Pali BJTදසායතනා නීවරණවිප්පයුත්තනීවරණියා; ද්වායතනා සියා නීවරණවිප්පයුත්තනීවරණියා, සියා නීවරණවිප්පයුත්තඅනීවරණියා; සියා න වත්තබ්බා නීවරණවිප්පයුත්තනීවරණියාති’පි නීවරණවිප්පයුත්තඅනීවරණියාති’පි.
Sinhala BJTදශායතනයෝ නීවරණවිප්‍රයුක්තනීවරණිය වෙති. ආයතනයෝ දෙදෙනෙක් නීවරණවිප්‍රයුක්තනීවරණිය ද වන්නාහ, නීවරණවිප්‍රයුක්තඅනීවරණිය ද වන්නාහ, නීවරණවිප්‍රයුක්තනීවරණියහ යි ද නීවරණවිප්‍රයුක්තඅනීවරණියහ යි ද නො කියයුතු වන්නාහු ය.
Pali BJT250. එකාදසායතනා නො පරාමාසා; ධම්මායතනං සියා පරාමාසො, සියා නො පරාමාසො.
Sinhala BJT250. එකොළොස් ආයතන කෙනෙක් පරාමාසයෝ නො වෙති. ධර්‍මායතනය පරාමාස ද වන්නේ ය, නොද පරාමාස ද වන්නේ යි.
Pali BJTදසායතනා පරාමට්ඨා, ද්වායතනා සියා පරාමට්ඨා, සියා අපරාමට්ඨා;
Sinhala BJTදශායතනයෝ පරාමෘෂ්ට වන්නාහ. ආයතනයෝ දෙදෙනෙක් පරාමෘෂ්ට ද වන්නාහ, අපරාමෘෂ්ට ද වන්නාහු ය.
Pali BJTදසායතනා පරාමාසවිප්පයුත්තා; මනායතනං සියා පරාමාසසම්පයුත්තං, සියා පරාමාසවිප්පයුත්තං; ධම්මායතනං සියා පරාමාසසම්පයුත්තං, සියා පරාමාසවිප්පයුත්තං, සියා න වත්තබ්බං පරාමාසසම්පයුත්තන්තිපි පරාමාසවිප්පයුත්තන්තිපි.
Sinhala BJTදශායතනයෝ පරාමාසවිප්‍රයුක්තයහ. මනායතනය පරාමාසසම්ප්‍රයුක්ත ද වන්නේ ය. පරාමාසවිප්‍රයුක්ත ද වන්නේ යි. ධර්‍මායතනය පරාමාසසම්ප්‍රයුක්ත ද වන්නේ ය, පරාමාසවිප්‍රයුක්ත ද වන්නේ ය, පරාමාසසම්ප්‍රයුක්ත යි ද පරාමාසවිප්‍රයුක්ත යි ද නො කියයුතු වන්නේ යි.
Pali BJTදසායතනා න වත්තබ්බා පරාමාසා චෙව පරාමට්ඨාති, පරාමට්ඨා චෙව නො ච පරාමාසා; මනායතනං න වත්තබ්බං පරාමාසො චෙව පරාමට්ඨන්ති, සියා පරාමට්ඨං චෙව නො ච පරාමාසො; සියා න වත්තබ්බං පරාමට්ඨං චෙව නො ච පරාමාසොති; ධම්මායතනං සියා පරාමාසො චෙව පරාමට්ඨඤ්ච, සියා පරාමට්ඨඤ්චෙව නො ච පරාමාසො, සියා න වත්තබ්බං පරාමාසො චෙව පරාමට්ඨන්තිපි. පරාමට්ඨං චෙව නො ච පරාමාසොතිපි.
Sinhala BJTදශායතනයෝ පරාමාස ද වූවාහු ම පරාමෘෂ්ටහ යි නො කියයුත්තාහ, පරාමෘෂ්ට ද වූවාහු ම නොදපරාමර්‍ශ වෙති. මනායතනය පරාමර්‍ශ ද වූයේ ම පරාමෘෂ්ටයෙකැ යි නො කියයුත්තේ ය, පරාමෘෂ්ට ද වූයේ ම නොදපරාමර්‍ශ ද වන්නේ ය, පරාමෘෂ්ට ද වූයේ ම නොදපරාමර්‍ශයෙකැ යි නො කියයුතු වන්නේ ය. ධර්‍මායතනය පරාමර්‍ශ ද වූයේ ම පරාමෘෂ්ට ද වන්නේ ය, පරාමෘෂ්ට ද වූයේ ම නොදපරාමර්‍ශ ද වන්නේ ය, පරාමර්‍ශ ද වූයේ ම පරාමෘෂ්ටයෙක යි ද පරාමෘෂ්ට ද වූයේ ම නොද පරාමර්‍ශ යි ද නො කියයුතු වන්නේ යි.
Pali BJTදසායතනා පරාමාසවිප්පයුත්තපරාමට්ඨා; ද්වායතනා සියා පරාමාසවිප්පයුත්තපරාමට්ඨා, සියා පරාමාසවිප්පයුත්තඅපරාමට්ඨා; සියා න වත්තබ්බා පරාමාසවිප්පයුත්තපරාමට්ඨාති’පි, පරාමාසවිප්පයුත්තඅපරාමට්ඨාතිපි.
Sinhala BJTදශායතනයෝ පරාමර්‍ශවිප්‍රයුක්ත වූ පරාමෘෂ්ටයෝ ය, ආයතනයෝ දෙදෙනෙක් පරාමර්‍ශවිප්‍රයුක්තපරාමෘෂ්ට ද වන්නාහ, පරාමර්‍ශවිප්‍රයුක්තඅපරාමෘෂ්ට ද වන්නාහ, පරාමර්‍ශවිප්‍රයුක්ත වූ පරාමෘෂ්ටහ යි ද පරාමර්‍ශවිප්‍රයුක්ත වූ අපරාමෘෂ්ටහ යි ද නො කියයුතු වන්නාහු ය.
Pali BJT251. දසායතනා අනාරම්මණා; මනායතනං සාරම්මණං, ධම්මායතනං සියා සාරම්මණං, සියා අනාරම්මණං.
Sinhala BJT251. දශායතනයෝ අනාලම්බනයෝ ය. මනායතනය සාලම්බන ය. ධර්‍මායතනය සාලම්බන ද වන්නේ ය, අනාලම්බන ද වන්නේ යි.
Pali BJTමනායතනං චිත්තං, එකාදසායතනා නො චිත්තා.
Sinhala BJTමනායතනය චිත්ත යි. එකොළොස් ආයතනයෝ චිත්තයෝ නො වෙත්.
Pali BJTඑකාදසායතනා අචෙතසිකා, ධම්මායතනං සියා චෙතසිකං, සියා අචෙතසිකං.
Sinhala BJTඑකොළොස් ආයතනයෝ අචෛතසිකයෝ යි. ධර්‍මායතනය චෛතසික ද වන්නේ ය, අචෛතසික ද වන්නේ යි.
Pali BJTදසායතනා චිත්තවිප්පයුත්තා; ධම්මායතනං සියා චිත්තසම්පයුත්තං, සියා චිත්තවිප්පයුත්තං; මනායතනං න වත්තබ්බං චිත්තෙන සම්පයුත්තන්තිපි චිත්තෙන විප්පයුත්තන්ති’පි;
Sinhala BJTදශායතනයෝ චිත්තවිප්‍රයුක්තයෝ ය. ධර්‍මායතනය චිත්තසම්ප්‍රයුක්ත ද වන්නේ ය. චිත්තවිප්‍රයුක්ත ද වන්නේ යි. මනායතනය චිත්තය හා සම්ප්‍රයුක්ත යි ද චිත්තය හා විප්‍රයුක්ත යි ද නො කියයුත්තේ යි.
Pali BJTදසායතනා චිත්තවිසංසට්ඨා, ධම්මායතනං සියා චිත්තසංසට්ඨං, සියා චිත්තවිසංසට්ඨං, මනායතනං න වත්තබ්බං චිත්තෙන සසට්ඨන්ති’පි චිත්තෙන විසංසට්ඨන්ති’පි.
Sinhala BJTදශායතනයෝ චිත්තය හා විසංසෘෂ්ටයහ. ධර්‍මායතනය චිත්තසංසෘෂ්ට ද වන්නේ ය, චිත්තවිසංසෘෂ්ට ද වන්නේ ය. මනායතනය චිත්තය සා සංසෘෂ්ට යි ද චිත්තය හා විසංසෘෂ්ට යි ද නො කියයුත්තේ යි.
Pali BJTඡායතනා නො චිත්තසමුට්ඨානා, ඡායතනා සියා චිත්තසමුට්ඨානා, සියා නො චිත්තසමුට්ඨානා.
Sinhala BJTආයතනයෝ සදෙනෙක් චිත්තසමුත්‍ථාන නො වෙති. ආයතනයෝ සදෙනෙක් චිත්තසමුත්‍ථාන ද වන්නාහ, චිත්තසමුත්‍ථාන නොද වන්නාහු ය.
Pali BJTඑකාදසායතනා නො චිත්තසහභුනො, ධම්මායතනං සියා චිත්තසහභු, සියා නො චිත්තසහභු.
Sinhala BJTඑකොළොස් ආයතනයෝ චිත්තසහභූ නො වෙති. ධර්‍මායතනය චිත්තසහභූ ද වන්නේ ය, නො ද චිත්තසහභූ ද වන්නේ යි.
Pali BJTඑකාදසායතනා නො චිත්තානුපරිවත්තිනො, ධම්මායතනං සියා චිත්තානුපරිවත්ති, සියා නො චිත්තානුපරිවත්ති.
Sinhala BJTඑකොළොස් ආයතනයෝ චිත්තය අනුව පවත්නාහු නො වෙති. ධර්‍මායතනය චිත්තානුපරිවත්තී ද වන්නේ ය, නොද චිත්තානුපරිවත්තී ද වන්නේ යි.
