Pali BJTතත්ථ කතමා සොතධාතු: යං සොතං චතුන්නං මහාභූතානං උපාදාය පසාදො -පෙ- සුඤ්ඤො ගාමො’පෙසො. අයං වුච්චති සොතධාතු.
Sinhala BJTඑහි සෝතධාතු කවර යත්: යම් ශ්‍රෝත්‍රයෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාද රූපය වූයේ … තෙල ශුන්‍යග්‍රාම නමුදු වේ. මේ සෝතධාතු යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා සද්දධාතු: යො සද්දො චතුන්නං මහාභූතානං උපාදාය අනිදස්සනො සප්පටිඝො -පෙ- සද්දධාතුපෙසා, අයං වුච්චති සද්දධාතු.
Sinhala BJTඑහි සද්දධාතු කවර යත්: යම් ශබ්දයෙක් සතර මහාභූතයන් නිසා උපන් අනිදර්‍ශන සප්‍රතිඝ වූ …තෙල සද්දධාතු නමුදු වේ. මේ සද්දධාතු යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා සොතවිඤ්ඤාණධාතු: සොතඤ්ච පටිච්ච සද්දෙ ච උප්පජ්ජති චිත්තං මනො මානසං හදයං පණ්ඩරං මනො මනායතනං මනින්ද්රියං විඤ්ඤාණං විඤ්ඤාණක්ඛන්ධො තජ්ජා සොතවිඤ්ඤාණධාතු. අයං වුච්චති සොතවිඤ්ඤාණධාතු.
Sinhala BJTඑහි සෝතවිඤ්ඤාණධාතු කවර යත්: කන ද ශබ්දය ද නිසා චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් (පණ්ඩර වූ) භවාඞ්ග සිතෙක් මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ ශ්‍රෝත්‍රවිඥානධාතුයෙක් උපදී ද, මේ සෝතවිඤ්ඤාණධාතු යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා ඝානධාතු: යං ඝානං චතුන්නං මහාභූතානං උපාදාය පසාදො -පෙ- සුඤ්ඤො ගාමො’පෙසො, අයං වුච්චති ඝානධාතු.
Sinhala BJTඑහි ඝානධාතු කවර යත්: යම් නැහැයෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදයෙක් වේ ද … තෙල ශුන්‍යග්‍රාම නමුදු වේ. මේ ඝානධාතු යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා ගන්ධධාතු: යො ගන්ධො චතුන්නං මහාභූතානං උපාදාය අනිදස්සනො සප්පටිඝො -පෙ- ගන්ධධාතු’පෙසා. අයං වුච්චති ගන්ධධාතු.
Sinhala BJTඑහි ගන්‍ධධාතු කවර යත්: යම් ගන්‍ධයෙක් සතර මහාභූතයන් නිසා උපන් අනිදර්‍ශනසප්‍රතිඝ වූ … තෙල ගන්‍ධධාතු නමුදු වේ. මේ ගන්‍ධධාතු යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා ඝානවිඤ්ඤාණධාතු: ඝානඤ්ච පටිච්ච ගන්ධො ච උප්පජ්ජති චිත්තං මනො මානසං හදයං පණ්ඩරං මනො මනායතනං මනින්ද්රියං විඤ්ඤාණං විඤ්ඤාණක්ඛන්ධො තජ්ජා ඝානවිඤ්ඤාණධාතු, අයං වුච්චති ඝානවිඤ්ඤාණධාතු
Sinhala BJTඑහි ඝානවිඤ්ඤාණධාතු කවර යත්: නැහැය ද ගන්‍ධය ද නිසා සිතෙක් මනසෙක් මානසයෙක්, සිතෙක් භවාඞ්ගසිතෙක්, මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ ඝ්‍රාණවිඥානධාතුයෙක් උපදී ද, මේ ඝාන විඤ්ඤාණධාතු යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා ජිව්හාධාතු: යා ජිව්හා චතුන්නං මහාභූතානං උපාදාය පසාදො -පෙ- සුඤ්ඤො ගාමො’පෙසො, අයං වුච්චති ජිව්හාධාතු.
Sinhala BJTඑහි ජිව්හාධාතු කවර යත්: යම් දිවෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදයෙක් වේ ද … තෙල ශුන්‍යග්‍රාම නමුදු වේ. මේ ජිව්හාධාතු යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා රසධාතු: යො රසො චතුන්නං මහාභූතානං උපාදාය අනිදස්සනො සප්පටිඝො -පෙ- රසධාතුපෙසා. අයං වුච්චති රසධාතු.
Sinhala BJTඑහි රසධාතු කවර යත්: යම් රසයෙක් සතර මහාභූතයෙන් නිසා උපන් අනිදර්‍ශන සප්‍රතිඝ වූ … තෙල රසධාතු නමුදු වේ. මේ රසධාතු යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා ජිව්හාවිඤ්ඤාණධාතු: ජිව්හඤ්ච පටිච්ච රසෙ ච උප්පජ්ජති චිත්තං මනො මානසං හදයං පණ්ඩරං මනො මනායතනං මනින්ද්රියං විඤ්ඤාණං විඤ්ඤාණක්ඛන්ධො තජ්ජා ජිව්හාවිඤ්ඤාණධාතු, අයං වුච්චති ජිව්හාවිඤ්ඤාණධාතු
Sinhala BJTඑහි ජිව්හාවිඤ්ඤාණධාතු කවර යත්: දිව ද රස ද නිසා චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් භවාංගසිතෙක්, මනසෙක් මන සංඛ්‍යාත මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ ජිහ්වාවිඥානධාතුයෙක් උපදී ද, මේ ජිව්හා විඤ්ඤාණධාතු කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා කායධාතු: යො කායො චතුන්නං මහාභූතානං උපාදාය පසාදො -පෙ- සුඤ්ඤො ගාමො’පෙසො, අයං වුච්චති කායධාතු.
Sinhala BJTඑහි කායධාතු කවර යත්: යම් කයෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදයෙක් වේ ද … තෙල ශුන්‍යග්‍රාම නමුදු වේ. මේ කායධාතු යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා ඵොට්ඨබ්බධාතු: පඨවීධාතු -පෙ- ඵොට්ඨබ්බධාතුපෙසා, අයං වුච්චති ඵොට්ඨබ්බධාතු.
Sinhala BJTඑහි ඵොට්ඨබ්බධාතු කවර යත්: පෘථිවිධාතු … තෙල ඵොට්ඨබ්බධාතු නමුදු වේ. මේ ඵොට්ඨබ්බධාතු යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා කායවිඤ්ඤාණධාතු: කායඤ්ච පටිච්ච ඵොට්ඨබ්බෙ ච උප්පජ්ජති චිත්තං මනො මානසං හදයං පණ්ඩරං මනො මනායතනං මනින්ද්රියං විඤ්ඤාණං විඤ්ඤාණක්ඛන්ධො තජ්ජා කායවිඤ්ඤාණධාතු, අයං වුච්චති කායවිඤ්ඤාණධාතු
Sinhala BJTඑහි කායවිඤ්ඤාණධාතු කවර යත්: කය ද ස්පර්‍ශය ද නිසා චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් භවාංගසිතෙක් මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ කායවිඥානධාතුයෙක් උපදී ද, මේ කායවිඤ්ඤාණ ධාතුය යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා මනොධාතු: චක්ඛුවිඤ්ඤාණධාතුයා උප්පජ්ජිත්වා නිරුද්ධසමනන්තරා උප්පජ්ජති චිත්තං මනො මානසං හදයං පණ්ඩරං මනො මනායතනං මනින්ද්රියං විඤ්ඤාණං විඤ්ඤාණක්ඛන්ධො තජ්ජා මනොධාතු, සොතවිඤ්ඤාණධාතුයා -පෙ- ඝානවිඤ්ඤාණධාතුයා -පෙ- ජිව්හාවිඤ්ඤාණධාතුයා -පෙ- කායවිඤ්ඤාණධාතුයා උප්පජ්ජිත්වා නිරුද්ධසමනන්තරා උප්පජ්ජති චිත්තං මනො මානසං හදයං පණ්ඩරං මනො මනායතනං මනින්ද්රියං විඤ්ඤාණං විඤ්ඤාණක්ඛන්ධො තජ්ජා මනොධාතු, සබ්බධම්මෙසු වා පන පඨමසමන්නාහාරො උප්පජ්ජති චිත්තං මානො මානසං හදයං පණ්ඩරං මනො මනායතනං මනින්ද්රියං විඤ්ඤාණං විඤ්ඤාණක්ඛන්ධො තජ්ජා මනොධාතු, අයං වුච්චති මනොධාතු.
Sinhala BJTඑහි මනෝධාතු කවර යත්: චක්‍ෂුර්විඥානධාතූහු ඉපිද නිරුද්ධ වූවහුට සමනන්තර ව චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් භවාංග සිතෙක් මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප මනෝවිඥානධාතුයෙක් උපදී ද, ශ්‍රෝත්‍රවිඥානධාතූහු … ඝ්‍රාණවිඥානධාතූහු … ජිහ්වාවිඥානධාතූහු … කායවිඥානධාතූහු ඉපිද නිරුද්ධ වූවහුට සමනන්තර ව චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් භවාංග සිතෙක් මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ මනෝධාතුයෙක් (උපදී ද) යලි සියලු දහමුන් හෝ උපදනා කල්හි ප්‍රථම සමන්නාහාරය වූ චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් භවාංග සිතෙක්, මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ මනෝධාතුයෙක් උපදී ද, මේ මනෝධාතු යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා ධම්මධාතු: වෙදනාක්ඛන්ධො, සඤ්ඤාඛක්ඛන්ධො, සඞ්ඛාරක්ඛන්ධො, යං ච රූපං අනිදස්සනං අප්පටිඝං ධම්මායතනපරියාපන්නං අසඞ්ඛතා ච ධාතු.
Sinhala BJTඑහි ධම්මධාතු කවර යත්: වේදනාස්කන්‍ධ ය, සංඥාස්කන්‍ධ ය, සංස්කාරස්කන්‍ධ ය, අනිදර්‍ශන වූ අප්‍රතිඝ වූ ධර්‍මායතනපර්‍ය්‍යාපන්න වූ යම් රූපයෙකුත් වේ ද, අසංඛතධාතුව දැ යි.
