Vibhaṅga

Analysis

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 2601-2700 න් 4235

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඅනිදස්සනා.
Sinhala BJT(සප්තබෝධ්‍යඞ්ගයෝ) අනිදර්‍ශනයෝ ය.
Pali BJTඅප්පටිඝා.
Sinhala BJT(සප්තබෝධ්‍යඞ්ගයෝ) අප්‍රතිඝයෝ ය.
Pali BJTඅරූපා.
Sinhala BJT(සප්තබෝධ්‍යඞ්ගයෝ) අරූපයෝ ය.
Pali BJTලොකුත්තරා.
Sinhala BJT(සප්තබෝධ්‍යඞ්ගයෝ) ලෝකෝත්තරයෝ ය.
Pali BJTකෙනචි විඤ්ඤෙය්යා කෙනචි න විඤ්ඤෙය්යා.
Sinhala BJT(සප්තබෝධ්‍යඞ්ගයෝ) (චක්‍ෂුරාදි) කිසිවිඥානයෙකින් දතයුත්තාහ, කිසිවිඥානයෙකින් නොදත යුත්තාහු යි.
Pali BJT550. නො ආසවා.
Sinhala BJT550. (සප්තබෝධ්‍යඞ්ගයෝ) ආස්‍රව නො වෙති.
Pali BJTඅනාසවා.
Sinhala BJT(සප්තබෝධ්‍යඞ්ගයෝ) අනාස්‍රවයෝ ය.
Pali BJTආසවවිප්පයුත්තා.
Sinhala BJT(සප්තබෝධ්‍යඞ්ගයෝ) ආස්‍රවවිප්‍රයුක්තයෝ ය.
Pali BJTන වත්තබ්බා ආසවා චෙව සාසවාති’පි සාසවා චෙ’ව නො ච ආසවාති’පි.
Sinhala BJT(සප්තබෝධ්‍යඞ්ගයෝ) ආස්‍රව ද වූවාහු ම සාස්‍රවහ යි ද සාස්‍රව ද වූවාහු ම නො ද ආස්‍රවහ යි ද නො කියයුත්තාහුය.
Pali BJTන වත්තබ්බා ආසවා චෙව ආසවසම්පයුත්තාති’පි ආසවසම්පයුත්තා චෙව නො ච ආසවාති’පි.
Sinhala BJT(සප්තබෝධ්‍යඞ්ගයෝ) ආස්‍රව ද වූවාහු ම ආස්‍රවසම්ප්‍රයුක්තහ යි ද ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූවාහු ම නො ද ආස්‍රවහ යි ද නො කියයුත්තාහු ය.
Pali BJTආසවවිප්පයුත්තා අනාසවා.
Sinhala BJT(සප්තබෝධ්‍යඞ්ගයෝ) ආස්‍රවවිප්‍රයුක්ත වූ අනාස්‍රවයෝ යි.
Pali BJT551. නො සඤ්ඤොජනා -පෙ- නො ගන්ථා -පෙ- නො ඔඝා -පෙ- නො යොගා -පෙ- නො නීවරණා -පෙ- නො පරාමාසා -පෙ-
Sinhala BJT551. (සප්තබෝධ්‍යඞ්ගයෝ) සංයෝජන නො වෙති ... ග්‍රන්‍ථයෝ නො වෙති ... ඕඝයෝ නො වෙති ... යෝගයෝ නො වෙති ... නීවරණයෝ නො වෙති ... පරාමර්‍ශයෝ නො වෙති.
Pali BJT552. සාරම්මණා.
Sinhala BJT552. (සප්තබෝධ්‍යඞ්ගයෝ) සාලම්බනයෝ ය.
Pali BJTනො චිත්තා.
Sinhala BJT(සප්තබෝධ්‍යඞ්ගයෝ) චිත්ත නො වෙති.
Pali BJTචෙතසිකා.
Sinhala BJT(සප්තබෝධ්‍යඞ්ගයෝ) චෛතසික වෙති.
Pali BJTචිත්තසම්පයුත්තා.
Sinhala BJT(සප්තබෝධ්‍යඞ්ගයෝ) චිත්තසම්ප්‍රයුක්තයෝ ය.
Pali BJTචිත්තසංසට්ඨා.
Sinhala BJT(සප්තබෝධ්‍යඞ්ගයෝ) චිත්තසංසෘෂ්ටයෝ ය.
Pali BJTචිත්තසමුට්ඨානා.
Sinhala BJT(සප්තබෝධ්‍යඞ්ගයෝ) චිත්තසමුත්‍ථානයෝ ය.
Pali BJTචිත්තසහභුනො.
Sinhala BJT(සප්තබෝධ්‍යඞ්ගයෝ) චිත්තසහභූහ.
Pali BJTචිත්තානුපරිවත්තිනො.
Sinhala BJT(සප්තබෝධ්‍යඞ්ගයෝ) චිත්තානුපරිවර්තීහ.
Pali BJTචිත්තසංසට්ඨසමුට්ඨානා.
Sinhala BJT(සප්තබෝධ්‍යඞ්ගයෝ) චිත්තසංසෘෂ්ටසමුත්‍ථානයෝ ය.
Pali BJTචිත්තසංසට්ඨසමුට්ඨානසහභුනො.
Sinhala BJT(සප්තබෝධ්‍යඞ්ගයෝ) චිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූහ.
Pali BJTචිත්තසංසට්ඨසමුට්ඨානානුපරිවත්තිනො.
Sinhala BJT(සප්තබෝධ්‍යඞ්ගයෝ) චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්තීහ.
Pali BJTබාහිරා.
Sinhala BJT(සප්තබෝධ්‍යඞ්ගයෝ) බාහිරයෝ ය.
Pali BJTනො උපාදා.
Sinhala BJT(සප්තබෝධ්‍යඞ්ගයෝ) උපාදා නො වෙති.
Pali BJTඅනුපාදින්නා.
Sinhala BJT(සප්තබෝධ්‍යඞ්ගයෝ) අනුපාදින්නයෝ යි.
