Pali BJTසියා උප්පන්නා, සියා අනුප්පන්නා, න වත්තබ්බා උප්පාදිනොති.
Sinhala BJT(පඤ්චශික්‍ෂාපදයෝ) උත්පන්න ද වන්නාහ, අනුත්පන්න ද වන්නාහ, උප්පාදීහ යි නො කියයුත්තාහු ය.
Pali BJTසියා අතීතා, සියා අනාගතා, සියා පච්චුප්පන්නා.
Sinhala BJT(පඤ්චශික්‍ෂාපදයෝ) අතීත ද වන්නාහ, අනාගත ද වන්නාහ, ප්‍රත්‍යුත්පන්න ද වන්නාහු ය.
Pali BJTපච්චුප්පන්නාරම්මණා.
Sinhala BJT(පඤ්චශික්‍ෂාපදයෝ) ප්‍රත්‍යුත්පන්නාලම්බනයෝ ය.
Pali BJTසියා අජ්ඣත්තා, සියා බහිද්ධා, සියා අජ්ඣත්තබහිද්ධා.
Sinhala BJT(පඤ්චශික්‍ෂාපදයෝ) අධ්‍යාත්ම ද වන්නාහ, බාහිර ද වන්නාහ, අධ්‍යාත්මබාහිර ද වන්නාහු ය.
Pali BJTබහිද්ධාරම්මණා.
Sinhala BJT(පඤ්චශික්‍ෂාපදයෝ) බාහිරාලම්බනයෝ ය.
Pali BJTඅනිදස්සනඅප්පටිඝා.
Sinhala BJT(පඤ්චශික්‍ෂාපදයෝ) අනිදර්‍ශනඅප්‍රතිඝයෝ යි.
Pali BJT763. න හෙතු.
Sinhala BJT763. (පඤ්චශික්‍ෂාපදයෝ) හේතුහු නො වෙති.
Pali BJTසහෙතුකා.
Sinhala BJT(පඤ්චශික්‍ෂාපදයෝ) සහේතුකයෝ ය.
Pali BJTහෙතුසම්පයුත්තා.
Sinhala BJT(පඤ්චශික්‍ෂාපදයෝ) හේතුසම්ප්‍රයුක්තයෝ ය.
Pali BJTන වත්තබ්බා හෙතු චෙව සහෙතුකාතී, සහෙතුකාචෙව න ච හෙතු.
Sinhala BJT(පඤ්චශික්‍ෂාපදයෝ) හේතු ද වූ ම සහේතුකහ යි නො කියයුත්තාහ, සහේතුක ද වූවාහු ම නො ද හේතූහු වෙති.
Pali BJTන වත්තබ්බා හෙතු චෙව හෙතුසම්පයුත්තාති, හෙතුසම්පයුත්තාචෙව න ච හෙතු.
Sinhala BJT(පඤ්චශික්‍ෂාපදයෝ) හේතු ද වූ ම හේතුසම්ප්‍රයුක්තහ යි නො කියයුත්තාහ, හේතුසම්ප්‍රයුක්ත ද වූවාහු ම නො ද හේතුහු වෙති.
Pali BJTන හෙතු සහෙතුකා.
Sinhala BJT(පඤ්චශික්‍ෂාපදයෝ) හේතු නො වූ සහේතුකයෝ වෙත්.
Pali BJT764. සප්පච්චයා.
Sinhala BJT764. (පඤ්චශික්‍ෂාපදයෝ) සප්‍රත්‍යයෝ ය.
Pali BJTසඞ්ඛතා.
Sinhala BJT(පඤ්චශික්‍ෂාපදයෝ) සඞ්ඛතයෝ ය.
Pali BJTඅනිදස්සනා.
Sinhala BJT(පඤ්චශික්‍ෂාපදයෝ) අනිදර්‍ශනයෝ ය.
Pali BJTඅප්පටිඝා.
Sinhala BJT(පඤ්චශික්‍ෂාපදයෝ) අප්‍රතිඝයෝ ය.
Pali BJTඅරූපා.
Sinhala BJT(පඤ්චශික්‍ෂාපදයෝ) අරූපයෝ ය.
Pali BJTලොකියා.
Sinhala BJT(පඤ්චශික්‍ෂාපදයෝ) ලෞකිකයෝ ය.
Pali BJTකෙනචි විඤ්ඤෙය්යා, කෙනචි න විඤ්ඤෙය්යා.
Sinhala BJT(පඤ්චශික්‍ෂාපදයෝ) කිසි විඥානයෙකින්ග් දතයුත්තාහ, කිසි විඥානයෙකින්ග් නො දතයුත්තාහු යි.
Pali BJT765. නො ආසවා.
Sinhala BJT765. (පඤ්චශික්‍ෂාපදයෝ) ආස්‍රවයෝ නො වෙති.
Pali BJTසාසවා.
Sinhala BJT(පඤ්චශික්‍ෂාපදයෝ) සාස්‍රවයෝ ය.
Pali BJTආසවවිප්පයුත්තා.
Sinhala BJT(පඤ්චශික්‍ෂාපදයෝ) ආස්‍රවවිප්‍රයුක්තයෝ ය.
Pali BJTන වත්තබ්බා ආසවාචෙව සාසවාති. සාසවාචෙව නො ච ආසවා.
Sinhala BJT(පඤ්චශික්‍ෂාපදයෝ) ආස්‍රව ද වූ ම සාස්‍රවහ යි නො කියයුත්තාහ, සාස්‍රව ද වූවාහු ම නො ද ආස්‍රව වෙති.
Pali BJTන වත්තබ්බා ආසවා චෙව ආසවසම්පයුත්තාති’පි ආසවසම්පයුත්තා චෙව නො ච ආසවාතී’පි.
Sinhala BJT(පඤ්චශික්‍ෂාපදයෝ) ආස්‍රව ද වූ ම ආස්‍රවසම්ප්‍රයුක්තහ යි ද ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූ ම නො ද ආස්‍රවහ යි ද නො කියයුත්තාහු ය.
Pali BJTආසවවිප්පයුත්තා සාසවා.
Sinhala BJT(පඤ්චශික්‍ෂාපදයෝ) ආස්‍රවවිප්‍රයුක්තසාස්‍රවයෝ යි.
Pali BJT766. නො සඤ්ඤොජනා -පෙ- නො ගන්ථා -පෙ- නො ඔඝා -පෙ- නො යොගා -පෙ- නො නීවරණා -පෙ- නො පරාමාසා -පෙ-
Sinhala BJT766. (පඤ්චශික්‍ෂාපදයෝ) සංයෝජනයෝ නො වෙති ... ග්‍රන්‍ථයෝ නො වෙති ... ඕඝයෝ නො වෙති ... යෝගයෝ නො වෙති ... නීවරණයෝ නො වෙති ... පරාමර්‍ශයෝ නො වෙති. ...
Pali BJT767. සාරම්මණා.
Sinhala BJT767. (පඤ්චශික්‍ෂාපදයෝ) සාලම්බනයෝ ය.
Pali BJTනො චිත්තා.
Sinhala BJT(පඤ්චශික්‍ෂාපදයෝ) චිත්තයෝ නො වෙති.
Pali BJTචෙතසිකා.
Sinhala BJT(පඤ්චශික්‍ෂාපදයෝ) චෛතසිකයෝ ය.
Pali BJTචිත්තසම්පයුත්තා.
Sinhala BJT(පඤ්චශික්‍ෂාපදයෝ) චිත්තසම්ප්‍රයුක්තයෝ ය.
Pali BJTචිත්තසංසට්ඨා.
Sinhala BJT(පඤ්චශික්‍ෂාපදයෝ) චිත්තසංසෘෂ්ටයෝ ය.
Pali BJTචිත්තසමුට්ඨානා.
Sinhala BJT(පඤ්චශික්‍ෂාපදයෝ) චිත්තසමුත්‍ථානයෝ ය.
Pali BJTචිත්තසහභුනො.
Sinhala BJT(පඤ්චශික්‍ෂාපදයෝ) චිත්තසහභූ වෙති.
Pali BJTචිත්තානුපරිවත්තිනො.
Sinhala BJT(පඤ්චශික්‍ෂාපදයෝ) චිත්තානුපරිවර්තීහු ය.
Pali BJTචිත්තසංසට්ඨසමුට්ඨානා.
Sinhala BJT(පඤ්චශික්‍ෂාපදයෝ) චිත්තසංසෘෂ්ටසමුත්‍ථානයෝ ය.
Pali BJTචිත්තසංසට්ඨසමුට්ඨානසහභුනො.
Sinhala BJT(පඤ්චශික්‍ෂාපදයෝ) චිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූ වෙති.
Pali BJTචිත්තසංසට්ඨසමුට්ඨානානුපරිවත්තිනො.
Sinhala BJT(පඤ්චශික්‍ෂාපදයෝ) චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්තීහු ය.
Pali BJTබාහිරා.
Sinhala BJT(පඤ්චශික්‍ෂාපදයෝ) බාහිරයෝ ය.
Pali BJTනො උපාදා.
Sinhala BJT(පඤ්චශික්‍ෂාපදයෝ) උපාදා නො වෙති.
Pali BJTඅනුපාදින්නා.
Sinhala BJT(පඤ්චශික්‍ෂාපදයෝ) අනුපාදින්නයෝ යි.
Pali BJT768. නො උපාදානා -පෙ- නො කිලෙසා -පෙ-
Sinhala BJT768. (පඤ්චශික්‍ෂාපදයෝ) උපාදානයෝ නො වෙති ... (පඤ්චශික්‍ෂාපදයෝ) කෙලේශයෝ නො වෙති ...
Pali BJTන දස්සනෙන පහාතබ්බා.
Sinhala BJT(පඤ්චශික්‍ෂාපදයෝ) දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යයෝ නො වෙති.
Pali BJTන භාවනාය පහාතබ්බා.
Sinhala BJT(පඤ්චශික්‍ෂාපදයෝ) භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ නො වෙති.
Pali BJTන දස්සනෙන පහාතබ්බහෙතුකා.
Sinhala BJT(පඤ්චශික්‍ෂාපදයෝ) දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු නො වෙති.
Pali BJTන භාවනාය පහාතබ්බහෙතුකා.
Sinhala BJT(පඤ්චශික්‍ෂාපදයෝ) භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු නො වෙති.
Pali BJTසවිතක්කා.
Sinhala BJT(පඤ්චශික්‍ෂාපදයෝ) සවිතර්‍කයෝ ය.
Pali BJTසවිචාරා.
Sinhala BJT(පඤ්චශික්‍ෂාපදයෝ) සවිචාරයෝ ය.
Pali BJTසියා සප්පීතිකා, සියා අප්පීතිකා.
Sinhala BJT(පඤ්චශික්‍ෂාපදයෝ) සප්‍රීතික ද වන්නාහ, අප්‍රීතික ද වන්නාහු ය.
Pali BJTසියා පීතිසහගතා, සියා න පීතිසහගතා.
