Vibhaṅga

Analysis

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1001-1100 න් 4235

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT223. ද්වාදසායතනානි: චක්ඛායතනං. රූපායතනං, සොතායතනං, සද්දායතනං, ඝානායතනං, ගන්ධායතනං, ජිව්හායතනං, රසායතනං, කායායතනං, ඵොට්ඨබ්බායතනං, මනායතනං, ධම්මායතනං.
Sinhala BJT223. ආයතන දොළොසෙක: චක්ඛායතන ය, රූපායතන ය, සෝතායතන ය, සද්දායතන ය, ඝානායතන ය, ගන්‍ධායතන ය, ජිව්හායතන ය, රසායතන ය, කායායතන ය, ඵොට්ඨබ්බායතන ය, මනායතන ය, ධම්මායතන යි.
Pali BJT224. චක්ඛුං අනිච්චං දුක්ඛං අනත්තා විපරිණාමධම්මං, රූපා අනිච්චා දුක්ඛා අනත්තා විපරිණාමධම්මා, සොතං අනිච්චං දුක්ඛං අනත්තා විපරිණාමධම්මං, සද්දා අනිච්චා දුක්ඛා අනත්තා විපරිණාමධම්මා, ඝානං අනිච්චං දුක්ඛං අනත්තා විපරිණාමධම්මං, ගන්ධා අනිච්චා දුක්ඛා අනත්තා විපරිණාමධම්මා, ජිව්හා අනිච්චා දුක්ඛා අනත්තා විපරිණාමධම්මා, රසා අනිච්චා දුක්ඛා අනත්තා විපරිණාමධම්මා, කායො අනිච්චො දුක්ඛො අනත්තා විපරිණාමධම්මො, ඵොට්ඨබ්බා අනිච්චා දුක්ඛා අනත්තා විපරිණාමධම්මා, මනො අනිච්චො දුක්ඛො අනත්තා විපරිණාමධම්මො, ධම්මා අනිච්චා දුක්ඛා අනත්තා විපරිණාමධම්මා.
Sinhala BJT224. චක්‍ෂුස අනිත්‍ය ය දුඃඛ ය අනාත්ම ය විපරිණාමධර්‍ම යි. රූපයෝ අනිත්‍යයහ දුඃඛයහ අනාත්මයහ විපරිණාමධර්‍මයෝ යි. ශ්‍රෝත්‍රය අනිත්‍ය ය දුඃඛ ය අනාත්ම ය විපරිණාමධර්‍ම යි. ශබ්දයෝ අනිත්‍යයහ දුඃඛයහ අනාත්මයහ විපරිණාමධර්‍මයෝ යි. ඝ්‍රාණය අනිත්‍ය ය දුඃඛ ය අනාත්ම ය විපරිණාමධර්‍ම යි. ගන්‍ධයෝ අනිත්‍යයහ දුඃඛයහ අනාත්මයහ විපරිණාමධර්‍මයෝ යි. ජිව්හාව අනිත්‍ය ය දුඃඛ ය අනාත්ම ය විපරිණාමධර්‍ම යි. රසයෝ අනිත්‍යයහ දුඃඛයහ අනාත්මයහ විපරිණාමධර්‍මයෝ යි. කාය අනිත්‍ය ය දුඃඛ ය අනාත්ම ය විපරිණාමධර්‍ම යි. ස්ප්‍රෂ්ටව්‍යයෝ අනිත්‍යයහ දුඃඛයහ අනාත්මයහ විපරිණාමධර්‍මයෝ යි. මනස අනිත්‍ය ය දුඃඛ ය අනාත්ම ය විපරිණාමධර්‍ම යි. ධර්‍මයෝ අනිත්‍යයහ දුඃඛයහ අනාත්මයහ විපරිණාමධර්‍මයෝ යි.
Pali BJTසුත්තන්තභාජනියං.
Sinhala BJTසූත්‍රාන්තභාජනිය යි.
Pali BJT225. ද්වාදසායතනානි: චක්ඛායතනං, සොතායතනං, ඝානායතනං, ජිව්හායතනං, කායායතනං, මනායතනං, රූපායතනං, සද්දායතනං, ගන්ධායතනං, රසායතනං, ඵොට්ඨබ්බායතනං, ධම්මායතනං.
Sinhala BJT225. ආයතන දොළොසෙක: චක්ඛායතන ය, රූපායතන ය, සෝතායතන ය, සද්දායතන ය, ඝානායතන ය, ගන්‍ධායතන ය, ජිව්හායතන ය, රසායතන ය, කායායතන ය, ඵොට්ඨබ්බායතන ය, මනායතන ය, ධම්මායතන යි.
Pali BJT226. තත්ථ කතමං චක්ඛායතනං, යං චක්ඛුං චතුන්නං මහාභූතානං උපාදාය පසාදො අත්තභාවපරියාපන්නො අනිදස්සනො සප්පටිඝො, යෙන චක්ඛුනා අනිදස්සනෙන සප්පටිඝෙන රූපං සනිදස්සනං සප්පටිඝං පස්සී වා පස්සති වා පස්සිස්සති වා පස්සෙ වා, චක්ඛුම්පෙතං චක්ඛායතනම්පෙතං චක්ඛුධාතුපෙසා චක්ඛුන්ද්රියම්පෙතං ලොකොපෙසො ද්වාරාපෙසා සමුද්දොපෙසො පණ්ඩරම්පෙතං ඛෙත්තම්පෙතං වත්ථුම්පෙතං නෙත්තම්පෙතං නයනම්පෙතං ඔරිමං තීරම්පෙතං සුඤ්ඤො ගාමොපෙසො ඉදං වුච්චති චක්ඛායතනං.
Sinhala BJT226. එහි චක්‍ෂුරායතනය කවරෙ යත්: යම් ඇසෙක් සතර මහාභූතයන් නිසා උපන් ආත්මභාවපර්‍ය්‍යාපන්න වූ අනිදර්‍ශන වූ සප්‍රතිඝ වූ ප්‍රසාදය වේ ද, අනිදර්‍ශන වූ සප්‍රතිඝ වූ යම් ඇසෙකින් සනිදර්‍ශන වූ සප්‍රතිඝ වූ රූපය දුටුයේ හෝ දකී හෝ දක්නේ හෝ දක්නේ නම් හෝ (දර්‍ශනපරිණායකාර්‍ත්‍ථයෙන්) තෙල චක්ඛු නමුදු වෙයි, (සංජාතසමෝසරණාර්‍ත්‍ථයෙන්) තෙල චක්ඛායතන නමුදු වෙයි, (ශූන්‍යතාදි අර්‍ත්‍ථයෙන්) තෙල චක්ඛුධාතු නමුදු වෙයි, (දර්‍ශනලක්‍ෂණයෙහි ඉන්‍ද්‍රාර්‍ත්‍ථය කරවා නුයි) තෙල චක්‍ෂුරින්‍ද්‍රිය නමුදු වෙයි, (ලුජ්ජනපලුජ්ජනාර්‍ත්‍ථයෙන්) තෙල ලෝක නමුදු වෙයි, (වලඤ්ජනාර්‍ත්‍ථයෙන්) තෙල ද්වාර නමුදු වෙයි, (අපරිපූරණාර්‍ත්‍ථයෙන්) තෙල සමුද්ද නමුදු වෙයි, (පරිශුද්ධාර්‍ත්‍ථයෙන්) තෙල පණ්ඩර නමුදු වෙයි, (ස්පර්‍ශාදියෙන් උපදනා හෙයින්) තෙල ඛෙත්ත නමුදු වෙයි, (ඔවුනට ම ප්‍රතිෂ්ඨා වන හෙයින්) තෙල වත්‍ථු නමුදු වෙයි, (සමවිෂම දක්වමින් ආත්මභාවය පමුණුවානුයි) තෙල නෙත්ත නමුදු වෙයි, (ඒ අරුතින් ම) තෙල නයන නමුදු වෙයි, (සත්කායපර්‍ය්‍යාපන්නාර්‍ත්‍ථයෙන්‍) තෙල ඔරිමතීර නමුදු වෙයි, (බහුසාධාරණාර්‍ත්‍ථයෙන් අස්වාමිකාර්‍ත්‍ථයෙන්) තෙල සුඤ්ඤගාම නමුදු වේ. මේ චක්‍ෂුරායතනය යි කියනු ලැබේ.
Pali BJT227. තත්ථ කතමං සොතායතනං: යං සොතං චතුන්නං මහාභූතානං උපාදාය පසාදො අත්තභාවපරියාපන්නො අනිදස්සනො සප්පටිඝො, යෙන සොතෙන අනිදස්සනෙන සප්පටිඝෙන සද්දං අනිදස්සනං සප්පටිඝං සුණී වා සුණාති වා සුණිස්සති වා සුණෙ වා සොතම්පෙතං සොතායතනම්පෙතං සොතධාතුපෙසා සොතින්ද්රියම්පෙතං ලොකොපෙසො ද්වාරාපෙසා සමුද්දොපෙසො පණ්ඩරම්පෙතං ඛෙත්තම්පෙතං වත්ථුම්පෙතං ඔරිමං තීරම්පෙතං සුඤ්ඤො ගාමොපෙසො ඉදං වුච්චති සොතායතනං.
Sinhala BJT227. එහි ශ්‍රෝත්‍රායතනය කවරෙ යත්: යම් ශ්‍රෝත්‍රයෙක් සතර මහාභූතයන් නිසා උපන් ආත්මභාවපර්‍ය්‍යාපන්න වූ අනිදර්‍ශන වූ සප්‍රතිඝ වූ ප්‍රසාදය වේ ද, අනිදර්‍ශන වූ සප්‍රතිඝ වූ යම් ශ්‍රෝත්‍රයෙකින් අනිදර්‍ශන වූ සප්‍රතිඝ වූ ශබ්දය ඇසූයේ හෝ අසා හෝ අසන්නේ හෝ අසන්නේ නම් හෝ තෙල (ශ්‍රෝත්‍රප්‍රසාදය) ශ්‍රෝත්‍ර නමුදු වෙයි, තෙල ශ්‍රෝත්‍රායතන නමුදු වෙයි, තෙල ශ්‍රෝත්‍රධාතු නමුදු වෙයි, තෙල ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය නමුදු වෙයි, තෙල ලෝක නමුදු වෙයි, තෙල ද්වාර නමුදු වෙයි, තෙල සමුද්‍ර නමුදු වෙයි, තෙල පණ්ඩර නමුදු වෙයි, තෙල ඛෙත්ත නමුදු වෙයි, තෙල වාස්තු නමුදු වෙයි, තෙල ඔරිමතීර නමුදු වෙයි, තෙල ශුන්‍යග්‍රාම නමුදු වේ. මේ ශ්‍රෝත්‍රායතනය යි කියනු ලැබේ.
Pali BJT228. තත්ථ කතමං ඝානායතනං: යං ඝානං චතුන්නං මහාභූතානං උපාදාය පසාදො අත්තභාවපරියාපන්නො අනිදස්සනො සප්පටිඝො, යෙන ඝානෙන අනිදස්සනෙන සප්පටිඝෙන ගන්ධං අනිදස්සනං සප්පටිඝං ඝායී වා ඝායති වා ඝායිස්සති වා ඝායෙ වා ඝානම්පෙතං ඝානායතනම්පෙතං ඝානධාතුපෙසා ඝානින්ද්රියම්පෙතං ලොකොපෙසො ද්වාරාපෙසා සමුද්දොපෙසො පණ්ඩරම්පෙතං ඛෙත්තම්පෙතං වත්ථුම්පෙතං ඔරිමං තීරම්පෙතං සුඤ්ඤො ගාමොපෙසො ඉදං වුච්චති ඝානායතනං.
