Vibhaṅga

Analysis

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1301-1400 න් 4235

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTසත්තරස ධාතුයො නො චිත්තානුපරිවත්තිනො. ධම්මධාතු සියා චිත්තානුපරිවත්ති, සියා නො චිත්තානුපරිවත්ති.
Sinhala BJTසතළොස් ධාතූහු චිත්තානුපරිවර්තීහු නො වෙති. ධර්‍මධාතුව චිත්තානුපරිවර්තී ද වන්නේ ය. චිත්තානුපරිවර්තී නොද වන්නේ යි.
Pali BJTසත්තරස ධාතුයො නො චිත්තසංසට්ඨසමුට්ඨානා. ධම්මධාතු සියා චිත්තසංසට්ඨසමුට්ඨානා, සියා නො චිත්තසංසට්ඨසමුට්ඨානා.
Sinhala BJTසතළොස් ධාතූහු චිත්තසංසෘෂ්ටසමුත්‍ථානයෝ නො වෙති. ධර්‍මධාතුව චිත්ත සංසෘෂ්ටසමුත්‍ථාන ද වන්නේ ය, චිත්තසංසෘෂ්ටසමුත්‍ථාන නොද වන්නේ යි.
Pali BJTසත්තරස ධාතුයො නො චිත්තසංසට්ඨසමුට්ඨානසහභුනො. ධම්මධාතු සියා චිත්තසංසට්ඨසමුට්ඨානසහභූ, සියා නො චිත්තසංසට්ඨසමුට්ඨානසහභූ.
Sinhala BJTසතළොස් ධාතූහු චිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූ නො වෙති. ධර්‍මධාතුව චිත්ත සංසෘෂ්ටසමුත්‍ථානසහභූ ද වන්නේ ය, චිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූ නොද වන්නේ යි.
Pali BJTසත්තරස ධාතුයො නො චිත්තසංසට්ඨසමුට්ඨානානුපරිවත්තිනො. ධම්මධාතු සියා චිත්තසංසට්ඨසමුට්ඨානානුපරිවත්තී, සියා නො චිත්තසංසට්ඨසමුට්ඨානානුපරිවත්තී.
Sinhala BJTසතළොස් ධාතූහු චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්තී නො වෙති. ධර්‍මධාතුව චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්ති ද වන්නේ ය, චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්ති නොද වන්නේ යි.
Pali BJTද්වාදස ධාතුයො අජ්ඣත්තිකා. ඡ ධාතුයො බාහිරා.
Sinhala BJTධාතූහු දොළොස් දෙනෙක් ආධ්‍යාත්මිකයෝ. ධාතූහු ස දෙනෙක් බාහිරයෝ යි.
Pali BJTනව ධාතුයො උපාදා. අට්ඨධාතුයො නො උපාදා. ධම්මධාතු සියා උපාදා, සියා නො උපාදා.
Sinhala BJTධාතූහු නව දෙනෙක් උපාදා වෙති. ධාතූහු අට දෙනෙක් උපාදා නො වෙති. ධර්‍ම ධාතුව උපාදා ද වන්නේ ය, උපාදා නොද වන්නේ යි.
Pali BJTදස ධාතුයො උපාදින්නා. සද්දධාතු අනුපාදින්නා. සත්තධාතුයො සියා උපාදින්නා සියා අනුපාදින්නා.
Sinhala BJTධාතූහු දශ දෙනෙක් උපාදින්නයෝ ය. ශබ්දධාතුව අනුපාදින්න ය. ධාතූහු සත් දෙනෙක් උපාදින්න ද වන්නාහ, අනුපාදින්න ද වන්නාහු යි.
Pali BJT277. සත්තරස ධාතුයො නො උපාදානා. ධම්මධාතු සියා උපාදානං සියා නො උපාදානං.
Sinhala BJT277. සතළොස් ධාතූහු උපාදානයෝ නො වෙති. ධර්‍මධාතුව උපාදාන ද වන්නේ ය, උපාදාන නො ද වන්නේ යි.
Pali BJTසොළස ධාතුයො උපාදානියා. ද්වෙ ධාතුයො සියා උපාදානියා, සියා අනුපාදානියා.
Sinhala BJTසොළොස් ධාතූහු උපාදානිය වෙති. ධාතූහු දෙදෙනෙක් උපාදානිය ද වන්නාහ, අනුපාදානිය ද වන්නාහු යි.
Pali BJTසොළස ධාතුයො උපාදානවිප්පයුත්තා. ද්වෙ ධාතුයො සියා උපාදානසම්පයුත්තා, සියා උපාදානවිප්පයුත්තා.
Sinhala BJTසොළොස් ධාතූහු උපාදානවිප්‍රයුක්තයෝ ය. ධාතූහු දෙදෙනෙක් උපාදානසම්ප්‍රයුක්ත ද වන්නාහ, උපාදානවිප්‍රයුක්ත ද වන්නාහු යි.
Pali BJTසොළස ධාතුයො න වත්තබ්බා උපාදානා චෙව උපාදානියාති, උපාදානියා චෙව නො ච උපාදානා. මනොවිඤ්ඤාණධාතු න වත්තබ්බා උපාදානඤ්චෙව උපාදානියාති, සියා උපාදානියා චෙව නො ච උපාදානං, සියා න වත්තබ්බා උපාදානියා චෙව නො ච උපාදානන්ති. ධම්මධාතු සියා උපාදානඤ්චෙව උපාදානියා ච, සියා උපාදානියා චෙව නො ච උපාදානං, සියා න වත්තබ්බා උපාදානඤ්චෙව උපාදානියාතිපි උපාදානියා චෙව නො ච උපාදානන්තිපි.
Sinhala BJTධාතූහු සොළොස් දෙනෙක් උපාදාන ද වූ ම උපාදානිය වෙති යි නො කියයුත්තාහ, උපාදානිය ද වූවාහු ම නොද උපාදානයෝ වෙති. මනෝවිඥානධාතුව උපාදාන ද වූයේ ම උපාදානිය යි නො කියයුත්තේ ය. උපාදානිය ද වූයේ ම උපාදාන ද වන්නේ ය. උපාදානිය ද වූයේ ම නොද උපාදානයෙකැ යි නො කියයුතු වන්නේ ය. ධර්‍මධාතුව උපාදාන ද වූයේ ම උපාදානිය ද වන්නේ ය, උපාදානිය ද වූයේ ම නොද උපාදානයෙක් වන්නේ ය, උපාදානෙයක් ද වූයේ ම උපාදානිය යි ද උපාදානිය ද වූයේ ම නොද උපාදානයෙකැ යි ද නො කියයුතු වන්නේ යි.
Pali BJTසොළස ධාතුයො න වත්තබ්බා උපාදානා චෙව උපාදානසම්පයුත්තාති’පි උපාදානසම්පයුත්තා චෙව නො ච උපාදානාති’පි. මනොවිඤ්ඤාණධාතු න වත්තබ්බා උපාදානඤ්චෙව උපාදානසම්පයුත්තාති, සියා උපාදානසම්පයුත්තා චෙව නො ච උපාදානං, සියා න වත්තබ්බා උපාදානසම්පයුත්තා චෙව නො ච උපාදානන්ති. ධම්මධාතු සියා උපාදානඤ්චෙව උපාදානසම්පයුත්තා ච, සියා උපාදානසම්පයුත්තා චෙව නො ච උපාදානං, සියා න වත්තබ්බා උපාදානඤ්චෙව උපාදානසම්පයුත්තාති’පි උපාදානසම්පයුත්තා චෙව නො ච උපාදානන්තිපි.
Sinhala BJTසොළොස් ධාතූහු උපාදාන ද වූවාහු ම උපාදානසම්ප්‍රයුක්තහ යි ද උපාදානසම්ප්‍රයුක්ත ද වූවාහු ම නොද උපාදානහ යි ද නො කියයුත්තාහ. මනෝවිඥානධාතුව උපාදානයෙක් ද වූයේ ම උපාදානසම්ප්‍රයුක්ත යැ යි නො කියයුත්තේ ය, උපාදානසම්ප්‍රයුක්ත ද වූයේ ම උපාදානයෙක් නොද වන්නේ ය, උපාදානසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද උපාදානයෙකැ යි නො කියයුතු වන්නේ ය. ධර්‍මධාතුව උපාදානයෙක් ද වූයේ ම උපාදානසම්ප්‍රයුක්ත ද වන්නේ ය, උපාදානසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද උපාදානයෙක් ද වන්නේ ය, උපාදානයෙක් ද වූයේ ම උපාදානසම්ප්‍රයුක්ත යි ද උපාදානසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද උපාදාන යි ද නො කියයුතු වන්නේ යි.
Pali BJTසොළස ධාතුයො උපාදානවිප්පයුත්තඋපාදානියා. ද්වෙ ධාතුයො සියා උපාදානවිප්පයුත්තඋපාදානියා, සියා උපාදානවිප්පයුත්තඅනුපාදානියා, සියා න වත්තබ්බා උපාදානවිප්පයුත්තඋපාදානියාති’පි, උපාදානවිප්පයුත්තඅනුපාදානියාති’පි.
Sinhala BJTසොළොස් ධාතූහු උපාදානවිප්‍රයුක්තඋපාදානිය වෙති. ධාතූහු දෙ දෙනෙක් උපාදාන විප්‍රයුක්තඋපාදානිය ද වන්නාහ, උපාදානවිප්‍රයුක්තඅනුපාදානිය ද වන්නාහ, උපාදානවිප්‍රයුක්ත උපාදානිය යි ද නො කියයුතු වන්නාහු යි.
Pali BJT278. සත්තරස ධාතුයො නො කිලෙසා. ධම්මධාතු සියා කිලෙසා සියා නො කිලෙසා.
Sinhala BJT278. සතළොස් ධාතූහු ක්ලේශයෝ නො වෙති. ධර්‍මධාතුව ක්ලේශ ද වන්නේ ය, ක්ලේශ නොද වන්නේ යි.
Pali BJTසොළස ධාතුයො සංකිලෙසිකා. ද්වෙ ධාතුයො සියා සංකිලෙසිකා, සියා අසංකිලෙසිකා.
Sinhala BJTසොළොස් ධාතූහු සාංක්ලේශිකයෝ ය. ධාතූහු දෙදෙනෙක් සාංක්ලේශික ද වන්නාහ, අසාංක්ලේශික ද වන්නාහු යි.
Pali BJTසොළස ධාතුයො අසංකිලිට්ඨා. ද්වෙ ධාතුයො සියා සංකිලිට්ඨා, සියා අසංකිලිට්ඨා.
Sinhala BJTසොළොස් ධාතූහු අසංක්ලිෂ්ටයෝ ය. ධාතූහු දෙදෙනෙක් සංක්ලිෂ්ට ද වන්නාහ, අසංක්ලිෂ්ට ද වන්නාහු යි.
