Vibhaṅga

Analysis

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 2101-2200 න් 4235

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTතත්ථ කතමො ඡට්ඨායතනපච්චයා ඵස්සො: යො ඵස්සො ඵුසනා සම්ඵුසනා සම්ඵුසිතත්තං. අයං වුච්චති ඡට්ඨායතනපච්චයා ඵස්සො.
Sinhala BJTඑහි ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශ කවරෙ යත්: යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශාකාරයෙක් මොනොවට ස්පර්‍ශ කරන අයුරෙක් ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ ‘ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශ’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා ඵස්සපච්චයා වෙදනා: යං චෙතසිකං නෙව සාතං නාසාතං චෙතොසම්ඵස්සජං අදුක්ඛමසුඛං වෙදයිතං, චෙතොසම්ඵස්සජා අදුක්ඛමසුඛා වෙදනා. අයං වුච්චති ඵස්සපච්චයා වෙදනා.
Sinhala BJTඑහි ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා කවරෙ යත්: යම් චෛතසික වූ නො ම මිහිරි වූ අමිහිරි නො වූ චේතෝසම්ඵස්සයෙන් උපන් උපේක්‍ෂාවේදයිතයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් උපේක්‍ෂාවේදනාවක් වේ ද, මේ ‘ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො වෙදනාපච්චයා අධිමොක්ඛො: යො චිත්තස්ස අධිමොක්ඛො අධිමුච්චනා තදධිමුත්තතා. අයං වුච්චති වෙදනාපච්චයා අධිමොක්ඛො.
Sinhala BJTඑහි වේදනාප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂ කවරෙ යත්: චිත්තයාගේ යම් අධිමෝක්‍ෂයෙක් අධිමොක්‍ෂාකාරයෙක් ආලම්බනයෙහි අධිමුක්ත බවෙක් වේ ද, මේ ‘වේදනාප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂ’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො අධිමොක්ඛපච්චයා භවො: ඨපෙත්වා අධිමොක්ඛං වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො. අයං වුච්චති අධිමොක්ඛපච්චයා භවො.
Sinhala BJTඑහි අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භව කවරෙ යත්: අධිමෝක්‍ෂය තබා වේදනාස්කන්‍ධ ය, සංඥාස්කන්‍ධ ය, සංස්කාරස්කන්‍ධ ය, විඥානස්කන්‍ධ යි. මේ ‘අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භව’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා භවපච්චයා ජාති: යා තෙසං ධම්මානං ජාති සඤ්ජාති නිබ්බත්ති අභිනිබ්බත්ති පාතුභාවො. අයං වුච්චති භවපච්චයා ජාති.
Sinhala BJTඑහි භවප්‍රත්‍යයෙන් ජාති කවරෙ යත්: ඒ (අරූපී) ධර්‍මයන්ගේ යම් නිපැද්මෙක් වෙසෙසින් නිපැද්මෙක් හටගැන්මෙක් වෙසෙසින් හටගැන්මෙක් පහළවීමෙක් වේ ද, මේ ‘භවප්‍රත්‍යයෙන් ජාති’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං ජාතිපච්චයා ජරාමරණං: අත්ථි ජරා, අත්ථි මරණං. තත්ථ කතමා ජරා: යා තෙසං ධම්මානං ජරා ජීරණතා ආයුනො සංහානි. අයං වුච්චති ජරා. තත්ථ කතමං මරණං: යො තෙසං ධම්මානං ඛයො වයො භෙදො පරිභෙදො අනිච්චතා අන්තරධානං. ඉදං වුච්චති මරණං. ඉති අයඤ්ච ජරා ඉදඤ්ච මරණං ඉදං වුච්චති ජාතිපච්චයා ජරාමරණං.
Sinhala BJTඑහි ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ කවරෙ යත්: ජරාවක් ඇත, මරණයෙක් ඇති. එහි ජරා කවර යත්: ඒ අරූපීධර්‍මයන්ගේ යම් ජරාවක් දිරන බවෙක් ආයුෂයාගේ පිරිහීමෙක් වේ ද, මේ ‘ජරා’ යි කියනු ලැබේ. එහි මරණ කවරෙ යත්: ඒ අරූපීධර්‍මයන්ගේ යම් ක්‍ෂයවීමෙක් ව්‍යයවීමෙක් බිඳීමෙක් හාත්පසින් බිඳීමෙක් අනිත්‍ය බවෙක් අතුරුදහන් වීමෙක් වේ ද, මේ ‘මරණ’ යි කියනු ලැබේ. මෙසේ මේ ජරාව ද මේ මරණය දැ යි මේ ‘ජරාමරණ’ යි කියනු ලැබේ.
Pali BJT‘එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොතී’ති එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සඞ්ගති හොති, සමාගමො හොති, සමොධානං හොති, පාතුභාවො හොති. තෙන වුච්චති ‘එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොතී’ති.
Sinhala BJT‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යනු: මෙසේ මේ සියලු දුඃඛස්කන්‍ධයාගේ සඞ්ගතිය වෙයි, සමාගමය වෙයි, සමවධානය වෙයි, ප්‍රාදුර්‍භාවය වේ. එයින් කියනු ලැබෙයි ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
Pali BJTඅකුසලවිපාකමූලකං නිට්ඨිතං.
Sinhala BJTඅකුශලවිපාකමූලකය නිමි.
Pali BJTඅභිධම්මභාජනියං නිට්ඨිතං.
Sinhala BJTඅභිධර්‍මභාජනිය නිමි.
Pali BJTපටිච්චසමුප්පාදවිභඞ්ගො නිට්ඨිතො ඡට්ඨො.
Sinhala BJTප්‍රතීත්‍යසමුත්පාදවිභඞ්ගය නිමි.
Pali BJT7. සතිපට්ඨානවිභඞ්ගො
Sinhala BJT7. සතිපට්ඨාන විභඞ්ගය
Pali BJT454. චත්තාරො සතිපට්ඨානා: ඉධ භික්ඛු අජ්ඣත්තං කායෙ කායානුපස්සී විහරති, බහිද්ධා කායෙ කායානුපස්සී විහරති, අජ්ඣත්තබහිද්ධා කායෙ කායානුපස්සීවිහරති, ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. අජ්ඣත්තං වෙදනාසු වෙදනානුපස්සී විහරති, බහිද්ධා වෙදනාසු වෙදනානුපස්සී විහරති, අජ්ඣත්තබහිද්ධා වෙදනාසු වෙදනානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. අජ්ඣත්තං චිත්තෙ චිත්තානුපස්සී විහරති, බහිද්ධා චිත්තෙ චිත්තානුපස්සී විහරති, අජ්ඣත්තබහිද්ධා චිත්තෙ චිත්තානුපස්සී විහරති, ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. අජ්ඣත්තං ධම්මෙසු ධම්මානුපස්සී විහරති, බහිද්ධා ධම්මෙසු ධම්මානුපස්සී විහරති, අජ්ඣත්තබහිද්ධා ධම්මෙසු ධම්මානුපස්සී විහරති, ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං.
Sinhala BJT454. සතිපට්ඨානයෝ සතර දෙනෙකි: මේ සස්නෙහි මහණ කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ සම්‍යග්ඥාන ඇත්තේ ස්මෘතිමත් වූයේ කාය සඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාව හා දොම්නස දුරු කොට තමාගේ කයෙහි කය අනුව බලමින් වෙසෙයි, මෙරමාගේ කයෙහි කය අනුව බලමින් වෙසෙයි, කලෙක තමාගේ කයෙහි ද කලෙක මෙරමාගේ කයෙහි ද කය අනුව බලමින් වෙසෙයි. කෙලෙස් තවන වැර ඇතියේ සම්‍යග්ඥාන ඇතියේ ස්මෘතිමත් වූයේ වේදනා සඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාව හා දොම්නස දුරු කොට තමාගේ වේදනාවන්හි වේදනාව අනුව බලමින් වෙසෙයි, මෙරමාගේ වේදනාවන්හි වේදනා අනුව බලමින් වෙසෙයි, කලෙක තමාගේ වේදනාවන්හි ද කලෙක මෙරමාගේ වේදනාවන්හි ද වේදනා අනුව බලමින් වෙසෙයි, කෙලෙස් තවන වැර ඇතියේ සම්‍යග්ඥාන ඇතියේ ස්මෘතිමත් වූයේ චිත්ත සඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාව හා දොම්නස දුරු කොට තමාගේ චිත්තයෙහි සිත අනුව බලමින් වෙසෙයි, මෙරමාගේ චිත්තයෙහි සිත අනුව බලමින් වෙසෙයි, තමාගේ සිත්හි ද මෙරමාගේ සිත්හි ද සිත අනුව බලමින් වෙසෙයි, කෙලෙස් තවන වැර ඇතියේ සම්‍යග්ඥාන ඇතියේ ස්මෘතිමත් වූයේ (නීවරණාදී) ධර්‍ම සඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාව හා දොම්නස දුරු කොට තමාගේ (නීවරණාදි) ධර්‍මයන්හි ධර්‍මය අනුව බලමින් වෙසෙයි, මෙරමාගේ (නීවරණාදි) ධර්‍මයන්හි ධර්‍මය අනුව බලමින් වෙසෙයි, තමා හා මෙරමාගේ (නීවරණාදි) ධර්‍මයන්හි ධර්‍මය අනුව බලමින් වෙසේ.
Pali BJT455. කථඤ්ච භික්ඛු අජ්ඣත්තං කායෙ කායානුපස්සී විහරති: ඉධ භික්ඛු අජ්ඣත්තං කායං උද්ධං පාදතලා අධො කෙසමත්ථකා තචපරියන්තං පූරං නානප්පකාරස්ස අසුචිනො පච්චවෙක්ඛති: අත්ථි ඉමස්මිං කායෙ කෙසා ලොමා නඛා දන්තා තචො මංසං නහාරු අට්ඨි අට්ඨිමිඤ්ජා වක්කං හදයං යකනං කිලොමකං පිහකං පප්ඵාසං අන්තං අන්තගුණං උදරියං කරීසං පිත්තං සෙම්හං පුබ්බො ලොහිතං සෙදො මෙදො අස්සු වසා ඛෙළො සිඞ්ඝාණිකා ලසිකා මුත්තං. සො තං නිමිත්තං ආසෙවති, භාවෙති, බහුලීකරොති, ස්වාවත්ථිතං වවත්ථපෙති. සො තං නිමිත්තං ආසෙවිත්වා භාවෙත්වා බහුලීකරිත්වා ස්වාවත්ථිතං වවත්ථපෙත්වා බහිද්ධා කායෙ චිත්තං උපසංහරති.
Sinhala BJT455. කිසෙයින් මහණ තෙමෙ තමාගේ කයෙහි කය අනුව බලමින් වෙසේ ද යත්: මෙ සස්නෙහි මහණ පාතෙලෙන් උඩ කෙසගින් යට (සරසැ) සිවි හිම් කොට ඇති තමාගේ කය නන් වැදැරුම් අසුචි පිරුණක් කොට ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: මේ කයෙහි කෙස් ඇත, ලොම් - නිය - දත් - සිවි - මස් - නහර - ඇට - ඇටමිඳුළු - වකුගඬ - හදවත - අක්මාව - දලබුව - බඩදිව - පෙණහලු - අතුණු - අතුණුබහන - නො පැසුණු අහර - පැසුණු අහර - පිත - සෙම - පූයා - ලෙහෙ - සෝදිය - මේදතෙල් - කඳුළු - වුරුණුතෙල් - කෙළ - මුකුණු - සඳමිදුළු - සුලුදිය ඇති. හෙතෙම ඒ කමටහන් නිමිත්ත ඇසුරු කෙරෙයි, වඩයි, පුනපුනා වඩයි, මොනොවට නිශ්චය කෙරෙයි. හෙතෙම ඒ නිමිත්ත ඇසුරු කොට වඩා බහුල කොට මැනැවින් නිශ්චය කොට මෙරමාගේ කයෙහි (තමාගේ) සිත එළවයි.
Pali BJTකථඤ්ච, භික්ඛු බහිද්ධා කායෙ කායානුපස්සී විහරති: ඉධ භික්ඛු බහිද්ධා කායං උද්ධං පාදතලා අධො කෙසමත්ථකා තචපරියන්තං පූරං නානප්පකාරස්ස අසුචිනො පච්චවෙක්ඛති: අත්ථිස්ස කායෙ{1} කෙසා ලොමා නඛා දන්තා තචො මංසං නහාරු අට්ඨි අට්ඨිමිඤ්ජා වක්කං හදයං යකනං කිලොමකං පිහකං පප්ඵාසං අන්තං අන්තගුණං උදරියං කරීසං පිත්තං සෙම්හං පුබ්බො ලොහිතං සෙදො මෙදො අස්සු වසා ඛෙළො සිඞ්ඝාණිකා ලසිකා මුත්තං. සො තං නිමිත්තං ආසෙවති, භාවෙති, බහුලීකරොති, ස්වාවත්ථිතං වවත්ථපෙති. සො තං නිමිත්තං ආසෙවිත්වා භාවෙත්වා බහුලීකරිත්වා ස්වාවත්ථිතං වවත්ථපෙත්වා අජ්ඣත්තබහිද්ධා කායෙ චිත්තං උපසංහරති.