Pali BJTඑකාදසායතනා නො චිත්තසංසංට්ඨසමුට්ඨානා, ධම්මායතනං සියා චිත්තසංසට්ඨසමුට්ඨානං, සියා නො චිත්තසංසට්ඨසමුට්ඨානං.
Sinhala BJTඑකොළොස් ආයතනයෝ චිත්තසංසෘෂ්ටසමුත්‍ථානයෝ නො වෙති. ධර්‍මායතනය චිත්තසංසෘෂ්ටසමුත්‍ථාන ද වන්නේ ය. නොදචිත්තසංසෘෂ්ටසමුත්‍ථාන ද වන්නේ යි.
Pali BJTඑකාදසායතනා නො චිත්තසංසට්ඨසමුට්ඨානසහභුනො, ධම්මායතනං සියා චිත්තසංසට්ඨසමුට්ඨානසහභූ, සියා නො චිත්තසංසට්ඨසමුට්ඨානසහභූ.
Sinhala BJTඑකොළොස් ආයතනයෝ චිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූ නො වෙති. ධර්‍මායතනය චිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූ ද වන්නේ ය. නොදචිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූ වන්නේ යි.
Pali BJTඑකාදසායතනා නො චිත්තසංසට්ඨසමුට්ඨානානුපරිවත්තිනො, ධම්මායතනං සියා චිත්තසංසට්ඨසමුට්ඨානානුපරිවත්ති, සියා නො චිත්තසංසට්ඨසමුට්ඨානානුපරිවත්ති.
Sinhala BJTඑකොළොස් ආයතනයෝ චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්තීහු නො වෙති. ධර්‍මායතනය චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්තී ද වන්නේ ය, නොද චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්තී ද වන්නේ යි.
Pali BJTඡායතනා අජ්ඣත්තිකා, ඡායතනා බාහිරා.
Sinhala BJTආයතනයෝ සදෙනෙක් ආද්ධ්‍යාත්මිකයෝ ය. ආයතනයෝ සදෙනෙක් බාහිරයෝ යි.
Pali BJTනවායතනා උපාදා, ද්වායතනා නො උපාදා, ධම්මායතනං සියා උපාදා සියා නො උපාදා.
Sinhala BJTආයතනයෝ නවදෙනෙක් උපාදා වෙති. ආයතනයෝ දෙදෙනෙක් උපාදා නො වෙති. ධර්‍මායතනය උපාදා ද වන්නේ ය, නො ද උපාදා ද වන්නේ යි.
Pali BJTපඤ්චායතනා උපාදින්නා, සද්දායතනං අනුපාදින්නං, ඡායතනා සියා උපාදින්නා, සියා අනුපාදින්නා.
Sinhala BJTආයතනයෝ පස්දෙනෙක් උපාදින්නයෝ ය. ශබ්දායතනය අනුපාදින්න ය, ආයතනයෝ සදෙනෙක් උපාදින්න ද වන්නාහ, අනුපාදින්න ද වන්නාහු ය.
Pali BJT252. එකාදසායතනා නො උපාදානා, ධම්මායතනං සියා උපාදානං, සියා නො උපාදානං.
Sinhala BJT252. එකොළොස් ආයතනයෝ උපාදානයෝ නො වෙති. ධර්‍මායතනය උපාදාන ද වන්නේ ය, නොද උපාදාන ද වන්නේ යි.
Pali BJTදසායතනා උපාදානියා, ද්වායතනා සියා උපාදානියා, සියා අනුපාදානියා.
Sinhala BJTදශායතනයෝ උපාදානිය වෙති. ආයතනයෝ දෙදෙනෙක් උපාදානිය ද වන්නාහ, අනුපාදානිය ද වන්නාහු ය.
Pali BJTදසායතනා උපාදානවිප්පයුත්තා, ද්වායතනා සියා උපාදානසම්පයුත්තා, සියා උපාදානවිප්පයුත්තා.
Sinhala BJTදශායතනයෝ උපාදානවිප්‍රයුක්තයහ. ආයතනයෝ දෙදෙනෙක් උපාදානසම්ප්‍රයුක්ත ද වන්නාහ, උපාදානවිප්‍රයුක්ත ද වන්නාහු යි.
Pali BJTදසායතනා න වත්තබ්බා උපාදානාචෙව උපාදානියාති, උපාදානියා චෙව නො ච උපාදානා, මනායතනං න වත්තබ්බං උපාදානඤ්චෙව උපාදානියන්ති, සියා උපාදානියං චෙව නො ච උපාදානං, සියා න වත්තබ්බං උපාදානියඤ්චෙව නො ච උපාදානන්ති, ධම්මායතනං සියා උපාදානඤ්චෙව උපාදානියඤ්ච, සියා උපාදානියඤ්චෙව නො ච උපාදානං, සියා න වත්තබ්බං උපාදානං චෙව උපාදානියන්ති පි, උපාදානියඤ්චෙව නො ච උපාදානන්ති’පි.
Sinhala BJTදශායතනයෝ උපාදාන ද වූවාහු ම උපාදානියහ යි නො කිය යුත්තාහ, උපාදානිය ද වූ ම නොදඋපාදාන වෙති. මනායතනය උපාදාන ද වූයේ ම උපාදානිය යැ යි නො කියයුතු ය. උපාදානිය ද වූයේ ම නො ද උපාදාන ද වන්නේ ය. උපාදානිය ද වූයේ ම නො ද උපාදාන යි නො කියයුතු වන්නේ ය. ධර්‍මායතනය උපාදාන ද වූයේ ම උපාදානිය ද වන්නේ ය. උපාදානිය ද වූයේ ම නොදඋපාදාන ද වන්නේ ය. උපාදාන ද වූයේ ම උපාදානිය යි ද උපාදානිය ද වූයේ ම නොදඋපාදාන යි ද නො කියයුත්තේ යි.
Pali BJTදසායතනා න වත්තබ්බා උපාදානා චෙව උපාදානසම්පයුත්තාති’පි, උපාදානසම්පයුත්තා චෙව නො ච උපාදානාති’පි; මනායතනං න වත්තබ්බං උපාදානඤ්චෙව උපාදානසම්පයුත්තන්ති, සියා උපාදානසම්පයුත්තං චෙව නො ච උපාදානං, සියා න වත්තබ්බං උපාදානසම්පයුත්තඤ්චෙව නො ච උපාදානන්ති; ධම්මායතනං සියා උපාදානඤ්චෙව උපාදානසම්පයුත්තඤ්ච, සියා උපාදානසම්පයුත්තඤ්චෙව නො ච උපාදානං, සියා න වත්තබ්බං උපාදානඤ්චෙව උපාදානසම්පයුත්තන්ති’පි, උපාදානසම්පයුත්තඤ්චෙව නො ච උපාදානන්ති’පි.
Sinhala BJTදශායතනයෝ උපාදාන ද වූ ම උපාදානසම්ප්‍රයුක්තයහ යි ද උපාදානසම්ප්‍රයුක්ත ද වූ ම නොදඋපාදානහ යි ද නො කියයුත්තාහ. මනායතනය උපාදාන ද වූයේ ම උපාදානසම්ප්‍රයුක්ත ය යි නො කියයුත්තේ ය, උපාදානසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද උපාදාන ද වන්නේ ය, උපාදානසම්ප්‍රයුක්ත ද වූයේ ම නොදඋපාදානැ යි නො කියයුතු වන්නේ ය, ධර්‍මායතනය උපාදාන ද වූයේ ම උපාදානසම්ප්‍රයුක්ත ද වන්නේ ය. උපාදානසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද උපාදාන ද වන්නේ ය, උපාදාන ද වූයේ ම උපාදානසම්ප්‍රයුක්ත යි ද උපාදානසම්ප්‍රයුක්ත ද වූයේ ම නොදඋපාදාන යි ද නො කියයුතු වන්නේ යි.
Pali BJTදසායතනා උපාදානවිප්පයුත්තඋපාදානියා, ද්වායතනා සියා උපාදානවිප්පයුත්තඋපාදානියා, සියා උපාදානවිප්පයුත්තඅනුපාදානියා, සියා න වත්තබ්බා උපාදානවිප්පයුත්තඋපාදානියාති’පි, උපාදානවිප්පයුත්තඅනුපාදානියාති’පි.
Sinhala BJTදශායතනයෝ උපාදානවිප්‍රයුක්තඋපාදානියයෝ වෙති. ආයතනයෝ දෙදෙනෙක් උපාදානවිප්‍රයුක්තඋපාදානිය ද වන්නාහ, උපාදානවිප්‍රයුක්තඅනුපාදානිය ද වන්නාහ. උපාදානවිප්‍රයුක්තඋපාදානියහ යි ද උපාදානවිප්‍රයුක්තඅනුපාදානියහ යි ද නො කියයුතු වන්නාහු ය.
Pali BJT253. එකාදසායතනා නො කිලෙසා, ධම්මායතනං සියා කිලෙසො, සියා නො කිලෙසො.
Sinhala BJT253. එකොළොස් ආයතනයෝ ක්ලේශයෝ නො වෙති. ධර්‍මායතනය ක්ලේශ ද වන්නේ ය, නොද ක්ලේශ ද වන්නේ යි.
Pali BJTදසායතනා සංකිලෙසිකා, ද්වායතනා සියා සංකිලෙසිකා, සියා අසංකිලෙසිකා.
Sinhala BJTදශායතනයෝ සංක්ලේශිකයෝ ය. ආයතනයෝ දෙදෙනෙක් සාංක්ලේශික ද වන්නාහ, අසාංක්ලේශික ද වන්නාහු ය.
Pali BJTදසායතනා අසංකිලිට්ඨා, ද්වායතනා සියා සංකිලිට්ඨා, සියා අසංකිලිට්ඨා;
Sinhala BJTදශායතනයෝ අසංක්ලිෂ්ටයහ. ආයතනයෝ දෙදෙනෙක් සංක්ලිෂ්ට ද වන්නාහ, අසංක්ලිෂ්ට ද වන්නාහු ය.