Sinhala BJT(පඤ්චශික්‍ෂාපදයෝ) ප්‍රීතිසහගත ද වන්නාහ, ප්‍රීතිසහගත නො ද වන්නාහු ය.
Pali BJTසියා සුඛසහගතා, සියා න සුඛසහගතා.
Sinhala BJT(පඤ්චශික්‍ෂාපදයෝ) සුඛසහගත ද වන්නාහ, සුඛසහගත නො ද වන්නාහු ය.
Pali BJTසියා උපෙක්ඛාසහගතා, සියා න උපෙක්ඛාසහගතා.
Sinhala BJT(පඤ්චශික්‍ෂාපදයෝ) උපේක්‍ෂාසහගත ද වන්නාහ, උපේක්‍ෂාසහගත නො ද වන්නාහු ය.
Pali BJTකාමාවචරා.
Sinhala BJT(පඤ්චශික්‍ෂාපදයෝ) කාමාවචරයෝ ය.
Pali BJTන රූපාවචරා.
Sinhala BJT(පඤ්චශික්‍ෂාපදයෝ) රූපාවචරයෝ නො වෙති.
Pali BJTන අරූපාවචාරා.
Sinhala BJT(පඤ්චශික්‍ෂාපදයෝ) අරූපාවචරයෝ නො වෙති.
Pali BJTපරියාපන්නා.
Sinhala BJT(පඤ්චශික්‍ෂාපදයෝ) පර්‍ය්‍යාපන්නයෝ ය.
Pali BJTඅනිය්යානිකා.
Sinhala BJT(පඤ්චශික්‍ෂාපදයෝ) අනෛර්‍ය්‍යාණිකයෝ ය.
Pali BJTඅනියතා.
Sinhala BJT(පඤ්චශික්‍ෂාපදයෝ) අනියතයෝ ය.
Pali BJTසඋත්තරා.
Sinhala BJT(පඤ්චශික්‍ෂාපදයෝ) සඋත්තරයෝ ය.
Pali BJTඅරණාති.
Sinhala BJT(පඤ්චශික්‍ෂාපදයෝ) අරණයෝ යි.
Pali BJTපඤ්හපුච්ඡකං.
Sinhala BJTපඤ්හපුච්ඡක යි.
Pali BJTසුක්ඛාපදවිභඞ්ගො නිට්ඨිතො.
Sinhala BJTශික්‍ෂාපදවිභඞ්ග නිමි.
Pali BJT15. පටිසම්භිදා විභඞ්ගො
Sinhala BJT15. පටිසම්භිදා විභඞ්ගය
Pali BJT769. චතස්සො පටිසම්භිදා: අත්ථ පටිසම්භිදා, ධම්මපටිසම්භිදා, නිරුත්තිපටිසම්භිදා, පටිභානපටිසම්භිදා, අත්ථෙ ඤාණං අත්ථපටිසම්භිදා, ධම්මෙ ඤාණං ධම්මපටිසම්භිදා, තත්ර ධම්මනිරුත්තාභිලාපෙ ඤාණං නිරුත්තිපටිසම්භිදා, ඤාණෙසු ඤාණං පටිභානපටිසම්භිදා,
Sinhala BJT769. ප්‍රතිසංවිදා සතරෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, ධර්‍මප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. අර්‍ත්‍ථයෙහි (ප්‍රභේදගත) ඥානය අර්‍ත්‍ථ ප්‍රතිසංවිදාය, ධර්‍මයෙහි (ප්‍රභේදගත) ඥානය ධර්‍මප්‍රතිසංවිදාය, ඒ අර්‍ත්‍ථයෙහි හා ධර්‍මයෙහි ස්වභාවනිරුක්ති සඞ්ඛ්‍යාතශබ්දයෙහි ප්‍රභේදගත ඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, සර්‍වත්‍රඥානයෙහි ප්‍රභේදගත ඥානය ප්‍රතිභානසංවිදා යි.
Pali BJT770. චතස්සො පටිසම්භිදා: අත්ථපටිසම්භිදා, ධම්මපටිසම්භිදා, නිරුත්තිපටිසම්භිදා, පටිභානපටිසම්භිදා. දුක්ඛෙ ඤාණං අත්ථපටිසම්භිදා, දුක්ඛසමුදයෙ ඤාණං ධම්මපටිසම්භිදා, දුක්ඛනිරොධෙ ඤාණං අත්ථපටිසම්භිදා, දුක්ඛනිරොධගාමිනියා පටිපදාය ඤාණං ධම්මපටිසම්භිදා, තත්ර ධම්මනිරුත්තාභිලාපෙ ඤාණං නිරුත්තිපටිසම්භිදා, ඤාණෙසු ඤාණං පටිභානපටිසම්භිදා,
Sinhala BJT770. ප්‍රතිසංවිදා සතරෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, ධර්‍මප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. දුඃඛයෙහි ප්‍රභේදගත ඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, දුඃඛසමුදයයෙහි ප්‍රභේදගත ඥානය ධර්‍මප්‍රතිසංවිදාය, දුඃඛනිරෝධයෙහි ප්‍රභේදගත ඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදායෙහි ප්‍රභේදගත ඥානය ධර්‍මප්‍රතිසංවිදාය, එහි ස්වභාවනිරුක්ති ශබ්දයෙහි ප්‍රභේදගත ඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, ඥානයෙහි ප්‍රභේදගත ඥානය ප්‍රතිභාන ප්‍රතිසංවිදා යි.
Pali BJT771. චතස්සො පටිසම්භිදා: අත්ථ පටිසම්භිදා, ධම්මපටිසම්භිදා, නිරුත්තිපටිසම්භිදා, පටිභානපටිසම්භිදා, හෙතුම්හි ඤාණං ධම්මපටිසම්භිදා, හෙතුඵලෙ ඤාණං අත්ථපටිසම්භිදා, තත්ර ධම්මනිරුත්තාභිලාපෙ ඤාණං නිරුත්තිපටිසම්භිදා, ඤාණෙසු ඤාණං පටිභානපටිසම්භිදා.
Sinhala BJT771. ප්‍රතිසංවිදා සතරෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, ධර්‍මප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. හේතුයෙහි ප්‍රභේදගත ඥානය ධර්‍මප්‍රතිසංවිදාය, හේතුඵලයෙහි ප්‍රභේදගත ඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, එහි ස්වභාවනිරුක්තිශබ්දයෙහි ප්‍රභේදගත ඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, ඥානයෙහි ප්‍රභේදගත ඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
Pali BJT772. චතස්සො පටිසම්භිදා: අත්ථ පටිසම්භිදා, ධම්මපටිසම්භිදා, නිරුත්තිපටිසම්භිදා, පටිභානපටිසම්භිදා, යෙ ධම්මා ජාතා භූතා සඤ්ජාතා නිබ්බත්තා අභිනිබ්බත්තා පාතුභූතා ඉමෙසු ධම්මෙසු ඤාණං අත්ථපටිසම්භිදා, යෙහි ධම්මෙහි{1} තෙ ධම්මා ජාතා භූතා සඤ්ජාතා නිබ්බත්තා අභිනිබ්බත්තා පාතුභූතා තෙසු ධම්මෙසු ඤාණං ධම්මපටිසම්භිදා තත්ර ධම්මනිරුත්තාභිලාපෙ ඤාණං නිරුත්තිපටිසම්භිදා, ඤාණෙසු ඤාණං පටිභානපටිසම්භිදා,
Sinhala BJT772. ප්‍රතිසංවිදා සතරෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, ධර්‍මප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. යම් ධර්‍ම කෙනෙක් හටගත්තාහු, උපන්නාහු, ප්‍රත්‍යයසමවායයෙන් හටගත්තාහු, නිපන්නාහු, වෙසෙසින් නිපන්නාහු, පහළ වූවාහු වෙත් ද, මේ ධර්‍මයන්හි ප්‍රභේදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, යම් ධර්‍ම කෙනෙකුන් කෙරෙන් ඒ ධර්‍මයෝ හටගත්තාහු, උපන්නාහු, ප්‍රත්‍යයසමවායයෙන් හටගත්තාහු, නිපන්නාහු, වෙසෙසින් නිපන්නාහු, පහළ වූවාහු වෙත් ද, ඒ ධර්‍මයන්හි ප්‍රභේදගතඥානය ධර්‍මප්‍රතිසංවිදා ය, එහි ස්වභාවනිරුක්ති ශබ්දයෙහි ප්‍රභේදගතඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, ඥානයෙහි ප්‍රභේදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
Pali BJT773. චතස්සො පටිසම්භිදා: අත්ථපටිසම්භිදා, ධම්මපටිසම්භිදා, නිරුත්තිපටිසම්භිදා, පටිභානපටිසම්භිදා, ජරාමරණෙ ඤාණං අත්ථපටිසම්භිදා ජරාමරණසමුදයෙ ඤාණං ධම්මපටිසම්භිදා, ජරාමරණනිරොධෙ ඤාණං අත්ථපටිසම්භිදා, ජරාමරණ නිරොධගාමිනියා පටිපදාය ඤාණං ධම්මපටිසම්භිදා, තත්ර{2} ධම්මනිරුත්තාභිලාපෙ ඤාණං නිරුත්තිපටිසම්භිදා, ඤාණෙසු ඤාණං පටිභානපටිසම්භිදා,
Sinhala BJT773. ප්‍රතිසංවිදා සතරෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, ධර්‍මප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. ජරාමරණයෙහි ප්‍රභේදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, ජරාමරණ සමුදයෙහි ප්‍රභේදගතඥානය ධර්‍මප්‍රතිසංවිදා ය, ජරාමරණනිරෝධයෙහි ප්‍රභේදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, ජරාමරණනිරෝධගාමිනීප්‍රතිපදායෙහි ප්‍රභේදගතඥානය ධර්‍මප්‍රතිසංවිදා ය. එහි ස්වභාවනිරුක්තිශබ්දයෙහි ප්‍රභේදගතඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, සියලු තැන්හි ඥානයෙහි ප්‍රභේදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
Pali BJT774. චතස්සො පටිසම්භිදා: අත්ථපටිසම්භිදා, ධම්මපටිසම්භිදා, නිරුත්තිපටිසම්භිදා, පටිභානපටිසම්භිදා, ජාතියා ඤාණං -පෙ- භවෙ ඤාණං -පෙ- උපාදානෙ ඤාණං -පෙ- තණ්හාය ඤාණං -පෙ- වෙදනාය ඤාණං -පෙ- ඵස්සෙ ඤාණං -පෙ- සළායතනෙ ඤාණං -පෙ- නාමරූපෙ ඤාණං -පෙ- විඤ්ඤාණෙ ඤාණං -පෙ- සඞ්ඛාරෙසු ඤාණං අත්ථපටිසම්භිදා, සඞ්ඛාරසමුදයෙ ඤාණං ධම්මපටිසම්භිදා, සඞ්ඛාරනිරොධෙ ඤාණං අත්ථපටිසම්භිදා, සඞ්ඛාරනිරොධගාමිනියා පටිපදාය ඤාණං ධම්මපටිසම්භිදා, තත්ර ධම්මනිරුත්තාභිලාපෙ ඤාණං නිරුත්තිපටිසම්භිදා, ඤාණෙසු ඤාණං පටිභානපටිසම්භිදා.