Sinhala BJT228. එහි ඝ්‍රාණායතනය කවරෙ යත්: යම් ඝ්‍රාණයෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වූයේ ආත්මභාවපර්‍ය්‍යාපන්න වූයේ අනිදර්‍ශනසප්‍රතිඝ වූයේ ද, අනිදර්‍ශනසප්‍රතිඝ වූ යම් ඝ්‍රාණයෙකින් අනිදර්‍ශනසප්‍රතිඝ වූ ගන්‍ධය ඇසී හෝ අසා හෝ අසන්නේ හෝ අසන්නේ නම් හෝ තෙල (ඝ්‍රාණප්‍රසාදය) ඝ්‍රාණ නමුදු තෙල ඝ්‍රාණායතන නමුදු තෙල ඝ්‍රාණධාතු නමුදු තෙල ඝ්‍රාණේන්‍ද්‍රිය නමුදු තෙල ලෝක නමුදු තෙල ද්වාර නමුදු තෙල සමුද්‍ර නමුදු තෙල පණ්ඩර නමුදු තෙල ක්‍ෂේත්‍ර නමුදු තෙල වාස්තු නමුදු තෙල ඔරිමතීර නමුදු තෙල ශුන්‍යග්‍රාම නමුදු වේ. මේ ඝ්‍රාණායතනය යි කියනු ලැබේ.
Pali BJT229. තත්ථ කතමං ජිව්හායතනං: යා ජිව්හා චතුන්නං මහාභූතානං උපාදාය පසාදො අත්තභාවපරියාපන්නො අනිදස්සනො සප්පටිඝො යාය ජිව්හාය අනිදස්සනාය සප්පටිඝාය රසං අනිදස්සනං සප්පටිඝං සායී වා සායති වා සායිස්සති වා සයෙවා ජිව්හාපෙසා ජිව්හායතනම්පෙතං ජිව්හාධාතු’පෙසා ජිව්හින්ද්රියම්පෙතං ලොකො’පෙසො ද්වාරා’පෙසා සමුද්දොපෙසො පණ්ඩරම්පෙතං ඛෙත්තම්පෙතං වත්ථුම්පෙතං ඔරිමං තීරම්පෙතං සුඤ්ඤො ගාමො’පෙසො, ඉදං වුච්චති ජිව්හායතනං.
Sinhala BJT229. ජිව්හායතනරූපය කවරෙ යත්: යම් ජිව්හාවක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වූයේ ආත්මභාවපර්‍ය්‍යාපන්න වූයේ අනිදර්‍ශනසප්‍රතිඝ වූයේ ද, අනිදර්‍ශනසප්‍රතිඝ වූ යම් දිවෙකින් අනිදර්‍ශන සප්‍රතිඝ වූ රසය වින්දේ හෝ විඳී හෝ විඳින්නේ හෝ විඳින්නේ නම් හෝ තෙල (ජිව්හාප්‍රසාදය) ජිව්හා නමුදු තෙල ජිව්හායතන නමුදු තෙල ජිව්හාධාතු නමුදු තෙල ජිව්හේන්‍ද්‍රිය නමුදු තෙල ලෝක නමුදු තෙල ද්වාර නමුදු තෙල සමුද්‍ර නමුදු තෙල පණ්ඩර නමුදු තෙල ක්‍ෂේත්‍ර නමුදු තෙල වාස්තු නමුදු තෙල ඔරිමතීර නමුදු තෙල ශුන්‍යග්‍රාම නමුදු වේ. මේ ජිව්හායතනය යි කියනු ලැබේ.
Pali BJT230. තත්ථ කතමං කායායතනං: යො කායො චතුන්නං මහාභූතානං උපාදාය පසාදො අත්තභාවපරියාපන්නො අනිදස්සනො සප්පටිඝො යෙන කායෙන අනිදස්සනෙන සප්පටිඝෙන ඵොට්ඨබ්බං අනිදස්සනං සප්පටිඝං ඵුසී වා ඵුසති වා ඵුසිස්සති වා ඵුසෙ වා කායොපෙසො කායායතනම්පෙතං කයාධාතුපෙසා කායින්ද්රියම්පෙතං ලොකො’පෙසා ද්වාරා’පෙසා සමුද්දොපෙසො පණ්ඩරම්පෙතං ඛෙත්තම්පෙතං වත්ථුම්පෙතං ඔරිමං තීරම්පෙතං සුඤ්ඤො ගාමො’පෙසො, ඉදං වුච්චති කායායතනං.
Sinhala BJT230. එහි කායායතනය කවරෙ යත්: යම් කයෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වූයේ ආත්මභාවපර්‍ය්‍යාපන්න අනිදර්‍ශනසප්‍රතිඝ වූයේ ද, අනිදර්‍ශනසප්‍රතිඝ වූ යම් කයෙකින් අනිදර්‍ශනසප්‍රතිඝ වූ ස්ප්‍රෂ්ටව්‍යයක් පැහැසී හෝ පහසා හෝ පහසන්නේ හෝ පහසන්නේ නම් හෝ තෙල (කායප්‍රසාදය) කාය නමුදු තෙල කායායතන නමුදු තෙල කායධාතු නමුදු තෙල කායේන්‍ද්‍රිය නමුදු තෙල ලෝක නමුදු තෙල ද්වාර නමුදු තෙල සමුද්‍ර නමුදු තෙල පණ්ඩර නමුදු තෙල ක්‍ෂේත්‍ර නමුදු තෙල වාස්තු නමුදු තෙල ඔරිමතීර නමුදු තෙල ශුන්‍යග්‍රාම නමුදු වේ. මේ කායායතනය යි කියනු ලැබේ.
Pali BJT231. තත්ථ කතමං මනායතනං: එකවිධෙන මනායතනං: ඵස්සසම්පයුත්තං.
Sinhala BJT231. එහි මනායතනය කවරෙ යත්: එක් ප්‍රකාරයෙකින් මනායතනය වෙයි, ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන මනායතනං: අත්ථි සහෙතුකං, අත්ථි අහෙතුකං.
Sinhala BJTද්වීප්‍රකාරයෙකින් මනායතනය වෙයි: සහේතුක වූයෙක් ඇත, අහේතුක වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන මනායතනං: අත්ථි කුසලං අත්ථි අකුසලං අත්ථි අව්යාකතං.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් මනායතනය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති.
Pali BJTචතුබ්බිධෙන මනායතනං: අත්ථි කාමාවචරං අත්ථි රූපාවචරං අත්ථි අරූපාවචරං අත්ථි අපරියාපන්නං.
Sinhala BJTචතුෂ්ප්‍රකාරයෙකින් මනායතනය වෙයි: කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපර්‍ය්‍යාපන්න වූයෙක් ඇති.
Pali BJTපඤ්චවිධෙන මනායතනං: අත්ථි සුඛින්ද්රියසම්පයුත්තං අත්ථි දුක්ඛින්ද්රියසම්පයුත්තං, අත්ථි සොමනස්සින්ද්රියසම්පයුත්තං, අත්ථි දොමනස්සින්ද්රියසම්පයුත්තං, අත්ථි උපෙක්ඛින්ද්රියසම්පයුත්තං.
Sinhala BJTපඤ්චප්‍රකාරයෙකින් මනායතනය වෙයි: සුඛේන්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දුඃඛේන්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, සෝමනස්සින්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දෝමනස්සින්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, උපේක්‍ෂේන්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇති.
Pali BJTඡබ්බිධෙන මනායතනං: චක්ඛුවිඤ්ඤාණං සොතවිඤ්ඤාණං ඝානවිඤ්ඤාණං ජිව්හාවිඤ්ඤාණං කායවිඤ්ඤාණං මනොවිඤ්ඤාණං, එවං ඡබ්බිධෙන මනායතනං.
Sinhala BJTෂට්ප්‍රකාරයෙකින් මනායතනය වෙයි: චක්‍ෂුර්විඥාන ය, ශ්‍රෝත්‍රවිඥාන ය, ඝ්‍රාණවිඥාන ය, ජිව්හාවිඥාන ය, කායවිඥාන ය, මනෝවිඥාන යි. මෙසේ ෂට්ප්‍රකාරයෙන් මනායතනය වේ.
Pali BJTසත්තවිධෙන මනායතනං: චක්ඛුවිඤ්ඤාණං සොතවිඤ්ඤාණං ඝානවිඤ්ඤාණං ජිව්හාවිඤ්ඤාණං කායවිඤ්ඤාණං මනොධාතු මනොවිඤ්ඤාණධාතු. එවං සත්තවිධෙන මනායතනං.
Sinhala BJTසප්තප්‍රකාරයෙකින් මනායතනය වෙයි: චක්‍ෂුර්විඥාන ය, ශ්‍රෝත්‍රවිඥාන ය, ඝ්‍රාණවිඥාන ය, ජිව්හාවිඥාන ය, කායවිඥාන ය, මනෝධාතු ය, මනෝවිඥානධාතු යි. මෙසේ සප්තප්‍රකාරයෙන් මනායතනය වේ.
Pali BJTඅට්ඨවිධෙන මනායතනං: චක්ඛුවිඤ්ඤාණං -පෙ- කායවිඤ්ඤාණං අත්ථි සුඛසහගතං, අත්ථි දුක්ඛසහගතං මනොධාතු මනොවිඤ්ඤාණධාතු. එවං අට්ඨවිධෙන මනායතනං.
Sinhala BJTඅෂ්ටප්‍රකාරයෙකින් මනායතනය වෙයි: චක්‍ෂුර්විඥාන ය, ශ්‍රෝත්‍රවිඥාන ය, ඝ්‍රාණවිඥාන ය, ජිව්හාවිඥාන ය, කායවිඥාන ය සුඛසහගත වූයෙක් ඇත, දුඃඛසහගත වූයෙක් ඇත, මනෝධාතු ය, මනෝවිඥානධාතු යි. මෙසේ අෂ්ටප්‍රකාරයෙන් මනායතනය වේ.
Pali BJTනවවිධෙන මනායතනං: චක්ඛුවිඤ්ඤාණං -පෙ- කායවිඤ්ඤාණං, මනොධාතු මනොවිඤ්ඤාණධාතු අත්ථි කුසලං අත්ථි අකුසලං, අත්ථි අව්යාකතං. එවං නවවිධෙන මනායතනං.
Sinhala BJTනවප්‍රකාරයෙකින් මනායතනය වෙයි: චක්‍ෂුර්විඥාන ය, ... කායවිඥාන ය, මනෝධාතු ය, මනෝවිඥානධාතුව කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. මෙසේ නවප්‍රකාරයෙන් මනායතනය වේ.
Pali BJTදසවිධෙන මනායතනං: චක්ඛුවිඤ්ඤාණං සොතවිඤ්ඤාණං ඝානවිඤ්ඤාණං ජිව්හාවිඤ්ඤාණං කායවිඤ්ඤාණං අත්ථි සුඛසහගතං, අත්ථි දුක්ඛසහගතං, මනොධාතු, මනොවිඤ්ඤාණධාතු අත්ථි කුසලං, අත්ථි අකුසලං, අත්ථි අව්යාකතං. එවං දසවිධෙන මනායතනං.
