Vibhaṅga

Analysis

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1701-1800 න් 4235

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඑකාදසින්ද්රියා අනිය්යානිකා. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං නිය්යානිකං දසින්ද්රියා සියා නිය්යානිකා, සියා අනිය්යානිකා.
Sinhala BJTඑකොළොස් ඉන්‍ද්‍රිය කෙනෙක් අනෛර්‍ය්‍යාණිකයෝ වෙති. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නෛර්‍ය්‍යාණික ය. ඉන්‍ද්‍රියයෝ දසදෙනෙක් නෛර්‍ය්‍යාණික ද වන්නාහ, අනෛර්‍ය්‍යාණික ද වන්නාහු යි.
Pali BJTදසින්ද්රියා අනියතා. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං නියතං. එකාදසින්ද්රියා සියා නියතා, සියා අනියතා.
Sinhala BJTඉන්‍ද්‍රියයෝ දසදෙනෙක් අනියතයහ. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නියතය. එකොළොස් ඉන්‍ද්‍රිය කෙනෙක් නියත ද වන්නාහ, අනියත ද වන්නාහු යි.
Pali BJTදසින්ද්රියා සඋත්තරා. තීණින්ද්රියා අනුත්තරා. නවින්ද්රියා සියා සඋත්තරා, සියා අනුත්තරා.
Sinhala BJTඉන්‍ද්‍රියයෝ දසදෙනෙක් සඋත්තරයහ. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් අනුත්තරයහ. ඉන්‍ද්‍රියයෝ නවදෙනෙක් සඋත්තර ද වන්නාහ, අනුත්තරද වන්නාහු යි.
Pali BJTපණ්ණරසින්ද්රියා අරණා. දොමනස්සින්ද්රියං සරණං. ඡ ඉන්ද්රියා සියා සරණා, සියා අරණාති.
Sinhala BJTපසළොස් ඉන්‍ද්‍රිය කෙනෙක් අරණයහ. දෝමනස්සින්‍ද්‍රිය සරණය. ඉන්‍ද්‍රියයෝ සදෙනෙක් සරණ ද වන්නාහ, අරණද වන්නාහු යයි.
Pali BJTපඤ්හපුච්ඡකං.
Sinhala BJTපඤ්හපුච්ඡක යි.
Pali BJTඉන්ද්රිය විභඞ්ගො නිට්ඨිතො.
Sinhala BJTඉන්‍ද්‍රියවිභඞ්ග නිමි.
Pali BJT6. පටිච්චසමුප්පාද විභඞ්ගො
Sinhala BJT6. ප්‍රතීත්‍යසමුත්පාද විභඞ්ගය
Pali BJT347. අවිජ්ජාපච්චයා සඞ්ඛාරා, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමරූපං, නාමරූපපච්චයා සළායතනං, සළායතනපච්චයා ඵස්සො, ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා උපාදානං, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා සම්භවන්ති, එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJT347. අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙති, සංස්කාරප්‍රත්‍යයෙන් (විපාක) විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමරූපය වෙයි, නාමරූපප්‍රත්‍යයෙන් ෂඩායතනය වෙයි, ෂඩායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙන් (උපප්‍රාප්ති) භවය වෙයි, (කර්‍ම) භවප්‍රත්‍යයෙන් ජාතිය වෙති, ජාතිප්‍රත්‍යයෙන් ජරා-මරණ ද සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසයෝ ද වෙත්. මෙසේ තෙල සියලු දුඃඛස්කන්‍ධයාගේ ඉපදීම වේ.
Pali BJT348. තත්ථ කතමා අවිජ්ජා: දුක්ඛෙ අඤ්ඤාණං, දුක්ඛසමුදයෙ අඤ්ඤාණං, දුක්ඛනිරොධෙ අඤ්ඤාණං, දුක්ඛනිරොධගාමිනියා පටිපදාය අඤ්ඤාණං, අයං වුච්චති අවිජ්ජා.
Sinhala BJT348. එහි අවිද්‍යා කවර යත්: දුඃඛසත්‍යයෙහි නො දැනීම ය, දුඃඛසමුදයසත්‍යයෙහි නො දැනීම ය, දුඃඛනිරෝධසත්‍යයෙහි නො දැනීම ය, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාසත්‍යයෙහි නො දැනීම යි. මේ අවිද්‍යා යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමෙ අවිජ්ජාපච්චයා සඞ්ඛාරා: පුඤ්ඤාභිසඞ්ඛාරො අපුඤ්ඤාභිසඞ්ඛාරො ආනෙඤ්ජාභිසඞ්ඛාරො කායසඞ්ඛාරො වචීසඞ්ඛාරො චිත්තසඞ්ඛාරො.
Sinhala BJTඑහි අවිද්‍යාප්‍රත්‍යයෙන් (උපාදාන) සංස්කාරයෝ කවරහ යත්: පුණ්‍යාභිසංස්කාර ය, අපුණ්‍යාභිසංස්කාර ය, ආනඤ්ජාභිසංසස්කාර ය, කායසංස්කාර ය, වාක්සංස්කාරය, චිත්තසංස්කාර යි.
Pali BJTතත්ථ කතමො පුඤ්ඤාභිසඞ්ඛාරො: කුසලාචෙතනා කාමාවචරා රූපාවචරා දානමයා සීලමයා භාවනාමයා, අයං වුච්චති පුඤ්ඤාභිසඞ්ඛාරො.
Sinhala BJTඑහි පුණ්‍යාභිසංස්කාර කවරෙ යත්: දානමය වූ ද ශීලමය වූ ද භාවනාමය වූ ද කාමාවචර වූ රූපාවචර වූ කුශලචේතනා යි. මේ පුණ්‍යාභිසංස්කාර යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො අපුඤ්ඤාභිසඞ්ඛාරො: අකුසලා චෙතනා කාමාවචරා, අයං වුච්චති අපුඤ්ඤාභිසඞ්ඛාරො.
Sinhala BJTඑහි අපුණ්‍යාභිසංස්කාර කවරෙ යත්: කාමාවචර අකුශලචේතනා යි. මේ අපුණ්‍යාභිසංස්කාර යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො ආනෙඤ්ජාභිසඞ්ඛාරො: කුසලා චෙතනා අරූපාවචරා, අයං වුච්චති ආනෙඤ්ජාභිසඞ්ඛාරො.
Sinhala BJTඑහි ආනඤ්ජාභිසංස්කාර කවරෙ යත්: අරූපාවචර කුශලචේතනා යි. මේ ආනඤ්ජාභිසංස්කාර යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො කායසඞ්ඛාරො: කායසඤ්චෙතනා කායසඞ්ඛාරො, වචීසඤ්චෙතනා වචීසඞ්ඛාරො, මනොසඤ්චෙතනා චිත්තසඞ්ඛාරො. ඉමෙ වුච්චන්ති අවිජ්ජාපච්චයා සඞ්ඛාරා.
Sinhala BJTඑහි කායසංස්කාර කවරෙ යත්: කායසඤ්චේතනාව කායසංස්කාර ය, වාක්සඤ්චේතනාව වාක්සංස්කාර ය, මනස්සඤ්චේතනාව චිත්තසංස්කාර යි. මොහු අවිද්‍යාප්‍රත්‍යයෙන් උපදනා සංස්කාරහ යි කියනු ලැබෙත්.
Pali BJT349. තත්ථ කතමං සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං: චක්ඛුවිඤ්ඤාණං සොතවිඤ්ඤාණං ඝානවිඤ්ඤාණං ජිව්හාවිඤ්ඤාණං කායවිඤ්ඤාණං මනොවිඤ්ඤාණං, ඉදං වුච්චති සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං.
Sinhala BJT349. එහි සංස්කාරප්‍රත්‍යයෙන් උපදනා විඥානය කවරෙ යත්: චක්‍ෂුර්විඥාන ය, ශ්‍රෝත්‍රවිඥාන ය, ඝ්‍රාණවිඥාන ය, ජිහ්වාවිඥාන ය, කායවිඥාන ය, මනෝවිඥාන යි. මේ සංස්කාරප්‍රත්‍යයෙන් උපදනා ‘විඥාන’ යි කියනු ලැබේ.
Pali BJT350. තත්ථ කතමං විඤ්ඤාණපච්චයා නාමරූපං: අත්ථි නාමං, අත්ථි රූපං.
Sinhala BJT350. එහි විඥානප්‍රත්‍යයෙන් උපදනා නාමරූප කවරෙ යත්: නාමයෙක් ඇත, රූපයෙක් ඇති.
Pali BJTතත්ථ කතමං නාමං: වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො, ඉදං වුච්චති නාමං.
Sinhala BJTඑහි නාම කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය, සංඥාස්කන්‍ධ ය, සංස්කාරස්කන්‍ධ යි. මේ ‘නාම’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං රූපං: චත්තාරො ච මහාභූතා චතුන්නං ච මහාභූතානං උපාදාය රූපං, ඉදං වුච්චති රූපං. ඉති ඉදං ච නාමං ඉදං ච රූපං, ඉදං වුච්චති විඤ්ඤාණපච්චයා නාමරූපං.