Pali BJTසොළස ධාතුයො කිලෙසවිප්පයුත්තා. ද්වෙ ධාතුයො සියා කිලෙසසම්පයුත්තා, සියා කිලෙසවිප්පයුත්තා.
Sinhala BJTසොළොස් ධාතූහු ක්ලේශවිප්‍රයුක්තයෝ ය. ධාතූහු දෙදෙනෙක් ක්ලේශ සම්ප්‍රයුක්ත ද වන්නාහ, ක්ලේශවිප්‍රයුක්ත ද වන්නාහු යි.
Pali BJTසොළස ධාතුයො න වත්තබ්බා කිලෙසා චෙව සංකිලෙසිකාති, සංකිලෙසිකා චෙව නො ච කිලෙසා. මනොවිඤ්ඤාණධාතු න වත්තබ්බා කිලෙසො චෙව සංකිලෙසිකාති, සියා සංකිලෙසිකා චෙව නො ච කිලෙසො, සියා න වත්තබ්බා සංකිලෙසිකා චෙව නො ච කිලෙසොති. ධම්මධාතු සියා කිලෙසො චෙව සංකිලෙසිකා ච, සියා සංකිලෙසිකා චෙව නො ච කිලෙසො, සියා න වත්තබ්බා කිලෙසො චෙව සංකිලෙසිකාතිපි සංකිලෙසිකා චෙව නො ච කිලෙසොතිපි.
Sinhala BJTසොළොස් ධාතූහු ක්ලේශ ද වූ ම සාංක්ලේශිකයෝ යි නො කියයුත්තාහ, සාංක්ලේශික ද වූවාහු ම නොද ක්ලේශයෝ වෙති. මනෝවිඥානධාතුව ක්ලේශයෙක් ද වූයේ ම සාංක්ලේශික යි නො කියයුත්තේ ය, සාංක්ලේශික ද වූයේ ම ක්ලේශයෙක් නොද වන්නේ ය. සාංක්ලේශික ද වූයේ ම නොද ක්ලේශයෙකැ යි නො කියයුතු වන්නේ ය. ධර්‍මධාතුව ක්ලේශයෙක් ද වූයේ ම සාංක්ලේශික ද වන්නේ ය, සාංක්ලේශික ද වූයේ ම ක්ලේශයෙක් නොද වන්නේ ය. ක්ලේශයෙක් ද වූ ම සාංක්ලේශික යි ද සාංක්ලේශික ද වූයේ ම නොද ක්ලේශ යි ද නො කියයුතු වන්නේ යි.
Pali BJTසොළස ධාතුයො න වත්තබ්බා කිලෙසා චෙව සංකිලිට්ඨාතිපි සංකිලිට්ඨා චෙව නො ච කිලෙසාතිපි. මනොවිඤ්ඤාණධාතු න වත්තබ්බා කිලෙසො චෙව සංකිලිට්ඨාති, සියා සංකිලිට්ඨා චෙව නො ච කිලෙසො, සියා න වත්තබ්බා සංකිලිට්ඨා චෙව නො ච කිලෙසොතිපි. ධම්මධාතු සියා කිලෙසො චෙව සංකිලිඨා ච, සියා සංකිලිට්ඨා චෙව නො ච කිලෙසො, සියා න වත්තබ්බා කිලෙසො චෙව සංකිලිට්ඨාතිපි සංකිලිට්ඨා චෙව නො ච කිලෙසොතිපි.
Sinhala BJTසොළොස් ධාතූහු ක්ලේශ ද වූ ම සංක්ලිෂ්ටහ යි ද සංක්ලිෂ්ට ද වූවාහු ම නොද ක්ලේශහ යි ද නො කියයුත්තාහ. මනෝවිඥානධාතුව ක්ලේශයෙක් ද වූ ම සංක්ලිෂ්ටයෙකැ යි නො කියයුත්තේ ය. සංක්ලිෂ්ට ද වූයේ ම නොද ක්ලේශ ද වන්නේ ය. සංක්ලිෂ්ට ද වූයේ ම නොද ක්ලේශයි ද නො කියයුතු වන්නේ ය. ධර්‍මධාතුව ක්ලේශයෙක් ද වූයේ ම සංක්ලිෂ්ට ද වන්නේ ය. සංක්ලිෂ්ට ද වූයේ ම නොද ක්ලේශයෙක් ද වන්නේ ය. ක්ලේශයෙක් ද වූ ම සංක්ලිෂ්ටයෙකැ යි ද සංක්ලිෂ්ට ද වූයේ ම නොද ක්ලේශයෙකැ යි ද නො කියයුතු වන්නේ යි.
Pali BJTසොළස ධාතුයො න වත්තබ්බා කිලෙසා චෙව කිලෙසසම්පයුත්තාතිපි කිලෙසසම්පයුත්තා චෙව නො ච කිලෙසාතිපි. මනොවිඤ්ඤාණධාතු න වත්තබ්බා කිලෙසො චෙව කිලෙසසම්පයුත්තාති කිලෙසසම්පයුත්තා චෙව නො ච කිලෙසො, සියා න වත්තබ්බා කිලෙසසම්පයුත්තා චෙව නො ච කිලෙසොති. ධම්මධාතු සියා කිලෙසො චෙව කිලෙසසම්පයුත්තා ච සියා කිලෙසසම්පයුත්තා චෙව නො ච කිලෙසො, සියා න වත්තබ්බා කිලෙසො චෙව කිලෙසසම්පයුත්තාතිපි කිලෙසසම්පයුත්තා චෙව නො ච කිලෙසොතිපි.
Sinhala BJTසොළොස් ධාතූහු ක්ලේශ ද වූ ම ක්ලේශසම්ප්‍රයුක්තහ යි ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වූවාහු ම නොද ක්ලේශහ යි ද නො කියයුත්තාහ. මනෝවිඥානධාතුව ක්ලේශ ද වූ ම ක්ලේශසම්ප්‍රයුක්තයෙකැ යි නො කියයුත්තේ ය. ක්ලේශසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද ක්ලේශයෙක් වෙයි. ක්ලේශසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද ක්ලේශයෙකැ යි නො කියයුතු වන්නේ ය. ධර්‍මධාතුව ක්ලේශයෙක් ද වූ ම ක්ලේශසම්ප්‍රයුක්ත ද වන්නේ ය. ක්ලේශසම්ප්‍රුයුක්ත ද වූයේ ම නොද ක්ලේශයෙක් ද වන්නේ ය. ක්ලේශයෙක් ද වූ ම ක්ලේශසම්ප්‍රයුක්තයෙකැ යි ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද ක්ලේශයෙකැ යි ද නො කියයුතු වන්නේ යි.
Pali BJTසොළස ධාතුයො කිලෙසවිප්පයුත්තසංකිලෙසිකා, ද්වෙ ධාතුයො සියා කිලෙසවිප්පයුත්තසංකිලෙසිකා, සියා කිලෙසවිප්පයුත්තඅසංකිලෙසිකා, සියා න වත්තබ්බා කිලෙසවිප්පයුත්තසංකිලෙසිකාතිපි කිලෙසවිප්පයුත්තඅසංකිලෙසිකාතිපි.
Sinhala BJTසොළොස් ධාතූහු ක්ලේශවිප්‍රයුක්ත වූ සාංක්ලේශිකයෝ ය. ධාතූහු දෙ දෙනෙක් ක්ලේශවිප්‍රයුක්ත සාංක්ලේශික ද වන්නාහ. ක්ලේශවිප්‍රයුක්ත අසාංක්ලේශික ද වන්නාහ. ක්ලේශවිප්‍රයුක්ත සාංක්ලේශිකහ’ යි ද, ක්ලේශවිප්‍රයුක්ත අසාංක්ලේශිකහ’ යි ද නො කිය යුතු වන්නාහු ය.
Pali BJT279. සොළස ධාතුයො න දස්සනෙන පහාතබ්බා. ද්වෙ ධාතුයො සියා දස්සනෙන පහාතබ්බා, සියා න දස්සනෙන පහාතබ්බා.
Sinhala BJT279. සොළොස් ධාතූහු දර්‍ශනයෙන් ප්‍රහාණය නො කටයුත්තාහ. ධාතූහු දෙදෙනෙක් දර්‍ශනයෙන් ප්‍රහාණය කටයුතු ද වන්නාහ, දර්‍ශනයෙන් ප්‍රහාණය නො කටයුතු ද වන්නාහු යි.
Pali BJTසොළස ධාතුයො න භාවනාය පහාතබ්බා. ද්වෙ ධාතුයො සියා භාවනාය පහාතබ්බා, සියා න භාවනාය පහාතබ්බා.
Sinhala BJTසොළොස් ධාතූහු භාවනායෙන් ප්‍රහාණය නො කටයුත්තාහ. ධාතූහු දෙ දෙනෙක් භාවනායෙන් ප්‍රහාණය කටයුතු ද වන්නාහ. භාවනායෙන් ප්‍රහාණය නො කටයුතු ද වන්නාහු යි.
Pali BJTසොළස ධාතුයො න දස්සනෙන පහාතබ්බහෙතුකා. ද්වෙ ධාතුයො සියා දස්සනෙන පහාතබ්බහෙතුකා, සියා න දස්සනෙන පහාතබ්බහෙතුකා.
Sinhala BJTසොළොස් ධාතූහු දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු නො වෙති. ධාතූහු දෙ දෙනෙක් දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතුක ද වන්නාහ. දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතුක නො ද වන්නාහු යි.
Pali BJTසොළස ධාතුයො න භාවනාය පහාතබ්බහෙතුකා. ද්වෙ ධාතුයො සියා භාවනාය පහාතබ්බහෙතුකා, සියා න භාවනාය පහාතබ්බහෙතුකා.
Sinhala BJTසොළොස් ධාතූහු භාවනායෙන් ප්‍රහාණය කටයුතු හේතු නැත්තාහ, ධාතූහු දෙ දෙනෙක් භාවනායෙන් ප්‍රහාතව්‍යහේතුක ද වන්නාහ, භාවනායෙන් ප්‍රහාතව්‍යහේතුක නො ද වන්නාහු යි.
Pali BJTපණ්ණරස ධාතුයො අවිතක්කා. මනොධාතු සවිතක්කා. ද්වෙ ධාතුයො සියා සවිතක්කා සියා අවිතක්කා.
Sinhala BJTපසළොස් ධාතු කෙනෙක් අවිතර්‍කයෝ ය, මනෝධාතුව සවිතර්‍ක ය. ධාතූහු දෙ දෙනෙක් සවිතර්‍ක ද වන්නාහ, අවිතර්‍ක ද වන්නාහු යි.
Pali BJTපණ්ණරස ධාතුයො අවිචාරා. මනොධාතු සවිචාරා. ද්වෙ ධාතුයො සියා සවිචාරා සියා අවිචාරා.
