Vibhaṅga

Analysis

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1801-1900 න් 4235

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTතත්ථ කතමං නාමං: වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො, ඉදං වුච්චති නාමං.
Sinhala BJTඑහි නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ යි මේ නාම යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං රූපං: චත්තාරො ච මහාභූතා, යඤ්ච රූපං නිස්සාය මනොවිඤ්ඤාණධාතු වත්තති, ඉදං වුච්චති රූපං, ඉති ඉදඤ්ච නාමං ඉදඤ්ච රූපං, ඉදං වුච්චති නාමරූපං.
Sinhala BJTඑහි රූප කවරෙ යත්: සතර මහා භූතයෝ ද යම් රූපයකුත් ඇසිරි කොටගෙන මනෝවිඤ්ඤාණධාතු ව පවතී ද, මේ රූප යි කියනු ලැබේ. මෙසේ මේ නාමය ද මේ රූපය ද යන මේ නාමරූප යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං නාමරූපපච්චයා සළායතනං: චක්ඛායතනං සොතායතනං ඝානායතනං ජිව්හායතනං කායායතනං මනායතනං, ඉදං වුච්චති නාමරූපපච්චයා සළායතනං.
Sinhala BJTඑහි නාමරූපප්‍රත්‍යයෙන් සළායතන කවරෙ යත්: චක්ඛායතන ය සෝතායතන ය ඝානායතන ය ජිව්හායතන ය කායායතන ය මනායතන යි මේ නාමරූපප්‍රත්‍යයෙන් සළායතන යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො ඡට්ඨායතනපච්චයා ඵස්සො: යො ඵස්සො ඵුසනා සම්ඵුසනා සම්ඵුසිතත්තං. අයං වුච්චති ඡට්ඨායතනපච්චයා ඵස්සො -පෙ- තෙන වුච්චති එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොතීති.
Sinhala BJTඑහි ඡට්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශ කවරෙ යත්: යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශ කරන අයුරෙක් මොනවට ස්පර්‍ශ කරන අයුරෙක් මොනවට ස්පර්‍ශ කළ බවෙක් වේ ද මේ ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශ යි කියනු ලැබේ … එහෙයින් ‘එව මෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි කියනු ලැබේ.
Pali BJTපච්චයචතුක්කං.
Sinhala BJTප්‍රත්‍යයචතුෂ්ක යි.
Pali BJT375. තස්මිං සමයෙ අවිජ්ජාපච්චයා සඞ්ඛාරො අවිජ්ජාහෙතුකො, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං සඞ්ඛාරහෙතුකං, විඤ්ඤාණපච්චයා නාමං විඤ්ඤාණහෙතුකං, නාමපච්චයා ඡට්ඨායතනං නාමහෙතුකං, ඡට්ඨායතනපච්චයා ඵස්සො ඡට්ඨායතනහෙතුකො, ඵස්සපච්චයා වෙදනා ඵස්සහෙතුකා, වෙදනාපච්චයා තණ්හා වෙදනාහෙතුකා, තණ්හාපච්චයා උපාදානං තණ්හාහෙතුකං, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං, එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJT375. එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාහේතුක වූ සංස්කාරය වේ. සංස්කාර ප්‍රත්‍යයෙන් සංස්කාරහේතුක වූ විඥානය වේ. විඥානප්‍රත්‍යයෙන් විඥානහේතුක වූ නාමය වේ. නාමප්‍රත්‍යයෙන් නාමහේතුක වූ ෂෂ්ඨාතයනය වේ. ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනහේතුක වූ ස්පර්‍ශය වේ. ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශහේතුක වූ වේදනාව වේ. වේදනාප්‍රත්‍යයෙන් වේදනාහේතුක වූ තෘෂ්ණාව වේ. තෘෂ්ණාප්‍රත්‍යයෙන් තෘෂ්ණාහේතුක වූ උපාදානය වේ. උපාදානප්‍රත්‍යයෙන් භවය වේ. භවප්‍රත්‍යයෙන් ජාතිය වේ. ජාතිප්‍රත්‍යයෙන් ජරාව හා මරණය වේ. මෙසේ මේ සියලු දුඃඛස්කන්‍ධයාගේ සමුදය වේ.
Pali BJTතත්ථ කතමා අවිජ්ජා: යං අඤ්ඤාණං අදස්සනං -පෙ- අවිජ්ජාලඞ්ගි මොහො අකුසලමූලං, අයං වුච්චති අවිජ්ජා.
Sinhala BJTඑහි අවිද්‍යාව කවර යත්: යම් අඥානයෙක් අදර්‍ශනයෙක් … අවිද්‍යාපරිඝයෙක් මෝහසඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද මේ අවිද්‍යා යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො අවිජ්ජාපච්චයා සඞ්ඛාරො අවිජ්ජාහෙතුකො: යා චෙතනා සඤ්චෙතනා චෙතයිතත්තං, අයං වුච්චති අවිජ්ජාපච්චයා සඞ්ඛාරො අවිජ්ජාහෙතුකො.
Sinhala BJTඑහි අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාහේතුක වූ සංස්කාරය කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතනලදබවෙක් වේ ද මේ අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාහේතුක වූ සංස්කාර යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං සඞ්ඛාරහෙතුකං: යං චිත්තං මනො මානසං -පෙ- තජ්ජා මනොවිඤ්ඤාණධාතු, ඉදං වුච්චති සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං සඞ්ඛාරහෙතුකං.
Sinhala BJTඑහි සංස්කාරප්‍රත්‍යයෙන් සංස්කාරහේතුක වූ විඥානය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුවෙක් වේ ද, මේ සංස්කාර ප්‍රත්‍යයෙන් සංස්කාරහේතුක වූ විඥාන යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං විඤ්ඤාණපච්චයා නාමං විඤ්ඤාණහෙතුකං: වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො, ඉදං වුච්චති විඤ්ඤාණපච්චයා නාමං විඤ්ඤාණහෙතුකං.
Sinhala BJTඑහි විඥානප්‍රත්‍යයෙන් විඥානහේතුක වූ නාමය කවර යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය, මේ විඥානප්‍රත්‍යයෙන් විඥානහේතුක වූ නාම යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං නාමපච්චයා ඡට්ඨායතනං නාමහෙතුකං: යං චිත්තං මනො මානසං -පෙ- තජ්ජා මනොවිඤ්ඤාණධාතු, ඉදං වුච්චති නාමපච්චයා ඡට්ඨායතනං නාමහෙතුකං.
Sinhala BJTඑහි නාමප්‍රත්‍යයෙන් නාමහේතුක වූ ෂෂ්ඨායතනය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ නාමප්‍රත්‍යයෙන් නාමහේතුක වූ ෂෂ්ඨායතන යයි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො ඡට්ඨායතනපච්චයා ඵස්සො ඡට්ඨායතනහෙතුකො: යො ඵස්සො ඵුසනා සම්ඵුසනා සම්ඵුසිතත්තං, අයං වුච්චති ඡට්ඨායතනපච්චයා ඵස්සො ඡට්ඨායතනහෙතුකො.
Sinhala BJTඑහි ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනහේතුක වූ ස්පර්‍ශය කවරෙ යත්: යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශ කරන අයුරෙක් මොනොවට ස්පර්‍ශ කරන අයුරෙක් මොනොවට ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනහේතුක වූ ස්පර්‍ශ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා ඵස්සපච්චයා වෙදනා ඵස්සහෙතුකා: යං චෙතසිකං සාතං චෙතසිකං සුඛං චෙතොසම්ඵස්සජං සාතං සුඛං වෙදයිතං චෙතොසම්ඵස්සජා සාතා සුඛා වෙදනා, අයං වුච්චති ඵස්සපච්චයා වෙදනා ඵස්සහෙතුකා.
Sinhala BJTඑහි ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශ හේතුක වූ වේදනාව කවර යත්: යම් චෛතසික වූ සාතයෙක් චෛතසික වූ සුඛයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාත - සූඛ - වේදයිතයෙක් චේතෝසම්ඵස්සජ සාත - සුඛ - වේදනායෙක් වේ ද, මේ ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශහේතුක වූ වේදනාව යයි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා වෙදනාපච්චයා තණ්හා වෙදනාහෙතුකා: යො රාගො සාරාගො -පෙ- චිත්තස්ස සාරාගො, අයං වුච්චති වෙදනාපච්චයා තණ්හා වෙදනාහෙතුකා.
Sinhala BJTඑහි වේදනාප්‍රත්‍යයෙන් වේදනාහේතුක වූ තෘෂ්ණාව කවර යත්: යම් රාගයෙක් සංරාගයෙක් … චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ වේදනාප්‍රත්‍යයෙන් වේදනා හේතුක වූ තෘෂ්ණාව යයි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං තණ්හාපච්චයා උපාදානං තණ්හාහෙතුකං: යා දිට්ඨි දිට්ඨිගතං -පෙ- විපරියෙසගාහො, ඉදං වුච්චති තණ්හාපච්චයා උපාදානං තණ්හාහෙතුකං -පෙ- තෙන වුච්චති එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොතීති.