Sinhala BJTදශප්‍රකාරයෙකින් මනායතනය වෙයි: චක්‍ෂුර්විඥාන ය, ශ්‍රෝත්‍රවිඥාන ය, ඝ්‍රාණවිඥාන ය, ජිව්හාවිඥාන ය, කායවිඥාන ය සුඛසහගත වූයෙක් ඇත, දුඃඛසහගත වූයෙක් ඇත, මනෝධාතු ය, මනෝවිඥානධාතුව කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. මෙසේ දශප්‍රකාරයෙන් මනායතනය වේ.
Pali BJT232. එකවිධෙන මනායතනං: ඵස්සසම්පයුත්තං.
Sinhala BJT232. එක් ප්‍රකාරයෙකින් මනායතනය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන මනායතනං: අත්ථි සහෙතුකං අත්ථි අහෙතුකං.
Sinhala BJTද්විප්‍රකාරයෙකින් මනායතනය වෙයි: සහේතුක වූයෙක් ඇත. අහේතුක වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන මනායතනං: අත්ථි සුඛාය වෙදනාය සම්පයුත්තං, අත්ථි දුක්ඛාය වෙදනාය සම්පයුත්තං. අත්ථි අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තං -පෙ- එවං බහුවිධෙන මනායතනං. ඉදං වුච්චති මනායතනං.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් මනායතනය වෙයි: සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, උපේක්‍ෂාවේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇති. ... මෙසේ බහුප්‍රකාරයෙන් මනායතනය වේ. මේ මනායතනය යි කියනු ලැබේ.
Pali BJT233. තත්ථ කතමං රූපායතනං: යං රූපං චතුන්නං මහාභූතානං උපාදාය වණ්ණනිභා සනිදස්සනං සප්පටිඝං නීලං පීතකං{1} ලොහිතකං{2} ඔදාතං කාළකං මඤ්ජෙට්ඨකං හරි හරිවණ්ණං{3} අම්බඞ්කුරවණ්ණං දීඝං රස්සං අණුං ථූලං වට්ටං පරිමණ්ඩලං චතුරස්සං ඡළංසං අට්ඨංසං සොළසංසං නින්නං ථලං ඡායා ආතපො ආලොකො අන්ධකාරො අබ්භා මහිකා ධූමො රජො චන්දමණ්ඩලස්ස වණ්ණනිභා සුරියමණ්ඩලස්ස වණ්ණනිභා තාරක රූපානං වණ්ණනිභා ආදාසමණ්ඩලස්ස වණ්ණනිභා මණිසඞ්ඛමුත්තා{4} වෙළුරියස්ස වණ්ණනිභා ජාතරූපරජතස්ස වණ්ණනිභා යං වා පනඤ්ඤම්පි අත්ථි රූපං චතුන්නං මහාභූතානං උපාදාය වණ්ණනිභා සනිදස්සනං සප්පටිඝං යං රූපං සනිදස්සන සප්පටිඝං චක්ඛුනා අනිදස්සනෙන සප්පටිඝෙන පස්සී වා පස්සති වා පස්සිස්සති වා පස්සෙ වා රූපම්පෙතං රූපායතනම්පෙතං රූපධාතුපෙ’සා. ඉදං වුච්චති රූපායතනං.
Sinhala BJT233. එහි රූපායතනය කවරෙ යත්: යම් රූපයෙක් සතර මහාභූතයන් නිසා උපන් පැහැසටහන වූයේ සනිදර්‍ශනසප්‍රතිඝ වූ නිල ය, කහවන, ලේපැහැ ය, සුදු ය, කළු ය, මඳට ය, සම්වන, නිල්තණපැහැ ය, අඹදලුපැහැ ය, උස් ය, මිටි ය, කුදු ය, මහත් ය, වට ය, පිරිමඬුලු ය, සිව්රැස් ය, සඇස් ය, අටැස් ය, සොළසැස් ය, වළ ය, ගොඩ ය, සෙවණ ය, අවු ය, එළි ය, අඳුරු ය, වලා ය, හිම ය, දුම් ය, රජස් ය, සඳමඬලෙහි පැහැ ය, හිරුමඬලෙහි පැහැ ය, තරුපැහැ ය, කැටපත්මඬලෙහි පැහැ ය, මිණි - සක් - මුතු - වෙරළුමිණිපැහැ ය, රන් - රිදීපැහැ ය, යළි අන්‍ය වූ ද සතර මහාභූතයන් නිසා උපන් පැහැසටහන යි කියන ලද සනිදර්‍ශනසප්‍රතිඝ වූ යම් රූපයෙක් ඇද්ද, සනිදර්‍ශනසප්‍රතිඝ වූ යම් රූපයක් සනිදර්‍ශනසප්‍රතිඝ වූ ඇසින් දුටුයේ හෝ දකී හෝ දක්නේ හෝ දක්නේ නම් හෝ තෙල (රූ සටහන) රූප නමුදු වෙයි, රූපායතන නමුදු වෙයි, රූපධාතු නමුදු වේ. මේ රූපායතනය යි කියනු ලැබේ.
Pali BJT234. තත්ථ කතමං සද්දායතනං: යො සද්දො චතුන්නං මහාභූතානං උපාදාය අනිදස්සනො සප්පටිඝො, භෙරිසද්දො, මුතිඞ්ගසද්දො, සඞ්ඛසද්දො පණවසද්දො, ගීතසද්දො, වාදිතසද්දො, සම්මසද්දො, පාණිසද්දො, සත්තානං නිග්ඝොසසද්දො, ධාතූනං සන්නිඝාතසද්දො, වාතසද්දො, උදකසද්දො, මනුස්සසද්දො, අමනුස්සසද්දො, යො වා පනඤ්ඤොපි අත්ථි සද්දො චතුන්නං මහාභූතානං උපාදාය අනිදස්සනො සප්පටිඝො, යං සද්දං අනිදස්සනං සප්පටිඝා සොතෙන අනිදස්සනෙන සප්පටිඝෙන සුණී වා සුණාති වා සුණිස්සති වා සුණෙ වා සද්දො’පෙසො සද්දායතනම්පෙතං සද්දධාතුපෙසා. ඉදං වුච්චති සද්දායතනං.
Sinhala BJT234. එහි ශබ්දායතනය කවරෙ යත්: යම් ශබ්දයෙක් සතර මහාභූතයන් නිසා උපන් අනිදර්‍ශනසප්‍රතිඝ වූයේ ද, බෙරහඬ ය, මිහිඟුහඬ ය, සක්හඬ ය, පණාබෙරහඬ ය, ගීහඬ ය, වැයුම්හඬ ය, කස්තලහඬ ය, අත්තලහඬ ය, සත්ත්‍වයන්ගේ නිර්ඝෝෂ (අවියත්) හඬ ය, ධාතුන්ගේ උනුන් ගැටම්හඬ ය, සුළංහඬ ය, දියහඬ ය, මිනිස්හඬ ය, නොමිනිස් හඬ ය, යළි අන්‍ය වූ ද සතර මහාභූතයන් නිසා උපන් අනිදර්‍ශනසප්‍රතිඝ වූ යම් ශබ්දයෙකුත් ඇද්ද, අනිදර්‍ශනසප්‍රතිඝ වූ යම් ශබ්දයෙකුත් අනිදර්‍ශනසප්‍රතිඝ වූ ශ්‍රෝත්‍රයෙන් ඇසී හෝ අසා හෝ අසන්නේ හෝ අසන්නේ නම් හෝ තෙල ශබ්ද නමුදු වෙයි, තෙල ශබ්දායතන නමුදු වෙයි, තෙල ශබ්දධාතු නමුදු වේ. මේ ශබ්දායතනය යි කියනු ලැබේ.
Pali BJT235. තත්ථ කතමං ගන්ධායතනං: යො ගන්ධො චතුන්නං මහාභූතානං උපාදාය අනිදස්සනො සප්පටිඝො, මූලගන්ධො, සාරගන්ධො, තචගන්ධො පත්තගන්ධො, පුප්ඵගන්ධො ඵලගන්ධො ආමගන්ධො විස්සගන්ධො සුගන්ධො දුග්ගන්ධො යො වා පනඤ්ඤොපි අත්ථි ගන්ධො චතුන්නං මහාභූතානං උපාදාය අනිදස්සනො සප්පටිඝො, යං ගන්ධං අනිදස්සනං සප්පටිඝං ඝානෙන අනිදස්සනෙන සප්පටිඝෙන ඝායී වා ඝායති වා ඝායිස්සති වා ඝායෙ වා ගන්ධොපෙසො ගන්ධායතනම්පෙතං ගන්ධධාතුපෙසා, ඉදං වුච්චති ගන්ධායතනං.
Sinhala BJT235. එහි ගන්‍ධායතනය කවරෙ යත්: යම් ගන්‍ධයෙක් සතර මහාභූතයන් නිසා උපන් අනිදර්‍ශනසප්‍රතිඝ වූයේ මුල්ගඳ ය, හරගඳ ය, පොතුගඳ ය, පත්ගඳ ය, මල්ගඳ ය, ඵලගඳ ය, අමුගඳ ය, කුණුගඳ ය, සුවඳ ය, දුගඳ ය, යළි අන්‍ය වූ ද සතර මහාභූතයන් නිසා උපන් අනිදර්‍ශනසප්‍රතිඝ වූ යම් ගන්‍ධයෙක් හෝ ඇද්ද, අනිදර්‍ශනසප්‍රතිඝ වූ යම්ගන්‍ධයක් අනිදර්‍ශන සප්‍රතිඝ වූ ඝ්‍රාණයෙන් ඇසී හෝ අසා හෝ අසන්නේ හෝ අසන්නේ නම් හෝ ගඳ නමුදු තෙල ය, ගන්‍ධායතන නමුදු තෙල ය, ගන්‍ධධාතු නමුදු තෙල යි. මේ ගන්‍ධායතනය යි කියනු ලැබේ.
Pali BJT236. තත්ථ කතමං රසායතනං: යො රසො චතුන්නං මහාභූතානං උපාදාය අනිදස්සනො සප්පටිඝො මූලරසො ඛන්ධරසො තචරසො පත්තරසො පුප්ඵරසො ඵලරසො අම්බිලං මධුරං තිත්තකං කටුකං ලොණිකං ඛාරිකං ලපිලකං{1} කසාවො සාදු අසාදු, යො වා පනඤ්ඤොපි අත්ථි රසො චතුන්නං මහාභූතානං උපාදාය අනිදස්සනො සප්පටිඝො යං රසං අනිදස්සනං සප්පටිඝං ජිව්හාය අනිදස්සනාය සප්පටිඝාය සායී වා සායති වා සාසිස්සති වා සායෙ වා රසොපෙසො රසායතනම්පෙතං රසධාතුපෙසා, ඉදං වුච්චති රසායතනං.
Sinhala BJT236. එහි රසායතනය කවරෙ යත්: යම් රසයෙක් සතර මහාභූතයන් නිසා උපන් අනිදර්‍ශනසප්‍රතිඝ වූයේ මුල්රස ය, කඳරස ය, පොතුරස ය, පත්රස ය, මල්රස ය, ඵලරස ය, ඇඹුල් ය, මිහිරි ය, තිත්ත ය, කුළු ය, ලුණු ය, කර ය, ලපිල (දිවුලු ඈ කසටැඹුල) ය, මිහිරි ය, නො මිහිරි ය, යළි අන්‍ය වූ ද සතර මහාභූතයන් නිසා උපන් අනිදර්‍ශනසප්‍රතිඝ වූ යම් රසයෙක් හෝ ඇද්ද, අනිදර්‍ශනසප්‍රතිඝ වූ යම් රසයක් අනිදර්‍ශනසප්‍රතිඝ වූ දිවින් වින්දේ හෝ විඳී හෝ විඳින්නේ හෝ විඳින්නේ නම් හෝ තෙල රස නමුදු වෙයි, තෙල රසායතන නමුදු වෙයි, තෙල රසධාතු නමුදු වේ. මේ රසායතනය යි කියනු ලැබේ.
