Vibhaṅga

Analysis

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1901-2000 න් 4235

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTතත්ථ කතමං සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං: යං චිත්තං මනො මානසං -පෙ- තජ්ජා මනොවිඤ්ඤාණධාතු, ඉදං වුච්චති සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං. තත්ථ කතමො විඤ්ඤාණපච්චයා’පි සඞ්ඛාරො, යා චෙතනා සඤ්චෙතනා චෙතයිතත්තං, අයං වුච්චති විඤ්ඤාණපච්චයා’පි සඞ්ඛාරො.
Sinhala BJTඑහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය යි කියනු ලැබේ. එහි විඥානප්‍රත්‍යයෙන් ද සංස්කාරය කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ විඥානප්‍රත්‍යයෙන් ද සංස්කාර යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං විඤ්ඤාණපච්චයා නාමං: වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො, ඉදං වුච්චති විඤ්ඤාණපච්චයා නාමං. තත්ථ කතමං නාමපච්චයා’පි විඤ්ඤාණං: යං චිත්තං මනො මානසං -පෙ- තජ්ජා මනොවිඤ්ඤාණධාතු, ඉදං වුච්චති නාමපච්චයා’පි විඤ්ඤාණං
Sinhala BJTඑහි විඥානප්‍රත්‍යයෙන් නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ යි. මේ විඥානප්‍රත්‍යයෙන් නාම යයි කියනු ලැබේ. එහි නාමප්‍රත්‍යයෙන් ද විඥානය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ නාමප්‍රත්‍යයෙන් ද විඥාන යි කියනු ලැබේ.
Pali BJTනාමපච්චයා ඵස්සොති: තත්ථ කතමං නාමං: ඨපෙත්වා ඵස්සං වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො, ඉදං වුච්චති නාමං. තත්ථ කතමො නාමපච්චයා ඵස්සො: යො ඵස්සො ඵුසනා සම්ඵුසනා සම්ඵුසිතත්තං, අයං වුච්චති නාමපච්චයා ඵස්සො. තත්ථ කතමං ඵස්සපච්චයා’පි නාමං: වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො, ඉදං වුච්චති ඵස්සපච්චයා’පි නාමං -පෙ- තෙන වුච්චති “එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොතී”ති.
Sinhala BJTනාමප්‍රත්‍යයෙන් ස්පර්‍ශය යනු: එහි නාම කවරෙ යත්: ස්පර්‍ශය තබා වේදනා ස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය විඥානස්කන්‍ධ යි, මේ නාම යයි කියනු ලැබේ. එහි නාමප්‍රත්‍යයෙන් ස්පර්‍ශය කවරෙ යත්: යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශ කරන අයුරෙක් මොනොවට ස්පර්‍ශ කරන අයුරෙක් මොනොවට ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ නාමප්‍රත්‍යයෙන් ස්පර්‍ශ යයි කියනු ලැබේ. එහි ස්පර්‍ශප්‍රත්‍යයෙන් ද නාම කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය විඥානස්කන්‍ධ යි, මේ ස්පර්‍ශප්‍රත්‍යයෙන් ද නාම යයි කියනු ලැබේ. … එහෙයින් “එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති” යි කියනු ලැබේ.
Pali BJT385. තස්මිං සමයෙ අවිජ්ජාපච්චයා සඞ්ඛාරො සඞ්ඛාරපච්චයා’පි අවිජ්ජා, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං විඤ්ඤාණපච්චයා’පි සඞ්ඛාරො, විඤ්ඤාණපච්චයා නාමරූපං නාමරූපපච්චයා’පි විඤ්ඤාණං, නාමරූපපච්චයා ඡට්ඨායතනං ඡට්ඨායතනපච්චයා’පි නාමරූපං, ඡට්ඨායයතනපච්චයා ඵස්සො ඵස්සපච්චයා’පි ඡට්ඨායතනං, ඵස්සපච්චයා වෙදනා වෙදනාපච්චයා’පි ඵස්සො, වෙදනාපච්චයා තණ්හා තණ්හාපච්චයා’පි වෙදනා. තණ්හාපච්චයා උපාදානං උපාදානපච්චයා’පි තණ්හා, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං, එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJT385. එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් ද අවිද්‍යාව වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් ද සංස්කාරය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමරූපය වෙයි, නාමරූපප්‍රත්‍යයෙන් ද විඥානය වෙයි, නාමරූපප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ද නාමරූපය වෙයි, ෂෂ්ඨාතයනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් ද ෂෂ්ඨායතනය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ද වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙන් ද තෘෂ්ණාව වෙයි, උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.
Pali BJTතත්ථ කතමා අවිජ්ජා: යං අඤ්ඤාණං අදස්සනං -පෙ- අවිජ්ජාලඞ්ගි මොහො අකුසලමූලං, අයං වුච්චති අවිජ්ජා.
Sinhala BJTඑහි අවිද්‍යා කවර යත්: යම් නො දැන්මෙක් නො දැක්මෙක් … අවිද්‍යාපරිඝයෙක් මෝහසඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ අවිද්‍යා යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො අවිජ්ජාපච්චයා සඞ්ඛාරො: යා චෙතනා සඤ්චෙතනා චෙතයිතත්තං, අයං වුච්චති අවිජ්ජාපච්චයා සඞ්ඛාරො. තත්ථ කතමා සඞ්ඛාරපච්චයා’පි අවිජ්ජා: යං අඤ්ඤාණං අදස්සනං -පෙ- අවිජ්ජාලඞ්ගි මොහො අකුසලමූලං, අයං වුච්චති සඞ්ඛාරපච්චයා’පි අවිජ්ජා.
Sinhala BJTඑහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාර යි කියනු ලැබේ. එහි සංස්කාර ප්‍රත්‍යයෙන් ද අවිද්‍යා කවර යත්: යම් නො දැන්මෙක් නො දැක්මෙක් … අවිද්‍යාපරිඝයෙක් මෝහසඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ සංස්කාරප්‍රත්‍යයෙන් ද අවිද්‍යා යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං: යං චිත්තං මනො මානසං -පෙ- තජ්ජා මනොවිඤ්ඤාණධාතු, ඉදං වුච්චති සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං. තත්ථ කතමො විඤ්ඤාණපච්චයා’පි සඞ්ඛාරො, යා චෙතනා සඤ්චෙතනා චෙතයිතත්තං, අයං වුච්චති විඤ්ඤාණපච්චයා’පි සඞ්ඛාරො.
Sinhala BJTඑහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය කවරෙ යත්: යම් සිතෙක් මනසෙක් මානසයෙක් …තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ සංස්කාරප්‍රත්‍යයෙන් විඥාන යි කියනු ලැබේ. එහි විඥානප්‍රත්‍යයෙන් ද සංස්කාර කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ විඥාන ප්‍රත්‍යයෙන් ද සංස්කාර යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං විඤ්ඤාණපච්චයා නාමරූපං: අත්ථි නාමං, අත්ථි රූපං. තත්ථ කතමං නාමං: වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො, ඉදං වුච්චති නාමං. තත්ථ කතමං රූපං. චක්ඛායතනස්ස උපචයො -පෙ- කායායතනස්ස උපචයො යං වා පනඤ්ඤම්පි අත්ථි රූපං චිත්තජං චිත්තහෙතුකං චිත්තසමුට්ඨානං, ඉදං වුච්චති රූපං. ඉති ඉදඤ්ච නාමං, ඉදංච රූපං, ඉදං වුච්චති විඤ්ඤාණපච්චයා නාමරූපං. නාමරූපපච්චයාපි විඤ්ඤාණන්ති, අත්ථි නාමං, අත්ථි රූපං, තත්ථ කතමං නාමං: වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො, ඉදං වුච්චති නාමං, තත්ථ කතමං රූපං: යං රූපං නිස්සාය මනොවිඤ්ඤාණධාතු වත්තති, ඉදං වුච්චති රූපං, ඉති ඉදඤ්ච නාමං ඉදඤ්ච රූපං, ඉදං වුච්චති නාමරූපං: තත්ථ කතමං නාමරූපපච්චයාපි විඤ්ඤාණං: යං චිත්තං මනො මානසං -පෙ- තජ්ජා මනොවිඤ්ඤාණධාතු ඉදං වුච්චති නාමරූපපච්චයා’පි විඤ්ඤාණං.
Sinhala BJTඑහි විඥානප්‍රත්‍යයෙන් නාමරූපය කවරෙ යත්: නාමයෙක් ඇත, රූපයෙක් ඇති. එහි නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය, සංඥාස්කන්‍ධ ය, සංස්කාරස්කන්‍ධ යි, මේ ‘නාම’ යි කියනු ලැබේ. එහි රූපය කවරෙ යත්: චක්‍ෂුරායතනයාගේ ඉපැද්මෙක් … කායායතනයාගේ ඉපැද්මෙක් වේ ද, යළි අන්‍ය වූ ද චිත්තජ වූ චිත්තහේතුක වූ චිත්තසමුත්‍ථාන වූ යම් රූපයෙක් හෝ ඇද්ද, මේ ‘රූප’ යි කියනු ලැබේ. මෙසේ මේ නාමය ද මේ රූපය දැ යි මේ විඥානප්‍රත්‍යයෙන් ‘නාමරූප’ යි කියනු ලැබේ. නාමරූප ප්‍රත්‍යයෙන් ද විඥාන යනු: නාමයෙක් ඇත, රූපයෙක් ඇති. එහි නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය, සංඥාස්කන්‍ධ ය, සංස්කාරස්කන්‍ධ යි, මේ නාම යයි කියනු ලැබේ. එහි රූපය කවරෙ යත්: යම් රූපයක් නිසා මනෝවිඥානධාතුව පවතී ද මේ රූප යයි කියනු ලැබේ. මෙසේ මේ නාමය ද මේ රූපය දැ යි මේ නාමරූප යි කියනු ලැබේ. එහි නාමරූපප්‍රත්‍යයෙන් ද විඥානය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ නාමරූපප්‍රත්‍යයෙන් ද විඥාන යි කියනු ලැබේ.
