Vibhaṅga

Analysis

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 901-1000 න් 4235

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
ඛණ්ඩයPali BJTSinhala BJT
ap-vbh:106.12
Pali BJTරූපක්ඛන්ධො මජ්ඣිමො, චත්තාරො ඛන්ධා, සියා හීනා, සියා මජ්ඣිමා, සියා පණීතා.
Sinhala BJTරූපස්කන්‍ධය මධ්‍යම යැ. සතර ස්කන්‍ධයෝ හීන ද වන්නාහ, මධ්‍යම ද වන්නාහ, ප්‍රණීත ද වන්නාහු ය.
ap-vbh:106.13
Pali BJTරූපක්ඛන්ධො අනියතො, චත්තාරො ඛන්ධා සියා මිච්ඡත්තනියතා, සියා සම්මත්තනියතා, සියා අනියතා.
Sinhala BJTරූපස්කන්‍ධය අනියත යැ. සතර ස්කන්‍ධයෝ මිථ්‍යාත්‍වනියත ද වන්නාහ, සම්‍යක්ත්‍වනියත ද වන්නාහ, අනියත ද වන්නාහු යැ.
ap-vbh:108.1
Pali BJTරූපක්ඛන්ධො අනාරම්මණො, චත්තාරො ඛන්ධා සියා මග්ගාරම්මණා, සියා මග්ගහෙතුකා සියා මග්ගාධිපතිනො, සියා න වත්තබ්බා මග්ගාරම්මණාතිපි මග්ගහෙතුකාතිපි මග්ගාධිපතිනොතිපි.
Sinhala BJTරූපස්කන්‍ධය අනාලම්බන යැ, සතර ස්කන්‍ධයෝ මාර්‍ගාලම්බන ද වන්නාහ, මාර්‍ගහේතුක ද වන්නාහ, මාර්‍ගාධිපති ද වන්නාහ. මාර්‍ගාලම්බනහ යි ද, මාර්‍ග හේතුකහ යි ද, මාර්‍ගාධිපතිහ යි ද නො කිය යුතු වන්නාහු යැ.
ap-vbh:108.2
Pali BJTසියා උප්පන්නා, සියා අනුප්පන්නා, සියා උප්පාදිනො.
Sinhala BJT(පඤ්චස්කන්‍ධයෝ) උත්පන්න ද වන්නාහ, අනුත්පන්න ද වන්නාහ, උත්පාදී ද වන්නාහු යැ.
ap-vbh:108.3
Pali BJTසියා අතීතා, සියා අනාගතා, සියා පච්චුප්පන්නා.
Sinhala BJT(පඤ්චස්කන්‍ධයෝ) අතීත ද වන්නාහ, අනාගත ද වන්නාහ, ප්‍රත්‍යුත්පන්න ද වන්නාහු යැ.
ap-vbh:108.4
Pali BJTරූපක්ඛන්ධො අනාරම්මණො චත්තාරො ඛන්ධා, සියා අතීතාරම්මණා, සියා අනාගතාරම්මණා, සියා පච්චුප්පන්නාරම්මණා, සියා න වත්තබ්බා අතීතාරම්මණාති’පි අනාගතාරම්මණාති’පි පච්චුප්පන්නාරම්මණාති’පි.
Sinhala BJTරූපස්කන්‍ධය අනාලම්බන යැ. සතර ස්කන්‍ධයෝ අතීතාලම්බන ද වන්නාහ, අනාගතාලම්බන ද වන්නාහ, ප්‍රත්‍යුත්පන්නාලම්බන ද වන්නාහ. අතීතාලම්බනහ යි ද අනාගතාලම්බනහ යි ද ප්‍රත්‍යුත්පන්නාලම්බනහ යි ද නො කියයුත්තාහු යැ.
ap-vbh:108.5
Pali BJTසියා අජ්ඣත්තා, සියා බහිද්ධා, සියා අජ්ඣත්තබහිද්ධා.
Sinhala BJT(පඤ්චස්කන්‍ධයෝ) අධ්‍යාත්ම ද වන්නාහ, බාහිර ද වන්නාහ, අධ්‍යාත්මබාහිර ද වන්නාහු යැ.
ap-vbh:108.6
Pali BJTරූපක්ඛන්ධො අනාරම්මණො. චත්තාරො ඛන්ධා සියා අජ්ඣත්තාරම්මණා, සියා බහිද්ධාරම්මණා, සියා අජ්ඣත්තබහිද්ධාරම්මණා, සියා න වත්තබ්බා අජ්ඣත්තාරම්මණාති’පි බහිද්ධාරම්මණාති’පි අජ්ඣත්තබහිද්ධාරම්මණාති’පි.
Sinhala BJTරූපස්කන්‍ධය අනාලම්බන යැ. සතර ස්කන්‍ධයෝ අධ්‍යාත්මාලම්බන ද වන්නාහ, බාහිරාලම්බන ද වන්නාහ, අධ්‍යාත්මබාහිරාලම්බන ද වන්නාහ. අධ්‍යාත්මාලම්බනහ යි ද, බාහිරාලම්බනහ යි ද, අධ්‍යාත්ම බාහිරාලම්බනහ යි ද නො කියයුතු වන්නාහු යැ.
ap-vbh:108.7
Pali BJTචත්තාරො ඛන්ධා අනිදස්සනඅප්පටිඝා. රූපක්ඛන්ධො සියා සනිදස්සනසප්පටිඝො, සියා අනිදස්සනසප්පටිඝො, සියා අනිදස්සනඅප්පටිඝො.
Sinhala BJTසතර ස්කන්‍ධයෝ අනිදර්‍ශන අප්‍රතිඝයෝ යැ, රූපස්කන්‍ධය සනිදර්‍ශන සප්‍රතිඝ ද වන්නේ යැ, අනිදර්‍ශන සප්‍රතිඝ ද වන්නේ යැ, අනිදර්‍ශන අප්‍රතිඝ ද වන්නේ යි.
ap-vbh:108.8
Pali BJT210. චත්තාරො ඛන්ධා න හෙතු. සඞ්ඛාරක්ඛන්ධො සියා හෙතු, සියා න හෙතු.