Sinhala BJT774. ප්‍රතිසංවිදා සතරෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, ධර්‍මප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. ජාතියෙහි ප්‍රභේදගතඥානය ... භවයෙහි ප්‍රභේදගතඥානය ... උපාදානයෙහි ප්‍රභේදගතඥානය ... තෘෂ්ණායෙහි ප්‍රභේදගතඥානය ... වේදනායෙහි ප්‍රභේදගතඥානය ... ස්පර්‍ශයෙහි ප්‍රභේදගතඥානය ... ෂඩායතනයෙහි ප්‍රභේදගතඥානය ... නාමරූපයෙහි ප්‍රභේදගතඥානය ... විඥානයෙහි ප්‍රභේදගතඥානය ... සංස්කාරයන්හි ප්‍රභේදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, සංස්කාරසමුදයෙහි ප්‍රභේදගතඥානය ධර්‍මප්‍රතිසංවිදා ය, සංස්කාරනිරෝධයෙහි ප්‍රභේදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, සංස්කාරනිරෝධගාමිනීප්‍රතිපදායෙහි ප්‍රභේදගතඥානය ධර්‍මප්‍රතිසංවිදා ය, එහි ස්වභාවනිරුක්තිශබ්දයෙහි ප්‍රභේදගතඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, සියලු තැන්හි ඥානයෙහි ප්‍රභේදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
Pali BJT775. චතස්සො පටිසම්භිදා: අත්ථපටිසම්භිදා, ධම්මපටිසම්භිදා, නිරුත්තිපටිසම්භිදා, පටිභානපටිසම්භිදා. තත්ථ කතමා ධම්මපටිසම්භිදා: ඉධ භික්ඛු ධම්මං ජානාති සුත්තං ගෙය්යං වෙය්යාකරණං ගාථං උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වෙදල්ලං, අයං වුච්චති ධම්මපටිසම්භිදා. සො තස්ස තස්සෙව භාසිතස්ස අත්ථං ජානාති අයං ඉමස්ස භාසිතස්ස අත්ථො අයං ඉමස්ස භාසිතස්ස අත්ථොති අයං වුච්චති අත්ථපටිසම්භිදා. තත්ර ධම්මනිරුත්තාභිලාපෙ ඤාණං නිරුත්තිපටිසම්භිදා ඤාණෙසු ඤාණං පටිභාන පටිසම්භිදා.
Sinhala BJT775. ප්‍රතිසංවිදා සතරෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, ධර්‍මප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. එහි ‘ධර්‍මප්‍රතිසංවිදා’ කවර යත්: මෙසස්නෙහි මහණ සුත්ත ය, ගෙය්‍ය ය, වෙය්‍යාකරණ ය, ගාථා ය, උදාන ය, ඉතිවුත්තක ය, ජාතක ය, අබ්භූතධම්ම ය, වෙදල්ල ය යන ධර්‍මය දනී ද, මේ ‘ධර්‍මප්‍රතිසංවිදා’ යි කියනු ලැබේ. හෙතෙම ‘මේ ය මේ භාෂිතයාගේ අර්‍ත්‍ථය, මේ ය මේ භාෂිතයාගේ අර්‍ත්‍ථය’ යි ඒ ඒ භාෂිතයාගේ අර්‍ත්‍ථය ම දනී ද, මේ ‘අර්‍ත්‍ථප්‍රතිසංවිදා’යි කියනු ලැබේ. එහි ස්වභාවනිරුක්තිශබ්දයෙහි ප්‍රභේදගතඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, සියලු තැන්හි ඥානයෙහි ප්‍රභේදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
Pali BJTසුත්තන්තභාජනියං.
Sinhala BJTසූත්‍රාන්තභාජනිය යි.
Pali BJT776. චතස්සො පටිසම්භිදා: අත්ථපටිසම්භිදා, ධම්මපටිසම්භිදා, නිරුත්ති පටිසම්භිදා, පටිභානපටිසම්භිදා. කතමෙ ධම්මා කුසලා: යස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොති සොමනස්සසහගතං ඤාණසම්පයුත්තං රූපාරම්මණං වා -පෙ- ධම්මාරම්මණං වා යං යං වා පනාරබ්භ තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති ඉමෙ ධම්මා කුසලා. ඉමෙසු ධම්මෙසු ඤාණං ධම්මපටිසම්භිදා, තෙසං විපාකෙ ඤාණං අත්ථපටිසම්භිදා. යාය නිරුත්තියා තෙසං ධම්මානං පඤ්ඤත්ති හොති, තත්ර ධම්මනිරුත්තාභිලාපෙ ඤාණං නිරුත්තිපටිසම්භිදා, යෙන ඤාණෙන තානි ඤාණානි ජානාති, ඉමානි ඤාණානි ඉදමත්ථජොතකානීති ඤාණෙසු ඤාණං පටිභානපටිසම්භිදා.
Sinhala BJT776. ප්‍රතිසංවිදා සතරෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, ධර්‍මප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. කුශලධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක රූපාලම්බන වේවයි ... ධර්‍මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ සොම්නස් සහගිය ඥානසම්ප්‍රයුක්ත කාමාවචරකුශලචිත්තය උපදනේ වේ ද, එ සමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. මේ ධර්‍මයන්හි ප්‍රභේදගතඥානය ධර්‍මප්‍රතිසංවිදා ය. ඔවුන්ගේ විපාකයෙහි ප්‍රභේදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදාය ය. යම් නිරුක්තියකින් ඒ ධර්‍මයන්ගේ ප්‍රඥප්තිය වේ ද, එහි ස්වභාවනිරුක්තිශබ්දයෙහි ප්‍රභේදගතඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, ‘මේ ඥානයෝ මේ අර්‍ත්‍ථය ප්‍රකාශ කරන්නාහ’ යි යම් ඥානයෙකින් ඒ ඥානයන් දැනගනී නම් ඒ ඥානයන්හි ප්‍රභේදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
Pali BJT777. චතස්සො පටිසම්භිදා: අත්ථපටිසම්භිදා, ධම්මපටිසම්භිදා, නිරුත්ති පටිසම්භිදා, පටිභානපටිසම්භිදා. කතමෙ ධම්මා කුසලා: යස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොති සොමනස්සසහගතං ඤාණසම්පයුත්තං සසඞ්ඛාරෙන -පෙ- සොමනස්සසහගතං ඤාණවිප්පයුත්තං -පෙ- සොමනස්සසහගතං ඤාණවිප්පයුත්තං සසඞ්ඛාරෙන -පෙ- උපෙක්ඛාසහගතං ඤාණසම්පයුත්තං -පෙ- උපෙක්ඛාසහගතං ඤාණසම්පයුත්තං සසඞ්ඛාරෙන -පෙ- උපෙක්ඛාසහගතං ඤාණවිප්පයුත්තං -පෙ- උපෙක්ඛාසහගතං ඤාණවිප්පයුත්තං සසඞ්ඛාරෙන රූපාරම්මණං වා -පෙ- ධම්මාරම්මණං වා යං යං වා පනාරබ්භ තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති ඉමෙ ධම්මා කුසලා. ඉමෙසු ධම්මෙසු ඤාණං ධම්මපටිසම්භිදා, තෙසං විපාකෙ ඤාණං අත්ථපටිසම්භිදා. යාය නිරුත්තියා තෙසං ධම්මානං පඤ්ඤත්ති හොති, තත්ර ධම්මනිරුත්තාභිලාපෙ ඤාණං නිරුත්තිපටිසම්භිදා, යෙන ඤාණෙන තානි ඤාණානි ජානාති ඉමානි ඤාණානි ඉදමත්ථජොතකානීති ඤාණෙසු ඤාණං පටිභානපටිසම්භිදා.
Sinhala BJT777. ප්‍රතිසංවිදා සතරෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, ධර්‍මප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. කුශලධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක රූපාලම්බන වේවයි ... ධර්‍මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ සොම්නස් සහගිය ඥානසම්ප්‍රයුක්ත කාමාවචරකුශලචිත්තය සංස්කාර සහිත වැ උපදනේ වේ ද ... සොම්නස් සහගිය ඥානවිප්‍රයුක්ත ... සොම්නස් සහගිය ඥානවිප්‍රයුක්ත (කුශල චිත්තය) සංස්කාර සහිත වැ ... උපේක්‍ෂාසහහගත ඥානසම්ප්‍රයුක්ත ... උපේක්‍ෂාසහගත ඥානසම්ප්‍රයුක්ත (කුශල චිත්තය) සංස්කාර සහිත වැ ... උපේක්‍ෂා සහගත ඥානවිප්‍රයුක්ත ... උපේක්‍ෂා සහගත ඥානවිප්‍රයුක්ත (කුශල චිත්තය) සංස්කාර සහිතවැ උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. මේ ධර්‍මයන්හි ප්‍රභේදගතඥානය ධර්‍මප්‍රතිසංවිදා ය, ඔවුන්ගේ විපාකයෙහි ප්‍රභේදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, යම් නිරුක්තියකින් ඒ ධර්‍මයන්ගේ ප්‍රඥප්තිය වේ නම් එහි ස්වභාවනිරුක්තිශබ්දයෙහි ප්‍රභේදගතඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්‍ත්‍ථය ප්‍රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් ඒ ඥානයන්හි ප්‍රභේදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
Pali BJT778. චතස්සො පටිසම්භිදා: අත්ථ පටිසම්භිදා, ධම්මපටිසම්භිදා, නිරුත්තිපටිසම්භිදා, පටිභානපටිසම්භිදා. කතමෙ ධම්මා කුසලා: යස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති පඨවීකසිණං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති, ඉමෙ ධම්මා කුසලා. ඉමෙසු ධම්මෙසු ඤාණං ධම්මපටිසම්භිදා, තෙසං විපාකෙ ඤාණං අත්ථපටිසම්භිදා. යාය නිරුත්තියා තෙසං ධම්මානං පඤ්ඤත්ති හොති තත්ර ධම්මනිරුත්තාභිලාපෙ ඤාණං නිරුත්තිපටිසම්භිදා, යෙන ඤාණෙන තානි ඤාණානි ජානාති ඉමානි ඤාණානි ඉදමත්ථජොතකානී’ති ඤාණෙසු ඤාණං පටිභානපටිසම්භිදා.
