Pali BJTතිස්සො පටිසම්භිදා සවිතක්කසවිචාරා. අත්ථපටිසම්භිදා සියා සවිතක්ක සවිචාරා, සියා අවිතක්කවිචාරමත්තා, සියා අවිතක්කඅවිචාරා.
Sinhala BJTප්‍රතිසංවිද්ධර්‍මයෝ තිදෙනෙක් සවිතර්‍කසවිචාරයෝ ය. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව සවිතර්‍ක සවිචාර වන්නේ ය. අවිතර්‍කවිචාරමාත්‍ර ද වන්නේ ය. අවිතර්‍කඅවිචාර ද වන්නේ යි.
Pali BJTසියා පීතිසහගතා, සියා සුඛසහගතා, සියා උපෙක්ඛාසහගතා.
Sinhala BJT(සතර ප්‍රතිසංවිදාවෝ) ප්‍රීතිසහගත ද වන්නාහ. සුඛසහගත ද වන්නාහ. උපේක්‍ෂා සහගත ද වන්නාහු ය.
Pali BJTනෙව දස්සනෙන න භාවනාය පහාතබ්බා.
Sinhala BJT(සතර ප්‍රතිසංවිදාවෝ) නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ ය.
Pali BJTනෙව දස්සනෙන න භාවනාය පහාතබ්බහෙතුකා.
Sinhala BJT(සතර ප්‍රතිසංවිදාවෝ) නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතුකයෝ යි.
Pali BJTතිස්සො පටිසම්භිදා සියා ආචයගාමිනො, සියා නෙවාචයගාමී නාපචයගාමිනො, අත්ථපටිසම්භිදා සියා ආචයගාමිනී, සියා අපචයගාමිනී, සියා නෙවාචයගාමීනාපචයගාමිනී.
Sinhala BJTතුන් ප්‍රතිසංවිදාවෝ ආචයගාමීහු ද වන්නාහ. නො ම ආචයගාමී නො ද අපචයගාමීහු ද වන්නාහ. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව ආචයගාමී ද වන්නේ ය, අපචයගාමී ද වන්නේ ය, නො ම ආචයගාමී නො ද අපචයගාමී ද වන්නේ යි.
Pali BJTතිස්සො පටිසම්භිදා නෙව සෙක්ඛා නාසෙක්ඛා. අත්ථපටිසම්භිදා සියා සෙක්ඛා, සියා අසෙක්ඛා, සියා නෙව සෙක්ඛා නාසෙක්ඛා.
Sinhala BJTතුන් ප්‍රතිසංවිදාවෝ නො ම ශෛක්‍ෂ නො ද අශෛක්‍ෂ වෙති. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව ශෛක්‍ෂ ද වන්නේ ය. අශෛක්‍ෂ ද වන්නේ ය, නො ම ශෛක්‍ෂ නො ද අශෛක්‍ෂ ද වන්නේ යි.
Pali BJTතිස්සො පටිසම්භිදා පරිත්තා. අත්ථපටිසම්භිදා සියා පරිත්තා, සියා අප්පමාණා.
Sinhala BJTතුන් ප්‍රතිසංවිදාවෝ පරිත්තයෝ ය. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව පරිත්ත ද වන්නේ ය. අප්‍රමාණ ද වන්නේ යි.
Pali BJTනිරුත්තිපටිසම්භිදා පරිත්තාරම්මණා, තිස්සො පටිසම්භිදා සියා පරිත්තාරම්මණා, සියා මහග්ගතාරම්මණා, සියා අප්පමාණාරම්මණා.
Sinhala BJTනිරුක්තිප්‍රතිසංවිදාව පරිත්තාලම්බන ය. තුන් ප්‍රතිසංවිදාවෝ පරිත්තාලම්බන ද වන්නාහ, මහද්ගතාලම්බන ද වන්නාහ, අප්‍රමාණාලම්බන ද වන්නාහු ය.
Pali BJTතිස්සො පටිසම්භිදා මජ්ඣිමා, අත්ථපටිසම්භිදා සියා මජ්ඣිමා, සියා පණීතා.
Sinhala BJTතුන් ප්‍රතිසංවිදාවෝ මධ්‍යමයෝ ය. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව මධ්‍යම ද වන්නේ ය. ප්‍රණීත ද වන්නේ යි.
Pali BJTතිස්සො පටිසම්භිදා අනියතා. අත්ථපටිසම්භිදා සියා සම්මත්තනියතා, සියා අනියතා.
Sinhala BJTතුන් ප්‍රතිසංවිදාවෝ අනියතයෝ ය. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව සම්‍යක්ත්‍වනියත ද වන්නේ ය. අනියත ද වන්නේ යි.
Pali BJTනිරුත්තිපටිසම්භිදා න වත්තබ්බා මග්ගාරම්මණාතිපි, මග්ගහෙතුකාතිපි මග්ගාධිපතිනීතිපි. අත්ථපටිසම්භිදා න මග්ගාරම්මණා, සියා මග්ගහෙතුකා සියා මග්ගාධිපතිනී, සියා න වත්තබ්බා මග්ගහෙතුකාතිපි මග්ගාධිපතිනීති’පි. ද්වෙ පටිසම්භිදා සියා මග්ගාරම්මණා න මග්ගහෙතුකා, සියා මග්ගාධිපතිනො, සියා න වත්තබ්බා මග්ගාරම්මණාති’පි මග්ගාධිපතිනො’තිපි.
Sinhala BJTනිරුක්තිප්‍රතිසංවිදාව මාර්‍ගාලම්බන යි ද, මාර්‍ගහේතුකයි ද, මාර්‍ගාධිපතියි ද නො කිය යුතු ය. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව මාර්‍ගාලම්බන නොවෙ යි. මාර්‍ගහේතුක ද වන්නේ ය. මාර්‍ගාධිපති ද වන්නේ ය. මාර්‍ගහේතුකයි ද, මාර්‍ගාධිපතියි ද නො කිය යුතු ද වන්නේ යි. ප්‍රතිසංවිදාවෝ දෙදෙනෙක් මාර්‍ගාලම්බන ද වන්නාහ, මාර්‍ගහේතුක නොවෙති, මාර්‍ගාධිපති ද වන්නාහ. මාර්‍ගාලම්බන යි ද, මාර්‍ගාධිපති යි ද නො කියයුතු ද වන්නාහු ය.
Pali BJTතිස්සො පටිසම්භිදා සියා උප්පන්නා සියා අනුප්පන්නා, න වත්තබ්බා උප්පාදිනොති. අත්ථපටිසම්භිදා සියා උප්පන්නා, සියා අනුප්පන්නා, සියා උප්පාදිනී.
Sinhala BJTතුන් ප්‍රතිසංවිදාවෝ උත්පන්න ද වන්නාහ, අනුත්පන්න ද වන්නාහ, උත්පාදීහ යි නො කියයුත්තාහ. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව උත්පන්න ද වන්නේ ය, අනුත්පන්න ද වන්නේ ය, උත්පාදී ද වන්නේ යි.
Pali BJTසියා අතීතා, සියා අනාගතා, සියා පච්චුප්පන්නා.
Sinhala BJT(සතර ප්‍රතිසංවිද්හු) අතීත ද වන්නාහ, අනාගත ද වන්නාහ, ප්‍රත්‍යුත්පන්න ද වන්නාහු ය.
Pali BJTනිරුත්තිපටිසම්භිදා පච්චුප්පන්නාරම්මණා. ද්වෙ පටිසම්භිදා සියා අතීතාරම්මණා, සියා අනාගතාරම්මණා, සියා පච්චුප්පන්නාරම්මණා. අත්ථපටිසම්භිදා සියා අතීතාරම්මණා, සියා අනාගතාරම්මණා, සියා පච්චුප්පන්නාරම්මණා, සියා න වත්තබ්බා අතීතාරම්මණාති’පි අනාගතාරම්මණාති’පි පච්චුප්පන්නාරම්මණාති’පි.
Sinhala BJTනිරුක්තිප්‍රතිසංවිදාව ප්‍රත්‍යුත්පන්නාලම්බන ය. ප්‍රතිසංවිදාවෝ දෙදෙනෙක් අතීතාලම්බන ද වන්නාහ, අනාගතාලම්බන ද වන්නාහ, ප්‍රත්‍යුත්පන්නාලම්බන ද වන්නාහ. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව අතීතාලම්බන ද වන්නේ ය, අනාගතාලම්බන ද වන්නේ ය, ප්‍රත්‍යුත්පන්නාලම්බන ද වන්නේ ය, අතීතාලම්බන යි ද අනාගතාලම්බන යි ද ප්‍රත්‍යුත්පන්නාලම්බන යි ද නො කිය යුතු ද වන්නේ යි.
Pali BJTසියා අජ්ඣත්තා, සියා බහිද්ධා, සියා අජ්ඣත්තබහිද්ධා.
Sinhala BJT(සතර ප්‍රතිසංවිද්හු) අධ්‍යාත්ම ද වන්නාහ, බාහ්‍ය ද වන්නාහ, අධ්‍යාත්මබාහ්‍ය ද වන්නාහු ය.
Pali BJTනිරුත්තිපටිසම්භිදා බහිද්ධාරම්මණා. තිස්සො පටිසම්භිදා සියා අජ්ඣත්තාරම්මණා, සියා බහිද්ධාරම්මණා. සියා අජ්ඣත්තබහිද්ධාරම්මණා.
Sinhala BJTනිරුක්තිප්‍රතිසංවිදාව බාහ්‍යාලම්බන ය. තුන් ප්‍රතිසංවිද්හු අධ්‍යාත්මාලම්බන ද වන්නාහ, බාහ්‍යාලම්බන ද වන්නාහ, ආධ්‍යාත්මබාහ්‍යාලම්බන ද වන්නාහු ය.
Pali BJTඅනිදස්සනඅප්පටිඝා.
Sinhala BJT(සතර ප්‍රතිසංවිද්හු) අනිදර්‍ශන අප්‍රතිඝයෝ යි.
Pali BJT801. හෙතු.
Sinhala BJT801. සතර ප්‍රතිසංවිද්හු හේතුහු ය.
Pali BJTසහෙතුකා.
Sinhala BJTසතර ප්‍රතිසංවිද්හු සහේතුකයෝ ය.
Pali BJTහෙතුසම්පයුත්තා.
Sinhala BJTසතර ප්‍රතිසංවිද්හු හේතුසම්ප්‍රයුක්තයෝ ය.