Sinhala BJTඑහි රූප කවරෙ යත්: සතර මහාභූතයෝ ද සතර මහාභූතයන් නිසා උපන් රූපය දැ යි මේ ‘රූප’ යි කියනු ලැබේ. මෙසේ මේ නාමය ද මේ රූපය දැ යි මේ විඥානප්‍රත්‍යයෙන් උපදනා ‘නාමරූප’ යි කියනු ලැබේ.
Pali BJT351. තත්ථ කතමං නාමරූපපච්චයා සළායතනං: චක්ඛායතනං සොතායතනං ඝානායතනං ජිව්හායතනං කායායතනං මනායතනං, ඉදං වුච්චති නාමරූපපච්චයා සළායතනං.
Sinhala BJT351. එහි නාමරූපප්‍රත්‍යයෙන් උපදනා ෂඩායතන කවරෙ යත්: චක්ඛායතන ය, සෝතායතන ය, ඝානායතන ය, ජිව්හායතන ය, කායාතන ය, මනායතන යි. මේ නාමරූපප්‍රත්‍යයෙන් උපදනා ෂඩායතන යි කියනු ලැබේ.
Pali BJT352. තත්ථ කතමො සළායතනපච්චයා ඵස්සො: චක්ඛුසම්ඵස්සො සොතසම්ඵස්සො ඝානසම්ඵස්සො ජිව්හාසම්ඵස්සො කායසම්ඵස්සො මනොසම්ඵස්සො, අයං වුච්චති සළායතනපච්චයා ඵස්සො.
Sinhala BJT352. එහි ෂඩායතනප්‍රත්‍යයෙන් උපදනා ස්පර්‍ශය කවරෙ යත්: චක්ඛුසම්ඵස්ස ය, සෝතසම්ඵස්ස ය, ඝානසම්ඵස්ස ය, ජිව්හාසම්ඵස්ස , කායසම්ඵස්ස ය, මනෝසම්ඵස්ස යි. මේ ෂඩායතනප්‍රත්‍යයෙන් උපදනා ස්පර්‍ශ යි කියනු ලැබේ.
Pali BJT353. තත්ථ කතමා ඵස්සපච්චයා වෙදනා: චක්ඛුසම්ඵස්සජා වෙදනා සොතසම්ඵස්සජා වෙදනා ඝානසම්ඵස්සජා වෙදනා ජිව්හාසම්ඵස්සජා වෙදනා කායසම්ඵස්සජා වෙදනා මනොසම්ඵස්සජා වෙදනා, අයං වුච්චති ඵස්සපච්චයා වෙදනා.
Sinhala BJT353. එහි ස්පර්‍ශප්‍රත්‍යයෙන් උපදනා වේදනා කවර යත්: චක්ඛුසම්ඵස්සයෙන් උපන් වේදනා ය සෝතසම්ඵස්සයෙන් උපන් වේදනා ය, ඝානසම්ඵස්සයෙන් උපන් වේදනා ය, ජිව්හාසම්ඵස්සයෙන් උපන් වේදනා ය, කායසම්ඵස්සයෙන් උපන් වේදනා ය, මනෝසම්ඵස්සයෙන් උපන් වේදනා යි. මේ ස්පර්‍ශප්‍රත්‍යයෙන් උපදනා වේදනා යි කියනු ලැබේ.
Pali BJT354. තත්ථ කතමා වෙදනාපච්චයා තණ්හා: රූපතණ්හා සද්දතණ්හා ගන්ධතණ්හා රසතණ්හා ඵොට්ඨබ්බතණ්හා ධම්මතණ්හා, අයං වුච්චති වෙදනාපච්චයා තණ්හා.
Sinhala BJT354. එහි වේදනාප්‍රත්‍යයෙන් උපදනා තෘෂ්ණා කවර යත්: රූපතෘෂ්ණා ය, ශබ්දතෘෂ්ණා ය, ගන්‍ධතෘෂ්ණා ය, රසතෘෂ්ණාය, ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණා ය, ධර්‍මතෘෂ්ණා යි. මේ වේදනාප්‍රත්‍යයෙන් උපදනා තෘෂ්ණා යි කියනු ලැබේ.
Pali BJT355. තත්ථ කතමං තණ්හාපච්චයා උපාදානං: කාමූපාදානං දිට්ඨූපාදානං සීලබ්බතූපාදානං අත්තවාදූපාදානං, ඉදං වුච්චති තණ්හාපච්චයා උපාදානං.
Sinhala BJT355. එහි තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපදනා උපාදාන කවරෙ යත්: කාමොපාදාන ය, දෘෂ්ට්‍යුපාදාන ය, ශීලව්‍රතොපාදාන ය, ආත්මවාදෝපාදාන යි. මේ තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපදනා උපාදාන යි කියනු ලැබේ.
Pali BJT356. තත්ථ කතමො උපාදානපච්චයා භවො: භවො දුවිධෙන. අත්ථි කම්මභවො අත්ථි උප්පත්තිභවො.
Sinhala BJT356. එහි උපාදානප්‍රත්‍යයෙන් උපදනා භවය කවරෙ යත්: භවය ද්විප්‍රකාරයෙන් වෙයි: කර්‍මභවයෙක් ඇත, උපප්‍රාප්තිභවයෙක් ඇති.
Pali BJTතත්ථ කතමො කම්මභවො: පුඤ්ඤාභිසඞ්ඛාරො අපුඤ්ඤාභිසඞ්ඛාරො ආනෙඤ්ජාභිසඞ්ඛාරො, අයං වුච්චති කම්මභවො. සබ්බම්පි භවගාමීකම්මං කම්මභාවො.
Sinhala BJTඑහි කර්‍මභව කවරෙ යත්: පුණ්‍යාභිසංස්කාර ය, අපුණ්‍යාභිසංස්කාර ය, ආනඤ්ඣාභිසංස්කාර යි. මේ කර්‍මභව යි කියනු ලැබේ. හැම භවගාමීකර්‍මය කර්‍මභව වේ.
Pali BJTතත්ථ කතමො උපපත්තිභවො: කාමභවො රූපභවො අරූපභවො සඤ්ඤාභවො අසඤ්ඤාභවො නෙවසඤ්ඤානාසඤ්ඤාභවො එකවොකාරභවො චතුවොකාරභවො පඤ්චවොකාරභවො, අයං වුච්චති උප්පත්තිභවො. අයං වුච්චති උපාදානපච්චයා භවො.
Sinhala BJTඑහි උපප්‍රාප්තිභව කවරෙ යත්: කාමභව ය, රූපභව ය, අරූපභව ය, සංඥාභව ය, අසංඥාභව ය, නෛවසංඥානාසංඥා භව ය, ඒකවෝකාරභව ය, චතුවෝකාරභව ය, පඤ්චවෝකාරභව යි, මේ උපප්‍රාප්තිභව යි කියනු ලැබේ. මේ උපාදානප්‍රත්‍යයෙන් උපදනා භව යි කියනු ලැබේ.
Pali BJT357. තත්ථ කතමා භවපච්චයා ජාති: යා තෙසං තෙසං සත්තානං තම්හි තම්හි සත්තනිකායෙ ජාති සඤ්ජාති ඔක්කන්ති අභිනිබ්බත්ති ඛන්ධානං පාතුභාවො ආයතනානං පටිලාභො. අයං වුච්චති භවපච්චයා ජාති.
Sinhala BJT357. එහි භවප්‍රත්‍යයෙන් උපදනා ජාති කවරෙ යත්: ඒ ඒ සත්ත්‍වයන්ගේ ඒ ඒ සත්ත්‍වනිකායෙයෙහි යම් ඉපැද්මෙක් (පරිපූර්‍ණායතණ විසින්) මොනොවට ඉපැද්මෙක් අවක්‍රාන්තියෙක් වෙසෙසින් ඉපැද්මෙක් ස්කන්‍ධයන්ගේ පහළ වීමෙක් ආයතනයන්ගේ ප්‍රතිලාභයෙක් වේ ද, මේ භවප්‍රත්‍යයෙන් ජාති යි කියනු ලැබේ.
Pali BJT358. තත්ථ කතමං ජාතිපච්චයා ජරාමරණං: අත්ථි ජරා, අත්ථි මරණං.
Sinhala BJT358. එහි ජාතිප්‍රත්‍යයෙන් උපදනා ජරාමරණ කවරෙ යත්: ජරායෙක් ඇත, මරණයෙක් ඇති.
Pali BJTතත්ථ කතමා ජරා: යා තෙසං තෙසං සත්තානං තම්හි තම්හි සත්තනිකායෙ ජරා ජීරණතා ඛණ්ඩිච්චං පාලිච්චං වලිත්තචතා ආයුනො සංහානි ඉන්ද්රියානං පරිපාකො. අයං වුච්චති ජරා.