Sinhala BJTඑහි තෘෂ්ණාප්‍රත්‍යයෙන් තෘෂ්ණාහේතුක වූ උපාදානය කවරෙ යත්: යම් දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් … විපරීතග්‍රාහයෙක් වේ ද, මේ තෘෂ්ණාප්‍රත්‍යයෙන් තෘෂ්ණාහේතුක වූ උපාදාන යි කියනු ලැබේ. … එහෙයින් ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදය හොති’ යි කියනු ලැබේ.
Pali BJT376. තස්මිං සමයෙ අවිජ්ජාපච්චයා සඞ්ඛාරො අවිජ්ජාහෙතුකො, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං සඞ්ඛාරහෙතුකං, විඤ්ඤාණපච්චයා නාමං විඤ්ඤාණහෙතුකං, නාමපච්චයා ඵස්සො නාමහෙතුකො, ඵස්සපච්චයා වෙදනා ඵස්සහෙතුකා, වෙදනාපච්චයා තණ්හා වෙදනාහෙතුකා, තණ්හාපච්චයා උපාදානං තණ්හාහෙතුකං, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං, එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJT376. එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාහේතුක වූ සංස්කාරය වෙයි, සංස්කාර ප්‍රත්‍යයෙන් සංස්කාරහේතුක වූ විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් විඥානහේතුක වූ නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් නාමහේතුක වූ ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශහේතුක වූ වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් වේදනාහේතුක වූ තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් තෘෂ්ණාහේතුක වූ උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.
Pali BJTතත්ථ කතමා අවිජ්ජා: යං අඤ්ඤාණං අදස්සනං -පෙ- අවිජ්ජාලඞ්ගි මොහො අකුසලමූලං, අයං වුච්චති අවිජ්ජා.
Sinhala BJTඑහි අවිද්‍යා කවර යත්: යම් අඥානයෙක් අදර්‍ශනයෙක් … අවිද්‍යාපරිඝයෙක් මෝහසඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ අවිද්‍යා යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො අවිජ්ජාපච්චයා සඞ්ඛාරො අවිජ්ජාහෙතුකො: යා චෙතනා සඤ්චෙතනා චෙතයිතත්තං, අයං වුච්චති අවිජ්ජාපච්චයා සඞ්ඛාරො අවිජ්ජාහෙතුකො.
Sinhala BJTඑහි අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාහේතුක වූ සංස්කාරය කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාහේතුක වූ සංස්කාර යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං සඞ්ඛාරහෙතුකං: යං චිත්තං මනො මානසං -පෙ- තජ්ජා මනොවිඤ්ඤාණධාතු, ඉදං වුච්චති සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං සඞ්ඛාරහෙතුකං.
Sinhala BJTඑහි සංස්කාරප්‍රත්‍යයෙන් සංස්කාර හේතුක වූ විඥානය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද මේ සංස්කාර ප්‍රත්‍යයෙන් සංස්කාරහේතුක වූ විඥාන යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං විඤ්ඤාණපච්චයා නාමං විඤ්ඤාණහෙතුකං: වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො, ඉදං වුච්චති විඤ්ඤාණපච්චයා නාමං විඤ්ඤාණහෙතුකං.
Sinhala BJTඑහි විඥානප්‍රත්‍යයෙන් විඥානහේතුක වූ නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය යන මේ විඥානප්‍රත්‍යයෙන් විඥානහේතුක වූ නාම යයි කියනු ලැබේ.
Pali BJTනාමපච්චයා ඵස්සො නාමහෙතුකොති තත්ථ කතමං නාමං: ඨපෙත්වා ඵස්සං වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො, ඉදං වුච්චති නාමං.
Sinhala BJT“නාමපච්චයා ඵස්සො නාමහේතුකො” යි එහි නාමය කවරෙ යත්: ස්පර්‍ශය තබා වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය විඥානස්කන්‍ධ ය යන මේ නාම යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො නාමපච්චයා ඵස්සො නාමහෙතුකො: යො ඵස්සො ඵුසනා සම්ඵුසනා සම්ඵුසිතත්තං, අයං වුච්චති නාමපච්චයා ඵස්සො නාමහෙතුකො -පෙ- තෙන වුච්චති එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොතීති.
Sinhala BJTඑහි නාමප්‍රත්‍යයෙන් නාමහේතුක වූ ස්පර්‍ශය කවරෙ යත්: යම් ස්පර්‍ශයෙක් පහස්නා අයුරෙක් මොනොවට පහස්නා අයුරෙක් මොනොවට ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ නාමප්‍රත්‍යයෙන් නාමහේතුක වූ ස්පර්‍ශ යයි කියනු ලැබේ. … එහෙයින් “එව මෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති” යි කියනු ලැබේ.
Pali BJT377. තස්මිං සමයෙ අවිජ්ජාපච්චයා සඞ්ඛාරො අවිජ්ජාහෙතුකො, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං සඞ්ඛාරහෙතුකං, විඤ්ඤාණපච්චයා නාමරූපං විඤ්ඤාණහෙතුකං, නාමරූපපච්චයා ඡට්ඨායතනං නාමරූපහෙතුකං, ඡට්ඨායතනපච්චයා ඵස්සො ඡට්ඨායතනහෙතුකො, ඵස්සපච්චයා වෙදනා ඵස්සහෙතුකා, වෙදනාපච්චයා තණ්හා වෙදනාහෙතුකා, තණ්හාපච්චයා උපාදානං තණ්හාහෙතුකං, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං, එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJT377. එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාහේතුක වූ සංස්කාරය වෙයි. සංස්කාර ප්‍රත්‍යයෙන් සංස්කාර හේතුක වූ විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් විඥානහේතුක වූ නාම රූපය වෙයි, නාමරූපප්‍රත්‍යයෙන් නාමරූපහේතුක වූ ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතන ප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනහේතුක වූ ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශහේතුක වූ වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් වේදනාහේතුක වූ තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් තෘෂ්ණා හේතුක වූ උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුඃඛරාශිහු ගේ සමුදය වේ.
Pali BJTතත්ථ කතමා අවිජ්ජා: යං අඤ්ඤාණං අදස්සනං -පෙ- අවිජ්ජාලඞ්ගි මොහො අකුසලමූලං, අයං වුච්චති අවිජ්ජා.
Sinhala BJTඑහි අවිද්‍යාව කවර යත්: යම් අඥානයෙක් අදර්‍ශනයෙක් … අවිද්‍යාපරිඝයෙක් මෝහසඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ අවිද්‍යා යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො අවිජ්ජාපච්චයා සඞ්ඛාරො අවිජ්ජාහෙතුකො: යා චෙතනා සඤ්චෙතනා චෙතයිතත්තං, අයං වුච්චති අවිජ්ජාපච්චයා සඞ්ඛාරො අවිජ්ජාහෙතුකො.
Sinhala BJTඑහි අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාහේතුක වූ සංස්කාරය කවරෙ යත්: යම් චේතනාවක් සංචේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාහේතුක වූ සංස්කාර යයි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං සඞ්ඛාරහෙතුකං: යං චිත්තං මනො මානසං -පෙ- තජ්ජා මනොවිඤ්ඤාණධාතු, ඉදං වුච්චති සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං සඞ්ඛාරහෙතුකං.
Sinhala BJTඑහි සංස්කාරප්‍රත්‍යයෙන් සංස්කාරහේතුක වූ විඥානය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ සංස්කාර ප්‍රත්‍යයෙන් සංස්කාරහේතුක වූ විඥාන යයි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං විඤ්ඤාණපච්චයා නාමරූපං විඤ්ඤාණහෙතුකං: අත්ථි නාමං, අත්ථි රූපං, තත්ථ කතමං නාමං: වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො, ඉදං වුච්චති නාමං.
Sinhala BJTඑහි විඥානප්‍රත්‍යයෙන් විඥානහේතුක වූ නාමරූපය කවරෙ යත්: නාමයෙක් ඇත, රූපයෙක් ඇති. එහි නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය යන මේ නාම යයි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං රූපං: චක්ඛායතනස්ස උපචයො -පෙ- කායායතනස්ස උපචයො, යං වා පනඤ්ඤම්පි අත්ථි රූපං චිත්තජං චිත්තහෙතුකං චිත්තසමුට්ඨානං, ඉදං වුච්චති රූපං, ඉති ඉදඤ්ච නාමං ඉදඤ්ච රූපං ඉදං වුච්චති විඤ්ඤාණපච්චයා නාමරූපං විඤ්ඤාණහෙතුකං.
Sinhala BJTඑහි රූපය කවරෙ යත්: චක්‍ෂුරායතනයාගේ ඉපැද්මෙක් …. කායායතනයාගේ ඉපැද්මෙක් වේ ද, යළි අන්‍ය වූ ද චිත්තජ වූ චිත්තහේතුක වූ චිත්තසමුත්‍ථාන වූ යම් රූපයෙක් හෝ ඇද්ද, මේ රූප යයි කියනු ලැබේ. මෙසේ මේ නාම ය ද, මේ රූපය ද යන මේ විඥානප්‍රත්‍යයෙන් විඥානහේතුක වූ නාමරූප යි කියනු ලැබේ.
