Pali BJTන වත්තබ්බා හෙතු චෙව හෙතුසම්පයුත්තා චාති{1} හෙතුසම්පයුත්තා චෙව න ච හෙතු.
Sinhala BJTහේතු ද වූ ම හේතුසම්ප්‍රයුක්තහ යි ද නො කියයුත්තාහ, හේතුසම්ප්‍රයුක්ත ද වූවාහු ම නො ද හේතූහු වෙති.
Pali BJTන හෙතු සහෙතුකා.
Sinhala BJTහේතු නො වෙති, සහේතුකයහ.
Pali BJT483. සප්පච්චයා
Sinhala BJT483. (සතර සතිපට්ඨානයෝ) සප්‍රත්‍යයහ.
Pali BJTසඞ්ඛතා.
Sinhala BJTසඞ්ඛතයහ.
Pali BJTඅනිදස්සනා.
Sinhala BJTඅනිදර්‍ශනයහ.
Pali BJTඅප්පටිඝා.
Sinhala BJTඅප්‍රතිඝයහ.
Pali BJTඅරූපා.
Sinhala BJTඅරූපයහ.
Pali BJTලොකුත්තරා.
Sinhala BJTලෝකෝත්තරයහ.
Pali BJTකෙනචි විඤ්ඤෙය්යා, කෙනචි න විඤ්ඤෙය්යා.
Sinhala BJT(චක්‍ෂුරාදි) කිසි ඉන්‍ද්‍රියයකින් දතයුත්තාහ. කිසි ඉන්‍ද්‍රියයකින් නො දත යුත්තාහ.
Pali BJT484. නො ආසවා.
Sinhala BJT484. (සතර සතිපට්ඨානයෝ) ආස්‍රවයෝ නො වෙති.
Pali BJTඅනාසවා.
Sinhala BJTඅනාස්‍රවයෝ ය.
Pali BJTආසවවිප්පයුත්තා.
Sinhala BJTආස්‍රවවිප්‍රයුක්තයෝ ය.
Pali BJTන වත්තබ්බා ආසවා චෙව සාසවා’තිපි, සාසවා චෙව නො ච ආසවාති’පි.
Sinhala BJTආස්‍රව ද වූ ම සාස්‍රවහ යි ද සාස්‍රව ද වූ ම නො ද ආස්‍රවහ යි ද නො කියයුත්තාහු ය.
Pali BJTන වත්තබ්බා ආසවා චෙව ආසවසම්පයුත්තාති’පි, ආසවසම්පයුත්තා චෙව නො ච ආසවාති’පි.
Sinhala BJTආස්‍රව ද වූ ම ආස්‍රවසම්ප්‍රයුක්තහ යි ද ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූ ම නො ද ආස්‍රවහ යි ද නො කියයුත්තාහු ය.
Pali BJTආසවවිප්පයුත්තා අනාසවා.
Sinhala BJTආස්‍රවවිප්‍රයුක්ත වූ අනාස්‍රවයෝ ය.
Pali BJT485. නො සංයොජනා -පෙ- නො ගන්ථා -පෙ- නො ඔඝා -පෙ- නො යොගා -පෙ- නො නීවරණා -පෙ- නො පරාමාසා -පෙ-
Sinhala BJT485. (සතර සතිපට්ඨානයෝ) සංයෝජනයෝ නො වෙති ... ග්‍රන්‍ථයෝ නො වෙති ... ඕඝයෝ නො වෙති ... යෝගයෝ නො වෙති ... නීවරණයෝ නොවෙති ... පරාමර්‍ශයෝ නො වෙත්.
Pali BJT486. සාරම්මණා.
Sinhala BJT486. (සතර සතිපට්ඨානයෝ) සාලම්බනයෝ ය.
Pali BJTනො චිත්තා.
Sinhala BJTචිත්තයෝ නො වෙති.
Pali BJTචෙතසිකා.
Sinhala BJTචෛතසිකයෝ ය.
Pali BJTචිත්තසම්පයුත්තා.
Sinhala BJTචිත්තසම්ප්‍රයුක්තයෝ ය.
Pali BJTචිත්තසංසට්ඨා.
Sinhala BJTචිත්තසංසෘෂ්ටයෝ ය.
Pali BJTචිත්තසමුට්ඨානා.
Sinhala BJTචිත්තසමුත්‍ථානයෝ ය.
Pali BJTචිත්තසහභුනො.
Sinhala BJTචිත්තසහභූහු ය.
Pali BJTචිත්තානුපරිවත්තිනො.
Sinhala BJTචිත්තානුපරිවර්තීහු ය.
Pali BJTචිත්තාසංසට්ඨසමුට්ඨානා.
Sinhala BJTචිත්තසංසෘෂ්ටසමුත්‍ථානයෝ ය.
Pali BJTචිත්තසංසට්ඨසමුට්ඨානසහභුනො.
Sinhala BJTචිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූහු ය.
Pali BJTචිත්තසංසට්ඨසමුට්ඨානානුපරිවත්තිනො.
Sinhala BJTචිත්තසංසෘෂ්ටසමුත්‍ථානයානුපරිවර්තීහු ය.
Pali BJTබාහිරා.
Sinhala BJTබාහිරයෝ ය.
Pali BJTනො උපාදා.
Sinhala BJTඋපාදා නො වෙති.
Pali BJTඅනුපාදින්නා.
Sinhala BJTඅනුපාදින්නයෝ ය.
Pali BJT487. නො උපාදානා -පෙ- නො කිලෙසා -පෙ-
Sinhala BJT487. (සතර සතිපට්ඨානයෝ) උපාදානයෝ නො වෙති. ... ක්ලේශයෝ නො වෙති. …
Pali BJT488. න දස්සනෙන පහාතබ්බා.
Sinhala BJT488. (සතර සතිපට්ඨානයෝ) දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යයෝ නො වෙති.
Pali BJTන භාවනාය පහාතබ්බා.
Sinhala BJTභාවනායෙන් ප්‍රහාතව්‍යයෝ නො වෙති.