Pali BJT237. තත්ථ කතමං ඵොට්ඨබ්බාතනං: පඨවීධාතු තෙජොධාතු වායොධාතු කක්ඛලං මුදුකං සණ්හං ඵරුසං සුඛසම්ඵස්සං දුක්ඛසම්ඵස්සං ගරුකං ලහුකං යං ඵොට්ඨබ්බං අනිදස්සනං සප්පටිඝං කායෙන අනිදස්සනෙන සප්පටිඝෙන ඵුසී වා ඵුසති වා ඵුසිස්සති වා ඵුසෙ වා ඵොට්ඨබ්බො’පෙසො ඵොට්ඨබ්බායතනම්පෙතං ඵොට්ඨබ්බධාතුපෙසා, ඉදං වුච්චති ඵොට්ඨබ්බායතනං.
Sinhala BJT237. එහි ඵොට්ඨබ්බායතනය කවරෙ යත්: තද වූ මොළොක් වූ සිලුටු වූ රළු වූ සුවපහස් වූ දුක්පහස් වූ බර වූ නො බර වූ (කර්‍කශත්‍වලක්‍ෂණ වූ) පෘථිවිධාතු ය, (උෂ්ණත්‍ව ලක්‍ෂණ වූ) තේජෝධාතු ය, (විස්තම්භන ලක්‍ෂණ වූ) වායෝධාතු ය, අනිදර්‍ශනසප්‍රතිඝ වූ යම් ස්ප්‍රෂ්ටව්‍යයක් අනිදර්‍ශනසප්‍රතිඝ වූ කයින් පැහැසී හෝ පහසා හෝ පහස්නේ හෝ පහස්නේ නම් හෝ තෙල (පඨවි - ආපෝ - තේජෝධාතුව) ඵොට්ඨබ්බ නමුදු වෙයි, තෙල ඵොට්ඨබ්බායතන නමුදු වෙයි, තෙල ඵොට්ඨබ්බධාතු නමුදු වේ, මේ ස්ප්‍රෂ්ටව්‍යායතනය යි කියනු ලැබේ.
Pali BJT238. තත්ථ කතමං ධම්මායතනං: වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො, යං ච රූපං අනිදස්සනං අප්පටිඝං ධම්මායතනපරියාපන්නං අසඞ්ඛතා ච ධාතු.
Sinhala BJT238. එහි ධර්‍මායතනය කවරෙ යත්: වේදනාස්කන්‍ධය ය, සංඥාස්කන්‍ධ ය, සංස්කාරස්කන්‍ධ ය, අනිදර්‍ශන වූ අප්‍රතිඝ වූ ධර්‍මායතනපර්‍ය්‍යාපන්න වූ යම් රූපයෙකුත් ඇද්ද, අසඞ්ඛතධාතුව දැයි.
Pali BJTතත්ථ කතමො වෙදනාක්ඛන්ධො: එකවිධෙන වෙදනාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJTඑහි වේදනාස්කන්‍ධය කවරෙ යත්: එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන වෙදනාක්ඛන්ධො: අත්ථි සහෙතුකො අත්ථි අහෙතුකො.
Sinhala BJTද්වීප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: සහේතුක වූයෙක් ඇත. අහේතුක වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන වෙදනාක්ඛන්ධො: අත්ථි කුසලො අත්ථි අකුසලො අත්ථි අව්යාකතො -පෙ- එවං දසවිධෙන වෙදනාක්ඛන්ධො -පෙ- එවං බහුවිධෙන වෙදනාක්ඛන්ධො. අයං වුච්චති වෙදනාක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වේ. ... මෙසේ බහුප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ. මේ වේදනාස්කන්‍ධය යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො සඤ්ඤාක්ඛන්ධො: එකවිධෙන සඤ්ඤාක්ඛන්ධො: ඵස්සසම්පයුත්තො.
Sinhala BJTඑහි සංඥාස්කන්‍ධය කවරෙ යත්: එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි සහෙතුකො අත්ථි අහෙතුකො.
Sinhala BJTද්වීප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: සහේතුක වූයෙක් ඇත. අහේතුක වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන සඤ්ඤාක්ඛන්ධො: අත්ථි කුසලො අත්ථි අකුසලො අත්ථි අව්යාකතො -පෙ- එවං දසවිධෙන සඤ්ඤාක්ඛන්ධො -පෙ- එවං බහුවිධෙන සඤ්ඤාක්ඛන්ධො. අයං වුච්චති සඤ්ඤාක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: කුසල් වූයෙක් ඇත, අකුසල් වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වේ. ... මෙසේ බහුප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ. මේ සංඥාස්කන්‍ධය යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො සඞ්ඛාරක්ඛන්ධො: එකවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: චිත්තසම්පයුත්තො.
Sinhala BJTඑහි සංස්කාරස්කන්‍ධය කවරෙ යත්: එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
Pali BJTදුවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: අත්ථි හෙතු අත්ථි න හෙතු.
Sinhala BJTද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: හේතු වූයෙක් ඇත. හේතු නො වූයෙක් ඇති.
Pali BJTතිවිධෙන සඞ්ඛාරක්ඛන්ධො: අත්ථි කුසලො අත්ථි අකුසලො අත්ථි අව්යාකතො -පෙ- එවං දසවිධෙන සඞ්ඛාරක්ඛන්ධො -පෙ- එවං බහුවිධෙන සඞ්ඛාරක්ඛන්ධො. අයං වුච්චති සඞ්ඛාරක්ඛන්ධො.
Sinhala BJTත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: කුසල් වූයෙක් ඇත, අකුසල් වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ. ... මෙසේ බහුප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ. මේ සංස්කාරස්කන්‍ධය යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං රූපං අනිදස්සන අප්පටිඝං ධම්මායතන පරියාපන්නං: ඉත්ථින්ද්රියං පුරිසින්ද්රියං -පෙ- කබළිංකාරො ආහාරො. ඉදං වුච්චති රූපං අනිදස්සනං අප්පටිඝං ධම්මායතනපරියාපන්නං.
Sinhala BJTඑහි ධර්‍මායතනපර්‍ය්‍යාපන්න වූ අනිදර්‍ශනඅප්‍රතිඝරූපය කවරෙ යත්: ස්ත්‍රීන්‍ද්‍රිය ය, පුරුෂේන්‍ද්‍රිය ය, ... කවලීකාරාහාර යි. මේ ධර්‍මායතනපර්‍ය්‍යාපන්න වූ අනිදර්‍ශන අප්‍රතිඝ රූපය යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා අසඞ්ඛතා ධාතු: රාගක්ඛයො දොසක්ඛයො මොහක්ඛයො අයං වුච්චති අසඞ්ඛතා ධාතු, ඉදං වුච්චති ධම්මායතනං.
Sinhala BJTඑහි අසංඛතධාතු කවරෙ යත්: රාගක්‍ෂය ය, දෝෂක්‍ෂය ය, මෝහක්‍ෂය යි. මේ අසංඛතධාතුය යි කියනු ලැබේ. මේ ධර්‍මායතනය යි කියනු ලැබේ.
Pali BJTඅභිධම්මභාජනියං.
Sinhala BJTඅභිධර්‍මභාජනීය යි.
Pali BJT239 ද්වාදසායතනානි: චක්ඛායතනං, රූපායතනං, සොතායතනං, සද්දායතනං, ඝානායතනං. ගන්ධායතනං, ජිව්හායතනං, රසායතනං, කායායතනං, ඵොට්ඨබ්බායතනං, මනායතනං, ධම්මායතනං.
Sinhala BJT239. ආයතන දොළොසෙකි: චක්‍ෂුරායතන ය, රූපායතන ය, ශ්‍රෝත්‍රායතන ය, ශබ්දායතන ය, ඝ්‍රාණායතන ය, ගන්‍ධායතන ය, ජිව්හායතන ය, රසායතන ය, කායායතන ය, ස්ප්‍රෂ්ටව්‍යායතන ය, මනායතන ය, ධර්‍මායතන යි.
Pali BJT240. ද්වාදසන්නං ආයතනානං කති කුසලා, කති අකුසලා, කති අව්යාකතා -පෙ- කති සරණා, කති අරණා.
Sinhala BJT240. දොළොස් ආයතනයන් අතුරෙහි කුශලයෝ කෙතෙක් ද, අකුශලයෝ කෙතෙක් ද, අව්‍යාකෘතයෝ කෙතෙක් ද, ... සරණයෝ කෙතෙක් ද, අරණයෝ කෙතෙක් ද යත්:
Pali BJT241. දසායතනා අව්යාකතා, ද්වායතනා සියා කුසලා, සියා අකුසලා, සියා අව්යාකතා.
Sinhala BJT241. දශආයතන කෙනෙක් අව්‍යාකෘතයහ, ආයතනයෝ දෙදෙනෙක් කුසල් ද වන්නාහ, අකුසල් ද වන්නාහ, අව්‍යාකෘත ද වන්නාහු යි.
Pali BJTදසායතනා න වත්තබ්බා සුඛාය වෙදනාය සම්පයුත්තාති’පි, දුක්ඛාය වෙදනාය සම්පයුත්තා’පි අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තාති’පි. මනායතනං සියා සුඛාය වෙදනාය සම්පයුත්තං, සියා දුක්ඛාය වෙදනාය සම්පයුත්තං, සියා අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තං, ධම්මායතනං සියා සුඛාය වෙදනාය සම්පයුත්තං, සියා දුක්ඛාය වෙදනාය සම්පයුත්තං, සියා අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තං, සියා න වත්තබ්බං සුඛාය වෙදනාය සම්පයුත්තන්ති’පි දුක්ඛාය වෙදනාය සම්පයුත්තන්ති’පි අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තන්ති’පි.
Sinhala BJTදශආයතන කෙනෙක් සුඛවේදනාව හා සම්ප්‍රයුක්තහ යි ද දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්තහ යි ද උපේක්‍ෂාවේදනාව හා සම්ප්‍රයුක්තහ යි ද නො කියයුත්තාහ. මනායතනය සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නේ ය, දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නේ ය, උපේක්‍ෂාවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නේ ය. ධර්‍මායතනය සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නේ ය, දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නේ ය, උපේක්‍ෂාවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නේ ය. සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත යි ද දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්ත යි ද උපේක්‍ෂාවේදනාව හා සම්ප්‍රයුක්ත යි ද නො කියයුතු ද වන්නේ ය.
Pali BJTදසායතනා නෙවවිපාකනවිපාකධම්මධම්මා, ද්වායතනා සියා විපාකා, සියා විපාකධම්මධම්මා. සියා නෙවවිපාකනවිපාකධම්මධම්මා.
Sinhala BJTදශායතනයෝ නො මැ විපාක වූ විපාකස්වභාවධර්‍ම ද නො වූවාහු ය, ආයතනයෝ දෙදෙනෙක් විපාක ද වන්නාහ, විපාකස්වභාවධර්‍ම ද වන්නාහ, නෛවවිපාකනවිපාකස්වභාවධර්‍ම ද වන්නාහු යි.
Pali BJTපඤ්චායතනා උපාදින්නුපාදානියා, සද්දායතනං අනුපාදින්නුපාදානියං චත්තාරො ආයතනා සියා අනුපාදින්නුපාදානියා, ද්වායතනා සියා උපාදින්නුපාදානියා, සියා අනුපාදින්නුපාදානියා, සියා අනුපාදින්නඅනුපාදානියා.
