Pali BJTයං විඤ්ඤාණං තෙසං තෙසං පරසත්තානං පරපුග්ගලානං අජ්ඣත්තං පච්චත්තං නියකං පාටිපුග්ගලිකං උපාදින්නං චක්ඛුවිඤ්ඤාණං සොතවිඤ්ඤාණං ඝානවිඤ්ඤාණං ජිව්හාවිඤ්ඤාණං කායවිඤ්ඤාණං මනොවිඤ්ඤාණං, ඉදං වුච්චති විඤ්ඤාණං අනාගතං.
Sinhala BJTඒ ඒ පරසත්ත්‍වයන්ගේ පරපුද්ගලයන්ගේ අධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ ස්වකීය වූ ප්‍රාතිපුද්ගලික වූ උපාදින්න වූ යම් විඥානයෙක් වේ ද, (එබඳු වූ) චක්‍ෂුර් විඥාන යැ, ශ්‍රෝත්‍ර විඥාන යැ, ඝ්‍රාණ විඥාන යැ, ජිව්හා විඥාන යැ, කාය විඥාන යැ, මනෝ විඥාන යැ යන මේ ‘බාහිර විඥාන’යි කියනු ලැබේ.
Pali BJT50. තත්ථ කතමං විඤ්ඤාණං ඔළාරිකං සුඛුමං:
Sinhala BJT50. එහි ඖදාරික සූක්‍ෂ්ම විඥානය කවරේ යත්:
Pali BJTඅකුසලං විඤ්ඤාණං ඔළාරිකං, කුසලාබ්යාකතා විඤ්ඤාණා සුඛුමා, කුසලාකුසලා විඤ්ඤාණා ඔළාරිකා, අබ්යාකතං විඤ්ඤාණං සුඛුමං, දුක්ඛාය වෙදනාය සම්පයුත්තං විඤ්ඤාණං ඔළාරිකං, සුඛාය ච අදුක්ඛමසුඛාය ච වෙදනාහි සම්පයුත්තා විඤ්ඤාණා සුඛුමා, සුඛදුක්ඛාහි වෙදනාහි සම්පයුත්තා විඤ්ඤාණා ඔළාරිකා, අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තං විඤ්ඤාණං සුඛුමං, අසමාපන්නස්ස විඤ්ඤාණං ඔළාරිකං, සමාපන්නස්ස විඤ්ඤාණං සුඛුමං, සාසවං විඤ්ඤාණං ඔළාරිකං, අනාසවං විඤ්ඤාණං සුඛුමං, තං තං වා පන විඤ්ඤාණං උපාදායුපාදාය විඤ්ඤාණං ඔළාරිකං සුඛුමං දට්ඨබ්බං.
Sinhala BJTඅකුශල විඥානය ඖදාරික වෙයි. කුශලාව්‍යාකෘත විඥානයෝ සූක්‍ෂ්ම වෙති. කුශලාකුශල විඥානයෝ ඖදාරික වෙති. අව්‍යාකෘත විඥානය සූක්‍ෂ්ම වෙයි. දුඃඛ වේදනාව හා සම්ප්‍රයුක්ත විඥානය ඖදාරික වෙයි. සුඛෝපේක්‍ෂා වේදනාවන් හා සම්ප්‍රයුක්ත විඥානයෝ සූක්‍ෂ්ම වෙති. සුඛ දුඃඛ වේදනාවන් හා සම්ප්‍රයුක්ත විඥානයෝ ඖදාරික වෙති. උපේක්‍ෂා වේදනාව හා සම්ප්‍රයුක්ත විඥානය සූක්‍ෂ්ම වෙයි. අසමාපන්නයාගේ විඥානය ඖදාරික වෙයි. සමාපන්නයාගේ විඥානය සූක්‍ෂ්ම වෙයි. සාස්‍රව විඥානය ඖදාරික වෙයි. අනාස්‍රව විඥානය සූක්‍ෂ්ම වේ. ඒ ඒ විඥානය නිසා ඖදාරික සූක්‍ෂ්ම විඥානය දත යුතු.
Pali BJT51. තත්ථ කතමං විඤ්ඤාණං හීනං පණීතං:
Sinhala BJT51. එහි හීන ප්‍රණීත විඥානය කවරේ යත්:
Pali BJTඅකුසලං විඤ්ඤාණං හීනං, කුසලාබ්යාකතා විඤ්ඤාණා පණීතා, කුසලාකුසලා විඤ්ඤාණා හීනා, අබ්යාකතං විඤ්ඤාණං පණීතං, දුක්ඛාය වෙදනාය සම්පයුත්තං විඤ්ඤාණං හීනං, සුඛාය ච අදුක්ඛමසුඛාය ච වෙදනාහි සම්පයුත්තා විඤ්ඤාණා පණීතා. සුඛදුක්ඛාහි වෙදනාහි සම්පයුත්තා විඤ්ඤාණා හීනා, අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තං විඤ්ඤාණං පණීතං, අසමාපන්නස්ස විඤ්ඤාණං හීනං, සමාපන්නස්ස විඤ්ඤාණං පණීතං, සාසවං විඤ්ඤාණං හීනං, අනාසවං විඤ්ඤාණං පණීතං, තං තං වා පන විඤ්ඤාණං උපාදායුපාදාය විඤ්ඤාණං හීනං පණීතං දට්ඨබ්බං.
Sinhala BJTඅකුශල විඥානය හීන වෙයි. කුශලාව්‍යාකෘත විඥානයෝ ප්‍රණීත වෙති. කුශලාකුශල විඥානයෝ හීන වෙති. අව්‍යාකෘත විඥානය ප්‍රණීත වෙයි. දුඃඛ වේදනාව හා සම්ප්‍රයුක්ත විඥානය හීන වෙයි. සුඛෝපේක්‍ෂා වේදනාවන් හා සම්ප්‍රයුක්ත විඥානයෝ ප්‍රණීත වෙති. සුඛ දුඃඛ වේදනාවන් හා සම්ප්‍රයුක්ත විඥානයෝ හීන වෙති. උපේක්‍ෂා වේදනාව හා සම්ප්‍රයුක්ත විඥානය ප්‍රණීත වෙයි. අසමාපන්නයාගේ විඥානය හීන වෙයි. සමාපන්නයාගේ විඥානය ප්‍රණීත වෙයි. සාස්‍රව විඥානය හීන වෙයි. අනාස්‍රව විඥානය ප්‍රණීත වේ. තවද ඒ ඒ විඥානය නිසා හීන ප්‍රණීත විඥානය දත යුතු.
Pali BJT52. තත්ථ කතමං විඤ්ඤාණං දූරෙ:
Sinhala BJT52. එහි දූරේ විඥානය කවරේ යත්:
Pali BJTඅකුසලං විඤ්ඤාණං කුසලාබ්යාකතෙහි විඤ්ඤාණෙහි දූරෙ, කුසලාබ්යාකතා විඤ්ඤාණා අකුසලා විඤ්ඤාණා දූරෙ, කුසලං විඤ්ඤාණං අකුසලාබ්යාකතෙහි විඤ්ඤාණෙහි දූරෙ. අකුසලාබ්යාකතා විඤ්ඤාණා කුසලා විඤ්ඤාණා දූරෙ, අබ්යාකතං විඤ්ඤාණං කුසලාකුසලෙහි විඤ්ඤාණෙහි දූරෙ, කුසලාකුසලා විඤ්ඤාණා අබ්යාකතා විඤ්ඤාණා දූරෙ, දුක්ඛාය වෙදනාය සම්පයුත්තං විඤ්ඤාණං සුඛාය ච අදුක්ඛමසුඛාය ච වෙදනාහි සම්පයුත්තෙහි විඤ්ඤාණෙහි දූරෙ, සුඛාය ච අදුක්ඛමසුඛාය ච වෙදනාහි සම්පයුත්තා විඤ්ඤාණා දුක්ඛාය වෙදනාය සම්පයුත්තා විඤ්ඤාණා දූරෙ, සුඛාය වෙදනාය සම්පයුත්තං විඤ්ඤාණං දුක්ඛාය ච අදුක්ඛමසුඛාය ච වෙදනාහි සම්පයුත්තෙහි විඤ්ඤාණෙහි දූරෙ, දුක්ඛාය ච අදුක්ඛමසුඛාය ච වෙදනාහි සම්පයුත්තා විඤ්ඤාණා සුඛාය වෙදනාය සම්පයුත්තා විඤ්ඤාණා දූරෙ, අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තං විඤ්ඤාණං සුඛදුක්ඛාහි වෙදනාහි සම්පයුත්තෙහි විඤ්ඤාණෙහි දූරෙ, සුඛදුක්ඛාහි වෙදනාහි සම්පයුත්තා විඤ්ඤාණා අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තා විඤ්ඤාණා දූරෙ, අසමාපන්නස්ස විඤ්ඤාණං සමාපන්නස්ස විඤ්ඤාණා දූරෙ, සමාපන්නස්ස විඤ්ඤාණං අසමාපන්නස්ස විඤ්ඤාණා දූරෙ, සාසවං විඤ්ඤාණං අනාසවා විඤ්ඤාණා දූරෙ, අනාසවං විඤ්ඤාණං සාසවා විඤ්ඤාණා දූරෙ, ඉදං වුච්චති විඤ්ඤාණං දූරෙ.