Pali BJTනාමරූපපච්චයා ඡට්ඨායතනං නාමරූපහෙතුකන්ති: අත්ථි නාමං, අත්ථි රූපං. තත්ථ කතමං නාමං: වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො - ඉදං වුච්චති නාමං.
Sinhala BJT‘නාමරූපපච්චයා ඡට්ඨායතනං නාමරූපහේතුකං’ යනු: නාමයෙක් ඇත, රූපයෙක් ඇති. එහි නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධය සංඥාස්කන්‍ධය සංස්කාරස්කන්‍ධය යන මේ නාම යයි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං රූපං: යං රූපං නිස්සාය මනොවිඤ්ඤාණධාතු වත්තති, ඉදං වුච්චති රූපං. ඉති ඉදඤ්ච නාමං ඉදඤ්චරූපං, ඉදං වුච්චති නාමරූපං.
Sinhala BJTඑහි රූපය කවරෙ යත්: යම් රූපයක් නිසා මනෝවිඥානධාතුව පවතී ද, මේ රූප යයි කියනු ලැබේ. මෙසේ මේ නාමය ද, මේ රූපය ද යන මේ නාමරූප යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං නාමරූපපච්චයා ඡට්ඨායතනං නාමරූපහෙතුකං: යං චිත්තං මනො මානසං -පෙ- තජ්ජා මනොවිඤ්ඤාණධාතු, ඉදං වුච්චති නාමරූපපච්චයා ඡට්ඨායතනං නාමරූපහෙතුකං.
Sinhala BJTඑහි නාමරූපප්‍රත්‍යයෙන් නාමරූපහේතුක වූ ෂෂ්ඨායතනය කවර යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ නාමරූප ප්‍රත්‍යයෙන් නාමරූපහේතුක වූ ෂෂ්ඨායතන යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො ඡට්ඨායතනපච්චයා ඵස්සො ඡට්ඨායතනහෙතුකො: යො ඵස්සො ඵුසනා සම්ඵුසනා සම්ඵුසිතත්තං, අයං වුච්චති ඡට්ඨායතනපච්චයා ඵස්සො ඡට්ඨායතනහෙතුකො -පෙ- තෙන වුච්චති එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොතීති.
Sinhala BJTඑහි ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනහේතුක වූ ස්පර්‍ශය කවරෙ යත්: යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශ කරන අයුරෙක් මොනොවට ස්පර්‍ශ කරන අයුරෙක් ස්පර්‍ශ කරන ලද බවෙක් වේ ද, මේ ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනහේතුක වූ ස්පර්‍ශ යයි කියනු ලැබේ. … එහෙයින් “එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති” යි කියනු ලැබේ.
Pali BJT378. තස්මිං සමයෙ අවිජ්ජාපච්චයා සඞ්ඛාරො අවිජ්ජාහෙතුකො, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං සඞ්ඛාරහෙතුකං, විඤ්ඤාණපච්චයා නාමරූපං විඤ්ඤාණහෙතුකං, නාමරූපපච්චයා ඡට්ඨායතනං නාමරූපහෙතුකං, ඡට්ඨායතනපච්චයා ඵස්සො ඡට්ඨායතනහෙතුකො, ඵස්සපච්චයා වෙදනා ඵස්සහෙතුකා, වෙදනාපච්චයා තණ්හා වෙදනාහෙතුකා, තණ්හාපච්චයා උපාදානං තණ්හාහෙතුකං, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං, එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJT378. එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාහේතුක වූ සංස්කාර වෙයි, සංස්කාර ප්‍රත්‍යයෙන් සංස්කාරහේතුක වූ විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් විඥානහේතුක වූ නාමරූප වෙයි, නාමරූපප්‍රත්‍යයෙන් නාමරූපහේතුක වූ ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනහේතුක වූ ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශහේතුක වූ වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් වේදනාහේතුක වූ තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් තෘෂ්ණාහේතුක වූ උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.
Pali BJTතත්ථ කතමා අවිජ්ජා: යං අඤ්ඤාණං අදස්සනං -පෙ- අවිජ්ජාලඞ්ගි මොහො අකුසලමූලං, අයං වුච්චති අවිජ්ජා.
Sinhala BJTඑහි අවිද්‍යාව කවර යත්: යම් අඥානයෙක් අදර්‍ශනයෙක් … අවිද්‍යාපරිඝයෙක් මෝහසඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ අවිද්‍යා යයි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො අවිජ්ජාපච්චයා සඞ්ඛාරො අවිජ්ජාහෙතුකො: යා චෙතනා සඤ්චෙතනා චෙතයිතත්තං, අයං වුච්චති අවිජ්ජාපච්චයා සඞ්ඛාරො අවිජ්ජාහෙතුකො.
Sinhala BJTඑහි අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාහේතුක වූ සංස්කාරය කවරෙ යත්: යම් චේතනාවක් සංචේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාහේතුක වූ සංස්කාර යයි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං සඞ්ඛාරහෙතුකං: යං චිත්තං මනො මානසං -පෙ- තජ්ජා මනොවිඤ්ඤාණධාතු, ඉදං වුච්චති සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං සඞ්ඛාරහෙතුකං.
Sinhala BJTඑහි සංස්කාරප්‍රත්‍යයෙන් සංස්කාරහේතුක වූ විඥානය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ සංස්කාර ප්‍රත්‍යයෙන් සංස්කාරහේතුක වූ විඥාන යයි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං විඤ්ඤාණපච්චයා නාමරූපං විඤ්ඤාණහෙතුකං: අත්ථි නාමං, අත්ථි රූපං. තත්ථ කතමං නාමං: වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො, ඉදං වුච්චති නාමං.
Sinhala BJTඑහි විඥානප්‍රත්‍යයෙන් විඥානහේතුක වූ නාමරූප කවරෙ යත්: නාමයෙක් ඇත, රූපයෙක් ඇති, එහි නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධය යන මේ නාම යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං රූපං: චක්ඛායතනස්ස උපචයො -පෙ- කායායතනස්ස උපචයො, යං වා පනඤ්ඤම්පි අත්ථි රූපං චිත්තජං චිත්තහෙතුකං චිත්තසමුට්ඨානං, ඉදං වුච්චති රූපං. ඉති ඉදඤ්ච නාමං, ඉදඤ්ච රූපං, ඉදං වුච්චති විඤ්ඤාණපච්චයා නාමරූපං විඤ්ඤාණහෙතුකං.
Sinhala BJTඑහි රූපය කවරෙ යත්: චක්‍ෂුරායතනයාගේ ඉපැද්මෙක් වේ ද … කායායතනයාගේ ඉපැද්මෙක් වේ ද, යළි අන්‍ය වූ ද චිත්තජ වූ චිත්තහේතුක වූ චිත්තසමුත්‍ථාන වූ යම් රූපයෙක් හෝ ඇද්ද, මේ රූප යයි කියනු ලැබේ. මෙසේ ම නාමය ද, මේ රූපය ද යන මේ විඥානප්‍රත්‍යයෙන් විඥානහේතුක වූ නාමරූප යි කියනු ලැබේ.
Pali BJTනාමරූපපච්චයා සළායතනං නාමරූපහෙතුකන්ති: අත්ථි නාමං, අත්ථි රූපං. තත්ථ කතමං නාමං: වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො, ඉදං වුච්චති නාමං.
Sinhala BJTනාමරූපප්‍රත්‍යයෙන් නාමරූපහේතුක වූ ෂඩායතනය යනු: නාමයෙක් ඇත, රූපයෙක් ඇති. එහි නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාර ස්කන්‍ධ යි. මේ නාම යයි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං රූපං: චත්තාරො ච මහාභූතා, යං ච රූපං නිස්සාය මනොවිඤ්ඤාණධාතු වත්තති, ඉදං වුච්චති රූපං. ඉති ඉදඤ්ච නාමං ඉදඤ්ච රූපං, ඉදං වුච්චති නාමරූපං.
Sinhala BJTඑහි රූපය කවරෙ යත්: සතර මහාභූතයෝ ද, යළි යම් රූපයක් නිසා මනෝවිඥාන ධාතුව පවතී ද, මේ රූප යි කියනු ලැබේ. මෙසේ මේ නාමය ද, මේ රූපය ද මේ නාමරූප යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං නාමරූපපච්චයා සළායතනං නාමරූපහෙතුකං: චක්ඛායතනං -පෙ- මනායතනං, ඉදං වුච්චති නාමරූපපච්චයා සළායතනං නාමරූපහෙතුකං.
Sinhala BJTඑහි නාමරූපප්‍රත්‍යයෙන් නාමරූපහේතුක වූ ෂඩායතනය කවරෙ යත්: චක්‍ෂුරායතන ය … මනායතන යි, මේ නාමරූපප්‍රත්‍යයෙන් නාමරූපහේතුක වූ ෂඩායතන යයි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො ඡට්ඨායතනපච්චයා ඵස්සො ඡට්ඨායතනහෙතුකො: යො ඵස්සො ඵුසනා සම්ඵුසනා සම්ඵුසිතත්තං, අයං වුච්චති ඡට්ඨායතනපච්චයා ඵස්සො ඡට්ඨායතනහෙතුකො.
