Pali BJTසියා පීතිසහගතා, සියා සුඛසහගතා, සියා උපෙක්ඛාසහගතා.
Sinhala BJTප්‍රීතිසහගත ද වන්නාහ, සුඛසහගත ද වන්නාහ, උපේක්‍ෂාසහගත ද වන්නාහු ය.
Pali BJTනෙව දස්සනෙන න භාවනාය පහාතබ්බා.
Sinhala BJTනො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ ය.
Pali BJTනෙව දස්සනෙන න භාවනාය පහාතබ්බහෙතුකා.
Sinhala BJTනො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු ය.
Pali BJTඅපචයගාමිනො.
Sinhala BJTඅපචයගාමීහු ය.
Pali BJTසෙක්ඛා.
Sinhala BJTශෛක්‍ෂයෝ ය.
Pali BJTඅප්පමාණා.
Sinhala BJTඅප්‍රමාණයෝ ය.
Pali BJTඅප්පමාණාරම්මණා.
Sinhala BJTඅප්‍රමාණාලම්බනයෝ ය.
Pali BJTපණීතා.
Sinhala BJTප්‍රණීතයෝ ය.
Pali BJTසම්මත්තනියතා.
Sinhala BJTසම්‍යක්ත්‍වනියතයෝ ය.
Pali BJTන මග්ගාරම්මණා, මග්ගහෙතුකා, සියා මග්ගාධිපතිනො, සියා න වත්තබ්බා ‘මග්ගාධිපතිනො’ති.
Sinhala BJTමාර්‍ගාලම්බනයෝ නො වෙති, මාර්‍ගහේතුකයහ, මාර්‍ගාධිපති ද වන්නාහ, ‘මාර්‍ගාධිපති’ යි නො කියයුතු ද වන්නාහු ය.
Pali BJTසියා උප්පන්නා, සියා අනුප්පන්නා, න වත්තබ්බා ‘උප්පාදිනො’ති.
Sinhala BJTඋත්පන්න ද වන්නාහ, අනුත්පන්න ද වන්නාහ, උත්පාදීහුයි නො කියයුත්තාහුය.
Pali BJTසියා අතීතා, සියා අනාගතා, සියා පච්චුප්පන්නා.
Sinhala BJTඅතීත ද වන්නාහ, අනාගත ද වන්නාහ, ප්‍රත්‍යුත්පන්න ද වන්නාහු ය.
Pali BJTන වත්තබ්බා අතීතාරම්මණාති’පි අනාගතාරම්මණාති’පි පච්චුප්පන්නාරම්මණාති’පි.
Sinhala BJTඅතීතාලම්බනහ යි ද අනාගතාලම්බනහ යි ද ප්‍රත්‍යුත්පන්නාලම්බනහ යි ද නො කියයුත්තාහු ය.
Pali BJTසියා අජ්ඣත්තා, සියා බහිද්ධා, සියා අජ්ඣත්තබහිද්ධා.
Sinhala BJTඅධ්‍යාත්ම ද වන්නාහ, බාහිර ද වන්නාහ, අධ්‍යාත්මබාහිර ද වන්නාහු ය.
Pali BJTබහිද්ධාරම්මණා.
Sinhala BJTබාහිරාලම්බනයෝ ය.
Pali BJTඅනිදස්සනඅප්පටිඝා.
Sinhala BJTඅනිදර්‍ශන අප්‍රතිඝයෝ යි.
Pali BJT502. න හෙතු.
Sinhala BJT502. (සතර සම්‍යක්ප්‍රධානයෝ) හේතූහු නො වෙති.
Pali BJTසහෙතුකා.
Sinhala BJTසහේතුකයෝ ය.
Pali BJTහෙතුසම්පයුත්තා.
Sinhala BJTහේතුසම්ප්‍රයුක්තයෝ ය.
Pali BJTන වත්තබ්බා හෙතු චෙව සහෙතුකාති, සහෙතුකා චෙව න ච හෙතු.
Sinhala BJTහේතු ද වූම සහේතුකහ යි නො කියයුත්තාහ, සහේතුක ද වූවාහු ම නො ද හේතු වෙති.
Pali BJTන වත්තබ්බා ‘හෙතු චෙව හෙතුසම්පයුත්තා’ති, හෙතුසම්පයුත්තා චෙව න ච හෙතු.
Sinhala BJTහේතු ද වූ ම හේතුසම්ප්‍රයුක්තහ යි නො කියයුත්තාහ, හේතුසම්ප්‍රයුක්ත ද වූවාහු ම නො ද හේතුහු වෙති.