Sinhala BJTඑහි ජරා කවර යත්: ඒ ඒ සත්ත්‍වනිකායෙහි ඒ ඒ සත්ත්‍වයන්ගේ යම් දිරීමෙක් දිරනඅයුරෙක් ඛණ්ඩිත බවෙක් පැසුණු බවෙක් රැලිනැඟුණු සම ඇති බවෙක් ආයුෂයාගේ පිරිහීමෙක් ඉඳුරන් මිහි කිරීමෙක් වේ ද, මේ ජරා යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා මරණං: යා තෙසං තෙසං සත්තානං තම්හා තම්හා සත්තනිකායා චුති චවනතා භෙදො අන්තරධානං මච්චු මරණං කාලකිරියා ඛන්ධානං භෙදො කලෙබරස්ස නික්ඛෙපො ජීවිතින්ද්රියස්ස උපච්ඡෙදො. ඉදං වුච්චති මරණං. ඉති අයං ච ජරා ඉදං ච මරණං, ඉදං වුච්චති ජාතිපච්චයා ජරාමරණං.
Sinhala BJTඑහි මරණ කවරෙ යත්: ඒ ඒ සත්ත්‍වයන්ගේ ඒ ඒ සත්ත්‍වනිකායයෙන් යම් ච්‍යුතියෙක් ච්‍යුත වන බවෙක් බිඳීමෙක් අතුරුදහන් වීමෙක් මෘත්‍යුසඞ්ඛ්‍යාත මරණයෙක් කලුරිය කිරීමෙක් ස්කන්‍ධයන්ගේ බිඳීමෙක් කලෙවරයාගේ බහා තැබීමෙක් ජීවිතේන්‍ද්‍රියයාගේ සිඳීමෙක් වේ ද, මේ මරණ යි කියනු ලැබේ. මෙසේ මේ ජරාව ද මේ මරණය දැ යි මේ ජාතිප්‍රත්‍යයෙන් උපදනා ජරාමරණ යි කියනු ලැබේ.
Pali BJT359. තත්ථ කතමො සොකො: ඤාතිව්යසනෙන වා ඵුට්ඨස්ස, භොගව්යසනෙන වා ඵුට්ඨස්ස, රොගව්යසනෙන වා ඵුට්ඨස්ස, සීලව්යසනෙන වා ඵුට්ඨස්ස, දිට්ඨිව්යසනෙන වා ඵුට්ඨස්ස, අඤ්ඤතරඤ්ඤතරෙන ව්යසනෙන සමන්නාගතස්ස, අඤ්ඤතරඤ්ඤතරෙන දුක්ඛධම්මෙන ඵුට්ඨස්ස සොකො සොචනා සොචිතත්තං අන්තොසොකො අන්තොපරිසොකො චෙතසො පරිජ්ඣායනා දොමනස්සං සොකසල්ලං, අයං වුච්චති සොකො.
Sinhala BJT359. එහි ශෝක කවරෙ යත්: ඥාතිව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි භෝගව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි රෝගව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි ශීලව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි දෘෂ්ටිව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි අන්‍යතරාන්‍යතරව්‍යසනයෙකින් සමන්‍විත වූවහුගේ අන්‍යතරාන්‍යතර දුඃඛහේතුවකින් පහස්නා ලද්දහුගේ ශෝකයෙක් ශෝකාකාරයෙක් ශෝක කළ බවෙක් ඇතුළත ශෝකයෙක් ඇතුළත පරිශෝකයෙක් සිත දවන අයුරෙක් දොම්නසෙක් ශෝකශල්‍යයෙක් වේ ද, මේ ‘ශෝක’ යි කියනු ලැබේ.
Pali BJT360. තත්ථ කතමො පරිදෙවො: ඤාතිව්යසනෙන වා ඵුට්ඨස්ස, භොගව්යසනෙන වා ඵුට්ඨස්ස, රොගව්යසනෙන වා ඵුට්ඨස්ස. සීලව්යසනෙන වා ඵුට්ඨස්ස, දිට්ඨිව්යසනෙන වා ඵුට්ඨස්ස, අඤ්ඤතරඤ්ඤතරෙන ව්යසනෙන සමන්නාගතස්ස, අඤ්ඤතරඤ්ඤතරෙන දුක්ඛධම්මෙන ඵුට්ඨස්ස, ආදෙවො පරිදෙවො ආදෙවනා පරිදෙවනා ආදෙවිතත්තං පරිදෙවිතත්තං වාචා පලාපො විප්පලාපො ලාලප්පො ලාලප්පනා ලාලප්පිතත්තං, අයං වුච්චති පරිදෙවො.
Sinhala BJT360. එහි පරිදේව කවරෙ යත්: ඥාතිව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි භෝගව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි රෝගව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි ශීලව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි දෘෂ්ටිව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි අන්‍යතරාන්‍යතරව්‍යසනයෙකින් සමන්‍විත වූවහුගේ අන්‍යතරාන්‍යතර දුඃඛහේතුවකින් පහස්නා ලද්දහුගේ (යම්) නම කියා හැඬීමෙක් නම කියා හඬන අයුරෙක් ගුණ කියා හඬන අයුරෙක් නම කියා හඬන බවෙක් ගුණ කියා හඬන බවෙක් වචනයෙක් ප්‍රලාපයෙක් විප්‍රලාපයෙක් පුනපුනා කීමෙක් පුනපුනා කියන අයුරෙක් පුනපුනා කී බවෙක් වේ ද, මේ ‘පරිදේව’ යි කියනු ලැබේ.
Pali BJT361. තත්ථ කතමං දුක්ඛං: යං කායිකං අසාතං කායිකං දුක්ඛං කායසම්ඵස්සජං අසාතං දුක්ඛං වෙදයිතං, කායසම්ඵස්සජා අසාතා දුක්ඛා වෙදනා, ඉදං වුච්චති දුක්ඛං.
Sinhala BJT361. එහි දුඃඛ කවරෙ යත්: යම් කායික වූ නො සුවයෙක් කායික වූ දුකෙක් කාපහසින් උපන් නො සුව වූ දුක් වූ වේදයිතයෙක් කාපහසින් උපන් නො සුව වූ දුක් වූ වේදනායෙක් වේ ද, මේ ‘දුඃඛ’ යි කියනු ලැබේ.
Pali BJT362. තත්ථ කතමං දොමනස්සං: යං චෙතසිකං අසාතං චෙතසිකං දුක්ඛං චෙතොසම්ඵස්සජං අසාතං දුක්ඛං වෙදයිතං, චෙතොසම්ඵස්සජා අසාතා දුක්ඛා වෙදනා, ඉදං වුච්චති දොමනස්සං.
Sinhala BJT362. එහි ‘දෝමනස්ස’ කවරෙ යත්: යම් චෛතසික වූ නො සුවයෙක් චෛතසික වූ දුකෙක් සිත්පහසින් උපන් නො සුව වූ දුක් වූ වේදයිතයෙක් සිත්පහසින් උපන් නො සුව වූ දුක වූ වේදනායෙක් වේ ද, මේ ‘දෝමනස්ස’ යි කියනු ලැබේ.
Pali BJT363. තත්ථ කතමො උපායාසො: ඤාතිව්යසනෙන වා ඵුට්ඨස්ස, භොගව්යසනෙන වා ඵුට්ඨස්ස, රොගව්යසනෙන වා ඵුට්ඨස්ස, සීලව්යසනෙන වා ඵුට්ඨස්ස, දිට්ඨිව්යසනෙන වා ඵුට්ඨස්ස, අඤ්ඤතරඤ්ඤතරෙන ව්යසනෙන සමන්නාගතස්ස, අඤ්ඤතරඤ්ඤතරෙන දුක්ඛධම්මෙන ඵුට්ඨස්ස, ආයාසො උපායාසො ආයාසිතත්තං උපායාසිතත්තං, අයං වුච්චති උපායාසො.
Sinhala BJT363. එහි ‘උපායාස’ කවරෙ යත්: ඥාතිව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි භෝගව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි රෝගව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි ශීලව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි දෘෂ්ටිව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි අන්‍යතරාන්‍යරව්‍යසනයෙකින් සමන්‍වාගත වූවහුගේ අන්‍යතරාන්‍යතර දුඃඛ හේතුවකින් පහස්නා ලද්දහුගේ ආයාසයෙක් බලවත් ආයාසයෙක් ආයාසයට පැමිණි බවෙක් උපායාසයට පැමිණි බවෙක් වේ ද, මේ ‘උපායාස’ යි කියනු ලැබේ.
Pali BJT364. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොතීති: එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සඞ්ගති හොති. සමාගමො හොති. සමොධානං හොති. පාතුභාවො හොති, තෙන වුච්චති එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොතීති.
Sinhala BJT364. ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යනු: මෙසේ අමිශ්‍ර වූ නොහොත් සියලු දුඃඛරාශිහුගේ එක්වීම වෙයි, සමාගමය වෙයි, සමවධානය වෙයි, ප්‍රාදුර්‍භාවය වේ. එහෙයින් කියනු ලැබෙයි: ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
Pali BJTසුත්තන්තභාජනියං.
