Vibhaṅga

Analysis

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 2501-2600 න් 4235

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTනො උපාදා.
Sinhala BJT(සතර ඍද්ධිපාදයෝ) උපාදා නො වෙත්.
Pali BJTඅනුපාදින්නා.
Sinhala BJT(සතර ඍද්ධිපාදයෝ) අනුපාදින්නයෝ යි.
Pali BJT531. නො උපාදානා -පෙ- නො කිලෙසා -පෙ-
Sinhala BJT531. (සතර ඍද්ධිපාදයෝ) උපාදානයෝ නො වෙති. ... (සතර ඍද්ධිපාදයෝ) ක්ලේශයෝ නො වෙත්. …
Pali BJT532. න දස්සනෙන පහාතබ්බා.
Sinhala BJT532. (සතර ඍද්ධිපාදයෝ) දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යයෝ නො වෙත්.
Pali BJTන භාවනාය පහාතබ්බා.
Sinhala BJT(සතර ඍද්ධිපාදයෝ) භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ නො වෙත්.
Pali BJTන දස්සනෙන පහාතබ්බහෙතුකා.
Sinhala BJT(සතර ඍද්ධිපාදයෝ) දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු නො වෙත්.
Pali BJTන භාවනාය පහාතබ්බහෙතුකා.
Sinhala BJT(සතර ඍද්ධිපාදයෝ) භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු නො වෙත්.
Pali BJTසියා සවිතක්කා, සියා අවිතක්කා.
Sinhala BJT(සතර ඍද්ධිපාදයෝ) සවිතර්‍ක ද වන්නාහ, අවිතර්‍ක ද වන්නාහු ය.
Pali BJTසියා සවිචාරා, සියා අවිචාරා.
Sinhala BJT(සතර ඍද්ධිපාදයෝ) සවිචාර ද වන්නාහ, අවිචාර ද වන්නාහු ය.
Pali BJTසියා සප්පීතිකා, සියා අප්පීතිකා.
Sinhala BJT(සතර ඍද්ධිපාදයෝ) සප්‍රීතික ද වන්නාහ, අප්‍රීතික ද වන්නාහු ය.
Pali BJTසියා පීතිසහගතා, සියා න පීතිසහගතා.
Sinhala BJT(සතර ඍද්ධිපාදයෝ) ප්‍රීතිසහගත ද වන්නාහ, ප්‍රීතිසහගත නො ද වන්නාහු ය.
Pali BJTසියා සුඛසහගතා, සියා න සුඛසහගතා.
Sinhala BJT(සතර ඍද්ධිපාදයෝ) සුඛසහගත ද වන්නාහ, සුඛසහගත නො ද වන්නාහු ය.
Pali BJTසියා උපෙක්ඛාසහගතා; සියා න උපෙක්ඛාසහගතා.
Sinhala BJT(සතර ඍද්ධිපාදයෝ) උපේක්‍ෂාසහගත ද වන්නාහ, උපේක්‍ෂාසහගත නො ද වන්නාහු ය.
Pali BJTන කාමාවචරා.
Sinhala BJT(සතර ඍද්ධිපාදයෝ) කාමාවචරයෝ නො වෙත්.
Pali BJTන රූපාවචරා.
Sinhala BJT(සතර ඍද්ධිපාදයෝ) රූපාවචරයෝ නො වෙත්.
Pali BJTන අරූපාවචරා.
Sinhala BJT(සතර ඍද්ධිපාදයෝ) අරූපාවචරයෝ නො වෙත්.
Pali BJTඅපරියාපන්නා.
Sinhala BJT(සතර ඍද්ධිපාදයෝ) අපරියාපන්නයෝ ය.
Pali BJTනිය්යානිකා.
Sinhala BJT(සතර ඍද්ධිපාදයෝ) නෛර්‍ය්‍යාණිකයෝ ය.
Pali BJTනියතා.
Sinhala BJT(සතර ඍද්ධිපාදයෝ) නියතයෝ ය.
Pali BJTඅනුත්තරා.
Sinhala BJT(සතර ඍද්ධිපාදයෝ) අනුත්තරයෝ ය.
Pali BJTඅරණාති.
Sinhala BJT(සතර ඍද්ධිපාදයෝ) අරණයෝ යි.
Pali BJTපඤ්හපුච්ඡකං.
Sinhala BJTපඤ්හපුච්ඡක යි.
Pali BJTඉද්ධිපාදවිභඞ්ගො නිට්ඨිතො
Sinhala BJTඉද්ධිපාදවිහඞ්ග නිමි.
Pali BJTඅභිධම්මපිටකෙ
Sinhala BJTඅභිධර්‍මපිටකයෙහි
Pali BJTවිභඞ්ගප්පකරණං
Sinhala BJTවිභඞ්ග පෙළ
Pali BJTදුතියො භාගො
Sinhala BJTද්විතීය භාගය
Pali BJTනමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස
Sinhala BJTඒ භගවත් අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
Pali BJT10. බොජ්ඣඞ්ගවිභඞ්ගො
Sinhala BJT10. බෝධ්‍යඞ්ග විභඞ්ගය
Pali BJT533. සත්ත බොජ්ඣඞ්ගා: සතිසම්බොජ්ඣඞ්ගො ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො විරියසම්බොජ්ඣඞ්ගො පීතිසම්බොජ්ඣඞ්ගො පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො සමාධිසම්බොජ්ඣඞ්ගො උපෙක්ඛා{1}සම්බොජ්ඣඞ්ගො.
Sinhala BJT533. බෝධ්‍යඞ්ගයෝ සත්දෙනෙකි: ස්මෘතිසම්බොධ්‍යඞ්ග යැ ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ග යැ වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ග යැ ප්‍රීතිසම්බෝධ්‍යඞ්ග යැ ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ග යැ සමාධිසම්බොධ්‍යඞ්ග යැ උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග යි.
Pali BJT534. තත්ථ කතමො සතිසම්බොජ්ඣඞ්ගො: ඉධ භික්ඛු සතිමා හොති පරමෙන සතිනෙපක්කෙන සමන්නාගතො චිරකතම්පි චිරභාසිතම්පි සරිතා{2} අනුස්සරිතා, අයං වුච්චති සතිසම්බොජ්ඣඞ්ගො.