Pali BJTතත්ථ කතමො වෙදනාක්ඛන්ධො: එකවිධෙන වෙදනාක්ඛන්ධො, ඵස්සසම්පයුත්තො,
Sinhala BJTඑහි වේදනාස්කන්‍ධය කවර යත්: එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන වෙදනාක්ඛන්ධො: අත්ථි සහෙතුකො, අත්ථි අහෙතුකො,
Sinhala BJTද්විප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: සහේතුකයෙක් ඇත, අහේතුකයෙක් ඇති.
Pali BJTතිවිධෙන වෙදනාක්ඛන්ධො: අත්ථි කුසලො, අත්ථි අකුසලො, අත්ථි අව්යාකතො -පෙ- එවං දසවිධෙන වෙදනාක්ඛන්ධො -පෙ- එවං බහුවිධෙන වෙදනාක්ඛන්ධො, අයං වුච්චති වෙදනාක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. … මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ. … මෙසේ බහුප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ. මේ වේදනාස්කන්‍ධය යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො සඤ්ඤාක්ඛන්ධො: එකවිධෙන සඤ්ඤාක්ඛන්ධො, ඵස්සසම්පයුත්තො.
Sinhala BJTඑහි සංඥාස්කන්‍ධය කවර යත්: එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි සහෙතුකො, අත්ථි අහෙතුකො.
Sinhala BJTද්විප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: සහේතුකයෙක් ඇත, අහේතුකයෙක් ඇති.
Pali BJTතිවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි කුසලො, අත්ථි අකුසලො අත්ථි අව්යාකතො -පෙ- එවං දසවිධෙන සඤ්ඤාක්ඛන්ධො -පෙ- එවං බහුවිධෙන සඤ්ඤාක්ඛන්ධො, අයං වුච්චති සඤ්ඤාක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති … මෙසේ දශප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ. … මෙසේ බහුප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ. මේ සංඥාස්කන්‍ධ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො සඞ්ඛාරක්ඛන්ධො: එකවිධෙන සඞ්ඛාරක්ඛන්ධො, චිත්තසම්පයුත්තො.
Sinhala BJTඑහි සංස්කාරස්කන්‍ධය කවර යත්: එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: අත්ථි හෙතු, අත්ථි න හෙතු.
Sinhala BJTද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: හේතු වූයෙක් ඇත, හේතු නො වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: අත්ථි කුසලො, අත්ථි අකුසලො අත්ථි අව්යාකතො -පෙ- එවං දසවිධෙන සඞ්ඛාරක්ඛන්ධො -පෙ- එවං බහුවිධෙන සඞ්ඛාරක්ඛන්ධො. අයං වුච්චති සඞ්ඛාරක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ. … මෙසේ බහු ප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ. මේ සංස්කාරස්කන්‍ධ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං රූපං අනිදස්සනං අප්පටිඝං ධම්මායතනපරියාපන්නං: ඉත්ථින්ද්රියං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං වුච්චති රූපං අනිදස්සනං අප්පටිඝං ධම්මායතනපරියාපන්නං.
Sinhala BJTඑහි අනිදර්‍ශන වූ අප්‍රතිඝ වූ ධර්‍මායතනපර්‍ය්‍යාපන්න වූ රූපය කවර යත්: ස්ත්‍රීන්‍ද්‍රිය ය … කවලීකාරාහාර යි. මේ අනිදර්‍ශන වූ අප්‍රතිඝ වූ ධර්‍මායතනපර්‍ය්‍යාපන්න වූ රූපය යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා අසඞ්ඛතාධාතු: රාගක්ඛයො දොසක්ඛයො මොහක්ඛයො අයං වුච්චති අසඞ්ඛතාධාතු. අයං වුච්චති ධම්මධාතු.
Sinhala BJTඑහි අසංඛ්‍යාතධාතු කවර යත්: රාගක්‍ෂය ය, දෝෂක්‍ෂය ය, මෝහක්‍ෂය යි. මේ අසංඛතධාතු යි කියනු ලැබේ. මේ ධම්මධාතු යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා මනොවිඤ්ඤාණධාතු: චක්ඛුවිඤ්ඤාණධාතුයා උප්පජ්ජිත්වා නිරුද්ධසමනන්තරා උප්පජ්ජති මනොධාතු, මනොධාතුයා’පි උප්පජ්ජිත්වා නිරුද්ධසමනන්තරා උප්පජ්ජති චිත්තං මනො මානසං හදයං පණ්ඩරං මනො මනායතනං මනින්ද්රියං විඤ්ඤාණං විඤ්ඤාණක්ඛන්ධො තජ්ජා මනොවිඤ්ඤාණධාතු, සොතවිඤ්ඤාණධාතුයා -පෙ- ඝානවිඤ්ඤාණධාතුයා -පෙ- ජිව්හාවිඤ්ඤාණධාතුයා -පෙ- කායවිඤ්ඤාණධාතුයා උප්පජ්ජිත්වා නිරුද්ධසමනන්තරා උප්පජ්ජති මනොධාතු, මනොධාතුයා’පි උප්පජ්ජිත්වා නිරුද්ධසමනන්තරා උප්පජ්ජති චිත්තං මනො මානසං -පෙ- තජ්ජා මනොවිඤ්ඤාණධාතු, මනඤ්ච පටිච්ච ධම්මෙ ච උප්පජ්ජති චිත්තං මානො මානසං හදයං පණ්ඩරං මනො මනායතනං මනින්ද්රියං විඤ්ඤාණං විඤ්ඤාණක්ඛන්ධො තජ්ජා මනොවිඤ්ඤාණධාතු, අයං වුච්චති මනොවිඤ්ඤාණධාතු.
Sinhala BJTඑහි මනෝවිඤ්ඤාණධාතු කවර යත්: චක්‍ෂුර්විඥානධාතූහු ඉපිද නිරුද්ධ වූවහුට සමනන්තර ව මනෝධාතුව උපදී. මනෝධාතූහු ද ඉපිද නිරුද්ධ වූවහුට සමනන්තර ව (යම්) චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් භවාංග සිතෙක් මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ මනෝවිඥානධාතුවෙක් උපදී ද, ශ්‍රෝත්‍රවිඥානධාතූහු … ඝ්‍රාණවිඥානධාතූහු … ජිහ්වාවිඥානධාතූහු … කායවිඥානධාතූහු … ඉපිද නිරුද්ධ වූවහුට සමනන්තර ව මනෝධාතුව උපදී, මනෝධාතූහු ද ඉපිද නිරුද්ධ වූවහුට සමනන්තර ව (යම්) චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝ විඥානධාතුයවෙක් (උපදී ද) මනස ද ධර්‍මයන් ද නිසා (යම්) චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් භවාංග සිතෙක් මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූපව වූ මනෝවිඥානධාතුයෙක් උපදී ද, මේ මනෝවිඥානධාතු යි කියනු ලැබේ.
Pali BJTඅභිධම්මභාජනියං.
Sinhala BJTඅභිධර්‍මභාජනිය යි.
Pali BJT265. අට්ඨාරස ධාතුයො: චක්ඛුධාතු, රූපාධාතු, චක්ඛුවිඤ්ඤාණධාතු, සොතධාතු, සද්දධාතු, සොතවිඤ්ඤාණධාතු, ඝානධාතු, ගන්ධධාතු, ඝානවිඤ්ඤාණධාතු, ජිව්හාධාතු, රසධාතු, ජිව්හාවිඤ්ඤාණධාතු, කායධාතු, ඵොට්ඨබ්බධාතු, කායවිඤ්ඤාණධාතු, මනොධාතු, ධම්මධාතු, මනොවිඤ්ඤාණධාතු.
Sinhala BJT265. ධාතූහු අටළොස් දෙනෙකි: චක්ඛුධාතු ය, රූපාධාතු ය, චක්ඛුවිඤ්ඤාණධාතු, සෝතධාතු ය, සද්දධාතු ය, සෝතවිඤ්ඤාණධාතු ය, ඝානධාතු ය, ගන්‍ධධාතු ය, ඝානවිඤ්ඤාණධාතු ය, ජිව්හාධාතු ය, රසධාතු ය, ජිව්හාවිඤ්ඤාණධාතු ය, කායධාතු ය, ඵොට්ඨබ්බධාතු, කායවිඤ්ඤාණධාතු ය, මනෝධාතු ය, ධම්මධාතු ය, මනෝවිඤ්ඤාණ ධාතු යි.
Pali BJT266. අට්ඨාරසන්නං ධාතූනං කති කුසලා කති අකුසලා කති අව්යාකතා -පෙ- කති සරණා තකි අරණා:
Sinhala BJT266. අටළොස් ධාතූන් අතුරෙහි කුශලයෝ කෙතෙක් ද අකුශලයෝ කෙතෙක් ද අව්‍යාකෘතයෝ කෙතෙක් ද … සරණයෝ කෙතෙක් ද අරණයෝ කෙතෙක් ද යත්:
Pali BJTසොළස ධාතුයො අව්යාකතා, ද්වෙ ධාතුයො සියා කුසලා, සියා අකුසලා, සියා අව්යාකතා.
Sinhala BJTසොළොස් ධාතු කෙනෙක් අව්‍යාකෘතයහ, ධාතූහු දෙදෙන්ක කුශල වන්නාහ, අකුශල වන්නාහ, අව්‍යාකෘත වන්නාහු ය.
Pali BJTදස ධාතුයො න වත්තබ්බා සුඛාය වෙදනාය සම්පයුත්තාති’පි දුක්ඛාය වෙදනාය සම්පයුත්තාති’පි අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තාති’පි පඤ්චධාතුයො අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තා. කායවිඤ්ඤාණධාතු සියා සුඛාය වෙදනාය සම්පයුත්තා, සියා දුක්ඛාය වෙදනාය සම්පයුත්තා. මනොවිඤ්ඤාණධාතු සියා සුඛාය වෙදනාය සම්පයුත්තා, සියා දුක්ඛාය වෙදනාය සම්පයුත්තා, සියා අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තා. ධම්මධාතු සියා සුඛාය වෙදනාය සම්පයුත්තා, සියා දුක්ඛාය වෙදනාය සම්පයුත්තා, සියා අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තා. සියා න වත්තබ්බා සුඛාය වෙදනාය සම්පයුත්තාති’පි දුක්ඛාය වෙදනාය සම්පයුත්තාපි’පි අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තාති’පි.
