා නීවරණවිප්පයුත්තා නීවරණියා පඤ්ඤා, චතුසු මග්ගෙසු චතුසු ඵලෙසු පඤ්ඤා නීවරණවිප්පයුත්තා අනීවරණියා පඤ්ඤා.
Sinhala BJTතුන් භූමියෙහි කුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව නීවරණවිප්‍රයුක්තනීවරණියප්‍රඥා ය, සතර මාර්‍ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව නීවරණවිප්‍රයුක්තඅනීවරණියප්‍රඥා යි.
Pali BJTතීසු භූමිසු කුසලාව්යාකතෙ පඤ්ඤා පරාමට්ඨා පඤ්ඤා, චතුසු මග්ගෙසු චතුසු ඵලෙසු පඤ්ඤා අපරාමට්ඨා පඤ්ඤා.
Sinhala BJTතුන් භූමියෙහි කුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව පරාමෘෂ්ටප්‍රඥා ය, සතර මාර්‍ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව අපරාමෘස්ටප්‍රඥා යි.
Pali BJTතීසු භූමිසු කුසලාව්යාකතෙ පඤ්ඤා පරාමාසවිප්පයුත්තා පරාමට්ඨා පඤ්ඤා, චතුසු මග්ගෙසු චතුසු ඵලෙසු පඤ්ඤා පරාමාසවිප්පයුත්තා අපරාමට්ඨා පඤ්ඤා.
Sinhala BJT[need trans]
Pali BJTතීසු භූමිසු විපාකෙ පඤ්ඤා උපාදින්නා පඤ්ඤා, තීසු භූමිසු කුසලෙ තීසු භූමිසු කිරියාව්යාකතෙ චතුසු මග්ගෙසු චතුසු ඵලෙසු පඤ්ඤා අනුපාදින්නා පඤ්ඤා.
Sinhala BJTතුන් භූමියෙහි විපාකයෙහි ප්‍රඥාව උපාදින්නප්‍රඥා ය, තුන් භූමියෙහි කුශලයෙහි තුන් භූමියෙහි ක්‍රියාව්‍යාකෘතයෙහි සතර මාර්‍ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව අනුපාදින්නප්‍රඥා යි.
Pali BJTතීසු භූමිසු කුසලාව්යාකතෙ පඤ්ඤා උපාදානියා පඤ්ඤා, චතුසු මග්ගෙසු චතුසු ඵලෙසු පඤ්ඤා අනුපාදානියා පඤ්ඤා.
Sinhala BJTතුන් භූමියෙහි කුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව උපාදානියප්‍රඥා ය, සතර මාර්‍ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව අනුපාදානියප්‍රඥා යි.
Pali BJTතීසු භූමිසු කුසලාව්යාකතෙ පඤ්ඤා උපාදානවිප්පයුත්තා උපාදානියා පඤ්ඤා, චතුසු මග්ගෙසු චතුසු ඵලෙසු පඤ්ඤා උපාදානවිප්පයුත්තා අනුපාදානියා පඤ්ඤා.
Sinhala BJTතුන් භූමියෙහි කුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව උපාදානවිප්‍රයුක්තඋපාදානියප්‍රඥා ය, සතර මාර්‍ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව උපාදානවිප්‍රයුක්තඅනුපාදානියප්‍රඥා යි.
Pali BJTතීසු භූමිසු කුසලාව්යාකතෙ පඤ්ඤා සංකිලෙසිකා පඤ්ඤා. චතුසු මග්ගෙසු චතුසු ඵලෙසු පඤ්ඤා අසංකිලෙසිකා පඤ්ඤා.
Sinhala BJTතුන් භූමියෙහි කුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව සාංක්ලෙසිකප්‍රඥා ය, සතර මාර්‍ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව අසාංක්ලෙසිකප්‍රඥා යි.
Pali BJTතීසු භූමිසු කුසලාව්යාකතෙ පඤ්ඤා කිලෙසවිප්පයුත්තා සංකිලෙසිකා පඤ්ඤා, චතුසු මග්ගෙසු චතුසු ඵලෙසු පඤ්ඤා කිලෙසවිප්පයුත්තා අසංකිලෙසිකා පඤ්ඤා.
Sinhala BJTතුන් භූමියෙහි කුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව ක්ලේශවිප්‍රයුක්තසාංක්ලේශිකප්‍රඥා ය, සතර මාර්‍ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව ක්ලේශවිප්‍රයුක්තඅසාංක්ලේශිකප්‍රඥා යි.
Pali BJTවිතක්කසම්පයුත්තා පඤ්ඤා සවිතක්කා පඤ්ඤා, විතක්කවිප්පයුත්තා පඤ්ඤා අවිතක්කා පඤ්ඤා.
Sinhala BJTවිතර්‍කසම්ප්‍රයුක්තප්‍රඥාව සවිතර්‍කප්‍රඥා ය, විතර්‍කවිප්‍රයුක්තප්‍රඥාව අවිතර්‍කප්‍රඥා යි.
Pali BJTවිචාරසම්පයත්තා පඤ්ඤා සවිචාරා පඤ්ඤා, විචාරවිප්පයුත්තා පඤ්ඤා අවිචාරා පඤ්ඤා.
Sinhala BJTවිතර්‍කසම්ප්‍රයුක්තප්‍රඥාව සවිචාරප්‍රඥා ය, විචාරවිප්‍රයුක්තප්‍රඥාව අවිචාරප්‍රඥා යි.
Pali BJTපීතිසම්පයුත්තා පඤ්ඤා සප්පීතිකා පඤ්ඤා පීතිවිප්පයුත්තා පඤ්ඤා අප්පීතිකා පඤ්ඤා.
Sinhala BJTප්‍රීතිසම්ප්‍රයුක්තප්‍රඥාව සප්‍රීතිකප්‍රඥා ය, ප්‍රීතිවිප්‍රයුක්තප්‍රඥාව අප්‍රීතිකප්‍රඥා යි.
Pali BJTපීතිසම්පයුත්තා පඤ්ඤා පීතිසහගතා පඤ්ඤා, පීතිවිප්පයුත්තා පඤ්ඤා න පීතිසහගතා පඤ්ඤා.
Sinhala BJTප්‍රීතිසම්ප්‍රයුක්තප්‍රඥාව ප්‍රීතිසහගතප්‍රඥා ය, ප්‍රීතිවිප්‍රයුක්තප්‍රඥාව ප්‍රීතිසහගත නො වූ ප්‍රඥා යි.
Pali BJTසුඛසම්පයුත්තා පඤ්ඤා සුඛසහගතා පඤ්ඤා, සුඛවිප්පයුත්තා පඤ්ඤා න සුඛසහගතා පඤ්ඤා.
Sinhala BJTසුඛසම්ප්‍රයුක්තප්‍රඥාව සුඛසහගතප්‍රඥා ය, සුඛවිප්‍රයුක්තප්‍රඥාව සුඛසහගත නො වූ ප්‍රඥා යි.
Pali BJTඋපෙක්ඛාසම්පයුත්තා පඤ්ඤා උපෙක්ඛා සහගතා පඤ්ඤා, උපෙක්ඛා විප්පයුත්තා පඤ්ඤා න උපෙක්ඛා සහගතා පඤ්ඤා.
Sinhala BJTඋපේක්‍ෂාසම්ප්‍රයුක්තප්‍රඥාව උපේක්‍ෂාසහගතප්‍රඥා ය, උපේක්‍ෂාවිප්‍රයුක්තප්‍රඥාව උපේක්‍ෂාසහගත නො වූ ප්‍රඥා යි.
Pali BJTකාමාවචරකුසලාව්යාකතෙ පඤ්ඤා කාමාවචරා පඤ්ඤා, රූපාවචරා පඤ්ඤා අරූපාවචරා පඤ්ඤා අපරියාපන්නා පඤ්ඤා න කාමාවචරා පඤ්ඤා.
Sinhala BJTකාමාවචරකුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව කාමාවචරප්‍රඥා ය. රූපාවචරප්‍රඥා ය, අරූපාවචරප්‍රඥා ය, අපර්‍ය්‍යාපන්නප්‍රඥා ය යන මොහු කාමාවචර නො වූ ප්‍රඥා යි.
Pali BJTරූපාවචරකුසලාව්යාකතෙ පඤ්ඤා රූපාවචරා පඤ්ඤා, කාමාවචරා පඤ්ඤා අරූපාවචරා පඤ්ඤා අපරියාපන්නා පඤ්ඤා න රූපාවචරා පඤ්ඤා.