Sinhala BJTපසළොස් ධාතු කෙනෙක් අවිචාරයෝ ය. මනෝධාතුව සවිචාර ය. ධාතූහු දෙ දෙනෙක් සවිචාර ද වන්නාහ, අවිචාර ද වන්නාහු ය.
Pali BJTසොළස ධාතුයො අප්පීතිකා. ද්වෙ ධාතුයො සියා සප්පීතිකා සියා අප්පීතිකා.
Sinhala BJTසොළොස් ධාතූහු අප්‍රීතිකයෝ ය. ධාතූහු දෙ දෙනෙක් සප්‍රීතික ද වන්නාහ, අප්‍රීතික ද වන්නාහු ය.
Pali BJTසොළස ධාතුයො න පීතිසහගතා. ද්වෙ ධාතුයො සියා පීතිසහගතා සියා න පීතිසහගතා.
Sinhala BJTසොළොස් ධාතූහු ප්‍රීතිසහගතයෝ නො වෙති. ධාතූහු දෙ දෙනෙක් ප්‍රීතිසහගත ද වන්නාහ, ප්‍රීතිසහගත නො ද වන්නාහු ය.
Pali BJTපණ්ණරස ධාතුයො න සුඛසහගතා. තිස්සො ධාතුයො සියා සුඛසහගතා, සියා න සුඛසහගතා.
Sinhala BJTපසළොස් ධාතු කෙනෙක් සුඛසහගත නො වෙති. ධාතූහු තිදෙනෙක් සුඛසහගත ද වන්නාහ, සුඛසහගත නො ද වන්නාහු ය.
Pali BJTඑකාදස ධාතුයො න උපෙක්ඛාසහගතා. පඤ්ච ධාතුයො උපෙක්ඛාසහගතා. ද්වෙ ධාතුයො සියා උපෙක්ඛාසහගතා, සියා න උපෙක්ඛාසහගතා.
Sinhala BJTඑකොළොස් ධාතු කෙනෙක් උපේක්‍ෂාසහගත නො වෙති. ධාතූහු පස් දෙනෙක් උපේක්‍ෂාසහගතයෝ ය. ධාතූහු දෙ දෙනෙක් උපේක්‍ෂාසහගත ද වන්නාහ, උපේක්‍ෂා සහගත නොද වන්නාහු ය.
Pali BJTසොළස ධාතුයො කාමාවචරා. ද්වෙ ධාතුයො සියා කාමාවචරා, සියා න කාමාවචරා.
Sinhala BJTසොළොස් ධාතූහු කාමාවචරයෝ ය. ධාතූහු දෙ දෙනෙක් කාමාවචර ද වන්නාහ, කාමාවචර නො ද වන්නාහු ය.
Pali BJTසොළස ධාතුයො න රූපාවචරා. ද්වෙ ධාතුයො සියා රූපාවචරා, සියා න රූපාවචරා.
Sinhala BJTසොළොස් ධාතූහු රූපාවචරයෝ නො වෙති. ධාතූහු දෙ දෙනෙක් රූපාවචර ද වන්නාහ, අරූපාවචර නො ද වන්නාහු ය.
Pali BJTසොළස ධාතුයො න අරූපාවචචරා. ද්වෙ ධාතුයො සියා අරූපාවචරා, සියා න අරූපාවචරා.
Sinhala BJTසොළොස් ධාතූහු අරූපාවචරයෝ ය. ධාතූහු දෙ දෙනෙක් අරූපාවචරයෝ ද වන්නාහ, අරූපාවචරයෝ නො ද වන්නාහු ය.
Pali BJTසොළස ධාතුයො පරියාපන්නා. ද්වෙ ධාතුයො සියා පරියාපන්නා, සියා අපරියාපන්නා.
Sinhala BJTසොළොස් ධාතූහු පර්‍ය්‍යාපන්නයෝ ය. ධාතූහු දෙ දෙනෙක් පර්‍ය්‍යාපන්න ද වන්නාහ, අපර්‍ය්‍යාපන්න ද වන්නාහු ය.
Pali BJTසොළස ධාතුයො අනිය්යානිකා. ද්වෙ ධාතුයො සියා නිය්යානිකා සියා අනිය්යානිකා.
Sinhala BJTසොළොස් ධාතූහු අනෛර්‍ය්‍යාණිකයෝ ය. ධාතූහු දෙ දෙනෙක් නෛර්‍ය්‍යාණික ද වන්නාහ, අනෛර්‍ය්‍යාණික ද වන්නාහු ය.
Pali BJTසොළස ධාතුයො අනියතා. ද්වෙ ධාතුයො සියා නියතා සියා අනියතා.
Sinhala BJTසොළොස් ධාතූහු අනියතයෝ ය. ධාතූහු දෙ දෙනෙක් නියත ද වන්නාහ, අනියත ද වන්නාහු ය.
Pali BJTසොළස ධාතුයො සඋත්තරා. ද්වෙ ධාතුයො සියා සඋත්තරා. සියා අනුත්තරා.
Sinhala BJTසොළොස් ධාතූහු සඋත්තරයෝ ය. ධාතූහු දෙදෙනෙක් සඋත්තර ද වන්නාහ, අනුත්තර ද වන්නාහු ය.
Pali BJTසොළස ධාතුයො අරණා. ද්වෙ ධාතුයො සියා සරණා, සියා අරණාති.
Sinhala BJTසොළොස් ධාතූහු අරණයෝ ය. ධාතූහු දෙ දෙනෙක් සරණ ද වන්නාහ, අරණ ද වන්නාහු යයි.
Pali BJTපඤ්හපුච්ඡකං.
Sinhala BJTපඤ්හපුච්ඡක යි.
Pali BJTධාතුවිභඞ්ගො නිට්ඨිතො
Sinhala BJTධාතුවිභඞ්ග නිමි.
Pali BJT4. සච්චවිභඞ්ගො
Sinhala BJT4. සත්‍යවිභඞ්ගය
Pali BJT280. චත්තාරි අරියසච්චානි: දුක්ඛං අරියසච්චං, දුක්ඛසමුදයො අරියසච්චං, දුක්ඛනිරොධො අරියසච්චං, දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං.
Sinhala BJT280. ආර්‍ය්‍යසත්‍යයෝ සතර දෙනෙකි: දුඃඛාර්‍ය්‍යසත්‍යය, දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යය, දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍යය, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය යි.
Pali BJT281. තත්ථ කතමං දුක්ඛං අරියසච්චං: ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසාපි දුක්ඛා, අප්පියෙහි සම්පයොගො දුක්ඛො, පියෙහි විප්පයොගො දුක්ඛො, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං, සඞ්ඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා.
Sinhala BJT281. එහි දුඃඛාර්‍ය්‍යසත්‍යය කවරෙ යත්: ජාතිය ද දුක් ය, ජරාව ද දුක් ය, මරණය දුක් ය, සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසයෝ ද දුක්, අප්‍රියසම්ප්‍රයෝගය දුක් ය, ප්‍රියවිප්‍රයෝගය දුක් ය, කැමැති වූයේ යමක් නො ලබා නම් හෙ ද දුක් ය, සැකෙවින් පඤ්චෝපාදානස්කන්‍ධයෝ දුඃඛයෝ යි.
Pali BJTතත්ථ කතමා ජාති: යා තෙසං තෙසං සත්තානං තම්හි තම්හි සත්තනිකායෙ ජාති සඤ්ජාති ඔක්කන්ති අභිනිබ්බත්ති ඛන්ධානං පාතුභාවො ආයතනානං පටිලාභො, අයං වුච්චති ජාති.
Sinhala BJTඑහි ‘ජාති’ කවර යත්: ඒ ඒ සත්ත්‍වයන්ගේ ඒ ඒ සත්ත්‍වනිකායයෙහි (අපරිපූර්‍ණායතන විසින්) යම් ඉපැද්මෙක් (පරිපූර්‍ණායතන විසින්) මොනොවට ඉපැද්මෙක් (අණ්ඩජජරායුජ විසින්) අවක්‍රාන්තියෙක් (සංස්වේදජ උපපාදුක විසින්) වෙසෙසින් ඉපැද්මෙක් ස්කන්‍ධයන්ගේ පහළවීමෙක් ආයතනයන්ගේ ප්‍රතිලාභයෙක් වේ ද, මේ ‘ජාති’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා ජරා: යා තෙසං තෙසං සත්තානං තම්හි තම්හි සත්තනිකායෙ ජරා ජීරණතා ඛණ්ඩිච්චං පාලිච්චං වලිත්තචතා ආයුනො සංහානි ඉන්ද්රියානං පරිපාකො, අයං වුච්චති ජරා.
Sinhala BJTඑහි ‘ජරා’ කවර යත්: ඒ ඒ සත්ත්‍වනිකායයෙහි ඒ ඒ සත්ත්‍වයන්ගේ යම් දිරීමෙක් දිරන අයුරෙක් (දන්තනඛාදීන්ගේ) ඛණ්ඩිත බවෙක් (කේශාදීන්ගේ) පැසුණු බවෙක් රැලි නැඟුණු සම ඇති බවෙක් ආයුෂයාගේ පිරිහීමෙක් ඉඳුරන් මිහිකිරීමෙක් වේ ද, මේ ‘ජරා’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං මරණං: යා තෙසං තෙසං සත්තානං තම්හා තම්හා සත්තනිකායා චුති චවනතා භෙදො අන්තරධානං මච්චු මරණං කාලකිරියා ඛන්ධානං භෙදො කලෙබරස්ස නික්ඛෙපො ජීවිතින්ද්රියස්ස උපච්ඡෙදො, ඉදං වුච්චති මරණං.
Sinhala BJTඑහි ‘මරණ’ කවරෙ යත්: ඒ ඒ සත්ත්‍වයන්ගේ ඒ ඒ සත්ත්‍වනිකායයෙන් යම් ච්‍යුතියක් ච්‍යුතවන බවෙක් බිඳීමෙක් අතුරුදහන් වීමෙක් මෘත්‍යු සංඛ්‍යාත මරණයෙක් කලුරිය කිරීමෙක් ස්කන්‍ධයන්ගේ බිඳීමෙක් කලෙවරයාගේ බහා තැබීමෙක් ජීවිතේන්‍ද්‍රියයාගේ සිඳීමෙක් වේ ද, මේ ‘මරණ’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො සොකො: ඤාතිව්යසනෙන වා ඵුට්ඨස්ස භොග ව්යසනෙන වා ඵුට්ඨස්ස රොගව්යසනෙන වා ඵුට්ඨස්ස සීලව්යසනෙන වා ඵුට්ඨස්ස දිට්ඨිව්යසනෙන වා ඵුට්ඨස්ස අඤ්ඤතරඤ්ඤතරෙන ව්යසනෙන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරෙන දුක්ඛධම්මෙන ඵුට්ඨස්ස සොකො සොචනා සොචිතත්තං අන්තො සොකො අන්තො පරිසොකො චෙතසො පරිජ්ඣායනා දොමනස්සං සොකසල්ලං, අයං වුච්චති සොකො.