Pali BJTහෙතු චෙව සහෙතුකා ච.
Sinhala BJTසතර ප්‍රතිසංවිද්හු හේතු ද වූ සහේතුකයෝ ද වෙති.
Pali BJTහෙතු චෙව හෙතුසම්පයුත්තා ච.
Sinhala BJTසතර ප්‍රතිසංවිද්හු හේතු ද වූ හේතුසම්ප්‍රයුක්තයෝ ද වෙති.
Pali BJTන වත්තබ්බා න හෙතු සහෙතුකාතිපි න හෙතු අහෙතුකාතිපි.
Sinhala BJTසතර ප්‍රතිසංවිද්හු හේතු නො වූ සහේතුකයහ යි ද, හේතු නො වූ අහේතුකයහ යි ද නො කිය යුත්තාහ.
Pali BJT802. සප්පච්චයා.
Sinhala BJT802. (සතර ප්‍රතිසංවිද්හු) සප්‍රත්‍යයෝ ය.
Pali BJTසඞ්ඛතා.
Sinhala BJT(සතර ප්‍රතිසංවිද්හු) සඞ්ඛතයෝ ය.
Pali BJTඅනිදස්සනා.
Sinhala BJT(සතර ප්‍රතිසංවිද්හු) අනිදර්‍ශනයෝ ය.
Pali BJTඅප්පටිඝා.
Sinhala BJT(සතර ප්‍රතිසංවිද්හු) අප්‍රතිඝයෝ ය.
Pali BJTඅරූපා.
Sinhala BJT(සතර ප්‍රතිසංවිද්හු) අරූපයෝ ය.
Pali BJTතිස්සො පටිසම්භිදා ලොකියා. අත්ථපටිසම්භිදා සියා ලොකියා, සියා ලොකුත්තරා.
Sinhala BJTතුන් ප්‍රතිසංවිද්හු ලෞකිකයෝ ය. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව ලෞකික ද වන්නේ ය, ලෝකෝත්තර ද වන්නේ යි.
Pali BJTකෙනචි විඤ්ඤෙය්යා, කෙනචි න විඤ්ඤෙය්යා.
Sinhala BJT(සතර ප්‍රතිසංවිද්හු) කිසිවිඥානයෙකින් දතයුත්තාහ. කිසිවිඥානයෙකින් නො දත යුත්තාහු ය.
Pali BJT803. නො ආසවා.
Sinhala BJT803. (සතර ප්‍රතිසංවිද්හු) ආස්‍රව නො වෙති.
Pali BJTතිස්සො පටිසම්භිදා සාසවා. අත්ථපටිසම්භිදා සියා සාසවා, සියා අනාසවා.
Sinhala BJTතුන් ප්‍රතිසංවිද්හු සාස්‍රවයෝ ය, අර්‍ත්‍ථප්‍රතිසංවිදාව සාස්‍රව ද වන්නේ ය, අනාස්‍රව ද වන්නේ යි.
Pali BJTආසව විප්පයුත්තා.
Sinhala BJT(සතර ප්‍රතිසංවිද්හු) ආස්‍රවවිප්‍රයුක්තයෝ ය.
Pali BJTතිස්සො පටිසම්භිදා න වත්තබ්බා ආසවා චෙව සාසවාති, සාසවා චෙව නො ච ආසවා. අත්ථපටිසම්භිදා න වත්තබ්බා ආසවො{1} චෙව සාසවාති, සියා සාසවා චෙව නො ච ආසවො, සියා න වත්තබ්බා සාසවා චෙව නො ච ආසවොති.
Sinhala BJTතුන් ප්‍රතිසංවිද්හු ආස්‍රව ද වූ සාස්‍රවහ යි නො කියයුත්තාහ, සාස්‍රව ද වූවාහු නො ද ආස්‍රවයෝ වෙති. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව ආස්‍රව ද වූ සාස්‍රව යි නො කියයුතුය. සාස්‍රව ද වූ නො ද ආස්‍රව වන්නේ ය. සාස්‍රව ද වූ නො ද ආස්‍රවයෙකැයි නො කියයුතු ද වන්නේ යි.
Pali BJTන වත්තබ්බා ආසවා චෙව ආසවසම්පයුත්තාතිපි, ආසවසම්පයුත්තා චෙව නො ව ආසවාතිපි.
Sinhala BJT(සතර ප්‍රතිසංවිද්හු) ආස්‍රව ද වූවාහු ම ආස්‍රවසම්ප්‍රයුක්තහ යි ද ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූ නො ද ආස්‍රවහ යි ද නො කියයුත්තාහු ය.
Pali BJTතිස්සො පටිසම්භිදා ආසවවිප්පයුත්තා සාසවා. අත්ථපටිසම්භිදා සියා ආසවවිප්පයුත්තා සාසවා, සියා ආසවවිප්පයුත්තා අනාසවා.
Sinhala BJTතුන් ප්‍රතිසංවිද්හු ආස්‍රවවිප්‍රයුක්ත වූ සාස්‍රවයෝ ය. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව ආස්‍රවවිප්‍රයුක්ත සාස්‍රව ද වන්නේ ය. ආස්‍රවවිප්‍රයුක්තඅනාස්‍රව ද වන්නේ යි.
Pali BJT804. නො සඤ්ඤොජනා -පෙ- නො ගන්ථා -පෙ- නො ඔඝා -පෙ- නො යොගා -පෙ- නො නීවරණා -පෙ- නො පරාමාසා -පෙ-
Sinhala BJT804. (සතර ප්‍රතිසංවිද්හු) සංයෝජන නො වෙති ... ග්‍රන්‍ථයෝ නො වෙති ... ඕඝයෝ නො වෙති ... යෝගයෝ නො වෙති ... නීවරණයෝ නො වෙති ... පරාමර්‍ශයෝ නො වෙති ...
Pali BJT805. සාරම්මණා.
Sinhala BJT805. (සතර ප්‍රතිසංවිද්හු) සාලම්බනයෝ ය.
Pali BJTනො චිත්තා.
Sinhala BJT(සතර ප්‍රතිසංවිද්හු) චිත්තයෝ නො වෙති.
Pali BJTචෙතසිකා.
Sinhala BJT(සතර ප්‍රතිසංවිද්හු) චෛතසිකයෝ ය.
Pali BJTචිත්තසම්පයුත්තා.
Sinhala BJT(සතර ප්‍රතිසංවිද්හු) චිත්තසම්ප්‍රයුක්තයෝ ය.
Pali BJTචිත්තසංසට්ඨා.
Sinhala BJT(සතර ප්‍රතිසංවිද්හු) චිත්තසංසෘෂ්ටයෝ ය.
Pali BJTචිත්තසමුට්ඨානා.
Sinhala BJT(සතර ප්‍රතිසංවිද්හු) චිත්තසමුත්‍ථානයෝ ය.
Pali BJTචිත්තසහභුනො.
Sinhala BJT(සතර ප්‍රතිසංවිද්හු) චිත්තසහභූහු ය.
Pali BJTචිත්තානුපරිවත්තිනො.
Sinhala BJT(සතර ප්‍රතිසංවිද්හු) චිත්තානුපරිවර්තීහ.
Pali BJTචිත්තසංසට්ඨසමුට්ඨානා.
Sinhala BJT(සතර ප්‍රතිසංවිද්හු) චිත්තසංසෘෂ්ටසමුත්‍ථානයහ.
Pali BJTචිත්තසංසට්ඨසමුට්ඨානසහභුනො.
Sinhala BJT(සතර ප්‍රතිසංවිද්හු) චිත්තසමුත්‍ථානසහභූහ.
Pali BJTචිත්තසංසට්ඨසමුට්ඨානානුපරිවත්තිනො.
Sinhala BJT(සතර ප්‍රතිසංවිද්හු) චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්තීහ.
Pali BJTබාහිරා.
Sinhala BJT(සතර ප්‍රතිසංවිද්හු) බාහිරයෝ ය.
Pali BJTනො උපාදා.
Sinhala BJT(සතර ප්‍රතිසංවිද්හු) උපාදා නො වෙති.
Pali BJTඅනුපාදින්නා.
Sinhala BJT(සතර ප්‍රතිසංවිද්හු) අනුපාදින්නයෝ යි.
Pali BJT806. නො උපාදානා -පෙ- නො කිලෙසා -පෙ-
Sinhala BJT806. (සතර ප්‍රතිසංවිද්හු) උපාදානයෝ නොවෙති ... (සතර ප්‍රතිසංවිද්හු) ක්ලේශයෝ නො වෙති ...
Pali BJTන දස්සනෙන පහාතබ්බා.
Sinhala BJT(සතර ප්‍රතිසංවිද්හු) දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යයෝ නො වෙති.
Pali BJTන භාවනාය පහාතබ්බා.
Sinhala BJT(සතර ප්‍රතිසංවිද්හු) භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ නො වෙති.
Pali BJTන දස්සනෙන පහාතබ්බහෙතුකා.
Sinhala BJT(සතර ප්‍රතිසංවිද්හු) දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතුකයෝ නො වෙති.
Pali BJTන භාවනාය පහාතබ්බහෙතුකා.
Sinhala BJT(සතර ප්‍රතිසංවිද්හු) භාවනායෙන් ප්‍රහාතව්‍යහේතුකයෝ නො වෙත්.
Pali BJTතිස්සො පටිසම්භිදා සවිතක්කා. අත්ථපටිසම්භිදා සියා සවිතක්කා සියා අවිතක්කා.
Sinhala BJTතුන් ප්‍රතිසංවිද්හු සවිතර්‍කයෝ ය. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව සවිතර්‍ක ද වන්නේ ය, අවිතර්‍ක ද වන්නේ යි.
Pali BJTතිස්සො පටිසම්භිදා සවිචාරා. අත්ථපටිසම්භිදා සියා සවිචාරා. සියා අවිචාරා.
Sinhala BJTතුන් ප්‍රතිසංවිද්හු සවිචාරයෝ ය. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව සවිචාර ද වන්නේ ය, අවිචාර ද වන්නේ යි.
Pali BJTසියා සප්පීතිකා, සියා අප්පීතිකා.
Sinhala BJT(සතර ප්‍රතිසංවිද්හු) සප්‍රීතික ද වන්නාහ, අප්‍රීතික ද වන්නාහු ය.