Pali BJTන දස්සනෙන පහාතබ්බහෙතුකා.
Sinhala BJTදර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු නො වෙති.
Pali BJTන භාවනාය පහාතබ්බහෙතුකා.
Sinhala BJTභාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු නො වෙති.
Pali BJTසියා සවිතක්කා, සියා අවිතක්කා.
Sinhala BJTසවිතර්‍ක ද වන්නාහ, අවිතර්‍ක ද වන්නාහු ය.
Pali BJTසියා සවිචාරා, සියා අවිචාරා.
Sinhala BJTසවිචාර ද වන්නාහ, අවිචාර ද වන්නාහු ය.
Pali BJTසියා සප්පීතිකා, සියා අප්පීතිකා.
Sinhala BJTසප්‍රීතික ද වන්නාහ, අප්‍රීතික ද වන්නාහු ය.
Pali BJTසියා පීතිසහගතා, සියා න පීතිසහගතා.
Sinhala BJTප්‍රීතිසහගත ද වන්නාහ, ප්‍රීතිසහගත නො ද වන්නාහු ය.
Pali BJTසියා සුඛසහගතා, සියා න සුඛසහගතා.
Sinhala BJTසුඛසහගත ද වන්නාහ, සුඛසහගත නො ද වන්නාහු ය.
Pali BJTසියා උපෙක්ඛාසහගතා, සියා න උපෙක්ඛාසහගතා.
Sinhala BJTඋපේක්‍ෂාසහගත ද වන්නාහ, උපේක්‍ෂාසහගත නො ද වන්නාහු ය.
Pali BJTන කාමාවචරා.
Sinhala BJTකාමාවචරයෝ නො වෙති.
Pali BJTන රූපාවචරා.
Sinhala BJTරූපාවචරයෝ නො වෙති.
Pali BJTන අරූපාවචරා.
Sinhala BJTඅරූපාවචරයෝ නො වෙති.
Pali BJTඅපරියාපන්නා.
Sinhala BJTඅපර්‍ය්‍යාපන්නයෝ ය.
Pali BJTසියා නිය්යානිකා, සියා අනිය්යානිකා.
Sinhala BJTනෛර්‍ය්‍යාණික ද වන්නාහ, අනෛර්‍ය්‍යාණික ද වන්නාහු ය.
Pali BJTසියා නියතා, සියා අනියතා.
Sinhala BJTනියත ද වන්නාහ, අනියත ද වන්නාහු ය.
Pali BJTඅනුත්තරා.
Sinhala BJTඅනුත්තරයෝ ය.
Pali BJTඅරණාති.
Sinhala BJTඅරණයෝ යි.
Pali BJTපඤ්හපුච්ඡකං.
Sinhala BJTපඤ්හපුච්ඡකය යි.
Pali BJTසතිපට්ඨානවිභඞ්ගො නිට්ඨිතො.
Sinhala BJTසතිපට්ඨානවිභඞ්ගය නිමි.
Pali BJT8. සම්මප්පධාන විභඞ්ගො
Sinhala BJT8. සම්‍යක්ප්‍රධාන විභඞ්ගය
Pali BJT489. චත්තාරො සම්මප්පධානා: ඉධ භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති.
Sinhala BJT489. සම්‍යක්ප්‍රධානයෝ සතර දෙනෙකි: මෙ සස්නෙහි පිළිපන්මහණ නූපන් ලාමක අකුශලධර්‍මයන්ගේ නො ඉපදීම පිණිස කත්තුකම්‍යතාකුසලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, කායික චෛතසික වීර්‍ය්‍ය කෙරෙයි, (එ ම සහජාත වීර්‍ය්‍යයෙන්) සිත නඟාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි, උපන් ලාමක අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස කත්තුකම්‍යතාකුසලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වීර්‍ය්‍යය කෙරෙයි, සිත නඟාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍යය කෙරෙයි. නූපන් කුශලධර්‍මයන්ගේ ඉපදීම පිණිස කුසලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වීර්‍ය්‍යය කෙරෙයි, සිත නඟාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍යය කෙරෙයි. උපන් කුශලධර්‍මයන්ගේ සිටීම පිණිස නො නැසීම පිණිස පුනපුනා ඉපැදීම පිණිස විපුලබව පිණිස වැඩීම පිණිස සම්පූර්‍ණ වීම පිණිස කත්තුකම්‍යතාකුසලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වීර්‍ය්‍යය කෙරෙයි, සිත නඟාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍යය කෙරෙයි.
Pali BJT490. කථඤ්ච භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති:
Sinhala BJT490. කිසෙයින් මහණ නූපන් ලාමක අකුශලධර්‍මයන් නො ඉපදීම පිණිස කුසලච්ඡන්‍දය උපදවා ද, වෑයම් කෙරේ ද, වීර්‍ය්‍ය කෙරේ ද, සිත නඟාසිටුවා ද, ප්‍රධන්වීර්‍ය්‍යය කෙරේ ද යත්:
Pali BJTතත්ථ කතමෙ අනුප්පන්නා පාපකා අකුසලා ධම්මා: තීණි අකුසලමූලානි: ලොභො දොසො මොහො, තදෙකට්ඨා ච කිලෙසා, තංසම්පයුත්තො වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො, තංසමුට්ඨානං කායකම්මං වචීකම්මං මනොකම්මං, ඉමෙ වුච්චන්ති අනුප්පන්නා පාපකා අකුසලා ධම්මා.
Sinhala BJTඑහි නූපන් අකුශලධර්‍මයෝ කවරහ යත්: ලෝභ දෝස මෝහ යන තුන් අකුශල මූලයෝ යැ, තදේකස්ථ වූ ක්ලේශයෝ යැ, තත්සම්ප්‍රයුක්ත වූ වේදනාස්කන්‍ධ යැ සංඥාස්කන්‍ධ යැ සංස්කාරස්කන්‍ධ යැ විඥානස්කන්‍ධ යැ, තත්සමුත්‍ථාන වූ කායකර්‍ම ය වාක්කර්‍ම ය මනඃකර්‍ම ය යන මොහු ‘නූපන් අකුශලධර්‍මයෝ’ යි කියනු ලැබෙත්.