Sinhala BJT210. සතර ස්කන්‍ධයෝ හේතු නො වෙති. සංස්කාරස්කන්‍ධය හේතු ද වන්නේ යැ න හේතු ද වන්නේ යි.
ap-vbh:108.9
Pali BJTරූපක්ඛන්ධො අහෙතුකො. චත්තාරො ඛන්ධා සියා සහෙතුකා, සියා අහෙතුකා.
Sinhala BJTරූපස්කන්‍ධය අහේතුක යැ. සතර ස්කන්‍ධයෝ සහේතුක ද වන්නාහ, අහේතුක ද වන්නාහු යැ.
ap-vbh:108.10
Pali BJTරූපක්ඛන්ධො හෙතුවිප්පයුත්තො. චත්තාරො ඛන්ධා සියා හෙතුසම්පයුත්තා, සියා හෙතුවිප්පයුත්තා.
Sinhala BJTරූපස්කන්‍ධය හේතු විප්‍රයුක්ත යැ. සතර ස්කන්‍ධයෝ හේතු සම්ප්‍රයුක්ත ද වන්නාහ, හේතු විප්‍රයුක්ත ද වන්නාහු යැ.
ap-vbh:108.11
Pali BJTරූපක්ඛන්ධො න වත්තබ්බො හෙතු චෙ ව සහෙතුකොතිපි සහෙතුකො චෙව න ච හෙතූති’පි. තයො ඛන්ධා න වත්තබ්බා හෙතු චෙව සහෙතුකාතිපි, සියා සහෙතුකා චෙව න චහෙතු, සියා න වත්තබ්බා සහෙතුකා චෙව න ච හෙතූති. සඞ්ඛාරක්ඛන්ධො සියා හෙතු චෙව සහෙතුකො ච සියා සහෙතුකො චෙව න ච හෙතු, සියා න වත්තබ්බො හෙතු චෙව සහෙතුකොතිපි සහෙතුකො චෙව න ච හෙතූතිපි.
Sinhala BJTරූපස්කන්‍ධය හේතු ද වූයේ මැ සහේතුක යි ද සහේතුක ද වූයේ මැ නො ද හේතු යි ද නො කියයුත්තේ යැ, තුන් ස්කන්‍ධයෝ හේතු ද වූයේ මැ සහේතුක යි ද නො කියයුත්තාහ, සහේතුක ද වූවාහු මැ නො ද හේතු ද වන්නාහ, සහේතුක ද වූවාහු මැ නො ද හේතුහ යි ද නො කියයුතු වන්නාහ. සංස්කාරස්කන්‍ධය හේතු ද වූයේ මැ සහේතුක ද වන්නේ ය, සහේතුක ද වූයේ මැ නො ද හේතු ද වන්නේ යැ, හේතු ද වූයේ මැ සහේතුක යි ද සහේතුක ද වූයේ මැ නො ද හේතු යි ද නො කියයුතු වන්නේ යි.
ap-vbh:108.12
Pali BJTරූපක්ඛන්ධො න වත්තබ්බො හෙතු චෙව හෙතුසම්පයුත්තොති’පි, හෙතුසම්පයුත්තො චෙව න ච හෙතූති’පි. තයො ඛන්ධා න වත්තබ්බා හෙතු චෙව හෙතුසම්පයුත්තාති, සියා හෙතුසම්පයුත්තා චෙව න ච හෙතු, සියා න වත්තබ්බා හෙතුසම්පයුත්තා චෙව න ච හෙතූ ති. සඞ්ඛාරක්ඛන්ධො සියා හෙතු චෙව හෙතුසම්පයුත්තො ච, සියා හෙතුසම්පයුත්තො චෙව න ච හෙතු, සියා න වත්තබ්බො හෙතු චෙව හෙතුසම්පයුත්තොති’පි, හෙතුසම්පයුත්තො චෙව න ච හෙතූති’පි.
Sinhala BJTරූපස්කන්‍ධය හේතු ද වූයේ මැ හේතු සම්ප්‍රයුක්ත යි ද හේතු සම්ප්‍රයුක්ත ද වූයේ මැ නො ද හේතු යි ද නො කිය යුත්තේ යැ, තුන් ස්කන්‍ධයෝ හේතු ද වූවාහු මැ හේතු සම්ප්‍රයුක්තහ යි ද නො කිය යුත්තාහ, හේතු සම්ප්‍රයුක්ත ද වූවාහු මැ නො ද හේතු ද වන්නාහ. හේතු සම්ප්‍රයුක්ත ද වූවාහු මැ නො ද හේතුහ යි ද නො කියයුතු වන්නාහ. සංස්කාරස්කන්‍ධය හේතු ද වූයේ මැ හේතු සම්ප්‍රයුක්ත ද වන්නේ යැ, හේතු සම්ප්‍රයුක්ත ද වූයේ මැ නො ද හේතු ද වන්නේ යැ, හේතු ද වූයේ මැ හේතු සම්ප්‍රයුක්ත යි ද හේතු සම්ප්‍රයුක්ත ද වූයේ මැ නො ද හේතු යි ද නො කියයුත්තේ යි.
ap-vbh:108.13
Pali BJTරූපක්ඛන්ධො න හෙතු අහෙතුකො. තයො ඛන්ධා සියා න හෙතුසහෙතුකා, සියා න හෙතු අහෙතුකා. සඞ්ඛාරක්ඛන්ධො සියා න හෙතු සහෙතුකො, සියා න හෙතු අහෙතුකො, සියා න වත්තබ්බො න හෙතු සහෙතුකොති’පි න හෙතු අහෙතුකොති’පි.
Sinhala BJTරූපස්කන්‍ධය හේතු නො වූයේ අහේතුක යැ, තුන් ස්කන්‍ධයෝ හේතු නො වූ සහේතුක ද වන්නාහ, හේතු නො වූ අහේතුක ද වන්නාහ. සංස්කාරස්කන්‍ධය හේතු නො වූ සහේතුක ද වන්නේ යැ, හේතු නො වූ අහේතුක ද වන්නේ යැ, හේතු නො වූ සහේතුක යි ද හේතු නො වූ අහේතුක යි ද නො කියයුත්තේ වන්නේ යි.
ap-vbh:110.1
Pali BJT211. සප්පච්චයා, සඞ්ඛතා.
Sinhala BJT211. (පඤ්චස්කන්‍ධයෝ) සප්‍රත්‍යයෝ යි. සංඛතයෝ යි.
ap-vbh:110.2
Pali BJTචත්තාරො ඛන්ධා අනිදස්සනා. රූපක්ඛන්ධො සියා සනිදස්සනො, සියා අනිදස්සනො.