Sinhala BJTකිසෙයින් මහණ මෙරමාගේ කයෙහි කය පුනපුනා බලමින් වෙසේ ද යත්: මෙ සස්නෙහි මහණ පාතෙලෙන් උඩ කෙසගින් යට සිවිපිරියත් කොට ඇති මෙරමාගේ කය නන් වැදැරුම් අසුචි පිරුණක් කොට ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: මේ කයෙහි කෙස් ඇත, ලොම් - නිය - දත් - සිවි - මස් - නහර - ඇට - ඇටමිඳුළු - වකුගඬ - හදවත - අක්මාව - දලබුව - බඩදිව - පෙණහලු - අතුණු - අතුණුබහන - නො පැසුණු අහර - පැසුණු අහර - පිත - සෙම - පූයා - ලෙහෙ - සෝදිය - මේදතෙල් - කඳුළු - වුරුණුතෙල් - කෙළ - මුකුණු - සඳමිදුළු - සුලුදිය ඇති. හෙතෙම ඒ කමටහන් නිමිත්ත ආසේවන කෙරෙයි, වඩයි, පුනපුනා වඩයි, මොනොවට නිශ්චය කෙරෙයි. හෙතෙම ඒ නිමිත්ත ආසේවන කොට වඩා, පුනපුනා වඩා, මැනැවින් නිශ්චය කොට තමා හා මෙරමාගේ කයෙහි (තමාගේ) සිත එළවයි.
Pali BJTකථඤ්ච භික්ඛු අජ්ඣත්තබහිද්ධා කායෙ කායානුපස්සී විහරති: ඉධ භික්ඛු අජ්ඣත්තබහිද්ධා කායං උද්ධං පාදතලා අධො කෙසමත්ථකා තචපරියන්තං පූරං නානප්පකාරස්ස අසුචිනො පච්චවෙක්ඛති. අත්ථි ඉමස්මිං කායෙ කෙසා ලොමා නඛා දන්තා තචො මංසං නහාරු අට්ඨි අට්ඨිමිඤ්ජා වක්කං හදයං යකනං කිලොමකං පිහකං පප්ඵාසං අන්තං අන්තගුණං උදරියං කරීසං පිත්තං සෙම්හං පුබ්බො ලොහිතං සෙදො මෙදො අස්සු වසා ඛෙළො සිඞ්ඝාණිකා ලසිකා මුත්තං. එවං භික්ඛු අඣත්තබහිද්ධා කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙයය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං.
Sinhala BJTකිසෙයින් මහණ අධ්‍යාත්ම වූ ද බාහිර වූ ද කයෙහි කායානුපස්සීව වෙසේ ද යත්: මෙ සස්නෙහි මහණ පාතෙලෙන් උඩ කෙසගින් යට සිවිපිරියත් කොට ඇති අධ්‍යාත්ම වූ ද බාහිර වූ ද කය නන්වැදෑරුම් අසුචි පිරුණක් කොට ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: මේ කයෙහි කෙස් ඇත, ලොම් - නිය - දත් - සිවි - මස් - නහර - ඇට - ඇටමිඳුළු - වකුගඬ - හදවත - අක්මාව - දලබුව - බඩදිව - පෙණහලු - අතුණු - අතුණුබහන - නො පැසුණු අහර - පැසුණු අහර - පිත - සෙම - පූයා - ලෙහෙ - සෝදිය - මේදතෙල් - කඳුළු - වුරුණුතෙල් - කෙළ - මුකුණු - සඳමිදුළු - සුලුදිය ඇති. මෙසෙයින් මහණ කෙලෙස් තවන වැර ඇතියේ සම්‍යග්ඥාන ඇතියේ ස්මෘතිමත් වූයේ කාය සඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාව හා දොම්නස දුරු කොට කලෙක තමාගේ කයෙහි කලෙක මෙරමාගේ කයෙහි කායානුපස්සී ව වෙසේ.
Pali BJT456. අනුපස්සී’ති තත්ථ කතමා අනුපස්සනා: යා පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, අයං වුච්චති අනුපස්සනා. ඉමාය අනුපස්සනාය උපෙතො හොති සමුපෙතො උපගතො{1} සමුපගතො{2} උප්පන්නො සමුප්පන්නො{3} සමන්නාගතො. තෙන වුච්චති අනුපස්සී’ති.
Sinhala BJT456. අනුපස්සී යනු: එහි අනුපස්සනා කවර යත්: යම් ප්‍රඥාවක් පජානනාකාරයෙක් … අමෝහයෙක් ධර්‍මවිචයෙක් සම්‍යග්දෘෂ්ටියක් වේ ද, මේ ‘අනුපස්සනා’ යි කියනු ලැබේ. මේ අනුපස්සනායෙන් යුක්ත වූයේ සමුපේත වූයේ එළඹ සිටියේ මොනොවට එළඹ සිටියේ නො වෙන් වූයේ පිරිපුන් වූයේ සමන්‍විත වූයේ යි. එහෙයින් ‘අනුපස්සී’ යි කියනු ලැබේ.
Pali BJT‘විහරතී’ති ඉරීයති වත්තති පාලෙති යපෙති යාපෙති චරති විහරති. තෙන වුච්චති විහරතී’ති.
Sinhala BJTවිහරති යනු: ඉරියවු පවත්වයි, ඉරියවු උපදවයි, ඉරියවු රකියි, යපනය කෙරෙයි, යාපනය කෙරෙයි, හැසිරෙයි, වෙසෙයි, එහෙයින් ‘විහරති’ යි කියනු ලැබේ.
Pali BJTඅතාපී’ති තත්ථ කතමං ආතප්පං{4}: යො චෙතසිකො විරියාරම්භො -පෙ- සම්මාවායාමො, ඉදං වුච්චති ආතප්පං{4}. ඉමිනා ආතප්පෙන උපෙතො හොති සමුපෙතො උපගතො{1} සමුපගතො{2} උප්පන්නො සමුප්පන්නො{3} සමන්නාගතො තෙන වුච්චති ආතාපී’ති.
Sinhala BJTආතාපී යනු: එහි ආතප්ප කවරෙ යත්: යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් ... සම්‍යග්ව්‍යායාමයෙක් වේ ද, මේ ‘ආතප්ප’ යි කියනු ලැබේ. මේ ආතප්පයෙන් යුක්ත වූයේ සමුපේත වූයේ එළඹ සිටියේ මොනොවට එළඹ සිටියේ නො වෙන් වූයේ පිරිපුන් වූයේ සමන්‍විත වූයේ යි. එහෙයින් ‘ආතාපී’ යි කියනු ලැබේ.
Pali BJT‘සම්පජානො’ති තත්ථ කතමං සම්පජඤ්ඤං: යා පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, ඉදං වුච්චති සම්පජඤ්ඤං. ඉමිනා සම්පජඤ්ඤෙන උපෙතො හොති සමුපෙතො උපගතො සමුපගතො උප්පන්නො සමුප්පන්නො සමන්නාගතො. තෙන වුච්චති සම්පජානො’ති.
Sinhala BJTසම්පජානෝ යනු: එහි ‘සම්පජඤ්ඤ’ කවරෙ යත්: යම් ප්‍රඥාවක් පජානනාකාරයෙක් … අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් වේ ද, මේ ‘සම්පජඤ්ඤ’ යි කියනු ලැබේ. මේ ‘සම්පජඤ්ඤයෙන්’ යුක්ත වූයේ සමුපේත වූයේ එළඹ සිටියේ මොනොවට එළඹ සිටියේ නො වෙන් වූයේ පරිපූර්‍ණ වූයේ සමන්‍වාගත වූයේ යි. එහෙයින් ‘සම්පජාන’ යි කියනු ලැබේ.
Pali BJT‘සතිමා’ති තත්ථ කතමා සති: යා සති අනුස්සති -පෙ- සම්මාසති අයං වුච්චති සති. ඉමාය සතියා උපෙතො හොති සමුපෙතො උපගතො සමුපගතො උප්පන්නො සමුප්පන්නො සමන්නාගතො. තෙන වුච්චති සතිමා’ති.
Sinhala BJTසතිමා යනු: එහි ‘සති’ කවර යත්: යම් ස්මෘතියක් අනුස්මෘතියක් … සම්‍යක් ස්මෘතියක් වේ ද, මේ ‘සති’ යි කියනු ලැබේ. මේ සතියෙන් උපේත වූයේ සමුපේත වූයේ එළඹ සිටියේ මොනොවට එළඹ සිටියේ නො වෙන වූයේ පරිපූර්‍ණ වූයේ සමන්‍වාගත වූයේ යි, එහෙයින් ‘සතිමා’ යි කියනු ලැබේ.
Pali BJT‘විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්ස’න්ති තත්ථ කතමො ලොකො: ස්වෙ’ව කායො ලොකො, පඤ්ච’පි උපාදානක්ඛන්ධා ලොකො. අයං වුච්චති ලොකො.
Sinhala BJTවිනෙය්‍ය ලෝකෙ අභිජ්ඣාදෝමනස්සං යනු: එහි ‘ලෝක’ කවරෙ යත්: එ ම කය ලෝක යැ, පඤ්චෝපාදානස්කන්‍ධයෝ ද ලෝක යැ, මේ ‘ලෝක’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා අභිජ්ඣා: යො රාගො සාරාගො -පෙ- චිත්තස්ස සාරාගො. අයං වුච්චති අභිජ්ඣා.
Sinhala BJTඑහි ‘අභිජ්ඣා’ කවර යත්: යම් රාගයෙක් බලවත් රාගයෙක් … චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ ‘අභිජ්ඣා’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං දොමනස්සං: යං චෙතසිකං අසාතං චෙතසිකං දුක්ඛං චෙතොසම්ඵස්සජං අසාතං දුක්ඛං වෙදයිතං චෙතොසම්ඵස්සජා අසාතා දුක්ඛා වෙදනා, ඉදං වුච්චති දොමනස්සං. ඉති අයඤ්ච අභිජ්ඣා ඉදඤ්ච දොමනස්සං, ඉමම්හි ලොකෙ විනීතා හොන්ති පටිවිනීතා සන්තා සමිතා වූපසන්තා අත්ථඞ්ගතා අබ්භත්ථංගතා අප්පිතා බ්යප්පිතා සොසිතා විසොසිතා බ්යන්තීකතා. තෙන වුච්චති විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොසමනස්ස’න්ති.
Sinhala BJTඑහි ‘දෝමනස්ස’ කවරෙ යත්: යම් චෛතසික වූ අසාතයෙක් චෛතසික දුඃඛයෙක් චේතෝසම්ඵස්සජ වූ අසාත වූ දුඃඛ වූ වේදයිතයෙක් චේතෝසම්ඵස්සජ වූ අසාතදුඃඛ වේදනාවක් වේ ද, මේ ‘දෝමනස්ස’ යි කියනු ලැබේ. මෙසේ මේ අභිධ්‍යාව ද මේ දොම්නස ද මේ කායසඞ්ඛ්‍යාත ලෝකයෙහි දුරු කරන ලද්දාහු වෙසෙසින් දුරු කරන ලද්දාහු සන්හුන්නාහු සන්හිඳුවන ලද්දාහු ව්‍යුපශම කරන ලද්දාහු නිරෝධසඞ්ඛ්‍යාත අස්තයට ගියාහු අතිශයින් අස්තයට ගියාහු නසන ලද්දාහු වෙසෙසින් නසන ලද්දාහු වියළන ලද්දාහු මොනොවට වියළන ලද්දාහු විගතාන්ත කරන ලද්දාහු වෙත්. එහෙයින් ‘විනෙය්‍ය ලෝකෙ අභිජ්ඣාදෝමනස්සං’ යි කියනු ලැබේ.
Pali BJTකායානුපස්සනා නිද්දෙසො.
Sinhala BJTකායානුපස්සනා නිර්දේශ යි.
Pali BJT457. කථඤ්ච භික්ඛු අජ්ඣත්තං වෙදනාසු වෙදනානුපස්සී විහරති: ඉධ භික්ඛු සුඛං වෙදනං වෙදියමානො{1}. සුඛං වෙදනං වෙදියාමී’ති පජානාති. දුක්ඛං වෙදනං වෙදියමානො දුක්ඛං වෙදනං වෙදියාමී’ති පජානාති. අදුක්ඛමසුඛං වෙදනං වෙදියමානො අදුක්ඛමසුඛං වෙදනං වෙදියාමී’ති{2} පජානාති. සාමිසං වා සුඛං වෙදනං වෙදියමානො සාමිසං සුඛං වෙදනං වෙදියාමී’ති පජානාති. නිරාමිසං වා සුඛං වෙදනං වෙදියමානො නිරාමිසං සුඛං වෙදනං වෙදියාමී’ති පජානාති. සාමිසං වා දුක්ඛං වෙදනං වෙදියමානො සාමිසං දුක්ඛං වෙදනං වෙදියාමී’ති පජානාති. නිරාමිසං වා දුක්ඛං වෙදනං වෙදියමානො නිරාමිසං දුක්ඛං වෙදනං වෙදියාමී’ති පජානාති. සාමිසං වා අදුක්ඛමසුඛං වෙදනං වෙදියමානො සාමිසං අදුක්ඛමසුඛං වෙදනං වෙදියාමී’ති පජානාති. නිරාමිසං වා අදුක්ඛමසුඛං වෙදනං වෙදියමානො නිරාමිසං අදුක්ඛමසුඛං වෙදනං වෙදියාමී’ති පජානාති. සො තං නිමිත්තං ආසෙවති භාවෙති බහුලීකරොති ස්වාවත්ථිතං වවත්ථපෙති. සො තං නිමිත්තං ආසෙවිත්වා භාවෙත්වා බහුලීකරිත්වා ස්වාවත්ථිතං වවත්ථපෙත්වා බහිද්ධා වෙදනාසු චිත්තං උපසංහරති.