Pali BJTන හෙතු, සහෙතුකා.
Sinhala BJTහේතු නො වූ සහේතුකයෝ යි.
Pali BJT503. සප්පච්චයා
Sinhala BJT503. (සතර සම්‍යක්ප්‍රධානයෝ) සප්‍රත්‍යයෝ ය.
Pali BJTසඞ්ඛතා.
Sinhala BJTසඞ්ඛතයෝ ය.
Pali BJTඅනිදස්සනා.
Sinhala BJTඅනිදර්‍ශනයෝ ය.
Pali BJTඅප්පටිඝා.
Sinhala BJTඅප්‍රතිඝයෝ ය.
Pali BJTඅරූපා.
Sinhala BJTඅරූපයෝ ය.
Pali BJTලොකුත්තරා.
Sinhala BJTලෝකෝත්තරයෝ ය.
Pali BJTකෙනචි විඤ්ඤෙය්යා, කෙනචි න විඤ්ඤෙය්යා.
Sinhala BJTකිසිවිඥානයෙකින් දතයුත්තාහ, කිසි විඥානයෙකින් නො දතයුත්තාහු ය.
Pali BJT504. නො ආසවා.
Sinhala BJT504. (සතර සම්‍යක්ප්‍රධානයෝ) ආස්‍රවයෝ නො වෙති.
Pali BJTඅනාසවා.
Sinhala BJTඅනාස්‍රවයෝ ය.
Pali BJTආසවවිප්පයුත්තා.
Sinhala BJTආස්‍රවවිප්‍රයුක්තයෝ ය.
Pali BJTන වත්තබ්බා ආසවා චෙව සාසවාති’පි, සාසවා චෙව නො ච ආසවාති’පි.
Sinhala BJTආස්‍රව ද වූ ම සාස්‍රවහ යි ද සාස්‍රව ද වූ ම නො ද ආස්‍රවහ යි ද නො කියයුත්තාහු ය.
Pali BJTන වත්තබ්බා ආසවා චෙව ආසවසම්පයුත්තාති’පි, ආසවසම්පයුත්තාචෙ’ව නො ච ආසවාති’පි.
Sinhala BJTආස්‍රව ද වූ ම ආස්‍රවසම්ප්‍රයුක්තහ යි ද ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූ ම නොද ආස්‍රවහ යි ද නො කියයුත්තාහු ය.
Pali BJTආසවවිප්පයුත්තා අනාසවා.
Sinhala BJTආස්‍රවවිප්‍රයුක්ත අනාස්‍රවයෝ යි.
Pali BJT505. නො සඤ්ඤොජනා -පෙ- නො ගන්ථා -පෙ- නො ඔඝා -පෙ- නො යොගා -පෙ- නො නීවරණා -පෙ- නො පරාමාසා -පෙ-
Sinhala BJT505. (සතර සම්‍යක්ප්‍රධානයෝ) සංයෝජනයෝ නො වෙති. … ග්‍රන්‍ථයෝ නො වෙති. … ඕඝයෝ නො වෙති. … යෝගයෝ නො වෙති. … නීවරණයෝ නො වෙති. … පරාමර්‍ශයෝ නො වෙත්.
Pali BJT506. සාරම්මණා.
Sinhala BJT506. (සතර සම්‍යක්ප්‍රධානයෝ) සාලම්බනයෝ ය.
Pali BJTනො චිත්තා.
Sinhala BJTචිත්තයෝ නො වෙති.
Pali BJTචෙතසිකා.
Sinhala BJTචෛතසිකයෝ ය.
Pali BJTචිත්තසම්පයුත්තා.
Sinhala BJTචිත්තසම්ප්‍රයුක්තයෝ ය.
Pali BJTචිත්තසංසට්ඨා.
Sinhala BJTචිත්තසංසෘෂ්ටයෝ ය.
Pali BJTචිත්තසමුට්ඨානා.
Sinhala BJTචිත්තසමුත්‍ථානයෝ ය.
Pali BJTචිත්තසහභුනො.
Sinhala BJTචිත්තසහභූහු ය.
Pali BJTචිත්තානුපරිවත්තිනො.
Sinhala BJTචිත්තානුපරිවර්තීහු ය.
Pali BJTචිත්තසංසට්ඨසමුට්ඨානා.
Sinhala BJTචිත්තසංසෘෂ්ටසමුත්‍ථානයෝ ය.
Pali BJTචිත්තසංසට්ඨසමුට්ඨානසහභුනො.
Sinhala BJTචිත්තසංසකෘෂ්ටසමුත්‍ථානසහභූ වෙති.
