Vibhaṅga

Analysis

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1501-1600 න් 4235

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTසමුදයසච්චං ගන්ථො චෙව ගන්ථසම්පයුත්තඤ්ච, සියා න වත්තබ්බං ගන්ථො චෙව ගන්ථසම්පයුත්තන්තිපි, ගන්ථසම්පයුත්තඤ්චෙව නො ච ගන්ථොතිපි. ද්වෙ සච්චා න වත්තබ්බා ගන්ථා චෙව ගන්ථසම්පයුත්තාති’පි, ගන්ථසම්පයුත්තා චෙව නො ච ගන්ථාතිපි. දුක්ඛසච්චං සියා ගන්ථො චෙව ගන්ථසම්පයුත්තඤ්ච, සියා ගන්ථසම්පයුත්තඤ්චෙව නො ච ගන්ථො, සියා න වත්තබ්බං ගන්ථො චෙව ගන්ථසම්පයුත්තන්තිපි, ගන්ථසම්පයුත්තඤ්චෙව නො ච ගන්ථොතිපි.
Sinhala BJTසමුදයසත්‍යය ග්‍රන්‍ථයෙක් ද වූයේ ම ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වෙයි, ග්‍රන්‍ථයෙක් ද වූයේ ම ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත යි ද ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වූයේ ම නො ද ග්‍රන්‍ථයෙකැ යි ද නො කියයුතු වන්නේ ය. සත්‍යයෝ දෙදෙනෙක් ග්‍රන්‍ථ ද වූවාහු ම ග්‍රන්‍ථසම්ප්‍රයුක්තහ යි ද ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වූවාහු ම නො ද ග්‍රන්‍ථහ යි ද, නො කියයුත්තාහ. දුඃඛසත්‍යය ග්‍රන්‍ථයෙක් ද වූයේ ම ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වන්නේ ය, ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වූයේ ම නො ද ග්‍රන්‍ථයෙක් ද වන්නේ ය, ග්‍රන්‍ථයෙක් ද වූයේ ම ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත යි ද ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වූයේ ම නො ද ග්‍රන්‍ථයෙකැ යි ද නො කියයුතු වන්නේ යි.
Pali BJTද්වෙ සච්චා ගන්ථවිප්පයුත්තඅගන්ථනියා. ද්වෙ සච්චා සියා ගන්ථවිප්පයුත්තගන්ථනියා, සියා න වත්තබ්බා ගන්ථවිප්පයුත්තගන්ථනියාතිපි ගන්ථවිප්පයුත්තඅගන්ථනියාතිපි.
Sinhala BJTසත්‍යයෝ දෙදෙනෙක් ග්‍රන්‍ථවිප්‍රයුක්තඅග්‍රන්‍ථනීය වෙති. සත්‍යයෝ දෙදෙනෙක් ග්‍රන්‍ථවිප්‍රයුක්ත ග්‍රන්‍ථනීය ද වන්නාහ, ග්‍රන්‍ථවිප්‍රයුක්තග්‍රන්‍ථනීයහ ද ග්‍රන්‍ථවිප්‍රයුක්ත අග්‍රන්‍ථනීයහ යි ද නො කියයුතු වන්නාහු යි.
Pali BJT301-303. සමුදයසච්චං ඔඝො -පෙ- යොගො -පෙ- නීවරණං. ද්වෙ සච්චා නො නීවරණා. දුක්ඛසච්චං සියා නීවරණං, සියා නො නීවරණං.
Sinhala BJT301-303. සමුදයසත්‍යය ඕඝයෙකි, … යෝගයෙකි, … නීවරණයෙකි, සත්‍යයෝ දෙදෙනෙක් නීවරණයෝ නො වෙති. දුඃඛසත්‍යය නීවරණ ද වන්නේ ය, නීවරණ නො ද වන්නේ යි.
Pali BJTද්වෙ සච්චා නීවරණියා. ද්වෙ සච්චා අනීවරණියා.
Sinhala BJTසත්‍යයෝ දෙදෙනෙක් නීවරණිය වෙති. සත්‍යයෝ දෙදෙනෙක් අනීවරණිය වෙත්.
Pali BJTසමුදයසච්චං නීවරණසම්පයුත්තං. ද්වෙ සච්චා නීවරණවිප්පයුත්තා. දුක්ඛසච්චං සියා නීවරණසම්පයුත්තං, සියා නීවරණවිප්පයුත්තං.
Sinhala BJTසමුදයසත්‍යය නීවරණසම්ප්‍රයුක්ත ය. සත්‍යයෝ දෙදෙනෙක් නීවරණවිප්‍රයුක්ත යෝ ය. දුඃඛසත්‍යය නීවරණසම්ප්‍රයුක්ත ද වන්නේ ය, නීවරණවිප්‍රයුක්ත ද වන්නෝ යි.
Pali BJTසමුදයසච්චං නීවරණං චෙව නීවරණියඤ්ච. ද්වෙ සච්චා න වත්තබ්බා නීවරණා චෙව නීවරණියාතිපි, නීවරණියා චෙව නො ච නීවරණාතිපි. දුක්ඛසච්චං සියා නීවරණඤ්චෙව නීවරණියඤ්ච, සියා නීවරණියඤ්චෙව නො ච නීවරණං.
Sinhala BJTසමුදයසත්‍යය නීවරණ ද වූයේ ම නීවරණිය ද වෙයි. සත්‍යයෝ දෙදෙනෙක් නීවරණ ද වූවාහු ම නීවරණියහ යි ද නීවරණිය ද වූවාහු ම නො ද නීවරණහ යි ද නො කිය යුත්තාහ. දුඃඛසත්‍යය නීවරණ ද වූයේ ම නීවරණිය ද වන්නේ ය, නීවරණිය ද වූයේ ම නො ද නීවරණ ද වන්නේ යි.
Pali BJTසමුදයසච්චං නීවරණඤ්චෙව නීවරණසම්පයුත්තඤ්ච. ද්වෙ සච්චා න වත්තබ්බා නීවරණාචෙව නීවරණසම්පයුත්තාති’පි, නීවරණසම්පයුත්තාචෙව නො ච නීවරණාතිපි. දුක්ඛසච්චං සියා නීවරණං චෙව නීවරණසම්පයුත්තං ච, සියා නීවරණසම්පයුත්තං චෙව නො ච නීවරණං, සියා න වත්තබ්බං නීවරණං චෙව නීවරණසම්පයුත්තන්තිපි නීවරණසම්පයුත්තං චෙව නො ච නීවරණන්තිපි.
Sinhala BJTසමුදයසත්‍යය නීවරණ ද වූයේ ම නීවරණසම්ප්‍රයුක්ත ද වන්නේ ය. සත්‍යයෝ දෙදෙනෙක් නීවරණ ද වූවාහු ම නීවරණසම්ප්‍රයුක්තහ යි ද නීවරණසම්ප්‍රයුක්ත ද වූවාහු න නො ද නීවරණහ යි ද නො කියයුත්තාහ. දුඃඛසත්‍යය නීවරණ ද වූයේ ම නීවරණ සම්ප්‍රයුක්ත ද වන්නේ ය, නීවරණසම්ප්‍රයුක්ත ද වූයේ ම නො ද නීවරණ ද වන්නේ ය, නීවරණ ද වූයේ ම නීවරණසම්ප්‍රයුක්ත යි ද නීවරණසම්ප්‍රයුක්ත ද වූයේ ම නො ද නීවරණ යි ද නො කියයුතු වන්නේ යි.
Pali BJTද්වෙ සච්චා නීවරණවිප්පයුත්තඅනීවරණියා. සමුදයසච්චං න වත්තබ්බං නීවරණවිප්පයුත්තනීවරණියන්තිපි නීවරණවිප්පයුත්තඅනීවරණියන්ති’පි. දුක්ඛසච්චං සියා නීවරණවිප්පයුත්තනීවරණියං, සියා න වත්තබ්බං නීවරණවිප්පයුත්තනීවරණියන්ති’පි නීවරණවිප්පයුත්තඅනීවරණියන්තිපි.
Sinhala BJTසත්‍යයෝ දෙදෙනෙක් නීවරණවිප්‍රයුක්ත වූ අනීවරණිය වෙති. සමුදයසත්‍යය නීවරණවිප්‍රයුක්තනීවරණිය යයි ද නීවරණවිප්‍රයුක්තඅනීවරණිය යි ද නො කියයුත්තේ ය. දුඃඛසත්‍යය නීවරණවිප්‍රයුක්තනීවරණිය ද වන්නේ ය. නීවරණවිප්‍රයුක්තනීවරණිය යි ද නීවරණවිප්‍රයුක්තඅනීවරණිය යි ද නො කියයුතු වන්නේ යි.
Pali BJT304. තීණි සච්චානි නො පරාමාසා. දුක්ඛසච්චං සියා පරාමාසො, සියා නො පරාමාසො.
Sinhala BJT304. සත්‍යයෝ තිදෙනෙක් පරාමර්‍ශයෝ නො වෙති. දුඃඛසත්‍යය පරාමර්‍ශ ද වන්නේ ය, පරාමර්‍ශ නො ද වන්නේ යි.
Pali BJTද්වෙ සච්චා පරාමට්ඨා. ද්වෙ සච්චා අපරාමට්ඨා.
Sinhala BJTසත්‍යයෝ දෙදෙනෙක් පරාමෘෂ්ටයෝ ය. සත්‍යයෝ දෙදෙනෙක් අපරාමෘෂ්ටයෝ යි.