Pali BJTසියා පීතිසහගතා, සියා න පීතිසහගතා.
Sinhala BJT(සතර ප්‍රතිසංවිද්හු) ප්‍රීතිසහගත ද වන්නාහ, නො ද ප්‍රීතිසහගත ද වන්නාහු ය.
Pali BJTසියා සුඛසහගතා, සියා න සුඛසහගතා.
Sinhala BJT(සතර ප්‍රතිසංවිද්හු) සුඛසහගත ද වන්නාහ, නො ද සුඛසහගත ද වන්නාහු ය.
Pali BJTසියා උපෙක්ඛාසහගතා, සියා න උපෙක්ඛාසහගතා.
Sinhala BJT(සතර ප්‍රතිසංවිද්හු) උපේක්‍ෂාසහගත ද වන්නාහ, නො ද උපේක්‍ෂාසහගත ද වන්නාහු ය.
Pali BJTතිස්සො පටිසම්භිදා කාමාවචරා. අත්ථපටිසම්භිදා සියා කාමාවචරා සියා න කාමාවචරා.
Sinhala BJTතුන් ප්‍රතිසංවිද්හු කාමාවචරයෝ ය. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව කාමාවචර ද වන්නේ ය. නො ද කාමාවචර ද වන්නේ යි.
Pali BJTන රූපාවචරා.
Sinhala BJT(සතර ප්‍රතිසංවිද්හු) රූපාවචර නො වෙති.
Pali BJTන අරූපාවචරා.
Sinhala BJT(සතර ප්‍රතිසංවිද්හු) අරූපාවචර නො වෙති.
Pali BJTතිස්සො පටිසම්භිදා පරියාපන්නා. අත්ථපටිසම්භිදා සියා පරියාපන්නා සියා අපරියාපන්නා.
Sinhala BJTතුන් ප්‍රතිසංවිද්හු පර්‍ය්‍යාපන්නයෝ ය. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව පර්‍ය්‍යාපන්න ද වන්නේ ය, අපර්‍ය්‍යාපන්න ද වන්නේ යි.
Pali BJTතිස්සො පටිසම්භිදා අනිය්යානිකා. අත්ථපටිසම්භිදා සියා නිය්යානිකා සියා අනිය්යානිකා.
Sinhala BJTතුන් ප්‍රතිසංවිද්හු අනෛර්‍ය්‍යාණිකයෝ ය. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව නෛර්‍ය්‍යාණික ද වන්නේ ය, අනෛර්‍ය්‍යාණික ද වන්නේ යි.
Pali BJTතිස්සො පටිසම්භිදා අනියතා. අත්ථපටිසම්භිදා සියා නියතා, සියා අනියතා.
Sinhala BJTතුන් ප්‍රතිසංවිද්හු අනියතයෝ ය. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව නියත ද වන්නේ ය, අනියත ද වන්නේ යි.
Pali BJTතිස්සො පටිසම්භිදා ස උත්තරා, අත්ථපටිසම්භිදා සියා ස උත්තරා සියා අනුත්තරා.
Sinhala BJTතුන් ප්‍රතිසංවිද්හු සඋත්තරයෝ ය. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව සඋත්තර ද වන්නේ ය, අනුත්තර ද වන්නේ යි.
Pali BJTඅරණාති.
Sinhala BJTසතර ප්‍රතිසංවිද්හු අරණයෝ යි.
Pali BJTපඤ්හපුච්ඡකං.
Sinhala BJTපඤ්හපුච්ඡක යි.
Pali BJTපටිසම්භිදා විභඞ්ගො නිට්ඨිතො.
Sinhala BJTප්‍රතිසංවිදාවිභඞ්ග නිමි.
Pali BJT16. ඤාණවිභඞ්ගො
Sinhala BJT16. ඤාණ විභඞ්ගය
Pali BJT807. එකවිධෙන ඤාණවත්ථු: පඤ්ච විඤ්ඤාණා න හෙතු, අහෙතුකා, හෙතුවිප්පයුත්තා, සප්පච්චයා, සඞ්ඛතා, අරූපා, ලොකියා, සාසවා, සඤ්ඤොජනියා, ගන්ථනීයා, ඔඝනීයා, යොගනීයා, නීවරණියා, පරාමට්ඨා, උපාදානියා, සංකිලෙසිකා, අව්යාකතා, සාරම්මණා, අචෙතසිකා, විපාකා, උපාදින්නුපාදානියා, අසංකිලිට්ඨසංකිලෙසිකා, න සවිතක්කසවිචාරා, න අවිතක්කවිචාරමත්තා. අවිතක්කඅවිචාරා, න පීතිසහගතා, නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බා, නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බහෙතුකා, නෙවාචයගාමිනාපචයගාමිනො, නෙව සෙක්ඛා නාසෙක්ඛා, පරිත්තා, කාමාවචරා, න රූපාවචරා, න අරූපාවචරා, පරියාපන්නා, නො අපරියාපන්නා, අනියතා, අනිය්යානිකා, උප්පන්නා මනොවිඤ්ඤාණවිඤ්ඤෙය්යා,{1} අනිච්චා, ජරාභිභූතා.
Sinhala BJT807. එක් ප්‍රකාරයෙකින් ඥානවස්තු වෙයි: පඤ්චවිඥානයෝ හේතුහු නො වෙති අහේතුකයෝ ය, හේතුවිප්‍රයුක්තයෝ ය, සප්‍රත්‍යයෝ ය, සඞ්ඛතයෝ ය, අරූපයෝ ය, ලෞකිකයෝ ය, සාස්‍රවයෝ ය, සංයෝජනියෝ ය, ග්‍රන්‍ථනීයයෝ ය, ඕඝනීයයෝ ය, යෝගනීයයෝ ය, නීවරණියයෝ ය, පරාමෘෂ්ටයෝ ය, උපාදානියයෝ ය, සාංක්ලේශිකයෝ ය, අව්‍යාකෘතයෝ ය, සාලම්බනයෝ ය, අචෛතසිකයෝ ය, විපාකයෝ ය, උපාදින්නෝපාදානියයෝ ය, අසංක්ලිෂ්ටසාංක්ලේශිකයෝ ය, සවිතර්‍කසවිචාරයෝ නො වෙති, අවිතර්‍කවිචාරමාත්‍ර නො වෙති, අවිතර්‍කඅවිචාරයෝ ය, ප්‍රීතිසහගත නො වෙති, නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ ය, නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු ය, නො ම ආචයගාමී නො ද අපචයගාමීහ, නො ම ශෛක්‍ෂ නො ද අශෛක්‍ෂයෝ ය, පරිත්තයෝ ය, කාමාවචරයෝ ය, රූපාවචර නො වෙති, අරූපාවචර නො වෙති, පර්‍ය්‍යාපන්නයෝ ය, අපර්‍ය්‍යාපන්න නො වෙති, අනියතයෝ ය, අනෛර්‍ය්‍යාණිකයෝ ය, උත්පන්නයෝ ය, මනෝවිඥානයෙන් දත යුත්තාහ, අනිත්‍යයෝ ය, ජරාභිභූතයහ.
Pali BJTපඤ්චවිඤ්ඤාණා{*} උප්පන්නවත්ථුකා, උප්පන්නාරම්මණා, පුරෙජාතවත්ථුකා, පුරෙජාතාරම්මණා, අජ්ඣත්තිකවත්ථුකා, බාහිරාරම්මණා, අසම්භින්නවත්ථුකා, අසම්භින්නාරම්මණා, නානාවත්ථුකා, නානාරම්මණා, න අඤ්ඤමඤ්ඤස්ස ගොචරවිසයං පච්චනුභොන්ති, න අසමන්නාහාරා උප්පජ්ජන්ති, න අමනසිකාරා උප්පජ්ජන්ති, න අබ්බොකිණ්ණා උප්පජ්ජන්ති, න අපුබ්බං අචරිමං උප්පජ්ජන්ති. න අඤ්ඤමඤ්ඤස්ස සමනන්තරා උප්පජ්ජන්ති.
Sinhala BJTපඤ්චවිඥානයෝ උත්පන්නවස්තුකයෝ ය, උත්පන්නාලම්බනයෝ ය, පුරේජාතවස්තුකයෝ ය, පුරේජාතආලම්බනයෝ ය, ආධ්‍යාත්මිකවස්තුකයෝ ය, බාහිරාලම්බනයෝ ය, නිරුද්ධ නො වූ වස්තු ඇත්තාහු ය, නිරුද්ධ නො වූ ආලම්බන ඇත්තාහු ය, නානාවස්තුකයෝ ය, නානාලම්බනයෝ ය, අන්‍යෝන්‍යගෝචරවිෂය නො විඳිති, සමන්‍වාහාර රහිත වැ නූපදිති, මනසිකාර රහිත වැ නූපදිති, අව්‍යාකීර්‍ණ ව නූපදිති, පෙරපසු නො වැ නූපදිති, අන්‍යොන්‍යයන්ට සමනන්තර ව නූපදිත්.
Pali BJTපඤ්චවිඤ්ඤාණා අනාභොගා. පඤ්චහි විඤ්ඤාණෙහි න කිඤ්චි ධම්මං පටිජානාති අඤ්ඤත්ර අභිනිපාතමත්තා. පඤ්චන්නං විඤ්ඤාණානං සමනන්තරාපි න කිඤ්චි ධම්මං පටිවිජානාති. පඤ්චහි විඤ්ඤාණෙහි න කිඤ්චි ඉරියාපථං කප්පෙති. පඤ්චන්නං විඤ්ඤාණානං සමනන්තරාපි න කිඤ්චි ඉරියාපථං කප්පෙති. පඤ්චහි විඤ්ඤාණෙහි න කායකම්මං න වචීකම්මං පට්ඨපෙති පඤ්චන්නං විඤ්ඤාණානං සමනන්තරාපි න කායකම්මං න වචීකම්මං පට්ඨපෙති. පඤ්චහි විඤ්ඤාණෙහි න කුසලාකුසලං ධම්මං සමාදියති. පඤ්චන්නං විඤ්ඤාණානං සමනන්තරාපි න කුසලාකුසලං ධම්මං සමාදියති. පඤ්චහි විඤ්ඤාණෙහි න සමාපජ්ජති, න වුට්ඨාති. පඤ්චන්නං විඤ්ඤාණානං සමනන්තරාපි න සමාපජ්ජති, න වුට්ඨාති. පඤ්චහි විඤ්ඤාණෙහි න චවති, න උප්පජ්ජති. පඤ්චන්නං විඤ්ඤාණානං සමනන්තරාපි න චවති, න උප්පජ්ජති. පඤ්චහි විඤ්ඤාණෙහි න සුපති, න පටිබුජ්ඣති, න සුපිනං පස්සති. පඤ්චන්නං විඤ්ඤාණානං සමනන්තරාපි න සුපති, න පටිබුජ්ඣති, න සුපිනං පස්සති. යාථාවක{2} වත්ථු විභාවනා පඤ්ඤා.
