Pali BJT697. ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං. දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං. තස්මිං සමයෙ පඤ්චඞ්ගිකං ඣානං හොති. විතක්කො විචාරො පීති සුඛං චිත්තස්ස එකග්ගතා, ඉදං වුච්චති පඨමං ඣානං. අවසෙසා ධම්මා ඣානසම්පයුත්තා.
Sinhala BJT697. මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ, අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන්ව ම ... දුඃඛප්‍රතිපත් ඇති, දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි පඤ්චාඞ්ගධ්‍යානය වෙයි: විතර්‍ක ය, විචාර ය, ප්‍රීතිය, සුඛ ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘ප්‍රථමධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.
Pali BJT698. ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි අවිතක්කං විචාරමත්තං විවෙකජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං. තස්මිං සමයෙ චතුරඞ්ගිකං ඣානං හොති විචාරො පීති සුඛං චිත්තස්ස එකග්ගතා, ඉදං වුච්චති දුතියංඣානං. අවසෙසා ධම්මා ඣානසම්පයුත්තා.
Sinhala BJT698. මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ, අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන්ව ම, අකුශලධර්‍මයන්ගෙන් වෙන්ව ම, අවිතර්‍ක වූ, විචාරමාත්‍ර වූ, විවේකයෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති, දුඃඛප්‍රතිපත් ඇති, දන්‍ධාභිඥ වූ ද්විතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි චතුරඞ්ගධ්‍යානය වෙයි: විචාර ය, ප්‍රීති ය, සුඛ ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘ද්විතීයධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.
Pali BJT699. ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විතක්කවිචාරානං වූපසමා -පෙ- තතියං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං. තස්මිං සමයෙ තිවඞ්ගිකං ඣානං හොති සුඛං චිත්තස්ස එකග්ගතා, ඉදං වුච්චති තතියං ඣානං අවසෙසා ධම්මා ඣානසම්පයුත්තා.
Sinhala BJT699. මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ, අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... දුඃඛප්‍රතිපත් ඇති, දන්‍ධාභිඥ වූ තෘතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ත්‍රයඞ්ගධ්‍යානය වෙයි: ප්‍රීති ය, සුඛ ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘තෘතීයධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.
Pali BJT700. ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භුමිය පත්තියා, පීතියා ච විරාගා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං. තස්මිං සමයෙ දුවඞ්ගිකං ඣානං හොති උපෙක්ඛා චිත්තස්ස එකග්ගතා, ඉදං වුච්චති චතුත්ථං ඣානං අවසෙසා ධම්මා ඣානසම්පයුත්තා.
Sinhala BJT700. මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ, අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, ප්‍රීතියගේ විරාගයෙන් ... දුඃඛප්‍රතිපත් ඇති, දන්‍ධාභිඥ වූ චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ද්ව්‍යඞ්ගධ්‍යානය වෙයි: සුඛ ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘චතුර්‍ත්‍ථධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.
Pali BJT701. ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා සුඛස්ස ච පහානා -පෙ- පඤ්චමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං. තස්මිං සමයෙ දුවඞ්ගිකං ඣානං හොති උපෙක්ඛා චිත්තස්ස එකග්ගතා, ඉදං වුච්චති පඤ්චමං ඣානං. අවසෙසා ධම්මා ඣානසම්පයුත්තා.
Sinhala BJT701. මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... දුඃඛප්‍රතිපත් ඇති, දන්‍ධාභිඥ වූ පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ද්ව්‍යඞ්ගධ්‍යානය වෙයි: උපේක්‍ෂා ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘පඤ්චමධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.
Pali BJT702. චත්තාරි ඣානානි: පඨමං ඣානං, දුතියං ඣානං, තතියං ඣානං, චතුත්ථං ඣානං.
Sinhala BJT702. ධ්‍යාන සතරෙකි: ප්‍රථමධ්‍යාන ය, ද්විතීයධ්‍යාන ය, තෘතීයධ්‍යාන ය, චතුර්‍ත්‍ථධ්‍යාන යි.
Pali BJT703. තත්ථ කතමං පඨමං ඣානං: ඉධ භික්ඛු යස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති. විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති පඨවීකසිණං. තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති, ඉමෙ ධම්මා කුසලා. තස්සෙව රූපාවචරස්ස කුසලස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා විපාකං විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති පඨවීකසිණං. තස්මිං සමයෙ පඤ්චඞ්ගිකං ඣානං හොති. විතක්කො විචාරො පීති සුඛං චිත්තස්ස එකග්ගතා, ඉදං වුච්චති පඨමං ඣානං. අවසෙසා ධම්මා ඣානසම්පයුත්තා.
Sinhala BJT703. එහි ප්‍රථමධ්‍යාන කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන්ව ම ... පඨවිකසිණ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි. ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම රූපාවචරකුශලකර්‍මය කළ බැවින්, රැස් කළ බැවින්, කාමයන්ගෙන් වෙන්ව ම ... පඨවිකසිණ විපාකප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි පඤ්චාඞ්ගධ්‍යානය වෙයි: විතර්‍ක ය, විචාර ය, ප්‍රීති ය, සුඛ ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘ප්‍රථමධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.
Pali BJT704. තත්ථ කතමං දුතියං ඣානං: ඉධ භික්ඛු යස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති. විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං උපසම්පජ්ජ විහරති පඨවීකසිණං. තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති, ඉමෙ ධම්මා කුසලා. තස්සෙව රූපාවචරස්ස කුසලස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා විපාකං විතක්ක විචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං -පෙ- පඨමං ඣානං -පෙ- පඤ්චමං ඣානං උපසම්පජ්ජ විහරති පඨවීකසිණං. තස්මිං සමයෙ දුවඞ්ගිකං ඣානං හොති. උපෙක්ඛා චිත්තස්ස එකග්ගතා, ඉදං වුච්චති පඤ්චමං ඣානං. අවසෙසා ධම්මා ඣානසම්පයුත්තා -පෙ-
Sinhala BJT704. එහි ද්විතීයධ්‍යාන කවරෙ යත්: මෙ සස්නෙහි මහණ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... පෘථිවිකෘත්ස්න ද්විතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි. ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම රූපාවචරකුශලකර්‍මය කළ බැවින්, රැස් කළ බැවින්, විතර්‍කවිචාරයන්ගේ ව්‍යුපසමයෙන් ... විපාක වූ පෘථිවිකෘත්ස්න ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... පෘථිවිකෘත්ස්න පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ද්ව්‍යඞ්ගධ්‍යානය වෙයි: උපේක්‍ෂා ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘පඤ්චමධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.