Sinhala BJTසූත්‍රාන්තභාජනිය යි.
Pali BJT365. අවිජ්ජාපච්චයා සඞ්ඛාරො, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමං, නාමපච්චයා ඡට්ඨායතනං, ඡට්ඨායතනපච්චයා ඵස්සො, ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා උපාදානං, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං, එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJT365. අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි, මෙසේ තෙල සියලු දුඃඛරාශිහුගේ පහළවීම වේ.
Pali BJTඅවිජ්ජාපච්චයා සඞ්ඛාරො, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමං, නාමපච්චයා ඵස්සො, ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා උපාදානං, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං, එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJTඅවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය වෙයි, උපාදාන ප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුඃඛස්කන්‍ධයාගේ සමුදය වේ.
Pali BJTඅවිජ්ජාපච්චයා සඞ්ඛාරො, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමරූපං, නාමරූපපච්චයා ඡට්ඨායතනං, ඡට්ඨායතනපච්චයා ඵස්සො, ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා උපාදානං, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං, එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJTඅවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමරූප වෙයි, නාමරූපප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතන ප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.
Pali BJTඅවිජ්ජාපච්චයා සඞ්ඛාරො, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමරූපං, නාමරූපපච්චයා සළායතනං, ඡට්ඨායතනපච්චයා{1} ඵස්සො, ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා උපාදානං, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං, එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJTඅවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥාන ප්‍රත්‍යයෙන් නාමරූප වෙයි, නාමරූපප්‍රත්‍යයෙන් ෂඩායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදාන වෙයි, උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ සියලු දුඃඛස්කන්‍ධයාගේ සමුදය වේ.
Pali BJTපච්චයචතුක්කං.
Sinhala BJTප්‍රත්‍යයචතුෂ්ක යි.
Pali BJT366. අවිජ්ජාපච්චයා සඞ්ඛාරො අවිජ්ජාහෙතුකො, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං සඞ්ඛාරහෙතුකං, විඤ්ඤාණපච්චයා නාමං විඤ්ඤාණහෙතුකං, නාමපච්චයා ඡට්ඨායතනං නාමහෙතුකං, ඡට්ඨායතනපච්චයා ඵස්සො ඡට්ඨායතනහෙතුකො, ඵස්සපච්චයා වෙදනා ඵස්සහෙතුකා, වෙදනාපච්චයා තණ්හා වෙදනාහෙතුකා, තණ්හාපච්චයා උපාදානං තණ්හාහෙතුකං, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJT366. අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාව හේතුකොට ඇති සංස්කාරය වෙයි, සංස්කාර ප්‍රත්‍යයෙන් සංස්කාර හේතුකොට ඇති විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් විඥානය හේතු කොට ඇති නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් නාමය හේතු කොට ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය හේතුකොට ඇති ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශය හේතුකොට ඇති වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් වේදනා හේතුකොට ඇති තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් තෘෂ්ණා හේතු කොට ඇති උපාදානය වෙයි, උපාදාන ප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුඃඛස්කන්‍ධයාගේ සමුදය වේ.
Pali BJTඅවිජ්ජාපච්චයා සඞ්ඛාරො අවිජ්ජාහෙතුකො, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං සඞ්ඛාරහෙතුකං, විඤ්ඤාණපච්චයා නාමං විඤ්ඤාණහෙතුකං, නාමපච්චයාඵස්සො නාමහෙතුකො, ඵස්සපච්චයාවෙදනා වෙදනා ඵස්සහෙතුකා, වෙදනාපච්චයා තණ්හා වෙදනාහෙතුකා, තණ්හාපච්චයා උපාදානං තණ්හාහෙතුකං, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJTඅවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාව හේතුකොට ඇති සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් සංස්කාරය හේතුකොට ඇති විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් විඥානය හේතු කොට ඇති නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් නාමය හේතු කොට ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශය හේතුකොට ඇති වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් වේදනාව හේතුකොට ඇති තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් තෘෂ්ණා හේතු කොට ඇති උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුඃඛස්කන්‍ධයාගේ සමුදය වේ.
Pali BJTඅවිජ්ජාපච්චයා සඞ්ඛාරො අවිජ්ජාහෙතුකො, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං සඞ්ඛාරහෙතුකං, විඤ්ඤාණපච්චයා නාමරූපං විඤ්ඤාණහෙතුකං, නාමරූපපච්චයා ඡට්ඨායතනං නාමරූපහෙතුකං, ඡට්ඨායතනපච්චයා ඵස්සො, ඡට්ඨායතනහෙතුකො, ඵස්සපච්චයා වෙදනා ඵස්සහෙතුකා, වෙදනාපච්චයා තණ්හා වෙදනාහෙතුකා, තණ්හාපච්චයා උපාදානං තණ්හාහෙතුකං, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJTඅවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යා හේතුකොට ඇති සංස්කාරය වෙයි. සංස්කාරප්‍රත්‍යයෙන් සංස්කාර හේතුකොට ඇති විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් විඥාන හේතු කොට ඇති නාමරූපය වෙයි, නාමරූපප්‍රත්‍යයෙන් නාමරූප හේතුකොට ඇති ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය හේතුකොට ඇති ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශය හේතුකොට ඇති වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් වේදනාව හේතුකොට ඇති තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව හේතුකොට ඇති උපාදානය වෙයි, උපාදාන ප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි, මෙසේ මේ සියලු දුඃඛස්කන්‍ධයාගේ සමුදය වේ.
Pali BJTඅවිජ්ජාපච්චයා සඞ්ඛාරො අවිජ්ජාහෙතුකො, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං සඞ්ඛාරහෙතුකං, විඤ්ඤාණපච්චයා නාමරූපං විඤ්ඤාණහෙතුකං, නාමරූපපච්චයා සළායතනං නාමරූපහෙතුකං, ඡට්ඨායතනපච්චයා ඵස්සො ඡට්ඨායතනහෙතුකො{1}, ඵස්සපච්චයා වෙදනා ඵස්සහෙතුකා, වෙදනාපච්චයා තණ්හා වෙදනාහෙතුකා, තණ්හාපච්චයා උපාදානං, තණ්හාහෙතුකං, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJTඅවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාව හේතුකොට ඇති සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් සංස්කාර හේතු කොට ඇති විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් විඥානය හේතුකොට ඇති නාමරූප වෙයි, නාමරූපප්‍රත්‍යයෙන් නාමරූප හේතුකොට ඇති ෂඩායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය හේතුකොට ඇති ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශය හේතුකොට ඇති වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් වේදනාව හේතුකොට ඇති තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව හේතුකොට ඇති උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.
Pali BJTහෙතුචතුක්කං.
Sinhala BJTහේතුචතුෂ්ක යි.
Pali BJT367. අවිජ්ජාපච්චයා සඞ්ඛාරො අවිජ්ජාසම්පයුත්තො, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං සඞ්ඛාරසම්පයුත්තං, විඤ්ඤාණපච්චයා නාමං විඤ්ඤාණසම්පයුත්තං, නාමපච්චයා ඡට්ඨායතනං නාමසම්පයුත්තං, ඡට්ඨායතනපච්චයා ඵස්සො ඡට්ඨායතනසම්පයුත්තො, ඵස්සපච්චයා වෙදනා ඵස්සසම්පයුත්තා, වෙදනාපච්චයා තණ්හා වෙදනාසම්පයුත්තා, තණ්හාපච්චයා උපාදානං තණ්හාසම්පයුත්තං, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJT367. අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාසම්ප්‍රයුක්ත වූ සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් සංස්කාරසම්ප්‍රයුක්ත වූ විඥානය වෙයි. විඥානප්‍රත්‍යයෙන් විඥානසම්ප්‍රයුක්ත වූ නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් නාමසම්ප්‍රයුක්ත වූ ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනසම්ප්‍රයුක්ත වූ ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශසම්ප්‍රයුක්ත වූ වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් වේදනාසම්ප්‍රයුක්ත වූ තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් තෘෂ්ණාසම්ප්‍රයුක්ත වූ උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.
Pali BJTඅවිජ්ජාපච්චයා සඞ්ඛාරො අවිජ්ජාසම්පයුත්තො, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං සඞ්ඛාරසම්පයුත්තං, විඤ්ඤාණපච්චයා නාමං විඤ්ඤාණසම්පයුත්තං, නාමපච්චයා ඵස්සො නාමසම්පයුත්තො, ඵස්සපච්චයා වෙදනා ඵස්සසම්පයුත්තා, වෙදනාපච්චයා තණ්හා වෙදනාසම්පයුත්තා, තණ්හාපච්චයා උපාදානං තණ්හාසම්පයුත්තං, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJTඅවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාසම්ප්‍රයුක්ත වූ සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයයෙන් සංස්කාරසම්ප්‍රයුක්ත වූ විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් විඥානසම්ප්‍රයුක්ත වූ නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් නාමසම්ප්‍රයුක්ත වූ ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශසම්ප්‍රයුක්ත වූ වේදනා වෙයි, වේදනාප්‍රත්‍යයෙන් වේදනාසම්ප්‍රයුක්ත වූ තෘෂ්ණාව වෙයි, තෘෂ්ණා ප්‍රත්‍යයෙන් තෘෂ්ණාසම්ප්‍රයුක්ත වූ උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි. භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.
