Vibhaṅga

Analysis

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 3101-3200 න් 4235

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTබහිද්ධාරම්මණා.
Sinhala BJT(සතර අප්‍රාමාණ්‍යයෝ) බාහිරාලම්බනයෝ ය.
Pali BJTඅනිදස්සන අප්පටිඝා.
Sinhala BJT(සතර අප්‍රාමාණ්‍යයෝ) අනිදර්‍ශන අප්‍රතිඝයෝ යි.
Pali BJT746. මෙත්තා හොතු, තිස්සො අප්පමඤ්ඤායො න හෙතු.
Sinhala BJT746. මෛත්‍රිය හේතු ය. තුන් අප්‍රාමාණ්‍යයෝ හේතු නො වෙත්.
Pali BJTසහෙතුකා.
Sinhala BJT(සතර අප්‍රාමාණ්‍යයෝ) සහේතුකයෝ ය.
Pali BJTහෙතුසම්පයුත්තා.
Sinhala BJT(සතර අප්‍රාමාණ්‍යයෝ) හේතුසම්ප්‍රයුක්තයෝ ය.
Pali BJTමෙත්තා හෙතු චෙව සහෙතුකා ච. තිස්සො අප්පමඤ්ඤායො න වත්තබ්බා හෙතු චෙව සහෙතුකාති, සහෙතුකා චෙව න ච හෙතු.
Sinhala BJTමෛත්‍රිය හේතු ද වූ ම සහේතුක ද වෙයි. තුන් අප්‍රාමාණ්‍යයෝ හේතු ද වූ ම සහේතුකහ යි නො කියයුත්තාහ. සහේතුක ද වූවාහු ම නො ද හේතු වෙත්.
Pali BJTමෙත්තා හෙතු චෙව හෙතුසම්පයුත්තා ච, තිස්සො අප්පමඤ්ඤායො න වත්තබ්බා හෙතු චෙව හෙතුසම්පයුත්තාති. හෙතුසම්පයුත්තා චෙව න ච හෙතු.
Sinhala BJTමෛත්‍රිය හේතු ද වූ ම හේතුසම්ප්‍රයුක්ත ද වෙයි. තුන් අප්‍රාමාණ්‍යයෝ හේතු ද වූ ම හේතුසම්ප්‍රයුක්තහ යි නො කියයුත්තාහ. හේතුසම්ප්‍රයුක්ත ද වූවාහු ම නො ද හේතූහු වෙත්.
Pali BJTතිස්සො අප්පමඤ්ඤායො න හෙතු සහෙතුකා, මෙත්තා න වත්තබ්බා න හෙතු සහෙතුකාති’පි න හෙතු අහෙතුකාති’පි.
Sinhala BJTතුන් අප්‍රාමාණ්‍යයෝ හේතු නො වූ සහේතුකයෝ ය. මෛත්‍රිය හේතු නො වූ සහේතුකහ යි ද හේතු නො වූ අහේතුකහ යි ද නො කියයුත්තාහු ය.
Pali BJT747. සප්පච්චයා.
Sinhala BJT747. (සතර අප්‍රාමාණ්‍යයෝ) සප්‍රත්‍යයෝ ය.
Pali BJTසඞ්ඛතා.
Sinhala BJT(සතර අප්‍රාමාණ්‍යයෝ) සඞ්ඛතයෝ ය.
Pali BJTඅනිදස්සනා.
Sinhala BJT(සතර අප්‍රාමාණ්‍යයෝ) අනිදර්‍ශනයෝ ය.
Pali BJTඅප්පටිඝා.
Sinhala BJT(සතර අප්‍රාමාණ්‍යයෝ) අප්‍රතිඝයෝ ය.
Pali BJTඅරූපා.
Sinhala BJT(සතර අප්‍රාමාණ්‍යයෝ) අරූපයෝ ය.
Pali BJTලොකියා.
Sinhala BJT(සතර අප්‍රාමාණ්‍යයෝ) ලෞකිකයෝ ය.
Pali BJTකෙනචි විඤ්ඤෙය්යා, කෙනචි න විඤ්ඤෙය්යා.
Sinhala BJT(සතර අප්‍රාමාණ්‍යයෝ) කිසි විඥානයෙකින් දතයුත්තාහ, කිසි විඥානයෙකින් නො දතයුත්තාහු ය.
Pali BJT748. නො ආසවා.
Sinhala BJT748. (සතර අප්‍රාමාණ්‍යයෝ) ආස්‍රවයෝ නො වෙත්.
Pali BJTසාසවා.
Sinhala BJT(සතර අප්‍රාමාණ්‍යයෝ) සාස්‍රවයෝ ය.
Pali BJTආසවවිප්පයුත්තා.
Sinhala BJT(සතර අප්‍රාමාණ්‍යයෝ) ආස්‍රවවිප්‍රයුක්තයෝ ය.
Pali BJTන වත්තබ්බා ආසවා චෙව සාසවාති, සාසවා චෙව නො ච ආසවා.
Sinhala BJT(සතර අප්‍රාමාණ්‍යයෝ) ආස්‍රව ද වූ ම සාස්‍රවහ යි නො කියයුත්තාහ. සාස්‍රව ද වූවාහුම නො ද ආස්‍රව වෙත්.
Pali BJTන වත්තබ්බා ආසවා චෙව ආසවසම්පයුත්තාති’පි ආසවසම්පයුත්තා චෙව නො ච ආසවාති’පි.
Sinhala BJT(සතර අප්‍රාමාණ්‍යයෝ) ආස්‍රව ද වූ ම ආස්‍රවසම්ප්‍රයුක්තහ යි ද ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූ ම නො ද ආස්‍රවහ යි ද නො කියයුත්තාහු ය.
Pali BJTආසවවිප්පයුත්තා සාසවා.
Sinhala BJT(සතර අප්‍රාමාණ්‍යයෝ) ආස්‍රවවිප්‍රයුක්ත වූ සාස්‍රවයෝ යි.
Pali BJT749. නො සඤ්ඤොජනා -පෙ- නො ගන්ථා -පෙ- නො ඔඝා -පෙ- නො යොගා -පෙ- නො නීවරණා -පෙ- නො පරාමාසා -පෙ-
Sinhala BJT749. (සතර අප්‍රාමාණ්‍යයෝ) සංයෝජනයෝ නො වෙත් ... ග්‍රන්‍ථයෝ නො වෙත් ... ඕඝයෝ නො වෙත් ... යෝගයෝ නො වෙත් ... නීවරණයෝ නො වෙත් ... පරාමර්‍ශයෝ නො වෙත් ..
Pali BJT750. සාරම්මණා.
Sinhala BJT750. (සතර අප්‍රාමාණ්‍යයෝ) සාලම්බනයෝ ය.
Pali BJTනො චිත්තා.
Sinhala BJT(සතර අප්‍රාමාණ්‍යයෝ) චිත්තයෝ නො වෙති.
Pali BJTචෙතසිකා.
Sinhala BJT(සතර අප්‍රාමාණ්‍යයෝ) චෛතසිකයෝ ය.
Pali BJTචිත්තසම්පයුත්තා.
Sinhala BJT(සතර අප්‍රාමාණ්‍යයෝ) චිත්තසම්ප්‍රයුක්තයෝ ය.
Pali BJTචිත්තසංසට්ඨා.
Sinhala BJT(සතර අප්‍රාමාණ්‍යයෝ) චිත්තසංසෘෂ්ටයෝ ය.
Pali BJTචිත්තසමුට්ඨානා.
Sinhala BJT(සතර අප්‍රාමාණ්‍යයෝ) චිත්තසමුත්‍ථානයෝ ය.
Pali BJTචිත්තසහභුනො.
Sinhala BJT(සතර අප්‍රාමාණ්‍යයෝ) චිත්තසහභූ වෙති.
Pali BJTචිත්තානුපරිවත්තිනො.
Sinhala BJT(සතර අප්‍රාමාණ්‍යයෝ) චිත්තානුපරිවර්තීහු වෙති.
Pali BJTචිත්තසංසට්ඨසමුට්ඨානා.