Sinhala BJTඑහි ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනහේතුක වූ ස්පර්‍ශය කවරෙ යත්: යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශ කරන අයුරෙක් මොනොවට ස්පර්‍ශ කරන අයුරෙක් මොනොවට ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනහේතුක වූ ස්පර්‍ශ යයි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා ඵස්සපච්චයා වෙදනා ඵස්සහෙතුකා: යං චෙතසිකං සාතං චෙතසිකං සුඛං චෙතොසම්ඵස්සජං සාතං සුඛං වෙදයිතං චෙතොසම්ඵස්සජා සාතා සුඛා වෙදනා, අයං වුච්චති ඵස්සපච්චයා වෙදනා ඵස්සහෙතුකා.
Sinhala BJTඑහි ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශහේතුක වූ වේදනාව කවර යත්: යම් චෛතසික වූ සාතයෙක් චෛතසික වූ සුඛයෙක් චේතෝසම්ඵස්සජ සාත - සුඛ - වේදයිතයෙක් චේතෝසම්ඵස්සජ සාත - සුඛ - වේදනායෙක් වේ ද, මේ ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශහේතුක වූ වේදනා යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා වෙදනාපච්චයා තණ්හා වෙදනාහෙතුකා: යො රාගො සාරාගො -පෙ- චිත්තස්ස සාරාගො, අයං වුච්චති වෙදනාපච්චයා තණ්හා වෙදනාහෙතුකා.
Sinhala BJTඑහි වේදනාප්‍රත්‍යයෙන් වේදනාහේතුක වූ තෘෂ්ණා කවර යත්: යම් රාගයෙක් බලවත් රාගයෙක් … චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ වේදනාප්‍රත්‍යයෙන් වේදනාහේතුක වූ තෘෂ්ණා යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං තණ්හාපච්චයා උපාදානං තණ්හාහෙතුකං: යා දිට්ඨි දිට්ඨිගතං -පෙ- තිත්ථායතනං විපරියෙසගාහො, ඉදං වුච්චති තණ්හාපච්චයා උපාදානං තණ්හාහෙතුකං -පෙ- තෙන වුච්චති එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොතීති.
Sinhala BJTඑහි තෘෂ්ණාප්‍රත්‍යයෙන් තෘෂ්ණාහේතුක වූ උපාදානය කවරෙ යත්: යම් දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් … තීර්‍ත්‍ථායතනයෙක් විපරීතග්‍රාහයෙක් වේ ද, මේ තෘෂ්ණාප්‍රත්‍යයෙන් තෘෂ්ණාහේතුක වූ උපාදාන යයි කියනු ලැබේ … එයින් කියනු ලැබෙයි: “එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති” යි.
Pali BJTහෙතුචතුක්කං.
Sinhala BJTහේතුචතුෂ්ක යි.
Pali BJT379. තස්මිං සමයෙ අවිජ්ජාපච්චයා සඞ්ඛාරො අවිජ්ජාසම්පයුත්තො, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං සඞ්ඛාරසම්පයුත්තං, විඤ්ඤාණපච්චයා නාමං විඤ්ඤාණසම්පයුත්තං, නාමපච්චයා ඡට්ඨායතනං නාමසම්පයුත්තං, ඡට්ඨායතපච්චයා ඵස්සො ඡට්ඨායතනසම්පයුත්තො, ඵස්සපච්චයා වෙදනා ඵස්සසම්පයුත්තා, වෙදනාපච්චයා තණ්හා වෙදනාසම්පයුත්තා, තණ්හාපච්චයා උපාදානං තණ්හාසම්පයුත්තං, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJT379. එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාව හා සම්ප්‍රයුක්ත වූ සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් සංස්කාරසම්ප්‍රයුක්ත වූ විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් විඥාන සම්ප්‍රයුක්ත වූ නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් නාමසම්ප්‍රයුක්ත වූ ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනසම්ප්‍රයුක්ත වූ ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූ වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් වේදනාසම්ප්‍රයුක්ත වූ තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් තෘෂ්ණාසම්ප්‍රයුක්ත වූ උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරා මරණ වෙයි. මෙසේ මේ සියලු දුඃඛ රාශිහුගේ සමුදය වේ.
Pali BJTතත්ථ කතමා අවිජ්ජා: යං අඤ්ඤාණං අදස්සනං -පෙ- අවිජ්ජාලඞ්ගි මොහො අකුසලමූලං, අයං වුච්චති අවිජ්ජා.
Sinhala BJTඑහි අවිද්‍යාව කවර යත්: යම් අඥානයෙක් අදර්‍ශනයෙක් … අවිද්‍යාපරිඝයෙක් මෝහසඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ අවිද්‍යා යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො අවිජ්ජාපච්චයා සඞ්ඛාරො අවිජ්ජාසම්පයුත්තො: යා චෙතනා සඤ්චෙතනා චෙතයිතත්තං, අයං වුච්චති අවිජ්ජාපච්චයා සඞ්ඛාරො අවිජ්ජාසම්පයුත්තො.
Sinhala BJTඑහි අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාව හා සම්ප්‍රයුක්ත වූ සංස්කාරය කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාසම්ප්‍රයුක්ත වූ සංස්කාර යයි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං සඞ්ඛාරසම්පයුත්තං: යං චිත්තං මනො මානසං -පෙ- තජ්ජා මනොවිඤ්ඤාණධාතු, ඉදං වුච්චති සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං සඞ්ඛාරසම්පයුත්තං.
Sinhala BJTඑහි සංස්කාරප්‍රත්‍යයෙන් සංස්කාරසම්ප්‍රයුක්ත වූ විඥානය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ සංස්කාර ප්‍රත්‍යයෙන් සංස්කාරසම්ප්‍රයුක්ත වූ විඥාන යයි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං විඤ්ඤාණපච්චයා නාමං විඤ්ඤාණසම්පයුත්තං: වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො, ඉදං වුච්චති විඤ්ඤාණපච්චයා නාමං විඤ්ඤාණසම්පයුත්තං.
Sinhala BJTඑහි විඥානප්‍රත්‍යයෙන් විඥානසම්ප්‍රයුක්ත වූ නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය යි, මේ විඥානප්‍රත්‍යයෙන් විඥානසම්ප්‍රයුක්ත වූ නාම යයි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං නාමපච්චයා ඡට්ඨායතනං නාමසම්පයුත්තං: යං චිත්තං මනො මානසං -පෙ- තජ්ජා මනොවිඤ්ඤාණධාතු, ඉදං වුච්චති නාමපච්චයා ඡට්ඨායතනං නාමසම්පයුත්තං.
Sinhala BJTඑහි නාමප්‍රත්‍යයෙන් නාමසම්ප්‍රයුක්ත වූ ෂෂ්ඨායතනය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ නාමප්‍රත්‍යයෙන් නාමසම්ප්‍රයුක්ත වූ ෂෂ්ඨායතන යයි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො ඡට්ඨායතනපච්චයා ඵස්සො ඡට්ඨායතනසම්පයුත්තො: යො ඵස්සො ඵුසනා සම්ඵුසනා සම්ඵුසිතත්තං, අයං වුච්චති ඡට්ඨායතනපච්චයා ඵස්සො ඡට්ඨායතනසම්පයුත්තො.
Sinhala BJTඑහි ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනසම්ප්‍රයුක්ත වූ ස්පර්‍ශය කවරෙ යත්: යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශ කරන අයුරෙක් මොනොවට ස්පර්‍ශ කරන අයුරෙක් ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනසම්ප්‍රයුක්ත වූ ස්පර්‍ශ යයි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා ඵස්සපච්චයා වෙදනා ඵස්සසම්පයුත්තා: යං චෙතසිකං සාතං චෙතසිකං සුඛං චෙතොසම්ඵස්සජං සාතං සුඛං වෙදයිතං චෙතොසම්ඵස්සජා සාතා සුඛා වෙදනා, අයං වුච්චති ඵස්සපච්චයා වෙදනා ඵස්සසම්පයුත්තො.
Sinhala BJTඑහි ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශසම්ප්‍රයුක්ත වූ වේදනාව කවර යත්: යම් චෛතසික වූ සාතයෙක් චෛතසික වූ සුඛයෙක් චේතෝසම්ඵස්සජ සාත - සුඛ - වේදයිතයෙක් චේතෝසම්ඵස්සජ සාත - සුඛ - වේදනායෙක් වේ ද, මේ ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශසම්ප්‍රයුක්ත වූ වේදනා යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා වෙදනාපච්චයා තණ්හා වෙදනාසම්පයුත්තා: යො රාගො සාරාගො -පෙ- චිත්තස්ස සාරාගො, අයං වුච්චති වෙදනාපච්චයා තණ්හා වෙදනාසම්පයුත්තා.