Pali BJT553. නො උපාදානා -පෙ- නො කිලෙසා -පෙ-
Sinhala BJT553. (සප්තබෝධ්‍යඞ්ගයෝ) උපාදානයෝ නො වෙති … ක්ලේශයෝ නො වෙති.
Pali BJTන දස්සනෙන පහාතබ්බා.
Sinhala BJT(සප්තබෝධ්‍යඞ්ගයෝ) දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යයෝ නො වෙති,
Pali BJTන භාවනාය පහාතබ්බා.
Sinhala BJTභාවනායෙන් ප්‍රහාතව්‍යයෝ නො වෙත්.
Pali BJTන දස්සනෙන පහාතබ්බහෙතුකා.
Sinhala BJT(සප්තබෝධ්‍යඞ්ගයෝ) දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතුකයෝ නො වෙති,
Pali BJTන භාවනාය පහාතබ්බහෙතුකා.
Sinhala BJTභාවනායෙන් ප්‍රහාතව්‍යහේතුකයෝ නො වෙත්.
Pali BJTසියා සවිතක්කා සියා අවිචාරා.
Sinhala BJT(සප්තබෝධ්‍යඞ්ගයෝ) සවිතර්‍ක ද වන්නාහ, අවිතර්‍ක ද වන්නාහු ය.
Pali BJTසියා සවිචාරා සියා අවිචාරා.
Sinhala BJT(සප්තබෝධ්‍යඞ්ගයෝ) සවිචාර ද වන්නාහ, අවිචාර ද වන්නාහු ය.
Pali BJTපීතිසම්බොජ්ඣඞ්ගො අප්පීතිකො. ඡ බොජ්ඣඞ්ගා සියා සප්පීතිකා සියා අප්පීතිකා.
Sinhala BJTප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය අප්‍රීතික ය, බෝධ්‍යඞ්ගයෝ සදෙනෙක් සප්‍රීතික ද වන්නාහ, අප්‍රීතික ද වන්නාහු ය.
Pali BJTපීතිසම්බොජ්ඣඞ්ගො න පීතිසහගතො. ඡ බොජ්ඣඞ්ගා සියා පීතිසහගතා සියා න පීතිසහගතා.
Sinhala BJTප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය ප්‍රීතිසහගත නො වෙයි. බෝධ්‍යඞ්ගයෝ සදෙනෙක් ප්‍රීතිසහගත ද වන්නාහ, ප්‍රීතිසහගත නො ද වන්නාහු ය.
Pali BJTපීතිසම්බොජ්ඣඞ්ගො සුඛසහගතො. ඡ බොජ්ඣඞ්ගා සියා සුඛසහගතා, සියා න සුඛසහගතා.
Sinhala BJTප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය සුඛසහගත ය. බෝධ්‍යඞ්ගයෝ සදෙනෙක් සුඛසහගත ද වන්නාහ, සුඛසහගත නො ද වන්නාහු ය.
Pali BJTපීතිසම්බොජ්ඣඞ්ගො න උපෙක්ඛාසහගතො. ඡ බොජ්ඣඞ්ගා සියා උපෙක්ඛාසහගතා සියා න උපෙක්ඛාසහගතා.
Sinhala BJTප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය උපේක්‍ෂාසහගත නො වෙයි. බෝධ්‍යඞ්ගයෝ සදෙනෙක් උපේක්‍ෂාසහගත ද වන්නාහ, උපේක්‍ෂාසහගත නො ද වන්නාහු ය.
Pali BJTන කාමාවචරා.
Sinhala BJT(සප්තබෝධ්‍යඞ්ගයෝ) කාමාවචර නො වෙති.
Pali BJTන රූපාවචරා.
Sinhala BJT(සප්තබෝධ්‍යඞ්ගයෝ) රූපාවචරයෝ නො වෙති.
Pali BJTන අරූපාවචරා.
Sinhala BJT(සප්තබෝධ්‍යඞ්ගයෝ) අරූපාවචරයෝ නො වෙති.
Pali BJTඅපරියාපන්නා.
Sinhala BJT(සප්තබෝධ්‍යඞ්ගයෝ) අපර්‍ය්‍යාපන්නයෝ ය.
Pali BJTසියා නිය්යානිකා සියා අනිය්යානිකා.
Sinhala BJT(සප්තබෝධ්‍යඞ්ගයෝ) නෛර්‍ය්‍යාණික ද වන්නාහ, අනෛර්‍ය්‍යාණික ද වන්නාහු ය.
Pali BJTසියා නියතා සියා අනියතා.
Sinhala BJT(සප්තබෝධ්‍යඞ්ගයෝ) නියත ද වන්නාහ, අනියත ද වන්නාහු ය.
Pali BJTඅනුත්තරා.
Sinhala BJT(සප්තබෝධ්‍යඞ්ගයෝ) අනුත්තරයෝ ය.
Pali BJTඅරණාති.
Sinhala BJT(සප්තබෝධ්‍යඞ්ගයෝ) අරණයෝ යි.
Pali BJTපඤ්හපුච්ඡකං.
Sinhala BJTපඤ්හපුච්ඡක යි.
Pali BJTබොජ්ඣඞ්ගවිභඞ්ගො නිට්ඨිතො.
Sinhala BJTබෝධ්‍යඞ්ගවිභඞ්ග නිමි.
Pali BJT11. මග්ගවිභඞ්ගො
Sinhala BJT11. මාර්‍ග විභඞ්ගය
Pali BJT554. අරියො අට්ඨඞ්ගිකො මග්ගො: සෙය්යථීදං: සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පො සම්මාවාචා සම්මාකම්මන්තො සම්මාආජීවො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධි.
Sinhala BJT554. ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය වෙයි: හේ මෙසේ යැ: සම්‍යග්දෘෂ්ටියැ, සම්‍යක්සංකල්පයැ, සම්‍යග්වචනයැ, සම්‍යක්කර්‍මාන්ත යැ, සම්‍යගාජීව යැ, සම්‍යග්ව්‍යායාම යැ, සම්‍යක්ස්මෘති යැ, සම්‍යක්සමාධි යි.