Sinhala BJTපඤ්චවිඥානයෝ ආභෝග රහිතයෝ ය, අභිනිපාතමාත්‍රයක් (හමුවට පැමිණි) රූපාදි අරමුණු හැර පඤ්චවිඥානයන්ගෙන් (කුශලාකුශලාදි) කිසි ධර්‍මයක් නො දැනගනී. පඤ්චවිඥානයන්ට සමනන්තර ව ද කිසි ධර්‍මයක් නො දැනගනී. පඤ්චවිඥානයෙන් කිසි ඊර්‍ය්‍යාපථයක් නො කෙරෙයි, පඤ්චවිඥානයන්ට සමනන්තරව ද කිසි ඊර්‍ය්‍යාපථයෙක් නො කෙරෙයි, පඤ්චවිඥානයෙන් කායකර්‍මය වාක්කර්‍මය නො කෙරෙයි. පඤ්චවිඥානයන්ට සමනන්තරව ද කායකර්‍මය වාක්කර්‍මය නො කෙරෙයි. පඤ්චවිඥානයෙන් කුශලාකුශල ධර්‍මසමාදානය නො කෙරෙයි, පඤ්චවිඥානයන්ට සමනන්තරව ද කුශලාකුශලධර්‍ම සමාදානය නො කෙරෙයි, පඤ්චවිඥානයෙන් සමවතට නො පැමිණෙයි, සමවතින් නො නැඟෙයි, පඤ්චවිඥානයන්ට සමනන්තර ව ද සමවත් නො අවදියි, සමවතින් නො නැඟෙයි, පඤ්චවිඥානයන්ට සමනන්තරව ද ච්‍යුත නො වෙයි, නූපදී, පඤ්චවිඥානයෙන් නො හොවියි, නො පිබිදෙයි, සිහින නො දකියි, පඤ්චවිඥානයන්ට සමනන්තරව ද නො හොවී, නො පිබිදෙයි, සිහින නො දකියි, ඇති සැටි වස්තු ප්‍රකාශ කරන ප්‍රඥාව යි.
Pali BJTඑවං එකවිධෙන ඤාණවත්ථු.
Sinhala BJTමෙසේ එක් ප්‍රකාරයෙකින් ඥානවස්තු වේ.
Pali BJT808. දුවිධෙන ඤාණවත්ථු: ලොකියා පඤ්ඤා, ලොකුත්තරා පඤ්ඤා කෙනචි විඤ්ඤෙය්යා පඤ්ඤා, කෙනචි න විඤ්ඤෙය්යා පඤ්ඤා. සාසවා පඤ්ඤා, අනාසවා පඤ්ඤා. ආසවවිප්පයුත්තා සාසවා පඤ්ඤා, ආසවවිප්පයුත්තා අනාසවා පඤ්ඤා. සඤ්ඤොජනියා පඤ්ඤා. අසඤ්ඤොජනියා පඤ්ඤා සඤ්ඤොජනෙන විප්පයුත්තා සඤ්ඤොජනියා පඤ්ඤා, සඤ්ඤොජන විප්පයුත්තා අසඤ්ඤොජනියා පඤ්ඤා. ගන්ථනීයා පඤ්ඤා, අගන්ථනීයා පඤ්ඤා. ගන්ථවිප්පයුත්තා ගන්ථනීයා පඤ්ඤා, ගන්ථවිප්පයුත්තා අගන්ථනීයා පඤ්ඤා. ඔඝනීයා පඤ්ඤා, අනොඝනීයා පඤ්ඤා, ඔඝවිප්පයුත්තා ඔඝනීයා පඤ්ඤා ඔඝවිප්පයුත්තා අනොඝනීයා පඤ්ඤා. යොගනීයා පඤ්ඤා, අයොගනීයා පඤ්ඤා. යොගවිප්පයුත්තා යොගනීයා පඤ්ඤා, යොගවිප්පයුත්තා අයොගනීයා පඤ්ඤා. නීවරණියා පඤ්ඤා, අනීවරණියා පඤ්ඤා. නීවරණවිප්පයුත්තා නිවරණීයා පඤ්ඤා, නීවරණවිප්පයුත්තා අනීවරණියා පඤ්ඤා. පරාමට්ඨා පඤ්ඤා, අපරාමට්ඨා පඤ්ඤා. පරාමාසවිප්පයුත්තා පරාමට්ඨා පඤ්ඤා, පරාමාසවිප්පයුත්තා අපරාමට්ඨා පඤ්ඤා උපාදින්නා පඤ්ඤා අනුපාදින්නා පඤ්ඤා. උපාදානියා පඤ්ඤා අනුපාදානියා පඤ්ඤා. උපාදානවිප්පයුත්තාඋපාදානියා පඤ්ඤා, උපාදානවිප්පයුත්තා අනුපාදානියා පඤ්ඤා. සංකිලෙසිකා පඤ්ඤා, අසංකිලෙසිකා පඤ්ඤා කිලෙසවිප්පයුත්තා සංකිලෙසිකා පඤ්ඤා, කිලෙසවිප්පයුත්තා අසංකිලෙසිකා පඤ්ඤා. සවිතක්කා පඤ්ඤා, අවිතක්කා පඤ්ඤා. සවිචාරා පඤ්ඤා, අවිචාරා පඤ්ඤා. සප්පීතිකා පඤ්ඤා, අප්පීතිකා පඤ්ඤා. පීතිසහගතා පඤ්ඤා. න පීතිසහගතා පඤ්ඤා. සුඛසහගතා පඤ්ඤා, න සුඛසහගතා පඤ්ඤා උපෙක්ඛාසහගතා පඤ්ඤා, න උපෙක්ඛාසහගතා පඤ්ඤා. කාමාවචරා පඤ්ඤා, න කාමාවචරා පඤ්ඤා. රූපාවචරා පඤ්ඤා, න රූපාවචරා පඤ්ඤා. අරූපාවචරා පඤ්ඤා, න අරූපාවචරා පඤ්ඤා පරියාපන්නා පඤ්ඤා, අපරියාපන්නා පඤ්ඤා. නිය්යානිකා පඤ්ඤා, අනිය්යානිකා පඤ්ඤා. නියතා පඤ්ඤා, අනියතා පඤ්ඤා, සඋත්තරා පඤ්ඤා, අනුත්තරා පඤ්ඤා. අත්ථජාපිකා පඤ්ඤා, ජාපිතත්ථා පඤ්ඤා.
Sinhala BJT808. ද්විප්‍රකාරයෙකින් ඥානවස්තු වෙයි: ලෞකික ප්‍රඥා ය, ලෝකෝත්තර ප්‍රඥා යි. කිසි විඥානයෙකින් දතයුතු ප්‍රඥා ය, කිසි විඥානයෙකින් නො දතයුතු ප්‍රඥා යි. සාස්‍රව ප්‍රඥා ය, අනාස්‍රවප්‍රඥා යි. ආස්‍රවවිප්‍රයුක්තසාස්‍රවප්‍රඥා ය, ආස්‍රවවිප්‍රයුක්තඅනාස්‍රවප්‍රඥා යි. සංයෝජනියප්‍රඥා ය, අසංයෝජනියප්‍රඥා යි. සංයෝජනවිප්‍රයුක්තසංයෝජනියප්‍රඥා ය, සංයෝජනවිප්‍රයුක්තඅසංයෝජනියප්‍රඥා යි. ග්‍රන්‍ථනීයප්‍රඥා ය, අග්‍රන්‍ථනීයප්‍රඥා යි. ග්‍රන්‍ථවිප්‍රයුක්තග්‍රන්‍ථනීයප්‍රඥා ය, ග්‍රන්‍ථවිප්‍රයුක්තඅග්‍රන්‍ථනීයප්‍රඥා යි. ඕඝනීයප්‍රඥා ය, අනෝඝනීයප්‍රඥා යි. ඕඝවිප්‍රයුක්තඕඝනීය ප්‍රඥා ය, ඕඝවිප්‍රයුක්තඅනෝඝනීයප්‍රඥා යි. යෝගනීයප්‍රඥා ය, අයෝගනීයප්‍රඥා යි. යෝගවිප්‍රයුක්තයෝගනීයප්‍රඥා ය, යෝගවිප්‍රයුක්තඅයෝගනීයප්‍රඥා යි. නීවරණියප්‍රඥා ය, අනීවරණියප්‍රඥා යි. නීවරණවිප්‍රයුක්තනීවරණියප්‍රඥා ය, නීවරණවිප්‍රයුක්තඅනීවරණියප්‍රඥා යි. පරාමෘෂ්ටප්‍රඥා ය, අපරාමෘෂ්ටප්‍රඥා යි. පරාමර්‍ශවිප්‍රයුක්තපරාමෘෂ්ටප්‍රඥා ය, පරාමර්‍ශවිප්‍රයුක්තඅපරාමෘෂ්ටප්‍රඥා යි. උපාදින්නප්‍රඥා ය, අනුපාදින්නප්‍රඥා යි. උපාදානියප්‍රඥා ය, අනුපාදානියප්‍රඥා යි. උපාදානවිප්‍රයුක්තඋපාදානියප්‍රඥා ය, උපාදානවිප්‍රයුක්තඅනුපාදානියප්‍රඥා යි. සාංක්ලේශිකප්‍රඥා ය, අසාංක්ලේශිකප්‍රඥා යි. ක්ලේශවිප්‍රයුක්තසාංක්ලේශිකප්‍රඥා ය, ක්ලේශවිප්‍රයුක්තඅසාංක්ලේශිකප්‍රඥා යි. සවිතර්‍කප්‍රඥා ය, අවිතර්‍කප්‍රඥා යි. සවිචාරප්‍රඥා ය, අවිචාරප්‍රඥා යි. සප්‍රීතිකප්‍රඥා ය, අප්‍රීතිකප්‍රඥා යි. ප්‍රීතිසහගතප්‍රඥා ය, ප්‍රීතිසහගත නො වූ ප්‍රඥා යි. සුඛසහගතප්‍රඥා ය, සුඛසහගත නො වූ ප්‍රඥා යි. උපේක්‍ෂාසහගතප්‍රඥා ය, උපේක්‍ෂාසහගත නො වූ ප්‍රඥා යි. කාමාවචරප්‍රඥා ය, කාමාවචර නො වූ ප්‍රඥා යි. රූපාවචරප්‍රඥා ය, රූපාවචර නො වූ ප්‍රඥා යි. අරූපාවචරප්‍රඥා ය, අරූපාවචර නො වූ ප්‍රඥා යි. පර්‍ය්‍යාපන්නප්‍රඥා ය, අපර්‍ය්‍යාපන්නප්‍රඥා යි. නෛර්‍ය්‍යාණිකප්‍රඥා ය, අනෛර්‍ය්‍යාණිකප්‍රඥා යි. නියතප්‍රඥා ය, අනියතප්‍රඥා යි. සඋත්තරප්‍රඥා ය, අනුත්තරප්‍රඥා යි. විපාක සඞ්ඛ්‍යාත අර්‍ත්‍ථ උපදවන ප්‍රඥා ය, උපදවන අර්‍ත්‍ථ ඇති ප්‍රඥා යි.