Sinhala BJT457. කිසෙයින් මහණ තමා පිළිබඳ වේදනාවන්හි වේදනානුදර්ශී ව වෙසේ ද යත්: මෙ සස්නෙහි මහණ (කායික වූ හෝ චෛතසික වූ හෝ) සුඛවේදනාව විඳිනුයේ ‘සුඛ වේදනාව විඳිමී’ දැනගනි, දුඃඛවේදනාව විඳිනුයේ ‘දුඃඛවේදනාව විඳිමී’ දැනගනි, උපේක්‍ෂා වේදනාව විඳිනුයේ ‘උපේක්‍ෂාවේදනාව විඳිමී’ දැනගනි, සාමිස (පඤ්චකාමගුණ නිශ්‍රිත) වූ හෝ සුඛවේදනාව විඳිනුයේ ‘සාමිසසුඛවේදනාව විඳිමී’ දැනගනි, නිරාමිස වූ හෝ සුඛවේදනාව විඳිනුයේ ‘නිරාමිසසුඛවේදනාව විඳිමී’ දැනගනි, සාමිස වූ හෝ දුඃඛවේදනාව විඳිනුයේ ‘සාමිසදුඃඛවේදනාව විඳිමී’ දැනගනි, නිරාමිස වූ හෝ දුඃඛවේදනාව විඳිනුයේ ‘නිරාමිසදුඃඛවේදනාව විඳිමී’ දැනගනි, සාමිස වූ හෝ අදුක්ඛමසුඛවේදනාව විඳිනුයේ ‘සාමිසඅදුක්ඛමසුඛවේදනාව විඳිමී’ දැනගනි, නිරාමිස වූ හෝ අදුක්ඛමසුඛවේදනාව විඳිනුයේ ‘නිරාමිස වූ අදුක්ඛමසුඛ වේදනාව විඳිමී’ දැනගනි. හෙතෙම ඒ වේදනා නිමිත්ත ආසේවන කෙරෙයි, වඩයි, බහුල කෙරෙයි, මොනොවට නිශ්චය කෙරෙයි. හෙතෙම ඒ නිමිත්ත ආසේවන, භාවන, බහුලීකරණය කොට මැනැවින් නිශ්චය කොට මෙරමා පිළිබඳ වේදනාවන්හි සිත එළවයි.
Pali BJTකථඤ්ච භික්ඛු බහිද්ධා වෙදනාසු වෙදනානුපස්සී විහරති: ඉධ භික්ඛු සුඛං වෙදනං වෙදියමානං සුඛං වෙදනං වෙදියතී’ති පජානාති. දුක්ඛං වෙදනං වෙදියමානං දුක්ඛං වෙදනං වෙදියතී’ති පජානාති. අදුක්ඛමසුඛං වෙදනං වෙදියමානං අදුක්ඛමසුඛං වෙදනං වෙදියතී’ති පජානාති. සාමිසං වා සුඛං වෙදනං වෙදියමානං සාමිසං සුඛං වෙදනං වෙදියතී’ති පජානාති. නිරාමිසං වා සුඛං වෙදනං වෙදියමානං නිරාමිසං සුඛං වෙදනං වෙදියතී’ති පජානාති. සාමිසං වා දුක්ඛං වෙදනං වෙදියමානං සාමිසං දුක්ඛං වෙදනං වෙදියතී’ති පජානාති. නිරාමිසං වා දුක්ඛං වෙදනං වෙදියමානං නිරාමිසං දුක්ඛං වෙදනං වෙදියතී’ති පජානාති. සාමිසං වා අදුක්ඛමසුඛං වෙදනං වෙදියමානං සාමිසං අදුක්ඛමසුඛං වෙදනං වෙදියතී’ති පජානාති. නිරාමිසං වා අදුක්ඛමසුඛං වෙදනං වෙදියමානං නිරාමිසං අදුක්ඛමසුඛං වෙදනං වෙදියතී’ති පජානාති. සො තං නිමිත්තං ආසෙවති භාවෙති බහුලීකරොති ස්වාවත්ථිතං වවත්ථපෙති. සො තං නිමිත්තං ආසෙවිත්වා භාවෙත්වා බහුලීකරිත්වා ස්වාවත්ථිතං වවත්ථපෙත්වා අජ්ඣබහිද්ධා වෙදනාසු චිත්තං උපසංහරති.
Sinhala BJTකිසෙයින් මහණ මෙරමා පිළිබඳ වේදනාවන්හි වේදනානුදර්ශී ව වෙසේ ද යත්: මෙ සස්නෙහි මහණ තෙමෙ සුඛවේදනාව විඳින්නහු ‘සුඛ වේදනාව විඳී’ යයි දැනගනි, දුඃඛවේදනාව විඳින්නහු ‘දුඃඛවේදනාව විඳී’ යයි දැනගනි, අදුක්ඛමසුඛවේදනාව විඳින්නහු ‘අදුක්ඛමසුවේදනාව විඳී’ යයි දැනගනි, සාමිස වූ හෝ සුඛවේදනාව විඳින්නහු ‘සාමිසසුඛවේදනාව විඳී’ යයි දැනගනි, නිරාමිස වූ හෝ සුඛවේදනාව විඳින්නහු ‘නිරාමිසසුඛ වේදනාව විඳී’ යයි දැනගනි, සාමිස වූ හෝ දුඃඛවේදනාව විඳින්නහු ‘සාමිසදුඃඛවේදනාව විඳී’ යයි දැනගනි, නිරාමිස වූ හෝ දුඃඛවේදනාව විඳින්නහු ‘නිරාමිසදුඃඛවේදනාව විඳී’ යයි දැනගනි, සාමිස වූ හෝ අදුක්ඛමසුඛවේදනාව විඳින්නහු ‘සාමිස වූ අදුක්ඛමසුඛවේදනාව විඳී’ යයි දැනගනි, නිරාමිස වූ හෝ අදුක්ඛමසුඛවේදනාව විඳින්නහු ‘නිරාමිසඅදුක්ඛමසුඛවේදනාව විඳී’ යයි දැනගනි. හෙතෙම ඒ (වේදනා) නිමිත්ත සේවනය කෙරෙයි, වඩයි, පුනපුනා වඩයි, මොනොවට නිශ්චය කෙරෙයි. හෙතෙම ඒ නිමිත්ත සේවනය කොට වඩා පුනපුනා වඩා මැනැවින් නිශ්චය කොට තමාගේ ද මෙරමාගේ ද වේදනාවන්හි සිත එළවයි.
Pali BJTකථං ච භික්ඛු අජ්ඣත්තබහිද්ධා වෙදනාසු වෙදනානුපස්සී විහරති: ඉධ භික්ඛු සුඛං වෙදනං සුඛා වෙදනා’ති පජානාති. දුක්ඛං වෙදනං දුක්ඛා වෙදනා’ති පජානාති. අදුක්ඛමසුඛං වෙදනං අදුක්ඛමසුඛා වෙදනා’ති පජානාති. සාමිසං වා සුඛං වෙදනං සාමිසා සුඛා වෙදනා’ති පජානාති. නිරාමිසං වා සුඛං වෙදනං නිරාමිසා සුඛා වෙදනා’ති පජානාති. සාමිසං වා දුක්ඛං වෙදනං සාමිසා දුක්ඛා වෙදනා’ති පජානාති. නිරාමිසං වා දුක්ඛං වෙදනං නිරාමිසා දුක්ඛා වෙදනා’ති පජානාති. සාමිසං වා අදුක්ඛමසුඛං වෙදනං සාමිසා අදුක්ඛමසුඛා වෙදනා’ති පජානාති. නිරාමිසං වා අදුක්ඛමසුඛං වෙදනං නිරාමිසා අදුක්ඛමසුඛා වෙදනා’ති පජානාති. එවං භික්ඛු අජ්ඣත්තබහිද්ධා වෙදනාසු වෙදනානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං.
Sinhala BJTකිසෙයින් මහණ අජ්ඣත්තබහිද්ධා වේදනාවන්හි වේදනානුදර්ශී ව වෙසේ ද යත්: මෙ සස්නෙහි මහණ තෙම සුඛවේදනාව ‘සුඛවේදනා’ යි දැනගනි, දුඃඛවේදනාව ‘දුඃඛවේදනා’ යි දැනගනි, අදුක්ඛමසුඛවේදනාව ‘අදුක්ඛමසුවේදනා’ යි දැනගනි, සාමිස වූ හෝ සුඛවේදනාව ‘සාමිසසුඛවේදනා’ යි දැනගනි, නිරාමිස වූ හෝ සුඛවේදනාව ‘නිරාමිසසුඛ වේදනාව’ යි දැනගනි, සාමිස වූ හෝ දුඃඛවේදනාව ‘සාමිසදුඃඛවේදනා’ යි දැනගනි, නිරාමිස වූ හෝ දුඃඛවේදනාව ‘නිරාමිසදුඃඛවේදනා’ යි දැනගනි, සාමිස වූ හෝ අදුක්ඛමසුඛවේදනාව ‘සාමිස වූ අදුක්ඛමසුඛවෙදනා’ යි දැනගනි, නිරාමිස වූ හෝ අදුක්ඛමසුඛවේදනාව ‘නිරාමිසඅදුක්ඛමසුඛවේදනාව’ යයි දැනගනි. මෙසේ මහණ තෙම කෙලෙස් තවන වැර ඇතියේ සම්‍යග්ඥාන ඇතියේ ස්මෘතිමත් වූයේ වේදනා සඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාව හා දොම්නස දුරු කොට තමාගේ ද මෙරමාගේ ද වේදනාවන්හි වේදනානුදර්ශී ව වෙසේ.
Pali BJT458. අනුපස්සී’ති -පෙ- විහරතී’ති -පෙ- ආතාපී’ති -පෙ- සම්පජානො’ති -පෙ- සතිමා’ති -පෙ- විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සන්ති. තත්ථ කතමො ලොකො: සා’ව වෙදනා ලොකො, පඤ්ච’පි උපාදානක්ඛන්ධා ලොකො. අයං වුච්චති ලොකො.
Sinhala BJT458. අනුපස්සී යනු: … විහරති යනු: … ආතාපී යනු: … සම්පජානෝ යනු: … සතිමා යනු: … විනෙය්‍ය ලෝකෙ අභිජ්ඣාදෝමනස්සං යනු: එහි ලෝකය කවර යත්: ඒ වේදනාව ම ලෝක නමි. පඤ්චෝපාදානස්කන්‍ධයෝ ද ලෝක නමි. මේ ‘ලෝක’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා අභිජ්ඣා: යො රාගො සාරාගො -පෙ- චිත්තස්ස සාරාගො. අයං වුච්චති අභිජ්ඣා. තත්ථ කතමං දොමනස්සං: යං චෙතසිකං අසාතං චෙතසිකං දුක්ඛං චෙතොසම්ඵස්සජං අසාතං දුක්ඛං වෙදයිතං චෙතොසම්ඵස්සජා අසාතා දුක්ඛා වෙදනා. ඉදං වුච්චති දොමනස්සං. ඉති අයඤ්ච අභිජ්ඣා ඉදඤ්ච දොමනස්සං, ඉමම්හි ලොකෙ විනීතා හොන්ති පටිවිනීතා සන්තා සමිතා වූපසන්තා අත්ථඞ්ගතා අබ්භත්ථඞ්ගතා අප්පිතා බ්යප්පිතා සොසිතා විසොසිතා බ්යන්තීකතා තෙන වුච්චති විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සන්ති.
Sinhala BJTඑහි ‘අභිධ්‍යා’ කවර යත්: යම් රාගයෙක් බලවත් රාගයෙක් … චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ ‘අභිධ්‍යා’ යි කියනු ලැබේ. එහි ‘දෝමනස්ස’ කවරෙ යත්: යම් චෛතසික වූ අසාතයෙක් චෛතසික වූ දුඃඛයෙක් චේතෝසම්ඵස්සජ අසාතදුඃඛවේදයිතයෙක් චේතෝසම්ඵස්සජ අසාතදුඃඛවේදනායෙක් වේ ද, මේ ‘දෝමනස්ස’ යි කියනු ලැබේ. මෙසේ මේ අභිධ්‍යාව ද මේ දොම්නස ද මේ වේදනා ලෝකයෙහි බැහැර කරන ලද්දාහු වෙසෙසින් බැහැර කරන ලද්දාහු සන්හිඳුනාහු සන්හිඳුවන ලද්දාහු ව්‍යුපශම කරන ලද්දාහු නිරෝධ සඞ්ඛ්‍යාත අස්තයට ගියාහු අතිශයින් අස්තයට ගියාහු නසන ලද්දාහු වෙසෙසින් නසන ලද්දාහු වියළන ලද්දාහු වෙසෙසින් වියළන ලද්දාහු විගතාන්ත කරන ලද්දාහු වෙත්. එහෙයින් ‘විනෙය්‍ය ලෝකෙ අභිජ්ඣා දෝමනස්සං’ යි කියනු ලැබේ.
Pali BJTවෙදනානුපස්සනා නිද්දෙසො.
Sinhala BJTවේදනානුපස්සනා නිර්දේශ යි.
Pali BJT459. කථඤ්ච භික්ඛු අජ්ඣත්තං චිත්තෙ චිත්තානුපස්සී විහරති: ඉධ භික්ඛු සරාගං වා චිත්තං සරාගං මෙ චිත්තන්ති පජානාති. වීතරාගං වා චිත්තං වීතරාගං මෙ චිත්තන්ති පජානාති. සදොසං වා චිත්තං සදොසං මෙ චිත්තන්ති පජානාති. වීතදොසං වා චිත්තං වීතදොසං මෙ චිත්තන්ති පජානාති. සමොහං වා චිත්තං සමොහං මෙ චිත්තන්ති පජානාති. වීතමොහං වා චිත්තං වීතමොහං මෙ චිත්තන්ති පජානාති. සංඛිත්තං වා චිත්තං සංඛිත්තං මෙ චිත්තන්ති පජානාති. වික්ඛිත්තං වා චිත්තං වික්ඛිත්තං මෙ චිත්තන්ති පජානාති. මහග්ගතං වා චිත්තං මහග්ගතං මෙ චිත්තන්ති පජානාති. අමහග්ගතං වා චිත්තං අමහග්ගතං මෙ චිත්තන්ති පජානාති. සඋත්තරං වා චිත්තං සඋත්තරං මෙ චිත්තන්ති පජානාති. අනුත්තරං වා චිත්තං අනුත්තරං මෙ චිත්තන්ති පජානාති. සමාහිතං වා චිත්තං සමාහිතං මෙ චිත්තන්ති පජානාති. අසමාහිතං වා චිත්තං අසමාහිතං මෙ චිත්තන්ති පජානාති. විමුත්තං වා චිත්තං විමුත්තං මෙ චිත්තන්ති පජානාති. අවිමුත්තං වා චිත්තං අවිමුත්තං මෙ චිත්තන්ති පජානාති. සො තං නිමිත්තං ආසෙවති භාවෙති බහුලීකරොති ස්වාවත්ථිතං වවත්ථපෙති. සො තං නිමිත්තං ආසෙවිත්වා භාවෙත්වා බහුලීකරිත්වා ස්වාවත්ථිතං වවත්ථපෙත්වා බහිද්ධා චිත්තෙ චිත්තං උපසංහරති.