Sinhala BJTරූපාවචරකුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව රූපාවචරප්‍රඥා ය. කාමාවචරප්‍රඥා ය, අරූපාවචරප්‍රඥා ය, අපර්‍ය්‍යාපන්නප්‍රඥා ය යන මොහු රූපාවචර නො වූ ප්‍රඥා යි.
Pali BJTඅරූපාවචරකුසලාව්යාකතෙ පඤ්ඤා අරූපාවචරා පඤ්ඤා, කාමාවචරා පඤ්ඤා රූපාවචරා පඤ්ඤා අපරියාපන්නා පඤ්ඤා න අරූපාවචරා පඤ්ඤා.
Sinhala BJTඅරූපාවචරකුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව අරූපාවචරප්‍රඥා ය. කාමාවචරප්‍රඥා ය, රූපාවචරප්‍රඥා ය, අපර්‍ය්‍යාපන්න ප්‍රඥා ය යන මොහු අරූපාවචර නො වූ ප්‍රඥා යි.
Pali BJTතීසු භූමීසු කුසලාව්යාකතෙ පඤ්ඤා අපරියාපන්නා පඤ්ඤා, චතුසු මග්ගෙසු චතුසු ඵලෙසු පඤ්ඤා අපරියාපන්නා පඤ්ඤා.
Sinhala BJTතුන් භූමියෙහි කුශලාව්‍යාකෘතප්‍රඥාව පර්‍ය්‍යාපන්නප්‍රඥා ය. සතර මාර්‍ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව අපර්‍ය්‍යාපන්නප්‍රඥා යි.
Pali BJTචතුසු මග්ගෙසු පඤ්ඤා නිය්යානිකා පඤ්ඤා, තීසු භූමීසු කුසලෙ චතුසු භූමීසු විපාකෙ තීසු භූමීසු කිරියාව්යාකතෙ පඤ්ඤා අනිය්යානිකා පඤ්ඤා.
Sinhala BJTසතර මාර්‍ගයෙහි ප්‍රඥාව නෛර්‍ය්‍යාණිකප්‍රඥා ය. තුන් භූමියෙහි කුශලයෙහි, සතර භූමියෙහි විපාකයෙහි, තුන් භූමියෙහි ක්‍රියාව්‍යාකෘතප්‍රඥාව අනෛර්‍ය්‍යාණිකප්‍රඥා යි.
Pali BJTචතුසු මග්ගෙසු පඤ්ඤා නියතා පඤ්ඤා, තීසු භූමීසු කුසලෙ චතුසු භූමීසු විපාකෙ තීසු භූමීසු කිරියාව්යාකතෙ පඤ්ඤා අනියතා පඤ්ඤා.
Sinhala BJTසතර මාර්‍ගයෙහි ප්‍රඥාව නියත වූ ප්‍රඥා ය. ත්‍රෛභූමකකුශලයෙහි, චාතුර්භූමක විපාකයෙහි, චාතුර්භූමකක්‍රියාව්‍යාකෘතයෙහි ප්‍රඥාව අනියත වූ ප්‍රඥා යි.
Pali BJTතීසු භූමීසු කුසලාව්යාකතෙ පඤ්ඤා සඋත්තරා පඤ්ඤා, චතුසු මග්ගෙසු චතුසු ඵලෙසු පඤ්ඤා අනුත්තරා පඤ්ඤා.
Sinhala BJTත්‍රෛභූමකකුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව සඋත්තරප්‍රඥා ය, සතර මාර්‍ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව අනුත්තරප්‍රඥා යි.
Pali BJTතත්ථ කතමා අත්ථජාපිකා පඤ්ඤා: චතුසු භූමීසු කුසලෙ අරහතො අභිඤ්ඤං උප්පාදෙන්තස්ස සමාපත්තිං උප්පාදෙන්තස්ස කිරියාව්යාකතෙ පඤ්ඤා අත්ථජාපිකා පඤ්ඤා, චතුසු භූමීසු විපාකෙ අරහතො උප්පන්නාය අභිඤ්ඤාය උප්පන්නාය සමාපත්තියා කිරියාබ්යාකතෙ පඤ්ඤා ජාපිතත්ථා පඤ්ඤා.
Sinhala BJTඑහි අර්‍ත්‍ථොත්පාදකප්‍රඥාව කවර යත්: (ශෛක්‍ෂපෘතග්ජනයන්ගේ) චාතුර්භූමක කුශලයෙහි, අභිඥා උපදවන්නා වූ සමාපත්ති උපදවන්නා වූ රහත්හුගේ ක්‍රියාව්‍යාකෘතයෙහි ප්‍රඥාව අර්‍ත්‍ථොත්පාදකප්‍රඥා ය, චාතුර්භූමකවිපාකයෙහි, රහත්හුගේ උපන් අභිඥායෙහි, උපන් සමාපත්තියෙහි ක්‍රියාව්‍යාකෘතප්‍රඥාව උත්පාදිතාර්‍ත්‍ථප්‍රඥා යි.
Pali BJTඑවං දුවිධෙන ඤාණවත්ථු.
Sinhala BJTමෙසේ ද්විප්‍රකාරයෙන් ඥානවස්තු වේ.
Pali BJTදුකං.
Sinhala BJTද්විකයි.
Pali BJT819. තත්ථ කතමා චින්තාමයා පඤ්ඤා: යොගවිහිතෙසු වා කම්මායතනෙසු යොගවිහිතෙසු වා සිප්පායතනෙසු යොගවිහිතෙසු වා විජ්ජාට්ඨානෙසු කම්මස්සකතං වා සච්චානුලොමිකං වා රූපං අනිච්චන්ති වා වෙදනා අනිච්චාති වා සඤ්ඤා අනිච්චාති වා සඞ්ඛාරා අනිච්චාති වා විඤ්ඤාණං අනිච්චන්ති වා යං එවරූපිං අනුලොමිකං ඛන්තිං දිට්ඨිං රුචිං මුතිං{1} පෙක්ඛං ධම්මනිජ්ඣානක්ඛන්තිං පරතො අසුත්වා පටිලභති, අයං වුච්චති චින්තාමයා පඤ්ඤා. තත්ථ කතමා සුතමයා පඤ්ඤා. යොගවිහිතෙසු වා කම්මායතනෙසු යොගවිහිතෙසු වා සිප්පායතනෙසු යොගවිහිතෙසු වා විජ්ජාට්ඨානෙසු කම්මස්සකතං වා සච්චානුලොමිකං වා රූපං අනිච්චන්ති වා වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං අනිච්චන්ති වා යං එවරූපිං අනුලොමිකං ඛන්තිං දිට්ඨිං රුචිං මුතිං පෙක්ඛං ධම්මනිජ්ඣානක්ඛන්තිං පරතො සුත්වා පටිලභති, අයං වුච්චති සුතමයා පඤ්ඤා. සබ්බාපි සමාපන්නස්ස පඤ්ඤා භාවනාමයා පඤ්ඤා.
Sinhala BJT819. එහි චින්තාමයප්‍රඥා කවර යත්: ප්‍රඥායෙන් කරන ලද (යෝගවිහිත) කර්‍මායතනයෙහි හෝ ප්‍රඥායෙන් කරන ලද ශිල්පායතනයෙහි හෝ ප්‍රඥායෙන් කරන ලද විද්‍යායෙහි හෝ කර්‍මස්වකතා වූ හෝ සත්‍යානුලෝමික වූ හෝ ‘රූපය අනිත්‍ය’ යි හෝ ‘වේදනාව අනිත්‍ය’ යි හෝ ‘සංඥාව අනිත්‍ය’ යි හෝ ‘සංස්කාරයෝ අනිත්‍යහ’ යි හෝ ‘විඥානය අනිත්‍ය’ යි හෝ මෙබඳු වූ යම් අනුලෝමික ක්‍ෂාන්තියක් දෘෂ්ටියක් රුචියක් මුතියක් ප්‍රේක්‍ෂාවක් ධර්‍මනිධ්‍යානක්‍ෂාන්තියක් මෙරමාගෙන් නො අසා ලබා ද, මේ ‘චින්තාමයප්‍රඥා’ යි කියනු ලැබේ. එහි ශ්‍රැතමයප්‍රඥා කවර යත්: ප්‍රඥායෙන් කරන ලද කර්‍මායතනයෙහි හෝ ප්‍රඥායෙන් කරන ලද ශිල්පායතනයෙහි හෝ ප්‍රඥායෙන් කරන ලද විද්‍යායෙහි හෝ කර්‍මස්වකතා වූ හෝ සත්‍යානුලෝමික වූ හෝ ‘රූපය අනිත්‍ය’ යි හෝ ‘වේදනාව ... සංඥාව ... සංස්කාරය ... විඥානය අනිත්‍ය’ යි හෝ මෙබඳු වූ යම් අනුලෝමික ක්‍ෂාන්තියක් දෘෂ්ටියක් රුචියක් මුතියක් ප්‍රේක්‍ෂාවක් ධර්‍මනිධ්‍යානක්‍ෂාන්තියක් මෙරමාගෙන් අසා ලබා ද, මේ ‘ශ්‍රැතමයප්‍රඥා’ යි කියනු ලැබේ. හැම සමාපන්නයාගේ හැම ප්‍රඥාව ‘භාවනාමයප්‍රඥා’ නම් වේ.
