Vibhaṅga

Analysis

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1401-1500 න් 4235

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTතත්ථ කතමො සම්මාසඞ්කප්පො: යො තක්කො විතක්කො -පෙ- සම්මාසඞ්කප්පො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං වුච්චති සම්මාසඞ්කප්පො.
Sinhala BJTඑහි ‘සම්මාසංකප්ප’ කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් තර්‍කයෙක් විතර්‍කයෙක් සම්‍යක්සංකල්පයෙක් වේ ද, මේ ‘සම්මාසංකප්ප’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා සම්මාවාචා: යා චතුහි වචීදුච්චරිතෙහි ආරති විරති පටිවිරති වෙරමණී අකිරියා අකරණං අනජ්ඣාපත්ති වෙලාඅනතික්කමො සෙතුඝාතො සම්මාවාචා මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං වුච්චති සම්මාවාචා.
Sinhala BJTඑහි ‘සම්මාවාචා’ කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් සතර වාග් දුෂ්චරිතයන්ගෙන් වෙන්වීමෙක් විරතියෙක් පටිවිරතියෙක් විරමණයෙක් අක්‍රියායෙක් නො කිරීමෙක් නො පැමිණීමෙක් ආචාරසීමාව නො ඉක්මවීමෙක් ප්‍රත්‍යය නැසීමෙක් සම්‍යග්වචනයෙක් වේ ද, මේ ‘සම්මාවාචා’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො සම්මාකම්මන්තො: යා තීහි කායදුච්චරිතෙහි ආරති විරති පටිවිරති වෙරමණී අකිරියා අකරණං අනජ්ඣාපත්ති වෙලාඅනතික්කමො සෙතුඝාතො සම්මාකම්මන්තො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං වුච්චති සම්මාකම්මන්තො.
Sinhala BJTඑහි ‘සම්මාකම්මන්ත’ කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් තුන් කායදුශ්චරිතයන්ගෙන් වෙන්වීමෙක් විරතියෙක් පටිවිරතියෙක් විරමණයෙක් අක්‍රියායෙක් අකරණයෙක් නො පැමිණීමෙක් වේලාඅනතික්‍රමණයෙක් ප්‍රත්‍යය නැසීමෙක් සම්‍යක් කර්‍මානත්යෙක් වේ ද, මේ ‘සම්මාකම්මන්ත’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො සම්මාආජීවො: යා මිච්ඡාආජීවා ආරති විරති පටිවිරති වෙරමණී අකිරියා අකරණං අනජ්ඣාපත්ති වෙලාඅනතික්කමො සෙතුඝාතො සම්මාආජීවො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං වුච්චති සම්මා ආජීවො.
Sinhala BJTඑහි ‘සම්මාආජීව’ කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් මිථ්‍යා ආජීවයෙන් වෙන්වීමෙක් විරතියෙක් පටිවිරතියෙක් විරමණයෙක් අක්‍රියායෙක් අකරණයෙක් නො පැමිණීමෙක් වේලාඅනතික්‍රමණයෙක් ප්‍රත්‍යය නැසීමෙක් සම්‍යගාජීවයෙක් වේ ද, මේ ‘සම්මාආජීව’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො සම්මාවායාමො: යො චෙතසිකො විරියාරම්භො -පෙ- සම්මාවායාමො විරියසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං වුච්චති සම්මාවායාමො.
Sinhala BJTඑහි ‘සම්මාවායාම’ කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් … සම්‍යග්ව්‍යායාමයෙක් වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්මා වායාම’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා සම්මාසති: යා සති අනුස්සති -පෙ- සම්මාසති සතිසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං වුච්චති සම්මාසති.
Sinhala BJTඑහි ‘සම්මාසති’ කවර යත්: මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ස්මෘතියක් අනුස්මෘතියක් … සම්‍යක් ස්මෘතියක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්මා සති’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො සම්මාසමාධි: යා චිත්තස්ස ඨිති සණ්ඨිති -පෙ- සම්මාසමාධි, සමාධිසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං වුච්චති සම්මාසමාධි, අයං වුච්චති දුක්ඛනිරොධගාමිනී පටිපදා, අවසෙසා ධම්මා දුක්ඛනිරොධගාමිනියා පටිපදාය සම්පයුත්තා.
Sinhala BJTඑහි ‘සම්මාසමාධි’ කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් චිත්තයාගේ සිටීමෙක් මොනවට සිටීමෙක් … සම්‍යක්සමාධියෙක් සමාධිසම්බෝධ්‍යාඞ්ගයෙක් වේ ද, මේ ‘සම්මාසමාධි’ යි කියනු ලැබේ.
Pali BJT286. තත්ථ කතමො දුක්ඛසමුදයො: තණ්හා ච අවසෙසා ච කිලෙසා අයං වුච්චති දුක්ඛසමුදයො.
Sinhala BJT286. එහි ‘දුක්ඛසමුදය’ කවරෙ යත්: තෘෂ්ණාව ද ඉතිරි ව සිටි ක්ලේශයෝ ද යන මේ ‘දුක්ඛසමුදය’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං දුක්ඛං: අවසෙසා ච අකුසලා ධම්මා, තීණි ච කුසලමූලානි සාසවානි, අවසෙසා ච සාසවා කුසලා ධම්මා, සාසවා ච කුසලාකුසලානං ධම්මානං විපාකා, යෙ ච ධම්මා කිරියා නෙව කුසලා නාකුසලා න ච කම්මවිපාකා, සබ්බං ච රූපං, ඉදං වුච්චති දුක්ඛං.
Sinhala BJTඑහි ‘දුක්ඛය’ කවරෙ යත්: ඉතිරි ව සිටි අකුශලධර්‍මයෝ ද, සාස්‍රව වූ තුන් කුශල මූලයෝ ද, ඉතිරි ව සිටි සාස්‍රව වූ කුශලධර්‍මයෝ ද, කුශලාකුශලධර්‍මයන්ගේ සාස්‍රව වූ විපාකයෝ ද, නො ම කුශල වූ අකුශල නො වූ නො ද කර්‍මවිපාක වූ යම් ක්‍රියාධර්‍ම කෙනෙකුත් වෙත් ද, හැම රූපය ද යන මේ ‘දුක්ඛ’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො දුක්ඛනිරොධො: තණ්හාය අවසෙසානඤ්ච කිලෙසානං පාහානං, අයං වුච්චති දුක්ඛනිරොධො.
Sinhala BJTඑහි ‘දුක්ඛනිරෝධය’ කවරෙ යත්: තෘෂ්ණාවගේ ද, අවශේෂ වූ ක්ලේශයන්ගේ ද ප්‍රහාණය යි. මේ ‘දුක්ඛනිරෝධය’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා දුක්ඛනිරොධගාමිනී පටිපදා: ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං, තස්මිං සමයෙ අට්ඨඞ්ගිකො මග්ගො හොති සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි, අයං වුච්චති දුක්ඛනිරොධගාමිනී පටිපදා, අවසෙසා ධම්මා දුක්ඛනිරොධගාමිනියා පටිපදාය සම්පයුත්තා.
Sinhala BJTඑහි ‘දුක්ඛනිරෝධගාමිනීපටිපදා’ කවර යත්: යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම … දුක් වූ ප්‍රතිපදා ඇති ලැසි වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි. එසමයෙහි අෂ්ටාඞ්ගිකමාර්‍ගය වෙයි: සම්මාදිට්ඨි ය … සම්මාසමාධි යි. මේ ‘දුඃඛනිරෝධගාමිනීප්‍රතිපාදා’ යි කියනු ලැබේ. ඉතිරි ව සිටි ධර්‍මයෝ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාව හා සම්ප්‍රයුක්තයෝ යි.
Pali BJT287. තත්ථ කතමො දුක්ඛසමුදයො: තණ්හා ච, අවසෙසා ච කිලෙසා, අවසෙසා ච අකුසලා ධම්මා, අයං වුච්චති දුක්ඛසමුදයො.
Sinhala BJT287. එහි ‘දුක්ඛසමුදය’ කවරෙ යත්: තෘෂ්ණාව ද ඉතිරි ව සිටි ක්ලේශයෝ ද ඉතිරි ව සිටි අකුශලධර්‍මයෝ ද යන මේ ‘දුක්ඛසමුදය’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං දුක්ඛං: තීණි ච කුසලමූලානි සාසවානි, අවසෙසා ච සාසවා කුසලා ධම්මා, සාසවා ච කුසලාකුසලානං ධම්මානං විපාකා, යෙ ච ධම්මා කිරියා නෙ’ව කුසලා නාකුසලා න ච කම්මවිපාකා, සබ්බඤ්ච රූපං, ඉදං වුච්චති දුක්ඛං.
Sinhala BJTඑහි ‘දුක්ඛය’ කවරෙ යත්: සාස්‍රව වූ තුන් කුශලමූලයෝ ද, ඉතිරි ව සිටි සාස්‍රව වූ කුශලධර්‍මයෝ ද, සාස්‍රව වූ කුශලාකුශලධර්‍මයන්ගේ විපාකයෝ ද, නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ යම් ක්‍රියාධර්‍ම කෙනෙකුත් වෙත් ද, හැම රූපය ද යන මේ ‘දුක්ඛ’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො දුක්ඛනිරොධො: තණ්හාය ච, අවසෙසානඤ්ච කිලෙසානං, අවසෙසානඤ්ච අකුසලානං ධම්මානං පහානං, අයං වුච්චති දුක්ඛනිරොධො.