Pali BJTචිත්තසංසට්ඨසමුඨානානුපරිවත්තිනො.
Sinhala BJTචිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්තීහු වෙති.
Pali BJTබාහිරා.
Sinhala BJTබාහිරයෝ ය.
Pali BJTනො උපාදා.
Sinhala BJTඋපාදා නො වෙති.
Pali BJTඅනුපාදින්නා.
Sinhala BJTඅනුපාදින්නයෝ යි.
Pali BJT507. නො උපාදානා -පෙ- නො කිලෙසා -පෙ-
Sinhala BJT507. (සතර සම්‍යක් ප්‍රධානයෝ) උපාදානයෝ නො වෙති. ... ක්ලේශයෝ නො වෙත්. …
Pali BJT508. න දස්සනෙන පහාතබ්බා.
Sinhala BJT508. (සතර සම්‍යක්ප්‍රධානයෝ) දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යයෝ නො වෙති.
Pali BJTන භාවනාය පහාතබ්බා.
Sinhala BJTභාවනායෙන් ප්‍රහාතව්‍යයෝ නො වෙති.
Pali BJTන දස්සනෙන පහාතබ්බහෙතුකා.
Sinhala BJTදර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු නො වෙති.
Pali BJTන භාවනාය පහාතබ්බහෙතුකා.
Sinhala BJTභාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු නො වෙත්.
Pali BJTසියා සවිතක්කා, සියා අවිතක්කා.
Sinhala BJTසවිතර්‍ක ද වන්නාහ, අවිතර්‍ක ද වන්නාහු ය.
Pali BJTසියා සවිචාරා, සියා අවිචාරා.
Sinhala BJTසවිචාර ද වන්නාහ, අවිචාර ද වන්නාහු ය.
Pali BJTසියා සප්පීතිකා, සියා අප්පීතිකා.
Sinhala BJTසප්‍රීතික ද වන්නාහ, අප්‍රීතික ද වන්නාහු ය.
Pali BJTසියා පීතිසහගතා, සියා න පීතිසහගතා.
Sinhala BJTප්‍රීතිසහගත ද වන්නාහ, ප්‍රීතිසහගත නො ද වන්නාහු ය.
Pali BJTසියා සුඛසහගතා, සියා න සුඛසහගතා.
Sinhala BJTසුඛසහගත ද වන්නාහ, සුඛසහගත නො ද වන්නාහු ය.
Pali BJTසියා උපෙක්ඛාසහගතා; සියා න උපෙක්ඛාසහගතා.
Sinhala BJTඋපේක්‍ෂාසහගත ද වන්නාහ, උපේක්‍ෂාසහගත නො ද වන්නාහු ය.
Pali BJTන කාමාවචරා.
Sinhala BJTකාමාවචර නො වෙති.
Pali BJTන රූපාවචරා.
Sinhala BJTරූපාවචර නො වෙති.
Pali BJTන අරූපාවචරා.
Sinhala BJTඅරූපාවචර නො වෙත්.
Pali BJTඅපරියාපන්නා.
Sinhala BJTඅපර්‍ය්‍යාපන්නයහ.
Pali BJTනිය්යානිකා.
Sinhala BJTනෛර්‍ය්‍යාණිකයහ.
Pali BJTනියතා.
Sinhala BJTනියතයෝ ය.
Pali BJTඅනුත්තරා.
Sinhala BJTඅනුත්තරයෝ ය.
Pali BJTඅරණාති.
Sinhala BJTඅරණයෝ යි.
Pali BJTපඤ්හපුච්ඡකං.
Sinhala BJTපඤ්හපුච්ඡක යි.
Pali BJTසම්මප්පධානවිභඞ්ගො නිට්ඨිතො
Sinhala BJTසම්‍යක්ප්‍රධානවිභඞ්ග නිමි.
Pali BJT9. ඉද්ධිපාද විභඞ්ගො
Sinhala BJT9. ඍද්ධිපාද විභඞ්ගය
Pali BJT509. චත්තාරො ඉද්ධිපාදා: ඉධ භික්ඛු ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. විරියසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. චිත්තසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති.
Sinhala BJT509. ඍද්ධිපාදයෝ සතර දෙනෙකි: මෙ සස්නෙහි මහණ කත්තුකම්‍යතා ඡන්‍දය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක්ප්‍රධානවීර්‍ය්‍යයෙන් යුක්ත වූ ඍද්ධිපාදය වඩයි. වීර්‍ය්‍යය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක්ප්‍රධානවීර්‍ය්‍යයෙන් යුක්ත වූ ඍද්ධිපාදය වඩයි. චිත්තය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක්ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුක්ත වූ ඍද්ධිපාදය වඩයි. වීමංසාව අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක්ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුක්ත වූ ඍද්ධිපාදය වඩයි.