Pali BJT555. තත්ථ කතමා සම්මාදිට්ඨි: දුක්ඛෙ ඤාණං දුක්ඛසමුදයෙ ඤාණං දුක්ඛනිරොධෙ ඤාණං දුක්ඛනිරොධගාමිනියා පටිපදාය ඤාණං, අයං වුච්චති සම්මාදිට්ඨි.
Sinhala BJT555. එහි සම්‍යග්දෘෂ්ටි කවරෙ යත්: දුඃඛසත්‍යයෙහි ඥාන යැ, දුඃඛසමුදයසත්‍යයෙහි ඥාන යැ, දුඃඛනිරෝධසත්‍යයෙහි ඥාන යැ, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාසත්‍යයෙහි ඥාන යි. මේ ‘සම්‍යග්දෘෂ්ටි’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො සම්මාසඞ්කප්පො: නෙක්ඛම්මසඞ්කප්පො අව්යාපාදසඞ්කප්පො අවිහිංසාසඞ්කප්පො, අයං ව්ච්චති සම්මාසඞ්කප්පො.
Sinhala BJTඑහි සම්‍යක්සංකල්ප කවරෙ යත්: නෛෂ්ක්‍රම්‍යසංකල්ප යැ, අව්‍යාපාදසංකල්ප යැ, අවිහිංසාසංකල්ප යි. මේ ‘සම්‍යක්සංකල්ප’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා සම්මාවාචා: මුසාවාදා වෙරමණී පිසුනාය වාචාය{1} වෙරමණී ඵරුසාය වාචාය{2} වෙරමණී සම්ඵප්පලාපා වෙරමණී, අයං වුච්චති සම්මාවාචා.
Sinhala BJTඑහි සම්‍යග්වචනය කවරෙ යත්: මුසවායෙන් වැළකීම යැ, පිසුණුබසින් වැළකීම යැ, පරොස්බසින් වැළකීම යැ, සිස්බසින් වැළකීම යි. මේ ‘සම්‍යග්වචන’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො සම්මාකම්මන්තො: පාණාතිපාතා වෙරමණී අදින්නාදානා වෙරමණී කාමෙසු මිච්ඡාචාරා වෙරමණී, අයං වුච්චති සම්මා කම්මන්තො.
Sinhala BJTඑහි සම්‍යක්කර්‍මාන්තය කවරෙ යත්: පණිවායෙන් වැළකීම යැ, අයිනාදනින් වැළකීම යැ, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීම යි. මේ ‘සම්‍යක්කර්‍මාන්ත’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො සම්මාආජීවො: ඉධ අරියසාවකො මිච්ඡාආජීවං පහාය සම්මාආජීවෙන ජීවිකං කප්පෙති, අයං වුච්චති සම්මාආජීවො.
Sinhala BJTඑහි සම්‍යගාජීවය කවරෙ යත්: මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙම මිථ්‍යාජීවය හැරපියා සම්‍යගාජීවයෙන් ජීවිකාව කෙරෙයි. මේ ‘සම්‍යගාජීව’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො සම්මාවායාමො: ඉධ භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති, උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය ඡන්දං ජනෙති වායාමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති, අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති, උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති, අයං වුච්චති සම්මාවායාමො.
Sinhala BJTඑහි සම්‍යග්ව්‍යායාමය කවරෙ යත්: මෙ සස්නෙහි මහණ නූපන් ලාමක අකුසල්දහම් නූපදනා පිණිස කත්තුකම්‍යතාකුසලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වැර වඩයි, සිත නඟාගනියි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි. උපන් ලාමක අකුසල්දහම් ප්‍රහාණය පිණිස කුසලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වැර වඩයි, සිත නඟාගනියි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි. නූපන් කුසල්දහම් උපදනා පිණිස කුසලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වැර වඩයි, සිත නගාගනියි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි. උපන් කුසල්දහම් සිටීම පිණිස, නො නැසීම පිණිස, පුන පුනා වැඩීම පිණිස, විපුල බව පිණිස, වැඩීම පිණිස, සම්පූර්‍ණ වීම පිණිස කුසලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වැර වඩයි, සිත නඟාගනියි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි. මේ ‘සම්‍යග්ව්‍යායාම’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා සම්මාසති: ඉධ භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං වෙදනාසු වෙදනානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං, චිත්තෙ චිත්තානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං, ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං, අයං වුච්චති සම්මාසති.
Sinhala BJTඑහි සම්‍යක්ස්මෘතිය කවර යත්: මෙ සස්නෙහි මහණ තෙම සෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, සම්‍යග්ඥාන ඇත්තේ, ස්මෘතිමත් වූයේ, කාය සඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාව හා දොම්නස් දුරුකොට, කයෙහි කය අනුව බලමින් වෙසෙයි, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, සම්‍යග්ඥාන ඇත්තේ ස්මෘතිමත් වූයේ, වේදනා සඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාව හා දොම්නස දුරුකොට වේදනාවන්හි වේදනාව අනුව බලමින් වෙසෙයි, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, සම්‍යග්ඥාන ඇත්තේ, ස්මෘතිමත් වූයේ, චිත්ත සඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාව හා දොම්නස දුරු කොට, සිතෙහි සිත අනුව බලමින් වෙසෙයි, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ සම්‍යග්ඥාන ඇත්තේ, ස්මෘතිමත් වූයේ, (නීවරණාදී) ධර්‍ම සඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාව හා දොම්නස දුරුකොට (නීවරණාදී) ධර්‍මයන්හි ධර්‍මය අනුව බලමින් වෙසේ. මේ ‘සම්‍යක්ස්මෘති’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො සම්මාසමාධි: ඉධ භික්ඛු විවිච්චෙ’ව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං{1} අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති, පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති. සතො ච සම්පජානො සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති යං තං අරියා ආචික්ඛන්ති උපෙක්ඛකො සතිමා සුඛවිහාරීති තං තතියං ඣානං උපසම්පජ්ජ විහරති, සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා{2} අදුක්ඛමසුඛං උපෙක්ඛා සති පාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති, අයං වුච්චති සම්මා සමාධි.