Sinhala BJTඑහි ‘දුක්ඛනිරෝධය’ කවරෙ යත්: තෘෂ්ණාවගේ ද ඉතිරි ව සිටි කෙලෙසුන්ගේ ද ඉතිරි ව සිටි අකුශලධර්‍මයන්ගේ ද ප්‍රහාණය යි. මේ ‘දුක්ඛනිරෝධ’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා දුක්ඛනිරොධගාමිනී පටිපදා: ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා, විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං, තස්මිං සමයෙ අට්ඨඞ්ගිකො මග්ගො හොති: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි, අයං වුච්චති දුක්ඛනිරොධගාමිනී පටිපදා, අවසෙසා ධම්මා දුක්ඛනිරොධගාමිනියා පටිපදාය සම්පයුත්තා.
Sinhala BJTඑහි ‘දුක්ඛනිරෝධගාමිනීපටිපදා’ කවර යත්: මෙසස්නෙහි මහණ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමිය පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම … දුඃඛප්‍රතිපදා ඇති ලැසි වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි අෂ්ටාඞ්ගිකමාර්‍ගය වෙයි: සම්මාදිට්ඨි ය, … සම්මාසමාධි යි. මේ ‘දුක්ඛනිරෝධගාමිනීපටිපදා’ යි කියනු ලැබේ. අවශේෂ ධර්‍මයෝ දුක්ඛනිරෝධගාමිනීප්‍රතිපදාව හා සම්ප්‍රයුක්තයෝ යි.
Pali BJT288. තත්ථ කතමො දුක්ඛසමුදයො: තණ්හා ච, අවසෙසා ච කිලෙසා අවසෙසා ච අකුසලා ධම්මා, තීණි ච කුසලමූලානි සාසවානි, අයං වුච්චති දුක්ඛසමුදයො.
Sinhala BJT288. එහි ‘දුක්ඛසමුදය’ කවරෙ යත්: තෘෂ්ණාව ද අවශේෂ ක්ලේශයෝ ද, අවශේෂ අකුශලධර්‍මයෝ ද, සාස්‍රව වූ තුන් කුශලමූලයෝ ද යන මේ ‘දුක්ඛසමුදය’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං දුක්ඛං: අවසෙසා ච සාසවා කුසලා ධම්මා සාසවා ච කුසලාකුසලානං ධම්මානං විපාකා, යෙ ච ධම්මා කිරියා නෙ’ව කුසලා නාකුසලා න ච කම්මවිපාකා, සබ්බඤ්ච රූපං, ඉදං වුච්චති දුක්ඛං.
Sinhala BJTඑහි ‘දුක්ඛය’ කවරෙ යත්: අවශේෂ වූ සාස්‍රව කුශලධර්‍මයෝ ද, සාස්‍රව වූ කුශලාකුශලධර්‍මයන්ගේ විපාකයෝ ද, නො ම කසුල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ යම් ක්‍රියාධර්‍ම කෙනෙකුන් වෙත් ද, හැම රූපය ද යන මේ ‘දුක්ඛ’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො දුක්ඛනිරොධො: තණ්හාය ච, අවසෙසානඤ්ච කිලෙසානං, අවසෙසානඤ්ච අකුසලානං ධම්මානං, තිණ්ණඤ්ච කුසලමූලානං සාසවානං පහානං, අයං වුච්චති දුක්ඛනිරොධො.
Sinhala BJTඑහි ‘දුක්ඛනිරෝධය’ කවරෙ යත්: තෘෂ්ණාවගේ ද, අවශේෂ ක්ලේශයන්ගේ ද, අවශේෂ අකුශලධර්‍මයන්ගේ ද, සාස්‍රව වූ තුන් කුශලමූලයන්ගේ ද ප්‍රහාණය යි. මේ ‘දුක්ඛනිරෝධ’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා දුක්ඛනිරොධගාමිනී පටිපදා: ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා, විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති, දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං, තස්මිං සමයෙ අට්ඨඞ්ගිකො මග්ගො හොති: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි, අයං වුච්චති දුක්ඛනිරොධගාමිනී පටිපදා, අවසෙසා ධම්මා දුක්ඛනිරොධගාමිනියා පටිපදාය සම්පයුත්තා.
Sinhala BJTඑහි ‘දුක්ඛනිරෝධගාමිනීපටිපදා’ කවර යත්: මෙසස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම … දුක් වූ ප්‍රතිපදා ඇති ලැසි වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි අෂ්ටාඞ්ගිකමාර්‍ගය වෙයි. සම්මාදිට්ඨි ය … සම්මාසමාධි යි. මේ ‘දුක්ඛනිරෝධගාමිනීපටිපදා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාව හා සම්ප්‍රයුක්තයෝ යි.
Pali BJT289. තත්ථ කතමො දුක්ඛසමුදයො: තණ්හා ච, අවසෙසා ච කිලෙසා අවසෙසා ච අකුසලා ධම්මා, තීණි ච කුසලමූලානි සාසවානි, අවසෙසා ච සාසවා කුසලා ධම්මා. අයං වුච්චති දුක්ඛසමුදයො.
Sinhala BJT289. එහි ‘දුක්ඛසමුදය’ කවරෙ යත්: තෘෂ්ණාව ද, අවශේෂ ක්ලේශයෝ ද, අවශේෂ අකුශලධර්‍මයෝ ද,සාස්‍රව වූ තුන් කුශලමූලයෝ ද අවශේෂ වූ සාස්‍රවකුශල ධර්‍මයෝ ද යන මේ ‘දුක්ඛසමුදය’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං දුක්ඛං: සාසවා කුසලාකුසලානං ධම්මානං විපාකා, යෙ ච ධම්මා කිරියා නෙ’ව කුසලා නාකුසලා න ච කම්මවිපාකා, සබ්බඤ්ච රූපං, ඉදං වුච්චති දුක්ඛං.
Sinhala BJTඑහි ‘දුක්ඛය’ කවරෙ යත්: කුශලාකුශලධර්‍මයන්ගේ සාස්‍රව වූ විපාකයෝ ද නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ යම් ක්‍රියාධර්‍ම කෙනෙකුත් වෙත් ද, හැම රූපය ද යන මේ ‘දුක්ඛ’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො දුක්ඛනිරොධො: තණ්හාය ච, අවසෙසානඤ්ච කිලෙසානං, අවසෙසානඤ්ච අකුසලානං ධම්මානං, තිණ්ණඤ්ච කුසලමූලානං සාසවානං, අවසෙසානඤ්ච සාසවානං කුසලානං ධම්මානං පහානං, අයං වුච්චති දුක්ඛනිරොධො.
Sinhala BJTඑහි ‘දුක්ඛනිරෝධය’ කවරෙ යත්: තෘෂ්ණාවගේ ද අවශේෂ ක්ලේශයන්ගේ ද අවශේෂ අකුශලධර්‍මයන්ගේ ද සාස්‍රව වූ තුන් කුශලමූලයන්ගේ ද අවශේෂ වූ සාස්‍රව කුශලධර්‍මයන්ගේ ද ප්‍රහාණය යි. මේ ‘දුක්ඛනිරෝධ’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා දුක්ඛනිරොධගාමිනී පටිපදා: ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං, තස්මිං සමයෙ අට්ඨඞ්ගිකො මග්ගො හොති: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි, අයං වුච්චති දුක්ඛනිරොධගාමිනී පටිපදා. අවසෙසා ධම්මා දුක්ඛනිරොධගාමිනියා පටිපදාය සම්පයුත්තා.
Sinhala BJTඑහි ‘දුක්ඛනිරෝධගාමිනීපටිපදා’ කවර යත්: මෙසස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම … දුක් වූ ප්‍රතිපදා ඇති ලැසි වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි අෂ්ටාඞ්ගිකමාර්‍ගය වෙයි: සම්මාදිට්ඨි ය … සම්මාසමාධි යි. මේ ‘දුක්ඛනිරෝධගාමිනීපටිපදා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාව හා සම්ප්‍රයුක්තයෝ යි.
Pali BJT290. චත්තාරි සච්චානි: දුක්ඛං, දුක්ඛසමුදයො, දුක්ඛනිරොධො, දුක්ඛනිරොධගාමිනී පටිපදා.
Sinhala BJT290. සතර සත්‍යයෝ ය: දුක්ඛ ය, දුක්ඛසමුදය ය, දුක්ඛනිරෝධය, දුක්ඛනිරෝධගාමිනීප්‍රතිපදා යි.
Pali BJTතත්ථ කතමො දුක්ඛසමුදයො: තණ්හා, අයං වුච්චති දුක්ඛසමුදයො.
Sinhala BJTඑහි ‘දුක්ඛසමුදය’ කවරෙ යත්: තෘෂ්ණාව යි. මේ ‘දුක්ඛසමුදය’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං දුක්ඛං: අවසෙසා ච කිලෙසා, අවසෙසා ච අකුසලා ධම්මා, තීණි ච කුසලමූලානි සාසවානි, අවසෙසා ච සාසවා කුසලා ධම්මා, සාසවා ච කුසලාකුසලානං ධම්මානං විපාකා, යෙ ච ධම්මා කිරියා නෙව කුසලා නාකුසලා න ච කම්මවිපාකා, සබ්බඤ්ච රූපං, ඉදං වුච්චති දුක්ඛං.
Sinhala BJTඑහි ‘දුක්ඛය’ කවරෙ යත්: ඉතිරි ව සිටි කෙලෙස්හු ද ඉතිරි ව සිටි අකුසල්දහම්හු ද ආස්‍රව සහිත වූ තුන් කුසල්මුල්හු ද ඉතිරි ව සිටි සාස්‍රව වූ කුසල්දහම්හු ද කුසල්අකුසල් දහමුන්ගේ සාස්‍රව වූ විපාකයෝ ද නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කම්විවා වූ යම් කිරියදහම් කෙනෙකුත් වෙත් ද, හැම රූපය ද යන මේ ‘දුක්ඛ’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො දුක්ඛනිරොධො: තණ්හාය පහානං. අයං වුච්චති දුක්ඛනිරොධො.