Sinhala BJT459. කිසෙයින් මහණ තමාගේ චිත්තයෙහි චිත්තානුදර්ශී ව වෙසේ ද යත්: මෙ සස්නෙහි මහණ තෙම රාග සහිත වූ හෝ චිත්තය ‘මාගේ චිත්තය රාග සහිත ය’ යි දැනගනි. වීතරාග වූ හෝ සිත ‘මාගේ සිත වීතරාග ය’ යි දැනගනි, සදෝස වූ හෝ සිත ‘මාගේ සිත සදෝස ය’ යි දැනගනි, වීතදෝස වූ හෝ සිත ‘මාගේ සිත වීතදෝස ය’ යි දැනගනි, මෝහ සහිත වූ හෝ සිත ‘මාගේ සිත මෝහ සහිත ය’ යි දැනගනි, විගතමෝහ වූ හෝ සිත ‘මාගේ සිත වීතමෝහ ය’ යි දැනගනි, (ථීනමිද්ධ වශයෙන්) හැකුළුණු හෝ සිත ‘මාගේ සිත හැකිළිණැ’ යි දැනගනි, (උද්ධච්ච වශයෙන්) විසුරුණ වූ හෝ සිත ‘මාගේ සිත විසිරිණැ’ යි දැනගනි, මහද්ගත වූ හෝ සිත ‘මාගේ සිත මහද්ගත ය’ යි දැනගනි, අමහද්ගත වූ හෝ සිත ‘මාගේ සිත අමහද්ගත ය’ යි දැනගනි, සඋත්තර වූ හෝ සිත ‘මාගේ සිත සඋත්තර ය’ යි දැනගනි, අනුත්තර වූ හෝ සිත ‘මාගේ සිත අනුත්තර ය’ යි දැනගනි, සමාධියට පැමිණියා වූ හෝ සිත ‘මාගේ සිත සමාහිත ය’ යි දැනගනි, අසමාහිත වූ හෝ සිත ‘මාගේ සිත අසමාහිත ය’ යි දැනගනි, (තදඞ්ග විෂ්කම්භණ විසින්) විමුක්ත හෝ සිත ‘මාගේ සිත විමුක්ත ය’ යි දැනගනි, අවිමුක්ත හෝ සිත ‘මාගේ සිත අවිමුක්ත ය’ යි දැනගනි. හෙතෙම ඒ (භාවනා) නිමිත්ත ආසේවනය කෙරෙයි, භාවනා කෙරෙයි, පුනපුනා වඩයි, මොනොවට නිශ්චය කෙරෙයි. හෙතෙම ඒ නිමිත්ත ආසේවනය කොට භාවනා කොට පුනපුනා වඩා මැනැවින් නිශ්චය කොට මෙරමාගේ සිත්හි (තමාගේ) සිත එළවයි.
Pali BJTකථඤ්ච භික්ඛු බහිද්ධා චිත්තෙ චිත්තානුපස්සී විහරති: ඉධ භික්ඛු සරාගං වාස්ස චිත්තං සරාගමස්ස චිත්තන්ති පජානාති. වීතරාගං වාස්ස චිත්තං වීතරාගමස්ස චිත්තන්ති පජානාති. සදොසං වාස්ස චිත්තං සදොසමස්ස චිත්තන්ති පජානාති. වීතදොසං වාස්ස චිත්තං වීතදොසමස්ස චිත්තන්ති පජානාති. සමොහං වාස්ස චිත්තං සමොහමස්ස චිත්තන්ති පජානාති. වීතමොහං වාස්ස චිත්තං වීතමොහමස්ස චිත්තන්ති පජානාති. සංඛිත්තං වාස්ස චිත්තං සංඛිත්තමස්ස චිත්තන්ති පජානාති. වික්ඛිත්තං වාස්ස චිත්තං වික්ඛිත්තමස්ස චිත්තන්ති පජානාති. මහග්ගතං වාස්ස චිත්තං මහග්ගතමස්ස චිත්තන්ති පජානාති. අමහග්ගතං වාස්ස චිත්තං අමහග්ගතමස්ස චිත්තන්ති පජානාති. සඋත්තරං වාස්ස චිත්තං සඋත්තරමස්ස චිත්තන්ති පජානාති. අනුත්තරං වාස්ස චිත්තං අනුත්තරමස්ස චිත්තන්ති පජානාති. සමාහිතං වාස්ස චිත්තං සමාහිතමස්ස චිත්තන්ති පජානාති. අසමාහිතං වා’ස්ස චිත්තං අසමාහිතම’ස්ස චිත්තන්ති පජානාති. විමුත්තං වා’ස්ස චිත්තං විමුත්තමස්ස චිත්තන්ති පජානාති. අවිමුත්තං වා’ස්ස චිත්තං අවිමුත්තමස්ස චිත්තන්ති පජානාති. සො තං නිමිත්තං ආසෙවති, භාවෙති, බහුලීකරොති, ස්වාවත්ථිතං වවත්ථපෙති. සො තං නිමිත්තං ආසෙවිත්වා භාවෙත්වා බහුලීකරිත්වා ස්වාවත්ථිතං වවත්ථපෙත්වා අජ්ඣත්තබහිද්ධා චිත්තෙ චිත්තං උපසංහරති.
Sinhala BJTකිසෙයින් මහණ මෙරමාගේ චිත්තයෙහි චිත්තානුදර්ශී ව වෙසේ ද යත්: මෙ සස්නෙහි මහණ තෙම සරාග වූ හෝ ඔහුගේ සිත ‘ඔහුගේ සිත සරාග’ යයි දැනගනි. වීතරාග වූ හෝ ඔහුගේ සිත ‘ඔහුගේ සිත වීතරාග’ යයි දැනගනි, සදෝස වූ හෝ ඔහුගේ සිත ‘ඔහුගේ සිත සදෝස’ යයි දැනගනි, වීතදෝස වූ හෝ ඔහුගේ සිත ‘ඔහුගේ සිත වීතදෝස ’ යයි දැනගනි, සමෝහ වූ හෝ ඔහුගේ සිත ‘ඔහුගේ සිත සමෝහ’ යයි දැනගනි, වීතමෝහ වූ හෝ ඔහුගේ සිත ‘ඔහුගේ සිත වීතමෝහ’ යයි දැනගනි, සංක්‍ෂිප්ත වූ හෝ ඔහුගේ සිත ‘ඔහුගේ සිත සංක්‍ෂිප්ත’ යයි දැනගනි, වික්‍ෂිප්ත වූ හෝ ඔහුගේ සිත ‘ඔහුගේ සිත වික්‍ෂිප්ත’ යයි දැනගනි, මහද්ගත වූ හෝ ඔහුගේ සිත ‘ඔහුගේ සිත මහද්ගත’ යයි දැනගනි, අමහද්ගත වූ හෝ ඔහුගේ සිත ‘ඔහුගේ සිත අමහද්ගත’ යයි දැනගනි, සඋත්තර වූ හෝ ඔහුගේ සිත ‘ඔහුගේ සිත සඋත්තර’ යයි දැනගනි, අනුත්තර වූ හෝ ඔහුගේ සිත ‘ඔහුගේ සිත අනුත්තර’ යයි දැනගනි, සමාහිත වූ හෝ ඔහුගේ සිත ‘ඔහුගේ සිත සමාහිත’ යයි දැනගනි, අසමාහිත වූ හෝ ඔහුගේ සිත ‘ඔහුගේ සිත අසමාහිත’ යයි දැනගනි, විමුක්ත වූ හෝ ඔහුගේ සිත ‘ඔහුගේ සිත විමුක්ත’ යයි දැනගනි, අවිමුක්ත වූ හෝ ඔහුගේ සිත ‘ඔහුගේ සිත අවිමුක්ත ය’ යයි දැනගනි. හෙතෙම ඒ නිමිත්ත ආසේවනය කෙරෙයි, භාවනා කෙරෙයි, පුනපුනා වඩයි, මොනොවට නිශ්චය කෙරෙයි. හෙතෙම ඒ නිමිත්ත ආසේවනය කොට භාවනා කොට බහුල කොට මැනැවින් නිශ්චය කොට අධ්‍යාත්මබාහිරචිත්තයෙහි සිත එළවයි.
Pali BJTකථඤ්ච භික්ඛු අජ්ඣත්තබහිද්ධා චිත්තෙ චිත්තානුපස්සී විහරති: ඉධ භික්ඛු සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තන්ති පජානාති. සදොසං වා චිත්තං සදොසං චිත්තන්ති පජානාති. වීතදොසං වා චිත්තං වීතදොසං චිත්තන්ති පජානාති. සමොහං වා චිත්තං සමොහං චිත්තන්ති පජානාති. වීතමොහං වා චිත්තං වීතමොහං චිත්තන්ති පජානාති. සංඛිත්තං වා චිත්තං සංඛිත්තං චිත්තන්ති පජානාති. වික්ඛිත්තං වා චිත්තං වික්ඛිත්තං චිත්තන්ති පජානාති. මහග්ගතං වා චිත්තං මහග්ගතං චිත්තන්ති පජානාති. අමහග්ගතං වා චිත්තං අමහග්ගතං චිත්තන්ති පජානාති. සඋත්තරං වා චිත්තං සඋත්තරං චිත්තන්ති පජානාති. අනුත්තරං වා චිත්තං අනුත්තරං චිත්තන්ති පජානාති. සමාහිතං වා චිත්තං සමාහිතං චිත්තන්ති පජානාති. අසමාහිතං වා චිත්තං අසමාහිතං චිත්තන්ති පජානාති. විමුත්තං වා චිත්තං විමුත්තං චිත්තන්ති පජානාති. අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තන්ති පජානාති. එවං භික්ඛු අජ්ඣත්තබහිද්ධා චිත්තෙ චිත්තානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං.
Sinhala BJTකිසෙයින් මහණ කලෙකැ තමාගේ ද කලෙකැ මෙරමාගේ ද සිත්හි චිත්තානුදර්ශී ව වෙසේ ද යත්: මෙ සස්නෙහි මහණ සරාග වූ හෝ සිත ‘සරාගසිතැ’ යි දැනගනි. වීතරාග වූ හෝ සිත ‘වීතරාග සිතැ’ යි දැනගනි, සදෝස වූ හෝ සිත ‘සදෝස සිත’ යි දැනගනි, වීතදෝස වූ හෝ සිත ‘වීතදෝස සිතැ’ යි දැනගනි, සමෝහ වූ හෝ සිත ‘සමෝහ සිතැ’ යි දැනගනි, වීතමෝහ වූ හෝ සිත ‘වීතමෝහ සිතැ’ යි දැනගනි, හැකුළුණු හෝ සිත ‘හැකුළුණු සිතැ’ යි දැනගනි, විසුරුණු හෝ සිත ‘විසිරුණු සිතැ’ යි දැනගනි, මහද්ගත වූ හෝ සිත ‘මහද්ගත සිතැ’ යි දැනගනි, මහද්ගත නො වූ හෝ සිත ‘මහද්ගත නො වූ සිතැ’ යි දැනගනි, සඋත්තර වූ හෝ සිත ‘සඋත්තර සිතැ’ යි දැනගනි, අනුත්තර වූ හෝ සිත ‘අනුත්තර සිතැ’ යි දැනගනි, සමාහිත වූ හෝ සිත ‘සමාහිත සිතැ’ යි දැනගනි, අසමාහිත වූ හෝ සිත ‘අසමාහිත සිතැ’ යි දැනගනි, විමුක්ත වූ හෝ සිත ‘විමුක්ත සිතැ’ යයි දැනගනි, අවිමුක්ත වූ හෝ සිත ‘අවිමුක්ත සිතැ’ යයි දැනගනි. මෙසෙයින් මහණ කෙලෙස් තවන වැර ඇති ව සම්‍යග්ඥාන වැ සිහි ඇති ව චිත්ත සඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාව හා දොම්නස දුරු කොට තමාගේ හා මෙරමාගේ සිත්හි සිත අනුව නුවණින් බලමින් වෙසේ.
Pali BJT460. අනුපස්සී’ති -පෙ- විහරතී’ති -පෙ- ආතාපී’ති -පෙ- සම්පජානො’ති -පෙ- සතිමා’ති -පෙ- විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සන්ති. තත්ථ කතමො ලොකො: තං යෙව චිත්තං ලොකො, පඤ්ච’පි උපාදානක්ඛන්ධා ලොකො.
Sinhala BJT460. අනුපස්සී යනු: .... විහරති යනු: ... ආතාපී යනු: ... සම්පජානෝ යනු: ... සතිමා යනු: ... විනෙය්‍ය ලෝකෙ අභිජ්ඣාදෝමනස්සං යනු: එහි ලෝක කවරෙ යත්: එ ම චිත්තය ‘ලෝක’ වෙයි. පඤ්චෝපාදානස්කන්‍ධයෝ ම ලෝක යි.
Pali BJTතත්ථ කතමා අභිජ්ඣා: යො රාගො සාරාගො -පෙ- චිත්තස්ස සාරාගො. අයං වුච්චති අභිජ්ඣා.