Sinhala BJTඑහි වේදනාප්‍රත්‍යයෙන් වේදනාසම්ප්‍රයුක්ත වූ තෘෂ්ණාව කවර යත්: යම් රාගයෙක් බලවෙත් රාගයෙක් … චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ වේදනාප්‍රත්‍යයෙන් වේදනාසම්ප්‍රයුක්ත වූ තෘෂ්ණා යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං තණ්හාපච්චයා උපාදානං තණ්හාසම්පයුත්තං: යා දිට්ඨි දිට්ඨිගතං -පෙ- තිත්ථායතනං විපරියෙසගාහො, ඉදං වුච්චති තණ්හාපච්චයා උපාදානං තණ්හාසම්පයුත්තං -පෙ- තෙන වුච්චති “එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොතී”ති.
Sinhala BJTඑහි තෘෂ්ණාප්‍රත්‍යයෙන් තෘෂ්ණාසම්ප්‍රයුක්ත වූ උපාදානය කවරෙ යත්: යම් දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් … තීර්‍ත්‍ථායතනයෙක් විපරීතග්‍රාහයෙක් වේ ද, මේ තෘෂ්ණාප්‍රත්‍යයෙන් තෘෂ්ණාසම්ප්‍රයුක්ත වූ උපාදාන යි කියනු ලැබේ. …එයින් කියනු ලැබෙයි: “එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති” යි.
Pali BJT380. තස්මිං සමයෙ අවිජ්ජාපච්චයා සඞ්ඛාරො අවිජ්ජාසම්පයුත්තො, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං සඞ්ඛාරසම්පයුත්තං, විඤ්ඤාණපච්චයා නාමං විඤ්ඤාණසම්පයුත්තං, නාමපච්චයා ඵස්සො නාමසම්පයුත්තො, ඵස්සපච්චයා වෙදනා ඵස්සසම්පයුත්තො, වෙදනාපච්චයා තණ්හා වෙදනාසම්පයුත්තා, තණ්හාපච්චයා උපාදානං, තණ්හාසම්පයුත්තං, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං, එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJT380. එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාසම්ප්‍රයුක්ත වූ සංස්කාරය වෙයි, සංස්කාර ප්‍රත්‍යයෙන් සංස්කාරසම්ප්‍රයුක්ත වූ විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් විඥානසම්ප්‍රයුක්ත වූ නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් නාමසම්ප්‍රයුක්ත වූ ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශසම්ප්‍රයුක්ත වූ වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් වේදනාසම්ප්‍රයුක්ත වූ තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් තෘෂ්ණාසම්ප්‍රයුක්ත වූ උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.
Pali BJTතත්ථ කතමා අවිජ්ජා: යං අඤ්ඤාණං අදස්සනං -පෙ- අවිජ්ජාලඞ්ගි මොහො අකුසලමූලං, අයං වුච්චති අවිජ්ජා.
Sinhala BJTඑහි අවිද්‍යාව කවර යත්: යම් අඥානයෙක් අදර්‍ශනයෙක් … අවිද්‍යාපරිඝයෙක් මෝහසඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ අවිද්‍යා යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො අවිජ්ජාපච්චයා සඞ්ඛාරො අවිජ්ජාසම්පයුත්තො: යා චෙතනා සඤ්චෙතනා චෙතයිතත්තං, අයං වුච්චති අවිජ්ජාපච්චයා සඞ්ඛාරො අවිජ්ජාසම්පයුත්තො.
Sinhala BJTඑහි අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාසම්ප්‍රයුක්ත වූ සංස්කාරය කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාසම්ප්‍රයුක්ත වූ සංස්කාර යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමංසඞ්ඛාරපච්චයා විඤ්ඤාණං සඞ්ඛාරසම්පයුත්තං: යං චිත්තං මනො මානසං -පෙ- තජ්ජා මනොවිඤ්ඤාණධාතුං. ඉදං වුච්චති සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං සඞ්ඛාරසම්පයුත්තං.
Sinhala BJTඑහි සංස්කාරප්‍රත්‍යයෙන් සංස්කාරසම්ප්‍රයුක්ත වූ විඥානය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ සංස්කාර ප්‍රත්‍යයෙන් සංස්කාරසම්ප්‍රයුක්ත වූ විඥාන යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං විඤ්ඤාණපච්චයා නාමං විඤ්ඤාණසම්පයුත්තං: වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො, ඉදං වුච්චති විඤ්ඤාණපච්චයා නාමං විඤ්ඤාණසම්පයුත්තං.
Sinhala BJTඑහි විඥානප්‍රත්‍යයෙන් විඥානසම්ප්‍රයුක්ත වූ නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ යි. මේ විඥානප්‍රත්‍යයෙන් විඥානසම්ප්‍රයුක්ත වූ නාම යයි කියනු ලැබේ.
Pali BJTනාමපච්චයා ඵස්සො නාමසම්පයුත්තොති තත්ථ කතමං නාමං: ඨපෙත්වා ඵස්සං, වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො, ඉදං වුච්චති නාමං. තත්ථ කතමො නාමපච්චයා නාමසම්පයුත්තො: යො ඵස්සො ඵුසනා සම්ඵුසනා සම්ඵුසිතත්තං, අයං වුච්චති නාමපච්චයා ඵස්සො නාමසම්පයුත්තො -පෙ- තෙන වුච්චති ‘එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොතී’ති.
Sinhala BJTනාමප්‍රත්‍යයෙන් නාමසම්ප්‍රයුක්ත වූ ස්පර්‍ශය යනු: එහි නාමය කවරෙ යත්: ස්පර්‍ශය තබා වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය විඥානස්කන්‍ධ යි, මේ නාම යයි කියනු ලැබේ. එහි නාමප්‍රත්‍යයෙන් නාමසම්ප්‍රයුක්ත වූ ස්පර්‍ශය කවරෙ යත්: යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශ කරන අයුරෙක් මොනොවට ස්පර්‍ශ කරන අයුරෙක් ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ නාමප්‍රත්‍යයෙන් නාමසම්ප්‍රයුක්ත වූ ස්පර්‍ශ යයි කියනු ලැබේ. … එයින් කියනු ලැබෙයි: “එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති” යි.
Pali BJT381. තස්මිං සමයෙ අවිජ්ජාපච්චයා සඞ්ඛාරො අවිජ්ජාසම්පයුත්තො, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං සඞ්ඛාරසම්පයුත්තං, විඤ්ඤාණපච්චයා නාමරූපං විඤ්ඤාණසම්පයුත්තං නාමං, නාමරූපපච්චයා ඡට්ඨායතනං නාමසම්පයුත්තං, ඡට්ඨායතනපච්චයා ඵස්සො ඡට්ඨායතනසම්පයුත්තො, ඵස්සපච්චයා වෙදනා ඵස්සසම්පයුත්තා, වෙදනාපච්චයා තණ්හා වෙදනාසම්පයුත්තා, තණ්හාපච්චයා උපාදානං, තණ්හාසම්පයුත්තං, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං, එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJT381. එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාසම්ප්‍රයුක්ත වූ සංස්කාරය වෙයි, සංස්කාර ප්‍රත්‍යයෙන් සංස්කාරසම්ප්‍රයුක්ත වූ විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමරූප වෙයි, නාමය විඥානසම්ප්‍රයුක්ත ය, නාමරූපප්‍රත්‍යයෙන් නාමසම්ප්‍රයුක්ත වූ ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනසම්ප්‍රයුක්ත වූ ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශසම්ප්‍රයුක්ත වූ වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් වේදනාසම්ප්‍රයුක්ත වූ තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් තෘෂ්ණාසම්ප්‍රයුක්ත වූ උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.
Pali BJTතත්ථ කතමා අවිජ්ජා: යං අඤ්ඤාණං අදස්සනං -පෙ- අවිජ්ජාලඞ්ගි මොහො අකුසලමූලං, අයං වුච්චති අවිජ්ජා.
Sinhala BJTඑහි අවිද්‍යාව කවර යත්: යම් අඥානයෙක් අදර්‍ශනයෙක් … අවිද්‍යාපරිඝයෙක් මෝහසඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ අවිද්‍යා යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො අවිජ්ජාපච්චයා සඞ්ඛාරො අවිජ්ජාසම්පයුත්තො: යා චෙතනා සඤ්චෙතනා චෙතයිතත්තං, අයං වුච්චති අවිජ්ජාපච්චයා සඞ්ඛාරො අවිජ්ජාසම්පයුත්තො.
Sinhala BJTඑහි අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාසම්ප්‍රයුක්ත වූ සංස්කාරය කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාසම්ප්‍රයුක්ත වූ සංස්කාර යයි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං සඞ්ඛාරසම්පයුත්තං: යං චිත්තං මනො මානසං -පෙ- තජ්ජා මනොවිඤ්ඤාණධාතු, ඉදං වුච්චති සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං සඞ්ඛාරසම්පයුත්තං.