Sinhala BJTපස් ආයතන කෙනෙක් උපාදින්නෝපාදානිය වෙති, ශබ්දායතනය අනුපාදින්නෝපාදානිය වෙයි, සතර ආයතන කෙනෙක් උපාදින්නෝපාදානිය ද වන්නාහ, අනුපාදින්නෝපාදානිය ද වන්නාහ, ආයතනයෝ දෙදෙනෙක් උපාදින්නෝපාදානිය ද වන්නාහ, අනුපාදින්නෝපාදානිය ද වන්නාහ, අනුපාදින්නඅනුපාදානිය ද වන්නාහු යි.
Pali BJTදසායතනා අසංකිලිට්ඨසංකිලෙසිකා, ද්වායතනා සියා සංකිලිට්ඨසංකිලෙසිකා, සියා අසංකිලිට්ඨසංකිලෙසිකා, සියා අසංකිලිට්ඨඅසංකිලෙසිකා.
Sinhala BJTදශායතනයෝ අසංක්ලිෂ්ටසාංක්ලේශිකයෝ ය, ආයතනයෝ දෙදෙනෙක් සංක්ලිෂ්ටසාංක්ලේශික ද වන්නාහ, අසංක්ලිෂ්ටසාංක්ලේශික ද වන්නාහ, අසංක්ලිෂ්ටඅසාංක්ලේශික ද වන්නාහු යි.
Pali BJTදසායතනා අවිතක්කඅවිචාරා, මනායතනං සියා සවිතක්කසවිචාරං සියා අවිතක්කවිචාරමත්තං, සියා අවිතක්කඅවිචාරං. ධම්මායතනං සියා සවිතක්කසවිචාරං, සියා අවිතක්කවිචාරමත්තං, සියා අවිතක්කඅවිචාරං සියා න වත්තබ්බං සවිතක්කසවිචාරන්ති’පි අවිතක්කවිචාරමත්තන්ති’පි. අවිතක්කඅවිචාරන්ති’පි.
Sinhala BJTදශායතනයෝ අවිතර්‍කඅවිචාරයහ. මනායතනය සවිතර්‍කසවිචාර ද වන්නේ ය, අවිතර්‍කවිචාරමාත්‍ර ද වන්නේ ය, අවිතර්‍කඅවිචාර ද වන්නේ ය. ධර්‍මායතනය සවිතර්‍කසවිචාර ද වන්නේ ය, අවිතර්‍කවිචාරමාත්‍ර ද වන්නේ ය, අවිතර්‍කඅවිචාර ද වන්නේ ය, සවිතර්‍කසවිචාර යි ද අවිතර්‍කවිචාරමාත්‍ර යි ද අවිතර්‍කඅවිචාර යි ද නො කියයුතු ද වන්නේ යි.
Pali BJTදසායතනා න වත්තබ්බා පීතිසහගතාති’පි සුඛසහගතාති’පි උපෙක්ඛාසහගතාති’පි, ද්වායතනා සියා පීතිසහගතා, සියා සුඛසහගතා, සියා උපෙක්ඛාසහගතා, සියා න වත්තබ්බා පීතිසහගතාති’පි සුඛසහගතාති’පි උපෙක්ඛාසහගතාති’පි.
Sinhala BJTදශායතනයෝ ප්‍රීතිසහගතහ යි ද සුඛසහගතහ යි ද උපේක්‍ෂාසහගතහ යි ද නො කියයුතු වන්නාහ. ආයතනයෝ දෙදෙනෙක් ප්‍රීතිසහගත ද වන්නාහ, සුඛ සහගත ද වන්නාහ, උපේක්‍ෂාසහගත ද වන්නාහ. ප්‍රීතිසහගතහ යි ද සුඛසහගතහ යි ද උපේක්‍ෂාසහගතහ යි ද නො කියයුතු ද වන්නාහු යි.
Pali BJTදසායතනා නෙවදස්සනෙන න භාවනාය පහාතබ්බා, ද්වායතනා සියා දස්සනෙන පහාතබ්බා, සියා භාවනාය පහාතබ්බා, සියා නෙවදස්සනෙන න භාවනාය පහාතබ්බා.
Sinhala BJTදශායතනයෝ නො මැ දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රභාතව්‍යයහ. ආයතනයෝ දෙදෙනෙක් දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යය ද වන්නාහ, භාවනායෙන් ප්‍රහාතව්‍ය ද වන්නාහ, නො මැ දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය ද වන්නාහු ය.
Pali BJTදසායතනා නෙවදස්සනෙන න භාවනාය පහාතබ්බහෙතුකා, ද්වායතනා සියා දස්සනෙන පහාතබ්බහෙතුකා, සියා භාවනාය පහාතබ්බහෙතුකා, සියා නෙවදස්සනෙන න භාවනාය පහාතබ්බහෙතුකා.
Sinhala BJTදශායතනයෝ නො මැ දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය වූ හේතු ඇත්තාහ. ආයතනයෝ දෙදෙනෙක් දර්‍ශනයෙන් ප්‍රභාතව්‍යහේතුක ද වන්නාහ, භාවනායෙන් ප්‍රභාතව්‍යහේතුක ද වන්නාහ. නො මැ දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රභාතව්‍යහේතුක ද වන්නාහු ය.
Pali BJTදසායතනා නෙවාචයගාමිනාපචයගාමිනො, ද්වායතනා සියා ආචයගාමිනො, සියා අපචයගාමිනො, සියා නෙවආචයගාමිනාපචයගාමිනො.
Sinhala BJTදශායතනයෝ නො මැ ආචයගාමී නො ද අපචයගාමීහ. ආයතනයෝ දෙදෙනෙක් ආචයගාමී ද වන්නාහ, අපචයගාමී ද වන්නාහ, නො මැ ආචයගාමී නො ද අපචයගාමී ද වන්නාහු ය.
Pali BJTදසායතනා නෙව සෙක්ඛා නාසෙක්ඛා, ද්වායතනා සියා සෙක්ඛා, සියා අසෙක්ඛා, සියා නෙව සෙක්ඛා නාසෙක්ඛා.
Sinhala BJTදශායතනයෝ නො මැ ශෛක්‍ෂයහ, නො ද අශෛක්‍ෂයහ, ආයතනයෝ දෙදෙනෙක් ශෛක්‍ෂ ද වන්නාහ, අශෛක්‍ෂ ද වන්නාහ, නො ම ශෛක්‍ෂ නො ද අශෛක්‍ෂ ද වන්නාහු ය.
Pali BJTදසායතනා පරිත්තා, ද්වායතනා සියා පරිත්තා, සියා මහග්ගතා, සියා අප්පමාණා.
Sinhala BJTදශායතනයෝ පරිත්තයහ. ආයතනයෝ දෙදෙනෙක් පරිත්ත ද වන්නාහ, මහද්ගත ද වන්නාහ, අප්‍රමාණ ද වන්නාහු ය.
Pali BJTදසායතනා අනාරම්මණා, ද්වායතනා සියා පරිත්තාරම්මණා, සියා මහග්ගතාරම්මණා, සියා අප්පමාණාරම්මණා, සියා න වත්තබ්බා පරිත්තාරම්මණාතිපි මහග්ගතාරම්මණාතිපි අප්පමාණාරම්මණාතිපි.
Sinhala BJTදශායතනයෝ අනාලම්බනයහ. ආයතනයෝ දෙදෙනෙක් පරිත්තාලම්බන ද වන්නාහ, මහද්ගතාලම්බන ද වන්නාහ, අප්‍රමාණාලම්බන ද වන්නාහ, පරිත්තාලම්බනහ යි ද මහද්ගතාලම්බනහ යි ද අප්‍රමාණාලම්බනහ යි ද නො කියයුතු ද වන්නාහු ය.
Pali BJTදසායතනා මජ්ඣිමා, ද්වායතනා සියා හීනා, සියා මජ්ඣිමා, සියා පණීතා.
Sinhala BJTදශායතනයෝ මධ්‍යමයහ. ආයතනයෝ දෙදෙනෙක් හීන ද වන්නාහ, මධ්‍යම ද වන්නාහ, ප්‍රණීත ද වන්නාහු ය.
Pali BJTදසායතනා අනියතා, ද්වායතනා සියා මිච්ඡත්තනියතා, සියා සම්මත්තනියතා, සියා අනියතා.
Sinhala BJTදශායතනයෝ අනියතයහ. ආයතනයෝ දෙදෙනෙක් මිථ්‍යාත්‍වනියත ද වන්නාහ, සම්‍යක්ත්‍වනියත ද වන්නාහ, අනියත ද වන්නාහු ය.
Pali BJTදසායතනා අනාරම්මණා, ද්වායතනා සියා මග්ගාරම්මණා, සියා මග්ගහෙතුකා, සියා මග්ගාධිපතිනො, සියා න වත්තබ්බා මග්ගාරම්මණාති’පි මග්ගහෙතුකාති’පි මග්ගාධිපතිනොති’පි.
Sinhala BJTදශායතනයෝ අනාලම්බනයහ, ආයතනයෝ දෙදෙනෙක් මාර්‍ගාලම්බන ද වන්නාහ, මාර්‍ගහේතුක ද වන්නාහ, මාර්‍ගාධිපති ද වන්නාහ, මාර්‍ගාලම්බන යි ද මාර්‍ගහේතුක යි ද මාර්‍ගාධිපති යි ද නො කියයුතු ද වන්නාහු ය.
Pali BJTපඤ්චායතනා සියා උප්පන්නා, සියා උප්පාදිනො, න වත්තබ්බා අනුප්පන්නාති, සද්දායතනං සියා උප්පන්නං, සියා අනුප්පන්නං, න වත්තබ්බං උප්පාදීති, පඤ්චායතනා සියා උප්පන්නා, සියා අනුප්පන්නා සියා උප්පාදිනො, ධම්මායතනං සියා උප්පන්නං, සියා අනුප්පන්නං, සියා උප්පාදි, සියා න වත්තබ්බං උප්පන්නන්ති’පි අනුප්පන්නන්ති’පි උප්පාදීති’පි.
Sinhala BJTආයතනයෝ පස් දෙනෙක් උත්පන්න ද වන්නාහ, උත්පාදී ද වන්නාහ, අනුත්පන්නහ යි නො කියයුතු වන්නාහ. ශබ්දායතනය උත්පන්න ද වන්නේ ය, අනුත්පන්න ද වන්නේ ය, උත්පාදී ය යි නො කියයුතු ය. ආයතනයෝ පස් දෙනෙක් උත්පන්න ද වන්නාහ, අනුත්පන්න ද වන්නාහ, උත්පාදී ද වන්නාහ, ධර්‍මායතනය උත්පන්න ද වන්නේ ය, අනුත්පන්න ද වන්නේ ය, උත්පාදී ද වන්නේ ය, උත්පන්න යි ද අනුත්පන්න යි ද උත්පාදී යි ද නො කියයුතු ද වන්නේ යි.
Pali BJTඑකාදසායතනා සියා අතීතා, සියා අනාගතා, සියා පච්චුප්පන්නා, සියා න වත්තබ්බං අතීතන්ති’පි අනාගතන්ති’පි පච්චුප්පන්නන්ති’පි.
