Vibhaṅga

Analysis

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 3001-3100 න් 4235

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT‘එකං දිස’න්ති: පුරත්ථිමං වා දිසං පච්ඡිමං වා දිසං උත්තරං වා දිසං දක්ඛිණං වා දිසං උද්ධං වා අධො වා තිරියං වා විදිසං වා.
Sinhala BJT‘ඒකං දිසං’ යනු: පෙරදිග හෝ අවරදිග හෝ උතුරුදිග හෝ දකුණුදිග හෝ උඩ හෝ යට හෝ සරස හෝ අනුදිග හෝ යි.
Pali BJT‘ඵරිත්වා’ති: ඵරිත්වා අධිමුච්චිත්වා.
Sinhala BJT‘ඵරිත්‍වා’ යනු: (අරමුණු කිරීම් වශයෙන්) ස්පර්‍ශ කොට වෙසෙසින් බැසගෙන.
Pali BJT‘විහරතී’ති: ඉරීයති වත්තති පාලෙති යපෙති යාපෙති චරති විහරති{3} තෙන වුච්චති විහරතීති.
Sinhala BJT‘විහරති’ යනු: ඉරියවු පවත්වයි, පවතියි, පාලනය කෙරෙයි, යැපෙයි, යාපනය කෙරෙයි, හැසිරෙයි, වෙසේ. එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.
Pali BJT‘තථා දුතිය’න්ති: යථෙව එකං දිසං තථා දුතියං දිසං, තථා තතියං දිසං, තථා චතුත්ථිං දිසං, තථා උද්ධං, තථා අධො, තථා තිරියං, තථා විදිසං.
Sinhala BJT‘තථා දුතියං’ යනු: එක් දිශායෙක්හි යම් බඳු ද, දෙවැනි දිශායෙහි එ බඳු ය, තුන් වැනි දිශායෙහි එ බඳු ය, සතර වැනි දිශායෙහි එ බඳු ය, උඩ එ බඳු ය, යට එ බඳු ය, සරස එ බඳු ය, අනුදිග එ බඳු යි.
Pali BJT‘සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොක’න්ති: සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං අසෙසං නිස්සෙසං පරියාදාය වචනමෙතං ‘සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොක’න්ති.
Sinhala BJT‘සබ්බධි සබ්බත‍්තතාය සබ්බාවන්තං ලෝකං’ යනු: සියල්ලෙන් සියල්ල සර්‍වප්‍රකාරයෙන් සියල්ල අශේෂ කොට නිශ්ශේෂ කොට ගෙන කීමෙකි තෙල ‘සබ්බධි සබ්බත‍්තතාය සබ්බාවන්තං ලෝකං’ යනු.
Pali BJT‘මෙත්තාසහගතෙන චෙතසා’ති තත්ථ කතමා මෙත්තා: යා සත්තෙසු මෙත්ති මෙත්තායනා මෙත්තායිතත්තං මෙත්තාචෙතොවිමුත්ති අයං වුච්චති මෙත්තා. තත්ථ කතමං චිත්තං: යං චිත්තං මනො මානසං -පෙ- තජ්ජාමනොවිඤ්ඤාණධාතු, ඉදං වුච්චති චිත්තං. ඉදං චිත්තං ඉමාය මෙත්තාය සහගතං හොති සහජාතං සංසට්ඨං සම්පයුත්තං, තෙන වුච්චති මෙත්තාසහගතෙන චෙතසාති.
Sinhala BJT‘මෙත්තාසහගතෙන චේතසා’ යනු: එහි ‘මෙත්තා’ කවර යත්: සත්ත්‍වයන් කෙරෙහි යම් මෛත්‍රියක් මෙත් කරන අයුරෙක් මෙත් කළ බවෙක් මෛත්‍රීචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘මෙත්තා’ යි කියනු ලැබේ. එහි ‘චිත්ත’ කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් ... තදනුරූපමනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘චිත්ත’ යි කියනු ලැබේ. මේ චිත්තය මේ මෛත්‍රිය සහගියේ වෙයි සහජාත - සංසෘෂ්ට - සම්ප්‍රයුක්ත වූයේ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘මෙත්තාසහගතෙන චේතසා’ යි.
Pali BJT‘විපුලෙනා’ති යං විපුලං තං මහග්ගතං, යං මහග්ගතං තං අප්පමාණං, යං අප්පමාණං සො අවෙරො, යො අවෙරො සො අව්යාපජ්ඣො{1}.
Sinhala BJT‘විපුලෙන’ යනු: යමෙක් (යම් සිතෙක්) විපුල නම් හේ මහද්ගත ය, යමෙක් මහද්ගත නම් හේ අප්‍රමාණ ය, යමෙක් අප්‍රමාණ නම් හේ අවෛර ය, යමෙක් අවෛර නම් හේ අබ්‍යාපජ්ඣ (නිදුක්) යි.
Pali BJT‘ඵරිත්වා’ති ඵරිත්වා අධිමුච්චිත්වා.
Sinhala BJT‘ඵරිත්‍වා’ යනු: ස්පර්‍ශ (අරමුණු) කොට වෙසෙසින් බැසගෙන.
Pali BJT‘විහරතී’ති -පෙ- තෙන වුච්චති විහරතීති.
Sinhala BJT‘විහරති’ යනු: ... එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.
Pali BJT724. කථඤ්ච භික්ඛු කරුණාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති: සෙය්යථාපි නාම එකං පුග්ගලං දුග්ගතං දුරුපෙතං දිස්වා කරුණායෙය්ය, එවමෙව සබ්බෙ සත්තෙ කරුණාය එරති{2}.
Sinhala BJT724. කිසෙයින් මහණ කරුණාසහගත සිතින් එක් දිශාවක් ස්පර්‍ශ කොට වෙසේ ද යත්: යම්සේ නම් දුගී වූ කායදුශ්චරිතාදියෙන් යුක්ත වූ එක් පුද්ගලයකු දැක කුළුණුසිත් උපදවන්නේ ද, එසෙයින් ම සියලු සත්ත්‍වයන් කරුණායෙන් ස්පර්‍ශ කෙරෙයි.
Pali BJTතත්ථ කතමා කරුණා: යා සත්තෙසු කරුණා කරුණායනා කරුණායිතත්තං කරුණාචෙතොවිමුත්ති, අයං වුච්චති කරුණා. තත්ථ කතමා චිත්තං: යං චිත්තං මනො මානසං -පෙ- තජ්ජාමනොවිඤ්ඤාණධාතු ඉදං වුච්චති චිත්තං, ඉදං චිත්තං ඉමාය කරුණාය සහගතං හොති සහජාතං සංසට්ඨං සම්පයුත්තං, තෙන වුච්චති ‘කරුණාසහගතෙන චෙතසා’ති.
Sinhala BJTඑහි ‘කරුණා’ කවර යත්: සත්ත්‍වයන් කෙරෙහි යම් කරුණායෙක් කුළුණු අයුරෙක් කරුණා කළ බවෙක් කරුණාචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘කරුණා’ යි කියනු ලැබේ. එහි ‘චිත්ත’ කවරෙ යත්: යම් සිතෙක් මනසෙක් මානසයෙක් ... තදනුරූපමනෝවිඥාන ධාතුයෙක් වේ ද, මේ ‘චිත්ත’ යි කියනු ලැබේ. මේ චිත්තය මේ කරුණාව සහගියේ වෙයි, සහජාත - සංසෘෂ්ට - සම්ප්‍රයුක්ත වූයේ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘කරුණාසහගතෙන චේතසා’ යි.
Pali BJT‘එකං දිස’න්ති: පුරත්ථිමං වා දිසං පච්ඡිමං වා දිසං උත්තරං වා දිසං දක්ඛිණං වා දිසං උද්ධං වා අධො වා තිරියං වා විදිසං වා.
Sinhala BJT‘ඒකං දිසං’ යනු: පැදුම් දිග හෝ පැළදිග හෝ උතුරුදිග හෝ දකුණුදිග හෝ උඩ හෝ යට හෝ සරස හෝ අනුදිග හෝ යි.
Pali BJT‘ඵරිත්වා’ති: ඵරිත්වා අධිමුච්චිත්වා.
Sinhala BJT‘ඵරිත්‍වා’ යනු: ස්පර්‍ශ කොට අරමුණෙහි හෙළා යි.
Pali BJT‘විහරතී’ති -පෙ- තෙන වුච්චති ‘විහරතී’ති.
Sinhala BJT‘විහරති’ යනු: ... එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.