Sinhala BJT(සතර අප්‍රාමාණ්‍යයෝ) චිත්තසංසෘෂ්ටසමුත්‍ථානයෝ ය.
Pali BJTචිත්තසංසට්ඨසමුට්ඨානසහභුනො.
Sinhala BJT(සතර අප්‍රාමාණ්‍යයෝ) චිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූහු වෙති.
Pali BJTචිත්තසංසට්ඨසමුට්ඨානානුපරිවත්තිනො.
Sinhala BJT(සතර අප්‍රාමාණ්‍යයෝ) චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්තීහු වෙති.
Pali BJTබාහිරා.
Sinhala BJT(සතර අප්‍රාමාණ්‍යයෝ) බාහිරයෝ ය.
Pali BJTනො උපාදා.
Sinhala BJT(සතර අප්‍රාමාණ්‍යයෝ) උපාදා නො වෙති.
Pali BJTසියා උපාදින්නා, සියා අනුපාදින්නා.
Sinhala BJT(සතර අප්‍රාමාණ්‍යයෝ) උපාදින්න ද වන්නාහ, අනුපාදින්න ද වන්නාහු ය.
Pali BJT751. නො අපාදානා -පෙ- නො කිලෙසා -පෙ-
Sinhala BJT751. (සතර අප්‍රාමාණ්‍යයෝ) උපාදානයෝ නො වෙති ... ක්ලේශයෝ නො වෙති ...
Pali BJTන දස්සනෙන පහාතබ්බා.
Sinhala BJT(සතර අප්‍රාමාණ්‍යයෝ) දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යයෝ නො වෙති.
Pali BJTන භාවනාය පහාතබ්බා.
Sinhala BJT(සතර අප්‍රාමාණ්‍යයෝ) භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ නො වෙති.
Pali BJTන දස්සනෙන පහාතබ්බහෙතුකා.
Sinhala BJT(සතර අප්‍රාමාණ්‍යයෝ) දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු නො වෙති.
Pali BJTන භාවනාය පහාතබ්බහෙතුකා.
Sinhala BJT(සතර අප්‍රාමාණ්‍යයෝ) භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු නො වෙති.
Pali BJTතිස්සො අප්පමඤ්ඤායො සියා සවිතක්කා, සියා අවිතක්කා. උපෙක්ඛා අවිතක්කා.
Sinhala BJTතුන් අප්‍රාමාණ්‍යයෝ සවිතර්‍ක ද වන්නාහ, අවිතර්‍ක ද වන්නාහ. උපේක්‍ෂාව අවිතර්‍ක ය.
Pali BJTතිස්සො අප්පමඤ්ඤායො සියා සවිචාරා, සියා අවිචාරා. උපෙක්ඛා අවිචාරා.
Sinhala BJTතුන් අප්‍රාමාණ්‍යයෝ සවිචාර ද වන්නාහ, අවිචාර ද වන්නාහ. උපේක්‍ෂාව අවිචාර ය.
Pali BJTතිස්සො අප්පමඤ්ඤායො සියා සප්පීතිකා, සියා අප්පීතිකා. උපෙක්ඛා අප්පීතිකා.
Sinhala BJTතුන් අප්‍රාමාණ්‍යයෝ සප්‍රීතික ද වන්නාහ, අප්‍රීතික ද වන්නාහ. උපේක්‍ෂාව අප්‍රීතික ය.
Pali BJTතිස්සො අප්පමඤ්ඤායො සියා පීතිසහගතා, සියා න පීතිසහගතා. උපෙක්ඛා න පීතිසහගතා.
Sinhala BJTතුන් අප්‍රාමාණ්‍යයෝ ප්‍රීතිසහගත ද වන්නාහ, ප්‍රීතිසහගත නො ද වන්නාහ. උපේක්‍ෂාව ප්‍රීතිසහගත නො වෙයි.
Pali BJTතිස්සො අප්පමඤ්ඤායො සුඛසහගතා. උපෙක්ඛා න සුඛසහගතා. උපෙක්ඛා උපෙක්ඛාසහගතා.
Sinhala BJTතුන් අප්‍රාමාණ්‍යයෝ සුඛසහගත වෙති. උපේක්‍ෂාව සුඛසහගත නො වෙයි. උපේක්‍ෂාව උපේක්‍ෂාසහගත ය.
Pali BJTතිස්සො අප්පමඤ්ඤායො න උපෙක්ඛාසහගතා.
Sinhala BJTතුන් අප්‍රාමාණ්‍යයෝ උපේක්‍ෂාසහගත නො වෙති.
Pali BJTන කාමාවචරා.
Sinhala BJT(සතර අප්‍රාමාණ්‍යයෝ) කාමාවචරයෝ නො වෙති.
Pali BJTරූපාවචරා.
Sinhala BJT(සතර අප්‍රාමාණ්‍යයෝ) රූපාවචරයෝ ය.
Pali BJTන අරූපාවචරා.
Sinhala BJT(සතර අප්‍රාමාණ්‍යයෝ) අරූපාවචරයෝ නො වෙති.
Pali BJTපරියාපන්නා.
Sinhala BJT(සතර අප්‍රාමාණ්‍යයෝ) පර්‍ය්‍යාපන්නයෝ ය.
Pali BJTඅනිය්යානිකා.
Sinhala BJT(සතර අප්‍රාමාණ්‍යයෝ) අනෛර්‍ය්‍යාණිකයෝ ය.
Pali BJTඅනියතා
Sinhala BJT(සතර අප්‍රාමාණ්‍යයෝ) අනියතයෝ ය.
Pali BJTසඋත්තරා.
Sinhala BJT(සතර අප්‍රාමාණ්‍යයෝ) සඋත්තරයෝ ය.
Pali BJTඅරණාති.
Sinhala BJT(සතර අප්‍රාමාණ්‍යයෝ) අරණයෝ යි.
Pali BJTපඤ්හපුච්ඡකං
Sinhala BJTපඤ්හපුච්ඡක යි.
Pali BJTඅප්පමඤ්ඤාවිභඞ්ගො නිට්ඨිතො.
Sinhala BJTඅප්‍රාමාණ්‍යවිභඞ්ග නිමි.
Pali BJT14. සික්ඛාපදවිභඞ්ගො.
Sinhala BJT14. ශික්‍ෂාපද විභඞ්ගය
Pali BJT752. පඤ්ච සික්ඛාපදානි: පාණාතිපාතා වෙරමණීසික්ඛාපදං, අදින්නාදානා වෙරමණීසික්ඛාපදං, කාමෙසු මුච්ඡාචාරා වෙරමණීසික්ඛාපදං, මුසාවාදා වෙරමණීසික්ඛාපදං, සුරාමෙරයමච්චපමාදට්ඨානා වෙරමණීසික්ඛාපදං,
Sinhala BJT752. ශික්‍ෂාපද පසෙකි: පණිවායෙන් වැළකීමේ ශික්‍ෂාපද ය, අයිනාදනින් වැළකීමේ ශික්‍ෂාපද ය, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීමේ ශික්‍ෂාපද ය, මුසාවායෙන් වැළකීමේ ශික්‍ෂාපද ය, මත් බවට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළකීමේ ශික්‍ෂාපද යි.
Pali BJT753. තත්ථ කතමං පාණාතිපාතා වෙරමණීසික්ඛාපදං: යස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොති සොමනස්සසහගතං ඤාණසම්පයුත්තං පාණාතිපාතා විරමන්තස්ස යා තස්මිං සමයෙ පාණාතිපාතා ආරති විරති පටිවිරති වෙරමණී අකිරියා අකරණං අනජ්ඣාපත්තිවෙලාඅනතික්කමො සෙතුඝාතො, ඉදං වුච්චති පාණාතිපාතා වෙරමණී සික්ඛාපදං, අවසෙසා ධම්මා වෙරමණියා සම්පයුත්තා.