Pali BJT705. ඉධ භික්ඛු යස්මිං සමයෙ අරූපූපපත්තියා මග්ගං භාවෙති. සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතන සඤ්ඤාසහගතං සුඛස්ස ච පහානා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති. ඉමෙ ධම්මා කුසලා. තස්සෙව අරූපාවචරස්ස කුසලස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා විපාකං සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනසඤ්ඤාසහගතං සුඛස්ස ච පහානා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති තස්මිං සමයෙ දුවඞ්ගිකං ඣානං හොති උපෙක්ඛා චිත්තස්ස එකග්ගතා, ඉදං වුච්චති චතුත්ථං ඣානං. අවසෙසා ධම්මා ඣානසම්පයුත්තා.
Sinhala BJT705. මෙ සස්නෙහි මහණ යම් කලෙක අරූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා සහගත වූ, චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම අරූපාවචර කුශලකර්‍මය කළ බැවින්, රැස් කළ බැවින්, සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්ම, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... නේවසඤ්ඤානාසඤ්ඤායතන සංඥා සහගත වූ, විපාක චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ද්ව්‍යඞ්ගධ්‍යානය වෙයි: උපේක්‍ෂා ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘චතුර්‍ත්‍ථධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.
Pali BJT706. චත්තාරි ඣානානි: පඨමං ඣානං, දුතියං ඣානං, තතියං ඣානං, චතුත්ථං ඣානං.
Sinhala BJT706. ධ්‍යාන සතරෙකි: ප්‍රථමධ්‍යාන ය, ද්විතීයධ්‍යාන ය, තෘතීයධ්‍යාන ය, චතුර්‍ත්‍ථධ්‍යාන යි.
Pali BJT707. තත්ථ කතමං පඨමං ඣානං: ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං. තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති, ඉමෙ ධම්මා කුසලා. තස්සෙව ලොකුත්තරස්ස කුසලස්ස ඣානස්ස කතත්තා භාවිතත්තා විපාකං විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛා පටිපදං දන්ධාභිඤ්ඤං සුඤ්ඤතං. තස්මිං සමයෙ පඤ්චඞ්ගිකං ඣානං හොති: විතක්කො විචාරො පීති සුඛං චිත්තස්ස එකග්ගතා. ඉදං වුච්චති පඨමං ඣානං. අවසෙසා ධම්මා ඣානසම්පයුත්තා.
Sinhala BJT707. එහි ප්‍රථමධ්‍යාන කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ, අපචයගාමී වූ, ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන්ව ම ... දුඃඛප්‍රතිපත් ඇති, දන්‍ධාභිඥා වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි. ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම ලෝකෝත්තරකුශලධ්‍යානය කළ බැවින්, වැඩූ බැවින්, කාමයන්ගෙන් වෙන්ව ම ... දුඃඛප්‍රතිපත් ඇති, දන්‍ධාභිඥ වූ, ශුන්‍යත වූ, විපාක ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි පඤ්චාඞ්ගධ්‍යානය වෙයි: විතර්‍ක ය, විචාර ය, ප්‍රීති ය, සුඛ ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘ප්‍රථමධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.
Pali BJT708. තත්ථ කතමං පඨමං ඣානං: ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං තස්මිං සමයෙ ඵස්සො හොති, -පෙ- අවික්ඛෙපො හොති. ඉමෙ ධම්මා කුසලා. තස්සෙව ලොකුත්තරස්ස කුසලස්ස ඣානස්ස කතත්තා භාවිතත්තා විපාකං විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං -පෙ- පඨමං ඣානං -පෙ- පඤ්චමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං සුඤ්ඤතං තස්මිං සමයෙ දුවඞ්ගිකං ඣානං හොති උපෙක්ඛා චිත්තස්ස එකග්ගතා, ඉදං වුච්චති පඤ්චමං ඣානං. අවසෙසා ධම්මා ඣානසම්පයුත්තා.
Sinhala BJT708. එහි ද්විතීයධ්‍යාන කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ, අපචයගාමී වූ, ලෝකෝත්තරධ්‍යානය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... දුඃඛප්‍රතිපත් ඇති, දන්‍ධාභිඥ වූ ද්විතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම ලෝකෝත්තරකුශලධ්‍යානය කළ බැවින්, වැඩූ බැවින්, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... දුඃඛප්‍රතිපත් ඇති, දන්‍ධාභිඥ වූ, ශුන්‍යත වූ, විපාක වූ ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ද්ව්‍යඞ්ගධ්‍යානය වෙයි: උපේක්‍ෂා ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘පඤ්චමධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.
Pali BJT709. චත්තාරි ඣානානි: පඨමං ඣානං, දුතියං ඣානං, තතියං ඣානං, චතුත්ථං ඣානං.
Sinhala BJT709. ධ්‍යාන සතරෙකි: ප්‍රථමධ්‍යාන ය, ද්විතීයධ්‍යාන ය, තෘතීයධ්‍යාන ය, චතුර්‍ත්‍ථධ්‍යාන යි.
Pali BJT710. තත්ථ කතමං පඨමං ඣානං: ඉධ භික්ඛු යස්මිං සමයෙ රූපාවචරං ඣානං භාවෙති කිරියං නෙව කුසලං නාකුසලං න ච කම්මවිපාකං දිට්ඨධම්මසුඛවිහාරං. විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති විහරති පඨවීකසිණං. තස්මිං සමයෙ පඤ්චඞ්ගිකං ඣානං හොති. විතක්කො විචාරො පීති සුඛං චිත්තස්ස එකග්ගතා. ඉදං වුච්චති පඨමං ඣානං අවසෙසා ධම්මා ඣානසම්පයුත්තා.