Pali BJT‘තථා දුතිය’න්ති: යථෙව එකං දිසං තථා දුතියං දිසං, තථා තතියං දිසං, තථා චතුත්ථිං දිසං, තථා උද්ධං, තථා අධො, තථා තිරියං, තථා විදිසං.
Sinhala BJT‘තථා දුතියං’ යනු: එක් දිශායෙක්හි යම් බඳු ද දෙවැනි දිශායෙහි එ බඳු ය, තුන් වැනි දිශායෙහි එ බඳු ය, සතර වැනි දිශායෙහි එ බඳු ය, උඩ එ බඳු ය, යට එ බඳු ය, සරස එ බඳු ය, අනුදිග එ බඳු යි.
Pali BJT‘සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොක’න්ති: සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං අසෙසං නිස්සෙසං පරියාදාය වචනමෙතං ‘සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොක’න්ති.
Sinhala BJT‘සබ්බධි සබ්බත‍්තතාය සබ්බාවන්තං ලෝකං’ යනු: සියල්ලෙන් සියල්ල සර්‍වප්‍රකාරයෙන් සියල්ල අශේෂ කොට නිශ්ශේෂ කොට ගෙන කීමෙකි තෙල ‘සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලෝකං’ යනු.
Pali BJT‘කරුණාසහගතෙන චෙතසා’ති තත්ථ කතමා කරුණා: යා සත්තෙසු කරුණා කරුණායනා කරුණායිතත්තං කරුණාචෙතොවිමුත්ති, අයං වුච්චති කරුණා. තත්ථ කතමං චිත්තං: යං චිත්තං මනො මානසං -පෙ- තජ්ජාමනොවිඤ්ඤාණධාතු, ඉදං වුච්චති චිත්තං. ඉදං චිත්තං ඉමාය කරුණාය සහගතං හොති සහජාතං සංසට්ඨං සම්පයුත්තං. තෙන වුච්චති කරුණාසහගතෙන චෙතසාති.
Sinhala BJT‘කරුණාසහගතෙන චේතසා’ යනු: එහි ‘කරුණා’ කවර යත්: සත්ත්‍වයන් කෙරෙහි යම් කරුණායෙක් කුළුණු අයුරෙක් කුළුණු කළ බවෙක් කරුණාචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘කරුණා’ යි කියනු ලැබේ. එහි ‘චිත්ත’ කවරෙ යත්: යම් සිතෙක් මනසෙක් මානසයෙක් ... තදනුරූපමනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘චිත්ත’ යි කියනු ලැබේ. මේ චිත්තය මේ කරුණාව සහගියේ වෙයි. සහජාත - සංසෘෂ්ට - සම්ප්‍රයුක්ත වූයේ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘කරුණාසහගතෙන චේතසා’ යි.
Pali BJT‘විපුලෙනා’ති: යං විපුලං තං මහග්ගතං, යං මහග්ගතං තං අප්පමාණං, යං අප්පමාණං සො අවෙරො, යො අවෙරො සො අව්යාපජ්ඣො.
Sinhala BJT‘විපුලෙන’ යනු: යම් සිතෙක් විපුල නම් හේ මහද්ගත ය, යමෙක් මහද්ගත නම් හේ අප්‍රමාණ ය, යමෙක් අප්‍රමාණ නම් හේ අවෛර ය, යමෙක් අවෛර නම් හේ අබ්‍යාපජ්ඣ යි.
Pali BJT‘ඵරිත්වා’ති : ඵරිත්වා අධිමුච්චිත්වා.
Sinhala BJT‘ඵරිත්‍වා’ යනු: ස්පර්‍ශ කොට අරමුණෙහි හෙළා යි.
Pali BJT‘විහරතී’ති : -පෙ- තෙන වුච්චති විහරතීති.
Sinhala BJT‘විහරති’ යනු: ... එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.
Pali BJT725. කථඤ්ච භික්ඛු මුදිතා සහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති: සෙය්යථාපි නාම එකං පුග්ගලං පියං මනාපං දිස්වා මුදිතො අස්ස, එවමෙව සබ්බෙ සත්තෙ මුදිතාය එරති.
Sinhala BJT725. කිසෙයින් මහණ මුදිතාසහගත සිතින් එක් දිශාවක් ස්පර්‍ශ කොට වෙසේ ද යත්: යම්සේ නම් ප්‍රිය වූ මනාප වූ එක් පුද්ගලයකු දැක ප්‍රමුදිත වූයේ වන්නේ ද, එපරිද්දෙන් ම සියලු සත්ත්‍වයන් මුදිතායෙන් ස්පර්‍ශ කෙරෙයි.
Pali BJTතත්ථ කතමා මුදිතා: යා සත්තෙසු මුදිතා මුදිතායනා මුදිතායිතත්තං මුදිතාචෙතොවිමුත්ති, අයං වුච්චති මුදිතා. තත්ථ කතමං චිත්තං: යං චිත්තං මනො මානසං -පෙ- තජ්ජාමනොවිඤ්ඤාණධාතු, ඉදං වුච්චති චිත්තං. ඉදං චිත්තං ඉමාය මුදිතාය සහගතං හොති සහජාතං සංසට්ඨං සම්පයුත්තං, තෙන වුච්චති මුදිතාසහගතෙන චෙතසාති.
Sinhala BJTඑහි ‘මුදිතා’ කවර යත්: සත්ත්‍වයන් කෙරෙහි යම් මුදිතායෙක් ප්‍රමෝද අයුරෙක් ප්‍රමුදිත බවෙක් මුදිතාචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘මුදිතා’ යි කියනු ලැබේ. එහි ‘චිත්ත’ කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් ... තදනුරූපමනෝවිඥාන ධාතුයෙක් වේ ද, මේ ‘චිත්ත’ යි කියනු ලැබේ. මේ චිත්තය මේ මුදිතාව සහගියේ වෙයි, සහජාත - සංසෘෂ්ට - සම්ප්‍රයුක්ත වූයේ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘මුදිතාසහගතෙන චේතසා’ යි.
Pali BJT‘එකං දිස’න්ති: පුරත්ථිමං වා දිසං පච්ඡිමං වා දිසං උත්තරං වා දිසං දක්ඛිණං වා දිසං උද්ධං වා අධො වා තිරියං වා විදිසං වා.
Sinhala BJT‘ඒකං දිසං’ යනු: පැදුම්දිග හෝ පැළදිග හෝ උතුරුදිග හෝ දකුණුදිග හෝ උඩ හෝ යට හෝ සරස හෝ අනුදිග හෝ යි.
Pali BJT‘ඵරිත්වා’ති: ඵරිත්වා අධිමුච්චිත්වා.
Sinhala BJT‘ඵරිත්‍වා’ යනු: ස්පර්‍ශ කොට අරමුණෙහි හෙළා යි.
Pali BJT‘විහරතී’ති: -පෙ- තෙන වුච්චති විහරතීති.
Sinhala BJT‘විහරති’ යනු: ... එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.
Pali BJT‘තථා දුතිය’න්ති: යථෙව එකං දිසං තථා දුතියං දිසං, තථා තතියං දිසං, තථා චතුත්ථිං දිසං, තථා උද්ධං, තථා අධො, තථා තිරියං, තථා විදිසං.
Sinhala BJT‘තථා දුතියං’ යනු: එක් දිශායෙක්හි යම් බඳු ද දෙවැනි දිශායෙහි එ බඳු ය, තුන් වැනි දිශායෙහි එ බඳු ය, සතර වැනි දිශායෙහි එ බඳු ය, උඩ එ බඳු ය, යට එ බඳු ය, සරස එ බඳු ය, අනුදිග එ බඳු යි.
Pali BJT‘සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොක’න්ති: සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං අසෙසං නිස්සෙසං පරියාදාය වචනමෙතං ‘සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොක’න්ති.
Sinhala BJT‘සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලෝකං’ යනු: සියල්ලෙන් සියල්ල සර්‍වප්‍රකාරයෙන් සියල්ල අශේෂ කොට නිශ්ශේෂ කොට ගෙන කීමෙකි. තෙල ‘සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලෝකං’ යනු.
Pali BJT‘මුදිතාසහගතෙන චෙතසා’ති: තත්ථ කතමා මුදිතා: යා සත්තෙසු මුදිතා මුදිතායනා මුදිතායිතත්තං මුදිතාචෙතොවිමුත්ති, අයං වුච්චති මුදිතා. තත්ථ කතමං චිත්තං: යං චිත්තං මනො මානසං -පෙ- තජ්ජාමනොවිඤ්ඤාණධාතු, ඉදං වුච්චති චිත්තං. ඉදං චිත්තං ඉමාය මුදිතාය සහගතං හොති සහජාතං සංසට්ඨං සම්පයුත්තං. තෙන වුච්චති’ මුදිතා සහගතෙන චෙතසා’ති.