Sinhala BJTඅකුශල විඥානය කුශලාව්‍යාකෘත විඥානයන් කෙරෙන් දුරැ වෙයි. කුශලාව්‍යාකෘත විඥානයෝ අකුශල විඥානය කෙරෙන් දුරැ වෙති. කුශල විඥානය අකුශලාව්‍යාකෘත විඥානයන් කෙරෙන් දුරැ වෙයි. අකුශලාව්‍යාකෘත විඥානයෝ කුශල විඥානය කෙරෙන් දුරැ වෙති. අව්‍යාකෘත විඥානය කුශලාකුශල විඥානයන් කෙරෙන් දුරැ වෙයි. කුශලාකුශල විඥානයෝ අව්‍යාකෘත විඥානය කෙරෙන් දුරැ වෙති. දුඃඛ වේදනාව හා සම්ප්‍රයුක්ත විඥානය සුඛෝපේක්‍ෂා වේදනාවන් හා සම්ප්‍රයුක්ත විඥානයන් කෙරෙන් දුරැ වෙයි. සුඛෝපේක්‍ෂා වේදනාවන් හා සම්ප්‍රයුක්ත විඥානයෝ දුඃඛ වේදනාව හා සම්ප්‍රයුක්ත විඥානය කෙරෙන් දුරැ වෙති. සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත විඥානය දුඃඛෝපේක්‍ෂා වේදනාවන් හා සම්ප්‍රයුක්ත විඥානයන් කෙරෙන් දුරැ වෙයි. දුඃඛෝපේක්‍ෂා වේදනාවන් හා සම්ප්‍රයුක්ත විඥානයෝ සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත විඥානය කෙරෙන් දුරැ වෙති. උපේක්‍ෂා වේදනාව හා සම්ප්‍රයුක්ත විඥානය සුඛ දුඃඛ වේදනාවන් හා සම්ප්‍රයුක්ත විඥානයන් කෙරෙන් දුරැ වෙයි. සුඛ දුඃඛ වේදනාවන් හා සම්ප්‍රයුක්ත විඥානයෝ උපේක්‍ෂා වේදනාව හා සම්ප්‍රයුක්ත විඥානය කෙරෙන් දුරැ වෙති. අසමාපන්නයාගේ විඥානය සමාපන්නයාගේ විඥානය කෙරෙන් දුරැ වෙයි. සමාපන්නයාගේ විඥානය අසමාපන්නයාගේ විඥානය කෙරෙන් දුරැ වෙයි. සාස්‍රව විඥානය අනාස්‍රව විඥානය කෙරෙන් දුරැ වෙයි. අනාස්‍රව විඥානය සාස්‍රව විඥානය කෙරෙන් දුරැ වේ. මේ ‘දූරේ විඥාන’යි කියනු ලැබේ.
Pali BJT53. තත්ථ කතමං විඤ්ඤාණං සන්තිකෙ:
Sinhala BJT53. එහි සන්තිකේ විඥානය කවරේ යත්:
Pali BJTඅකුසලං විඤ්ඤාණං අකුසලස්ස විඤ්ඤාණස්ස සන්තිකෙ, කුසලං විඤ්ඤාණං කුසලස්ස විඤ්ඤාණස්ස සන්තිකෙ, අබ්යාකතං විඤ්ඤාණං අබ්යාකතස්ස විඤ්ඤාණස්ස සන්තිකෙ, දුක්ඛාය වෙදනාය සම්පයුත්තං විඤ්ඤාණං දුක්ඛාය වෙදනාය සම්පයුත්තස්ස විඤ්ඤාණස්ස සන්තිකෙ, සුඛාය වෙදනාය සම්පයුත්තං විඤ්ඤාණං සුඛාය වෙදනාය සම්පයුත්තස්ස විඤ්ඤාණස්ස සන්තිකෙ, අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තං විඤ්ඤාණං අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තස්ස විඤ්ඤාණස්ස සන්තිකෙ, අසමාපන්නස්ස විඤ්ඤාණං අසමාපන්නස්ස විඤ්ඤාණස්ස සන්තිකෙ, සමාපන්නස්ස විඤ්ඤාණං සමාපන්නස්ස විඤ්ඤාණස්ස සන්තිකෙ, සාසවං විඤ්ඤාණං සාසවස්ස විඤ්ඤාණස්ස සන්තිකෙ, අනාසවං විඤ්ඤාණං අනාසවස්ස විඤ්ඤාණස්ස සන්තිකෙ, ඉදං වුච්චති විඤ්ඤාණං සන්තිකෙ. තං තං වා පන විඤ්ඤාණං උපාදායුපාදාය විඤ්ඤාණං දූරෙ සන්තිකෙ දට්ඨබ්බං.
Sinhala BJTඅකුශල විඥානය අකුශල විඥානයට ආසන්නයෙහි වෙයි. කුශල විඥානය කුශල විඥානයට ආසන්නයෙහි වෙයි. අව්‍යාකෘත විඥානය අව්‍යාකෘත විඥානයට ආසන්නයෙහි වෙයි. දුඃඛ වේදනාව හා සම්ප්‍රයුක්ත විඥානය දුඃඛ වේදනාව හා සම්ප්‍රයුක්ත විඥානයට ආසන්නයෙහි වෙයි. සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත විඥානය සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත විඥානයට ආසන්නයෙහි වෙයි. උපේක්‍ෂා වේදනාව හා සම්ප්‍රයුක්ත විඥානය උපේක්‍ෂා වේදනාව හා සම්ප්‍රයුක්ත විඥානයට ආසන්නයෙහි වෙයි. අසමාපන්නයාගේ විඥානය අසමාපන්නයාගේ විඥානයට ආසන්නයෙහි වෙයි. සමාපන්නයාගේ විඥානය සමාපන්නයාගේ විඥානයට ආසන්නයෙහි වෙයි. සාස්‍රව විඥානය සාස්‍රව විඥානයට ආසන්නයෙහි වෙයි. අනාස්‍රව විඥානය අනාස්‍රව විඥානයට ආසන්නයෙහි වේ. මේ ‘සන්තිකේ විඥාන’යි කියනු ලැබේ. තවද ඒ ඒ විඥානය නිසා ‘දූරේ සන්තිකේ’ විඥානය දතයුතු.
Pali BJTසුත්තන්තභාජනියං.
Sinhala BJTසූත්‍රාන්ත භාජනීය යි.
Pali BJT54. පඤ්චක්ඛන්ධා: රූපක්ඛන්ධො, වෙදනාක්ඛන්ධො, සඤ්ඤාක්ඛන්ධො, සඞ්ඛාරක්ඛන්ධො, විඤ්ඤාණක්ඛන්ධො.
Sinhala BJT54. ස්කන්‍ධයෝ පස්දෙනෙකි: රූපස්කන්‍ධ යැ, වේදනාස්කන්‍ධ යැ, සංඥාස්කන්‍ධ යැ, සංස්කාරස්කන්‍ධ යැ, විඥානස්කන්‍ධ යි.