Pali BJTඅවිජ්ජාපච්චයා සඞ්ඛාරො අවිජ්ජාසම්පයුත්තො, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං සඞ්ඛාරසම්පයුත්තං, විඤ්ඤාණපච්චයා නාමරූපං විඤ්ඤාණසම්පයුත්තං නාමං{2}, නාමරූපපච්චයා ඡට්ඨායතනං නාමසම්පයුත්තං,{3} ඡට්ඨායතනපච්චයා ඵස්සො ඡට්ඨායතනසම්පයුත්තො, ඵස්සපච්චයා වෙදනා ඵස්සසම්පයුත්තා, වෙදනාපච්චයා තණ්හා වෙදනාසම්පයුත්තා, තණ්හාපච්චයා උපාදානං තණ්හාසම්පයුත්තං, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJTඅවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාසම්ප්‍රයුක්ත වූ සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් සංස්කාරසම්ප්‍රයුක්ත වූ විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමරූප වෙයි, නාමය විඥාන සම්ප්‍රයුක්ත ය, නාමරූපප්‍රත්‍යයෙන් නාමසම්ප්‍රයුක්ත වූ ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතන ප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතන සම්ප්‍රයුක්ත වූ ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශසම්ප්‍රයුක්ත වූ වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් වේදනාසම්ප්‍රයුක්ත වූ තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් තෘෂ්ණාසම්ප්‍රයුක්ත වූ උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ කේවල වූ දුඃඛස්කන්‍ධයාගේ සමුදය වේ.
Pali BJTඅවිජ්ජාපච්චයා සඞ්ඛාරො අවිජ්ජාසම්පයුත්තො, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං සඞ්ඛාරසම්පයුත්තං, විඤ්ඤාණපච්චයා නාමරූපං විඤ්ඤාණසම්පයුත්තං නාමං{1}, නාමරූපපච්චයා සළායතනං නාමසම්පයුත්තං ඡට්ඨායතනං{2}, ඡට්ඨායතනපච්චයා ඵස්සො ඡට්ඨායතනසම්පයුත්තො, ඵස්සපච්චයා වෙදනා ඵස්සසම්පයුත්තා, වෙදනාපච්චයා තණ්හා වෙදනාසම්පයුත්තා, තණ්හාපච්චයා උපාදානං තණ්හාසම්පයුත්තං, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං, එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJTඅවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාසම්ප්‍රයුක්ත වූ සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් සංස්කාරසම්ප්‍රයුක්ත වූ විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමරූපය වෙයි, නාමය විඥාන සම්ප්‍රයුක්ත වූයේ වෙයි, නාමරූපප්‍රත්‍යයෙන් ෂඩායතන වෙයි, ෂෂ්ඨායතනය නාම සම්ප්‍රයුක්ත වූයේ වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනසම්ප්‍රයුක්ත වූ ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශසම්ප්‍රයුක්ත වූ වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් වේදනා සම්ප්‍රයුක්ත වූ තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් තෘෂ්ණාසම්ප්‍රයුක්ත වූ උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ සියලු දුඃඛස්කන්‍ධයාගේ සමුදය වේ.
Pali BJTසම්පයුත්තචතුක්කං.
Sinhala BJTසම්ප්‍රයුක්තචතුෂ්ක යි.
Pali BJT368. අවිජ්ජාපච්චයා සඞ්ඛාරො සඞ්ඛාරපච්චයා’පි අවිජ්ජා, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං විඤ්ඤාණපච්චයා’පි සඞ්ඛාරො, විඤ්ඤාණපච්චයා නාමං නාමපච්චයා’පි විඤ්ඤාණං, නාමපච්චයා ඡට්ඨායතනං ඡට්ඨායතනපච්චයාපි නාමං, ඡට්ඨායතනපච්චයා ඵස්සො ඵස්සපච්චයාපි ඡට්ඨායතනං, ඵස්සපච්චයා වෙදනා වෙදනාපච්චයා’පි ඵස්සො, වෙදනාපච්චයා තණ්හා තණ්හාපච්චයා’පි වෙදනා, තණ්හාපච්චයා උපාදානං උපාදානපච්චයා’පි තණ්හා, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJT368. අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙනුදු අවිද්‍යාව වෙයි. සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙනුදු සංස්කාරය වෙයි. විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙනුදු විඥානය වෙයි. නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙනුදු නාමය වෙයි. ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි ස්පර්‍ශප්‍රත්‍යයෙනුදු ෂෂ්ඨායතනය වෙයි. ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනා ප්‍රත්‍යයෙනුදු ස්පර්‍ශය වෙයි. වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙනුදු වේදනාව වෙයි. තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය වෙයි, උපාදානයප්‍රත්‍යයෙනුදු තෘෂ්ණාව වෙයි. උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි. භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි. ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ සියලු දුක්ඛක්ඛන්‍ධයාගේ සමුදය වේ.
Pali BJTඅවිජ්ජාපච්චයා සඞ්ඛාරො සඞ්ඛාරපච්චයා’පි අවිජ්ජා, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං විඤ්ඤාණපච්චයා’පි සඞ්ඛාරො, විඤ්ඤාණපච්චයා නාමං නාමපච්චයා’පි විඤ්ඤාණං, නාමපච්චයා ඵස්සො ඵස්සපච්චයා’පි නාමං, ඵස්සපච්චයා වෙදනා වෙදනාපච්චයා’පි ඵස්සො, වෙදනාපච්චයා තණ්හා තණ්හාපච්චයා’පි වෙදනා, තණ්හාපච්චයා උපාදානං උපාදානපච්චයා’පි තණ්හා, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJTඅවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි. සංස්කාරප්‍රත්‍යයෙනුදු අවිද්‍යාව වෙයි. සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙනුදු සංස්කාරය වෙයි. විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙනුදු විඥානය වෙයි, නාමප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙනුදු නාමය වෙයි. ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙනුදු ස්පර්‍ශය වෙයි. වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙනදු වේදනාව වෙයි. තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙනුදු තෘෂ්ණාව වෙයි, උපාදාන ප්‍රත්‍යයෙන් භවය වෙයි. භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි. ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුක්ඛක්ඛන්‍ධයාගේ සමුදය වේ.
Pali BJTඅවිජ්ජාපච්චයා සඞ්ඛාරො සඞ්ඛාරපච්චයා’පි අවිජ්ජා, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං විඤ්ඤාණපච්චයා’පි සඞ්ඛාරො, විඤ්ඤාණපච්චයා නාමරූපං නාමරූපපච්චයා’පි විඤ්ඤාණං, නාමරූපපච්චයා ඡට්ඨායතනං ඡට්ඨායතනපච්චයා’පි නාමරූපං, ඡට්ඨායතනපච්චයා ඵස්සො ඵස්සපච්චයා’පි ඡට්ඨායතනං, ඵස්සපච්චයා වෙදනා වෙදනාපච්චයා’පි ඵස්සො, වෙදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා’පි වෙදනා, තණ්හාපච්චයා උපාදානං උපාදානපච්චයා’පි තණ්හා, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJTඅවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි. සංස්කාරප්‍රත්‍යයෙනුදු අවිද්‍යාව වෙයි. සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙනුදු සංස්කාරය වෙයි. විඥානප්‍රත්‍යයෙන් නාමරූප වෙයි, නාමරූපප්‍රත්‍යයෙනුදු විඥානය වෙයි, නාමරූපප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි. ෂෂ්ඨායතනප්‍රත්‍යයෙනුදු නාමරූප වෙයි. ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි. ස්පර්‍ශප්‍රත්‍යයෙනුදු ෂෂ්ඨාතයතනය වෙයි. ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙනුදු ස්පර්‍ශය වෙයි. වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙනුදු වේදනාව වෙයි. තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙනුදු තෘෂ්ණාව වෙයි, උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි. භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි. ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුක්ඛස්ඛන්‍ධයාගේ සමුදය වේ.