Sinhala BJTඑහි ‘දුක්ඛනිරෝධය’ කවරෙ යත්: තෘෂ්ණාවගේ ප්‍රහාණය යි. මේ ‘දුක්ඛනිරෝධ’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා දුක්ඛනිරොධගාමිනී පටිපදා: ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං, තස්මිං සමයෙ පඤ්චඞ්ගිකො මග්ගො හොති: සම්මාදිට්ඨි, සම්මාසඞ්කප්පො, සම්මාවායාමො, සම්මාසති, සම්මාසමාධි.
Sinhala BJTඑහි ‘දුක්ඛනිරෝධගාමිනීපටිපදා’ කවර යත්: මෙසස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද කාමයන්ගෙන් වෙන් ව ම … දුක් වූ ප්‍රතිපදා ඇති ලැසි වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි පඤ්චාඞ්ගිකමාර්‍ගය වෙයි: සම්මාදිට්ඨි ය, සම්මාසංකප්ප ය, සම්මාවායාම ය, සම්මාසති ය, සම්මාසමාධි යි.
Pali BJTතත්ථ කතමා සම්මාදිට්ඨි: යා පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං වුච්චති සම්මාදිට්ඨි.
Sinhala BJTඑහි ‘සම්මාදිට්ඨි’ කවර යත්: මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ප්‍රඥාවක් පජානනාකාරයෙක් … අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් ධර්‍මවිචය සම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්මාදිට්ඨි’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො සම්මාසඞ්කප්පො: යො තක්කො -පෙ- සම්මාසඞ්කප්පො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං වුච්චති සම්මාසඞ්කප්පො.
Sinhala BJTඑහි ‘සම්මාසංකප්ප’ කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් තර්‍කයෙක් … සම්‍යක්සංකල්පයෙක් වේ ද මේ ‘සම්මාසංකප්ප’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො සම්මාවායාමො: යො චෙතසිකො විරියාරම්භො -පෙ- සම්මාවායාමො විරියසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං වුච්චති සම්මාවායාමො.
Sinhala BJTඑහි ‘සම්මාවායාම’ කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් වීර්‍ය්‍යාරම්භයෙක් … සම්‍යග්ව්‍යායාමයෙක් වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්මාවායාම’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා සම්මාසති: යා සති අනුස්සති -පෙ- සම්මාසති සතිසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං - අයං වුච්චති සම්මාසති.
Sinhala BJTඑහි ‘සම්මාසති’ කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ස්මෘතියක් අනුස්මෘතියක් … සම්‍යක්ස්මෘතියක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්මාසති’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො සම්මාසමාධි: යා චිත්තස්ස ඨිති -පෙ- සම්මාසමාධි සමාධිසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං. අයං වුච්චති සම්මාසමාධි. අයං වුච්චති දුක්ඛනිරොධගාමිනී පටිපදා. අවසෙසා ධම්මා දුක්ඛනිරොධගාමිනියා පටිපදාය සම්පයුත්තා.
Sinhala BJTඑහි ‘සම්මාසමාධි’ කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් චිත්තයාගේ සිටීමෙක් … සම්‍යක්සමාධියෙක් සමාධිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්මාසමාධි’ යි කියනු ලැබේ. මේ ‘දුක්ඛනිරෝධගාමිනීපටිපදා’ යි කියනු ලැබේ. අවශේෂ වූ ධර්‍මයෝ දුක්ඛනිරෝධගාමිනීපටිපදාව හා සම්ප්‍රයුක්තයෝ යි.
Pali BJT291. තත්ථ කතමො දුක්ඛසමුදයො: තණ්හා ච, අවසෙසා ච කිලෙසා, අවසෙසා ච අකුසලා ධම්මා, තීණි ච කුසලමූලානි සාසවානි, අවසෙසා ච සාසවා කුසලා ධම්මා, අයං වුච්චති දුක්ඛසමුදයො.
Sinhala BJT291. එහි ‘දුක්ඛසමුදය’ කවරෙ යත්: තෘෂ්ණාව ද අවශේෂ ක්ලේශයෝ ද අවශේෂ අකුශලධර්‍මයෝ ද සාස්‍රව වූ තුන් කුශලමූලයෝ ද අවශේෂ වූ සාස්‍රව කුශල ධර්‍මයෝ ද යන් මේ ‘දුක්ඛසමුදය’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං දුක්ඛං: සාසවා කුසලාකුසලානං ධම්මානං විපාකා, යෙ ච ධම්මා කිරියා නෙව කුසලා නාකුසලා න ච කම්මවිපාකා, සබ්බඤ්ච රූපං, ඉදං වුච්චති දුක්ඛං.
Sinhala BJTඑහි ‘දුක්ඛය’ කවරෙ යත්: කුශලාකුශලධර්‍මයන්ගේ සාස්‍රව වූ විපාකයෝ ය, නො ම කුශල වූ අකුශල නො වූ නො ද කර්‍මවිපාක වූ යම් ක්‍රියාධර්‍ම කෙනෙකුත් වෙත් ද, හැම රූපය ද යන මේ ‘දුක්ඛ’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො දුක්ඛනිරොධො: තණ්හාය ච, අවසෙසානඤ්ච කිලෙසානං, අවසෙසානඤ්ච අකුසලානං ධම්මානං, තිණ්ණඤ්ච කුසලමූලානං සාසවානං, අවසෙසානඤ්ච සාසවානං කුසලානං ධම්මානං පහානං, අයං වුච්චති දුක්ඛනිරොධො.
Sinhala BJTඑහි ‘දුක්ඛනිරෝධය’ කවරෙ යත්: තෘෂ්ණාවගේ ද අවශේෂ ක්ලේශයන්ගේ ද අවශේෂ අකුශලධර්‍මයන්ගේ ද සාස්‍රව වූ තුන් කුශලමූලයන්ගේ ද අවශේෂ වූ සාස්‍රව වූ කුශලධර්‍මයන්ගේ ද ප්‍රහාණය යි. මේ ‘දුක්ඛනිරෝධය’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා දුක්ඛනිරොධගාමිනී පටිපදා: ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං, තස්මිං සමයෙ පඤ්චඞ්ගිකො මග්ගො හොති. සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධි. අයං වුච්චති දුක්ඛනිරොධගාමිනී පටිපදා. අවසෙසා ධම්මා දුක්ඛනිරොධගාමිනියා පටිපදාය සම්පයුත්තා.
Sinhala BJTඑහි ‘දුක්ඛනිරෝධගාමිනීපටිපදා’ කවර යත්: මෙ සස්නෙහි මහණ ය කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචය ගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද කාමයන්ගෙන් වෙන් ව ම … දුක් වූ පිළිවෙත් ඇති ලැසි වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි පඤ්චාඞ්ගිකමාර්‍ග වෙයි: සම්මාදිට්ඨි ය, සම්මාසංකප්ප ය, සම්මාවායාම ය, සම්මාසති ය, සම්මාසමාධි යි. මේ ‘දුක්ඛනිරෝධගාමිනීපටිපදා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාව හා සම්ප්‍රයුක්තයෝ යි.
Pali BJT292. චත්තාරි සච්චානි: දුක්ඛං, දුක්ඛසමුදයො, දුක්ඛනිරොධො, දුක්ඛනිරොධගාමිනී පටිපදා.
Sinhala BJT292. සතර සත්‍යයෝ ය: දුක්ඛ ය, දුක්ඛසමුදය ය, දුක්ඛනිරෝධ ය, දුක්ඛනිරෝධගාමිනීපටිපදා යි.
Pali BJTතත්ථ කතමො දුක්ඛසමුදයො: තණ්හා, අයං වුච්චති දුක්ඛසමුදයො.
Sinhala BJTඑහි ‘දුක්ඛසමුදය’ කවරෙ යත්: තෘෂ්ණාව යි. මේ ‘දුක්ඛසමුදය’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං දුක්ඛං: අවසෙසා ච කිලෙසා, අවසෙසා ච අකුසලා ධම්මා, තීණි ච කුසලමූලානි සාසවානි, අවසෙසා ච සාසවා කුසලා ධම්මා, සාසවා ච කුසලාකුසලානං ධම්මානං විපාකා, යෙ ච ධම්මා කිරියා නෙව කුසලා නාකුසලා න ච කම්මවිපාකා, සබ්බඤ්ච රූපං, ඉදං වුච්චති දුක්ඛං.
Sinhala BJTඑහි ‘දුක්ඛය’ කවරෙ යත්: අවශේෂ ක්ලේශයෝ ද අවශේෂ අකුශලධර්‍මයෝ ද සාස්‍රව වූ තුන් කුශලමූලයෝ ද සාස්‍රව වූ අවශේෂ කුශලධර්‍මයෝ ද කුශලාකුශලධර්‍මයන්ගේ සාස්‍රව වූ විපාකයෝ ද නො ම කුශල වූ අකුශල නො වූ නො ද කර්‍මවිපාක වූ යම් ක්‍රියාධර්‍ම කෙනෙකුත් වෙත් ද හැම රූපය ද යන මේ ‘දුක්ඛ’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො දුක්ඛනිරොධො: තණ්හාය පහානං. අයං වුච්චති දුක්ඛනිරොධො.
Sinhala BJTඑහි ‘දුක්ඛනිරෝධය’ කවරෙ යත්: තෘෂ්ණාවගේ ප්‍රහාණය යි. මේ ‘දුක්ඛනිරෝධ’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා දුක්ඛනිරොධගාමිනී පටිපදා: ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං. තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති, අයං වුච්චති දුක්ඛනිරොධගාමිනී පටිපදා.