Pali BJT55. තත්ථ කතමො රූපක්ඛන්ධො:
Sinhala BJT55. එහි රූපස්කන්‍ධය කවරේ යත්:
Pali BJTඑකවිධෙන රූපක්ඛන්ධො; සබ්බං රූපං න හෙතු, අහෙතුකං, හෙතුවිප්පයුත්තං, සප්පච්චයං, සඞ්ඛතං, රූපං, ලොකියං, සාසවං, සංයොජනියං, ගන්ථනීයං, ඔඝනීයං, යොගනීයං, නීවරණියං, පරාමට්ඨං, උපාදානියං, සංකිලෙසිකං, අබ්යාකතං, අනාරම්මණං, අචෙතසිකං, චිත්තවිප්පයුත්තං, නෙවවිපාකනවිපාකධම්මධම්මං, අසංකිලිට්ඨ සංකිලෙසිකං, න සවිතක්කසවිචාරං, න අවිතක්කචිවාරමත්තං, අවිතක්කඅවිචාරං, න පීතිසහගතං, න සුඛසහගතං, න උපෙක්ඛා සහගතං, නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බං, නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බහෙතුකං, නෙවාචයගාමි, නාපචයගාමි, නෙවසෙක්ඛං, නාසෙක්ඛං, පරිත්තං, කාමාවචරං, න රූපාවචරං, න අරූපාවචරං, පරියාපන්නං, නො අපරියාපන්නං, අනියතං, අනිය්යානිකං, උප්පන්නං, ඡහි විඤ්ඤාණෙහි විඤ්ඤෙය්යං, අනිච්චං, ජරාභිභුතං. එවං එකවිධෙන රූපක්ඛන්ධො.
Sinhala BJTඑක් අයුරෙකින් රූපස්කන්‍ධය වෙයි. හැම රූපය හේතු නො වෙයි, අහේතුක යැ, හේතු විප්‍රයුක්ත යැ, ප්‍රත්‍යය සහිත යැ, සඞ්ඛත යැ, (රුප්පනාර්‍ත්‍ථයෙන්) රූප යැ, ලෞකික යැ, සාස්‍රව යැ, සංයෝජනයන්ට හිත යැ, ග්‍රන්‍ථයන්ට හිත යැ, ඕඝයන්ට හිත යැ, යෝගයන්ට හිත යැ, නීවරණයන්ට හිත යැ, පරාමෘෂ්ට යැ, උපාදානයන්ට හිත ය, සාංක්ලේශික ය, අව්‍යාකෘත ය, අනාලම්බන ය, අචෛතසික යැ, චිත්ත විප්‍රයුක්ත යැ, නො ම විපාක වූ විපාකස්වභාවධර්‍ම නො වූයේ යැ, අසංක්ලිෂ්ට සාංක්ලේශික යැ, සවිතර්‍ක සවිචාර නො වූයේ යැ, අවිතර්‍ක විචාරමාත්‍ර නො වූයේ යැ, අවිතර්‍ක අවිචාර යැ, ප්‍රීති සහගත නො වූයේ යැ, සුඛ සහගත නො වූයේ යැ, උපේක්‍ෂා සහගත නො වූයේ යැ, නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය යැ, නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇත්තේ යැ, නො ම ආචයගාමී නො ද අපචයගාමී යැ, නො ම ශෛක්‍ෂ නො ද අශෛක්‍ෂ යැ, පරිත්ත යැ, කාමාවචර යැ, රූපාවචර නො වූයේ යැ, අරූපාවචර නො වූයේ යැ, පර්‍ය්‍යාපන්න යැ, අපර්‍ය්‍යාපන්න නො වූයේ යැ, අනියත යැ, අනෛර්‍ය්‍යාණික යැ, උත්පන්න යැ, ෂඩ් විඥානයන් විසින් දත යුත්තේ යැ, අනිත්‍ය යැ, ජරාවෙන් මඩනා ලදි. මෙසේ එක් අයුරෙකින් රූපස්කන්‍ධය වේ.
Pali BJT56. දුවිධෙන රූපක්ඛන්ධො: අත්ථි රූපං උපාදා, අත්ථි රූපං නූපාදා. අත්ථි රූපං උපාදින්නං, අත්ථි රූපං අනුපාදින්නං. අත්ථි රූපං උපාදින්නුපාදානියං, අත්ථි රූපං අනුපාදින්නුපාදානියං. අත්ථි රූපං සනිදස්සනං, අත්ථි රූපං අනිදස්සනං අත්ථි රූපං සප්පටිඝං, අත්ථි රූපං අප්පටිඝං. අත්ථි රූපං ඉන්ද්රියං, අත්ථි රූපං න ඉන්ද්රියං. අත්ථි රූපං මහාභූතං, අත්ථි රූපං න මහාභූතං. අත්ථි රූපං විඤ්ඤත්ති, අත්ථි රූපං න විඤ්ඤත්ති. අත්ථි රූපං චිත්තසමුට්ඨානං, අත්ථි රූපං න චිත්තසමුට්ඨානං. අත්ථි රූපං චිත්තසහභු, අත්ථි රූපං න චිත්තසහභු. අත්ථි රූපං චිත්තානුපරිවත්ති, අත්ථි රූපං න චිත්තානුපරිවත්ති. අත්ථි රූපං අජ්ඣත්තිකං, අත්ථි රූපං බාහිරං. අත්ථි රූපං ඔළාරිකං, අත්ථි රූපං සුඛුමං. අත්ථි රූපං දූරෙ, අත්ථි රූපං සන්තිකෙ -පෙ- අත්ථි රූපං කබළිංකාරො ආහාරො, අත්ථි රූපං න කබළිංකාරො ආහාරො. එවං දුවිධෙන රූපක්ඛන්ධො (යථා රූපකණ්ඩෙ විභත්තං, තථා ඉධ විභජිතබ්බං.)
Sinhala BJT56. ද්වීප්‍රකාරයෙකින් රූපස්කන්‍ධය වෙයි: උපාදා රූපයෙක් ඇත, උපාදා නොවූ රූපයෙක් ඇති. උපාදින්න රූපයෙක් ඇත, අනුපාදින්න රූපයෙක් ඇති. උපාදින්නෝපාදානීය රූපයෙක් ඇත, අනුපාදින්නෝපාදානීය රූපයෙක් ඇති. සනිදර්‍ශන රූපයෙක් ඇත, අනිදර්‍ශන රූපයෙක් ඇති. සප්‍රතිඝ රූපයෙක් ඇත, අප්‍රතිඝ රූපයෙක් ඇති. ඉන්‍ද්‍රිය රූපයෙක් ඇත, ඉන්‍ද්‍රිය නො වූ රූපයෙක් ඇති. මහා භූත රූපයෙක් ඇත, මහා භූත නො වූ රූපයෙක් ඇති. විඥප්ති රූපයෙක් ඇත, විඥප්ති නො වූ රූපයෙක් ඇති. ච්ත්ත සමුත්‍ථාන රූපයෙක් ඇත, ච්ත්ත සමුත්‍ථාන නො වූ රූපයෙක් ඇති. චිත්ත සහභූ (සිත සමග උපන්) රූපයෙක් ඇත, චිත්ත සහභූ නො වූ රූපයෙක් ඇති. චිත්තානුපරිවර්තී (සිත අනුව පෙරළෙන සුලු) රූපයෙක් ඇත, චිත්තානුපරිවර්තී නො වූ රූපයෙක් ඇති. ආධ්‍යාත්මික රූපයෙක් ඇත, බාහිර රූපයෙක් ඇති. ඖදාරික රූපයෙක් ඇත, සූක්‍ෂ්ම රූපයෙක් ඇති. දූරේ රූපයෙක් ඇත, සන්තිකේ රූපයෙක් ඇති. ... කවලීකාරාහාර රූපයෙක් ඇත, කවලීකාරාහාර නො වූ රූපයෙක් ඇති. මෙසේ ද්විප්‍රකාරයෙන් රූපස්කන්‍ධය වේ. (ධම්සඟුණු රූප කාණ්ඩයෙහි විභාග කළ පරිද්දෙන් විභාග කළ යුතු.)
Pali BJT57. තිවිධෙන රූපක්ඛන්ධො: යං තං රූපං අජ්ඣත්තිකං තං උපාදා, යං තං රූපං බාහිරං අත්ථි උපාදා, අත්ථි නූපාදා. යං තං රූපං අජ්ඣත්තිකං තං උපාදින්නං, යං තං රූපං බාහිරං තං අත්ථි උපාදින්නං, අත්ථි අනුපාදින්නං. යං තං රූපං අජ්ඣත්තිකං තං උපාදින්නුපාදානියං, යං තං රූපං බාහිරං තං අත්ථි උපාදින්නුපාදානියං, අත්ථි අනුපාදින්නුපාදානියං. -පෙ- යං තං රූපං අජ්ඣත්තිකං තං න කබළිංකාරො ආහාරො, යං තං රූපං බාහිරං තං අත්ථි කබළිංකාරො ආහාරො, අත්ථි න කබළිංකාරො ආහාරො. එවං තිවිධෙන රූපක්ඛන්ධො.