Sinhala BJTඑහි සංස්කාරප්‍රත්‍යයෙන් සංස්කාරසම්ප්‍රයුක්ත වූ විඥානය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ සංස්කාරප්‍රත්‍යයෙන් සංස්කාරසම්ප්‍රයුක්ත විඥාන යයි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං විඤ්ඤාණපච්චයා නාමරූපං, විඤ්ඤාණසම්පයුත්තං නාමං: අත්ථි නාමං අත්ථි රූපං. තත්ථ කතමං නාමං: වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො, ඉදං වුච්චති නාමං
Sinhala BJTඑහි විඥානප්‍රත්‍යයෙන් නාමරූපය, විඥානසම්ප්‍රයුක්ත වූ නාමය කවරෙ යත්: නාමයෙක් ඇත, රූපයෙක් ඇති. එහි නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ යි. මේ නාම යයි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං රූපං: චක්ඛායතනස්ස උපචයො -පෙ- කායායතනස්ස උපචයො, යං වා පනඤ්ඤම්පි අත්ථි රූපං චිත්තජං චිත්තහෙතුකං චිත්තසමුට්ඨානං, ඉදං වුච්චති රූපං. ඉති ඉදඤ්ච නාමං, ඉදඤ්ච රූපං, ඉදං වුච්චති විඤ්ඤාණපච්චයා නාමරූපං විඤ්ඤාණසම්පයුත්තං නාමං.
Sinhala BJTඑහි රූපය කවරෙ යත්: චක්‍ෂුරායතනයාගේ ඉපැද්ම ය … කායායතනයාගේ ඉපැද්ම ය, යළි අන්‍ය වූ ද චිත්තජ වූ චිත්තහේතුක වූ චිත්තසමුත්‍ථාන වූ යම් රූපයෙක් හෝ ඇද්ද, මේ රූප යයි කියනු ලැබේ. මෙසේ මේ නාමය ද, මේ රූපය ද මේ නාමරූප යි කියනු ලැබේ
Pali BJTනාමරූපපච්චයා ඡට්ඨායතනං නාමසම්පයුත්තන්ති: අත්ථි නාමං, අත්ථි රූපං. තත්ථ කතමං නාමං: වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො, ඉදං වුච්චති නාමං.
Sinhala BJT[need trans]: නාමයෙක් ඇත, රූපයෙක් ඇති. එහි නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ යි. මේ නාම යයි කියනු ලැබේ. {*}
Pali BJTතත්ථ කතමං රූපං: යං රූපං නිස්සාය මනොවිඤ්ඤාණධාතු වත්තති ඉදං වුච්චති රූපං. ඉති ඉදඤ්ච නාමං, ඉදඤ්ච රූපං, ඉදං වුච්චති නාමරූපං.
Sinhala BJTඑහි රූපය කවරෙ යත්: යම් රූපයෙක් නිසා මනෝවිඥානධාතුව පවතී ද, මේ රූප යි කියනු ලැබේ. මෙසේ මේ නාමය ද, මේ රූපය ද යන මේ නාමරූප යි කියනු ලැබේ.{*}
Pali BJTතත්ථ කතමං නාමරූපපච්චයා ඡට්ඨායතනං නාමසම්පයුත්තං: යං චිත්තං මනො මානසං -පෙ- තජ්ජා මනොවිඤ්ඤාණධාතු, ඉදං වුච්චති නාමරූපපච්චයා ඡට්ඨායතනං නාමසම්පයුත්තං.
Sinhala BJTඑහි නාමරූපප්‍රත්‍යයෙන් නාමසම්ප්‍රයුක්ත වූ ෂෂ්ඨායතනය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ නාමරූප ප්‍රත්‍යයෙන් නාමසම්ප්‍රයුක්ත වූ ෂෂ්ඨායතන යයි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො ඡට්ඨායතනපච්චයා ඵස්සො ඡට්ඨායතනනසම්පයුත්තො: යො ඵස්සො ඵුසනා සම්ඵුසනා සමඵුසිතත්තං, අයං වුච්චති ඡට්ඨායතනපච්චයා ඵස්සො ඡට්ඨායතනසම්පයුත්තො -පෙ- තෙන වුච්චති එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොතීති.
Sinhala BJTඑහි ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනසම්ප්‍රයුක්ත වූ ස්පර්‍ශය කවරෙ යත්: යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශ කරන අයුරෙක් මොනොවට ස්පර්‍ශ කරන අයුරෙක් ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනසම්ප්‍රයුක්ත වූ ස්පර්‍ශ යයි කියනු ලැබේ. … එයින් කියනු ලැබෙයි: “එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති” යී.
Pali BJT382. තස්මිං සමයෙ අවිජ්ජාපච්චයා සඞ්ඛාරො අවිජ්ජාසම්පයුත්තො, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං සඞ්ඛාරසම්පයුත්තං, විඤ්ඤාණපච්චයා නාමරූපං විඤ්ඤාණසම්පයුත්තං නාමං, නාමරූපපච්චයා සළායතනං නාමසම්පයුත්තං ඡට්ඨායතනං, ඡට්ඨායතනපච්චයා ඵස්සො ඡට්ඨායතනසම්පයුත්තො, ඵස්සපච්චයා වෙදනා ඵස්සසම්පයුත්තා, වෙදනාපච්චයා තණ්හා වෙදනාසම්පයුත්තා, තණ්හාපච්චයා උපාදානං තණ්හාසම්පයුත්තං, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං, එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJT382. එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාසම්ප්‍රයුක්ත වූ සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් සංස්කාරසම්ප්‍රයුක්ත වූ විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමරූපය වෙයි, නාමය විඥානසම්ප්‍රයුක්ත යි, නාමරූපප්‍රත්‍යයෙන් ෂඩායතනය වෙයි, ෂෂ්ඨායතනය නාමසම්ප්‍රයුක්ත යි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනසම්ප්‍රයුක්ත වූ ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශසම්ප්‍රයුක්ත වූ වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් වේදනා සම්ප්‍රයුක්ත වූ තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් තෘෂ්ණාසම්ප්‍රයුක්ත වූ උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.
Pali BJTතත්ථ කතමා අවිජ්ජා: යං අඤ්ඤාණං අදස්සනං -පෙ- අවිජ්ජාලඞ්ගි මොහො අකුසලමූලං, අයං වුච්චති අවිජ්ජා.
Sinhala BJTඑහි අවිද්‍යාව කවර යත්: යම් අඥානයෙක් අදර්‍ශනයෙක් … අවිද්‍යාපරිඝයෙක් මෝහසඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ අවිද්‍යා යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො අවිජ්ජාපච්චයා සඞ්ඛාරො අවිජ්ජාසම්පයුත්තො: යා චෙතනා සඤ්චෙතනා චෙතයිතත්තං, අයං වුච්චති අවිජ්ජාපච්චයා සඞ්ඛාරො අවිජ්ජාසම්පයුත්තො.
Sinhala BJTඑහි අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාසම්ප්‍රයුක්ත වූ සංස්කාරය කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යා සම්ප්‍රයුක්ත වූ සංස්කාර යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං සඞ්ඛාරසම්පයුත්තං: යං චිත්තං මනො මානසං -පෙ- තජ්ජා මනොවිඤ්ඤාණධාතු, ඉදං වුච්චති සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං සඞ්ඛාරසම්පයුත්තං.
Sinhala BJTඑහි සංස්කාරප්‍රත්‍යයෙන් සංස්කාරසම්ප්‍රයුක්ත වූ විඥානය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුවෙක් වේ ද, මේ සංස්කාර ප්‍රත්‍යයෙන් සංස්කාරසම්ප්‍රයුක්ත වූ විඥාන යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං විඤ්ඤාණපච්චයා නාමරූපං විඤ්ඤාණසම්පයුත්තං නාමං: අත්ථි නාමං, අත්ථි රූපං. තත්ථ කතමං නාමං: වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො, ඉදං වුච්චති නාමං
Sinhala BJTඑහි විඥානප්‍රත්‍යයෙන් නාමරූපය, විඥානසම්ප්‍රයුක්ත වූ නාමය කවරෙ යත්: නාමයෙක් ඇත. රූපයෙක් ඇති, එහි නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ යි, මේ නාම යයි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං රූපං: චක්ඛායතනස්ස උපචයො -පෙ- කායායතනස්ස උපචයො. යං වා පනඤ්ඤම්පි අත්ථි රූපං චිත්තජං චිත්තහෙතුකං චිත්තසමුට්ඨානං, ඉදං වුච්චති රූපං. ඉති ඉදඤ්ච නාමං, ඉදඤ්ච රූපං, ඉදං වුච්චති විඤ්ඤාණපච්චයා නාමරූපං විඤ්ඤාණසම්පයුත්තං නාමං.
Sinhala BJTඑහි රූපය කවරෙ යත්: චක්‍ෂුරායතනයාගේ ඉපැද්මෙක් … කායායතනයාගේ ඉපැද්මෙක් වේ ද, යළි අන්‍ය වූ ද චිත්තජ වූ චිත්තහේතුක වූ චිත්තසමුත්‍ථාන වූ යම් රූපයෙක් හෝ ඇද්ද, මේ රූප යයි කියනු ලැබේ. මෙසේ මේ නාමය ද, මේ රූපය ද යන මේ විඥානප්‍රත්‍යයෙන් නාමරූපය විඥානසම්ප්‍රයුක්ත වූ නාම යයි කියනු ලැබේ.