Sinhala BJT710. එහි ප්‍රථමධ්‍යාන කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක නො ම කුසල් වූ, අකුසල් නො වූ, නො ද කර්‍මවිපාක වූ, ඉහාත්මසුඛවිහරණ ඇති, රූපාවචර ක්‍රියාධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන්ව ම ... පඨවිකසිණ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි පඤ්චාඞ්ගධ්‍යානය වෙයි: විතර්‍ක ය, විචාර ය, ප්‍රීති ය, සුඛ ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘ප්‍රථමධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.
Pali BJT711. තත්ථ කතමං දුතියං ඣානං: ඉධ භික්ඛු යස්මිං සමයෙ රූපාවචරං ඣානං භාවෙති කිරියං නෙව කුසලං නාකුසලං න ච කම්මවිපාකං දිට්ඨධම්මසුඛවිහාරං, විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං -පෙ- පඨමං ඣානං -පෙ- පඤ්චමං ඣානං උපසම්පජ්ජ විහරති පඨවීකසිණං. තස්මිං සමයෙ දුවඞ්ගිකං ඣානං හොති උපෙක්ඛා චිත්තස්ස එකග්ගතා, ඉදං වුච්චති පඤ්චමං ඣානං අවසෙසා ධම්මා ඣානසම්පයුත්තා -පෙ-.
Sinhala BJT711. එහි ද්විතීයධ්‍යාන කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක නො ම කුසල් වූ, අකුසල් නො වූ, නො ද කර්‍මවිපාක වූ, ඉහාත්මසුඛවිහාර ඇති, රූපාවචර ක්‍රියාධ්‍යානය වඩා ද, විතර්‍කවිචාරාදීන්ගේ සන්හිඳීමෙන් ... පෘථිවිකෘත්ස්නද්වීතීය ධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ද්ව්‍යඞ්ගධ්‍යානය වෙයි: උපේක්‍ෂා ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘පඤ්චමධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.
Pali BJT712. ඉධ භික්ඛු යස්මිං සමයෙ අරූපාවචරං ඣානං භාවෙති කිරියං නෙව කුසලං නාකුසලං න ච කම්මවිපාකං දිට්ඨධම්මසුඛවිහාරං සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතන සඤ්ඤාසහගතං. සුඛස්ස ච පහානා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. තස්මිං සමයෙ දුවඞ්ගිකං ඣානං හොති උපෙක්ඛා චිත්තස්ස එකග්ගතා. ඉදං වුච්චති චතුත්ථං ඣානං. අවසෙසා ධම්මා ඣානසම්පයුත්තාති.
Sinhala BJT712. මෙ සස්නෙහි මහණ යම් කලෙක සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා, නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා සහගත වූ, නො ම කුසල් වූ, අකුසල් නො වූ, නො ද කර්‍මවිපාක වූ, ඉහාත්මසුඛවිහරණ ඇති අරූපාවචරක්‍රියාධ්‍යානය වඩා ද, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ද්ව්‍යඞ්ගධ්‍යානය වෙයි: උපේක්‍ෂා ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘චතුර්‍ත්‍ථධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යයි.
Pali BJTඅභිධම්මභාජනියං.
Sinhala BJTඅභිධර්‍මභාජනිය යි.
Pali BJT713. චත්තාරි ඣානානි: පඨමං ඣානං දුතියං ඣානං තතියං ඣානං චතුත්ථං ඣානං.
Sinhala BJT713. ධ්‍යාන සතරෙකි: ප්‍රථමධ්‍යාන ය, ද්විතීයධ්‍යාන ය, තෘතීයධ්‍යාන ය, චතුර්‍ත්‍ථධ්‍යාන යි.
Pali BJT714. චතුන්නං ඣානානං කති කුසලා, කති අකුසලා, කති අව්යාකතා -පෙ- කති සරණා, කති අරණා:
Sinhala BJT714. සතර ධ්‍යානයන් අතුරෙහි කෙතෙක් කුශලයෝ ද, කෙතෙක් අකුශලයෝ ද, කෙතෙක් අව්‍යාකෘතයෝ ද, ... කෙතෙක් සරණයෝ ද, කෙතෙක් අරණයෝ ද යත්:
Pali BJT715. සියා කුසලා සියා අව්යාකතා.
Sinhala BJT715. (සතර ධ්‍යානයෝ) කුශල ද වන්නාහු ය, අව්‍යාකෘත ද වන්නාහු යි.
Pali BJTතීණි ඣානානි එත්ථුප්පන්නං සුඛං වෙදනං ඨපෙත්වා සුඛාය වෙදනාය සම්පයුත්තා. චතුත්ථං ඣානං එත්ථුප්පන්නං අදුක්ඛමසුඛං වෙදනං ඨපෙත්වා අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තං.
Sinhala BJTධ්‍යානයෝ තිදෙනෙක් මෙහි උපන් සුඛවේදනාව තබා සුඛවේදනාව හා සම්ප්‍රයුක්තයෝ ය. චතුර්‍ත්‍ථධ්‍යානය මෙහි උපන් අදුක්ඛමසුඛ වේදනාව තබා අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත යි.
Pali BJTසියා විපාකා, සියා විපාකධම්මධම්මා, සියා නෙව විපාක න විපාක ධම්මධම්මා.
Sinhala BJT(සතර ධ්‍යානයෝ) විපාක ද වන්නාහ. විපාකස්වභාවධර්‍ම ද වන්නාහ. නො ම විපාක වූ, නො ද විපාකස්වභාවධර්‍ම ද වන්නාහු ය.
Pali BJTසියා උපාදින්නුපාදානියා සියා අනුපාදින්නුපාදානියා සියා අනුපාදින්නඅනුපාදානියා.