Sinhala BJTඑකොළොස් ආයතන කෙනෙක් අතීත ද වන්නාහ, අනාගත ද වන්නාහ, පච්චුප්පන්න ද වන්නාහ. ධර්‍මායතනය අතීත ද වන්නේ ය, අනාගත ද වන්නේ ය, පච්චුප්පන්න ද වන්නේ ය, අතීත යි ද අනාගත යි ද ප්‍රත්‍යුත්පන්න යි ද නො කියයුතු ද වන්නේ යි.
Pali BJTදසායතනා අනාරම්මණා, ද්වායතනා සියා අතීතාරම්මණා සියා අනාගතාරම්මණා, සියා පච්චුප්පන්නාරම්මණා, සියා න වත්තබ්බා අතීතාරම්මණාති’පි අනාගතාරම්මණාති’පි පච්චුප්පන්නාරම්මණාති’පි.
Sinhala BJTදශායතනයෝ අනාලම්බනයහ. ආයතනයෝ දෙදෙනෙක් අතීතාලම්බන ද වන්නාහ, අනාගතාලම්බන ද වන්නාහ, ප්‍රත්‍යුත්පන්නාලම්බන ද වන්නාහ, අතීතාලම්බනහ යි ද අනාගතාලම්බනහ යි ද ප්‍රත්‍යුත්පන්නාලම්බනහ යි ද නො කියයුතු ද වන්නාහු ය.
Pali BJTසියා අජ්ඣත්තා, සියා බහිද්ධා, සියා අජ්ඣත්තබහිද්ධා.
Sinhala BJT(දොළොස් ආයතනයෝ) අද්ධ්‍යාත්ම ද වන්නාහ, බාහිර ද වන්නාහ, අද්ධ්‍යාත්ම බාහිර ද වන්නාහු ය.
Pali BJTදසායතනා අනාරම්මණා, ද්වායතනා සියා අජ්ඣත්තාරම්මණා, සියා බහිද්ධාරම්මණා, සියා අජ්ඣත්තබහිද්ධාරම්මණා, සියා න වත්තබ්බා අජ්ඣත්තාරම්මණාතිපි බහිද්ධාරම්මණාතිපි අජ්ඣත්තබහිද්ධාරම්මණාතිපි.
Sinhala BJTදශායතනයෝ අනාලම්බනයහ. ආයතනයෝ දෙදෙනෙක් අද්ධ්‍යාත්මාලම්බන ද වන්නාහ, බාහිරාලම්බන ද වන්නාහ, අද්ධ්‍යාත්මබාහිරාලම්බන ද වන්නාහ, අද්ධ්‍යාත්මාලම්බන යි ද බාහිරාලම්බන යි ද අද්ධ්‍යාත්මබාහිරාලම්බන යි ද නො කියයුතු ද වන්නේ යි.
Pali BJTරූපායතනං සනිදස්සනසප්පටිඝං, නවායතනා අනිදස්සනසප්පටිඝා, ද්වායතනා අනිදස්සනඅප්පටිඝා.
Sinhala BJTරූපායතනය සනිදර්‍ශනසප්‍රතිඝ ය, ආයතනයෝ නවදෙනෙක් අනිදර්‍ශනසප්‍රතිඝයහ. ආයතනයෝ දෙදෙනෙක් අනිදර්‍ශනඅප්‍රතිඝ වන්නාහු යි.
Pali BJT242. එකාදසායතනා න හෙතු. ධම්මායතනං සියා හෙතු, සියා න හෙතු.
Sinhala BJT242. එකොළොස් ආයතන කෙනෙක් හේතු නො වෙති. ධර්‍මායතනය හේතු ද වෙයි, නහේතු ද වේ.
Pali BJTදසායතනා අහෙතුකා. ද්වායතනා සියා සහෙතුකා, සියා අහෙතුකා.
Sinhala BJTදශායතනයෝ අහේතුකයහ. ආයතනයෝ දෙදෙනෙක් සහේතුක ද වන්නාහ, අහේතුක ද වන්නාහු ය.
Pali BJTදසායතනා හෙතුවිප්පයුත්තා. ද්වායතනා සියා හෙතුසම්පයුත්තා, සියා හෙතුවිප්පයුත්තා.
Sinhala BJTදශායතනයෝ හේතුවිප්‍රයුක්තයහ. ආයතනයෝ දෙදෙනෙක් හේතුසම්ප්‍රයුක්ත ද වන්නාහ, හේතුවිප්‍රයුක්ත ද වන්නාහු ය.
Pali BJTදසායතනා න වත්තබ්බා හෙතු චෙව සහෙතුකාති’පි, සහෙතුකා චෙව න ච හෙතූතිපි. මනායතනං න වත්තබ්බං හෙතු චෙව සහෙතුකන්ති, සියා සහෙතුකං චෙව න ච හෙතු, සියා න වත්තබ්බං සහෙතුකඤ්චෙව න ච හෙතූති. ධම්මායතනං සියා හෙතූ චෙව සහෙතුකඤ්ච, සියා සහෙතුකං චෙව න ච හෙතු, සියා න වත්තබ්බං හෙතූ චෙව සහෙතුකන්ති’පි සහෙතුකඤ්චෙව න ච හෙතූති’පි.
Sinhala BJTදශායතනයෝ හේතු ද වූ මැ සහේතුක යි ද සහේතුක ද වූ මැ නො ද හේතු යි ද නො කිය යුත්තාහ. මනායතනය හේතු ද වූ මැ සහේතුක යි නො කියයුතු ය. සහේතුක වූ මැ නො ද හේතු ද වන්නේ ය. සහේතුක වූ මැ නො ද හේතු යි නො කියයුතු ද වන්නේ ය, ධර්‍මායතනය හේතු ද වූ මැ සහේතුක ද වන්නේ ය, සහේතුක ද වූ මැ නො ද හේතු ද වන්නේ ය, හේතු ද වූ මැ සහේතුකැ යි ද සහේතුක ද වූ ම නො ද හේතු යි ද නො කියයුතු ද වන්නේ යි.
Pali BJTදසායතනා න වත්තබ්බා හෙතු චෙව හෙතුසම්පයුත්තාති’පි හෙතුසම්පයුත්තා චෙව න ච හෙතූති’පි. මනායතනං න වත්තබ්බං හෙතූ චෙව හෙතුසම්පයුත්තන්ති, සියා හෙතුසම්පයුත්තං චෙව න ච හෙතූ, සියා න වත්තබ්බං හෙතුසම්පයුත්තං චෙව න ච හෙතූති, ධම්මායතනං සියා හෙතූ චෙව හෙතුසම්පයුත්තං ච, සියා හෙතුසම්පයුත්තං චෙව න ච හෙතූ, සියා න වත්තබ්බං හෙතු චෙව හෙතුසම්පයුත්තන්ති’පි හෙතුසම්පයුත්තං චෙව න ච හෙතූති’පි.
Sinhala BJTදශායතනයෝ හේතු ද වූ මැ හේතුසම්ප්‍රයුක්තයහ යි ද හේතුසම්ප්‍රයුක්ත ද වූ මැ නො ද හේතුහ යි ද නො කියයුත්තාහ. මනායතනය හේතු ද වූ මැ හේතුසම්ප්‍රයුක්තයෙකැ යි නො කියයුතු ය. හේතු සම්ප්‍රයුක්ත වූ මැ නොද හේතු ද වන්නේ ය. හේතු සම්ප්‍රයුක්ත ද වූ මැ නොද හේතු යි නො කියයුතු ය. ධර්‍මායතනය හේතු ද වූ මැ හේතුසම්ප්‍රයුක්ත ද වන්නේ ය, හේතුසම්ප්‍රයුක්ත ද වූ මැ නොද හේතු ද වන්නේ ය, හේතු ද වූ මැ හේතුසම්ප්‍රයුක්තයෙකැ යි ද හේතුසම්ප්‍රයුක්ත ද වූ මැ නො ද හේතුයෙකැ යි ද නො කියයුතු ද වන්නේ යි.
Pali BJTදසායතනා න හෙතු අහෙතුකං. මනායතනං සියා න හෙතු සහෙතුකං, සියා න හෙතු අහෙතුකං. ධම්මායතනං සියා න හෙතු සහෙතුකං, සියා න හෙතු අහෙතුකං, සියා න වත්තබ්බං න හෙතු සහෙතුකන්ති’පි න හෙතු අහෙතුකන්ති’පි.
Sinhala BJTදශායතනයෝ හේතු නො වූ අහේතුකයෝ ය. මනායතනය හේතු නො වූ සහේතුක ද වන්නේ ය, හේතු නො වූ අහේතුක ද වන්නේ ය. ධර්‍මායතනය හේතු නො වූ සහේතුක ද වන්නේ ය, හේතු නො වූ අහේතුක ද වන්නේ ය, හේතු නො වූ මැ සහේතුක යි ද හේතු නො වූ අහේතුක යි ද නො කියයුතු වන්නේ යි.
Pali BJT243. එකාදසායතනා සප්පච්චයා. ධම්මායතනං සියා සප්පච්චයං සියා අප්පච්චයං.
Sinhala BJT243. එකොළොස් ආයතන කෙනෙක් සප්‍රත්‍යයෝ ය. ධර්‍මායතනය සප්‍රත්‍යය ද වන්නේ ය, අප්‍රත්‍යය ද වන්නේ යි.
Pali BJTඑකාදසායතනා සඞ්ඛතා. ධම්මායතනං සියා සඞ්ඛතං සියා අසඞ්ඛතං.
Sinhala BJTඑකොළොස් ආයතන කෙනෙක් සංඛත වන්නාහ. ධර්‍මායතනය සංඛත ද වන්නේ ය, අසංඛත ද වන්නේ යි.
Pali BJTරූපායතනං සනිදස්සනං. එකාදසායතනා අනිදස්සනා.
Sinhala BJTරූපායතනය සනිදර්‍ශන ය. එකොළොස් ආයතනයෝ අනිදර්‍ශනයෝ යි.
Pali BJTදසායතනා සප්පටිඝා. ද්වායතනා අප්පටිඝා.
Sinhala BJTදශායතනයෝ සප්‍රතිඝයෝ ය. ආයතනයෝ දෙදෙනෙක් අප්‍රතිඝයෝ යි.
Pali BJTදසායතනා රූපා. මනායතනං අරූපං, ධම්මායතනං සියා රූපං, සියා අරූපං.
Sinhala BJTදශායතනයෝ රූපයෝ ය. මනායතනය අරූප ය, ධර්‍මායතනය රූප ද වන්නේ ය, අරූප ද වන්නේ යි.
Pali BJTදසායතනා ලොකියා. ද්වායතනා සියා ලොකියා, සියා ලොකුත්තරා
Sinhala BJTදශායතනයෝ ලෞකිකයෝ ය. ආයතනයෝ දෙදෙනෙක් ලෞකික ද වන්නාහ, ලෝකෝත්තර ද වන්නාහු ය.
Pali BJTකෙනචි විඤ්ඤෙය්යා, කෙනචි න විඤ්ඤෙය්යා.
Sinhala BJT(දොළොස් ආයතනයෝ) කිසි විඥානයෙකින් දතයුත්තාහ. කිසි විඥානයෙකින් නො දත යුත්තාහු ය.
Pali BJT244. එකාදසායතනා නො ආසවා, ධම්මායතනං සියා ආසවො සියා නො ආසවො.
Sinhala BJT244. එකොළොස් ආයතන කෙනෙක් ආස්‍රව නො වන්නාහ. ධර්‍මායතනය ආස්‍රව ද වන්නේ ය, නොද ආස්‍රව ද වන්නේ යි.
Pali BJTදසායතනා සාසවා, ද්වායතනා සියා සාසවා සියා අනාසවා.