Sinhala BJT753. එහි ‘පණිවායෙන් වැළකීමේ ශික්‍ෂාපදය’ කවරෙ යත්: යම් කලෙක පණිවායෙන් වළක්නහුට සොම්නස් සහගිය ඥානසම්ප්‍රයුක්ත කාමාවචරකුශලචිත්තය උපදනේ වේ ද, එසමයෙහි පණිවායෙන් යම් දුරුවීමෙක් වෙන් වීමෙක් වැළැක්මෙක් විරමණයෙක් (පණිවා) නො කිරීමෙක් අකරණයෙක් (එයට) නො පැමිණීමෙක් හිම් නො ඉක්මවීමෙක් ප්‍රත්‍යය නැසීමෙක් වේ ද, මේ ‘පණිවායෙන් වැළකීමේ ශික්‍ෂාපද’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ විරමණය හා සම්ප්‍රයුක්තයෝ යි.
Pali BJTතත්ථ කතමං පාණාතිපාතා වෙරමණීසික්ඛාපදං: යස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොති සොමනස්සසහගතං ඤාණසම්පයුත්තං පාණාතිපාතා විරමන්තස්ස යා තස්මිං සමයෙ චෙතනා සඤ්චෙතනා චෙතයිතත්තං,{1} ඉදං වුච්චති පාණාතිපාතා වෙරමණීසික්ඛාපදං, අවසෙසා ධම්මා චෙතනාය සම්පයුත්තා.
Sinhala BJTඑහි ‘පණිවායෙන් වැළකීමේ ශික්‍ෂාපදය’ කවරෙ යත්: යම් කලෙක පණිවායෙන් වළක්නහුට සොම්නස් සහගිය ඥානසම්ප්‍රයුක්ත කාමාවචරකුශලචිත්තය උපදනේ වේ ද, එසමයෙහි යම් චේතනායෙක් සංචේතනායෙක් සිතන ලද බවෙක් වේ ද, මේ ‘පණිවායෙන් වැළකීමේ ශික්‍ෂාපද’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ චේතනාව හා සම්ප්‍රයුක්තයෝ යි.
Pali BJTතත්ථ කතමං පාණාතිපාතා වෙරමණීසික්ඛාපදං: යස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොති සොමනස්සසහගතං ඤාණසම්පයුත්තං පාණාතිපාතා විරමන්තස්ස යො තස්මිං සමයෙ ඵස්සො -පෙ- පග්ගාහො අවික්ඛෙපො, ඉදං වුච්චති පාණාතිපාතා වෙරමණී සික්ඛාපදං.
Sinhala BJTඑහි ‘පණිවායෙන් වැළකීමේ ශික්‍ෂාපදය’ කවරෙ යත්: යම් කලෙක පණිවායෙන් වළක්නහුට සොම්නස් සහගිය ඥානසම්ප්‍රයුක්ත කාමාවචරකුශලචිත්තය උපදනේ වේ ද, එසමයෙහි යම් ස්පර්‍ශයෙක් ... ප්‍රග්‍රාහයෙක් අවික්‍ෂේපයෙක් වේ ද, මේ ‘පණිවායෙන් වැළකීමේ ශික්‍ෂාපද’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං පාණාතිපාතා වෙරමණීසික්ඛාපදං: යස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොති සොමනස්සසහගතං ඤාණසම්පයුත්තං සසඞ්ඛාරෙන -පෙ- සොමනස්සසහගතං ඤාණවිප්පයුත්තං -පෙ- සොමනස්සසහගතං ඤාණවිප්පයුත්තං සසඞ්ඛාරෙන -පෙ- උපෙක්ඛාසහගතං ඤාණසම්පයුත්තං -පෙ- උපෙක්ඛාසහගතං ඤාණසම්පයුත්තං සසඞ්ඛාරෙන -පෙ- උපෙක්ඛාසහගතං ඤාණවිප්පයුත්තං -පෙ- උපෙක්ඛාසහගතං ඤාණවිප්පයුත්තං සසඞ්ඛාරෙන පාණාතිපාතා විරමන්තස්ස යා තස්මිං සමයෙ පාණාතිපාතා ආරති විරති පටිවිරති වෙරමණී අකිරියා අකරණං අනජ්ඣාපත්ති වෙලාඅනතික්කමො සෙතුඝාතො. ඉදං වුච්චති පාණාතිපාතා වෙරමණී සික්ඛාපදං, අවසෙසා ධම්මා වෙරමණියා සම්පයුත්තා -පෙ-
Sinhala BJTඑහි ‘පණිවායෙන් වැළකීමේ ශික්‍ෂාපදය’ කවරෙ යත්: යම් කලෙක පණිවායෙන් වළක්නහුට සොම්නස් සහගිය ඥානසම්ප්‍රයුක්ත කාමාවචරකුශලචිත්තය සංස්කාර සහිත ව උපදනේ වේ ද ... සොම්නස් සහගිය ඥානවිප්‍රයුක්ත ... සොම්නස් සහගිය ඥානවිප්‍රයුක්ත (කුශලචිත්තය) සංස්කාර සහිත ව ... උපේක්‍ෂාසහගත ඥානසම්ප්‍රයුක්ත … උපේක්‍ෂාසහගත ඥානසම්ප්‍රයුක්ත (කුශලචිත්තය) සංස්කාර සහිතව ... උපේක්‍ෂාසහගත ඥානවිප්‍රයුක්ත ... උපේක්‍ෂාසහගත ඥානවිප්‍රයුක්ත (කුශලචිත්තය) සංස්කාර සහිත ව උපදෙනේ වේ ද, එසමයෙහි පණිවායෙන් යම් දුරු වීමෙක් වෙන් වීමෙක් වැළැක්මෙක් විරමණයෙක් අක්‍රියායෙක් අකරණයෙක් නො පැමිණීමෙක් හිම් නො ඉක්මවීමෙක් ප්‍රත්‍යය නැසීමෙක් වේ ද, මේ ‘පණිවායෙන් වැළකීමේ ශික්‍ෂාපද’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ විරමණය හා සම්ප්‍රයුක්තයෝ යි. ...
Pali BJTතත්ථ කතමං පාණාතිපාතා වෙරමණීසික්ඛාපදං: යස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොති උපෙක්ඛාසහගතං ඤාණවිප්පයුත්තං සසඞ්ඛාරෙන පාණාතිපාතා විරමන්තස්ස යා තස්මිං සමයෙ චෙතනා සඤ්චෙතනා චෙතයිතත්තං, ඉදං වුච්චති පාණාතිපාතා වෙරමණී සික්ඛාපදං, අවසෙසා ධම්මා චෙතනාය සම්පයුත්තා -පෙ-
Sinhala BJTඑහි ‘පණිවායෙන් වැළකීමේ ශික්‍ෂාපදය’ කවරෙ යත්: යම් කලෙක පණිවායෙන් වළක්නහුට උපේක්‍ෂාසහගත ඥානවිප්‍රයුක්ත කාමාවචරකුශලචිත්තය සංස්කාර සහිත ව උපදනේ වේ ද, එසමයෙහි යම් චේතනාවක් සංචේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ ‘පණිවායෙන් වැළකීමේ ශික්‍ෂාපද’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ චේතනාව හා සම්ප්‍රයුක්තයෝ යි. ...
Pali BJTතත්ථ කතමං පාණාතිපාතා වෙරමණීසික්ඛාපදං: යස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොති උපෙක්ඛාසහගතං ඤාණවිප්පයුත්තං සසඞ්ඛාරෙන පාණාතිපාතා විරමන්තස්ස යො තස්මිං සමයෙ ඵස්සො -පෙ- පග්ගාහො අවික්ඛෙපො, ඉදං වුච්චති පාණාතිපාතා වෙරමණී සික්ඛාපදං.
Sinhala BJTඑහි ‘පණිවායෙන් වැළකීමේ ශික්‍ෂාපදය’ කවරෙ යත්: යම් කලෙක පණිවායෙන් වළක්නහුට උපේක්‍ෂාසහගත ඥානවිප්‍රයුක්ත කාමාවචරකුශලචිත්තය සංස්කාර සහිත ව උපදනේ වේ ද, (එසමයෙහි යම්) ස්පර්‍ශයෙක් ... ප්‍රග්‍රාහයෙක් අවික්‍ෂේපයෙක් වේ ද, මේ ‘පණිවායෙන් වැළකීමේ ශික්‍ෂාපද’ යි කියනු ලැබේ.