Pali BJTනාමරූපච්චයා ඡට්ඨායතනන්ති, අත්ථි නාමං, අත්ථි රූපං. තත්ථ කතමං නාමං: වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො, ඉදං වුච්චති නාමං. තත්ථ කතමං රූපං: යං රූපං නිස්සාය මනොවිඤ්ඤාණධාතු වත්තති, ඉදං වුච්චති රූපං, ඉති ඉදඤ්ච නාමං, ඉදඤ්ච රූපං, ඉදං වුච්චති නාමරූපං. තත්ථ කතමං නාමරූපපච්චයා ඡට්ඨායතනං: යං චිත්තං මනො මානසං -පෙ- තජ්ජා මනොවිඤ්ඤාණධාතු, ඉදං වුච්චති නාමරූපපච්චයා ඡට්ඨායතනං. තත්ථ කතමං ඡට්ඨායතනපච්චයා’පි නාමරූපං: අත්ථි නාමං, අත්ථි රූපං. තත්ථ කතමං නාමං: වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො, ඉදං වුච්චති නාමං. තත්ථ කතමං රූපං : චක්ඛායතනස්ස උපචයො -පෙ- කායායතනස්ස උපචයො, යං වා පනඤ්ඤම්පි අත්ථි රූපං චිත්තජං චිත්තහෙතුකං චිත්තසමුට්ඨානං, ඉදං වුච්චති රූපං. ඉති ඉදඤ්ච නාමං, ඉදඤ්ච රූපං, ඉදං වුච්චති ඡට්ඨායතනපච්චයාපි නාමරූපං.
Sinhala BJTනාමරූපප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතන යනු: නාමයෙක් ඇත, රූපයෙක් ඇති. එහි නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ යි, මේ නාම යයි කියනු ලැබේ. එහි රූපය කවරෙ යත්: යම් රූපයක් නිසා මනෝවිඥානධාතුව පවතී ද, මේ ‘රූප’ යි කියනු ලැබේ. මෙසේ මේ නාමය ද මේ රූපය දැ යි මේ ‘නාමරූප’ යි කියනු ලැබේ. එහි නාමරූපප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතන කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ නාමරූපප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතන යි කියනු ලැබේ. එහි ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ද නාමරූපය කවර යත්: නාමයෙක් ඇත. රූපයෙක් ඇති. එහි නාමය කවරෙ යත්:වේදනාස්කන්‍ධය, සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ යි, මේ ‘නාම’ යයි කියනු ලැබේ. එහි රූපය කවරෙ යත්: චක්‍ෂුරායතනාගේ ඉපැද්මෙක් … කායායතනයාගේ ඉපැද්මෙක් වේ ද, යළි අන්‍ය වූ ද චිත්තජ වූ චිත්තහේතුක වූ චිත්තසමුත්‍ථාන වූ යම් රූපයෙක් හෝ ඇද්ද, මේ ‘රූප’ යි කියනු ලැබේ. මෙසේ මේ නාමය ද මේ රූපය දැ යි මේ ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ද නාමරූප යයි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො ඡට්ඨායතනපච්චයා ඵස්සො: යො ඵස්සො ඵුසනා සම්ඵුසනා සම්ඵුසිතත්තං, අයං වුච්චති ඡට්ඨායතනපච්චයා ඵස්සො: තත්ථ කතමං ඵස්සපච්චයා’පි ඡට්ඨායතනං: යං චිත්තං මනො මානසං -පෙ- තජ්ජා මනොවිඤ්ඤාණධාතු, ඉදං වුච්චති ඵස්සපච්චයා’පි ඡට්ඨායතනං -පෙ- තෙන වුච්චති ‘එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොතී’ති.
Sinhala BJTඑහි ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශ කවරෙ යත්: යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශාකාරයෙක් මොනොවට ස්පර්‍ශ කරන අයුරෙක් මොනොවට ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශ යි කියනු ලැබේ. එහි ස්පර්‍ශප්‍රත්‍යයෙන් ද ෂෂ්ඨායතනය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥාන ධාතුයෙක් වේ ද, මේ ස්පර්‍ශප්‍රත්‍යයෙන් ද ෂෂ්ඨායතන යයි කියනු ලැබේ. එහෙයින් කියනු ලැබෙයි: ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
Pali BJT386. තස්මිං සමයෙ අවිජ්ජාපච්චයා සඞ්ඛාරො සඞ්ඛාරපච්චයා’පි අවිජ්ජා, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං විඤ්ඤාණපච්චයා’පි සඞ්ඛාරො, විඤ්ඤාණපච්චයා නාමරූපං නාමරූපපච්චයා’පි විඤ්ඤාණං, නාමරූපපච්චයා සළායතනං, ඡට්ඨායතනපච්චයා’පි නාමරූපං, ඡට්ඨායතනපච්චයා ඵස්සො ඵස්සපච්චයා’පි ඡට්ඨායතනං{1}, ඵස්සපච්චයා වෙදනා වෙදනාපච්චයා’පි ඵස්සො, වෙදනාපච්චයා තණ්හා තණ්හාපච්චයා’පි වෙදනා, තණ්හාපච්චයා උපාදානං උපාදානපච්චයා’පි තණ්හා, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං, එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJT386. එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් ද අවිද්‍යාව වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් ද සංස්කාරය වෙයි. විඥානප්‍රත්‍යයෙන් නාමරූප වෙයි, නාමරූපප්‍රත්‍යයෙන් ද විඥාන වෙයි. නාමරූපප්‍රත්‍යයෙන් ෂඩායතන වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ද නාමරූපවෙයි. ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් ද ෂෂ්ඨායතනය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන්වේදනාව වෙයි,වේදනාප්‍රත්‍යයෙන් ද ස්පර්‍ශය වෙයි, වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් දවේදනාව වෙයි. තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙන් ද තෘෂ්ණාව වෙයි, උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි, මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.
Pali BJTතත්ථ කතමා අවිජ්ජා: යං අඤ්ඤාණං අදස්සනං -පෙ- අවිජ්ජාලඞ්ගි මොහො අකුසලමූලං, අයං වුච්චති අවිජ්ජා.
Sinhala BJTඑහි අවිද්‍යා කවර යත්: යම් අඥානයෙක් … අදර්‍ශනයෙක් ... අවිද්‍යාපරිඝයෙක් මෝහසඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ ‘අවිද්‍යා’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො අවිජ්ජාපච්චයා සඞ්ඛාරො: යා චෙතනා සංචෙතනා චෙතයිතත්තං{2} අයං වුච්චති අවිජ්ජා පච්චයා සඞ්ඛාරො: තත්ථ කතමා සඞ්ඛාරපච්චයා’පි අවිජ්ජා: යං අඤ්ඤාණං අදස්සනං -පෙ- අවිජ්ජාලඞ්ගි මොහො අකුසලමූලං, අයං වුච්චති සඞ්ඛාරපච්චයා’පි අවිජ්ජා.
Sinhala BJTඑහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද මේ අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාර යි කියනු ලැබේ. එහි සංස්කාර ප්‍රත්‍යයෙනුදු අවිද්‍යා කවර යත්: යම් අඥානයෙක් අදර්‍ශනයෙක් … අවිද්‍යාපරිඝයෙක් මෝහසඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ ‘සංස්කාරප්‍රත්‍යයෙනුදු අවිද්‍යා’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං: යං චිත්තං මනො මානසං -පෙ- තජ්ජා මනොවිඤ්ඤාණධාතු, ඉදං වුච්චති සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, තත්ථ කතමො විඤ්ඤාණපච්චයා’පි සඞ්ඛාරො: යා චෙතනා සඤ්චෙතනා චෙතයිතත්තං,{2} අයං වුච්චති විඤ්ඤාණපච්චයා’පි සඞ්ඛාරො.
Sinhala BJTඑහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ සංස්කාරප්‍රත්‍යයෙන් විඥාන යයි කියනු ලැබේ. එහි විඥානප්‍රත්‍යයෙනුදු සංස්කාරය කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ ‘විඥානප්‍රත්‍යයෙනුදු සංස්කාර’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං විඤ්ඤාණපච්චයා නාමරූපං: අත්ථි නාමං, අත්ථි රූපං. තත්ථ කතමං නාමං: වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො, ඉදං වුච්චති නාමං. තත්ථ කතමං රූපං: චක්ඛායතනස්ස උපචයො -පෙ- කායායතනස්ස උපචයො, යං වා පනඤ්ඤම්පි අත්ථි රූපං චිත්තජං චිත්තහෙතුකං චිත්තසමුට්ඨානං, ඉදං වුච්චති රූපං. ඉති ඉදඤ්ච නාමං ඉදං ච රූපං, ඉදං වුච්චති විඤ්ඤාණපච්චයා නාමරූපං. නාමරූපපච්චයා’පි විඤ්ඤාණන්ති: අත්ථි නාමං, අත්ථි රූපං. තත්ථ කතමං නාමං: වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො, ඉදං වුච්චති නාමං. තත්ථ කතමං රූපං: යං රූපං නිස්සාය මනොවිඤ්ඤාණධාතු වත්තති, ඉදං වුච්චති රූපං. ඉති ඉදඤ්ච නාමං ඉදඤ්ච රූපං, ඉදං වුච්චති නාමරූපං. තත්ථ කතමං නාමරූපපච්චයා’පි විඤ්ඤාණං: යං චිත්තං මනො මානසං -පෙ- තජ්ජා මනොවිඤ්ඤාණධාතු, ඉදං වුච්චති නාමරූපපච්චයා’පි විඤ්ඤාණං.
Sinhala BJTඑහි විඥානප්‍රත්‍යයෙන් නාමරූප කවරෙ යත්: නාමයෙක් ඇත, රූපයෙක් ඇති. එහි නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ යි. මේ ‘නාම’ යි කියනු ලැබේ. එහි රූපය කවරෙ යත්: චක්‍ෂුරායතනයාගේ ඉපැද්මෙක් … කායායතනයාගේ ඉපැද්මෙක් වේ ද, යළි අන්‍ය වූ ද චිත්තජ වූ චිත්තහේතුක වූ චිත්තසමුත්‍ථාන වූ යම් රූපයෙක් ඇද්ද, මේ ‘රූප’ යි කියනු ලැබේ. මෙසේ මේ නාමය ද මේ රූපය දැ යි මේ ‘විඥානප්‍රත්‍යයෙන් නාමරූප’ යි කියනු ලැබේ. නාමරූප ප්‍රත්‍යයෙනුදු විඥාන යනු: නාමයෙක් ඇත, රූපයෙක් ඇති, එහි නාම කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ යි. මේ ‘නාම’ යි කියනු ලැබේ. එහි රූපය කවරෙ යත්: යම් රූපයක් නිසා මනෝවිඥානධාතුව පවතී ද, මේ ‘රූප’ යි කියනු ලැබේ. මෙසේ මේ නාමය ද මේ රූපය දැ යි මේ ‘නාමරූප’ යි කියනු ලැබේ. එහි නාමරූපප්‍රත්‍යයෙනුද විඥානය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘නාමරූපප්‍රත්‍යයෙනුදු විඥාන’ යි කියනු ලැබේ.