Pali BJTඅවිජ්ජාපච්චයා සඞ්ඛාරො සඞ්ඛාරපච්චයා’පි අවිජ්ජා, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං විඤ්ඤාණපච්චයා’පි සඞ්ඛාරො, විඤ්ඤාණපච්චයා නාමරූපං නාමරූපපච්චයා’පි විඤ්ඤාණං, නාමරූපපච්චයා සළායතනං සළායතනපච්චයා’පි නාමරූපං, ඡට්ඨායතනපච්චයා ඵස්සො ඵස්සපච්චයා’පි ඡට්ඨායතනං, ඵස්සපච්චයා වෙදනා වෙදනාපච්චයා’පි ඵස්සො, වෙදනාපච්චයා තණ්හා තණ්හාපච්චයාපි වෙදනා, තණ්හාපච්චයා උපාදානං උපාදානපච්චයා’පි තණ්හා, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJTඅවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි. සංස්කාරප්‍රත්‍යයෙනුදු අවිද්‍යාව වෙයි. සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙනුදු සංස්කාරය වෙයි. විඥානප්‍රත්‍යයෙන් නාමරූප වෙයි, නාමරූපප්‍රත්‍යයෙනුදු විඥානය වෙයි, නාමරූපප්‍රත්‍යයෙන් ෂඩායතනය වෙයි, ෂඩායතනප්‍රත්‍යයෙනුදු නාමරූප වෙයි. ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙනුදු ෂෂ්ඨායතනය වෙයි. ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙනුදු ස්පර්‍ශය වෙයි. වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙනදු වේදනාව වෙයි. තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙනුදු තෘෂ්ණාව වෙයි, උපාදාන ප්‍රත්‍යයෙන් භවය වෙයි. භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි. ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුක්ඛක්ඛන්‍ධයාගේ සමුදය වේ.
Pali BJTඅඤ්ඤමඤ්ඤචතුක්කං.
Sinhala BJTඅන්‍යෝන්‍යචතුෂ්ක යි.
Pali BJT369. සඞ්ඛාරපච්චයා අවිජ්ජා -පෙ- විඤ්ඤාණපච්චයා අවිජ්ජා -පෙ- නාමපච්චයා අවිජ්ජා -පෙ- ඡට්ඨායතනපච්චයා අවිජ්ජා -පෙ- ඵස්සපච්චයා අවිජ්ජා -පෙ- වෙදනාපච්චයා අවිජ්ජා -පෙ- තණ්හාපච්චයා අවිජ්ජා -පෙ- උපාදානපච්චයා අවිජ්ජා -පෙ- අවිජ්ජාපච්චයා සඞ්ඛාරො, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමං, නාමපච්චයා ඡට්ඨායතනං, ඡට්ඨායතනපච්චයා ඵස්සො, ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා උපාදානං, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJT369. සංස්කාරප්‍රත්‍යයෙන් අවිද්‍යාව වෙයි … විඥානප්‍රත්‍යයෙන් අවිද්‍යාව වෙයි … නාමප්‍රත්‍යයෙන් අවිද්‍යාව වෙයි … ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් අවිද්‍යාව වෙයි … ස්පර්‍ශප්‍රත්‍යයෙන් අවිද්‍යාව වෙයි … වේදනාප්‍රත්‍යයෙන් අවිද්‍යාව වෙයි … තෘෂ්ණාප්‍රත්‍යයෙන් අවිද්‍යාව වෙයි … උපාදානප්‍රත්‍යයෙන් අවිද්‍යාව වෙයි … අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි. සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි. විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි. නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි. ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි. ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි. වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි. තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය වෙයි. උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි. භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි. ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුක්ඛක්ඛන්‍ධයාගේ සමුදය වේ.
Pali BJTමාතිකා.
Sinhala BJTමාතෘකා යි.
Pali BJT370. කතමෙ ධම්මා අකුසලා: යස්මිං සමයෙ අකුසලං චිත්තං උප්පන්නං හොති සොමනස්සසහගතං දිට්ඨිගතසම්පයුත්තං රූපාරම්මණං වා සද්දාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා ඵොට්ඨබ්බාරම්මණං වා ධම්මාරම්මණං වා, යං යං වා පනාරබ්භ තස්මිං සමයෙ අවිජ්ජාපච්චයා සඞ්ඛාරො, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමං, නාමපච්චයා ඡට්ඨායතනං, ඡට්ඨායතනපච්චයා ඵස්සො, ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා උපාදානං, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJT370. අකුශලධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක රූපාලම්බන වේවයි, ශබ්දාලම්බන වේවයි, ගන්‍ධාලම්බන වේවයි, රසාලම්බන වේවයි, ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි, ධර්‍මාලම්බන වේවයි, යම් යම් අරමුණක් හෝ ඇරැබැ සොම්නස් සහගත වූ මිථ්‍යාදෘෂ්ටිය හා ඒකෝත්පාදාදි ප්‍රකාරයෙන් යුක්ත වූ අකුශලචිත්තය උපදනේ වේ ද, එසමයෙහි අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි. සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි. විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි. නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි. ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි. ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි. වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි. තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය වෙයි. උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි. භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි. ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුක්රැස උපදනේ වේ.
Pali BJT371. තත්ථ කතමා අවිජ්ජා: යං අඤ්ඤාණං අදස්සනං අනභිසමයො අනනුබොධො අසම්බොධො අප්පටිවෙධො අසඞ්ගාහණා අපරියොගාහණා අසමපෙක්ඛණා අපච්චවෙක්ඛණා අපච්චක්ඛකම්මං දුම්මෙජ්ඣං බාල්යං අසම්පජඤ්ඤං මොහො පමොහො සම්මොහො අවිජ්ජා අවිජ්ජොඝො අවිජ්ජායොගො අවිජ්ජානුසයො අවිජ්ජාපරියුට්ඨානං අවිජ්ජාලඞ්ගි මොහො අකුසලමූලං, අයං වුච්චති අවිජ්ජා.
Sinhala BJT371. එහි අවිද්‍යා කවර යත්: යම් සිව්සස් නො දැනීමෙක් නො දැකීමෙක් අනවබෝධයෙක් අනනුබෝධයෙක් අසම්බෝධයෙක් අප්‍රතිවේධයෙක් (අනිත්‍යාදි සාමාන්‍ය හෙයින්) මොනොවට නො ගැනීමෙක් හාත්පසින් නො බැසගැනීමෙක් සමව නො බැලීමෙක් ප්‍රත්‍යවේක්‍ෂා නො කිරීමෙක් ප්‍රත්‍යක්‍ෂ නො කිරීමෙක් දුර්මේධ්‍ය (අපවිත්‍ර) බවෙක් බාල්‍යයෙක් අසම්‍යග්ඥානයෙක් මෝහයෙක් ප්‍රමෝහයෙක් සම්මෝහයෙක් අවිද්‍යාවක් අවිද්‍යාඕඝයෙක් අවිද්‍යායෝගයෙක් අවිද්‍යාඅනුශයයෙක් අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථානයෙක් අවිද්‍යාපරිඝයෙක් මෝහ සඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ ‘අවිද්‍යා’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො අවිජ්ජාපච්චයා සඞ්ඛාරො: යා චෙතනා සඤ්චෙතනා චෙතයිතත්තං, අයං වුච්චති අවිජ්ජාපච්චයා සඞ්ඛාරො.
Sinhala BJTඑහි අවිද්‍යාප්‍රත්‍යයෙන් වූ සංස්කාරය කවරෙ යත්: යම් චේතනාවක් සංචේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ අවිද්‍යාප්‍රත්‍යයෙන් වූ සංස්කාර යයි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං: යං චිත්තං මනො මානසං හදයං පණ්ඩරං මනො මනායතනං මනින්ද්රියං විඤ්ඤාණං විඤ්ඤාණක්ඛන්ධො තජ්ජා මනොවිඤ්ඤාණධාතු, ඉදං වුච්චති සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං.
Sinhala BJTඑහි සංස්කාරප්‍රත්‍යයෙන් වූ විඥානය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් චිත්තයෙක් (පණ්ඩර) භවාඞ්ගචිත්තයෙක් මනසඞ්ඛ්‍යාත මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘සංස්කාරප්‍රත්‍යයෙන් විඥාන’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං විඤ්ඤාණපච්චයා නාමං: වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො, ඉදං වුච්චති විඤ්ඤාණපච්චයා නාමං.
Sinhala BJTඑහි විඥානප්‍රත්‍යයෙන් (උපදනා) නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය සංඥා ස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ යි. මේ ‘විඥානප්‍රත්‍යයෙන් නාම’ යයි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං නාමපච්චයා ඡට්ඨායතනං: යං චිත්තං මනො මානසං හදයං පණ්ඩරං මනො මනායතනං මනින්ද්රියං විඤ්ඤාණං විඤ්ඤාණක්ඛන්ධො තජ්ජා මනොවිඤ්ඤාණධාතු, ඉදං වුච්චති නාමපච්චයා ඡට්ඨායතනං.
Sinhala BJTඑහි නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් හෘදයෙක් පණ්ඩරයෙක් මන සඞ්ඛ්‍යාත මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතන යයි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො ඡට්ඨායතනපච්චයා ඵස්සො: යො ඵස්සො ඵුසනා සම්ඵුසනා සම්ඵුසිතත්තං, අයං වුච්චති ඡට්ඨායතනපච්චයා ඵස්සො.