Pali BJTදසායතනා කිලෙසවිප්පයුත්තා, ද්වායතනා සියා කිලෙසසම්පයුත්තා සියා කිලෙසවිප්පයුත්තා.
Sinhala BJTදශායතනයෝ ක්ලේශවිප්‍රයුක්තයහ. ආයතනයෝ දෙදෙනෙක් ක්ලේශසම්ප්‍රයුක්ත ද වන්නාහ. ක්ලේශවිප්‍රයුක්ත ද වන්නාහු ය.
Pali BJTදසායතනා න වත්තබ්බා කිලෙසා චෙව සංකිලෙසිකා ති, සංකිලෙසිකා චෙව නො ච කිලෙසා, මනායතනං න වත්තබ්බං කිලෙසො චෙව සංකිලෙසිකන්ති, සියා සංකිලෙසිකඤ්චෙව නො ච කිලෙසො, සියා න වත්තබ්බං සංකිලෙසිකඤ්චෙව නො ච කිලෙසො ති; ධම්මායතනං සියා කිලෙසො චෙව සංකිලෙසිකඤ්ච, සියා සංකිලෙසිකඤ්චෙව නො ච කිලෙසො, සියා න වත්තබ්බං කිලෙසො චෙව සංකිලෙසිකන්ති’පි, සංකිලෙසිකඤ්චෙව නො ච කිලෙසොති’පි.
Sinhala BJTදශායතනයෝ ක්ලේශ ද වූවාහු ම සාංක්ලේශික වෙතී යි නො කිය යුත්තාහ, සාංක්ලේශික ද වූවාහු ම නොදක්ලේශයෝ වෙති. මනායතනය ක්ලේශ ද වූයේ ම සාංක්ලේශිකයෙකැ යි නො කියයුතු ය, සාංක්ලේශික ද වූයේ ම නොද ක්ලේශ ද වන්නේ ය. සාංක්ලේශික ද වූයේ ම නොදක්ලේශයෙකැ යි නො කියයුතු වන්නේ ය. ධර්‍මායතනය ක්ලේශයෙක් ද වූයේ ම සාංක්ලේශික ද වන්නේ ය, සාංක්ලේශික ද වූයේ ම නොදක්ලේශ ද වන්නේ ය. ක්ලේශයෙක් ද වූයේ ම සාංක්ලේශික යි ද සාංක්ලේශික ද වූයේ ම නොදක්ලේශ යි ද නො කියයුතු වන්නේ යි.
Pali BJTදසායතනා න වත්තබ්බා කිලෙසා චෙව සංකිලිට්ඨාතිපි, සංකිලිට්ඨා චෙව නො ච කිලෙසාති’පි; මනායතනං න වත්තබ්බං කිලෙසො චෙව සංකිලිට්ඨන්ති, සියා සංකිලිට්ඨං චෙව නො ච කිලෙසො, සියා න වත්තබ්බං සංකිලිට්ඨං චෙව නො ච කිලෙසොති; ධම්මායතනං සියා කිලෙසො චෙව සංකිලිට්ඨං ච, සියා සංකිලිට්ඨං චෙව නො ච කිලෙසො, සියා න වත්තබ්බං කිලෙසො චෙව සංකිලිට්ඨන්ති’පි, සංකිලිට්ඨං චෙව නො ච කිලෙසොති’පි.
Sinhala BJTදශායතනයෝ ක්ලේශ ද වූවාහු ම සංක්ලිෂ්ටහ යි ද සංක්ලිෂ්ට ද වූ ම නොද ක්ලේශහ යි ද නො කියයුත්තාහ. මනායතනය ක්ලේශයෙක් ද වූයේ ම සංක්ලිෂ්ට ය යි නො කියයුතුය, සංක්ලිෂ්ට ද වූයේ ම නොද ක්ලේශ ද වන්නේ ය, සංක්ලිෂ්ට ද වූයේ ම නොද ක්ලේශයෙකැ යි නො කියයුතු වන්නේ ය. ධර්‍මායතනය ක්ලේශයෙක් ද වූයේ ම සංක්ලිෂ්ට ද වන්නේ ය, සංක්ලිෂ්ට ද වූ ම නොද ක්ලේශ ද වන්නේ ය, ක්ලේශයෙක් ද වූයේ ම සංක්ලිෂ්ට යි ද සංක්ලිෂ්ට ද වූම නොද ක්ලේශ යි ද නො කියයුතු වන්නේ යි.
Pali BJTදසායතනා න වත්තබ්බා කිලෙසා චෙව කිලෙසසම්පයුත්තාති’පි කිලෙස සම්පයුත්තා චෙව නො ච කිලෙසාතිපි; මනායතනං න වත්තබ්බං කිලෙසො චෙව කිලෙසසම්පයුත්තන්ති; සියා කිලෙසසම්පයුත්තං චෙව නො ච කිලෙසො, සියා න වත්තබ්බං කිලෙසසම්පයුත්තං චෙව නො ච කිලෙසො ති, ධම්මායතනං සියා කිලෙසො චෙව කිලෙසසම්පයුත්තං ච, සියා කිලෙසසම්පයුත්තං චෙව නො ච කිලෙසො, සියා න වත්තබ්බං කිලෙසො චෙව කිලෙසසම්පයුත්තන්ති’පි කිලෙසසම්පයුත්තං චෙව නො ච කිලෙසොති’පි.
Sinhala BJTදශායතනයෝ ක්ලේශ ද වූවාහු ම ක්ලේශසම්ප්‍රයුක්ත යි ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වූවාහු ම නොද ක්ලේශ යි ද නො කියයුත්තාහ. මනායතනය ක්ලේශ ද වූයේ ම ක්ලේශසම්ප්‍රයුක්ත ය යි නො කියයුතුය, ක්ලේශසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද ක්ලේශ ද වන්නේ ය, ක්ලේශසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද ක්ලේශයෙකැ යි නො කියයුතු වන්නේ ය. ධර්‍මායතනය ක්ලේශයෙක් ද වූයේ ම ක්ලේශසම්ප්‍රයුක්ත ද වන්නේ ය, ක්ලේශසම්ප්‍රයුක්ත ද වූ ම නොද ක්ලේශ ද වන්නේ ය, ක්ලේශයෙක් ද වූයේ ම ක්ලේශසම්ප්‍රයුක්ත යි ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වූ ම නොද ක්ලේශයෙකැ යි ද නො කියයුතු වන්නේ යි.
Pali BJTදසායතනා කිලෙසවිප්පයුත්තසංකිලෙසිකා, ද්වායතනා සියා කිලෙසවිප්පයුත්තසංකිලෙසිකා, සියා කිලෙසවිප්පයුත්තඅසංකිලෙසිකා, සියා න වත්තබ්බා කිලෙසවිප්පයුත්තසංකිලෙසිකාති’පි කිලෙස විප්පයුත්තඅසංකිලෙසිකාති’පි.
Sinhala BJTදශායතනයෝ ක්ලේශවිප්‍රයුක්තසාංක්ලේශිකයෝ ය. ආයතනයෝ දෙදෙනෙක් ක්ලේශවිප්‍රයුක්තසාංක්ලේශික ද වන්නාහ, ක්ලේශවිප්‍රයුක්තඅසාංක්ලේශික ද වන්නාහ, ක්ලේශවිප්‍රයුක්තසාංක්ලේශිකහ යි ද ක්ලේශවිප්‍රයුක්තඅසාංක්ලේශිකහ යි ද නො කියයුත්තාහු ය.
Pali BJT254. දසායතනා න දස්සනෙන පහාතබ්බා, ද්වායතනා සියා දස්සනෙන පහාතබ්බා, සියා න දස්සනෙන පහාතබ්බා.
Sinhala BJT254. දශායතනයෝ දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යයෝ ය. ආයතනයෝ දෙදෙනෙක් දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යයෝ ද වන්නාහ, දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යයෝ නොද වන්නාහු ය.
Pali BJTදසායතනා න භාවනාය පහාතබ්බා, ද්වායතනා සියා භාවනාය පහාතබ්බා, සියා න භාවනාය පහාතබ්බා.
Sinhala BJTදශායතනයෝ භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ නො වෙති. ආයතනයෝ දෙදෙනෙක් භාවනායෙන් ප්‍රහාතව්‍ය ද වන්නාහ, භාවනායෙන් ප්‍රහාතව්‍ය නොද වන්නාහු ය.
Pali BJTදසායතනා න දස්සනෙන පහාතබ්බහෙතුකා, ද්වායතනා සියා දස්සනෙන පහාතබ්බහෙතුකා, සියා න දස්සනෙන පහාතබ්බහෙතුකා.
Sinhala BJTදශායතනයෝ දර්‍ශනයෙන් ප්‍රභාතව්‍යහේතුක නො වෙති. ආයතනයෝ දෙදෙනෙක් දර්‍ශනයෙන් ප්‍රභාතව්‍යහේතුක ද වන්නාහ, දර්‍ශනයෙන් ප්‍රභාතව්‍යහේතුක නොද වන්නාහු ය.
Pali BJTදසායතනා න භාවනාය පහාතබ්බහෙතුකා, ද්වායතනා සියා භාවනාය පහාතබ්බහෙතුකා, සියා න භාවනාය පහාතබ්බහෙතුකා.
Sinhala BJTදශායතනයෝ භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු නො වෙති. ආයතනයෝ දෙදෙනෙක් භාවනායෙන් ප්‍රභාතව්‍යහේතුක ද වන්නාහ, භාවනායෙන් ප්‍රභාතව්‍යහේතුක නොද වන්නාහු ය.
Pali BJTදසායතනා අවිතක්කා, ද්වායතනා සියා සවිතක්කා, සියා අවිතක්කා.
Sinhala BJTදශායතනයෝ අවිතර්‍කයහ, ආයතනයෝ දෙදෙනෙක් සවිතර්‍ක ද වන්නාහ, අවිතර්‍ක ද වන්නාහු ය.
Pali BJTදසායතනා අවිචාරා, ද්වායතනා සියා සවිචාරා, සියා අවිචාරා.