Sinhala BJT57. ත්‍රිප්‍රකාරයෙකින් රූපස්කන්‍ධය වෙයි: යම් රූපයෙක් අධ්‍යාත්මික ද ඒ උපාදා වෙයි. යම් රූපයක් බාහිර ද ඒ උපාදා වූයෙක් ඇත, උපාදා නො වූයෙක් ඇති. යම් රූපයක් ආධ්‍යාත්මික ද ඒ උපාදින්න වෙයි. යම් රූපයක් බාහිර ද ඒ උපාදින්න වූයෙක් ඇත, අනුපාදින්න වූයෙක් ඇති. යම් රූපයක් ආධ්‍යාත්මික ද ඒ උපාදින්නෝපාදානිය වෙයි. යම් රූපයක් බාහිර ද ඒ උපාදින්නෝපාදානිය වූයෙක් ඇත, අනුපාදින්නෝපාදානිය වූයෙක් ඇති. ... යම් රූපයක් ආධ්‍යාත්මික ද ඒ කවලීකාරාහාර නො වෙයි. යම් රූපයක් බාහිර ද ඒ කවලීකාරාහාර වූයෙක් ඇත, කවලීකාරාහාර නො වූයෙක් ඇති. මෙසේ ත්‍රිප්‍රකාරයෙන් රූපස්කන්‍ධය වේ.
Pali BJT58. චතුබ්බිධෙන රූපක්ඛන්ධො: යං තං රූපං උපාදා, තං අත්ථි උපාදින්නං, අත්ථි අනුපාදින්නං. යං තං රූපං නූපාදා, තං අත්ථි උපාදින්නං, අත්ථි අනුපාදින්නං. යං තං රූපං උපාදා, තං අත්ථි උපාදින්නනුපාදානියං, අත්ථි අනුපාදින්නුපාදානියං. යං තං රූපං නූපාදා, තං අත්ථි උපාදින්නනුපාදානියං, අත්ථි අනුපාදින්නුපාදානියං. යං තං රූපං උපාදා, තං අත්ථි සප්පටිඝං, අත්ථි අප්පටිඝං. යං තං රූපං නූපාදා තං අත්ථි සප්පටිඝං, අත්ථි අප්පටිඝං. යං තං රූපං උපාදා තං අත්ථි ඔළාරිකං අත්ථි සුඛුමං, යං තං රූපං නූපාදා තං අත්ථි ඔළාරිකං අත්ථි සුඛුමං, යං තං රූපං උපාදා තං අත්ථි දූරෙ, අත්ථි සන්තිකෙ. යං තං රූපං නූපාදා තං අත්ථි දූරෙ, අත්ථි සන්තිකෙ -පෙ- දිට්ඨං, සුතං, මුතං, විඤ්ඤාතං රූපං. එවං චතුබ්බිධෙන රූපක්ඛන්ධො.
Sinhala BJT58. චතුෂ්ප්‍රකාරයෙකින් රූපස්කන්‍ධය වෙයි: යම් රූපයක් උපාදා වේ ද, ඒ උපාදින්න වූයෙක් ඇත, අනුපාදින්න වූයෙක් ඇති. යම් රූපයෙක් උපාදා නො වූයේ ද ඒ උපාදින්න වූයෙක් ඇත, අනුපාදින්න වූයෙක් ඇති. යම් රූපයක් උපාදා වූයේ ද ඒ උපාදින්නෝපාදානීය වූයෙක් ඇත, අනුපාදින්නනෝපාදානීය වූයෙක් ඇති. යම් රූපයක් උපාදා නො වූයේ ද ඒ උපාදින්නෝපාදානීය වූයෙක් ඇත, අනුපාදින්නෝපාදානීය වූයෙක් ඇති. යම් රූපයෙක් උපාදා වූයේ ද ඒ සප්‍රතිඝ වූයෙක් ඇත, අප්‍රතිඝ වූයෙක් ඇති. යම් රූපයෙක් උපාදා වූයේ ද ඒ ඖදාරික වූයෙක් ඇත, සූක්‍ෂ්ම වූයෙක් ඇති. යම් රූපයෙක් උපාදා නො වූයේ ද ඒ ඖදාරික වූයෙක් ඇත, සූක්‍ෂ්ම වූයෙක් ඇති. යම් රූපයෙක් උපාදා වූයේ ද ඒ දුරැ වූයෙක් ඇත, ළඟ වූයෙක් ඇති. යම් රූපයෙක් උපාදා නො වූයේ ද, ඒ දුරැ වූයෙක් ඇත, ළඟ වූයෙක් ඇති. ... දෘෂ්ට (රූපායතන) ය ශ්‍රැත (ශබ්දායතන)ය මුත(ගන්‍ධ, රසස්ප්‍රෂ්ටව්‍යායතන)ය විඥාත(ධර්‍මායතන) රූප යි. මෙසේ චතුෂ්ප්‍රකාරයෙන් රූපස්කන්‍ධය වේ.
Pali BJT59. පඤ්ච විධෙන රූපක්ඛන්ධො: පඨවීධාතු, ආපො ධාතු, තෙජොධාතු, වායොධාතු, යඤ්ච රූපං උපාදා. එවං පඤ්චවිධෙන රූපක්ඛන්ධො.
Sinhala BJT59. පඤ්චප්‍රකාරයෙකින් රූපස්කන්‍ධ වෙයි: පෘථිවි ධාතු යැ, අබ් ධාතු යැ, තේජෝ ධාතු යැ, වායු ධාතු යැ, යම් උපාදා රූපයෙක්තු වේ ද එය යි. මෙසේ පඤ්චප්‍රකාරයෙන් රූපස්කන්‍ධය වේ.
Pali BJT60. ඡබ්බිධෙන රූපක්ඛන්ධො: චක්ඛුවිඤ්ඤෙය්යං රූපං, සොතවිඤ්ඤෙය්යං රූපං, ඝානවිඤ්ඤාය්යං රූපං, ජිව්හාවිඤ්ඤෙය්යං රූපං, කායවිඤ්ඤෙය්යං රූපං, මනොවිඤ්ඤෙය්යං රූපං. එවං ඡබ්බිධෙන රූපක්ඛන්ධො.
Sinhala BJT60. ෂට්ප්‍රකාරයෙකින් රූපස්කන්‍ධය වෙයි: චක්‍ෂුර්විඥානයෙන් දතයුතු රූප යැ, ශ්‍රෝත්‍ර විඥානයෙන් දතයුතු රූප යැ, ඝ්‍රාණවිඥානයෙන් දතයුතු රූප යැ, ජිව්හාවිඥානයෙන් දතයුතු රූප යැ, කායවිඥානයෙන් දතයුතු රූප යැ, මනෝවිඥානයෙන් දතයුතු රූප යි. මෙසේ ෂට්ප්‍රකාරයෙන් රූපස්කන්‍ධය වේ.
Pali BJT61. සත්තවිධෙන රූපක්ඛන්ධො: චක්ඛුවිඤ්ඤෙය්යං රූපං, සොතවිඤ්ඤෙය්යං රූපං, ඝානවිඤ්ඤෙය්යං රූපං, ජිව්හාවිඤ්ඤෙය්යං රූපං, කායවිඤ්ඤෙය්යං රූපං, මනොධාතුවිඤ්ඤෙය්යං රූපං, මනොවිඤ්ඤාණධාතුවිඤ්ඤෙය්යං රූපං. එවං සත්තවිධෙන රූපක්ඛන්ධො.
Sinhala BJT61. සප්තප්‍රකාරයෙකින් රූපස්කන්‍ධය වෙයි: චක්‍ෂුර්විඥානයෙන් දතයුතු රූප යැ, ශ්‍රෝත්‍රවිඥානයෙන් දතයුතු රූප යැ, ඝ්‍රාණවිඥානයෙන් දතයුතු රූප යැ, ජිව්හාවිඥානයෙන් දතයුතු රූප යැ, කායවිඥානයෙන් දතයුතු රූප යැ, මනෝධාතුයෙන් දතයුතු රූප යැ, මනෝවිඥානධාතුයෙන් දතයුතු රූප යි. මෙසේ සප්තප්‍රකාරයෙන් රූපස්කන්‍ධය වේ.