Pali BJTතත්ථ කතමා දානමයා පඤ්ඤා: දානං ආරබ්භ දානාධිගච්ඡ යා උප්පජ්ජති පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, අයං වුච්චති දානමයා පඤ්ඤා. තත්ථ කතමා සීලමයා පඤ්ඤා: සීලං ආරබ්භ සීලාධිගච්ඡ යා උප්පජ්ජති පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, අයං වුච්චති සීලමයා පඤ්ඤා. සබ්බාපි සමාපන්නස්ස පඤ්ඤා භාවනාමයා පඤ්ඤා.
Sinhala BJTඑහි දානමයප්‍රඥා කවර යත්: දානචේතනාව ඇරැබැ දානචෙතනාවට පැමිණ යම් ප්‍රඥාවක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් උපදී ද මේ දානමයප්‍රඥා යි කියනු ලැබේ. එහි ශීලමයප්‍රඥා කවර යත්: ශීලචේතනාව නිසා ශීලචෙතනාවට පැමිණ යම් ප්‍රඥාවක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් උපදී ද මේ ‘ශීලමයප්‍රඥා’ යයි කියනු ලැබේ. සමාපන්නයාගේ හැම ප්‍රඥාව භාවනාමයප්‍රඥා නම් වේ.
Pali BJTතත්ථ කතමා අධිසීලෙ පඤ්ඤා: පාතිමොක්ඛසංවරසංවුතස්ස{1} යා උප්පජ්ජති පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, අයං වුච්චති අධිසීලෙ පඤ්ඤා.
Sinhala BJTඑහි අධිශීලයෙහි ප්‍රඥා කවර යත්: ප්‍රාතිමෝක්‍ෂසංවරය රක්නහුට යම් ප්‍රඥාවක් ප්‍රජානනාකාරයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් උපදී ද, මේ ‘අධිශීලයෙහි ප්‍රඥා’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා අධිචිත්තෙ පඤ්ඤා: රූපාවචරාරූපාවචරසමාපත්තිං සමාපජ්ජන්තස්ස යා උප්පජ්ජති පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, අයං වුච්චති අධිචිත්තෙ පඤ්ඤා.
Sinhala BJTඑහි අධිචිත්තයෙහි ප්‍රඥා කවර යත්: රූපාවචරඅරූපාවචර සමවත් සමවදනහුට යම් ප්‍රඥාවක් ප්‍රජානනාකාරයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් උපදී ද, මේ ‘අධිචිත්තයෙහි ප්‍රඥා’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා අධිපඤ්ඤාය පඤ්ඤා: චතුසු මග්ගෙසු චතුසු ඵලෙසු පඤ්ඤා, අයං වුච්චති අධිපඤ්ඤාය පඤ්ඤා.
Sinhala BJTඑහි අධිප්‍රඥායෙහි ප්‍රඥා කවර යත්: සතර මාර්‍ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාවය. මේ ‘අධිප්‍රඥාවෙහි ප්‍රඥා’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං ආයකොසල්ලං: ඉමෙ ධම්මෙ මනසිකරොතො අනුප්පන්නා චෙව අකුසලා ධම්මා න උප්පජ්ජන්ති. උප්පන්නා ච අකුසලා ධම්මා පහීයන්ති, ඉමෙ වා පනිමෙ ධම්මෙ මනසිකරොතො අනුප්පන්නා චෙව කුසලා ධම්මා උප්පජ්ජන්ති, උප්පන්නා ච කුසලා ධම්මා භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සංවත්තන්තීති යා තත්ථ පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, ඉදං වුච්චති අපායකොසල්ලං.
Sinhala BJTඑහි ආයකෞශල්‍යය කවරෙ යත්: මේ ධර්‍මයන් මෙනෙහි කරනුවහුට නූපන් අකුශලධර්‍මයෝත් නූපදිති උපන් අකුශලධර්‍මයෝත් ප්‍රහීණ වෙති, යළි මේ ධර්‍මයන් මෙනෙහි කරනුවහුට නූපන් කුශලධර්‍මයෝත් නූපදිති, උපන් කුශලධර්‍මයෝත් බහුල බවට විපුල බවට භාවනායෙන් වැඩීමට පැමිණෙති, එහි යම් ප්‍රඥාවක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද මේ ‘ආයකෞශල්‍යය’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං අපායකොසල්ලං: ඉමෙ ධම්මෙ මනසිකරොතො අනුප්පන්නා චෙව කුසලා ධම්මා න උප්පජ්ජන්ති. උප්පන්නා ච කුසලා ධම්මා නිරුජ්ඣන්ති ඉමෙ වා පනිමෙ ධම්මෙ මනසිකරොතො අනුප්පන්නා චෙව අකුසලා ධම්මා උප්පජ්ජන්ති, උප්පන්නා ච අකුසලා ධම්මා භිය්යොභාවාය වෙපුල්ලාය සංවත්තන්තීති යා තත්ථ පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, ඉදං වුච්චති අපායකොසල්ලං.
Sinhala BJTඑහි අපායකෞශල්‍යය කවරෙ යත්: මේ ධර්‍මයන් මෙනෙහි කරනුවහුට නූපන් කුශලධර්‍මයෝත් නූපදිති, උපන් කුශලධර්‍මයෝත් නිරුද්ධ වෙති, යළි මේ ධර්‍මයන් මෙනෙහි කරනුවහුට නූපන් අකුශලධර්‍මයෝත් උපදිති, උපන් අකුශලධර්‍මයෝත් බහුල බවට විපුල බවට පැමිණෙති, එහි යම් ප්‍රඥාවක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද මේ ‘අපායකෞශල්‍ය’ යි කියනු ලැබේ.
Pali BJTසබ්බාපි තත්රූපායා පඤ්ඤා උපායකොසල්ලං.
Sinhala BJTසියලු ම ඒ ඒ තැන්හි උපායප්‍රඥාව උපායකෞශල්‍ය නම් වේ.
Pali BJTචතුසු භූමිසු විපාකෙ පඤ්ඤා විපාකා පඤ්ඤා, චතුසු භූමිසු කුසලෙ පඤ්ඤා විපාකධම්මධම්මා පඤ්ඤා, තීසු භූමීසු කිරියාව්යාකතෙ පඤ්ඤා නෙවවිපාකනවිපාකධම්මධම්මා පඤ්ඤා.
Sinhala BJTසිවු බිම්හි විපාකයෙහි ප්‍රඥාව විපාකප්‍රඥා නම, සිවු බිම්හි කුශලයෙහි ප්‍රඥාව ‘විපාකස්වභාවධර්‍මප්‍රඥා’ නම, තුන් බිම්හි ක්‍රියාව්‍යාකෘතයෙහි ප්‍රඥාව ‘නෛවවිපාකනවිපාකස්වභාවධර්‍මප්‍රඥා’ නම් වේ.
Pali BJTතීසු භූමීසු විපාකෙ පඤ්ඤා උපාදින්නුපාදානියා පඤ්ඤා, තීසු භූමීසු කුසලෙ තීසු භූමීසු කිරියාව්යාකතෙ පඤ්ඤා අනුපාදින්නුපාදානියා ඤ්ඤා, චතුසු මග්ගෙසු චතුසු ඵලෙසු පඤ්ඤා අනුපාදින්නඅනුපාදානියා පඤ්ඤා.
Sinhala BJTතුන් බිම්හි විපාකයෙහි ප්‍රඥාව ‘උපාදින්නෝපාදානියප්‍රඥා’ නම, තුන් බිම්හි කුශලයෙහි, තුන් බිම්හි ක්‍රියාව්‍යාකෘතයෙහි ප්‍රඥාව ‘අනුපාදින්නෝපාදානියප්‍රඥා’ නම. සතර මාර්‍ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව ‘අනුපාදින්නඅනුපාදානියප්‍රඥා’ නම් වේ.
Pali BJTවිතක්කවිචාරසම්පයුත්තා පඤ්ඤා සවිතක්කසවිචාරා පඤ්ඤා, විතක්ක විප්පයුත්තා විචාරසම්පයුත්තා පඤ්ඤා අවිතක්කවිචාරමත්තා පඤ්ඤා, විතක්කවිචාරවිප්පයුත්තා පඤ්ඤා අවිතක්කඅවිචාරා පඤ්ඤා.