Pali BJTනාමරූපපච්චයා සළායතනං නාමසම්පයුත්තං ඡට්ඨායතනන්ති: අත්ථි නාමං, අත්ථි රූපං. තත්ථ කතමං නාමං: වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො, ඉදං වුච්චති නාමං.
Sinhala BJTනාමරූපප්‍රත්‍යයෙන් ෂඩායතනය නාමසම්ප්‍රයුක්ත වූ ෂෂ්ඨායතනය යනු: නාමයෙක් ඇත, රූපයෙක් ඇති. එහි නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ යි, මේ නාම යයි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං රූපං: චත්තාරො ච මහාභූතා, යඤ්ච රූපං නිස්සාය මනොවිඤ්ඤාණධාතු වත්තති, ඉදං වුච්චති රූපං. ඉති ඉදඤ්ච නාමං ඉදඤ්ච රූපං, ඉදං වුච්චති නාමරූපං.
Sinhala BJTඑහි රූපය කවරෙ යත්: සතර මහාභූතයෝ ද, යම් රූපයකුත් නිසා මනෝවිඥාන ධාතුව පවතී ද, මේ රූප යයි කියනු ලැබේ. මෙසේ මේ නාමය ද, මේ රූපය ද, යන මේ නාමරූප යයි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං නාමරූපපච්චයා සළායතනං නාමසම්පයුත්තං ඡට්ඨායතනං: චක්ඛායතනං -පෙ- මනායතනං, ඉදං වුච්චති නාමරූපපච්චයා සළායතනං නාමසම්පයුත්තං ඡට්ඨායතනං.
Sinhala BJTඑහි නාමරූපප්‍රත්‍යයෙන් ෂඩායතනය, නාමසම්ප්‍රයුක්ත වූ ෂෂ්ඨායතනය කවරෙ යත්: චක්‍ෂුරායතන ය … මනායතන යි, මේ නාමරූපප්‍රත්‍යයෙන් ෂඩායතනය නාමසම්ප්‍රයුක්ත වූ ෂෂ්ඨායතන යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො ඡට්ඨායතනපච්චයා ඵස්සො ඡට්ඨායතනනසම්පයුත්තො: යො ඵස්සො ඵුසනා සම්ඵුසනා සමඵුසිතත්තං, අයං වුච්චති ඡට්ඨායතනපච්චයා ඵස්සො ඡට්ඨායතනසම්පයුත්තො -පෙ- තෙන වුච්චති එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොතීති.
Sinhala BJTඑහි ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනසම්ප්‍රයුක්ත වූ ස්පර්‍ශය කවරෙ යත්: යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශ කරන අයුරෙක් මොනොවට ස්පර්‍ශ කරන අයුරෙක් මොනොවට ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනසම්ප්‍රයුක්ත වූ ස්පර්‍ශයයි කියනු ලැබේ. … එයින් කියනු ලැබෙයි: “එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති” යි.
Pali BJTසම්පයුත්තචතුක්කං.
Sinhala BJTසම්ප්‍රයුක්තචතුෂ්ක යි.
Pali BJT383. තස්මිං සමයෙ අවිජ්ජාපච්චයා සඞ්ඛාරො සඞ්ඛාරපච්චයා’පි අවිජ්ජා, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං විඤ්ඤාණපච්චයා’පි සඞ්ඛාරො, විඤ්ඤාණපච්චයා නාමං නාමපච්චයා’පි විඤ්ඤාණං, නාමපච්චයා ඡට්ඨායතනං ඡට්ඨායතනපච්චයා’පි නාමං, ඡට්ඨායතනපච්චයා ඵස්සො ඵස්සපච්චයා’පි ඡට්ඨායතනං, ඵස්සපච්චයා වෙදනා වෙදනාපච්චයා’පි ඵස්සො, වෙදනාපච්චයා තණ්හා තණ්හාපච්චයා’පි වෙදනා, තණ්හාපච්චයා උපාදානං උපාදානපච්චයා’පි තණ්හා, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJT383. එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් ද අවිද්‍යාව වෙයි. සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් ද සංස්කාරය වෙයි. විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ද විඥානය වෙයි. නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ද නාමය වෙයි. ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් ද ෂෂ්ඨායතනය වෙයි. ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ද ස්පර්‍ශය වෙයි. වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි, තෘෂ්ණා ප්‍රත්‍යයෙන් ද වේදනාව වෙයි. තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙන් ද තෘෂ්ණාව වෙයි. උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාති ප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.
Pali BJTතත්ථ කතමා අවිජ්ජා: යං අඤ්ඤාණං අදස්සනං -පෙ- අවිජ්ජාලඞ්ගි මොහො අකුසලමූලං, අයං වුච්චති අවිජ්ජා.
Sinhala BJTඑහි අවිද්‍යා කවර යත්: යම් නො දැන්මෙක් නො දැක්මෙක් … අවිද්‍යාපරිඝයෙක් මෝහසඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ අවිද්‍යා යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො අවිජ්ජාපච්චයා සඞ්ඛාරො: යා චෙතනා සඤ්චෙතනා චෙතයිතත්තං, අයං වුච්චති අවිජ්ජාපච්චයා සඞ්ඛාරො. තත්ථ කතමා සඞ්ඛාරපච්චයා’පි අවිජ්ජා: යං අඤ්ඤාණං අදස්සනං -පෙ- අවිජ්ජාලඞ්ගි මොහො අකුසලමූලං, අයං වුච්චති සඞ්ඛාරපච්චයා’පි අවිජ්ජා.
Sinhala BJTඑහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාර යයි කියනු ලැබේ. එහි සංස්කාර ප්‍රත්‍යයෙන් ද අවිද්‍යාව කවර යත්: යම් අඥානයෙක් අදර්‍ශනයෙක් … අවිද්‍යාපරිඝයෙක් මෝහසඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ සංස්කාරප්‍රත්‍යයෙන් ද අවිද්‍යා යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං: යං චිත්තං මනො මානසං -පෙ- තජ්ජා මනොවිඤ්ඤාණධාතු, ඉදං වුච්චති සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං. තත්ථ කතමො විඤ්ඤාණපච්චයා’පි සඞ්ඛාරො: යා චෙතනා සඤ්චෙතනා චෙතයිතත්තං, අයං වුච්චති විඤ්ඤාණපච්චයා’පි සඞ්ඛාරො.
Sinhala BJTඑහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ සංස්කාරප්‍රත්‍යයෙන් විඥාන යයි කියනු ලැබේ. එහි විඥානප්‍රත්‍යයෙන් ද සංස්කාරය කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ විඥානප්‍රත්‍යයෙන් ද සංස්කාර යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං විඤ්ඤාණපච්චයා නාමං: වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො, ඉදං වුච්චති විඤ්ඤාණපච්චයා නාමං. තත්ථ කතමං නාමපච්චයා’පි විඤ්ඤාණං: යං චිත්තං මනො මානසං -පෙ- තජ්ජා මනොවිඤ්ඤාණධාතු, ඉදං වුච්චති නාමපච්චයා’පි විඤ්ඤාණං.
Sinhala BJTඑහි විඥානප්‍රත්‍යයෙන් නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ යි, මේ විඥානප්‍රත්‍යයෙන් නාම යයි කියනු ලැබේ, එහි නාම ප්‍රත්‍යයන් ද විඥානය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ නාමප්‍රත්‍යයෙන් ද විඥාන යයි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං නාමපච්චයා ඡට්ඨායතනං: යං චිත්තං මනො මානසං -පෙ- තජ්ජා මනොවිඤ්ඤාණධාතු, ඉදං වුච්චති නාමපච්චයා ඡට්ඨායතනං. තත්ථ කතමං ඡට්ඨායතනපච්චයා’පි නාමං: වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො, ඉදං වුච්චති ඡට්ඨායතනපච්චයා’පි නාමං.
Sinhala BJTඑහි නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතන යයි කියනු ලැබේ, එහි ෂෂ්ඨායතනප්‍රත්‍යයෙනු දු නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ යි, මේ ෂෂ්ඨායතනප්‍රත්‍යයෙනුදු නාම යයි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං ඡට්ඨායතනපච්චයා ඵස්සො: යො ඵස්සො ඵුසනා සම්ඵුසනා සම්ඵුසිතත්තං, අයං වුච්චති ඡට්ඨායතනපච්චයා ඵස්සො. තත්ථ කතමං ඵස්සපච්චයා’පි ඡට්ඨායතනං: යං චිත්තං මනො මානසං -පෙ- තජ්ජා මනොවිඤ්ඤාණධාතු, ඉදං වුච්චති ඵස්සපච්චයා’පි ඡට්ඨායතනං.
Sinhala BJTඑහි ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය කවරෙ යත්: යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශාකාරයෙක් සංස්පර්‍ශාකාරයෙක් ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශයයි කියනු ලැබේ. එහි ස්පර්‍ශප්‍රත්‍යයෙනු දු ෂෂ්ඨායතනය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ස්පර්‍ශප්‍රත්‍යයෙනුදු ෂෂ්ඨායතන යයි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා ඵස්සපච්චයා වෙදනා: යං චෙතසිකං සාතං චෙතසිකං සුඛං චෙතොසම්ඵස්සජං සාතං සුඛං වෙදයිතං චෙතොසම්ඵස්සජා සාතා සුඛා වෙදනා, අයං වුච්චති ඵස්සපච්චයා වෙදනා. තත්ථ කතමො වෙදනාපච්චයා’පි ඵස්සො: යො ඵස්සො ඵුසනා සම්ඵුසනා සම්ඵුසිතත්තං, අයං වුච්චති වෙදනාපච්චයා’පි ඵස්සො.