Sinhala BJT534. එහි ස්මෘතිසම්බොධ්‍යඞ්ගය කවරෙ යත්: මෙ සස්නෙහි මහණ සිහි ඇත්තේ උතුම් සිහිනුවණින් යුක්ත වූයේ බොහෝ කලකින් පෙර කරන ලද්ද ද බොහෝ කලකින් පෙර කියන ලද්ද ද සිහිකරන්නේ පුනපුනා සිහිකරන්නේ වෙයි. මේ ‘ස්මෘතිසම්බොධ්‍යඞ්ග’ යි කියනු ලැබේ.
Pali BJTසො තථා සතො විහරන්තො තං ධම්මං පඤ්ඤාය විචිනති පවිචිනති{3} පවිචරති. පරිවීමංසමාපජ්ජති, අයං වුච්චති ධම්මවිචය සම්බොජ්ඣඞ්ගො.
Sinhala BJTඑසේ ඒ මහණ සිහි ඇති ව වසන්නේ ඒ ධර්‍මය නුවණින් විමසයි. වෙසෙසින් විමසයි, ප්‍රඥාව හසුරුවයි, විමසීමට පැමිණෙයි. මේ ‘ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ග’ යි කියනු ලැබේ.
Pali BJTතස්ස තං ධම්මං පඤ්ඤාය විචිනතො පවිචිනතො පවිචරතො පරිවීමංසමාපජ්ජතො ආරද්ධං හොති විරියං අසල්ලීනං, අයං වුච්චති විරියසම්බොජ්ඣඞ්ගො.
Sinhala BJTඒ ධර්‍මය නුවණින් විමසන වෙසෙසින් විමසන නුවණින් හසුරුවන විමසීමට පැමිණෙන ඒ මහණහු විසින් වීර්‍ය්‍යය ආරබ්ධ වෙයි, එහෙයින් ම නො හැකුළුණේ වෙයි. මේ ‘වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ග’ යි කියනු ලැබේ.
Pali BJTආරද්ධවිරියස්ස{4} උප්පජ්ජති පීති නිරාමිසා, අයං වුච්චති පීතිසම්බොජ්ඣඞ්ගො.
Sinhala BJTපටන්ගන්නා ලද වීර්‍ය්‍ය ඇත්තහුට පරිශුද්ධ වූ ප්‍රීතිය උපදී. මේ ‘ප්‍රීතිසම්බෝධ්‍යඞ්ග’ යි කියනු ලැබේ.
Pali BJTපීතිමනස්ස කායො’පි පස්සම්භති චිත්තම්පි පස්සම්භති, අයං වුච්චති පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො.
Sinhala BJTප්‍රීතිසම්ප්‍රයුක්ත සිත් ඇත්තනුගේ නාමකය ද සන්හිඳෙයි, සිත ද සන්හිඳෙයි. මේ ‘ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ග’ යි කියනු ලැබේ.
Pali BJTපස්සද්ධකායස්ස සුඛිනො චිත්තං සමාධියති, අයං වුච්චති සමාධි සම්බොජ්ඣඞ්ගො.
Sinhala BJTසන්හුන්කය ඇති එහෙයින් මැ උපන් සුව ඇත්තනුගේ සිත (අරමුණෙහි) සමාහිත වෙයි. මේ ‘සමාධිසම්බොධ්‍යඞ්ග’ යි කියනු ලැබේ.
Pali BJTසො තථා සමාහිතං චිත්තං සාධුකං අජ්ඣුපෙක්ඛිතා හොති, අයං වුච්චති උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො.
Sinhala BJTහෙතෙම එසෙයින් සමාහිත වූ සිත මොනොවට උපේක්‍ෂා කරන්නේ වෙයි. මේ ‘උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග’ යි කියනු ලැබේ.
Pali BJT535. සත්ත බොජ්ඣඞ්ගා: සතිසම්බොජ්ඣඞ්ගො ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො විරියසම්බොජ්ඣඞ්ගො පීතිසම්බොජ්ඣඞ්ගො පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො සමාධිසම්බොජ්ඣඞ්ගො උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො.
Sinhala BJT535. බෝධ්‍යඞ්ගයෝ සත්දෙනෙකි: ස්මෘතිසම්බොධ්‍යඞ්ග යැ ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ග යැ වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ග යැ ප්‍රීතිසම්බෝධ්‍යඞ්ග යැ ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ග යැ සමාධිසම්බොධ්‍යඞ්ග යැ උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග යි.
Pali BJT536. තත්ථ කතමො සතිසම්බොජ්ඣඞ්ගො: අත්ථි අජ්ඣත්තං ධම්මෙසු සති, අත්ථි බහිද්ධා ධම්මෙසු සති. යද’පි අජ්ඣත්තං ධම්මෙසු{1} සති තද’පි සතිසම්බොජ්ඣඞ්ගො අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති, යද’පි බහිද්ධා ධම්මෙසු සති තද’පි සතිසම්බොජ්ඣඞ්ගො අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති.
Sinhala BJT536. එහි ස්මෘතිසම්බොධ්‍යඞ්ගය කවරෙ යත්: අධ්‍යාත්ම (සංස්කාර) ධර්‍මයන්හි ස්මෘතියෙක් ඇත, බාහිරධර්‍මයන්හි ස්මෘතියෙක් ඇත, අධ්‍යාත්මධර්‍මයන්හි යම් ස්මෘතියෙක් ඇද්ද ඒ ස්මෘතිය ද, ස්මෘති සම්බෝධ්‍යඞ්ග වූයේ අභිඥාව පිණිස මාර්‍ගය පිණිස නිර්‍වාණය පිණිස පවතී. බාහිරධර්‍මයන්හි යම් ස්මෘතියකුත් ඇද්ද ඒ ස්මෘතිය ද ස්මෘති සම්බෝධ්‍යඞ්ග වූයේ අභිඥාව පිණිස මාර්‍ගය පිණිස නිර්‍වාණය පිණිස පවතී.
Pali BJTතත්ථ කතමො ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො: අත්ථි අජ්ඣත්තං ධම්මෙසු පවිචයො, අත්ථි බහිද්ධා ධම්මෙසු පවිචයො. යද’පි අජ්ඣත්තං ධම්මෙසු පවිචයො තද’පි ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති, යද’පි බහිද්ධා ධම්මෙසු පවිචයො තද’පි ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති.