Sinhala BJT(සතර ධ්‍යානයෝ) උපාදින්නෝපාදානිය ද වන්නාහ, අනුපාදින්නෝපාදානිය ද වන්නාහ, අනුපාදින්නඅනුපාදානිය ද වන්නාහු ය.
Pali BJTසියා අසංකිලිට්ඨසංකිලෙසිකා සියා අසංකිලිට්ඨඅසංකිලෙසිකා.
Sinhala BJT(සතර ධ්‍යානයෝ) අසංක්ලිෂ්ටසාංක්ලේශික ද වන්නාහ, අසංක්ලිෂ්ටඅසාංක්ලේශ්ක ද වන්නාහුය.
Pali BJTපඨමං ඣානං එත්ථුප්පන්නෙ විතක්කවිචාරෙ ඨපෙත්වා සවිතක්කං සවිචාරං. තීණි ඣානානි අවිතක්කඅවිචාරා.
Sinhala BJTප්‍රථමධ්‍යානය මෙහි උපන් විතර්‍කවිචාරයන් තබා සවිතර්‍ක ය, සවිචාර ය. ධ්‍යානයෝ තිදෙනෙක් අවිතර්‍කඅවිචාරයෝ යි.
Pali BJTද්වෙ ඣානා එත්ථුප්පන්නං පීතිං ඨපෙත්වා පීතිසහගතා. තීණි ඣානානි එත්ථුප්පන්නං සුඛං ඨපෙත්වා සුඛසහගතා. චතුත්ථං ඣානං එත්ථුප්පන්නං උපෙක්ඛං ඨපෙත්වා උපෙක්ඛාසහගතං.
Sinhala BJTධ්‍යානයෝ දෙදෙනෙක් මෙහි උපන් ප්‍රීතිය තබා ප්‍රීතිසහගතයෝ ය, ධ්‍යානයෝ තිදෙනෙක් මෙහි උපන් සුඛය තබා සුඛසහගතයෝ ය. චතුර්‍ත්‍ථධ්‍යානය මෙහි උපන් උපේක්‍ෂාව තබා උපේක්‍ෂාසහගත යි.
Pali BJTනෙවදස්සනෙන න භාවනාය පහාතබ්බා.
Sinhala BJT(සතර ධ්‍යානයෝ) නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ යි.
Pali BJTනෙවදස්සනෙන න භාවනාය පහාතබ්බහෙතුකා.
Sinhala BJT(සතර ධ්‍යානයෝ) නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු ය.
Pali BJTසියා ආචයගාමිනො සියා අපචයගාමිනො සියා නෙව ආචයගාමිනාපචයගාමිනො.
Sinhala BJT(සතර ධ්‍යානයෝ) ආචයගාමී ද වන්නාහ, අපචයගාමී ද වන්නාහ, නො ම ආචයගාමී නො ද අපචයගාමී ද වන්නාහු ය.
Pali BJTසියා සෙක්ඛා සියා අසෙක්ඛා සියා නෙවසෙක්ඛානාසෙක්ඛා.
Sinhala BJT(සතර ධ්‍යානයෝ) ශෛක්‍ෂ ද වන්නාහ, අශෛක්‍ෂ ද වන්නාහ, නො ම ශෛක්‍ෂ නො ද අශෛක්‍ෂ ද වන්නාහු ය.
Pali BJTසියා මහග්ගතා සියා අප්පමාණා.
Sinhala BJT(සතර ධ්‍යානයෝ) මහද්ගත ද වන්නාහ, අප්‍රමාණ ද වන්නාහු ය.
Pali BJTතීණි ඣානානි නවත්තබ්බා පරිත්තාරම්මණාතිපි මහග්ගතාරම්මණාතිපි සියා අප්පමාණාරම්මණා සියා න වත්තබ්බා අප්පමාණාරම්මණාති. චතුත්ථං ඣානං සියා පරිත්තාරම්මණං සියා මහග්ගතාරම්මණං සියා අප්පමාණාරම්මණං සියා න වත්තබ්බං පරිත්තාරම්මණන්තිපි මහග්ගතාරම්මන්තිපි අප්පමාණාරම්මණන්තිපි.
Sinhala BJTධ්‍යානයෝ තිදෙනෙක් පරිත්තාලම්බනහ යි ද, මහද්ගතාලම්බනහ යි ද නො කිය යුත්තාහ. අප්‍රමාණාලම්බන ද වන්නාහ, අප්‍රමාණාලම්බනහ යි නො කියයුතු ද වන්නාහ. චතුර්‍ත්‍ථධ්‍යානය පරිත්තාලම්බන ද වන්නේ ය, මහද්ගතාලම්බන ද වන්නේ ය, අප්‍රමාණාලම්බන ද වන්නේ ය, පරිත්තාලම්බන යි ද, මහද්ගතාලම්බනයි ද, අප්‍රමාණාලම්බන යි ද නො කියයුතු ද වන්නේ යි.
Pali BJTසියා මජ්ඣිමා සියා පණීතා.
Sinhala BJT(සතර ධ්‍යානයෝ) මධ්‍යම ද වන්නාහ, ප්‍රණීත ද වන්නාහු ය.
Pali BJTසියා සම්මත්තනියතා සියා අනියතා.
Sinhala BJT(සතර ධ්‍යානයෝ) සම්‍යක්ත්‍වනියත ද වන්නාහ, අනියත ද වන්නාහු ය.
Pali BJTතීණි ඣානානි න මග්ගාරම්මණා සියා මග්ගහෙතුකා සියා මග්ගාධිපතිනො සියා න වත්තබ්බා මග්ගහෙතුකාති’පි මග්ගාධිපතිනොති’පි චතුත්ථං ඣානං සියා මග්ගාරම්මණං සියා මග්ගහෙතුකං සියා මග්ගාධිපති සියා න වත්තබ්බං මග්ගාරම්මණන්ති’පි මග්ගහෙතුකන්ති’පි මග්ගාධිපතීති’පි.