Sinhala BJTඑහි ‘අභිධ්‍යා ’ කවර යත්: යම් රාගයෙක් බලවත් රාගයෙක් ... චිත්තයාගේ ඇල්මෙක් වේ ද, මේ ‘අභිධ්‍යා’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං දොමනස්සං: යං චෙතසිකං අසාතං චෙතසිකං දුක්ඛං චෙතොසම්ඵස්සජං අසාතං දුක්ඛං වෙදයිතං චෙතොසම්ඵස්සජා අසාතා දුක්ඛා වෙදනා. ඉදං වුච්චති දොමනස්සං. ඉති අයඤ්ච අභිජ්ඣා ඉදඤ්ච දොමනස්සං, ඉම්මහි ලොකෙ විනීතා හොන්ති පටිවිනීතා සන්තා සමිතා වූපසන්තා අත්ථඞ්ගතා අබ්භත්ථඞ්ගතා අප්පිතා බ්යප්පිතා සොසිතා විසොසිතා බ්යන්තීකතා. තෙන වුච්චති විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සන්ති.
Sinhala BJTඑහි ‘දෝමනස්ස’ කවරෙ යත්: යම් චෛතසික අසාතයෙක් චෛතසික දුඃඛයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් අසාත – දුඃඛවේදයිතයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් අසාත – දුඃඛවේදනාවක් වේ ද, මේ ‘දෝමනස්ස’ යි කියනු ලැබේ. මෙසේ මේ අභිධ්‍යාව ද මේ දොම්නස ද මේ චිත්ත සඞ්ඛ්‍යාත ලෝකයෙහි බැහැර කරන ලද්දාහු වෙසෙසින් බැහැර කරන ලද්දාහු සන්හිඳුණාහු සන්හිඳුවන ලද්දාහු ව්‍යුපශම කරන ලද්දාහු නිරෝධ සඞ්ඛ්‍යාත අස්තයට ගියාහු අතිශයින් අස්තයට ගියාහු නසන ලද්දාහු වෙසෙසින් නසන ලද්දාහු වියළන ලද්දාහු වෙසෙසින් වියළන ලද්දාහු විගතාන්ත කරන ලද්දාහු වෙත්. එහෙයින් ‘විනෙය්‍ය ලෝකෙ අභිජ්ඣාදෝමනස්සං’ යි කියනු ලැබේ.
Pali BJTචිත්තානුපස්සනා නිද්දෙසො.
Sinhala BJTචිත්තානුපස්සනා නිර්දේශ යි.
Pali BJT461. කථං ච භික්ඛු අජ්ඣත්තං ධම්මෙසු ධම්මානුපස්සී විහරති: ඉධ භික්ඛු සන්තං වා අජ්ඣත්තං කාමච්ඡන්දං අත්ථි මෙ අජ්ඣත්තං කාමච්ඡන්දො’ති පජානාති. අසන්තං වා අජ්ඣත්තං කාමච්ඡන්දං නත්ථි මෙ අජ්ඣත්තං කාමච්ඡන්දො’ති පජානාති. යථා ච අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස උප්පාදො හොති තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස කාමච්ඡන්දස්ස පාහනං හොති තඤ්ච පජානාති. යථා ච පහීනස්ස කාමච්ඡන්දස්ස ආයතිං අනුප්පාදො හොති තඤ්ච පජානාති.
Sinhala BJT461. කිසෙයින් මහණ තමාගේ (නීවරණාදි) ධර්‍මයන්හි ධර්‍මානුදර්ශී ව වෙසේ ද යත්: මෙ සස්නෙහි මහණ අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ කාමච්ඡන්‍ද නීවරණය ‘මාගේ අධ්‍යාත්මයෙහි කාමච්ඡන්‍දනීවරණය ඇතැ’ යි දැනගනි. අධ්‍යාත්මයෙහි අවිද්‍යමාන වූ හෝ කාමච්ඡන්‍දය ‘මාගේ අධ්‍යාත්මයෙහි කාමච්ඡන්‍දය නැතැ’ යි දැනගනි. නූපන් කාමච්ඡන්‍දයාගේ ඉපැද්ම යම් කරුණෙකින් වේ නම්, එය ද දැනගනි. උපන් කාමච්ඡන්‍දයාගේ ප්‍රහාණය යම් කරුණෙකින් වේ නම් එය ද දැනගනී. ප්‍රහීණ වූ කාමච්ඡන්‍දයාගේ මතු නො ඉපැද්ම යම් කරුණෙකින් වේ නම් එකරුණ ද දැනගනි.
Pali BJTසන්තං වා අජ්ඣත්තං ව්යාපාදං -පෙ- සන්තං වා අජ්ඣත්තං ථිනමිද්ධං -පෙ- සන්තං වා අජ්ඣත්තං උද්ධච්චකුක්කුච්චං -පෙ- සන්තං වා අජ්ඣත්තං විචිකිච්ඡා අත්ථි මෙ අජ්ඣත්තං විචිකිච්ඡා’ති පජානාති. අසන්තං වා අජ්ඣත්තං විචිකිච්ඡං නත්ථි මෙ අජ්ඣත්තං විචිකිච්ඡා’ති පජානාති. යථා ච අනුප්පන්නාය විචිකිච්ඡාය උප්පාදො හොති තඤ්ච පජානාති. යථා ච උප්පන්නාය විචිකිච්ඡාය පහානං හොති තඤ්ච පජානාති. යථා ච පහීනාය විචිකිච්ඡාය ආයතිං අනුප්පාදො හොති තඤ්ච පජානාති.
Sinhala BJTඅධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ ව්‍යාපාද නීවරණය ... අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ ථීනමිද්ධනීවරණය ... අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ උද්ධච්චකුක්කුච්ච නීවරණය ... අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ විචිකිච්ඡානීවරණය ‘මාගේ අධ්‍යාත්මයෙහි විචිකිච්ඡානීවරණය ඇතැ’ යි දැනගනි. අධ්‍යාත්මයෙහි අවිද්‍යමාන වූ හෝ විචිකිච්ඡානීවරණය ‘මාගේ අධ්‍යාත්මයෙහි විචිකිච්ඡානීවරණය නැතැ’ යි දැනගනි. නූපන් විචිකිච්ඡානීවරණයාගේ ඉපැද්ම යම් කරුණෙකින් වේ නම් එ කරුණ ද දැනගනි. උපන් විචිකිච්ඡානීවරණයාගේ ප්‍රහාණය යම් කරුණෙකින් වේ නම් එ කරුණ ද දැනගනි. ප්‍රහීණ වූ විචිකිච්ඡානීවරණයාගේ මතු නො ඉපැද්ම යම් කරුණෙකින් වේ නම් එ කරුණ ද දැනගනී.
Pali BJT462. සන්තං වා අජ්ඣත්තං සතිසම්බොජ්ඣඞ්ගං අත්ථි මෙ අජ්ඣත්තං සතිසම්බොජ්ඣඞ්ගො’ති පජානාති. අසන්තං වා අජ්ඣත්තං සතිසම්බොජ්ඣඞ්ගං නත්ථි මෙ අජ්ඣත්තං සතිසම්බොජ්ඣඞ්ගො’ති පජානාති. යථා ච අනුප්පන්නස්ස සතිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදො හොති තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස සතිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරී හොති තඤ්ච පජානාති.
Sinhala BJT462. අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ ස්මෘතිසම්බොධ්‍යඞ්ගය ‘මාගේ අධ්‍යාත්මයෙහි ස්මෘතිසම්බොධ්‍යඞ්ගය ඇතැ’ යි දැනගනි. අධ්‍යාත්මයෙහි අවිද්‍යමාන වූ හෝ ස්මෘතිසම්බොධ්‍යඞ්ගය ‘මාගේ අධ්‍යාත්මයෙහි ස්මෘතිසම්බොධ්‍යඞ්ගය නැතැ’ යි දැනගනි. නූපන් ස්මෘතිසම්බොධ්‍යඞ්ගයාගේ උත්පාදය, යම් කරුණෙකින් වේ නම් එය ද දැනගනි. උපන් ස්මෘතිසම්බොධ්‍යඞ්ගයාගේ භාවනායෙන් පරිපූර්‍ණ වීම යම් කරුණෙකින් වේ නම් එය ද දැනගනි.
Pali BJTසන්තං වා අජ්ඣත්තං ධම්මවිචයසම්බොජ්ඣඞ්ගං -පෙ- සන්තං වා අජ්ඣත්තං විරියසම්බොජ්ඣඞ්ගං -පෙ- සන්තං වා අජ්ඣත්තං පීතිසම්බොජ්ඣඞ්ගං -පෙ- සන්තං වා අජ්ඣත්තං පස්සද්ධිසම්බොජ්ඣඞ්ගං -පෙ- සන්තං වා අජ්ඣත්තං සමාධිසම්බොජ්ඣඞ්ගං -පෙ- සන්තං වා අජ්ඣත්තං උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගං අත්ථි මෙ අජ්ඣත්තං උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගොති පජානාති. අසන්තං වා අජ්ඣත්තං උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගං නත්ථි මෙ අජ්ඣත්තං උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො’ති පජානාති. යථා ච අනුප්පන්නස්ස උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදො හොති තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරී හොති තඤ්ච පජානාති. සො තං නිමිත්තං ආසෙවති භාවෙති බහුලීකරොති ස්වාවත්ථිතං වවත්ථපෙති. සො තං නිමිත්තං ආසෙවිත්වා භාවෙත්වා බහුලීකරිත්වා ස්වාවත්ථිතං වවත්ථපෙත්වා බහිද්ධා ධම්මෙසු චිත්තං උපසංහරති.
Sinhala BJTඅධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය ... අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගය ... අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය ... අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගය . . අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ සමාධිසම්බෝධ්‍යඞ්ගය ... අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය ‘මාගේ අධ්‍යාත්මයෙහි උපේක්‍ෂා සම්බෝධ්‍යඞ්ගය ඇතැ’ යි දැනගනි. අධ්‍යාත්මයෙහි අවිද්‍යමාන වූ හෝ උපේක්‍ෂා සම්බෝධ්‍යඞ්ගය ‘මාගේ අධ්‍යාත්මයෙහි උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය නැතැ’ යි දැනගනි. නූපන් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගයාගේ ඉපැද්ම යම් කරුණෙකින් වේ නම් එය ද දැනගනි. උපන් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගයාගේ භාවනායෙන් පරිපූර්‍ණ වීම යම් කරුණෙකින් වේ නම් එය ද දැනගනි. හෙතෙම ඒ ධර්‍මනිමිත්ත ආසේවනය කෙරෙයි, භාවනා කෙරෙයි, බහුල කෙරෙයි, මොනොවට නිශ්චය කෙරේ. හෙතෙම ඒ නිමිත්ත ආසේවනය කොට භාවනා කොට පුනපුනා වඩා මැනැවින් නිශ්චය කොට බාහිරධර්‍මයන්හි සිත එළවයි.
Pali BJT463. කථඤ්ච භික්ඛු බහිද්ධා ධම්මෙසු ධම්මානුපස්සී විහරති: ඉධ භික්ඛු සන්තං වා’ස්ස කාමච්ඡන්දං අත්ථි’ස්ස කාමච්ඡන්දො’ති පජානාති. අසන්තං වාස්ස කාමච්ඡන්දං නත්ථිස්ස කාමච්ඡන්දො’ති පජානාති. යථා ච අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස උප්පාදො හොති තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස කාමච්ඡන්දස්ස පහානං හොති තඤ්ච පජානාති. යථා ච පහීනස්ස කාමච්ඡන්දස්ස ආයතිං අනුප්පාදො හොති තඤ්ච පජානාති.
Sinhala BJT463. කිසෙයින් මහණ මෙරමාගේ (නීවරණාදී) ධර්‍මයන්හි ධර්‍මය අනුව බලමින් වෙසේ ද යත්: මෙ සස්නෙහි මහණ තෙම විද්‍යමාන වූ හෝ ඔහුගේ කාමච්ඡන්‍දය ‘ඔහුගේ කාමච්ඡන්‍දය ඇතැ’ යි දැනගනි. අවිද්‍යමාන වූ හෝ ඔහුගේ කාමච්ඡන්‍දය ‘ඔහුගේ කාමච්ඡන්‍දය නැතැ’ යි දැනගනි. නූපන් කාමච්ඡන්‍දයාගේ ඉපැද්ම යම් කරුණෙකින් වේ නම් එ කරුණ ද දැනගනි. උපන් කාමච්ඡන්‍දයාගේ ප්‍රහාණය යම් කරුණෙකින් වේ නම් එය ද දැනගනී. ප්‍රහීණ වූ කාමච්ඡන්‍දයාගේ මතු නො ඉපැද්ම යම් කරුණෙකින් වේ නම් එය ද දැනගනි.
Pali BJTසන්තං වාස්ස ව්යාපාදං -පෙ- සන්තං වා’ස්ස ථිනමිද්ධං -පෙ- සන්තං වා’ස්ස උද්ධච්චකුක්කුච්චං -පෙ- සන්තං වා’ස්ස විචිකිච්ඡං අත්ථි’ස්ස විචිකිච්ඡා’ති පජානාති, අසන්තං වා’ස්ස විචිකිච්ඡං නත්ථි’ස්ස විචිකිච්ඡා’ති පජානාති යථා ච අනුප්පන්නාය විචිකිච්ඡාය උප්පාදො හොති තඤ්ච පජානාති. යථා ච උප්පන්නාය විචිකිච්ඡාය පහානං හොති තඤ්ච පජානාති. යථා ච පහීනාය විචිකිච්ඡාය ආයතිං අනුප්පාදො හොති තඤ්ච පජානාති.