Pali BJTඉති ඉමෙසං අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති.
Sinhala BJTමෙසේ මේ නූපන් ලාමක අකුශලධර්‍මයන් නො ඉපදීම පිණිස කුසලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වීර්‍ය්‍යය කෙරෙයි, සිත නඟාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍යය කෙරේ.
Pali BJT‘ඡන්දං ජනෙතී’ති, තත්ථ කතමො ඡන්දො: යො ඡන්දො ඡන්දිකතා කත්තුකම්යකතාකුසලො ධම්මච්ඡන්දො, අයං වුච්චති ඡන්දො. ඉමං ඡන්දං ජනෙති සඤ්ජනෙති උට්ඨපෙති සමුට්ඨපෙති නිබ්බත්තෙති අභිනිබ්බත්තෙති. තෙන වුච්චති ඡන්දං ජනෙතී’ති
Sinhala BJTඡන්‍දං ජනෙති යනු: එහි ‘ඡන්‍දය’ කවරෙ යත්: යම් ඡන්‍දයෙක් ඡන්‍දය කරන අයුරෙක් කරනු කැමැති බවෙක් කුශලයෙක් ස්වභාවඡන්‍දයෙක් වේ ද, මේ ‘ඡන්‍ද’ යි කියනු ලැබේ. මේ ඡන්‍දය උපදවයි. නිරතුරු කෙරෙයි, නඟාසිටුවයි, මොනොවට නඟාසිටුවයි, නිපදවයි, වෙසෙසින් නිපදවයි. එහෙයින් ‘ඡන්‍දං ජනෙති’ යි කියනු ලැබේ.
Pali BJT‘වායමතී’ති තත්ථ කතමො වායාමො: යො චෙතසිකො විරියාරම්භො -පෙ- සම්මාවායාමො, අයං වුච්චති වායාමො, ඉමිනා වායාමෙන උපෙතො හොති සමුපෙතො උපගතො{1} සමුපගතො{2} උප්පන්නො සම්පන්නො සමන්නාගතො, තෙන වුච්චති ‘වායමතී’ති.
Sinhala BJTවායමති යනු: එහි ‘වායාම’ කවරෙ යත්: යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් ... සම්‍යග්ව්‍යායාමයෙක් වේ ද, මේ ‘වායාම’ යි කියනු ලැබේ. මේ වායාමයෙන් උපේත වූයේ සමුපේත වූයේ එළඹසිටියේ මොනොවට එළඹසිටියේ නො වෙන් වූයේ පිරිපුන් වූයේ සමන්‍වාගත වූයේ වේ. එහෙයින් ‘වායමති’ යි කියනු ලැබේ.
Pali BJT‘විරියං ආරභතී’ති තත්ථ කතමං විරියං: යො චෙතසිකො විරියාරම්භො -පෙ- සම්මාවායාමො, ඉදං වුච්චති විරියං. ඉමං විරියං ආරභති සමාරභති ආසෙවති භාවෙති බහුලීකරොති, තෙන වුච්චති ‘විරියං ආරභතී’ති.
Sinhala BJTවිරියං ආරභති යනු: එහි ‘විරිය’ කවරෙ යත්: යම් චෛතසිකවීර්‍ය්‍යාරම්භයෙක් ... සම්‍යග්ව්‍යායාමයෙක් වේ ද, මේ ‘විරිය’ යි කියනු ලැබේ. මේ වීර්‍ය්‍ය කෙරෙයි, (අරඹයි) පුනපුනා කෙරෙයි, ඇසුරු කෙරෙයි, වඩයි, බහුල කෙරෙයි. එහෙයින් ‘විරියං ආරභති’ යි කියනු ලැබේ.
Pali BJT‘චිත්තං පග්ගණ්හාතී’ති තත්ථ කතමං චිත්තං: යං චිත්තං මනො මානසං -පෙ- තජ්ජා මනොවිඤ්ඤාණධාතු, ඉදං වුච්චති චිත්තං, ඉමං චිත්තං පග්ගණ්හාති සම්පග්ගණ්හාති උපත්ථම්භෙති පච්චුපත්ථම්භෙති, තෙන වුච්චති ‘චිත්තං පග්ගණ්හාතී’ති.
Sinhala BJTචිත්තං පග්ගණ්හාති යනු: එහි ‘චිත්තය’ කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් ... තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘චිත්ත’ යි කියනු ලැබේ. මේ චිත්තය නඟාසිටුවයි, පුනපුනා නඟාසිටුවයි, රුකුල්දෙයි, පුනපුනා රුකුල් දෙයි, එහෙයින් ‘චිත්තං පග්ගණ්හාති’ යි කියනු ලැබේ.
Pali BJT‘පදහතී’ති තත්ථ කතමං පධානං: යො චෙතසිකො විරියාරම්භො -පෙ- සම්මාවායාමො, ඉදං වුච්චති පධානං, ඉමිනා පධානෙන උපෙතො හොති -පෙ- සමන්නාගතො, තෙන වුච්චති පදහතී’ති.
Sinhala BJTපදහති යනු: එහි ‘පධාන’ කවරෙ යත්: යම් චෛතසිකවීර්‍ය්‍යාරම්භයෙක් … සම්‍යග්ව්‍යායාමයෙක් වේ ද, මේ ‘පධාන’ යි කියනු ලැබේ. මේ පධානයෙන් උපේත වූයේ ... සමන්‍වාගත වූයේ වේ. එහෙයින් ‘පදහති’ යි කියනු ලැබේ.