Sinhala BJTඑහි ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය කවරෙ යත්: අධ්‍යාත්මධර්‍මයන්හි විමසීමෙක් ඇත, බාහිරධර්‍මයන්හි විමසීමෙක් ඇත. අධ්‍යාත්මධර්‍මයන්හි යම් විමසීමෙකුත් ඇද්ද, හේ ද ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ග වූයේ අභිඥාව පිණිස මාර්‍ගය පිණිස නිර්‍වාණය පිණිස පවතී. බාහිරධර්‍මයන්හි යම් විමසීමෙකුත් ඇද්ද, හේ ද ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ග වූයේ අභිඥාව පිණිස මාර්‍ගය පිණිස නිර්‍වාණය පිණිස පවතී.
Pali BJTතත්ථ කතමො විරියසම්බොජ්ඣඞ්ගො: අත්ථි කායිකං විරියං, අත්ථි චෙතසිකං විරියං. යද’පි කායිකං විරියං තද’පි විරියසම්බොජ්ඣඞ්ගො අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති, යද’පි චෙතසිකං විරියං තද’පි විරියසම්බොජ්ඣඞ්ගො අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති.
Sinhala BJTඑහි වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගය කවරෙ යත්: කායිකවීර්‍ය්‍යයෙක් ඇත, වෛතසිකවීර්‍ය්‍යයෙක් ඇත. යම් කායිකවීර්‍ය්‍යයෙකුත් ඇද්ද, හේ ද වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ග වූයේ අභිඥාව පිණිස සම්බෝධය පිණිස නිර්‍වාණය පිණිස පවතී. යම් චෛතසිකවීර්‍ය්‍යයෙකුත් ඇද්ද, හේ ද වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ග වූයේ අභිඥාව පිණිස සම්බෝධය පිණිස නිර්‍වාණය පිණිස පවතී.
Pali BJTතත්ථ කතමො පීතිසම්බොජ්ඣඞ්ගො: අත්ථි සවිතක්කසවිචාරා පීති, අත්ථි අවිතක්කඅවිචාරා පීති. යද’පි සවිතක්කසවිචාරා පීති තද’පි පීති සම්බොජ්ඣඞ්ගො අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති. යද’පි අවිතක්කඅවිචාරා පීති තද’පි පීතිසම්බොජ්ඣඞ්ගො අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති.
Sinhala BJTඑහි ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය කවරෙ යත්: සවිතර්‍කසවිචාර ප්‍රීතියෙක් ඇත, අවිතර්‍ක අවිචාර ප්‍රීතියෙක් ඇත. යම් සවිතක්කසවිචාර ප්‍රීතියකුත් ඇද්ද හේ ද ප්‍රීතිසම්බෝධ්‍යඞ්ග වූයේ අභිඥාව පිණිස සම්බෝධය පිණිස නිර්‍වාණය පිණිස පවතී. යම් අවිතර්‍කඅවිචාර ප්‍රීතියකුත් ඇද්ද, හේ ද ප්‍රීතිසම්බෝධ්‍යඞ්ග වූයේ අභිඥාව පිණිස සම්බෝධය පිණිස නිර්‍වාණය පිණිස පවතී.
Pali BJTතත්ථ කතමො පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො: අත්ථි කායපස්සද්ධි අත්ථි චිත්තපස්සද්ධි. යද’පි කායපස්සද්ධි තද’පි පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති, යද’පි චිත්තපස්සද්ධි තද’පි පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති.
Sinhala BJTඑහි ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගය කවරෙ යත්: කායප්‍රශ්‍රබ්ධියෙක් (කයෙහි සන්හුන් බවෙක්) ඇත, චිත්තප්‍රශ්‍රබ්ධියෙක් (සිතෙහි සන්හුන් බවෙක්) ඇත. යම් කායප්‍රශ්‍රබ්ධියකුත් ඇද්ද, හේ ද ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ග වූයේ අභිඥාව පිණිස සම්බෝධය පිණිස නිර්‍වාණය පිණිස පවතී. යම් චිත්තප්‍රශ්‍රබ්ධියකුත් ඇද්ද, හේ ද ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ග වූයේ අභිඥාව පිණිස සම්බෝධය පිණිස නිර්‍වාණය පිණිස පවතී.
Pali BJTතත්ථ කතමො සමාධිසම්බොජ්ඣඞ්ගො: අත්ථි සවිතක්කසවිචාරො{2} සමාධි, අත්ථි අවිතක්කඅවිචාරො{3} සමාධි. යද’පි සවිතක්කසවිචාරො{2} සමාධි තද’පි සමාධිසම්බොජ්ඣඞ්ගො අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති, යද’පි අවිතක්කඅවිචාරො{3} සමාධි තද’පි සමාධිසම්බොජ්ඣඞ්ගො අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති.
Sinhala BJTඑහි සමාධිසම්බෝධ්‍යඞ්ගය කවරෙ යත්: සවිතර්‍කසවිචාරසමාධියෙක් ඇත අවිතර්‍කඅවිචාරසමාධියෙක් ඇත. යම් සවිතර්‍කසවිචාරසමාධියකුත් ඇද්ද, හේ ද සමාධිසම්බොධ්‍යඞ්ග වූයේ අභිඥාව පිණිස සම්බෝධය පිණිස නිර්‍වාණය පිණිස පවතී. යම් අවිතර්‍කඅවිචාරසමාධියකුත් ඇද්ද, හේ ද සමාධිසම්බොධ්‍යඞ්ග වූයේ අභිඥාව පිණිස සම්බෝධය පිණිස නිර්‍වාණය පිණිස පවතී.
Pali BJTතත්ථ කතමො උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො: අත්ථි අජ්ඣත්තං ධම්මෙසු උපෙක්ඛා, අත්ථි බහිද්ධා ධම්මෙසු උපෙක්ඛා. යද’පි අජ්ඣත්තං ධම්මෙසු උපෙක්ඛා තද’පි උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති, යද’පි බහිද්ධා ධම්මෙසු උපෙක්ඛා තද’පි උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති.
Sinhala BJTඑහි උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය කවරෙ යත්: අධ්‍යාත්මධර්‍මයන්හි උපේක්‍ෂාවක් ඇත, බාහිරධර්‍මයන්හි උපේක්‍ෂාවක් ඇත. අධ්‍යාත්මධර්‍මයන්හි යම් උපේක්‍ෂාවක් ඇද්ද, එ ද උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග වූයේ අභිඥාව පිණිස සම්බෝධය පිණිස නිර්‍වාණය පිණිස පවතී. බාහිරධර්‍මයන්හි යම් උපේක්‍ෂාවකුත් ඇද්ද, එ ද අභිඥාව පිණිස සම්බෝධය පිණිස නිර්‍වාණය පිණිස පවතී.