Sinhala BJTතුන් ධ්‍යානයෝ මාර්‍ගාලම්බන නො වෙති. මාර්‍ගහේතුක ද වන්නාහ. මාර්‍ගාධිපති ද වන්නාහ. මාර්‍ගහේතුකහ යි ද, මාර්‍ගාධිපතිහ යි ද නො කියයුතු ද වන්නාහ. චතුර්‍ත්‍ථධ්‍යානය මාර්‍ගාලම්බන ද වන්නේ ය, මාර්‍ගහේතුක ද වන්නේ ය, මාර්‍ගාධිපති ද වන්නේ ය. මාර්‍ගාලම්බන යි ද, මාර්‍ගහේතුක යි ද, මාර්‍ගාධිපති යි ද නො කියුතු ද වන්නේ යි.
Pali BJTසියා උප්පන්නා සියා අනුප්පන්නා සියා උප්පාදිනො.
Sinhala BJT(සතර ධ්‍යානයෝ) උත්පන්න ද වන්නාහ, අනුත්පන්න ද වන්නාහ, උත්පාදී ද වන්නාහු ය.
Pali BJTසියා අතීතා සියා අනාගතා සියා පච්චුප්පන්නා.
Sinhala BJT(සතර ධ්‍යානයෝ) අතීත ද වන්නාහ, අනාගත ද වන්නාහ, ප්‍රත්‍යුත්පන්න ද වන්නාහු ය.
Pali BJTතීණි ඣානානි න වත්තබ්බා අතීතාරම්මණාති’පි අනාගතාරම්මණාති’පි පච්චුප්පන්නාරම්මණාති’පි. චතුත්ථං ඣානං සියා අතීතාරම්මණං සියා අනාගතාරම්මණං සියා පච්චුප්පන්නාරම්මණං. සියා න වත්තබ්බං අතීතාරම්මණන්ති’පි අනාගතාරම්මණන්ති’පි පච්චුප්පන්නාරම්මණන්ති’පි.
Sinhala BJTතුන් ධ්‍යානයෝ අතීතාලම්බනහ යි ද, අනාගතාලම්බනහ යි ද, ප්‍රත්‍යුත්පන්නාලම්බනහ යි ද නො කියයුත්තාහ. චතුර්‍ත්‍ථධ්‍යානය අතීතාලම්බන ද වන්නේ ය, අනාගතාලම්බන ද වන්නේ ය, ප්‍රත්‍යුත්පන්නාලම්බන ද වන්නේ ය. අතීතාලම්බන යි ද, අනාගතාලම්බන යි ද, ප්‍රත්‍යුත්පන්නාලම්බන යි ද නො කියයුතු ද වන්නේ යි.
Pali BJTසියා අජ්ඣත්තා සියා බහිද්ධා සියා අජ්ඣත්තබහිද්ධා.
Sinhala BJT(සතර ධ්‍යානයෝ) අධ්‍යාත්ම ද වන්නාහ, බාහිර ද වන්නාහ, අධ්‍යාත්මබාහිර ද වන්නාහු ය.
Pali BJTතීණි ඣානානි බහිද්ධාරම්මණා. චතුත්ථං ඣානං සියා අජ්ඣත්තාරම්මණං සියා බහිද්ධාරම්මණං සියා අජ්ඣත්තබහිද්ධාරම්මණං සියා න වත්තබ්බං අජ්ඣත්තාරම්මණන්ති’පි බහිද්ධාරම්මණන්ති’පි අජ්ඣත්තබහිද්ධාරම්මණන්ති’පි.
Sinhala BJTතුන් ධ්‍යානයෝ බාහිරාලම්බනයෝ ය. චතුර්‍ත්‍ථධ්‍යානය අධ්‍යාත්මාලම්බන ද වන්නේ ය, බාහිරාලම්බන ද වන්නේ ය, අධ්‍යාත්මබාහිරාලම්බන ද වන්නේ ය, අධ්‍යාත්මාලම්බන යි ද, බාහිරාලම්බන යි ද, අධ්‍යාත්මබාහිරාලම්බන යි ද නො කියයුතු ද වන්නේ යි.
Pali BJT716. අනිදස්සනඅප්පටිඝා.
Sinhala BJT716. (සතර ධ්‍යානයෝ) අනිදර්‍ශන අප්‍රතිඝයෝ යි.
Pali BJTන හෙතූ.
Sinhala BJT(සතර ධ්‍යානයෝ) හේතූහු නො වෙත්.
Pali BJTසහෙතුකා.
Sinhala BJT(සතර ධ්‍යානයෝ) සහේතුකයෝ යි.
Pali BJTහෙතුසම්පයුත්තා.
Sinhala BJT(සතර ධ්‍යානයෝ) හේතු සම්ප්‍රයුක්තයෝ යි.
Pali BJTන වත්තබ්බා හෙතු චෙව සහෙතුකාති, සහෙතුකා චෙව න ච හෙතු
Sinhala BJT(සතර ධ්‍යානයෝ) හේතු ද වූ ම සහේතුකහ යි නො කියයුත්තාහ. සහේතුක ද වූවාහු ම නො ද හේතු වෙත්.
Pali BJTන වත්තබ්බා හෙතු චෙව හෙතුසම්පයුත්තාති, හෙතුසම්පයුත්තා චෙව න ච හෙතු.
Sinhala BJT(සතර ධ්‍යානයෝ) හේතු ද වූ ම හේතුසම්ප්‍රයුක්තහ යි නො කියයුත්තාහ. හේතු සම්ප්‍රයුක්ත ද වූවාහු ම නො ද හේතු වෙත්.
Pali BJTන හෙතු සහෙතුකා.
Sinhala BJT(සතර ධ්‍යානයෝ) හේතු නො වූ සහේතුකයෝ යි.
Pali BJT717. සප්පච්චයා.
Sinhala BJT717. (සතර ධ්‍යානයෝ) සප්‍රත්‍යයෝ යි.
Pali BJTසඞ්ඛතා.
Sinhala BJT(සතර ධ්‍යානයෝ) සඞ්ඛතයෝ යි.
Pali BJTඅනිදස්සනා.
Sinhala BJT(සතර ධ්‍යානයෝ) අනිදර්‍ශනයෝ යි.
Pali BJTඅප්පටිඝා.
Sinhala BJT(සතර ධ්‍යානයෝ) අප්‍රතිඝයෝ යි.