Pali BJTඑවං දුවිධෙන ඤාණවත්ථු.
Sinhala BJTමෙසේ ද්විප්‍රකාරයෙන් ඥානවස්තු වේ.
Pali BJT809. තිවිධෙන ඤාණවත්ථු: චින්තාමයා පඤ්ඤා සුතමයා පඤ්ඤා භාවනාමයා පඤ්ඤා, දානමයා පඤ්ඤා සීලමයා පඤ්ඤා භාවනාමයා පඤ්ඤා, අධිසීලෙ පඤ්ඤා අධිචිත්තෙ පඤ්ඤා අධිපඤ්ඤාය පඤ්ඤා, ආයකොසල්ලං අපායකොසල්ලං උපායකොසල්ලං, විපාකා පඤ්ඤා විපාකධම්මධම්මා පඤ්ඤා නෙවවිපාකනවිපාකධම්මධම්මා පඤ්ඤා, උපාදින්නුපාදානියා පඤ්ඤා අනුපාදින්නුපාදානියා පඤ්ඤා අනුපාදින්නානුපාදානියා පඤ්ඤා, සවිතක්කසවිචාරා පඤ්ඤා අවිතක්කවිචාරමත්තා පඤ්ඤා අවිතක්කඅවිචාරා පඤ්ඤා, පීතිසහගතා පඤ්ඤා සුඛසහගතා පඤ්ඤා උපෙක්ඛා සහගතා පඤ්ඤා, ආචයගාමිනී පඤ්ඤා අපචයගාමිනී පඤ්ඤා නෙවාචයගාමි{1} නාපචයගාමිනී පඤ්ඤා, සෙක්ඛා පඤ්ඤා අසෙක්ඛා පඤ්ඤා නෙවසෙක්ඛා නාසෙක්ඛා පඤ්ඤා, පරිත්තා පඤ්ඤා මහග්ගතා පඤ්ඤා අප්පමාණා පඤ්ඤා, පරිත්තාරම්මණා පඤ්ඤා මහග්ගතාරම්මණා පඤ්ඤා අප්පමාණාරම්මණා පඤ්ඤා, මග්ගාරම්මණා පඤ්ඤා මග්ගහෙතුකා පඤ්ඤා මග්ගාධිපතිනී පඤ්ඤා, උප්පන්නා පඤ්ඤා අනුප්පන්නා පඤ්ඤා උප්පාදිනී පඤ්ඤා, අතීතා පඤ්ඤා අනාගතා පඤ්ඤා පච්චුප්පන්නා පඤ්ඤා, අතීතාරම්මණා පඤ්ඤා අනාගතාරම්මණා පඤ්ඤා පච්චුප්පන්නාරම්මණා පඤ්ඤා, අජ්ඣත්තා පඤ්ඤා බහිද්ධා පඤ්ඤා අජ්ඣත්තබහිද්ධා පඤ්ඤා, අජ්ඣත්තාරම්මණා පඤ්ඤා බහිද්ධාරම්මණා පඤ්ඤා අජ්ඣත්තබහිද්ධාරම්මණා පඤ්ඤා.
Sinhala BJT809. ත්‍රිප්‍රකාරයෙන් ඥානවස්තු වෙයි: චින්තාමයප්‍රඥා ය, ශ්‍රැතමයප්‍රඥා ය, භාවනාමයප්‍රඥා යි. දානමයප්‍රඥා ය, ශීලමයප්‍රඥා ය, භාවනාමයප්‍රඥා යි. අධිශීලයෙහි ප්‍රඥා ය, අධිචිත්තයෙහි ප්‍රඥා ය, අධිප්‍රඥායෙහි ප්‍රඥා යි. වෘද්ධිකෞශල්‍ය ය, හානිකෞශල්‍ය ය, උපායකෞශල්‍ය යි. විපාකප්‍රඥා ය, විපාකස්වභාවධර්‍මප්‍රඥා ය, නෛවවිපාකනවිපාකස්වභාවධර්‍මප්‍රඥා යි. උපාදින්නෝපාදානියප්‍රඥා ය, අනුපාදින්නෝපාදානියප්‍රඥා ය, අනුපාදින්නඅනුපාදානියප්‍රඥා යි. සවිතර්‍කසවිචාරප්‍රඥා ය, අවිතර්‍කවිචාරමාත්‍රප්‍රඥා ය, අවිතර්‍කඅවිචාරප්‍රඥා යි. ප්‍රීතිසහගතප්‍රඥා ය, සුඛසහගතප්‍රඥා ය, උපේක්‍ෂාසහගතප්‍රඥා යි. ආචයගාමිනීප්‍රඥා ය, අපචයගාමිනීප්‍රඥා ය, නො ම ආචයගාමී නො ද අපචයගාමිනීප්‍රඥා යි. ශෛක්‍ෂප්‍රඥා ය, අශෛක්‍ෂප්‍රඥා ය, නො ම ශෛක්‍ෂ නො ද අශෛක්‍ෂප්‍රඥා යි. පරිත්තප්‍රඥා ය, මහද්ගතප්‍රඥා ය, අප්‍රමාණප්‍රඥා යි. පරිත්තාලම්බනප්‍රඥා ය, මහද්ගතාලම්බනප්‍රඥා ය, අප්‍රමාණාලම්බනප්‍රඥා යි. මාර්‍ගාලම්බනප්‍රඥා ය, මාර්‍ගහේතුකප්‍රඥා ය, මාර්‍ගාධිපතිප්‍රඥා යි. උත්පන්නප්‍රඥා ය, අනුත්පන්නප්‍රඥා ය, උත්පාදිනීප්‍රඥා යි. අතීතප්‍රඥා ය, අනාගතප්‍රඥා ය, ප්‍රත්‍යුත්පන්නප්‍රඥා යි. අතීතාලම්බනප්‍රඥා ය, අනාගතාලම්බනප්‍රඥා ය, ප්‍රත්‍යුත්පන්නාලම්බනප්‍රඥා යි. අධ්‍යාත්මප්‍රඥා ය, බාහිරප්‍රඥා ය, අධ්‍යාත්මබාහිරප්‍රඥා යි. අධ්‍යාත්මාලම්බනප්‍රඥා ය, බාහිරාලම්බනප්‍රඥා ය, අධ්‍යාත්මබාහිරාලම්බනප්‍රඥා යි.
Pali BJTසවිතක්කසවිචාරා පඤ්ඤා අත්ථි විපාකා අත්ථි විපාකධම්මධම්මා අත්ථි නෙවවිපාකනවිපාකධම්මධම්මා, අත්ථි උපාදින්නුපාදානියා. අත්ථි අනුපාදින්නුපාදානියා අත්ථි අනුපාදින්නඅනුපාදානියා, අත්ථි පීති සහගතා අත්ථි සුඛසහගතා අත්ථි උපෙක්ඛාසහගතා, අත්ථි ආචයගාමිනී අත්ථි අපචයගාමිනී අත්ථි නෙවාචයගාමිනාපචයගාමිනී, අත්ථි සෙක්ඛා අත්ථි අසෙක්ඛා අත්ථි නෙවසෙක්ඛා නාසෙක්ඛා, අත්ථි පරිත්තා අත්ථි මහග්ගතා අත්ථි අප්පමාණා, අත්ථි පරිත්තාරම්මණා අත්ථි මහග්ගතාරම්මණා අත්ථි අප්පමාණාරම්මණා, අත්ථි මග්ගාරම්මණා අත්ථි මග්ගහෙතුකා අත්ථි මග්ගාධිපතිනී, අත්ථි උප්පන්නා අත්ථි අනුප්පන්නා අත්ථි උප්පාදිනී, අත්ථි අතීතා අත්ථි අනාගතා අත්ථි පච්චුප්පන්නා, අත්ථි අතීතාරම්මණා අත්ථි අනාගතාරම්මණා අත්ථි පච්චුප්පන්නාරම්මණා, අත්ථි අජ්ඣත්තා අත්ථි බහිද්ධා අත්ථි අජ්ඣත්තබහිද්ධා, අත්ථි අජ්ඣත්තාරම්මණා අත්ථි බහිද්ධාරම්මණා අත්ථි අජ්ඣත්තබහිද්ධාරම්මණා.