Pali BJT491. කථඤ්ච භික්ඛු උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති:
Sinhala BJT491. කිසෙයින් මහණ උපන් ලාමක අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස කුසලච්ඡන්‍දය උපදවා ද, වෑයම් කෙරේ ද, වැර අරඹා ද, සිත නඟාසිටුවා ද, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ ද යත්:
Pali BJTතත්ථ කතමෙ උප්පන්නා පාපකා අකුසලා ධම්මා: තීණි අකුසලමූලානි: ලොභො දොසො මොහො, තදෙකට්ඨා ච කිලෙසා, තං සම්පයුත්තො වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, තං සමුට්ඨානං කායකම්මං වචීකම්මං මනොකම්මං, ඉමෙ වුච්චන්ති උප්පන්නා පාපකා අකුසලා ධම්මා. ඉති ඉමෙසං උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති.
Sinhala BJTඑහි උපන් ලාමක අකුශලධර්‍මයෝ කවරහ යත්: ලෝභ දෝස මෝහ යන තුන් අකුශලමූලයෝ යැ තදේකස්ථ වූ ක්ලේශයෝ යැ තත්සම්ප්‍රයුක්ත වූ වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය, තත්සමුත්‍ථාන වූ කායකර්‍ම ය වාක්කර්‍ම ය මනඃකර්‍ම යන මොහු ‘උපන් ලාමක අකුශල ධර්‍මයෝ’ යි කියනු ලැබෙත්. මෙසේ මේ උපන් ලාමක අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස කුසලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි, සිත නඟාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ.
Pali BJT‘ඡන්දං ජනෙතී’ති -පෙ- ‘වායමතී’ති -පෙ- ‘විරියං ආරභතී’ති -පෙ- ‘චිත්තං පග්ගණ්හාතී’ති -පෙ- ‘පදහතී’ති තත්ථ කතමං පධානං: යො චෙතසිකො විරියාරම්භො -පෙ- සම්මාවායාමො ඉදං වුච්චති පධානං, ඉමිනා පධානෙන උපෙතො හොති -පෙ- සමන්නාගතො, තෙන වුච්චති ‘පදහතී’ති.
Sinhala BJTඡන්‍දං ජනෙති යනු: ... වායමති යනු: ... විරියං ආරභති යනු: ... චිත්තං පග්ගණ්හාති යනු: ... පදහති යනු: එහි ‘පධාන’ කවරෙ යත්: යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් ... සම්‍යග්ව්‍යායාමයෙක් වේ ද, මේ ‘පධාන’ යි කියනු ලැබේ. මේ පධානයෙන් උපේත වූයේ ... සමන්‍වාගත වූයේ වේ. එහෙයින් ‘පදහති’ යි කියනු ලැබේ.
Pali BJT492. කථඤ්ච භික්ඛු අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති:
Sinhala BJT492. කිසෙයින් මහණ නූපන් කුශලධර්‍මයන් ඉපදීම පිණිස කුසලච්ඡන්‍දය උපදවා ද, වෑයම් කෙරේ ද, වැර අරඹා ද, සිත නඟාසිටුවා ද, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ ද යත්:
Pali BJTතත්ථ කතමෙ අනුප්පන්නා කුසලා ධම්මා: තීණි කුසලමූලානි: අලොභො අදොසො අමොහො, තංසම්පයුත්තො වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, තංසමුට්ඨානං කායකම්මං වචීකම්මං මනොකම්මං, ඉමෙ වුච්චන්ති අනුප්පන්නා කුසලා ධම්මා, ඉති ඉමෙසං අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති.
Sinhala BJTඑහි නූපන් කුශලධර්‍මයෝ කවරහ යත්: අලෝභ අදෝස අමෝහ යන තුන් කුශල මූලයෝ යැ. තත්සම්ප්‍රයුක්ත වූ වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය, තත්සමුත්‍ථාන වූ කායකර්‍ම ය වාක්කර්‍ම ය මනඃකර්‍ම ය යන මොහු ‘නූපන් කුශලධර්‍මයෝ’ යි කියනු ලැබෙත්. මෙසේ මේ නූපන් කුශලධර්‍මයන් ඉපදීම පිණිස කුසලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි, සිත නඟාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ.
Pali BJT‘ඡන්දං ජනෙතී’ති -පෙ- ‘වායමතී’ති -පෙ- ‘විරියං ආරභතී’ති -පෙ- ‘චිත්තං පග්ගණ්හාතී’ති -පෙ- ‘පදහතී’ති තත්ථ කතමං පධානං: යො චෙතසිකො විරියාරම්භො -පෙ- සම්මා වායාමො, ඉදං වුච්චති පධානං, ඉමිනා පධානෙන උපෙතො හොති -පෙ- සමන්නාගතො, තෙන වුච්චති ‘පදහතී’ති.
Sinhala BJTඡන්‍දං ජනෙති යනු: ... වායමති යනු: ... විරියං ආරභති යනු: ... චිත්තය පග්ගණ්හාති යනු: ... පදහති යනු: එහි ‘පධාන’ කවරෙ යත්: යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් ... සම්‍යග්ව්‍යායාමයෙක් වේ ද, මේ ‘පධාන’ යි කියනු ලැබේ. මේ පධානයෙන් උපේත වූයේ ... සමන්‍වාගත වූයේ වේ. එහෙයින් ‘පදහති’ යි කියනු ලැබේ.
Pali BJT493. කථඤ්ච භික්ඛු උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති.
Sinhala BJT493. කිසෙයින් මහණ උපන් කුශලධර්‍මයන්ගේ සිටීම පිණිස නො නැසීම පිණිස පුනපුනා ඉපදීම පිණිස විපුල බව පිණිස වැඩීම පිණිස පරිපූර්‍ණ වීම පිණිස කුශලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි, සිත නඟාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි යත්:
Pali BJTතත්ථ කතමෙ උප්පන්නා කුසලා ධම්මා: තීණි කුසලමූලානි: අලොභො අදොසො අමොහො, තංසම්පයුත්තො වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, තංසමුට්ඨානං කායකම්මං වචීකම්මං මනොකම්මං, ඉමෙ වුච්චන්ති උප්පන්නා කුසලා ධම්මා, ඉති ඉමෙසං උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති.