Sinhala BJT778. ප්‍රතිසංවිදා සතරෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, ධර්‍මප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. කුශලධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... පඨවිකසිණප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. මේ ධර්‍මයන්හි ප්‍රභේදගතඥානය ධර්‍මප්‍රතිසංවිදා ය, ඔවුන්ගේ විපාකයෙහි ප්‍රභේදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, යම් නිරුක්තියෙකින් ඒ ධර්‍මයන්ගේ ප්‍රඥප්තිය වේ නම් එහි ස්වභාවනිරුක්තිශබ්දයෙහි ප්‍රභේදගතඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්‍ත්‍ථය ප්‍රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් ඒ ඥානයන්හි ප්‍රභේදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
Pali BJT779. චතස්සො පටිසම්භිදා: අත්ථපටිසම්භිදා ධම්මපටිසම්භිදා, නිරුත්තිපටිසම්භිදා, පටිභානපටිසම්භිදා. කතමෙ ධම්මා කුසලා: යස්මිං සමයෙ අරූපූපපත්තියා මග්ගං භාවෙති සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤා නාසඤ්ඤායතන සඤ්ඤාසහගතං සුඛස්ස ච පහානා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති, ඉමෙ ධම්මා කුසලා. ඉමෙසු ධම්මෙසු ඤාණං ධම්මපටිසම්භිදා, තෙසං විපාකෙ ඤාණං අත්ථපටිසම්භිදා, යාය නිරුත්තියා තෙසං ධම්මානං පඤ්ඤත්ති හොති, තත්ර ධම්මනිරුත්තාභිලාපෙ ඤාණං නිරුත්තිපටිසම්භිදා, යෙන ඤාණෙන තානි ඤාණානි ජානාති ඉමානි ඤාණානි ඉදමත්ථජොතකානීති. ඤාණෙසු ඤාණං පටිභානපටිසම්භිදා.
Sinhala BJT779. ප්‍රතිසංවිදා සතරෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, ධර්‍මප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. කුශලධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක අරූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතනසංඥාසහගත වූ, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. මේ ධර්‍මයන්හි ප්‍රභේදගතඥානය ධර්‍මප්‍රතිසංවිදා ය. ඔවුන්ගේ විපාකයෙහි ප්‍රභේදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, යම් නිරුක්තියෙකින් ඒ ධර්‍මයන්ගේ ප්‍රඥප්තිය වේ ද එහි ස්වභාවනිරුක්තියෙහි ප්‍රභේදගතඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්‍ත්‍ථය ප්‍රකාශකරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් ඒ ඥානයන්හි ප්‍රභේදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
Pali BJT780. චතස්සො පටිසම්භිදා: අත්ථපටිසම්භිදා ධම්මපටිසම්භිදා, නිරුත්තිපටිසම්භිදා, පටිභානපටිසම්භිදා. කතමෙ ධම්මා කුසලා: යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති ඉමෙ ධම්මා කුසලා. ඉමෙසු ධම්මෙසු ඤාණං ධම්මපටිසම්භිදා, තෙසං විපාකෙ ඤාණං අත්ථපටිසම්භිදා, යාය නිරුත්තියා තෙසං ධම්මානං පඤ්ඤත්ති හොති, තත්ර ධම්මනිරුත්තාභිලාපෙ ඤාණං නිරුත්තිපටිසම්භිදා, යෙන ඤාණෙන තානි ඤාණානි ජානාති ඉමානි ඤාණානි ඉදමත්ථජොතකානීති. ඤාණෙසු ඤාණං පටිභානපටිසම්භිදා.
Sinhala BJT780. ප්‍රතිසංවිදා සතරෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, ධර්‍මප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. කුශලධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ, අපචයගාමී වූ, ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපදා ඇති, දන්‍ධාභිඥා වූ, ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. මේ ධර්‍මයන්හි ප්‍රභේදගතඥානය ධර්‍මප්‍රතිසංවිදා ය. ඔවුන්ගේ විපාකයෙහි ප්‍රභේදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, යම් නිරුක්තියෙකින් ඒ ධර්‍මයන්ගේ ප්‍රඥප්තිය වේ ද, එහි ස්වභාවනිරුක්තිශබ්දයෙහි ප්‍රභේදගතඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්‍ත්‍ථය ප්‍රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් ඒ ඥානයන්හි ප්‍රභේදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
Pali BJT781. චතස්සො පටිසම්භිදා: අත්ථපටිසම්භිදා ධම්මපටිසම්භිදා, නිරුත්තිපටිසම්භිදා, පටිභානපටිසම්භිදා. කතමෙ ධම්මා කුසලා: යස්මිං සමයෙ අකුසලං චිත්තං උප්පන්නං හොති සොමනස්සසහගතං දිට්ඨිගතසම්පයුත්තං රූපාරම්මණං වා -පෙ- ධම්මාරම්මණං වා යං යං වා පනාරබ්භ තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති, ඉමෙ ධම්මා කුසලා. ඉමෙසු ධම්මෙසු ඤාණං ධම්මපටිසම්භිදා, තෙසං විපාකෙ ඤාණං අත්ථපටිසම්භිදා, යාය නිරුත්තියා තෙසං ධම්මානං පඤ්ඤත්ති හොති, තත්ර ධම්මනිරුත්තාභිලාපෙ ඤාණං නිරුත්තිපටිසම්භිදා, යෙන ඤාණෙන තානි ඤාණානි ජානාති ඉමානි ඤාණානි ඉදමත්ථජොතකානීති. ඤාණෙසු ඤාණං පටිභානපටිසම්භිදා.
Sinhala BJT781. ප්‍රතිසංවිදා සතරෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, ධර්‍මප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. අකුශලධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක රූපාලම්බන වේවයි ... ධර්‍මාලම්බන වේවයි යළි යම් අරමුණක් හෝ ඇරැබැ සොම්නස්සහගත දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත අකුශලචිත්තය උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ අකුශලයෝ ය. මේ ධර්‍මයන්හි ප්‍රභේදගතඥානය ධර්‍මප්‍රතිසංවිදා ය. ඔවුන්ගේ විපාකයෙහි ප්‍රභේදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, යම් නිරුක්තියෙකින් ඒ ධර්‍මයන්ගේ ප්‍රඥප්තිය වේ ද, එහි ස්වභාවනිරුක්තිශබ්දයෙහි ප්‍රභේදගතඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්‍ත්‍ථය ප්‍රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් ඒ ඥානයන්හි ප්‍රභේදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
Pali BJT782. චතස්සො පටිසම්භිදා: අත්ථපටිසම්භිදා ධම්මපටිසම්භිදා, නිරුත්තිපටිසම්භිදා, පටිභානපටිසම්භිදා. කතමෙ ධම්මා කුසලා: යස්මිං සමයෙ අකුසලං චිත්තං උප්පන්නං හොති සොමනස්සසහගතං දිට්ඨිගතසම්පයුත්තං සසඞ්ඛාරෙන -පෙ- සොමනස්සසහගතං දිට්ඨිගතවිප්පයුත්තං -පෙ- සොමනස්සසහගතං දිට්ඨිගතවිප්පයුත්තං සසඞ්ඛාරෙන -පෙ- උපෙක්ඛාසහගතං දිට්ඨිගතසම්පයුත්තං -පෙ- උපෙක්ඛාසහගතං දිට්ඨිගතසම්පයුත්තං සසඞ්ඛාරෙන -පෙ- උපෙක්ඛාසහගතං දිට්ඨිගතවිප්පයුත්තං -පෙ- උපෙක්ඛාසහගතං දිට්ඨිගතවිප්පයුත්තං සසඞ්ඛාරෙන -පෙ- දොමනස්සසහගතං පටිඝසම්පයුත්තං -පෙ- දොමනස්සසහගතං පටිඝසම්පයුත්තං සසඞ්ඛාරෙන -පෙ- උපෙක්ඛාසහගතං විචිකිච්ඡාසම්පයුත්තං -පෙ- උපෙක්ඛාසහගතං උද්ධච්චසම්පයුත්තං රූපාරම්මණං වා -පෙ- ධම්මාරම්මණං වා යං යං වා පනාරබ්භ තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති, ඉමෙ ධම්මා කුසලා. ඉමෙසු ධම්මෙසු ඤාණං ධම්මපටිසම්භිදා, තෙසං විපාකෙ ඤාණං අත්ථපටිසම්භිදා, යාය නිරුත්තියා තෙසං ධම්මානං පඤ්ඤත්ති හොති, තත්ර ධම්මනිරුත්තාභිලාපෙ ඤාණං නිරුත්තිපටිසම්භිදා, යෙන ඤාණෙන තානි ඤාණානි ජානාති ඉමානි ඤාණානි ඉදමත්ථජොතකානීති. ඤාණෙසු ඤාණං පටිභානපටිසම්භිදා.
Sinhala BJT782. ප්‍රතිසංවිදා සතරෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, ධර්‍මප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. අකුශලධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක රූපාලම්බන වේවයි ... ධර්‍මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ සොම්නස් සහගත දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත අකුශලචිත්තය සංස්කාර සහිත වැ උපදනේ වේ ද ... සොම්නස්සහගත දෘෂ්ටිගතවිප්‍රයුක්ත ... සොම්නස්සහගත දෘෂ්ටිගතවිප්‍රයුක්ත (අකුශලචිත්තය) සංස්කාර සහිත වැ ... උපේක්‍ෂාසහගත දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත ... උපේක්‍ෂාසහගත දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත සංස්කාර සහිත වැ ... උපේක්‍ෂාසහගත දෘෂ්ටිගතවිප්‍රයුක්ත ... උපේක්‍ෂාසහගත දෘෂ්ටිගතවිප්‍රයුක්ත සංස්කාර සහිත වැ ... දොම්නස් සහගත ප්‍රතිඝසම්ප්‍රයුක්ත ... දොම්නස්සහගත ප්‍රතිඝසම්ප්‍රයුක්ත සංස්කාර සහිත වැ ... උපේක්‍ෂාසහගත විචිකිත්සාසම්ප්‍රයුක්ත ... උපේක්‍ෂාසහගත ඖද්ධත්‍යසම්ප්‍රයුක්ත අකුශලචිත්තය උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ අකුශලයෝ ය. මේ ධර්‍මයන්හි ප්‍රභේදගතඥානය ධර්‍මප්‍රතිසංවිදා ය, ඔවුන්ගේ විපාකයෙහි ප්‍රභේදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, යම් නිරුක්තියෙකින් ඒ ධර්‍මයන්ගේ ප්‍රඥප්තිය වේ ද, එහි ස්වභාවනිරුක්ත්‍යභිලාපයෙහි ප්‍රභේදගතඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්‍ත්‍ථය ප්‍රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් ඒ ඥානයන්හි ප්‍රභේදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
Pali BJT783. තිස්සො පටිසම්භිදා: අත්ථපටිසම්භිදා, නිරුත්තිපටිසම්භිදා, පටිභානපටිසම්භිදා. කතමෙ ධම්මා අව්යාකතා: යස්මිජ සමයෙ කාමාවචරස්ස කුසලස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා විපාකං චක්ඛුවිඤ්ඤාණං උප්පන්නං හොති උපෙක්ඛාසහගතං රූපාරම්මණං, තස්මිං සමයෙ ඵස්සො හොති, වෙදනා හොති, සඤ්ඤා හොති, චෙතනා හොති, චිත්තං හොති, උපෙක්ඛා හොති, චිත්තස්සෙකග්ගතා හොති, මනින්ද්රියං හොති, උපෙක්ඛින්ද්රියං හොති, ජීවිතින්ද්රියං හොති, යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා, ඉමෙ ධම්මා අව්යාකතා. ඉමෙසු ධම්මෙසු ඤාණං අත්ථපටිසම්භිදා, යාය නිරුත්තියා තෙසං ධම්මානං පඤ්ඤත්ති හොති. තත්ර ධම්ම නිරුත්තාභිලාපෙ ඤාණං නිරුත්තිපටිසම්භිදා, යෙන ඤාණෙන තානි ඤාණානි ජානාති ඉමානි ඤාණානි ඉදමත්ථජොතකානීති, ඤාණෙසු ඤාණං පටිභානපටිසම්භිදා.