Pali BJT510. කථං ච භික්ඛු ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති: ඡන්දං චෙ භික්ඛු අධිපතිං කරිත්වා ලභති සමාධිං ලභති චිත්තස්ස එකග්ගතං, අයං වුච්චති ඡන්දසමාධි. සො අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති, පදහති. උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති, අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති, උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. ඉමෙ වුච්චන්ති පධානසඞ්ඛාරා.
Sinhala BJT510. කිසෙයින් මහණ ඡන්‍දසමාධියෙන් හා සම්‍යක්ප්‍රධානවීර්‍ය්‍යයෙන් යුක්ත වූ ඍද්ධිපාදය වඩා ද යත්: ඉදින් මහණ තෙම කුසලච්ඡන්‍දය අධිපති කොට සමාධිය ලබා නම් චිත්තෛකාග්‍රතාව ලබා නම් මේ ‘ඡන්‍දසමාධි’ යි කියනු ලැබේ. හෙතෙම නූපන් ලාමක අකුශලධර්‍මයන්ගේ නො ඉපදීම පිණිස කුසලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි, සිත නඟාසිටුවයි, ප්‍රධාන්වීර්‍ය්‍යය කෙරේ. උපන් ලාමක අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස කුසලච්ඡන්‍දය උපදවයි, ව්‍යායාම කෙරෙයි, වීර්‍ය්‍යය කෙරෙයි, සිත නභාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍යය කෙරේ. නූපන් කුශලධර්‍මයන්ගේ ඉපදීම පිණිස කුසලච්ඡන්‍දය උපදවයි, ව්‍යායාම කෙරෙයි, වීර්‍ය්‍යය කෙරෙයි, සිත නඟාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ. උපන් කුශලධර්‍මයන්ගේ සිටීම පිණිස නො නැසීම පිණිස පුනපුනා ඉපදීම පිණිස විපුල බව පිණිස වැඩීම පිණිස සම්පූර්‍ණ වීම පිණිස කුසලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වීර්‍ය්‍යය කෙරෙයි, සිත නඟාසිටුවයි, ප්‍රධාන්වීර්‍ය්‍යය කෙරේ. මොහු ‘පධාන සඞ්ඛාර’ යි කියනු ලැබේ.
Pali BJTඉති අයං ච ඡන්දසමාධි ඉමෙ ච පධානසඞ්ඛාරා. තදෙකජ්ඣං අභිසඤ්ඤූහිත්වා අභිසංඛිපිත්වා ඡන්දසමාධිපධානසඞ්ඛාරොත්වෙව සඞ්ඛං ගච්ඡති.
Sinhala BJTමෙසේ මේ ඡන්‍දසමාධිය ද මේ පධානසඞ්ඛාරයෝ ද එක්රැස් කොට හකුළුවා ගෙන ‘ඡන්‍දසමාධිපධානසඞ්ඛාර’ යි ම සඞ්ඛ්‍යාවට යෙයි.
Pali BJTතත්ථ කතමො ඡන්දො: යො ඡන්දො ඡන්දිකතා කත්තුකම්යතා කුසලො ධම්මච්ඡන්දො, අයං වුච්චති ඡන්දො.
Sinhala BJTඑහි ‘ඡන්‍දය’ කවරෙ යත්: යම් ඡන්‍දයෙක් ඡන්‍දය කරන අයුරෙක් කරනු කැමැති බවෙක් කුශල වූ ධර්‍මච්ඡන්‍දයෙක් වේ ද, මේ ‘ඡන්‍ද’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො සමාධි: යා චිත්තස්ස ඨිති සණ්ඨිති අවට්ඨිති අවිසාහාරො අවික්ඛෙපො අවිසාහටමානසතා සමථො සමාධින්ද්රියං සමාධිබලං සම්මාසමාධි, අයං වුච්චති සමාධි.