Sinhala BJTවිද්‍යමාන වූ හෝ ඔහුගේ ව්‍යාපාදනීවරණය ... විද්‍යමාන වූ හෝ ඔහුගේ ථීනමිද්ධ නීවරණය ... විද්‍යමාන වූ හෝ ඔහුගේ උද්ධච්චකුක්කුච්චනීවරණය ... විද්‍යමාන වූ හෝ ඔහුගේ විචිකිච්ඡානීවරණය ‘ඔහුගේ විචිකිච්ඡානීවරණය ඇතැ’ යි දැනගනි. අවිද්‍යාමාන වූ හෝ ඔහුගේ විචිකිච්ඡානීවරණය ‘ඔහුගේ විචිකිච්ඡානීවරණය නැතැ’යි දැනගනී. නූපන් විචිකිත්සාවගේ ඉපැද්ම යම් කරුණෙකින් වේ නම් එය ද දැනගනී. උපන් විචිකිත්සාවගේ ප්‍රහාණය යම් කරුණෙකින් වේ නම් එය ද දැනගනි. ප්‍රහීණ විචිකිත්සාවගේ මතු නො ඉපැද්ම යම් කරුණෙකින් වේ නම් එය ද දැනගනී.
Pali BJTසන්තං වා’ස්ස සතිසම්බොජ්ඣඞ්ගං අත්ථි’ස්ස සතිසම්බොජ්ඣඞ්ගො’ති පජානාති. අසන්තං වා’ස්ස සතිසම්බොජ්ඣඞ්ගං නත්ථි’ස්ස සතිසම්බොජ්ඣඞ්ගො’ති පජානාති. යථා ච අනුප්පන්නස්ස සතිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදො හොති තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස සතිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරී හොති තඤ්ච පජානාති. සත්තං වා’ස්ස ධම්මවිචයසම්බොජ්ඣඞ්ගං -පෙ- සන්තං වා’ස්ස විරියසම්බොජ්ඣඞ්ගං -පෙ- සන්තං වා’ස්ස පීතිසම්බොජ්ඣඞ්ගං -පෙ- සන්තං වා’ස්ස පස්සද්ධි සම්බොජ්ඣඞ්ගං -පෙ- සන්තං වා’ස්ස සමාධිසම්බොජ්ඣඞ්ගං -පෙ- සන්තං වා’ස්ස උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගං අත්ථි’ස්ස උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො’ති පජානාති. අසන්තං වා’ස්ස උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගං නත්ථි’ස්ස උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො’ති පජානාති. යථා ච අනුප්පන්නස්ස උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදො හොති තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරී හොති තඤ්ච පජානාති. සො තං නිමිත්තං ආසෙවති භාවෙති බහුලීකරොති ස්වාවත්ථිතං වවත්ථපෙති, සො තං නිමිත්තං ආසෙවිත්වා භාවෙත්වා බහුලීකරිත්වා ස්වාවත්ථිතං වවත්ථපෙත්වා අජ්ඣත්තබහිද්ධා ධම්මෙසු චිත්තං උපසංහරති.
Sinhala BJTවිද්‍යමාන වූ හෝ ඔහුගේ ස්මෘතිසම්බොධ්‍යඞ්ගය ‘ඔහුගේ ස්මෘතිසම්බොධ්‍යඞ්ගය ඇතැ’ යි දැනගනි. අවිද්‍යමාන වූ හෝ ඔහුගේ ස්මෘතිසම්බොධ්‍යඞ්ගය ‘ඔහුගේ ස්මෘතිසම්බොධ්‍යඞ්ගය නැතැ’ යි දැනගනි. නූපන් ස්මෘතිසම්බොධ්‍යඞ්ගයාගේ ඉපැද්ම යම් කරුණෙකින් වේ නම් එය ද දැනගනි. උපන් ස්මෘතිසම්බොධ්‍යඞ්ගයාගේ භාවනායෙන් පරිපූර්‍ණ වීම යම් කරුණෙකින් වේ නම් එය ද දැනගනි. විද්‍යමාන වූ හෝ ඔහුගේ ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය ... විද්‍යමාන වූ හෝ ඔහුගේ වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගය ... විද්‍යමාන වූ හෝ ඔහුගේ ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය ... විද්‍යමාන වූ හෝ ඔහුගේ ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගය ... විද්‍යමාන වූ හෝ ඔහුගේ සමාධිසම්බෝධ්‍යඞ්ගය ... විද්‍යමාන වූ හෝ ඔහුගේ උපේක්‍ෂා සම්බෝධ්‍යඞ්ගය ‘ඔහුගේ උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය ඇතැ’ යි දැනගනි. අවිද්‍යමාන වූ හෝ ඔහුගේ උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය‘ඔහුගේ උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය නැතැ’ යි දැනගනි. නූපන් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගයාගේ ඉපැද්ම යම් කරුණෙකින් වේ නම් එය ද දැනගනි. උපන් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගයාගේ භාවනායෙන් පරිපූර්‍ණ වීම යම් කරුණෙකින් වේ නම් එය ද දැනගනි, හෙතෙම ඒ ධර්‍මනිමිත්ත ආසේවනය කෙරෙයි, භාවනා කෙරෙයි, පුනපුනා වඩයි, මොනොවට නිශ්චය කෙරේ. හෙතෙම ඒ නිමිත්ත ආසේවනය කොට භාවනා කොට පුනපුනා වඩා මැනැවින් නිශ්චය කොට තමාගේ හා මෙරමාගේ (නීවරණාදි) ධර්‍මයන්හි සිත එළවයි.
Pali BJT464. කථඤ්ච භික්ඛු අජ්ඣත්තබහිද්ධා ධම්මෙසු ධම්මානුපස්සී විහරති: ඉධ භික්ඛු සන්තං වා කාමච්ඡන්දං අත්ථි කාමච්ඡන්දො’ති පජානාති. අසන්තං වා කාමච්ඡන්දං නත්ථි කාමච්ඡන්දො’ති පජානාති. යථා ච අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස උප්පාදො හොති තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස කාමච්ඡන්දස්ස පාහනං හොති තඤ්ච පජානාති. යථා ච පහීනස්ස කාමච්ඡන්දස්ස ආයතිං අනුප්පාදො හොති තඤ්ච පජානාති.
Sinhala BJT464. කිසෙයින් මහණ කලෙකැ තමාගේ ද කලෙකැ මෙරමාගේ ද (නීවරණාදි) ධර්‍මයන්හි ධර්‍මානුදර්ශී ව වෙසේ ද යත්: මෙ සස්නෙහි මහණ තෙම විද්‍යමාන වූ හෝ කාමච්ඡන්‍දය ‘කාමච්ඡන්‍දය ඇතැ’ යි දැනගනි. අවිද්‍යමාන වූ හෝ කාමච්ඡන්‍දය ‘කාමච්ඡන්‍දය නැතැ’ යි දැනගනි. නූපන් කාමච්ඡන්‍දයාගේ ඉපැද්ම යම් කරුණෙකින් වේ නම් එය ද දැනගනි. උපන් කාමච්ඡන්‍දයාගේ ප්‍රහාණය යම් කරුණෙකින් වේ නම් එය ද දැනගනි. ප්‍රහීණ වූ කාමච්ඡන්‍දයාගේ මතු නො ඉපැද්ම යම් කරුණෙකින් වේ නම් එය ද දැනගනි.
Pali BJTසන්තං වා ව්යාපාදං -පෙ- සන්තං වා ථිනමිද්ධං -පෙ- සන්තං වා උද්ධච්චකුක්කුච්චං -පෙ- සන්තං වා විචිකිච්ඡං අත්ථි විචිකිච්ඡා’ති පජානාති. අසන්තං වා විචිකිච්ඡං නත්ථි විචිකිච්ඡා’ති පජානාති. යථා ච අනුප්පන්නාය විචිකිච්ඡාය උප්පාදො හොති තං ච පජානාති. යථා ච උප්පන්නාය විචිකිච්ඡාය පහානං හොති තඤ්ච පජානාති, යථා ච පහීනාය විචිකිච්ඡාය ආයතිං අනුප්පාදො හොති තං ච පජානාති.
Sinhala BJTවිද්‍යමාන වූ හෝ ව්‍යාපාදය ... විද්‍යමාන වූ හෝ ථීනමිද්ධය ... විද්‍යමාන වූ හෝ උද්ධච්චකුක්කුච්චය ... විද්‍යමාන වූ හෝ විචිකිත්සාව ‘විචිකිත්සාව ඇතැ’ යි දැනගනි. අවිද්‍යමාන වූ හෝ විචිකිත්සාව ‘විචිකිත්සාව නැතැ’ යි දැනගනි. නූපන් විචිකිත්සාවගේ ඉපැද්ම යම් කරුණෙකින් වේ නම් එය ද දැනගනි. උපන් විචිකිත්සාවගේ ප්‍රහාණය යම් කරුණෙකින් වේ නම් එය ද දැනගනි. ප්‍රහීණ වූ විචිකිත්සාවගේ මතු නො ඉපැද්ම යම් කරුණෙකින් වේ නම් එය ද දැනගනි.
Pali BJT465. සත්තං වා සතිසම්බොජ්ඣඞ්ගං අත්ථි සතිසම්බොජ්ඣඞ්ගො’ති පජානාති, අසන්තං වා සතිසම්බොජ්ඣඞ්ගං නත්ථි සතිසම්බොජ්ඣඞ්ගො’ති පජානාති. යථා ච අනුප්පන්නස්ස සතිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදො හොති තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස සතිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරී හොති තඤ්ච පජානාති.
Sinhala BJT465. විද්‍යමාන වූ හෝ ස්මෘතිසම්බොධ්‍යඞ්ගය ‘ස්මෘතිසම්බොධ්‍යඞ්ගය ඇතැ’ යි දැනගනි. අවිද්‍යමාන වූ හෝ ස්මෘතිසම්බොධ්‍යඞ්ගය ‘ස්මෘතිසම්බොධ්‍යඞ්ගය නැතැ’ යි දැනගනි. නූපන් ස්මෘතිසම්බොධ්‍යඞ්ගයාගේ ඉපැද්ම යම් කරුණෙකින් වේ නම් එය ද දැනගනි. උපන් ස්මෘතිසම්බොධ්‍යඞ්ගයාගේ භාවනායෙන් පරිපූර්‍ණ වීම යම් කරුණෙකින් වේ නම් එය ද දැනගනි.
Pali BJTසන්තං වා ධම්මවිචයසම්බොජ්ඣඞ්ගං -පෙ- සන්තං වා විරියසම්බොජ්ඣඞ්ගං -පෙ- සන්තං වා පීතිසම්බොජ්ඣඞ්ගං -පෙ- සන්තං වා පස්සද්ධිසම්බොජ්ඣඞ්ගං -පෙ- සන්තං වා සමාධිසම්බොජ්ඣඞ්ගං -පෙ- සන්තං වා උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගං අත්ථි උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො’ති පජානාති. අසන්තං වා උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගං නත්ථි උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො’ති පජානාති, යථා ච අනුප්පන්නස්ස උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදො හොති තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරී හොති තඤ්ච පජානාති. එවං භික්ඛු අජ්ඣත්තබහිද්ධා ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං.
Sinhala BJTවිද්‍යමාන වූ හෝ ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය ... විද්‍යමාන වූ හෝ වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගය ... විද්‍යමාන වූ හෝ ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය ... විද්‍යමාන වූ හෝ ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගය ... විද්‍යමාන වූ හෝ සමාධිසම්බෝධ්‍යඞ්ගය ... විද්‍යමාන වූ හෝ උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය ‘උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය ඇතැ’ යි දැනගනි. අවිද්‍යමාන වූ හෝ උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය ‘උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය නැතැ’ යි දැනගනි. නූපන් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගයාගේ ඉපැද්ම යම් කරුණෙකින් වේ නම් එය ද දැනගනි. උපන් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගයාගේ භාවනායෙන් පරිපූර්‍ණ වීම යම් කරුණෙකින් වේ නම් එය ද දැනගනි. මෙසෙයින් මහණ තෙම කෙලෙස් තවන වැර ඇති ව සම්‍යග්ඥාන ඇති ව සිහි ඇති ව ධර්‍ම සඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාව හා දොම්නස දුරු කොට තමාගේ හා මෙරමාගේ (නීවරණාදි) ධර්‍මයන්හි ධර්‍මානුදර්ශී ව වෙසේ.
Pali BJT466. අනුපස්සී’ති තත්ථ කතමා අනුපස්සනා: යා පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, අයං වුච්චති අනුපස්සනා. ඉමාය අනුපස්සනාය උපෙතො හොති සමුපෙතො උපගතො සමුපගතො උප්පන්නො සමුප්පන්නො සමන්නාගතො. තෙන වුච්චති අනුපස්සීති.
Sinhala BJT466. ‘අනුපස්සී’ යනු: එහි ‘අනුපස්සනා’ කවර යත්: යම් ප්‍රඥාවක් ප්‍රජානනාකාරයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දාෂ්ටියක් වේ ද, මේ ‘අනුපස්සනා’ යි කියනු ලැබේ. මේ අනුපස්සනායෙන් යුක්ත වූයේ සමුපේත වූයේ එළඹසිටියේ මොනොවට එළඹසිටියේ නො වෙන් වූයේ පිරිපුන් වූයේ සමන්‍විත වූයේ වේ. එහෙයින් ‘අනුපස්සී’ යි කියනු ලැබේ.
Pali BJTවිහරතී’ති ඉරීයති වත්තති පාලෙති යපෙති යාපෙති චරති විහරති. තෙන වුච්චති විහරතී’ති.
Sinhala BJT‘විහරති’ යනු: ඉරියවු පවත්වයි, ඉරියවු උපදවයි, ඉරියවු රකියි, යපනය කෙරෙයි, යාපනය කෙරෙයි, හැසිරෙයි, වෙසෙයි. එහෙයින් ‘විහරති’ යි කියනු ලැබේ.