Pali BJTද්වෙ සච්චා පරාමාසවිප්පයුත්තා. සමුදයසච්චං සියා පරාමාසසම්පයුත්තං, සියා පරාමාසවිප්පයුත්තං. දුක්ඛසච්චං සියා පරාමාසසම්පයුත්තං, සියා පරාමාසවිප්පයුත්තං, සියා න වත්තබ්බං පරාමාසසම්පයුත්තන්ති’පි පරාමාසවිප්පයුත්තන්ති’පි.
Sinhala BJTසත්‍යයෝ දෙදෙනෙක් පරාමර්‍ශවිප්‍රයුක්තයෝ ය. සමුදයසත්‍යය පරාමර්‍ශසම්ප්‍රයුක්ත ද වන්නේ ය, පරාමර්‍ශවිප්‍රයුක්ත ද වන්නේ ය. දුඃඛසත්‍යය පරාමර්‍ශසම්ප්‍රයුක්ත ද වන්නේ ය, පරාමර්‍ශවිප්‍රයුක්ත ද වන්නේ ය, පරාමර්‍ශසම්ප්‍රයුක්ත යි ද පරාමර්‍ශවිප්‍රයුක්ත යි ද නො කියයුතු වන්නේ යි.
Pali BJTසමුදයසච්චං න වත්තබ්බං පරාමාසො චෙව පරාමට්ඨන්ති පරාමට්ඨං චෙව නො ච පරාමාසො. ද්වෙ සච්චා න වත්තබ්බා පරාමාසා චෙව පරාමට්ඨාතිපි පරාමට්ඨා චෙව නො ච පරාමාසාති’පි. දුක්ඛසච්චං සියා පරාමාසො චෙව පරාමට්ඨං ච, සියා පරාමට්ඨං චෙව නො ච පරාමාසො.
Sinhala BJTසමුදයසත්‍යය පරාමර්‍ශ ද වූයේ ම පරාමෘෂ්ට යි නො කියයුත්තේ ය. පරාමෘෂ්ට ද වූයේ ම නො ද පරාමර්‍ශයෙක් වෙයි. සත්‍යයෝ දෙදෙනෙක් පරාමර්‍ශද වූවාහු ම පරාමෘෂ්ට යි ද පරාමෘෂ්ට ද වූවාහු ම නො ද පරාමර්‍ශ යි ද නො කියයුත්තාහ. දුඃඛසත්‍යය පරාමර්‍ශ ද වූයේ ම පරාමෘෂ්ටයෙක් ද වන්නේ ය, පරාමෘෂ්ට ද වූයේ ම නො ද පරාමර්‍ශයෙක් ද වන්නේ යි.
Pali BJTද්වෙ සච්චා පරාමාසවිප්පයුත්තඅපරාමට්ඨා. ද්වෙ සච්චා සියා පරාමාසවිප්පයුත්තපරාමට්ඨා, සියා න වත්තබ්බා පරාමාසවිප්පයුත්තපරාමට්ඨාති’පි පරාමාසවිප්පයුත්තඅපරාමට්ඨාති’පි.
Sinhala BJTසත්‍යයෝ දෙදෙනෙක් පරාමර්‍ශවිප්‍රයුක්තඅපරාමෘෂ්ටයෝ ය. සත්‍යයෝ දෙදෙනෙක් පරාමර්‍ශවිප්‍රයුකත්පරාමෘෂ්ට ද වන්නාහ, පරාමර්‍ශවිප්‍රයුක්තපරාමෘෂ්ටහ යි ද පරාමර්‍ශවිප්‍රයුක්තඅපරාමෘෂ්ටහ යි ද නො කියයුතු වන්නාහු යි.
Pali BJT305. ද්වෙ සච්චා සාරම්මණා. නිරොධසච්චං අනාරම්මණං. දුක්ඛසච්චං සියා සාරම්මණං, සියා අනාරම්මණං.
Sinhala BJT305. සත්‍යයෝ දෙදෙනෙක් සාලම්බනයෝ ය. නිරෝධසත්‍යය අනාලම්බන ය. දුඃඛසත්‍යය සාලම්බන ද වන්නේ ය, අනාලම්බන ද වන්නේ යි.
Pali BJTතීණි සච්චානි නො චිත්තා. දුක්ඛසච්චං සියා චිත්තං, සියා නොචිත්තං.
Sinhala BJTසත්‍යයෝ තිදෙනෙක් චිත්තයෝ නො වෙති. දුඃඛසත්‍යය චිත්ත ද වන්නේ ය, නො ද චිත්ත ද වන්නේ යි.
Pali BJTද්වෙ සච්චා චෙතසිකා. නිරොධසච්චං අචෙතසිකං. දුක්ඛසච්චං සියා චෙතසිකං, සියා අචෙතසිකං.
Sinhala BJTසත්‍යයෝ දෙදෙනෙක් චෛතසිකයෝ ය. නිරෝධසත්‍යය අචෛතසික ය. දුඃඛසත්‍යය චෛතසික ද වන්නේ ය, අචෛතසතික ද වන්නේ යි
Pali BJTද්වෙ සච්චා චිත්තසම්පයුත්තා. නිරොධසච්චං චිත්තවිප්පයුත්තං. දුක්ඛසච්චං සියා චිත්තසම්පයුත්තං, සියා චිත්තවිප්පයුත්තං, සියා න වත්තබ්බං චිත්තෙනසම්පයුත්තන්ති’පි චිත්තෙනවිප්පයුත්තන්ති’පි.
Sinhala BJTසත්‍යයෝ දෙදෙනෙක් චිත්තසම්ප්‍රයුක්තයෝ ය. නිරෝධසත්‍යය චිත්තවිප්‍රයුක්ත ය, දුඃඛසත්‍යය චිත්තසම්ප්‍රයුක්ත ද වන්නේ ය, චිත්තවිප්‍රයුක්ත ද වන්නේ ය, චිත්තය හා සම්ප්‍රයුක්ත යි ද චිත්තය හා විප්‍රයුක්ත යි ද නො කියයුතු ද වන්නේ යි.
Pali BJTද්වෙ සච්චා චිත්තසංසට්ඨා. නිරොධසච්චං චිත්තවිසංසට්ඨං. දුක්ඛසච්චං සියා චිත්තසංසට්ඨං, සියා චිත්තවිසංසට්ඨං, සියා න වත්තබ්බං චිත්තෙනසංසට්ඨන්ති’පි, චිත්තෙනවිසංසට්ඨන්ති’පි.
Sinhala BJTසත්‍යයෝ දෙදෙනෙක් චිත්තසංසෘෂ්ටයෝ ය. නිරෝධසත්‍යය චිත්තවිසංසෘෂ්ට ය. දුඃඛසත්‍යය චිත්තසංසෘෂ්ට ද වන්නේ ය, චිත්තවිසංසෘෂ්ට ද වන්නේ ය, චිත්තය හා සංසෘෂ්ට යි ද චිත්තය හා විසංසෘෂ්ට යි ද නො කියයුතු වන්නේ යි.
Pali BJTද්වෙ සච්චා චිත්තසමුට්ඨානා. නිරොධසච්චං නො චිත්තසමුට්ඨානං. දුක්ඛසච්චං සියා චිත්තසමුට්ඨානං, සියා නො චිත්තසමුට්ඨානං.
Sinhala BJTසත්‍යයෝ දෙදෙනෙක් චිත්තසමුත්‍ථානයෝ ය. නිරෝධසත්‍යය චිත්තසමුත්‍ථාන නො වෙයි. දුඃඛසත්‍යය චිත්තසමුත්‍ථාන ද වන්නේ ය. චිත්තසමුත්‍ථාන නො ද වන්නේ යි.
Pali BJTද්වෙ සච්චා චිත්තසහභුනො. නිරොධසච්චං නො චිත්තසහභූ. දුක්ඛසච්චං සියා චිත්තසහභූ, සියා නො චිත්තසහභූ.
Sinhala BJTසත්‍යයෝ දෙදෙනෙක් චිත්තසහභූ වන්නාහ. නිරෝධසත්‍යය චිත්තසහභූ නො වෙයි. දුඃඛසත්‍යය චිත්තසහභූ ද වන්නේ ය. චිත්ත සහභූ නො ද වන්නේ යි.
Pali BJTද්වෙ සච්චා චිත්තානුපරිවත්තිනො, නිරොධසච්චං නො චිත්තානුපරිවත්ති. දුක්ඛසච්චං සියා චිත්තානුපරිවත්ති, සියා නො චිත්තානුපරිවත්ති.
Sinhala BJTසත්‍යයෝ දෙදෙනෙක් චිත්තානුපරිවර්තීහ. නිරෝධසත්‍යය චිත්තානුපරිවර්තී නො වෙයි. දුඃඛසත්‍යය චිත්තානුපරිවර්තී ද වන්නේ ය, චිත්තානුපරිවර්තී නො ද වන්නේ යි.
Pali BJTද්වෙ සච්චා චිත්තසංසට්ඨසමුට්ඨානා. නිරොධසච්චං නො චිත්තසංසට්ඨසමුට්ඨානං. දුක්ඛසච්චං සියා චිත්තසංසට්ඨසමුට්ඨානං, සියා නො චිත්තසංසට්ඨසමුට්ඨානං.
Sinhala BJTසත්‍යයෝ දෙදෙනෙක් චිත්තසංසෘෂ්ටසමුත්‍ථානයෝ ය. නිරෝධසත්‍යය චිත්තසංසෘෂ්ටසමුත්‍ථාන නො වෙයි. දුඃඛසත්‍යය චිත්තසංසෘෂ්ටසමුත්‍ථාන ද වන්නේ ය. චිත්තසංසෘෂ්ටසමුත්‍ථාන නො ද වන්නේ යි.