Sinhala BJTදශධාතු කෙනෙක් සුඛවේදනාව හා සම්ප්‍රයුක්තහ යි ද දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්තහ යි ද උපේක්‍ෂාවේදනාව හා සම්ප්‍රයුක්තහ යි ද නො කියයුතු වන්නාහ. ධාතූහු පස් දෙනෙක් උපේක්‍ෂාවේදනාව හා සම්ප්‍රයුක්තයහ. කායවිඥානධාතුව සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වන්නේ ය, දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්ත වන්නේ ය. මනෝවිඥානධාතුව සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වන්නේ ය, දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්ත වන්නේ ය, උපේක්‍ෂාවේදනාව හා සම්ප්‍රයුක්ත වන්නේ ය. ධර්‍මධාතුව සුඛවේදනාව හා සම්ප්‍රයුක් වන්නේ ය, දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්ත වන්නේ ය, උපේක්‍ෂාවේදනාව හා සම්ප්‍රයුක්ත වන්නේ ය, සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත යි ද දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්ත යි ද උපේක්‍ෂාවේදනාව හා සම්ප්‍රයුක්ත යි ද නො කියයුතු වන්නේ යි.
Pali BJTදස ධාතුයො නෙවවිපාකනවිපාකධම්මධම්මා, පඤ්ච ධාතුයො විපාකා, මනොධාතු සියා විපාකා සියා නෙවවිපාකනවිපාකධම්මධම්මා. ද්වෙ ධාතුයො සියා විපාකා, සියා විපාකධම්මධම්මා, සියා නෙවවිපාකනවිපාකධම්මධම්මා.
Sinhala BJTදශධාතු කෙනෙක් නො මැ විපාක වූ නො ද විපාකස්වභාවධර්‍මයහ. ධාතූහු පස් දෙනෙක් විපාකයහ. මනෝධාතු විපාක වන්නේ ය, නො මැ විපාක වූ නො ද විපාක ස්වභාවධර්‍ම වන්නේ ය. ධාතූහු දෙදෙනෙක් විපාක වන්නාහ, විපාකස්වභාවධර්‍ම වන්නාහ, නො මැ විපාක වූ නොද විපාකස්වභාවධර්‍ම වන්නාහු ය.
Pali BJTදස ධාතුයො උපාදින්නුපාදානියා, සද්දධාතු අනුපාදින්නුපාදානියා, පඤ්ච ධාතුයො සියා උපාදින්නුපාදානියා, සියා අනුපාදින්නුපාදානියා, ද්වෙ ධාතුයො සියා උපාදින්නුපාදානියා, සියා අනුපාදින්නුපාදානියා, සියා අනුපාදින්නඅනුපාදානියා.
Sinhala BJTදශධාතු කෙනෙක් උපාදින්නෝපාදානියහ. ශබ්දධාතුව අනුපාදින්නෝපාදානිය ය. ධාතූහු පස් දෙනෙක් උපාදින්නෝපාදානිය වන්නාහ, අනුපාදින්නෝපාදානිය වාන්නාහ. ධාතූහු දෙදෙනෙක් උපාදින්නෝපාදානිය වන්නාහ, අනුපාදිනෝපාදානිය වන්නාහ, අනුපාදින්නඅනුපාදානිය වන්නාහු ය.
Pali BJTසොළස ධාතුයො අසඞ්කිලිට්ඨසඞ්කිලෙසිකා, ද්වෙ ධාතුයො සියා සංකිලිට්ඨසංකිලෙසිකා, සියා අසංකිලිට්ඨසංකිලෙසිකා, සියා අසංකිලිට්ඨඅසංකිලෙසිකා.
Sinhala BJTසොළොස් ධාතූහු අසංක්ලිෂ්ටසාංක්ලේශිකයහ. ධාතූහු දෙදෙනෙක් සංක්ලිෂ්ට සාංක්ලේශික වන්නාහ, අසංක්ලිෂ්ටසාංක්ලේශික වන්නාහ, අසංක්ලිෂ්ට අසාංක්ලේශික වන්නාහු ය.
Pali BJTපණ්ණරස ධාතුයො අවිතක්කඅවිචාරා. මනොධාතු සවිතක්කසවිචාරා. මනොවිඤ්ඤාණධාතු සියා සවිතක්කසවිචාරා, සියා අවිතක්කවිචාරමත්තා, සියා අවිතක්කඅවිචාරා. ධම්මධාතු සියා සවිතක්කසවිචාරා, සියා අවිතක්කවිචාරමත්තා, සියා අවිතක්කඅවිචාරා, සියා න වත්තබ්බා, සවිතක්කසවිචාරාති’පි අවිතක්කවිචාරමත්තාති’පි අවිතක්කඅවිචාරාති’පි.
Sinhala BJTපසළොස් ධාතු කෙනෙක් අවිතර්‍කඅවිචාරයහ. මනෝධාතුව සවිතර්‍කසවිචාර ය. මනෝවිඤ්ඤාණධාතුව සවිතර්‍කසවිචාර වන්නේ ය, අවිතර්‍කවිචාරමාත්‍ර වන්නේ ය, අවිතර්‍කඅවිචාර වන්නේ ය. ධර්‍මධාතුව සවිතර්‍කසවිචාර වන්නේ ය, අවිතර්‍කවිචාර මාත්‍ර වන්නේ ය, අවිතර්‍කඅවිචාර වන්නේ ය, සවිතර්‍කසවිචාර යි ද අවිතර්‍කවිචාරමාත්‍ර යි ද අවිතර්‍කඅවිචාර යි ද නො කියයුතු වන්නේ යි.
Pali BJTදස ධාතුයො න වත්තබ්බා පීතිසහගතාති’පි සුඛසහගතාති’පි උපෙක්ඛාසහගතාති’පි. පඤ්චධාතුයො උපෙක්ඛාසහගතා. කායවිඤ්ඤාණධාතු න පීතිසහගතා, සියා සුඛසහගතා, න උපෙක්ඛාසහගතා, සියා න වත්තබ්බා සුඛසහගතා’ති. ද්වෙ ධාතුයො සියා පීතිසහගතා, සියා සුඛසහගතා, සියා උපෙක්ඛාසහගතා, සියා න වත්තබ්බා පීතිසහගතාති’පි සුඛහගතාති’පි උපෙක්ඛාසහගතාති’පි.
Sinhala BJTදශධාතූහු ප්‍රීතිසහගතහ යි ද සුඛසහගතහ යි ද උපේක්‍ෂාසහගතහ යි ද නො කිය යුත්තාහ. ධාතූහු පස් දෙනෙක් උපේක්‍ෂාසහගතයහ. කායවිඥානධාතුව ප්‍රීතිසහගත නො වෙයි, සුඛසහගත වන්නේ ය, උපේක්‍ෂාසහගත නො වෙයි, සුඛසහගත යි නො කිය යුතු වන්නේ ය. ධාතූහු දෙදෙනෙක් ප්‍රීතිසහගත වන්නාහ, සුඛසහගත වන්නාහ, උපේක්‍ෂා සහගත වන්නාහ, ප්‍රීතිසහගතහ යි ද සුඛසහගතහ යි ද උපේක්‍ෂාසහගතහ යි ද නො කියයුතු වන්නාහු ය.
Pali BJTසොළස ධාතුයො නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බා. ද්වෙධාතුයො සියා දස්සනෙන පහාතබ්බා, සියා භාවනාය පහාතබ්බා සියා නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බා.
Sinhala BJTසොළොස්ධාතූහු නො මැ දර්‍ශනයෙන් නොද භාවනායෙන් ප්‍රහාතව්‍යහ. ධාතූහු දෙදෙනෙක් දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය වන්නාහ, භාවනායෙන් ප්‍රහාතව්‍ය වන්නාහ, නො මැ දර්‍ශනයෙන් නොද භාවනායෙන් ප්‍රහාතව්‍ය වන්නාහු ය.
Pali BJTසොළස ධාතුයො නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බාහෙතුකා. ද්වෙ ධාතුයො සියා දස්සනෙන පහාතබ්බහෙතුකා, සියා භාවනාය පහාතබ්බහෙතුකා, සියා නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බහෙතුකා.
Sinhala BJTසොළොස් ධාතූහු නො මැ දර්‍ශනයෙන් නොද භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇත්තාහ. ධාතූහු දෙදෙනෙක් දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතුක වන්නාහ, භාවනායෙන් ප්‍රහාතව්‍යහේතුක වන්නාහ, නො මැ දර්‍ශනයෙන් නොද භාවනායෙන් ප්‍රහාතව්‍යහේතුක වන්නාහු ය.
Pali BJTසොළස ධාතුයො නෙව ආචයගාමි නාපචයගාමිනො. ද්වෙ ධාතුයො සියා ආචයගාමිනො, සියා අපචයගාමිනො, සියා නෙව ආචයගාමි නාපචයගාමිනො.
Sinhala BJTසොළොස් ධාතූහු නො ම ආචයගාමී වූ නො ද අපචයගාමී වෙති. ධාතූහු දෙදෙනෙක් ආචයගාමී වන්නාහ, අපචයගාමී වන්නාහ, නො මැ ආචයගාමී වූ නොද අපචයගාමී වන්නාහු ය.
Pali BJTසොළස ධාතුයො නෙව සෙඛා නාසෙඛා. ද්වෙ ධාතුයො සියා සෙඛා, සියා අසෙඛා, සියා නෙව සෙඛා නාසෙඛා.
Sinhala BJTසොළොස් ධාතූහු නො මැ ශෛක්‍ෂ වූ නොද අශෛක්‍ෂයහ. ධාතූහු දෙදෙනෙක් ශෛක්‍ෂ වන්නාහ, අශෛක්‍ෂ වන්නාහ, නො මැ ශෛක්‍ෂ නොද අශෛක්‍ෂ වන්නාහු ය.
Pali BJTසොළස ධාතුයො පරිත්තා. ද්වෙ ධාතුයො සියා පරිත්තා, සියා මහග්ගතා, සියා අප්පමාණා.
Sinhala BJTසොළොස් ධාතූහු පරිත්තයහ. ධාතූහු දෙදෙනෙක් පරිත්ත වන්නාහ, මහද්ගත වන්නාහ, අප්‍රමාණ වන්නාහු ය.
Pali BJTදස ධාතුයො අනාරම්මණා. ඡ ධාතුයො පරිත්තාරම්මණා. ද්වෙ ධාතුයො සියා පරිත්තාරම්මණා, සියා මහග්ගතාරම්මණා, සියා අප්පමාණාරම්මණා. සියා න වත්තබ්බා පරිත්තාරම්මණාති’පි මහග්ගතාරම්මණාති’පි අප්පමාණාරම්මණාති’පි.