Sinhala BJTඑහි ‘සෝක’ කවරෙ යත්: ඥාතිව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි භෝගව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි රෝගව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි ශීලව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි දෘෂ්ටිව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි අන්‍යතරාන්‍යතරව්‍යසනයෙකින් සමන්‍විත වූවහුගේ අන්‍යතරාන්‍යතර දුඃඛ හේතුවකින් පහස්නා ලද්දහුගේ ශෝකයෙක් ශෝකාකාරයෙක් ශෝක කළ බවෙක් ඇතුළත ශෝකයෙක් ඇතුළත පරිශෝකයෙක් සිත දවන අයුරෙක් දොම්නසෙක් ශෝක ශල්‍යයෙක් වේ ද, මේ ‘සෝක’ යයි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො පරිදෙවො: ඤාතිව්යසනෙන වා ඵුට්ඨස්ස භොගව්යසනෙන වා ඵුට්ඨස්ස රොගව්යසනෙන වා ඵුට්ඨස්ස සීලව්යසනෙන වා ඵුට්ඨස්ස දිට්ඨිව්යසනෙන වා ඵුට්ඨස්ස අඤ්ඤතරඤ්ඤතරෙන ව්යසනෙන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරෙන දුක්ඛධම්මෙන ඵුට්ඨස්ස ආදෙවො පරිදෙවො ආදෙවනා පරිදෙවනා ආදෙවිතත්තං පරිදෙවිතත්තං වාචාපලාපො විප්පලාපො ලාලප්පො ලාලප්පනා ලාලප්පිතත්තං, අයං වුච්චති පරිදෙවො.
Sinhala BJTඑහි ‘පරිදේව’ කවරෙ යත්: ඥාතිව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි භෝග ව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි රෝගව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි ශිලව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි දෘෂ්ටිව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි අන්‍යතරාන්‍යතරව්‍යසනයෙකින් සමන්‍විත වූවහුගේ අන්‍යතරාන්‍යතර දුඃඛහේතුවකින් පහස්නා ලද්දහුගේ නම කියා හැඬීමෙක් ගුණ කියා හැඬීමෙක් නම කියා හඬන අයුරෙක් ගුණ කියා හඬන අයුරෙක් නම කියා හඬන බවෙක් ගුණ කියා හඬන බවෙක් වචනයෙක් ප්‍රලාපයෙක් විප්‍රලාපයෙක් පුනපුනා කීමෙක් පුනපුනා කියන අයුරෙක් පුනපුනා කී බවෙක් වේ ද මේ ‘පරිදේව’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං දුක්ඛං: යං කායිකං අසාතං කායිකං දුක්ඛං කායසම්ඵස්සජං අසාතං දුක්ඛං වෙදයිතං, කායසම්ඵස්සජා අසාතා දුක්ඛා වෙදනා, ඉදං වුච්චති දුක්ඛං.
Sinhala BJTඑහි ‘දුඃඛය’ කවරෙ යත්: කායික වූ යම් නො සුවයෙක් කායික වූ දුකෙක් කාපහසින් උපන් නො සුව වූ දුක් වූ වේදයිතයෙක් කාපහසින් උපන් නො සුව වූ දුක් වූ වේදනායෙක් වේ ද, මේ ‘දුඃඛ’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං දොමනස්සං: යං චෙතසිකං අසාතං චෙතසිකං දුක්ඛං චෙතොසම්ඵස්සජං අසාතං දුක්ඛං වෙදයිතං චෙතොසම්ඵස්සජා අසාතා දුක්ඛා වෙදනා, ඉදං වුච්චති දොමනස්සං.
Sinhala BJTඑහි ‘දෝමනස්ස’ කවරෙ යත්: චෛතසික වූ යම් නො සුවයෙක් චෛතසික වූ දුකෙක් සිත් පහසින් උපන් නො සුව වූ දුක් වූ වේදයිතයෙක් දුක්පහසින් උපන් නො සුව වූ දුක් වූ වේදනායෙක් වේ ද, මේ ‘දෝමනස්ස’ යයි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො උපායාසො: ඤාතිව්යසනෙන වා ඵුට්ඨස්ස භොගව්යසනෙන වා ඵුට්ඨස්ස රොගව්යසනෙන වා ඵුට්ඨස්ස සීලව්යසනෙන වා ඵුට්ඨස්ස දිට්ඨිව්යසනෙන වා ඵුට්ඨස්ස අඤ්ඤතරඤ්ඤතරෙන ව්යසනෙන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරෙන දුක්ඛධම්මෙන ඵුට්ඨස්ස ආයාසො උපායාසො ආයාසිතත්තං උපායාසිතත්තං, අයං වුච්චති උපායාසො.
Sinhala BJTඑහි ‘උපායාස’ කවරෙ යත්: ඥාතිව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි භෝග ව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි රෝගව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි ශීලව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි දෘෂ්ටිව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි අන්‍යතරාන්‍යතරව්‍යසනයෙකින් සමන්‍වාගත වූවහුගේ, අන්‍යතරාන්‍යතරදුඃඛ හේතුවකින් පහස්නා ලද්දහුගේ ආයාසයෙක් බලවත් ආයාසයෙක් ආයසයට පැමිණි බවෙක් උපායාසයට පැමිණි බවෙක් වේ ද, මේ ‘උපායාස’ යයි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො අප්පියෙහි සම්පයොගො දුක්ඛො: ඉධ යස්ස තෙ හොන්ති අනිට්ඨා අකන්තා අමනාපා රූපා සද්දා ගන්ධා රසා ඵොට්ඨබ්බා, යෙ වා පනස්ස තෙ හොන්ති අනත්ථකාමා අහිතකාමා අඵාසුකකාමා අයොගක්ඛෙමකාමා, යා තෙහි සඞ්ගති සමාගමො සමොධානං මිස්සීභාවො, අයං වුච්චති අප්පියෙහි සම්පයොගො දුක්ඛො.
Sinhala BJTඑහි ‘අප්‍රියසම්ප්‍රයෝගදුඃඛය’ කවරෙ යත්: මෙලොව අනිෂ්ට වූ අකාන්ත වූ අමනාප වූ රූප, ශබ්ද, ගන්‍ධ, රස, ස්ප්‍රෂ්ටව්‍ය කෙනෙක් වෙත් ද, යළි අනර්‍ත්‍ථය කැමැති වූ අහිතය කැමැති වූ නො සුවය කැමැති වූ අයෝගක්‍ෂේමය කැමැති වූ යම් කෙනෙක් හෝ වෙත් ද, ඔවුන් සමග යම් එක්වීමෙක් සමාගමයෙක් සංයෝගයෙක් මිශ්‍රීභාවයෙක් වේ ද, මේ ‘අප්‍රියසම්ප්‍රයෝගදුඃඛය’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො පියෙහි විප්පයොගො දුක්ඛො: ඉධ යස්ස තෙ හොන්ති ඉට්ඨා කන්තා මනාපා රූපා සද්දා ගන්ධා රසා ඵොට්ඨබ්බා, යෙ වා පනස්ස තෙ හොන්ති අත්ථකාමා හිතකාමා ඵාසුකකාමා යොගක්ඛෙමකාමා, මාතා වා පිතා වා භාතා වා භගිනී වා මිත්තාමච්චා වා ඤාතිසාලොහිතා වා, යා තෙහි අසඞ්ගති අසමාගමො අසමොධානං අමිස්සීභාවො, අයං වුච්චති පියෙහි විප්පයොගො දුක්ඛො.
Sinhala BJTඑහි ‘ප්‍රියවිප්‍රයෝගදුඃඛය’ කවරෙ යත්: මෙලොව ඉෂ්ට වූ කානත් වූ මනාප වූ යම් රූප, ශබ්ද, ගන්‍ධ, රස, ස්ප්‍රෂ්ටව්‍ය කෙනෙක් වෙත් ද, යළි වැඩ කැමැති වූ හිත කැමැති වූ මව හෝ පියා හෝ බෑයා හෝ බුනැණිය හෝ සගයහළුවෝ හෝ නෑසහලේ නෑයෝ හෝ යන යම් කෙනෙක් හෝ වෙත් ද, ඔවුන් සමග යම් අසංගමයෙක් අසමාගමයෙක් අසමවධානයෙක් අමිශ්‍රීභාවයෙක් වේ ද, මේ ‘ප්‍රියවිප්‍රයෝගදුඃඛය’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං යංපිච්ඡං න ලභති තම්පි දුක්ඛං: ජාතිධම්මානං සත්තානං එවං ඉච්ඡා උප්පජ්ජති: අහො වත මයං න ජාතිධම්මා අස්සාම, න ච වත නො ජාති ආගච්ඡෙය්යාති, න ඛො පනෙතං ඉච්ඡාය පත්තබ්බං, ඉදම්පි යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං, ජරාධම්මානං සත්තානං -පෙ- ව්යාධිධම්මානං සත්තානං -පෙ- මරණධම්මානං සත්තානං -පෙ- සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසධම්මානං සත්තානං එවං ඉච්ඡා උප්පජ්ජති: අහො වත මයං න සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසධම්මා අස්සාම, න ච වත නො සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා ආගච්ඡෙය්යුන්ති, න ඛො පනෙතං ඉච්ඡාය පත්තබ්බං. ඉදම්පි යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං.
Sinhala BJTඑහි ‘යමක් කැමැති වනුයේ එය නො ලබා නම් හෙ ද දුකය’ යනු කවරෙ යත්: ජාතිය ස්වභාවය කොට ඇති සත්නට මෙබඳු තෘෂ්ණායෙක් උපදී. “ඇපි ජාතිය ස්වභාව කොට ඇති නො වමෝ වා, අපට ජාතිය නො ද පැමිණේ ව” යි. එතෙකුදුවත් තෙල ප්‍රාර්‍ත්‍ථනායෙන් නො ලැබිය යුතු ය. මෙ ද ‘යමක් කැමැති වනුයේ නො ලබ් නම් හෙ දුකැ’ යි කියනු ලැබේ. ජරාව ස්වභාව කොට ඇති සත්නට ... ව්‍යාධිය ස්වභාව කොට ඇති සත්නට … මරණය ස්වභාව කොට ඇති සත්නට … සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාස ස්වභාව කොට ඇති සත්නට මෙසේ තෘෂ්ණාව උපදී. ‘අපි සෝකපරිදේව දුක්ඛදෝමනස්සුපායාස ස්වභාව කොට ඇති නොවමෝ වා’, අපට සෝකපරිදේවදුක්ඛ දෝමනස්සුපායාසයෝ නො ද පැමිණෙත්ව’ යි. එතෙකුදුවත් තෙල ප්‍රාර්‍ත්‍ථනායෙන් නො ලැබිය යුත්තේ ය. මෙ ද ‘යමක් කැමැති වනුයේ නො ලබා නම් හෙ ද දුකැ’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමෙ සංඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා. සෙය්යථීදං: රූපූපාදානක්ඛන්ධො, වෙදනූපාදානක්ඛන්ධො, සඤ්ඤූපාදානක්ඛන්ධො, සඞ්ඛාරූපාදානක්ඛන්ධො, විඤ්ඤාණුපාදානක්ඛන්ධො, ඉමෙ වුච්චන්ති සංඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා.