Sinhala BJT783. ප්‍රතිසංවිදා තුනෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක කාමාවචරකුශලකර්‍මය කළ බැවින්, රැස් කළ බැවින් රූපාලම්බන වූ උපේක්‍ෂාසහගතවිපාකචක්‍ෂුර්විඥානය උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, උපේක්‍ෂාව වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, මනින්‍ද්‍රිය වෙයි, උපේක්‍ෂේන්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වේ. එසමයෙහි ප්‍රතීත්‍යසමුප්පන්න වූ අන්‍ය වූ ද යම් අරූපීධර්‍ම කෙනෙක් හෝ වෙත් නම් මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ ය. මේ ධර්‍මයන්හි ප්‍රභේදගතඥානය අර්‍ත්‍ථ ප්‍රතිසංවිදා ය, යම් නිරුක්තියෙකින් ඒ ධර්‍මයන්ගේ ප්‍රඥප්තිය වේ ද, එහි ස්වභාවනිරුක්ත්‍යභිලාපයෙහි ප්‍රභේදගතඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්‍ත්‍ථය ප්‍රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් ඒ ඥානයන්හි ප්‍රභේදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
Pali BJT784. තිස්සො පටිසම්භිදා: අත්ථපටිසම්භිදා, නිරුත්තිපටිසම්භිදා, පටිභානපටිසම්භිදා. කතමෙ ධම්මා අව්යාකතා: යස්මිං සමයෙ කාමාවචරස්ස කුසලස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා විපාකං සොතවිඤ්ඤාණං උප්පන්නං හොති උපෙක්ඛාසහගතං සද්දාරම්මණං -පෙ- ඝානවිඤ්ඤාණං උප්පන්නං හොති උපෙක්ඛාසහගතං ගන්ධාරම්මණං -පෙ- ජිව්හාවිඤ්ඤාණං උප්පන්නං හොති උපෙක්ඛාසහගතං රසාරම්මණං -පෙ- කායවිඤ්ඤාණං උප්පන්නං හොති සුඛසහගතං ඵොට්ඨබ්බාරම්මණං, තස්මිං සමයෙ ඵස්සො හොති, වෙදනා හොති, සඤ්ඤා හොති, චෙතනා හොති, චිත්තං හොති, සුඛං හොති, චිත්තස්සෙකග්ගතා හොති, මනින්ද්රියං හොති, සුඛින්ද්රියං හොති, ජීවිතින්ද්රියං හොති, යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා, ඉමෙ ධම්මා අව්යාකතා. ඉමෙසු ධම්මෙසු ඤාණං අත්ථපටිසම්භිදා, යාය නිරුත්තියා තෙසං ධම්මානං පඤ්ඤත්ති හොති. තත්ර ධම්මනිරුත්තාභිලාපෙ ඤාණං නිරුත්තිපටිසම්භිදා, යෙන ඤාණෙන තානි ඤාණානි ජානාති ඉමානි ඤාණානි ඉදමත්ථජොතකානීති, ඤාණෙසු ඤාණං පටිභානපටිසම්භිදා.
Sinhala BJT784. ප්‍රතිසංවිදා තුනෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක කාමාවචරකුශලකර්‍මය කළ බැවින්, රැස් කළ බැවින් ශබ්දාලම්බන වූ උපේක්‍ෂාසහගතවිපාකශ්‍රෝත්‍රවිඥානය උපදනේ වේ ද ... ගන්‍ධාලම්බන වූ උපේක්‍ෂාසහගතඝ්‍රාණවිඥානය උපදනේ වේ ද ... රසාලම්බන වූ උපේක්‍ෂාසහගතජිහ්වාවිඥානය උපදනේ වේ ද ... ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වූ සුඛසහගතකායවිඥානය උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි. වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, සුඛය වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, මනින්‍ද්‍රිය වෙයි, සුඛේන්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වේ. එසමයෙහි අන්‍ය වූ ද යම් ප්‍රතීත්‍යසමුත්පන්න වූ අරූපීධර්‍ම කෙනෙක් වෙත් නම් මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ ය. මේ ධර්‍මයන්හි ප්‍රභේදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, යම් නිරුක්තියෙකින් ඒ ධර්‍මයන්ගේ ප්‍රඥප්තිය වේ ද, එහි ස්වභාවනිරුක්ත්‍යභිලාපයෙහි ප්‍රභේදගතඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්‍ත්‍ථය ප්‍රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් ඒ ඥානයන්හි ප්‍රභේදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
Pali BJT785. තිස්සො පටිසම්භිදා: අත්ථපටිසම්භිදා, නිරුත්තිපටිසම්භිදා, පටිභානපටිසම්භිදා. කතමෙ ධම්මා අව්යාකතා: යස්මිං සමයෙ කාමාවචරස්ස කුසලස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා විපාකං මනොධාතු උප්පන්නා හොති උපෙක්ඛාසහගතා රූපාරම්මණං වා -පෙ- ඵොට්ඨබ්බාරම්මණා වා. යං යං වා පනාරබ්භ, තස්මිං සමයෙ ඵස්සො හොති, වෙදනා හොති, සඤ්ඤා හොති, චෙතනා හොති, චිත්තං හොති, විතක්කො හොති, විචාරො හොති, උපෙක්ඛා හොති, චිත්තස්සෙකග්ගතා හොති, මනින්ද්රියං හොති, උපෙක්ඛින්ද්රියං හොති, ජීවිතින්ද්රියං හොති, යෙ වා පන තස්මි සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා, ඉමෙ ධම්මා අව්යාකතා. ඉමෙසු ධම්මෙසු ඤාණං අත්ථපටිසම්භිදා. යාය නිරුත්තියා තෙසං ධම්මානං පඤ්ඤත්ති හොති, තත්ර ධම්මනිරුත්තාභිලාපෙ ඤාණං නිරුත්තිපටිසම්භිදා. යෙන ඤාණෙන තානි ඤාණානි ජානාති ඉමානි ඤාණානි ඉදමත්ථජොතකානීති, ඤාණෙසු ඤාණං පටිභානපටිසම්භිදා.
Sinhala BJT785. ප්‍රතිසංවිදා තුනෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක කාමාවචරකුශලකර්‍මය කළ බැවින්, රැස් කළ බැවින් රූපාලම්බන වේව යි ... ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි, යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ උපේක්‍ෂාසහගත වූ විපාකමනෝධාතුව උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, විචාරය වෙයි, උපේක්‍ෂාව වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, මනින්‍ද්‍රිය වෙයි, උපේක්‍ෂේන්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වේ. තව ද එසමයෙහි අන්‍ය වූ ද යම් ප්‍රතීත්‍යසමුත්පන්න වූ අරූපීධර්‍ම කෙනෙක් වෙත් නම් මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ ය. මේ ධර්‍මයන්හි ප්‍රභේදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, යම් නිරුක්තියෙකින් ඒ ධර්‍මයන්ගේ ප්‍රඥප්තිය වේ නම් එහි ස්වභාවනිරුක්ත්‍යභිලාපයෙහි ප්‍රභේදගතඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්‍ත්‍ථය ප්‍රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් ඒ ඥානයන්හි ප්‍රභේදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
Pali BJT786. තිස්සො පටිසම්භිදා: අත්ථපටිසම්භිදා, නිරුත්තිපටිසම්භිදා, පටිභානපටිසම්භිදා. කතමෙ ධම්මා අව්යාකතා: යස්මිං සමයෙ කාමාවචරස්ස කුසලස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා විපාකා මනොවිඤ්ඤාණධාතු උප්පන්නා හොති සොමනස්සසහගතා රූපාරම්මණං වා -පෙ- ධම්මාරම්මණං වා යං යං වා පනාරබ්භ, තස්මිං සමයෙ ඵස්සො හොති, වෙදනා හොති, සඤ්ඤා හොති, චෙතනා හොති, චිත්තං හොති, විතක්කො හොති, විචාරො හොති, පීති හොති, සුඛං හොති, චිත්තස්සෙකග්ගතා හොති, මනින්ද්රියං හොති, සොමනස්සින්ද්රියං හොති, ජීවිතින්ද්රියං හොති, යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා, ඉමෙ ධම්මා අව්යාකතා. ඉමෙසු ධම්මෙසු ඤාණං අත්ථපටිසම්භිදා, යාය නිරුත්තියා තෙසං ධම්මානං පඤ්ඤත්ති හොති තත්ර ධම්මනිරුත්තාභිලාපෙ ඤාණං නිරුත්තිපටිසම්භිදා, යෙන ඤාණෙන තානි ඤාණානි ජානාති ඉමානි ඤාණානි ඉදමත්ථජොතකානීති, ඤාණෙසු ඤාණං පටිභානපටිසම්භිදා.
Sinhala BJT786. ප්‍රතිසංවිදා තුනෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක කාමාවචරකුශලකර්‍මය කළ බැවින්, රැස් කළ බැවින් රූපාලම්බන වේවයි ... ධර්‍මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ සොම්නස් සහගත වූ විපාකමනෝවිඥානධාතුව උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, විචාරය වෙයි, ප්‍රීතිය වෙයි, සුඛය වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, මනින්‍ද්‍රිය වෙයි, සෝමනස්සින්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වේ. තව ද, එසමයෙහි අන්‍ය වූ ද යම් ප්‍රතීත්‍යසමුත්පන්න වූ අරූපීධර්‍ම කෙනෙක් වෙත් නම් මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ ය. මේ ධර්‍මයන්හි ප්‍රභේදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, යම් නිරුක්තියෙකින් ඒ ධර්‍මයන්ගේ ප්‍රඥප්තිය වේ නම් එහි ස්වභාවනිරුක්ත්‍යභිලාපයෙහි ප්‍රභේදගතඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්‍ත්‍ථය ප්‍රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් ඒ ඥානයන්හි ප්‍රභේදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
Pali BJT787. තිස්සො පටිසම්භිදා: අත්ථපටිසම්භිදා, නිරුත්තිපටිසම්භිදා, පටිභානපටිසම්භිදා. කතමෙ ධම්මා අව්යාකතා: යස්මිං සමයෙ කාමාවචරස්ස කුසලස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා විපාකා මනොවිඤ්ඤාණධාතු උප්පන්නා හොති උපෙක්ඛාසහගතා රූපාරම්මණං වා -පෙ- ධම්මාරම්මණං වා යං යං වා පනාරබ්භ, තස්මිං සමයෙ ඵස්සො හොති, වෙදනා හොති, සඤ්ඤා හොති, චෙතනා හොති, චිත්තං හොති, විතක්කො හොති, විචාරො හොති, උපෙක්ඛා හොති, චිත්තස්සෙකග්ගතා හොති, මනින්ද්රියං හොති, උපෙක්ඛින්ද්රියං හොති, ජීවිතින්ද්රියං හොති, යෙ වා පන තස්මි සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා, ඉමෙ ධම්මා අව්යාකතා. ඉමෙසු ධම්මෙසු ඤාණං අත්ථපටිසම්භිදා, යාය නිරුත්තියා තෙසං ධම්මානං පඤ්ඤත්ති හොති තත්ර ධම්මනිරුත්තාභිලාපෙ ඤාණං නිරුත්තිපටිසම්භිදා, යෙන ඤාණෙන තානි ඤාණානි ජානාති ඉමානි ඤාණානි ඉදමත්ථජොතකානීති, ඤාණෙසු ඤාණං පටිභානපටිසම්භිදා.