Pali BJTද්වෙ සච්චා චිත්තසංසට්ඨසමුට්ඨානසහභුනො. නිරොධසච්චං නො චිත්තසංසට්ඨසමුට්ඨානසහභූ. දුක්ඛසච්චං සියා චිත්තසංසට්ඨසමුට්ඨානසහභූ, සියා නො චිත්තසංසට්ඨසමුට්ඨානසහභූ.
Sinhala BJTසත්‍යයෝ දෙදෙනෙක් චිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූහ. නිරෝධසත්‍යය චිත්ත සංසෘෂ්ටසමුත්‍ථානසහභූ නො වෙයි. දුඃඛසත්‍යය චිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූ ද වන්නේ ය, චිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූ නො ද වන්නේ යි.
Pali BJTද්වෙ සච්චා චිත්තසංසට්ඨසමුට්ඨානානුපරිවත්තිනො. නිරොධසච්චං නො චිත්තසංසට්ඨසමුට්ඨානානුපරිවත්ති. දුක්ඛසච්චං සියා චිත්තසංසට්ඨසමුට්ඨානානුපරිවත්ති, සියා නො චිත්තසංසට්ඨසමුට්ඨානානුපරිවත්ති.
Sinhala BJTසත්‍යයෝ දෙදෙනෙක් චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්තීහ. නිරෝධසත්‍යය චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්තී නො වෙයි. දුඃඛසත්‍යය චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්තී ද වන්නේ ය, චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්තී නො ද වන්නේ යි.
Pali BJTතීණි සච්චානි බාහිරා. දුක්ඛසච්චං සියා අජ්ඣත්තිකං සියා බාහිරං.
Sinhala BJTසත්‍යයෝ තිදෙනෙක් බාහිරයෝ ය. දුඃඛසත්‍යය ආධ්‍යාත්මික ද වන්නේ ය, බාහිර ද වන්නේ යි.
Pali BJTතීණි සච්චානි නො උපාදා. දුක්ඛසච්චං සියා උපාදා, සියා නො උපාදා.
Sinhala BJTසත්‍යයෝ තිදෙනෙක් උපාදා නො වෙති. දුඃඛසත්‍යය උපාදා ද වන්නේ ය. උපාදා නො ද වන්නේ යි.
Pali BJTතීණි සච්චානි අනුපාදින්නා. දුක්ඛසච්චං සියා උපාදින්නං, සියා අනුපාදින්නං.
Sinhala BJTසත්‍යයෝ තිදෙනෙක් අනුපාදින්නයෝ ය. දුඃඛසත්‍යය උපාදින්න ද වන්නේ ය, අනුපාදින්න ද වන්නේ යි.
Pali BJT306. සමුදයසච්චං උපාදානං. ද්වෙ සච්චා නො උපාදානං. දුක්ඛසච්චං සියා උපාදානං, සියා නො උපාදානං.
Sinhala BJT306. සමුදයසත්‍යය උපාදාන වෙයි. සත්‍යයෝ දෙ දෙනෙක් උපාදානයෝ නො වෙති. දුඃඛසත්‍යය උපාදාන ද වන්නේ ය, උපාදාන නො ද වන්නේ යි.
Pali BJTද්වෙ සච්චා උපාදානියා. ද්වෙ සච්චා අනුපාදානියා.
Sinhala BJTසත්‍යයෝ දෙදෙනෙක් උපාදානිය වෙති. සත්‍යයෝ දෙදෙනෙක් අනුපාදානිය වෙත්.
Pali BJTද්වෙ සච්චා උපාදානවිප්පයුත්තා. ද්වෙ සච්චා සියා උපාදානසම්පයුත්තා, සියා උපාදානවිප්පයුත්තා.
Sinhala BJTසත්‍යයෝ දෙදෙනෙක් උපාදානවිප්‍රයුක්තයෝ ය. සත්‍යයෝ දෙදෙනෙක් උපාදාන සම්ප්‍රයුක්ත ද වන්නාහ, උපාදානවිප්‍රයුක්ත ද වන්නාහු යි.
Pali BJTසමුදයසච්චං උපාදානං චෙව උපාදානියඤ්ච. ද්වෙ සච්චා න වත්තබ්බා උපාදානා චෙව උපාදානියාතිපි, උපාදානියා චෙව නො ච උපාදානාති’පි. දුක්ඛසච්චං සියා උපාදානං චෙව උපාදානියඤ්ච, සියා උපාදානියං චෙව නො ච උපාදානං.
Sinhala BJTසමුදයසත්‍යය උපාදාන ද වූයේ ම උපාදානිය ද වෙයි. සත්‍යයෝ දෙ දෙනෙක් උපාදාන ද වූවාහු ම උපාදානිය වෙතී ද උපාදානිය ද වූවාහු ම නො ද උපාදාන වෙතී ද නො කියයුත්තාහ. දුඃඛසත්‍යය උපාදාන ද වූයේ ම උපාදානිය ද වන්නේ ය, උපාදානිය ද වූයේ ම නො ද උපාදාන ද වන්නේ යි.
Pali BJTසමුදයසච්චං සියා උපාදානං චෙව උපාදානසම්පයුත්තඤ්ච, සියා න වත්තබ්බං උපාදානං චෙව උපාදානසම්පයුත්තන්ති’පි, උපාදානසම්පයුත්තඤ්චෙව නො ච උපාදානන්තිපි. ද්වෙ සච්චා න වත්තබ්බා උපාදානා චෙව උපාදානසම්පයුත්තාතිපි උපාදානසම්පයුත්තා චෙව නො ච උපාදානාතිපි. දුක්ඛසච්චං සියා උපාදානං චෙව උපාදානසම්පයුත්තං ච, සියා උපාදානසම්පයුත්තං චෙව නො ච උපාදානං, සියා න වත්තබ්බං උපාදානං චෙව උපාදානසම්පයුත්තන්තිපි, උපාදානසම්පයුත්තං චෙව නො ච උපාදානන්තිපි.
Sinhala BJTසමුදයසත්‍යය උපාදාන ද වූයේ ම උපාදානසම්ප්‍රයුක්ත ද වන්නේ ය, උපාදාන ද වූයේ ම උපාදානසම්ප්‍රයුක්ත යි ද උපාදානසම්ප්‍රයුක්ත ද වූයේ ම නො ද උපාදාන යි න නො කියයුතු වන්නේ ය. සත්‍යයෝ දෙ දෙනෙක් උපාදාන ද වූවාහු ම උපාදානසම්ප්‍රයුක්තහ යි ද උපාදාන සම්ප්‍රයුක්ත ද වූවාහු ම නො ද උපාදානහ යි ද නො කියයුත්තාහ. දුඃඛසත්‍යය උපාදාන ද වූයේ ම උපාදානසම්ප්‍රයුක්ත ද වන්නේ ය, උපාදානසම්ප්‍රයුක්ත ද වූයේ ම නො ද උපාදාන ද වන්නේ ය. උපාදාන ද වූයේ ම උපාදානසම්ප්‍රයුක්ත යි ද උපාදානසම්ප්‍රයුක්ත ද වූයේ ම නො ද උපාදාන යි ද නො කියයුතු වන්නේ යි.
Pali BJTද්වෙ සච්චා උපාදානවිප්පයුත්තඅනුපාදානියා, ද්වෙ සච්චා සියා උපාදානවිප්පයුත්තඋපාදානියා, සියා න වත්තබ්බා උපාදානවිප්පයුත්තඋපාදානියාතිපි. උපාදානවිප්පයුත්තඅනුපාදානියාතිපි.
Sinhala BJTසත්‍යයෝ දෙදෙනෙක් උපාදානවිප්‍රයුක්තඅනුපාදානිය වෙති. සත්‍යයෝ දෙදෙනෙක් උපාදානවිප්‍රයුක්තඋපාදානිය ද වන්නාහ, උපාදානවිප්‍රයුක්තඋපාදානිය යි ද උපාදානවිප්‍රයුක්ත අනුපාදානිය යි ද නො කියයුතු වන්නාහු යි.
Pali BJT307. සමුදයසච්චං කිලෙසො. ද්වෙ සච්චා නො කිලෙසා. දුක්ඛසච්චං සියා කිලෙසො. සියා නො කිලෙසො.
Sinhala BJT307. සමුදයසත්‍යය ක්ලේශයෙකි. සත්‍යයෝ දෙදෙනෙක් ක්ලේශයෝ නො වෙති. දුඃඛසත්‍යය ක්ලේශයෙක් ද වන්නේ ය, ක්ලේශයෙක් නො ද වන්නේ යි.
Pali BJTද්වෙ සච්චා සංකිලෙසිකා. ද්වෙ සච්චා අසංකිලෙසිකා.
Sinhala BJTසත්‍යයෝ දෙදෙනෙක් සාංක්ලේශිකයෝ ය. සත්‍යයෝ දෙදෙනෙක් අසාංක්ලේශිකයෝ යි.
Pali BJTසමුදයසච්චං සංකිලිට්ඨං. ද්වෙ සච්චා අසංකිලිට්ඨා. දුක්ඛසච්චං සියා සංකිලිට්ඨං, සියා අසංකිලිට්ඨං.
Sinhala BJTසමුදයසත්‍යය සංක්ලිෂ්ට ය. සත්‍යයෝ දෙ දෙනෙක් අසංක්ලිෂ්ටයෝ ය, දුඃඛස්‍යය සංක්ලිෂ්ට ද වන්නේ ය, අසංක්ලිෂ්ට ද වන්නේ යි.
Pali BJTසමුදයසච්චං කිලෙසසම්පයුත්තං. ද්වෙ සච්චා කිලෙසවිප්පයුත්තා. දුක්ඛසච්චං සියා කිලෙසසම්පයුත්තං, සියා කිලෙසවිප්පයුත්තං.