Pali BJTඅරූපා.
Sinhala BJT(සතර ධ්‍යානයෝ) අරූපයෝ යි.
Pali BJTසියා ලොකියා සියා ලොකුත්තරා.
Sinhala BJT(සතර ධ්‍යානයෝ) ලෞකික ද වන්නාහ, ලෝකෝත්තර ද වන්නාහු ය.
Pali BJTකෙනචි විඤ්ඤෙය්යා, කෙනචි න විඤ්ඤෙය්යා.
Sinhala BJT(සතර ධ්‍යානයෝ) කිසිවිඥානයෙකින් දතයුත්තාහ, කිසි විඥානයෙකින් නො දත යුත්තාහු ය.
Pali BJT718. නො ආසවා.
Sinhala BJT718. (සතර ධ්‍යානයෝ) ආස්‍රවයෝ නො වෙත්.
Pali BJTසියා සාසවා සියා අනාසවා.
Sinhala BJT(සතර ධ්‍යානයෝ) සාස්‍රව ද වන්නාහ, අනාස්‍රව ද වන්නාහු යි.
Pali BJTආසවවිප්පයුත්තා.
Sinhala BJT(සතර ධ්‍යානයෝ) ආස්‍රවවිප්‍රයුක්කයෝ යි.
Pali BJTන වත්තබ්බා ආසවා චෙව සාසවාති, සියා සාසවා චෙව නො ච ආසවා, සියා න වත්තබ්බා සාසවා චෙව නො ච ආසවාති.
Sinhala BJT(සතර ධ්‍යානයෝ) ආස්‍රව ද වූ ම සාස්‍රවහ යි නො කියයුත්තාහ, සාස්‍රව ද වූවාහු ම නො ද ආස්‍රව ද වන්නාහ, සාස්‍රව ද වූ ම නො ද ආස්‍රවහයි නො කියයුතු ද වන්නාහු ය.
Pali BJTන වත්තබ්බා ආසවා චෙව ආසවසම්පයුත්තාති’පි, ආසවසම්පයුත්තා චෙව නො ච ආසවාති’පි.
Sinhala BJT(සතර ධ්‍යානයෝ) ආස්‍රව ද වූ ම ආස්‍රවසම්ප්‍රයුක්තහ යි ද, ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූ ම නො ද ආස්‍රවහ යි ද නො කියයුත්තාහු ය.
Pali BJTසියා ආසවවිප්පයුත්තා සාසවා, සියා ආසවවිප්පයුත්තා අනාසවා.
Sinhala BJT(සතර ධ්‍යානයෝ) ආස්‍රවවිප්‍රයුක්තසාස්‍රව ද වන්නාහ, ආස්‍රවවිප්‍රයුක්තඅනාස්‍රව ද වන්නාහු යි.
Pali BJT719. නො සඤ්ඤොජනා -පෙ- නො ගන්ථා -පෙ- නො ඔඝා -පෙ- නො යොගා -පෙ- නො නීවරණා -පෙ- නො පරාමාසා -පෙ-.
Sinhala BJT719. (සතර ධ්‍යානයෝ) සංයෝජනයෝ නො වෙති ... ග්‍රන්‍ථයෝ නො වෙති ... ඕඝයෝ නො වෙති ... යෝගයෝ නො වෙති ... නීවරණයෝ නො වෙති ... පරාමර්‍ශයෝ නො වෙති ...
Pali BJT720. සාරම්මණා.
Sinhala BJT720. (සතර ධ්‍යානයෝ) සාලම්බනයෝ යි.
Pali BJTනො චිත්තා.
Sinhala BJT(සතර ධ්‍යානයෝ) චිත්තයෝ නො වෙත්.
Pali BJTචෙතසිකා.
Sinhala BJT(සතර ධ්‍යානයෝ) චෛතසිකයෝ යි.
Pali BJTචිත්තසම්පයුත්තා.
Sinhala BJT(සතර ධ්‍යානයෝ) චිත්තසම්ප්‍රයුක්තයෝ යි.
Pali BJTචිත්තසංසට්ඨා.
Sinhala BJT(සතර ධ්‍යානයෝ) චිත්තසංසෘෂ්ටයෝ යි.
Pali BJTචිත්තසමුට්ඨානා.
Sinhala BJT(සතර ධ්‍යානයෝ) චිත්තසමුත්‍ථානයෝ යි.
Pali BJTචිත්තසහභුනො.
Sinhala BJT(සතර ධ්‍යානයෝ) චිත්තසහභූ වෙත්.
Pali BJTචිත්තානුපරිවත්තිනො.
Sinhala BJT(සතර ධ්‍යානයෝ) චිත්තානුපරිවර්තීහු ය.
Pali BJTචිත්තසංසට්ඨසමුට්ඨානා.
Sinhala BJT(සතර ධ්‍යානයෝ) චිත්තසංසෘෂ්ටසමුත්‍ථානයෝ යි.
Pali BJTචිත්තසංසට්ඨසමුට්ඨානසහභුනො.
Sinhala BJT(සතර ධ්‍යානයෝ) චිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූහු වෙත්.
Pali BJTචිත්තසංසට්ඨසමුට්ඨානානුපරිවත්තිනො.
Sinhala BJT(සතර ධ්‍යානයෝ) චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්තීහු වෙත්.
Pali BJTබාහිරා.
Sinhala BJT(සතර ධ්‍යානයෝ) බාහිරයෝ යි.
Pali BJTනො උපාදා.
Sinhala BJT(සතර ධ්‍යානයෝ) උපාදා නො වෙත්.
Pali BJTසියා උපාදින්නා, සියා අනුපාදින්නා.
Sinhala BJT(සතර ධ්‍යානයෝ) උපාදින්න ද වන්නාහ, අනුපාදින්න ද වන්නාහු යි.
Pali BJT721. නො උපාදානා -පෙ- නො කිලෙසා -පෙ-
Sinhala BJT721. (සතර ධ්‍යානයෝ) උපාදානයෝ නො වෙත්. ... ක්ලේශයෝ නො වෙත්. ...