Sinhala BJTඑහි ‘සමාධි’ කවරෙ යත්: චිත්තයාගේ යම් සිටීමෙක් මොනොවට සිටීමෙක් (අරමුණෙහි) බැසගෙන සිටීමෙක් නො විසිරීමෙක් අවික්‍ෂේපයෙක් නො විසුළසිත් ඇති බවෙක් ශමථයෙක් සමාධීන්‍ද්‍රියයෙක් සමාධිබලයෙක් සම්‍යක්සමාධියෙක් වේ ද, මේ ‘සමාධි’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො පධානසඞ්ඛාරො: යො චෙතසිකො විරියාරම්භො නික්ඛමො පරක්කමො උය්යාමො වායාමො උස්සාහො උස්සොළ්හි ථාමො ධිති අසිථිලපරක්කමතා අනික්ඛිත්තඡන්දතා අනික්ඛිත්තධුරතා ධුරසම්පග්ගාහො විරියං විරියින්ද්රියං විරියබලං සම්මාවායාමො, අයං වුච්චති පධානසඞ්ඛාරො.
Sinhala BJTඑහි ‘පධානසඞ්ඛාර’ කවරෙ යත්: යම් චෛතසිකවීර්‍ය්‍යයාරම්භයෙක් නිෂ්ක්‍රමයෙක් පරාක්‍රමයෙක් උද්‍යමයෙක් ව්‍යායාමයෙක් උත්සාහයෙක් අධිමාත්‍ර උත්සාහයෙක් ස්ථිර බවෙක් ධෛර්‍ය්‍යයෙක් නො ලිහිල් පරාක්‍රම ඇති බවෙක් නො තැබූ ඡන්‍දය ඇති බවෙක් නො තැබූ ධුර ඇති බවෙක් වීර්‍ය්‍යය දැඩි කොට ගැනීමෙක් වීර්‍ය්‍යයෙක් වීර්‍ය්‍යයෙන්‍ද්‍රියයෙක් විර්‍ය්‍යයබලයෙක් සම්‍යග්ව්‍යායාමයෙක් වේ ද, මේ ‘පධානසඞ්ඛාර’ යි කියනු ලැබේ.
Pali BJTඉති ඉමිනා ච ඡන්දෙන ඉමිනා ච සමාධිනා ඉමිනා ච පධානසඞ්ඛාරෙන උපෙතො හොති සමුපෙතො උපගතො සමුපගතො උප්පන්නො සමුප්පන්නො සමන්නාගතො, තෙන වුච්චති ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතො’ති.
Sinhala BJTමෙසේ මේ ඡන්‍දයෙන් ද මේ සමාධියෙන් ද මේ ප්‍රධානසංස්කාරයෙන් ද යුක්ත වූයේ මොනොවට යුක්ත වූයේ එළඹසිටියේ මොනොවට එළඹසිටියේ නො වෙන් වූයේ පරිපූර්‍ණ වූයේ සමන්‍වාගත වූයේ වේ. එහෙයින් ‘ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත’ යි කියනු ලැබේ.
Pali BJT‘ඉද්ධී’ති යා තෙසං ධම්මානං ඉද්ධි සමිද්ධි ඉජ්ඣනා සමිජ්ඣනා ලාභො පටිලාභො පත්ති සම්පත්ති ඵුසනා සච්ඡිකිරියා උපසම්පදා.
Sinhala BJT‘ඉද්ධි’ යනු: ඒ (සම්ප්‍රයුක්ත) ධර්‍මයන්ගේ යම් නිපැද්මෙක් මොනොවට නිපැද්මෙක් නිෂ්පත්තිආකාරයෙක් සමෘද්ධ වන අයුරෙක් ලාභයෙක් ප්‍රතිලාභයෙක් ප්‍රාප්තියක් සම්ප්‍රාප්තියක් ප්‍රතිලාභස්පර්‍ශයෙක් සාක්‍ෂාත්කිරීමෙක් පැමිණීමෙක් වේ ද, එය යි.
Pali BJT‘ඉද්ධිපාදො’ති තථාභූතස්ස වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො.
Sinhala BJT‘ඉද්ධිපාදො’ යනු: එ අයුරින් වූවහුගේ වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ යි.
Pali BJT‘ඉද්ධිපාදං භාවෙතී’ති තෙ ධම්මෙ ආසෙවති භාවෙති බහුලීකරොති, තෙන වුච්චති ඉද්ධිපාදං භාවෙතී’ති.
Sinhala BJT‘ඉද්ධිපාදං භාවෙති’ යනු: ඒ ධර්‍මයන් ආසෙවනය කෙරෙයි, වඩයි, පුනපුනා වඩයි. එහෙයින් ‘ඉද්ධිපාදං භාවෙති’ යි කියනු ලැබේ.