Sinhala BJTසමුදයසත්‍යය ක්ලේශසම්ප්‍රයුක්ත ය. සත්‍යයෝ දෙ දෙනෙක් ක්ලේශවිප්‍රයුක්තයෝ ය. දුඃඛසත්‍යය ක්ලේශසම්ප්‍රයුක්ත ද වන්නේ ය. ක්ලේශවිප්‍රයුක්ත ද වන්නේ යි.
Pali BJTසමුදයසච්චං කිලෙසො චෙව සංකිලෙසිකඤ්ච. ද්වෙ සච්චා න වත්තබ්බා කිලෙසා චෙව සංකිලෙසිකාතිපි සංකිලෙසිකා චෙව නො ච කිලෙසාතිපි. දුක්ඛසච්චං සියා කිලෙසො චෙව සංකිලෙසිකඤ්ච, සියා සංකිලෙසිකං චෙව නො ච කිලෙසො.
Sinhala BJTසමුදයසතය්‍ය ක්ලේශයෙක් ද වූයේ ම සාංක්ලේශික ද වෙයි. සත්‍යයෝ දෙදෙනෙක් ක්ලේශ ද වූවාහු ම සාංක්ලේශිකහ යි ද සාංක්ලේශික ද වූවාහු ම නො ද ක්ලේශහයි ද නො කියයුත්තාහ. දුඃඛසත්‍යය ක්ලේශයෙක් ද වූයේ ම සාංක්ලේශික ද වන්නේ ය. සාංක්ලේශික ද වූයේ ම නො ද ක්ලේශයෙක් ද වන්නේ යි.
Pali BJTසමුදයසච්චං කිලෙසො චෙව සංකිලිට්ඨං ච. ද්වෙ සච්චා න වත්තබ්බා කිලෙසා චෙව සංකිලිට්ඨාතිපි සංකිලිට්ඨා චෙව නො ච කිලෙසාතිපි. දුක්ඛසච්චං සියා කිලෙසො චෙව සංකිලිට්ඨඤ්ච, සියා සංකිලිට්ඨඤ්චෙව නො ච කිලෙසො, සියා න වත්තබ්බං කිලෙසො චෙව සංකිලිට්ඨන්තිපි සංකිලිට්ඨං චෙව නො ච කිලෙසොතිපි.
Sinhala BJTසමුදයසත්‍යය ක්ලේශයෙක් ද වූයේ ම සංක්ලිෂ්ට ද වෙයි. සත්‍යයෝ දෙදෙනෙක් ක්ලේශ ද වූවාහු ම සංක්ලිෂ්ටහ යි ද වූවාහු ම නො ද ක්ලේශහ යි ද නො කිය යුත්තාහ. දුඃඛසත්‍යය ක්ලේශයෙක් ද වූයේ ම සංක්ලිෂ්ට ද වන්නේ ය, සංක්ලිෂ්ට ද වූයේ ම නො ද ක්ලේශයෙක් ද වන්නේ ය, ක්ලේශයෙක් ද වූයේ ම සංක්ලිෂ්ට යි ද සංක්ලිෂ්ට ද වූයේ ම නො ද ක්ලේශයෙකැ යි ද නො කියයුතු වන්නේ යි.
Pali BJTසමුදයසච්චං කිලෙසො චෙව කිලෙසසම්පයුත්තඤ්ච. ද්වෙ සච්චා න වත්තබ්බා කිලෙසා චෙව කිලෙසසම්පයුත්තාතිපි කිලෙසසම්පයුත්තා චෙව නො ච කිලෙසාතිපි. දුක්ඛසච්චං සියා කිලෙසො චෙව කිලෙසසම්පයුත්තං ච, සියා කිලෙසසම්පයුත්තං චෙව නො ච කිලෙසො, සියා න වත්තබ්බං කිලෙසො චෙව කිලෙසසම්පයුත්තන්තිපි කිලෙසසම්පයුත්තං චෙව නො ච කිලෙසොති’පි.
Sinhala BJTසමුදයසත්‍යය ක්ලේශයෙක් ද වූයේ ම ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. සත්‍යයෝ දෙදෙනෙක් ක්ලේශ ද වූවාහු ම ක්ලේශසම්ප්‍රයුක්තහ යි ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වූවාහු ම නො ද ක්ලේශහ යි ද නො කියයුත්තාහ. දුඃඛසත්‍යය ක්ලේශයෙක් ද වූයේ ම ක්ලේශසම්ප්‍රයුක්ත ද වන්නේ ය, ක්ලේශසම්ප්‍රයුක්ත ද වූයේ ම නො ද ක්ලේශයෙක් ද වන්නේ ය, ක්ලේශයෙක් ද වූයේ ම ක්ලේශසම්ප්‍රයුක්ත යි ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වූයේ ම නො ද ක්ලේශයෙකැ යි ද නො කියයුතු වන්නේ යි.
Pali BJTද්වෙ සච්චා කිලෙසම්පයුත්තඅසංකිලෙසිකා. සමුදයසච්චං න වත්තබ්බං කිලෙසවිප්පයුත්තසංකිලෙසිකන්ති’පි කිලෙසවිප්පයුත්තඅසංකිලෙසිකන්ති’පි. දුක්ඛසච්චං සියා කිලෙසවිප්පයුත්තසංකිලෙසිකං, සියා න වත්තබ්බං කිලෙසවිප්පයුත්තසංකිලෙසිකන්තිපි කිලෙසවිප්පයුත්තඅසංකිලෙසිකන්තිපි.
Sinhala BJTසත්‍යයෝ දෙදෙනෙක් ක්ලේශවිප්‍රයුක්තඅසාංක්ලේශිකයෝ ය. සමුදයසත්‍යය ක්ලේශවිප්‍රයුක්තසාංක්ලේශිකයෙකැ යි ද ක්ලේශවිප්‍රයුක්තඅසාංක්ලේශිකයෙකැ යි ද නො කියයුත්තේ ය. දුඃඛසත්‍යය ක්ලේශවිප්‍රයුක්තසාංක්ලේශික ද වන්නේ ය, ක්ලේශවිප්‍රයුක්තසාංක්ලේශික යි ද ක්ලේශවිප්‍රයුක්තඅසාංක්ලේශික යි ද නො කියයුතු වන්නේ යි.
Pali BJT308. ද්වෙ සච්චා න දස්සනෙන පහාතබ්බා. ද්වෙ සච්චා සියා දස්සනෙන පහාතබ්බා. සියා න දස්සනෙන පහාතබ්බා.
Sinhala BJT308. සත්‍යයෝ දෙදෙනෙක් දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යයෝ නො වෙති. සත්‍යයෝ දෙ දෙනෙක් දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය ද වන්නාහ, දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය නො ද වන්නාහු යි.
Pali BJTද්වෙ සච්චා න භාවනාය පහාතබ්බා. ද්වෙ සච්චා සියා භාවනාය පහාතබ්බා, සියා න භාවනාය පහාතබ්බා.
Sinhala BJTසත්‍යයෝ දෙදෙනෙක් භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ නො වෙති. සත්‍යයෝ දෙ දෙනෙක් භාවනායෙන් ප්‍රහාතව්‍ය ද වන්නාහ, භාවනායෙන් ප්‍රහාතව්‍ය නො ද වන්නාහු යි.
Pali BJTද්වෙ සච්චා න දස්සනෙන පහාතබ්බහෙතුකා. ද්වෙ සච්චා සියා දස්සනෙන පහාතබ්බහෙතුකා, සියා න දස්සනෙන පහාතබ්බහෙතුකා.
Sinhala BJTසත්‍යයෝ දෙදෙනෙක් දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතුක නො වෙති. සත්‍යයෝ දෙදෙනෙක් දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතුක ද වන්නාහ, දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතුක නො ද වන්නාහු යි.
Pali BJTද්වෙ සච්චා න භාවනාය පහාතබ්බහෙතුකා. ද්වෙ සච්චා සියා භාවනාය පහාතබ්බහෙතුකා, සියා න භාවනාය පහාතබ්බහෙතුකා.
Sinhala BJTසත්‍යයෝ දෙදෙනෙක් භාවනායෙන් ප්‍රහාතව්‍යහේතුක නො වෙති. සත්‍යයෝ දෙදෙනෙක් භාවනායෙන් ප්‍රහාතව්‍යහේතුක ද වන්නාහ, භාවනායෙන් ප්‍රහාතව්‍යහේතුක නො ද වන්නාහු යි.
Pali BJTසමුදයසච්චං සවිතක්කං. නිරොධසච්චං අවිතක්කං. ද්වෙ සච්චා සියා සවිතක්කා, සියා අවිතක්කා.
Sinhala BJTසමුදයසත්‍යය සවිතර්‍ක ය. නිරෝධසත්‍යය අවිතර්‍ක ය. සත්‍යයෝ දෙදෙනෙක් සවිතර්‍ක ද වන්නාහ, අවිතර්‍ක ද වන්නාහු යි.
Pali BJTසමුදයසච්චං සවිචාරං. නිරොධසච්චං අවිචාරං. ද්වෙ සච්චා සියා සවිචාරා, සියා අවිචාරා.
Sinhala BJTසමුදයසත්‍යය සවිචාර ය. නිරෝධසත්‍යය අවිචාර ය. සත්‍යයෝ දෙ දෙනෙක් සවිචාර ද වන්නාහ, අවිචාර ද වන්නාහු යි.
Pali BJTනිරොධසච්චං අප්පීතිකං. තීණි සච්චානි සියා සප්පීතිකා, සියා අප්පීතිකා
Sinhala BJTනිරෝධසත්‍යය අප්‍රීතික ය. සත්‍යයෝ තිදෙනෙක් සප්‍රීතික ද වන්නා හ, අප්‍රීතික ද වන්නාහු යි.