Pali BJTන දස්සනෙන පහාතබ්බා
Sinhala BJT(සතර ධ්‍යානයෝ) දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යයෝ නො වෙත්.
Pali BJTන භාවනාය පහාතබ්බා.
Sinhala BJT(සතර ධ්‍යානයෝ) භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ නො වෙත්.
Pali BJTන දස්සනෙන පහාතබ්බහෙතුකා.
Sinhala BJT(සතර ධ්‍යානයෝ) දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතුකයෝ නො වෙත්.
Pali BJTන භාවනාය පහාතබ්බහෙතුකා.
Sinhala BJT(සතර ධ්‍යානයෝ) භාවනායෙන් ප්‍රහාතව්‍යහේතුකයෝ නො වෙත්.
Pali BJTපඨමං ඣානං එත්ථුප්පන්නං විතක්කං ඨපෙත්වා සවිතක්කං. තීණි ඣානානි අවිතක්කා.
Sinhala BJTප්‍රථමධ්‍යානය මෙහි උපන් විතර්‍කය තබා සවිතර්‍ක ය, තුන් ධ්‍යානයෝ අවිතර්‍කයෝ යි.
Pali BJTපඨමං ඣානං එත්ථුප්පන්නං විචාරං ඨපෙත්වා සවිචාරං. තීණි ඣානානි අවිචාරා.
Sinhala BJTප්‍රථමධ්‍යානය මෙහි උපන් විචාරය තබා සවිචාරය. තුන් ධ්‍යානයෝ අවිචාරයෝ යි.
Pali BJTද්වෙ ඣානා එත්ථුප්පන්නං පීතිං ඨපෙත්වා සප්පීතිකා. ද්වෙ ඣානා අප්පීතිකා.
Sinhala BJTධ්‍යානයෝ දෙදෙනෙක් මෙහි උපන් ප්‍රීතිය තබා සප්‍රීතිකයෝ ය, ධ්‍යානයෝ දෙදෙනෙක් අප්‍රීතිකයෝ යි.
Pali BJTද්වෙ ඣානා එත්ථුප්පන්නං පීති ඨපෙත්වා පීතිසහගතා. ද්වෙ ඣානා න පීතිසහගතා.
Sinhala BJTධ්‍යානයෝ දෙදෙනෙක් මෙහි උපන් ප්‍රීතිය තබා ප්‍රීතිසහගතයෝ ය, ධ්‍යානයෝ දෙදෙනෙක් ප්‍රීතිසහගත නො වෙත්.
Pali BJTතීණි ඣානානි එත්ථුප්පන්නං සුඛං ඨපෙත්වා සුඛසහගතා. චතුත්ථං ඣානං න සුඛසහගතං.
Sinhala BJTතුන් ධ්‍යානයෝ මෙහි උපන් සුඛය තබා සුඛසහගතයෝ යි. චතුර්‍ත්‍ථධ්‍යානය සුඛ සහගත නො වේ.
Pali BJTචතුත්ථං ඣානං එත්ථුප්පන්නං උපෙක්ඛං ඨපෙත්වා උපෙක්ඛාසහගතං. තීණි ඣානානි න උපෙක්ඛාසහගතා.
Sinhala BJTචතුර්‍ත්‍ථධ්‍යානය මෙහි උපන් උපේක්‍ෂාව තබා උපේක්‍ෂාසහගත ය, තුන් ධ්‍යානයෝ උපේක්‍ෂාසහගත නො වෙත්.
Pali BJTන කාමාවචරා.
Sinhala BJT(සතර ධ්‍යානයෝ) කාමාවචරයෝ නො වෙත්.
Pali BJTසියා රූපාවචරා. සියා න රූපාවචරා.
Sinhala BJT(සතර ධ්‍යානයෝ) රූපාවචර ද වන්නාහ, රූපාවචර නො ද වන්නාහු ය.
Pali BJTතීණි ඣානානි න අරූපාවචරා. චතුත්ථං ඣානං සියා අරූපාවචරං සියා න අරූපාවචරං.
Sinhala BJTතුන් ධ්‍යානයෝ අරූපාවචරයෝ නො වෙත්. චතුර්‍ත්‍ථධ්‍යානය අරූපාවචර ද වන්නේ ය, අරූපාවචර නො ද වන්නේ යි.
Pali BJTසියා පරියාපන්නා, සියා අපරියාපන්නා.
Sinhala BJT(සතර ධ්‍යානයෝ) පර්‍ය්‍යාපන්න ද වන්නාහ, අපර්‍ය්‍යාපන්න ද වන්නාහු ය.
Pali BJTසියා නිය්යානිකා, සියා අනිය්යානිකා.
Sinhala BJT(සතර ධ්‍යානයෝ) නෛර්‍ය්‍යාණික ද වන්නාහ, අනෛර්‍ය්‍යාණික ද වන්නාහු ය.
Pali BJTසියා නියතා, සියා අනියතා.
Sinhala BJT(සතර ධ්‍යානයෝ) නියත ද වන්නාහ, අනියත ද වන්නාහු ය.
Pali BJTසියා සඋත්තරා, සියා අනුත්තරා.
Sinhala BJT(සතර ධ්‍යානයෝ) සඋත්තර ද වන්නාහ, අනුත්තර ද වන්නාහු ය.
Pali BJTඅරණාති.
Sinhala BJT(සතර ධ්‍යානයෝ) අරණයෝ යි.
Pali BJTපඤ්හපුච්ඡකං.
Sinhala BJTපඤ්හපුච්ඡක යි.
Pali BJTඣානවිභඞ්ගො නිට්ඨිතො.
Sinhala BJTධ්‍යානවිභඞ්ග නිමි.
Pali BJT13. අප්පමඤ්ඤා විභඞ්ගො.