Sinhala BJT‘මුදිතාසහගතෙන චේතසා’ යනු: එහි ‘මුදිතා’ කවර යත්: සත්ත්‍වයන් කෙරෙහි යම් ප්‍රමෝදයෙක් ප්‍රමෝදාකාරයෙක් ප්‍රමුදිත බවෙක් මුදිතාචේතෝවිමුක්තියෙක් වේ ද, මේ ‘මුදිතා’ යි කියනු ලැබේ. එහි ‘චිත්ත’ කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් ... තදනුරූපමනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘චිත්ත’ යි කියනු ලැබේ. මේ චිත්තය මේ මුදිතාව සහගියේ වෙයි, සහජාත - සංසෘෂ්ට - සම්ප්‍රයුක්ත වූයේ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘මුදිතාසහගතෙන චේතසා’ යි.
Pali BJT‘විපුලෙනා’ති: යං විපුලං තං මහග්ගතං, යං මහග්ගතං තං අප්පමාණං, යං අප්පමාණං සො අවෙරො, යො අවෙරො සො අව්යාපජ්ඣො.
Sinhala BJT‘විපුලෙන’ යනු: යම් සිතෙක් විපුල නම් හේ මහද්ගත ය, යමෙක් මහද්ගත නම් හේ අප්‍රමාණ ය, යමෙක් අප්‍රමාණ නම් හේ අවෛර ය, යමෙක් අවෛර නම් හේ අව්‍යාබාධ යි.
Pali BJT‘ඵරිත්වා’ති: ඵරිත්වා අධිමුච්චිත්වා.
Sinhala BJT‘ඵරිත්‍වා’ යනු: ස්පර්‍ශ කොට අරමුණෙහි හෙළා යි.
Pali BJT‘විහරතී’ති: -පෙ- තෙන වුච්චති විහරතීති.
Sinhala BJT‘විහරති’ යනු: ... එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.
Pali BJT726. කථං ච භික්ඛු උපෙක්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති: සෙය්යථාපි නාම එකං පුග්ගලං නෙව මනාපං න අමනාපං දිස්වා උපෙක්ඛකො අස්ස, එවමෙව සබ්බෙ සත්තෙ උපෙක්ඛාය එරති. තත්ථ කතමා උපෙක්ඛා: යා සත්තෙසු උපෙක්ඛා උපෙක්ඛායනා උපෙක්ඛායිතත්තං උපෙක්ඛාචෙතොවිමුත්ති අයං වුච්චති උපෙක්ඛා. තත්ථ කතමං චිත්තං: යං චිත්තං මනො මානසං -පෙ- තජ්ජාමනො විඤ්ඤාණධාතු, ඉදං වුච්චති චිත්තං. ඉදං චිත්තං ඉමාය උපෙක්ඛාය සහගතං හොති සහජාතං සංසට්ඨං සම්පයුත්තං, තෙන වුච්චති උපෙක්ඛාසහගතෙන චෙතසා’ති.
Sinhala BJT726. කිසෙයින් මහණ උපේක්‍ෂාසහගත සිතින් එක් දිශායෙක්හි සත්ත්‍වයන් ස්පර්‍ශ කොට වෙසේ ද යත්: යම්සේ නම් නො ම මනාප වූ අමනාප නො වූ එක් පුද්ගලයකු දැක උපේක්‍ෂා ඇත්තේ වන්නේ ද, එපරිද්දෙන් ම සියලු සත්ත්‍වයන් උපේක්‍ෂායෙන් ස්පර්‍ශ කෙරෙයි. එහි ‘උපේක්‍ෂා’ කවර යත්: සත්ත්‍වයන් කෙරෙහි යම් උපේක්‍ෂායෙක් මැදහත් අයුරෙක් උපේක්‍ෂා කළ බවෙක් උපේක්‍ෂාචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘උපේක්‍ෂා’ යි කියනු ලැබේ. එහි ‘චිත්ත’ කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් ... තදනුරූපමනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘චිත්ත’ යි කියනු ලැබේ. මේ චිත්තය මේ උපේක්‍ෂාව සහගියේ වෙයි, සහජාත - සංසෘෂ්ට - සම්ප්‍රයුක්ත වූයේ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘උපෙක්ඛාසහගතෙන චේතසා’ යි.
Pali BJT‘එකං දිස’න්ති: පුරත්ථිමං වා දිසං පච්ඡිමං වා දිසං උත්තරං වා දිසං දක්ඛිණං වා දිසං උද්ධං වා අධො වා තිරියං වා විදිසං වා.
Sinhala BJT‘ඒකං දිසං’ යනු: පැදුම්දිග හෝ පැළදිග හෝ උතුරුදිග හෝ දකුණුදිග හෝ උඩ හෝ යට හෝ සරස හෝ අනුදිග හෝ යි.
Pali BJT‘ඵරිත්වා’ති: ඵරිත්වා අධිමුච්චිත්වා.
Sinhala BJT‘ඵරිත්‍වා’ යනු: ස්පර්‍ශ කොට අරමුණෙහි හෙළා යි.
Pali BJT‘විහරතී’ති: -පෙ- තෙන වුච්චති විහරතීති.
Sinhala BJT‘විහරති’ යනු: ... එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.
Pali BJT‘තථා දුතිය’න්ති: යථෙව එකං දිසං තථා දුතියං දිසං, තථා තතියං දිසං, තථා චතුත්ථිං දිසං, තථා උද්ධං, තථා අධො, තථා තිරියං, තථා විදිසං.
Sinhala BJT‘තථා දුතියං’ යනු: එක් දිශායෙක්හි යම් බඳු ද, දෙවැනි දිශායෙහි එ බඳු ය, තුන් වැනි දිශායෙහි එ බඳු ය, සතර වැනි දිශායෙහි එ බඳු ය, උඩ එ බඳු ය, යට එ බඳු ය, සරස එ බඳු ය, අනුදිග එ බඳු යි.
Pali BJT‘සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොක’න්ති: සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං අසෙස නිස්සෙසං පරියාදාය වචනමෙතං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොක’න්ති.
Sinhala BJT‘සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලෝකං’ යනු: සියල්ලෙන් සියල්ල සර්‍වප්‍රකාරයෙන් සියල්ල අශේෂ කොට නිශ්ශේෂ කොට ගෙන කීමෙකි. තෙල ‘සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලෝකං’ යනු.
Pali BJT‘උපෙක්ඛාසහගතෙන චෙතසා’ති තත්ථ කතමා උපෙක්ඛා: යා සත්තෙසු උපෙක්ඛා උපෙක්ඛායනා උපෙක්ඛායිතත්තං උපෙක්ඛාචෙතො විමුත්ති, අයං වුච්චති උපෙක්ඛා. තත්ථ කතමං චිත්තං: යං චිත්තං මනො මානසං -පෙ- තජ්ජාමනොවිඤ්ඤාණධාතු, ඉදං වුච්චති චිත්තං. ඉදං චිත්තං ඉමාය උපෙක්ඛාය සහගතං හොති සහජාතං සංසට්ඨං සම්පයුත්තං තෙන වුච්චති ‘උපෙක්ඛාසහගතෙන චෙතසා’ති.
Sinhala BJT‘උපෙක්ඛාසහගතෙන චේතසා’ යනු: එහි ‘උපේක්‍ෂා’ කවර යත්: සත්ත්‍වයන් කෙරෙහි යම් උපේක්‍ෂායෙක් මැදහත් අයුරෙක් උපේක්‍ෂා කළ බවෙක් උපේක්‍ෂාචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘උපේක්‍ෂා’ යි කියනු ලැබේ. එහි ‘චිත්ත’ කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් ... තදනුරූපමනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘චිත්ත’ යි කියනු ලැබේ. මේ චිත්තය මේ උපේක්‍ෂාව සහගියේ වෙයි, සහජාත - සංසෘෂ්ට - සම්ප්‍රයුක්ත වූයේ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘උපෙකක්ඛාසහගතෙන චේතසා’ යි.
Pali BJT‘විපුලෙනා’ති: යං විපුලං තං මහග්ගතං, යං මහග්ගතං තං අප්පමාණං, යං අප්පමාණං සො අවෙරො, යො අවෙරො සො අව්යාපජ්ඣො.
Sinhala BJT‘විපුලෙන’ යනු: යම් සිතෙක් විපුල නම් හේ මහද්ගත ය, යමෙක් මහද්ගත නම් හේ අප්‍රමාණ ය, යමෙක් අප්‍රමාණ නම් හේ අවෛර ය, යමෙක් අවෛර නම් හේ අව්‍යාබාධ යි.