Sinhala BJTඑහි ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශ කවරෙ යත්: යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශ කරන අයුරෙක් මොනොවට ස්පර්‍ශ කරන අයුරෙක් ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ ෂෂ්ඨායතන ප්‍රත්‍යයෙන් ස්පර්‍ශ යයි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා ඵස්සපච්චයා වෙදනා: යං චෙතසිකං සාතං චෙතසිකං සුඛං චෙතොසම්ඵස්සජං සාතං සුඛං වෙදයිතං චෙතොසම්ඵස්සජා සාතා සුඛා වෙදනා, අයං වුච්චති ඵස්සපච්චයා වෙදනා.
Sinhala BJTඑහි ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා කවර යත්: යම් චෛතසික වූ මිහිරි බවෙක් චෛතසික වූ සුඛයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් සාතසුඛවේදයිතයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් සාතසුඛවේදනායෙක් වේ ද, මේ ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා වෙදනාපච්චයා තණ්හා: යො රාගො සාරාගො අනුනයො අනුරොධො නන්දි නන්දිරාගො චිත්තස්ස සාරාගො, අයං වුච්චති වෙදනාපච්චයා තණ්හා.
Sinhala BJTඑහි වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණා කවර යත්: යම් රාගයෙක් බලවත් රාගයෙක් අනුනයෙක් අනුරෝධයෙක් (ඇලීමෙක්) නන්‍දියෙක් නන්‍දිරාගයෙක් චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණා යයි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං තණ්හාපච්චයා උපාදානං: යා දිට්ඨි දිට්ඨිගතං දිට්ඨිගහනං දිට්ඨිකන්තාරො දිට්ඨිවිසූකායිකං දිට්ඨිවිප්ඵන්දිතං දිට්ඨිසඤ්ඤොජනංගාහො පතිට්ඨාහො අභිනිවෙසො පරාමාසො කුම්මග්ගො මිච්ඡාපථො මිච්ඡත්තං තිත්ථායතනං විපරියෙසගාහො, ඉදං වුච්චති තණ්හාපච්චයා උපාදානං.
Sinhala BJTඑහි තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදාන කවරෙ යත්: යම් දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් විරූපදෘෂ්ටියෙක් දෘෂ්ටිවිෂ්පන්‍දිතයෙක් දෘෂ්ටි සංයෝජනයෙක් ග්‍රාහයෙක් පිහිටා සිටීමෙක් බැසැගෙන සිටීමෙක් පරාමර්‍ශයෙක් කුත්සිත මාර්‍ගයෙක් මිථ්‍යාපථයෙක් මිථ්‍යාත්‍වයෙක් තීර්‍ත්‍ථායතනයෙක් විපර්‍ය්‍යාසග්‍රාහයෙක් වේ ද, මේ තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදාන යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො උපාදානපච්චයා භවො: ඨපෙත්ථා උපාදානං වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො, අයං වුච්චති උපාදානපච්චයා භවො.
Sinhala BJTඑහි උපාදානප්‍රත්‍යයෙන් භව කවරෙ යත්: උපාදානය තබා වේදනාස්කන්‍ධය සංඥාස්කන්‍ධය සංස්කාරස්න්‍ධය විඥානස්කන්‍ධය යන මේ උපාදානප්‍රත්‍යයෙන් භව යයි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා භවපච්චයා ජාති: යා තෙසං තෙසං ධම්මානං ජාති සඤ්ජාති නිබ්බත්ති අභිනිබ්බත්ති පාතුභාවො, අයං වුච්චති භවපච්චයා ජාති.
Sinhala BJTඑහි භවප්‍රත්‍යයෙන් ජාති කවර යත්: ඒ ඒ ධර්‍මයන්ගේ යම් ඉපැද්මෙක් මොනොවට ඉපැද්මෙක් නිපැද්මෙක් වෙසෙසින් නිපැද්මෙක් පහළවීමෙක් වේ ද, මේ භවප්‍රත්‍යයෙන් ජාති යයි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං ජාතිපච්චයා ජරාමරණං: අත්ථි ජරා, අත්ථි මරණං.
Sinhala BJTඑහි ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ කවරෙ යත්: ජරායෙක් ඇත, මරණයෙක් ඇති.
Pali BJTතත්ථ කතමා ජරා: යා තෙසං තෙසං ධම්මානං ජරා ජීරණතා ආයුනො සංහානි, අයං වුච්චති ජරා.
Sinhala BJTඑහි ජරා කවර යත්: ඒ ඒ ධර්‍මයන්ගේ යම් දිරීමෙක් දිරන බවෙක් ආයුෂයාගේ පිරිහීමෙක් වේ ද, මේ ජරා යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං මරණං: යො තෙසං තෙසං ධම්මානං ඛයො වයො භෙදො පරිභෙදො අනිච්චතා අන්තරධානං, ඉදං වුච්චති මරණං. ඉති අයඤ්ච ජරා ඉදඤ්ච මරණං, ඉදං වුච්චති ජාතිපච්චයා ජරාමරණං.
Sinhala BJTඑහි මරණ කවරෙ යත්: ඒ ඒ ධර්‍මයන්ගේ යම් ක්‍ෂය වීමෙක් ව්‍යය වීමෙක් බිඳීමෙක් හාත්පසින් බිඳීමෙක් අනිත්‍ය බවෙක් අතුරුදහන් වීමෙක් වේ ද, මේ මරණ යි කියනු ලැබේ. මෙසේ මේ ජරාව ද, මේ මරණය ද යන මේ ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ යි කියනු ලැබේ.
Pali BJTඑවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොතීති එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සඞ්ගති හොති, සමාගමො හොති, සමොධානං හොති, පාතුභාවො හොති, තෙන වුච්චති එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොතීති.
Sinhala BJT‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යනු මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සඞ්ගතිය වෙයි. සමාගමය වෙයි. සමවධානය වෙයි. ප්‍රාදුර්‍භාවය වෙයි. එහෙයින් ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි කියනු ලැබේ.
Pali BJT372. තස්මිං සමයෙ අවිජ්ජාපච්චයා සඞ්ඛාරො, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමං, නාමපච්චයා ඵස්සො, ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා උපාදානං, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJT372. එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ සියලු දුක්ඛක්ඛන්‍ධයාගේ සමුදය වේ.
Pali BJTතත්ථ කතමා අවිජ්ජා: යං අඤ්ඤාණං අදස්සනං -පෙ- අවිජ්ජාලඞ්ගි මොහො අකුසලමූලං, අයං වුච්චති අවිජ්ජා.
Sinhala BJTඑහි අවිද්‍යාව කවර යත්: යම් අඥානයෙක් අදර්‍ශනයෙක් … අවිද්‍යාපරිඝයෙක් මෝහසඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ අවිද්‍යාවයි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො අවිජ්ජාපච්චයා සඞ්ඛාරො: යා චෙතනා සඤ්චෙතනා චෙතයිතත්තං, අයං වුච්චති අවිජ්ජාපච්චයා සඞ්ඛාරො.
Sinhala BJTඑහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරයි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං: යං චිත්තං මනො මානසං -පෙ- තජ්ජා මනොවිඤ්ඤාණධාතු, ඉදං වුච්චති සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං.
Sinhala BJTඑහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ සංස්කාරප්‍රත්‍යයෙන් විඥානයි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං විඤ්ඤාණපච්චයා නාමං: වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො, ඉදං වුච්චති විඤ්ඤාණපච්චයා නාමං.
Sinhala BJTඑහි විඥානප්‍රත්‍යයෙන් නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධය සංඥාස්කන්‍ධය සංස්කාරස්කන්‍ධය යන මේ විඥානප්‍රත්‍යයෙන් නාම යි කියනු ලැබේ.
Pali BJTනාමපච්චයා ඵස්සොති, තත්ථ කතමං නාමං: ඨපෙත්ථා ඵස්සං වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො, ඉදං වුච්චති නාමං.
Sinhala BJT‘නාමපච්වයා ඵස්සො’ යි එහි නාමය කවරෙ යත්: ස්පර්‍ශය තබා වේදනාස්කන්‍ධය සංඥාස්කන්‍ධය සංස්කාරස්කන්‍ධය විඥානස්කන්‍ධය යන මේ නාම යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො නාමපච්චයා ඵස්සො: යො ඵස්සො ඵුසනා සම්ඵුසනා සම්ඵුසිතත්තං, අයං වුච්චති නාමපච්චයා ඵස්සො -පෙ- තෙන වුච්චති එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොතීති.
Sinhala BJTඑහි නාමප්‍රත්‍යයෙන් ස්පර්‍ශය කවරෙ යත්: යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශ කරන අයුරෙක් මොනොවට ස්පර්‍ශ කරන අයුරෙක් මොනොවට ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ නාම ප්‍රත්‍යයෙන් ස්පර්‍ශ යි කියනු ලැබේ. … එහෙයින් ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි කියනු ලැබේ.