Pali BJTනිරොධසච්චං න පීතිසහගතං. තීණි සච්චානි සියා පීතිසහගතා, සියා න පීතිසහගතා.
Sinhala BJTනිරෝධසත්‍යය ප්‍රීතිසහගත නො වෙයි. සත්‍යයෝ තිදෙනෙක් ප්‍රීතිසහගත ද වන්නාහ, ප්‍රීතිසහගත නො ද වන්නාහු යි.
Pali BJTනිරොධසච්චං න සුඛසහගතං. තීණි සච්චානි සියා සුඛසහගතා, සියා න සුඛසහගතා.
Sinhala BJTනිරෝධසත්‍යය සුඛසහගත නො වෙයි. සත්‍යයෝ තිදෙනෙක් සුඛසහගත ද වන්නාහ, සුඛසහගත නො ද වන්නාහු යි.
Pali BJTනිරොධසච්චං න උපෙක්ඛාසහගතං. තීණි සච්චානි සියා උපෙක්ඛාසහගතා, සියා න උපෙක්ඛාසහගතා.
Sinhala BJTනිරෝධසත්‍යය උපේක්‍ෂාසහගත නො වෙයි. සත්‍යයෝ තිදෙනෙක් උපේක්‍ෂා සහගත ද වන්නාහ, උපේක්‍ෂාසහගත නො ද වන්නාහු යි.
Pali BJTසමුදයසච්චං කාමාවචරං. ද්වෙ සච්චා න කාමාවචරා. දුක්ඛසච්චං සියා කාමාවචරං, සියා න කාමාවචරං.
Sinhala BJTසමුදයසත්‍යය කාමාවචර ය. සත්‍යයෝ දෙ දෙනෙක් කාමාවචර නො වෙති. දුඃඛසත්‍යය කාමාවාචර ද වන්නේ ය, කාමාවාචර නො ද වන්නේ යි.
Pali BJTතීණි සච්චානි න රූපාවචරා. දුක්ඛසච්චං සියා රූපාවචරං, සියා න රූපාවචරං.
Sinhala BJTසත්‍යයෝ තිදෙනෙක් රූපාවචර නො වෙති. දුඃඛසත්‍යය රූපාවචර ද වන්නේ ය, රූපාවචර නො ද වන්නේ යි.
Pali BJTතීණි සච්චානි න අරූපාවචරා. දුක්ඛසච්චං සියා අරූපාවචරං, සියා න අරූපාවචරං
Sinhala BJTසත්‍යයෝ තිදෙනෙක් අරූපාවචර නො වෙති. දුඃඛසත්‍යය අරූපාවචර ද වන්නේ ය, අරූපාවචර නො ද වන්නේ යි.
Pali BJTද්වෙ සච්චා පරියාපන්නා. ද්වෙ සච්චා අපරියාපන්නා.
Sinhala BJTසත්‍යයෝ දෙදෙනෙක් පර්‍ය්‍යාපන්නයෝ ය. සත්‍යයෝ දෙදෙනෙක් අපර්‍ය්‍යාපන්නයෝ යි.
Pali BJTමග්ගසච්චං නිය්යානිකං. තීණි සච්චානි අනිය්යානිකා.
Sinhala BJTමාර්‍ගසත්‍යය නෛර්‍ය්‍යාණික ය. සත්‍යයෝ තිදෙනෙක් අනෛර්‍ය්‍යාණිකයෝ යි.
Pali BJTමග්ගසච්චං නියතං. නිරොධසච්චං අනියතං. ද්වෙ සච්චා සියා නියතා, සියා අනියතා.
Sinhala BJTමාර්‍ගසත්‍යය නියත ය. නිරෝධසත්‍යය අනියත ය. සත්‍යයෝ දෙදෙනෙක් නියත ද වන්නාහ, අනියත ද වන්නාහු යි.
Pali BJTද්වෙ සච්චා සඋත්තරා. ද්වෙ සච්චා අනුත්තරා.
Sinhala BJTසත්‍යයෝ දෙ දෙනෙක් ස උත්තරයෝ ය. සත්‍යයෝ දෙ දෙනෙක් අනුත්තරයෝ යි.
Pali BJTසමුදයසච්චං සරණං. ද්වෙ සච්චා අරණා. දුක්ඛසච්චං සියා සරණං සියා අරණන්ති.
Sinhala BJTසමුදයසත්‍යය සරණ ය. සත්‍යයෝ දෙ දෙනෙක් අරණයෝ ය. දුඃඛසත්‍යය සරණ ද වන්නේ ය. අරණ ද වන්නේ ය යි.
Pali BJTපඤ්හපුච්ඡකං.
Sinhala BJTපඤ්හපුච්ඡක යි.
Pali BJTසච්චවිභඞ්ගො නිට්ඨිතො
Sinhala BJTසත්‍යවිභඞ්ග නිමි.
Pali BJT5. ඉන්ද්රිය විභඞ්ගො
Sinhala BJT5. ඉන්‍ද්‍රියවිභඞ්ගය
Pali BJT309. බාවීසතින්ද්රියානි, චක්ඛුන්ද්රියං: සොතින්ද්රියං, ඝානින්ද්රියං, ජිව්හින්ද්රියං, කායින්ද්රියං, මනින්ද්රියං, ජීවිතින්ද්රියං, ඉත්ථින්ද්රියං, පුරිසින්ද්රියං, සුඛින්ද්රියං, දුක්ඛින්ද්රියං, සොමනස්සින්ද්රියං, දොමනස්සින්ද්රියං, උපෙක්ඛින්ද්රියං, සද්ධින්ද්රියං, විරියින්ද්රියං, සතින්ද්රියං, සමාධින්ද්රියං, පඤ්ඤින්ද්රියං, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං, අඤ්ඤින්ද්රියං, අඤ්ඤාතාවින්ද්රියං.
Sinhala BJT309. ඉන්‍ද්‍රියයෝ දෙවිසි දෙනෙකි: චක්ඛුන්‍ද්‍රිය ය, සෝතින්‍ද්‍රිය ය, ඝානින්‍ද්‍රිය ය, ජිව්හින්‍ද්‍රිය ය, කායින්‍ද්‍රිය ය, මනින්‍ද්‍රිය ය, ජීවිතින්‍ද්‍රිය ය, ඉත්‍ථින්‍ද්‍රිය ය, පුරිසින්‍ද්‍රිය ය, සුඛින්‍ද්‍රිය ය, දුක්ඛින්‍ද්‍රිය ය, සෝමනස්සින්‍ද්‍රිය ය, දෝමනස්සින්‍ද්‍රිය ය, උපෙක්ඛින්‍ද්‍රිය ය, සද්ධින්‍ද්‍රිය ය, විරියින්‍ද්‍රිය ය, සතින්‍ද්‍රිය ය, සමාධින්‍ද්‍රිය ය, පඤ්ඤින්‍ද්‍රිය ය. අනඤ්ඤාතඤ්ඤාස්සාමීතින්‍ද්‍රිය ය, අඤ්ඤින්‍ද්‍රිය ය, අඤ්ඤාතාවින්‍ද්‍රිය යි.
Pali BJT310. තත්ථ කතමං චක්ඛුන්ද්රියං: යං චක්ඛු චතුන්නං මහාභූතානං උපාදාය පසාදො -පෙ- සුඤ්ඤො ගාමොපෙසො. ඉදං වුච්චති චක්ඛුන්ද්රියං.
Sinhala BJT310. එහි චක්ඛුන්‍ද්‍රිය කවරෙ යත්: යම් ඇසෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වේ ද … තෙල ‘ශුන්‍යග්‍රාම’ නමුදු වේ. මේ චක්ඛුන්‍ද්‍රිය යි කියනු ලැබේ.
Pali BJT311-314. තත්ථ කතමං සොතින්ද්රියං -පෙ- ඝානින්ද්රියං -පෙ- ජිව්හින්ද්රියං -පෙ- කායින්ද්රියං: යො කායො චතුන්නං මහාභූතානං උපාදාය පසාදො -පෙ- සුඤ්ඤො ගාමොපෙසො. ඉදං වුච්චති කායින්ද්රියං.
Sinhala BJT311-314. එහි සෝතින්‍ද්‍රිය කවරෙ යත්: … ඝානින්‍ද්‍රිය … ජිව්හින්‍ද්‍රිය … කායින්‍ද්‍රිය කවරෙ යත්: යම් කයෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වේ ද … තෙල ශුන්‍යග්‍රාම නමුදු වේ. මේ කායින්‍ද්‍රිය යි කියනු ලැබේ.
Pali BJT315. තත්ථ කතමං මනින්ද්රියං: එකවිධෙන මනින්ද්රියං: ඵස්සසම්පයුත්තං.
Sinhala BJT315. එහි මනින්‍ද්‍රිය කවරෙ යත්: එක් ප්‍රකාරයෙකින් මනින්‍ද්‍රිය වෙයි. ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන මනින්ද්රියං: අත්ථි සහෙතුකං, අත්ථි අහෙතුකං.
Sinhala BJTද්විප්‍රකාරෙයකින් මනින්‍ද්‍රිය වෙයි: සහේතුකයෙක් ඇත, අහේතුකයෙක් ඇති.
Pali BJTතිවිධෙන මනින්ද්රියං: අත්ථි කුසලං, අත්ථි අකුසලං, අත්ථි අව්යාකතං.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් මනින්‍ද්‍රිය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති.
Pali BJTචතුබ්බිධෙන මනින්ද්රියං: අත්ථි කාමාවචරං, අත්ථි රූපාවචරං, අත්ථි අරූපාවචරං, අත්ථි අපරියාපන්නං.