Sinhala BJTඑහි ‘දුක්ඛනිරෝධගාමිනීපටිපදා’ කවර යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද කාමයන්ගෙන් වෙන් ව ම … දුක් වූ ප්‍රතිපදා ඇති දන්‍ධ වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි. … අවික්‍ෂේපය වේ. මේ ‘දුක්ඛනිරෝධගාමිනීපටිපදා’ යි කියනු ලැබේ.
Pali BJT293. තත්ථ කතමො දුක්ඛසමුදයො: තණ්හා ච, අවසෙසා ච කිලෙසා අවසෙසා ච අකුසලා ධම්මා, තීණි ච කුසලමූලානි සාසවානි, අවසෙසා ච සාසවා කුසලා ධම්මා, අයං වුච්චති දුක්ඛසමුදයො.
Sinhala BJT293. එහි ‘දුක්ඛසමුදය’ කවරෙ යත්: තෘෂ්ණාව ද අවශේෂ ක්ලේශයෝ අවශේෂ අකුශලධර්‍මයෝ ද සාස්‍රව වූ තුන් කුශලමූලයෝ ද සාස්‍රව වූ අවශේෂ කුශල ධර්‍මයෝ ද යන මේ ‘දුක්ඛසමුදය’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං දුක්ඛං: සාසවා කුසලාකුසලානං ධම්මානං විපාකා, යෙ ච ධම්මා කිරියා නෙව කුසලා නාකුසලා න ච කම්මවිපාකා, සබ්බඤ්ච රූපං, ඉදං වුච්චති දුක්ඛං.
Sinhala BJTඑහි ‘දුක්ඛය’ කවරෙ යත්: කුශලාකුශලධර්‍මයන්ගේ සාස්‍රව වූ විපාකයෝ ය, නො ම කුශල වූ අකුශල නො වූ නො ද කර්‍මවිපාක වූ යම් ක්‍රියාධර්‍ම කෙනෙකුත් වෙත් ද හැම රූපය ද යන මේ ‘දුක්ඛ’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො දුක්ඛනිරොධො: තණ්හාය ච අවසෙසානඤ්ච කිලෙසානං, අවසෙසානඤ්ච අකුසලානං ධම්මානං, තිණ්ණඤ්ච කුසලමූලානං සාසවානං, අවසෙසානඤ්ච සාසවානං කුසලානං ධම්මානං පහානං, අයං වුච්චති දුක්ඛනිරොධො.
Sinhala BJTඑහි ‘දුක්ඛනිරෝධය’ කවරෙ යත්: තෘෂ්ණාවගේ ද අවශේෂ ක්ලේශයන්ගේ ද අවශේෂ අකුශලධර්‍මයන්ගේ ද සාස්‍රව වූ තුන් කුශලමූලයන්ගේ ද සාස්‍රව වූ අවශේෂ කුශලධර්‍මයන්ගේ ද ප්‍රහාණය යි. මේ ‘දුක්ඛනිරෝධ’ ය කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා දුක්ඛනිරොධගාමිනී පටිපදා: ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති. අයං වුච්චති දුක්ඛනිරොධගාමිනී පටිපදා
Sinhala BJTඑහි ‘දුක්ඛනිරෝධගාමිනීපටිපදා’ කවර යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද කාමයන්ගෙන් වෙන් ව ම … දුක් වූ ප්‍රතිපදා ඇති දන්‍ධ වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද එසමයෙහි ස්පර්‍ශය වෙයි … අවික්‍ෂේපය වේ. මේ ‘දුක්ඛනිරෝධගාමිනීපටිපදා’ යි කියනු ලැබේ.
Pali BJTඅභිධම්මභාජනියං.
Sinhala BJTඅහිධම්මභාජනිය යි.
Pali BJT294. චත්තාරි අරියසච්චානි: දුක්ඛං අරියසච්චං, දුක්ඛසමුදයො අරියසච්චං, දුක්ඛනිරොධො අරියසච්චං, දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං.
Sinhala BJT294. සතර ආර්‍ය්‍යසත්‍යයෝ වෙති: දුඃඛාර්‍ය්‍යසත්‍ය ය, දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍ය ය, දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍ය ය, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය යි.
Pali BJT295. චතුන්නං අරියසච්චානං කති කුසලා, කති අකුසලා, කති අව්යාකතා, -පෙ- කති සරණා, කති අරණා:
Sinhala BJT295. චතුරාර්‍ය්‍යසත්‍යයන් අතුරෙහි කෙතෙක් කුශලයෝ ද, කෙතෙක් අකුශලයෝ ද, කෙතෙක් අව්‍යාකෘතයෝ ද, … කෙතෙක් සරණයෝ ද, කෙතෙක් අරණයෝ ද යත්:
Pali BJTසමුදයසච්චං අකුසලං. මග්ගසච්චං කුසලං. නිරොධසච්චං අව්යාකතං. දුක්ඛසච්චං සියා කුසලං, සියා අකුසලං සියා අබ්යාකතං.
Sinhala BJTසමුදයසත්‍යය අකුශලය ය, මාර්‍ගසත්‍යය කුශල ය, නිරෝධසත්‍යය අව්‍යාකෘත ය, දුඃඛසත්‍යය කුශල ද වන්නේ ය, අකුශල ද වන්නේ ය. අව්‍යාකෘත ද වන්නේ යි.
Pali BJTද්වෙ සච්චා සියා සුඛාය වෙදනාය සම්පයුත්තා, සියා අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තා. නිරොධසච්චං න වත්තබ්බං සුඛාය වෙදනාය සම්පයුත්තන්ති’පි. දුක්ඛාය වෙදනාය සම්පයුත්තන්ති’පි අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තන්ති’පි. දුක්ඛසච්චං සියා සුඛාය වෙදනාය සම්පයුත්තං, සියා දුක්ඛාය වෙදනාය සම්පයුත්තං, සියා අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තං, සියා න වත්තබ්බං සුඛාය වෙදනාය සම්පයුත්තන්ති’පි දුක්ඛාය වෙදනාය සම්පයුත්තන්ති’පි අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තන්ති’පි.
Sinhala BJTසත්‍යයෝ දෙදෙනෙක් සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නාහ, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නාහු ය. නිරෝධසත්‍යය සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත යි ද දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්ත යි ද අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත යි ද නො කියයුතු ය. දුඃඛසත්‍යය සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නේ ය, දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නේ ය, අදුඃඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නේ ය, සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත යි ද දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්ත යි ද අදුඃඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත යි ද නො කියයුතු වන්නේ යි.
Pali BJTද්වෙ සච්චා විපාකධම්මධම්මා. නිරොධසච්චං නෙව විපාකනවිපාකධම්මධම්මං. දුක්ඛසච්චං සියා විපාකං, සියා විපාකධම්මධම්මං, සියා නෙව විපාකනවිපාකධම්මධම්මං.
Sinhala BJTසත්‍යයෝ දෙදෙනෙක් විපාකස්වභාවධර්‍මයහ. නිරෝධසත්‍යය නො ම විපාක වූ නවිපාකස්වභාවධර්‍මය. දුඃඛසත්‍යය විපාක ද වන්නේ ය, විපාකස්වභාවධර්‍ම ද වන්නේ ය, නො ම විපාකනවිපාකස්වභාවධර්‍ම ද වන්නේ යි.
Pali BJTසමුදයසච්චං අනුපාදින්නුපාදානියං. ද්වෙ සච්චා අනුපාදින්නඅනුපාදානියා. දුක්ඛසච්චං සියා උපාදින්නුපාදානියං, සියා අනුපාදින්නුපාදානියං.
Sinhala BJTසමුදයසත්‍යය අනුපාදින්නනෝපාදානිය වෙයි. සත්‍යයෝ දෙදෙනෙක් අනුපාදින්න අනුපාදානිය වෙති. දුඃඛසත්‍යය උපාදින්නෝපාදානිය ද වන්නේ ය, අනුපාදින්නෝපාදානිය ද වන්නේ ය.
Pali BJTසමුදයසච්චං සංකිලිට්ඨසංකිලෙසිකං. ද්වෙ සච්චා අසංකිලිට්ඨඅසංකිලෙසිකා. දුක්ඛසච්චං සියා සංකිලිට්ඨසංකිලෙසිකං, සියා අසංකිලිට්ඨසංකිලෙසිකං.
Sinhala BJTසමුදයසත්‍යය සංක්ලිෂ්ටසාංක්ලේශික ය. සත්‍යයෝ දෙදෙනෙක් අසංක්ලිෂ්ට අසාංක්ලේශිකයෝ ය. දුඃඛසත්‍යය සංක්ලිෂ්ටසාංක්ලේශික ද වන්නේ ය, අසංක්ලිෂ්ට සාංක්ලේශික ද වන්නේ යි.
Pali BJTසමුදයසච්චං සවිතක්කසවිචාරං. නිරොධසච්චං අවිතක්කඅවිචාරං. මග්ගසච්චං සියා සවිතක්කසවිචාරං, සියා අවිතක්කවිචාරමත්තං, සියා අවිතක්කඅවිචාරං. දුක්ඛසච්චං සියා සවිතක්කසවිචාරං, සියා අවිතක්කවිචාරමත්තං, සියා අවිතක්කඅවිචාරං, සියා න වත්තබ්බං සවිතක්කසවිචාරන්ති’පි අවිතක්කවිචාරමත්තන්ති’පි අවිතක්කඅවිචාරන්ති’පි.