Sinhala BJTඑහි සම්‍යක්සමාධි කවරෙ යත්: මෙ සස්නෙහි මහණ තෙම කාමයන්ගෙන් වෙන් වැ මැ, අකුශලධර්‍මයන්ගෙන් වෙන් වැ මැ, විතර්‍ක සහිත වූ, විචාර සහිත වූ, විවේකයෙන් හටගත් ප්‍රීති සුඛ ඇති, ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙයි, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන්, අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති, චිත්තයාගේ එකඟ බව ඇති, අවිතර්‍ක වූ, අවිචාර වූ, සමාධියෙන් හටගත් ප්‍රීතිසුඛ ඇති, ද්විතීයධ්‍යානයට පැමිණ වෙසෙයි, ප්‍රීතියගේ ද විරාගයෙන් උපේක්‍ෂා ඇත්තේත්, ස්මෘතිමත් වූයේත්, සම්‍යග්ඥාන ඇති වැ වෙසෙයි. නාම කයින් සුඛය ද විඳියි. යම් ධ්‍යානයක් හේතුකොටගෙන උපේක්‍ෂා ඇත්තේ යැ, ස්මෘතිමත් වූයේ යැ, සුඛවිහරණ ඇත්තේ යැ යි ආර්‍ය්‍යයෝ කියත් ද, ඒ තෘතීයධ්‍යානයට පැමිණ වෙසෙයි. සුඛයාගේ ද ප්‍රහාණයෙන්, දුඃඛයාගේ ද ප්‍රහාණයෙන්, පළමු මැ සොම්නස් දොම්නසුන්ගේ නැති කිරීමෙන් නො දුක් නො සුව වූ උපේක්‍ෂාව හා ස්මෘතිපාරිශුද්ධිය ඇති චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ. මේ ‘සම්‍යක්සමාධි’ යි කියනු ලැබේ.
Pali BJT556. අරියො අට්ඨඞ්ගිකො මග්ගො: සෙය්යථීදං: සම්මාදිට්ඨි සම්මා සඞ්කප්පො සම්මාවාචා සම්මාකම්මන්තො සම්මාආජීවො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධි.
Sinhala BJT556. ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගික මාර්‍ගය වෙයි, හෙ මෙසේ යි: සම්‍යග්දෘෂ්ටි යැ, සම්‍යක් සංකල්ප යැ, සම්‍යග්වචන යැ, සම්‍යක්කර්‍මාන්ත යැ, සම්‍යගාජීව යැ, සම්‍යග්ව්‍යායාම යැ, සම්‍යක්ස්මෘති යැ, සම්‍යක්සමාධි යි.
Pali BJTතත්ථ කතමා සම්මාදිට්ඨි: ඉධ භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං -පෙ- සම්මාසඞ්කප්පං භාවෙති -පෙ- සම්මාවාචං භාවෙති -පෙ- සම්මාකම්මන්තං භාවෙති -පෙ- සම්මාආජීවං භාවෙති -පෙ- සම්මාවායාමං භාවෙති -පෙ- සම්මාසතිං භාවෙති -පෙ- සම්මාසමාධිං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං.
Sinhala BJTඑහි සම්‍යග්දෘෂ්ටි කවරෙ යත්: මෙ සස්නෙහි මහණ විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට පිරිනැමුණු සම්‍යග්දෘෂ්ටිය වඩයි ... සම්‍යක්සංකල්පය වඩයි ... සම්‍යග්වචනය වඩයි ... සම්‍යක්කර්‍මාන්තය වඩයි ... සම්‍යගාජීවය වඩයි ... සම්‍යග්ව්‍යායාමය වඩයි ... සම්‍යක්ස්මෘතිය වඩයි. විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට පිරිනැමුණු සම්‍යක්සමාධිය වඩයි.
Pali BJTසුත්තන්තභාජනියං.
Sinhala BJTසූත්‍රාන්තභාජනිය යි.
Pali BJT557. අට්ඨඞ්ගිකො මග්ගො: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි.
Sinhala BJT557. අෂ්ටාඞ්ගිකමාර්‍ගය වෙයි: සම්‍යග්දෘෂ්ටි යැ ... සම්‍යක්සමාධි යි.
Pali BJTතත්ථ කතමො අට්ඨඞ්ගිකො මග්ගො: ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපජම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං. තස්මිං සමයෙ අට්ඨඞ්ගිකො මග්ගො හොති: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි.
Sinhala BJTඑහි අෂ්ටාඞ්ගිකමාර්‍ගය කවරෙ යත්: මෙ සස්නෙහි මහණ තෙම යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ, අපචය ගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැ මැ ... දුඃඛප්‍රතිපදා ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙයි. එසමයෙහි අෂ්ටාඞ්ගිකමාර්‍ගය වෙයි. සම්‍යග්දෘෂ්ටි යැ ... සම්‍යක්සමාධි යි.
Pali BJTතත්ථ කතමා සම්මාදිට්ඨි: යා ඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං වුච්චති සම්මාදිට්ඨි.
Sinhala BJTඑහි සම්‍යග්දෘෂ්ටිය කවර යත්: මාර්‍ගාඞ්ග වූ, මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ප්‍රඥායෙක්, පජානනාකාරයෙක් ... අමෝහයෙක්, ධර්‍මවිචයෙක්, සම්‍යග්දෘෂ්ටියක්, ධර්‍මවිචය සම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ සම්‍යග්දෘෂ්ටි යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො සම්මා සඞ්කප්පො: යො තක්කො විතක්කො සඞ්කප්පො අප්පනා ව්යප්පනා චෙතසො අභිනිරොපනා සම්මාසඞ්කප්පො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං වුච්චති සම්මාසඞ්කප්පො.