Sinhala BJTසතර ස්කන්‍ධයෝ අනිදර්‍ශනයෝ යැ. රූපස්කන්‍ධය සනිදර්‍ශන ද වන්නේ ය, අනිදර්‍ශන ද වන්නේ යි.
ap-vbh:110.3
Pali BJTචත්තාරො ඛන්ධා අප්පටිඝා. රූපක්ඛන්ධො සියා සප්පටිඝො, සියා අප්පටිඝො.
Sinhala BJTසතර ස්කන්‍ධයෝ අප්‍රතිඝයෝ යැ, රූපස්කන්‍ධය සප්‍රතිඝ ද වන්නේ යැ, අප්‍රතිඝ ද වන්නේ යි.
ap-vbh:110.4
Pali BJTරූපක්ඛන්ධො රූපං. චත්තාරො ඛන්ධා අරූපා.
Sinhala BJTරූපස්කන්‍ධය රූප යැ, සතර ස්කන්‍ධයෝ අරූපයෝ යි.
ap-vbh:110.5
Pali BJTරූපක්ඛන්ධො ලොකියො. චත්තාරො ඛන්ධා සියා ලොකියා, සියා ලොකුත්තරා.
Sinhala BJTරූපස්කන්‍ධය ලෞකික යැ, සතර ස්කන්‍ධයෝ ලෞකික ද වන්නාහ, ලෝකෝත්තර ද වන්නාහු යැ.
ap-vbh:110.6
Pali BJTකෙනචි විඤ්ඤෙය්යා, කෙනචි න විඤ්ඤෙය්යා.
Sinhala BJT(පඤ්චස්කන්‍ධයෝ) කිසි විඥානයකින් දතයුත්තාහ, කිසි විඥානයකින් නො දත යුත්තාහු යැ.
ap-vbh:110.7
Pali BJT212. චත්තාරො ඛන්ධා නො ආසවා. සඞ්ඛාරක්ඛන්ධො සියා ආසවො, සියා නො ආසවො.
Sinhala BJT212. සතර ස්කන්‍ධයෝ ආස්‍රව නො වන්නාහ, සංස්කාරස්කන්‍ධය ආස්‍රව ද වන්නේ ය, ආස්‍රව නො ද වන්නේ යි.
ap-vbh:110.8
Pali BJTරූපක්ඛන්ධො සාසවො. චත්තාරො ඛන්ධා සියා ආසවා, සියා අනාසවා.
Sinhala BJTරූපස්කන්‍ධය සාස්‍රව යැ සතර ස්කන්‍ධයෝ ආස්‍රව ද වන්නාහ, අනාස්‍රව ද වන්නාහු යැ.
ap-vbh:110.9
Pali BJTරූපක්ඛන්ධො ආසවවිප්පයුත්තො. චත්තාරො ඛන්ධා සියා ආසවසම්පයුත්තා, සියා ආසවවිප්පයුත්තා.
Sinhala BJTරූපස්කන්‍ධය ආස්‍රව විප්‍රයුක්ත යැ, සතර ස්කන්‍ධයෝ ආස්‍රව සම්ප්‍රයුක්ත ද වන්නාහ, ආස්‍රව විප්‍රයුක්ත ද වන්නාහු යැ.
ap-vbh:110.10
Pali BJTරූපක්ඛන්ධො න වත්තබ්බො ආසවො චෙව සාසවො චාති,{1} සාසවො චෙව නො ච ආසවො. තයො ඛන්ධා න වත්තබ්බා ආසවා චෙව සාසවා චාති,{2} සියා සාසවා චෙව නො ච ආසවා, සියා න වත්තබ්බා සාසවා චෙව නො ච ආසවාති. සඞ්ඛාරක්ඛන්ධො සියා ආසවො චෙව සාසවො ච, සියා සාසවො චෙව නො ච ආසවො, සියා න වත්තබ්බො ආසවො චෙව සාසවොති’පි සාසවො චෙව නො ච ආසවොතිපි.
Sinhala BJTරූපස්කන්‍ධය ආස්‍රව ද වූයේ මැ සාස්‍රව ද වේ යයි නො කියයුත්තේ යැ, සාස්‍රව ද වූයේ මැ නො ද ආස්‍රව වූයේ යි. තුන් ස්කන්‍ධයෝ ආස්‍රව ද වූවාහු මැ සාස්‍රව ද වූහ යි නො කියයුත්තාහ, සාස්‍රව ද වූවාහු මැ නො ද ආස්‍රව ද වන්නාහ, සාස්‍රව ද වූවාහු මැ නො ද ආස්‍රව වූහ යි නො කියයුත්තාහ, සංස්කාරස්කන්‍ධය ආස්‍රව ද වූයේ මැ සාස්‍රව ද වන්නේ යැ, සාස්‍රව ද වූයේ මැ නො ද ආස්‍රව වන්නේ ය, ආස්‍රව ද වූයේ මැ සාස්‍රව යි ද සාස්‍රව ද වූයේ මැ නො ද ආස්‍රව යි ද නො කිය යුත්තේ යි.
ap-vbh:110.11
Pali BJTරූපක්ඛන්ධො න වත්තබ්බො ආසවො චෙව ආසවසම්පයුත්තොතිපි, ආසවසම්පයුත්තො චෙව නො ච ආසවොති’පි. තයො ඛන්ධා න වත්තබ්බා ආසවා චෙව ආසවසම්පයුත්තාති, සියා ආසවසම්පයුත්තා චෙව නො ච ආසවා, සියා න වත්තබා ආසවසම්පයුත්තා චෙව නො ච ආසවාති. සඞ්ඛාරක්ඛන්ධො සියා ආසවො චෙව ආසවසම්පයුත්තො ච, සියා ආසවසම්පයුත්තො චෙව නො ච ආසවො, සියා න වත්තබ්බො ආසවො චෙව ආසවසම්පයුත්තොතිපි, ආසවසම්පයුත්තො චෙව නො ච ආසවොතිපි.