Pali BJTනාමරූපච්චයා සළායතනන්ති: අත්ථි නාමං, අත්ථි රූපං. තත්ථ කතමං නාමං: වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො, ඉදං වුච්චති නාමං. තත්ථ කතමං රූපං: චත්තාරො ච මහාභූතා, යඤ්ච රූපං නිස්සාය මනොවිඤ්ඤාණධාතු වත්තති, ඉදං වුච්චති රූපං. ඉති ඉදඤ්ච නාමං ඉදඤ්ච රූපං, ඉදං වුච්චති නාමරූපං. තත්ථ කතමං නාමරූපපච්චයා සළායතනං: චක්ඛායතනං සොතායතනං ඝානායතනං ජිව්හායතනං කායායතනං මනායතනං, ඉදං වුච්චති නාමරූපපච්චයා සළායතනං. තත්ථ කතමං ඡට්ඨායතනපච්චයා’පි නාමරූපං: අත්ථි නාමං, අත්ථි රූපං. තත්ථ කතමං නාමං: වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො, ඉදං වුච්චති නාමං. තත්ථ කතමං රූපං. චක්ඛායතනස්ස උපචයො -පෙ- කායායතනස්ස උපචයො යං වා පනඤ්ඤම්පි අත්ථි රූපං චිත්තජං චිත්තහෙතුකං චිත්තසමුට්ඨානං, ඉදං වුච්චති රූපං. ඉති ඉදඤ්ච නාමං ඉදඤ්ච රූපං, ඉදං වුච්චති ඡට්ඨායතනපච්චයා’පි නාමරූපං.
Sinhala BJTනාමරූපප්‍රත්‍යයෙන් ෂඩායතන යනු: නාමයෙක් ඇත, රූපයෙක් ඇති. එහි නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ යි. මේ ‘නාම’ යි කියනු ලැබේ. එහි රූපය කවරෙ යත්: සතර මහාභූතයෝ ද යම් රූපයකුත් නිසා මනෝවිඥානධාතුව පවතී ද (එදැ යි) මේ ‘රූප’ යි කියනු ලැබේ. මෙසේ මේ නාමය ද මේ රූපය දැ යි මේ ‘නාමරූප’ යි කියනු ලැබේ. එහි නාමරූපප්‍රත්‍යයෙන් ෂඩායතන කවරෙ යත්: චක්‍ෂුරායතන ය ශ්‍රෝත්‍රායතන ය ඝ්‍රාණායතන ය ජිහ්වායතන ය කායායතන ය මනායතන යි. මේ ‘නාමරූපප්‍රත්‍යයෙන් ෂඩායතන’ යි කියනු ලැබේ. එහි ෂෂ්ඨායතනප්‍රත්‍යයෙනුදු නාමරූපය කවරෙ යත්: නාමයෙක් ඇත, රූපයෙක් ඇති. එහි නාම කවර යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ යි. මේ ‘නාම’ යි කියනු ලැබේ. එහි රූපය කවරෙ යත්: චක්‍ෂුරායතනයාගේ ඉපැද්මෙක් … කායායතනයාගේ ඉපැද්මෙක් වේ ද, යළි අන්‍ය වූ ද චිත්තජ වූ චිත්තහේතුක වූ චිත්තසමුත්‍ථාන වූ යම් රූපයෙක් ඇද්ද, මේ ‘රූප’ යි කියනු ලැබේ. මෙසේ මේ නාමය ද මේ රූපය දැ යි මේ ‘ෂෂ්ඨායතනප්‍රත්‍යයෙනුදු නාමරූප’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො ඡට්ඨායතනපච්චයා ඵස්සො: යො ඵස්සො ඵුසනා සම්ඵුසනා සම්ඵුසිතත්තං, අයං වුච්චති ඡට්ඨායතනපච්චයා ඵස්සො. තත්ථ කතමං ඵස්සපච්චයා’පි ඡට්ඨායතනං: යං චිත්තං මනො මානසං -පෙ- තජ්ජා මනොවිඤ්ඤාණධාතු, ඉදං වුච්චති ඵස්සපච්චයා’පි ඡට්ඨායතනං.
Sinhala BJTඑහි ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය කවරෙ යත්: යම් පහසෙක් පහස්නා අයුරෙක් මොනොවට පහස්නා අයුරෙක් මොනොවට පහස්නා ලද බවෙක් වේ ද, මේ ‘ෂෂ්ඨායතන ප්‍රත්‍යයෙන් ස්පර්‍ශය’ යි කියනු ලැබේ. එහි ස්පර්‍ශප්‍රත්‍යයෙනුදු ෂෂ්ඨායතනය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘ස්පර්‍ශප්‍රත්‍යයෙනුදු ෂෂ්ඨායතන’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා ඵස්සපච්චයා වෙදනා: යං චෙතසිකං සාතං චෙතසිකං සුඛං චෙතොසම්ඵස්සජං සාතං සුඛං වෙදයිතං චෙතොසම්ඵස්සජා සාතා සුඛා වෙදනා, අයං වුච්චති ඵස්සපච්චයා වෙදනා -පෙ- තෙන වුච්චති ‘එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොතී’ති.
Sinhala BJTඑහි ‘ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා’ කවර යත්: යම් චෛතසික වූ සාතයෙක් චෛතසික වූ සුඛයෙක් චේතෝසම්ඵස්සජ වූ සාතසුඛවේදයිතයෙක් චේතෝසම්ඵස්සජ වූ සාත සුඛ වේදනාවක් වේ ද, මේ ‘ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා’ යි කියනු ලැබේ. … එහෙයින් කියනු ලැබෙයි: ‘එව මෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
Pali BJTඅඤ්ඤමඤ්ඤචතුක්කං.
Sinhala BJTඅන්‍යෝන්‍යචතුෂ්ක යි.
Pali BJT387. කතමෙ ධම්මා අකුසලා: යස්මිං සමයෙ අකුසලං චිත්තං උප්පන්නං හොති සොමනස්සසහගතං දිට්ඨිගතසම්පයුත්තං සසඞ්ඛාරෙන -පෙ- සොමනස්සසහගතං දිට්ඨිගතවිප්පයුත්තං -පෙ- සොමනස්සසහගතං දිට්ඨිගතවිප්පයුත්තං සසඞ්ඛාරෙන රූපාරම්මණං වා -පෙ- ධම්මාරම්මණං වා, යං යං වා පනාරබ්භ තස්මිං සමයෙ අවිජ්ජාපච්චයා සඞ්ඛාරො, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමං, නාමපච්චයා ඡට්ඨායතනං, ඡට්ඨායතනපච්චයා ඵස්සො, ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා අධිමොක්ඛො,{1} අධිමොක්ඛපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං, එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJT387. අකුශලධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක සොම්නස් සහගත වූ දෘෂ්ටිගත සම්ප්‍රයුක්ත වූ අකුශලචිත්තය සංස්කාර සහිත ව උපදනේ වේ ද, … සොම්නස් සහගත වූ දෘෂ්ටිගතවිප්‍රයුක්ත වූ … රූපාලම්බන වේවයි … ධර්‍මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ සොම්නස් සහගත වූ දෘෂ්ටිගතවිප්‍රයුක්ත වූ (අකුශලචිත්තය) සංස්කාර සහිතව උපදනේ වේ ද, එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි. සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ සියලු දුඃඛස්කන්‍ධයාගේ සමුදය වේ.
Pali BJT388. තත්ථ කතමා අවිජ්ජා: යං අඤ්ඤාණං අදස්සනං -පෙ- අවිජ්ජාලඞ්ගි මොහො අකුසලමූලං, අයං වුච්චති අවිජ්ජා.
Sinhala BJT388. එහි අවිද්‍යා කවර යත්: යම් අඥානයෙක් අදර්‍ශනයෙක් … අවිද්‍යාපරිඝයෙක් මෝහසඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ ‘අවිද්‍යා’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො අවිජ්ජාපච්චයා සඞ්ඛාරො: යා චෙතනා සඤ්චෙතනා චෙතයිතත්තං, අයං වුච්චති අවිජ්ජාපච්චයා සඞ්ඛාරො -පෙ-
Sinhala BJTඑහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ ‘අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාර’ යි කියනු ලැබේ. …
Pali BJTතත්ථ කතමො තණ්හාපච්චයා අධිමොක්ඛො: යො චිත්තස්ස අධිමොක්ඛො{1} අධිමුච්චනා තදධිමුත්තතා, අයං වුච්චති තණ්හාපච්චයා අධිමොක්ඛො.
Sinhala BJTඑහි තෘෂ්ණාප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂ කවරෙ යත්: චිත්තයාගේ යම් අධිමෝක්‍ෂයෙක් (අරමුණෙහි නිෂ්චයෙක්) අධිමොක්‍ෂාකාරයෙක් එහි අධිමුක්ත බවෙක් වේ ද, මේ ‘තෘෂ්ණාප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂ’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො අධිමොක්ඛපච්චයා භවො: ඨපෙත්වා අධිමොක්ඛං වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො, අයං වුච්චති අධිමොක්ඛපච්චයා භවො -පෙ- තෙන වුච්චති එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොතීති.
Sinhala BJTඑහි අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය කවරෙ යත්: අධිමෝක්‍ෂය තබා වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය විඥානස්කන්‍ධ යි. මේ අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් ‘භව’ යි කියනු ලැබේ. … එහෙයින් කියනු ලැබෙයි: ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
Pali BJT389. කතමෙ{2} ධම්මා අකුසලා: යස්මිං සමයෙ අකුසලං චිත්තං උප්පන්නං හොති උපෙක්ඛාසහගතං දිට්ඨිගතසම්පයුත්තං රූපාරම්මණං වා -පෙ- ධම්මාරම්මණං වා යං යං වා පනාරබ්භ, තස්මිං සමයෙ අවිජ්ජාපච්චයා සඞ්ඛාරො, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමං, නාමපච්චයා ඡට්ඨායතනං, ඡට්ඨායතනපච්චයා ඵස්සො, ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා උපාදානං, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං, එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJT389. අකුශලධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක රූපාලම්බන වේවයි … ධර්‍මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ උපේක්‍ෂා සහගත වූ දෘෂ්ටිගත සම්ප්‍රයුක්ත වූ අකුසල්සිත උපදනේ වේ ද, එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතන ය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය වෙයි, උපාදාන ප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මෙ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.