Sinhala BJTදශායතනයෝ අවිචාරයහ, ආයතනයෝ දෙදෙනෙක් සවිචාර ද වන්නාහ, අවිචාර ද වන්නාහු ය.
Pali BJTදසායතනා අප්පීතිකා, ද්වායතනා සියා සප්පීතිකා, සියා අප්පීතිකා.
Sinhala BJTදශායතනයෝ අප්‍රීතිකයෝ ය. ආයතනයෝ දෙදෙනෙක් සප්‍රීතික ද වන්නාහ, අප්‍රීතික ද වන්නාහු ය.
Pali BJTදසායතනා න පීතිසහගතා, ද්වායතනා සියා පීතිසහගතා, සියා න පීතිසහගතා.
Sinhala BJTදශායතනයෝ ප්‍රීතිසහගතයෝ නො වෙති. ආයතනයෝ දෙදෙනෙක් ප්‍රීතිසහගත ද වන්නාහ, ප්‍රීතිසහගත නොද වන්නාහු ය.
Pali BJTදසායතනා න සුඛසහගතා, ද්වායතනා සියා සුඛසහගතා, සියා න සුඛසහගතා.
Sinhala BJTදශායතනයෝ සුඛසහගත නො වෙති. ආයතනයෝ දෙදෙනෙක් සුඛසහගත ද වන්නාහ, සුඛසහගත නොද වන්නාහු ය.
Pali BJTදසායතනා න උපෙක්ඛාසහගතා, ද්වායතනා සියා උපෙක්ඛාසහගතා, සියා න උපෙක්ඛාසහගතා.
Sinhala BJTදශායතනයෝ උපේක්‍ෂාසහගත නො වෙති. ආයතනයෝ දෙදෙනෙක් උපේක්‍ෂාසහගත ද වන්නාහ, උපේක්‍ෂාසහගත නොද වන්නාහු ය.
Pali BJTදසායතනා කාමාවචරා, ද්වායතනා සියා කාමාවචරා, සියා න කාමාවචරා.
Sinhala BJTදශායතනයෝ කාමාවචරයෝ ය. ආයතනයෝ දෙදෙනෙක් කාමාවචර ද වන්නාහ, කාමාවචර නොද වන්නාහු ය.
Pali BJTදසායතනා න රූපාවචරා, ද්වායතනා සියා රූපාවචරා, සියා න රූපාවචරා.
Sinhala BJTදශායතනයෝ රූපාවචරයෝ නො වෙති. ආයතනයෝ දෙදෙනෙක් රූපාවචර ද වන්නාහ, රූපාවචර නොද වන්නාහු ය.
Pali BJTදසායතනා න අරූපාවචරා, ද්වායතනා සියා අරූපාවචරා, සියා න අරූපාවචරා.
Sinhala BJTදශායතනයෝ අරූපාවචරයෝ නො වෙති. ආයතනයෝ දෙදෙනෙක් අරූපාවචර ද වන්නාහ, අරූපාවචර නොද වන්නාහු ය.
Pali BJTදසායතනා පරියාපන්නා, ද්වායතනා සියා පරියාපන්නා, සියා අපරියාපන්නා.
Sinhala BJTදශායතනයෝ පර්‍ය්‍යාපන්නයෝ ය. ආයතනයෝ දෙදෙනෙක් පර්‍ය්‍යාපන්න ද වන්නාහ, අපර්‍ය්‍යාපන්න ද වන්නාහු ය.
Pali BJTදසායතනා අනිය්යානිකා, ද්වායතනා සියා නිය්යානිකා, සියා අනිය්යානිකා.
Sinhala BJTදශායතනයෝ අනෛර්‍ය්‍යාණිකයෝ ය. ආයතනයෝ දෙදෙනෙක් නෛර්‍ය්‍යාණික ද වන්නාහ, අනෛර්‍ය්‍යාණික ද වන්නාහු ය.
Pali BJTදසායතනා අනියතා, ද්වායතනා සියා නියතා, සියා අනියතා.
Sinhala BJTදශායතනයෝ අනියතයෝ ය. ආයතනයෝ දෙදෙනෙක් නියත ද වන්නාහ, අනියත ද වන්නාහු ය.
Pali BJTදසායතනා සඋත්තරා, ද්වායතනා සියා සඋත්තරා, සියා අනුත්තරා.
Sinhala BJTදශායතනයෝ සඋත්තරයෝ ය. ආයතනයෝ දෙදෙනෙක් සඋත්තර ද වන්නාහ, අනුත්තර ද වන්නාහු ය.
Pali BJTදසායතනා අරණා, ද්වායතනා සියා සරණා, සියා අරණා’ති.
Sinhala BJTදශායතනයෝ අරණයෝ ය. ආයතනයෝ දෙදෙනෙක් සරණයෝ ද වන්නාහ, අරණයෝ ද වන්නාහු ය යි.
Pali BJTපඤ්හපුච්ඡකං.
Sinhala BJTපඤ්හපෘච්ඡක යි.
Pali BJTආයතනවිභඞ්ගො නිට්ඨිතො.
Sinhala BJTආයතනවිභඞ්ගය නිමි.
Pali BJT3. ධාතුවිභඞ්ගො
Sinhala BJT3. ධාතුවිභඞ්ගය
Pali BJT255. ඡධාතුයො: පඨවීධාතු, අපොධාතු, තෙජොධාතු, වායොධාතු, ආකාසධාතු, විඤ්ඤාණධාතු.
Sinhala BJT255. ධාතූහු සදෙනෙකි: පඨවිධාතු ය, ආපෝධාතු ය, තේජෝධාතු ය, වායෝධාතු ය, ආකාසධාතු ය, විඤ්ඤාණධාතු යි.
Pali BJT256. තත්ථ කතමා පඨවීධාතු: පඨවීධාතු ද්වයං: අත්ථි අජ්ඣත්තිකා, අත්ථි බාහිරා.
Sinhala BJT256. එහි පඨවිධාතු කවර යත්: පෘථිවිධාතු දෙ කොටසෙකි: අධ්‍යාත්මික වූයෙක් ඇත, බාහිර වූයෙක් ඇති.
Pali BJTතත්ථ කතමා අජ්ඣත්තිකා පඨවීධාතු: යං අජ්ඣත්තං පච්චත්තං කක්ඛලං ඛරිගතං කක්ඛළත්තං කක්ඛළභාවො අජ්ඣත්තං උපාදින්නං, සෙය්යථීදං: කෙසා ලොමා නඛා දන්තා තචො මංසං නහාරු අට්ඨි අට්ඨිමිඤ්ජා චක්කං හදයං යකනං කිලොමකං පිහකං පප්ඵාසං අන්තං අන්තගුණං උදරියං කරීසං, යං වා පනඤ්ඤම්පි අත්ථි අජ්ඣත්තං පච්චත්තං කක්ඛලං ඛරිගතං කක්ඛළත්තං කක්ඛළභාවො අජ්ඣත්තං උපාදින්නං. අයං වුච්චති අජ්ඣත්තිකා පඨවීධාතු.
Sinhala BJTඑහි ආධ්‍යාත්මික පෘථිවිධාතු කවර යත්: අධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ (තමා කෙරෙහි පිහිටි) කර්‍කශ වූ පරුෂ වූ කර්‍කශභාවය ඇති කර්‍කශස්වභාව ඇති අධ්‍යාත්ම වූ උපාදින්න (ශරීරස්ථ) වූ යම් කොටසෙක් ඇද්ද, ඒ මෙසේ ය: කෙස් ලොම් නිය දත් සිවි මස් නහර ඇට ඇටමිදුළු වකුගඩු හදවත් අක්මා දලබු බඩදිව පපුමස අතුණු අතුණුබහන නො පැසුණුඅහර පැසුණුඅහර ය. අන්‍ය වූ ද අධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ දත වූ රළු වූ තදබව ඇති තදසැහැවි ඇති අධ්‍යාත්ම වූ ශරීරස්ථ වූ යම් කොටසෙක් හෝ ඇද්ද, මේ ආධ්‍යාත්මිකපෘථිවිධාතු යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා බාහිරා පඨවීධාතු: යං බාහිරං කක්ඛලං ඛරිගතං කක්ඛළත්තං කක්ඛළභාවො බහිද්ධා අනුපාදින්නං, සෙය්යථීදං: අයො ලොහං තිපු සීසං සජ්ඣු{1} මුත්තා මණි වෙළුරියො සඞ්ඛො සිලා පවාළං රජතං ජාතරූපං ලොහිතඞ්කො මසාරගල්ලං තිණං කට්ඨං සක්ඛරං කඨලං භූමි පාසාණො පබ්බතො යං වා පනඤ්ඤම්පි අත්ථි බාහිරං කක්ඛලං ඛරිගතං කක්ඛළත්තං කක්ඛළභාවො බහිද්ධා අනුපාදින්නං. අයං වුච්චති බාහිරා පඨවීධාතු.
Sinhala BJTඑහි බාහිර වූ පෘථිවිධාතු කවර යත්: කර්‍කශ වූ රළු වූ රළුබව ඇති රළුසැහැවි ඇති බාහ්‍ය වූ අනුපාදින්න වූ යම් බාහිර කොටසෙක් වේ ද, ඒ මෙසේ ය: යකඩ ලොහො හෙළතුඹු කළුතුඹු රිදී මුතු මැණික් වෙරළුමිණි සක් සල පබළ කහවන රන් රත්මිණි මැසිරිගල් තණ දඬුකඩ කැට කැබිලිති පොළෝ පහණ පවු ය, අන්‍ය වූ ද බාහිර වූ කර්‍කශ වූ රළු වූ කැකුළුබවට ගිය බාහිර වූ අනුපාදින්න වූ යමක් හෝ ඇද්ද, මේ බාහිරපෘථිවිධාතු යි කියනු ලැබේ.
Pali BJTයා ච අජ්ඣත්තිකා පඨවීධාතු යා ච බාහිරා පඨවීධාතු තදෙකජ්ඣං අභිසඤ්ඤූහිත්වා අභිසඞ්ඛිපිත්වා අයං වුච්චති පඨවීධාතු.