Sinhala BJTදශධාතු කෙනෙක් අනාලම්බනයහ. ධාතූහු සදෙනෙක් පරිත්තාලම්බනයහ. ධාතූහු දෙදෙනෙක් පරිත්තාලම්බන වන්නාහ, මහද්ගතාලම්බන වන්නාහ, අප්‍රමාණාලම්බන වන්නාහ, පරිත්තාලම්බනහ යි ද මහද්ගතාලම්බනහ යි ද අප්‍රමාණාලම්බනහ යි ද නො කිය යුතු වන්නාහු ය.
Pali BJTසොළස ධාතුයො මජ්ඣිමා. ද්වෙ ධාතුයො සියා හීනා, සියා මජ්ඣිමා, සියා පණීතා.
Sinhala BJTසොළොස් ධාතූහු මධ්‍යමයෝ ය. ධාතූහු දෙදෙනෙක් හීන වන්නාහ, මධ්‍යම වන්නාහ, ප්‍රණීත වන්නාහු ය.
Pali BJTසොළස ධාතුයො අනියතා. ද්වෙ ධාතුයො සියා මිච්ඡත්තනියතා. සියා සම්මත්තනියතා, සියා අනියතා.
Sinhala BJTසොළොස් ධාතූහු අනියතයහ. ධාතූහු දෙදෙනෙක් මිථ්‍යාත්‍වනියත වන්නාහ, සම්‍යක්ත්‍වනියත වන්නාහ, අනියත වන්නාහු ය.
Pali BJTදස ධාතුයො අනාරම්මණා. ඡ ධාතුයො න වත්තබ්බා මග්ගාරම්මණාති’පි මග්ගහෙතුකාති’පි මග්ගාධිපතිනොති’පි. ද්වෙ ධාතුයො සියා මග්ගාරම්මණා, සියා මග්ගහෙතුකා, සියා මග්ගාධිපතිනො. සියා න වත්තබ්බා මග්ගාරම්මණාති’පි මග්ගහෙතුකාති’පි මග්ගාධිපතිනොති’පි.
Sinhala BJTදශධාතූහු අනාලම්බනයහ. ධාතූහු සදෙනෙක් මාර්‍ගාලම්බනහ යි ද මාර්‍ගහේතුක යි ද මාර්‍ගාධිපති යි ද නො කියයුත්තාහ. ධාතූහු දෙදෙනෙක් මාර්‍ගාලම්බන වන්නාහ, මාර්‍ග හේතුක වන්නාහ, මාර්‍ගාධිපති වන්නාහ, මාර්‍ගාලම්බනහ යි ද මාර්‍ගහේතුකහ යි ද මාර්‍ගාධිපති යි ද නො කියයුතු වන්නාහු ය.
Pali BJTදස ධාතුයො සියා උප්පන්නා, සියා උප්පාදිනො, සියා න වත්තබ්බා අනුප්පන්නාති. සද්දධාතු සියා උප්පන්නා, සියා අනුප්පන්නා න වත්තබ්බා උප්පාදිනීති. ඡ ධාතුයො සියා උප්පන්නා, සියා අනුප්පන්නා, සියා උප්පාදිනො. ධම්මධාතු සියා උප්පන්නා, සියා අනුප්පන්නා, සියා උප්පාදිනී, සියා න වත්තබ්බා උප්පන්නාති’පි අනුප්පන්නාති’පි උප්පාදිනීති’පි.
Sinhala BJTදශධාතූහු උත්පන්න වන්නාහ, උත්පාදී වන්නාහ, අනුත්පන්නහ යි නො කියයුතු වන්නාහ. ශබ්දධාතුව උත්පන්න වන්නේ ය, අනුත්පන්න වන්නේ ය, උත්පාදිනී යි නො කියයුතු ය. ධාතූහු සදෙනෙක් උත්පන්න වන්නාහ, අනුත්පන්න වන්නාහ, උත්පාදී වන්නාහ. ධර්‍මධාතුව උත්පන්න වන්නේ ය, අනුත්පන්න වන්නේ ය, උත්පාදිනී වන්නේ ය, උත්පන්න යි ද අනුත්පන්න යි ද උත්පාදිනී යි ද නො කියයුතු වන්නේ යි.
Pali BJTසත්තරස ධාතුයො සියා අතීතා, සියා අනාගතා, සියා පච්චුප්පන්නා. ධම්මධාතු සියා අතීතා, සියා අනාගතා, සියා පච්චුප්පන්නා, සියා න වත්තබ්බා අතීතාතිපි අනාගතාතිපි පච්චුප්පන්නාතිපි.
Sinhala BJTසතළොස් ධාතූහු අතීත ද වන්නාහ, අනාගත ද වන්නාහ, ප්‍රත්‍යුත්පන්න ද වන්නාහු ය. ධර්‍මධාතුව අතීත ද වන්නේ ය, අනාගත ද වන්නේ ය, ප්‍රත්‍යුත්පන්න ද වන්නේ ය, අතීත යි ද අනාගත යි ද ප්‍රත්‍යුත්පන්න යි ද නො කියයුතු ද වන්නේ යි.
Pali BJTදසධාතුයො අනාරම්මණා. ඡ ධාතුයො පච්චුප්පන්නාරම්මණා. ද්වෙ ධාතුයො සියා අතීතාරම්මණා, සියා අනාගතාරම්මණා, සියා පච්චුප්පන්නාරම්මණා, සියා න වත්තබ්බා අතීතාරම්මණාතිපි අනාගතාරම්මණාතිපි, පච්චුප්පන්නාරම්මණාති’පි.
Sinhala BJTධාතු දශයෙක් අනාලම්බන ය. ධාතු සයෙක් ප්‍රත්‍යුත්පන්නාලම්බන ය. ධාතූහු දෙදෙනෙක් අතීතාලම්බන ද වන්නාහ, අනාගතාලම්බන ද වන්නාහු ය, අතීතාලම්බන යි ද අනාගතාලම්බන යි ද ප්‍රත්‍යුත්පන්නාලම්බන යි ද නො කියයුතු ද වන්නාහු යි.
Pali BJTසියා අජ්ඣත්තා, සියා බහිද්ධා, සියා අජ්ඣත්තබහිද්ධා.
Sinhala BJTඅටළොස් ධාතූහු අධ්‍යාත්ම ද වන්නාහ, බාහිර ද වන්නාහ, අධ්‍යාත්මබාහිර ද වන්නාහු යි.
Pali BJTදස ධාතුයො අනාරම්මණා. ඡ ධාතුයො සියා අජ්ඣත්තාරම්මණා, සියා බහිද්ධාරම්මණා, සියා අජ්ඣත්තබහිද්ධාරම්මණා. ද්වෙ ධාතුයො සියා අජ්ඣත්තාරම්මණා, සියා බහිද්ධාරම්මණා, සියා අජ්ඣත්තබහිද්ධාරම්මණා, සියා න වත්තබ්බා අජ්ඣත්තාරම්මණාති’පි බහිද්ධාරම්මණාති’පි අජ්ඣත්තබහිද්ධාරම්මණාති’පි.
Sinhala BJTධාතු දශයෙක් අනාලම්බන ය. ධාතු සයෙක් අධ්‍යාත්මාලම්බන ද වන්නේ ය, බාහිරාලම්බන ද වන්නේ ය, අධ්‍යාත්මබාහිරාලම්බන ද වන්නේ ය. ධාතූහු දෙදෙනෙක් අධ්‍යාත්මාලම්බන ද වන්නාහ, බාහිරාලම්බන ද වන්නාහ, අධ්‍යාත්මබාහිරාලම්බන ද වන්නාහු ය, අධ්‍යාත්මාලම්බන යි ද බාහිරාලම්බන යි ද අධ්‍යාත්මබාහිරාලම්බන යි ද නො කියයුතු ද වන්නාහු යි.
Pali BJTරූපාධාතු සනිදස්සනසප්පටිඝා. නව ධාතුයො අනිදස්සනසප්පටිඝා. අට්ඨ ධාතුයො අනිදස්සනඅප්පටිඝා.
Sinhala BJTරූපධාතුව සනිදර්‍ශනසප්‍රතිඝ ය. ධාතූහු නව දෙනෙක් අනිදර්‍ශන සප්‍රතිඝයෝ ය. ධාතූහු අටදෙනෙක් අනිදර්‍ශන අප්‍රතිඝයෝ යි.
Pali BJT267. සත්තරස ධාතුයො න හෙතු. ධම්මධාතු සියා හෙතු, සියා න හෙතු.
Sinhala BJT267. ධාතූහු සතළොස් දෙනෙක් හේතු නො වෙති. ධර්‍මධාතු හේතු ද වෙයි, නො ද හේතු වේ.
Pali BJTසොළස ධාතුයො අහෙතුකා. ද්වෙ ධාතුයො සියා සහෙතුකා, සියා අහෙතුකා.
Sinhala BJTසොළොස් ධාතූහු අහේතුකයෝ ය. ධාතූහු දෙදෙනෙක් සහේතුකයෝ ද වෙති. අහේතුකයෝ ද වෙත්.
Pali BJTසොළස ධාතුයො හෙතුවිප්පයුත්තා. ද්වෙ ධාතුයො සියා හෙතුසම්පයුත්තා, සියා හෙතුවිප්පයුත්තා.
Sinhala BJTසොළොස් ධාතූහු හේතුවිප්‍රයුක්තයෝ ය. ධාතූහු දෙදෙනෙක් හේතුසම්ප්‍රයුක්ත ද වන්නාහ, හේතුවිප්‍රයුක්ත ද වන්නාහු යි.
Pali BJTසොළස ධාතුයො න වත්තබ්බා හෙතු චෙව සහෙතුකාතිපි, සහෙතුකා චෙව න ච හෙතූතිපි. මනොවිඤ්ඤාණධාතු න වත්තබ්බා හෙතු චෙව සහෙතුකාති, සියා සහෙතුකා චෙව න ච හෙතු, සියා න වත්තබ්බා සහෙතුකා චෙව න ච හෙතූති. ධම්මධාතු සියා හෙතු චෙව සහෙතුකා ච, සියා සහෙතුකා චෙව න ච හෙතු, සියා න වත්තබ්බා හෙතු චෙව සහෙතුකාතිපි, සහෙතුකා චෙව න ච හෙතූතිපි.