Sinhala BJTසමුදයසත්‍යය සවිතර්‍කසවිචාර ය. නිරෝධසත්‍යය අවිතර්‍කඅවිචාර ය. මාර්‍ග සත්‍යය සවිතර්‍කසවිචාර ද වන්නේ ය, අවිතර්‍කවිචාරමාත්‍ර ද වන්නේ ය, අවිතර්‍ක අවිචාර ද වන්නේ යි. දුඃඛසත්‍යය සවිතර්‍කසවිචාර ද වන්නේ ය, අවිතර්‍කවිචාරමාත්‍ර ද වන්නේ ය, අවිතර්‍කඅවිචාර ද වන්නේ ය, අවිතර්‍කසවිචාර යි ද අවිතර්‍කවිචාරමාත්‍ර යි ද අවිතර්‍කඅවිචාර යි ද නො කියයුතු ද වන්නේ යි.
Pali BJTද්වෙ සච්චා සියා පීතිසහගතා, සියා සුඛසහගතා, සියා උපෙක්ඛාසහගතා. නිරොධසච්චං න වත්තබ්බං පීතිසහගතන්ති’පි, සුඛසහගතන්ති’පි, උපෙක්ඛාසහගතන්ති’පි. දුක්ඛසච්චං සියා පීතිසහගතං, සියා සුඛසහගතං, සියා උපෙක්ඛාසහගතං. සියා න වත්තබ්බං පීතිසහගතන්ති’පි සුඛසහගතන්ති’පි උපෙක්ඛාසහගතන්ති’පි.
Sinhala BJTසත්‍යයෝ දෙදෙනෙක් ප්‍රීතිසහගත ද වන්නාහ, සුඛසහගත ද වන්නාහ, උපේක්‍ෂා සහගත ද වන්නාහු ය. නිරෝධසත්‍යය ප්‍රීතිසහගත යි ද සුඛසහගත යි ද උපේක්‍ෂාසහගත යි ද නො කියයුතු වන්නේ යි. දුඃඛසත්‍යය ප්‍රීතිසහගත ද වන්නේ ය, සුඛසහගත ද වන්නේ ය, උපේක්‍ෂාසහගත ද වන්නේ ය, ප්‍රීතිසහගත යි ද සුඛසහගත යි ද උපේක්‍ෂා සහගත යි ද නො කියයුතු ද වන්නේ යි.
Pali BJTද්වෙ සච්චා නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බා. සමුදයසච්චං සියා දස්සනෙන පහාතබ්බං, සියා භාවනාය පහාතබ්බං, දුක්ඛසච්චං සියා දස්සනෙන පහාතබ්බං, සියා භාවනාය පහාතබ්බං, සියා නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බං.
Sinhala BJTසත්‍යයෝ දෙදෙනෙක් නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ ය. සමුදයසත්‍යය දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය ද වන්නේ ය, භාවනායෙන් ප්‍රහාතව්‍ය ද වන්නේ යි. දුඃඛසත්‍යය දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය ද වන්නේ ය, භාවනායෙන් ප්‍රහාතව්‍ය ද වන්නේ ය, නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය ද වන්නේ යි.
Pali BJTද්වෙ සච්චා නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බහෙතුකා. සමුදයසච්චං සියා දස්සනෙන පහාතබ්බහෙතුකං, සියා භාවනාය පහාතබ්බහෙතුකං. දුක්ඛසච්චං සියා දස්සනෙන පහාතබ්බහෙතුකං, සියා භාවනාය පහාතබ්බහෙතුකං, සියා නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බහෙතුකං.
Sinhala BJTසත්‍යයෝ දෙදෙනෙක් නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහ. සමුදයසත්‍යය දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතුක ද වන්නේ ය. භාවනායෙන් ප්‍රහාතව්‍යහේතුක ද වන්නේ යි. දුඃඛසත්‍යය දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතුක ද වන්නේ ය, භාවනායෙන් ප්‍රහාතව්‍යහේතුක ද වන්නේ ය, නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යහේතුක ද වන්නේ යි.
Pali BJTසමුදයසච්චං ආචයගාමි. මග්ගසච්චං අපචයගාමි. නිරොධසච්චං නෙවාචයගාමිනාපචයගාමි. දුක්ඛසච්චං සියා ආචයගාමි, සියා නෙව ආචයගාමි නාපචයගාමි.
Sinhala BJTසමුදයසත්‍යය ආචයගාමී ය. මාර්‍ගසත්‍යය අපචයගාමී ය. නිරෝධසත්‍යය නො ම ආචයගාමී නො ද අපචයගාමී ය. දුඃඛසත්‍යය ආචයගාමී ද වන්නේ ය, නො ම ආචයගාමී නො ද අපචයගාමී ද වන්නේ යි.
Pali BJTමග්ගසච්චං සෙක්ඛං. තීණි සච්චානි නෙව සෙක්ඛා නාසෙක්ඛා.
Sinhala BJTමාර්‍ගසත්‍යය ශෛක්‍ෂ ය. සත්‍යයෝ තිදෙනෙක් නො ම ශෛක්‍ෂ නො ද අශෛක්‍ෂ වන්නාහු ය.
Pali BJTසමුදය සච්චං පරිත්තං. ද්වෙ සච්චා අප්පමාණා, දුක්ඛසච්චං සියා පරිත්තං, සියා මහග්ගතං.
Sinhala BJTසමුදයසත්‍යය පරිත්ත ය. සත්‍යයෝ දෙදෙනෙක් අප්‍රමාණයෝ ය. දුඃඛසත්‍යය පරිත්ත ද වන්නේ ය, මහද්ගත ද වන්නේ යි.
Pali BJTනිරොධසච්චං අනාරම්මණං. මග්ගසච්චං අප්පමාණාරම්මණං. සමුදයසච්චං සියා පරිත්තාරම්මණං, සියා මහග්ගතාරම්මණං, න අප්පමාණාරම්මණං, සියා න වත්තබ්බං පරිත්තාරම්මණන්ති’පි මහග්ගතාරම්මණන්ති’පි. දුක්ඛසච්චං සියා පරිත්තාරම්මණං, සියා මහග්ගතාරම්මණං, සියා අප්පමාණාරම්මණං, සියා න වත්තබ්බං පරිත්තාරම්මණන්ති’පි මහග්ගතාරම්මණන්ති’පි අප්පමාණාරම්මණන්ති’පි.
Sinhala BJTනිරෝධසත්‍යය අනාලම්බන ය. මාර්‍ගසත්‍යය අප්‍රමාණාලම්බන ය. සමුදයසත්‍යය පරිත්තාලම්බන ද වන්නේ ය, මහද්ගතාලම්බන ද වන්නේ ය, අප්‍රමාණාලම්බන නො වන්නේ ය, පරිත්තාලම්බන යි ද මහද්ගතාලම්බන යි ද නො කියයුතු ද වන්නේ ය. දුඃඛසත්‍යය පරිත්තාලම්බන ද වන්නේ ය, මහද්ගතාලම්බන ද වන්නේ ය, අප්‍රමාණාලම්බන ද වන්නේ ය, පරිත්තාලම්බන යි දමහද්ගතාලම්බන යි ද අප්‍රමාණාලම්බන යි ද නො කියයුතු වන්නේ ය.
Pali BJTසමුදයසච්චං හීනං. ද්වෙ සච්චා පණීතා. දුක්ඛසච්චං සියා හීනං, සියා මජ්ඣිමං.
Sinhala BJTසමුදයසත්‍යය හීන ය. සත්‍යයෝ දෙදෙනෙක් ප්‍රණීතයෝ ය. දුඃඛසත්‍යය හීන ද වන්නේ ය, මධ්‍යම ද වන්නේ යි.
Pali BJTනිරොධසච්චං අනියතං. මග්ගසච්චං සම්මත්තනියතං. ද්වෙ සච්චා සියා මිච්ඡත්තනියතා, සියා අනියතා.
Sinhala BJTනිරෝධසත්‍යය අනියත ය. මාර්‍ගසත්‍යය සම්‍යක්ත්‍වනියත ය. සත්‍යයෝ දෙ දෙනෙක් මිථ්‍යාත්‍වනියත ද වන්නාහ, අනියත ද වන්නාහු යි.
Pali BJTනිරොධසච්චං අනාරම්මණං. සමුදයසච්චං න වත්තබ්බං මග්ගාරම්මණන්ති’පි මග්ගහෙතුකන්ති’පි මග්ගාධිපතීති’පි. මග්ගසච්චං න මග්ගාරම්මණං මග්ගහෙතුකං, සියා මග්ගාධිපති, සියා න වත්තබ්බං මග්ගාධිපතීති. දුක්ඛසච්චං සියා මග්ගාරම්මණං න මග්ගහෙතුකං, සියා මග්ගාධිපති, සියා න වත්තබ්බං මග්ගාරම්මණන්ති’පි මග්ගාධිපතීති’පි.
Sinhala BJTනිරෝධසත්‍යය අනාලම්බන ය. සමුදයසත්‍යය මාර්‍ගාලම්බන යි ද මාර්‍ගහේතුක යි ද මාර්‍ගාධිති යි ද නො කියයුත්තේ ය. මාර්‍ගසත්‍යය මාර්‍ගාලම්බන නො වූයේ මාර්‍ග හේතුක ය, මාර්‍ගාධිපති ද වන්නේ ය, මාර්‍ගාධිපති නො කියයුතු වන්නේ ය. දුඃඛසත්‍යය මාර්‍ගාලම්බන වූයේ මාර්‍ගහේතුක ද වන්නේ ය, මාර්‍ගාධිපති ද වන්නේ ය, මාර්‍ගාලම්බන යි ද මාර්‍ගාධිපති යි ද නො කියයුතු වන්නේ යි.
Pali BJTද්වෙ සච්චා සියා උප්පන්නා, සියා අනුප්පන්නා, න වත්තබ්බා උප්පාදිනොති. නිරොධසච්චං න වත්තබ්බං උප්පන්නන්ති’පි අනුප්පන්නන්ති’පි උප්පාදීති’පි. දුක්ඛසච්චං සියා උප්පන්නං, සියා අනුප්පන්නං, සියා උප්පාදි.