Pali BJT511. කථං ච භික්ඛු විරියසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති: විරියං චෙ භික්ඛු අධිපතිං කරිත්වා ලභති සමාධිං ලභති චිත්තස්ස එකග්ගතං, අයං වුච්චති විරිය සමාධි. සො අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති -පෙ- උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති, ඉමෙ වුච්චන්ති පධානසඞ්ඛාරා. ඉති අයං ච විරියසමාධි ඉමෙ ච පධානසඞ්ඛාරා තදෙකජ්ඣං අභිසඤ්ඤූහිත්වා අභිසංඛිපිත්වා විරියසමාධිපධානසඞ්ඛාරොත්වෙ’ව සඞ්ඛං ගච්ඡති.
Sinhala BJT511. කිසෙයින් මහණ වීර්‍ය්‍යසමාධියෙන් හා සම්‍යක්ප්‍රධන්වීර්‍ය්‍යයෙන් යුක්ත වූ ඍද්ධිපාදය වඩා ද යත්: ඉදින් මහණ වීර්‍ය්‍යය අධිපති කොට සමාධිය ලබා නම් චිත්තෛකාග්‍රතාව ලබා නම් මේ ‘වීර්‍ය්‍යසමාධි’ යි කියනු ලැබේ. හෙතෙම නූපන් ලාමක අකුශලධර්‍මයන්ගේ නො ඉපදීම පිණිස කුසලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි, සිත නඟාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍යය කෙරෙයි. ... උපන් කුශලධර්‍මයන්ගේ, සිටීම පිණිස නො නැසීම පිණිස පුනපුනා වැඩීම පිණිස විපුල බව පිණිස වැඩීම පිණිස සම්පූර්‍ණවීම පිණිස ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි, සිත නඟාසිටුවයි. ප්‍රධන්වීර්‍ය්‍යය කෙරේ. මොහු ‘පධානසඞ්ඛාර’ යි කියනු ලැබේ. මෙසේ මේ වීර්‍ය්‍ය සමාධිය ද මේ ප්‍රධානසංස්කාරයෝ ද වෙති. ඒ සියල්ල එක්රැස් කොට හකුළුවා ‘විරිය සමාධිපධානසඞ්ඛාර’ යි සඞ්ඛ්‍යාවට යේ.
Pali BJTතත්ථ කතමං විරියං: යො චෙතෙසිකො විරියාරම්භො -පෙ- සම්මාවායාමො, ඉදං වුච්චති විරියං.
Sinhala BJTඑහි ‘වීර්‍ය්‍ය’ කවරෙ යත්: යම් චෛතසික වීර්‍ය්‍යයාරම්භයෙක් ... සම්‍යග්ව්‍යායාමයෙක් වේ ද, මේ ‘වීර්‍ය්‍ය’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො සමාධි: යා චිත්තස්ස ඨිති -පෙ- සම්මාසමාධි, අයං වුච්චති සමාධි.
Sinhala BJTඑහි ‘සමාධි’ කවරෙ යත්: චිත්තයාගේ යම් සිටීමෙක් ... සම්‍යක්සමාධියෙක් වේද, මේ ‘සමාධි’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො පධානසඞ්ඛාරො: යො චෙතසිකො විරියාරම්භො -පෙ- සම්මාවායාමො, අයං වුච්චති පධානසඞ්ඛාරො.
Sinhala BJTඑහි ‘පධානසඞ්ඛාර’ කවරෙ යත්: යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් ... සම්‍යග් ව්‍යායාමයෙක් වේ ද, මේ ‘පධානසඞ්ඛාර’ යි කියනු ලැබේ.
Pali BJTඉති ඉමිනා ච විරියෙන ඉමිනා ච සමාධිනා ඉමිනා ච පධානසඞ්ඛාරෙන උපෙතො හොති -පෙ- සමන්නාගතො, තෙන වුච්චති විරියසමාධිපධානසඞ්ඛාරසමන්නාගතො’ති.{1}
Sinhala BJTමෙසේ මේ විරියයෙන් ද මේ සමාධියෙන් ද මේ පධානසඞ්ඛාරයෙන් ද යුක්ත වූයේ ... සමන්‍වාගත වූයේ වෙයි. එහෙයින් කියනු ලැබේ. ‘විරියසමාධිපධානසඞ්බාරසමන්නාගතො’ යි.
Pali BJT‘ඉද්ධි’ති යා තෙසං ධම්මානං ඉද්ධි සමිද්ධි ඉජ්ඣනා සමිජ්ඣනා ලාභො පටිලාභො පත්ති සම්පත්ති ඵුසනා සච්ඡිකිරියා උපසම්පදා.