Sinhala BJTදශායතනයෝ ආස්‍රවසහිතයෝ ය. ආයතනයෝ දෙදෙනෙක් සාස්‍රව ද වන්නාහ, අනාස්‍රව ද වන්නාහු ය.
Pali BJTදසායතනා ආසවවිප්පයුත්තා, ද්වායතනා සියා ආසවසම්පයුත්තා, සියා ආසවවිප්පයුත්තා.
Sinhala BJTදශායතනයෝ ආස්‍රවවිප්‍රයුක්තයෝ ය. ආයතනයෝ දෙදෙනෙක් ආස්‍රවසම්ප්‍රයුක්ත ද වන්නාහ, ආස්‍රවවිප්‍රයුක්ත ද වන්නාහු ය.
Pali BJTදසායතනා න වත්තබ්බා ආසවා චෙව සාසවාති, සාසවා චෙව නො ච ආසවා; මනායතනං න වත්තබ්බං ආසවො චෙව සාසවන්ති, සියා සාසවං චෙව නො ච ආසවො, සියා න වත්තබ්බං සාසවං චෙව නො ච ආසවොති; ධම්මායතනං සියා ආසවො චෙව සාසවං ච, සියා සාසවං චෙව නො ච ආසවො, සියා න වත්තබ්බං ආසවො චෙව සාසවන්තිපි, සාසවං චෙව නො ච ආසවොති’පි.
Sinhala BJTදශායතනයෝ ආස්‍රව ද වූ මැ සාස්‍රවහ යි නො කිය යුත්තාහ. සාස්‍රව ද වූ මැ නොද ආස්‍රවයෝ ය. මනායතනය ආස්‍රව ද වූ මැ සාස්‍රවයෙකැ යි නො කියයුතු ය. සාස්‍රව වූයේ මැ නො ද ආස්‍රව ද වන්නේ ය. සාස්‍රව ද වූයේ මැ නොද ආස්‍රව යැ යි නො කියයුත්තේ ය. ධර්‍මායතනය ආස්‍රව ද වූයේ මැ සාස්‍රව ද වන්නේ ය. සාස්‍රව ද වූයේ මැ නො ද ආස්‍රව ද වන්නේ ය, ආස්‍රව ද වූයේ ම සාස්‍රවයෙකැ යි ද සාස්‍රව ද වූ මැ නොද ආස්‍රවයෙකැ යි ද නො කියයුත්තේ යි.
Pali BJTදසායතනා න වත්තබ්බා ආසවා චෙව ආසවසම්පයුත්තාතිපි, ආසවසම්පයුත්තා චෙව නො ච ආසවාතිපි; මනායතනං න වත්තබ්බං ආසවො චෙව ආසවසම්පයුත්තන්ති. සියා ආසවසම්පයුත්තං චෙව නො ච ආසවො, සියා න වත්තබ්බං ආසවසම්පයුත්තං චෙව නො ච ආසවොති; ධම්මායතනං සියා ආසවො චෙව ආසවසම්පයුත්තං ච, සියා ආසවසම්පයුත්තං චෙව නො ච ආසවො, සියා න වත්තබ්බං ආසවො චෙව ආසවසම්පයුත්තන්තිපි, ආසවසම්පයුත්තං චෙව නො ච ආසවොතිපි.
Sinhala BJTදශායතනයෝ ආස්‍රව ද වූ මැ ආස්‍රවසම්ප්‍රයුක්තහ යි ද ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූ මැ නො ද ආස්‍රවහ යි ද නො කිය යුත්තාහ. මනායතනය ආස්‍රව ද වූ මැ ආස්‍රවසම්ප්‍රයුක්තයෙකැ යි නො කියයුතු ය, ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූයේ මැ නොද ආස්‍රව ද වන්නේ ය, ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූයේ මැ නොද ආස්‍රවයෙකැ යි නො කියයුතු වන්නේ ය. ධර්‍මායතනය ආස්‍රව ද වූ මැ ආස්‍රවසම්ප්‍රයුක්ත ද වන්නේ ය, ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූයේ මැ නොද ආස්‍රව ද වන්නේ ය, ආස්‍රව ද වූයේ මැ ආස්‍රවසම්ප්‍රයුක්තයෙකැ යි ද ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූ මැ නොද ආස්‍රවයෙකැ යි ද නොකියයුතු වන්නේ යි.
Pali BJTදසායතනා ආසවවිප්පයුත්තසාසවා, ද්වායතනා සියා ආසවවිප්පයුත්තසාසවා, සියා ආසවවිප්පයුත්තඅනාසවා, සියා න වත්තබ්බා ආසවවිප්පයුත්තසාසවාතිපි ආසවවිප්පයුත්තඅනාසවාතිපි.
Sinhala BJTදශායතනයෝ ආස්‍රවවිප්‍රයුක්තසාස්‍රවයෝ ය. ආයතනයෝ දෙදෙනෙක් ආස්‍රවවිප්‍රයුක්තසාස්‍රව ද වන්නාහ, ආස්‍රවවිප්‍රයුක්තඅනාස්‍රව ද වන්නාහ, ආස්‍රවවිප්‍රයුක්තසාස්‍රවහ යි ද ආස්‍රවවිප්‍රයුක්තඅනාස්‍රවහ යි ද නො කියයුත්තාහු ය.
Pali BJT245. එකාදසායතනා නො සඤ්ඤොජනා, ධම්මායතනං සියා සඤ්ඤොජනං, සියා නො සඤ්ඤොජනං.
Sinhala BJT245. එකොළොස් ආයතන කෙනෙක් සංයෝජනයෝ නො වෙති. ධර්‍මායතනය සංයෝජන ද වන්නේ ය, නො ද සංයෝජන ද වන්නේ යි.
Pali BJTදසායතනා සඤ්ඤොජනියා, ද්වායතනා සියා සංයොජනියා සියා අසංයොජනියං.
Sinhala BJTදශායතනයෝ සංයෝජනියයෝ ය. ආයතනයෝ දෙදෙනෙක් සංයෝජනිය ද වන්නාහ, අසංයෝජනිය ද වන්නාහු ය.
Pali BJTදසායතනා සඤ්ඤොජනවිප්පයුත්තා, ද්වායතනා සියා සඤ්ඤොජනසම්පයුත්තා, සියා සඤ්ඤොජනවිප්පයුත්තා.
Sinhala BJTදශායතනයෝ සංයෝජනවිප්‍රයුක්තයෝ ය. ආයතනයෝ දෙදෙනෙක් සංයෝජන සම්ප්‍රයුක්ත ද වන්නාහ, සංයෝජනවිප්‍රයුක්ත ද වන්නාහු ය.
Pali BJTදසායතනා න වත්තබ්බා සඤ්ඤෙජනා චෙව සඤ්ඤොජනියාති, සඤ්ඤෙජනියා චෙව නො ච සඤ්ඤොජනා; මනායතනං න වත්තබ්බං සඤ්ඤොජනං චෙව සඤ්ඤොජනියන්ති, සියා සඤ්ඤොජනියං චෙව නො ච සඤ්ඤොජනං, සියා න වත්තබ්බං සඤ්ඤොජනියං චෙව නො ච සඤ්ඤොජනන්ති. ධම්මායතනං සියා සඤ්ඤොජනං චෙව සඤ්ඤොජනියංච. සියා සඤ්ඤොජනියං චෙව නො ච සඤ්ඤොජනං. සියා න වත්තබ්බං සඤ්ඤොජනං චෙව සඤ්ඤොජනියන්තිපි, සඤ්ඤොජනියං චෙව නො ච සඤ්ඤොජනන්තිපි.
Sinhala BJTදශායතනයෝ සංයෝජන ද වූ ම සංයෝජනියහ යි නො කිය යුත්තාහ, සංයෝජනිය ද වූ ම නොද සංයෝජන වෙති. මනායතනය සංයෝජන ද වූ මැ සංයෝජනිය ය යි නො කියයුතු ය, සංයෝජනිය ද වූ මැ නොද සංයෝජන වන්නේ ය, සංයෝජනිය ද වූ ම නොද සංයෝජන යි නො කියයුතු ය. ධර්‍මායතනය සංයෝජන ද වූයේ ම සංයෝජනිය ද වන්නේ ය. සංයෝජනිය ද වූයේ ම නොද සංයෝජන ද වන්නේ ය, සංයෝජන ද වූයේ මැ සංයෝජනිය යි ද සංයෝජනිය ද වූයේ මැ නොද සංයෝජන යි ද නො කියයුතු වන්නේ යි.
Pali BJTදසායතනා න වත්තබ්බා සඤ්ඤොජනා චෙව සඤ්ඤොජනසම්පයුත්තාතිපි, සඤ්ඤොජනසම්පයුත්තා චෙව නො ච සඤ්ඤොජනාතිපි. මනායතනං න වත්තබ්බං සඤ්ඤොජනං චෙව සඤ්ඤොජනසම්පයුත්තන්ති, සියා සඤ්ඤොජනසම්පයුත්තං චෙව නො ච සඤ්ඤොජනං, සියා න වත්තබ්බං සඤ්ඤොජනසම්පයුත්තං චෙව නො ච සඤ්ඤොජනන්ති. ධම්මායතනං සියා සඤ්ඤොජනඤ්චෙව සඤ්ඤොජනසම්පයුත්තං ච, සියා සඤ්ඤොජන සම්පයුත්තං චෙව නො ච සඤ්ඤොජනං, සියා න වත්තබ්බං සඤ්ඤොජනං චෙව සඤ්ඤොජනසම්පයුත්තන්තිපි, සඤ්ඤොජනසම්පයුත්තං චෙව නො ච සඤ්ඤොජනන්තිපි.
Sinhala BJTදශායතනයෝ සංයෝජන ද වූවාහු මැ සංයෝජනසම්ප්‍රයුක්තහ යි ද සංයෝජනසම්ප්‍රයුක්ත ද වූවාහු ම නොද සංයෝජනහ යි ද නො කියයුත්තාහ. මනායතනය සංයෝජන ද වූයේ ම සංයෝජනසම්ප්‍රයුක්තයෙක යි නො කියයුතු ය. සංයෝජනසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද සංයෝජන ද වන්නේ ය, සංයෝජනසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද සංයෝජන යි නො කියයුතු වන්නේය. ධර්‍මායතනය සංයෝජන ද වූයේ ම සංයෝජනසම්ප්‍රයුක්ත ද වන්නේ ය, සංයෝජනසම්ප්‍රයුක්ත ද වූ ම නොද සංයෝජන ද වන්නේ ය, සංයෝජන ද වූයේ ම සංයෝජනසම්ප්‍රයුක්තයෙක යි ද සංයෝජනසම්ප්‍රයුක්ත ද වූ ම නොද සංයෝජනයෙක යි ද නො කියයුතු වන්නේයි.
Pali BJTදසායතනා සඤ්ඤොජනවිප්පයුත්තසඤ්ඤොජනියා, ද්වායතනා සියා සඤ්ඤොජනවිප්පයුත්තසඤ්ඤොජනියා. සියා සඤ්ඤොජනවිප්පත්තඅසඤ්ඤොජනියා, සියා න වත්තබ්බා සඤ්ඤොජනවිප්පයුත්තසඤ්ඤොජනියාතිපි, සඤ්ඤොජනවිප්පයුත්තඅසඤ්ඤොජනියාතිපි.