Sinhala BJTසත්‍යයෝ දෙදෙනෙක් උත්පන්න ද වන්නාහ, අනුත්පන්න ද වන්නාහ, උත්පාදීහු යයි නො කියයුත්තාහ. නිරෝධසත්‍යය උත්පන්න යි ද අනුත්පන්න යි ද උත්පාදී යයි ද නො කියයුත්තේ ය. දුඃඛසත්‍යය උත්පන්න ද වන්නේ ය, අනුත්පන්න ද වන්නේ ය, උත්පාදී ද වන්නේ යි.
Pali BJTතීණි සච්චානි සියා අතීතා, සියා අනාගතා, සියා පච්චුප්පන්නා. නිරොධසච්චං න වත්තබ්බං අතීතන්ති’පි අනාගතන්ති’පි පච්චුප්පන්නන්ති’පි.
Sinhala BJTසත්‍යයෝ තිදෙනෙක් අතීත ද වන්නාහ, අනාගත ද වන්නාහ, ප්‍රත්‍යුත්පන්න ද වන්නාහ, නිරෝධසත්‍යය අතීත යි ද අනාගත යි ද ප්‍රත්‍යුත්පන්න යි ද නො කියුත්තේ යි.
Pali BJTනිරොධසච්චං අනාරම්මණං. මග්ගසච්චං න වත්තබ්බං අතීතාරම්මණන්ති’පි අනාගතාරම්මණන්ති’පි පච්චුප්පන්නාරම්මණන්ති’පි. ද්වෙ සච්චා සියා අතීතාරම්මණා, සියා අනාගතාරම්මණා, සියා පච්චුප්පන්නාරම්මණා, සියා න වත්තබ්බා අතීතාරම්මණාතිපි අනාගතාරම්මණාතිපි පච්චුප්පන්නාරම්මණාති’පි.
Sinhala BJTනිරෝධසත්‍යය අනාලම්බන ය. මාර්‍ගසත්‍යය අතීතාලම්බන යි ද අනාගතාලම්බන යි ද ප්‍රත්‍යුත්පන්නාලම්බන යි ද නො කියයුත්තේ ය. සත්‍යයෝ දෙදෙනෙක් අතීතාලම්බන ද වන්නා හ, අනාගතාලම්බන ද වන්නාහ, ප්‍රත්‍යුත්පන්නාලම්බන ද වන්නාහ, අතීතාලම්බන යි ද අනාගතාලම්බන යි ද ප්‍රත්‍යුත්පන්නාලම්බන යි ද නො කියයුතු වන්නාහු යි.
Pali BJTනිරොධසච්චං බහිද්ධා. තීණි සච්චානි සියා අජ්ඣත්තා, සියා බහිද්ධා, සියා අජ්ඣත්තබහිද්ධා.
Sinhala BJTනිරෝධසත්‍යය බාහිර ය. සත්‍යයෝ තිදෙනෙක් අධ්‍යාත්ම ද වන්නාහ, බාහිර ද වන්නාහ, අධ්‍යාත්මබාහිර ද වන්නාහු යි.
Pali BJTනිරොධසච්චං අනාරම්මණං. මග්ගසච්චං බහිද්ධාරම්මණං. සමුදයසච්චං සියා අජ්ඣත්තාරම්මණං, සියා බහිද්ධාරම්මණං, සියා අජ්ඣත්තබහිද්ධාරම්මණං. දුක්ඛසච්චං සියා අජ්ඣත්තාරම්මණං, සියා බහිද්ධාරම්මණං, සියා අජ්ඣත්තබහිද්ධාරම්මණං, සියා න වත්තබ්බං අජ්ඣත්තාරම්මණන්ති’පි බහිද්ධාරම්මණන්ති’පි අජ්ඣත්තබහිද්ධාරම්මණන්ති’පි.
Sinhala BJTනිරෝධසත්‍යය අනාලම්බන ය. මාර්‍ගසත්‍යය බාහිරාලම්බන ය. සමුදයසත්‍යය අධ්‍යාත්මාලම්බන ද වන්නේ ය, බාහිරාලම්බන ද වන්නේ ය, අධ්‍යාත්මබාහිරාලම්බන ද වන්නේ ය. දුඃඛසත්‍යය අධ්‍යාත්මාලම්බන ද වන්නේ ය, බාහිරාලම්බන ද වන්නේ ය, අධ්‍යාත්මබාහිරාලම්බන ද වන්නේ ය, අධ්‍යාත්මාලම්බන යි ද බාහිරාලම්බන යි ද අධ්‍යාත්මබාහිරාලම්බන යි ද නො කියයුතු වන්නේ යි.
Pali BJTතීණි සච්චානි අනිදස්සනඅප්පටිඝා. දුක්ඛසච්චං සියා සනිදස්සනසප්පටිඝං, සියා අනිදස්සනසප්පටිඝං, සියා අනිදස්සනඅප්පටිඝං.
Sinhala BJTසත්‍යයෝ තිදෙනෙක් අනිදර්‍ශනඅප්‍රතිඝයෝ ය. දුඃඛසත්‍යය සනිදර්‍ශනසප්‍රතිඝ ද වන්නේ ය. අනිදර්‍ශනසප්‍රතිඝ ද වන්නේ ය, අනිදර්‍ශනඅප්‍රතිඝ ද වන්නේ යි.
Pali BJT296. සමුදයසච්චං හෙතු. නිරොධසච්චං න හෙතු. ද්වෙ සච්චා සියා හෙතු, සියා න හෙතු.
Sinhala BJT296. සමුදයසත්‍යය හේතු වෙයි. නිරෝධසත්‍යය හේතු නො වෙයි. සත්‍යයෝ දෙදෙනෙක් හේතු ද වන්නාහ, නො ද හේතු ද වන්නාහු යි.
Pali BJTද්වෙ සච්චා සහෙතුකා. නිරොධසච්චං අහෙතුකං. දුක්ඛසච්චං සියා සහෙතුකං, සියා අහෙතුකං.
Sinhala BJTසත්‍යයෝ දෙදෙනෙක් සහේතුකයෝ ය. නිරෝධසත්‍යය අහේතුක ය. දුඃඛසත්‍යය සහේතුක ද වන්නේ ය, අහේතුක ද වන්නේ යි.
Pali BJTද්වෙ සච්චා හෙතුසම්පයුත්තා. නිරොධසච්චං හෙතුවිප්පයුත්තං. දුක්ඛසච්චං සියා හෙතුසම්පයුත්තං, සියා හෙතුවිප්පයුත්තං.
Sinhala BJTසත්‍යයෝ දෙදෙනෙක් හේතුසම්ප්‍රයුක්තයෝ ය. නිරෝධසත්‍යය හේතුවිප්‍රයුක්ත ය. දුඃඛසත්‍යය හේතුසම්ප්‍රයුක්ත ද වන්නේ ය, හේතුවිප්‍රයුක්ත ද වන්නේ යි.
Pali BJTසමුදයසච්චං හෙතු චෙව සහෙතුකඤ්ච. නිරොධසච්චං න වත්තබ්බං හෙතු චෙව සහෙතුකන්ති’පි සහෙතුකඤ්චෙ’ව න ච හෙතූති’පි. මග්ගසච්චං සියා හෙතු චෙව සහෙතුකඤ්ච, සියා සහෙතුකඤ්චෙව න ච හෙතු. දුක්ඛසච්චං සියා හෙතු චෙව සහෙතුකඤ්ච සියා සහෙතුකඤ්චෙව න ච හෙතු, සියා න වත්තබ්බං හෙතු චෙව සහෙතුකන්ති’පි සහෙතුකඤ්චෙව න ච හෙතූති’පි.
Sinhala BJTසමුදයසත්‍යය හේතු ද වූයේ ම සහේතුක ද වෙයි. නිරෝධසත්‍යය හේතු ද වූයේ ම සහේතුක යි ද සහේතුක ද වූයේ ම නො ද හේතු යි ද නො කියයුතු වන්නේ ය. මාර්‍ග සත්‍යය හේතු ද වූයේ ම සහේතුක ද වන්නේ ය. සහේතුක ද වූයේ ම නො ද හේතු ද වන්නේ ය. දුඃඛසත්‍යය හේතු ද වූයේ ම සහේතුක ද වන්නේ ය, සහේතුක ද වූයේ ම නො ද හේතු වන්නේ ය, හේතු ද වූයේ ම සහේතුක යි ද සහේතුක ද වූයේ ම නො ද හේතු යි ද නො කියයුතු වන්නේ යි.
Pali BJTසමුදයසච්චං හෙතු චෙව හෙතුසම්පයුත්තඤ්ච. නිරොධසච්චං න වත්තබ්බං හෙතු චෙව හෙතුසම්පයුත්තන්ති’පි හෙතුසම්පයුත්තඤ්චෙව න ච හෙතූති’පි. මග්ගසච්චං සියා හෙතු චෙව හෙතුසම්පයුත්තඤ්ච, සියා හෙතුසම්පයුත්තඤ්චෙ’ව න ච හෙතු. දුක්ඛසච්චං සියා හෙතු චෙව හෙතුසම්පයුත්තඤ්ච, සියා හෙතුසම්පයුත්තඤ්චෙව න ච හෙතු, සියා න වත්තබ්බං හෙතු චෙව හෙතුසම්පයුත්තන්ති’පි හෙතුසම්පයුත්තඤ්චෙව න ච හෙතූති’පි.