Sinhala BJTසොළොස් ධාතූහු හේතු ද වූ ම සහේතුක යි ද සහේතුක ද වූ ම නොද හේතු යි ද නො කියයුතු වන්නාහු ය. මනෝවිඥානධාතුව හේතු ද වූ ම සහේතුකයෙකැ යි නො කිය යුතු වෙයි, සහේතුක ද වූ ම නොද හේතු වන්නේ ය. සහේතුක ද වූ ම නොද හේතු යි නො කියයුතු ද වන්නේ ය. ධර්‍මධාතුව හේතු ද වූ ම සහේතුක ද වන්නේ ය, සහේතුක ද වූ ම නොද හේතු වන්නේ ය, හේතු ද වූ ම සහේතුක යි ද සහේතුක ද වූ ම නොද හේතු යි ද නො කියයුතු වන්නේ යි.
Pali BJTසොළස ධාතුයො න වත්තබ්බා හෙතු චෙව හෙතුසම්පයුත්තාතිපි, හෙතුසම්පයුත්තා චෙව න ච හෙතූතිපි. මනොවිඤ්ඤාණධාතු න වත්තබ්බා හෙතු චෙව හෙතු සම්පයුත්තා ති, සියා හෙතුසම්පයුත්තා චෙව න ච හෙතු, සියා න වත්තබ්බා හෙතුසම්පයුත්තා චෙව න ච හෙතූති. ධම්මධාතු සියා හෙතු චෙව හෙතුසම්පයුත්තා ච, සියා හෙතුසම්පයුත්තා චෙව න ච හෙතු, සියා න වත්තබ්බා හෙතු චෙව හෙතුසම්පයුත්තාතිපි හෙතුසම්පුයත්තා චෙව න ච හෙතූතිපි.
Sinhala BJTසොළොස් ධාතූහු හේතු ද වූ ම හේතුසම්ප්‍රයුක්තහ යි ද හේතුසම්ප්‍රයුක්ත ද වූ ම නොද හේතු යි ද නො කියයුතු වන්නාහ. මනෝවිඥානධාතුව හේතු ද වූ ම හේතුසම්ප්‍රයුක්තයෙකැ යි නො කියයුත්තේ ය, හේතුසම්ප්‍රයුක්ත ද වූ ම නොද හේතු වන්නේ ය. හේතු සම්ප්‍රයුක්ත ද වූ ම නො ද හේතු යි ද නො කියයුතු වන්නේ ය. ධර්‍ම ධාතුව හේතු ද වූ ම හේතුසම්ප්‍රයුක්තයෙක් ද වන්නේ ය, හේතුසම්ප්‍රයුක්ත ද වූ ම නොද හේතු වන්නේ ය, හේතු ද වූ ම හේතුසම්ප්‍රයුක්තයෙකැ යි ද හේතුසම්ප්‍රයුක්ත ද වූ ම නොද හේතුයෙකැ යි ද නො කියයුතු වන්නේ යි.
Pali BJTසොළස ධාතුයො න හෙතු අහෙතුකා. මනොවිඤ්ඤාණධාතු සියා න හෙතු සහෙතුකා, සියා න හෙතු අහෙතුකා. ධම්මධාතු සියා න හෙතු සහෙතුකා, සියා න හෙතු අහෙතුකා, සියා න වත්තබ්බා න හෙතු සහෙතුකාතිපි න හෙතු අහෙතුකාතිපි.
Sinhala BJTසොළොස් ධාතූහු හේතු නො වූ අහේතුකයෝ ය. මනෝවිඥානධාතුව හේතු නො වූ සහේතුකයෙක් ද වන්නේ ය, හේතු නො වූ අහේතුකයෙක් ද වන්නේ ය. ධර්‍මධාතුව හේතු නො වූ සහේතුකයෙක් ද වන්නේ ය, හේතු නො වූ අහේතුකයෙක් ද වන්නේ ය, හේතු නො වූ සහේතුකයෙකැ යි ද හේතු නො වූ අහේතුකයෙකැ යි ද නො කියයුතු වන්නේ යි.
Pali BJT268. සත්තරස ධාතුයො සප්පච්චයා. ධම්මධාතු සියා සප්පච්චයා, සියා අප්පච්චයා.
Sinhala BJT268. සතළොස් ධාතූහු සප්‍රත්‍යයෝ ය. ධර්‍මධාතුව සප්‍රත්‍ය ද වන්නේ ය, අප්‍රත්‍ය ද වන්නේ යි.
Pali BJTසත්තරස ධාතුයො සඞ්ඛතා. ධම්මධාතු සියා සඞ්ඛතා, සියා අසඞ්ඛතා.
Sinhala BJTසතළොස් ධාතූහු සංඛතයෝ ය. ධර්‍මධාතුව සංඛත ද වන්නේ ය, අසංඛත ද වන්නේ යි.
Pali BJTරූපධාතු සනිදස්සනා. සත්තරස ධාතුයො අනිදස්සනා.
Sinhala BJTරූපධාතුව සනිදර්‍ශනය ය. සතළොස් ධාතූහු අනිදර්‍ශනයෝ යි.
Pali BJTදස ධාතුයො සප්පටිඝා. අට්ඨ ධාතුයො අප්පටිඝා.
Sinhala BJTධාතු දශයෙක් සප්‍රතිඝ ය. ධාතු අටෙක් අප්‍රතිඝ යි.
Pali BJTදස ධාතුයො රූපා. සත්තධාතුයො අරූපා. ධම්මධාතු සියා රූපා සියා අරූපා.
Sinhala BJTධාතු දශයෙක් රූපී ය. ධාතු සතෙක් අරූපී ය. ධර්‍මධාතුව රූපී ද වන්නේ ය, අරූපී ද වන්නේ යි.
Pali BJTසොළස ධාතුයො ලොකියා. ද්වෙ ධාතුයො සියා ලොකියා, සියා ලොකුත්තරා.
Sinhala BJTධාතු සොළොසෙක් ලෞකික ය. ධාතූහු දෙදෙනෙක් ලෞකික ද වන්නාහ, ලෝකෝත්තර ද වන්නාහු යි.
Pali BJTකෙනචි විඤ්ඤෙය්යා, කෙනචි න විඤ්ඤෙය්යා.
Sinhala BJTඅටළොස් ධාතූහු (චක්‍ෂුර්විඥානාදි) කිසිවකින් දතයුත්තාහ, කිසි විඥානයෙකින් නො දතයුත්තාහු යි.
Pali BJT269. සත්තරස ධාතුයො නො ආසවා. ධම්මධාතු සියා ආසවා, සියා නො ආසවා.
Sinhala BJT269. සතළොස් ධාතූහු ආස්‍රව නො වෙති. ධර්‍මධාතුව ආස්‍රව ද වන්නේ ය, ආස්‍රව නොද වන්නේ යි.
Pali BJTසොළස ධාතුයො සාසවා. ද්වෙ ධාතුයො සියා සාසවා. සියා අනාසවා,
Sinhala BJTසොළොස් ධාතූහු සාස්‍රවයෝ ය. ධාතූහු දෙදෙනෙක් සාස්‍රව ද වන්නාහු, අනාස්‍රව ද වන්නාහු ය.
Pali BJTසොළස ධාතුයො ආසවවිප්පයුත්තා. ද්වෙ ධාතුයො සියා ආසවසම්පයුත්තා, සියා ආසවවිප්පයුත්තා.
Sinhala BJTසොළොස් ධාතූහු ආස්‍රවවිප්‍රයුක්තයෝ ය, ධාතූහු දෙදෙනෙක් ආස්‍රව සම්ප්‍රයුක්ත ද වන්නාහ, ආස්‍රවවිප්‍රයුක්ත ද වන්නාහු යි.
Pali BJTසොළසධාතුයො න වත්තබ්බා ආසවා චෙව සාසවාති, සාසවා චෙව නො ච ආසවා. මනොවිඤ්ඤාණධාතු න වත්තබ්බා ආසවො චෙව සාසවාති, සියා සාසවා චෙව නො ච ආසවො සියා න වත්තබ්බා සාසවා චෙව නො ච ආසවොති. ධම්මධාතු සියා ආසවො චෙව සාසවා ච, සියා සාසවා චෙව නො ච ආසවො, සියා න වත්තබ්බා ආසවො චෙව සාසවා තිපි, සාසවා චෙව නො ච ආසවො’තිපි.
Sinhala BJTසොළොස් ධාතූහු ආස්‍රව ද වූ ම සාස්‍රවයෝ යි නො කියයුත්තාහ, සාස්‍රව ද වූ ම නොද ආස්‍රවයෝ වෙති. මනෝවිඥානධාතුව ආස්‍රව ද වූයේ ම සාස්‍රවයෙකැ යි නො කියයුතු ය, සාස්‍රව ද වූ ම නොද අස්‍රවයෙක් වන්නේ ය, සාස්‍රව ද වූයේ ම නොද ආස්‍රවයෙකැ යි නො කිය යුතු වන්නේ ය. ධර්‍මධාතුව ආස්‍රවයෙක් ද වූයේ ම සාස්‍රව ද වන්නේ ය, සාස්‍රව ද වූයේ ම නොද ආස්‍රවයෙක් වන්නේ ය. ආස්‍රවයෙක් ද වූ ම සාස්‍රව යි ද සාස්‍රව ද වූයේ ම නොද ආස්‍රවයෙකැ යි ද නො කියයුතු වන්නේ යි.
Pali BJTසොළස ධාතුයො න වත්තබ්බා ආසවා චෙව ආසවසම්පයුත්තාතිපි, ආසවසම්පයුත්තා චෙව නො ච ආසවාතිපි. මනොවිඤ්ඤාණධාතු න වත්තබ්බා ආසවො චෙව ආසවසම්පයුත්තා ති, සියා ආසවසම්පයුත්තා චෙව නො ච ආසවො, සියා න වත්තබ්බා ආසවසම්පයුත්තා චෙව නො ච ආසවොති. ධම්මධාතු සියා ආසවො චෙව ආසවසම්පයුත්තා ච, සියා ආසවසම්පයුත්තා චෙව නො ච ආසවො, සියා න වත්තබ්බා ආසවො චෙව ආසවසම්පයුත්තාතිපි, ආසවසම්පුයත්තා චෙව නො ච ආසවොතිපි.