Sinhala BJT787. ප්‍රතිසංවිදා තුනෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක කාමාවචරකුශලකර්‍මය කළ බැවින්, රැස් කළ බැවින් රූපාලම්බන වේවයි ... ධර්‍මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ උපේක්‍ෂාසහගත වූ විපාකමනෝවිඥානධාතුව උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, විචාරය වෙයි, උපේක්‍ෂාව වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, මනින්‍ද්‍රිය වෙයි, උපේක්‍ෂේන්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වේ. තව ද, එසමයෙහි ප්‍රතීත්‍යසමුත්පන්න වූ අන්‍ය වූ ද අරූපීධර්‍ම කෙනෙක් වෙත් නම් මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ ය. මේ ධර්‍මයන්හි ප්‍රභේදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, යම් නිරුක්තියෙකින් ඒ ධර්‍මයන්ගේ ප්‍රඥප්තිය වේ ද, එහි ස්වභාවනිරුක්ත්‍යභිලාපයෙහි ඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්‍ත්‍ථය ප්‍රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම්, ඒ එබඳු ඥානයන්හි ඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
Pali BJT788. තිස්සො පටිසම්භිදා: අත්ථපටිසම්භිදා, නිරුත්තිපටිසම්භිදා, පටිභානපටිසම්භිදා. කතමෙ ධම්මා අව්යාකතා: යස්මිං සමයෙ කාමාවචරස්ස කුසලස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා විපාකා මනොවිඤ්ඤාණධාතු උප්පන්නා හොති සොමනස්සසහගතා ඤාණසම්පයුත්තා -පෙ- සොමනස්සසහගතා ඤාණසම්පයුත්තා සසඞ්ඛාරෙන -පෙ- සොමනස්සසහගතා ඤාණවිප්පයුත්තා -පෙ- සොමනස්සසහගතා ඤාණවිප්පයුත්තා සසඞ්ඛාරෙන -පෙ- උපෙක්ඛාසහගතා ඤාණසම්පයුත්තා -පෙ- උපෙක්ඛාසහගතා ඤාණසම්පයුත්තා සසඞ්ඛාරෙන -පෙ- උපෙක්ඛාසහගතා ඤාණවිප්පයුත්තා -පෙ- උපෙක්ඛාසහගතා ඤාණවිප්පයුත්තා සසඞ්ඛාරෙන රූපාරම්මණං වා -පෙ- ධම්මාරම්මණං වා යං යං වා පනාරබ්භ තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති, ඉමෙ ධම්මා අව්යාකතා. ඉමෙසු ධම්මෙසු ඤාණං අත්ථපටිසම්භිදා, යාය නිරුත්තියා තෙසං ධම්මානං පඤ්ඤත්ති හොති, තත්ර ධම්මනිරුත්තාභිලාපෙ ඤාණං නිරුත්තිපටිසම්භිදා, යෙන ඤාණෙන තානි ඤාණානි ජානාති ඉමානි ඤාණානි ඉදමත්ථජොතකානීති, ඤාණෙසු ඤාණං පටිභානපටිසම්භිදා.
Sinhala BJT788. ප්‍රතිසංවිදා තුනෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක කාමාවචරකුශලකර්‍මය කළ බැවින්, රැස්කළ බැවින් රූපාලම්බන වේවයි ... ධර්‍මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ සොම්නස් සහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ විපාකමනෝවිඥානධාතුව උපදනේ වේ ද, සොම්නස් සහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ (මනෝවිඥානධාතුව) සංස්කාර සහිත වැ ... සොම්නස් සහගත වූ ඥානවිප්‍රයුක්ත වූ ... සොම්නස් සහගත වූ ඥානවිප්‍රයුක්ත වූ (මනෝවිඥානධාතුව) සංස්කාර සහිත වැ ... උපේක්‍ෂාසහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ ... උපේක්‍ෂාසහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ (මනෝවිඥානධාතුව) සංස්කාර සහිත ව ... උපේක්‍ෂාසහගත වූ ඥානවිප්‍රයුක්ත වූ ... උපේක්‍ෂාසහගත වූ ඥානවිප්‍රයුක්ත වූ මනෝවිඥානධාතුව සංස්කාර සහිත වැ උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි. මේ ධර්‍මයන්හි ප්‍රභෙදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, යම් නිරුක්තියෙකින් ඒ ධර්‍මයන්ගේ ප්‍රඥප්තිය වේ නම් එහි ස්වභාවනිරුක්ත්‍යභිලාපයෙහි ඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්‍ත්‍ථය ප්‍රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම්, එබඳු ඥානයන්හි ඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
Pali BJT789. තිස්සො පටිසම්භිදා: අත්ථපටිසම්භිදා, නිරුත්තිපටිසම්භිදා, පටිභානපටිසම්භිදා. කතමෙ ධම්මා අව්යාකතා: යස්මිං සමයෙ රූපූපපත්තියා මග්ග භාවෙති, විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති පඨවීකසිණං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති, ඉමෙ ධම්මා කුසලා. තස්සෙව රූපාවචරස්ස කුසලස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා විපාකං විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති පඨවීකසිණං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති, ඉමෙ ධම්මා අව්යාකතං. ඉමෙසු ධම්මෙසු ඤාණං අත්ථපටිසම්භිදා, යාය නිරුත්තියා තෙසං ධම්මානං පඤ්ඤත්ති හොති, තත්ර ධම්මනිරුත්තාභිලාපෙ ඤාණං නිරුත්තිපටිසම්භිදා, යෙන ඤාණෙන තානි ඤාණානි ජානාති ඉමානි ඤාණානි ඉදමත්ථජොතකානීති, ඤාණෙසු ඤාණං පටිභානපටිසම්භිදා.
Sinhala BJT789. ප්‍රතිසංවිදා තුනෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන්ව ම ... පඨවිකසිණ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි. ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. එම රූපාවචරකුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් කාමයන්ගෙන් වෙන්ව මැ ... විපාක වූ පඨවිකසිණ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි. ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ ය. මේ ධර්‍මයන්හි ඥානය අර්‍ත්‍ථ ප්‍රතිසංවිදා ය, යම් නිරුක්තියෙකින් ඒ ධර්‍මයන්ගේ ප්‍රඥප්තිය වේ ද, එහි ස්වභාවනිරුක්ත්‍යභිලාපයෙහි ඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්‍ත්‍ථය ප්‍රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් එබඳු ඥානයන්හි ඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
Pali BJT790. තිස්සො පටිසම්භිදා: අත්ථපටිසම්භිදා, නිරුත්තිපටිසම්භිදා, පටිභානපටිසම්භිදා. කතමෙ ධම්මා අව්යාකතා: යස්මිං සමයෙ අරූපූපපත්තියා මග්ගං භාවෙති සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤා නාසඤ්ඤායතනසඤ්ඤාසහගතං සුඛස්ස ච පහානා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති, ඉමෙ ධම්මා කුසලා. තස්සෙව අරූපාවචරස්ස කුසලස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා විපාකං සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනසඤ්ඤාසහගතං සුඛස්ස ච පහානා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති, ඉමෙ ධම්මා අව්යාකතා. ඉමෙසු ධම්මෙසු ඤාණං අථපටිසම්භිදා, යාය නිරුත්තියා තෙසං ධම්මානං පඤ්ඤත්ති හොති, තත්ර ධම්මනිරුත්තාභිලාපෙ ඤාණං නිරුත්තිපටිසම්භිදා, යෙන ඤාණෙන තානි ඤාණානි ජානාති ඉමානි ඤාණානි ඉදමත්ථජොතකානීති. ඤාණෙසු ඤාණං පටිභානපටිසම්භිදා.
Sinhala BJT790. ප්‍රතිසංවිදා තුනෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක අරූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාසහගත වූ, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි. ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. එම අරූපාවචර කුශලකර්‍මය කළ බැවින් රැස්කළ බැවින්, සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්ම නේවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාසහගත වූ, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... විපාකචතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි. ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ ය, මේ ධර්‍මයන්හි ඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය. යම් නිරුක්තියෙකින් ඒ ධර්‍මයන්ගේ ප්‍රඥප්තිය වේ ද, එහි ස්වභාවනිරුක්ත්‍යභිලාපයෙහි ඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්‍ත්‍ථය ප්‍රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් එබඳු ඥානයන්හි ඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
Pali BJT791. තිස්සො පටිසම්භිදා: අත්ථපටිසම්භිදා, නිරුත්තිපටිසම්භිදා, පටිභානපටිසම්භිදා. කතමෙ ධම්මා අව්යාකතා: යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති, ඉමෙ ධම්මා කුසලා. තස්සෙව ලොකුත්තරස්ස කුසලස්ස කම්මස්ස කතත්තා භාවිතත්තා විපාකං විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං සුඤ්ඤතං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති, ඉමෙ ධම්මා අව්යාකතා, ඉමෙසු ධම්මෙසු ඤාණං අත්ථපටිසම්භිදා. යාය නිරුත්තියා තෙසං ධම්මානං පඤ්ඤත්ති හොති, තත්ර ධම්මනිරුත්තාභිලාපෙ ඤාණං නිරුත්තිපටිසම්භිදා. යෙන ඤාණෙන තානි ඤාණානි ජානාති ඉමානි ඤාණානි ඉදමත්ථජොතකානීති, ඤාණෙසු ඤාණං පටිභාන පටිසම්භිදා.