Pali BJT754. තත්ථ කතමං අදින්නාදානා වෙරමණී සික්ඛාපදං: -පෙ- කාමෙසුමිච්ඡාචාරා වෙරමණීසික්ඛාපදං -පෙ- මුසාවාදා වෙරමණීසික්ඛාපදං -පෙ- සුරාමෙරයමජ්ජපමාදට්ඨානා වෙරමණීසික්ඛාපදං. යස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොති සොමනස්සසහගතං ඤාණසම්පයුත්තං සුරාමෙරයමජ්ජපමාදට්ඨානා විරමන්තස්ස යා තස්මිං සමයෙ සුරාමෙරයමජ්ජපමාදට්ඨානා ආරති විරති පටිවිරති වෙරමණී අකිරියා අකරණං අනජ්ඣාපත්ති වෙලාඅනතික්කමො සෙතුඝාතො, ඉදං වුච්චති සුරාමෙරයමජ්ජපමාදට්ඨානා වෙරමණීසික්ඛාපදං, අවසෙසා ධම්මා වෙරමණියා සම්පයුත්තා -පෙ-
Sinhala BJT754. එහි ‘අයිනාදනින් වැළකීමේ ශික්‍ෂාපදය’ කවරෙ යත්: ... කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීමේ ශික්‍ෂාපදය ... මුසවායෙන් වැළකීමේ ශික්‍ෂාපදය ... මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළකීමේ ශික්‍ෂාපදය කවරෙ යත්: යම් කලෙක මදයට හා පමාදයට කරුණු වූ රහමෙරින් වළක්නහුට සොම්නස් සහගිය ඥානසම්ප්‍රයුක්ත කාමාවචරකුශලචිත්තය උපදනේ වේ ද, එසමයෙහි මදයට හා පමාවට කරුණු වූ රහ මෙරින් යම් දුරු වීමෙක් වෙන් වීමෙක් වැළකීමෙක් විරමණයෙක් අක්‍රියායෙක් අකරණයෙක් නො පැමිණීමෙක් හිම් නො ඉක්මවීමෙක් ප්‍රත්‍යය නැසීමෙක් වේ ද, මේ ‘මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළකීමේ ශික්‍ෂාපද’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ විරමණය හා සම්ප්‍රයුක්තයෝ යි. ...
Pali BJTතත්ථ කතමං සුරාමෙරයමජ්ජපමාදට්ඨානා වෙරමණීසික්ඛාපදං: යස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොති සොමනස්ස සහගතං ඤාණසම්පයුත්තං සුරාමෙරයමජ්ජපමාදට්ඨානා විරමන්තස්ස යා තස්මිං සමයෙ චෙතනා සඤ්චෙතනා චෙතයිතත්තං, ඉදං වුච්චති සුරාමෙරයමජ්ජපමාදට්ඨානා වෙරමණීසික්ඛාපදං. අවසෙසා ධම්මා චෙතනාය සම්පයුත්තා.
Sinhala BJTඑහි ‘මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළකීමේ ශික්‍ෂාපදය’ කවරෙ යත්: යම් කලෙක මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වළක්නහුට සොම්නස් සහගිය ඥානසම්ප්‍රයුක්ත කාමාවචරකුශලචිත්තය උපදනේ වේ ද, එසමයෙහි යම් චේතනාවක් සඤ්චේතනාවක් චේතයිත බවෙක් වේ ද, මේ ‘මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළකීමේ ශික්‍ෂාපද’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ චේතනාව හා සම්ප්‍රයුක්තයෝ යි.
Pali BJTතත්ථ කතමං සුරාමෙරයමජ්ජපමාදට්ඨානා වෙරමණීසික්ඛාපදං: යස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොති සොමනස්ස සහගතං ඤාණසම්පයුත්තං සුරාමෙරයමජ්ජපමාදට්ඨානා විරමන්තස්ස යො තස්මිං සමයෙ ඵස්සො -පෙ- පග්ගාහො අවික්ඛෙපො, ඉදං වුච්චති සුරාමෙරයමජ්ජපමාදට්ඨානා වෙරමණීසික්ඛාපදං.
Sinhala BJTඑහි ‘මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළකීමේ ශික්‍ෂාපදය’ කවරෙ යත්: යම් කලෙක මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වළක්නහුට සොම්නස් සහගිය ඥානසම්ප්‍රයුක්ත කාමාවචරකුශලචිත්තය උපදනේ වේ ද, එසමයෙහි යම් ස්පර්‍ශයෙක් ... ප්‍රග්‍රාහයෙක් අවික්‍ෂේපයෙක් වේ ද, මේ ‘මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළකීමේ ශික්‍ෂාපද’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං සුරාමෙරයමජ්ජපමාදට්ඨානා වෙරමණීසික්ඛාපදං: යස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොති සොමනස්සසහගතං ඤාණසම්පයුත්තං සසඞ්ඛාරෙන -පෙ- සොමනස්සසහගතං ඤාණවිප්පයුත්තං -පෙ- සොමනස්සසහගතං ඤාණවිප්පයුත්තං සසඞ්ඛාරෙන -පෙ- උපෙක්ඛාසහගතං ඤාණසම්පයුත්තං -පෙ- උපෙක්ඛාසහගතං ඤාණසම්පයුත්තං සසඞ්ඛාරෙන -පෙ- උපෙක්ඛාසහගතං ඤාණවිප්පයුත්තං -පෙ- උපෙක්ඛාසහගතං ඤාණවිප්පයුත්තං සසඞ්ඛාරෙන සුරාමෙරයමජ්ජපමාදට්ඨානා විරමන්තස්ස යා තස්මිං සමයෙ සුරාමෙරයමජ්ජපමාදට්ඨානා ආරති විරති පටිවිරති වෙරමණී අකිරියා අකරණං අනජ්ඣාපත්තිවෙලාඅනතික්කමෙ සෙතුඝාතො, ඉදං වුච්චති සුරාමෙරයමජ්ජපමාදට්ඨානා වෙරමණී සික්ඛාපදං, අවසෙසා ධම්මා වෙරමණියා සම්පයුත්තා -පෙ-
Sinhala BJTඑහි ‘මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළකීමේ ශික්‍ෂාපදය’ කවරෙ යත්: යම් කලෙක මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වළක්නහුට සොම්නස් සහගිය ඥානසම්ප්‍රයුක්ත කාමාවචරකුශලචිත්තය සංස්කාර සහිත ව උපදනේ වේ ද ... සොම්නස් සහගිය ඥානවිප්‍රයුක්ත ... සොම්නස් සහගිය ඥානවිප්‍රයුක්ත (කුශලචිත්තය) සංස්කාර සහිත ව ... උපේක්‍ෂාසහගත ඥානසම්ප්‍රයුක්ත ... උපේක්‍ෂාසහගත ඥානසම්ප්‍රයුක්ත (කුශලචිත්තය) සංස්කාර සහිත ව ... උපේක්‍ෂාසහගත ඥානවිප්‍රයුක්ත ... උපේක්‍ෂා සහගත ඥානවිප්‍රයුක්ත (කුශලචිත්තය) සංස්කාර සහිත වැ උපදනේ වේ ද, එසමයෙහි මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් යම් දුරු වීමෙක් වෙන් වීමෙක් වැළකීමෙක් විරමණයෙක් අක්‍රියායෙක් අකරණයෙක් නො පැමිණීමෙක් හිම් නො ඉක්මවීමෙක් ප්‍රත්‍යය නැසීමෙක් වේ ද, මේ ‘මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළකීමේ ශික්‍ෂාපද’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ විරමණය හා සම්ප්‍රයුක්තයෝ යි. ...