Pali BJT‘ඵරිත්වා’ති: ඵරිත්වා අධිවුච්චිත්වා.
Sinhala BJT‘ඵරිත්‍වා’ යනු: ස්පර්‍ශ කොට අධිමුක්ත කොට යනු යි.
Pali BJT‘විරහතී’ති: ඉරීයති වත්තති පාලෙති යපෙති යාපෙති චරති විහරති තෙන වුච්චති ‘විහරතී’ති.
Sinhala BJT‘විහරති’ යනු: ඉරියවු පවත්වයි, පවති, පාලනය කෙරෙයි, යැපෙයි, යාපනය කෙරෙයි, හැසිරෙයි, වෙසේ. එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.
Pali BJTසුත්තන්තභාජනියං.
Sinhala BJTසූත්‍රාන්තභාජනිය යි.
Pali BJT727. චතස්සො අප්පමඤ්ඤායො: මෙත්තා කරුණා මුදිතා උපෙක්ඛා.
Sinhala BJT727. අප්‍රාමාණ්‍ය සතරෙකි: මෙත්තා ය කරුණා ය මුදිතා ය උපේක්‍ෂා යි.
Pali BJT728. තත්ථ කතමා මෙත්තා: ඉධ භික්ඛු යස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති, විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති මෙත්තාසහගතං. යා තස්මිං සමයෙ මෙත්ති මෙත්තායනා මෙත්තායිතත්තං මෙත්තාචෙතොවිමුත්ති. අයං වුච්චති වෙත්තා. අවසෙසා ධම්මා මෙත්තාය සම්පයුත්තා.
Sinhala BJT728. එහි ‘මෙත්තා’ කවර යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... මෛත්‍රීසහගත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එ සමයෙහි යම් මෛත්‍රියක් මෙත් අයුරෙක් මෙත් කළ බවෙක් මෛත්‍රී චිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘මෙත්තා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ මෛත්‍රිය හා සම්ප්‍රයුක්තයෝ යි.
Pali BJTතත්ථ කතමා මෙත්තා: ඉධ භික්ඛු යස්මිං සමයෙ රූපූපත්තියා මග්ගං භාවෙති විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං උපසම්පජ්ජ විහරති මෙත්තාසහගතං. යා තස්මිං සමයෙ මෙත්ති මෙත්තායනා මෙත්තායිතත්තං මෙත්තාචෙතොවිමුත්ති, අයං වුච්චති මෙත්තා. අවසෙසා ධම්මා මෙත්තාය සම්පයුත්තා.
Sinhala BJTඑහි ‘මෙත්තා’ කවර යත්: මෙ සස්නෙහි මහණ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... මෛත්‍රීසහගත ද්විතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එ සමයෙහි යම් මෛත්‍රියක් මෙත් අයුරෙක් මෙත් කළ බවෙක් මෛත්‍රී චිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘මෙත්තා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ මෛත්‍රිය හා සම්ප්‍රයුක්තයෝ යි.
Pali BJTතත්ථ කතමා මෙත්තා: ඉධ භික්ඛු යස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති පීතියා ච විරාගා -පෙ- තතියං ඣානං උපසම්පජ්ජ විහරති මෙත්තාසහගතං. යා තස්මිං සමයෙ මෙත්ති මෙත්තායනා මෙත්තායිතත්තං මෙත්තාචෙතොවිමුත්ති, අයං වුච්චති මෙත්තා. අවසෙසා ධම්මා මෙත්තාය සම්පයුත්තා.
Sinhala BJTඑහි ‘මෙත්තා’ කවර යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, ප්‍රීතියගේ ද විරාගයෙන් ... මෛත්‍රීසහගත තෘතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් මෛත්‍රියක් මෙත් අයුරෙක් මෙත් කළ බවෙක් මෛත්‍රීචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘මෙත්තා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ මෛත්‍රිය හා සම්ප්‍රයුක්තයෝ යි.
Pali BJT729. ඉධ භික්ඛු යස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති. විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති මෙත්තාසහගතං. යා තස්මිං සමයෙ මෙත්ති මෙත්තායනා මෙත්තායිතත්තං මෙත්තාචෙතොවිමුත්ති, අයං වුච්චති මෙත්තා. අවසෙසා ධම්මා මෙත්තාය සම්පයුත්තා.
Sinhala BJT729. මෙ සස්නෙහි මහණ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... මෛත්‍රීසහගත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එ සමයෙහි යම් මෛත්‍රියක් මෛත්‍රී කරන අයුරෙක් මෛත්‍රී කළ බවෙක් මෛත්‍රීචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘මෙත්තා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ මෛත්‍රිය හා සම්ප්‍රයුක්තයෝ යි.
Pali BJTඉධ භික්ඛු යස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි අවිතක්කං විචාරමත්තං විවෙකජ පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති මෙත්තාසහගතං. යා තස්මිං සමයෙ මෙත්ති මෙත්තායනා මෙත්තායිතත්තං මෙත්තාචෙතොවිමුත්ති, අයං වුච්චති මෙත්තා. අවසෙසා ධම්මා මෙත්තාය සම්පයුත්තා.
Sinhala BJTමෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන්‍ වෙන් ව ම අකුශලධර්‍මයන්ගෙන් වෙන් ව ම විතර්‍ක රහිත වූ විචාරමාත්‍ර වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති මෛත්‍රීසහගත ද්විතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් මෛත්‍රියක් මෛත්‍රීආකාරයෙක් මෛත්‍රී කළ බවෙක් මෛත්‍රීචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘මෙත්තා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ මෛත්‍රිය හා සම්ප්‍රයුක්තයෝ යි.
Pali BJTඉධ භික්ඛූ යස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති. විතක්ක විචාරානං වූපසමා -පෙ- තතියං ඣානං උපසම්පජ්ජ විහරති මෙත්තා සහගතං. යා තස්මිං සමයෙ මෙත්ති මෙත්තායනා මෙත්තායිතත්තං මෙත්තාචෙතොවිමුත්ති, අයං වුච්චති මෙත්තා. අවසෙසා ධම්මා මෙත්තාය සම්පයුත්තා.
Sinhala BJTමෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... මෛත්‍රීසහගත තෘතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එ සමයෙහි යම් මෛත්‍රියක් මෛත්‍රීආකාරයෙක් මෛත්‍රී කළ බවෙක් මෛත්‍රීචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘මෙත්තා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ මෛත්‍රිය හා සම්ප්‍රයුක්තයෝ යි.
Pali BJTඉධ භික්ඛු යස්මිං සමයෙ රූපූපත්තියා මග්ගං භාවෙති පීතියා ච විරාගා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති මෙත්තාසහගතං. යා තස්මිං සමයෙ මෙත්ති මෙත්තායනා මෙත්තායිතත්තං මෙත්තාචෙතොවිමුත්ති, අයං වුච්චති මෙත්තා. අවසෙසා ධම්මා මෙත්තාය සම්පයුත්තා.
Sinhala BJTමෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, ප්‍රීතියගේ ද විරාගයෙන් ... මෛත්‍රීසහගත චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් මෛත්‍රියක් මෛත්‍රී ආකාරයෙක් මෛත්‍රී කළ බවෙක් මෛත්‍රීචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘මෙත්තා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ මෛත්‍රිය හා සම්ප්‍රයුක්තයෝ යි.
Pali BJT730. තත්ථ කතමා කරුණා: ඉධ භික්ඛු යස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති කරුණාසහගතං. යා තස්මිං සමයෙ කරුණා කරුණායනා කරුණායිතත්තං කරුණාචෙතොවිමුත්ති, අයං වුච්චති කරුණා. අවසෙසා ධම්මා කරුණාය සම්පයුත්තා.
Sinhala BJT730. එහි ‘කරුණා’ කවර යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... කරුණාසහගත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් කරුණාවක් කරුණාආකාරයෙක් කරුණා කළ බවෙක් කරුණාචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘කරුණා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ කරුණාව හා සම්ප්‍රයුක්තයෝ යි.
Pali BJTතත්ථ කතමා කරුණා: ඉධ භික්ඛු යස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං උපසම්පජ්ජ විහරති කරුණාසහගතං. යා තස්මිං සමයෙ කරුණා කරුණායනා කරුණායිතත්තං කරුණාචෙතොවිමුත්ති, අයං වුච්චති කරුණා. අවසෙසා ධම්මා කරුණාය සම්පයුත්තා.