Sinhala BJTසවිතර්‍කසවිචාරප්‍රඥාව විපාක වූයෙක් ඇත, විපාකස්වභාවධර්‍ම වූයෙක් ඇත, නො ම විපාක නො ද විපාකස්වභාවධර්‍ම වූයෙක් ඇති. උපාදින්නෝපාදානිය වූයෙක් ඇත, අනුපාදින්නෝපාදානිය වූයෙක් ඇත, අනුපාදින්නඅනුපාදානිය වූයෙක් ඇති. ප්‍රීතිසහගත වූයෙක් ඇත, සුඛසහගත වූයෙක් ඇත, උපේක්‍ෂාසහගත වූයෙක් ඇති. ආචයගාමිනී වූයෙක් ඇත, අපචයගාමිනී වූයෙක් ඇත, නො ම ආචයගාමී නො ද අපචයගාමිනී වූයෙක් ඇති. ශෛක්‍ෂ වූයෙක් ඇත, අශෛක්‍ෂ වූයෙක් ඇත, නො ම ශෛක්‍ෂ නො ද අශෛක්‍ෂ වූයෙක් ඇති. පරිත්ත වූයෙක් ඇත, මහද්ගත වූයෙක් ඇත, අප්‍රමාණ වූයෙක් ඇති. පරිත්තාලම්බන වූයෙක් ඇත. මහද්ගතාලම්බන වූයෙක් ඇත, අප්‍රමාණාලම්බන වූයෙක් ඇති. මාර්‍ගාලම්බන වූයෙක් ඇත, මාර්‍ගහේතුක වූයෙක් ඇත, මාර්‍ගාධිපති වූයෙක් ඇති. උත්පන්න වූයෙක් ඇත, අනුත්පන්න වූයෙක් ඇත, උත්පාදී වූයෙක් ඇති. අතීත වූයෙක් ඇත, අනාගත වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්න වූයෙක් ඇති. අතීතාලම්බන වූයෙක් ඇත, අනාගතාලම්බන වූයෙක් ඇති. ප්‍රත්‍යුත්පන්නාලම්බන වූයෙක් ඇති. අධ්‍යාත්ම වූයෙක් ඇත, බාහිර වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිර වූයෙක් ඇති. අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇති.
Pali BJTඅවිතක්කවිචාරමත්තා පඤ්ඤා අත්ථි විපාකා, අත්ථි විපාකධම්මධම්මා, අත්ථි නෙවවිපාකනවිපාකධම්මධම්මා, අත්ථි උපාදින්නුපාදානියා අත්ථි අනුපාදින්නුපාදානියා අත්ථි අනුපාදින්නඅනුපාදානියා. අත්ථි ආචයගාමිනී අත්ථි අපචයගාමිනී අත්ථි නෙවාචයගාමි නාපචයගාමිනී. අත්ථි සෙක්ඛා අත්ථි අසෙක්ඛා අත්ථි නෙවසෙක්ඛා නාසෙක්ඛා. අත්ථ උප්පන්නා අත්ථි අනුප්පන්නා අත්ථි උප්පාදිනී. අත්ථි අතීතා අත්ථි අනාගතා අත්ථි පච්චුප්පන්නා. අත්ථි අජ්ඣත්තා අත්ථි බහිද්ධා අත්ථි අජ්ඣත්තබහිද්ධා.
Sinhala BJTඅවිතර්‍කවිචාරමාත්‍රප්‍රඥාව විපාක වූයෙක් ඇත, විපාකස්වභාවධර්‍ම වූයෙක් ඇත, නෛවවිපාකනවිපාකස්වභාවධර්‍ම වූයෙක් ඇති. උපාදින්නෝපාදානිය වූයෙක් ඇත, අනුපාදින්නෝපාදානිය වූයෙක් ඇත, අනුපාදින්න අනුපාදානිය වූයෙක් ඇති. ආචයගාමී වූයෙක් ඇත, අපචයගාමී වූයෙක් ඇත, නෛවාචයගාමීනාපචයගාමී වූයෙක් ඇති. ශෛක්‍ෂ වූයෙක් ඇත, අශෛක්‍ෂ වූයෙක් ඇත, නෛවශෛක්‍ෂනාශෛක්‍ෂ වූයෙක් ඇති. උත්පන්න වූයෙක් ඇත, අනුත්පන්න වූයෙක් ඇත, උත්පාදී වූයෙක් ඇති. අතීත වූයෙක් ඇත, අනාගත වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්න වූයෙක් ඇති. අධ්‍යාත්ම වූයෙක් ඇත, බාහිර වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිර වූයෙක් ඇති.
Pali BJTඅවිතක්කඅවිචාරා පඤ්ඤා අත්ථි විපාකා අත්ථි විපාකධම්මධම්මා අත්ථි නෙවවිපාකනවිපාකධම්මධම්මා, අත්ථි උපාදින්නුපාදානියා අත්ථි අනුපාදින්නුපාදානියා අත්ථි අනුපාදින්නඅනුපාදානියා, අත්ථි පීතිසහගතා අත්ථි සුඛසහගතා අත්ථි උපෙක්ඛාසහගතා, අත්ථි ආචයගාමිනී අත්ථි අපචයගාමිනී අත්ථි නෙවාචයගාමි නාපචයගාමිනී, අත්ථි සෙක්ඛා අත්ථි අසෙක්ඛා අත්ථි නෙව, සෙක්ඛා නාසෙක්ඛා, අත්ථි පරිත්තාරම්මණා අත්ථි මහග්ගතාරම්මණා අත්ථි අප්පමාණාරම්මණා, අත්ථි මග්ගාරම්මණා අත්ථි මග්ගහෙතුකා අත්ථි මග්ගාධිපතිනී, අත්ථි උප්පන්නා අත්ථි අනුප්පන්නා අත්ථි උප්පාදිනී, අත්ථී අතීතා අත්ථි අනාගතා අත්ථි පච්චුප්පන්නා, අත්ථ අතීතාරම්මණා අත්ථි අනාගතාරම්මණා අත්ථි පච්චුප්පන්නාරම්මණා, අත්ථි අජ්ඣත්තා අත්ථි බහිද්ධා අත්ථි අජ්ඣත්තබහිද්ධා, අත්ථි අජ්ඣත්තාරම්මණා අත්ථි බහිද්ධාරම්මණා අථී අජ්ඣත්තබහිද්ධාරම්මණා.
Sinhala BJTඅවිතර්‍කඅවිචාරප්‍රඥාව විපාක වූයෙක් ඇත, විපාකස්වභාවධර්‍ම වූයෙක් ඇත, නෛවවිපාකනවිපාකස්වභාවධර්‍ම වූයෙක් ඇති. උපාදින්නෝපාදානිය වූයෙක් ඇත, අනුපාදින්නෝපාදානිය වූයෙක් ඇත, අනුපාදින්නඅනුපාදානිය වූයෙක් ඇති. ප්‍රීතිසහගත වූයෙක් ඇත, සුඛසහගත වූයෙක් ඇත, උපේක්‍ෂාසහගත වූයෙක් ඇති. ආචයගාමී වූයෙක් ඇත, අපචයගාමී වූයෙක් ඇත, නෛවාචයගාමීනාපචයගාමී වූයෙක් ඇති. ශෛක්‍ෂ වූයෙක් ඇත, අශෛක්‍ෂ වූයෙක් ඇත, නෛවශෛක්‍ෂනාශෛක්‍ෂ වූයෙක් ඇති. පරිත්තාලම්බන වූයෙක් ඇත, මහද්ගතාලම්බන වූයෙක් ඇත, අප්‍රමාණාලම්බන වූයෙක් ඇති. මාර්‍ගාලම්බන වූයෙක් ඇත, මාර්‍ගහේතුක වූයෙක් ඇත, මාර්‍ගාධිපති වූයෙක් ඇති. උත්පන්න වූයෙක් ඇත, අනුත්පන්න වූයෙක් ඇත, උත්පාදී වූයෙක් ඇති. අතීත වූයෙක් ඇත, අනාගත වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්න වූයෙක් ඇති. අතීතාලම්බන වූයෙක් ඇත, අනාගතාලම්බන වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්නාලම්බන වූයෙක් ඇති. අධ්‍යාත්ම වූයෙක් ඇත, බාහිර වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිර වූයෙක් ඇති. අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇති.
Pali BJTපීතිසහගතා පඤ්ඤා -පෙ- සුඛසහගතා පඤ්ඤා අත්ථි විපාකා අත්ථි විපාකධම්මධම්මා අත්ථි නෙවවිපාකනවිපාකධම්මධම්මා, අත්ථි උපාදින්නුපාදානියා අත්ථි අනුපාදින්නුපාදානියා අත්ථිඅනුපාදින්න අනුපාදානියා, අත්ථි සවිතක්කසවිචාරා අත්ථි අවිතක්කවිචාරමත්තා අත්ථි අවිතක්කඅවිචාරා, අත්ථි ආචයගාමිනී අත්ථි අපචයගාමිනී අත්ථි නෙවාචයගාමි නාපචයගාමිනී, අත්ථි සෙක්ඛා අත්ථි අසෙක්ඛා අත්ථි නෙවසෙක්ඛා නාසෙක්ඛා, අත්ථි පරිත්තාඅත්ථි මහග්ගතා අත්ථි අප්පමාණා, අත්ථි
Sinhala BJTප්‍රීතිසහගතප්‍රඥාව ... සුඛසහගතප්‍රඥාව විපාක වූයෙක් ඇත, විපාකස්වභාවධර්‍ම වූයෙක් ඇත, නෛවවිපාකනවිපාකස්වභාවධර්‍ම වූයෙක් ඇති. උපාදින්නෝපාදානිය වූයෙක් ඇත, අනුපාදින්නෝපාදානිය වූයෙක් ඇත, අනුපාදින්නඅනුපාදානිය වූයෙක් ඇති. සවිතර්‍කසවිචාර වූයෙක් ඇත, අවිතර්‍කවිචාරමාත්‍ර වූයෙක් ඇත, අවිතර්‍කඅවිචාර වූයෙක් ඇති. ආචයගාමී වූයෙක් ඇත, අපචයගාමී වූයෙක් ඇත, නෛවාචයගාමීනාපචයගාමී වූයෙක් ඇති. ශෛක්‍ෂ වූයෙක් ඇත, අශෛක්‍ෂ වූයෙක් ඇත, නෛවශෛක්‍ෂනාශෛක්‍ෂ වූයෙක් ඇති. පරිත්ත වූයෙක් ඇත, මහද්ගත වූයෙක් ඇත, අප්‍රමාණ වූයෙක් ඇති.
Pali BJTපරිත්තාරම්මණා අත්ථි මහග්ගතාරම්මණා අත්ථි අප්පමාණාරම්මණා, අත්ථි මග්ගාරම්මණා අත්ථි මග්ගහෙතුකා අත්ථි මග්ගාධිපතිනී, අත්ථි උප්පන්නා අත්ථි අනුප්පන්නා අත්ථි උප්පාදිනී, අත්ථි අතීතා අත්ථි අනාගතා අත්ථි පච්චුප්පන්නා, අත්ථි අතීතාරම්මණා අත්ථි අනාගතාරම්මණා අත්ථි පච්චුප්පන්නාරම්මණා, අත්ථි අජ්ඣත්තා අත්ථි බහිද්ධා අත්ථි අජ්ඣත්තබහිද්ධා, අත්ථි අජ්ඣත්තාරම්මණා අත්ථි බහිද්ධාරම්මණා අත්ථි අජ්ඣත්තබහිද්ධාරම්මණා.