Sinhala BJTරූපස්කන්‍ධය ආස්‍රව වූයේ මැ ආස්‍රව සම්ප්‍රයුක්ත යි ද, ආස්‍රව සම්ප්‍රයුක්ත ද වූයේ මැ නො ද ආස්‍රව යයි ද නො කියැ යුතු. තුන් ස්කන්‍ධයෝ ආස්‍රව ද වූවාහු මැ ආස්‍රව සම්ප්‍රයුක්තාහ යි නො කියයුත්තාහ. ආස්‍රව සම්ප්‍රයුක්ත වූවාහු මැ නො ද ආස්‍රව වන්නාහ, ආස්‍රව සම්ප්‍රයුක්ත වූවාහු මැ නො ද ආස්‍රවයෝ යයි නො කියැයුතු වන්නාහ. සංස්කාරස්කන්‍ධය ආස්‍රව ද වූයේ මැ ආස්‍රව සම්ප්‍රයුක්ත ද වන්නේය. ආස්‍රව සම්ප්‍රයුක්ත ද වූයේ මැ නො ද ආස්‍රව වන්නේය. ආස්‍රව ද වූයේ මැ ආස්‍රව සම්ප්‍රයුක්ත යී ද ආස්‍රව සම්ප්‍රයුක්ත ද වූයේ මැ නො ද ආස්‍රවයෙකැයි ද නො කියයුතු වන්නේ යි.
ap-vbh:110.12
Pali BJTරූපක්ඛන්ධො ආසවවිප්පයුත්තසාසවො. චත්තාරො ඛන්ධා සියා ආසවවිප්පයුත්තසාසවා, සියා ආසවවිප්පයුත්තඅනාසවා සියා න වත්තබ්බා ආසව විප්පයුත්ත සාසවා තිපි ආසව විප්පයුත්ත අනාසවා තිපි.
Sinhala BJTරූපස්කන්‍ධය ආස්‍රව විප්‍රයුක්ත සාස්‍රව ය, සතර ස්කන්‍ධයෝ ආස්‍රව විප්‍රයුක්ත සාස්‍රව ද වන්නාහ, ආස්‍රව විප්‍රයුක්ත අනාස්‍රව ද වන්නාහ, ආස්‍රව විප්‍රයුක්ත සාස්‍රවහ යි ද, ආස්‍රව විප්‍රයුක්ත අනාස්‍රවහ යි ද නො කිය යුත්තාහු ය.
ap-vbh:110.13
Pali BJT213. චත්තාරො ඛන්ධා නො සඤ්ඤොජනා. සඞ්ඛාරක්ඛන්ධො සියා සඤ්ඤොජනං, සියා නො සඤ්ඤොජනං.
Sinhala BJT213. සතර ස්කන්‍ධයෝ සංයෝජන නො වන්නාහ. සංස්කාරස්කන්‍ධය සංයෝජන ද වන්නේ යැ, සංයෝජන නො ද වන්නේ යි.
ap-vbh:110.14
Pali BJTරූපක්ඛන්ධො සඤ්ඤොජනියො. චත්තාරො ඛන්ධා සියා සඤ්ඤොජනියා සියා අසඤ්ඤොජනියා.
Sinhala BJTරූපස්කන්‍ධය සංයෝජනීය යැ. සතර ස්කන්‍ධයෝ සංයෝජනීය ද වන්නාහ. අසංයෝජනිය ද වන්නාහු යැ.
ap-vbh:110.15
Pali BJTරූපක්ඛන්ධො සඤ්ඤොජනවිප්පයුත්තො. චත්තාරො ඛන්ධා සියා සඤ්ඤොජනසම්පයුත්තා, සියා සඤ්ඤොජනවිප්පයුත්තා.
Sinhala BJTරූපස්කන්‍ධය සංයෝජන විප්‍රයුක්ත යැ. සතර ස්කන්‍ධයෝ සංයෝජන සම්ප්‍රයුක්ත ද වන්නාහ, සංයෝජන විප්‍රයුක්ත ද වන්නාහු යැ.
ap-vbh:112.1
Pali BJTරූපක්ඛන්ධො න වත්තබ්බො සඤ්ඤොජනං චෙව සඤ්ඤොජනියොති සඤ්ඤොජනියො චෙව නො ච සඤ්ඤොජනං. තයො ඛන්ධා න වත්තබ්බා සඤ්ඤොජනා චෙව සඤ්ඤොජනියාති; සියා සඤ්ඤොජනියා චෙව නො ච සඤ්ඤොජනා, සියා න වත්තබ්බා සඤ්ඤොජනියා චෙව නො ච සඤ්ඤොජනා ති. සඞ්ඛාරක්ඛන්ධො සියා සඤ්ඤොජනඤ්චෙව සඤ්ඤොජනියො ච, සියා සඤ්ඤොජනියො චෙව නො ච සඤ්ඤොජනං, සියා න වත්තබ්බො සඤ්ඤොජනඤ්චෙව සඤ්ඤොජනියොතිපි, සඤ්ඤෙජනියො චෙව නො ච සඤ්ඤොජනන්ති’පි.
Sinhala BJTරූපස්කන්‍ධය සංයෝජන ද වූ මැ සංයෝජනීය යි ද, සංයෝජනීය ද වූ මැ නො ද සංයෝජනැයි නො කිය යුත්තේ යැ. තුන් ස්කන්‍ධයෝ සංයෝජන ද වූ මැ සංයෝජනීයහ යි නො කිය යුත්තාහ, සංයෝජනීය ද වූවාහු මැ නො ද සංයෝජන ද වන්නාහ, සංයෝජනීය ද වූවාහු මැ නො ද සංයෝජන වූහ යි ද නො කිය යුතු වන්නාහ. සංස්කාරස්කන්‍ධය සංයෝජන ද වූයේ මැ සංයෝජනීය ද වන්නේ යැ, සංයෝජනීය ද වූයේ මැ නො ද සංයෝජන ද වන්නේ ය, සංයෝජන වූ ම සංයෝජනීය යී ද, සංයෝජනීය ද වූ ම නො ද සංයෝජන යී ද නො කිය යුතු වන්නේ යි.
ap-vbh:112.2
Pali BJTරූපක්ඛන්ධො න වත්තබ්බො සඤ්ඤොජනඤ්චෙව සඤ්ඤොජනසම්පයුත්තො චා’තිපි, සඤ්ඤොජනසම්පයුත්තො චෙව නො ච සඤ්ඤොජන්නති’පි. තයො ඛන්ධා න වත්තබ්බා සඤ්ඤොජනා චෙව සඤ්ඤොජනසම්පයුත්තා චාති, සියා සඤ්ඤොජනසම්පයුත්තා චෙව නො ච සඤ්ඤොජනා, සියා න වත්තබ්බා සඤ්ඤොජනසම්පයුත්තා චෙව නො ච සඤ්ඤොජනාති, සඞ්ඛාරක්ඛන්ධො සියා සඤ්ඤොජනඤ්චෙව සඤ්ඤොජන සම්පයුත්තො ච, සියා සඤ්ඤොජනසම්පයුත්තො චෙව නො ච සංයොජනං; සියා න වත්තබ්බො සඤ්ඤොජනං චෙව සඤ්ඤොජනසම්පයුත්තොතිපි, සඤ්ඤොජනසම්පයුත්තො චෙව නො ච සඤ්ඤොජනන්තිපි.