Pali BJT390. තත්ථ කතමා අවිජ්ජා: යං අඤ්ඤාණං අදස්සනං -පෙ- අවිජ්ජාලඞ්ගි මොහො අකුසලමූලං, අයං වුච්චති අවිජ්ජා -පෙ- තත්ථ කතමා ඵස්සපච්චයා වෙදනා: යං චෙතසිකං නෙව සාතං නාසාතං චෙතොසම්ඵස්සජං අදුක්ඛමසුඛං වෙදයිතං චෙතොසම්ඵස්සජා අදුක්ඛමසුඛා වෙදනා, අයං වුච්චති ඵස්සපච්චයා වෙදනා -පෙ- තෙන වුච්චති එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොතීති.
Sinhala BJT390. එහි අවිද්‍යා කවර යත්: යම් අඥානයෙක් අදර්‍ශනයෙක් … අවිද්‍යාපරිඝයෙක් මෝහ සඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ ‘අවිද්‍යා’ යි කියනු ලැබේ. … එහි ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා කවර යත්: චෛතසික වූ නො ම සාත වූ අසාත නො වූ චිත්තසංස්පර්‍ශයෙන් උපන් නො දුක් නො සුව වූ යම් වේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් උපේක්‍ෂාවේදනාවක් වේ ද, මේ ‘ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා’ යි කියනු ලැබේ. … එහෙයින් කියනු ලැබෙයි: ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
Pali BJT391. කතමෙ ධම්මා අකුසලා: යස්මිං සමයෙ අකුසලං චිත්තං උප්පන්නං හොති උපෙක්ඛාසහගතං දිට්ඨිගතසම්පයුත්තං සසඞ්ඛාරෙන -පෙ- උපෙක්ඛාසහගතං දිට්ඨිගතවිප්පයුත්තං -පෙ- උපෙක්ඛාසහගතං දිට්ඨිගතවිප්පයුත්තං සසඞ්ඛාරෙන රූපාරම්මණං වා -පෙ- ධම්මාරම්මණං වා, යං යං වා පනාරබ්භ තස්මිං සමයෙ අවිජ්ජාපච්චයා සඞ්ඛාරො, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමං, නාමපච්චයා ඡට්ඨායතනං, ඡට්ඨායතනපච්චයා ඵස්සො, ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා අධිමොක්ඛො, අධිමොක්ඛපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං, එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJT391. අකුශලධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක උපේක්‍ෂා සහගත වූ දෘෂ්ටිගත සම්ප්‍රයුක්ත වූ අකුශලචිත්තය සංස්කාර සහිත ව උපදනේ වේ ද … උපේක්‍ෂා සහගත වූ දෘෂ්ටිගතවිප්‍රයුක්ත වූ … රූපාලම්බන වේවයි … ධර්‍මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ උපේක්‍ෂා සහගත වූ දෘෂ්ටිගතවිප්‍රයුක්ත වූ (අකුශලචිත්තය) සංස්කාර සහිත ව උපදනේ වේ ද, එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.
Pali BJTතත්ථ කතමා අවිජ්ජා: -පෙ- තෙන වුච්චති එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොතීති.
Sinhala BJTඑහි අවිද්‍යා කවර යත්: … එහෙයින් කියනු ලැබෙයි: ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
Pali BJT392. කතමෙ ධම්මා අකුසලා: යස්මිං සමයෙ අකුසලං චිත්තං උප්පන්නං හොති දොමනස්සසහගතං පටිඝසම්පයුත්තං -පෙ- දොමනස්සසහගතං පටිඝසම්පයුත්තං සසඞ්ඛාරෙන රූපාරම්මණං වා -පෙ- ධම්මාරම්මණං වා, යං යං වා පනාරබ්භ, තස්මිං සමයෙ අවිජ්ජාපච්චයා සඞ්ඛාරො, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමං, නාමපච්චයා ඡට්ඨායතනං, ඡට්ඨායතනපච්චයා ඵස්සො, ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා පටිඝං, පටිඝපච්චයා අධිමොක්ඛො, අධිමොක්ඛපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං, එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJT392. අකුශලධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක දොම්නස් සහගියා වූ ප්‍රතිඝසම්ප්‍රයුක්ත වූ අකුසල්සිත උපදනේ වේ ද, … රූපාලම්බන වේවයි … ධර්‍මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ දොම්නස් සහගියා වූ ප්‍රතිඝසම්ප්‍රයුක්ත වූ (අකුසල්සිත) සංස්කාර සහිත ව (උපදනේ වේ ද,) එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ප්‍රතිඝය වෙයි, ප්‍රතිඝප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂ ප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.
Pali BJTතත්ථ කතමා අවිජ්ජා: යං අඤ්ඤාණං අදස්සනං -පෙ- අවිජ්ජාලඞ්ගි මොහො අකුසලමූලං, අයං වුච්චති අවිජ්ජා -පෙ-
Sinhala BJTඑහි අවිද්‍යා කවර යත්: යම් අඥානයෙක් අදර්‍ශනයෙක් … අවිද්‍යාපරිඝයෙක් මෝහ සඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ ‘අවිද්‍යා’ යි කියනු ලැබේ. …
Pali BJTතත්ථ කතමා ඵස්සපච්චයා වෙදනා: යං චෙතසිකං අසාතං චෙතසිකං දුක්ඛං චෙතොසම්ඵස්සජං අසාතං දුක්ඛං වෙදයිතං චෙතොසම්ඵස්සජා අසාතා දුක්ඛා වෙදනා, අයං වුච්චති ඵස්සපච්චයා වෙදනා.
Sinhala BJTඑහි ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා කවර යත්: යම් චෛතසික වූ අසාතයෙක් චෛතසික වූ දුඃඛයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් අසාත වූ දුඃඛ වූ වේදයිතයෙක් චිත්ත සංස්පර්‍ශයෙන් උපන් අසාත වූ දුඃඛ වූ වේදනාවක් වේ ද, මේ ‘ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං වෙදනාපච්චයා පටිඝං: යො චිත්තස්ස ආඝාතො පටිඝාතො පටිඝං පටිවිරොධො කොපො පකොපො සම්පකොපො දොසො පදොසො සම්පදොසො චිත්තස්ස ව්යාපත්ති මනොපදොසො කොධො කුජ්ඣනා කුජ්ඣිතත්තං දොසො දුස්සනා දුස්සිතත්තං ව්යාපත්ති ව්යාපජ්ජනා ව්යාපජ්ජිතත්තං විරොධො පටිවිරොධො චණ්ඩික්කං අසුරොපො අනත්තමනතා චිත්තස්ස, ඉදං වුච්චති වෙදනාපච්චයා පටිඝං.
Sinhala BJTඑහි වේදනාප්‍රත්‍යයෙන් ප්‍රතිඝ කවරෙ යත්: චිත්තයාගේ යම් ආඝාතයෙක් බලවත් ආඝාතයෙක් ප්‍රතිඝයෙක් ප්‍රතිවිරෝධයෙක් කෝපයෙක් ප්‍රකෝපයෙක් සම්ප්‍රකෝපයෙක් ද්වේෂයෙක් ප්‍රද්දේවෂයෙක් සම්ප්‍රද්වේෂයෙක් චිත්තයාගේ විපන්න බවෙක් චිත්තප්‍රදෝෂයෙක් ක්‍රෝධයෙක් ක්‍රෝධාකාරයෙක් කිපුණු බවෙක් ද්වේෂයෙක් ද්වේෂාකාරයෙක් ද්විෂ්ට බවෙක් විපරීත බවෙක් විපරීතාකාරයෙක් විරෝධයෙක් ප්‍රතිවිරෝධයෙක් සැඩ බවෙක් නො පිරිපුන් වචන ඇති බවෙක් චිත්තයාගේ නො සතුටු බවෙක් වේ ද, මේ ‘වේදනා ප්‍රත්‍යයෙන් ප්‍රතිඝ’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො පටිඝපච්චයා අධිමොක්ඛො: යො චිත්තස්ස අධිමොක්ඛො අධිමුච්චනා තදධිමුත්තතා, අයං වුච්චති පටිඝපච්චයා අධිමොක්ඛො.
Sinhala BJTඑහි ප්‍රතිඝප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂ කවරෙ යත්: චිත්තයාගේ යම් අධිමෝක්‍ෂයෙක් අධිමොක්‍ෂාකාරයෙක් අරමුණෙහි අධිමුක්ත බවෙක් වේ ද, මේ ‘ප්‍රතිඝප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂ’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො අධිමොක්ඛපච්චයා භවො: ඨපෙත්වා අධිමොක්ඛං වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො, අයං වුච්චති අධිමොක්ඛපච්චයා භවො -පෙ- තෙන වුච්චති එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොතීති.
Sinhala BJTඑහි අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය කවරෙ යත්: අධිමෝක්‍ෂය තබා වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය විඥානස්කන්‍ධ යි. මේ ‘අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භව’ යි කියනු ලැබේ. … එහෙයින් කියනු ලැබෙයි: ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
Pali BJT393. කතමෙ ධම්මා අකුසලා: යස්මිං සමයෙ අකුසලං චිත්තං උප්පන්නං හොති උපෙක්ඛාසහගතං විචිකිච්ඡාසම්පයුත්තං රූපාරම්මණං වා -පෙ- ධම්මාරම්මණං වා යං යං වා පනාරබ්භ තස්මිං සමයෙ අවිජ්ජාපච්චයා සඞ්ඛාරො, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමං, නාමපච්චයා ඡට්ඨායතනං, ඡට්ඨායතනපච්චයා ඵස්සො ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා විචිකිච්ඡා, විකිච්ඡාපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං, එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJT393. අකුශලධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක රූපාලම්බන වේවයි … ධර්‍මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ උපේක්‍ෂා සහගත වූ විචිකිත්සා සම්ප්‍රයුක්ත වූ අකුශලචිත්තය උපදනේ වේ ද, එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනා ප්‍රත්‍යයන් විචිකිත්සාව වෙයි, චිචිකිත්සාප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ සියලු දුඃඛස්කන්‍ධයාගේ සමුදය වේ.
Pali BJTතත්ථ කතමා අවිජ්ජා: යං අඤ්ඤාණං අදස්සනං -පෙ- අවිජ්ජාලඞ්ගි මොහො අකුසලමූලං, අයං වුච්චති අවිජ්ජා -පෙ-
Sinhala BJTඑහි අවිද්‍යා කවර යත්: යම් අඥානයෙක් අදර්‍ශනයෙක් … අවිද්‍යාපරිඝයෙක් මෝහසඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ ‘අවිද්‍යා’ යි කියනු ලැබේ. …
Pali BJTතත්ථ කතමා ඵස්සපච්චයා වෙදනා: යං චෙතසිකං නෙව සාතං නාසාතං චෙතොසම්ඵස්සජං අදුක්ඛමසුඛං වෙදයිතං චෙතොසම්ඵස්සජා අදුක්ඛමසුඛා වෙදනා, අයං වුච්චති ඵස්සපච්චයා වෙදනා.