Sinhala BJTඑහි සම්‍යක්සංකල්පය කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ, මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් තර්‍කයෙක්, විතර්‍කයෙක්, සංකල්පයෙක්, අර්‍පණායෙක්, බලවත් අර්‍පණායෙක්, අරමුණෙහි සිත පිහිටුවීමෙක් සම්‍යක්සංකල්පයෙක් වේ ද, මේ ‘සම්‍යක්සංකල්ප’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා සම්මාවාචා: යා චතූහි වචීදුච්චරිතෙහි ආරති විරති පටිවිරති වෙරමණී අකිරියා අකරණං අනජ්ඣාපත්ති වෙලාඅනතික්කමො සෙතුඝාතො සම්මාවාචා මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං වුච්චති සම්මාවාචා.
Sinhala BJTඑහි සම්‍යග්වචනය කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ, මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් චතුර්විධ වාග්දුශ්චරිතයෙන් වෙන්වීමෙක්, විරතියෙක්, පටිවිරතියෙක්, විරමණයෙක්, අක්‍රියායෙක්, අකරණයෙක්, නො පැමිණීමෙක්, සීමාඅනතික්‍රමණයෙක්, ප්‍රත්‍යය නැසීමෙක්, සම්‍යග්වචනයෙක් වේ ද, මේ ‘සම්‍යග්වචන’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො සම්මාකම්මන්තො: යා තීහි කායදුච්චරිතෙහි ආරති විරති පටිවිරති වෙරමණී අකිරියා අකරණං අනජ්ඣාපත්ති වෙලාඅනතික්කමො සෙතුඝාතෙ සම්මාකම්මන්තො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං වුච්චති සම්මාකම්මන්තො.
Sinhala BJT[missing trans]
Pali BJTතත්ථ කතමො සම්මාආජීවො: යා මිච්ඡාආජීවා ආරති විරති පටිවිරති වෙරමණී අකිරියා අකරණං අනජ්ඣාපත්ති වෙලාඅනතික්කමො සෙතුඝාතො සම්මාආජීවො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං වුච්චති සම්මාආජීවො.
Sinhala BJTඑහි සම්‍යගාජීවය කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ, මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් මිථ්‍යාආජීවයෙන් වෙන් වීමෙක්, විරතියෙක්, පටිවිරතියෙක්, විරමණයෙක්, අක්‍රියායෙක්, අකරණයෙක්, නො පැමිණීමෙක්, සීමාඅනතික්‍රමණයෙක්, ප්‍රත්‍යය නැසීමෙක්, සම්‍යගාජීවයෙක්වේ ද, මේ ‘සම්‍යගාජීව’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො සම්මාවායාමො: යො චෙතසිකො විරියාරම්භො -පෙ- සම්මා වායාමො විරියසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං වුච්චති සම්මාවායාමො.
Sinhala BJTඑහි සම්‍යග්ව්‍යායාමය කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ, මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් … සම්‍යග්ව්‍යායාමයෙක් වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්‍යග්ව්‍යායාම’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා සම්මාසති: යා සති අනුස්සති -පෙ- සම්මාසති සතිසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං වුච්චති සම්මා සති.
Sinhala BJTඑහි සම්‍යක්ස්මෘතිය කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ, මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ස්මෘතියක්, අනුස්මෘතියක් ... සම්‍යක්ස්මෘතියක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්‍යක්ස්මෘති’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො සම්මාසමාධි: යා චිත්තස්ස ඨිති -පෙ- සම්මාසමාධි සමාධිසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං වුච්චති සම්මා සමාධි. අයං වුච්චති අට්ඨඞ්ගිකො මග්ගො. අවසෙසා ධම්මා අට්ඨඞ්ගිකෙන මග්ගෙන සම්පයුත්තා.
Sinhala BJTඑහි සම්‍යක්සමාධි කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ, මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ස්ථිතියක්, චිත්තයාගේ … සම්‍යග්සමාධියෙක් සමාධිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්‍යක්සමාධි’ යි කියනු ලැබේ. මේ ‘අෂ්ටාඞ්ගමාර්‍ග’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ අෂ්ටාඞ්ගමාර්‍ගය හා සම්ප්‍රයුක්තයෝ යි.
Pali BJT558. පඤ්චඞ්ගිකො මග්ගො: සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පො සම්මා වායාමො සම්මාසති සම්මාසමාධි.
Sinhala BJT558. පඤ්චාඞ්ගිකමාර්‍ගය වෙයි: සම්‍යග්දෘෂ්ටි ය, සම්‍යක්සඞ්කල්ප ය, සම්‍යග්ව්‍යායාම ය, සම්‍යක්ස්මෘති ය, සම්‍යක්සමාධි යි.
Pali BJTතත්ථ කතමො පඤ්චඞ්ගිකො මග්ගො: ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං. තස්මිං සමයෙ පඤ්චඞ්ගිකො මග්ගො හොති: සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පො සම්මා වායාමො සම්මාසති සම්මාසමාධි.
Sinhala BJTඑහි පඤ්චාඞ්ගිකමාර්‍ගය කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථම භූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන්ව මැ ... දුඃඛප්‍රතිපදා ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එකල පංචාඞ්ගිකමාර්‍ගය වෙයි: සම්‍යග්දෘෂ්ටි ය, සම්‍යක් සංකල්ප ය, සම්‍යග්ව්‍යායාම ය, සම්‍යක්ස්මෘති ය, සම්‍යක්සමාධි යි.
Pali BJTතත්ථ කතමා සම්මාදිට්ඨි: යා පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං වුච්චති සම්මාදිට්ඨි.
Sinhala BJTඑහි සම්‍යග්දෘෂ්ටිය කවර යත්: මාර්‍ගාඞ්ග වූ යම් ප්‍රඥාවක්, පජානනාකාරයෙක් ... අමෝහයෙක්, ධර්‍මවිචයෙක්, සම්‍යග්දෘෂ්ටියක්, ධර්‍මවිචය සම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්‍යග්දෘෂ්ටි’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො සම්මාසඞ්කප්පො: යො තක්කො විතක්කො -පෙ- සම්මාසඞ්කප්පො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං වුච්චති සම්මාසඞ්කප්පො.