Sinhala BJTරූපස්කන්‍ධය සංයෝජන ද වූ ම සංයෝජන සම්ප්‍රයුක්තයෙකැයි ද, සංයෝජන සම්ප්‍රයුක්ත ද වූ මැ නො ද සංයෝජනයෙකැ යි ද නො කිය යුත්තේ ය. තුන් ස්කන්‍ධයෝ සංයෝජන ද වූ මැ සංයෝජන සම්ප්‍රයුක්තහ යි ද නො කිය යුත්තාහ, සංයෝජන සම්ප්‍රයුක්ත ද වූ මැ නො ද සංයෝජන ද වන්නාහ, සංයෝජන සම්ප්‍රයුක්ත ද වූ මැ නො ද සංයෝජනහ යි ද නො කිය යුතු වන්නාහ. සංස්කාරස්කන්‍ධය සංයෝජන ද වූ මැ සංයෝජන සම්ප්‍රයුක්ත ද වන්නේ ය. සංයෝජන සම්ප්‍රයුක්ත ද වූ මැ නො ද සංයෝජන ද වන්නේ ය, සංයෝජන ද වූ මැ සංයෝජන සම්ප්‍රයුක්තයෙකැයි ද, සංයෝජන සම්ප්‍රයුක්ත ද වූ මැ නො ද සංයෝජන යී ද නො කිය යුත්තේ යි.
ap-vbh:112.3
Pali BJTරූපක්ඛන්ධො සඤ්ඤොජනවිප්පයුත්තසඤ්ඤොජනියා. චත්තාරො ඛන්ධා සියා සඤ්ඤොජනවිප්පයුත්තසඤ්ඤොජනියා, සියා සඤ්ඤොජනවිප්පයුත්තඅසඤ්ඤොජනියා, සියා න වත්තබ්බා සඤ්ඤොජනවිප්පයුත්තසංයොජනියා තිපි, සඤ්ඤොජනවිප්පයුත්තඅසංයොජනියා තිපි.
Sinhala BJTරූපස්කන්‍ධය සංයෝජන විප්‍රයුක්ත සංයෝජනීය වෙයි. සතර ස්කන්‍ධයෝ සංයෝජන විප්‍රයුක්ත සංයෝජනීය ද වන්නාහ, සංයෝජන විප්‍රයුක්ත වූ අසංයෝජනිය ද වන්නාහ, සංයෝජන විප්‍රයුක්ත සංයෝජනීයහ යි ද, සංයෝජන විප්‍රයුක්ත අසංයෝජනීයහ යි ද නො කිය යුත්තාහු යැ.
ap-vbh:112.4
Pali BJT214. චත්තාරො ඛන්ධා නො ගන්ථා. සඞ්ඛාරක්ඛන්ධො සියා ගන්ථො, සියා නො ගන්ථො.
Sinhala BJT214. සතර ස්කන්‍ධයෝ ග්‍රන්‍ථ නො වන්නාහ. සංස්කාරස්කන්‍ධය ග්‍රන්‍ථ ද වන්නේ යැ, ග්‍රන්‍ථ නො ද වන්නේ යි.
ap-vbh:112.5
Pali BJTරූපක්ඛන්ධො ගන්ථනියො. චත්තාරො ඛන්ධා සියා ගන්ථනියා, සියා අගන්ථනියා.
Sinhala BJTරූපස්කන්‍ධය ග්‍රන්‍ථනීය යැ. සතර ස්කන්‍ධයෝ ග්‍රන්‍ථනීය ද වන්නාහ, අග්‍රන්‍ථනීය ද වන්නාහුයි.
ap-vbh:112.6
Pali BJTරූපක්ඛන්ධො ගන්ථවිප්පයුත්තො. චත්තාරො ඛන්ධා සියා ගන්ථසම්පයුත්තා, සියා ගන්ථවිප්පයුත්තා.
Sinhala BJTරූපස්කන්‍ධය ග්‍රන්‍ථ විප්‍රයුක්ත යැ. සතර ස්කන්‍ධයෝ ග්‍රන්‍ථ සම්ප්‍රයුක්ත ද වන්නාහ, ග්‍රන්‍ථ විප්‍රයුක්ත ද වන්නාහු යැ.
ap-vbh:112.7
Pali BJTරූපක්ඛන්ධො න වත්තබ්බො ගන්ථො චෙව ගන්ථනියො චාති;{1} ගන්ථනියො චෙව නො ච ගන්ථො. තයො ඛන්ධා න වත්තබ්බා ගන්ථා චෙව ගන්ථනියා චාති ;{2} සියා ගන්ථනියා චෙව නො ච ගන්ථා, සියා න වත්තබ්බා ගන්ථනියා චෙව නො ච ගන්ථාති. සඞ්ඛාරක්ඛන්ධො සියා ගන්ථො චෙව ගන්ථනියො ච, සියා ගන්ථනියො චෙව නො ච ගන්ථො; සියා න වත්තබ්බො ගන්ථො චෙව ගන්ථනියො චාතිපි.{1} ගන්ථනියො චෙව නො ච ගන්ථොතිපි.