Sinhala BJTපරිත්තාලම්බන වූයෙක් ඇත, මහද්ගතාලම්බන වූයෙක් ඇත, අප්‍රමාණාලම්බන වූයෙක් ඇති. මාර්‍ගාලම්බන වූයෙක් ඇත, මාර්‍ගාහේතුක වූයෙක් ඇත, මාර්‍ගාධිපති වූයෙක් ඇති. උත්පන්න වූයෙක් ඇත, අනුත්පන්න වූයෙක් ඇත, උත්පාදී වූයෙක් ඇති. අතීත වූයෙක් ඇත, අනාගත වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්න වූයෙක් ඇති. අතීතාලම්බන වූයෙක් ඇත, අනාගතාලම්බන වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්නාලම්බන වූයෙක් ඇති. අධ්‍යාත්ම වූයෙක් ඇත, බාහිර වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිර වූයෙක් ඇති. අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇති.
Pali BJTඋපෙක්ඛාසහගතා පඤ්ඤා අත්ථි විපාකා අත්ථි විපාකධම්මධම්මා අත්ථි නෙවවිපාකනවිපාකධම්මධම්මා. අත්ථි උපාදින්නුපාදානියා අත්ථි අනුපාදින්නුපාදානියා අත්ථි අනුපාදින්නඅනුපාදානියා, අත්ථි ආචයගාමිනී අත්ථි අපචයගාමිනී අත්ථි නෙවාචයගාමිනාපචයගාමිනී, අත්ථි සෙක්ඛා අත්ථි අසෙක්ඛා අත්ථි නෙවසෙක්ඛා නාසෙක්ඛා, අත්ථි පරිත්තා අත්ථි මහග්ගතා අත්ථි අප්පමාණා, අත්ථි පරිත්තාරම්මණා අත්ථි මහග්ගතාරම්මණා අත්ථි අප්පමාණාරම්මණා, අත්ථි මග්ගාරම්මණා අත්ථි මග්ගහෙතුකා අත්ථි මග්ගාධිපතිනී, අත්ථි උප්පන්නා අත්ථි අනුප්පන්නා අත්ථි උප්පාදිනී, අත්ථි අතීතා අත්ථි අනාගතා අත්ථි පච්චුප්පන්නා, අත්ථි අතීතාරම්මණා අත්ථි අනාගතාරම්මණා අත්ථි පච්චුප්පන්නාරම්මණා, අත්ථ අජ්ඣත්තා අත්ථි බහිද්ධා අත්ථි අජ්ඣත්තබහිද්ධා, අත්ථි අජ්ඣත්තාරම්මණා අත්ථි බහිද්ධාරම්මණා අත්ථි අජ්ඣත්තබහිද්ධාරම්මණා.
Sinhala BJTඋපේක්‍ෂාසහගතප්‍රඥාව විපාක වූයෙක් ඇත, විපාකස්වභාවධර්‍ම වූයෙක් ඇත, නෛවවිපාකනවිපාකස්වභාවධර්‍ම වූයෙක් ඇති. උපාදින්නෝපාදානිය වූයෙක් ඇත, අනුපාදින්නෝපාදානිය වූයෙක් ඇත, අනුපාදින්නඅනුපාදානිය වූයෙක් ඇති. ආචයගාමී වූයෙක් ඇත, අපචයගාමී වූයෙක් ඇත, නෛවාචයගාමීනාපචයගාමී වූයෙක් ඇති. ශෛක්‍ෂ වූයෙක් ඇත, අශෛක්‍ෂ වූයෙක් ඇත, නෛවශෛක්‍ෂනාශෛක්‍ෂ වූයෙක් ඇති. පරිත්ත වූයෙක් ඇත, මහද්ගත වූයෙක් ඇත, අප්‍රමාණ වූයෙක් ඇති. පරිත්තාලම්බන වූයෙක් ඇත, මහද්ගතාලම්බන වූයෙක් ඇත, අප්‍රමාණාලම්බන වූයෙක් ඇති. මාර්‍ගාලම්බන වූයෙක් ඇත, මාර්‍ගහේතුක වූයෙක් ඇත, මාර්‍ගාධිපති වූයෙක් ඇති. උත්පන්න වූයෙක් ඇත, අනුත්පන්න වූයෙක් ඇත, උත්පාදී වූයෙක් ඇති. අතීත වූයෙක් ඇත, අනාගත වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්න වූයෙක් ඇති. අධ්‍යාත්ම වූයෙක් ඇත, බාහිර වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිර වූයෙක් ඇති. අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇති.
Pali BJTඑවං තිවිධෙන ඤාණවත්ථු.
Sinhala BJTමෙසේ ත්‍රිප්‍රකාරයෙන් ඥානවස්තු වේ.
Pali BJT810. චතුබ්බිධෙන ඤාණවත්ථු: කම්මස්සකතං ඤාණං{1} සච්චානුලොමිකං ඤාණං මග්ගසමඞ්ගිස්ස ඤාණං ඵලසමඞ්ගිස්ස ඤාණං, දුක්ඛෙ ඤාණං දුක්ඛසමුදයෙ ඤාණං දුක්ඛනිරොධෙ ඤාණං දුක්ඛනිරොධගාමිනියා පටිපදා ඤාණං. කාමාවචරා පඤ්ඤා රූපාවචරා පඤ්ඤා අරූපාවචරා පඤ්ඤා අපරියාපන්නා පඤ්ඤා. ධම්මෙ ඤාණං අන්වයෙ ඤාණං පරිච්ඡෙදෙ{2} ඤාණං සම්මුතිඤාණං.{3} අත්ථි පඤ්ඤා ආචයාය නො අපචයාය අත්ථි පඤ්ඤා අපචයාය නො ආචයාය, අත්ථි පඤ්ඤා ආචයාය චෙව අපචයාය ච, අත්ථි පඤ්ඤා නෙවාචයාය නො අපචයාය. අත්ථි පඤ්ඤා නිබ්බිදාය නො පටිවෙධාය, අත්ථිපඤ්ඤා පටිවෙධාය නො නිබ්බිදාය, අත්ථි පඤ්ඤා නිබ්බිදාය චෙව පටිවෙධාය ච, අත්ථි පඤ්ඤා නෙව නිබ්බිදාය නොපටිවෙධාය. හානභාගිනී පඤ්ඤා. ඨිතිභාගිනී පඤ්ඤා, විසෙසභාගිනී පඤ්ඤා, නිබ්බෙධභාගිනී පඤ්ඤා.
Sinhala BJT810. චතුෂ්ප්‍රකාරයෙකින් ඥානවස්තු වෙයි: කර්‍මස්වකතාඥාන ය, සත්‍යානුලෝමික ඥාන ය, මාර්‍සමඞ්ගීහුගේ ඥාන ය, ඵලසමඞ්ගීහුගේ ඥාන යි. දුඃඛයෙහි ඥාන ය, දුඃඛසමුදයයෙහි ඥාන ය, දුඃඛනිරෝධයෙහි ඥාන ය, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදායෙහි ඥාන යි. කාමාවචරප්‍රඥා ය, රූපාවචරප්‍රඥා ය, අරූපාවචරප්‍රඥා ය, අපර්‍ය්‍යාපන්නප්‍රඥා යි. ධර්‍ම (මාර්‍ගප්‍රඥා) යෙහි ඥාන ය, අන්‍වය (කාරණ) යෙහි ඥාන ය, පරිච්ඡේදයෙහි (සිත පරිසිඳීමෙහි) ඥාන ය, සංවෘතිඥාන යි. ආචය පිණිස වූ අපචය පිණිස නො වූ ප්‍රඥායෙක් ඇත, අපචය පිණිස වූ ආචය පිණිස නො වූ ප්‍රඥායෙක් ඇත, ආචය පිණිසත් අපචය පිණිසත් වූ ප්‍රඥායෙක් ඇත, නො ම ආචය පිණිස වූ අපචය පිණිස නො වූ ප්‍රඥායෙක් ඇති. නිර්වේදය පිණිස වූ ප්‍රතිවේධය පිණිස නො වූ ප්‍රඥායෙක් ඇත, ප්‍රතිවේධය පිණිස වූ නිර්වේදය පිණිස නො වූ ප්‍රඥායෙක් ඇත, නිර්වේදය පිණිසත් ප්‍රතිවේධය පිණිසත් වූ ප්‍රඥායෙක් ඇත, නො ම නිර්වේදය පිණිස වූ ප්‍රතිවේධය පිණිස නො වූ ප්‍රඥායෙක් ඇති. හානභාගීප්‍රඥා ය, ස්ථිතිභාගී ප්‍රඥා ය, විශේෂභාගී ප්‍රඥා ය, නිර්වේදභාගී ප්‍රඥා යි.
Pali BJTචතස්සො පටිසම්භිදා, චතස්සො පටිපදා, චත්තාරි ආරම්මණානි, ජරාමරණෙ ඤාණං ජරාමරණසමුදයෙ ඤාණං ජරාමරණනිරොධෙ ඤාණං ජරාමරණනිරොධගාමිනියා පටිපදාය ඤාණං. ජාතියා ඤාණං -පෙ- භවෙ ඤාණං -පෙ- උපාදානෙ -ඤාණං -පෙ- තණ්හාය ඤාණං -පෙ- වෙදනාය ඤාණං -පෙ- ඵස්සෙ ඤාණං -පෙ- සළායතනෙ ඤාණං -පෙ- නාමරූපෙ ඤාණං -පෙ- විඤ්ඤාණෙ ඤාණං -පෙ- සඞ්ඛාරෙසු ඤාණං සඞ්ඛාරසමුදයෙ ඤාණං සඞ්ඛාරනිරොධෙ ඤාණං සඞ්ඛාරනිරොධගාමිනියා පටිපදාය ඤාණං.