Sinhala BJT791. ප්‍රතිසංවිදා තුනෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථම භූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ, අපචයගාමී වූ, ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි. ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ ය. එම ලෝකෝත්තර කුශලකර්‍මය කළ බැවින් වැඩූ බැවින්, කාමයන්ගෙන් වෙන් ව මැ ... දුඃඛප්‍රතිපත් ඇති, දන්‍ධාභිඥ වූ, ශුන්‍යත වූ විපාකප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි. ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ ය, මේ ධර්‍මයන්හි ඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය. යම් නිරුක්තියෙකින් ඒ ධර්‍මයන්ගේ ප්‍රඥප්තිය වේ ද, එහි ස්වභාවනිරුක්ත්‍යභිලාපයෙහි ඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්‍ත්‍ථය ප්‍රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් එබඳු ඥානයන්හි ඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
Pali BJT792. තිස්සො පටිසම්භිදා: අත්ථපටිසම්භිදා, නිරුත්තිපටිසම්භිදා, පටිභාන පටිසම්භිදා. කතමෙ ධම්මා අව්යාකතා: යස්මිං සමයෙ අකුසලස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා විපාකං චක්ඛුවිඤ්ඤාණං උප්පන්නං හොති උපෙක්ඛාසහගතං රූපාරම්මණං -පෙ- සොතවිඤ්ඤාණං උප්පන්නං හොති උපෙක්ඛාසහගතං සද්දාරම්මණං -පෙ- ඝානවිඤ්ඤාණං උප්පන්නං හොති උපෙක්ඛාසහගතං ගන්ධාරම්මණං -පෙ- ජිව්හාවිඤ්ඤාණං උප්පන්නං හොති උපෙක්ඛාසහගතං රසාරම්මණං -පෙ- කායවිඤ්ඤාණං උප්පන්නං හොති දුක්ඛසහගතං ඵොට්ඨබ්බාරම්මණං, තස්මිං සමයෙ ඵස්සො හොති, වෙදනා හොති, සඤ්ඤා හොති, චෙතනා හොති, චිත්තං හොති, දුක්ඛං හොති, චිත්තස්සෙකග්ගතා හොති, මනින්ද්රියං හොති, දුක්ඛින්ද්රියං හොති, ජීවිතින්ද්රියං හොති, යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්ච සමුප්පන්නා අරූපිනො ධම්මා, ඉමෙ ධම්මා අව්යාකතා. ඉමෙසු ධම්මෙසු ඤාණං අත්ථපටිසම්භිදා, යාය නිරුත්තියා තෙසං ධම්මානං පඤ්ඤත්ති හොති, තත්ර ධම්මනිරුත්තාභිලාපෙ ඤාණං නිරුත්ති පටිසම්භිදා, යෙන ඤාණෙන තානි ඤාණානි ජානාති ඉමානි ඤාණානි ඉදමත්ථජොතකානීති, ඤාණෙසු ඤාණං පටිභානපටිසම්භිදා.
Sinhala BJT792. ප්‍රතිසංවිදා තුනෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක අකුශල කර්‍මය කළ බැවින්, රැස්කළ බැවින්, රූපාලම්බන වූ, උපේක්‍ෂාසහගත චක්‍ෂුර්විඥානය උපදනේ වේ ද ... ශබ්දාලම්බන වූ, උපේක්‍ෂාසහගත ශ්‍රෝත්‍රවිඥානය උපදනේ වේ ද ... ගන්‍ධාලම්බන වූ, උපේක්‍ෂාසහගත ඝ්‍රාණවිඥානය උපදනේ වේ ද ... රසාලම්බන වූ උපේක්‍ෂාසහගත ජිහ්වාවිඥානය උපදනේ වේ ද ... ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වූ, දුඃඛසහගත කායවිඥානය උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි. වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, දුඃඛය වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, මනින්‍ද්‍රිය වෙයි, දුඃඛේන්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද යම් ප්‍රතීත්‍යසමුත්පන්න වූ අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ ය, මේ ධර්‍මයන්හි ඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය. යම් නිරුක්තියෙකින් ඒ ධර්‍මයන්ගේ ප්‍රඥප්තිය වේ ද, එහි ධර්‍මනිරුක්ත්‍යභිලාපයෙහි ඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්‍ත්‍ථය ප්‍රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් එබඳු ඥානයන්හි ඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
Pali BJT793. තිස්සො පටිසම්භිදා: අත්ථපටිසම්භිදා, නිරුත්තිපටිසම්භිදා, පටිභානපටිසම්භිදා. කතමෙ ධම්මා අව්යාකතා: යස්මිං සමයෙ අකුසලස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා විපාකා මනොධාතු උප්පන්නා හොති උපෙක්ඛාසහගතා රූපාරම්මණංවා -පෙ- ඵොට්ඨබ්බාරම්මණං වා -පෙ- මනොවිඤ්ඤාණධාතු උප්පන්නා හොති උපෙක්ඛාසහගතා රූපාරම්මණං වා -පෙ- ධම්මාරම්මණං වා, යං යං වා පනාරබ්භ, තස්මිං සමයෙ ඵස්සො හොති, වෙදනා හොති, සඤ්ඤා හොති, උපෙක්ඛා හොති, චිත්තස්සෙකග්ගතා හොති, මනින්ද්රියං හොති, උපෙක්ඛින්ද්රියං හොති, ජීවිතින්ද්රියං හොති, යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා, ඉමෙ ධම්මා අව්යාකතා. ඉමෙසු ධම්මෙසු ඤාණං අත්ථපටිසම්භිදා. යාය නිරුත්තියා තෙසං ධම්මානං පඤ්ඤත්ති හොති, තත්ර ධම්මනිරුත්තාභිලාපෙ ඤාණං නිරුත්තිපටිසම්භිදා, යෙන ඤාණෙන තානි ඤාණානි ජානාති ඉමානි ඤාණානි ඉදමත්ථජොතකානීති, ඤාණෙසු ඤාණං පටිභානපටිසම්භිදා.
Sinhala BJT793. ප්‍රතිසංවිදා තුනෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. අව්‍යාකෘතධර්‍මයෝ, කවරහ යත්: යම් කලෙක අකුශලකර්‍මය කළ බැවින්, රැස්කළ බැවින්, රූපාලම්බන වේවයි ... ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි (යම් යම් අරමුණක් ඇරැබැ) උපේක්‍ෂාසහගත විපාක වූ මනෝධාතුව උපදනේ වේ ද ... රූපාලම්බන වේවයි ... ධර්‍මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් ඇරැබැ උපේක්‍ෂාසහගත මනෝවිඥාන ධාතුව උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි. වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, විචාරය වෙයි, උපේක්‍ෂාව වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, මනින්‍ද්‍රිය වෙයි, උපේක්‍ෂේන්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද යම් ප්‍රතීත්‍යසමුත්පන්න වූ අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ ය, මේ ධර්‍මයන්හි ඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය. යම් නිරුක්තියෙකින් ඒ ධර්‍මයන්ගේ ප්‍රඥප්තිය වේ ද, එහි ධර්‍මනිරුක්ත්‍යභිලාපයෙහි ඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්‍ත්‍ථය ප්‍රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් එබඳු ඥානයන්හි ඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
Pali BJT794. තිස්සො පටිසම්භිදා: අත්ථපටිසම්භිදා, නිරුත්තිපටිසම්භිදා, පටිභානපටිසම්භිදා. කතමෙ ධම්මා අව්යාකතා: යස්මිං සමයෙ මනොධාතු උප්පන්නා හොති කිරියා නෙව කුසලා නාකුසලා න ච කම්මවිපාකා උපෙක්ඛාසහගතා රූපාරම්මණං වා -පෙ- ඵොට්ඨබ්බාරම්මණං වා, යං යං වා පනාරබ්භ තස්මිං තමයෙ ඵස්සො හොති, වෙදනා හොති, සඤ්ඤා හොති, චෙතනා හොති, චිත්තං හොති, විතක්කො හොති, විචාරො හොති, උපෙක්ඛා හොති, චිත්තස්සෙකග්ගතා හොති, මනින්ද්රියං හොති උපෙක්ඛින්ද්රියං හොති, ජීවිතින්ද්රියං හොති, යෙ වා පන තස්මි සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා, ඉමෙ ධම්මා අව්යාකතා. ඉමෙසු ධම්මෙසු ඤාණං අත්ථපටිසම්භිදා. යාය නිරුත්තියා තෙසං ධම්මානං පඤ්ඤත්ති හොති, තත්ර ධම්මනිරුත්තාභිලාපෙ ඤාණං නිරුත්තිපටිසම්භිදා. යෙන ඤාණෙන තානි ඤාණානි ජානාති ඉමානි ඤාණානි ඉදමත්ථජොතකානීති, ඤාණෙසු ඤාණං පටිභානපටිසම්භිදා.
Sinhala BJT794. ප්‍රතිසංවිදා තුනෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. අව්‍යාකෘතධර්‍මයෝ, කවරහ යත්: යම් කලෙක රූපාලම්බන වේවයි ... ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි යම් යම් අරමුණක් හෝ ඇරැබැ නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ උපේක්‍ෂාසහගත ක්‍රියාමනෝධාතුව උපදනේ වේ ද එසමයෙහි ස්පර්‍ශය වෙයි. වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, විචාරය වෙයි, උපේක්‍ෂාව වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, මනින්‍ද්‍රිය වෙයි, උපේක්‍ෂේන්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද යම් ප්‍රතීත්‍යසමුත්පන්න වූ අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ ය, මේ ධර්‍මයන්හි ඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය. යම් නිරුක්තියෙකින් ඒ ධර්‍මයන්ගේ ප්‍රඥප්තිය වේ ද, එහි ධර්‍මනිරුක්ත්‍යභිලාපයෙහි ඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය. යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්‍ත්‍ථය ප්‍රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් එබඳු ඥානයන්හි ඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
Pali BJT795. තිස්සො පටිසම්භිදා: අත්ථපටිසම්භිදා, නිරුත්තිපටිසම්භිදා, පටිභානපටිසම්භිදා. කතමෙ ධම්මා අව්යාකතා: යස්මිං සමයෙ මනො විඤ්ඤාණධාතු උප්පන්නා හොති කිරියා නෙව කුසලා නා කුසලා න ච කම්මවිපාකා සොමනස්සසහගතා රූපාරම්මණං වා -පෙ- ධම්මාරම්මණං වා -පෙ- මනොවිඤ්ඤාණධාතු උප්පන්නා හොති කිරියා නෙව කුසලා නාකුසලා න ච කම්මවිපාකා උපෙක්ඛාසහගතා රූපාරම්මණං වා -පෙ- ධම්මාරම්මණං වා යං යං වා පනාරබ්භ තස්මිං සමයෙ ඵස්සො හොති, වෙදනා හොති, සඤ්ඤා හොති, චෙතනා හොති, චිත්තං හොති, විතක්කො හොති, විචාරො හොති, උපෙක්ඛා හොති, චිත්තස්සෙකග්ගතා හොති, විරියින්ද්රියං හොති, සමාධින්ද්රියං හොති, මනින්ද්රියං හොති, උපෙක්ඛින්ද්රියං හොති, ජීවිතින්ද්රියං හොති, යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා, ඉමෙ ධම්මා අව්යාකතා. ඉමෙසු ධම්මෙසු ඤාණං අත්ථපටිසම්භිදා. යාය නිරුත්තියා තෙසං ධම්මානං පඤ්ඤත්ති හොති, තත්ර ධම්මනිරුත්තාභිලාපෙ ඤාණං නිරුත්තිපටිසම්භිදා. යෙන ඤාණෙන තානි ඤාණානි ජානාති ඉමානි ඤාණානි ඉදමත්ථජොතකානීති. ඤාණෙසු ඤාණං පටිභානපටිසම්භිදා.