Sinhala BJTචතුස්ප්‍රකාරයෙකින් මනින්‍ද්‍රිය වෙයි: කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපර්‍ය්‍යාපන්න වූයෙක් ඇති.
Pali BJTපඤ්චවිධෙන මනින්ද්රියං: අත්ථි සුඛින්ද්රියසම්පයුත්තං අත්ථි දුක්ඛින්ද්රියසම්පයුත්තං, අත්ථි සොමනස්සින්ද්රියසම්පයුත්තං, අත්ථි දොමනස්සින්ද්රියසම්පයුත්තං, අත්ථි උපෙක්ඛින්ද්රියසම්පයුත්තං.
Sinhala BJTපඤ්චප්‍රකාරයෙකින් මනින්‍ද්‍රිය වෙයි: සුඛින්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දුක්ඛින්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, සෝමනස්සින්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දෝමනස්සින්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, උපේක්‍ෂේන්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇති.
Pali BJTඡබ්බිධෙන මනින්ද්රියං: චක්ඛුවිඤ්ඤාණං, සොතවිඤ්ඤාණං, ඝානවිඤ්ඤාණං, ජිව්හාවිඤ්ඤාණං, කායවිඤ්ඤාණං, මනොවිඤ්ඤාණං. එවං ඡබ්බිධෙන මනින්ද්රියං.
Sinhala BJTෂට් ප්‍රකාරයෙකින් මනින්‍ද්‍රිය වෙයි: චක්‍ෂුර්විඥාන ය, ශ්‍රෝත්‍රවිඥාන ය, ඝාණවිඥාන ය, ජිහ්වාවිඥාන ය, කායවිඥාන ය, මනෝවිඥානය යි. මෙසේ ෂට් ප්‍රකාරයෙන් මනින්‍ද්‍රිය වේ.
Pali BJTසත්තවිධෙන මනින්ද්රියං: චක්ඛුවිඤ්ඤාණං, -පෙ- කායවිඤ්ඤාණං, මනොධාතු, මනොවිඤ්ඤාණධාතු. එවං සත්තවිධෙන මනින්ද්රියං.
Sinhala BJTසප්තප්‍රකාරයෙකින් මනින්‍ද්‍රිය වෙයි: චක්‍ෂුර්විඥාන ය … කායවිඥාන ය මනෝධාතු ය මනෝවිඥානධාතු යි. මෙසේ සප්තප්‍රකාරයෙන් මනින්‍ද්‍රිය වේ.
Pali BJTඅට්ඨවිධෙන මනින්ද්රියං: චක්ඛුවිඤ්ඤාණං, -පෙ- කායවිඤ්ඤාණං, අත්ථි සුඛසහගතං, අත්ථි දුක්ඛසහගතං, මනොධාතු, මනොවිඤ්ඤාණධාතු. එවං අට්ඨවිධෙන මනින්ද්රියං.
Sinhala BJTඅෂ්ටප්‍රකාරයෙකින් මනින්‍ද්‍රිය වෙයි: චක්‍ෂුර්විඥාන ය … කායවිඥානය සුඛසහගත වූයෙක් ඇත, දුඃඛසහගත වූයෙක් ඇත, මනෝධාතු ය, මනෝවිඥානධාතු යි. මෙසේ අෂ්ටප්‍රකාරයෙන් මනින්‍ද්‍රිය වේ.
Pali BJTනවවිධෙන මනින්ද්රියං: චක්ඛුවිඤ්ඤාණං, -පෙ- කායවිඤ්ඤාණං, මනොධාතු, මනොවිඤ්ඤාණධාතු. අත්ථි කුසලා, අත්ථි අකුසලා, අත්ථි අව්යාකතා. එවං නවවිධෙන මනින්ද්රියං.
Sinhala BJTනවප්‍රකාරයෙකින් මනින්‍ද්‍රිය වෙයි: චක්‍ෂුර්විඥාන ය … කායවිඥාන ය, මනෝ ධාතු ය, මනෝවිඥානධාතුව කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. මෙසේ නවප්‍රකාරයෙන් මනින්‍ද්‍රිය වේ.
Pali BJTදසවිධෙන මනින්ද්රියං: චක්ඛුවිඤ්ඤාණං, -පෙ- කායවිඤ්ඤාණං, අත්ථි සුඛසහගතං, අත්ථි දුක්ඛසහගතං, මනොධාතු, මනොවිඤ්ඤාණධාතු, අත්ථි කුසලා, අත්ථි අකුසලා, අත්ථි අව්යාකතා. එවං දසවිධෙන මනින්ද්රියං. (යථා විඤ්ඤාණක්ඛන්ධො තථා විත්ථාරො) -පෙ- එවං බහුවිධෙන මනින්ද්රියං. ඉදං වුච්චති මනින්ද්රියං.
Sinhala BJTදශප්‍රකාරයෙකින් මනින්‍ද්‍රිය වෙයි: චක්‍ෂුර්විඥාන ය … කායවිඥානය සුඛසහගත වූයෙක් ඇත, දුඃඛසහගත වූයෙක් ඇත, මනෝධාතු ය, මනෝවිඥානධාතුව කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. මෙසේ දශප්‍රකාරයෙන් මනින්‍ද්‍රිය වේ. (විස්තරය විඥානස්කන්‍ධය මෙනි) … මෙසේ බහුප්‍රකාරයෙන් මනින්‍ද්‍රිය වේ. මේ මනින්‍ද්‍රිය යි කියනු ලැබේ.
Pali BJT316. තත්ථ කතමං ජීවිතින්ද්රියං: ජීවිතින්ද්රියං දුවිධෙන: අත්ථි රූපජීවිතින්ද්රියං, අත්ථි අරූපජීවිතින්ද්රියං.
Sinhala BJT316. එහි ජීවිතින්‍ද්‍රිය කවරෙ යත්: ද්විප්‍රකාරයෙකින් ජීවිතින්‍ද්‍රිය වෙයි: රූප ජීවිතේන්‍ද්‍රියයෙක් ඇත, අරූපජීවිතෙන්‍ද්‍රියයෙක් ඇත.
Pali BJTතත්ථ කතමං රූපජීවිතින්ද්රියං: යො තෙසං රූපීනං ධම්මානං ආයු ඨිති යපනා යාපනා ඉරීයනා වත්තනා පාලනා ජීවිතං ජීවිතින්ද්රියං, ඉදං වුච්චති රූපජීවිතින්ද්රියං.
Sinhala BJTඑහි රූපජීවිතේන්‍ද්‍රිය කවරෙ යත්: ඒ රූපී ධර්‍මයන්ගේ යම් ආයුෂයෙක් සිටීමෙක් යැපීමෙක් යැපෙන අයුරෙක් ඉරියව් පැවැත්මෙක් වැටුමෙක් පාලනයෙක් ජීවිතයෙක් ජීවිතේන්‍ද්‍රියයෙක් වේ ද, මේ රූපජීවිතේන්‍ද්‍රිය යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං අරූපජීවිතින්ද්රියං: යො තෙසං අරූපීනං ධම්මානං ආයු ඨිති යපනා යාපනා ඉරීයනා වත්තනා පාලනා ජීවිතං ජීවිතින්ද්රියං, ඉදං වුච්චති අරූපජීවිතින්ද්රියං. ඉදං වුච්චති ජීවිතින්ද්රියං.
Sinhala BJTඑහි අරූපජීවිතෙන්‍ද්‍රිය කවරෙ යත්: ඒ අරූපීධර්‍මයන්ගේ යම් ආයුෂයෙක් සිටීමෙක් යැපීමෙක් යැපෙන අයුරෙක් ඉරියව් පැවැත්මකේ වර්‍තනයෙක් පාලනයෙක් ජීවිතයෙක් ජීවිතේන්‍ද්‍රියයෙක් වේ ද, මේ අරූපජීවිතෙන්‍ද්‍රිය යි කියනු ලැබේ. මේ ජීවිතේන්‍ද්‍රිය යි කියනු ලැබේ.
Pali BJT317. තත්ථ කතමං ඉත්ථින්ද්රියං: යං ඉත්ථියා ඉත්ථිලිඞ්ගං ඉත්ථිනිමිත්තං ඉත්ථිකුත්තං ඉත්ථාකප්පො ඉත්ථත්තං ඉත්ථිභාවො, ඉදං වුච්චති ඉත්ථින්ද්රියං.
Sinhala BJT317. එහි ස්ත්‍රීන්‍ද්‍රිය කවරෙ යත්: ස්ත්‍රිය පිළිබඳ වූ යම් ස්ත්‍රීලිඞ්ගයෙක් ස්ත්‍රීනිමිත්තයෙක් ස්ත්‍රීක්‍රියායෙක් ස්ත්‍රීආකල්පයෙක් ස්ත්‍රීත්‍වයෙක් ස්ත්‍රීභාවයෙක් වේ ද, මේ ස්ත්‍රීන්‍ද්‍රිය යි කියනු ලැබේ.
Pali BJT318. තත්ථ කතමං පුරිසින්ද්රියං: යං පුරිසස්ස පුරිසලිඞ්ගං පුරිසනිමිත්තං පුරිසකුත්තං පුරිසාකප්පො පුරිසත්තං පුරිසභාවො, ඉදං වුච්චති පුරිසින්ද්රියං.
Sinhala BJT318. එහි පුරුෂේන්‍ද්‍රිය කවරෙ යත්: පුරුෂයා පිළිබඳ යම් පුරුෂලිඞ්ගයෙක් පුරුෂනිමිත්තයෙක් පුරුෂකෘත්‍යයෙක් පුරුෂාකල්පයෙක් පුරුෂත්‍වයෙක් පුරුෂභාවයෙක් වේ ද, මේ පුරුෂේන්‍ද්‍රිය යි කියනු ලැබේ.