Sinhala BJTරූපස්කන්‍ධය ග්‍රන්‍ථ ද වූ මැ ග්‍රන්‍ථනීයයෙකැ යි ද ග්‍රන්‍ථනීය ද වූ මැ නො ද ග්‍රන්‍ථයි නො කිය යුතු වන්නේ යැ. තුන්ස්කන්‍ධයෝ ග්‍රන්‍ථ ද වූ මැ ග්‍රන්‍ථනීයහයි නො කිය යුතු ද වන්නාහ. ග්‍රන්‍ථනීය ද වූ මැ නො ද ග්‍රන්‍ථ වන්නාහ. ග්‍රන්‍ථනීය ද වූ මැ නො ද ග්‍රන්‍ථය හ යි ද නො කියයුතු වන්නාහු යැ. සංස්කාරස්කන්‍ධය ග්‍රන්‍ථ ද වූයේ මැ ග්‍රන්‍ථනීය ද වන්නේ යැ. ග්‍රන්‍ථනීය ද වූ මැ නො ද ග්‍රන්‍ථ වන්නේ යැ. ග්‍රන්‍ථ ද වූ මැ ග්‍රන්‍ථනීයයි ද ග්‍රන්‍ථනීය ද වූ මැ නො ද ග්‍රන්‍ථයී ද නො කියයුතු වන්නේ යැ.
ap-vbh:112.8
Pali BJTරූපක්ඛන්ධො න වත්තබ්බො ගන්ථා චෙව ගන්ථ සම්පයුත්තො චාතිපි, ගන්ථසම්පයුත්තො චෙව නො ච ගන්ථොතිපි. තයො ඛන්ධා න වත්තබ්බා ගන්ථා චෙව ගන්ථසම්පයුත්තා චාති,{3} සියා ගන්ථසම්පයුත්තා චෙව නො ච ගන්ථා; සියා න වත්තබ්බා ගන්ථසම්පයුත්තා චෙව නො ච ගන්ථාති. සඞ්ඛාරක්ඛන්ධො සියා ගන්ථො චෙව ගන්ථසම්පයුත්තො ච, සියා ගන්ථසම්පයුත්තො චෙව නො ච ගන්ථො; සියා න වත්තබ්බො ගන්ථො චෙව ගන්ථසම්පයුත්තො චාති, ගන්ථසම්පයුත්තො චෙව නො ච ගන්ථොතිපි.
Sinhala BJTරූපස්කන්‍ධය ග්‍රන්‍ථ ද වූ මැ ග්‍රන්‍ථ සම්ප්‍රයුක්ත යයි ද ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වූ මැ නො ද ග්‍රන්‍ථ ය යි ද නො කියයුතු යි. තුන්ස්කන්‍ධයෝ ග්‍රන්‍ථ ද වූ මැ ග්‍රන්‍ථ සම්ප්‍රයුක්තයහ යි ද නො කිය යුතු වන්නාහු ය. ග්‍රන්‍ථ සම්ප්‍රයුක්ත ද වූ මැ නො ද ග්‍රන්‍ථ වන්නාහුය. ග්‍රන්‍ථ සම්ප්‍රයුක්ත ද වූ මැ නො ද ග්‍රන්‍ථයහ යි ද නො කියයුතු වන්නාහු යැ. සංස්කාරස්කන්‍ධය ග්‍රන්‍ථ ද වූ මැ ග්‍රන්‍ථ සම්ප්‍රයුක්ත ද වන්නේ ය. ග්‍රන්‍ථ සම්ප්‍රයුක්ත ද වූ මැ නො ද ග්‍රන්‍ථ වන්නේ යැ. ග්‍රන්‍ථ ද වූ මැ ග්‍රන්‍ථ සම්ප්‍රයුක්තය යි ද ග්‍රන්‍ථ සම්ප්‍රයුක්ත ද වූ මැ නො ද ග්‍රන්‍ථය යි ද නො කියයුතු වන්නේයි.
ap-vbh:114.1
Pali BJTරූපක්ඛන්ධො ගන්ථවිප්පයුත්තගන්ථනීයො. චත්තාරො ඛන්ධා සියා ගන්ථවිප්පයුත්තගන්ථනීයා; සියා ගන්ථවිප්පයුත්තඅගන්ථනීයා; සියා න වත්තබ්බා ගන්ථවිප්පයුත්තගන්ථනීයාතිපි, ගන්ථවිප්පයුත්ත අගන්ථනීයාතිපි;
Sinhala BJTරූපස්කන්‍ධය ග්‍රන්‍ථ විප්‍රයුක්ත ග්‍රන්‍ථනීය වෙයි. සතර ස්කන්‍ධයෝ ග්‍රන්‍ථ විප්‍රයුක්ත ග්‍රන්‍ථනීය වන්නාහ, ග්‍රන්‍ථ විප්‍රයුක්ත අග්‍රන්‍ථනීය වන්නාහ, ග්‍රන්‍ථ විප්‍රයුක්ත ග්‍රන්‍ථනීයහ යි ද ග්‍රන්‍ථ විප්‍රයුක්ත අග්‍රන්‍ථනීයහ යි ද නො කියයුතු වන්නාහු යි.
ap-vbh:114.2
Pali BJT215-216. චත්තාරො ඛන්ධා නො ඔඝා -පෙ- නො යොගා -පෙ-
Sinhala BJT215-216. සතර ස්කන්‍ධයෝ ඕඝයෝ නො වෙත්. ... යෝගයෝ නො වෙත්.
ap-vbh:114.3
Pali BJT217. චත්තාරො ඛන්ධා නො නීවරණා. සඞ්ඛාරක්ඛන්ධො සියා නීවරණං, සියා නො නීවරණං.
Sinhala BJT217. සතර ස්කන්‍ධයෝ නීවරණයෝ නො වෙත්. සංස්කාරස්කන්‍ධය නීවරණ වන්නේ යැ. නො ද නීවරණ වන්නේ යි.
ap-vbh:114.4
Pali BJTරූපක්ඛන්ධො නීවරණියො. චත්තාරො ඛන්ධා සියා නීවරණියා, සියා අනීවරණියා.
Sinhala BJTරූපස්කන්‍ධය නීවරණය වෙයි. සතර ස්කන්‍ධයෝ නීවරණීය ද වන්නාහ. අනීවරණීය ද වන්නාහු යැ.
ap-vbh:114.5
Pali BJTරූපක්ඛන්ධො නීවරණවිප්පයුත්තො. චත්තාරො ඛන්ධා සියා නීවරණසම්පයුත්තා, සියා නීවරණවිප්පයුත්තා.