Sinhala BJTවිතර්‍කවිචාරයන් හා සම්ප්‍රයුක්ත ප්‍රඥාව ‘සවිතර්‍කසවිචාරප්‍රඥා’ නම. විතර්‍ක විප්‍රයුක්ත වූ විචාරය හා සම්ප්‍රයුක්ත වූ ප්‍රඥාව ‘අවිතර්‍කවිචාරමාත්‍ර ප්‍රඥා’ නම. විතර්‍ක විචාරයෙන් විප්‍රයුක්ත වූ ප්‍රඥාව ‘අවිතර්‍කඅවිචාරප්‍රඥා’ නම් වේ.
Pali BJTපීතිසම්පයුත්තා පඤ්ඤා පීතිසහගතා පඤ්ඤා, සුඛසම්පයුත්තා පඤ්ඤා සුඛසහගතා පඤ්ඤා, උපෙක්ඛාසම්පයුත්තා පඤ්ඤා උපෙක්ඛාසහගතා පඤ්ඤා.
Sinhala BJTප්‍රීතිය හා සම්ප්‍රයුක්ත වූ ප්‍රඥාව ‘ප්‍රීතිසහගතප්‍රඥා’ නම. සුඛය හා සම්ප්‍රයුක්ත වූ ප්‍රඥාව ‘සුඛසහගතප්‍රඥා’ නම. උපේක්‍ෂාව හා සම්ප්‍රයුක්ත වූ ප්‍රඥාව ‘උපේක්‍ෂාසහගතප්‍රඥා’ නම් වේ.
Pali BJTතීසු භූමීසු කුසලෙ පඤ්ඤා ආචයගාමිනී පඤ්ඤා, චතුසු මග්ගෙසු පඤ්ඤා අපචයගාමිනී පඤ්ඤා, චතුසු භූමිසු විපාකෙ තීසු භූමීසු කිරියාව්යාකතෙ පඤ්ඤා නෙව ආචයගාමීනාපචයගාමිනී පඤ්ඤා.
Sinhala BJTතුන් බිම්හි කුශලයෙහි ප්‍රඥාව ‘ආචයගාමිනීප්‍රඥා’ නම. සතර මාර්‍ගයෙහි ප්‍රඥාව ‘අපචයගාමිනීප්‍රඥා’ නම. සතර බිම්හි විපාකයෙහි, තුන් බිම්හි ක්‍රියාව්‍යාකෘතයෙහි ප්‍රඥාව ‘නෛවාචයගාමීනාපචයගාමිනීප්‍රඥා’ නම් වේ.
Pali BJTචතුසු මග්ගෙසු තීසු ඵලෙසු පඤ්ඤා සෙක්ඛා පඤ්ඤා, උපරිට්ඨිමා අරහත්තඵලෙ පඤ්ඤා අසෙක්ඛා පඤ්ඤා, තීසු භූමිසු කුසලෙ තීසු භූමිසු විපාකෙ තීසු භූමීසු කිරියාව්යාකතෙ පඤ්ඤා නෙවසෙක්ඛානාසෙක්ඛා පඤ්ඤා.
Sinhala BJTසතර මාර්‍ගයෙහි තුන් ඵලයෙහි ප්‍රඥාව ‘ශෛක්‍ෂප්‍රඥා’ නම. මත්තෙහි වූ අර්‍හත්‍ව ඵලයෙහි ප්‍රඥාව ‘අශෛක්‍ෂප්‍රඥා’ නම. තුන් බිම්හි කුශලයෙහි, තුන් බිම්හි විපාකයෙහි තුන් බිම්හි ක්‍රියාව්‍යාකෘතයෙහි ප්‍රඥාව ‘නෛවශෛක්‍ෂනාශෛක්‍ෂප්‍රඥා’ නම් වේ.
Pali BJTකාමාවචරකුසලාව්යාකතෙ පඤ්ඤා පරිත්තා පඤ්ඤා, රූපාවචරාරූපාවචරකුසලාව්යාකතෙ පඤ්ඤා මහග්ගතා පඤ්ඤා, චතුසු මග්ගෙසු චතුසු ඵලෙසු පඤ්ඤා අප්පමාණා පඤ්ඤා.
Sinhala BJTකාමාවචරකුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව ‘පරිත්තප්‍රඥා’ නම, රූපාවචරඅරූපාවචරකුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව ‘මහද්ගතප්‍රඥා’ නම, සතර මාර්‍ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව ‘අප්‍රමාණප්‍රඥා’ නම් වේ.
Pali BJTතත්ථ කතමා පරිත්තාරම්මණා පඤ්ඤා: පරිත්තෙ ධම්මෙ ආරබ්භ යා උප්පජ්ජති පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි අයං වුච්චති පරිත්තාරම්මණා පඤ්ඤා, තත්ථ කතමා මහග්ගතාරම්මණා පඤ්ඤා: මහග්ගතෙ ධම්මෙ ආරබ්භ යා උප්පජ්ජති පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, අයං වුච්චති මහග්ගතාරම්මණා පඤ්ඤා. තත්ථ කතමා අප්පමාණාරම්මණා පඤ්ඤා: අප්පමාණෙ ධම්මෙ ආරබ්භ යා උප්පජ්ජති පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, අයං වුච්චති අප්පමාණාරම්මණා පඤ්ඤා.
Sinhala BJTඑහි පරිත්තාලම්බනප්‍රඥා කවර යත්: පරිත්තධර්‍මයන් නිසා යම් ප්‍රඥාවක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් උපදී ද, මේ ‘පරිත්තාලම්බනප්‍රඥා’ යි කියනු ලැබේ. එහි මහද්ගතාලම්බනප්‍රඥා කවර යත්: මහද්ගතධර්‍මයන් නිසා යම් ප්‍රඥාවක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘මහද්ගතාලම්බනප්‍රඥා’ යි කියනු ලැබේ. එහි අප්‍රමාණාලම්බනප්‍රඥා කවර යත්: අප්‍රමාණධර්‍මයන් නිසා යම් ප්‍රඥාවක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘අප්‍රමාණාලම්බනප්‍රඥා’ යි කියනු ලැබේ.
Pali BJTතත කතමා මග්ගාරම්මණා පඤ්ඤා: අරියමග්ගං ආරබ්භ යා උප්පජ්ජති පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, අයං වුච්චති මග්ගාරම්මණා පඤ්ඤා. චතුසු මග්ගෙසු පඤ්ඤා මග්ගහෙතුකා පඤ්ඤා. තත්ථ කතමා මග්ගාධිපතිනී පඤ්ඤා: අරියමග්ගං අධිපතිං කරිත්වා යා උප්පජ්ජති පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, අයං වුච්චති මග්ගාධිපතිනී පඤ්ඤා.
Sinhala BJTඑහි මාර්‍ගාලම්බනප්‍රඥාව කවර යත්: ආර්‍ය්‍යමාර්‍ගය නිසා යම් ප්‍රඥාවක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් උපදී ද, මේ ‘මාර්‍ගාලම්බනප්‍රඥා’ යි කියනු ලැබේ. එහි මාර්‍ගාධිපතිප්‍රඥා කවර යත්: ආර්‍ය්‍යමාර්‍ගය අධිපති කොට ගෙන යම් ප්‍රඥාවක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘මාර්‍ගාධිපතිප්‍රඥා’ යි කියනු ලැබේ.
Pali BJTචතුසු භූමිසු විපාකෙ පඤ්ඤා සියා උප්පන්නා සියා උප්පාදිනී, න වත්තබ්බා අනුප්පන්නාති. චතුසු භූමිසු කුසලෙ, තීසු භූමිසු කිරියා බ්යාකතෙ පඤ්ඤා සියා උප්පන්නා සියා අනුප්පන්නා, න වත්තබ්බා උප්පාදිනීති.
Sinhala BJTසිවු බිම්හි විපාකයෙහි ප්‍රඥාව උත්පන්න ද වන්නේ ය, උත්පාදී ද වන්නේ යි. ‘අනුත්පන්න’ යි නො කියයුතු ය. සිවු බිම්හි කුශලයෙහි, තුන් බිම්හි ක්‍රියාව්‍යාකෘතයෙහි ප්‍රඥාව උත්පන්න ද වන්නේ ය, අනුත්පන්න ද වන්නේ යි. ‘උත්පාදී’ යි නො කියයුතුයි.
Pali BJTසබ්බාව පඤ්ඤා සියා අතීතා සියා අනාගතා සියා පච්චුප්පන්නා.