Sinhala BJTඑහි සැකෙවින් පඤ්චෝපාදානස්කන්‍ධදුඃඛයෝ කවරහ යත්: ඒ මෙසේ ය: රූපෝපාදානස්කන්‍ධ ය, වේදනෝපාදානස්කන්‍ධ ය, සංඥෝපාදානස්කන්‍ධ ය, සංස්කාරෝපාදානස්කන්‍ධ ය, විඥානෝපාදානස්කන්‍ධ යි. මේ සැකෙවින් පඤ්චෝපාදානස්කන්‍ධ දුඃඛයෝ ය යි කියනු ලැබෙත්.
Pali BJTඉදං වුච්චති දුක්ඛං අරියසච්චං.
Sinhala BJTමේ දුඃඛාර්‍ය්‍යසත්‍යය යි කියනු ලැබේ.
Pali BJT282. තත්ථ කතමං දුක්ඛසමුදයො අරියසච්චං: යායං තණ්හා පොනොභවිකා නන්දිරාගසහගතා තත්ර තත්රාභිනන්දිනී, සෙය්යථීදං: කාමතණ්හා, භවතණ්හා, විභවතණ්හා.
Sinhala BJT282. එහි දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යය කවරෙ යත්: පුනර්‍භවය පිණිස පවත්නා වූ නන්‍දිරාගය සමග පවත්නා වූ රූපාදි ඒ ඒ අරමුණෙහි ඇලෙන්නා වූ යම් තෘෂ්ණාවක් වේ ද, ඒ මෙසේ ය: කාමතණ්හා ය, භවතණ්හා ය, විභවතණ්හා යි.
Pali BJTසා ඛො පනෙසා තණ්හා කත්ථ උප්පජ්ජමානා උප්පජ්ජති, කත්ථ නිවිසමානා නිවිසති. යං ලොකෙ පියරූපං සාතරූපං එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති.
Sinhala BJTඒ තෙල තෘෂ්ණාව උපදනී කොහි උපදී ද පිහිටා සිටිනී කොහි පිහිටා සිටී ද යත්: ලොව යම් ප්‍රියස්වභාවයෙක් මධුරස්වභායෙක් වේ ද උපදනා වූ තෙල තෘෂ්ණාව මෙහි උපදී. පිහිටා සිටිනී (පුනපුනා පැවැතුම් විසින්) මෙහි පිහිටා සිටී.
Pali BJTකිඤ්ච ලොකෙ පියරූපං සාතරූපං: චක්ඛුං ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති. සොතං ලොකෙ -පෙ- ඝානං ලොකෙ -පෙ- ජිව්හා ලොකෙ -පෙ- කායො ලොකෙ -පෙ- මනො ලොකෙ -පෙ- පියරූපං සාතරූපං, එත්ථෙ’සා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති.
Sinhala BJTලොව ප්‍රියස්වභාවය, මධුරස්වභාවය කවරෙ යත්: ලෝකයෙහි ඇස ප්‍රිය ස්වභාව මධුරස්වභාව වෙයි. තෙල තෘෂ්ණාව උපදනී මෙහි උපදී. පිහිටා සිටිනී මෙහි පිහිටා සිටී. ලොව ශ්‍රෝත්‍රය … ලොව ඝ්‍රාණය … ලොව ජිව්හාව … ලොව කය … ලොව මනස ප්‍රියරූප ය, සාතරූප යි. උපදනා වූ තෙල තෘෂ්ණාව මෙහි උපදි. පිහිටා සිටිනී මෙහි පිහිටා සිටී.
Pali BJTරූපා{1}- ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙ’සා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති. සද්දා ලොකෙ -පෙ- ගන්ධා ලොකෙ -පෙ- රසා ලොකෙ -පෙ- ඵොට්ඨබ්බා ලොකෙ -පෙ- ධම්මා ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙ’සා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති.
Sinhala BJTලොව රූපයෝ ප්‍රියරූප ය, සාතරූප යි. මෙහි උපදනා වූ තෙල තෘෂ්ණාව උපදී. පිහිටා සිටිනී මෙහි පිහිටා සිටී. ලොව ශබ්දයෝ … ලොව ගන්‍ධයෝ … ලොව රසයෝ … ලොව ස්ප්‍රෂ්ටව්‍යයෝ ලොව ධර්‍මයෝ ප්‍රියරූප ය, සාතරූප යි. උපදනා වූ තෙල තෘෂ්ණාව මෙහි උපදි. පිහිටා සිටිනී මෙහි පිහිටා සිටී.
Pali BJTචක්ඛුවිඤ්ඤාණං ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙ’සා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති. සොතවිඤ්ඤාණං ලොකෙ -පෙ- ඝානවිඤ්ඤාණං ලොකෙ -පෙ- ජිව්හාවිඤ්ඤාණං ලොකෙ -පෙ- කායවිඤ්ඤාණං ලොකෙ -පෙ- මනොවිඤ්ඤාණං ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙ’සා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති.
Sinhala BJTලොව චක්‍ෂුර්විඥානය ප්‍රියරූප ය, සාතරූප යි. උපදනා වූ තෙල තෘෂ්ණාව මෙහි උපදී. පිහිටා සිටිනී මෙහි පිහිටා සිටී … ලොව ශ්‍රෝත්‍රවිඥානය … ලොව ඝ්‍රාණවිඥානය … ලොව ජිහ්වාවිඥානය … ලොව කායවිඥානය … ලොව මනෝවිඥානය ප්‍රියරූප ය, සාතරූප යි. උපදනා වූ තෙල තෘෂ්ණාව මෙහි උපදී. පිහිටා සිටිනී මෙහි පිහිටා සිටී.
Pali BJTචක්ඛුසම්ඵස්සො ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙ’සා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති. සොතසම්ඵස්සො ලොකෙ -පෙ- ඝානසම්ඵස්සො ලොකෙ -පෙ- ජිව්හාසම්ඵස්සො ලොකෙ -පෙ- කායසම්ඵස්සො ලොකෙ -පෙ- මනොසම්ඵස්සො ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙ’සා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති.
Sinhala BJTලොවැ චක්ඛුසම්ඵස්සය ප්‍රියරූප ය, සාතරූප යි. උපදනා වූ තෙල තෘෂ්ණාව මෙහි උපදී. පිහිටා සිටිනී මෙහි පිහිටා සිටී. ලොවැ සෝතසම්ඵස්සය … ලොවැ ඝානසම්ඵස්සය … ලොවැ ජිව්හාසම්ඵස්සය … ලොවැ කායසම්ඵස්සය … ලොවැ මනෝසම්ඵස්සය ප්‍රියරූප ය, සාතරූප යි. උපදනා වූ තෙල තෘෂ්ණාව මෙහි උපදී. පිහිටා සිටිනී මෙහි පිහිටා සිටී.
Pali BJTචක්ඛුසම්ඵස්සජා වෙදනා ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙ’සා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති. සොතසම්ඵස්සජා වෙදනා ලොකෙ -පෙ- ඝානසම්ඵස්සජා වෙදනා ලොකෙ -පෙ- ජිව්හාසම්ඵස්සජා වෙදනා ලොකෙ -පෙ- කායසම්ඵස්සජා වෙදනා ලොකෙ -පෙ- මනොසම්ඵස්සජා වෙදනා ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙ’සා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති.
Sinhala BJTලොවැ චක්ඛුසම්ඵස්සජ වේදනාව ප්‍රියරූප ය, සාතරූප යි. උපදනා වූ තෙල තෘෂ්ණාව මෙහි උපදී, පිහිටා සිටිනී මෙහි පිහිටා සිටී. ලොවැ සෝතසම්ඵස්සජ වේදනාව … ලොවැ ඝානසම්ඵස්සජ වේදනාව ලොවැ ජිව්හාසම්ඵස්සජවේදනාව … ලොවැ කායසම්ඵස්සජවේදනාව … ලොවැ මනෝසම්ඵස්සජවේදනාව ප්‍රියරූප ය, සාතරූප යි. උපදනා වූ තෙල තෘෂ්ණාව මෙහි උපදී. පිහිටා සිටිනී මෙහි පිහිටා සිටී.
Pali BJTරූපසඤ්ඤා ලොකෙ පියරූපං සාතරූපං. එත්ථෙ’සා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති. සද්දසඤ්ඤා ලොකෙ -පෙ- ගන්ධසඤ්ඤා ලොකෙ -පෙ- රසසඤ්ඤා ලොකෙ -පෙ- ඵොට්ඨබ්බසඤ්ඤා ලොකෙ -පෙ- ධම්මසඤ්ඤා ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙ’සා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති.
Sinhala BJTලොවැ රූපසංඥාව ප්‍රියරූප ය, සාතරූප යි. උපදනා වූ තෙල තෘෂ්ණාව මෙහි උපදී. පිහිටා සිටිනී මෙහි පිහිටා සිටී. ලොවැ ශබ්ද සංඥාව … ලොවැ ගන්‍ධසංඥාව …. ලොවැ රසසංඥාව … ලොව ස්ප්‍රෂ්ටව්‍යසංඥාව … ලොවැ ධර්‍මසංඥාව ප්‍රියරූප ය, සාතරූප යි. උපදනා වූ තෙල තෘෂ්ණාව මෙහි උපදී. පිහිටා සිටිනී මෙහි පිහිටා සිටී.
Pali BJTරූපසඤ්චෙතනා ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙ’සා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති. සද්දසඤ්චෙතනා ලොකෙ -පෙ- ගන්ධසඤ්චෙතනා ලොකෙ -පෙ- රසසඤ්චෙතනා ලොකෙ -පෙ- ඵොට්ඨබ්බසඤ්චෙතනා ලොකෙ -පෙ- ධම්මසඤ්චෙතනා ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති.
Sinhala BJTලොවැ රූපසංචේතනාව ප්‍රියරූප ය, සාතරූප යි. උපදනා වූ තෙල තෘෂ්ණාව මෙහි උපදී. පිහිටා සිටිනී මෙහි පිහිටා සිටී. ලොවැ සද්දසංචේතනාව … ලොවැ ගන්‍ධ සඤ්චේතනාව … ලොවැ රසසඤ්චේතනාව … ලොවැ ඵොට්ඨබ්බසඤ්චේතනාව … ලොවැ ධම්මසඤ්චේතනාව ප්‍රියරූප ය, සාතරූප යි. උපදනා වූ තෙල තෘෂ්ණාව මෙහි උපදී. පිහිටා සිටිනී මෙහි පිහිටා සිටී.