Pali BJTතත්ථ කතමං සුරාමෙරයමජ්ජපමාදට්ඨානා වෙරමණී සික්ඛංපදං: යස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොති උපෙක්ඛාසහගතං ඤාණවිප්පයුත්තං සසඞ්ඛාරෙන සුරාමෙරයමජ්ජපමාදට්ඨානා විරමන්තස්ස යා තස්මිං සමයෙ චෙතනා සඤ්චෙතනා චෙතයිතත්තං, ඉදං වුච්චති සුරාමෙරයමජ්ජපමාදට්ඨානා වෙරමණී සික්ඛාපදං, අවසෙසා ධම්මා චෙතනාය සම්පයුත්තා -පෙ-
Sinhala BJTඑහි ‘මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළකීමේ ශික්‍ෂාපදය’ කවරෙ යත්: යම් කලෙක මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වළක්නහුට උපේක්‍ෂාසහගත ඥානවිප්‍රයුක්ත කාමාවචරකුශලචිත්තය සංස්කාර සහිත වැ උපදනේ වේ ද, එසමයෙහි යම් චේතනායෙක් සඤ්චේතනායෙක් සිතන ලද බවෙක් වේ ද, මේ ‘මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළකීමේ ශික්‍ෂාපද’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ චේතනාව හා සම්ප්‍රයුක්තයෝ යි ...
Pali BJTතත්ථ කතමං සුරාමෙරයමජ්ජපමාදට්ඨානා වෙරමණීසික්ඛාපදං: යස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොති උපෙක්ඛාසහගතං ඤාණවිප්පයුත්තං සසඞ්ඛාරෙන සුරාමෙරයමජ්ජපමාදට්ඨානා විරමන්තස්ස යො තස්මිං සමයෙ ඵස්සො -පෙ- පග්ගාහො අවික්ඛෙපො, ඉදං වුච්චති සුරාමෙරයමජ්ජපමාදට්ඨානා වෙරමණීසික්ඛාපදං.
Sinhala BJTඑහි ‘මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළකීමේ ශික්‍ෂාපදය’ කවරෙ යත්: යම් කලෙක මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වළක්නහුට උපේක්‍ෂාසහගත ඥානවිප්‍රයුක්ත වූ කාමාවචරකුශලචිත්තය සංස්කාර සහිත වැ උපදනේ වේ ද, එසමයෙහි යම් ස්පර්‍ශයෙක් ... ප්‍රග්‍රාහයෙක් අවික්‍ෂේපයෙක් වේ ද, මේ ‘මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළකීමේ ශික්‍ෂාපද’ යි කියනු ලැබේ.
Pali BJT755. පඤ්ච සික්ඛාපදානි: පාණාතිපාතා වෙරමණීසික්ඛාපදං අදින්නාදානා වෙරමණීසික්ඛාපදං, කාමෙසු මිච්ඡාචාරා වෙරමණී සික්ඛාපදං, මුසාවාදා වෙරමණී සික්ඛාපදං, සුරාමෙරයමජ්ජපමාදට්ඨානා වෙරමණීසික්ඛාපදං.
Sinhala BJT755. ශික්‍ෂාපද පසෙකි: පණිවායෙන් වැළකීමේ ශික්‍ෂාපද ය, අයිනාදනින් වැළකීමේ ශික්‍ෂාපද ය, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීමේ ශික්‍ෂාපද ය, මුසවායෙන් වැළකීමේ ශික්‍ෂාපද ය, මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළකීමේ ශික්‍ෂාපද යි.
Pali BJT756. තත්ථ කතමං පාණාතිපාතා වෙරමණීසික්ඛාපදං: යස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොති සොමනස්සසහගතං ඤාණසම්පයුත්තං හීනං මජ්ඣිමං පණීතං, ඡන්දාධිපතෙය්යං විරියාධිපතෙය්යං චිත්තාධිපතෙය්යං වීමංසාධිපතෙය්යං. ඡන්දාධිපතෙය්යං හීනං මජ්ඣිමං පණීතං, විරියාධිපතෙය්යං හීනං මජ්ඣිමං පණීතං, චිත්තාධිපතෙය්යං හීනං මජ්ඣිමං පණීතං වීමංසාධිපතෙය්යං හීනං මජ්ඣිමං පණීතං පාණාතිපාතා විරමන්තස්ස, යා තස්මිං සමයෙ පාණාතිපාතා ආරති විරති පටිවිරති වෙරමණී අකිරියා අකරණං අනජ්ඣාපත්ති වෙලාඅනතික්කමො සෙතුඝාතො. ඉදං වුච්චති පාණාතිපාතා වෙරමණී සික්ඛාපදං, අවසෙසා ධම්මා වෙරමණියා සම්පයුත්තා.
Sinhala BJT756. එහි ‘පණිවායෙන් වැළකීමේ ශික්‍ෂාපදය’ කවරෙ යත්: යම් කලෙක පණිවායෙන් වළක්නහුට සොම්නස් සහගිය ඥානසම්ප්‍රයුක්ත කාමාවචරකුශලචිත්තය හීන වැ මධ්‍යම වැ, ප්‍රණීත වැ, ඡන්‍දය අධිපති කොට ඇති වැ වීර්‍ය්‍යය අධිපති කොට ඇති වැ චිත්තය අධිපති කොට ඇති වැ විමංසාව අධිපති කොට ඇති වැ, හීන වූ මධ්‍යම වූ ප්‍රණීත වූ ඡන්‍දය අධිපති කොට ඇති වැ හීන වූ මධ්‍යම වූ ප්‍රණීත වූ වීර්‍ය්‍යය අධිපති කොට ඇති වැ හීන වූ මධ්‍යම වූ ප්‍රණීත වූ චිත්තය අධිපති කොට ඇති වැ හීන වූ මධ්‍යම වූ ප්‍රණීත වූ විමංසාව අධිපති කොට ඇති වැ උපදනේ වේ ද, එසමයෙහි පණිවායෙන් යම් දුරුවීමෙක් වෙන් වීමෙක් වැළකීමෙක් විරමණයෙක් අක්‍රියායෙක් අකරණයෙක් නො පැමිණීමෙක් හිම් නො ඉක්මවීමෙක් ප්‍රත්‍යය නැසීමෙක් වේ ද, මේ ‘පණිවායෙන් වැළකීමේ ශික්‍ෂාපද’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ විරමණය හා සම්ප්‍රයුක්තයෝ යි.
Pali BJTතත්ථ කතමං පාණාතිපාතා වෙරමණීසික්ඛාපදං: යස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොති සොමනස්සසහගතං ඤාණසම්පයුත්තං හීනං මජ්ඣිමං පණීතං, ඡන්දාධිපතෙය්යං විරියාධිපතෙය්යං චිත්තාධිපතෙය්යං වීමංසාධිපතෙය්යං. ඡන්දාධිපතෙය්යං හීනං මජ්ඣිමං පණීතං, විරියාධිපතෙය්යං හීනං මජ්ඣිමං පණීතං, චිත්තාධිපතෙය්යං හීනං මජ්ඣිමං පණීතං වීමංසාධිපතෙය්යං හීනං මජ්ඣිමං පණීතං පාණාතිපාතා විරමන්තස්ස, යා තස්මිං සමයෙ චෙතනා සඤ්චෙතනා චෙතයිතත්තං, ඉදං වුච්චති පාණාතිපාතා වෙරමණී සික්ඛාපදං, අවසෙසා ධම්මා චෙතනාය සම්පයුත්තා.
Sinhala BJTඑහි ‘පණිවායෙන් වැළකීමේ ශික්‍ෂාපදය’ කවරෙ යත්: යම් කලෙක පණිවායෙන් වළක්නහුට සොම්නස් සහගිය ඥානසම්ප්‍රයුක්ත කාමාවචරකුශලචිත්තය හීන වැ මධ්‍යම වැ ප්‍රණීත වැ, ඡන්‍දය අධිපති කොට ඇති වැ වීර්‍ය්‍යය අධිපති කොට ඇති වැ චිත්තය අධිපති කොට ඇති වැ විමංසාව අධිපති කොට ඇති වැ, හීන වූ මධ්‍යම වූ ප්‍රණීත වූ ඡන්‍දය අධිපති කොට ඇති වැ හීන වූ මධ්‍යම වූ ප්‍රණීත වූ වීර්‍ය්‍යය අධිපති කොට ඇති වැ හීන වූ මධ්‍යම වූ ප්‍රණීත වූ චිත්තය අධිපති කොට ඇති වැ හීන වූ මධ්‍යම වූ ප්‍රණීත වූ විමංසාව අධිපති කොට ඇති වැ උපදනේ වේ ද, එසමයෙහි යම් චේතනායෙක් සඤ්චේතනායෙක් සිතන ලද බවෙක් වේ ද, මේ ‘පණිවායෙන් වැළකීමේ ශික්‍ෂාපද’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ චේතනාව හා සම්ප්‍රයුක්තයෝ යි.