Sinhala BJTහැම ප්‍රඥාව අතීත ද වන්නේ ය, අනාගත ද වන්නේ ය, ප්‍රත්‍යුත්පන්න ද වන්නේ යි.
Pali BJTතත්ථ කතමා අතීතාරම්මණා පඤ්ඤා: අතීතෙ ධම්මෙ ආරබ්භ යා උප්පජ්ජති පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි අයං වුච්චති අතීතාරම්මණා පඤ්ඤා. තත්ථ කතමා අනාගතාරම්මණා පඤ්ඤා: අනාගතෙ ධම්මෙ ආරබ්භ යා උප්පජ්ජති පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, අයං වුච්චති අනාගතාරම්මණා පඤ්ඤා. තත්ථ කතමා පච්චුප්පන්නාරම්මණා පඤ්ඤා: පච්චුප්පන්නෙ ධම්මෙ ආරබ්භ යා උප්පජ්ජති පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, අයං වුච්චති පච්චුප්පන්නාරම්මණා පඤ්ඤා.
Sinhala BJTඑහි අතීතාලම්බනප්‍රඥා කවර යත්: අතීතධර්‍මයන් නිසා යම් ප්‍රඥාවක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘ අතීතාලම්බනප්‍රඥා ’ යි කියනු ලැබේ. එහි අනාගතාලම්බනප්‍රඥා කවර යත්: අනාගතධර්‍මයන් නිසා යම් ප්‍රඥාවක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘අනාගතාලම්බනප්‍රඥා’ යි කියනු ලැබේ. එහි ප්‍රත්‍යුත්පන්නාලම්බනප්‍රඥා කවර යත්: ප්‍රත්‍යුත්පන්නධර්‍මයන් නිසා යම් ප්‍රඥාවක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘ප්‍රත්‍යුත්පන්නාලම්බනප්‍රඥා’ යි කියනු ලැබේ.
Pali BJTසබ්බාව පඤ්ඤා සියා අජ්ඣත්තා සියා බහිද්ධා සියා අජ්ඣත්තබහිද්ධා.
Sinhala BJTහැම ප්‍රඥාව අධ්‍යාත්ම ද වන්නේ ය, බාහිර ද වන්නේ ය, අධ්‍යාත්මබාහිර ද වන්නේ යි.
Pali BJTතත්ථ කතමා අජ්ඣත්තාරම්මණා පඤ්ඤා: අජ්ඣත්තෙ ධම්මෙ ආරබ්භ යා උප්පජ්ජති පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, අයං වුච්චති අජ්ඣත්තාරම්මණා පඤ්ඤා. තත්ථ කතමා බහිද්ධාරම්මණා පඤ්ඤා: බහිද්ධා ධම්මෙ ආරබ්භ යා උප්පජ්ජති පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, අයං වුච්චති බහිද්ධාරම්මණා පඤ්ඤා. තත්ථ කතමා අජ්ඣත්තබහිද්ධාරම්මණා පඤ්ඤා: අජ්ඣත්තබහිද්ධා ධම්මෙ ආරබ්භ යා උප්පජ්ජති පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, අයං වුච්චති අජ්ඣත්තබහිද්ධාරම්මණා පඤ්ඤා.
Sinhala BJTඑහි අධ්‍යාත්මාලම්බනප්‍රඥා කවර යත්: අධ්‍යාත්මධර්‍මයන් නිසා යම් ප්‍රඥාවක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘අධ්‍යාත්මාලම්බනප්‍රඥා’ යි කියනු ලැබේ. එහි බාහිරාලම්බනප්‍රඥා කවර යත්: බාහිරධර්‍මයන් නිසා යම් ප්‍රඥාවක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘බාහිරාලම්බනප්‍රඥා’ යි කියනු ලැබේ. එහි අධ්‍යාත්මබාහිරාලම්බනප්‍රඥා කවර යත්: අධ්‍යාත්මබාහිරධර්‍මයන් නිසා යම් ප්‍රඥාවක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘අධ්‍යාත්මබාහිරාලම්බනප්‍රඥා’ යි කියනු ලැබේ.
Pali BJTඑවං තිවිධෙන ඤාණවත්ථු.
Sinhala BJTමෙසේ ත්‍රිප්‍රකාරයෙන් ඥානවස්තු වේ.
Pali BJTතිකං
Sinhala BJTත්‍රික යි.
Pali BJT820. තත්ථ කතමං කම්මස්සකතං ඤාණං: අත්ථි දින්නං, අත්ථි යිට්ඨං, අත්ථි හුතං, අත්ථි සුකටදුක්කමානං කම්මානං ඵලං විපාකො, අත්ථි අයං ලොකො, අත්ථි පරො ලොකො, අත්ථි මාතා, අත්ථි පිතා, අත්ථි සත්තා ඔපපාතිකා, අත්ථි ලොකෙ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මා පටිපන්නා, යෙ ඉමං ච ලොකං පරං ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තීති යා එවරූපා පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි ඉදං වුච්චති කම්මස්සකතං ඤාණං. ඨපෙත්වා සච්චානුලොමිකං ඤාණං සබ්බාපි සාසවා කුසලා පඤ්ඤා කම්මස්සකතං ඤාණං. තත්ථ කතමං සච්චානුලොමිකං ඤාණං: රූපං අනිච්චන්ති වා වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං අනිච්චන්ති වා යා එවරූපී අනුලොමිකා ඛන්ති දිට්ඨි රුචි මුති{1} පෙක්ඛා ධම්මනිජ්ඣානක්ඛන්ති ඉදං වුච්චති සච්චානුලොමිකං ඤාණං. චතුසු මග්ගෙසු පඤ්ඤා මග්ගසමඞ්ගිස්ස ඤාණං. චතුසු ඵලෙසු පඤ්ඤා ඵලසමඞ්ගිස්ස ඤාණං. මග්ගසමඞ්ගිස්ස ඤාණං දුක්ඛෙපෙතං ඤාණං, දුක්ඛසමුදයෙපෙතං ඤාණං, දුක්ඛනිරොධෙපෙතං ඤාණං, දුක්ඛනිරොධගාමිනියා පටිපදායපෙතං ඤාණං.
Sinhala BJT820. එහි කර්‍මස්වකෘතඥාන කවරෙ යත්: ‘දුන් දැයෙහි ඵල ඇත, යාගයෙහි ඵල ඇත, පූජායෙහි ඵල ඇත, සුකෘතදුෂ්කෘතකර්‍මයන්ගේ ඵල විපාක ඇත, මෙ ලොව ඇත, පරලොව ඇත, මව් ඇත, පියා ඇත, ඕපපාතිකසත්‍වයෝ ඇත, යම් කෙනෙක් මෙ ලොව ද පරලොව ද තුමූ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරෙත් ද, එබඳු වූ සම්‍යග්ගත වූ සම්‍යක්ප්‍රතිපන්න වූ මහණබමුණෝ ඇතැ’ යි යම් මෙ බඳු වූ ප්‍රඥාවක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘කර්‍මස්වකෘතඥාන’ යි කියනු ලැබේ. සත්‍යානුලෝමිකඥානය තබා සියලු ම සාස්‍රවකුශලප්‍රඥාව කර්‍මස්වකෘතඥාන නම. එහි සත්‍යානුලෝමිකඥානය කවරෙ යත්: රූපය අනිත්‍ය යි හෝ වේදනාව - සංඥාව - සංස්කාරය - විඥානය අනිත්‍ය යි හෝ යම් මෙබඳු අනුලෝමික වූ ක්‍ෂාන්තියක් දෘෂ්ටියක් රුචියක් මුතියක් ප්‍රේක්‍ෂාවක් ධර්‍මනිධ්‍යානක්‍ෂාන්තියක් වේ ද, මේ ‘සත්‍යානුලෝමිකඥාන’ යි කියනු ලැබේ. සතර මාර්‍ගයෙහි ප්‍රඥාව මාර්‍ගසමඞ්ගීහුගේ ඥාන යි. සතර ඵලයෙහි ප්‍රඥාව ඵලසමඞ්ගීහුගේ ඥාන යි. මාර්‍ග සමඞ්ගීහුගේ (යම්) ඥානයෙක් වේ ද, තෙල දුඃඛයෙහි ඥාන ද වෙයි, දුඃඛසමුදයෙහි ඥාන ද වෙයි, දුඃඛනිරෝධයෙහි ඥාන ද වෙයි, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදායෙහි ඥාන ද වේ.