Sinhala BJTඑහි සම්‍යක්සංකල්පය කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ, මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් තර්‍කයෙක් විතර්‍කයෙක් ... සම්‍යක්සංකල්පයෙක් වේ ද, මේ ‘සම්‍යක්සංකල්ප’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො සම්මාවායාමො: යො චෙතසිකො විරියාරම්භො -පෙ- සම්මාවායාමො විරියසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං වුච්චති සම්මාවායාමො.
Sinhala BJTඑහි සම්‍යග්ව්‍යායාමය කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ, මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් ... සම්‍යග්ව්‍යායාමයෙක්, වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්‍යග්ව්‍යායාම’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා සම්මාසති: යා සති අනුස්සති -පෙ- සම්මාසති සතිසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං වුච්චති සම්මාසති.
Sinhala BJTඑහි සම්‍යක්ස්මෘතිය කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ, මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ස්මෘතියක්, අනුස්මෘතියක් ... සම්‍යක්ස්මෘතියක්, ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්‍යක්ස්මෘති’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා සම්මාසමාධි: යා චිත්තස්ස ඨිති -පෙ- සම්මාසමාධි සමාධිසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං වුච්චති සම්මාසමාධි. අයං වුච්චති පඤ්චඞ්ගිකො මග්ගො. අවසෙසා ධම්මා පඤ්චඞ්ගිකෙන මග්ගෙන සම්පයුත්තා.
Sinhala BJTඑහි සම්‍යක්සමාධිය කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ, මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ චිත්තයාගේ ස්ථිතියක් ... සම්‍යක්සමාධියෙක්, සමාධිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්‍යක්සමාධි’ යි කියනු ලැබේ. මේ පඤ්චාඞ්ගිකමාර්‍ග යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ පඤ්චාඞ්ගිකමාර්‍ගය හා සම්ප්‍රයුක්තයෝ යි.
Pali BJT559. පඤ්චඞ්ගිකො මග්ගො: සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පො සම්මා වායාමො සම්මාසති සම්මාසමාධි.
Sinhala BJT559. පඤ්චාඞ්ගිකමාර්‍ගය වෙයි: සම්‍යග්දෘෂ්ටි ය, සම්‍යක්සංකල්ප ය, සම්‍යග්ව්‍යායාම ය, සම්‍යක්ස්මෘති ය, සම්‍යක්සමාධි යි.
Pali BJTතත්ථ කතමා සම්මාදිට්ඨි: ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං. යා තස්මිං සමයෙ පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි ධම්මවිචය සම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං වුච්චති සම්මාදිට්ඨි. අවසෙසා ධම්මා සම්මාදිට්ඨියා සම්පයුත්තා -පෙ- අවසෙසා ධම්මා සම්මාසඞ්කප්පෙන සම්පයුත්තා -පෙ- අවසෙසා ධම්මා සම්මාවායාමෙන සම්පයුත්තා -පෙ- අවසෙසා ධම්මා සම්මාසතියා සම්පයුත්තා.
Sinhala BJTඑහි සම්‍යග්දෘෂ්ටිය කවර යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන්ව මැ ... දුඃඛප්‍රතිපදා ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එකල මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ප්‍රඥාවක් පජානනාකාරයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් ධර්‍මවිචය සම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ සම්‍යග්දෘෂ්ටියි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ සම්‍යග්දෘෂ්ටිය හා සම්ප්‍රයුක්තයෝ යි. ... අවශේෂධර්‍මයෝ සම්‍යග්සංකල්පය හා සම්ප්‍රයුක්තයෝ යි. ... අවශේෂධර්‍මයෝ සම්‍යග්ව්‍යායායමය හා සම්ප්‍රයුක්තයෝ යි. ... අවශේෂධර්‍මයෝ සම්‍යක්ස්මෘතිය හා සම්ප්‍රයුක්තයෝ යි.
Pali BJTතත්ථ කතමො සම්මාසමාධි: ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං. යා තස්මිං සමයෙ චිත්තස්ස ඨිති -පෙ- සම්මාසමාධි සමාධිසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං වුච්චති සම්මාසමාධි, අවසෙසා ධම්මා සම්මා සමාධිනා සම්පයුත්තා.
Sinhala BJTඑහි සම්‍යක්සමාධිය කවර යත්: මෙ සස්නෙහි මහණ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන්ව මැ ... දුඃඛප්‍රතිපදා ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එකල මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ චිත්තයාගේ යම් ස්මෘතියක් ... සම්‍යක්සමාධියෙක් සමාධිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්‍යග්දෘෂ්ටියි’ කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ සම්‍යක්සමාධිය හා සම්ප්‍රයුක්තයෝ යි.
Pali BJT560. අට්ඨඞ්ගිකො මග්ගො: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි.
Sinhala BJT560. අෂ්ටාඞ්ගිකමාර්‍ග වෙයි: සම්‍යග්දෘෂ්ටිය ... සම්‍යක්සමාධියි.
Pali BJTතත්ථ කතමො අට්ඨඞ්ගිකො මග්ගො: ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං. තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති, ඉමෙ ධම්මා කුසලා. තස්සෙ’ව ලොකුත්තරස්ස කුසලස්ස ඣානස්ස කතත්තා භාවිතත්තා විපාකං විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං සුඤ්ඤතං. තස්මිං සමයෙ අට්ඨඞ්ගිකො මග්ගො හොති: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. අයං වුච්චති අට්ඨඞ්ගිකො මග්ගො. අවසෙසා ධම්මා අට්ඨඞ්ගිකෙන මග්ගෙන සම්පයුත්තා.
Sinhala BJTඑහි අෂ්ටාඞ්ගිකමාර්‍ගය කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන්ව මැ ... දුඃඛප්‍රතිපදා ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එකල ස්පර්‍ශය වෙයි. ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ ය. එම ලෝකෝත්තරකුශලධ්‍යානය කළ බැවින්, වැඩූ බැවින් කාමයන්ගෙන් වෙන් ව මැ ... ශුන්‍යත වූ දුඃඛප්‍රතිපදා ඇති දන්‍ධාභිඥ වූ විපාක ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එකල අෂ්ටාඞ්ගිකමාර්‍ගය වෙයි: සම්‍යග්දෘෂ්ටිය ... සම්‍යක්සමාධි යි. ‘මේ අෂ්ටාඞ්ගිකමාර්‍ග’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ අෂ්ටාඞ්ගිකමාර්‍ගය හා සම්ප්‍රයුක්තයෝ යි.