Pali BJTරූපතණ්හා ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති. සද්දතණ්හා ලොකෙ -පෙ- ගන්ධතණ්හා ලොකෙ -පෙ- රසතණ්හා ලොකෙ -පෙ- ඵොට්ඨබ්බතණ්හා ලොකෙ -පෙ- ධම්මතණ්හා ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති.
Sinhala BJTලොවැ රූපතණ්හාව ප්‍රියරූප ය, සාතරූප යි. උපදනා වූ තෙල තෘෂ්ණාව මෙහි උපදී. පිහිටා සිටිනී මෙහි පිහිටා සිටී. ලොවැ සද්දතණ්හාව … ලොවැ ගන්‍ධතණ්හාව … ලොවැ රසතණ්හාව … ලොවැ ඵොට්ඨබ්බතණ්හාව … ලොවැ ධම්මතණ්හාව ප්‍රියරූප ය, සාතරූප යි. උපදනා වූ තෙල තෘෂ්ණාව මෙහි උපදී. පිහිටා සිටිනී මෙහි පිහිටා සිටී.
Pali BJTරූපවිතක්කො ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති. සද්දවිතක්කො ලොකෙ -පෙ- ගන්ධවිතක්කො ලොකෙ -පෙ- රසවිතක්කො ලොකෙ -පෙ- ඵොට්ඨබ්බවිතක්කො ලොකෙ -පෙ- ධම්මවිතක්කො ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති.
Sinhala BJTලොවැ රූපවිතර්‍කය ප්‍රියරූප ය, සාතරූප යි. උපදනා වූ තෙල තෘෂ්ණාව මෙහි උපදී. පිහිටා සිටිනී මෙහි පිහිටා සිටී. ලොවැ ශබ්දවිතර්‍කය … ලොවැ ගන්‍ධවිතර්‍කය … ලොවැ රසවිතර්‍කය … ලොවැ ස්ප්‍රෂ්ටව්‍යවිතර්‍කය … ලොවැ ධර්‍මවිතර්‍කය ප්‍රියරූප ය, සාතරූප යි. උපදනා වූ තෙල තෘෂ්ණාව මෙහි උපදී. පිහිටා සිටිනී මෙහි පිහිටා සිටී.
Pali BJTරූපවිචාරො ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති. සද්දවිචාරො ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති. ගන්ධවිචාරො ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති. රසවිචාරො ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති. ඵොට්ඨබ්බවිචාරො ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති. ධම්මවිචාරො ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති.
Sinhala BJTරූපවිචාරය ලෝකයෙහි ප්‍රියරූප ය, සාතරූප යි. උපදනා වූ තෙල තෘෂ්ණාව මෙහි උපදී. පිහිටා සිටිනී මෙහි පිහිටා සිටී. ශබ්දවිචාරය ලෝකයෙහි ප්‍රියරූප ය, සාතරූප යි. උපදනා වූ තෙල තෘෂ්ණාව මෙහි උපදී. පිහිටා සිටිනී මෙහි පිහිටා සිටී. ගන්‍ධවිචාරය ලෝකයෙහි ප්‍රියරූප ය, සාතරූප යි. උපදනා වූ තෙල තෘෂ්ණාව මෙහි උපදී. පිහිටා සිටිනී මෙහි පිහිටා සිටී. රසවිචාරය ලෝකයෙහි ප්‍රියරූප ය, සාතරූප යි. උපදනා වූ තෙල තෘෂ්ණාව මෙහි උපදී. පිහිටා සිටිනී මෙහි පිහිටා සිටී. ස්ප්‍රෂ්ටව්‍යවිචාරය ලෝකයෙහි ප්‍රියරූප ය, සාතරූප යි. උපදනා වූ තෙල තෘෂ්ණාව මෙහි උපදී. පිහිටා සිටිනී මෙහි පිහිටා සිටී. ධර්‍මවිචාරය ලෝකයෙහි ප්‍රියරූප ය, සාතරූප යි. උපදනා වූ තෙල තෘෂ්ණාව මෙහි උපදී. පිහිටා සිටිනී මෙහි පිහිටා සිටී.
Pali BJTඉදං වුච්චති දුක්ඛසමුදයො අරියසච්චං.
Sinhala BJTමේ දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යය යි කියනු ලැබේ.
Pali BJT283. තත්ථ කතමං දුක්ඛනිරොධො අරියසච්චං: යො තස්සායෙව තණ්හාය අසෙසවිරාගනිරොධො චාගො පටිනිස්සග්ගො මුත්ති අනාලයො.
Sinhala BJT283. එහි දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍යය කවරෙ යත්: ඒ තෘෂ්ණාවගේ මැ යම් අසේස විරාගනිරෝධයෙක් ත්‍යාගයෙක් දුරැලීමෙක් මිදීමෙක් නො ඇලීමෙක් වේ ද, එය යි.
Pali BJTසා ඛො පනෙසා තණ්හා කත්ථ පහීයමානා පහීයති, කත්ථ නිරුජ්ඣමානා නිරුජ්ඣති, යං ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා පහීයමානා පහීයති. එත්ථ නිරුජ්ඣමානා නිරුජ්ඣති.
Sinhala BJTප්‍රහීණ වන්නා වූ තෙල තෘෂ්ණාව කොහි ප්‍රහීණ වේ ද, නිරුද්ධ වන්නී කොහි නිරුද්ධ වේ ද යත්: යමෙක් ලෝකයෙහි ප්‍රියස්වභාව මධුරස්වභාව වූයේ ද, ප්‍රහීණ වන තෙල තෘෂ්ණාව මෙහි ප්‍රහීණ වෙයි, නිරුද්ධ වන්නී මෙහි නිරුද්ධ වේ.
Pali BJTකිඤ්ච ලොකෙ පියරූපං සාතරූපං: චක්ඛුං ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා පහීයමානා පහීයති, එත්ථ නිරුජ්ඣමානා නිරුජ්ඣති. සොතං ලොකෙ -පෙ- ඝානං ලොකෙ -පෙ- ජිව්හා ලොකෙ -පෙ- කායො ලොකෙ -පෙ- මනො ලොකෙ පියරූපං සාතරූපං එත්ථෙසා තණ්හා පහීයමානා පහීයති, එත්ථ නිරුජ්ඣමානා නිරුජ්ඣති.
Sinhala BJTකුමක් ලෝකයෙහි ප්‍රියස්වභාව මධුරස්වභාව වූයේ ද යත්: ඇස ලෝකයෙහි ප්‍රිය රූප ය, සාතරූප යි. ප්‍රහීණ වන තෙල තෘෂ්ණාව මෙහි ප්‍රහීණ වෙයි, නිරුද්ධ වන්නී මෙහි නිරුද්ධ වේ. කන ලෝකයෙහි … නැහැය ලෝකයෙහි … දිව ලෝකයෙහි … කය ලෝකයෙහි … මනස ලෝකයෙහි ප්‍රියරූප ය, සාතරූප යි. ප්‍රහීණ වන තෙල තෘෂ්ණාව මෙහි ප්‍රහීණ වෙයි, නිරුද්ධ වන්නී මෙහි නිරුද්ධ වේ.
Pali BJTරූපා ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා පහීයමානා පහීයති, එත්ථ නිරුජ්ඣමානා නිරුජ්ඣති. සද්දා ලොකෙ -පෙ- ගන්ධා ලොකෙ -පෙ- රසා ලොකෙ -පෙ- ඵොට්ඨබ්බා ලොකෙ -පෙ- ධම්මා ලොකෙ පියරූපං සාතරූපං එත්ථෙසා තණ්හා පහීයමානා පහීයති, එත්ථ නිරුජ්ඣමානා නිරුජ්ඣති.
Sinhala BJTරූපයෝ ලෝකයෙහි ප්‍රියරූප ය, සාතරූප යි, ප්‍රහීණ වන තෙල තෘෂ්ණාව මෙහි ප්‍රහීණ වෙයි, නිරුද්ධ වන්නී මෙහි නිරුද්ධ වේ. ශබ්දයෝ ලෝකයෙහි … ගන්‍ධයෝ ලෝකයෙහි … රසයෝ ලෝකයෙහි … ස්ප්‍රෂ්ටව්‍යයෝ ලෝකයෙහි … ධර්‍මයෝ ලෝකයෙහි ප්‍රියරූප ය, සාතරූප යි. ප්‍රහීණ වන තෙල තෘෂ්ණාව මෙහි ප්‍රහීණ වෙයි, නිරුද්ධ වන්නී මෙහි නිරුද්ධ වේ.
Pali BJTචක්ඛුවිඤ්ඤාණං ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා පහීයමානා පහීයති, එත්ථ නිරුජ්ඣමානා නිරුජ්ඣති. සොතවිඤ්ඤාණං ලොකෙ -පෙ- ඝානවිඤ්ඤාණං ලොකෙ -පෙ- ජිව්හාවිඤ්ඤාණං ලොකෙ -පෙ- කායවිඤ්ඤාණං ලොකෙ -පෙ- මනොවිඤ්ඤාණං ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා පහීයමානා පහීයති, එත්ථ නිරුජ්ඣමානා නිරුජ්ඣති.
Sinhala BJTචක්‍ෂුර්විඥානය ලෝකයෙහි ප්‍රියරූප ය, සාතරූප යි, ප්‍රහීණ වන තෙල තෘෂ්ණාව මෙහි ප්‍රහීණ වෙයි, නිරුද්ධ වන්නී මෙහි නිරුද්ධ වේ. ශ්‍රෝත්‍රවිඥානය ලෝකයෙහි … ඝ්‍රාණවිඥානය ලෝකයෙහි … ජිහ්වාවිඥානය ලෝකයෙහි … කායවිඥානය ලෝකයෙහි … මනෝවිඥානය ලෝකයෙහි ප්‍රියරූප ය, සාතරූප යි. ප්‍රහීණ වන තෙල තෘෂ්ණාව මෙහි ප්‍රහීණ වෙයි, නිරුද්ධ වන්නී මෙහි නිරුද්ධ වේ.
Pali BJTචක්ඛුසම්ඵස්සො ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා පහීයමානා පහීයති, එත්ථ නිරුජ්ඣමානා නිරුජ්ඣති. සොතසම්ඵස්සො ලොකෙ -පෙ- ඝානසම්ඵස්සො ලොකෙ -පෙ- ජිව්හාසම්ඵස්සො ලොකෙ -පෙ- කායසම්ඵස්සො ලොකෙ -පෙ- මනොසම්ඵස්සො ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා පහීයමානාපහීයති, එත්ථ නිරුජ්ඣමානා නිරුජ්ඣති.