Sinhala BJTඑහි ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා කවර යත්: චෛතසික වූ නො ම සාත වූ අසාත නො වූ සිත්පහසින් උපන් නො දුක් නොසුව වූ යම් වේදයිතයෙක් සිත්පහසින් උපන් නො දුක් නො සුව වේදනාවක් වේ ද, මේ ‘ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා වෙදනාපච්චයා විචිකිච්ඡා: යා කඞ්ඛා කඞ්ඛායනා කඞ්ඛායිතත්තං විමති විචිකිච්ඡා ද්වෙළ්හකං ද්වෙධාපථො සංසයො අනෙකංසගාහො ආසප්පනා පරිසප්පනා අපරියොගාහනා ථම්භිතත්තං චිත්තස්ස මනොවිලෙඛො, අයං වුච්චති වෙදනාපච්චයා විචිකිච්ඡා.
Sinhala BJTඑහි වේදනාප්‍රත්‍යයෙන් විචිකිත්සා කවර යත්: යම් සැකයෙක් සැක කරන අයුරෙක් සැක කළ බවෙක් විමතියෙක් විචිකිත්සායෙක් ද්වෙළ්හකයෙක් ද්විධාපථයෙක් සංශයෙක් අනෛකාන්තග්‍රාහයෙක් (අරමුණෙන්) බැහැර යෑමෙක් (අරමුණ) අවට හැසිරීමෙක් (අරමුණට) නො බැසගැන්මෙක් චිත්තයාගේ තද බවෙක් මනෝවිලේඛයෙක් වේ ද, මේ ‘වේදනාප්‍රත්‍යයෙන් විචිකිත්සා’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො විචිකිච්ඡාපච්චයා භවො: ඨපෙත්වා විචිකිච්ඡං වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො, අයං වුච්චති විචිකිච්ඡාපච්චයා භවො -පෙ- තෙන වුච්චති එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොතීති.
Sinhala BJTඑහි විචිකිත්සාප්‍රත්‍යයෙන් භවය කවරෙ යත්: විචිකිත්සාව තබා වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය විඥානස්කන්‍ධ යි. මේ ‘විචිකිත්සාප්‍රත්‍යයෙන් භව’ යි කියනු ලැබේ. … එහෙයින් කියනු ලැබෙයි: ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
Pali BJT394. කතමෙ ධම්මා අකුසලා: යස්මිං සමයෙ අකුසලං චිත්තං උප්පන්නං හොති උපෙක්ඛාසහගතං උද්ධච්චසම්පයුත්තං රූපාරම්මණං වා -පෙ- ධම්මාරම්මණං වා, යං යං වා පනාරබ්භ තස්මිං සමයෙ අවිජ්ජාපච්චයා සඞ්ඛාරො, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමං, නාමපච්චයා ඡට්ඨායතනං, ඡට්ඨායතනපච්චයා ඵස්සො, ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා උද්ධච්චං, උද්ධච්චපච්චයා අධිමොක්ඛො, අධිමොක්ඛපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං, එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJT394. අකුශලධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක රූපාලම්බන වේවයි … ධර්‍මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ උපේක්‍ෂා සහගත වූ ඖද්ධත්‍ය සම්ප්‍රයුක්ත වූ අකුසල්සිතෙක් උපදනේ වේ ද, එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ඖද්ධත්‍ය වෙයි, ඖද්ධත්‍යප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.
Pali BJTතත්ථ කතමා අවිජ්ජා: යං අඤ්ඤාණං අදස්සනං -පෙ- අවිජ්ජාලඞ්ගි මොහො අකුසලමූලං, අයං වුච්චති අවිජ්ජා -පෙ-
Sinhala BJTඑහි අවිද්‍යා කවර යත්: යම් අඥානයෙක් අදර්‍ශනයෙක් … අවිද්‍යාපරිඝයෙක් මෝහ සඞ්ඛ්‍යාත අකුශල වූ මූලයෙක් වේ ද මේ ‘අවිද්‍යා’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා ඵස්සපච්චයා වෙදනා: යං චෙතසිකං නෙවසාතං නාසාතං චෙතොසම්ඵස්සජං අදුක්ඛමසුඛං වෙදයිතං චෙතොසම්ඵස්සජා අදුක්ඛමසුඛා වෙදනා, අයං වුච්චති ඵස්සපච්චයා වෙදනා.
Sinhala BJTඑහි ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා කවර යත්: චෛතසික වූ නො ම සාත වූ අසාත නො වූ චේතෝසම්ඵස්සයෙන් උපන් අදුක්ඛමසුඛ වූ යම් වේදයිතයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් අදුක්ඛමසුඛ වූ වේදනාවක් වේ ද, මේ ‘ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං වෙදනාපච්චයා උද්ධච්චං: යං චිත්තස්ස උද්ධච්චං අවුපසමො චෙතසො වික්ඛෙපො භන්තත්තං චිත්තස්ස, ඉදං වුච්චති වෙදනාපච්චයා උද්ධච්චං.
Sinhala BJTඑහි වේදනාප්‍රත්‍යයෙන් ඖද්ධත්‍ය කවරෙ යත්: චිත්තයාගේ යම් ඖද්ධත්‍යයෙක් අව්‍යුපශමයෙක් චිත්තයාගේ භ්‍රාන්ත බවෙක් වේ ද, මේ ‘වේදනාප්‍රත්‍යයෙන් ඖද්ධත්‍ය’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො උද්ධච්චපච්චයා අධිමොක්ඛො: යො චිත්තස්ස අධිමොක්ඛො අධිමුච්චනා තදධිමුත්තතා, අයං වුච්චති උද්ධච්චපච්චයා අධිමොක්ඛො.
Sinhala BJTඑහි ඖද්ධත්‍යප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය කවර යත්: චිත්තයාගේ යම් අධිමෝක්‍ෂයෙක් අධිමොක්‍ෂාකාරයෙක් එහි අධිමුක්ත බවෙක් වේ ද, මේ ‘ඖද්ධත්‍යප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂ’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො අධිමොක්ඛපච්චයා භවො: ඨපෙත්වා අධිමොක්ඛං වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො, අයං වුච්චති අධිමොක්ඛපච්චයා භවො -පෙ- තෙන වුච්චති එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොතීති.
Sinhala BJTඑහි අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය කවරෙ යත්: අධිමෝක්‍ෂය තබා වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය විඥානස්කන්‍ධ යි. මේ ‘අධිමෝක්‍ෂත්‍යප්‍රත්‍යයෙන් භව’ යි කියනු ලැබේ. එහෙයින් කියනු ලැබෙයි. ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
Pali BJTඅකුසල නිද්දෙසො.
Sinhala BJTඅකුශලනිර්දේශ යි.
Pali BJT395. කතමෙ ධම්මා කුසලා: යස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොති සොමනස්සසහගතං ඤාණසම්පයුත්තං රූපාරම්මණං වා -පෙ- ධම්මාරම්මණං වා යං යං වා පනාරබ්භ තස්මිං සමයෙ කුසලමූලපච්චයා සඞ්ඛාරො, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමං, නාමපච්චයා ඡට්ඨායතනං, ඡට්ඨායතනපච්චයා ඵස්සො, ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා පසාදො, පසාදපච්චයා අධිමොක්ඛො, අධිමොක්ඛපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං, එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJT395. කුශලධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක රූපාලම්බන වේවයි … ධර්‍මාලම්බන වේවයි, යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ සොම්නස් සහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ කාමාවචර වූ කුශලචිත්තය උපදනේ වේ ද, එසමයෙහි කුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතන ය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාදය වෙයි, ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂ ප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ දුඃඛරාශිහුගේ සමුදය වේ.
Pali BJT396. තත්ථ කතමෙ කුසලමූලා: අලොභො අදොසො අමොහො.
Sinhala BJT396. එහි කුශලමූලයෝ කවරහ යත්: අලෝභ ය, අද්වේෂ ය, අමෝහ යි.
Pali BJTතත්ථ කතමො අලොභො: යො අලොභො අලුබ්භනා අලුබ්භිතත්තං අසාරාගො අසාරජ්ජනා අසාරජ්ජිතත්තං අනභිජ්ඣා අලොභො කුසලමූලං, අයං වුච්චති අලොභො.
Sinhala BJTඑහි අලෝභය කවරෙ යත්: යම් අලෝභයෙක් අලෝභාකාරයෙක් අලුබ්ධ බවෙක් නො ඇලීමෙක් නො ඇලෙන අයුරෙක් නො ඇලුණු බවෙක් අනභිධ්‍යාවක් අලෝභ සඞ්ඛ්‍යාත කුශලමූලයෙක් වේ ද, මේ ‘අලෝභ’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො අදොසො: යො අදොසො අදුස්සනා අදුස්සිතත්තං අව්යාපාදො අව්යාපජ්ජො අදොසො කුසලමූලං, අයං වුච්චති අදොසො.
Sinhala BJTඑහි අද්වේෂය කවරෙ යත්: යම් අද්වේෂයෙක් අද්වේෂාකාරයෙක් අද්විෂ්ට බවෙක් අව්‍යාපාදයෙක් අව්‍යාපන්න බවෙක් අද්වේෂ සඞ්ඛ්‍යාත කුශල මූලයෙක් වේ ද, මේ අද්වේෂ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො අමොහො: යා පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, අයං වුච්චති අමොහො, ඉමෙ වුච්චන්ති කුසලමූලා.
Sinhala BJTඑහි අමෝහ කවරෙ යත්: යම් ප්‍රඥාවක් ප්‍රජානනාකාරයෙක් … අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් වේ ද, මේ ‘අමෝහ’ යි කියනු ලැබේ. මොහු කුශලමූලයෝ යි කියනු ලැබෙත්.
Pali BJTතත්ථ කතමො කුසලමූලපච්චයා සඞ්ඛාරො: යා චෙතනා සඤ්චෙතනා චෙතයිතත්තං, අයං වුච්චති කුසලමූලපච්චයා සඞ්ඛාරො.