Sinhala BJTඑහි ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව කවර යත්: යම් චෛතසික වූ සාතයෙක් චෛතසික වූ සුඛයෙක් චේතෝසම්ඵස්සජ සාත - සුඛ - වේදයිතයෙක් චේතෝසම්ඵසස්ජ සාත - සුඛ - වේදනායෙක් වේ ද, මේ ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා යයි කියනු ලැබේ. එහි වේදනාප්‍රත්‍යයෙනු දු ස්පර්‍ශය කවරෙ යත්: යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශාකාරයෙක් සංස්පර්‍ශාකාරයෙක් ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ වේදනා ප්‍රත්‍යයෙනු දු ස්පර්‍ශ යයි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා වෙදනාපච්චයා තණ්හා: යො රාගො සාරාගො -පෙ- චිත්තස්ස සාරාගො, අයං වුච්චති වෙදනාපච්චයා තණ්හා. තත්ථ කතමා තණ්හාපච්චයා’පි වෙදනා: යං චෙතසිකං සාතං චෙතසිකං සුඛං චෙතොසම්ඵස්සජං සාතං සුඛං වෙදයිතං චෙතොසම්ඵස්සජා සාතා සුඛා වෙදනා, අයං වුච්චති තණ්හාපච්චයා’පි වෙදනා.
Sinhala BJTඑහි වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව කවර යත්: යම් රාගයෙක් බලවත් රාගයෙක් … චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණා යි කියනු ලැබේ. එහි තෘෂ්ණාප්‍රත්‍යයෙනුදු වේදනාව කවර යත්: යම් චෛතසික වූ සාතයෙක් චෛතසික වූ සුඛයෙක් චේතෝසම්ඵස්සජ සාත - සුඛ - වේදයිතයෙක් චේතෝසම්ඵස්සජ සාත - සුඛ - වේදනායෙක් වේ ද, මේ තෘෂ්ණාප්‍රත්‍යයෙන් ද වේදනා යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං තණ්හාපච්චයා උපාදානං: යා දිට්ඨි දිට්ඨිගතං -පෙ- තිත්ථායතනං විපරියෙසගාහො, ඉදං වුච්චති තණ්හාපච්චයා උපාදානං. තත්ථ කතමා උපාදානපච්චයා’පි තණ්හා, යො රාගො -පෙ- චිත්තස්ස සාරාගො, අයං වුච්චති උපාදානපච්චයා’පි තණ්හා.
Sinhala BJTඑහි තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය කවරෙ යත්: යම් දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් … තීර්‍ත්‍ථායතනයෙක් විපරීතග්‍රාහයෙක් වේ ද, මේ තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදාන යයි කියනු ලැබේ. එහිඋපාදානප්‍රත්‍යයනුදු තෘෂ්ණාව කවර යත්: යම් රාගයෙක් … චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ උපාදානප්‍රත්‍යයෙනුදු තෘෂ්ණා යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො උපාදානපච්චයා භවො: ඨපෙත්ථා උපාදානං, වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො, අයං වුච්චති උපාදානපච්චයා භවො.
Sinhala BJTඑහි උපාදානප්‍රත්‍යයෙන් භවය කවරෙ යත්: උපාදානය තබා වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය විඥානස්කන්‍ධ යි, මේ උපාදානප්‍රත්‍යයෙන් භවය යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා භවපච්චයා ජාති: යා තෙසං තෙසං ධම්මානං ජාති සඤ්ජාති නිබ්බත්ති අභිනිබ්බත්ති පාතුභාවො, අයං වුච්චති භවපච්චයා ජාති.
Sinhala BJTඑහි භවප්‍රත්‍යයෙන් ජාතිය කවර යත්: ඒ ඒ ධර්‍මයන්ගේ යම් ජාතියෙක් සංජාතියෙක් නිර්‍වෘතියෙක් අභිනිර්‍වෘතියෙක් ප්‍රාදුර්‍භාවයෙක් වේ ද, මේ භවප්‍රත්‍යයෙන් ජාති යයි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං ජාතිපච්චයා ජරාමරණං: අත්ථි ජරා අත්ථි මරණං. තත්ථ කතමා ජරා: යා තෙසං තෙසං ධම්මානං ජරා ජීරණතා ආයුනො සංහානි, අයං වුච්චති ජරා. තත්ථ කතමං මරණං: යො තෙසං තෙසං ධම්මානං ඛයො වායො භෙදො පරිභෙදො අනිච්චතා අන්තරධානං, ඉදං වුච්චති මරණං. ඉති අයඤ්ච ජරා ඉදඤ්ච මරණං, ඉදං වුච්චති ජාතිපච්චයා ජරාමරණං.
Sinhala BJTඑහි ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ කවරෙ යත්: ජරායෙක් ඇත, මරණයෙක් ඇති. එහි ජරා කවර යත්: ඒ ඒ ධර්‍මයන්ගේ යම් ජරාවක් දිරන බවෙක් ආයුෂයාගේ පිරිහීමෙක් වේ ද, මේ ජරා යි කියනු ලැබේ. එහි මරණ කවරෙ යත්: ඒ ඒ ධර්‍මයන්ගේ යම් ක්‍ෂය වීමෙක් ව්‍යය වීමෙක් භෙදයෙක් පරිභේදයෙක් අනිත්‍යතායෙක් අන්තර්‍ධානයෙක් වේ ද, මේ මරණ යි කියනු ලැබේ. මෙසේ මේ ජරාව ද, මේ මරණය ද යන මේ ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ යි කියනු ලැබේ.
Pali BJTඑවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොතීති එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සඞ්ගති හොති, සමාගමො හොති, සමොධානං හොති, පාතුභාවො හොති, තෙන වුච්චති “එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොතී”ති.
Sinhala BJT“එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති” යනු: මෙසේ මේ සියලු දුඃඛසමූහයාගේ එක්වීම වෙයි, සමාගමය වෙයි, සමවධානය වෙයි, ප්‍රාදුර්‍භාවය වේ. එයින් කියනු ලැබෙයි: “එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති” යී.
Pali BJT384. තස්මිං සමයෙ අවිජ්ජාපච්චයා සඞ්ඛාරො සඞ්ඛාරපච්චයා’පි අවිජ්ජා, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං විඤ්ඤාණපච්චයා’පි සඞ්ඛාරො, විඤ්ඤාණපච්චයා නාමං නාමපච්චයා’පි විඤ්ඤාණං, නාමපච්චයා ඵස්සො ඵස්සපච්චයා’පි නාමං, ඵස්සපච්චයා වෙදනා වෙදනාපච්චයා’පි ඵස්සො, වෙදනාපච්චයා තණ්හා තණ්හාපච්චයා’පි වෙදනා. තණ්හාපච්චයා උපාදානං උපාදානපච්චයා’පි තණ්හා, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං, එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJT384. එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් ද අවිද්‍යාව වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් ද සංස්කාරය වෙයි, විඥාන ප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ද විඥානය වෙයි, නාමප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් ද නාමය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනා ප්‍රත්‍යයෙන් ද ස්පර්‍ශය වෙයි, වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් ද වේදනාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙන් ද තෘෂ්ණාව වෙයි, උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.
Pali BJTතත්ථ කතමා අවිජ්ජා: යං අඤ්ඤාණං අදස්සනං -පෙ- අවිජ්ජාලඞ්ගි මොහො අකුසලමූලං, අයං වුච්චති අවිජ්ජා.
Sinhala BJTඑහි අවිද්‍යා කවර යත්: යම් නො දැන්මෙක් නො දැක්මෙක් … අවිද්‍යාපරිඝයෙක් මෝහ සඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ අවිද්‍යා යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො අවිජ්ජාපච්චයා සඞ්ඛාරො: යා චෙතනා සඤ්චෙතනා චෙතයිතත්තං, අයං වුච්චති අවිජ්ජාපච්චයා සඞ්ඛාරො: තත්ථ කතමා සඞ්ඛාරපච්චයා’පි අවිජ්ජා: යං අඤ්ඤාණං අදස්සනං -පෙ- අවිජ්ජාලඞ්ගි මොහො අකුසලමූලං, අයං වුච්චති සඞ්ඛාරපච්චයා’පි අවිජ්ජා.
Sinhala BJTඑහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාර යි කියනු ලැබේ. එහි සංස්කාර ප්‍රත්‍යයෙන් ද අවිද්‍යාව කවර යත්: යම් නො දැන්මෙක් නො දැක්මෙක් … අවිද්‍යාපරිඝයෙක් මෝහසඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ සංස්කාරප්‍රත්‍යයෙන් ද අවිද්‍යා යි කියනු ලැබේ.