Sinhala BJTදශායතනයෝ සංයෝජනවිප්‍රයුක්තසංයෝජනිය වෙති. ආයතනයෝ දෙදෙනෙක් සංයෝජනවිප්‍රයුක්තසංයෝජනිය ද වන්නාහ, සංයෝජනවිප්‍රයුක්තඅසංයෝජනිය ද වන්නාහ, සංයෝජනවිප්‍රයුක්තසංයෝජනියහ යි ද සංයෝජනවිප්‍රයුක්තඅසංයෝජනිය යි ද නො කියයුතු වන්නාහු ය.
Pali BJT246. එකාදසායතනා නො ගන්ථා, ධම්මායතනං සියා ගන්ථො, සියා නොගන්ථො.
Sinhala BJT246. එකොළොස් ආයතන කෙනෙක් ග්‍රන්‍ථයෝ නො වෙති. ධර්‍මායතනය ග්‍රන්‍ථ ද වන්නේ ය, නොද ග්‍රන්‍ථ ද වන්නේ යි.
Pali BJTදසායතනා ගන්ථනියා, ද්වායතනා සියා ගන්ථනියා, සියා අගන්ථනියා.
Sinhala BJTදශායතනයෝ ග්‍රන්‍ථනිය වන්නාහ. ආයතනයෝ දෙදෙනෙක් ග්‍රන්‍ථනිය ද වන්නාහ, අග්‍රන්‍ථනිය ද වන්නාහු ය.
Pali BJTදසායතනා ගන්ථවිප්පයුත්තා, ද්වායතනා සියා ගන්ථසම්පයුත්තා සියා ගන්ථවිප්පයුත්තා.
Sinhala BJTදශායතනයෝ ග්‍රන්‍ථවිප්‍රයුක්තයහ. ආයතනයෝ දෙදෙනෙක් ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වන්නාහ, ග්‍රන්‍ථවිප්‍රයුක්ත ද වන්නාහු ය.
Pali BJTදසායතනා න වත්තබ්බා ගන්ථා චෙව ගන්ථනියාති. ගන්ථනියා චෙව නො ච ගන්ථා, මනායතනං න වත්තබ්බං ගන්ථො චෙව ගන්ථනියන්ති. සියා ගන්ථනියං චෙව නො ච ගන්ථො, සියා න වත්තබ්බං ගන්ථනියං චෙව නො ච ගන්ථොති; ධම්මායතනං සියා ගන්ථො චෙව ගන්ථනියඤ්ච, සියා ගන්ථනියං චෙව නො ච ගන්ථො, සියා න වත්තබ්බං ගන්ථො චෙව ගන්ථනියන්තිපි ගන්ථනියං චෙව නො ච ගන්ථොතිපි.
Sinhala BJTදශායතනයෝ ග්‍රන්‍ථ ද වූවාහු ම ග්‍රන්‍ථනියහ යි නො කිය යුත්තාහ. ග්‍රන්‍ථනිය ද වූ මැ නොද ග්‍රන්‍ථ වෙති. මනායතනය ග්‍රන්‍ථ ද වූයේ ම ග්‍රන්‍ථනිය යි නො කියයුතු ය. ග්‍රන්‍ථනිය ද වූයේ ම නොද ග්‍රන්‍ථ වන්නේ ය. ග්‍රන්‍ථනිය ද වූයේ ම නොද ග්‍රන්‍ථ යැ යි නො කියයුතු වන්නේය. ධර්‍මායතනය ග්‍රන්‍ථ ද වූයේ ම ග්‍රන්‍ථනිය ද වන්නේ ය. ග්‍රන්‍ථනිය ද වූයේ ම ග්‍රන්‍ථයෙකැ යි ද නො කියයුත්තේ යි.
Pali BJTදසායතනා න වත්තබ්බා ගන්ථා චෙව ගන්ථසම්පයුත්තාතිපි. ගන්ථසම්පයුත්තා චෙව නො ච ගන්ථාතිපි. මනායතනං න වත්තබ්බං ගන්ථො චෙව ගන්ථසම්පයුත්තන්ති, සියා ගන්ථසම්පයුත්තං චෙව නො ච ගන්ථො. සියා න වත්තබ්බං ගන්ථසම්පයුත්තං චෙව නො ච ගන්ථොති. ධම්මායතනං සියා ගන්ථො චෙව ගන්ථසම්පයුත්තං ච, සියා ගන්ථසම්පයුත්තං චෙව නො ච ගන්ථො, සියා න වත්තබ්බං ගන්ථො චෙව ගන්ථසම්පයුත්තන්තිපි. ගන්ථසම්පයුත්තං චෙව නො ච ගන්ථොතිපි, දසායතනා ගන්ථවිප්පයුත්තගන්ථනියා, ද්වායතනා සියා ගන්ථවිප්පයුත්තගන්ථනියා. සියා ගන්ථවිප්පයුත්තඅගන්ථනියා, සියා න වත්තබ්බා ගන්ථවිප්පයුත්තගන්ථනියාතිපි ගන්ථවිප්පයුත්තඅගන්ථනියාතිපි.
Sinhala BJTදශායතනයෝ ග්‍රන්‍ථ ද වූවාහු ම ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත වෙති යි ද ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වූවාහු ම නොද ග්‍රන්‍ථ වෙති ද නො කියයුත්තාහ. මනායතනය ග්‍රන්‍ථ ද වූයේ ම ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ය යි නො කියයුතු ය, ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද ග්‍රන්‍ථ ද වන්නේ ය, ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද ග්‍රන්‍ථයෙක යි නො කියයුතු වන්නේය. ධර්‍මායතනය ග්‍රන්‍ථ ද වූ ම ග්‍රන්‍ථසම්ප්‍රයුක්තයෙක් ද වන්නේ ය. ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද ග්‍රන්‍ථ ද වන්නේ ය, ග්‍රන්‍ථ ද වූ ම ග්‍රන්‍ථසම්ප්‍රයුක්තයෙක යි ද ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද ග්‍රන්‍ථයෙක යි ද නො කියයුතු වන්නේයි. දශායතනයෝ ග්‍රන්‍ථවිප්‍රයුක්ත ග්‍රන්‍ථනිය වෙති. ආයතනයෝ දෙදෙනෙක් ග්‍රන්‍ථවිප්‍රයුක්තග්‍රන්‍ථනිය වෙති, ග්‍රන්‍ථවිප්‍රයුක්තඅග්‍රන්‍ථනිය ද වන්නාහ, ග්‍රන්‍ථවිප්‍රයුක්තග්‍රන්‍ථනියහ යි ද ග්‍රන්‍ථවිප්‍රයුක්තඅග්‍රන්‍ථනිය යි ද නො කියයුතු වන්නාහු ය.
Pali BJT247. එකාදසායතනා නො ඔඝා -පෙ- නො යොගා -පෙ-
Sinhala BJT247-249. එකොළොස් ආයතන කෙනෙක් ඕඝයෝ නො වෙති. ... යෝගයෝ නො වෙති. ... නීවරණයෝ නො වෙති. ධර්‍මායතනය නීවරණ ද වන්නේ ය, නොද නීවරණ ද වන්නේ යි.
Pali BJT249. නො නීවරණා, ධම්මායතනං සියා නීවරණං, සියා නො නීවරණං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJTදසායතනා නීවරණියා, ද්වායතනා සියා නීවරණියා, සියා අනීවරණියා.
Sinhala BJTදශායතනයෝ නීවරණිය වෙති. ආයතනයෝ දෙදෙනෙක් නීවරණිය ද වන්නාහ, අනීවරණිය ද වන්නාහු ය.
Pali BJTදසායතනා නීවරණවිප්පයුත්තා; ද්වායතනා සියා නීවරණසම්පයුත්තා, සියා නීවරණවිප්පයුත්තා.
Sinhala BJTදශායතනයෝ නීවරණවිප්‍රයුක්තයහ. ආයතනයෝ දෙදෙනෙක් නීවරණසම්ප්‍රයුක්ත ද වන්නාහ, නීවරණවිප්‍රයුක්ත ද වන්නාහු ය.
Pali BJTදසායතනා න වත්තබ්බා නීවරණා චෙව නීවරණියාති, නීවරණියා චෙව නො ච නීවරණා, මනායතනං න වත්තබ්බං නීවරණං චෙ’ව නීවරණියන්ති; සියා නීවරණියඤ්චෙව නො ච නීවරණං; සියා න වත්තබ්බං නීවරණියඤ්චෙව නො ච නීවරණන්ති ධම්මායතනං සියා නීවරණඤ්චෙව නීවරණියඤ්ච, සියා නීවරණියඤ්චෙව නො ච නීවරණං; සියා න වත්තබ්බං නීවරණඤ්චෙව නීවරණියන්තිපි, නීවරණියඤ්චෙව නො ච නීවරණන්ති’පි.
Sinhala BJTදශායතනයෝ නීවරණ ද වූ ම නීවරණියහ යි නො කියයුත්තාහ, නීවරණිය ද වූවාහු ම නොද නීවරණ වෙති. මනායතනය නීවරණ ද වූයේ මැ නීවරණියහ යි නො කියයුතු ය, නීවරණිය ද වූයේ ම නො ද නීවරණ ද වන්නේ ය. නීවරණිය ද වූයේ ම නොද නීවරණ යි නො කියයුතු වන්නේය. ධර්‍මායතනය නීවරණ ද වූයේ ම නීවරණිය ද වන්නේ ය. නීවරණිය ද වූයේ ම නොද නීවරණයෙක් ද වන්නේ ය, නීවරණය ද වූයේ ම නීවරණිය යි ද නීවරණිය ද වූයේ ම නොද නීවරණ යි ද නො කියයුතු වන්නේයි.
Pali BJTදසායතනා න වත්තබ්බා නීවරණා චෙව නීවරණසම්පයුත්තාති’පි, නීවරණසම්පයුත්තා චෙව නො ච නීවරණාති’පි; මනායතනං න වත්තබ්බං නීවරණඤ්චෙව නීවරණසම්පයුත්තන්ති; සියා නීවරණසම්පයුත්තඤ්චෙව නො ච නීවරණං, සියා න වත්තබ්බං නීවරණසම්පයුත්තඤ්චෙව නො ච නීවරණන්ති, ධම්මායතනං සියා නීවරණඤ්චෙව නීවරණසම්පයුත්තඤ්ච, සියා නීවරණසම්පයුත්තඤ්චෙව නො ච නීවරණං, සියා න වත්තබ්බං නීවරණඤ්චෙව නීවරණසම්පයුත්තන්තිපි, නීවරණසම්පයුත්තඤ්චෙව නො ච නීවරණන්ති’පි.
Sinhala BJTදශායතනයෝ නීවරණ ද වූවාහු ම නීවරණසම්ප්‍රයුක්තහ යි ද නීවරණසම්ප්‍රයුක්ත ද වූ ම නොද නීවරණහ යි ද නො කියයුත්තාහ. මනායතනය නීවරණ ද වූයේ ම නීවරණ සම්ප්‍රයුක්තයෙකැ යි නො කියයුතු ය. නීවරණසම්ප්‍රයුක්ත ද වූයේ ම නොදනීවරණ ද වන්නේ ය. නීවරණසම්ප්‍රයුක්ත ද වූයේ ම නොදනීවරණයෙකැ යි නො කියයුතු වන්නේය. ධර්‍මායතනය නීවරණ ද වූයේ ම නීවරණසම්ප්‍රයුක්ත ද වන්නේ ය. නීවරණසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද නීවරණ ද වන්නේ ය. නීවරණ ද වූයේ ම නීවරණසම්ප්‍රයුක්ත ය යි ද නීවරණසම්ප්‍රයුක්ත ද වූයේ ම නොදනීවරණයෙකැ යි ද නො කියයුතු වන්නේ යි.