Sinhala BJT‘ඉද්ධි’ යනු: ඒ (සම්ප්‍රයුක්ත) ධර්‍මයන්ගේ යම් නිපැද්මෙක් මොනොවට නිපැද්මෙක් නිෂ්පත්ති ආකාරයෙක් සමෘද්ධ වන අයුරෙක් ලාභයෙක් ප්‍රතිලාභයෙක් ප්‍රාප්තියක් සම්ප්‍රාප්තියක් ප්‍රතිලාභස්පර්‍ශයෙක් සාක්‍ෂාත් කිරීමෙක් පැමිණීමෙක් වේ ද (එයයි.)
Pali BJT‘ඉද්ධිපාදො’ති තථාභූතස්ස වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො.
Sinhala BJT‘ඉද්ධිපාදො’ යනු: එසේ වූවහුගේ වේදනාස්කන්‍ධය ... විඥානස්කන්‍ධය යි.
Pali BJT‘ඉද්ධිපාදං භාවෙතී’ති තෙ ධම්මෙ ආසෙවති භාවෙති බහුලීකරොති. තෙන වුච්චති ඉද්ධිපාදං භාවෙතී’ති.
Sinhala BJT‘ඉද්ධිපාදං භාවෙති’ යනු: ඒ ධර්‍මයන් ආසෙවනය කෙරෙයි, වඩයි, පුනපුනා වඩයි, එහෙයින් ‘ඉද්ධිපාදං භාවෙති’ යි කියනු ලැබේ.
Pali BJT512. කථං ච භික්ඛු චිත්තසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති: චිත්තං චෙ භික්ඛු අධිපතිං කරිත්වා ලභති සමාධිං ලභති චිත්තස්ස එකග්ගතං, අයං වුච්චති චිත්තසමාධි. සො අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති, -පෙ- උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති, ඉමෙ වුච්චන්ති පධානසඞ්ඛාරා. ඉති අයං ච චිත්තසමාධි ඉමෙ ච පධානසඞ්ඛාරා තදෙකජ්ඣං අභිසඤ්ඤූහිත්වා අභිසංඛිපිත්වා චිත්තසමාධිපධානසඞ්ඛාරොත්වෙ’ව සඞ්ඛං ගච්ඡති.
Sinhala BJT512. කිසෙයින් මහණ චිත්තසමාධියෙන් හා ප්‍රධානසංස්කාරයෙන් යුක්ත වූ ඍද්ධිපාදය වඩා ද යත්: ඉදින් මහණ තෙම චිත්තය අධිපති කොට සමාධිය ලබා නම් චිත්තෛකාග්‍රතාව ලබා නම් මේ ‘චිත්තසමාධි’ යි කියනු ලැබේ. හෙතෙම නූපන් ලාමක අකුසල්දහම් නො ඉපදීම පිණිස ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි, සිත දිරිගන්වයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ ... උපන් කුසල්දහම් සිටීම පිණිස නො නැසීම පිණිස පුනපුනා වැඩීම පිණිස විපුල බව පිණිස වැඩීම පිණිස පරිපූර්‍ණ බව පිණිස ඡන්‍දය උපදවයි, ව්‍යායාම කෙරෙයි, වීර්‍ය්‍යය කෙරෙයි, සිත දිරිගන්වයි, ප්‍රධන්වීර්‍ය්‍යය කෙරේ. මොහු ‘පධානසඞ්ඛාර’ යි කියනු ලැබේ. මෙසේ මේ චිත්තසමාධිය ද මේ පධානසඞ්බාරයෝ ද යන ඒ සියල්ල එක්රැස් කොට හකුළුවා ‘චිත්තසමාධිපධානසඞ්ඛාර’ යි ම සඞ්ඛ්‍යාවට යේ.
Pali BJTතත්ථ කතමං චිත්තං: යං චිත්තං මනො මානසං -පෙ- තජ්ජා මනොවිඤ්ඤාණධාතු, ඉදං වුච්චති චිත්තං.
Sinhala BJTඑහි ‘චිත්ත’ කවරෙ යත්: යම් සිතෙක් මනසෙක් මානසයෙක් ... තදනුරූප මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘චිත්ත’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො සමාධි: යා චිත්තස්ස ඨිති සණ්ඨිති -පෙ- සම්මාසමාධි, අයං වුච්චති සමාධි.
Sinhala BJTඑහි ‘සමාධි’ කවරෙ යත්: චිත්තයාගේ යම් සිටීමෙක් මොනොවට සිටීමෙක් ... සම්‍යක්සමාධියෙක් වේ ද, මේ ‘සමාධි’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො පධානසඞ්ඛාරො: යො චෙතසිකො විරියාරම්භො -පෙ- සම්මාවායාමො, අයං වුච්චති පධානසඞ්ඛාරො.