Sinhala BJTඑහි ‘කරුණා’ කවර යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... කරුණාසහගත ද්විතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් කරුණායෙක් කුළුණු අයුරෙක් කරුණා කළ බවෙක් කරුණාචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘කරුණා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ කරුණාව හා සම්ප්‍රයුක්තයෝ යි.
Pali BJTතත්ථ කතමා කරුණා: ඉධ භික්ඛු යස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති පීතියා ච විරාගා -පෙ- තතියං ඣානං උපසම්පජ්ජ විහරති කරුණාසහගතං. යා තස්මිං සමයෙ කරුණා කරුණායනා කරුණායිතත්තං කරුණාචෙතොවිමුත්ති, අයං වුච්චති කරුණා. අවසෙසා ධම්මා කරුණාය සම්පයුත්තා.
Sinhala BJTඑහි ‘කරුණා’ කවර යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, ප්‍රීතියගේ ද විරාගයෙන් ... කරුණාසහගත තෘතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් කරුණාවක් කරුණාආකාරයෙක් කරුණා කළ බවෙක් කරුණාචිත්ත විමුක්තියෙක් වේ ද, මේ ‘කරුණා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ කරුණාව හා සම්ප්‍රයුක්තයෝ යි.
Pali BJT731. ඉධ භික්ඛු යස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති කරුණාසහගතං. යා තස්මිං සමයෙ කරුණා කරුණායනා කරුණායිතත්තං කරුණාචෙතොවිමුත්ති, අයං වුච්චති කරුණා. අවසෙසා ධම්මා කරුණාය සම්පයුත්තා.
Sinhala BJT731. මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... කරුණාසහගත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් කරුණායෙක් කරුණා අයුරෙක් කරුණා කළ බවෙක් කරුණාචේතෝවිමුක්තියෙක් වේ ද, මේ ‘කරුණා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ කරුණාව හා සම්ප්‍රයුක්තයෝ යි.
Pali BJTඉධ භික්ඛු යස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි අවිතක්කං විචාරමත්තං විවෙකජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති කරුණාසහගතං. යා තස්මිං සමයෙ කරුණා කරුණායනා කරුණායිතත්තං කරුණාචෙතොවිමුත්ති, අයං වුච්චති කරුණා. අවසෙසා ධම්මා කරුණාය සම්පයුත්තා.
Sinhala BJTමෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන්‍ වෙන් ව ම අකුශලධර්‍මයන්ගෙන් වෙන් ව ම විතර්‍ක රහිත වූ විචාරමාත්‍ර වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති කරුණාසහගත වූ ද්විතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් කරුණායෙක් කරුණා කරන අයුරෙක් කරුණා කළ බවෙක් කරුණාචේතෝවිමුක්තියෙක් වේ ද, මේ ‘කරුණා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ කරුණාව හා සම්ප්‍රයුක්තයෝ යි.
Pali BJTඉධ භික්ඛු යස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති විතක්කවිචාරානං වූපසමා -පෙ- තතියං ඣානං උපසම්පජ්ජ විහරති කරුණාසහගතං. යා තස්මිං සමයෙ කරුණා කරුණායනා කරුණායිතත්තං කරුණාචෙතොවිමුත්ති, අයං වුච්චති කරුණා. අවසෙසා ධම්මා කරුණාය සම්පයුත්තා.
Sinhala BJTමෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... කරුණාසහගත තෘතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් කරුණායෙක් කරුණා කරන අයුරෙක් කරුණා කළ බවෙක් කරුණාචේතෝවිමුක්තියෙක් වේ ද, මේ ‘කරුණා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ කරුණාව හා සම්ප්‍රයුක්තයෝ යි.
Pali BJTඉධ භික්ඛු යස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති පීතියා ච විරාගා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති කරුණාසහගතං. යා තස්මිං සමයෙ කරුණා කරුණායනා කරුණායිතත්තං කරුණාචෙතොවිමුත්ති, අයං වුච්චති කරුණා. අවසෙසා ධම්මා කරුණාය සම්පයුත්තා.
Sinhala BJTමෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, ප්‍රීතියගේ ද විරාගයෙන් ... කරුණාසහගත චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එ සමයෙහි යම් කරුණායෙක් කරුණා කරන අයුරෙක් කරුණා කළ බවෙක් වේ ද, මේ ‘කරුණා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ කරුණාව හා සම්ප්‍රයුක්තයෝ යි.
Pali BJT732. තත්ථ කතමා මුදිතා: ඉධ භික්ඛු යස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති මුදිතා සහගතං. යා තස්මිං සමයෙ මුදිතා මුදිතායනා මුදිතායිතත්තං මුදිතාචෙතොවිමුත්ති, අයං වුච්චති මුදිතා. අවසෙසා ධම්මා මුදිතාය සම්පයුත්තා.
Sinhala BJT732. එහි ‘මුදිතා’ කවර යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... මුදිතාසහගත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් ප්‍රමෝදයෙක් ප්‍රමෝදන ආකාරයෙක් ප්‍රමුදිත බවෙක් මුදිතාචේතෝවිමුක්තියෙක් වේ ද, මේ ‘මුදිතා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ මුදිතාව හා සම්ප්‍රයුක්තයෝ යි.
Pali BJTතත්ථ කතමා මුදිතා: ඉධ භික්ඛු යස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං උපසම්පජ්ජ විහරති මුදිතාසහගතං. යා තස්මිං සමයෙ මුදිතා මුදිතායනා මුදිතායිතත්තං මුදිතාචෙතොවිමුත්ති, අයං වුච්චති මුදිතා. අවසෙසා ධම්මා මුදිතාය සම්පයුත්තා.
Sinhala BJTඑහි ‘මුදිතා’ කවර යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... මුදිතාසහගත ද්විතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් ප්‍රමෝදයෙක් මෝදනාකාරයෙක් ප්‍රමුදිත බවෙක් මුදිතාචේතෝවිමුක්තියෙක් වේ ද, මේ ‘මුදිතා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ මුදිතාව හා සම්ප්‍රයුක්තයෝ යි.
Pali BJTතත්ථ කතමා මුදිතා: ඉධ භික්ඛු යස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති පීතියා ච විරාගා -පෙ- තතියං ඣානං උපසම්පජ්ජ විහරති මුදිතාසහගතං. යා තස්මිං සමයෙ මුදිතා මුදිතායනා මුදිතායිතත්තං මුදිතාචෙතොවිමුත්ති, අයං වුච්චති මුදිතා. අවසෙසා ධම්මා මුදිතාය සම්පයුත්තා.
Sinhala BJTඑහි ‘මුදිතා’ කවර යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, ප්‍රීතියගේ ද විරාගයෙන් ... මුදිතාසහගත තෘතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එ සමයෙහි යම් මුදිතායෙක් මෝදනාකාරයෙක් ප්‍රමුදිත බවෙක් මුදිතා චේතෝවිමුක්තියෙක් වේ ද, මේ ‘මුදිතා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ මුදිතාව හා සම්ප්‍රයුක්තයෝ යි.
Pali BJT733. ඉධ භික්ඛු යස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති මුදිතාසහගතං. යා තස්මිං සමයෙ මුදිතා මුදිතායනා මුදිතායිතත්තං මුදිතාචෙතොවිමුත්ති, අයං වුච්චති මුදිතා. අවසෙසා ධම්මා මුදිතාය සම්පයුත්තා.
Sinhala BJT733. මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... මුදිතාසහගත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එ සමයෙහි යම් මුදිතායෙක් මෝදනාකාරයෙක් මුදිත බවෙක් මුදිතාචේතෝවිමුක්තියෙක් වේ ද, මේ ‘මුදිතා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ මුදිතාව හා සම්ප්‍රයුක්තයෝ යි.
Pali BJTඉධ භික්ඛු යස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි අවිතක්කං විචාරමත්තං විවෙකජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති මුදිතාසහගතං. යා තස්මිං සමයෙ මුදිතා මුදිතායනා මුදිතායිතත්තං මුදිතාචෙතොවිමුත්ති, අයං වුච්චති මුදිතා. අවසෙසා ධම්මා මුදිතාය සම්පයුත්තා.
Sinhala BJTමෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන්‍ වෙන් ව ම අකුශලධර්‍මයන්ගෙන් වෙන් ව ම විතර්‍ක රහිත වූ විචාරමාත්‍ර වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති මුදිතාසහගත ද්විතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් මුදිතාවක් මෝදනාකාරයෙක් මුදිත බවෙක් මුදිතාචේතෝවිමුක්තියෙක් වේ ද, මේ ‘මුදිතා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ මුදිතාව හා සම්ප්‍රයුක්තයෝ යි.