Sinhala BJTඑහි උපන් කුශලධර්‍මයෝ කවරහ යත්: අලෝභ අදෝස අමෝහ යන තුන් කුශල මූලයෝ ය, තත්සම්ප්‍රයුක්ත වූ වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය, තත්සමුත්‍ථාන වූ කායකර්‍ම වාක්කර්‍ම මනඃකර්‍ම යන මොහු ‘උපන් කුශලධර්‍මයෝ’ යි කියනු ලැබෙත්. මෙසේ මේ උපන් කුශලධර්‍මයන්ගේ සිටීම පිණිස නො නැසීම පිණිස පුනපුනා ඉපදීම පිණිස විපුල බව පිණිස වැඩීම පිණිස පරිපූර්‍ණ වීම පිණිස කුශලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි, සිත නඟාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ.
Pali BJT‘ඨිතියා’ති යා ඨිති සො අසම්මොසො, යො අසම්මොසො සො භිය්යොභාවො, යො භිය්යොභාවො තං වෙපුල්ලං, යං වෙපුල්ලං සා භාවනා, යා භාවනා සා පාරිපූරී.
Sinhala BJTඨිතියා යනු: යමක් ‘ඨිති’ නම් හේ ‘අසම්මෝස’ ය, යමෙක් ‘අසම්මෝස’ නම් හේ ‘භිය්‍යොභාව’ ය, යමෙක් ‘භිය්‍යොභාව’ නම් ඒ ‘වේපුල්ල’ ය, යමක් ‘වේපුල්ල’ නම් ඕ ‘භාවනා’ ය, යමක් ‘භාවනා’ නම් ඕ පාරිපූරී ය.
Pali BJT‘ඡන්දං ජනෙතී’ති -පෙ- ‘වායමතී’ති -පෙ- ‘විරියංආරභතී’ති -පෙ- ‘චිත්තං පග්ගණ්හාතී’ති -පෙ- ‘පදහතී’ති තත්ථ කතමං පධානං: යො චෙතසිකො විරියාරම්භො -පෙ- සම්මාවායාමො, ඉදං වුච්චති පධානං, ඉමිනා පධානෙන උපෙතො හොති -පෙ- සමන්නාගතො, තෙන වුච්චති ‘පදහතී’ති.
Sinhala BJTඡන්‍දං ජනෙති යනු: ... වායමති යනු: ... විරියං ආරභති යනු: ... චිත්තං පග්ගණ්හාති යනු: ... පදහති යනු: එහි ‘පධාන’ කවරෙ යත්: යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් ... සම්‍යග්ව්‍යායාමයෙක් වේ ද, මේ ‘පධාන’ යි කියනු ලැබේ. මේ පධානයෙන් උපේත වූයේ ... සමන්‍වාගත වූයේ වේ. එහෙයින් ‘පදහති’ යි කියනු ලැබේ.
Pali BJTසුත්තන්තභාජනියං.
Sinhala BJTසූත්‍රාන්තභාජනිය යි.
Pali BJT494. චත්තාරො සම්මප්පධානා: ඉධ භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති, උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති, අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති, උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති.
Sinhala BJT494. සම්‍යක්ප්‍රධානයෝ සතර දෙනෙකි. මෙ සස්නෙහි මහණ තෙම නූපන් ලාමක අකුශලධර්‍මයන්ගේ නො ඉපදීම පිණිස කුශලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි, සිත නඟාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ. උපන් ලාමක අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස කුශලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි, සිත නඟාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍යකෙරේ. නූපන් කුශලධර්‍මයන්ගේ ඉපදීම පිණිස කුශලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි, සිත දිරි ගන්වයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ. උපන් කුශලධර්‍මයන්ගේ සිටීම පිණිස නො නැසීම පිණිස පුනපුනා ඉපදීම පිණිස විපුල බව පිණිස වැඩීම පිණිස පරිපූර්‍ණ බව පිණිස කුශලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි, සිත දිරිගන්වයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ.
Pali BJT495. කථඤ්ච භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති: ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං, තස්මිං සමයෙ අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති.
Sinhala BJT495. කිසෙයින් මහණ නූපන් ලාමක අකුශලධර්‍මයන්ගේ නො ඉපදීම පිණිස කුශලච්ඡන්‍දය උපදවා ද, වෑයම් කෙරේ ද, වැර අරඹා ද, සිත දිරිගන්වා ද, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ ද යත්: මෙ සස්නෙහි මහණ තෙම යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුක්පිළිවෙත් ඇති ලැසි අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි නූපන් ලාමක අකුශලධර්‍මයන්ගේ නො ඉපදීම පිණිස කුශලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි, සිත දිරිගන්වයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ.
Pali BJT‘ඡන්දං ජනෙතී’ති, තත්ථ කතමො ඡන්දො: යො ඡන්දො ඡන්දිකතා කත්තුකම්යතා කුසලො ධම්මච්ඡන්දො, අයං වුච්චති ඡන්දො ඉමං ඡන්දං ජනෙති සඤ්ජනෙති වුට්ඨාපෙති සමුට්ඨපෙති නිබ්බත්තෙති අභිනිබ්බත්තෙති. තෙන වුච්චති ‘ඡන්දං ජනෙතී’ති.
Sinhala BJTඡන්‍දං ජනෙති යනු: එහි ‘ඡන්‍ද’ කවරෙ යත්: යම් ඡන්‍දයෙක් ඡන්‍දය කරන අයුරෙක් කරනු කැමැති බවෙක් කුශලයෙක් ස්වභාවඡන්‍දයෙක් වේ ද, මේ ‘ඡන්‍ද’ යි කියනු ලැබේ. මේ ඡන්‍දය උපදවයි, නිරතුරු උපදවයි, නඟාසිටුවයි, මොනොවට නඟාසිටුවයි, නිපදවයි, වෙසෙසින් නිපදවයි, එහෙයින් ‘ඡන්‍දං ජනෙති’ යි කියනු ලැබේ.