Pali BJT62. අට්ඨවිධෙන රූපක්ඛන්ධො: චක්ඛුවිඤ්ඤෙය්යං රූපං, සොතවිඤ්ඤෙය්යං රූපං, ඝානවිඤ්ඤෙය්යං රූපං, ජිව්හාවිඤ්ඤෙය්යං රූපං, කායවිඤ්ඤෙය්යං රූපං, අත්ථි සුඛසම්ඵස්සං, අත්ථි දුක්ඛසම්ඵස්සං, මනොධාතුවිඤ්ඤෙය්යං රූපං, මනොවිඤ්ඤාණධාතුවිඤ්ඤෙය්යං රූපං, එවං අට්ඨවිධෙන රූපක්ඛන්ධො.
Sinhala BJT62. අෂ්ටප්‍රකාරයෙකින් රූපස්කන්‍ධය වෙයි: චක්‍ෂුර්විඥානයෙන් දතයුතු රූප යැ, ශ්‍රෝත්‍ර විඥානයෙන් දතයුතු රූප යැ, ඝ්‍රාණවිඥානයෙන් දතයුතු රූප යැ, ජිව්හාවිඥානයෙන් දතයුතු රූප යැ, කායවිඥානයෙන් දතයුතු රූපය සුවපහස් වූයෙක් ඇත, දුක්පහස් වූයෙක් ඇති, මනෝධාතුයෙන් දතයුතු රූප යැ, මනෝවිඥානයෙන් දතයුතු රූප යි. මෙසේ අෂ්ටප්‍රකාරයෙන් රූපස්කන්‍ධය වේ.
Pali BJT63. නවවිධෙන රූපක්ඛන්ධො: චක්ඛුන්ද්රියං, සොතින්ද්රියං, ඝානින්ද්රියං, ජිව්හින්ද්රියං, කායින්ද්රියං, ඉත්ථින්ද්රියං, පුරිසින්ද්රියං, ජීවිතින්ද්රියං, යඤ්ච රූපං න ඉන්ද්රියං. එවං නවවිධෙන රූපක්ඛන්ධො.
Sinhala BJT63. නවප්‍රකාරයෙකින් රූපස්කන්‍ධය වෙයි: චක්‍ෂුරින්‍ද්‍රිය යැ, ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය යැ, ඝ්‍රාණේන්‍ද්‍රිය යැ, ජිව්හේනද්‍රිය යැ, කායේන්‍ද්‍රිය යැ, ස්ත්‍රීන්‍ද්‍රිය යැ, පුරුෂේන්‍ද්‍රිය යැ, ජීවිතේන්‍ද්‍රිය යැ, ඉන්‍ද්‍රිය නො වූ යම් රූපයෙකුත් වේ ද, ඒ දැ යි මෙසේ නවප්‍රකාරයෙන් රූපස්කන්‍ධය වේ.
Pali BJT64. දසවිධෙන රූපක්ඛන්ධො: චක්ඛුන්ද්රියං, සොතින්ද්රියං, ඝානින්ද්රියං, ජිව්හින්ද්රියං, කායින්ද්රියං, ඉත්ථින්ද්රියං, පුරිසින්ද්රියං, ජීවිතින්ද්රියං, න ඉන්ද්රියං රූපං අත්ථි සප්පටිඝං, අත්ථි අප්පටිඝං. එවං දසවිධෙන රූපක්ඛන්ධො.
Sinhala BJT64. දශප්‍රකාරයෙකින් රූපස්කන්‍ධය වෙයි: චක්‍ෂුරින්‍ද්‍රිය යැ, ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය යැ, ඝ්‍රාණේන්‍ද්‍රිය යැ, ජිව්හේනද්‍රිය යැ, කායේන්‍ද්‍රිය යැ, ස්ත්‍රීන්‍ද්‍රිය යැ, පුරුෂේන්‍ද්‍රිය යැ, ජීවිතේන්‍ද්‍රිය යැ, ඉන්‍ද්‍රිය නො වූ රූපය සප්‍රතිඝ වූයෙක් ඇත, අප්‍රතිඝ වූයෙක් ඇති. මෙසේ දශප්‍රකාරයෙන් රූපස්කන්‍ධය වේ.
Pali BJT65. එකාදසවිධෙන රූපක්ඛන්ධො: චක්ඛායතනං, සොතායතනං, ඝානායතනං, ජිව්හායතනං, කායායතනං, රූපායතනං, සද්දායතනං, ගන්ධායතනං, රසායතනං, ඵොට්ඨබ්බායතනං, යඤ්ච රූපං අනිදස්සන අප්පටිඝං ධම්මායතනපරියාපන්නං. එවං එකාදසවිධෙන රූපක්ඛන්ධො. අයං වුච්චති රූපක්ඛන්ධො.
Sinhala BJT65. ඒකාදශප්‍රකාරයෙකින් රූපස්කන්‍ධය වෙයි: චක්‍ෂුරායතන යැ, ශ්‍රෝත්‍රායතන යැ, ඝ්‍රාණායතන යැ, ජිව්හායතන යැ, කායායතන යැ, රූපායතන යැ, ශබ්දායතන යැ, ගන්‍ධායතන යැ, රසායතන යැ, ස්ප්‍රෂ්ටව්‍යායතන යැ, අනිදර්‍ශන අප්‍රතිඝ වූ ධර්‍මායතන පර්‍ය්‍යාපන්න වූ යම් රූපයකුත් වේ ද, ඒ දැ යි මෙසේ ඒකාදශප්‍රකාරයෙන් රූපස්කන්‍ධය වේ. මේ රූපස්කන්‍ධ යි කියනු ලැබේ.
Pali BJTරූපක්ඛන්ධො
Sinhala BJTරූපස්කන්‍ධය යි.
Pali BJT66. තත්ථ කතමො වෙදනාක්ඛන්ධො:
Sinhala BJT66. එහි වේදනාස්කන්‍ධය කවරේ යත්:
Pali BJTඑකවිධෙන වෙදනාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJTඑක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන වෙදනාක්ඛන්ධො: අත්ථි සහෙතුකො, අත්ථි අහෙතුකො.
Sinhala BJTද්වීප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: සහේතුක වූයේ ඇත, අහේතුක වූයේ ඇති.
Pali BJTතිවිධෙන වෙදනාක්ඛන්ධො: අත්ථි කුසලො, අත්ථි අකුසලො, අත්ථි අබ්යාකතො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: කුශල වූ වේදනාස්කන්‍ධයෙක් ඇත, අකුශල වූයේ ඇත, අව්‍යාකෘත වූයේ ඇති.
Pali BJTචතුබ්බිධෙන වෙදනාක්ඛන්ධො: අත්ථි කාමාවචරො, අත්ථි රූපාවචරො, අත්ථි අරූපාවචරො, අත්ථි අපරියාපන්නො,
Sinhala BJTචතුෂ්ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: කාමාවචර වූ වේදනාස්කන්‍ධයෙක් ඇත, රූපාවචර වූයේ ඇත, අරූපාවචර වූයේ ඇත, අපර්‍ය්‍යාපන්න වූයේ ඇති.
Pali BJTපඤ්චවිධෙන වෙදනාක්ඛන්ධො: අත්ථි සුඛින්ද්රියං, අත්ථි දුක්ඛින්ද්රියං, අත්ථි සොමනස්සින්ද්රියං, අත්ථි දොමනස්සින්ද්රියං, අත්ථි උපෙක්ඛින්ද්රියං. එවං පඤ්චවිධෙන වෙදනාක්ඛන්ධො.
Sinhala BJTපඤ්චප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: සුඛීන්‍ද්‍රියයෙක් ඇත, දුක්ඛීන්‍ද්‍රියයෙක් ඇත, සෝමනස්සින්‍ද්‍රියයෙක් ඇත, දෝමනස්සින්‍ද්‍රියයෙක් ඇත, උපෙක්ඛින්‍ද්‍රියයෙක් ඇති. මෙසේ පඤ්චප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
Pali BJTඡබ්බිධෙන වෙදනාක්ඛන්ධො: චක්ඛුසම්ඵස්සජා වෙදනා, සොතසම්ඵස්සජා වෙදනා, ඝානසම්ඵස්සජා වෙදනා, ජිව්හාසම්ඵස්සජා වෙදනා, කායසම්ඵස්සජා වෙදනා, මනොසම්ඵස්සජාවෙදනා. එවං ඡබ්බිධෙන වෙදනාක්ඛන්ධො.