Pali BJTතත්ථ කතමං දුක්ඛෙ ඤාණං: දුක්ඛං ආරබ්භ යා උප්පජ්ජති පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, ඉදං වුච්චති දුක්ඛෙ ඤාණං. දුක්ඛසමුදයං ආරබ්භ -පෙ- දුක්ඛනිරොධං ආරබ්භ -පෙ- දුක්ඛනිරොධගාමිනිං පටිපදං ආරබ්භ යා උප්පජ්ජති පඤ්ඤාපජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, ඉදං වුච්චති දුක්ඛ නිරොධගාමිනියා පටිපදාය ඤාණං.
Sinhala BJTඑහි දුඃඛයෙහි ඥාන කවරෙ යත්: දුඃඛය නිසා යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘දුඃඛයෙහි ඥාන’ යි කියනු ලැබේ. දුඃඛසමුදය නිසා දුඃඛනිරෝධය නිසා දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාව නිසා යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් උපදී ද, මේ ‘දුක්ඛනිරෝධගාමිනීප්‍රතිපදායෙහි ඥාන’ යි කියනු ලැබේ.
Pali BJTකාමාවචරකුසලාබ්යාකතෙ පඤ්ඤා කාමාවචරා පඤ්ඤා, රූපාවචර කුසලාබ්යාකතෙ පඤ්ඤා රූපාවචරා පඤ්ඤා, අරූපාවචරකුසලාබ්යාකතෙ පඤ්ඤා අරූපාවචරා පඤ්ඤා, චතුසු මග්ගෙසු චතුසු ඵලෙසු පඤ්ඤා අපරියාපන්නා පඤ්ඤා.
Sinhala BJTකාමාවචරකුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව කාමාවචරප්‍රඥා ය, රූපාවචරකුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව රූපාවචරප්‍රඥා ය, අරූපාවචරකුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව අරූපාවචරප්‍රඥා ය, සතර මාර්‍ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව අපර්‍ය්‍යාපන්නප්‍රඥා යි.
Pali BJTතත්ථ කතමං ධම්මෙ ඤාණං: චතුසු මග්ගෙසු චතුසු ඵලෙසු පඤ්ඤා ධම්මෙ ඤාණං.
Sinhala BJTඑහි ‘ධර්‍මයෙහි ඥාන’ කවරෙ යත්: සතර මාර්‍ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව ධර්‍මයෙහි ඥානය යි.
Pali BJTසො ඉමිනා ධම්මෙන ඤාතෙන දිට්ඨෙන පත්තෙන විදිතෙන පරියොගාළ්හෙන අතීතානාගතෙ නයං නෙති යෙ පි කෙචි අතීතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා දුක්ඛං අබ්භඤ්ඤංසු, දුක්ඛසමුදයං අබ්භඤ්ඤංසු, දුක්ඛනිරොධං අබ්භඤ්ඤංසු, දුක්ඛනිරොධගාමිනීපටිපදං අබ්භඤ්ඤංසු, ඉමඤ්ඤෙව තෙ දුක්ඛං අබ්භඤ්ඤංසු, ඉමඤ්ඤෙව තෙ දුක්ඛසමුදයං අබ්භඤ්ඤංසු, ඉමඤ්ඤෙව තෙ දුක්ඛනිරොධං අබ්භඤ්ඤංසු, ඉමඤ්ඤෙව තෙ දුක්ඛනිරොධගාමිනිං පටිපදං අබ්භඤ්ඤංසු. යෙපි කෙචි අනාගතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා දුක්ඛං අභිජානිස්සන්ති, දුක්ඛසමුදයං අභිජානිස්සන්ති, දුක්ඛනිරොධං අභිජානිස්සන්ති, දුක්ඛනිරොධගාමිනී පටිපදං අභිජානිස්සන්ති, ඉමඤ්ඤෙව තෙ දුක්ඛං අභිජානිස්සන්ති. ඉමඤ්ඤෙව තෙ දුක්ඛසමුදයං අභිජානිස්සන්ති, ඉමඤ්ඤෙව තෙ දුක්ඛ නිරොධං අභිජානිස්සන්ති, ඉමඤ්ඤෙව තෙ දුක්ඛනිරොධගාමිනීපටිපදං අභිජානිස්සන්තීති යා තත්ථ පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, ඉදං වුච්චති අන්වයෙ ඤාණං.
Sinhala BJTහෙතෙම මේ දන්නා ලද, දක්නා ලද පැමිණෙන ලද ප්‍රකට කරන ලද බැසැගෙන සිටි මාර්‍ගඥාන සඞ්ඛ්‍යාත ධර්‍මයෙන් අතීතානාගතයෙහි නයසඞ්ඛ්‍යාත ප්‍රත්‍යවේක්‍ෂාඥානයට පමුණුවයි. ‘අතීතකාලයෙහි යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ දුඃඛය ප්‍රතිවේධ කළාහු ද, දුඃඛසමුදය ප්‍රතිවේධ කළාහු ද, දුඃඛනිරෝධය ප්‍රතිවේධ කළාහු ද, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාව ප්‍රතිවේධ කළාහු ද, ඔහු මෙ ම දුඃඛය ප්‍රතිවේධ කළහ, මෙ ම දුඃඛසමුදය ප්‍රතිවේධ කළහ, මෙ ම දුඃඛනිරෝධය ප්‍රතිවේධ කළහ, මෙ ම දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාව ප්‍රතිවේධ කළහ. අනාගතකාලයෙහි යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ දුඃඛය ප්‍රතිවේධ කරන්නාහු ද, දුඃඛසමුදය ප්‍රතිවේධ කරන්නාහු ද, දුඃඛනිරෝධය ප්‍රතිවේධ කරන්නාහු ද, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාව ප්‍රතිවේධ කරන්නාහු ද, ඔහු මෙ ම දුඃඛය ප්‍රතිවේධ කරන්නාහ, මෙ ම දුඃඛසමුදය ප්‍රතිවේධ කරන්නාහ, මෙ ම දුඃඛනිරෝධය ප්‍රතිවේධ කරන්නාහ, මෙ ම දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාව ප්‍රතිවේධ කරන්නාහ’ යි. එහි යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘අන්‍වයෙහි ඥාන’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං පරිච්ඡෙදෙ{1} ඤාණං: ඉධ භික්ඛු පරසත්තානං පරපුග්ගලානං චෙතසා චෙතො පරිච්ච පජානාති. සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තන්ති පජානාති. සදොසං වා චිත්තං -පෙ- වීතදොසං වා චිත්තං -පෙ- සමොහං වා චිත්තං -පෙ- වීතමොහං වා චිත්තං -පෙ- සංඛිත්තං වා චිත්තං -පෙ- වික්ඛිත්තං වා චිත්තං -පෙ- මහග්ගතං වා චිත්තං -පෙ- අමහග්ගතං වා චිත්තං -පෙ- සඋත්තරං වා චිත්තං -පෙ- අනුත්තරං වා චිත්තං -පෙ- සමාහිතං වා චිත්තං -පෙ- අසමාහිතං වා චිත්තං -පෙ- විමුත්තං වා චිත්තං -පෙ- අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තන්ති පජානාතීති යා තත්ථ පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, ඉදං වුච්චති පරිච්ඡෙදෙ ඤාණං.
Sinhala BJTඑහි ‘පරිච්ඡේදයෙහි ඥාන’ කවරෙ යත්: මෙ සස්නෙහි මහණ තෙම පරසත්ත්‍වයන්ගේ පරපුද්ගලයන්ගේ සිත (තමාගේ) සිතින් පිරිසිඳ දැනගනියි. සරාග වූ හෝ සිත සරාග වූ සිතැ යි දැනගනියි, වීතරාග වූ හෝ සිත වීතරාග වූ සිතැයි දැනගනියි, සදෝස වූ හෝ සිත ... වීතදෝෂ වූ හෝ සිත ... සමෝහ වූ හෝ සිත ... වීතමෝහ වූ හෝ සිත ... සංක්‍ෂිප්ත වූ හෝ සිත ... වික්‍ෂිප්ත වූ හෝ සිත ... මහද්ගත වූ හෝ සිත ... මහද්ගත නො වූ හෝ සිත ... සඋත්තර වූ හෝ සිත ... අනුත්තර වූ හෝ සිත ... සමාහිත වූ හෝ සිත ... සමාහිත නො වූ හෝ සිත ... විමුක්ත වූ හෝ සිත ... විමුක්ත නො වූ හෝ සිත විමුක්ත නො වූ සිතැ යි දැනගනී යයි. එහි යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘පරිච්ඡේදයෙහි ඥාන’ යි කියනු ලැබේ.
Pali BJTඨපෙත්වා ධම්මෙ ඤාණං අන්වයෙ ඤාණං පරිච්ඡෙදෙ ඤාණං අවසෙසා පඤ්ඤා සම්මුතිඤාණං.