Sinhala BJTසොළොස් ධාතූහු ආස්‍රව ද වූවාහු ම ආස්‍රවසම්ප්‍රයුක්ත යි ද ආස්‍රව සම්ප්‍රයුක්ත ද වූ ම නොද ආස්‍රවහ යි ද නො කියයුත්තාහ. මනෝවිඥානධාතුව ආස්‍රව ද වූයේ ම ආස්‍රවසම්ප්‍රයුක්තයෙකැ යි නො කියයුත්තේ ය, ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද ආස්‍රව ද වන්නේ ය, ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද ආස්‍රවයෙකැ යි නො කියයුතු වන්නේ ය. ධර්‍මධාතුව ආස්‍රවයෙක් ද වූයේ ම ආස්‍රවසම්ප්‍රයුක්ත ද වන්නේ ය, ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද ආස්‍රවයෙක් වන්නේ ය, ආස්‍රවයෙක් ද වූයේ ම ආස්‍රවසම්ප්‍රයුක්තයෙකැ යි ද ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද ආස්‍රවයෙකැ යි ද නො කියයුතු වන්නේ යි.
Pali BJTසොළස ධාතුයො ආසවවිප්පයුත්තසාසවා. ද්වෙ ධාතුයො සියා ආසවවිප්පයුත්තසාසවා, සියා ආසවවිප්පයුත්තඅනාසවා, සියා න වත්තබ්බා ආසවවිප්පයුත්තසාසවාතිපි ආසවවිප්පයුත්තඅනාසවාතිපි.
Sinhala BJTසොළොස් ධාතූහු ආස්‍රවවිප්‍රයුක්තසාස්‍රවයෝ ය. ධාතූහු දෙදෙනෙක් ආස්‍රවවිප්‍රයුක්ත සාස්‍රව ද වන්නාහ, ආස්‍රවවිප්‍රයුක්තඅනාස්‍රව ද වන්නාහ, ආස්‍රවවිප්‍රයුක්තසාස්‍රවහ යි ද ආස්‍රවවිප්‍රයුක්තඅනාස්‍රවහ යි ද නො කියයුතු වන්නාහු යි.
Pali BJT270. සත්තරස ධාතුයො නො සඤ්ඤොජනා. ධම්මධාතු සියා සඤ්ඤොජනං, සියා නො සඤ්ඤොජනං
Sinhala BJT270. සතළොස් ධාතූහු සංයෝජනයෝ නො වෙති. ධර්‍මධාතුව සංයෝජන ද වන්නේ ය, සංයෝජන නොද වන්නේ යි.
Pali BJTසොළස ධාතුයො සඤ්ඤොජනියා. ද්වෙ ධාතුයො සියා සඤ්ඤොජනියා, සියා අසඤ්ඤොජනියා.
Sinhala BJTසොළොස් ධාතූහු සංයෝජනිය වන්නාහ. ධාතූහු දෙදෙනෙක් සංයෝජනිය ද වන්නාහ, අසංයෝජනිය ද වන්නාහු යි.
Pali BJTසොළස ධාතුයො සඤ්ඤොජනවිප්පයුත්තා. ද්වෙ ධාතුයො සියා සඤ්ඤොජනසම්පයුත්තා, සියා සඤ්ඤොජනවිප්පයුත්තා.
Sinhala BJTසොළොස් ධාතූහු සංයෝජනවිප්‍රයුක්තයෝ ය. ධාතූහු දෙදෙනෙක් සංයෝජන සම්ප්‍රයුක්ත ද වන්නාහ, සංයෝජනවිප්‍රයුක්ත ද වන්නාහු යි.
Pali BJTසොළස ධාතුයො න වත්තබ්බා සඤ්ඤොජනා චෙව සඤ්ඤොජනියා ති, සඤ්ඤොජනියා චෙව නො ච සඤ්ඤොජනා. මනොවිඤ්ඤාණධාතු න වත්තබ්බා සඤ්ඤොජනං චෙව සඤ්ඤොජනියා ති, සියා සඤ්ඤොජනියා චෙව නො ච සඤ්ඤොජනං, සියා න වත්තබ්බා, සඤ්ඤොජනියා චෙව නො ච සඤ්ඤොජනන්ති, ධම්මධාතු සියා සඤ්ඤොජනං චෙව සඤ්ඤොජනියා ච, සියා සඤ්ඤොජනියා චෙව නො ච සඤ්ඤොජනං, සියා න වත්තබ්බා සඤ්ඤොජනං චෙව සඤ්ඤොජනියාතිපි සඤ්ඤොජනියා චෙව නො ච සඤ්ඤොජනන්තිපි.
Sinhala BJTසොළොස් ධාතූහු සංයෝජන ද වූ ම සංයෝජනියහ යි නො කියයුත්තාහ, සංයෝජනිය ද වූවාහු ම නොද සංයෝජනය වෙති. මනෝවිඥානධාතුව සංයෝජන ද වූ ම සංයෝජනියයෙකැ යි නො කියයුතු ය, සංයෝජනිය ද වූ ම නොද සංයෝජන ද වන්නේ ය, සංයෝජනිය ද වූ ම නොද සංයෝජනය යි නො කියයුතු ද වන්නේ ය. ධර්‍ම ධාතුව සංයෝජන ද වූ ම සංයෝජනිය ද වන්නේ ය, සංයෝජනිය ද වූ ම නොද සංයෝජන ද වන්නේ ය, සංයෝජන ද වූ ම සංයෝජනිය යි ද සංයෝජනිය ද වූ ම නොද සංයෝජන යි ද නො කියයුතු ද වන්නේ යි.
Pali BJTසොළස ධාතුයො න වත්තබ්බා සඤ්ඤොජනා චෙව සඤ්ඤොජනසම්පයුත්තාතිපි, සඤ්ඤොජනසම්පයුත්තා චෙව නො ච සඤ්ඤොජනාතිපි. මනොවිඤ්ඤාණධාතු න වත්තබ්බා සඤ්ඤොජනං චෙව සඤ්ඤොජනසම්පයුත්තාති, සියා සඤ්ඤොජන සම්පයුත්තා චෙව නො ච සඤ්ඤොජනං, සියා න වත්තබ්බා සඤ්ඤොජනසම්පයුත්තා චෙව නො ච සඤ්ඤොජනන්ති. ධම්මධාතු සියා සඤ්ඤොජනං චෙව සඤ්ඤොජනසම්පයුත්තා ච, සියා සඤ්ඤොජනසම්පයුත්තා චෙව නො ච සඤ්ඤොජනං, සියා න වත්තබ්බා සඤ්ඤොජනං චෙව සඤ්ඤොජනසම්පයුත්තාතිපි, සඤ්ඤොජනසම්පයුත්තා චෙව නො ච සඤ්ඤොජනන්තිපි.
Sinhala BJTසොළොස් ධාතූහු සංයෝජන වූවාහු ම සංයෝජනසම්ප්‍රයුක්තහ යි ද සංයෝජන සම්ප්‍රයුක්ත ද වූවාහු ම නොද සංයෝජනහ යි ද නො කියයුත්තාහ. මනෝවිඥානධාතුව සංයෝජන ද වූ ම සංයෝජනසම්ප්‍රයුක්ත යි නො කියයුතු ය, සංයෝජනසම්ප්‍රයුක්ත ද වූ ම නොද සංයෝජන ද වන්නේ ය, සංයෝජනසම්ප්‍රයුක්ත ද වූ ම නොද සංයෝජන යි නො කියයුතු ද වන්නේ ය. ධර්‍මධාතුව සංයෝජන ද වූ ම සංයෝජනසම්ප්‍රයුක්ත ද වන්නේ ය, සංයෝජනසම්ප්‍රයුක්ත ද වූ ම නොද සංයෝජන ද වන්නේ ය, සංයෝජන ද වූ ම සංයෝජන සම්ප්‍රයුක්ත යි ද සංයෝජනසම්ප්‍රයුක්ත ද වූ ම නොද සංයෝජන යි ද නො කියයුතු ද වන්නේ යි.
Pali BJTසොළස ධාතුයො සඤ්ඤොජනවිප්පයුත්තසඤ්ඤොජනියා. ද්වෙ ධාතුයො සියා සඤ්ඤොජනවිප්පයුත්තසඤ්ඤොජනියා සියා සඤ්ඤොජනවිප්පයුත්තඅසඤ්ඤොජනියා, සියා න වත්තබ්බා සඤ්ඤොජනවිප්පයුත්තසඤ්ඤොජනියා’තිපි, සඤ්ඤොජනවිප්පයුත්තඅසඤ්ඤොජනියාතිපි.
Sinhala BJTසොළොස් ධාතූහු සංයෝජනවිප්‍රයුක්තසංයෝජනියයෝ වෙති. ධාතූහු දෙදෙනෙක් සංයෝජනවිප්‍රයුක්ත සංයෝජනිය ද වන්නාහ, සංයෝජනවිප්‍රයුක්තඅසංයෝජනිය ද වන්නාහ, සංයෝජනවිප්‍රයුක්තසංයෝජනියහ යි ද සංයෝජනවිප්‍රයුක්තඅසංයෝජනියහ යි ද නො කියයුතු ද වන්නාහු යි.
Pali BJT271. සත්තරස ධාතුයො - නො ගන්ථා. ධම්මධාතු සියා ගන්ථො, සියා නො ගන්ථො.
Sinhala BJT271. සතළොස් ධාතූහු ග්‍රන්‍ථයෝ නො වෙති. ධර්‍මධාතුව ග්‍රන්‍ථ ද වන්නේ ය, ග්‍රන්‍ථ නොද වන්නේ යි.
Pali BJTසොළසධාතු ගන්ථනියා. ද්වෙ ධාතුයො සියා ගන්ථනියා, සියා අගන්ථනියා.
Sinhala BJTසොළොස් ධාතූහු ග්‍රන්‍ථනීයයෝ වෙති. ධාතූහු දෙදෙනෙක් ග්‍රන්‍ථනීය ද වන්නාහ, අග්‍රන්‍ථනීය ද වන්නාහු යි.
Pali BJTසොළස ධාතුයො ගන්ථවිප්පයුත්තා. ද්වෙ ධාතුයො සියා ගන්ථසම්පයුත්තා, සියා ගන්ථවිප්පයුත්තා.
Sinhala BJTසොළොස් ධාතූහු ග්‍රන්‍ථවිප්‍රයුක්තයෝ වෙති. ධාතූහු දෙදෙනෙක් ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වන්නාහ, ග්‍රන්‍ථවිප්‍රයුක්ත ද වන්නාහු යි.