Pali BJT537. සත්ත බොජ්ඣඞ්ගා: සතිසම්බොජ්ඣඞ්ගො ධම්මෙවිචය සම්බොජ්ඣඞ්ගො විරියසම්බොජ්ඣඞ්ගො පීතිසම්බොජ්ඣඞ්ගො පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො සමාධිසම්බොජ්ඣඞ්ගො උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො.
Sinhala BJT537. බෝධ්‍යාඞ්ගයෝ සත්දෙනෙකි: ස්මෘතිසම්බොධ්‍යඞ්ග යැ ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ග යැ වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ග යැ, ප්‍රීතිසම්බෝධ්‍යඞ්ග යැ ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ග යැ සමාධිසම්බොධ්‍යඞ්ග යැ උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග යි.
Pali BJT538. තත්ථ කතමො සතිසම්බොජ්ඣඞ්ගො: ඉධ භික්ඛු සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං, ධම්මවිචයසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- විරියසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- පීතිසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- පස්සද්ධිසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- සමාධිසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං.
Sinhala BJT538. එහි ස්මෘතිසම්බොධ්‍යඞ්ගය කවරෙ යත්: මෙ සස්නෙහි මහණ තෙමේ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට පිරිනැමුණු ස්මෘතිසම්බොධ්‍යඞ්ගය වඩයි. ... ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය වඩයි. ... වීර්‍ය්‍යසම් බෝධ්‍යඞ්ගය වඩයි. ... ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය වඩයි. ... ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගය වඩයි. ... සමාධිසම්බෝධ්‍යඞ්ගය වඩයි, විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට පිරිනැමුණු උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය වඩයි.
Pali BJTසුත්තන්තභාජනියං.
Sinhala BJTසූත්‍රාන්තභාජනීය යි.
Pali BJT539. සත්ත බොජ්ඣඞ්ගා: සතිසම්බොජ්ඣඞ්ගො ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො විරියසම්බොජ්ඣඞ්ගො පීතිසම්බොජ්ඣඞ්ගො පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො සමාධිසම්බොජ්ඣඞ්ගො උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො.
Sinhala BJT539. බෝධ්‍යඞ්ගයෝ සත්දෙනෙකි: ස්මෘතිසම්බොධ්‍යඞ්ග යැ ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ග යැ වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ග යැ ප්‍රීතිසම්බෝධ්‍යඞ්ග යැ ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ග යැ සමාධිසම්බොධ්‍යඞ්ග යැ උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග යි.
Pali BJT540. තත්ථ කතමෙ සත්තබොජ්ඣඞ්ගො: ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං{1} උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං. තස්මිං සමයෙ සත්තබොජ්ඣඞ්ගා හොන්ති. සතිසම්බොජ්ඣඞ්ගො -පෙ- උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො.
Sinhala BJT540. එහි සප්තබෝධ්‍යඞ්ගයෝ කවරහ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචය ගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද කාමයන්ගෙන් වෙන් ව මැ ... දුඃඛප්‍රතිපදා ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි සප්තබෝධ්‍යඞ්ගයෝ වෙති: ස්මෘතිසම්බොධ්‍යඞ්ග යැ ... උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග යි.
Pali BJT541. තත්ථ කතමො සතිසම්බොජ්ඣඞ්ගො: යා සති අනුස්සති පටිස්සති සති සරණතා ධාරණතා අපිලාපනතා අසම්මුස්සනතා සති සතින්ද්රියං සතිබලං සම්මාසති සතිසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං වුච්චති සතිසම්බොජ්ඣඞ්ගො.
Sinhala BJT541. එහි ස්මෘතිසම්බොධ්‍යඞ්ගය කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් සිහි කිරීමෙක් පුනපුනා සිහිකිරීමෙක් අභිමුඛ වැ මෙන් සිහි කිරීමෙක් සති සඞ්ඛ්‍යාත සිහි කරන අයුරෙක් දරන බවෙක් අරමුණට බැසගැනීමෙක් නො නස්නා බවෙක් ස්මෘතියෙක් ස්මෘතින්‍ද්‍රියයෙක් ස්මෘතිබලයෙක් සම්‍යක් ස්මෘතියෙක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘ස්මෘතිසම්බොධ්‍යඞ්ග’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො: යා පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං වුච්චති ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො.
Sinhala BJTඑහි ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ප්‍රඥායෙක් පජානනාකාරයෙක් ... අමෝහයෙක් සියුසස්දහම් සෙවීමෙක් සම්‍යග් දෘෂ්ටියෙක් ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ග’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො විරියසම්බොජ්ඣඞ්ගො: යො චෙතසිකො විරියාරම්භො -පෙ- සම්මාවායාමා විරියසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං වුච්චති විරියසම්බොජ්ඣඞ්ගො.
Sinhala BJTඑහි වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගය කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් චෛතසිකවීර්‍ය්‍යාරම්භයෙක් ... සම්‍යග්ව්‍යායාමයෙක් වීර්‍ය්‍යසම්බෝධ්‍යාඞ්ගයෙක් වේ ද, මේ ‘වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ග’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො පීතිසම්බොජ්ඣඞ්ගො: යා පීති පාමොජ්ජං ආමොදනා පමොදනා හාසො පහාසො විත්ති ඔදග්යං{2} අත්තමනතා චිත්තස්ස පීතිසම්බොජ්ඣඞ්ගො, අයං වුච්චති පීතිසම්බොජ්ඣඞ්ගො.
Sinhala BJTඑහි ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය කවරෙ යත්: යම් ප්‍රීතියක් ප්‍රාමෝද්‍යයෙක් ආමෝදනයෙක් ප්‍රමෝදනයෙක් හර්‍ෂයෙක් ප්‍රහර්‍ෂයෙක් සතුටෙක් ඔදවැඩි බවෙක් චිත්තයාගේ සතුටු බවෙක් ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘ප්‍රීතිසම්බෝධ්‍යඞ්ග’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො: යා වෙදනාක්ඛන්ධස්ස සඤ්ඤාක්ඛන්ධස්ස සඞ්ඛාරක්ඛන්ධස්ස විඤ්ඤාණක්ඛන්ධස්ස පස්සද්ධි පටිප්පස්සද්ධි පස්සම්භනා පටිප්පස්සම්භනා පටිප්පස්සම්භිතත්තං පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො, අයං වුච්චති පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො.