Sinhala BJTයම් ආධ්‍යාත්මිකපෘථිවිධාතුවකුත් වේ ද යම් බාහිරපෘථිවිධාතුවකුත් වේ ද එය එක් රැස් කොට හකුළුවා මේ පෘථිවිධාතු යි කියනු ලැබේ.
Pali BJT257. තත්ථ කතමා අපොධාතු: ආපොධාතු ද්වයං: අත්ථි අජ්ඣත්තිකා, අත්ථි බාහිරා.
Sinhala BJT257. එහි ආපෝධාතු කවර යත්: ආපෝධාතු දෙකොටසෙකි: ආධ්‍යාත්මික වූයෙක් ඇත, බාහිර වූයෙක් ඇති.
Pali BJTතත්ථ කතමා අජ්ඣත්තිකා ආපොධාතු: යං අජ්ඣත්තං පච්චත්තං ආපො ආපොගතං ස්නෙහො ස්නෙහගතං බන්ධනත්තං රූපස්ස අජ්ඣත්තං උපාදින්නං, සෙය්යථීදං: පිත්තං සෙම්හං පුබ්බො ලොහිතං සෙදො මෙදො අස්සු වසා ඛෙළො සිඞ්ඝානිකා ලසිකා මුත්තං, යං වා පනඤ්ඤම්පි අත්ථි අජ්ඣත්තං පච්චත්තං අපො අපොගතං ස්නෙහො ස්නෙහගතං බන්ධනත්තං රූපස්ස අජ්ඣත්තං උපාදින්නං. අයං වුච්චති අජ්ඣත්තිකා ආපොධාතු.
Sinhala BJTඑහි අධ්‍යාත්මිකආපෝධාතු කවර යත්: අධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ යම් ආපයෙක් ආපෝගතයෙක් ස්නේහයෙක් ස්නේහගතයෙක් අධ්‍යාත්ම වූ උපාදින්න වූ භූතරූපයාගේ බන්‍ධනභාවයෙක් වේ ද, ඒ මෙසේ ය: පිත ය සෙම ය. සැරව ය ලෙහෙය සෝදිය ය මේදස් ය කඳුළු ය වුරුණුතෙල ය කෙළ ය. සොටු ය සඳමිදුලු ය මූ ය, යළි අධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ යම් ආපයෙක් ආපෝගතයෙක් ස්නේහයෙක් සිනෙහගතයෙක් අධ්‍යාත්ම වූ උපාදින්න වූ රූපයාගේ බන්‍ධනත්‍වයෙක් වේ ද, මේ ආධ්‍යාත්මික ආපෝධාතු යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා බාහිරා ආපොධාතු: යං බාහිරං ආපො අපොගතං සිනෙහො සිනෙහගතං බන්ධනත්තං රූපස්ස බහිද්ධා අනුපාදින්නං, සෙය්යථීදං: මූලරසො ඛන්ධරසො තචරසො පත්තරසො පුප්ඵරසො ඵලරසො, ඛීරං දධි සප්පි නවනීතං තෙලං මධු ඵාණිතං භුම්මානි වා උදකානි අන්තළික්ඛානි වා, යං වා පනඤ්ඤම්පි අත්ථි බාහිරං අපො ආපොගතං සිනෙහො සිනෙහගතං බන්ධනත්තං රූපස්ස බහිද්ධා අනුපාදින්නං. අයං වුච්චති බාහිරා ආපොධාතු.
Sinhala BJTඑහි බාහිර ආපෝධාතු කවර යත්: බාහිර වූ යම් ආපයෙක් ආපෝගතයෙක් ස්නේහයෙක් ස්නේහගතයෙක් බාහිර වූ අනුපාදින්න (ශරීරස්ථ නො වූ) රූපයාගේ බන්‍ධනත්‍වයෙක් වේ ද ඒ මෙසේ ය: මුල්රස ය කඳරස ය පොතුරස ය පත්රස ය මල්රස ය පලරස ය, කිරි ය දිහි ය ගිතෙල් ය වෙඬරු ය (තල ආදි) තෙල් ය මිහි ය පැණි ය භූමිස්ථ වූ හෝ ආකාශස්ථ වූ හෝ දිය ය, යලි අන්‍ය වූ ද බාහිර වූ යම් ආපයෙක් ආපෝගතයෙක් ස්නේහයෙක් ස්නේහගතයෙක් බාහිර වූ අනුපාදින්න වූ රූපයාගේ බන්‍ධනත්‍වයෙක් වේ ද, මේ බාහිර ආපෝධාතු යි කියනු ලැබේ.
Pali BJTයා ච අජ්ඣත්තිකා ආපොධාතු යා ච බාහිරා ආපොධාතු තදෙකජ්ඣං අභිසඤ්ඤූහිත්වා අභිසංඛිපිත්වා, අයං වුච්චති ආපොධාතු.
Sinhala BJTයම් ආධ්‍යාත්මික අබ්ධාතුවකුත් යම් බාහිර අබ්ධාතුවකුත් වේ ද එය එක්රැස් කොට හකුළුවා මේ ආපෝධාතු යි කියනු ලැබේ.
Pali BJT258. තත්ථ කතමා තෙජොධාතු: තෙජොධාතු ද්වයං: අත්ථි අජ්ඣත්තිකා, අත්ථි බාහිරා.
Sinhala BJT258. එහි තේජෝධාතු කවර යත්: තේජෝධාතු දෙ කොටසෙකි: ආධ්‍යාත්මික වූයෙක් ඇත, බාහිර වූයෙක් ඇති.
Pali BJTතත්ථ කතමා අජ්ඣත්තිකා තෙජොධාතු: යං අජ්ඣත්තං පච්චත්තං තෙජො තෙජොගතං උස්මා උස්මාගතං උසුමං උසුමගතං අජ්ඣත්තං උපාදින්නං, සෙය්යථීදං: යෙන ච සන්තප්පති යෙන ච ජීරීයති, යෙන ච පරිඩය්හති, යෙන ච අසිතපීතඛායිතසායිතං සම්මා පරිණාමං ගච්ඡති, යං වා පනඤ්ඤම්පි අත්ථි අජ්ඣත්තං පච්චත්තං තෙජො තෙජොගතං උස්මා උස්මාගතං උසුමං උසුමගතං අජ්ඣත්තං උපාදින්නං, අයං වුච්චති අජ්ඣත්තිකා තෙජොධාතු.
Sinhala BJTඑහි ආධ්‍යාත්මිකතේජෝධාතු කවර යත්: අධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ යම් තේජසෙක් තේජෝගතයෙක් උණුසුම් අයුරෙක් උණුසුම් බවෙක් බලවත් උණුසුමෙක් බලවත් උණුසුම් බවෙක් අධ්‍යාත්ම වූ උපාදින්නයෙක් වේ ද, ඒ මෙසේ ය: යම් තේජසකින් තැවේ ද යමෙකින් දිරායේ ද යමෙකින් දැවේ ද වැළඳු පී කෑ රසවිඳි දැය මැනැවින් පැසීමට යේ ද, යලි අන්‍ය වූ හෝ අධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ තේජසෙක් තේජෝගතයෙක් හුණුඅයුරෙක් හුණු බවෙක් උණුසුම් අයුරෙක් උණුසුම් බවෙක් අධ්‍යාත්ම වූ උපාදින්නයෙක් වේ ද, මේ ආධ්‍යාත්මික වූ තේජෝධාතු යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා බාහිරා තෙජො ධාතු: යං බාහිරං තෙජො තෙජොගතං උස්මා උස්මාගතං උසුමං උසුමගතං බහිද්ධා අනුපාදින්නං, සෙය්යථීදං: කට්ඨග්ගි සකලිකග්ගි{1} තිණග්ගි ගොමයග්ගි ථුසග්ගි සඞ්කාරග්ගි ඉන්දග්ගි අග්ගිසන්තාපො සුරියසන්තාපො කට්ඨසන්නිචයසන්තාපො තිණසන්තිචයසන්තාපො ධඤ්ඤසන්නිචයසන්තාපො භණ්ඩසන්නිචයසන්තාපො, යං වා පනඤ්ඤම්පි අත්ථි බාහිරං තෙජො තෙජොගතං උස්මා උස්මාගතං උසුමා උසුමගතං බහිද්ධා අනුපාදින්නං. අයං වුච්චති බාහිරා තෙජොධාතු.
Sinhala BJTඑහි බාහිර තේජෝධාතු කවර යත්: බාහිර වූ යම් තේජසෙක් තේජෝගතයෙක් උණු අයුරෙක් උණු බවෙක් උණුසුම් අයුරෙක් උණුසුම් බවෙක් බාහිර වූ අනුපාදින්නයෙක් වේ ද, ඒ මෙසේ ය: දරගිනි ය පතුරුගිනි ය තණගිනි ය ගොමවැරැටිගිනි ය දහවියා ගිනි ය කසළගිනි ය සෙනගිනි ය ගිනිතැවුලි ය හිරුතැවුලි ය දඬුරැසෙහි තැවුලි ය තණ රැසෙහි තැවුලි ය ධාන්‍යරැසෙහි තැවුලි ය භාණ්ඩ රැසෙහි තැවුලි ය, තවද අන්‍ය වූත් බාහිර වූ තේජසෙක් තේජෝගතයෙක් උස්මායෙක් උස්මාගතයෙක් උසුමයෙක් උසුමගතයෙක් බාහිර වූ අනුපාදින්න වූයෙක් ඇද්ද, මේ බාහිරතේජෝධාතු යි කියනු ලැබේ.
Pali BJTයා ච අජ්ඣත්තිකා තෙජොධාතු යා ච බාහිරා තෙජොධාතු තදෙකජ්ඣං අභිසඤ්ඤූහිත්වා අභිසංඛිපිත්වා අයං වුච්චති තෙජොධාතු.
Sinhala BJTයම් ආධ්‍යාත්මිකතේජෝධාතුවකුත් වේ ද යම් බාහිරතේජෝධාතුවකුත් වේ ද ඒ සියල්ල එක්රැස් කොට හකුළුවා මේ තේජෝධාතු යි කියනු ලැබේ.