Sinhala BJTධර්‍මයෙහි ඥානය තබා අන්‍වයෙහි ඥානය තබා පරිච්ඡේදයෙහි ඥානය තබා අවශේෂ ඥානය සංවෘතිඥාන යි.
Pali BJTතත්ථ කතමා පඤ්ඤා ආචයාය නො අපචයාය: කාමාවචරකුසලෙ පඤ්ඤා ආචයාය නො අපචායාය, චතුසු මග්ගෙසු පඤ්ඤා අපචයාය නො ආචයාය, රූපාවචරාරූපාවචරකුසලෙ පඤ්ඤා ආචයාය චෙව අපචයාය ච, අවසෙසා පඤ්ඤා නෙව ආචයාය නො අපචයාය.
Sinhala BJTඑහි ආචය පිණිස වූ අපචය පිණිස නො වූ ප්‍රඥා කවර යත්: කාමාවචරකුශලයෙහි ප්‍රඥාව ආචය පිණිස වෙයි, අපචය පිණිස නො වෙයි, සතර මාර්‍ගයෙහි ප්‍රඥාව අපචය පිණිස වෙයි, ආචය පිණිස නො වෙයි. රූපාවචරඅරූපාවචරකුශලයෙහි ප්‍රඥාව ආචය පිණිසත් අපචය පිණිසත් වෙයි. අවශේෂප්‍රඥාව නො ම ආචය පිණිස නො ද අපචය පිණිස වේ.
Pali BJTතත්ථකතමා පඤ්ඤා නිබ්බිදාය නො පටිවෙධාය: යාය පඤ්ඤාය කාමෙසු වීතරාගො හොති න ච අභිඤ්ඤායො පටිවිජ්ඣති{2} න ච සච්චානි, අයං වුච්චති පඤ්ඤා නිබ්බිදාය නො පටිවෙධාය, ස්වෙව පඤ්ඤාය කාමෙසු වීතරාගො සමානො අභිඤ්ඤායො පටිවිජ්ඣති න ච සච්චානි, අයං වුච්චති පඤ්ඤා පටිවෙධාය නො නිබ්බිදාය. චතුසු මග්ගෙසු පඤ්ඤා නිබ්බිදාය චෙව පටිවෙධාය ච, අවසෙසා පඤ්ඤා නෙව නිබ්බිදාය නො පටිවෙධාය.
Sinhala BJTඑහි නිර්වේදය පිණිස වූ, ප්‍රතිවේධය නො වූ ප්‍රඥා කවර යත්: යම් ප්‍රඥායෙකින් කාමයෙහි පහ වූ රාග ඇත්තේ වේ ද, නො ද අභිඥාවන් නො ද සත්‍යයන් ප්‍රතිවේධ කෙරේ ද, මේ ‘නිර්වේදය පිණිස වූ ප්‍රතිවේධය පිණිස නො වූ ප්‍රඥා’ යි කියනු ලැබේ. හෙ ම ප්‍රඥායෙන් කාමයෙහි පහ වූ රාග ඇත්තේ අභිඥාවන් ප්‍රතිවේධ කෙරෙයි. නො ද සත්‍යයන් ප්‍රතිවේධ කෙරෙයි. මේ ‘ප්‍රතිවේධය පිණිස වූ නිර්වේදය පිණිස නො වූ ප්‍රඥා’ යි කියනු ලැබේ. සතර මාර්‍ගයෙහි ප්‍රඥාව නිර්වේදය පිණිසත් ප්‍රතිවේධය පිණිසත් වෙයි. අවශේෂප්‍රඥාව නො ම නිර්වේදය පිණිස නො ද ප්‍රතිවේධය පිණිස වේ.
Pali BJTතත්ථ කතමා හානභාගිනී පඤ්ඤා: පඨමස්ස ඣානස්ස ලාභිං{3} කාමසහගතා සඤ්ඤා මනසිකාරා සමුදාචරන්ති හානභාගිනී පඤ්ඤා. තදනුධම්මතා සති සන්තිට්ඨති ඨිති{4}භාගිනී පඤ්ඤා අවිතක්කසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති විසෙසභාගිනී පඤ්ඤා, නිබ්බිදාසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති විරාගූපසංහිතා නිබ්බෙධභාගිනී පඤ්ඤා.
Sinhala BJTඑහි හානභාගිනීප්‍රඥා කවර යත්: ප්‍රථමධ්‍යානලාභීහු කාමසහගතසංඥාමනසිකාරයෝ පෙළත් නම් හානභාගීනීප්‍රඥා ය. තදනුරූප වූ (මිථ්‍යා) ස්මෘතිය සිටී නම් ස්ථිතිභාගිනී ප්‍රඥා ය, අවිතර්‍ක (ද්විතීයධ්‍යාන) සහගත වූ සංඥාමනසිකාරයෝ පෙළත් නම් විශේෂභාගිනීප්‍රඥා ය, නිර්වේද සඞ්ඛ්‍යාත විදර්‍ශනාඥාන සහගත වූ විරාගයෙන් යුක්ත වූ සංඥා මනසිකාරයෝ (නිවන් පසක් කරනු පිණිස) පෙළත් නම් නිර්වේදභාගිනීප්‍රඥා යි.
Pali BJTදුතියස්ස ඣානස්ස ලාභිං{3} විතක්කසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති හානභාගිනී පඤ්ඤා, තදනුධම්මතා සති සන්තිට්ඨති ඨිති{4} භාගිනී පඤ්ඤා, උපෙක්ඛාසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති විසෙසභාගිනී පඤ්ඤා. නිබ්බිදාසහගතා{5} සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති විරාගූපසංහිතා{6} නිබ්බෙධ භාගිනී පඤ්ඤා.
Sinhala BJTද්වීතීයධ්‍යානලාභීහු විතර්‍කසහගත වූ සංඥාමනසිකාරයෝ පෙළත් නම් හානභාගිනී ප්‍රඥා ය, තදනුරූප වූ ස්මෘතිය සිටී නම් ස්ථිතිභාගිනීප්‍රඥා ය, උපේක්‍ෂාසහගතසංඥාමනසිකාරයෝ පෙළත් නම් විශේෂභාගිනීප්‍රඥා ය, නිර්වේදසහගත වූ විරාගයෙන් යුත් සංඥාමනසිකාරයෝ පෙළත් නම් නිර්වේදභාගිනීප්‍රඥා යි.
Pali BJTතතියස්ස ඣානස්සලාභිං{3} පීතිසුඛසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති හානභාගිනී පඤ්ඤා, තදනුධම්මතා සති සන්තිට්ඨති ඨිතිභාගිනී පඤ්ඤා, අදුක්ඛමසුඛසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති විසෙසභාගිනී පඤ්ඤා, නිබ්බිදාසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති විරාගූපසංහිතා{6} නිබ්බෙධභාගිනී පඤ්ඤා.
Sinhala BJTතෘතීයධ්‍යානලාභීහු ප්‍රීතිසුඛසහගත වූ සංඥාමනසිකාරයෝ පෙළත් නම් හානභාගිනී ප්‍රඥා ය, තදනුරූප වූ ස්මෘතිය සිටී නම් ස්ථිතිභාගිනීප්‍රඥා ය, උපේක්‍ෂාසහගත වූ සංඥාමනසිකාරයෝ පෙළත් නම් විශේෂභාගිනීප්‍රඥා ය, නිර්වේදසහගත වූ විරාගයෙන් යුත් සංඥාමනසිකාරයෝ පෙළත් නම් නිර්වේදභාගිනීප්‍රඥා යි.
Pali BJTචතුත්ථස්ස ඣානස්ස ලාභිං උපෙක්ඛාසහගතා සඤ්ඤා මනසිකාරා සමුදාචරන්ති හානභාගිනී පඤ්ඤා, තදනුධම්මතා සති සන්තිට්ඨති ඨිතිභාගිනී පඤ්ඤා, ආකාසානඤ්චායතනසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති විසෙසභාගිනී පඤ්ඤා, නිබ්බිදාසහගතා සඤ්ඤා මනසිකාරා සමුදාචරන්ති විරාගූපසංහිතා නිබ්බෙධභාගිනී පඤ්ඤා.
Sinhala BJTචතුර්‍ත්‍ථධ්‍යානලාභීහු උපේක්‍ෂාසහගත වූ සංඥාමනසිකාරයෝ පෙළත් නම් හානභාගිනී ප්‍රඥා ය, තදනුරූප වූ ස්මෘතිය සිටී නම් ස්ථිතිභාගිනීප්‍රඥා ය, ආකාසානඤ්චායතනසහගත වූ සංඥාමනසිකාරයෝ පෙළත් නම් විශේෂභාගිනීප්‍රඥා ය, නිර්වේදසහගත වූ විරාගයෙන් යුත් සංඥාමනසිකාරයෝ පෙළත් නම් නිර්වේදභාගිනීප්‍රඥා යි.