Pali BJTආතාපී’ති. තත්ථ කතමං ආතප්පං: යො චෙතසිකො විරියාරම්භො -පෙ- සම්මාවායාමො, ඉදං වුච්චති ආතප්පං. ඉමිනා ආතප්පෙන උපෙතො හොති -පෙ- සමන්නාගතො. තෙන වුච්චති ආතාපී’ති.
Sinhala BJT‘ආතාපී’ යනු: එහි ‘ආතප්ප’ කවරෙ යත්: යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් ... සම්‍යග්ව්‍යායාමයෙක් වේ ද, මේ ‘ආතප්ප’ යි කියනු ලැබේ. මේ ආතප්පයෙන් යුක්ත වූයේ ... සමන්‍වාගත වූයේ වෙයි. එහෙයින් ‘ආතාපී’ යි කියනු ලැබේ.
Pali BJTසම්පජානො’ති තත්ථ කතමං සම්පජඤ්ඤං: යා පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, ඉදං වුච්චති සම්පජඤ්ඤං. ඉමිනා සම්පජඤ්ඤෙන උපෙතො හොති සමුපෙතො -පෙ- සමන්නාගතො තෙන වුච්චති සම්පජානො’ති.
Sinhala BJT‘සම්පජානෝ’ යනු: එහි ‘සම්පජඤ්ඤ’ කවරෙ යත්: යම් ප්‍රඥාවක් ප්‍රජානනාකාරයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්ෂ්ටියක් වේ ද, මේ ‘සම්පජඤ්ඤ’ යි කියනු ලැබේ. මේ සම්පජඤ්ඤයෙන් යුක්ත වූයේ සමුපේත වූයේ ... සමන්‍වාගත වූයේ වෙයි. එහෙයින් ‘සම්පජාන’ යි කියනු ලැබේ.
Pali BJTසතිමා’ති තත්ථ කතමා සති: යා සති අනුස්සති -පෙ- සම්මාසති. අයං වුච්චති සති. ඉමාය සතියා උපෙතො හොති සමුපෙතො -පෙ- සමන්නාගතො. තෙන වුච්චති සතිමා’ති.
Sinhala BJT‘සතිමා’ යනු: එහි ‘සති’ කවර යත්: යම් ස්මෘතියක් අනුස්මෘතියක් ... සම්‍යක්ස්මෘතියක් වේ ද, මේ ‘සති ’ යි කියනු ලැබේ. මේ සතියෙන් යුක්ත වූයේ සමුපේත වූයේ ... සමන්‍වාගත වූයේ වෙයි. එහෙයින් ‘සතිමා’ යි කියනු ලැබේ.
Pali BJTවිනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්ස’න්ති. තත්ථ කතමො ලොකො: තෙ’ව ධම්මා ලොකො, පඤ්ච’පි උපාදානක්ඛන්ධා ලොකො. අයං වුච්චති ලොකො.
Sinhala BJT‘විනෙය්‍ය ලෝකෙ අභිජ්ඣාදෝමනස්සං’ යනු: එහි ‘ලෝක’ කවරෙ යත්: එම ධර්‍මයෝ ‘ලෝක ’ ය, පඤ්චෝපාදානස්කන්‍ධයෝ ම ලෝක යි. මේ ‘ලෝක’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා අභිජ්ඣා: යො රාගො සාරාගො -පෙ- චිත්තස්ස සාරාගො. අයං වුච්චති අභිජ්ඣා.
Sinhala BJTඑහි ‘අභිජ්ඣා’ කවර යත්: යම් රාගයෙක් බලවත් රාගයෙක් ... චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ ‘අභිධ්‍යා’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං දොමනස්සං: යං චෙතසිකං අසාතං චෙතසිකං දුක්ඛං චෙතො සම්ඵස්සජං අසාතං දුක්ඛං වෙදයිතං චෙතො සම්ඵස්සජා අසාතා දුක්ඛා වෙදනා, ඉදං වුච්චති දොමනස්සං. ඉති අයඤ්ච අභිජ්ඣා ඉදඤ්ච දොමනස්සං, ඉමම්හි ලොකෙ විනීතා හොන්ති පටිවිනීතා සන්තා සමිතා වූපසන්තා අත්ථඞ්ගතා අබ්භත්ථඞ්ගතා අප්පිතා බ්යප්පිතා සොසිතා විසොසිතා බ්යන්තීකතා. තෙන වුච්චති ‘විනෙය්ය ලොකෙ අභිජ්ඣා දොමනස්ස’න්ති.
Sinhala BJTඑහි ‘දෝමනස්ස’ කවරෙ යත්: යම් චෛතසික වූ අසාතයෙක් චෛතසික වූ දුඃඛයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් අසාතදුඃඛවේදයිතයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් අසාතදුඃඛවේදනාවක් වේ ද, මේ ‘දෝමනස්ස’ යි කියනු ලැබේ. මෙසේ මේ අභිධ්‍යාව ද මේ දොම්නස ද මේ ධර්‍ම සඞ්ඛ්‍යාත ලෝකයෙහි දුරු කරන ලද්දාහු වෙසෙසින් දුරු කරන ලද්දාහු සන්හුන්නාහු සන්හිඳුවන ලද්දාහු ව්‍යුපශම කරන ලද්දාහු නිරෝධ සඞ්ඛ්‍යාත අස්තයට ගියාහු වෙසෙසින් අස්තයට ගියාහු නසන ලද්දාහු වෙසෙසින් නසන ලද්දාහු වියළන ලද්දාහු මොනොවට වියළන ලද්දාහු විගතාන්ත කරන ලද්දාහු වෙත්. එහෙයින් කියනු ලැබෙයි ‘විනෙය්‍ය ලෝකෙ අභිජ්ඣාදෝමනස්සං’ යි.
Pali BJTධම්මානුපස්සනා නිද්දෙසො.
Sinhala BJTධම්මානුපස්සනා නිර්දේශ යි.
Pali BJTසුත්තන්තභාජනියං.
Sinhala BJTසූත්‍රාන්තභාජනිය යි.
Pali BJT467. චත්තාරො සතිපට්ඨානා: ඉධ භික්ඛු කායෙ කායානුපස්සී විහරති, වෙදනාසු වෙදනානුපස්සී විහරති, චිත්තෙ චිත්තානුපස්සී විහරති, ධම්මෙසු ධම්මානුපස්සී විහරති.
Sinhala BJT467. ස්මෘතිප්‍රස්ථානයෝ සතර දෙනෙකි: මෙ සස්නෙහි මහණ තෙම (රූප) කයෙහි කය අනුව බලමින් වෙසෙයි, වේදනාවන්හි වේදනා අනුව බලමින් වෙසෙයි, සිතෙහි සිත අනුව බලමින් වෙසෙයි, (නීවරණාදි) ධර්‍මයන්හි ධර්‍මය අනුව බලමින් වෙසේ.
Pali BJT468. කථඤ්ච භික්ඛු කායෙ කායානුපස්සී විහරති: ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛා පටිපදං දන්ධාභිඤ්ඤං කායෙ කායානුපස්සී, යා තස්මිං සමයෙ සති අනුස්සති සම්මාසති සතිසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, ඉදං වුච්චති සතිපට්ඨානං. අවසෙසා ධම්මා සතිපට්ඨානසම්පයුත්තා.
Sinhala BJT468. කිසෙයින් මහණ තෙම කයෙහි කය අනුව බලමින් වෙසේ ද යත්: මෙ සස්නෙහි මහණ තෙම යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථම භූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කයෙහි කය අනුව බලමින් කාමයන්ගෙන් වෙන් ව ම ... දුක් වූ පිළිවෙත් ඇති ලැසි වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ස්මෘතියක් අනුස්මෘතියක් සම්‍යක් ස්මෘතියක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘ස්මෘතිප්‍රස්ථාන’ යි කියනු ලැබේ. අවශේෂ ධර්‍මයෝ ‘ස්මෘතිප්‍රස්ථානසම්ප්‍රයුක්තයෝ’ යි.
Pali BJT469. කථං ච භික්ඛු වෙදනාසු වෙදනානුපස්සී විහරති: ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං වෙදනාසු වෙදනානුපස්සී, යා තස්මිං සමයෙ සති අනුස්සති සම්මාසති සතිම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, ඉදං වුච්චති සතිපට්ඨානං අවසෙසා ධම්මා සතිපට්ඨානසම්පයුත්තා.
Sinhala BJT469. කිසෙයින් මහණ තෙම වේදනාවන්හි වේදනා අනුව බලමින් වෙසේ ද යත්: මෙ සස්නෙහි මහණ තෙම යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථම භූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණිකවූ අපචයගාමීවූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, වේදනාවන්හි වේදනා අනුව බලමින් කාමයන්ගෙන් වෙන් ව ම ... දුක් වූ පිළිවෙත් ඇති ලැසි වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ස්මෘතියක් අනුස්මෘතියක් සම්‍යක් ස්මෘතියක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘ස්මෘතිප්‍රස්ථාන’ යි කියනු ලැබේ. අවශේෂ ධර්‍මයෝ ‘ස්මෘතිප්‍රස්ථානසම්ප්‍රයුක්තයෝ’ යි.
Pali BJT470. කථඤ්ච භික්ඛු චිත්තෙ චිත්තානුපස්සී විහරති: ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං චිත්තෙ චිත්තානුපස්සී, යා තස්මිං සමයෙ සති අනුස්සති සම්මාසති සතිම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, ඉදං වුච්චති සතිපට්ඨානං. අවසෙසා ධම්මා සතිපට්ඨානසම්පයුත්තා.
Sinhala BJT470. කිසෙයින් මහණ තෙම සිතෙහි සිත අනුව බලමින් වෙසේ ද යත්: මෙ සස්නෙහි මහණ තෙම යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථම භූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, සිතෙහි සිත අනුව බලමින් කාමයන්ගෙන් වෙන් ව ම ... දුක් වූ පිළිවෙත් ඇති ලැසි වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ස්මෘතියක් අනුස්මෘතියක් සම්‍යක්ස්මෘතියක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘ස්මෘතිප්‍රස්ථාන’ යි කියනු ලැබේ. අවශේෂ ධර්‍මයෝ ස්මෘතිප්‍රස්ථානසම්ප්‍රයුක්තයෝ’ යි.
Pali BJT471. කථඤ්ච භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති: ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං. ධම්මෙසු ධම්මානුපස්සී, යා තස්මිං සමයෙ සති අනුස්සති සම්මාසති සතිසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, ඉදං වුච්චති සතිපට්ඨානං. අවසෙසා ධම්මා සතිපට්ඨානසම්පයුත්තා.
Sinhala BJT471. කිසෙයින් මහණ තෙම (නීවරණාදි) ධර්‍මයන්හි ධර්‍මය අනුව බලමින් වෙසේ ද යත්: මෙ සස්නෙහි මහණ තෙම යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථම භූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, ධර්‍මයන්හි ධර්‍මය අනුව බලමින් කාමයන්ගෙන් වෙන් ව ම ... දුක් වූ පිළිවෙත් ඇති ලැසි වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ග පර්‍ය්‍යාපන්න වූ යම් ස්මෘතියක් අනුස්මෘතියක් සම්‍යක්ස්මෘතියක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘ස්මෘතිප්‍රස්ථාන’ යි කියනු ලැබේ. අවශේෂ ධර්‍මයෝ ‘ස්මෘති ප්‍රස්ථානසම්ප්‍රයුක්තයෝ’ යි.
Pali BJT472. තත්ථ කතමං සතිපට්ඨානං: ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං ධම්මෙසු ධම්මානුපස්සී, යා තස්මිං සමයෙ සති අනුස්සති සම්මාසති සතිසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, ඉදං වුච්චති සතිපට්ඨානං. අවසෙසා ධම්මා සතිපට්ඨානසම්පයුත්තා.
Sinhala BJT472. එහි ‘ස්මෘතිප්‍රස්ථාන’ කවරෙ යත්: මෙ සස්නෙහි මහණ තෙම යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථම භූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, ධර්‍මයන්හි ධර්‍මානුදර්ශී ව කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ස්මෘතියක් අනුස්මෘතියක් සම්‍යක්ස්මෘතියක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘ස්මෘතිප්‍රස්ථාන’ යි කියනු ලැබේ. අවශේෂ ධර්‍මයෝ ස්මෘතිප්‍රස්ථානසම්ප්‍රයුක්තයෝ යි.
Pali BJT473. චත්තාරො සතිපට්ඨානා: ඉධ භික්ඛු කායෙ කායානුපස්සී විහරති, වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරති.
Sinhala BJT473. සතිපට්ඨානයෝ සතර දෙනෙකි: මෙ සස්නෙහි මහණ තෙම කයෙහි කය අනුව බලමින් වෙසෙයි, වේදනාවන්හි ... චිත්තයෙහි ... ධර්‍මයන්හි ධර්‍මය අනුව බලමින් වෙසේ.
Pali BJT474. කථඤ්ච භික්ඛු කායෙ කායානුපස්සී විහරති: ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති. ඉමෙ ධම්මා කුසලා. තස්සෙව ලොකුත්තරස්ස කුසලස්ස ඣානස්ස කතත්තා භාවිතත්තා විපාකං විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං සුඤ්ඤතං කායෙ කායානුපස්සී, යා තස්මිං සමයෙ සති අනුස්සති සම්මාසති සතිසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, ඉදං වුච්චති සතිපට්ඨානං අවසෙසා ධම්මා සතිපට්ඨානසම්පයුත්තා.
Sinhala BJT474. කිසෙයින් මහණ කයෙහි කය අනුව බලමින් වෙසේ ද යත්: මෙ සස්නෙහි මහණ තෙම යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථම භූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛ වූ ප්‍රතිපදා ඇති දන්‍ධ වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම ලෝකෝත්තර කුශලධ්‍යානය කළ බැවින් වැඩු බැවින් කයෙහි කය අනුව බලමින් කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛ වූ ප්‍රතිපදා ඇති දන්‍ධ වූ අභිඥා ඇති ශුන්‍යත වූ විපාකප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ස්මෘතියක් අනුස්මෘතියක් සම්‍යක් ස්මෘතියක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සතිපට්ඨාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ සතිපට්ඨානසම්ප්‍රයුක්තයෝ යි.