Pali BJTතත්ථ කතමං පාණාතිපාතා වෙරමණීසික්ඛාපදං: යස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොති සොමනස්සසහගතං ඤාණසම්පයුත්තං හීනං මජ්ඣිමං පණීතං, ඡන්දාධිපතෙය්යං විරියාධිපතෙය්යං චිත්තාධිපතෙය වීමංසාධිපතෙය්යං, ඡන්දාධිපතෙය්යං හීනං මජ්ඣිමං පණීතං -පෙ- වීමංසාධිපතෙය්යං හීනං මජ්ඣිමං පණීතං පාණාතිපාතා විරමන්තස්ස, යො තස්මිං සමයෙ ඵස්සො -පෙ- පග්ගාහො අවික්ඛෙපො, ඉදං වුච්චති පාණාතිපාතා වෙරමණීසික්ඛාපදං.
Sinhala BJTඑහි ‘පණිවායෙන් වැළකීමේ ශික්‍ෂාපදය’ කවරෙ යත්: යම් කලෙක පණිවායෙන් වළක්නහුට සොම්නස් සහගිය ඥානසම්ප්‍රයුක්ත වූ කාමාවචරකුශලචිත්තය හීන වැ මධ්‍යම වැ ප්‍රණීත වැ, ඡන්‍දය අධිපති කොට ඇති වැ වීර්‍ය්‍යය අධිපති කොට ඇති වැ චිත්තය අධිපති කොට ඇති වැ විමංසාව අධිපති කොට ඇති වැ, හීන වූ මධ්‍යම වූ ප්‍රණීත වූ ඡන්‍දය අධිපති කොට ඇති වැ ... හීන වූ මධ්‍යම වූ ප්‍රණීත වූ වීමංසාව අධිපති කොට ඇති වැ උපදනේ වේ ද, එසමයෙහි යම් ස්පර්‍ශයෙක් ... ප්‍රග්‍රාහයෙක් අවික්‍ෂේපයෙක් වේ ද, මේ ‘පණිවායෙන් වැළකීමේ ශික්‍ෂාපද’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං පාණාතිපාතා වෙරමණීසික්ඛාපදං: යස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොති සොමනස්සසහගතං ඤාණසම්පයුත්තං සසඞ්ඛාරෙන -පෙ- සොමනස්සසහගතං ඤාණවිප්පයුත්තං -පෙ- සොමනස්සසහගතං ඤාණවිප්පයුත්තං සසඞ්ඛාරෙන -පෙ- උපෙක්ඛාසහගතං ඤාණසම්පයුත්තං -පෙ- උපෙක්ඛාසහගතං ඤාණසම්පයුත්තං සසඞ්ඛාරෙන -පෙ- උපෙක්ඛාසහගතං ඤාණවිප්පයුත්තං -පෙ- උපෙක්ඛාසහගතං ඤාණවිප්පයුත්තං සසඞ්ඛාරෙන හීනං මජ්ඣිමං පණීතං, ඡන්දාධිපතෙය්යං විරියාධිපතෙය්යං චිත්තාධිපතෙය්යං, ඡන්දාධිපතෙය්යං හීනං මජ්ඣිමං පණීතං විරියාධිපතෙය්යං හීනං මජ්ඣිමං පණීතං චිත්තාධිපතෙය්යං හීනං මජ්ඣිමං පණීතං පාණාතිපාතා විරමන්තස්ස යා තස්මිං සමයෙ පාණාතිපාතා ආරති විරති පටිවිරති වෙරමණී අකිරියා අකරණං අනජ්ඣාපත්ති වෙලාඅනතික්කමො සෙතුඝාතො. ඉදං වුච්චති පාණාතිපාතා වෙරමණීසික්ඛාපදං, අවසෙසා ධම්මා වෙරමණියා සම්පයුත්තා -පෙ- අවසෙසා ධම්මා චෙතනාය සම්පයුත්තා -පෙ- ඵස්සො -පෙ- පග්ගාහො අවික්ඛෙපො, ඉදං වුච්චති පාණාතිපාතා වෙරමණීසික්ඛාපදං.
Sinhala BJTඑහි ‘පණිවායෙන් වැළකීමේ ශික්‍ෂාපදය’ කවරෙ යත්: යම් කලෙක පණිවායෙන් වළක්නහුට සොම්නස් සහගිය ඥානසම්ප්‍රයුක්ත කාමාවචරකුශලචිත්තය සංස්කාර සහිත ව උපදනේ වේ ද ... සොම්නස් සහගිය ඥානවිප්‍රයුක්ත ... සොම්නස් සහගිය ඥානවිප්‍රයුක්ත (කුශලචිත්තය) සංස්කාර සහිත වැ ... උපේක්‍ෂාසහගත ඥානසම්ප්‍රයුක්ත ... උපේක්‍ෂාසහගත ඥානසම්ප්‍රයුක්ත (කුශලචිත්තය) සංස්කාර සහිත වැ ... උපේක්‍ෂාසහගත ඥානවිප්‍රයුක්ත ... උපේක්‍ෂාසහගත ඥානවිප්‍රයුක්ත (කුශලචිත්තය) සංස්කාර සහිත වැ හීන වැ මධ්‍යම වැ ප්‍රණීත වැ, ඡන්‍දය අධිපති කොට ඇති වැ වීර්‍ය්‍යය අධිපති කොට ඇති වැ චිත්තය අධිපති කොට ඇති වැ හීන වූ මධ්‍යම වූ ප්‍රණීත වූ ඡන්‍දය අධිපති කොට ඇති වැ, හීන වූ මධ්‍යම වූ ප්‍රණීත වූ වීර්‍ය්‍යය අධිපති කොට ඇති වැ, හීන වූ මධ්‍යම වූ ප්‍රණීත වූ චිත්තය අධිපති කොට ඇති වැ, උපදනේ වේ ද, එසමයෙහි පණිවායෙන් යම් දුරු වීමෙක් වෙන් වීමෙක් වැළකීමෙක් විරමණයෙක් අක්‍රියායෙක් අකරණයෙක් නො පැමිණීමෙක් හිම් නො ඉක්මවීමෙක් ප්‍රත්‍යය නැසීමෙක් වේ ද, මේ ‘පණිවායෙන් වැළකීමේ ශික්‍ෂාපද’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ විරමණය හා සම්ප්‍රයුක්තයෝ යි. ... අවශේෂධර්‍මයෝ චේතනාව හා සම්ප්‍රයුක්තයෝ යි. ... ස්පර්‍ශයෙක් ... ප්‍රග්‍රාහයෙක් අවික්‍ෂේපයෙක් වේ ද, මේ ‘පණිවායෙන් වැළකීමේ ශික්‍ෂාපද’ යි කියනු ලැබේ.
Pali BJT757. තත්ථ කතමං අදින්නාදානා වෙරමණී සික්ඛාපදං -පෙ- කාමෙසු මිච්ඡාචාරා වෙරමණීසික්ඛාපදං -පෙ- මුසාවාදා වෙරමණීසික්ඛාපදං -පෙ- සුරාමෙරයමජ්ජපමාදට්ඨානා වෙරමණීසික්ඛාපදං : යස්මි සමයෙ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොති සොමනස්සසහගතං ඤාණසම්පයුත්තං හීනං මජ්ඣිමං පණීතං, ඡන්දාධිපතෙය්යං විරියාධිපතෙය්යං චිත්තාධිපතෙය්යං වීමංසාධිපතෙය්යං, ඡන්දාධිපතෙය්යං හීනං මජ්ඣිමං පණීතං, විරියාධිපතෙය්යං හීනං මජ්ඣිමං පණීතං, චිත්තාධිපතෙය්යං හීනං මජ්ඣිමං පණීතං, වීමංසාධිපතෙය්යං හීනං මජ්ඣිමං පණීතං සුරාමෙරයමජ්ජපමාදට්ඨානා විරමන්තස්ස, යා තස්මිං සමයෙ සුරාමෙරය මජ්ජපමාදට්ඨානා ආරති විරති පටිවිරති වෙරමණී අකිරියා අකරණං අනජ්ඣාපත්ති වෙලාඅනතික්කමො සෙතුඝාතො, ඉදං වුච්චති සුරාමෙරයමජ්ජපමාදට්ඨානා වෙරමණීසික්ඛාපදං, අවසෙසා ධම්මා වෙරමණියා සම්පයුත්තා -පෙ- අවසෙසා ධම්මා චෙතනාය සම්පයුත්තා -පෙ- ඵස්සො -පෙ- පග්ගාහො අවික්ඛෙපො, ඉදං වුච්චති සුරාමෙරයමජ්ජපමාදට්ඨානා වෙරමණීසික්ඛාපදං.