Pali BJT319. තත්ථ කතමං සුඛින්ද්රියං: යං කායිකං සාතං කායිකං සුඛං කායසම්ඵස්සජං සාතං සුඛං වෙදයිතං කායසම්ඵස්සජා සාතා සුඛා වෙදනා, ඉදං වුච්චති සුඛින්ද්රියං.
Sinhala BJT319. එහි සුඛින්‍ද්‍රිය කවරෙ යත්: යම් කායික වූ මිහිරෙක් කායිකසුඛයෙක් කාය සංස්පර්‍ශයෙන් උපන් සාතසුඛවේදයිතයෙක් කායසංස්පර්‍ශයෙන් උපන් සාතසුඛවේදනාවක් වේ ද, මේ සුඛින්‍ද්‍රිය යි කියනු ලැබේ.
Pali BJT320. තත්ථ කතමං දුක්ඛින්ද්රියං: යං කායිකං අසාතං කායිකං දුක්ඛං කායසම්ඵස්සජා අසාතං දුක්ඛං වෙදයිතං කායසම්ඵස්සජා අසාතා දුක්ඛා වෙදනා, ඉදං වුච්චති දුක්ඛින්ද්රියං.
Sinhala BJT320. එහි දුක්ඛින්‍ද්‍රිය කවරෙ යත්: යම් කායික වූ නො මිහිරෙක් කායික වූ දුඃඛයෙක් කායසංස්පර්‍ශයෙන් උපන් නො මිහිරි වූ දුක් වූ වේදයිතයෙක් කායසංස්පර්‍ශයෙන් උපන් නො මිහිරි වූ දුක් වූ වේදනාවක් වේ ද, මේ දුක්ඛින්‍ද්‍රිය යි කියනු ලැබේ.
Pali BJT321. තත්ථ කතමං සොමනස්සින්ද්රියං: යං චෙතසිකං සාතං චෙතසිකං සුඛං චෙතොසම්ඵස්සජං සාතං සුඛං වෙදයිතං චෙතොසම්ඵස්සජා සාතා සුඛා වෙදනා, ඉදං වුච්චති සොමනස්සින්ද්රියං.
Sinhala BJT321. එහි සෝමනස්සින්‍ද්‍රිය කවරෙ යත්: යම් චෛතසික වූ සාතයෙක් චෛතසික වූ සුඛයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාතසුඛවේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාතසුඛවේදනාවක් වේ ද, මේ සෝමනස්සින්‍ද්‍රිය යි කියනු ලැබේ.
Pali BJT322. තත්ථ කතමං දොමනස්සින්ද්රියං: යං චෙතසිකං අසාතං චෙතසිකං දුක්ඛං චෙතොසම්ඵස්සජං අසාතං දුක්ඛං වෙදයිතං චෙතොසම්ඵස්සජා අසාතා දුක්ඛා වෙදනා, ඉදං වුච්චති දොමනස්සින්ද්රියං.
Sinhala BJT322. එහි දෝමනස්සින්‍ද්‍රිය කවරෙ යත්: යම් චෛතසික වූ අසාතයෙක් චෛතසික වූ දුඃඛයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් අසාත වූ දුඃඛ වූ වේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් අසාත වූ දුඃඛ වූ වේදනායෙක් වේ ද, මේ දෝමනස්සින්‍ද්‍රිය යි කියනු ලැබේ.
Pali BJT323. තත්ථ කතමං උපෙක්ඛින්ද්රියං: යං චෙතසිකං නෙවසාතං නාසාතං චෙතොසම්ඵස්සජං අදුක්ඛමසුඛං වෙදයිතං චෙතොසම්ඵස්සජා අදුක්ඛමසුඛා වෙදනා, ඉදං වුච්චති උපෙක්ඛින්ද්රියං.
Sinhala BJT323. එහි උපෙක්ඛින්‍ද්‍රිය කවරෙ යත්: යම් චෛතසික වූ නො ම සාත වූ අසාත නො වූ වේදනායෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් නො දුක් නො සුව වේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් නො දුක් නො සුව වේදනායෙක් වේ ද, මේ උපෙක්ඛින්‍ද්‍රිය යි කියනු ලැබේ.
Pali BJT324. තත්ථ කතමං සද්ධින්ද්රියං: යා සද්ධා සද්දහනා ඔකප්පනා අභිප්පසාදො සද්ධා සද්ධින්ද්රියං සද්ධාබලං, ඉදං වුච්චති සද්ධින්ද්රියං.
Sinhala BJT324. එහි සද්ධින්‍ද්‍රිය කවරෙ යත්: යම් හැදහීමෙක් හදහන අයුරෙක් (ගුණයෙහි) බැස ගැනීමෙක් අධිකප්‍රසාදයෙක් ශ්‍රද්ධාවක් ශ්‍රද්ධේන්‍ද්‍රියයෙක් ශ්‍රද්ධාබලයෙක් වේ ද, මේ සද්ධින්‍ද්‍රිය යි කියනු ලැබේ.
Pali BJT325. තත්ථ කතමං විරියින්ද්රියං: යො චෙතසිකො විරියාරම්භො, නික්කමො පරක්කමො උය්යාමො වායාමො උස්සාහො උස්සොළ්හි ථාමො ධිති අසිථිලපරක්කමතා අනික්ඛිත්තඡන්දතා අනික්ඛිත්තධුරතා ධුරසම්පග්ගාහො විරියං විරියින්ද්රියං විරියබලං, ඉදං වුච්චති විරියින්ද්රියං.
Sinhala BJT325. එහි විරියින්‍ද්‍රිය කවරෙ යත්: යම් චෛතසික වූ වීර්‍ය්‍යාරම්භයෙක් (කුසීත බැවින් නික්මීමෙක්) පරාක්‍රමයෙක් උද්‍යමයෙක් ව්‍යායාමයෙක් උත්සාහයෙක් අධිමාත්‍ර උත්සාහයෙක් ථාමයෙක් (කුශලසන්තානය) ධැරීමෙක් නො ලිහිල් පරාක්‍රම ඇති බවෙක් නො තැබූ (කුශල) ඡන්‍ද ඇති බවෙක් නො තැබූ (වීර්‍ය්‍ය) ධුර ඇති බවෙක් වීර්‍ය්‍ය දැඩි කොට ගැනීමෙක් වීර්‍ය්‍යයෙක් වීර්ය්‍යේන්‍ද්‍රියයෙක් වීර්‍ය්‍යබලයෙක් වේ ද, මේ වීර්‍ය්‍යෙන්‍ද්‍රිය යි කියනු ලැබේ.
Pali BJT326. තත්ථ කතමං සතින්ද්රියං: යා සති අනුස්සති පටිස්සති සතිසරණතා ධාරණතා අපිලාපනතා අසම්මුස්සනතා සති සතින්ද්රියං සතිබලං සම්මාසති, ඉදං වුච්චති සතින්ද්රියං.
Sinhala BJT326. එහි සතින්‍ද්‍රිය කවරෙ යත්: යම් ස්මෘතියක් අනුස්මෘතියක් ප්‍රතිස්මෘතියක් ස්මෘති සංඛ්‍යාත සරණතායෙක් ධරන බවෙක් (අරමුණෙහි) බැසගැනීමෙක් නො මුළා වන බවෙක් ස්මෘතියෙක් ස්මෘතින්‍ද්‍රියයෙක් ස්මෘතිබලයෙක් සම්‍යක්ස්මෘතියක් වේ ද, මේ සතින්‍ද්‍රිය යි කියනු ලැබේ.
Pali BJT327. තත්ථ කතමං සමාධින්ද්රියං: යා චිත්තස්ස ඨිති සණ්ඨිති අවට්ඨිති අවිසාහාරො අවික්ඛෙපො අවිසාහටමානසතා සමථො සමාධින්ද්රියං සමාධිබලං, සම්මාසමාධි, ඉදං වුච්චති සමාධින්ද්රියං.
Sinhala BJT327. එහි සමාධින්‍ද්‍රිය කවරෙ යත්: චිත්තයාගේ යම් සිටීමෙක් මොනොවට සිටීමෙක් බැසගෙන සිටීමෙක් නො විසිරීමෙක් අවික්‍ෂේපයෙක් නො විසුළසිත ඇති බවෙක් ශමථයෙක් සමාධීන්‍ද්‍රියයෙක් සමාධිබලයෙක් සම්‍යක් සමාධියෙක් වේ ද, මේ සමාධින්‍ද්‍රිය යි කියනු ලැබේ.
Pali BJT328. තත්ථ කතමං පඤ්ඤින්ද්රියං: යා පඤ්ඤා පජානනා විචයො පවිචයො -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, ඉදං වුච්චති පඤ්ඤින්ද්රියං.
Sinhala BJT328. එහි පඤ්ඤින්‍ද්‍රිය කවරෙ යත්: යම් ප්‍රඥාවක් පජානනාකාරයෙක් විමසීමෙක් ප්‍රකර්‍ෂයෙන් විමසීමෙක් … අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් වේ ද, මේ පඤ්ඤින්‍ද්‍රිය යි කියනු ලැබේ.
Pali BJT329. තත්ථ කතමං අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං: යා තෙසං ධම්මානං අනඤ්ඤාතානං අදිට්ඨානං අපත්තානං අවිදිතානං අසච්ඡිකතානං සච්ඡිකිරියාය පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, ඉදං වුච්චති අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං.