Pali BJTසොළස ධාතුයො න වත්තබ්බා ගන්ථා චෙව ගන්ථනීයාති, ගන්ථනීයා චෙව නො ච ගන්ථා. මනොවිඤ්ඤාණධාතු න වත්තබ්බා ගන්ථො චෙව ගන්ථනියාති, සියා ගන්ථනීයා චෙව නො ච ගන්ථො, සියා න වත්තබ්බා ගන්ථනියා චෙව නො ච ගන්ථොති. ධම්මධාතු සියා ගන්ථො චෙව ගන්ථනීයා ච, සියා ගන්ථනීයා චෙව නො ච ගන්ථො, සියා න වත්තබ්බා ගන්ථො චෙව ගන්ථනීයාතිපි. ගන්ථනීයා චෙව නො ච ගන්ථොතිපි.
Sinhala BJTසොළොස් ධාතූහු ග්‍රන්‍ථ ද වූ මැ ග්‍රන්‍ථනීයහ යි නො කියයුත්තාහ, ග්‍රන්‍ථනීය ද වූවාහු මැ නොද ග්‍රන්‍ථයෝ වෙති. මනෝවිඥානධාතුව ග්‍රන්‍ථයෙක් ද වූයේ මැ ග්‍රන්‍ථනීය යි නො කියයුතු ය. ග්‍රන්‍ථනීය ද වූයේ මැ නොද ග්‍රන්‍ථයෙක් වන්නේ ය. ග්‍රන්‍ථනීය ද වූ ම නොද ග්‍රන්‍ථයෙකැ යි නො කියයුත්තේ ය. ධර්‍මධාතුව ග්‍රන්‍ථයෙක් ද වූයේ මැ ග්‍රන්‍ථනීය ද වන්නේ ය. ග්‍රන්‍ථනීය ද වූයේ ම නොද ග්‍රන්‍ථයෙක් වන්නේ ය. ග්‍රන්‍ථයෙක් ද වූයේ ම ග්‍රන්‍ථනීය යි ද ග්‍රන්‍ථනීය ද වූ ම නොද ග්‍රන්‍ථයෙකැ යි ද නො කියයුතු වන්නේ යි.
Pali BJTසොළස ධාතුයො න වත්තබ්බා ගන්ථා චෙව ගන්ථසම්පයුත්තාතිපි, ගන්ථසම්පයුත්තා චෙව නො ච ගන්ථාති’පි. මනොවිඤ්ඤාණධාතු න වත්තබ්බා ගන්ථො චෙව ගන්ථසම්පයුත්තාති, සියා ගන්ථසම්පයුත්තා චෙව නො ච ගන්ථො, සියා න වත්තබ්බා ගන්ථසම්පයුත්තා චෙව නො ච ගන්ථොති. ධම්මධාතු සියා ගන්ථො චෙව ගන්ථසම්පයුත්තා ච, සියා ගන්ථසම්පයුත්තා චෙව නො ච ගන්ථො, සියා න වත්තබ්බා ගන්ථො චෙව ගන්ථසම්පයුත්තාති’පි ගන්ථසම්පයුත්තා චෙව නො ච ගන්ථොති’පි.
Sinhala BJTසොළොස් ධාතූහු ග්‍රන්‍ථ ද වූවාහු ම ග්‍රන්‍ථසම්ප්‍රයුක්තයහ යි ද ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වූවාහු ම නොද ග්‍රන්‍ථයහ යි ද නො කියයුත්තාහු ය. මනෝවිඥානධාතුව ග්‍රන්‍ථයෙක් ද වූයේ ම ග්‍රන්‍ථසම්ප්‍රයුක්තය යි නො කියයුත්තේ ය, ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද ග්‍රන්‍ථයෙක් වන්නේ ය, ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද ග්‍රන්‍ථයෙකැ යි නො කියයුතු වන්නේ ය. ධර්‍මධාතුව ග්‍රන්‍ථයෙක් ද වූයේ ම ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වන්නේ ය, ග්‍රන්‍ථ සම්ප්‍රයුක්ත ද වූ ම නොද ග්‍රන්‍ථයෙක් වන්නේ ය, ග්‍රන්‍ථයෙක් ද වූයේ ම ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත යි ද ගන්‍ථසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද ග්‍රන්‍ථයෙකැ යි ද නො කියයුතු වන්නේ යි.
Pali BJTසොළස ධාතුයො ගන්ථවිප්පයුත්තගන්ථනියා. ද්වෙ ධාතුයො සියා ගන්ථවිප්පයුත්තගන්ථනීයා, සියා ගන්ථවිප්පයුත්තඅගන්ථනීයා, සියා න වත්තබ්බා ගන්ථවිප්පයුත්තගන්ථනීයාතිපි, ගන්ථවිප්පයුත්තඅගන්ථනීයාති’පි.
Sinhala BJTසොළොස් ධාතූහු ග්‍රන්‍ථවිප්‍රයුක්තග්‍රන්‍ථනීය වෙති. ධාතූහු දෙදෙනෙක් ග්‍රන්‍ථ විප්‍රයුක්තග්‍රන්‍ථනීය ද වන්නාහ, ග්‍රන්‍ථවිප්‍රයුක්තඅග්‍රන්‍ථනීය ද වන්නාහ, ග්‍රන්‍ථවිප්‍රයුක්ත ග්‍රන්‍ථනීයහ යි ද ග්‍රන්‍ථවිප්‍රයුක්තඅග්‍රන්‍ථනීයහ යි ද නො කියයුතු වන්නාහු ය.
Pali BJT272-274. සත්තරස ධාතුයො නො ඔඝා -පෙ- නො යොගා -පෙ- නො නීවරණා. ධම්මධාතු සියා නීවරණං, සියා නො නීවරණං.
Sinhala BJT272-274. සතළොස් ධාතූහු ඕඝයෝ නො වෙති. … යෝගයෝ නො වෙති … නීවරණයෝ නො වෙති. ධර්‍මධාතුව නීවරණ ද වන්නේ ය, නීවරණ නොද වන්නේ යි.
Pali BJTසොළස ධාතුයො නීවරණියා. ද්වෙ ධාතුයො සියා නීවරණියා සියා අනීවරණියා.
Sinhala BJTසොළොස් ධාතූහු නීවරණිය වෙති. ධාතූහු දෙදෙනෙක් නීවරණිය ද වන්නාහ, අනීවරණිය ද වන්නාහු යි.
Pali BJTසොළස ධාතුයො නීවරණවිප්පයුත්තා. ද්වෙ ධාතුයො සියා නීවරණසම්පයුත්තා, සියා නීවරණවිප්පයුත්තා.
Sinhala BJTසොළොස් ධාතූහු නීවරණවිප්‍රයුක්තයහ. ධාතූහු දෙදෙනෙක් නීවරණසම්ප්‍රයුක්ත ද වන්නාහ, නීවරණවිප්‍රයුක්ත ද වන්නාහු යි.
Pali BJTසොළස ධාතුයො න වත්තබ්බා නීවරණා චෙව නීවරණියාති, නීවරණියා චෙව නො ච නීවරණා. මනොවිඤ්ඤාණධාතු න වත්තබ්බා නීවරණඤ්චෙව නීවරණියාති, සියා නීවරණියා චෙව නො ච නීවරණං, සියා න වත්තබ්බා නීවරණියා චෙව නො ච නීවරණන්ති. ධම්මධාතු සියා නීවරණං චෙව නීවරණියා ච, සියා නීවරණියා චෙව නො ච නීවරණං, සියා න වත්තබ්බා නීවරණඤ්චෙ ව නීවරණියාතිපි, නීවරණියා චෙව නො ච නීවරණන්තිපි.
Sinhala BJTසොළොස් ධාතූහු නීවරණ ද වූ ම නීවරණියහ යි නො කියයුත්තාහ, නීවරණිය ද වූවාහු ම නොද නීවරණ වෙති. මනෝවිඥානධාතුව නීවරණයෙක් ද වූයේ ම නීවරණිය යි නො කියයුතු ය, නීවරණිය ද වූයේ ම නොද නීවරණයෙක් වන්නේ ය, නීවරණිය ද වූයේ ම නොද නීවරණයෙකැ යි නො කියයුතු වන්නේ ය. ධර්‍මධාතුව නීවරණයෙක් ද වූයේ ම නීවරණිය ද වන්නේ ය, නීවරණිය ද වූයේ ම නොද නීවරණයෙක් වන්නේ ය, නීවරණයෙක් ද වූයේ ම නීවරණිය යි ද නීවරණිය ද වූයේ ම නොද නීවරණයෙකැ යි ද නො කියයුතු වන්නේ යි.
Pali BJTසොළස ධාතුයො න වත්තබ්බා නීවරණා චෙව නීවරණසම්පයුත්තාතිපි, නීවරණසම්පයුත්තා චෙව නො ච නීවරණාතිපි. මනොවිඤ්ඤාණධාතු න වත්තබ්බා නීවරණඤ්චෙව නීවරණසම්පයුත්තාති, සියා නීවරණසම්පයුත්තා චෙව නො ච නීවරණං, සියා න වත්තබ්බා නීවරණසම්පයුත්තා චෙව නො ච නීවරණන්ති. ධම්මධාතු සියා නීවරණඤ්චෙව නීවරණසම්පයුත්තා ච, නීවරණසම්පයුත්තා චෙව නො ච නීවරණං, සියා න වත්තබ්බා නීවරණඤ්චෙව නීවරණසම්පයුත්තාතිපි, නීවරණසම්පයුත්තා චෙව නො ච නීවරණන්තිපි.
Sinhala BJTසොළොස් ධාතූහු නීවරණ ද වූවාහු ම නීවරණසම්ප්‍රයුක්තයහ යි ද නීවරණසම්ප්‍රයුක්ත ද වූවාහු ම නොද නීවරණහ යි ද නො කියයුත්තාහ. මනෝවිඥානධාතුව නීවරණයෙක් ද වූයේ ම නීවරණසම්ප්‍රයුක්ත යි නො කියයුත්තේ ය, නීවරණ සම්ප්‍රයුක්ත ද වූ ම නොද නීවරණයෙක් වන්නේ ය, නීවරණසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද නීවරණයෙකැ යි නො කිය යුතු වන්නේ ය. ධර්‍මධාතුව නීවරණයෙක් ද වූයේ ම නීවරණසම්ප්‍රයුක්ත යි ද නීවරණ සම්ප්‍රයුක්ත ද වූයේ ම නොද නීවරණයෙක් ද වන්නේ ය, නීවරණයෙක් ද වූයේ ම නීවරණ සම්ප්‍රයුක්ත යි ද නීවරණසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද නීවරණයෙකැ යි ද නො කියයුතු වන්නේ යි.