Sinhala BJTඑහි කුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාර කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ ‘කුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාර’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං -පෙ- විඤ්ඤාණපච්චයා නාමං -පෙ- නාමපච්චයා ඡට්ඨායතනං -පෙ- ඡට්ඨායතනපච්චයා ඵස්සො -පෙ- ඵස්සපච්චයා වෙදනා -පෙ-
Sinhala BJTඑහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥාන කවරෙ යත්: … විඥානප්‍රත්‍යයෙන් නාම කවරෙ යත්: … නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතන කවරෙ යත්: … ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශ කවරෙ යත්: … ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා කවර යත්: …
Pali BJTතත්ථ කතමො වෙදනාපච්චයා පසාදො: යා සද්ධා සද්දහනා ඔකප්පනා අභිප්පසාදො, අයං වුච්චති වෙදනාපච්චයා පසාදො.
Sinhala BJTඑහි වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාද කවරෙ යත්: යම් හැදැහීමෙක් හදහන අයුරෙක් (අරමුණෙහි) බැසැගැනීමෙක් අධිකප්‍රසාදයෙක් වේ ද, මේ ‘වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාද’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො පසාදපච්චයා අධිමොක්ඛො: යො චිත්තස්ස අධිමොක්ඛො අධිමුච්චනා තදධිමුත්තතා, අයං වුච්චති පසාදපච්චයා අධිමොක්ඛො.
Sinhala BJTඑහි ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂ කවරෙ යත්: චිත්තයාගේ යම් අධිමෝක්‍ෂයෙක් අධිමොක්‍ෂාකාරයෙක් එහි අධිමුක්ත බවෙක් වේ ද, මේ ‘ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂ’ යී කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො අධිමොක්ඛපච්චයා භවො: ඨපෙත්වා අධිමොක්ඛං වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො, අයං වුච්චති අධිමොක්ඛපච්චයා භවො -පෙ- තෙන වුච්චති එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොතීති.
Sinhala BJTඑහි අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය කවරෙ යත්: අධිමෝක්‍ෂය තබා වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය විඥානස්කන්‍ධ යි. මේ ‘අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භව’ යී කියනු ලැබේ. … එහෙයින් කියනු ලැබෙයි: ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
Pali BJT397. කතමෙ ධම්මා කුසලා: යස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොති සොමනස්සසහගතං ඤාණසම්පයුත්තං සසඞ්ඛාරෙන -පෙ- සොමනස්සසහගතං ඤාණවිප්පයුත්තං -පෙ- සොමනස්සසහගතං ඤාණවිප්පයුත්තං සසඞ්ඛාරෙන රූපාරම්මණං වා සද්දාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා ඵොට්ඨබ්බාරම්මණං වා ධම්මාරම්මණං වා, යං යං වා පනාරබ්භ තස්මිං සමයෙ කුසලමූලපච්චයා සඞ්ඛාරො, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමං, නාමපච්චයා ඡට්ඨායතනං, ඡට්ඨායතනපච්චයා ඵස්සො, ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා පසාදො, පසාදපච්චයා අධිමොක්ඛො, අධිමොක්ඛපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං, එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJT397. කුශලධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක සොම්නස් සහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ කාමාවචරකුශලචිත්තය සංස්කාර සහිත ව උපදනේ වේ ද, … සොම්නස් සහගත වූ ඥානවිප්‍රයුක්ත වූ … රූපාලම්බන වේවයි ශබ්දාලම්බන වේවයි ගන්‍ධාලම්බන වේවයි රසාලම්බන වේවයි ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි ධර්‍මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ සොම්නස් සහගත වූ ඥානවිප්‍රයුක්ත වූ (කාමාවචරකුශලචිත්තය) සංස්කාර සහිත ව (උපදනේ වේ ද), එසමයෙහි කුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාදය වෙයි, ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂ ප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.
Pali BJTතත්ථ කතමෙ කුසලමූලා: අලොභො අදොසො.
Sinhala BJTඑහි කුශලමූලයෝ කවරහ යත්: අලෝභ ය අදෝෂ යි.
Pali BJTතත්ථ කතමො අලොභො: යො අලොභො අලුබ්භනා අලුබ්භිතත්තං අසාරාගො අසාරජ්ජනා අසාරජ්ජිතත්තං අනභිජ්ඣා අලොභො කුසලමූලං, අයං වුච්චති අලොභො.
Sinhala BJTඑහි අලෝභ කවරෙ යත්: යම් අලෝභයෙක් අලෝභාකාරයෙක් අලුබ්ධ බවෙක් නො ඇලීමෙක් නො ඇලෙන අයුරෙක් නො ඇලුණු බවෙක් අනභිධ්‍යාවක් අලෝභ සඞ්ඛ්‍යාත කුශලමූලයෙක් වේ ද, මේ ‘අලෝභ’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො අදොසො: යො අදොසො අදුස්සනා අදුස්සිතත්තං අව්යාපාදො අව්යාපජ්ජො අදොසො කුසලමූලං, අයං වුච්චති අදොසො. ඉමෙ වුච්චන්ති කුසලමූලා.
Sinhala BJTඑහි අදෝෂය කවරෙ යත්: යම් අදෝෂයෙක් අද්වේෂාකාරයෙක් අද්විෂ්ට බවෙක් අව්‍යාපාදයෙක් අව්‍යාපන්න බවෙක් අදෝෂ සඞ්ඛ්‍යාත කුශලමූලයෙක් වේ ද, මේ ‘අදෝෂ’ යි කියනු ලැබේ. මොහු ‘කුශලමූලයෝ’ යි කියනු ලැබෙත්.
Pali BJTතත්ථ කතමො කුසලමූලපච්චයා සඞ්ඛාරො: යා චෙතනා සඤ්චෙතනා චෙතයිතත්තං, අයං වුච්චති කුසලමූලපච්චයා සඞ්ඛාරො -පෙ-
Sinhala BJTඑහි කුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාර කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ ‘කුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාරය’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා ඵස්සපච්චයා වෙදනා: යං චෙතසිකං සාතං චෙතසිකං සුඛං චෙතොසම්ඵස්සජං සාතං සුඛං වෙදයිතං චෙතොසම්ඵස්සජා සාතා සුඛා වෙදනා, අයං වුච්චති ඵස්සපච්චයා වෙදනා -පෙ- තෙන වුච්චති එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොතීති.
Sinhala BJTඑහි ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා කවර යත්: යම් චෛතසික වූ සාතයෙක් චෛතසික වූ සුඛයෙක් චේතෝසම්ඵස්සජ සාත - සුඛ වේදයිතයෙක් චේතෝසම්ඵස්සජ සාත - සුඛ වේදනාවක් වේ ද, මේ ‘ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා’ යි කියනු ලැබේ. … එහෙයින් කියනු ලැබෙයි: ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොතී’ යි.
Pali BJT398. කතමෙ ධම්මා කුසලා: යස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොති උපෙක්ඛාසහගතං ඤාණසම්පයුත්තං -පෙ- උපෙක්ඛාසහගතං ඤාණසම්පයුත්තං සසඞ්ඛාරෙන රූපාරම්මණං වා සද්දාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා ඵොට්ඨබ්බාරම්මණං වා ධම්මාරම්මණං වා, යං යං වා පනාරබ්භ තස්මිං සමයෙ කුසලමූලපච්චයා සඞ්ඛාරො, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමං, නාමපච්චයා ඡට්ඨායතනං, ඡට්ඨායතනපච්චයා ඵස්සො, ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා පසාදො, පසාදපච්චයා අධිමොක්ඛො, අධිමොක්ඛපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJT398. කුශලධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක උපේක්‍ෂා සහගත වූ ඥාන සම්ප්‍රයුක්ත වූ කාමාවචරකුශලචිත්තය උපදනේ වේ ද, … රූපාලම්බන වේවයි ශබ්දාලම්බන වේවයි ගන්‍ධාලම්බන වේවයි රසාලම්බන වේවයි ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි ධර්‍මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ උපේක්‍ෂා සහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ (කාමාවචරකුශලචිත්තය) සංස්කාර සහිත ව (උපදනේ වේ ද,) එසමයෙහි කුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාදය වෙයි, ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ සියලු දුඃඛස්කන්‍ධයාගේ සමුදය වේ.
Pali BJTතත්ථ කතමෙ කුසලමූලා: අලොභො අදොසො අමොහො -පෙ- ඉමෙ වුච්චන්ති කුසලමූලා.
Sinhala BJTඑහි කුශලමූලයෝ කවරහ යත්: අලෝභ ය අදෝෂ ය අමෝහ යි … මොහු ‘කුශලමූලයෝ’ යි කියනු ලැබෙත්.
Pali BJTතත්ථ කතමො කුසලමූලපච්චයා සඞ්ඛාරො: යා චෙතනා සඤ්චෙතනා චෙතයිතත්තං, අයං වුච්චති කුසලමූලපච්චයා සඞ්ඛාරො -පෙ-
Sinhala BJTඑහි කුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාර කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ ‘කුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාර’ ය කියනු ලැබේ. …
Pali BJTතත්ථ කතමා ඵස්සපච්චයා වෙදනා: යං චෙතසිකං නෙවසාතං නාසාතං චෙතොසම්ඵස්සජං අදුක්ඛමසුඛං වෙදයිතං, චෙතොසම්ඵස්සජා අදුක්ඛමසුඛා වෙදනා, අයං වුච්චති ඵස්සපච්චයා වෙදනා -පෙ- තෙන වුච්චති එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොතීති.
Sinhala BJTඑහි ස්පර්‍ශප්‍රත්‍යයෙන්වේදනා කවරෙ යත්: යම් චෛතසිකවූ නො ම සාතවූ අසාත නො වූ චේතෝසම්ඵස්සජ අදුක්ඛමසුඛ වූ වේදයිතයෙක් චේතෝසම්ඵස්සජ අදුක්ඛමසුඛවේදනායෙක් වේ ද, මේ ස්පර්‍ශප්‍රත්‍යයෙන්වේදනා යි කියනු ලැබේ. ... එහෙයින් කියනු ලැබේ, ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොතී’ යි.