Sinhala BJT329. එහි අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය කවරෙ යත්: නො දත් නො දුටු නො පැමිණි (නුවණින්) ප්‍රකට නො කළ ප්‍රත්‍යක්‍ෂ නො කළ ඒ ධර්‍මයන් සාක්‍ෂාත් කරනු පිණිස මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ප්‍රඥාවක් පජානනාකාරයෙක් … අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය යි කියනු ලැබේ.
Pali BJT330. තත්ථ කතමං අඤ්ඤින්ද්රියං: යා තෙසං ධම්මානං ඤාතානං දිට්ඨානං පත්තානං විදිතානං සච්ඡිකතානං සච්ඡිකිරියාය පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, ඉදං වුච්චති අඤ්ඤින්ද්රියං.
Sinhala BJT330. එහි අඤ්ඤින්‍ද්‍රිය කවරෙ යත්: දන්නා ලද දක්නා ලද පැමිණි ප්‍රකට කළ ප්‍රත්‍යක්‍ෂ කළ ඒ ධර්‍මයන් සාක්‍ෂාත් කරනු පිණිස මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ප්‍රඥාවක් පජානනාකාරයෙක් … අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ අඤ්ඤින්‍ද්‍රිය යි කියනු ලැබේ.
Pali BJT331. තත්ථ කතමං අඤ්ඤාතාවින්ද්රියං: යා තෙසං ධම්මානං අඤ්ඤාතාවීනං දිට්ඨානං පත්තානං විදිතානං සච්ඡිකතානං සච්ඡිකිරියාය පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, ඉදං වුච්චති අඤ්ඤාතාවින්ද්රියං.
Sinhala BJT331. එහි අඤ්ඤාතාවින්‍ද්‍රිය කවරෙ යත්: දැනසිටි දක්නා ලද අධිගමය කළ ප්‍රකට කළ ප්‍රත්‍යක්‍ෂ කළ ඒ ධර්‍මයන් සාක්‍ෂාත් කරනු පිණිස මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ප්‍රඥාවක් ප්‍රජානනාකාරයෙක් … අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ අඤ්ඤාතාවින්‍ද්‍රිය යි කියනු ලැබේ.
Pali BJTඅභිධම්මභාජනියං.
Sinhala BJTඅභිධර්‍මභාජනිය යි.
Pali BJT332. බාවීසතින්ද්රියානි, චක්ඛුන්ද්රියං: සොතින්ද්රියං, ඝානින්ද්රියං, ජිව්හින්ද්රියං, කායින්ද්රියං, මනින්ද්රියං, ජීවිතින්ද්රියං, ඉත්ථින්ද්රියං, පුරිසින්ද්රියං, සුඛින්ද්රියං, දුක්ඛින්ද්රියං, සොමනස්සින්ද්රියං, දොමනස්සින්ද්රියං, උපෙක්ඛින්ද්රියං, සද්ධින්ද්රියං, විරියින්ද්රියං, සතින්ද්රියං, සමාධින්ද්රියං, පඤ්ඤින්ද්රියං, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං, අඤ්ඤින්ද්රියං, අඤ්ඤාතාවින්ද්රියං.
Sinhala BJT332. ඉන්‍ද්‍රියයෝ දෙ විස්සෙකි: චක්ඛුන්‍ද්‍රිය ය, සෝතින්‍ද්‍රිය ය, ඝානින්‍ද්‍රිය ය, ජිව්හින්‍ද්‍රිය ය, කායින්‍ද්‍රිය ය, මනින්‍ද්‍රිය ය, ජීවිතින්‍ද්‍රිය ය, ඉත්‍ථින්‍ද්‍රිය ය, පුරිසින්‍ද්‍රිය ය, සුඛින්‍ද්‍රිය ය, දුක්ඛින්‍ද්‍රිය ය, සෝමනස්සින්‍ද්‍රිය ය, දෝමනස්සින්‍ද්‍රිය ය, උපෙක්ඛින්‍ද්‍රිය ය, සද්ධින්‍ද්‍රිය ය, විරියින්‍ද්‍රිය ය, සතින්‍ද්‍රිය ය, සමාධින්‍ද්‍රිය ය, පඤ්ඤින්‍ද්‍රිය ය, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ය, අඤ්ඤින්‍ද්‍රිය ය, අඤ්ඤාතාවින්‍ද්‍රිය යි.
Pali BJT333. බාවිසතීනං ඉන්ද්රියානං කති කුසලා, කති අකුසලා, කති අව්යාකතා, -පෙ- කති සරණා, කති අරණා:
Sinhala BJT333. දෙවිසි ඉන්‍ද්‍රියයන් අතුරෙහි කුශලයෝ කෙතෙක් ද අකුශලයෝ කෙතෙක් ද අව්‍යාකෘතයෝ කෙතෙක් ද … සරණයෝ කෙතෙක් ද අරණයෝ කෙතෙක් ද යත්:
Pali BJTදසින්ද්රියා අව්යාකතා. දොමනස්සින්ද්රියං අකුසලං. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං කුසලං. චත්තාරින්ද්රියා සියා කුසලා, සියා අව්යාකතා. ඡ ඉන්ද්රියා සියා කුසලා, අකුසලා, සියා අව්යාකතා.
Sinhala BJTඉන්‍ද්‍රියයෝ දස දෙනෙක් අව්‍යාකෘත වෙති, දෝමනස්සින්‍ද්‍රියය අකුශල ය, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රියය කුශල ය. ඉන්‍ද්‍රියයෝ සතර දෙනෙක් කුශලයෝ ද වන්නාහ, අව්‍යාකෘත ද වන්නාහ. ඉන්‍ද්‍රියයෝ ස දෙනෙක් කුශල ද වන්නාහ, අකුශල ද වන්නාහ, අව්‍යාකෘත ද වන්නාහු යි.
Pali BJTද්වාදසින්ද්රියා න වත්තබ්බා සුඛාය වෙදනාය සම්පයුත්තාතිපි දුක්ඛාය වෙදනාය සම්පයුත්තාතිපි, අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තාතිපි. ඡ ඉන්ද්රියා සියා සුඛාය වෙදනාය සම්පයුත්තා, සියා අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තා. තීණින්ද්රියා සියා සුඛාය වෙදනාය සම්පයුත්තා, සියා දුක්ඛාය වෙදනාය සම්පයුත්තා, සියා අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තා. ජීවිතින්ද්රියං සියා සුඛාය වෙදනාය සම්පයුත්තං, සියා දුක්ඛාය වෙදනාය සම්පයුත්තං, සියා අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තං, සියා න වත්තබ්බං සුඛාය වෙදනාය සම්පයුත්තන්ති’පි දුක්ඛාය වෙදනාය සම්පයුත්තන්ති’පි, අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තන්ති’පි.
Sinhala BJTඉන්‍ද්‍රියයෝ දොළොස් දෙනෙක් සුඛවේදනාව හා සම්ප්‍රයුක්තහ යි ද දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්තහ යි ද උපේක්‍ෂාවේදනාව හා සම්ප්‍රයුක්තහ යි ද නො කියයුත්තාහ. ඉන්‍ද්‍රියයෝ ස දෙනෙක් සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නාහ, උපේක්‍ෂාවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නාහ. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නාහ, දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නාහ, උපේක්‍ෂාවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නාහු ය. ජීවිතේන්‍ද්‍රියය සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නේ ය, දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නේ ය, උපේක්‍ෂාවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නේ ය, සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත යි ද දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්ත යි ද උපේක්‍ෂාවේදනාව හා සම්ප්‍රයුක්ත යි ද නො කියයුතු ද වන්නේ යි.
Pali BJTසත්තින්ද්රියා නෙව විපාක න විපාකධම්මධම්මා. තීණින්ද්රියා විපාකා. ද්වීන්ද්රියා විපාකධම්මධම්මා. අඤ්ඤින්ද්රියං සියා විපාකං, සියා විපාකධම්මධම්මං. නවින්ද්රියා සියා විපාකා, සියා විපාකධම්මධම්මා, සියා නෙව විපාක න විපාකධම්මධම්මා.
Sinhala BJTඉන්‍ද්‍රියයෝ සත් දෙනෙක් නො ම විපාක වූ විපාකස්වභාවධර්‍ම නො වූවාහු ය. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් විපාකයෝ වෙති. ඉන්‍ද්‍රියයෝ දෙදෙනෙක් විපාකස්වභාව ධර්‍මයෝ ය. අඤ්ඤින්‍ද්‍රියය විපාක ද වන්නේ ය, විපාකස්වභාවධර්‍ම ද වන්නේ ය. ඉන්‍ද්‍රියයෝ නව දෙනෙක් විපාක ද වන්නාහ, විපාකස්වභාවධර්‍ම ද වන්නාහ, නො ම විපාක වූ නො ද විපාකස්වභාවධර්‍ම ද වන්නාහු යි.
Pali BJTනවින්ද්රියා උපාදින්නුපාදානියා. දොමනස්සින්ද්රියං අනුපාදින්නුපාදානියං. තීණින්ද්රියා අනුපාදින්නඅනුපාදානියා. නවින්ද්රියා සියා උපාදින්නුපාදානියා, සියා අනුපාදින්නුපාදානියා, සියා අනුපාදින්නඅනුපාදානියා.
Sinhala BJTඉන්‍ද්‍රියයෝ නව දෙනෙක් උපාදින්නෝපාදානිය වෙති. දෝමනස්සින්‍ද්‍රියය අනුපාදින්නෝපාදානිය ය. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් අනුපාදින්නඅනුපාදානිය වෙති. ඉන්‍ද්‍රියයෝ නව දෙනෙක් උපාදින්නෝපාදානිය ද වන්නාහ, අනුපාදින්නෝපාදානිය ද වන්නාහ, අනුපාදින්නඅනුපාදානිය ද වන්නාහු යි.