Pali BJTසොළස ධාතුයො නීවරණවිප්පයුත්තනීවරණියා. ද්වෙ ධාතුයො සියා නීවරණවිප්පයුත්තනීවරණියා. සියා නීවරණවිප්පයුත්තඅනීවරණියා. සියා න වත්තබ්බා නීවරණවිප්පයුත්තනීවරණියාතිපි නීවරණවිප්පයුත්තඅනීවරණියාතිපි.
Sinhala BJTසොළොස් ධාතූහු නීවරණවිප්‍රයුක්තනීවරණිය වෙති. ධාතූහු දෙදෙනෙක් නීවරණ විප්‍රයුක්තනීවරණිය ද වන්නාහ, නීවරණවිප්‍රයුක්තඅනීවරණිය ද වන්නාහ, නීවරණ විප්‍රයුක්තනීවරණියහ යි ද නීවරණවිප්‍රයුක්තඅනීවරණියහ යි ද නො කියයුතු වන්නාහු යි.
Pali BJT275. සත්තරස ධාතුයො නො පරාමාසා. ධම්මධාතු සියා පරාමාසා, සියා නො පරාමාසා.
Sinhala BJT275. සතළොස් ධාතූහු පරාමර්‍ශයෝ නො වෙති. ධර්‍මධාතුව පරාමර්‍ශ ද වන්නේ ය, පරාමර්‍ශ නොද වන්නේ යි.
Pali BJTසොළස ධාතුයො පරාමට්ඨා. ද්වෙ ධාතුයො සියා පරාමට්ඨා, සියා අපරාමට්ඨා.
Sinhala BJTසොළොස් ධාතූහු පරාමෘෂ්ටයෝ ය. ධාතූහු දෙදෙනෙක් පරාමෘෂ්ට ද වන්නාහ, අපරාමෘෂ්ට ද වන්නාහු යි.
Pali BJTසොළස ධාතුයො පරාමාසවිප්පයුත්තා. මනොවිඤ්ඤාණධාතු සියා පරාමාසසම්පයුත්තා, සියා පරාමාසවිප්පයුත්තා. ධම්මධාතු සියා පරාමාසසම්පයුත්තා. සියා පරාමාසවිප්පයුත්තා, සියා න වත්තබ්බා පරාමාසසම්පයුත්තාතිපි පරමාසවිප්පයුත්තාතිපි.
Sinhala BJTසොළොස් ධාතූහු පරාමර්‍ශවිප්‍රයුක්තයෝ ය. මනෝවිඥානධාතුව පරාමර්‍ශසම්ප්‍රයුක්ත ද වන්නේ ය, පරාමර්‍ශවිප්‍රයුක්ත ද වන්නේ ය. ධර්‍මධාතුව පරාමර්‍ශසම්ප්‍රයුක්ත ද වන්නේ ය, පරාමර්‍ශවිප්‍රයුක්ත ද වන්නේ ය, පරාමර්‍ශසම්ප්‍රයුක්ත යි ද පරාමර්‍ශවිප්‍රයුක්ත යි ද නො කිය යුතු වන්නේ යි.
Pali BJTසොළස ධාතුයො න වත්තබ්බා පරාමාසා චෙව පරාමට්ඨාති, පරාමට්ඨා චෙව නො ච පරාමාසා. මනොවිඤ්ඤාණධාතු න වත්තබ්බා පරාමාසො චෙව පරාමට්ඨාති, සියා පරාමට්ඨා චෙව නො ච පරාමාසො, සියා න වත්තබ්බා පරාමට්ඨා චෙව නො ච පරාමාසොති. ධම්මධාතු සියා පරාමාසො චෙව පරාමට්ඨා ච, සියා පරාමට්ඨා චෙව නො ච පරාමාසො, සියා න වත්තබ්බා පරාමාසො චෙව පරාමට්ඨාතිපි පරාමට්ඨා චෙව නො ච පරාමාසොතිපි.
Sinhala BJTසොළොස් ධාතූහු පරාමර්‍ශ ද වූවාහු ම පරාමෘෂ්ටහ යි නො කියයුත්තාහ, පරාමෘෂ්ට ද වූවාහු ම නොද පරාමර්‍ශයෝ වෙත්. මනෝවිඥානධාතුව පරාමර්‍ශයෙක් ද වූයේ ම පරාමෘෂ්ට යි නො කියයුත්තේ ය, පරාමෘෂ්ට ද වූ ම නොද පරාමර්‍ශයෙක් වන්නේ ය, පරාමෘෂ්ට ද වූයේ ම නොද පරාමර්‍ශයෙකැ යි නො කියයුතු වන්නේ ය. ධර්‍මධාතුව පරාමර්‍ශයෙක් ද වූයේ ම පරාමෘෂ්ට ද වන්නේ ය, පරාමෘෂ්ට ද වූයේ ම නොද පරාමර්‍ශයෙක් වන්නේ ය. පරාමර්‍ශයෙක් ද වූයේ ම පරාමෘෂ්ට යි ද පරාමෘෂ්ටද වූයේ ම නොද පරාමර්‍ශයෙකැ යි ද නො කියයුතු වන්නේ යි.
Pali BJTසොළස ධාතුයො පරාමාසවිප්පයුත්තපරාමට්ඨා. ද්වෙ ධාතුයො සියා පරාමාසවිප්පයුත්තපරාමට්ඨා, සියා පරාමාසවිප්පයුත්තඅපරාමට්ඨා, සියා න වත්තබ්බා පරාමාසවිප්පයුත්තපරාමට්ඨාතිපි පරාමාසවිප්පයුත්තඅපරාමට්ඨාතිපි.
Sinhala BJTසොළොස් ධාතූහු පරාමර්‍ශවිප්‍රයුක්තපරාමෘෂ්ටයෝ වෙති. ධාතූහු දෙදෙනෙක් පරාමර්‍ශවිප්‍රයුක්තපරාමෘෂ්ට ද වන්නාහ, පරාමර්‍ශවිප්‍රයුක්තඅපරාමෘෂ්ට ද වන්නාහ, පරාමර්‍ශවිප්‍රයුක්තපරාමෘෂ්ට යි ද පරාමර්‍ශවිප්‍රයුක්තඅපරාමෘෂ්ට යි ද නො කියයුතු වන්නාහු යි.
Pali BJT276. දස ධාතුයො අනාරම්මණා. සත්ත ධාතුයො සාරම්මණා ධම්මධාතු සියා සාරම්මණා, සියා අනාරම්මණා.
Sinhala BJT276. ධාතූහු දශ දෙනෙක් අනාලම්බනයෝ ය. ධාතූහු සත් දෙනෙක් සාලම්බනයෝ ය. ධර්‍මධාතුව සාලම්බන ද වන්නේ ය, අනාලම්බන ද වන්නේ යි.
Pali BJTසත්ත ධාතුයො චිත්තා. එකාදස ධාතුයො නො චිත්තා.
Sinhala BJTධාතූහු සත් දෙනෙක් චිත්තයෝ ය. ධාතූහු එකොළොස් දෙනෙක් චිත්තයෝ නො වෙත්.
Pali BJTසත්තරස ධාතුයො අචෙතසිකා ධම්මධාතු සියා චෙතසිකා, සියා අචෙතසිකා.
Sinhala BJTසතළොස් ධාතු කෙනෙක් අචෛතසිකයෝ ය. ධර්‍මධාතුව චෛතසික ද වන්නේ ය, අචෛතසික ද වන්නේ යි.
Pali BJTදස ධාතුයො චිත්තවිප්පයුත්තා. ධම්මධාතු සියා චිත්තසම්පයුත්තා, සියා චිත්තවිප්පයුත්තා. සත්ත ධාතුයො න වත්තබ්බා චිත්තෙන සම්පයුත්තාති’පි චිත්තෙන විප්පයුත්තාති’පි.
Sinhala BJTධාතූහු දශ දෙනෙක් චිත්තවිප්‍රයුක්තයෝ ය. ධර්‍මධාතුව චිත්තසම්ප්‍රයුක්ත ද වන්නේ ය, චිත්තවිප්‍රයුක්ත ද වන්නේ ය. ධාතූහු සත් දෙනෙක් චිත්තය හා සම්ප්‍රයුක්ත යි ද චිත්තය හා විප්‍රයුක්ත යි ද නො කියයුත්තාහු යි.
Pali BJTදස ධාතුයො චිත්තවිසංසට්ඨා. ධම්මධාතු සියා චිත්තසංසට්ඨා සියා චිත්තවිසංසට්ඨා. සත්ත ධාතුයො න වත්තබ්බා චිත්තෙන සංසට්ඨාති’පි චිත්තෙන විසංසට්ඨාතිපි.
Sinhala BJTධාතූහු දශ දෙනෙක් චිත්තය හා විසංසෘෂ්ටයෝ ය. ධර්‍මධාතුව චිත්තසංසෘෂ්ට ද වන්නේ ය, චිත්තවිසංසෘෂ්ට ද වන්නේ ය. ධාතූහු සත් දෙනෙක් චිත්තය හා සංසෘෂ්ටහ යි ද චිත්තය හා විසංසෘෂ්ටහ යි ද නො කියයුත්තාහු ය.
Pali BJTද්වාදස ධාතුයො නො චිත්තසමුට්ඨානා. ඡ ධාතුයො සියා චිත්තසමුට්ඨානා, සියා නො චිත්තසමුට්ඨානා.
Sinhala BJTධාතූහු දොළොස් දෙනෙක් චිත්තසමුත්‍ථානයෝ නො වෙති. ධාතූහු සදෙනෙක් චිත්තසමුත්‍ථාන ද වන්නාහ, චිත්තසමුත්‍ථාන නොද වන්නාහු ය.
Pali BJTසත්තරස ධාතුයො නො චිත්තසහභුනො. ධම්මධාතු සියා චිත්තසහභූ, සියා නො චිත්තසහභූ.
Sinhala BJTසතළොස් ධාතූහු චිත්තසහභූ නො වෙති. ධර්‍මධාතුව චිත්තසහභූ ද වන්නේ ය, චිත්තසහභූ නොද වන්නේ යි.