Sinhala BJTචක්ඛුසම්ඵස්සය ලෝකයෙහි ප්‍රියරූප ය, සාතරූප යි, ප්‍රහීණ වන තෙල තෘෂ්ණාව මෙහි ප්‍රහීණ වෙයි, නිරුද්ධ වන්නී මෙහි නිරුද්ධ වේ. සෝතසම්ඵස්සය ලෝකයෙහි … ඝානසම්ඵස්සය ලෝකයෙහි … ජිහ්වාසම්ඵස්සය ලෝකයෙහි … කායසම්ඵස්සය ලෝකයෙහි … මනෝසම්ඵස්සය ලෝකයෙහි ප්‍රියරූප ය, සාතරූප යි. ප්‍රහීණ වන තෙල තෘෂ්ණාව මෙහි ප්‍රහීණ වෙයි, නිරුද්ධ වන්නී මෙහි නිරුද්ධ වේ.
Pali BJTචක්ඛුසම්ඵස්සජා වෙදනා ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා පහීයමානා පහීයති, එත්ථ නිරුජ්ඣමානා නිරුජ්ඣති. සොතසම්ඵස්සජා වෙදනා ලොකෙ -පෙ- ඝානසම්ඵස්සජා වෙදනා ලොකෙ -පෙ- ජිව්හාසම්ඵස්සජා වෙදනා ලොකෙ -පෙ- කායසම්පඵස්සජා වෙදනා ලොකෙ -පෙ- මනොසම්ඵස්සජා වෙදනා ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා පහීයමානා පහීයති, එත්ථ නිරුජ්ඣමානා නිරුජ්ඣති.
Sinhala BJTචක්ඛුසම්ඵස්සයෙන් උපන් වේදනාව ලෝකයෙහි ප්‍රියරූප ය, සාතරූප යි, ප්‍රහීණ වන තෙල තෘෂ්ණාව මෙහි ප්‍රහීණ වෙයි, නිරුද්ධ වන්නී මෙහි නිරුද්ධ වේ. සෝතසම්ඵස්සජවේදනාව ලෝකයෙහි … ඝානසම්ඵස්සජවේදනාව ලෝකයෙහි … ජිහ්වාසම්ඵස්සජවේදනාව ලෝකයෙහි … කායසම්ඵස්සජවේදනාව ලෝකයෙහි … මනෝසම්ඵස්සජවේදනාව ලෝකයෙහි ප්‍රියරූප ය, සාතරූප යි. ප්‍රහීණ වන තෙල තෘෂ්ණාව මෙහි ප්‍රහීණ වෙයි, නිරුද්ධ වන්නී මෙහි නිරුද්ධ වේ.
Pali BJTරූපසඤ්ඤා ලොකෙ -පෙ- සද්දසඤ්ඤා ලොකෙ -පෙ- ගන්ධසඤ්ඤා ලොකෙ -පෙ- රසසඤ්ඤා ලොකෙ -පෙ- ඵොට්ඨබ්බසඤ්ඤා ලොකෙ -පෙ- ධම්මසඤ්ඤා ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා පහීයමානා පහීයති, එත්ථ නිරුජ්ඣමානා නිරුජ්ඣති.
Sinhala BJTරූපසංඥාව ලෝකයෙහි … ශබ්දසංඥාව ලෝකයෙහි … ගන්‍ධසංඥාව ලෝකයෙහි … රසසංඥාව ලෝකයෙහි … ස්ප්‍රෂ්ටව්‍යසංඥාව ලෝකයෙහි … ධර්‍මසංඥාව ලෝකයෙහි ප්‍රියරූප ය, සාතරූප යි. ප්‍රහීණ වන තෙල තෘෂ්ණාව මෙහි ප්‍රහීණ වෙයි, නිරුද්ධ වන්නී මෙහි නිරුද්ධ වේ.
Pali BJTරූපසඤ්චෙතනා ලොකෙ -පෙ- සද්දසඤ්චෙතනා ලොකෙ -පෙ- ගන්ධසඤ්චෙතනා ලොකෙ -පෙ- රසසඤ්චෙතනා ලොකෙ -පෙ- ඵොට්ඨබ්බසඤ්චෙතනා ලොකෙ -පෙ- ධම්මසඤ්චෙතනා ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා පහීයමානා පහීයති, එත්ථ නිරුජ්ඣමානා නිරුජ්ඣති.
Sinhala BJTරූපසඤ්චේතනාව ලෝකයෙහි … ශබ්දසඤ්චේතනාව ලෝකයෙහි … ගන්‍ධ සඤ්චේතනාව ලෝකයෙහි … රසසඤ්චේතනාව ලෝකයෙහි … ස්ප්‍රෂ්ටව්‍යසඤ්චේතනාව ලෝකයෙහි … ධර්‍මසඤ්චේතනාව ලෝකයෙහි ප්‍රියරූප ය, සාතරූප යි. ප්‍රහීණ වන තෙල තෘෂ්ණාව මෙහි ප්‍රහීණ වෙයි, නිරුද්ධ වන්නී මෙහි නිරුද්ධ වේ.
Pali BJTරූපතණ්හා ලොකෙ -පෙ- සද්දතණ්හා ලොකෙ -පෙ- ගන්ධතණ්හා ලොකෙ -පෙ- රසතණ්හා ලොකෙ -පෙ- ඵොට්ඨබ්බතණ්හා ලොකෙ -පෙ- ධම්මතණ්හා ලොකෙ පියරූපං සාතරූපං එත්ථෙසා තණ්හා පහීයමානා පහීයති, එත්ථ නිරුජ්ඣමානා නිරුජ්ඣති.
Sinhala BJTරූපතෘෂ්ණාව ලෝකයෙහි … ශබ්දතෘෂ්ණාව ලෝකයෙහි … ගන්‍ධතෘෂ්ණාව ලෝකයෙහි … රසතෘෂ්ණාව ලෝකයෙහි … ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණාව ලෝකයෙහි … ධර්‍මතෘෂ්ණාව ලෝකයෙහි ප්‍රියරූප ය, සාතරූප යි. ප්‍රහීණ වන තෙල තෘෂ්ණාව මෙහි ප්‍රහීණ වෙයි, නිරුද්ධ වන්නී මෙහි නිරුද්ධ වේ.
Pali BJTරූපවිතක්කො ලොකෙ -පෙ- සද්දවිතක්කො ලොකෙ -පෙ- ගන්ධවිතක්කො ලොකෙ -පෙ- රසවිතක්කො ලොකෙ -පෙ- ඵොට්ඨබ්බවිතක්කො ලොකෙ -පෙ- ධම්මවිතක්කො ලොකෙ පියරූපං සාතරූපං එත්ථෙසා තණ්හා පහීයමානා පහීයති, එත්ථ නිරුජ්ඣමානා නිරුජ්ඣති.
Sinhala BJTරූපවිතර්‍කය ලෝකයෙහි … ශබ්දවිතර්‍කය ලෝකයෙහි … ගන්‍ධවිතර්‍කය ලෝකයෙහි … රසවිතර්‍කය ලෝකයෙහි … ස්ප්‍රෂ්ටව්‍යවිතර්‍කය ලෝකයෙහි … ධර්‍මවිතර්‍කය ලෝකයෙහි ප්‍රියරූප ය, සාතරූප යි. ප්‍රහීණ වන තෙල තෘෂ්ණාව මෙහි ප්‍රහීණ වෙයි, නිරුද්ධ වන්නී මෙහි නිරුද්ධ වේ.
Pali BJTරූපවිචාරො ලොකෙ -පෙ- සද්දවිචාරො ලොකෙ -පෙ- ගන්ධවිචාරො ලොකෙ -පෙ- රසවිචාරො ලොකෙ -පෙ- ඵොට්ඨබ්බවිචාරො ලොකෙ -පෙ- ධම්මවිචාරො ලොකෙ පියරූපං සාතරූපං එත්ථෙසා තණ්හා පහීයමානා පහීයති, එත්ථ නිරුජ්ඣමානා නිරුජ්ඣති.
Sinhala BJTරූපවිචාරය ලෝකයෙහි … ශබ්දවිචාරය ලෝකයෙහි … ගන්‍ධවිචාරය ලෝකයෙහි … රසවිචාරය ලෝකයෙහි … ස්ප්‍රෂ්ටව්‍යවිචාරය ලෝකයෙහි … ධර්‍මවිචාරය ලෝකයෙහි ප්‍රියරූප ය, සාතරූප යි. ප්‍රහීණ වන තෙල තෘෂ්ණාව මෙහි ප්‍රහීණ වෙයි, නිරුද්ධ වන්නී මෙහි නිරුද්ධ වේ.
Pali BJTඉදං වුච්චති දුක්ඛනිරොධො අරියසච්චං.
Sinhala BJTමේ දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍යය යි කියනු ලැබේ
Pali BJT284. තත්ථ කතමං දුක්ඛනිරොධගාමිනීපටිපදා අරියසච්චං: අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො. සෙය්යථීදං: සම්මාදිට්ඨි, සම්මාසඞ්කප්පො, සම්මාවාචා, සම්මාකම්මන්තො, සම්මාආජීවො, සම්මාවායාමො, සම්මාසති, සම්මාසමාධි.
Sinhala BJT284. එහි ‘දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය’ කවරෙ යත්: මෙ මැ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය යි. ඒ කවරෙ යත්: සම්මාදිට්ඨි ය, සම්මාසඞ්කප්ප ය, සම්මාවාචා ය, සම්මාකම්මන්ත ය, සම්මාආජීව ය, සම්මාවායාම ය, සම්මාසති ය, සම්මාසමාධි යි.
Pali BJTතත්ථ කතමා සම්මාදිට්ඨි: දුක්ඛෙ ඤාණං දුක්ඛසමුදයෙ ඤාණං දුක්ඛනිරොධෙ ඤාණං දුක්ඛනිරොධගාමිනියා පටිපදාය ඤාණං, අයං වුච්චති සම්මාදිට්ඨි.
Sinhala BJTඑහි ‘සම්මාදිට්ඨි’ කවර යත්: දුඃඛසත්‍යයෙහි ඥාන ය, දුඃඛසමුදයසත්‍යයෙහි ඥාන ය, දුඃඛනිරෝධසත්‍යයෙහි ඥාන ය, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යයෙහි ඥාන යයි. මේ ‘සම්මාදිට්ඨි’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො සම්මාසඞ්කප්පො: නෙක්ඛම්මසඞ්කප්පො අව්යාපාදසඞ්කප්පො අවිහිංසාසංකප්පො, අයං වුච්චති සම්මාසඞ්කප්පො.
Sinhala BJTඑහි ‘සම්මාසංකප්ප’ කවරෙ යත්: නෛෂ්ක්‍රම්‍යසංකල්ප ය, අව්‍යාපාදසංකල්ප ය, අවිහිංසාසංකල්ප යි. මේ ‘සම්මාසඞ්කප්ප’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා සම්මාවාචා: මුසාවාදා වෙරමණී පිසුනාවාචා වෙරමණී ඵරුසාවාචා වෙරමණී සම්ඵප්පලා පාවෙරමණී, අයං වුච්චති සම්මාවාචා.