Pali BJTඉධ භික්ඛු යස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති විතක්කවිචාරානං වූපසමා -පෙ- තතියං ඣානං උපසම්පජ්ජ විහරති මුදිතාසහගතං, යා තස්මිං සමයෙ මුදිතා මුදිතායනා මුදිතායිතත්තං මුදිතාචෙතොවිමුත්ති, අයං වුච්චති මුදිතා. අවසෙසා ධම්මා මුදිතාය සම්පයුත්තා.
Sinhala BJTමෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... මුදිතාසහගත තෘතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් මුදිතායෙක් මෝදනාකාරයෙක් මුදිත බවෙක් මුදිතාචේතෝවිමුක්තියෙක් වේ ද, මේ ‘මුදිතා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ මුදිතාව හා සම්ප්‍රයුක්තයෝ යි.
Pali BJTඉධ භික්ඛු යස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති පීතියා ච විරාගා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති මුදිතාසහගතං. යා තස්මිං සමයෙ මුදිතා මුදිතායනා මුදිතායිතත්තං මුදිතාචෙතොවිමුත්ති, අයං වුච්චති මුදිතා. අවසෙසා ධම්මා මුදිතාය සම්පයුත්තා.
Sinhala BJTමෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, ප්‍රීතියගේ ද විරාගයෙන් ... මුදිතාසහගත චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එ සමයෙහි යම් මුදිතායෙක් මෝදනාකාරයෙක් මුදිත බවෙක් මුදිතාචේතෝවිමුක්තියෙක් වේ ද, මේ ‘මුදිතා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ මුදිතාව හා සම්ප්‍රයුක්තයෝ යි.
Pali BJT734. තත්ථ කතමා උපෙක්ඛා: ඉධ භික්ඛු යස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති සුඛස්ස ච පහානා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති උපෙක්ඛා සහගතං. යා තස්මිං සමයෙ උපෙක්ඛා උපෙක්ඛායනා උපෙක්ඛායිතත්තං උපෙක්ඛාචෙතොවිමුත්ති, අයං වුච්චති උපෙක්ඛා. අවසෙසා ධම්මා උපෙක්ඛාය සම්පයුත්තා.
Sinhala BJT734. එහි ‘උපේක්‍ෂා’ කවර යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... උපේක්‍ෂාසහගත චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් උපේක්‍ෂායෙක් මැදහත් අයුරෙක් උපේක්‍ෂා කළ බවෙක් උපේක්‍ෂාචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘උපේක්‍ෂා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ උපේක්‍ෂාව හා සම්ප්‍රයුක්තයෝ යි.
Pali BJT735. චතස්සො අප්පමඤ්ඤායො: මෙත්තා කරුණා මුදිතා උපෙක්ඛා.
Sinhala BJT735. අප්‍රාමාණ්‍ය සතරෙකි: මෙත්තා ය කරුණා ය මුදිතා ය උපෙක්ඛා යි.
Pali BJT736. තත්ථ කතමා මෙත්තා: ඉධ භික්ඛු යස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති මෙත්තාසහගතං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති. ඉමෙ ධම්මා කුසලා. තස්සෙව රූපාවචරස්ස කුසලස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා විපාකං විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති මෙත්තාසහගතං, යා තස්මිං සමයෙ මෙත්ති මෙත්තායනා මෙත්තායිතත්තං මෙත්තාචෙත්තොවිමුත්ති, අයං වුච්චති මෙත්තා. අවසෙසා ධම්මා මෙත්තාය සම්පයුත්තා.
Sinhala BJT736. එහි ‘මෙත්තා’ කවර යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... මෙත්තාසහගත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. එම රූපාවචරකුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් කාමයන්ගෙන් වෙන් ව ම ... මෙත්තාසහගත වූ විපාකප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් මෛත්‍රියක් මෙත් කරන අයුරෙක් මෙත් කළ බවෙක් මෛත්‍රීචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘මෙත්තා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ මෛත්‍රිය හා සම්ප්‍රයුක්තයෝ යි.
Pali BJTතත්ථ කතමා මෙත්තා: ඉධ භික්ඛු යස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං උපසම්පජ්ජ විහරති මෙත්තා සහගතං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති. ඉමෙ ධම්මා කුසලා. තස්සෙව රූපාවචරස්ස කුසලස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා විපාකං විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- පඨමං ඣානං -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති මෙත්තාසහගතං, යා තස්මිං සමයෙ මෙත්ති මෙත්තායනා මෙත්තායිතත්තං මෙත්තාචෙතොවිමුත්ති. අයං වුච්චති මෙත්තා. අවසෙසා ධම්මා මෙත්තාය සම්පයුත්තා.
Sinhala BJTඑහි ‘මෙත්තා’ කවර යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... මෙත්තාසහගත ද්විතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම රූපාවචරකුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... මෙත්තාසහගත වූ විපාක වූ ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් මෛත්‍රියක් මෙත් කරන අයුරෙක් මෙත් කළ බවෙක් මෙත්තාචේතෝවිමුක්තියෙක් වේ ද, මේ ‘මෙත්තා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ මෛත්‍රිය හා සම්ප්‍රයුක්තයෝ යි.
Pali BJT737. තත්ථ කතමා කරුණා: ඉධ භික්ඛු යස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති කරුණාසහගතං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති. ඉමෙ ධම්මා කුසලා. තස්සෙව රූපාවචරස්ස කුසලස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා විපාකං විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති කරුණාසහගතං, යා තස්මිං සමයෙ කරුණා කරුණායනා කරුණායිතත්තං කරුණාචෙතොවිමුත්ති, අයං වුච්චති කරුණා. අවසෙසා ධම්මා කරුණාය සම්පයුත්තා.
Sinhala BJT737. එහි ‘කරුණා’ කවර යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... කරුණාසහගත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. එම රූපාවචරකුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් කාමයන්ගෙන් වෙන් ව ම ... කරුණාසහගත විපාක ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් කරුණායෙක් කරුණා කරණ අයුරෙක් කරුණා කළ බවෙක් කරුණාචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘කරුණා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ කරුණාව හා සම්ප්‍රයුක්තයෝ යි.
Pali BJTතත්ථ කතමා කරුණා: ඉධ භික්ඛු යස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං උපසම්පජ්ජ විහරති කරුණාසහගතං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති, ඉමෙ ධම්මා කුසලා. තස්සෙව රූපාවචරස්ස කුසලස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා විපාකං විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- පඨමං ඣානං -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති කරුණාසහගතං. යා තස්මිං සමයෙ කරුණා කරුණායනා කරුණායිතත්තං කරුණාචෙතො විමුත්ති, අයං වුච්චති කරුණා. අවසෙසා ධම්මා කරුණාය සම්පයුත්තා.
Sinhala BJTඑහි ‘කරුණා’ කවර යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... කරුණාසහගත ද්විතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. එම රූපාවචරකුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... කරුණාසහගත වූ විපාක ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් කරුණායෙක් කරුණා කරන අයුරෙක් කරුණා කළ බවෙක් කරුණාචේතෝවිමුක්තියෙක් වේ ද, මේ ‘කරුණා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ කරුණාව හා සම්ප්‍රයුක්තයෝ යි.
Pali BJT738. තත්ථ කතමා මුදිතා: ඉධ භික්ඛු යස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති ව්විච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති මුදිතා සහගතං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති, ඉමෙ ධම්මා කුසලා. තස්සෙව රූපාවචරස්ස කුසලස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා විපාකං විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති මුදිතාසහගතං. යා තස්මිං සමයෙ මුදිතා මුදිතායනා මුදිතායිතත්තං මුදිතාචෙතොවිමුත්ති, අයං වුච්චති මුදිතා. අවසෙසා ධම්මා මුදිතාය සම්පයුත්තා.
Sinhala BJT738. එහි ‘මුදිතා’ කවර යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... මුදිතාසහගත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම රූපාවචරකුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් කාමයන්ගෙන් වෙන් ව ම ... මුදිතාසහගත විපාක ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් මුදිතායෙක් මෝදනාකාරයෙක් ප්‍රමුදිත බවෙක් මුදිතාචේතෝවිමුක්තියෙක් වේ ද, මේ ‘මුදිතා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ මුදිතාව හා සම්ප්‍රයුක්තයෝ යි.
Pali BJTතත්ථ කතමා මුදිතා: ඉධ භික්ඛු යස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං උපසම්පජ්ජ විහරති මුදිතාසහගතං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති, ඉමෙ ධම්මා කුසලා. තස්සෙව රූපාවචරස්ස කුසලස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා විපාකං විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- පඨමං ඣානං -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති මුදිතාසහගතං. යා තස්මිං සමයෙ මුදිතා මුදිතායනා මුදිතායිතත්තං මුදිතාචෙතොවිමුත්ති, අයං වුච්චති මුදිතා. අවසෙසා ධම්මා මුදිතාය සම්පයුත්තා.