Sinhala BJTඑහි ‘පධානසඞ්ඛාර’ කවරෙ යත්: යම් චෛතසික වීර්‍ය්‍යයාරම්භයෙක් ... සම්‍යග් ව්‍යායාමයෙක් වේ ද, මේ ‘පධානසඞ්ඛාර’ යි කියනු ලැබේ.
Pali BJTඉති ඉමිනා ච චිත්තෙන ඉමිනා ච සමාධිනා ඉමිනා ච පධාන සඞ්ඛාරෙන උපෙතො හොති -පෙ- සමන්නාගතො, තෙන වුච්චති චිත්තසමාධිපධානසඞ්ඛාරසමන්නාගතො’ති.
Sinhala BJTමෙසේ මේ චිත්තයෙන් ද මේ සමාධියෙන් ද මේ පධානසඞ්ඛාරයෙන් ද උපේත වූයේ ... සමන්‍වාගත වූයේ වෙයි. එහෙයින් කියනු ලැබේ: ‘චිත්තසමාධිපධානසඞ්ඛාර සමන්නාගතො’ යි.
Pali BJT‘ඉද්ධි’ති යා තෙසං ධම්මානං ඉද්ධි -පෙ- උපසම්පදා.
Sinhala BJT‘ඉද්ධි යනු’: ඒ ධර්‍මයන්ගේ යම් නිෂ්පත්තියක් ... පැමිණීමෙක් වේ ද, එයයි.
Pali BJT‘ඉද්ධිපාදො’ති තථාභූතස්ස වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො.
Sinhala BJT‘ඉද්ධිපාදො’ යනු: එසේ වූවහුගේ වේදනාස්කන්‍ධ ... විඥානස්කන්‍ධ යි.
Pali BJT‘ඉද්ධිපාදං භාවෙතී’ති තෙ ධම්මෙ ආසෙවති භාවෙති බහුලීකරොති. තෙන වුච්චති ඉද්ධිපාදං භාවෙතී’ති.
Sinhala BJT‘ඉද්ධිපාදං භාවෙති’ යනු: ඒ ධර්‍මයන් ආසෙවනය කෙරෙයි, වඩයි, පුනපුනා වඩයි. එහෙයින් ‘ඉද්ධිපාදං භාවෙති’ යි කියනු ලැබේ.
Pali BJT513. කථං ච භික්ඛු වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති: වීමංසං චෙ භික්ඛු අධිපතිං කරිත්වා ලභති සමාධිං ලභති චිත්තස්ස එකග්ගතං, අයං වුච්චති වීමංසාසමාධි. සො අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති -පෙ- උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති, ඉමෙ වුච්චන්ති පධානසඞ්ඛාරා.
Sinhala BJT513. කිසෙයින් මහණ වීමංසාසමාධියෙන් හා සම්‍යක්ප්‍රධන් වීර්‍ය්‍යයෙන් සමන්‍වාගත වූ ඍද්ධිපාදය වඩා ද යත්: ඉදින් මහණ වීමංසාව අධිපති කොට සමාධිය ලබා නම් චිත්තෛකාග්‍රතාව ලබා නම් මේ ‘වීමංසාසමාධි’ යි කියනු ලැබේ. හෙතෙම නූපන් ලාමක අකුසල් දහම් නො ඉපදීම පිණිස ඡන්‍දය උපදවයි. ... උපන් කුසල්දහම් සිටීම පිණිස නො නැසීම පිණිස නැවත නැවත ඉපදීම පිණිස විපුල බව පිණිස වැඩීම පිණිස පරිපූර්‍ණත්‍වය පිණිස ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වීර්‍ය්‍ය කෙරෙයි, සිත නඟාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ. මොහු ‘පධානසඞ්ඛාර’ යි කියනු ලැබේ.
Pali BJTඉති අයං ච වීමංසාසමාධි ඉමෙ ච පධානසඞ්ඛාරා තදෙකජ්ඣං අභිසඤ්ඤූහිත්වා අභිසංඛිපිත්වා වීමංසාසමාධිපධානසඞ්ඛාරොත්වෙ’ව සඞ්ඛං ගච්ඡති.
Sinhala BJTමෙසේ මේ වීමංසාසමාධිය ද මේ පධානසඞ්ඛාරයෝ ද යන ඒ සියල්ල එක්රැස් කොට හකුළුවා ‘වීමංසාසමාධිපධානසඞ්ඛාර’ යි ම සඞ්ඛ්‍යාවට යේ.