Sinhala BJT13. අප්‍රාමාණ්‍ය විභඞ්ගය
Pali BJT722. චතස්සො අප්පමඤ්ඤායො. ඉධ භික්ඛු මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති. තථා දුතියං තථා තතියං තථා චතුත්ථිං.{1} ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං මෙත්තාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන{2} ඵරිත්වා විහරති. කරුණාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති. තථා දුතියං තථා තතියං තථා චතුත්ථිං ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං කරුණාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන ඵරිත්වා විහරති. මුදිතාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති. තථා දුතියං තථා තතියං තථා චතුත්ථිං ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං මුදිතාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන ඵරිත්වා විහරති. උපෙක්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති. තථා දුතියං තථා තතියං තථා චතුත්ථිං ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං උපෙක්ඛාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන ඵරිත්වා විහරති.
Sinhala BJT722. අප්‍රාමාණ්‍ය සතරෙකි: මෙ සස්නෙහි මහණ මෛත්‍රී සහගත සිතින් එක් දිශායෙක්හි (සත්ත්‍වයන්) ස්පර්‍ශ (අරමුණු) කොට වාස කෙරෙයි. එසෙයින් දෙ වැනි දිශායෙහි තුන් වැනි දිශායෙහි සතර වැනි දිශායෙහි (සත්ත්‍වයන් ස්පර්‍ශ කොට වෙසෙයි) මෙසේ උඩ යට සරස අනුදිග (සත්ත්‍වයන් ස්පර්‍ශ කොට වෙසෙයි.) සියලු තැන්හි සියල්ලන් ආත්මසමතායෙන් යුක්ත ව සියලු සත්ත්‍වයන් ඇති ලෝකය විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ නිදුක් වූ මෛත්‍රීසහගත සිතින් ස්පර්‍ශ කොට වෙසෙයි. කරුණා සහගත සිතින් එක් දිශාවක් ස්පර්‍ශ කොට වෙසෙයි. එසෙයින් දෙ වැනි දිශාව තුන් වැනි දිශාව සතර වැනි දිශාව (ස්පර්‍ශ කොට වෙසෙයි). මෙසේ උඩ යට සරස අනුදිග (ස්පර්‍ශ කොට වෙසෙයි). සියලු තැන්හි සියල්ලන් ආත්මසමතායෙන් යුක්ත ව සියලු සත්ත්‍වයන් ඇති ලෝකය විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ නිදුක් වූ කරුණාසහගත සිතින් ස්පර්‍ශ කොට වෙසෙයි. මුදිතාසහගත සිතින් එක් දිශාවක් ස්පර්‍ශ කොට වෙසෙයි. එසෙයින් දෙ වැනි දිශාව තුන් වැනි දිශාව සතර වැනි දිශාව (ස්පර්‍ශ කොට වෙසෙයි.) මෙසේ උඩ යට සරස අනුදිග (ස්පර්‍ශ කොට වෙසෙයි.) සියලු තැන්හි සියල්ලන් ආත්මසමතායෙන් යුක්ත ව සියලු සත්ත්‍වයන් ඇති ලෝකය විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ නිදුක් වූ මුදිතාසහගත සිතින් ස්පර්‍ශ කොට වෙසෙයි. උපේක්‍ෂාසහගත සිතින් එක් දිශාවක් ස්පර්‍ශ කොට වෙසෙයි. එසෙයින් දෙ වැනි දිශාව තුන් වැනි දිශාව සතර වැනි දිශාව (ස්පර්‍ශ කොට වෙසෙයි) මෙසේ උඩ යට සරස අනුදිග (ස්පර්‍ශ කොට වෙසෙයි.) සියලු තැන්හි සියල්ලන් ආත්මසමතායෙන් යුක්ත ව සියලු සත්ත්‍වයන් ඇති ලෝකය විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ නිදුක් වූ උපේක්‍ෂාසහගත සිතින් ස්පර්‍ශ කොට වෙසේ.
Pali BJT723. කථං ච භික්ඛු මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති: සෙය්යථාපි නාම එකං පුග්ගලං පියං මනාපං දිස්වා මෙත්තායෙය්ය එවමෙව සබ්බෙ සත්තෙ මෙත්තාය එරති.
Sinhala BJT723. කිසෙයින් මහණ මෛත්‍රීසහගත සිතින් එක් දිශාවක් ස්පර්‍ශ කොට වෙසේ ද යත්: යම්සේ නම් ප්‍රිය වූ මනවඩන්නා වූ එක් පුද්ගලයකු දැක මෛත්‍රිය කරන්නේ ද, එපරිද්දෙන් ම සියලු සත්ත්‍වයන් මෛත්‍රියෙන් ස්පර්‍ශ කෙරෙයි.
Pali BJTතත්ථ කතමා මෙත්තා: යා සත්තෙසු මෙත්ති මෙත්තායනා මෙත්තායිතත්තං මෙත්තාචෙතොවිමුත්ති. අයං වුච්චති මෙත්තා. තත්ථ කතමං චිත්තං: යං චිත්තං මනො මානසං හදයං පණ්ඩරං මනො මනායතනං මනින්ද්රියං විඤ්ඤාණං විඤ්ඤාණක්ඛන්ධො තජ්ජාමනොවිඤ්ඤාණධාතු, ඉදං වුච්චති චිත්තං. ඉදං චිත්තං ඉමාය මෙත්තාය සහගතං හොති සහජාතං සංසට්ඨං සම්පයුත්තං, තෙන වුච්චති මෙත්තා සහගතෙන චෙතසාති.
Sinhala BJTඑහි ‘මෛත්‍රී’ කවර යත්: සත්ත්‍වයන් කෙරෙහි යම් මෛත්‍රියක් මෙත් කරන අයුරෙක් මෙත් කළ බවෙක් මෛත්‍රීචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘මෛත්‍රී’ යි කියනු ලැබේ. එහි ‘චිත්ත’ කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් හෘදයයෙක් පණ්ඩර වූ භවාඞ්ගචිත්තයෙක් මන සඞ්ඛ්‍යාත මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥාන ස්කන්‍ධයෙක් තදනුරූපමනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘චිත්ත’ යි කියනු ලැබේ. මේ චිත්තය මේ මෛත්‍රිය හා සහගත සහජාත සංසෘෂ්ට සම්ප්‍රයුක්ත වූයේ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘මෙත්තාසහගතෙන චේතසා’ යි.