Sinhala BJTඑහි ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගය කවරෙ යත්: වේදනාස්කන්‍ධයාගේ සංඥාස්කන්‍ධයාගේ සංස්කාරස්කන්‍ධයාගේ යම් සන්හිදීමෙක් වෙසෙසින් සන්හිඳීමෙක් සන්හුන් අයුරෙක් වෙසෙසින් සන්හුන් අයුරෙක් සන්හිඳුණු බවෙක් සම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ග’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො සමාධිසම්බොජ්ඣඞ්ගො: යා චිත්තස්ස ඨිති -පෙ- සම්මාසමාධි සමාධිසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං වුච්චති සමාධිසම්බොජ්ඣඞ්ගො.
Sinhala BJTඑහි සමාධිසම්බෝධ්‍යඞ්ගය කවරෙ යත්: චිත්තයාගේ යම් මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ ස්ථිතියක් ... සම්‍යක්සමාධියක් සමාධිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සමාධිසම්බොධ්‍යඞ්ග’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගො: යා උපෙක්ඛා උපෙක්ඛනා අජ්ඣුපෙක්ඛනා මජ්ඣත්තතා චිත්තස්ස උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො, අයං වුච්චති උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො. ඉමෙ වුච්චන්ති සත්තබොජ්ඣඞ්ගා. අවසෙසා ධම්මා සත්තහි බොජ්ඣඞ්ගෙහි සම්පයුත්තා.
Sinhala BJTඑහි උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය කවරෙ යත්: යම් උපේක්‍ෂාවක් උපේක්‍ෂාකාරයෙක් අධික උපේක්‍ෂාවක් චිත්තයාගේ මධ්‍යස්ථ බවෙක් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග’ යි කියනු ලැබේ. මොහු සප්තබෝධ්‍යඞ්ගයෝ යි කියනු ලැබෙත්, අවශේෂධර්‍මයෝ සප්තබෝධ්‍යඞ්ගයන් හා සම්ප්‍රයුක්තයෝ යි.
Pali BJT542. සත්තබොජ්ඣඞ්ගා: සතිසම්බොජ්ඣඞ්ගො -පෙ- උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගො.
Sinhala BJT542. බෝධ්‍යඞ්ගයෝ සත්දෙනෙකි. ස්මෘතිසම්බොධ්‍යඞ්ග යැ ... උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග යි.
Pali BJTතත්ථ කතමො සතිසම්බොජ්ඣඞ්ගො: ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං. යා තස්මිං සමයෙ සති අනුස්සති -පෙ- සම්මාසති සතිසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං වුච්චති සතිසම්බොජ්ඣඞ්ගො, අවසෙසා ධම්මා සතිසම්බොජ්ඣඞ්ගසම්පයුත්තා -පෙ- අවසෙසා ධම්මා ධම්මවිචය සම්බොජ්ඣඞ්ගසම්පයුත්තා -පෙ- අවසෙසා ධම්මා විරියසම්බොජ්ඣඞ්ග සම්පයුත්තා -පෙ- අවසෙසා ධම්මා පීතිසම්බොජ්ඣඞ්ගසම්පයුත්තා -පෙ- අවසෙසා ධම්මා පස්සද්ධිසම්බොජ්ඣඞ්ගසම්පයුත්තා -පෙ- අවසෙසා ධම්මා සමාධිසම්බොජ්ඣඞ්ගසම්පයුත්තා.
Sinhala BJTඑහි ස්මෘතිසම්බොධ්‍යඞ්ගය කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැමැ ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යධානයට පැමිණ වෙසේ ද, එකල්හි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් සිහි කිරීමෙක් පුනපුනා සිහිකිරීමෙක් සම්‍යක්ස්මෘතියක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘ස්මෘතිසම්බොධ්‍යඞ්ග’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ස්මෘති සම්බෝධ්‍යඞ්ගසම්ප්‍රයුක්තයහ. ... අවශේෂධර්‍මයෝ ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගසම්ප්‍රයුක්තයහ. අවශේෂධර්‍මයෝ වීර්‍ය්‍යසම්බොධ්‍යඞ්ගසම්ප්‍රයුක්තයහ. ... අවශේෂධර්‍මයෝ ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගසම්ප්‍රයුක්තයහ. ... අවශේෂධර්‍මයෝ ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගසම්ප්‍රයුක්තයහ. ... අවශේෂධර්‍මයෝ සමාධිසම්බොධ්‍යඞ්ගසම්ප්‍රයුක්තයහ.
Pali BJTතත්ථ කතමො උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගො: ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං. යා තස්මිං සමයෙ උපෙක්ඛා උපෙක්ඛනා අජ්ඣුපෙක්ඛනා මජ්ඣත්තතා චිත්තස්ස උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගො, අයං වුච්චති උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගො. අවසෙසා ධම්මා උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගසම්පයුත්තා.
Sinhala BJTඑහි උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැ මැ ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යධානයට පැමිණ වෙසේ ද, එකල්හි යම් උපේක්‍ෂාවක් උපේක්‍ෂාකාරයෙක් අධිකඋපේක්‍ෂායෙක් චිත්තයාගේ මධ්‍යස්ථ බවෙක් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ උපේක්‍ෂා සම්බෝධ්‍යඞ්ගය හා සම්ප්‍රයුක්තයෝ යි.
Pali BJT543. සත්තබොජ්ඣඞ්ගා: සතිසම්බොජ්ඣඞ්ගො -පෙ- උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගො.
Sinhala BJT543. බෝධ්‍යඞ්ගයෝ සත්දෙනෙකි: ස්මෘතිසම්බොධ්‍යඞ්ග යැ ... උපේක්‍ෂා සම්බෝධ්‍යඞ්ග යි.