Pali BJT399. කතමෙ ධම්මා කුසලා: යස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොති උපෙක්ඛාසහගතං ඤාණසම්පයුත්තං -පෙ- උපෙක්ඛාසහගතං ඤාණවිප්පයුත්තං සසඞ්ඛාරෙන රූපාරම්මණං වා සද්දාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා ඵොට්ඨබ්බාරම්මණං වා ධම්මාරම්මණං වා, යං යං වා පනාරබ්භ තස්මිං සමයෙ කුසලමූලපච්චයා සඞ්ඛාරො, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමං, නාමපච්චයා ඡට්ඨායතනං, ඡට්ඨායතනපච්චයා ඵස්සො, ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා පසාදො, පසාදපච්චයා අධිමොක්ඛො, අධිමොක්ඛපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං, එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJT399. කුශලධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක උපේක්‍ෂා සහගත වූ ඥානවිප්‍රයුක්ත වූ … කාමාවචරකුශලචිත්තය උපදනේ වේ ද, … රූපාලම්බන වේවයි ශබ්දාලමබ්න වේවයි ගන්‍ධාලම්බන වේවයි රසාලම්බන වේවයි ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි ධර්‍මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ උපේක්‍ෂාසහගත ඥානවිප්‍රයුක්ත වූ (කාමාවචරකුශලචිත්තය) සසංස්කාර ව (උපදනේ වේ ද,) එසමයෙහි කුශලමූල ප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාදය වෙයි, ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ සියලු දුඃඛස්කන්‍ධයාගේ සමුදය වේ.
Pali BJTතත්ථ කතමෙ කුසලමූලා: අලොභො අදොසො -පෙ- ඉමෙ වුච්චන්ති කුසලමූලා.
Sinhala BJTඑහි කුශලමූලයෝ කවරහ යත්: අලෝභ ය අදෝෂ යි. … මොහු ‘කුශලමූලයෝ’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො කුසලමූලපච්චයා සඞ්ඛාරො: යා චෙතනා සඤ්චෙතනා චෙතයිතත්තං, අයං වුච්චති කුසලමූලපච්චයා සඞ්ඛාරො -පෙ- තෙන වුච්චති එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොතී’ති.
Sinhala BJTඑහි කුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාර කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ ‘කුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාර’ යි කියනු ලැබේ. … එහෙයින් කියනු ලැබෙයි. ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
Pali BJT400. කතමෙ ධම්මා කුසලා: යස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං{1} උපසම්පජ්ජ විහරති පඨවීකසිණං. තස්මිං සමයෙ කුසලමූලපච්චයා සඞ්ඛාරො, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමං, නාමපච්චයා ඡට්ඨායතනං, ඡට්ඨායතනපච්චයා ඵස්සො, ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා පසාදො, පසාදපච්චයා අධිමොක්ඛො,{2} අධිමොක්ඛපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං, එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJT400. කුශලධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම … පඨවිකසිණ සඞ්ඛ්‍යාත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි කුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාදය වෙයි, ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ සියලු දුඃඛස්කන්‍ධයාගේ සමුදය වේ.
Pali BJTතත්ථ කතමෙ කුසලමූලා: අලොභො අදොසො අමොහො -පෙ- ඉමෙ වුච්චති කුසලමූලා
Sinhala BJTඑහි කුශලමූලයෝ කවරහ යත්: අලෝභ ය අදෝස ය අමෝහ ය … මොහු කුශලමූලයෝ යි කියනු ලැබෙත්.
Pali BJTතත්ථ කතමො කුසලමූලපච්චයා සඞ්ඛාරො: යා චෙතනා සඤ්චෙතනා චෙතයිතත්තං, අයං වුච්චති කුසලමූලපච්චයා සඞ්ඛාරො -පෙ- තෙන වුච්චති එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොතී’ති.
Sinhala BJTඑහි කුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාර කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ කුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාර’ යි කියනු ලැබේ. … එහෙයින් කියනු ලැබෙයි: ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
Pali BJT401. කතමෙ ධම්මා කුසලා: යස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං -පෙ- පඨමං ඣානං -පෙ- පඤ්චමං ඣානං උපසම්පජ්ජ විහරති පඨවීකසිණං, -පෙ- තස්මිං සමයෙ කුසලමූලපච්චයා සඞ්ඛාරො, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමං, නාමපච්චයා ඡට්ඨායතනං, ඡට්ඨායතනපච්චයා ඵස්සො, ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා පසාදො, පසාදපච්චයා අධිමොක්ඛො, අධිමොක්ඛපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං, -පෙ- තෙන වුච්චති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොතී’ති.
Sinhala BJT401. කුශලධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ ව්‍යුපශමයෙන් … ද්විතීයධ්‍යානයට … තෘතීයධ්‍යානයට … චතුර්‍ත්‍ථධ්‍යානයට … ප්‍රථමධ්‍යානයට … පඨවිකසිණ සඞ්ඛ්‍යාත වූ පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි කුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාදය වෙයි, ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. ... එහෙයින් කියනු ලැබෙයි: ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
Pali BJT402-403. කතමෙ ධම්මා කුසලා: යස්මිං සමයෙ අරූපූපපත්තියා මග්ගං භාවෙති -පෙ- ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං, තස්මිං සමයෙ කුසලමූලපච්චයා සඞ්ඛාරො, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමං, නාමපච්චයා ඡට්ඨායතනං, ඡට්ඨායතනපච්චයා ඵස්සො, ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා පසාදො, පසාදපච්චයා අධිමොක්ඛො, අධිමොක්ඛපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං, එවමෙතෙසං ධම්මානං සමුදයො හොති.
Sinhala BJT402-403. කුශලධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක අරූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද … දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම … දුක් වූ ප්‍රතිපත් ඇති දන්‍ධ වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි කුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාදය වෙයි, ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ ධර්‍මයන්ගේ සමුදය වේ.
Pali BJTතත්ථ කතමෙ කුසලමූලා: අලොභො අදොසො අමොහො.
Sinhala BJTඑහි කුශලමූලයෝ කවරහ යත්: අලෝභ ය අදෝස ය අමෝහ යි.
Pali BJTතත්ථ කතමො අලොභො -පෙ- අදොසො -පෙ- තත්ථ කතමො අමොහො: යා පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං වුච්චති අමොහො. ඉමෙ වුච්චන්ති කුසලමූලා
Sinhala BJTඑහි අලෝභ කවරෙ යත්: … අදෝෂ … එහි අමෝහ කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ප්‍රඥාවක් ප්‍රජානනයෙක් … අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘අමෝහ’ යි කියනු ලැබේ. මොහු කුශලමූලයෝ යි කියනු ලැබෙත්.
Pali BJTතත්ථ කතමො කුසලමූලපච්චයා සඞ්ඛාරො: යා චෙතනා සඤ්චෙතනා චෙතයිතත්තං, අයං වුච්චති කුසලමූලපච්චයා සඞ්ඛාරො -පෙ-
Sinhala BJTඑහි කුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාර කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ ‘කුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාර’ යි කියනු ලැබේ. …
Pali BJTතත්ථ කතමා ඵස්සපච්චයා වෙදනා: යං චෙතසිකං සාතං චෙතසිකං සුඛං චෙතොසම්ඵස්සජං සාතං සුඛං වෙදයිතං චෙතොසම්ඵස්සජා සාතා සුඛා වෙදනා, අයං වුච්චති ඵස්සපච්චයා වෙදනා.
Sinhala BJTඑහි ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා කවර යත්: යම් චෛතසික සාතයෙක් චෛතසික සුඛයෙක් චේතෝසම්ඵස්සජ සාතසුඛවේදයිතයෙක් චේතෝසම්ඵස්සජ සාතසුඛවේදනාවක් වේ ද, මේ ‘ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො වෙදනාපච්චයා පසාදො: යා සද්ධා සද්දහනා ඔකප්පනා අභිප්පසාදො, අයං වුච්චති වෙදනාපච්චයා පසාදො.
Sinhala BJTඑහි වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාද කවරෙ යත්: යම් හැදැහීමෙක් හදහන අයුරෙක් (අරමුණෙහි) බැසගැන්මෙක් අධිකප්‍රසාදයෙක් වේ ද, මේ ‘වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාද’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො පසාදපච්චයා අධිමොක්ඛො: යො චිත්තස්ස අධිමොක්ඛො අධිමුච්චනා තදධිමුත්තතා, අයං වුච්චති පසාදපච්චයා අධිමොක්ඛො.
Sinhala BJTඑහි ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂ කවරෙ යත්: චිත්තයාගේ යම් අධිමෝක්‍ෂයෙක් අධිමොක්‍ෂාකාරයෙක් එහි අධිමුක්ත බවෙක් වේ ද, මේ ‘ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂ’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො අධිමොක්ඛපච්චයා භවො: ඨපෙත්වා අධිමොක්ඛං වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො, අයං වුච්චති අධිමොක්ඛපච්චයා භවො -පෙ-
Sinhala BJTඑහි අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය කවරෙ යත්: අධිමෝක්‍ෂය තබා වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය විඥානස්කන්‍ධ යි මේ ‘අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භව’ යි කියනු ලැබේ. …
Pali BJTඑවමෙතෙසං ධම්මානං සමුදයො හොතී’ති: එවමෙතෙසං ධම්මානං සඞ්ගති හොති, සමාගමො හොති, සමොධානං හොති, පාතුභාවො හොති, තෙන වුච්චති එවමෙතෙසං ධම්මානං සමුදයො හොතී’ති.
Sinhala BJT‘එවමෙතෙසං ධම්මානං සමුදයෝ හොති’ යනු මෙසේ මේ ධර්‍මයන්ගේ සඞ්ගතිය වෙයි, සමාගමය වෙයි, සමවධානය වෙයි, පහළවීම වේ. එහෙයින් කියනු ලැබෙයි: ‘එවමෙතෙසං ධම්මානං සමුදයෝ හොති’ යි.
Pali BJTකුසල නිද්දෙසො.
Sinhala BJTකුශලනිර්දේශ යි.
Pali BJT404. කතමෙ ධම්මා අව්යාකතා: යස්මිං සමයෙ කාමාවචරස්ස කුසලස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා විපාකං චක්ඛුවිඤ්ඤාණං උප්පන්නං හොති උපෙක්ඛාසහගතං රූපාරම්මණං. තස්මිං සමයෙ සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං විඤ්ඤාණපච්චයා නාමං, නාමපච්චයා ඡට්ඨායතනං, ඡට්ඨායතනපච්චයා ඵස්සො, ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං, එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJT404. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක කාමාවචරකුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් උපේක්‍ෂා සහගත වූ රූපාලම්බන වූ විපාකචක්‍ෂුර්විඥානය උපදනේ වේ ද, එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.
Pali BJTතත්ථ කතමො සඞ්ඛාරො: යා චෙතනා සඤ්චෙතනා චෙතයිතත්තං අයං වුච්චති සඞ්ඛාරො.
Sinhala BJTඑහි සංස්කාර කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් චේතයිත බවෙක් වේ ද මේ ‘සංස්කාර’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං: යං චිත්තං මනො මානසං -පෙ- තජ්ජා චක්ඛුවිඤ්ඤාණධාතු. ඉදං වුච්චති සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං.