Sinhala BJTඑහි ‘සම්මාවාචා’ කවරෙ යත්: මුසවායෙන් වෙන්වීම ය, පිසුනුබසින් වෙන්වීම ය, රළුබසින් වෙන්වීම ය, හිසබස්බිණීමෙන් වෙන්වීම යි. මේ ‘සම්මාවාචා’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො සම්මාකම්මන්තො: පාණාතිපාතා වෙරමණී අදින්නාදානා වෙරමණී කාමෙසු මිච්ඡාචාරා වෙරමණී, අයං වුච්චති සම්මාකම්මන්තො.
Sinhala BJTඑහි ‘සම්මාකම්මන්ත’ කවරෙ යත්: පණිවායෙන් වෙන්වීම ය, අයිනාදනින් වෙන්වීම ය, කාමයෙහි වරදවා හැසිරීමෙන් වෙන්වීම යි. මේ ‘සම්මාකම්මන්ත’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො සම්මාආජීවො: ඉධ අරියසාවකො මිච්ඡා ආජීවං පහාය සම්මා ආජීවෙන ජීවිකං කප්පෙති, අයං වුච්චති සම්මාආජීවො.
Sinhala BJTඑහි ‘සම්මාආජීව’ කවරෙ යත්: මෙසස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මිථ්‍යාආජීවය හැර සම්‍යක් ආජීවයෙන් දිවි රකී ද, මේ ‘සම්‍යක් ආජීව’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො සම්මාවායාමො: ඉධ භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති, වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති, උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති, අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනෙති, වායමති විරියං ආරභති, චිත්තං පග්ගණ්හාති පදහති, උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති, වායමති, විරියං ආරභති, චිත්තං පග්ගණ්හාති පදහති, අයං වුච්චති සම්මාවායාමො.
Sinhala BJTඑහි ‘සම්මාවායාම’ කවරෙ යත්: මෙසස්නෙහි මහණ තෙම නූපන් ලාමක අකුශල ධර්‍මයන් නො ඉපදවීම පිණිස ඡන්‍දය උපදවයි, ව්‍යායාම කෙරෙයි, වීර්‍ය්‍යාරම්භ කෙරෙයි, සිත දැඩි කොටගනියි, ප්‍රධන්වීර්‍ය්‍යය කෙරේ. උපන් ලාමක අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස ඡන්‍දය උපදවයි, ව්‍යායාම කෙරෙයි, වීර්‍ය්‍යාරම්භ කෙරෙයි, සිත දැඩිකොටගනියි, ප්‍රධන්වීර්‍ය්‍යය කෙරේ. නූපන් කුශලධර්‍මයන් ඉපැදවීම පිණිස ඡන්‍දය උපදවයි, ව්‍යායාම කෙරෙයි, වීර්‍ය්‍යාරම්භ කෙරෙයි, සිත දැඩිකොටගනියි, ප්‍රධන්වීර්‍ය්‍යය කෙරේ. උපන් කුශලධර්‍මයන්ගේ පැවැත්ම පිණිස නො නැසීම පිණිස බහුල බව පිණිස විපුල බව පිණිස වැඩීම පිණිස පරිපූර්‍ණ වීම පිණිස ඡන්‍දය උපදවයි, ව්‍යායාම කෙරෙයි, වීර්‍ය්‍යාරම්භ කෙරෙයි, සිත දැඩිකොටගනියි, ප්‍රධන්වීර්‍ය්‍යය කෙරේ. මේ ‘සම්මාවායාම’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා සම්මාසති: ඉධ භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣා දොමනස්සං, වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣා දොමනස්සං, අයං වුච්චති සම්මාසති.
Sinhala BJTඑහි ‘සම්මාසති’ කවර යත්: මෙසස්නෙහි මහණ තෙම කෙලෙසුන් තවන වීර්‍ය්‍ය ඇත්තේ, සම්‍යක්ප්‍රඥා ඇත්තේ සිහි ඇත්තේ කායලෝකයෙහි අභිධ්‍යාව හා දොම්නස දුරු කොට කයෙහි කය අනුව බලමින් වාසය කෙරෙයි, වේදනාවන්හි … චිත්තයෙහි … ධර්‍මයන්හි කෙලෙසුන් තවන වැර ඇතියේ සම්‍යග්ඥාන ඇතියේ සිහි ඇතියේ (ස්කන්‍ධාදි ධර්‍ම සංඛ්‍යාත) ලෝකයෙහි අභිධ්‍යාව හා දොම්නස දුරු කොට ධර්‍මානුදර්ශී ව වාසය කෙරේ. මේ ‘සම්මාසති’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො සම්මාසමාධි: ඉධ භික්ඛු විවිච්චෙ’ව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති, විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සාමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති, පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති සතො’ච සම්පජානො සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති යං තං අරියා ආචික්ඛන්ති උපෙක්ඛකො ච සතිමා සුඛවිහාරීති තං තතියං ඣානං උපසම්පජ්ජ විහරති, සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙ’ව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා{1}, අදුක්ඛමසුඛං උපෙක්ඛාසති පාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති, අයං වුච්චති සම්මා සමාධි.
Sinhala BJTඑහි ‘සම්මාසමාධි’ කවරෙ යත්: මෙසස්නෙහි මහණ තෙම කාමච්ඡන්‍දනීවරණයෙන් වෙන් ව ම (ශේෂනීවරණ සංඛ්‍යාත) අකුශලධර්‍මයන්ගෙන් වෙන් ව ම විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙයි, විතර්‍කවිචාරයන්ගේ ඉක්මැවීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති චිත්තයාගේ ඒකෝදිභාවය (එකඟ බව) ඇති අවිතර්‍ක වූ අවිචාර වූ සමාධියෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වෙසෙයි. ප්‍රීතියගේ ද ඉක්මැවීමෙන් උපේක්‍ෂා ඇත්තේ වෙසෙයි, සිහි ඇතියේ සම්‍යග්ඥාන ඇතියේ නාමකයින් සුඛය ද විඳී. ආර්‍ය්‍යයෝ යම් ධ්‍යානයක් හේතුකොටගෙන උපේක්‍ෂා ඇත්තේ ස්මෘතිමත් වූයේ සුඛවිහරණ ඇතැ යි ප්‍රකාශ කෙරෙත් ද, ඒ තෘතීයධ්‍යානයට පැමිණ වෙසෙයි. සුඛයාගේ ද ප්‍රහාණයෙන් දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් පළමු (උපචාරක්‍ෂණයෙහි) ම සොම්නස්දොම්නසුන්ගේ ප්‍රහාණයෙන් දුක් නො වූ උපේක්‍ෂායෙන් උපන් ස්මෘතිපාරිශුද්ධිය ඇති චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ. මේ ‘සම්මාසමාධි’ යි කියනු ලැබේ.
Pali BJTඉදං වුච්චති දුක්ඛනිරොධගාමිනී පටිපදාඅරියසච්චං.
Sinhala BJTමේ දුඃඛනිරෝධ ගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය යි කියනු ලැබේ.
Pali BJTසුත්තන්තභාජනියං.
Sinhala BJTසුත්තන්තභාජනීය යි.
Pali BJT285. චත්තාරි සච්චානි: දුක්ඛං, දුක්ඛසමුදයො, දුක්ඛනිරොධො, දුක්ඛනිරොධගාමිනී පටිපදා.
Sinhala BJT285. සත්‍යයෝ සතර දෙනෙකි: දුක්ඛ ය, දුක්ඛසමුදය ය, දුක්ඛනිරෝධ ය, දුක්ඛ නිරෝධගාමිනීපටිපදා යි.
Pali BJTතත්ථ කතමො දුක්ඛසමුදයො: තණ්හා, අයං වුච්චති දුක්ඛසමුදයො.
Sinhala BJTඑහි ‘දුක්ඛසමුදය’ කවරෙ යත්: තෘෂ්ණා යි. මේ ‘දුක්ඛසමුදය’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං දුක්ඛං: අවසෙසා ච කිලෙසා, අවසෙසා ච අකුසලා ධම්මා, තීණි ච කුසලමූලානි සාසවානි, අවසෙසා ච සාසවා කුසලාධම්මා, සාසවා ච කුසලාකුසලානං ධම්මානං විපාකා, යෙ ච ධම්මා කිරියා නෙව කුසලා නාකුසලා න ච කමම්විපාකා, සබ්බඤ්ච රූපං, ඉදං වුච්චති දුක්ඛං.
Sinhala BJTඑහි ‘දුක්ඛය’ කවරෙ යත්: අවශේෂක්ලේශයෝ ද, අවශේෂඅකුශලධර්‍මයෝ ද, සාස්‍රව වූ තුන් කුශලමූලයෝ ද, අවශේෂ වූ සාසස්‍රවකුශලධර්‍මයෝ ද, සාස්‍රව වූ කුශලාකුශල ධර්‍මයන්ගේ විපාකයෝ ද, නො ම කුශල වූ අකුශල නො වූ නො ද කර්‍මවිපාක වූ යම් ක්‍රියාධර්‍ම කෙනෙකුත් වෙත් ද, හැම රූපය ද යන මේ ‘දුක්ඛය’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො දුක්ඛනිරොධො: තණ්හාය පහානං, අයං වුච්චති දුක්ඛනිරොධො.
Sinhala BJTඑහි ‘දුක්ඛනිරෝධය’ කවරෙ යත්: තෘෂ්ණාප්‍රහාණය යි, මේ ‘දුක්ඛනිරෝධය’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා දුක්ඛනිරොධගාමිනී පටිපදා: ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං, තස්මිං සමයෙ අට්ඨඞ්ගිකො මග්ගො හොති: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි.
Sinhala BJTඑහි ‘දුක්ඛනිරෝධගාමිනීපටිපදා’ කවර යත්: මෙසස්නෙහි මහණ යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම … දුක් වූ ප්‍රතිපදා ඇති ලැසි වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි අෂ්ටාඞ්ගිකමාර්‍ගය වෙයි, සම්මාදිට්ඨිය … සම්මාසමාධි යි.
Pali BJTතත්ථ කතමා සම්මාදිට්ඨි: යා පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං. අයං වුච්චති සම්මාදිට්ඨි.
Sinhala BJTඑහි ‘සම්මාදිට්ඨි’ කවර යත්: මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ප්‍රඥාවක් පජානනාකාරයෙක් … අමෝහයෙක් සිව්සස් දහම් විමසීමෙක් සම්‍යග්දෘෂ්ටියක් ධර්‍මවිචය සම්මොබාධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්මාදිට්ඨි’ යි කියනු ලැබේ.