Pali BJTආකාසානඤ්චායතනස්ස ලාභිං{1} රූපසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති හානභාගිනී පඤ්ඤා, තදනුධම්මතා සති සන්තිට්ඨති ඨිතිභාගිනී පඤ්ඤා, විඤ්ඤාණඤ්චායතනසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති විසෙසභාගිනී පඤ්ඤා, නිබ්බිදාසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති විරාගූපසංහිතා නිබ්බෙධභාගිනී පඤ්ඤා.
Sinhala BJTආකාසානඤ්චායතනලාභීහු රූපසහගත වූ සංඥාමනසිකාරයෝ පෙළත් නම් හානභාගිනී ප්‍රඥා ය, තදනුරූප වූ ස්මෘතිය සිටී නම් ස්ථිතිභාගිනීප්‍රඥා ය, විඤ්ඤාණඤ්චායතන සහගත වූ සංඥාමනසිකාරයෝ පෙළත් නම් විශේෂභාගිනීප්‍රඥා ය, නිර්වේදසහගත වූ විරාගයෙන් යුත් සංඥාමනසිකාරයෝ පෙළත් නම් නිර්වේදභාගිනීප්‍රඥා යි.
Pali BJTවිඤ්ඤාණඤ්චායතනස්ස ලාභිං{1} ආකාසානඤ්චායතනසහගතා සඤ්ඤා මනසිකාරා සමුදාචරන්ති හානභාගිනී පඤ්ඤා, තදනුධම්මතා සති සන්තිට්ඨති ඨිතිභාගිනී පඤ්ඤා, ආකිඤ්චඤ්ඤායතනසහගතා සඤ්ඤා මනසිකාරා සමුදාචරන්ති විසෙසභාගිනී පඤ්ඤා, නිබ්බිදාසහගතා සඤ්ඤා මනසිකාරා සමුදාචරන්ති විරාගූපසංහිතා නිබ්බෙධභාගිනී පඤ්ඤා.
Sinhala BJTවිඤ්ඤාණඤ්චායතනලාභීහු ආකාසානඤ්චායතනසහගත වූ සංඥාමනසිකාරයෝ පෙළත් නම් හානභාගිනීප්‍රඥා ය, තදනුරූප වූ ස්මෘතිය සිටී නම් ස්ථිතිභාගිනීප්‍රඥා ය, ආකිඤ්චඤ්ඤායතනසහගත වූ සංඥාමනසිකාරයෝ පෙළත් නම් විශේෂභාගිනීප්‍රඥා ය, නිර්වේදසහගත වූ විරාගයෙන් යුත් සංඥාමනසිකාරයෝ පෙළත් නම් නිර්වේදභාගිනීප්‍රඥා යි.
Pali BJTආකිඤ්චඤ්ඤායතනස්ස ලාභිං{1} විඤ්ඤාණඤ්චායතනසහගතා සඤ්ඤා මනසිකාරා සමුදාචරන්ති හානභාගිනී පඤ්ඤා, තදනුධම්මතා සති සන්තිට්ඨති ඨිතිභාගිනී පඤ්ඤා, නෙවසඤ්ඤානාසඤ්ඤායතනසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති විසෙසභාගිනී පඤ්ඤා, නිබ්බිදාසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති විරාගූපසංහිතා නිබ්බෙධභාගිනී පඤ්ඤා.
Sinhala BJTආකිඤ්චඤ්ඤායතනලාභීහු විඤ්ඤාණඤ්චායතනසහගත වූ සංඥාමනසිකාරයෝ පෙළත් නම් හානභාගිනීප්‍රඥා ය, තදනුරූප වූ ස්මෘතිය සිටී නම් ස්ථිතිභාගිනීප්‍රඥා ය, නේවසඤ්ඤානාසඤ්ඤායතනසහගත වූ සංඥාමනසිකාරයෝ පෙළත් නම් විශේෂභාගිනීප්‍රඥා ය, නිර්වේදසහගත වූ විරාගයෙන් යුත් සංඥාමනසිකාරයෝ පෙළත් නම් නිර්වේදභාගිනීප්‍රඥා යි.
Pali BJTතත්ථ කතමා චතස්සො පටිසම්භිදා: අත්ථපටිසම්භිදා ධම්මපටිසම්භිදා නිරුත්තිපටිසම්භිදා පටිභානපටිසම්භිදා. අත්ථෙ ඤාණං අත්ථපටිසම්භිදා, ධම්මෙ ඤාණං ධම්මපටිසම්භිදා, තත්ථ ධම්මනිරුත්තාභිලාපෙ ඤාණං නිරුත්තිපටිසම්භිදා, ඤාණෙසු ඤාණං පටිභානපටිසම්භිදා, ඉමා චතස්සො පටිසම්භිදා.
Sinhala BJTඑහි සතර ප්‍රතිසංවිදා කවර යත්: අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, ධර්‍මප්‍රතිසංවිදා ය, නිරුක්තිප්‍රතිසංවිදා ය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. අර්‍ත්‍ථ(හේතුඵල)යෙහි ඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, ධර්‍ම(හේතු)යෙහි ඥානය ධර්‍මප්‍රතිසංවිදා ය, එහි ස්වභාවනිරුක්ත්‍යභිලාපයෙහි ඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, ඥානයන්හි ඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි. මොහු සතර ප්‍රතිසංවිදාවෝ යි.
Pali BJTතත්ථ කතමා චතස්සො පටිපදා: දුක්ඛා පටිපදා{2} දන්ධාභිඤ්ඤා පඤ්ඤා, දුක්ඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා පඤ්ඤා, සුඛා පටිපදා{3} දන්ධාභිඤ්ඤා පඤ්ඤා, සුඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා පඤ්ඤා.
Sinhala BJTඑහි සතර ප්‍රතිපදා කවරහයත්: දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ප්‍රඥා ය, දුඃඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ ප්‍රඥා ය, සුඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ප්‍රඥා ය, සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ ප්‍රඥා යි.
Pali BJTතත්ථ කතමා දුක්ඛා පටිපදා දන්ධාභිඤ්ඤා පඤ්ඤා: කිච්ඡෙන කසිරෙන සමාධිං උප්පාදෙන්තස්ස දන්ධං තණ්ඨානං{4} අභිජානන්තස්ස යා උප්පජ්ජති පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, අයං වුච්චති දුක්ඛා පටිපදා දන්ධාභිඤ්ඤා පඤ්ඤා.
Sinhala BJTඑහි දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ප්‍රඥා කවර යත්: දුකින් ආයාසයෙන් (ලෝකෝත්තර) සමාධිය උපදවන්නහුට, ලැසි ව ඒ ලෝකොත්තරසමාධි සඞ්ඛ්‍යාත ස්ථානය ප්‍රතිවේධ කරන්නහුට යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් උපදී ද, මේ ‘දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ප්‍රඥා’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා දුක්ඛා පටිපදා2 ඛිප්පාභිඤ්ඤා පඤ්ඤා: කිච්ඡෙන කසිරෙන සමාධිං උප්පාදෙන්තස්ස ඛිප්පං තණ්ඨානං{5} අභිජානන්තස්ස යා උප්පජ්ජති පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, අයං වුච්චති දුක්ඛා පටිපදා{2} ඛිප්පාභිඤ්ඤා පඤ්ඤා.
Sinhala BJTඑහි දුඃඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ ප්‍රඥා කවර යත්: දුකින් ආයාසයෙන් සමාධිය උපදවන්නහුට, නො ලස් ව ඒ ස්ථානය ප්‍රතිවේධ කරන්නහුට යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් උපදී ද, මේ ‘දුඃඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ ප්‍රඥා’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා සුඛා පටිපදා{3} දන්ධාභිඤ්ඤා පඤ්ඤා: අකිච්ඡෙන අකසිරෙන සමාධිං උප්පාදෙන්තස්ස දන්ධං තණ්ඨානං{4} අභිජානන්තස්ස යා උප්පජ්ජති පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, අයං වුච්චති සුඛා පටිපදා{3} දන්ධාභිඤ්ඤා පඤ්ඤා.
Sinhala BJTඑහි සුඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ප්‍රඥා කවර යත්: නිදුකින් අනායාසයෙන් සමාධිය උපදවන්නහුට, ලැසි ව ඒ සමාධිස්ථානය ප්‍රතිවේධ කරන්නහුට යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් උපදී ද, මේ ‘සුඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ප්‍රඥා’ යි කියනු ලැබේ.