Pali BJT475. කථඤ්ච භික්ඛු වෙදනාසු වෙදනානුපස්සී විහරති: ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති, ඉමෙ ධම්මා කුසලා. තස්සෙව ලොකුත්තරස්ස කුසලස්ස ඣානස්ස කතත්තා භාවිතත්තා විපාකං විවිචෙව’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං සුඤ්ඤතං වෙදනාසු වෙදනානුපස්සී, යා තස්මිං සමයෙ සති අනුස්සති සම්මාසති සතිම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, ඉදං වුච්චති සතිපට්ඨානං. අවසෙසා ධම්මා සතිපට්ඨානසම්පයුත්තා.
Sinhala BJT475. කිසෙයින් මහණ වේදනාවන්හි වේදනා අනුව බලමින් වෙසේ ද යත්: මෙ සස්නෙහි මහණ තෙම යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථම භූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛ වූ ප්‍රතිපදා ඇති දන්‍ධ වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම ලෝකෝත්තරකුශලධ්‍යානය කළ බැවින් වැඩු බැවින් වේදනාවන්හි වේදනා අනුව බලමින් කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛ වූ ප්‍රතිපදා ඇති දන්‍ධ වූ අභිඥා ඇති ශුන්‍යත වූ විපාකප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ස්මෘතියක් අනුස්මෘතියක් සම්‍යක්ස්මෘතියක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සතිපට්ඨාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ‘සතිපට්ඨානසම්ප්‍රයුක්තයෝ’ යි.
Pali BJT476. කථඤ්ච භික්ඛු චිත්තෙ චිත්තානුපස්සී විහරති: ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං. තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති. ඉමෙ ධම්මා කුසලා. තස්සෙ’ව ලොකුත්තරස්ස කුසලස්ස ඣානස්ස කතත්තා භාවිතත්තා විපාකං විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං සුඤ්ඤතං චිත්තෙ චිත්තානුපස්සී, යා තස්මිං සමයෙ සති අනුස්සති සම්මාසති සතිසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, ඉදං වුච්චති සතිපට්ඨානං. අවසෙසා ධම්මා සතිපට්ඨානසම්පයුත්තා.
Sinhala BJT476. කිසෙයින් මහණ සිතෙහි සිත අනුව බලමින් වෙසේ ද යත්: මෙ සස්නෙහි මහණ තෙම යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථම භූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛ වූ ප්‍රතිපදා ඇති දන්‍ධ වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යධානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම ලෝකෝත්තර කුශලධ්‍යානය කළ බැවින් වැඩූ බැවින් සිතෙහි සිත අනුව බලමින් කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛ වූ ප්‍රතිපදා ඇති දන්‍ධ වූ අභිඥා ඇති ශුන්‍යත වූ විපාකප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ස්මෘතියක් අනුස්මෘතියක් සමාධ්‍යක්ස්මෘතියක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සතිපට්ඨාන’ යි කියනු ලැබේ. අවශේෂ ධර්‍මයෝ ‘සතිපට්ඨානසම්ප්‍රයුක්තයෝ’ යි.
Pali BJT477. කථඤ්ච භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති: ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති, ඉමෙ ධම්මා කුසලා. තස්සෙ’ව ලොකුත්තරස්ස කුසලස්ස ඣානස්ස කතත්තා භාවිතත්තා විපාකං විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛා පටිපදං දන්ධාභිඤ්ඤං සුඤ්ඤතං ධම්මෙසු ධම්මානුපස්සී, යා තස්මිං සමයෙ සති අනුස්සති සම්මාසති සතිසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, ඉදං වුච්චති සතිපට්ඨානං. අවසෙසා ධම්මා සතිපට්ඨානසම්පයුත්තා.
Sinhala BJT477. කිසෙයින් මහණ ධර්‍මයන්හි ධර්‍මය අනුව බලමින් වෙසේ ද යත්: මෙ සස්නෙහි මහණ තෙම යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථම භූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛ වූ ප්‍රතිපදා ඇති දන්‍ධ වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යධානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. එම ලෝකෝත්තරකුශලධ්‍යානය කළ බැවින් වැඩූ බැවින් ධර්‍මයන්හි ධර්‍මය අනුව බලමින් කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛ වූ ප්‍රතිපදා ඇති දන්‍ධ වූ අභිඥා ඇති ශුන්‍යත වූ විපාකප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ස්මෘතියක් අනුස්මෘතියක් සම්‍යක්ස්මෘතියක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සතිපට්ඨාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ‘සතිපට්ඨානසම්ප්‍රයුක්තයෝ’ යි.
Pali BJT478. තත්ථ කතමං සතිපට්ඨානං: ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං. තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති, ඉමෙ ධම්මා කුසලා. තස්සෙ’ව ලොකුත්තරස්ස කුසලස්ස ඣානස්ස කතත්තා භාවිතත්තා විපාකං විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං සුඤ්ඤතං. යා තස්මිං සමයෙ සති අනුස්සති සම්මාසති සතිසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, ඉදං වුච්චති සතිපට්ඨානං. අවසෙසා ධම්මා සතිපට්ඨානසම්පයුත්තා.
Sinhala BJT478. එහි ‘සතිපට්ඨාන’ කවරෙ යත්: මෙ සස්නෙහි මහණ තෙම යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථම භූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධ - අභිඥාඇති ප්‍රථමධ්‍යධානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි … අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම ලෝකෝත්තරකුශලධ්‍යානය කළ බැවින් වැඩූ බැවින් කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධ අභිඥා ඇති ශුන්‍යත වූ විපාකප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ස්මෘතියක් අනුස්මෘතියක් සම්‍යක්ස්මෘතියක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සතිපට්ඨාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ‘සතිපට්ඨානසම්ප්‍රයුත්තයෝ’ යි.
Pali BJTඅභිධම්මභාජනියං.
Sinhala BJTඅභිධර්‍මභාජනිය යි.
Pali BJT479. චත්තාරො සතිපට්ඨානා: ඉධ භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වෙදනාසු වෙදනානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. චිත්තෙ චිත්තානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං.
Sinhala BJT479. ස්මෘතිප්‍රස්ථානයෝ සතර දෙනෙකි: මෙ සස්නෙහි මහණ තෙම කෙලෙස් තවන වැර ඇති ව සම්‍යග්ඥාන ඇති ව සිහි ඇති ව කාය සඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාව හා දොම්නස දුරු කොට කයෙහි කය අනුව බලමින් වෙසෙයි, කෙලෙස් තවන වැර ඇති ව සම්‍යග්ඥාන ඇති ව සිහි ඇති ව වේදනා සඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාව හා දොම්නස දුරු කොට වේදනාවන්හි වේදනා අනුව බලමින් වෙසෙයි, කෙලෙස් තවන වැර ඇති ව සම්‍යග්ඥාන ඇති ව සිහි ඇති ව චිත්ත සඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාව හා දොම්නස දුරු කොට සිතෙහි සිත අනුව බලමින් වෙසෙයි, කෙලෙස් තවන වැර ඇති ව සම්‍යග්ඥාන ඇති ව සිහි ඇති ව ධර්‍ම සඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාව හා දොම්නස දුරු කොට ධර්‍මයන්හි ධර්‍මය අනුව බලමින් වෙසේ.
Pali BJT480. චතුන්නං සතිපට්ඨානානං කති කුසලා කති අකුසලා කති අව්යාකතා -පෙ- කති සරණා කති අරණා:
Sinhala BJT480. සතර සතිපට්ඨානයන් අතුරෙහි කෙතෙක් කුශලයෝ ද කෙතෙක් අකුශලයෝ ද කෙතෙක් අව්‍යාකෘතයෝ ද ... කෙතෙක් සරණයෝ ද කෙතෙක් අරණයෝ ද යත්:
Pali BJT481. සියා කුසලා, සියා අව්යාකතා.
Sinhala BJT481. (සතර සතිපට්ඨානයෝ) කුසල් ද වන්නාහ, අව්‍යාකෘත ද වන්නාහු ය.
Pali BJTසියා සුඛාය වෙදනාය සම්පයුත්තා, සියා අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තා.
Sinhala BJTසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නාහ, උපේක්‍ෂාවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නාහු ය.
Pali BJTසියා විපාකා, සියා විපාකධම්මධම්මා.
Sinhala BJTවිපාක ද වන්නාහ, විපාකස්වභාවධර්‍ම ද වන්නාහු ය.
Pali BJTඅනුපාදින්නානුපාදානියා.
Sinhala BJTඅනුපාදින්නෝපාදානියහ.
Pali BJTඅසංකිලිට්ඨඅසංකිලෙසිකා.
Sinhala BJTඅසංක්ලිෂ්ටඅසාංක්ලේශිකයහ.
Pali BJTසියා සවිතක්කසවිචාරා, සියා අවිතක්කවිචාරමත්තා, සියා අවිතක්කඅවිචාරා.
Sinhala BJTසවිතර්‍කසවිචාර ද වන්නාහ, අවිතර්‍කවිචාරමාත්‍ර ද වන්නාහ, අවිතර්‍කඅවිචාර ද වන්නාහු ය.
Pali BJTසියා පීතිසහගතා, සියා සුඛසහගතා, සියා උපෙක්ඛාසහගතා.
Sinhala BJTප්‍රීතිසහගත ද වන්නාහ, සුඛසහගත ද වන්නාහ, උපේක්‍ෂාසහගත ද වන්නාහු ය.
Pali BJTනෙවදස්සනෙන න භාවනාය පහාතබ්බා.
Sinhala BJTනො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය හ.
Pali BJTනෙවදස්සනෙන න භාවනාය පහාතබ්බහෙතුකා.
Sinhala BJTනො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇතියහ.
Pali BJTසියා අපචයගාමිනො, සියා නෙවාචයගාමි නාපචයගාමිනො.
Sinhala BJTඅපචයගාමී ද වන්නාහ, නො ම ආචයගාමී නො ද අපචයගාමී ද වන්නාහු ය.
Pali BJTසියා සෙක්ඛා, සියා අසෙක්ඛා.
Sinhala BJTශෛක්‍ෂ ද වන්නාහ, අශෛක්‍ෂ ද වන්නාහු ය.
Pali BJTඅප්පමාණා.
Sinhala BJTඅප්‍රමාණයහ.
Pali BJTඅප්පමාණාරම්මණා.
Sinhala BJTඅප්‍රමාණාලම්බනයහ.
Pali BJTපණීතා.
Sinhala BJTප්‍රණීතයහ.
Pali BJTසියා සම්මත්තනියතා, සියා අනියතා.
Sinhala BJTසම්‍යක්ත්‍වනියත ද වන්නාහ, අනියත ද වන්නාහු ය.
Pali BJTන මග්ගාරම්මණා,{1} සියා මග්ගහෙතුකා, සියා මග්ගාධිපතිනො, සියා න වත්තබ්බා මග්ගහෙතුකාති’පි මග්ගාධිපතිනොති’පි.
Sinhala BJTමාර්‍ගාලම්බනයෝ නො වෙති, මාර්‍ගහේතුක ද වන්නාහ, මාර්‍ගාධිපති ද වන්නාහ, මාර්‍ගහේතුකහ යි ද මාර්‍ගාධිපති යි ද නො කියයුතු ද වන්නාහු ය.
Pali BJTසියා උප්පන්නා, සියා අනුප්පන්නා, සියා උප්පාදිනො.
Sinhala BJTඋත්පන්න ද වන්නාහ, අනුත්පන්න ද වන්නාහ, උත්පාදී ද වන්නාහු ය.
Pali BJTසියා අනාගතා. සියා පච්චුප්පන්නා. සියා අතීතා.
Sinhala BJTඅතීත ද වන්නාහ, අනාගත ද වන්නාහ, ප්‍රත්‍යුත්පන්න ද වන්නාහු ය.
Pali BJTන වත්තබ්බා අතීතාරම්මණාති’පි අනාගතාරම්මණාති’පි පච්චුප්පන්නාරම්මණාති’පි.
Sinhala BJTඅතීතාලම්බනහ යි ද අනාගතාලම්බනහ යි ද ප්‍රත්‍යුත්පන්නාලම්බනහ යි ද නො කිය යුත්තාහ.
Pali BJTසියා අජ්ඣත්තා, සියා බහිද්ධා, සියා අජ්ඣත්තබහිද්ධා.
Sinhala BJTඅධ්‍යාත්ම ද වන්නාහ, බාහිර ද වන්නාහ, අධ්‍යාත්මබාහිර ද වන්නාහු ය.
Pali BJTබහිද්ධාරම්මණා.
Sinhala BJTබාහිරාලම්බනයහ.
Pali BJTඅනිදස්සනඅප්පටිඝා.
Sinhala BJTඅනිදර්‍ශනඅප්‍රතිඝයහ.
Pali BJT482. න හෙතු.
Sinhala BJT482. හේතූහු නො වෙති.
Pali BJTසහෙතුකා.
Sinhala BJTසහේතුකයහ.
Pali BJTහෙතුසම්පයුත්තා.
Sinhala BJTහේතුසම්ප්‍රයුක්තයහ.
Pali BJTන වත්තබ්බා හෙතු චෙව සහෙතුකා චාති.{2}
Sinhala BJTහේතු ද වූ ම සහේතුකහ යි ද නො කියයුත්තාහ,
Pali BJTසහෙතුකා චෙව න ච හෙතු
Sinhala BJTසහේතුක ද වූවාහු ම නො ද හේතූහු වෙති.