Sinhala BJT757. එහි ‘අයිනාදනින් වැළකීමේ ශික්‍ෂාපදය’ කවරෙ යත්: ... කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීමේ ශික්‍ෂාපදය ... මුසාවායෙන් වැළකීමේ ශික්‍ෂාපදය ... මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළකීමේ ශික්‍ෂාපදය කවරෙ යත්: යම් කලෙක මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වළක්නහුට සොම්නස් සහගිය ඥානසම්ප්‍රයුක්ත වූ කාමාවචරකුශලචිත්තය හීන වෑ මධ්‍යම වැ ප්‍රණීත වැ, ඡන්‍දය අධිපති කොට ඇති වැ වීර්‍ය්‍යය අධිපති කොට ඇති වැ චිත්තය අධිපති කොට ඇති වැ විමංසාව අධිපති කොට ඇති වැ, හීන වූ මධ්‍යම වූ ප්‍රණීත වූ ඡන්‍දය අධිපති කොට ඇති වැ, හීන වූ මධ්‍යම වූ ප්‍රණීත වූ වීර්‍ය්‍යය අධිපති කොට ඇති වැ, හීන වූ මධ්‍යම වූ ප්‍රණීත වූ චිත්තය අධිපති කොට ඇති වැ, හීන වූ මධ්‍යම වූ ප්‍රණීත වූ වීමංසාව අධිපති කොට ඇති වැ උපදනේ වේ ද, එසමයෙහි මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් යම් දුරු වීමෙක් වෙන් වීමෙක් වැළකීමෙක් විරමණයෙක් අක්‍රියායෙක් අකරණයෙක් නො පැමිණීමෙක් හිම් නො ඉක්මවීමෙක් ප්‍රත්‍යය නැසීමෙක් වේ ද, මේ ‘මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළැකීමේ ශික්‍ෂාපද’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ විරමණය හා සම්ප්‍රයුක්තයෝ යි. ... අවශේෂධර්‍මයෝ චේතනාව හා සම්ප්‍රයුක්තයෝ යි. ... ස්පර්‍ශයෙක් ... ප්‍රග්‍රාහයෙක් අවික්‍ෂේපයෙක් වේ ද, මේ ‘මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළකීමේ ශික්‍ෂාපද’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං සුරාමෙරයමජ්ජපමාදට්ඨානා වෙරමණීසික්ඛාපදං: යස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොති සොමනස්ස සහගතං ඤාණසම්පයුත්තං සසඞ්ඛාරෙන -පෙ- සොමනස්සසහගතං ඤාණවිප්පයුත්තං -පෙ- සොමනස්සසහගතං ඤාණවිප්පයුත්තං සසඞ්ඛාරෙන -පෙ- උපෙක්ඛාසහගතං ඤාණසම්පයුත්තං -පෙ- උපෙක්ඛාසහගතං ඤාණසම්පයුත්තං සසඞ්ඛාරෙන -පෙ- උපෙක්ඛාසහගතං ඤාණවිප්පයුත්තං -පෙ- උපෙක්ඛාසහගතං ඤාණවිප්පයුත්තං සසඞ්ඛාරෙන හීනං මජ්ඣිමං පණීතං, ඡන්දාධිපතෙය්යං විරියාධිපතෙය්යං චිත්තාධිපතෙය්යං, ඡන්දාධිපතෙය්යං හීනං මජ්ඣිමං පණීතං, විරියාධිපතෙය්යං හීනං මජ්ඣිමං පණීතං, චිත්තාධිපතෙය්යං හීනං මජ්ඣිමං පණීතං, සුරාමෙරයෙමජ්ජපමාදට්ඨානා විරමන්තස්ස, යා තස්මිං සමයෙ සුරාමෙරයමජ්ජපමාදට්ඨානා ආරති විරති පටිවිරති වෙරමණී අකිරියා අකරණං අනජ්ඣාපත්ති වෙලාඅනතික්කමො සෙතුඝාතො, ඉදං වුච්චති සුරාමෙරයමජ්ජපමාදට්ඨානා වෙරමණීසික්ඛාපදං, අවසෙසා ධම්මා වෙරමණියා සම්පයුත්තා -පෙ- අවසෙසා ධම්මා චෙතනාය සම්පයුත්තා -පෙ- ඵස්සො -පෙ- පග්ගාහො අවික්ඛෙපො, ඉදං වුච්චති සුරාමෙරයමජ්ජපමාදට්ඨානා වෙරමණීසික්ඛාපදං.
Sinhala BJTඑහි ‘මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළකීමේ ශික්‍ෂාපදය’ කවරෙ යත්: යම් කලෙක මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වළක්නහුට සොම්නස් සහගිය ඥානසම්ප්‍රයුක්ත කාමාවචරකුශලචිත්තය සංස්කාර සහිත වැ උපදනේ වේ ද ... සොම්නස් සහගිය ඥානවිප්‍රයුක්ත ... සොම්නස් සහගිය ඥානවිප්‍රයුක්ත (කුශලචිත්තය) සංස්කාර සහිත වැ ... උපේක්‍ෂාසහගත ඥානසම්ප්‍රයුක්ත ... උපේක්‍ෂාසහගත ඥානසම්ප්‍රයුක්ත (කුශලචිත්තය) සංස්කාර සහිත වැ ... උපේක්‍ෂාසහගත ඥානවිප්‍රයුක්ත ... උපේක්‍ෂාසහගත ඥානවිප්‍රයුක්ත (කුශලචිත්තය) සංස්කාර සහිත වැ, හීන වැ මධ්‍යම වැ ප්‍රණීත වැ, ඡන්‍දය අධිපති කොට ඇති වැ වීර්‍ය්‍යය අධිපති කොට ඇති වැ චිත්තය අධිපති කොට ඇති වැ හීන වූ මධ්‍යම වූ ප්‍රණීත වූ ඡන්‍දය අධිපති කොට ඇති වැ, හීන වූ මධ්‍යම වූ ප්‍රණීත වූ වීර්‍ය්‍යය අධිපති කොට ඇති වැ, හීන වූ මධ්‍යම වූ ප්‍රණීත වූ චිත්තය අධිපති කොට ඇති වැ, උපදනේ වේ ද, එසමයෙහි මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් යම් දුරු වීමෙක් වෙන් වීමෙක් වැළකීමෙක් විරමණයෙක් අක්‍රියායෙක් අකරණයෙක් නො පැමිණීමෙක් හිම් නො ඉක්ම වීමෙක් ප්‍රත්‍යය නැසීමෙක් වේ ද, මේ ‘මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළකීමේ ශික්‍ෂාපද’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ විරමණය හා සම්ප්‍රයුක්තයෝ යි ... අවශේෂධර්‍මයෝ චේතනාව හා සම්ප්‍රයුක්තයෝ යි ... ස්පර්‍ශයෙක් ... ප්‍රග්‍රාහයෙක් අවික්‍ෂේපයෙක් වේ ද, මේ ‘මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළකීමේ ශික්‍ෂාපද’ යි කියනු ලැබේ.
Pali BJT758. කතමෙ ධම්මා සික්ඛා: යස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොති සොමනස්සසහගතං ඤාණසම්පයුත්තං රූපාරම්මණං වා -පෙ- ධම්මාරම්මණං වා යං යං වා පනාරබ්භ තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති, ඉමෙ ධම්මා සික්ඛා.