Sinhala BJTෂට්ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: චක්ඛුසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, සෝතසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, ඝානසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, ජිව්හා සම්ඵස්සයෙන් උපන් වේදනා යැ, කාය සම්ඵස්සයෙන් උපන් වේදනා යැ, මනෝ සම්ඵස්සයෙන් උපන් වේදනා යි. මෙසේ ෂට්ප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
Pali BJTසත්තවිධෙන වෙදනාක්ඛන්ධො: චක්ඛුසම්ඵස්සජා වෙදනා, සොතසම්ඵස්සජා වෙදනා, ඝානසම්ඵස්සජා වෙදනා, ජිව්හාසම්ඵස්සජා වෙදනා, කායසම්ඵස්සජා වෙදනා, මනොසම්ඵස්සජා වෙදනා, මනොවිඤ්ඤාණධාතුසම්ඵස්සජා වෙදනා, එවං සත්තවිධෙන වෙදනාක්ඛන්ධො.
Sinhala BJTසප්තප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: : චක්ඛුසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, සෝතසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, ඝානසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, ජිව්හා සම්ඵස්සයෙන් උපන් වේදනා යැ, කාය සම්ඵස්සයෙන් උපන් වේදනා යැ, මනෝ ධාතු සම්ඵස්සයෙන් උපන් වේදනා යැ, මනෝ විඤ්ඤාණධාතු සම්ඵස්සයෙන් උපන් වේදනා යි. මෙසේ සප්තප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
Pali BJTඅට්ඨවිධෙන වෙදනාක්ඛන්ධො: චක්ඛුසම්ඵස්සජා වෙදනා, සොතසම්ඵස්සජා වෙදනා, ඝානසම්ඵස්සජා වෙදනා, ජිව්හාසම්ඵස්සජා වෙදනා, කායසම්ඵස්සජා වෙදනා, අත්ථි සුඛා, අත්ථි දුක්ඛා, මනොධාතුසම්ඵස්සජා වෙදනා, මනොවිඤ්ඤාණධාතුසම්ඵස්සජා වෙදනා. එවං අට්ඨවිධෙන වෙදනාක්ඛන්ධො.
Sinhala BJTඅෂ්ටප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: චක්ඛුසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, සෝතසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, ඝානසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, ජිව්හා සම්ඵස්සයෙන් උපන් වේදනා යැ, කාය සම්ඵස්සයෙන් උපන් වේදනා සුඛ වූයේ ඇත, දුක් වූයේ ඇති. මනෝ ධාතු සම්ඵස්සයෙන් උපන් වේදනා යැ, මනෝ විඤ්ඤාණ ධාතු සම්ඵස්සයෙන් උපන් වේදනා යි. මෙසේ අෂ්ටප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
Pali BJTනවවිධෙන වෙදනාක්ඛන්ධො: චක්ඛුසම්ඵස්සජා වෙදනා, සොතසම්ඵස්සජා වෙදනා, ඝානසම්ඵස්සජා වෙදනා, ජිව්හාසම්ඵස්සජා වෙදනා, කායසම්ඵස්සජා වෙදනා, මනොධාතුසම්ඵස්සජා වෙදනා, මනොවිඤ්ඤාණධාතුසම්ඵස්සජා වෙදනා අත්ථි කුසලා, අත්ථි අකුසලා, අත්ථි අබ්යාකතා. එවං නවවිධෙන වෙදනාක්ඛන්ධො.
Sinhala BJTනවප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: චක්ඛුසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, සෝතසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, ඝානසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, ජිව්හා සම්ඵස්සයෙන් උපන් වේදනා යැ, කාය සම්ඵස්සයෙන් උපන් වේදනා යැ, මනෝ ධාතු සම්ඵස්සයෙන් උපන් වේදනායැ, මනෝ විඤ්ඤාණ ධාතු සම්ඵස්සයෙන් උපන් වේදනා කුශල වේදනායෙක් ඇත, අකුශල වේදනායෙක් ඇත, අව්‍යාකෘත වේදනායෙක් ඇති. මෙසේ නවප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
Pali BJTදසවිධෙන වෙදනාක්ඛන්ධො: චක්ඛුසම්ඵස්සජා වෙදනා, සොතසම්ඵස්සජා වෙදනා, ඝානසම්ඵස්සජා වෙදනා, ජිව්හාසම්ඵස්සජා වෙදනා, කායසම්ඵස්සජා වෙදනා අත්ථි සුඛා, අත්ථි දුක්ඛා, මනොධාතුසම්ඵස්සජා වෙදනා, මනොවිඤ්ඤාණධාතුසම්ඵස්සජා වෙදනා අත්ථි කුසලා, අත්ථි අකුසලා, අත්ථි අබ්යාකතා. එවං දසවිධෙන වෙදනාක්ඛන්ධො.
Sinhala BJTදශප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: චක්ඛුසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, සෝතසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, ඝානසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, ජිව්හා සම්ඵස්සයෙන් උපන් වේදනා යැ, කාය සම්ඵස්සයෙන් උපන් වේදනා සුව වූයේ ඇත, දුක් වූයේ ඇත, මනෝ ධාතු සම්ඵස්සයෙන් උපන් වේදනා යැ, මනෝ විඤ්ඤාණ ධාතු සම්ඵස්සයෙන් උපන් වේදනා කුශල වේදනායෙක් ඇත, අකුශල වේදනායෙක් ඇත, අව්‍යාකෘත වේදනායෙක් ඇති. මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
Pali BJT67. එකවිධෙන වෙදනාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො
Sinhala BJT67. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන වෙදනාක්ඛන්ධො: අත්ථි සහෙතුකො, අත්ථි අහෙතුකො.
Sinhala BJTද්වි ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: සහේතුක වේදනාස්කන්‍ධය ඇත, අහේතුක වූයේ ඇති.
Pali BJTතිවිධෙන වෙදනාක්ඛන්ධො: අත්ථි විපාකො, අත්ථි විපාකධම්මධම්මො, අත්ථි නෙවවිපාකනවිපාකධම්මධම්මො.
Sinhala BJTත්‍රි ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: විපාක වූයෙක් ඇත, විපාක ස්වභාවධර්‍ම වූයේ ඇත, නො මැ විපාක වූ විපාක ස්වභාව ධර්‍ම නො වූයෙක් ඇති.
Pali BJTඅත්ථි උපාදින්නුපාදානියො අත්ථි අනුපාදින්නුපාදානියො, අත්ථි අනුපාදින්නඅනුපාදානියො.
Sinhala BJTඋපාදින්නුපාදානීය වූයෙක් ඇත, අනුපාදින්නුපාදානීය වූයෙක් ඇත, අනුපාදින්න අනුපාදානිය වූයෙක් ඇති.
Pali BJTඅත්ථි සඞ්කිලිට්ඨසඞ්කිලෙසිකො, අත්ථි අසඞ්කිලිට්ඨසඞ්කිලෙසිකො, අත්ථි අසඞ්කිලිට්ඨඅසඞ්කිලෙසිකො.
Sinhala BJTසංක්ලිෂ්ට සාංක්ලේශික වූයෙක් ඇත, අසංක්ලිෂ්ට සාංක්ලේශික වූයෙක් ඇත, අසංක්ලිෂ්ට - අසාංක්ලේශික වූයෙක් ඇති.
Pali BJTඅත්ථි සවිතක්කසවිචාරො, අත්ථි අවිතක්කවිචාරමත්තො, අත්ථි අවිතක්කඅවිචාරො.
Sinhala BJTසවිතර්‍ක සවිචාර වූයෙක් ඇත, අවිතර්‍ක විචාරමාත්‍ර වූයෙක් ඇත, අවිතර්‍ක අවිචාර වූයෙක් ඇති.
Pali BJTඅත්ථි දස්සනෙන පහාතබ්බො, අත්ථි භාවනාය පහාතබ්බො, අත්ථි නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බො.
Sinhala BJTදර්‍ශනයෙන් ප්‍රහාතව්‍යයෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍යයෙක් ඇත, නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යයෙක් ඇති.
Pali BJTඅත්ථි දස්සනෙන පහාතබ්බහෙතුකො, අත්ථි භාවනාය පහාතබ්බහෙතුකො, අත්ථි නෙවදස්සනෙන න භාවනාය පහාතබ්බහෙතුකො.