Pali BJTතත්ථ කතමෙ සත්තබොජ්ඣඞ්ගා: ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං. යො තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති, ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTඑහි සප්තබෝධ්‍යඞ්ගයෝ කවරහ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැ මැ ... දුඃඛප්‍රතිපදා ඇති දන්‍ධාභිඥා වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, ... එසමයෙහි යම් ස්පර්‍ශයෙක් වේ ද … අවික්‍ෂේපයෙක් වේ ද මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJTතස්සෙ’ව ලොකුත්තරස්ස කුසලස්ස ඣානස්ස කතත්තා භාවිතත්තා විපාකං විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං සුඤ්ඤතං. තස්මිං සමයෙ සත්තබොජ්ඣඞ්ගා හොන්ති සතිසම්බොජ්ඣඞ්ගො -පෙ- උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො.
Sinhala BJTඑ මැ ලෝකෝත්තරකුශලධ්‍යානය කළ බැවින් වැඩු බැවින් කාමයන්ගෙන් වෙන් වැ මැ ... දුඃඛප්‍රතිපදා ඇති දන්‍ධාභිඥ වූ ශුන්‍යත වූ විපාකප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එකල්හි සප්තබෝධ්‍යඞ්ගයෝ වෙති: ස්මෘති සම්බෝධ්‍යඞ්ග යැ ... උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග යි.
Pali BJTතත්ථ කතමො සතිසම්බොජ්ඣඞ්ගො: යා සති අනුස්සති -පෙ- සම්මාසති සතිසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං වුච්චති සතිසම්බොජ්ඣඞ්ගො -පෙ-.
Sinhala BJTඑහි ස්මෘතිසම්බොධ්‍යඞ්ගය කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ස්මෘතියෙක් අනුස්මෘතියෙක් සම්‍යක්ස්මෘතියෙක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘ස්මෘතිසම්බොධ්‍යඞ්ග’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගො: යා උපෙක්ඛා උපෙක්ඛනා අජ්ඣුපෙක්ඛනා මජ්ඣත්තතා චිත්තස්ස උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො, අයං වුච්චති උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො. ඉමෙ වුච්චන්ති සත්තබොජ්ඣඞ්ගා, අවසෙසා ධම්මා සත්තහි බොජ්ඣඞ්ගෙහි සම්පයුත්තා.
Sinhala BJTඑහි උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය කවරෙ යත්: යම් උපේක්‍ෂායෙක් උපේක්‍ෂා අයුරෙක් අධික උපේක්‍ෂායෙක් චිත්තයාගේ මධ්‍යස්ථ බවෙක් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග’ යි කියනු ලැබේ. මොහු ‘සප්තබෝධ්‍යඞ්ගයෝ’ යි කියනු ලැබෙත්. අවශේෂ ධර්‍මයෝ සප්තබෝධ්‍යඞ්ගයන් හා සම්ප්‍රයුක්තයහ.
Pali BJT544. සත්තබොජ්ඣඞ්ගා: සතිසම්බොජ්ඣඞ්ගො -පෙ- උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගො.
Sinhala BJT544. බෝධ්‍යඞ්ගයෝ සත්දෙනෙකි: ස්මෘතිසම්බොධ්‍යඞ්ග යැ ... උපේක්‍ෂා සම්බෝධ්‍යඞ්ග යි.
Pali BJTතත්ථ කතමො සතිසම්බොජ්ඣඞ්ගො: ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං. තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති, ඉමෙ ධම්මා කුසලා. තස්සෙ’ව ලොකුත්තරස්ස කුසලස්ස ඣානස්ස කතත්තා භාවිතත්තා විපාකං විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං සුඤ්ඤතං. යා තස්මිං සමයෙ සති අනුස්සති -පෙ- සම්මාසති සති සම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං වුච්චති සතිසම්බොජ්ඣඞ්ගො, අවසෙසා ධම්මා සතිසම්බොජ්ඣඞ්ගසම්පයුත්තා -පෙ- අවසෙසා ධම්මා ධම්මවිචයසම්බොජ්ඣඞ්ගසම්පයුත්තා -පෙ- අවසෙසා ධම්මා විරිය සම්බොඣඞ්ගසම්පයුත්තා -පෙ- අවසෙසා ධම්මා පීතිසම්බොජ්ඣඞ්ගසම්පයුත්තා -පෙ- අවසෙසා ධම්මා පස්සද්ධිසම්බොජ්ඣඞ්ගසම්පයුත්තා -පෙ- අවසෙසා ධම්මා සමාධිසම්බොජ්ඣඞ්ගසම්පයුත්තා.
Sinhala BJTඑහි ස්මෘතිසම්බොධ්‍යඞ්ගය කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැ මැ ... දුඃඛප්‍රතිපදා ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යධානයට පැමිණ වෙසේ ද, එකල්හි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ මැ ලෝකෝත්තරකුශලධ්‍යානය කළ බැවින් වැඩු බැවින් කාමයන්ගෙන් වෙන් වැ මැ ... දුඃඛප්‍රතිපදා ඇති දන්‍ධාභිඥ වූ ශුන්‍යත වූ විපාකප්‍රථමධ්‍යධානයට පැමිණ වෙසේ ද, එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ස්මෘතියෙක් අනුස්මෘතියෙක් සම්‍යක් ස්මෘතියෙක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘ස්මෘතිසම්බොධ්‍යඞ්ග’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ස්මෘතිසම්බොධ්‍යඞ්ගය හා සම්ප්‍රයුක්තයෝ යැ. ... අවශේෂධර්‍මයෝ ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය හා සම්ප්‍රයුක්තයෝ යැ ... අවශේෂධර්‍මයෝ වීර්‍ය්‍යසමීබෝධ්‍යඞ්ගය හා සම්ප්‍රයුක්තයෝ යැ ... අවශේෂ ධර්‍මයෝ ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය හා සම්ප්‍රයුක්තයෝ යැ ... අවශේෂධර්‍මයෝ ප්‍රශ්‍රබ්ධි සම්බෝධ්‍යඞ්ගය හා සම්ප්‍රයුක්තයෝ යැ ... අවශේෂධර්‍මයෝ සමාධිසම්බෝධ්‍යඞ්ගය හා සම්ප්‍රයුක්තයෝ යි.