Sinhala BJTඑහි ‘මුදිතා’ කවර යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... මුදිතාසහගත ද්විතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම රූපාවචරකුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... මුදිතාසහගත වූ විපාක වූ ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් මුදිතායෙක් මෝදනාකාරයෙක් ප්‍රමුදිත බවෙක් මුදිතාචේතෝවිමුක්තියෙක් වේ ද, මේ ‘මුදිතා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ මුදිතාව හා සම්ප්‍රයුක්තයෝ යි.
Pali BJT739. තත්ථ කතමා උපෙක්ඛා: ඉධ භික්ඛු යස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති සුඛස්ස ච පහානා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති උපෙක්ඛා සහගතං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති, ඉමෙ ධම්මා කුසලා. තස්සෙව රූපාවචරස්ස කුසලස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා විපාකං සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති උපෙක්ඛා සහගතං. යා තස්මිං සමයෙ උපෙක්ඛා උපෙක්ඛා උපෙක්ඛායිතත්තං උපෙක්ඛාචෙතොවිමුත්ති, අයං වුච්චති උපෙක්ඛා. අවසෙසා ධම්මා උපෙක්ඛාය සම්පයුත්තා.
Sinhala BJT739. එහි ‘උපේක්‍ෂා’ කවර යත්: මෙ සස්නෙහි මහණ තෙම යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, සුඛයාගේ ප්‍රහාණයෙන් ... උපේක්‍ෂාසහගත චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම රූපාවචරකුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් සුඛයාගේ ප්‍රහාණයෙන් දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් ... උපේක්‍ෂාසහගත වූ විපාක චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් උපේක්‍ෂාවක් උපේක්‍ෂාකාරයෙක් උපේක්‍ෂා කළ බවෙක් උපේක්‍ෂාචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘උපේක්‍ෂා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ උපේක්‍ෂාව හා සම්ප්‍රයුක්තයෝ යි.
Pali BJT740. චතස්සො අප්පමඤ්ඤායො: මෙත්තා කරුණා මුදිතා උපෙක්ඛා.
Sinhala BJT740. අප්‍රාමාණ්‍ය සතරෙකි: මෙත්තා ය කරුණා ය මුදිතා ය උපේක්‍ෂා යි.
Pali BJT741. තත්ථ කතමා මෙත්තා: ඉධ භික්ඛු යස්මිං සමයෙ රූපාවචරං ඣානං භාවෙති කිරියං නෙව කුසලං නාකුසලං න ච කම්මවිපාකං දිට්ඨධම්මසුඛවිහාරං, විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති මෙත්තාසහගතං, යා තස්මිං සමයෙ මෙත්ති මෙත්තායනා මෙත්තායිතත්තං මෙත්තාචෙතොවිමුත්ති, අයං වුච්චති මෙත්තා. අවසෙසා ධම්මා මෙත්තාය සම්පයුත්තා.
Sinhala BJT741. එහි ‘මෙත්තා’ කවර යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ ඉහාත්මසුඛවිහරණ ඇති රූපාවචරක්‍රියාධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... මෛත්‍රීසහගත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් මෛත්‍රියක් මෙත් කරන අයුරෙක් මෛත්‍රී කළ බවෙක් මෛත්‍රීචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘මෙත්තා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ මෛත්‍රිය හා සම්ප්‍රයුක්තයෝ යි.
Pali BJTතත්ථ කතමා මෙත්තා: ඉධ භික්ඛු යස්මිං සමයෙ රූපාවචරං ඣානං භාවෙති කිරියං නෙව කුසලං නාකුසලං න ච කම්මවිපාකං දිට්ඨධම්මසුඛවිහාරං, විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- පඨමං ඣානං -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති මෙත්තාසහගතං, යා තස්මිං සමයෙ මෙත්ති මෙත්තායනා මෙත්තායිතත්තං මෙත්තාචෙතොවිමුත්ති, අයං වුච්චති මෙත්තා. අවසෙසා ධම්මා මෙත්තාය සම්පයුත්තා.
Sinhala BJTඑහි ‘මෙත්තා’ කවර යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ ඉහාත්මසුඛවිහරණ ඇති රූපාවචර ක්‍රියාධ්‍යානය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... මෛත්‍රීසහගත ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් මෛත්‍රියක් මෙත් කරන අයුරෙක් මෛත්‍රී කළ බවෙක් මෛත්‍රීචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘මෙත්තා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ මෛත්‍රිය හා සම්ප්‍රයුක්තයෝ යි.
Pali BJT742. තත්ථ කතමා කරුණා -පෙ- තත්ථ කතමා මුදිතා -පෙ- තත්ථ කතමා උපෙක්ඛා: ඉධ භික්ඛු යස්මිං සමයෙ රූපාවචරං ඣානං භාවෙති කිරියං නෙව කුසලං නාකුසලං න ච කම්මවිපාකං දිට්ඨධම්ම සුඛවිහාරං, සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති උපෙක්ඛා සහගතං, යා තස්මිං සමයෙ උපෙක්ඛා උපෙක්ඛායනා උපෙක්ඛායිතත්තං උපෙක්ඛාචෙතොවිමුත්ති, අයං වුච්චති උපෙක්ඛා. අවසෙසා ධම්මා උපෙක්ඛාය සම්පයුත්තා.
Sinhala BJT742. එහි ‘කරුණා’ කවර යත්: ... එහි ‘මුදිතා’ කවර යත්: ... එහි ‘උපේක්‍ෂා’ කවර යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ ඉහාත්මසුඛවිහරණ ඇති රූපාවචර ක්‍රියාධ්‍යානය වඩා ද, සුඛයාගේ ද ප්‍රහාණයෙන් දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් ... උපේක්‍ෂාසහගත චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් උපේක්‍ෂායෙක් උපේක්‍ෂාකාරයෙක් උපේක්‍ෂා කළ බවෙක් උපේක්‍ෂාචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘උපේක්‍ෂා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ උපේක්‍ෂාව හා සම්ප්‍රයුක්තයෝ යි.
Pali BJTඅභිධම්මභාජනියං.
Sinhala BJTඅභිධර්‍මභාජනීය යි.
Pali BJT743. චතස්සො අප්පමඤ්ඤායො: ඉධ භික්ඛු මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති. තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථිං. ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං මෙත්තාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන ඵරිත්වා විහරති. කරුණාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති. තථා දුතියං, තථා තතියං තථා චතුත්ථිං. ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං කරුණාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන ඵරිත්වා විහරති. මුදිතාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති. තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථිං. ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං මුදිතාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන ඵරිත්වා විහරති. උපෙක්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති. තථං දුතියං, තථා තතියං, තථා චතුත්ථිං. ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං උපෙක්ඛාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන ඵරිත්වා විහරති.
Sinhala BJT743. අප්‍රාමාණ්‍ය සතරෙකි: මෙ සස්නෙහි මහණ මෛත්‍රීසහගත සිතින් එක් දිශායෙක්හි සත්ත්‍වයන් ස්පර්‍ශ (අරමුණු) කොට වෙසෙයි. එසෙයින් දෙ වැනි දිශායෙහි එසෙයින් තුන් වැනි දිශායෙහි එසෙයින් සතර වැනි දිශායෙහි (සත්ත්‍වයන් ස්පර්‍ශ කොට වෙසෙයි). මෙසේ උඩ යට සරස අනුදිග සියලු තැන්හි සියල්ලන් තමා සම බැවින් සියලු සතුන් ඇති ලෝකය විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ නිදුක් වූ මෛත්‍රීසහගත සිතින් ස්පර්‍ශ කොට වෙසේ. කරුණාසහගත සිතින් එක් දිශායෙක්හි සත්ත්‍වයන් ස්පර්‍ශ කොට වෙසෙයි. එසෙයින් දෙ වැනි දිශායෙහි එසෙයින් තුන් වැනි දිශායෙහි එසෙයින් සතර වැනි දිශායෙහි (සත්ත්‍වයන් ස්පර්‍ශ කොට වෙසෙයි). මෙසේ උඩ යට සරස අනුදිග සියලු තැන්හි සියල්ලන් තමා සම බැවින් සියලු සතුන් ඇති ලෝකය විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ ව්‍යාබාධ රහිත වූ කරුණාසහගත සිතින් ස්පර්‍ශ කොට වෙසේ. මුදිතාසහගත සිතින් එක් දිශායෙක්හි සත්ත්‍වයන් ස්පර්‍ශ කොට වෙසෙයි. එසෙයින් දෙ වැනි තුන් වැනි සතර වැනි දිශායෙහි සත්ත්‍වයන්, මෙසේ උඩ යට සරස අනුදිග සියලු තැන්හි සියල්ලන් තමා සම බැවින් සියලු සතුන් ඇති ලොව විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ ව්‍යාබාධ රහිත වූ මුදිතාසහගත සිතින් ස්පර්‍ශ කොට වෙසේ. උපේක්‍ෂාසහගත සිතින් එක් දිශායෙක්හි සත්ත්‍වයන් ස්පර්‍ශ කොට වෙසෙයි. එසෙයින් දෙ වැනි - තුන් වැනි - සතර වැනි දිශායෙහි සත්ත්‍වයන්, මෙසේ උඩ යට සරස අනුදිග සියලු තැන්හි සියල්ලන් තමා සම බැවින් සියලු සතුන් ඇති ලෝකය විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ ව්‍යාබාධ රහිත වූ උපේක්‍ෂාසහගත සිතින් ස්පර්‍ශ කොට වෙසේ.