Sinhala BJTසමුදයසත්‍යය හේතු ද වූයේ ම හේතුසම්ප්‍රයුක්ත ද වෙයි. නිරෝධසත්‍යය හේතු ද වූයේ ම හේතුසම්ප්‍රයුක්ත යි ද හේතුසම්ප්‍රයුක්ත ද වූයේ ම නො ද හේතු යි ද නො කියයුතු වන්නේ ය. මාර්‍ගසත්‍යය හේතු ද වූයේ ම හේතුසම්ප්‍රයුක්ත ද වන්නේ ය. හේතු සම්ප්‍රයුක්ත ද වූයේ ම නො ද හේතු ද වන්නේ ය. දුඃඛසත්‍යය හේතු ද වූයේ ම හේතු සම්ප්‍රයුක්ත ද වන්නේ ය, හේතුසම්ප්‍රයුක්ත ද වූයේ ම නො ද හේතු ද වන්නේ ය, හේතු ද වූයේ ම හේතුසම්ප්‍රයුක්ත යි ද හේතුසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද හේතු යි ද නො කියයුතු වන්නේ යි.
Pali BJTනිරොධසච්චං න හෙතුඅහෙතුකං. සමුදයසච්චං න වත්තබ්බං න හෙතු සහෙතුකන්ති’පි න හෙතු අහෙතුකන්ති’පි. මග්ගසච්චං සියා න හෙතු සහෙතුකං, සියා න වත්තබ්බං න හෙතු සහෙතුකන්ති’පි න හෙතු අහෙතුකන්ති’පි. දුක්ඛසච්චං සියා න හෙතු සහෙතුකං, සියා න හෙතු අහෙතුකං. සියා න වත්තබ්බං න හෙතු සහෙතුකන්ති’පි න හෙතු අහෙතුකන්ති’පි.
Sinhala BJTනිරෝධසත්‍යය හේතු නො වූ අහේතුක වෙයි. සමුදයසත්‍යය හේතු නො වූ සහේතුක යි ද හේතු නො වූ අහේතුක යි නො කියයුතු ය. මාර්‍ගසත්‍යය හේතු නො වූ සහේතුක ද වන්නේ ය, හේතු නො වූ සහේතුක යි ද හේතු නො වූ අහේතුක යි ද නො කිය යුතු වන්නේ ය. දුඃඛසත්‍යය හේතු නො වූ සහේතුක ද වන්නේ ය, හේතු නො වූ අහේතුක ද වන්නේ ය, හේතු නො වූ සහේතුක යි ද හේතු නො වූ අහේතුක යි ද නො කියයුතු වන්නේ යි.
Pali BJT297. තීණි සච්චානි සප්පච්චයා. නිරොධසච්චං අප්පච්චයං.
Sinhala BJT297. සත්‍යයෝ තිදෙනෙක් සප්‍රත්‍යයෝ ය. නිරෝධසත්‍යය අප්‍රත්‍යය යි.
Pali BJTතීණි සච්චානි සඞ්ඛතා. නිරොධසච්චං අසඞ්ඛතං.
Sinhala BJTසත්‍යයෝ තිදෙනෙක් සංඛතයෝ ය. නිරෝධසත්‍යය අසංඛත යි.
Pali BJTතීණි සච්චානි අනිදස්සනා. දුක්ඛසච්චං සියා සනිදස්සනං, සියා අනිදස්සනං.
Sinhala BJTසත්‍යයෝ තිදෙනෙක් අනිදර්‍ශනයෝ ය. දුඃඛසත්‍යය සනිදර්‍ශන ද වන්නේ ය, අනිදර්‍ශන ද වන්නේ යි.
Pali BJTතීණි සච්චානි අප්පටිඝා. දුක්ඛසච්චං සියා සප්පටිඝං සියා අප්පටිඝං.
Sinhala BJTසත්‍යයෝ තිදෙනෙක් අප්‍රතිඝයෝ ය. දුඃඛසත්‍යය සප්‍රතිඝ ද වන්නේ ය, අප්‍රතිඝ ද වන්නේ යි.
Pali BJTතීණි සච්චානි අරූපානි. දුක්ඛසච්චං සියා රූපං, සියා අරූපං.
Sinhala BJTසත්‍යයෝ තිදෙනෙක් අරූපයෝ ය. දුඃඛසත්‍යය රූප ද වන්නේ ය, අරූප ද වන්නේ යි.
Pali BJTද්වෙ සච්චා ලොකියා. ද්වෙ සච්චා ලොකුත්තරා.
Sinhala BJTසත්‍යයෝ දෙදෙනෙක් ලෞකිකයෝ ය. සත්‍යයෝ දෙදෙනෙක් ලෝකෝත්තරයෝ යි.
Pali BJTකෙනචි විඤ්ඤෙය්යා, කෙනචි න විඤ්ඤෙය්යා.
Sinhala BJTචතුස්සත්‍යයෝ කිසිවිඥානයෙකින් දතයුත්තාහ. කිසිවිඥානයෙකින් නො දත යුත්තාහු යි.
Pali BJT298. සමුදයසච්චං ආසවො. ද්වෙ සච්චා නො ආසවා දුක්ඛසච්චං සියා ආසවො, සියා නො ආසවො.
Sinhala BJT298. සමුදයසත්‍යය ආස්‍රවයෙකි. සත්‍යයෝ දෙදෙනෙක් ආස්‍රවයෝ නො වෙති. දුඃඛසත්‍යය ආස්‍රවයෙක් ද වන්නේ ය, නො ද ආස්‍රවයෙක් ද වන්නේ යි.
Pali BJTද්වෙ සච්චා සාසවා. ද්වෙ සච්චා අනාසවා.
Sinhala BJTසත්‍යයෝ දෙදෙනෙක් ආස්‍රව සහිතයෝ ය. සත්‍යයෝ දෙදෙනෙක් අනාස්‍රවයෝ යි.
Pali BJTසමුදයසච්චං ආසවසම්පයුත්තං. ද්වෙ සච්චා ආසවවිප්පයුත්තා. දුක්ඛසච්චං සියා ආසවසම්පයුත්තං, සියා ආසවවිප්පයුත්තං.
Sinhala BJTසමුදයසත්‍යය ආස්‍රවසම්ප්‍රයුක්ත ය. සත්‍යයෝ දෙදෙනෙක් ආස්‍රවවිප්‍රයුක්තයෝ ය. දුඃඛසත්‍යය ආස්‍රවසම්ප්‍රයුක්ත ද වන්නේ ය. ආස්‍රවවිප්‍රයුක්ත ද වන්නේ යි.
Pali BJTසමුදයසච්චං ආසවො චෙව සාසවඤ්ච. ද්වෙ සච්චා න වත්තබ්බා ආසවාචෙව සාසවාති’පි සාසවා චෙව නො ච ආසවාති’පි. දුක්ඛසච්චං සියා ආසවො චෙව සාසවඤ්ච, සියා සාසවඤ්චෙ’ව නො ච ආසවො.
Sinhala BJTසමුදයසත්‍යය ආස්‍රවයෙක් ද වූයේ ම සාස්‍රව ද වෙයි. සත්‍යයෝ දෙදෙනෙක් ආස්‍රව ද වූ ම සාස්‍රවහ යි ද සාස්‍රව ද වූ ම නො ද ආස්‍රවහ යි ද නො කියයුත්තාහ. දුඃඛසත්‍යය ආස්‍රවයෙක් ද වූයේ ම සාස්‍රව ද වන්නේ ය, සාස්‍රව ද වූයේ ම නො ද ආස්‍රව ද වන්නේ යි.
Pali BJTසමුදයසච්චං ආසවො චෙව ආසවසම්පයුත්තඤ්ච. ද්වෙ සච්චා න වත්තබ්බා ආසවා චෙව ආසවසම්පයුත්තාති’පි ආසවසම්පයුත්තා චෙව නො ච ආසවාති’පි. දුක්ඛසච්චං සියා ආසවො චෙව ආසවසම්පයුත්තඤ්ච, සියා ආසවසම්පයුත්තඤ්චෙව නො ච ආසවො, සියා න වත්තබ්බං ආසාවො චෙව ආසවසම්පයුත්තන්ති’පි ආසවසම්පයුත්තඤ්චෙ’ව නො ච ආසවොති’පි.
Sinhala BJTසමුදයසත්‍යය ආස්‍රව ද වූයේ ම ආස්‍රවසම්ප්‍රයුක්තයෙක් ද වන්නේ ය. සත්‍යයෝ දෙදෙනෙක් ආස්‍රව ද වූවාහු ම ආස්‍රවසම්ප්‍රයුක්තහ යි ද ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූ ම නො ද ආස්‍රවහ යි ද නො කියයුත්තාහ. දුඃඛසත්‍යය ආස්‍රව ද වූයේ ම ආස්‍රවසම්ප්‍රයුක්ත ද වන්නේ ය, ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද ආස්‍රව ද වන්නේ ය, ආස්‍රවයෙක් ද වූයේ ම ආස්‍රවසම්ප්‍රයුක්ත යි ද ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූ ම නො ද ආස්‍රවයෙකැ යි ද නො කියයුතු වන්නේ යි.
Pali BJTද්වෙ සච්චා ආසවවිප්පයුත්තඅනාසවා. සමුදයසච්චං න වත්තබ්බං ආසවවිප්පයුත්තසාසවන්තිපි ආසවවිප්පයුත්තඅනාසවන්තිපි. දුක්ඛසච්චං සියා ආසවවිප්පයුත්තසාසවං, සියා න වත්තබ්බං ආසවවිප්පයුත්තසාසවන්ති’පි ආසවවිප්පයුත්තඅනාසවන්තිපි.