Sinhala BJTරූපස්කන්‍ධය නීවරණ විප්‍රයුක්ත වෙයි. සතර ස්කන්‍ධයෝ නීවරණ සම්ප්‍රයුක්ත ද වන්නාහ. නීවරණ විප්‍රයුක්ත ද වන්නාහු යැ.
ap-vbh:114.6
Pali BJTරූපක්ඛන්ධො න වත්තබ්බො නීවරණං චෙව නීවරණියො චාති{1}. නීවරණියො චෙව නො ච නීවරණං. තයො ඛන්ධා න වත්තබ්බා නීවරණා චෙව නීවරණියා චාති, සියා නීවරණියා චෙව නො ච නීවරණා, සියා න වත්තබ්බා නීවරණියා චෙව නො ච නීවරණා{1}ති. සඞ්ඛාරක්ඛන්ධො සියා නීවරණං චෙව නීවරණියො ච, සියා නීවරණියො චෙව නො ච නීවරණං, සියා න වත්තබ්බො නීවරණං චෙව නීවරණියොති’පි, නීවරණියො චෙව නො ච නීවරණන්තිපි.
Sinhala BJTරූපස්කන්‍ධය නීවරණ ද වූයේ මැ නීවරණීය යි ද නීවරණීය ද වූයේ මැ නො ද නීවරණ යයි ද නො කියයුතු වන්නේ යැ. තුන් ස්කන්‍ධයෝ නීවරණ ද වූ නීවරණීයහ යි නො කියයුතු වන්නාහ. නීවරණීය ද වූ නො ද නීවරණ වන්නාහ. නීවරණීය ද වූ මැ නො ද නීවරණහ යි නො කියයුතු වන්නාහු යැ. සංස්කාරස්කන්‍ධය නීවරණ ද වූ ම නීවරණීය ද වන්නේ යැ. නීවරණීය ද වූ මැ නො ද කීවරණ වන්නේ යැ. නීවරණ ද වූ මැ නීවරණීය යි ද නීවරණීය ද වූ මැ නො ද නීවරණ යි ද නො කියයුතු වේ.
ap-vbh:114.7
Pali BJTරූපක්ඛන්ධො න වත්තබ්බො නීවරණං චෙව නීවරණසම්පයුත්තොචාති’පි, නීවරණසම්පයුත්තො චෙව නො ච නීවරණන්ති’පි. තයො ඛන්ධා න වත්තබ්බා නීවරණා චෙව නීවරණසම්පයුත්තා චාති, සියා නීවරණසම්පයුත්තා චෙව නො ච නීවරණා, සියා න වත්තබ්බා නීවරණසම්පයුත්තා චෙව නො ච නීවරණාති. සඞ්ඛාරක්ඛන්ධො සියා නීවරණං චෙව නීවරණසම්පයුත්තො ච, සියා නීවරණසම්පයුත්තො චෙව නො ච නීවරණං, සියා න වත්තබ්බො නීවරණං චෙව නීවරණසම්පයුත්තොචාති’පි, නීවරණසම්පයුත්තො චෙව නො ච නීවරණන්ති’පි
Sinhala BJTරූපස්කන්‍ධය නීවරණ ද වූ මැ නීවරණ සම්ප්‍රයුක්තය යි ද නීවරණ සම්ප්‍රයුක්ත ද වූ මැ නො ද නීවරණයි ද නො කියයුතු වෙයි. තුන් ස්කන්‍ධයෝ නීවරණ ද වූ මැ නීවරණ සම්ප්‍රයුක්තයහ යි ද නො කියයුතු වන්නාහ. නීවරණ සම්ප්‍රයුක්ත ද වූ මැ නො ද නීවරණයහයි නො කියයුතු වන්නාහුයැ. සංස්කාරස්කන්‍ධය නීවරණ ද වූ මැ නීවරණ සම්ප්‍රයුක්ත ද වෙයි. නීවරණ සම්ප්‍රයුක්ත ද වූ මැ නො ද නීවරණ වෙයි. නීවරණ ද වූ මැ නීවරණ සම්ප්‍රයුක්ත ද නීවරණ සම්ප්‍රයුක්ත ද වූ ම නො ද නීවරණ යිද නො කියයුතු වන්නේ යැ.
ap-vbh:114.8
Pali BJTරූපක්ඛන්ධො නීවරණවිප්පයුත්තනීවරණියො. චත්තාරො ඛන්ධා සියා නීවරණවිප්පයුත්තනීවරණියා, සියා නීවරණවිප්පයුත්තඅනීවරණියා, සියා න වත්තබ්බා නීවරණවිප්පයුත්තනීවරණියාති’පි නීවරණවිප්පයුත්තඅනීවරණියාති’පි.
Sinhala BJTරූපස්කන්‍ධය නීවරණ විප්‍රයුක්ත නීවරණීය වේ. සතර ස්කන්‍ධයෝ නීවරණ විප්‍රයුක්ත නීවරණීය වන්නාහ. නීවරණ විප්‍රයුක්ත අනීවරණය වන්නාහ. නීවරණ විප්‍රයුක්ත නීවරණීයහ යි ද නීවරණ විප්‍රයුක්ත අනීවරණීයහ යි ද නො කිය යුතු වන්නාහු ය.
ap-vbh:114.9
Pali BJT218. චත්තාරො ඛන්ධා නො පරාමාසා. සඞ්ඛාරක්ඛන්ධො සියා පරාමාසො, සියා නො පරාමාසො.
Sinhala BJT218. සතර ස්කන්‍ධයෝ පරාමාස නො වෙත්. සංස්කාරස්කන්‍ධය පරාමාස ද වන්නේ ය. නො ද පරාමාස වන්නේ ය.
ap-vbh:114.10
Pali BJTරූපක්ඛන්ධො පරාමට්ඨො. චත්තාරො ඛන්ධා සියා පරාමට්ඨා, සියා අපරාමට්ඨා.
Sinhala BJTරූපස්කන්‍ධය පරාමෘෂ්ට වෙයි. සතර ස්කන්‍ධයෝ පරාමෘෂ්ට ද වන්නාහ. අපරාමෘෂ්ට ද වන්නාහ.
ap-vbh:114.11
Pali BJTරූපක්ඛන්ධො පරාමාසවිප්පයුත්තො. තයො ඛන්ධා සියා පරාමාසසම්පයුත්තා, සියා පරාමාසවිප්පයුත්තා. සඞ්ඛාරක්ඛන්ධො සියා පරාමාසසම්පයුත්තො, සියා පරාමාසවිප්පයුත්තො, සියා න වත්තබ්බො පරාමාසසම්පයුත්තොතිපි පරාමාසවිප්පයුත්තොති’පි.