Pali BJT259. තත්ථ කතමා වායොධාතු: වායොධාතු ද්වයං: අත්ථි අජ්ඣත්තිකා, අත්ථි බාහිරා,
Sinhala BJT259. එහි වායෝධාතු කවර යත්: වායෝධාතු දෙ කොටසෙකි: ආධ්‍යාත්මික වූයෙක් ඇත, බාහිර වූයෙක් ඇති.
Pali BJTතත්ථ කතමා අජ්ඣත්තිකා වායොධාතු: යං අජ්ඣත්තං පච්චත්තං වායො වායොගතං ථම්භිතත්තං රූපස්ස අජ්ඣත්තං උපාදින්නං, සෙය්යථීදං: උද්ධඞ්ගමා වාතා, අධොගමා වාතා, කුච්ඡිසයා වාතා කොට්ඨසයා{2} වාතා අඞ්ගමඞ්ගානුසාරිනො වාතා, සත්ථක වාතා, ඛුරක වාතා උප්පලක වාතා, අස්සාසො, පස්සාසො, ඉති වා යං වා පනඤ්ඤම්පි අත්ථි අජ්ඣත්තං පච්චත්තං වායො වායොගතං ථම්භිතත්තං රූපස්ස අජ්ඣත්තං උපාදින්නං. අයං වුච්චති අජ්ඣත්තිකා වායොධාතු.
Sinhala BJTඑහි ආධ්‍යාත්මිකවායෝධාතු කවර යත්: අධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ යම් වායුවෙක් වායෝගතයෙක් අධ්‍යාත්ම වූ උපාදින්න වූ රූපයාගේ පිරුණු බවෙක් වේ ද ඒ මෙසේ ය: ඌර්‍ධවඞ්ගමවාත ය අධෝගමවාත ය කුසෙහි වූ වාත ය අතුණු තුළ වූ වාත ය අඟපසෙහි හැසිරෙන වාත ය (සඳබහන් සිඳින) ශස්ත්‍රකවාත ය (හදවත පළන) ක්‍ෂුරක වාත ය (හදමස් උපුරන) උත්පාටකවාත ය ආශ්වාස ය ප්‍රශ්වාස ය මෙසේ වූ හෝ යලි අන්‍ය වූ හෝ අධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ වායුවෙක් වායෝගතයෙක් අධ්‍යාත්ම වූ උපාදින්න වූ රූපයාගේ යම් පිරුණු බවෙක් ඇද්ද, මේ අධ්‍යාත්මිකවායෝධාතු යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා බාහිරා වායොධාතු: යං බාහිරං වායො වායොගතං ථම්භිතත්තං රූපස්ස බහිද්ධා අනුපාදින්නං, සෙය්යථීදං: පුරත්ථිමා වාතා, පච්ඡිමා වාතා, උත්තරා වාතා, දක්ඛිණා වාතා, සරජා වාතා, අරජා වාතා, සීතා වාතා, උණ්හා වාතා, පරිත්තා වාතා, අධිමත්තා වාතා, කාළවාතා, වෙරම්බවාතා{3} පක්ඛවාතා සුපණ්ණවාතා තාලවණටවාතා විධූපනවාතා, යං වා පනඤ්ඤම්පි අත්ථි බාහිරං වායො වායොගතං ථම්භිතත්තං රූපස්ස බහිද්ධා අනුපාදින්නං, අයං වුච්චති බාහිරා වායො ධාතු.
Sinhala BJTඑහි බාහිරවායෝධාතු කවර යත්: බාහිර වූ යම් වායුවෙක් වායෝගතයෙක් බාහිර වූ අනුපාදින්න වූ රූපයාගේ පිරුණු බවෙක් වේ ද, ඒ මෙසේ ය: පෙරදිගින් හැමූ වාත ය, පැළදිගින් හැමූ වාත ය උතුරුදිගින් හැමූ වාතය දකුණුදිගින් හැමූ වාත ය රජස් සහිත වාත ය රජස් රහිත වාත ය සිහිල් වාත ය හුණු වාත ය මඳ වාත ය සැඬසුළඟ ය වැසිසුළඟ ය වේරම්බවාත ය පියාපත්සුළඟ ය ගරුඬවාත ය තල්වැටසුළඟ ය විජිනිසුළඟ ය යලි අන්‍ය වූ ද බාහිර වූ වායුවෙක් වායෝගතයෙක් බාහිර වූ අනුපාදින්න වූ රූපයාගේ යම් පිරුණු බවෙක් හෝ ඇද්ද, මේ බාහිරවායෝධාතු යි කියනු ලැබේ.
Pali BJTයා ච අජ්ඣත්තිකා වායොධාතු යා ච බාහිරා වායොධාතු තදෙකජ්ඣං අභිසඤ්ඤූහිත්වා අභිසංඛිපිත්වා අයං වුච්චති වායොධාතු.{*}
Sinhala BJTයම් ආධ්‍යාත්මික වූ වායෝධාතුයෙකුත් වේ ද යම් බාහිර වූ වායෝධාතුයෙකුත් වේ ද ඒ සියල්ල එක්රැස් කොට හකුළුවා මේ වායෝධාතු යි කියනු ලැබේ.
Pali BJT260. තත්ථ කතමා ආකාසධාතු: ආකාසධාතු ද්වයං: අත්ථි අජ්ඣත්තිකා, අත්ථි බාහිරා,
Sinhala BJT260. එහි ආකාසධාතු කවර යත්: ආකාසධාතු දෙ කොටසෙකි: ආධ්‍යාත්මික වූයෙක් ඇත, බාහිර වූයෙක් ඇති.
Pali BJTතත්ථ කතමා අජ්ඣත්තිකා ආකාසධාතු: යං අජ්ඣත්තං පච්චත්තං ආකාසො ආකාසගතං අඝං අඝගතං විවරො විවරගතං, අසම්ඵුට්ඨං මංසලොහිතෙහි අජ්ඣත්තං උපාදින්නං, සෙය්යථීදං: කණ්ණච්ඡිද්දං නාසච්ඡිද්දං මුඛද්වාරං යෙන ච අසිතපීතඛායිතසායිතං අජ්ඣොහරතී, යත්ථ ච අසිතපීතඛායිතසායිතං සන්තිට්ඨති, යෙන ච අසිතපීතඛායිතසායිතං අධොභාගං නික්ඛමති, යං වා පනඤ්ඤම්පි අත්ථි අජ්ඣත්තං පච්චත්තං. ආකාසො ආකාසගතං අඝං අඝගතං විවරො විවරගතං අසම්ඵුට්ඨං මංසලොහිතෙහි අජ්ඣත්තං උපාදින්නං, අයං වුච්චති අජ්ඣත්තිකා ආකාසධාතු.
Sinhala BJTඑහි ආධ්‍යාත්මිකආකාශධාතු කවර යත්: අධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ යම් ආකාශයෙක් ආකාශගතයෙක් (නො ගැටෙන බැවින්) අඝයෙක් අඝගතයෙක් විවරයෙක් විවරගතයෙක් අධ්‍යාත්ම වූ උපාදින්න වූ මස්ලෙහෙයින් නො පහස්නා ලදුයෙක් වේ ද, ඒ මෙසේ ය: කන්සිදුරු ය නැහැසිදුරු ය මුවදොර ය, යම් විවරයෙකින් අසිතපීතඛායිත සායිතය පරගල කෙරේ ද යම් තැනෙක අසිතපීතඛායිතසායිතය රැස්ව සිටී ද යම් විවරයෙකින් අසිතපීතඛායිතසායිතය අධෝභාගයට නික්මේ ද යලි අන්‍ය වූ ද ආකාශයෙක් ආකාශගතයෙක් අඝයෙක් අඝගතයෙක් විවරයෙක් විවරගතයෙක් අධ්‍යාත්ම වූ උපාදින්න වූ මස් ලෙහෙයින් යම් නො පහස්නා ලදුයෙක් ඇද්ද, මේ ආධ්‍යාත්මිකආකාශධාතු යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා බාහිරා ආකාසධාතු: යං බාහිරං ආකාසො ආකාසගතං අඝං අඝගතං විවරො විවරගතං අසම්ඵුට්ඨං චතූහි මහාභූතෙහි බහිද්ධා අනුපාදින්නං, අයං වුච්චති බාහිරා ආකාසධාතු.
Sinhala BJTඑහි බාහිරආකාශධාතු කවර යත්: බාහිර වූ යම් ආකාශයෙක් ආකාශගතයෙක් අඝයෙක් අඝගතයෙක් විවරයෙක් විවරගතයෙක් බාහිර වූ අනුපාදින්න වූ සතරමහාභූතයන් විසින් නො පහස්නා ලදුයෙක් වේ ද, මේ බාහිරආකාශධතු යි කියනු ලැබේ.
Pali BJTයා ච අජ්ඣත්තිකා ආකාසධාතු යා ච බාහිරා ආකාසධාතු තදෙකජ්ඣං අභිසඤ්ඤූහිත්වා අභිසඞ්ඛිපිත්වා, අයං වුච්චති ආකාසධාතු.
Sinhala BJTයම් ආධ්‍යාත්මික වූ ආකාශධාතුයෙකුත් වේ ද යම් බාහිර වූ ආකාශධාතුයෙකුත් වේ ද ඒ සියල්ල එක්රැස් කොට හකුළුවා මේ ආකාශධාතු යි කියනු ලැබේ.
Pali BJT261. තත්ථ කතමා විඤ්ඤාණධාතු, චක්ඛුවිඤ්ඤාණධාතු, සොතවිඤ්ඤාණධාතු, ඝානවිඤ්ඤාණධාතු, ජිව්හාවිඤ්ඤාණධාතු, කායවිඤ්ඤාණධාතු, මනොවිඤ්ඤාණධාතු, අයං වුච්චති විඤ්ඤාණධාතු.