Sinhala BJT758. ශික්‍ෂාධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක රූපාලම්බන වේවයි ... ධර්‍මාලම්බන වේවයි යම් යම් අරමුණක් ඇරැබැ සොම්නස් සහගත ඥානසම්ප්‍රයුක්ත කාමාවචර කුශලචිත්තය උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මොහු ශික්‍ෂාධර්‍මයෝ යි.
Pali BJTකතමෙ ධම්මා සික්ඛා: යස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොති සොමනස්සසහගතං ඤාණසම්පයුත්තං සසඞ්ඛාරෙන -පෙ- සොමනස්සසහගතං ඤාණවිප්පයුත්තං -පෙ- සොමනස්සසහගතං ඤාණවිප්පයුත්තං සසඞ්ඛාරෙන -පෙ- උපෙක්ඛාසහගතං ඤාණසම්පයුත්තං -පෙ- උපෙක්ඛාසහගතං ඤාණසම්පයුත්තං සසඞ්ඛාරෙන -පෙ- උපෙක්ඛාසහගතං ඤාණවිප්පයුත්තං -පෙ- උපෙක්ඛාසහගතං ඤාණවිප්පයුත්තං සසඞ්ඛාරෙන රූපාරම්මණං වා -පෙ- ධම්මාරම්මණං වා යං යං වා පනාරබ්භ තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති ඉමෙ ධම්මා සික්ඛා.
Sinhala BJTශික්‍ෂාධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක රූපාලම්බන වේවයි ... ධර්‍මාලම්බන වේවයි යම් යම් අරමුණක් ඇරැබැ සොම්නස් සහගත ඥානසම්ප්‍රයුක්ත කාමාවචර කුශල චිත්තය සංස්කාර සහිත ව උපදනේ වේ ද ... සොම්නස් සහගත ඥානවිප්‍රයුක්ත ... සොම්නස් සහගත ඥානවිප්‍රයුක්ත (කුශලචිත්තය) සංස්කාර සහිත වැ ... උපේක්‍ෂා සහගත ඥානසම්ප්‍රයුක්ත ... උපේක්‍ෂාසහගත ඥානසම්ප්‍රයුක්ත (කුශලචිත්තය) සංස්කාර සහිත වැ ... උපේක්‍ෂාසහගත ඥානවිප්‍රයුක්ත ... උපේක්‍ෂාසහගත ඥානවිප්‍රයුක්ත (කුශලචිත්තය) සංස්කාර සහිත වැ උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මොහු ශික්‍ෂාධර්‍මයෝ යි.
Pali BJT759. කතමෙ ධම්මා සික්ඛා: යස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති -පෙ- අරූපූපපත්තියා මග්ගං භාවෙති -පෙ- ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති, ඉමෙ ධම්මා සික්ඛා.
Sinhala BJT759. ශික්‍ෂාධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද ... අරූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද ... දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව මැ ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මොහු ශික්‍ෂාධර්‍මයෝ යි.
Pali BJTඅභිධම්මභාජනියං
Sinhala BJTඅභිධර්‍මභාජනිය යි.
Pali BJT760. පඤ්ච සික්ඛාපදානි: පාණාතිපාතා වෙරමණීසික්ඛාපදං, අදින්නාදානා වෙරමණීසික්ඛාපදං, කාමෙසු මිච්ඡාචාරා වෙරමණීසික්ඛාපදං, මුසාවාදා වෙරමණීසික්ඛාපදං, සුරාමෙරයමජ්ජපමාදට්ඨානා වෙරමණීසික්ඛාපදං.
Sinhala BJT760. ශික්‍ෂාපද පසෙකි: පණිවායෙන් වැළකීමේ ශික්‍ෂාපද ය, අයිනාදනින් වැළකීමේ ශික්‍ෂාපද ය, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීමේ ශික්‍ෂාපද ය, මුසවායෙන් වැළකීමේ ශික්‍ෂාපද ය, මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළකීමේ ශික්‍ෂාපද යි.
Pali BJT761. පඤ්චන්නං සික්ඛාපදානං කති කුසලා. කති අකුසලා. කති අව්යාකතා -පෙ- කති සරණා, කති අරණා:
Sinhala BJT761. පඤ්චශික්‍ෂාපදයන් අතුරෙහි කුශලයෝ කෙතෙක් ද, අකුශලයෝ කෙතෙක් ද අව්‍යාකෘතයෝ කෙතෙක් ද, ... සරණයෝ කෙතෙක් ද, අරණයෝ කෙතෙක් ද යත්:
Pali BJT762. කුසලායෙව.
Sinhala BJT762. (පඤ්චශික්‍ෂාපදයෝ) කුශලයෝ මැ ය.
Pali BJTසියා සුඛාය වෙදනාය සම්පයුත්තා, සියා අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තා.
Sinhala BJT(පඤ්චශික්‍ෂාපදයෝ) සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නාහ, උපේක්‍ෂාවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නාහුය.
Pali BJTවිපාකධම්මධම්මා.
Sinhala BJT(පඤ්චශික්‍ෂාපදයෝ) විපාකස්වභාවධර්‍මයෝ ය.
Pali BJTඅනුපාදින්නුපාදානියා.
Sinhala BJT(පඤ්චශික්‍ෂාපදයෝ) අනුපාදින්නෝපාදානියයෝ ය.
Pali BJTඅසංකිලිට්ඨසංකිලෙසිකා.
Sinhala BJT(පඤ්චශික්‍ෂාපදයෝ) අසංක්ලිෂ්ටසාංක්ලේශිකයෝ ය.
Pali BJTසවිතක්කසවිචාරා.
Sinhala BJT(පඤ්චශික්‍ෂාපදයෝ) සවිතර්‍කසවිචාරයෝ ය.
Pali BJTසියා පීතිසහගතා, සියා සුඛසහගතා, සියා උපෙක්ඛාසහගතා.
Sinhala BJT(පඤ්චශික්‍ෂාපදයෝ) ප්‍රීතිසහගත ද වන්නාහ, සුඛසහගත ද වන්නාහ, උපේක්‍ෂා සහගත ද වන්නාහු ය.
Pali BJTනෙවදස්සනෙන න භාවනාය පහාතබ්බා.
Sinhala BJT(පඤ්චශික්‍ෂාපදයෝ) නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ ය.
Pali BJTනෙව දස්සනෙන න භාවනාය පහාතබ්බහෙතුකා.
Sinhala BJT(පඤ්චශික්‍ෂාපදයෝ) නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතුකයෝ ය.
Pali BJTආචයගාමිනො.
Sinhala BJT(පඤ්චශික්‍ෂාපදයෝ) ආචයගාමීහු ය.
Pali BJTනෙව සෙක්ඛා නාසෙක්ඛා.
Sinhala BJT(පඤ්චශික්‍ෂාපදයෝ) නො ම ශෛක්‍ෂ නො ද අශෛක්‍ෂයෝ ය.
Pali BJTපරිත්තා.
Sinhala BJT(පඤ්චශික්‍ෂාපදයෝ) පරිත්තයෝ ය.
Pali BJTපරිත්තාරම්මණා.
Sinhala BJT(පඤ්චශික්‍ෂාපදයෝ) පරිත්තාලම්බනයෝ ය.
Pali BJTමජ්ඣිමා.
Sinhala BJT(පඤ්චශික්‍ෂාපදයෝ) මධ්‍යමයෝ ය.
Pali BJTඅනියතා.
Sinhala BJT(පඤ්චශික්‍ෂාපදයෝ) අනියතයෝ ය.
Pali BJTන වත්තබ්බා මග්ගාරම්මණාති’පි මග්ගහෙතුකාති’පි මග්ගාධිපතිනොති’පි.
Sinhala BJT(පඤ්චශික්‍ෂාපදයෝ) මාර්‍ගාලම්බනහ යි ද මාර්‍ගහේතුකහ යි ද මාර්‍ගාධිපතිහ යි ද නො කියයුත්තාහු ය.