Pali BJT‘වායමතී’ති තත්ථ කතමො වායාමො: යො චෙතසිකො විරියාරම්භො -පෙ- සම්මාවායාමො, විරියසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං වුච්චති වායාමො. ඉමිනා වායාමෙන උපෙතො හොති සමුපෙතො උපගතො සමුපගතො උප්පන්නො සමුප්පන්නො සමන්නාගතො, තෙන වුච්චති ‘වායමතී’ති.
Sinhala BJTවායමති යනු: එහි ‘වායාම’ කවරෙ යත්: යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් ... මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ සම්‍යග්ව්‍යායාමයෙක් වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘වායාම’ යි කියනු ලැබේ. මේ වායාමයෙන් උපේත වූයේ සමුපේත වූයේ එළඹසිටියේ නො වෙන් වූයේ පිරිපුන් වූයේ සමන්‍විත වූයේ යි. එහෙයින් ‘වායමති’ යි කියනු ලැබේ.
Pali BJT‘විරියං ආරභතී’ති තත්ථ කතමං විරියං: යො චෙතසිකො විරියාරම්භො -පෙ- සම්මාවායාමො, විරියසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, ඉදං වුච්චති විරියං. ඉමං විරියං ආරභති සමාරභති ආසෙවති භාවෙති බහුලීකරොති, තෙන වුච්චති ‘විරියං ආරභතී’ති.
Sinhala BJTවිරියං ආරභති යනු: එහි ‘විරිය’ කවරෙ යත්: යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් ... මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ සම්‍යග්ව්‍යායාමයෙක් වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘විරිය’ යි කියනු ලැබේ. මේ වීර්‍ය්‍යය අරඹයි, මොනොවට අරඹයි, ආසෙවනය කෙරෙයි, භාවනා කෙරෙයි, පුනපුනා කෙරේ. එහෙයින් ‘විරියං ආරභති’ යි කියනු ලැබේ.
Pali BJT‘චිත්තං පග්ගණ්හාතී’ති තත්ථ කතමං චිත්තං: යං චිත්තං මනො මානසං -පෙ- තජ්ජා මනොවිඤ්ඤාණධාතු, ඉදං වුච්චති චිත්තං. ඉමං චිත්තං පග්ගණ්හාති සම්පග්ගණ්හාති උපත්ථම්භෙති පච්චුපත්ථම්භෙති. තෙන වුච්චති චිත්තං පග්ගණ්හාතී’ති.
Sinhala BJTචිත්තං පග්ගණ්හාති යනු: එහි ‘චිත්ත’ කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූපමනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘චිත්ත’ යි කියනු ලැබේ. මේ චිත්තය නඟාසිටුවයි, පුනපුනා නඟාසිටුවයි, රුකුල් දෙයි, පුනපුනා රුකුල් දෙයි, එහෙයින් ‘චිත්තං පග්ගණ්හාති’ යි කියනු ලැබේ.
Pali BJT‘පදහතී’ති තත්ථ කතමං සම්මප්පධානං: යො චෙතසිකො විරියාරම්භො -පෙ- සම්මාවායාමො, විරියසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං - ඉදං වුච්චති සම්මප්පධානං, අවසෙසා ධම්මා සම්මප්පධාන සම්පයුත්තා.
Sinhala BJTපදහති යනු: එහි ‘සම්‍යක්ප්‍රධාන’ කවරෙ යත්: යම් චෛතසිකවීර්‍ය්‍යාරම්භයෙක් ... මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ සම්‍යග්ව්‍යායාමයෙක් වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්‍යක්ප්‍රධාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ සම්‍යක් ප්‍රධාන සම්ප්‍රයුක්ත යෝ යි.
Pali BJT496. කථඤ්ච භික්ඛු උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති: ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං. තස්මිං සමයෙ උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති.
Sinhala BJT496. කිසෙයින් මහණ උපන් ලාමක අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස කුශලච්ඡන්‍දය උපදවා ද, වෑයම් කෙරේ ද, වැර අරඹා ද, සිත නඟාසිටුවා ද, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ ද යත්: මෙ සස්නෙහි මහණ තෙම යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථම භූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යධානයට පැමිණ වෙසේ ද, එසමයෙහි උපන් ලාමක අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස කුශලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි, සිත නඟාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ.
Pali BJT‘ඡන්දං ජනෙතී’ති, -පෙ- ‘වායමතී’ති -පෙ- ‘විරියං ආරභතී’ති -පෙ- ‘චිත්තං පග්ගණ්හාතී’ති -පෙ- ‘පදහතී’ති තත්ථ කතමං සම්මප්පධානං: යො චෙතසිකො විරියාරම්භො -පෙ- සම්මාවායාමො විරියසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං. ඉදං වුච්චති සම්මප්පධානං. අවසෙසා ධම්මා සම්මප්පධානසම්පයුත්තා.
Sinhala BJTඡන්‍දං ජනෙති යනු: ... වායමති යනු: ... විරියං ආරභති යනු: ... චිත්තං පග්ගණ්හාති යනු: ... පදහති යනු: එහි ‘සම්‍යක්ප්‍රධාන’ කවරෙ යත්: යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් ... මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ සම්‍යග්ව්‍යායාමයෙක් වීර්‍ය්‍ය සම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්‍යක්ප්‍රධාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ සම්‍යක්ප්‍රධානසම්ප්‍රයුක්තයෝ යි.
Pali BJT497. කථඤ්ච භික්ඛු අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති: ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං, තස්මිං සමයෙ අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති.