Sinhala BJT261. එහි විඤ්ඤාණධාතු කවර යත්: චක්‍ෂුර්විඥානධාතු ය ශ්‍රෝත්‍රවිඥානධාතු ය ඝ්‍රාණවිඥානධාතු ය ජිහ්වාවිඥානධාතු ය කායවිඥානධාතු ය මනෝවිඥානධාතු යි. මේ විඤ්ඤාණධාතු යි කියනු ලැබේ.
Pali BJTඉමා ඡධාතුයො.
Sinhala BJTමේ ෂට්ධාතු යි.
Pali BJT262. අපරාපි ඡ ධාතුයො: සුඛධාතු, දුක්ඛධාතු, සොමනස්සධාතු, දොමනස්සධාතු, උපෙක්ඛාධාතු, අවිජ්ජාධාතු.
Sinhala BJT262. අන්‍ය වූ ද ධාතූහු සදෙනෙකි: සුඛධාතු ය, දුක්ඛධාතු ය, සෝමනස්සධාතු ය, දෝමනස්සධාතු ය, උපෙක්ඛාධාතු ය, අවිජ්ජාධාතු යි.
Pali BJTතත්ථ කතමා සුඛධාතු: යං කායිකං සාතං කායිකං සුඛං කායසම්ඵස්සජං සාතං සුඛං වෙදයිතං කායසම්ඵස්සජා සාතා සුඛා වෙදනා, අයං වුච්චති සුඛධාතු.
Sinhala BJTඑහි සුඛධාතු කවර යත්: යම් කායික වූ මිහිරෙක් කායික වූ සුඛයෙක් කායසංස්පර්‍ශයෙන් උපන් මිහිරිවූ සුව වූ වේදයිතයෙක් කායසංස්පර්‍ශයෙන් උපන් සාතසුඛවේදනාවක් වේ ද, මේ සුඛධාතු යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා දුක්ඛධාතු: යං කායිකං අසාතං කායිකං දුක්ඛං කායසම්ඵස්සජං අසාතං දුක්ඛං වෙදයිතං කායසම්ඵස්සජා අසාතා දුක්ඛා වෙදනා, අයං වුච්චති දුක්ඛධාතු.
Sinhala BJTඑහි දුඃඛධාතු කවර යත්: යම් කායික වූ අමිහිරෙක් කායිකදුඃඛයෙක් කාපහසින් උපන් අමිහිරි වූ දුක් වූ වේදයිතයෙක් කාපහසින් උපන් අමිහිරි වූ දුක් වූ වේදනාවක් වේ ද මේ දුඃඛධාතු යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා සොමනස්සධාතු: යං චෙතසිකං සාතං චෙතසිකං සුඛං චෙතො සම්ඵස්සජං සාතං සුඛං වෙදයිතං චෙතො සම්ඵස්සජා සාතා සුඛා වෙදනා, අයං වුච්චති සොමනස්සධාතු.
Sinhala BJTඑහි සෝමනස්සධාතු කවර යත්: යම් චෛතසික වූ මිහිරෙක් චෛතසික වූ සුඛයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාත වූ සුඛ වූ වේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාත වූ සුඛ වූ වේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාතසුඛ වේදනාවක් වේ ද, මේ සෝමනස්සධාතු යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා දොමනස්සධාතු: යං චෙතසිකං අසාතං චෙතසිකං දුක්ඛං චෙතොසම්ඵස්සජං අසාතං දුක්ඛං වෙදයිතං චෙතොසම්ඵස්සජා අසාතා දුක්ඛා වෙදනා, අයං වුච්චති දොමනස්සධාතු.
Sinhala BJTඑහි දෝමනස්සධාතු කවර යත්: යම් චෛතසික වූ අසාතයෙක් චෛතසික වූ දුඃඛයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් අසාත වූ දුඃඛ වූ වේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් අසාත වූ දුඃඛ වූ වේදනාවක් වේ ද, මේ දෝමනස්සධාතු යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා උපෙක්ඛාධාතු: යං චෙතසිකං නෙව සාතං නාසාතං චෙතොසම්ඵස්සජං අදුක්ඛමසුඛං වෙදයිතං චෙතො සම්ඵස්සජා අදුක්ඛමසුඛා වෙදනා, අයං වුච්චති උපෙක්ඛාධාතු.
Sinhala BJTඑහි උපේක්‍ෂාධාතු කවර යත්: යම් චෛතසික වූ නො මැ සාත වූ අසාත නො වූ චිත්තසංස්පර්‍ශයෙන් උපන් නො දුක් නො සුව වූ යම් වේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් අදුක්ඛමසුඛවේදනාවක් වේ ද, මේ උපේක්‍ෂාධාතු යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා අවිජ්ජාධාතු: යං අඤ්ඤාණං අදස්සනං අනභිසමයො අනනුබොධො අසම්බොධො අප්පටිවෙධො අසඞ්ගාහනා අපරියොගාහනා අසමපෙක්ඛනා අපච්චවෙක්ඛනා අපච්චක්ඛකම්මං දුම්මෙජ්ඣං බාල්යං අසම්පජඤ්ඤං මොහො පමොහො සම්මොහො අවිජ්ජා අවිජ්ජොඝො අවිජ්ජායොගො අවිජ්ජානුසයො අවිජ්ජාපරියුට්ඨානං අවිජ්ජාලඞ්ගි මොහො අකුසලමූලං, අයං වුච්චති අවිජ්ජාධාතු.
Sinhala BJTඑහි අවිජ්ජාධාතු කවර යත්: යම් නො දැන්මෙක් නො දැක්මෙක් අනවබෝධයෙක් අනනුබෝධයෙක් අසම්බෝධයෙක් අප්‍රතිවේධයෙක් අසංග්‍රාහණයෙක් හාත්පසින් නො බැසැගැන්මෙක් සම ව නො බැලීමෙක් ප්‍රත්‍යවේක්‍ෂා නො කිරීමෙක් ප්‍රත්‍යක්‍ෂ නො කිරීමෙක් අපවිත්‍ර බවෙක් බාල බවෙක් අසම්‍යග්ඥානයෙක් මෝහයෙක් ප්‍රමෝහයෙක් සම්මෝහයෙක් අවිද්‍යායෙක් අවිද්‍යාඕඝයෙක් අවිද්‍යායෝගයෙක් අවිද්‍යානුශයයෙක් අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථානයෙක් අවිද්‍යාපරිඝයෙක් මෝහ සංඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ අවිද්‍යාධාතු යි කියනු ලැබේ.
Pali BJTඉමා ඡ ධාතුයො.
Sinhala BJTමේ ෂට්ධාතූහු යි.
Pali BJT263. අපරාපි ඡධාතුයො: කාමධාතු, ව්යාපාදධාතු, විහිංසාධාතු, නෙක්ඛම්මධාතු, අව්යාපාදධාතු, අවිහිංසාධාතු.
Sinhala BJT263. අන්‍ය වූ ද ධාතූහු සදෙනෙකි: කාමධාතු ය, ව්‍යාපාදධාතු ය, විහිංසාධාතු ය, නෙක්ඛම්මධාතු ය, අව්‍යාපාදධාතු ය, අවිහිංසාධාතු යි.
Pali BJTතත්ථ කතමා කාමධාතු: කාමපටිසංයුත්තො තක්කො විතක්කො සංකප්පො අප්පනා ව්යප්පනා චෙතසො අභිනිරොපනා මිච්ඡාසංකප්පො, අයං වුච්චති කාමධාතු, හෙට්ඨතො අවීචීනිරයං පරියන්තං කත්වා උපරිතො පරනිම්මිතවසවත්ති දෙවෙ අන්තො කරිත්වා යං එතස්මිං අන්තරෙ එත්ථාවචරා එත්ථ පරියාපන්නා ඛන්ධධාතුආයතනා රූපා වෙදනා සඤ්ඤා සඞ්ඛාරා විඤ්ඤාණං, අයං වුච්චති කාමධාතු.
Sinhala BJTඑහි කාමධාතු කවර යත්: කාමප්‍රතිසංයුක්ත වූ තර්‍කයෙක් විතර්‍කයෙක් සංකල්පයෙක් අර්‍පණයෙක් බලවත් අර්‍පණයෙක් (අරමුණෙහි) සිත පිහිටුවීමෙන් මිථ්‍යාසංකල්පයෙක් වේ ද, මේ කාමධාතු යි කියනු ලැබේ. යටින් අවීචිනිරය හිම් කොට මත්තෙහි පරනිර්මිතවශවර්තිදෙවියන් ඇතුළු කොට මෙඅතුරෙහි මෙහි බැසැගෙන සිටින මෙහි ඇතුළු වූ යම් ස්කන්‍ධධාතු ආයතන කෙනෙක් වෙත් ද, රූප - වේදනා - සංඥා - සංස්කාර - විඥානයෙක් වේ ද, මේ කාමධාතු යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා ව්යාපාද ධාතු: ව්යාපාදපටිසංයුත්තො තක්කො විතක්කො -පෙ- මිච්ඡාසංකප්පො, අයං වුච්චති ව්යාපාදධාතු. දසසු වා ආඝාතවත්ථුසු චිත්තස්ස ආඝාතො පටිඝාතො පටිඝං පටිවිරොධො කොපො පකොපො සම්පකොපො දොසො පදොසො සම්පදොසො චිත්තස්ස ව්යාපත්ති මනොපදොසො කොධො කුජ්ඣනා කුජ්ඣිතත්තං දොසො දුස්සනා දුස්සිතත්තං ව්යාපත්ති ව්යාපජ්ජනා ව්යාපජ්ජිතත්තං විරොධො පටිවිරොධො චණ්ඩික්කං අසුරොපො අනත්තමනතා චිත්තස්ස, අයං වුච්චති ව්යාපාදධාතු.