Sinhala BJTසත්‍යයෝ දෙදෙනෙක් ආස්‍රවවිප්‍රයුක්ත අනාස්‍රවයෝ ය. සමුදයසත්‍යය ආස්‍රව විප්‍රයුක්තසාස්‍රවයෙකැ යි ද ආස්‍රවවිප්‍රයුක්තඅනාස්‍රවයෙකැ යි ද නො කියයුත්තේ ය, දුඃඛසත්‍යය ආස්‍රවවිප්‍රයුක්තසාස්‍රවයෙක් ද වන්නේ ය. ආස්‍රවවිප්‍රයුක්තසාස්‍රවයෙකැ යි ද ආස්‍රවවිප්‍රයුක්තඅනාස්‍රවයෙකැ යි ද නො කියයුතු වන්නේ යි.
Pali BJT299. සමුදයසච්චං සංයොජනං. ද්වෙ සච්චා නො සංයොජනා. දුක්ඛසච්චං සියා සඤ්ඤොජනං, සියා නො සඤ්ඤොජනං.
Sinhala BJT299. සමුදයසත්‍යය සංයෝජනයෙකි. සත්‍යයෝ දෙදෙනෙක් සංයෝජන නො වන්නාහ. දුඃඛසත්‍යය සංයෝජන ද වන්නේ ය, නො ද සංයෝජන ද වන්නේ යි.
Pali BJTද්වෙ සච්චා සඤ්ඤොජනියා. ද්වෙ සච්චා අසඤ්ඤොජනියා.
Sinhala BJTසත්‍යයෝ දෙදෙනෙක් සංයෝජනියයෝ වෙති. සත්‍යයෝ දෙදෙනෙක් අසංයෝජනියයෝ වෙත්.
Pali BJTසමුදයසච්චං සඤ්ඤොජනසම්පයුත්තං. ද්වෙ සච්චා සඤ්ඤොජනවිප්පයුත්තා. දුක්ඛසච්චං සියා සඤ්ඤොජනසම්පයුත්තං, සියා සඤ්ඤොජනවිප්පයුත්තං.
Sinhala BJTසමුදයසත්‍යය සංයෝජනසම්ප්‍රයුක්ත ය. සත්‍යයෝ දෙදෙනෙක් සංයෝජනවිප්‍රයුක්තයෝ ය. දුඃඛසත්‍යය සංයෝජනසම්ප්‍රයුක්ත ද වන්නේ ය, සංයෝජනවිප්‍රයුක්ත ද වන්නේ යි.
Pali BJTසමුදයසච්චං සඤ්ඤොජනඤ්චෙව සඤ්ඤොනියඤ්ච. ද්වෙ සච්චා න වත්තබ්බා සඤ්ඤොජනාචෙව සඤ්ඤොජනියාති’පි සඤ්ඤොජනියා චෙව නො ච සඤ්ඤොජනාති’පි. දුක්ඛසච්චං සියා සඤ්ඤොජනඤ්චෙව සඤ්ඤොජනියඤ්ච, සියා සඤ්ඤොජනියංචෙව නො ච සඤ්ඤොජනං.
Sinhala BJTසමුදයසත්‍යය සංයෝජන ද වූයේ ම සංයෝජනිය ද වෙයි. සත්‍යයෝ දෙදෙනෙක් සංයෝජන ද වූවාහු ම සංයෝජනිය වෙතී ද සංයෝජනිය ද වූවාහු ම නො ද සංයෝජන වෙතී ද නො කියයුත්තාහ. දුඃඛසත්‍යය සංයෝජන ද වූයේ ම සංයෝජනියයෙක් ද වන්නේ ය, සංයෝජනිය ද වූයේ ම නො ද සංයෝජනයෙක් ද වන්නේ යි.
Pali BJTසමුදයසච්චං සඤ්ඤොජනඤ්චෙ’ව සඤ්ඤොජනසම්පයුත්තඤ්ච. ද්වෙ සච්චා න වත්තබ්බා සඤ්ඤොජනා චෙව සඤ්ඤොජනසම්පයුත්තා’පි, සඤ්ඤොජනසම්පයුත්තා චෙව නො ච සඤ්ඤොජනාති’පි. දුක්ඛසච්චං සියා සඤ්ඤොජනඤ්චෙව සඤ්ඤොජනසම්පයුත්තඤ්ච, සියා සඤ්ඤොජනසම්පයුත්තඤ්චෙ’ව නො ච සඤ්ඤොජනං, සියා න වත්තබ්බං සඤ්ඤොජනඤ්චෙව සඤ්ඤොජනසම්පයුත්තන්ති’පි, සඤ්ඤොජනසම්පයුත්තඤ්චෙ’ව නො ච සඤ්ඤොජනන්ති’පි.
Sinhala BJTසමුදයසත්‍යය සංයෝජනයෙක් ද වූයේ ම සංයෝජනසම්ප්‍රයුක්ත ද වෙයි. සත්‍යයෝ දෙදෙනෙක් සංයෝජන ද වූවාහු ම සංයෝජනසම්ප්‍රයුක්තහ යි ද සංයෝජනසම්ප්‍රයුක්ත ද වූවාහු ම නො ද සංයෝජනහ යි ද නො කියයුත්තාහ. දුඃඛසත්‍යය සංයෝජනයෙක් ද වූයේ ම සංයෝජනසම්ප්‍රයුක්ත ද වන්නේ ය, සංයෝජනසම්ප්‍රයුක්ත ද වූයේ ම නො ද සංයෝජනයෙක් ද වන්නේ ය, සංයෝජන ද වූයේ ම සංයෝජනසම්ප්‍රයුක්ත යි ද සංයෝජන සම්ප්‍රයුක්ත ද වූයේ ම නො ද සංයෝජන යි ද නො කියයුතු වන්නේ යි.
Pali BJTද්වෙ සච්චා සඤ්ඤොජනවිප්පයුත්තඅසඤ්ඤොජනියා. සමුදයසච්චං න වත්තබ්බං සඤ්ඤොජනවිප්පයුත්තසඤ්ඤොජනියන්ති’පි, සඤ්ඤොජනවිප්පයුත්තඅසඤ්ඤොජනියන්තිපි. දුක්ඛසච්චං සියා සඤ්ඤොජනවිප්පයුත්තසංයොජනියං, සියා න වත්තබ්බං සඤ්ඤොජනවිප්පයුත්තසඤ්ඤොජනියන්ති’පි, සඤ්ඤොජනවිප්පයුත්තඅසඤ්ඤොජනියන්ති’පි.
Sinhala BJTසත්‍යයෝ දෙදෙනෙක් සංයෝජනවිප්‍රයුක්තඅසංයෝජනියයෝ ය. සමුදයසත්‍යය සංයෝජනවිප්‍රයුක්තසංයෝජනිය යි ද සංයෝජනවිප්‍රයුක්තඅසංයෝජනිය යි ද නො කිය යුත්තේ ය. දුඃඛසත්‍යය සංයෝජනවිප්‍රයුක්ත සංයෝජනිය ද වන්නේ ය, සංයෝජනවිප්‍රයුක්තසංයෝජනිය යි ද සංයෝජනවිප්‍රයුක්තඅසංයෝජනිය යි ද නො කියයුතු වන්නේ යි.
Pali BJT300. සමුදයසච්චං ගන්ථො. ද්වෙ සච්චා නො ගන්ථා. දුක්ඛසච්චං සියා ගන්ථො, සියා නො ගන්ථො.
Sinhala BJT300. සමුදයසත්‍යය ග්‍රන්‍ථයෙකි. සත්‍යයෝ දෙදෙනෙක් ග්‍රන්‍ථයෝ නො වෙති. දුඃඛසත්‍යය ග්‍රන්‍ථයෙක් ද වන්නේ ය, නො ද ග්‍රන්‍ථයෙක් ද වන්නේ යි.
Pali BJTද්වෙ සච්චා ගන්ථනියා. ද්වෙ සච්චා අගන්ථනියා.
Sinhala BJTසත්‍යයෝ දෙදෙනෙක් ග්‍රන්‍ථනීය වෙති. සත්‍යයෝ දෙදෙනෙක් අග්‍රන්‍ථනීය වෙත්.
Pali BJTද්වෙ සච්චා ගන්ථවිප්පයුත්තා. ද්වෙ සච්චා සියා ගන්ථසම්පයුත්තා, සියා ගන්ථවිප්පයුත්තා.
Sinhala BJTසත්‍යයෝ දෙදෙනෙක් ග්‍රන්‍ථවිප්‍රයුක්තයෝ ය. සත්‍යයෝ දෙදෙනෙක් ග්‍රන්‍ථ සම්ප්‍රයුක්ත ද වන්නාහ, ග්‍රන්‍ථවිප්‍රයුක්ත ද වන්නාහු යි.
Pali BJTසමුදයසච්චං ගන්ථො චෙව ගන්ථනියඤ්ච. ද්වෙ සච්චා න වත්තබ්බා ගන්ථා චෙ’ව ගන්ථනියාති’පි ගන්ථනියා චෙ’ව නො ච ගන්ථාති’පි. දුක්ඛසච්චං සියා ගන්ථො චෙ’ව ගන්ථනියඤ්ච, සියා ගන්ථනියඤ්චෙව නො ච ගන්ථො.
Sinhala BJTසමුදයසත්‍යය ග්‍රන්‍ථයෙක් ද වූයේ ම ග්‍රන්‍ථනීය ද වෙයි. සත්‍යයෝ දෙදෙනෙක් ග්‍රන්‍ථ ද වූවාහු ම ග්‍රන්‍ථනීය වෙති යි ද ග්‍රන්‍ථනීය ද වූවාහු ම නොද ග්‍රන්‍ථ වෙති යි ද නො කිය යුත්තාහ. දුඃඛසත්‍යය ග්‍රන්‍ථයෙක් ද වූයේ ම ග්‍රන්‍ථනීය ද වන්නේ ය, ග්‍රන්‍ථනීය ද වූයේ ම නො ද ග්‍රන්‍ථයෙක් ද වන්නේ යි.