Sinhala BJT497. කිසෙයින් මහණ නූපන් කුශලධර්‍මයන්ගේ උත්පාදය පිණිස කුශලච්ඡන්‍දය උපදවා ද, වෑයම් කෙරේ ද, වැර අරඹා ද, චිත්තය නඟාසිටුවා ද, ප්‍රධන්වීර්‍ය්‍යකෙරේ ද යත්: මෙ සස්නෙහි මහණ තෙම දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධ - අභිඥා ඇති ප්‍රථමධ්‍යධානයට පැමිණ වෙසේ ද, එසමයෙහි නූපන් කුශලධර්‍මයන්ගේ උත්පාදය පිණිස කුශලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි, චිත්තය නඟාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ.
Pali BJT‘ඡන්දං ජනෙතී’ති, -පෙ- ‘වායමතී’ති -පෙ- ‘විරියං ආරභතී’ති -පෙ- ‘චිත්තං පග්ගණ්හාතී’ති -පෙ- ‘පදහතී’ති, තත්ථ කතමං සම්මප්පධානං: යො චෙතසිකො විරියාරම්භො -පෙ- සම්මාවායාමො විරියසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං - ඉදං වුච්චති සම්මප්පධානං. අවසෙසා ධම්මා සම්මප්පධානසම්පයුත්තා.
Sinhala BJTඡන්‍දං ජනෙති යනු: ... වායමති යනු: ... විරියං ආරභති යනු: ... චිත්තංපග්ගණ්හාති යනු: ... පදහති යනු: එහි ‘සම්මප්පධාන’ කවරෙ යත්: යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් ... මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ සම්‍යග්ව්‍යායාමයෙක් වීර්‍ය්‍ය සම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්මප්පධාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ සම්මප්පධාන සම්ප්‍රයුක්තයෝ යි.
Pali BJT498. කථඤ්ච භික්ඛු උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති: ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං, තස්මිං සමයෙ උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති.
Sinhala BJT498. කිසෙයින් මහණ උපන් කුශලධර්‍මයන් සිටීම පිණිස නො නැසීම පිණිස පුනපුනා ඉපදීම පිණිස විපුල බව පිණිස වැඩීම පිණිස පරිපූර්‍ණ බව පිණිස කුශලච්ඡන්‍දය උපදවා ද, වෑයම් කෙරේ ද, වැර අරඹා ද, සිත නඟාසිටුවා ද, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ ද යත්: මෙ සස්නෙහි මහණ තෙම යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධ – අභිඥා ඇති ප්‍රථමධ්‍යධානයට පැමිණ වෙසේ ද, එසමයෙහි උපන් කුශලධර්‍මයන් සිටීම පිණිස නො නැසීම පිණිස පුනපුනා ඉපදීම පිණිස විපුල බව පිණිස වැඩීම පිණිස පරිපූර්‍ණ බව පිණිස කුශලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි, සිත නඟාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ.
Pali BJT‘ඨිතියා’ති යා ඨිති සො අසම්මොසො. යො අසම්මොසො සො භිය්යොභාවො. යො භිය්යොභාවො තං වෙපුල්ලං. යං වෙපුල්ලං සා භාවනා. යා භාවනා සා පාරිපූරි.
Sinhala BJTඨිතියා යනු: යමක් ඨිති නම් හෝ අසම්මෝස ය, යමෙක් අසම්මෝස නම් හේ භිය්‍යොභාව ය, යමෙක් භිය්‍යොභාව නම් ඒ වේපුල්ල ය, යමක් වේපුල්ල නම් ඕ භාවනා ය, යමක් භාවනා නම් ඕ පාරිපූරී වේ.
Pali BJT‘ඡන්දං ජනෙතී’ති තත්ථ කතමො ඡන්දො: යො ඡන්දො ඡන්දිකතා කත්තුකම්යතා කුසලො ධම්මච්ඡන්දො, අයං වුච්චති ඡන්දො. ඉමං ඡන්දං ජනෙති සඤ්ජනෙති වුට්ඨාපෙති සමුට්ඨපෙති නිබ්බත්තෙති අභිනිබ්බත්තෙති. තෙන වුච්චති ‘ඡන්දං ජනෙතී’ති.
Sinhala BJTඡන්‍දං ජනෙති යනු: එහි ‘ඡන්‍දය’ කවරෙ යත්: යම් ඡන්‍දයෙක් ඡන්‍දය කරන අයුරෙක් කරනු කැමැති බවෙක් කුශලයෙක් ස්වභාවඡන්‍දයෙක් වේ ද, මේ ‘ඡන්‍ද’ යි කියනු ලැබේ. මේ ඡන්‍දය උපදවයි, නිරතුරු උපදවයි, නඟාසිටුවයි, මොනොවට නඟාසිටුවයි, නිපදවයි, වෙසෙසින් නිපදවයි. එහෙයින් ‘ඡන්‍දං ජනෙති’ යි කියනු ලැබේ.
Pali BJT‘වායමතී’ති තත්ථ කතමො වායාමො: යො චෙතසිකො විරියාරම්භො -පෙ- සම්මාවායාමො විරියසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං වුච්චති වායාමො ඉමිනා වායාමෙන උපෙතො හොති -පෙ- සමන්නාගතො. තෙන වුච්චති ‘වායමතී’ති.
Sinhala BJTවායමති යනු: එහි ‘වායාම’ කවරෙ යත්: යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් ... මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ සම්‍යග්ව්‍යායාමයෙක් වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘වායාම’ යි කියනු ලැබේ. මේ වායාමයෙන් යුක්ත වූයේ ... සමන්‍වාගත වූයේ වේ. එහෙයින් ‘වායමති’ යි කියනු ලැබේ.
Pali BJT‘විරියං ආරභතී’ති තත්ථ කතමං විරියං: යො චෙතසිකො විරියාරම්භො -පෙ- සම්මාවායාමො විරියසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, ඉදං වුච්චති විරියං ඉමං විරියං ආරභති සමාරභති ආසෙවති භාවෙති බහුලීකරොති, තෙන වුච්චති ‘විරියං ආරභතී’ති.