Sinhala BJTදර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතුකයෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇත්තෙක් ඇත, නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇත්තෙක් ඇති.
Pali BJTඅත්ථි ආචයගාමි, අත්ථි අපචයගාමි, අත්ථි නෙවාචයගාමිනාපචයගාමි.
Sinhala BJTආචයගාමී වූයෙක් ඇත, අපචයගාමී වූයෙක් ඇත, නො ම ආචයගාමී නාපචයගාමී වූයෙක් ඇති.
Pali BJTඅත්ථි සෙක්ඛො, අත්ථි අසෙක්ඛො, අත්ථි නෙවසෙක්ඛනාසෙක්ඛො.
Sinhala BJTශෛක්‍ෂ වූයෙක් ඇත, අශෛක්‍ෂ වූයෙක් ඇත, නො ම ශෛක්‍ෂ වූ අශෛක්‍ෂ නො වූයෙක් ඇති.
Pali BJTඅත්ථි පරිත්තො, අත්ථි මහග්ගතො, අත්ථි අප්පමාණො.
Sinhala BJTපරිත්ත වූයෙක් ඇත, මහද්ගත වූයෙක් ඇත, අප්‍රමාණ වූයෙක් ඇති.
Pali BJTඅත්ථි පරිත්තාරම්මණො, අත්ථි මහග්ගතාරම්මණො, අත්ථි අප්පමාණාරම්මණො.
Sinhala BJTපරිත්තාලම්බන වූයෙක් ඇත, මහද්ගතාලම්බන වූයෙක් ඇත, අප්‍රමාණාලම්බන වූයෙක් ඇති.
Pali BJTඅත්ථි හීනො, අත්ථි මජ්ඣිමො, අත්ථි පණීතො.
Sinhala BJTහීන වූයෙක් ඇත, මධ්‍යම වූයෙක් ඇත, ප්‍රණීත වූයෙක් ඇති.
Pali BJTඅත්ථි මිච්ඡත්තනියතො. අත්ථි සම්මත්තනියතො, අත්ථි අනියතො.
Sinhala BJTමිථ්‍යාත්‍වනියත වූයෙක් ඇත, සම්‍යක්ත්‍වනියත වූයෙක් ඇත, අනියත වූයෙක් ඇති.
Pali BJTඅත්ථි මග්ගාරම්මණො, අත්ථි මග්ගහෙතුකො, අත්ථි මග්ගාධිපති.
Sinhala BJTමාර්‍ගාලම්බන වූයෙක් ඇත, මාර්‍ගහේතුක වූයෙක් ඇත, මාර්‍ගාධිපති වූයෙක් ඇති.
Pali BJTඅත්ථි උප්පන්නො, අත්ථි අනුප්පන්නො, අත්ථි උදපාදි.
Sinhala BJTඋත්පන්න වූයෙක් ඇත, අනුත්පන්න වූයෙක් ඇත, උත්පාදී (උපදනාසුලු) වූයෙක් ඇති.
Pali BJTඅත්ථි අතීතො. අත්ථි අනාගතො, අත්ථි පච්චුප්පන්නො.
Sinhala BJTඅතීත වූයෙක් ඇත, අනාගත වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්න වූයෙක් ඇති.
Pali BJTඅත්ථි අතීතාරම්මණො, අත්ථි අනාගතාරම්මණො, අත්ථි පච්චුප්පන්නාරම්මණො.
Sinhala BJTඅතීතාලම්බන වූයෙක් ඇත, අනාගතාලම්බන වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්නාලම්බන වූයෙක් ඇති.
Pali BJTඅත්ථි අජ්ඣත්තො, අත්ථි බහිද්ධො, අත්ථි අජ්ඣත්තබහිද්ධො.
Sinhala BJTඅධ්‍යාත්ම වූයෙක් ඇත, බාහ්‍ය වූයෙක් ඇත, අධ්‍යාත්ම බාහ්‍ය වූයෙක් ඇති.
Pali BJTඅත්ථි අජ්ඣත්තාරම්මණො, අත්ථි බහිද්ධාරම්මණො, අත්ථි අජ්ඣත්තබහිද්ධාරම්මණො -පෙ- එවං දසවිධෙන වෙදනාක්ඛන්ධො.
Sinhala BJTඅධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහ්‍යාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්ම බාහ්‍යාලම්බන වූයෙක් ඇති. මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
Pali BJT68. එකවිධෙන වෙදනාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJT68. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන වෙදනාක්ඛන්ධො: අත්ථි හෙතුසම්පයුත්තො, අත්ථි හෙතුවිප්පයුත්තො.
Sinhala BJTද්විප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: හේතු සම්ප්‍රයුක්ත වූයෙක් වෙයි, හේතු විප්‍රයුක්ත වූයෙක් වේ.
Pali BJTඅත්ථි න හෙතු සහෙතුකො, අත්ථි න හෙතු අහෙතුකො.
Sinhala BJTහේතු නො වූ සහේතුකයෙක් ඇත, හේතු නො වූ අහේතුකයෙක් ඇති.
Pali BJTඅත්ථි ලොකියො, අත්ථි ලොකුත්තරො.
Sinhala BJTලෞකිකයෙක් ඇත, ලෝකෝත්තරයෙක් ඇති.
Pali BJTඅත්ථි කෙනචි විඤ්ඤෙය්යො, අත්ථි කෙනචි න විඤ්ඤෙය්යො.
Sinhala BJT(චක්‍ෂුර් විඥානාදීන් අතුරෙහි) කිසි එකෙකින් දත යුතු වූයෙක් ඇත, කිසි එකෙකින් නො දත යුතු වූයෙක් ඇති.
Pali BJTඅත්ථි සාසවො, අත්ථි අනාසවො.
Sinhala BJTසාස්‍රව වූයෙක් ඇත, අනාස්‍රව වූයෙක් ඇති.
Pali BJTඅත්ථි ආසවසම්පයුත්තො, අත්ථි ආසවවිප්පයුත්තො.
Sinhala BJTආස්‍රව සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ආස්‍රව විප්‍රයුක්ත වූයෙක් ඇති.
Pali BJTඅත්ථි ආසවවිප්පයුත්තසාසවො, අත්ථි ආසවවිප්පයුත්තඅනාසවො.
Sinhala BJTආස්‍රව විප්‍රයුක්ත සාස්‍රව වූයෙක් ඇත, ආස්‍රව විප්‍රයුක්ත අනාස්‍රව වූයෙක් ඇති.
Pali BJTඅත්ථි සංයොජනියො, අත්ථි අසංයොජනියො.
Sinhala BJTසංයෝජනයන්ට හිත වූයෙක් ඇත, සංයෝජනයන්ට හිත නො වූයෙක් ඇති.
Pali BJTඅත්ථි සංයොජනසම්පයුත්තො, අත්ථි සංයොජනවිප්පයුත්තො.
Sinhala BJTසංයෝජන සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, සංයෝජන විප්‍රයුක්ත වූයෙක් ඇති.
Pali BJTඅත්ථි සංයොජනවිප්පයුත්තසංයොජනියො, අත්ථි සංයොජනවිප්පයුත්තඅසංයොජනියො.
Sinhala BJTසංයෝජන විප්‍රයුක්ත වූ සංයෝජනයන්ට හිත වූයෙක් ඇත, සංයෝජන විප්‍රයුක්ත වූ සංයෝජනයන්ට හිත නො වූයෙක් ඇති.
Pali BJTඅත්ථි ගන්ථනියො, අත්ථි අගන්ථනියො.
Sinhala BJTග්‍රන්‍ථයන්ට හිත වූයෙක් ඇත, ග්‍රන්‍ථයන්ට හිත නො වූයෙක් ඇති.
Pali BJTඅත්ථි ගන්ථසම්පයුත්තො, අත්ථි ගන්ථවිප්පයුත්තො.
Sinhala BJTග්‍රන්‍ථ සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ග්‍රන්‍ථ විප්‍රයුක්ත වූයෙක් ඇති.
Pali BJTඅත්ථි ගන්ථවිප්පයුත්තගන්ථනියො, අත්ථි ගන්ථවිප්පයුත්තඅගන්ථනියො.
Sinhala BJTග්‍රන්‍ථ විප්‍රයුක්ත ග්‍රන්‍ථනීය වූයෙක් ඇත, ග්‍රන්‍ථ විප්‍රයුක්ත අග්‍රන්‍ථනිය වූයෙක් ඇති.