Sinhala BJTඑහි ව්‍යාපාදධාතු කවර යත්: ව්‍යාපාදප්‍රතිසංයුක්ත වූ තර්‍කයෙක් විතර්‍කයෙක් … මිථ්‍යාසංකල්පයෙක් වේ ද, මේ ව්‍යාපාදධාතු යි කියනු ලැබේ. දශආඝාතවස්තුයෙහි හෝ චිත්තයාගේ ආඝාතයෙක් ප්‍රතිඝාතයෙක් ප්‍රතිඝයෙක් ප්‍රතිවිරෝධයෙක් කෝපයෙක් ප්‍රකෝපයෙක් සම්ප්‍රකෝපයෙක් දෝෂයෙක් ප්‍රදෝෂයෙක් සම්ප්‍රදෝෂයෙක් චිත්තයාගේ විපරීත බවෙක් චිත්තයාගේ ප්‍රදෝෂයෙක් ක්‍රෝධයෙක් ක්‍රෝධාකාරයෙක් ක්‍රැද්ධ බවෙක් ද්වේෂයෙක් ද්වේෂාකාරයෙක් ද්විෂ්ට බවෙක් විපරීතයෙක් විපරීතාකාරයෙක් විපර්‍ය්‍යස්ත බවෙක් විරෝධයෙක් ප්‍රතිවිරෝධයෙක් සැඬ බවෙක් අසුරෝපයෙක් (නො පිරිපුන් වචන ඇති බවෙක්) චිත්තයාගේ නො සතුටු බවෙක් වේ ද, මේ ව්‍යාපාදධාතු යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා විහිංසා ධාතු: විහිංසා පටිසංයුත්තො තක්කො විතක්කො -පෙ- මිච්ඡාසංකප්පො, අයං වුච්චති විහිංසාධාතු. ඉධෙකච්චො පාණිනා වා ලෙඩ්ඩුනා වා දණ්ඩෙන වා සත්ථෙන වා රජ්ජුයා වා අඤ්ඤතරඤ්ඤතරෙන වා සත්තෙ විහෙඨෙති, යා එවරූපා හෙඨනා විහෙඨනා හිංසනා විහිංසනා රොසනා විරොසනා පරූපඝතො, අයං වුච්චති විහිංසාධාතු.
Sinhala BJTඑහි විහිංසාධාතු කවර යත්: විහිංසාප්‍රතිසංයුක්ත වූ තර්‍කයෙක් විතර්‍කයෙක් … මිථ්‍යාසංකල්පයෙක් වේ ද, මේ විහිංසාධාතු යි කියනු ලැබේ. මෙහි එකෙක් අතින් හෝ කැටින් හෝ දඬියෙන් හෝ සැතින් හෝ රැහැනින් හෝ එක්තරඑක්තරයෙකින් හෝ සතුන් පෙළාද, මෙ බඳු වූ යම් පෙළීමෙක් වෙසෙසින් පෙළීමෙක් හිංසායෙක් විහිංසායෙක් ගැටීමෙක් වෙසෙසින් ගැටීමෙක් මෙරමාහට හිංසායෙක් වේ ද, මේ විහිංසාධාතු යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා නෙක්ඛම්මධාතු: නෙක්ඛම්මපටිසංයුත්තො තක්කො විතක්කො -පෙ- සම්මාසංකප්පො, අයං වුච්චති නෙක්ඛම්මධාතු. සබ්බෙපි කුසලා ධම්මා නෙක්ඛම්මධාතු.
Sinhala BJTඑහි නෙක්ඛම්මධාතු කවර යත්: නෛෂ්ක්‍රම්‍යප්‍රතිසංයුක්ත වූ තර්‍කයෙක් විතර්‍කයෙක් … සම්‍යක්සංකල්පයෙක් වේ ද, මේ නෙක්ඛම්මධාතු යි කියනු ලැබේ. සියලු ම කුශලධර්‍මයෝ නෙක්ඛම්මධාතු යි.
Pali BJTතත්ථ කතමා අව්යාපාදධාතු: අව්යාපාදපටිසංයුත්තො තක්කො විතක්කො -පෙ- සම්මාසංකප්පො, අයං වුච්චති අව්යාපාදධාතු. යා සත්තෙසු මෙත්ති මෙත්තායනා මෙත්තායිතත්තං මෙත්තා චෙතොවිමුත්ති, අයං වුච්චති අව්යාපාදධාතු.
Sinhala BJTඑහි අව්‍යාපාදධාතු කවර යත්: අව්‍යාපාදප්‍රතිසංයුක්ත වූ තර්‍කයෙක් විතර්‍කයෙක් … සම්‍යක්සංකල්පයෙක් වේ ද, මේ අව්‍යාපාදධාතු යි කියනු ලැබේ. සත්ත්‍වයන් විෂයෙහි යම් මෛත්‍රියක් මෙත් වඩන අයුරෙක් මෙත් වැඩූ බවෙක් මෛත්‍රීචිත්තවිමුක්තියෙක් වේ ද, මේ අව්‍යාපාදධාතු යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා අවිහිංසාධාතු: අවිහිංසාපටිසංයුත්තො තක්කො විතක්කො සංකප්පො අප්පනා ව්යප්පනා චෙතසො අභිනිරොපනා සම්මාසංකප්පො අයං වුච්චති අවිහිංසාධාතු. යා සත්තෙසු කරුණා කරුණායනා කරුණායිතත්තං කරුණාචෙතොවිමුත්ති, අයං වුච්චති අවිහිංසාධාතු.
Sinhala BJTඑහි අවිහිංසාධාතු කවර යත්: අවිහිංසාප්‍රතිසංයුක්ත වූ තර්‍කයෙක් විතර්‍කයෙක් සංකල්පයෙක් අර්‍පණයෙක් ව්‍යර්‍පණයෙක් (අරමුණෙහි) සිත පිහිටුවීමෙක් සම්‍යක්සංකල්පයෙක් වේ ද, මේ අවිහිංසාධාතු යි කියනු ලැබේ. සත්ත්‍වයන් විෂයයෙහි යම් කරුණායෙක් කරුණාඅයුරෙක් කරුණා ඇති බවෙක් කරුණාචිත්තවිමුක්තියෙක් වේ ද, මේ අවිහිංසාධාතු යි කියනු ලැබේ.
Pali BJTඉමා ඡ ධාතුයො.
Sinhala BJTමේ ෂඩ්ධාතු යි.
Pali BJTඉති ඉමානි තීණි ඡක්කානි, තදෙකජ්ඣං අභිසඤ්ඤූහිත්වා අභිසංඛිපිත්වා අට්ඨාරස ධාතුයො හොන්ති.
Sinhala BJTමෙසේ මේ තුන් ෂට්කයෝ ය, ඒ සියල්ල එක්රැස් කොට හකුළුවා අටළොස් ධාතූහු වෙත්.
Pali BJTසුත්තන්තභාජනියං.
Sinhala BJTසූත්‍රාන්තභාජනිය යි.
Pali BJT264. අට්ඨාරස ධාතුයො: චක්ඛුධාතු, රූපධාතු, චක්ඛුවිඤ්ඤාණධාතු, සොතධාතු, සද්දධාතු, සොතවිඤ්ඤාණධාතු, ඝානධාතු, ගන්ධධාතු, ඝානවිඤ්ඤාණධාතු, ජිව්හාධාතු, රසධාතු, ජිව්හාවිඤ්ඤාණධාතු, කායධාතු, ඵොට්ඨබ්බධාතු, කායවිඤ්ඤාණධාතු, මනොධාතු, ධම්මධාතු, මනොවිඤ්ඤාණධාතු.
Sinhala BJT264. අටළොස් ධාතු කෙනෙකි: චක්ඛුධාතු ය, රූපධාතු ය, චක්ඛුවිඤ්ඤාණධාතු ය, සෝතධාතු ය, සද්දධාතු ය, සෝතවිඤ්ඤාණධාතු ය, ඝානධාතු ය, ගන්‍ධධාතු ය, ඝානවිඤ්ඤාණධාතු ය, ජිව්හාධාතු ය, රසධාතු ය, ජිව්හාවිඤ්ඤාණධාතු ය, කායධාතු ය, ඵොට්ඨබ්ධාතු ය, කායවිඤ්ඤාණධාතු ය, මනෝධාතු ය, ධම්මධාතු ය, මනෝවිඤ්ඤාණධාතු යි.
Pali BJTතත්ථ කතමා චක්ඛුධාතු: යං චක්ඛුං චතුන්නං මහාභූතානං උපාදාය පසාදො -පෙ- සුඤ්ඤො ගාමො’පෙසො. අයං වුච්චති චක්ඛුධාතු.
Sinhala BJTඑහි චක්ඛුධාතු කවර යත්: යම් ඇසෙක් සතරමහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වූයේ … තෙල ශුන්‍යග්‍රාම නමුදු වේ. මේ චක්ඛුධාතු යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා රූපධාතු: යං රූපං චතුන්නං මහාභූතානං උපාදාය වණ්ණනිභා -පෙ- රූපධාතුපෙසා, අයං වුච්චති රූපධාතු.
Sinhala BJTඑහි රූපධාතු කවර යත්: යම් රූපයෙක් සතර මහාභූතයන් නිසා උපන් පැහැසටහන වූයේ … තෙල රූපධාතු නමුදු වේ. මේ රූපධාතු යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා චක්ඛුවිඤ්ඤාණධාතු: චක්ඛුඤ්ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති චිත්තං මනො මානසං හදයං පණ්ඩරං මනො මනායතනං මනින්ද්රියං විඤ්ඤාණං විඤ්ඤාණක්ඛන්ධො තජ්ජා චක්ඛුවිඤ්ඤාණධාතු. අයං වුච්චති චක්ඛුවිඤ්ඤාණධාතු.
Sinhala BJTඑහි චක්ඛුවිඤ්ඤාණධාතු කවර යත්: ඇස ද රූප ද නිසා චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් (පණ්ඩර වූ) භවාංග සිතෙක්, මනසෙක් මන සංඛ්‍යාත වූ මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ චක්‍ෂුර්විඥානධාතුයෙක් උපදී ද, මේ චක්ඛුවිඤ්ඤාණධාතු යි කියනු ලැබේ.