Pali BJTතත්ථ කතමො උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො: ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙ’ව ‘කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපටිපදං දන්ධාභිඤ්ඤං. තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති, ඉමෙ ධම්මා කුසලා. තස්සෙ’ව ලොකුත්තරස්ස කුසලස්ස ඣානස්ස කතත්තා භාවිතත්තා විපාකං විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං සුඤ්ඤතං. යා තස්මිං සමයෙ උපෙක්ඛා උපෙක්ඛනා අජ්ඣුපෙක්ඛනා මජ්ඣත්තතා චිත්තස්ස උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගො, අයං වුච්චති උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො. අවසෙසා ධම්මා උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගසම්පයුත්තා.
Sinhala BJTඑහි උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැ මැ ... දුඃඛප්‍රතිපදා ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යධානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි. ... අවික්‍ෂේපය වේ, මේ ධර්‍මයෝ කුශලයෝ යැ. එ මැ ලෝකෝත්තරකුශලධ්‍යානය කළ බැවින් වැඩු බැවින් කාමයන්ගෙන් වෙන් වැ මැ ... දුඃඛප්‍රතිපදා ඇති දන්‍ධාභිඥ වූ විපාකප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙයි. එසමයෙහි යම් උපේක්‍ෂායෙක් උපේක්‍ෂා අයුරෙක් අධික උපේක්‍ෂායෙක් චිත්තයාගේ මධ්‍යස්ථභාවයෙක් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය හා සම්ප්‍රයුක්තයෝ යි.
Pali BJTඅභිධම්මභාජනියං.
Sinhala BJTඅභිධර්‍මභාජනීය යි.
Pali BJT545. සත්තබොජ්ඣඞ්ගා: සතිසම්බොජ්ඣඞ්ගො ධම්මවිචය{1} සම්බොජ්ඣඞ්ගො විරියසම්බොජ්ඣඞ්ගො පීතිසම්බොජ්ඣඞ්ගො පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො සමාධිසම්බොජ්ඣඞ්ගො උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො.
Sinhala BJT545. බෝධ්‍යඞ්ගයෝ සත්දෙනෙකි: ස්මෘතිසම්බොධ්‍යඞ්ග යැ ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ග යැ වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ග යැ ප්‍රීතිසම්බෝධ්‍යඞ්ග යැ ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ග යැ සමාධිසම්බොධ්‍යඞ්ග යැ උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග යි.
Pali BJT546. සත්තන්නං බොජ්ඣඞ්ගානං කති කුසලා, කති අකුසලා, කති අව්යාකතා -පෙ- කති සරණා, කති අරණා:
Sinhala BJT546. සප්තබෝධ්‍යඞ්ගයන් අතුරෙහි කුශලයෝ කෙතෙක් ද, අකුශලයෝ කෙතෙක් ද, අව්‍යාකෘතයෝ කෙතෙක් ද, ... සරණයෝ කෙතෙක් ද, අරණයෝ කෙතෙක් ද යත්:
Pali BJT547. සියා කුසලා. සියා අව්යාකතා.
Sinhala BJT547. (සප්තබෝධ්‍යඞ්ගයෝ) කුශල ද වන්නාහ, අව්‍යාකෘත ද වන්නාහු ය.
Pali BJTපීතිසම්බොජ්ඣඞ්ගො සුඛාය වෙදනාය සම්පයුත්තො. ඡ බොජ්ඣඞ්ගා සියා සුඛාය වෙදනාය සම්පයුත්තා, සියා අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තා.
Sinhala BJTප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත ය. බෝධ්‍යඞ්ගයෝ සදෙනෙක් සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නාහ, උපේක්‍ෂාවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නාහු ය.
Pali BJTසියා විපාකා, සියා විපාකධම්මධම්මා.
Sinhala BJT(සප්තබෝධ්‍යඞ්ගයෝ) විපාක ද වන්නාහ, විපාකස්වභාවධර්‍ම ද වන්නාහු ය.
Pali BJTඅනුපාදින්නානුපාදානියා.
Sinhala BJT(සප්තබෝධ්‍යඞ්ගයෝ) අනුපාදින්නෝපාදානියහ.
Pali BJTඅසංකිලිට්ඨඅසංකිලෙසිකා.
Sinhala BJT(සප්තබෝධ්‍යඞ්ගයෝ) අසංක්ලිෂ්ටඅසාංක්ලේශිකයෝ යි.
Pali BJTසියා සවිතක්කසවිචාරා, සියා අවිතක්කවිචාරමත්තා, සියා අවිතක්ක අවිචාරා.
Sinhala BJT(සප්තබෝධ්‍යඞ්ගයෝ) සවිතර්‍කසවිචාර ද වන්නාහ, අවිතර්‍කවිචාරමාත්‍ර ද වන්නාහ, අවිතර්‍කඅවිචාර ද වන්නාහු ය.
Pali BJTපීතිසම්බොජ්ඣඞ්ගො න පීතිසහගතො සුඛසහගතො න උපෙක්ඛාසහගතො. ඡ බොජ්ඣඞ්ගා සියා පීතිසහගතා, සියා සුඛසහගතා, සියා උපෙක්ඛාසහගතා.
Sinhala BJTප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය ප්‍රීතිසහගත නො වෙයි. සුඛසහගත වෙයි, උපේක්‍ෂාසහගත නො වේ. බෝධ්‍යඞ්ගයෝ සදෙනෙක් ප්‍රීතිසහගත ද වන්නාහ, සුඛසහගත ද වන්නාහ, උපේක්‍ෂාසහගත ද වන්නාහු ය.
Pali BJTනෙ’ව දස්සනෙන න භාවනාය පහාතබ්බා.
Sinhala BJT(සප්තබෝධ්‍යඞ්ගයෝ) නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ ය.
Pali BJTනෙ’ව දස්සනෙන න භාවනාය පහාතබ්බහෙතුකා.
Sinhala BJT(සප්තබෝධ්‍යඞ්ගයෝ) නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු ය.
Pali BJTසියා අපචයගාමිනො, සියා නෙවාචයගාමි නාපචයගාමිනො.
Sinhala BJT(සප්තබෝධ්‍යඞ්ගයෝ) අපචයගාමී ද වන්නාහ, නො ම ආචයගාමී නො ද අපචයගාමී ද වන්නාහු ය.
Pali BJTසියා සෙක්ඛා, සියා අසෙක්ඛා.
Sinhala BJT(සප්තබෝධ්‍යඞ්ගයෝ) ශෛක්‍ෂ ද වන්නාහ, අශෛක්‍ෂ ද වන්නාහු ය.