Pali BJT561. පඤ්චඞ්ගිකො මග්ගො: සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පො සම්මා වායාමො සම්මාසති සම්මාසමාධි.
Sinhala BJT561. පඤ්චාඞ්ගිකමාර්‍ගය වෙයි: සම්‍යග්දෘෂ්ටි ය, සම්‍යක්සංකල්ප ය, සම්‍යග්ව්‍යායාම ය, සම්‍යක්ස්මෘති ය, සම්‍යක්සමාධි යි.
Pali BJTතත්ථ කතමො පඤ්චඞ්ගිකො මග්ගො: ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං. තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති, ඉමෙ ධම්මා කුසලා. තස්සෙ’ව ලොකුත්තරස්ස කුසලස්ස ඣානස්ස කතත්තා භාවිතත්තා විපාකං විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛා පටිපදං දන්ධාභිඤ්ඤං සුඤ්ඤතං. තස්මිං සමයෙ පඤ්චඞ්ගිකො මග්ගො හොති: සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පො සම්මාවායාමො සම්මා සති සම්මාසමාධි. අයං වුච්චති පඤ්චඞ්ගිකො මග්ගො. අවසෙසා ධම්මා පඤ්චඞ්ගිකෙන මග්ගෙන සම්පයුත්තා.
Sinhala BJTඑහි පඤ්චාඞ්ගිකමාර්‍ගය කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන්ව මැ ... දුඃඛප්‍රතිපදා ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එකල ස්පර්‍ශය වෙයි. ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ ය. එම ලෝකෝත්තරකුශලධ්‍යානය කළ බැවින්, වැඩූ බැවින් කාමයන්ගෙන් වෙන් ව මැ ... ශුන්‍යත වූ දුඃඛප්‍රතිපදා ඇති දන්‍ධාභිඥ වූ විපාක ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එකල පඤ්චාඞ්ගිකමාර්‍ගය වෙයි. සම්‍යග්දෘෂ්ටිය, සම්‍යක්සංකල්ප ය, සම්‍යග්ව්‍යායාම ය, සම්‍යක්ස්මෘති ය, සම්‍යක්සමාධි ය යි. මේ ‘පඤ්චාඞ්ගිකමාර්‍ග’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ පඤ්චාඞ්ගිකමාර්‍ගය හා සම්ප්‍රයුක්තයෝ යි.
Pali BJT562. පඤ්චඞ්ගිකො මග්ගො: සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පො සම්මා වායාමො සම්මාසති සම්මාසමාධි.
Sinhala BJT562. පඤ්චාඞ්ගිකමාර්‍ගය වෙයි: සම්‍යග්දෘෂ්ටි ය, සම්‍යක්සංකල්ප ය, සම්‍යග්ව්‍යායාම ය, සම්‍යක්ස්මෘති ය, සම්‍යක්සමාධි යි.
Pali BJTතත්ථ කතමා සම්මාදිට්ඨි: ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං. යා තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති, ඉමෙ ධම්මා කුසලා. තස්සෙ’ව ලොකුත්තරස්ස කුසලස්ස ඣානස්ස කතත්තා භාවිතත්තා විපාකං විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපජසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං සුඤ්ඤතං. යා තස්මිං සමයෙ පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං වුච්චති සම්මාදිට්ඨි. අවසෙසා ධම්මා සම්මාදිට්ඨියා සම්පයුත්තා -පෙ- අවසෙසා ධම්මා සම්මාසඞ්කප්පෙන සම්පයුත්තා -පෙ- අවසෙසා ධම්මා සම්මාවායාමෙන සම්පයුත්තා -පෙ- අවසෙසා ධම්මා සම්මාසතියා සම්පයුත්තා.
Sinhala BJTඑහි සම්‍යග්දෘෂ්ටිය කවර යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව මැ ... දුඃඛප්‍රතිපදා ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එකල ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ ය. එම ලෝකෝත්තරකුශලධ්‍යානය කළ බැවින්, වැඩූ බැවින්, කාමයන්ගෙන් වෙන්ව මැ ... දුඃඛප්‍රතිපදා ඇති දන්‍ධාභිඥ වූ ශුන්‍යත වූ විපාක ප්‍රථම ධ්‍යානයට පැමිණ වෙසේ ද, එකල මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ප්‍රඥාවක් පජානනාකාරයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් ධර්‍මවිචය සම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්‍යග්දෘෂ්ටි’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ සම්‍යග්දෘෂ්ටිය හා සම්ප්‍රයුක්තයෝ යි. ... අවශේෂධර්‍මයෝ සම්‍යග්සංකල්පය හා සම්ප්‍රයුක්තයෝ යි. ... අවශේෂධර්‍මයෝ සම්‍යග්ව්‍යායායමය හා සම්ප්‍රයුක්තයෝ යි. ... අවශේෂධර්‍මයෝ සම්‍යක්ස්මෘතිය හා සම්ප්‍රයුක්තයෝ යි.
Pali BJTතත්ථ කතමො සම්මාසමාධි: ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං. තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති, ඉමෙ ධම්මා කුසලා. තස්සෙ’ව ලොකුත්තරස්ස කුසලස්ස ඣානස්ස කතත්තා භාවිතත්තා විපාකං විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛා පටිපදං දන්ධාභිඤ්ඤං සුඤ්ඤතං. යා තස්මිං සමයෙ චිත්තස්ස ඨිති සණ්ඨිති අවට්ඨිති අවිසාහාරො අවික්ඛෙපො අවිසාහටමානසතා සමථො සමාධින්ද්රියං සමාධිබලං සම්මාසමාධි සමාධිසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං වුච්චති සම්මාසමාධි. අවසෙසා ධම්මා සම්මාසමාධිනා සම්පයුත්තා.