Sinhala BJT795. ප්‍රතිසංවිදා තුනෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක රූපාලම්බන වේවයි ... ධර්‍මාලම්බන වේවයි (යම් යම් අරමුණක් හෝ ඇරැබැ) නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍ම විපාක වූ සොම්නස් සහගත වූ ක්‍රියාමනෝවිඥානධාතුව උපදනේ වේ ද, රූපාලම්බන වේවයි ... ධර්‍මාලම්බන වේවයි, යම් යම් අරමුණක් හෝ ඇරැබැ නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ උපේක්‍ෂාසහගත ක්‍රියාමනෝවිඥානධාතුව උපදනේ වේ ද, එ සමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, විචාරය වෙයි, උපේක්‍ෂාව වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි, සමාධීන්‍ද්‍රිය වෙයි, මනින්‍ද්‍රිය වෙයි, උපේක්‍ෂේන්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වෙයි. තවද, එ සමයෙහි අන්‍ය වූ ද, ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ ය, මේ ධර්‍මයන්හි ඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, යම් නිරුක්තියෙකින් ඒ ධර්‍මයන්ගේ ප්‍රඥප්තිය වේ ද, එහි ධර්‍මනිරුක්ත්‍යභිලාපයෙහි ඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්‍ත්‍ථය ප්‍රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් එබඳු ඥානයන්හි ඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
Pali BJT796. තිස්සො පටිසම්භිදා: අත්ථපටිසම්භිදා නිරුත්තිපටිසම්භිදා පටිභාන පටිසම්භිදා. කතමෙ ධම්මා අව්යාකතා: යස්මිං සමයෙ මනොවිඤ්ඤාණධාතු උප්පන්නා හොති, කිරියා නෙව කුසලා නාකුසලා න ච කම්මවිපාකා සොමනස්සසහගතා ඤාණසම්පයුත්තා -පෙ- සොමනස්සසහගතා ඤාණසම්පයුත්තා සසඞ්ඛාරෙන -පෙ- සොමනස්සසහගතා ඤාණවිප්පයුත්තා -පෙ- සොමනස්සසහගතා ඤාණවිප්පයුත්තා සසඞ්ඛාරෙන -පෙ- උපෙක්ඛාසහගතා ඤාණසම්පයුත්තා -පෙ- උපෙක්ඛාසහගතා ඤාණසම්පයුත්තා සසඞ්ඛාරෙන -පෙ- උපෙක්ඛාසහගතා ඤාණවිප්පයුත්තා -පෙ- උපෙක්ඛාසහගතා ඤාණවිප්පයුත්තා සසඞ්ඛාරෙන -පෙ- රූපවචරංඣානං භාවෙති -පෙ- අරූපාවචරං ඣානං භාවෙති කිරියං නෙව කුසලං නාකුසලං න ච කම්මවිපාකං දිට්ඨධම්මසුඛවිහාරං -පෙ- සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනසඤ්ඤාසහගතං සුඛස්ස ච පහානා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති, ඉමෙ ධම්මා අව්යාකතා. ඉමෙසු ධම්මෙසු ඤාණං අත්ථපටිසම්භිදා. යාය නිරුත්තියා තෙසං ධම්මානං පඤ්ඤත්ති හොති, තත්ර ධම්මනිරුත්තාභිලාපෙ ඤාණං නිරුත්තිපටිසම්භිදා. යෙන ඤාණෙන තානි ඤාණානි ජානාති ඉමානි ඤාණානි ඉදමත්ථජොතකානීති, ඤාණෙසු ඤාණං පටිභානපටිසම්භිදා.
Sinhala BJT796. ප්‍රතිසංවිදා තුනෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක නො ම කුසල් වූ, අකුසල් නො වූ, නො ද කර්‍මවිපාක වූ, සෝමනස්ස සහගත ඥානසම්ප්‍රයුක්ත වූ ක්‍රියාමනෝධාතුව උපදනේ වේ ද ... සෝමනස්ස සහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ සසංස්කාරවැ ... සෝමනස්සසහගත වූ ඥානවිප්‍රයුක්ත වූ ... සෝමනස්සසහගත වූ ඥානවිප්‍රයුක්ත වූ සසංස්කාරවැ ... උපේක්‍ෂා සහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ ... උපේක්‍ෂාසහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ සසංස්කාරවැ ... උපේක්‍ෂාසහගත වූ ඥානවිප්‍රයුක්ත වූ ... උපේක්‍ෂාසහගත වූ ඥානවිප්‍රයුක්ත වූ සසංස්කාරවැ ... නො ම කුසල් වූ නො ද කර්‍මවිපාක වූ දෘෂ්ටධර්‍මසුඛවිහාර වූ ක්‍රියා රූපාවචරධ්‍යානය වඩා ද ... නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ දෘෂ්ටධර්‍මසුඛවිහාර වූ අරූපාවචරක්‍රියාධ්‍යානය වඩා ද ... සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතන සංඥා සහගත වූ, සුඛයාගේ ද ප්‍රහාණයෙන් චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එ සමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ ය, මේ ධර්‍මයන්හි ඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, යම් නිරුක්තියෙකින් ඒ ධර්‍මයන්ගේ ප්‍රඥප්තිය වේ ද, එහි ධර්‍මනිරුක්ත්‍යභිලාපයෙහි ඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්‍ත්‍ථය ප්‍රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් එබඳු ඥානයන්හි ඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
Pali BJT797. චතස්සො පටිසම්භිදා: අත්ථපටිසම්භිදා, ධම්මපටිසම්භිදා, නිරුත්තිපටිසම්භිදා, පටිභානපටිසම්භිදා, තිස්සො පටිසම්භිදා, කාමාවචර කුසලතො චතුසු ඤාණසම්පයුත්තෙසු චිත්තුප්පාදෙසු, කිරියතො චතුසු ඤාණසම්පයුත්තෙසු චිත්තුප්පාදෙසු උප්පජ්ජන්ති. අත්ථපටිසම්භිදා එතෙසු චෙච උප්පජ්ජති චතුසු මග්ගෙසු චතුසු ඵලෙසු ච උප්පජ්ජති.
Sinhala BJT797. ප්‍රතිසංවිදා සතරෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, ධර්‍මප්‍රතිසංවිදා ය, නිරුක්තිප්‍රතිසංවිදා ය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. ප්‍රතිසංවිදාවෝ තිදෙනෙක් කාමාවචරකුශල විසින් සතර ඥානසම්ප්‍රයුක්තචිත්තෝත්පාදයන්හි ද, ක්‍රියා විසින් සතර ඥානසම්ප්‍රයුක්තචිත්තෝත්පාදයන්හි ද උපදිති. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව මේ චිත්තෝත්පාදයන්හි ද උපදියි. සතර මාර්‍ගයන්හි ද සතරඵලයන්හි ද උපදී.
Pali BJTඅභිධම්මභාජනියං.
Sinhala BJTඅභිධර්‍මභාජනිය යි.
Pali BJT798. චතස්සො පටිසම්භිදා: අත්ථපටිසම්භිදා, ධම්මපටිසම්භිදා, නිරුත්තිපටිසම්භිදා, පටිභානපටිසම්භිදා.
Sinhala BJT798. ප්‍රතිසංවිදා සතරෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, ධර්‍මප්‍රතිසංවිදා ය, නිරුක්තිප්‍රතිසංවිදා ය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
Pali BJT799. චතුන්නං පටිසම්භිදානං කති කුසලා, කති අකුසලා, කති අව්යාකතා -පෙ- කති සරණා, කති අරණා:
Sinhala BJT799. සතර ප්‍රතිසංවිද්ධර්‍මයන් අතුරෙහි කුශලයෝ කෙතෙක් ද, අකුශලයෝ කෙතෙක් ද, අව්‍යාකෘතයෝ කෙතෙක් ද ... සරණයෝ කෙතෙක් ද, අරණයෝ කෙතෙක් ද යත්:
Pali BJT800. සියා කුසලා, සියා අව්යාකතා.
Sinhala BJT800. (සතර ප්‍රතිසංවිද්ධර්‍මයෝ) කුසල් ද වන්නාහ, අව්‍යාකෘත ද වන්නාහු ය.
Pali BJTසියා සුඛාය වෙදනාය සම්පයුත්තා, සියා අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තා.
Sinhala BJT(සතර ප්‍රතිසංවිද්ධර්‍මයෝ) සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නාහ. අදුක්ඛමසුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නාහු ය.
Pali BJTතිස්සො පටිසම්භිදා සියා විපාකධම්මධම්මා, සියා නෙවවිපාක න විපාකධම්මධම්මා. අත්ථපටිසම්භිදා සියා විපාකා, සියා විපාකධම්මධම්මා, සියා නෙවවිපාක න විපාකධම්මධම්මා.
Sinhala BJTප්‍රතිසංවිද්ධර්‍මයෝ තිදෙනෙක් විපාකස්වභාවධර්‍ම ද වන්නාහ. නෛවවිපාකනවිපාකස්වභාවධර්‍ම ද වන්නාහ. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව විපාක ද වන්නේ ය, විපාකස්වභාවධර්‍ම ද වන්නේ ය, නෛවවිපාකනවිපාකස්වභාවධර්‍ම ද වන්නේ යි.
Pali BJTතිස්සො පටිසම්භිදා අනුපාදින්නුපාදානියා. අත්ථපටිසම්භිදා සියා අනුපාදින්නුපාදානියා, සියා අනුපාදින්නඅනුපාදානියා.
Sinhala BJTප්‍රතිසංවිද්ධර්‍මයෝ තිදෙනෙක් අනුපාදින්නෝපාදානිය වෙයි. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව අනුපාදින්නෝපාදානිය ද වන්නේ ය. අනුපාදින්නඅනුපාදානිය ද වන්නේ යි.
Pali BJTතිස්සො පටිසම්භිදා අසංකිලිට්ඨඅසංකිලෙසිකා. අත්ථපටිසම්භිදා සියා අසංකිලිට්ඨසංකිලෙසිකා, සියා අසංකිලිට්ඨඅසංකිලෙසිකා.
Sinhala BJTප්‍රතිසංවිද්ධර්‍මයෝ තිදෙනෙක් අසංක්ලිෂ්ටඅසාංක්ලේශිකයෝ ය. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව අසංක්ලිෂ්ටසාංක්ලේශිකද වන්නේ ය, අසංක්ලිෂ්ටඅසාංක්ලේශිකද වන්නේ යි.