Pali BJT373. තස්මිං සමයෙ අවිජ්ජාපච්චයා සඞ්ඛාරො, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමරූපං, නාමරූපපච්චයා ඡට්ඨායතනං, ඡට්ඨායතනපච්චයා ඵස්සො, ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා උපාදානං, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං, එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJT373. එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි. සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි. විඥානප්‍රත්‍යයෙන් නාමරූප වෙයි. නාමරූපප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි. ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි. ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි. වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි. තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය වෙයි. උපාදාන ප්‍රත්‍යයෙන් භවය වෙයි. භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.
Pali BJTතත්ථ කතමා අවිජ්ජා: යං අඤ්ඤාණං අදස්සනං -පෙ- අවිජ්ජාලඞ්ගි මොහො අකුසලමූලං, අයං වුච්චති අවිජ්ජා.
Sinhala BJTඑහි අවිජ්ජා කවර යත්: යම් අඥානයෙක් අදර්‍ශනයෙක් … අවිද්‍යාපරිඝයෙක් මෝහ සඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ අවිද්‍යා යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො අවිජ්ජාපච්චයා සඞ්ඛාරො: යා චෙතනා සංචෙතනා චෙතයිතත්තං, අයං වුච්චති අවිජ්ජාපච්චයා සඞ්ඛාරො.
Sinhala BJTඑහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාර යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං: යං චිත්තං මනො මානසං -පෙ- තජ්ජා මනොවිඤ්ඤාණධාතු, ඉදං වුච්චති සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං.
Sinhala BJTඑහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය කවරෙ යත්: යම් සිතෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ සංස්කාරප්‍රත්‍යයෙන් විඥාන යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං විඤ්ඤාණපච්චයා නාමරූපං: අත්ථි නාමං, අත්ථි රූපං. තත්ථ කතමං නාමං, වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො, ඉදං වුච්චති නාමං.
Sinhala BJTඑහි විඥානප්‍රත්‍යයෙන් නාමරූප කවරෙ යත්: නාමයෙක් ඇත, රූපයෙක් ඇති. එහි නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය යන මේ නාම යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං රූපං: චක්ඛායතනස්ස උපචයො, සොතායතනස්ස උපචයො, ඝානායතනස්ස උපචයො, ජිව්හායතනස්ස උපචයො, කායායතනස්ස උපචයො, යං වා පනඤ්ඤම්පි අත්ථි රූපං චිත්තජං චිත්තහෙතුකං චිත්තසමුට්ඨානං ඉදං වුච්චති රූපං, ඉති ඉදඤ්ච නාමං ඉදඤ්ච රූපං, ඉදං වුච්චති විඤ්ඤාණපච්චයා නාමරූපං.
Sinhala BJTඑහි රූපය කවරෙ යත්: චක්‍ෂුරායතනයාගේ ඉපැදීම ය, ශ්‍රෝත්‍රායතනයාගේ ඉපැදීම ය, ඝ්‍රාණායතනයාගේ ඉපැදීම ය, ජිහ්වායතනයාගේ ඉපැදීම ය, කායායතනයාගේ ඉපැදීම ය, යළි අන්‍ය වූ ද චිත්තජ වූ චිත්තය හේතු කොට ඇති චිත්තසමුත්‍ථාන වූ යම් රූපයෙක් හෝ ඇද්ද, මේ රූප යි කියනු ලැබේ. මෙසේ මේ නාමය ද, මේ රූපය ද යන මේ විඥානප්‍රත්‍යයෙන් නාමරූප යි කියනු ලැබේ.
Pali BJTනාමරූපච්චයා ඡට්ඨායතනන්ති අත්ථි නාමං, අත්ථි රූපං, තත්ථ කතමං නාමං: වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො, ඉදං වුච්චති නාමං.
Sinhala BJT‘නාමරූපපච්චයා ඡට්ඨායතනං’ යන මෙහි නාමයෙක් ඇත, රූපයෙක් ඇති. එහි නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය යන මේ නාම යයි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං රූපං: යං රූපං නිස්සාය මනොවිඤ්ඤාණධාතු වත්තති, ඉදං වුච්චති රූපං, ඉති ඉදඤ්ච නාමං ඉදඤ්ච රූපං, ඉදං වුච්චති නාමරූපං.
Sinhala BJTඑහි රූපය කවරෙ යත්: යම් රූපයෙක් නිසා මනෝවිඥානධාතුව පවතී ද, මේ රූප යි කියනු ලැබේ. මෙසේ මේ නාමය ද, මේ රූපය ද යන මේ නාමරූප යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං නාමරූපපච්චයා ඡට්ඨායතනං: යං චිත්තං මනො මානසං -පෙ- තජ්ජා මනොවිඤ්ඤාණධාතු, ඉදං වුච්චති නාමරූපපච්චයා ඡට්ඨායතනං.
Sinhala BJTඑහි නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ නාමරූපප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතන යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො ඡට්ඨායතනපච්චයා ඵස්සො: යො ඵස්සො ඵුසනා සම්ඵුසනා සම්ඵුසිතත්තං, අයං වුච්චති ඡට්ඨායතනපච්චයා ඵස්සො -පෙ- තෙන වුච්චති එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොතීති.
Sinhala BJTඑහි ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය කවරෙ යත්: යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශාකාරයෙක් මොනොවට ස්පර්‍ශ කරන අයුරෙක් මොනොවට ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශ යි කියනු ලැබේ … එහෙයින් ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි කියනු ලැබේ.
Pali BJT374. තස්මිං සමයෙ අවිජ්ජාපච්චයා සඞ්ඛාරො, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමරූපං, නාමරූපපච්චයා සළායතනං, ඡට්ඨායතනපච්චයා ඵස්සො, ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා උපාදානං, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං, එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJT374. එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමරූප වෙයි, නාමරූපප්‍රත්‍යයෙන් ෂඩායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි, මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.
Pali BJTතත්ථ කතමා අවිජ්ජා: යං අඤ්ඤාණං අදස්සනං -පෙ- අවිජ්ජාලඞ්ගි මොහො අකුසලමූලං, අයං වුච්චති අවිජ්ජා.
Sinhala BJTඑහි අවිද්‍යා කවර යත්: යම් අඥානයෙක් අදර්‍ශනයෙක් … අවිද්‍යාපරිඝයෙක් මෝහ සඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ අවිද්‍යා යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො අවිජ්ජාපච්චයා සඞ්ඛාරො: යා චෙතනා සඤ්චෙතනා චෙතයිතත්තං, අයං වුච්චති අවිජ්ජාපච්චයා සඞ්ඛාරො.
Sinhala BJTඑහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය කවරෙ යත්: යම් චේතනාවක් සංචේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාර යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං: යං චිත්තං මනො මානසං -පෙ- තජ්ජා මනොවිඤ්ඤාණධාතු, ඉදං වුච්චති සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං.
Sinhala BJTඑහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුවෙක් වේ ද, මේ සංස්කාරප්‍රත්‍යයෙන් විඥාන යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං විඤ්ඤාණපච්චයා නාමරූපං: අත්ථි නාමං, අත්ථි රූපං.
Sinhala BJTඑහි විඥානප්‍රත්‍යයෙන් නාමරූපය කවරෙ යත්: නාමයෙක් ඇත. රූපයෙක් ඇති.
Pali BJTතත්ථ කතමං නාමං: වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො, ඉදං වුච්චති නාමං.
Sinhala BJTඑහි නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය යන මේ නාම යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං රූපං: චක්ඛායතනස්ස උපචයො -පෙ- කායායතනස්ස උපචයො, යං වා පනඤ්ඤම්පි අත්ථි රූපං චිත්තජං චිත්තහෙතුකං චිත්තසමුඨානං, ඉදං වුච්චති රූපං. ඉති ඉදඤ්ච නාමං ඉදඤ්ච රූපං, ඉදං වුච්චති විඤ්ඤාණපච්චයා නාමරූපං.
Sinhala BJTඑහි රූපය කවරෙ යත්: චක්ඛායතනයාගේ ඉපැත්මෙක් … කායායතනයාගේ ඉපැත්මෙක් වේ ද, අන්‍යවූ ද චිත්තජ වූ චිත්තහේතුක වූ චිත්තසමුට්ඨාන වූ යම් රූපයෙක් වේ ද, මේ රූප යි කියනු ලැබේ. මෙසේ මේ නාමය ද මේ රූපය ද යන මේ විඥානප්‍රත්‍යයෙන් නාමරූප යි කියනු ලැබේ.
Pali BJTනාමරූපපච්චයා සළායතනන්ති අත්ථි නාමං, අත්ථි රූපං.
Sinhala BJTනාමරූපච්චයා සළායතනං යනු නාමයෙක් ඇත රූපයෙක් ඇති.