Sinhala BJTඑහි සම්‍යක්සමාධිය කවරෙ යත්: මෙ සස්නෙහි මහණ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව මැ ... දුඃඛප්‍රතිපදා ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එකල ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ ය. එම ලෝකෝත්තරකුශලධ්‍යානය කළ බැවින්, වැඩූ බැවින්, කාමයන්ගෙන් වෙන් ව මැ ... දුඃඛප්‍රතිපදා ඇති, දන්‍ධාභිඥ වූ, ශුන්‍යත වූ, විපාක ප්‍රථම ධ්‍යානයට පැමිණ වෙසේ ද, එකල මාර්‍ගාඞ්ග වූ, මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ, යම් චිත්තයාගේ සිටීමෙක්, මොනොවට සිටීමෙක්, අරමුණෙහි බැසගෙන සිටීමෙක්, නො විසිරීමෙක්, අවික්‍ෂේපයෙක්, නො විසුළ සිත ඇතිබවෙක්, ශමථයෙක්, සමාධීන්‍ද්‍රියයෙක්, සමාධිබලයෙක්, සම්‍යක්සමාධියෙක්, සමාධිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්‍යක්සමාධි’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ සම්‍යක්සමාධිය හා සම්ප්‍රයුක්තයෝ යි.
Pali BJTඅභිධම්මභාජනීයං.
Sinhala BJTඅභිධර්‍මභාජනිය යි.
Pali BJT563. අරියො අට්ඨඞ්ගිකො මග්ගො, සෙය්යථීදං: සම්මාදිට්ඨි සම්මා සඞ්කප්පො සම්මාවාචා සම්මාකම්මන්තො සම්මාආජීවො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධි.
Sinhala BJT563. ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය වෙයි, ඒ මෙසේ ය: සම්‍යග්දෘෂ්ටි ය, සම්‍යක් සංකල්ප ය, සම්‍යග්වචන ය, සම්‍යක්කර්‍මාන්ත ය, සම්‍යගාජීව ය, සම්‍යග්ව්‍යායාම ය, සම්‍යක්ස්මෘති ය, සම්‍යක්සමාධි යි.
Pali BJT564. අට්ඨන්නං මග්ගඞ්ගානං කති කුසලා, කති අකුසලා, කති අව්යාකතා -පෙ- කති සරණා, කති අරණා:
Sinhala BJT564. අෂ්ටමාර්‍ගාඞ්ගයන් අතුරෙහි කුශලයෝ කෙතෙක් ද, අකුශලයෝ කෙතෙක් ද, අව්‍යාකෘතයෝ කෙතෙක් ද, සරණයෝ කෙතෙක් ද, ... අරණයෝ කෙතෙක් ද යත්:
Pali BJT565 සියා කුසලා, සියා අව්යාකතා.
Sinhala BJT565. (අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) කුශල ද වන්නාහ, අව්‍යාකෘත ද වන්නාහුය.
Pali BJTසම්මාසඞ්කප්පො සුඛාය වෙදනාය සම්පයුත්තො. සත්ත මග්ගඞ්ගා සියා සුඛාය වෙදනාය සම්පයුත්තා, සියා අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තා.
Sinhala BJTසම්‍යක්සංකල්පය සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වූයේ වෙයි. සප්තමාර්‍ගඞ්ගයෝ සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නාහ. උපේක්‍ෂාවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නාහු ය.
Pali BJTසියා විපාකා, සියා විපාකධම්මධම්මා.
Sinhala BJT(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) විපාක ද වන්නාහ, විපාකස්වභාවධර්‍ම ද වන්නාහු ය.
Pali BJTඅනුපාදින්නානුපාදානියා.
Sinhala BJT(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) අනුපාදින්නඅනුපාදානියයෝ ය.
Pali BJTඅසංකිලිට්ඨසංකිලෙසිකා.
Sinhala BJT(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) අසංක්ලිෂ්ටසාංක්ලේශිකයෝ ය.
Pali BJTසම්මාසඞ්කප්පො අවිතක්කවිචාරමත්තො. සත්ත මග්ගඞ්ගා සියා සවිතක්කසවිචාරා, සියා අවිතක්කවිචාරමත්තා, සියා අවිතක්කඅවිචාරා.
Sinhala BJTසම්‍යක්සංකල්පය අවිතර්‍කවිචාරමාත්‍ර වෙයි. සප්තමාර්‍ගාඞ්ගයෝ සවිතර්‍කසවිචාර ද වන්නාහ, අවිතර්‍කවිචාරමාත්‍ර ද වන්නාහ, අවිතර්‍කඅවිචාර ද වන්නාහු ය.
Pali BJTසම්මාසඞ්කප්පො පීතිසහගතො සුඛසහගතො න උපෙක්ඛා සහගතො. සත්ත මග්ගඞ්ගා සියා පීතිසහගතා, සියා සුඛසහගතා, සියා උපෙක්ඛාසහගතා.
Sinhala BJTසම්‍යක්සංකල්පය ප්‍රීතිසහගත වෙයි, සුඛසහගත වෙයි, උපේක්‍ෂාසහගත නො වේ. සප්තමාර්‍ගාඞ්ගයෝ ප්‍රීතිසහගත ද වන්නාහ, සුඛසහගත ද වන්නාහ, උපේක්‍ෂාසහගත ද වන්නාහු ය.
Pali BJTනෙවදස්සනෙන න භාවනාය පහාතබ්බා.
Sinhala BJT(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ ය.
Pali BJTනෙවදස්සනෙන න භාවනාය පහාතබ්බහෙතුකා.
Sinhala BJT(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) නො ම දර්‍ශනයෙන් නොද භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු ය.
Pali BJTසියා අපචයගාමිනො. සියා නෙවාචයගාමි නාපචයගාමිනො.
Sinhala BJT(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) අපචයගාමී ද වන්නාහ, නො ම ආචයගාමී නො ද අපචයගාමී ද වන්නාහු ය.