Pali BJTඅප්පමාණා.
Sinhala BJT(සප්තබෝධ්‍යඞ්ගයෝ) අප්‍රමාණයෝ ය.
Pali BJTඅප්පමාණාරම්මණා.
Sinhala BJT(සප්තබෝධ්‍යඞ්ගයෝ) අප්‍රමාණාලම්බනයෝ ය.
Pali BJTපණීතා.
Sinhala BJT(සප්තබෝධ්‍යඞ්ගයෝ) ප්‍රණීතයෝ ය.
Pali BJTසියා සම්මත්තනියතා, සියා අනියතා.
Sinhala BJT(සප්තබෝධ්‍යඞ්ගයෝ) සම්‍යක්ත්‍වනියත ද වන්නාහ, අනියත ද වන්නාහු ය.
Pali BJTන මග්ගාරම්මණා, සියා මග්ගහෙතුකා, සියා මග්ගාධිපතිනො, සියා න වත්තබ්බා මග්ගහෙතුකාති’පි මග්ගාධිපතිනොති’පි.
Sinhala BJT(සප්තබෝධ්‍යඞ්ගයෝ) මාර්‍ගාලම්බනයෝ නො වෙති. මාර්‍ගහේතුක ද වන්නාහ, මාර්‍ගාධිපති ද වන්නාහ, මාර්‍ගහේතුකහ යි ද මාර්‍ගාධිපතිහ යි ද නො කියයුතු ද වන්නාහුය.
Pali BJTසියා උප්පන්නා, සියා අනුප්පන්නා, සියා උප්පාදිනො.
Sinhala BJT(සප්තබෝධ්‍යඞ්ගයෝ) උත්පන්න ද වන්නාහ, අනුත්පන්න ද වන්නාහ, උත්පාදී ද වන්නාහු ය.
Pali BJTසියා අතීතා, සියා අනාගතා, සියා පච්චුප්පන්නා.
Sinhala BJT(සප්තබෝධ්‍යඞ්ගයෝ) අතීත ද වන්නාහ, අනාගත ද වන්නාහ, ප්‍රත්‍යුත්පන්න ද වන්නාහු ය.
Pali BJTන වත්තබ්බා අතීතාරම්මණාති’පි අනාගතාරම්මණාති’පි පච්චුප්පන්නා රම්මණාති’පි.
Sinhala BJT(සප්තබෝධ්‍යඞ්ගයෝ) අතීතාලම්බනහ යි ද අනාගතාලම්බනහ යි ද ප්‍රත්‍යුත්පන්නාලම්බනහ යි ද නො කියයුත්තාහු ය.
Pali BJTසියා අජ්ඣත්තා සියා බහිද්ධා සියා අජ්ඣත්තබහිද්ධා.
Sinhala BJT(සප්තබෝධ්‍යඞ්ගයෝ) අධ්‍යාත්ම ද වන්නාහ, බාහිර ද වන්නාහ, අධ්‍යාත්මබාහිර ද වන්නාහු ය.
Pali BJTඅජ්ඣත්තබහිද්ධාරම්මණා.
Sinhala BJT(සප්තබෝධ්‍යඞ්ගයෝ) අධ්‍යාත්මබාහිරාලම්බනයෝ ය.
Pali BJTඅනිදස්සනඅප්පටිඝා.
Sinhala BJT(සප්තබෝධ්‍යඞ්ගයෝ) අනිදර්‍ශනඅප්‍රතිඝයෝ යි.
Pali BJT548. ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො හෙතු. ඡ බොජ්ඣඞ්ගා න හෙතු.
Sinhala BJT548. ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය හේතු ය. බෝධ්‍යඞ්ගයෝ සදෙනෙක් හේතු නොවෙති.
Pali BJTසහෙතුකා.{1}
Sinhala BJT(සප්තබෝධ්‍යඞ්ගයෝ) සහේතුකයෝ ය.
Pali BJTහෙතුසම්පයුත්තා.
Sinhala BJT(සප්තබෝධ්‍යඞ්ගයෝ) හේතුසම්ප්‍රයුක්තයෝ ය.
Pali BJTධම්මවිචයසම්බොජ්ඣඞ්ගො හෙතු චෙව සහෙතුකො ච ඡ බොජ්ඣඞ්ගා න වත්තබ්බා හෙතු චෙව සහෙතුකා’ති සහෙතුකා චෙව න ච හෙතු.
Sinhala BJTධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය හේතු ද වූයේ ම සහේතුක ද වෙයි. බෝධ්‍යඞ්ගයෝ සදෙනෙක් හේතු ද වූ ම සහේතුකහ යි නො කියයුත්තාහ, සහේතුක ද වූවාහු ම නො ද හේතු වෙත්.
Pali BJTධම්මවිචයසම්බොජ්ඣඞ්ගො හෙතු චෙව හෙතුසම්පයුත්තො ච, ඡ බොජ්ඣඞ්ගා න වත්තබ්බා හෙතු චෙව හෙතුසම්පයුත්තා’ති, හෙතුසම්පයුත්තා’ති, හෙතු සම්පයුත්තා චෙව න ච හෙතු.
Sinhala BJTධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය හේතු ද වූයේ ම හේතුසම්ප්‍රයුක්ත ද වෙයි, බෝධ්‍යඞ්ගයෝ සදෙනෙක් හේතු ද වූවාහු ම හේතුසම්ප්‍රයුක්තහ යි නො කියයුත්තාහ, හේතුසම්ප්‍රයුක්ත ද වූවාහු ම නො ද හේතු වෙත්.
Pali BJTඡ බොජ්ඣඞ්ගා න හෙතු සහෙතුකා. ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො න වත්තබ්බො න හෙතු සහෙතුකොති’පි න හෙතු අහෙතුකොති’පි
Sinhala BJTබෝධ්‍යඞ්ගයෝ සදෙනෙක් හේතු නො වූ සහේතුකයෝ ය, ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය හේතු නො වූ සහේතුක යි ද හේතු නො වූ අහේතුක යි ද නො කියයුත්තේ යි.
Pali BJT549. සප්පච්චයා.
Sinhala BJT549. (සප්තබෝධ්‍යඞ්ගයෝ) සප්‍රත්‍යයෝ ය.
Pali BJTසඞ්ඛතා.
Sinhala BJT(සප්තබෝධ්‍යඞ්ගයෝ) සඞ්ඛතයෝ ය.