Pali BJTඅත්ථි ඔඝනියො, අත්ථි අනොඝනියො.
Sinhala BJTඕඝයන්ට හිත වූයෙක් ඇත, ඕගයන්ට හිත නො වූයෙක් ඇති.
Pali BJTඅත්ථි ඔඝසම්පයුත්තො, අත්ථි ඔඝවිප්පයුත්තො.
Sinhala BJTඕඝ සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ඕඝ විප්‍රයුක්ත වූයෙක් ඇති.
Pali BJTඅත්ථි ඔඝවිප්පයුත්තඔඝනියො, අත්ථි ඔඝවිප්පයුත්තඅනොඝනියො.
Sinhala BJTඕඝ විප්‍රයුක්ත ඕඝනිය වූයෙක් ඇත, ඕඝ විප්‍රයුක්ත අනෝඝනීය වූයෙක් ඇති.
Pali BJTඅත්ථි යොගනියො, අත්ථි අයොගනියො.
Sinhala BJTයෝගයන්ට හිත වූයෙක් ඇත, යෝගයන්ට හිත නො වූයෙක් ඇති.
Pali BJTඅත්ථි යොගසම්පයුත්තො, අත්ථි යොගවිප්පයුත්තො.
Sinhala BJTයෝග සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, යෝග විප්‍රයුක්ත වූයෙක් ඇති.
Pali BJTඅත්ථි යොගවිප්පයුත්තයොගනියො, අත්ථි යොගවිප්පයුත්තඅයොගනියො.
Sinhala BJTයෝග විප්‍රයුක්ත යෝගනීය වූයෙක් ඇත, යෝග විප්‍රයුක්ත අයෝගනීය වූයෙක් ඇති.
Pali BJTඅත්ථි නීවරණියො, අත්ථි අනීවරණියො.
Sinhala BJTනීවරණයන්ට හිත වූයෙක් ඇත, නීවරණයන්ට හිත නො වූයෙක් ඇති.
Pali BJTඅත්ථි නීවරණසම්පයුත්තො, අත්ථි නීවරණවිප්පයුත්තො
Sinhala BJTනීවරණ සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, නීවරණ විප්‍රයුක්ත වූයෙක් ඇති.
Pali BJTඅත්ථි නීවරණවිප්පයුත්තනීවරණියො, අත්ථි නීවරණවිප්පයුත්තඅනීවරණියො.
Sinhala BJTනීවරණ විප්‍රයුක්ත නීවරණීය වූයෙක් ඇත, නීවරණ විප්‍රයුක්ත නීවරණීය නො වූයෙක් ඇති.
Pali BJTඅත්ථි පරාමට්ඨො, අත්ථි අපරාමට්ඨො.
Sinhala BJTපරාමෘෂ්ට වූයෙක් ඇත, පරාමෘෂ්ට නො වූයෙක් ඇති.
Pali BJTඅත්ථි පරාමාසසම්පයුත්තො, අත්ථි පරාමාසවිප්පයුත්තො.
Sinhala BJTපරාමාස සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, පරාමාස විප්‍රයුක්ත වූයෙක් ඇති.
Pali BJTඅත්ථි පරාමාසවිප්පයුත්තපරාමට්ඨො, අත්ථි පරාමාසවිප්පයුත්තඅපරාමට්ඨො.
Sinhala BJTපරාමාස විප්‍රයුක්ත පරාමෘෂ්ට වූයෙක් ඇත, පරාමාස විප්‍රයුක්ත වූ පරාමෘෂ්ට නො වූයෙක් ඇති.
Pali BJTඅත්ථි උපාදින්නො, අත්ථි අනුපාදින්නො.
Sinhala BJTඋපාදින්න වූයෙක් ඇත, අනුපාදින්න වූයෙක් ඇති.
Pali BJTඅත්ථි උපාදානියො, අත්ථි අනුපාදිනියො.
Sinhala BJTඋපාදානයන්ට හිත වූයෙක් ඇත, උපාදානයන්ට හිත නො වූයෙක් ඇති.
Pali BJTඅත්ථිඋපාදානසම්පයුත්තො, අත්ථිඋපාදානවිප්පයුත්තො.
Sinhala BJTඋපාදාන සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, උපාදාන විප්‍රයුක්ත වූයෙක් ඇති.
Pali BJTඅත්ථි උපාදානවිප්පයුත්තඋපාදානියො, අත්ථි උපාදානවිප්පයුත්තඅනුපාදානියො.
Sinhala BJTඋපාදාන විප්‍රයුක්ත උපාදානිය වූයෙක් ඇත, උපාදාන විප්‍රයුක්ත අනුපාදානිය වූයෙක් ඇති.
Pali BJTඅත්ථි සංකිලෙසිකො, අත්ථි අසංකිලෙසිකො.
Sinhala BJTසාංක්ලේශික වූයෙක් ඇත, සාංක්ලේශික නො වූයෙක් ඇති.
Pali BJTඅත්ථි සංකිලිට්ඨො, අත්ථි අසංකිලිට්ඨො.
Sinhala BJTසංක්ලිෂ්ට වූයෙක් ඇත, සංක්ලිෂ්ට නො වූයෙක් ඇති.
Pali BJTඅත්ථි කිලෙසසම්පයුත්තො, අත්ථි කිලෙසවිප්පයුත්තො.
Sinhala BJTක්ලේශ සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ක්ලේශ විප්‍රයුක්ත වූයෙක් ඇති.
Pali BJTඅත්ථි කිලෙසවිප්පයුත්තසංකිලෙසිකො, අත්ථි කිලෙසවිප්පයුත්තඅසංකිලෙසිකො.
Sinhala BJTක්ලේශ විප්‍රයුක්ත සාංක්ලේශික වූයෙක් ඇත, ක්ලේශ විප්‍රයුක්ත වූ සාංක්ලේශික නො වූයෙක් ඇති.
Pali BJTඅත්ථි දස්සනෙන පහාතබ්බො, අත්ථි න දස්සනෙන පහාතබ්බො.
Sinhala BJTදර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇත, දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය නො වූයෙක් ඇති.
Pali BJTඅත්ථි භාවනාය පහාතබ්බො, අත්ථි න භාවනාය පහාතබ්බො.
Sinhala BJTභාවනායෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍ය නො වූයෙක් ඇති.
Pali BJTඅත්ථි දස්සනෙන පහාතබ්බහෙතුකො, අත්ථි න දස්සනෙන පහාතබ්බහෙතුකො.
Sinhala BJTදර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතුකයෙක් ඇත, දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතුක නො වූයෙක් ඇති.
Pali BJTඅත්ථි භාවනාය පහාතබ්බහෙතුකො, අත්ථි න භාවනාය පහාතබ්බහෙතුකො.
Sinhala BJTභාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇතියෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු නැතියෙක් ඇති.
Pali BJTඅත්ථි සවිතක්කො, අත්ථි අවිතක්කො.
Sinhala BJTසවිතර්‍ක වූයෙක් ඇත, අවිතර්‍ක වූයෙක් ඇති.
Pali BJTඅත්ථි සවිචාරො, අත්ථි අවිචාරො.
Sinhala BJTසවිචාර වූයෙක් ඇත, අවිචාර වූයෙක් ඇති.
Pali BJTඅත්ථි සප්පීතිකො, අත්ථි අප්පීතිකො.
Sinhala BJTසප්‍රීතික වූයෙක් ඇත, අප්‍රීතික වූයෙක් ඇති.
Pali BJTඅත්ථි පීතිසහගතො, අත්ථි න පීතිසහගතො.
Sinhala BJTප්‍රීති සහගත වූයෙක් ඇත, ප්‍රීති සහගත නො වූයෙක් ඇති.
Pali BJTඅත්ථි කාමාවචරො, අත්ථි න කාමාවචරො.
Sinhala BJTකාමාවචර වූයෙක් ඇත, කාමාවචර නො වූයෙක් ඇති.
Pali BJTඅත්ථි රූපාවචරො, අත්ථි න රූපාවචරො.
Sinhala BJTරූපාවචර වූයෙක් ඇත, රූපාවචර නො වූයෙක් ඇති.
Pali BJTඅත්ථි අරූපාවචරො, අත්ථි න අරූපාවචරො.
Sinhala BJTඅරූපාවචර වූයෙක් ඇත, අරූපාවචර නො වූයෙක් ඇති.