Sinhala BJTවිරියං ආරභති යනු: එහි ‘විරිය’ කවරෙ යත්: යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් ... මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ සම්‍යග්ව්‍යායාමයෙක් වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘විරිය’ යි කියනු ලැබේ. මේ වීර්‍ය්‍යය අරඹයි, මොනොවට අරඹයි, ආසෙවනය කෙරෙයි, පුනපුනා වඩයි. එහෙයින් ‘විරියං ආරභති’ යි කියනු ලැබේ.
Pali BJT‘චිත්තං පග්ගණ්හාතී’ති තත්ථ කතමං චිත්තං: යං චිත්තං මනො මානසං -පෙ- තජ්ජා මනොවිඤ්ඤාණධාතු. ඉදං වුච්චති චිත්තං. ඉමං චිත්තං පග්ගණ්හාති සම්පග්ගණ්හාති උපත්ථම්භෙති පච්චුපත්ථම්භෙති, තෙන වුච්චති ‘චිත්තං පග්ගණ්හාතී’ති.
Sinhala BJTචිත්ත පග්ගණ්හාති යනු: එහි ‘චිත්ත’ කවරෙ යත්: යම් සිතෙක් මනසෙක්. මානසයෙක් ... තදනුරූපමනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘චිත්ත’ යි කියනු ලැබේ. මේ චිත්තය නඟාසිටුවයි, මොනොවට නඟාසිටුවයි, උපස්තම්භ කෙරෙයි, පුනපුනා උපස්තම්භ කෙරේ. එහෙයින් ‘චිත්තං පග්ගණ්හාති’ යි කියනු ලැබේ.
Pali BJT‘පදහතී’ති තත්ථ කතමං සම්මප්පධානං: යො චෙතසිකො විරියාරම්භො -පෙ- සම්මාවායාමො විරියසම්බොජඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, ඉදං වුච්චති සම්මප්පධානං, අවසෙසා ධම්මා සම්මප්පධානසම්පයුත්තා.
Sinhala BJTපදහති යනු: එහි ‘සම්මප්පධාන’ කවරෙ යත්: යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් ... මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ සම්‍යග්ව්‍යායාමයෙක් වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්මප්පධාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ සම්මප්පධාන සම්ප්‍රයුක්තයෝ යි.
Pali BJTතත්ථ කතමං සම්මප්පධානං: ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං. යො තස්මිං සමයෙ චෙතසිකො විරියාරම්භො -පෙ- සම්මාවායාමො විරියසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, ඉදං වුච්චති සම්මප්පධානං, අවසෙසා ධම්මා සම්මප්පධානසම්පයුත්තා.
Sinhala BJTඑහි ‘සම්‍යක්ප්‍රධාන’ කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙකැ දෘෂ්ටි ගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපදා ඇති දන්‍ධඅභිඥා ඇති ප්‍රථමධ්‍යධානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් ... මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ සම්‍යග්ව්‍යායාමයෙක් වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්‍යක්ප්‍රධාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ සම්‍යක්ප්‍රධාන සම්ප්‍රයුක්තයෝ යි.
Pali BJTඅභිධම්මභාජනියං.
Sinhala BJTඅභිධර්‍මභාජනිය යි.
Pali BJT499. චත්තාරො සම්මප්පධානා: ඉධ භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති, උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය -පෙ- අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය -පෙ- උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති.
Sinhala BJT499. සම්‍යක්ප්‍රධානයෝ සතර දෙනෙකි: මෙ සස්නෙහි මහණ නූපන් ලාමක අකුශලධර්‍මයන් නො ඉපදීම පිණිස කුශලච්ඡන්‍දය උපදවයි, ව්‍යායාම කෙරෙයි, වැර අරඹයි, සිත නඟාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍යය කෙරේ. උපන් ලාමක අකුශලධර්‍මයන් ප්‍රහාණය කිරීම පිණිස ... නූපන් කුශලධර්‍මයන් ඉපදීම පිණිස ... උපන් කුශලධර්‍මයන් සිටීම පිණිස නො නැසීම පිණිස පුනපුනා ඉපදීම පිණිස විපුල බව පිණිස වැඩීම පිණිස පරිපූර්‍ණ වීම පිණිස කුශලච්ඡන්‍දය උපදවයි, ව්‍යායාම කෙරෙයි, වැර අරඹයි. සිත නඟාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ.
Pali BJT500. චතුන්නං සම්මප්පධානානං කති කුසලා: කති අකුසලා: කති අව්යාකතා: -පෙ- කති සරණා: කති අරණා.
Sinhala BJT500. සතර සම්‍යක්ප්‍රධානයන් අතුරෙහි කුශලයෝ කෙතෙක් ද, අකුශලයෝ කෙතෙක් ද, අව්‍යාකෘතයෝ කෙතෙක් ද ... සරණයෝ කෙතෙක් ද, අරණයෝ කෙතෙක් ද යත්:
Pali BJT501. කුසලායෙව.
Sinhala BJT501. (සතර සම්‍යක්ප්‍රධානයෝ) කුශලයෝ මැ යි.
Pali BJTසියා සුඛාය වෙදනාය සම්පයුත්තා, සියා අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තා.
Sinhala BJTසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නාහ, උපේක්‍ෂාවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නාහු ය.
Pali BJTවිපාකධම්මධම්මා.
Sinhala BJTවිපාකස්වභාවධර්‍මයෝ ය.
Pali BJTඅනුපාදින්නානුපාදානියා.
Sinhala BJTඅනුපාදින්නඅනුපාදානියයෝ ය.
Pali BJTඅසංකිලිට්ඨඅසංකිලෙසිකා.
Sinhala BJTඅසංක්ලිෂ්ටඅසාංක්ලේශිකයහ.
Pali BJTසියා සවිතක්කසවිචාරා, සියා අවිතක්කවිචාරමත්තා, සියා අවිතක්කඅවිචාරා.
Sinhala BJTසවිතර්‍කසවිචාර ද වන්නාහ, අවිතර්‍කවිචාරමාත්‍ර ද වන්නාහ, අවිතර්‍කඅවිචාර ද වන්නාහු ය.