Sinhala BJTසතර ප්‍රතිසංවිද්ඥාන ය, සතර ප්‍රතිපද්ඥාන ය, සතර ආරම්මණයෝ යැ, ජරාමරණයෙහි ඥාන ය, ජරාමරණසමුදයයෙහි ඥාන ය, ජරාමරණනිරෝධයෙහි ඥාන ය, ජරාමරණනිරෝධගාමිනීප්‍රතිපදායෙහි ඥාන යි. ජාතියෙහි ඥාන ය ... භවයෙහි ඥාන ය ... උපාදානයෙහි ඥාන ය ... තෘෂ්ණායෙහි ඥාන ය ... වේදනායෙහි ඥාන ය ... ස්පර්‍ශයෙහි ඥාන ය ... ෂඩායතනයෙහි ඥාන ය ... නාමරූපයෙහි ඥාන ය ... සංස්කාරයන්හි ඥාන ය, සංස්කාරසමුදයයෙහි ඥාන ය, සංස්කාරනිරෝධයෙහි ඥාන ය, සංස්කාරනිරෝධගාමිනීප්‍රතිපදායෙහි ඥාන යි.
Pali BJTඑවං චතුබ්බිධෙන ඤාණවත්ථු.
Sinhala BJTමෙසේ චතුෂ්ප්‍රකාරයෙන් ඥානවස්තු වේ.
Pali BJT811. පඤ්චවිධෙන ඤාණවත්ථු: පඤ්චඞ්ගිකො සම්මාසමාධි, පඤ්ච ඤාණිකො සම්මාසමාධි, එවං පඤ්චවිධෙන ඤාණවත්ථු.
Sinhala BJT811. පඤ්චප්‍රකාරයෙකින් ඥානවස්තු වෙයි: පඤ්චාඞ්ග වූ සම්‍යක්සමාධි ය, පඤ්චඥානික වූ සම්‍යක්සමාධි ය, මෙසේ පඤ්චප්‍රකාරයෙන් ඥානවස්තු වේ.
Pali BJT812. ඡබ්බිධෙන ඤාණවත්ථු: ඡසු අභිඤ්ඤාසු පඤ්ඤා, එවං ඡබ්බිධෙන ඤාණවත්ථු.
Sinhala BJT812. ෂට්ප්‍රකාරයෙකින් ඥානවස්තු වෙයි: ෂට් අභිඥාවන්හි ප්‍රඥා යි. මෙසේ ෂට්ප්‍රකාරයෙන් ඥානවස්තු වේ.
Pali BJT813. සත්තවිධෙන ඤාණවත්ථු: සත්තසත්තති ඤාණවත්ථූනි, එවං සත්තවිධෙන ඤාණවත්ථු.
Sinhala BJT813. සප්තප්‍රකාරයෙකින් ඥානවස්තු වෙයි: සත්සැත්තෑ ඥානවස්තූහු ය, මෙසේ සප්තප්‍රකාරයෙන් ඥානවස්තු වේ.
Pali BJT814. අට්ඨවිධෙන ඤාණවත්ථු: චතුසු මග්ගෙසු චතුසු ඵලෙසු පඤ්ඤා, එවං අට්ඨවිධෙන ඤාණවත්ථු.
Sinhala BJT814. අෂ්ටප්‍රකාරයෙකින් ඥානවස්තු වෙයි: සතර මාර්‍ගයන්හි සතර ඵලයන්හි ප්‍රඥා යි. මෙසේ අෂ්ටප්‍රකාරයෙන් ඥානවස්තු වේ.
Pali BJT815. නවවිධෙන ඤාණවත්ථු: නවසු අනුපුබ්බවිහාරසමාපත්තීසු පඤ්ඤා. එවං නවවිධෙන ඤාණවත්ථු.
Sinhala BJT815. නවප්‍රකාරයෙකින් ඥානවස්තු වෙයි: නව අනුපූර්‍වවිහාරසමාපත්තීන්හි ප්‍රඥා යි. මෙසේ නවප්‍රකාරයෙන් ඥානවස්තු වේ.
Pali BJT816. දසවිධෙන ඤාණවත්ථු: දස තථාගතස්ස තථාගතබලානි: යෙහි බලෙහි සමන්නාගතො තථාගතො ආසභං ඨානං පටිජානාති. පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති, කතමානි දස: ඉධ තථාගතො ඨානඤ්ච ඨානතො අට්ඨානඤ්ච අට්ඨානතො යථාභූතං පජානාති, යම්පි තථාගතො ඨානඤ්ච ඨානතො අට්ඨානඤ්ච අට්ඨානතො යථාභූතං පජානාති, ඉදම්පි තථාගතස්ස තථාගතබලං හොති, යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති.
Sinhala BJT816. දශප්‍රකාරයෙකින් ඥානවස්තු වෙයි: තථාගතයන් වහන්සේගේ තථාගත බලයෝ දශ දෙනෙකි: යම් බලයෙකින් සමන්‍වාගත වූ තථාගතයෝ ශ්‍රේෂ්ඨස්ථානය ප්‍රතිඥා කෙරෙත් ද, පිරිස්හි සිංහනාද කෙරෙත් ද, ශ්‍රේෂ්ඨ වූ ධර්‍මචක්‍රය පවත්වත් ද, එබඳු බලයෝ යි. කවර දශබලයෙක් ද යත්: මෙහි තථාගතයෝ කාරණය කාරණ හෙයින් ද, අකාරණය අකාරණ හෙයින් ද, ඇතිසැටියෙන් දැනගනිති. යම් ඥානයෙකින් තථාගතයෝ කාරණය කාරණ හෙයින් ද, අකාරණය අකාරණ හෙයින් ද, ඇති සැටියෙන් දැනගනිත් නම් මෙ ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි. යම් බලයකට පැමිණ තථාගතයෝ ශ්‍රේෂ්ඨස්ථානය ප්‍රතිඥා කෙරෙත් ද, පිරිස්හි සිංහනාද කෙරෙත් ද, ශ්‍රේෂ්ඨ වූ ධර්‍මචක්‍රය පවත්වත් ද එබඳු බලයෙකි.
Pali BJTපුන චපරං තථාගතො අතීතානාගතපච්චුප්පන්නානං කම්මසමාදානානං ඨානසො හෙතුසො විපාකං යථාභූතං පජානාති, යම්පි තථාගතො අතීතානාගතපච්චුප්පන්නානං කම්මසමාදානානං ඨානසො හෙතුසො විපාකං යථාභූතං පජානාති, ඉදම්පි තථාගතස්ස තථාගත බලං හොති, යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති.
Sinhala BJTතවද තථාගතයෝ අතීතානාගතප්‍රත්‍යුත්පන්න වූ කර්‍මසමාදානයන්ගේ විපාකය කාරණ වශයෙන් හේතු වශයෙන් ඇති සැටියෙන් දැනගනිති. යම් ඥානයෙකින් තථාගතයෝ අතීතානාගතප්‍රත්‍යුත්පන්න වූ කර්‍මසමාදානයන්ගේ විපාකය කාරණ වශයෙන් හේතු වශයෙන් දැනගනිත් නම් මෙ ද තථාගතයන්ගේ තථාගතබලයෙකි. යම් බලයකට පැමිණ තථාගතයෝ ශ්‍රේෂ්ඨස්ථානය ප්‍රතිඥා කෙරෙත් ද, පිරිස්හි සිංහනාද කෙරෙත් ද, ශ්‍රේෂ්ඨ වූ ධර්‍මචක්‍රය පවත්වත් ද එබඳු බලයෙකි.
Pali BJTපුන චපරං තථාගතො සබ්බත්ථගාමිනිං පටිපදං යථාභූතං පජානාති යම්පි තථාගතො සබ්බත්ථගාමිනිං පටිපදං යථාභූතං පජානාති ඉදම්පි තථාගතස්ස තථාගතබලං හොති, යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්වචක්කං පවත්තෙති.
Sinhala BJTතවද තථාගතයෝ සර්‍වත්‍රගාමීමාර්‍ගය ඇති සැටියෙන් දැනගනිති. යම් ඥානයෙකින් තථාගතයෝ සර්‍වත්‍රගාමීමාර්‍ගය ඇති සැටියෙන් දැනගනිත් නම් මෙ ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි. යම් බලයකට පැමිණ තථාගතයෝ ශ්‍රේෂ්ඨස්ථානය ප්‍රතිඥා කෙරෙත් ද, පිරිස්හි සිංහනාද කෙරෙත් ද, ශ්‍රේෂ්ඨ වූ ධර්‍මචක්‍රය පවත්වත් ද, එබඳු බලයෙකි.
Pali BJTපුන චපරං තථාගතො අනෙකධාතු නානාධාතු ලොකං යථාභූතං පජානාති, යම්පි තථාගතො අනෙකධාතු නානාධාතු ලොකං යථාභූතං පජානාති, ඉදම්පි තථාගතස්ස තථාගතබලං හොති, යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති.
Sinhala BJTතවද තථාගතයෝ අනේකධාතුනානාධාතුලෝකය ඇති සැටියෙන් දැනගනිති. යම් ඥානයෙකින් තථාගතයෝ අනේකධාතුනානාධාතුලෝකය ඇති සැටියෙන් දැනගනිත් නම් මෙ ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි. යම් බලයකට පැමිණ තථාගතයෝ ශ්‍රේෂ්ඨස්ථානය ප්‍රතිඥා කෙරෙත් ද, පිරිස්හි සිංහනාද කෙරෙත් ද, ශ්‍රේෂ්ඨ වූ බ්‍රහ්මචක්‍රය පවත්වත් ද, එබඳු බලයෙකි.
Pali BJTපුන චපරං තථාගතො සත්තානං නානාධිමුත්තිකතං යථාභූතං පජානාති, යම්පි තථාගතො සත්තානං නානාධිමුත්තිකතං යථාභූතං පජානාති, ඉදම්පි තථාගතස්ස තථාගතබලං හොති, යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති.
Sinhala BJTතවද තථාගතයෝ සත්ත්‍වයන්ගේ නානාධිමුත්තික බව ඇති සැටියෙන් දැනගනිති. යම් ඥානයෙකින් තථාගතයෝ සත්ත්‍වයන්ගේ නානාධිමුක්තික බව ඇති සැටියෙන් දැනගනිත් නම් මෙ ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි. යම් බලයකට පැමිණ තථාගතයෝ ශ්‍රේෂ්ඨස්ථානය ප්‍රතිඥා කෙරෙත් ද, පිරිස්හි සිංහනාද කෙරෙත් ද, ශ්‍රේෂ්ඨ වූ බ්‍රහ්මචක්‍රය පවත්වත් ද, එබඳු බලයෙකි.