Sinhala BJTඑහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය කවරෙ යත්: යම් සිතෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ චක්‍ෂුර්විඥානධාතුයෙක් වේ ද, මේ ‘සංස්කාරප්‍රත්‍යයෙන් විඥාන’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං විඤ්ඤාණපච්චයා නාමං: වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො, ඉදං වුච්චති විඤ්ඤාණපච්චයා නාමං.
Sinhala BJTඑහි විඥානප්‍රත්‍යයෙන් නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය, සංඥාස්කන්‍ධ ය, සංස්කාරස්කන්‍ධ යි. මේ ‘විඥානප්‍රත්‍යයෙන් නාම’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං නාමපච්චයා ඡට්ඨායතනං: යං චිත්තං මනො මානසං -පෙ- තජ්ජා චක්ඛුවිඤ්ඤාණධාතු, ඉදං වුච්චති නාමපච්චයා ඡට්ඨායතනං.
Sinhala BJTඑහි නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතන කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප චක්‍ෂුර්විඥානධාතුයෙක් වේ ද, මේ ‘නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතන’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො ඡට්ඨායතනපච්චයා ඵස්සො: යො ඵස්සො ඵුසනා සම්ඵුසනා සම්ඵුසිතත්තං, අයං වුච්චති ඡට්ඨායතනපච්චයා ඵස්සො.
Sinhala BJTඑහි ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශ කවරෙ යත්: යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශාකාරයෙක් සංස්පර්‍ශාකාරයෙක් මොනොවට ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ ‘ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශ’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා ඵස්සපච්චයා වෙදනා: යං චෙතසිකං නෙව සාතං නාසාතං චෙතොසම්ඵස්සජං අදුක්ඛමසුඛං වෙදයිතං චෙතොසම්ඵස්සජා අදුක්ඛමසුඛා වෙදනා, අයං වුච්චති ඵස්සපච්චයා වෙදනා.
Sinhala BJTඑහි ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා කවර යත්: යම් චෛතසික වූ නො ම සාත වූ අසාත නො වූ චේතෝසම්ඵස්සයෙන් උපන් නො දුක් නො සුව වූ වේදයිතයෙක් චේතෝසම්ඵස්සජ වූ අදුක්ඛමසුඛවේදනාවක් වේ ද, මේ ‘ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො වෙදනාපච්චයා භවො: ඨපෙත්වා වෙදනං සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො, අයං වුච්චති වෙදනාපච්චයා භවො.
Sinhala BJTඑහි වේදනාප්‍රත්‍යයෙන් භවය කවරෙ යත්: වේදනාව තබා සංඥාස්කන්‍ධ ය, සංස්කාර ස්කන්‍ධ ය, විඥානස්කන්‍ධ යි. මේ ‘වේදනාප්‍රත්‍යයෙන් භව’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා භවපච්චයා ජාති: යා තෙසං{1} ධම්මානං ජාති සඤ්ජාති නිබ්බත්ති අභිනිබ්බත්ති පාතුභාවො, අයං වුච්චති භවපච්චයා ජාති.
Sinhala BJTඑහි භවප්‍රත්‍යයෙන් ජාති කවර යත්: ඒ අරූපීධර්‍මයන්ගේ යම් ඉපැද්මෙක් මොනොවට ඉපැද්මෙක් නිපැද්මෙක් වෙසෙසින් නිපැද්මෙක් වේ ද, මේ ‘භවප්‍රත්‍යයෙන් ජාති’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං ජාතිපච්චයා ජරාමරණං: අත්ථි ජරා අත්ථි මරණං. තත්ථ කතමා ජරා: යා තෙසං ධම්මානං ජරා ජීරණතා ආයුනො සංහානි, අයං වුච්චති ජරා. තත්ථ කතමං මරණං: යො තෙසං ධම්මානං ඛයො වයො භෙදො පරිභෙදො අනිච්චතා අන්තරධානං, ඉදං වුච්චති මරණං. ඉති අයඤ්ච ජරා ඉදඤ්ච මරණං. ඉදං වුච්චති ජාතිපච්චයා ජරාමරණං.
Sinhala BJTඑහි ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ කවරෙ යත්: ජරාවක් ඇත, මරණයෙක් ඇති. එහි ජරා කවර යත්: ඒ ධර්‍මයන්ගේ යම් දිරීමෙක් දිරන බවෙක් ආයුෂයාගේ පිරිහීමෙක් වේ ද, මේ ‘ජරා’ යි කියනු ලැබේ. එහි මරණ කවරෙ යත්: ඒ ධර්‍මයන්ගේ ක්‍ෂය වීමෙක් ගෙවීමෙක් බිඳීමෙක් හාත්පසින් බිඳීමෙක් අනිත්‍ය බවෙක් අතුරුදහන් වීමෙක් වේ ද, මේ ‘මරණ’ යි කියනු ලැබේ. මෙසේ මේ ජරාව ද මේ මරණය ද මේ ‘ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ’ යි කියනු ලැබේ.
Pali BJT‘එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොතී’ති: එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සඞ්ගති හොති සමාගමො හොති සමොධානං හොති පාතුභවො හොති. තෙන වුච්චති ‘එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොතී’ති.
Sinhala BJT‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යනු: මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සඞ්ගතිය වෙයි, සමාගමය වෙයි, සමවධානය වෙයි ප්‍රාදුර්‍භාවය වේ. එහෙයින් කියනු ලැබෙයි: ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
Pali BJT405. තස්මිං සමයෙ සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං සඞ්ඛාරහෙතුකං, විඤ්ඤාණපච්චයා නාමං විඤ්ඤාණහෙතුකං, නාමපච්චයා ඡට්ඨායතනං නාමහෙතුකං, ඡට්ඨායතනපච්චයා ඵස්සො ඡට්ඨායතනහෙතුකො, ඵස්සපච්චයා වෙදනා ඵස්සහෙතුකා, වෙදනාපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං -පෙ- තෙන වුච්චති එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොතී’ති.
Sinhala BJT405. එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් සංස්කාරහේතුක වූ විඥානය වෙයි, විඥාන ප්‍රත්‍යයෙන් විඥානහේතුක වූ නාමය වෙයි, නාම ප්‍රත්‍යයෙන් නාමහේතුක වූ ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනහේතුක වූ ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශහේතුක වූ වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. … එහෙයින් කියනු ලැබෙයි: ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
Pali BJT406. තස්මිං සමයෙ සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං සඞ්ඛාරසම්පයුත්තං, විඤ්ඤාණපච්චයා නාමං විඤ්ඤාණසම්පයුත්තං, නාමපච්චයා ඡට්ඨායතනං නාමසම්පයුත්තං, ඡට්ඨායතනපච්චයා ඵස්සො ඡට්ඨායතනසම්පයුත්තො, ඵස්සපච්චයා වෙදනා ඵස්සසම්පයුත්තා, වෙදනාපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං -පෙ- තෙන වුච්චති ‘එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොතී’ති.
Sinhala BJT406. එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් සංස්කාරසම්ප්‍රයුක්ත වූ විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් විඥානසම්ප්‍රයුක්ත වූ නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් නාමසම්ප්‍රයුක්ත වූ ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනසම්ප්‍රයුක්ත වූ ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශසම්ප්‍රයුක්ත වූ වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් භවය වෙයි, භව ප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. … එහෙයින් කියනු ලැබෙයි: ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
Pali BJT407. තස්මිං සමයෙ සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං විඤ්ඤාණපච්චයා’පි සඞ්ඛාරො, විඤ්ඤාණපච්චයා නාමං නාමපච්චයා’පි විඤ්ඤාණං, නාමපච්චයා ඡට්ඨායතනං ඡට්ඨායතනපච්චයා’පි නාමං, ඡට්ඨායතපච්චයා ඵස්සො ඵස්සපච්චයා’පි ඡට්ඨායතනං, ඵස්සපච්චයා වෙදනා වෙදනාපච්චයා’පි ඵස්සො, වෙදනාපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං -පෙ- තෙන වුච්චති ‘එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොතී’ති.
Sinhala BJT407. එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙනුදු සංස්කාරය වේ. විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙනුදු විඥානය වේ. නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙනුදු නාමය වේ. ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙනුදු ෂෂ්ඨායතනය වේ. ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙනුදු ස්පර්‍ශ වේ. වේදනාප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. … එහෙයින් කියනු ලැබෙයි: ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
Pali BJT408. කතමෙ ධම්මා අව්යාකතා: යස්මිං සමයෙ කාමාවචරස්ස කුසලස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා විපාකං සොතවිඤ්ඤාණං උප්පන්නං හොති උපෙක්ඛාසහගතං සද්දාරම්මණං -පෙ- ඝානවිඤ්ඤාණං උප්පන්නං හොති උපෙක්ඛාසහගතං ගන්ධාරම්මණං -පෙ- ජිව්හාවිඤ්ඤාණං උප්පන්නං හොති උපෙක්ඛාසහගතං රසාරම්මණං -පෙ- කායවිඤ්ඤාණං උප්පන්නං හොති සුඛසහගතං ඵොට්ඨබ්බාරම්මණං. තස්මිං සමයෙ සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමං, නාමපච්චයා ඡට්ඨායතනං, ඡට්ඨායතනපච්චයා ඵස්සො, ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJT408. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක කාමාවචරකුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් ශබ්දාලම්බන වූ උපේක්‍ෂා සහගත ශ්‍රෝත්‍රවිඥානය උපදනේ වේ ද, … ගන්‍ධාලම්බන වූ උපේක්‍ෂා සහගත ඝ්‍රාණවිඥානය උපදනේ වේ ද, … රසාලම්බන වූ උපේක්‍ෂා සහගත ජිහ්වාවිඥානය උපදනේ වේ ද, … ස්පර්‍ශාලම්බන වූ සුඛසහගත වූ කාය විඥානය උපදනේ වේ ද, එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතන ප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.
Pali BJTතත්ථ කතමො සඞ්ඛාරො: යා චෙතනා සඤ්චෙතනා චෙතයිතත්තං, අයං වුච්චති සඞ්ඛාරො.
Sinhala BJTඑහි සංස්කාර කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් චේතයිත බවෙක් වේ ද, මේ ‘සංස්කාර’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං: යං චිත්තං මනො මානසං -පෙ- තජ්ජා කායවිඤ්ඤාණධාතු, ඉදං වුච්චති සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං.
Sinhala BJTඑහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥාන කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ කායවිඥානධාතුයෙක් වේ ද, මේ ‘සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය’ යි කියනු ලැබේ.