Pali BJT744. චතුන්නං අප්පමඤ්ඤානං කති කුසලා, කති අකුසලා, කති අව්යාකතා -පෙ- කති සරණා, කති අරණා:
Sinhala BJT744. සතර අප්‍රාමාණ්‍යයන් අතුරෙහි කුශලයෝ කෙතෙක් ද, අකුශලයෝ කෙතෙක් ද, අව්‍යාකෘතයෝ කෙතෙක් ද, ... සරණයෝ කෙතෙක් ද, අරණයෝ කෙතෙක් ද යත්:
Pali BJT745. සියා කුසලා, සියා අව්යාකතා.
Sinhala BJT745. (සතර අප්‍රාමාණ්‍යයෝ) කුසල් ද වන්නාහ, අව්‍යාකෘත ද වන්නාහු ය.
Pali BJTතිස්සො අප්පමඤ්ඤායො සුඛාය වෙදනාය සම්පයුත්තා. උපෙක්ඛා අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තා.
Sinhala BJTඅප්‍රාමාණ්‍යයෝ තිදෙනෙක් සුඛවේදනාව හා සම්ප්‍රයුක්තයෝ ය. උපේක්‍ෂාව උපේක්‍ෂාවේදනාව හා සම්ප්‍රයුක්ත යි.
Pali BJTසියා විපාකා, සියා විපාකධම්මධම්මා, සියා නෙව විපාක න විපාක ධම්මධම්මා.
Sinhala BJT(සතර අප්‍රාමාණ්‍යයෝ) විපාක ද වන්නාහ, විපාකස්වභාවධර්‍ම ද වන්නාහ, නො ම විපාක වූ නො ද විපාකස්වභාවධර්‍ම ද වන්නාහු ය.
Pali BJTසියා උපාදින්නුපාදානියා, සියා අනුපාදින්නුපාදානියා.
Sinhala BJT(සතර අප්‍රාමාණ්‍යයෝ) උපාදින්නෝපාදානිය ද වන්නාහ, අනුපාදින්නෝපාදානිය ද වන්නාහු ය.
Pali BJTඅසංකිලිට්ඨසංකිලෙසිකා.
Sinhala BJT(සතර අප්‍රාමාණ්‍යයෝ) අසංක්ලිෂ්ටසාංක්ලේශිකයෝ ය.
Pali BJTතිස්සො අප්පමඤ්ඤායො සියා සවිතක්කසවිචාරා, සියා අවිතක්කවිචාරමත්තා, සියා අවිතක්කඅවිචාරා. උපෙක්ඛා අවිතක්කඅවිචාරා.
Sinhala BJTඅප්‍රාමාණ්‍යයෝ තිදෙනෙක් සවිතර්‍කසවිචාර ද වන්නාහ, අවිතර්‍කවිචාරමාත්‍ර ද වන්නාහ, අවිතර්‍කඅවිචාර ද වන්නාහ, උපේක්‍ෂාව අවිතර්‍කඅවිචාර යි.
Pali BJTතිස්සො අප්පමඤ්ඤායො සියා පීතිසහගතා, සියා සුඛසහගතා, න උපෙක්ඛාසහගතා, සියා න වත්තබ්බා පීතිසහගතාති. උපෙක්ඛා උපෙක්ඛාසහගතා.
Sinhala BJTඅප්‍රාමාණ්‍යයෝ තිදෙනෙක් ප්‍රීතිසහගත ද වන්නාහ, සුඛසහගත ද වන්නාහ, උපේක්‍ෂාසහගත නො වන්නාහ, ප්‍රීතිසහගතහ යි නො කියයුතු ද වන්නාහ, උපේක්‍ෂාව උපේක්‍ෂා සහගත යි.
Pali BJTනෙව දස්සනෙන න භාවනාය පහාතබ්බා.
Sinhala BJT(සතර අප්‍රාමාණ්‍යයෝ) නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ යි.
Pali BJTනෙව දස්සනෙන න භාවනාය පහාතබ්බහෙතුකා.
Sinhala BJT(සතර අප්‍රාමාණ්‍යයෝ) නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු ය.
Pali BJTසියා ආචයගාමිනො, සියා නෙවාචයගාමි නාපචයගාමිනො.
Sinhala BJT(සතර අප්‍රාමාණ්‍යයෝ) ආචයගාමී ද වන්නාහ, නො ම ආචයගාමී නො ද අපචයගාමී ද වන්නාහු ය.
Pali BJTනෙව සෙක්ඛා නාසෙක්ඛා.
Sinhala BJT(සතර අප්‍රාමාණ්‍යයෝ) නො ම ශෛක්‍ෂ නො ද අශෛක්‍ෂ වන්නාහු ය.
Pali BJTමහග්ගතා.
Sinhala BJT(සතර අප්‍රාමාණ්‍යයෝ) මහද්ගතයෝ ය.
Pali BJTන වත්තබ්බා පරිත්තාරම්මණාති’පි මහග්ගතාරම්මණාති’පි අප්පමාණාරම්මණාති’පි.
Sinhala BJT(සතර අප්‍රාමාණ්‍යයෝ) පරිත්තාලම්බනහ යි ද මහද්ගතාලම්බනහ යි ද අප්‍රමාණාලම්බනහ යි ද නො කියයුත්තාහ.
Pali BJTමජ්ඣිමා.
Sinhala BJT(සතර අප්‍රාමාණ්‍යයෝ) මධ්‍යමයෝ ය.
Pali BJTඅනියතා.
Sinhala BJT(සතර අප්‍රාමාණ්‍යයෝ) අනියතයෝ ය.
Pali BJTන වත්තබ්බා මග්ගාරම්මණාති’පි මග්ගහෙතුකාති’පි මග්ගාධිපතිනො ති’පි.
Sinhala BJT(සතර අප්‍රාමාණ්‍යයෝ) මාර්‍ගාලම්බනහ යි ද මාර්‍ගහේතුකහ යි ද මාර්‍ගාධිපතිහ යි ද නො කියයුත්තාහ.
Pali BJTසියා උප්පන්නා, සියා අනුප්පන්නා, සියා උප්පාදිනො.
Sinhala BJT(සතර අප්‍රාමාණ්‍යයෝ) උත්පන්න ද වන්නාහ, අනුත්පන්න ද වන්නාහ, උත්පාදී ද වන්නාහු ය.
Pali BJTසියා අතීතා, සියා අනාගතා, සියා පච්චුප්පන්නා.
Sinhala BJT(සතර අප්‍රාමාණ්‍යයෝ) අතීත ද වන්නාහ, අනාගත ද වන්නාහ, ප්‍රත්‍යුත්පන්න ද වන්නාහු ය.
Pali BJTන වත්තබ්බා අතීතාරම්මණාති’පි අනාගතාරම්මණාති’පි පච්චුප්පන්නාරම්මණාති’පි.
Sinhala BJT(සතර අප්‍රාමාණ්‍යයෝ) අතීතාලම්බනහ යි ද අනාගතාලම්බනහ යි ද ප්‍රත්‍යුත්පන්නාලම්බනහ යි ද නො කියයුත්තාහු ය.
Pali BJTසියා අජ්ඣත්තා, සියා බහිද්ධා, සියා අජ්ඣත්තබහිද්ධා.
Sinhala BJT(සතර අප්‍රාමාණ්‍යයෝ) අධ්‍යාත්ම ද වන්නාහ, බාහිර ද වන්නාහ, අධ්‍යාත්මබාහිර ද වන්නාහු ය.