Sinhala BJTරූපස්කන්‍ධය පරාමාස විප්‍රයුක්ත වූයේ වෙයි. තුන් ස්කන්‍ධයෝ පරාමාස සම්ප්‍රයුක්ත ද වන්නාහ. පරාමාස විප්‍රයුක්ත ද වන්නාහ. සංස්කාරස්න්‍ධය පරාමාස සම්ප්‍රයුක්ත ද වන්නේ ය. පරාමාස විප්‍රයුක්ත ද වන්නේ ය. පරාමාස සම්ප්‍රයුක්ත යි ද පරාමාස විප්‍රයුක්ත යි ද නො කියයුතු වන්නේ යි.
ap-vbh:116.1
Pali BJTරූපක්ඛන්ධො න වත්තබ්බො පරාමාසො චෙව පරාමට්ඨොති, පරාමට්ඨො චෙව නො ච පරාමාසො. තයො ඛන්ධා න වත්තබ්බා පරාමාසා චෙව පරාමට්ඨොති, සියා පරාමට්ඨා චෙව නො ච පරාමාසා, සියා න වත්තබ්බා පරාමට්ඨා චෙව නො ච පරාමාසාති. සඞ්ඛාරක්ඛන්ධො සියා පරාමාසො චෙව පරාමට්ඨො ච, සියා පරාමට්ඨො චෙව නො ච පරාමාසො, සියා න වත්තබ්බො පරාමාසො චෙව පරාමට්ඨොතිපි, පරාමට්ඨො චෙව නො ච පරාමාසොති’පි.
Sinhala BJTරූපස්කන්‍ධය පරාමාස ද වූ ම පරාමෘෂ්ට යි ද පරාමෘෂ්ට ද වූ ම නො ද පරාමාස යි ද නො කියයුතු වෙයි. තුන් ස්කන්‍ධයෝ පරාමාස ද වූ ම පරාමෘෂ්ටයහ යි නො කිය යුත්තාහ. පරාමෘෂ්ට ද වූ ම නො ද පරාමාස වන්නාහ. පරාමෘෂ්ට ද වූ ම නො ද පරාමාසයහ යී නො කිය යුත්තාහ. සංස්කාරස්කන්‍ධය පරාමාස ද වූ ම පරාමෘෂ්ට ද වෙයි, පරාමෘෂ්ට ද වූ ම නො ද පරාමාස වන්නේ ය. පරාමාස ද වූ ම පරාමෘෂ්ට යි ද පරාමෘෂ්ට ද වූ ම නො ද පරාමාස යි ද නො කිය යුතු වන්නේ යි.
ap-vbh:116.2
Pali BJTරූපක්ඛන්ධො පරාමාසවිප්පයුත්තපරාමට්ඨො. චත්තාරො ඛන්ධා සියා පරාමාසවිප්පයුත්තපරාමට්ඨා, සියා පරාමාසවිප්පයුත්තඅපරාමට්ඨා, සියා න වත්තබ්බා පරාමාසවිප්පයුත්තපරාමට්ඨාති’පි, පරාමාසවිප්පයුත්තඅපරාමට්ඨාති’පි.
Sinhala BJTරූපස්කන්‍ධය පරාමාස විප්‍රයුක්ත පරාමෘෂ්ට ද වෙයි. සතර ස්කන්‍ධයෝ පරාමාස විප්‍රයුක්ත පරාමෘෂ්ට ද වන්නාහ. පරාමාස විප්‍රයුක්ත අපරාමෘෂ්ට ද වන්නාහු ය. පරාමාස විප්‍රයුක්ත පරාමෘෂ්ට යී ද පරාමාස විප්‍රයුක්ත අපරාමෘෂ්ට යී ද නො කිය යුත්තේ යි.
ap-vbh:116.3
Pali BJT219. රූපක්ඛන්ධො අනාරම්මණො. චත්තාරො ඛන්ධා සාරම්මණා.
Sinhala BJT219. රූපස්කන්‍ධය අනාලම්බන යැ. සතර ස්කන්‍ධයෝ ආලම්බන සහිතයෝ යි.
ap-vbh:116.4
Pali BJTවිඤ්ඤාණක්ඛන්ධො චිත්තං. චත්තාරො ඛන්ධා නො චිත්තා.
Sinhala BJTවිඥානස්කන්‍ධය චිත්ත වෙයි, සතර ස්ක්නධයෝ චිත්තයෝ නො වෙත්.
ap-vbh:116.5
Pali BJTතයො ඛන්ධා චෙතසිකා. ද්වෙ ඛන්ධා අචෙතසිකා.
Sinhala BJTතුන් ස්කන්‍ධයෝ චෛතසිකයෝ යැ, ස්කන්‍ධයෝ දෙදෙනෙක් අචෛතසිකයෝ යි.
ap-vbh:116.6
Pali BJTතයො ඛන්ධා චිත්තසම්පයුත්තා. රූපක්ඛන්ධො චිත්තවිප්පයුත්තො. විඤ්ඤාණක්ඛන්ධො න වත්තබ්බො චිත්තෙන සම්පයුත්තොති’පි චිත්තෙන විප්පයුත්තොති’පි.
Sinhala BJTතුන් ස්කන්‍ධයෝ චිත්ත සම්ප්‍රයුක්තයෝ යැ, රූපස්කන්‍ධය චිත්ත විප්‍රයුක්ත යැ, විඥානස්කන්‍ධය චිත්තය හා සම්ප්‍රයුක්ත යි ද, චිත්තය හා විප්‍රයුක්ත යි ද නො කිය යුත්තේ යි.
ap-vbh:116.7
Pali BJTතයො ඛන්ධා චිත්තසංසට්ඨා. රූපක්ඛන්ධො චිත්තවිසංසට්ඨො. විඤ්ඤාණක්ඛන්ධො න වත්තබ්බො චිත්තෙන සංසට්ඨොති’පි චිත්තෙන විසංසට්ඨොති’පි.
Sinhala BJTතුන් ස්කන්‍ධයෝ චිත්ත සංසෘෂ්ටයෝ යැ, රූපස්කන්‍ධය චිත්ත විසංසෘෂ්ට යැ, විඥානස්කන්‍ධය චිත්තය හා සංසෘෂ්ට යි ද චිත්තය හා විසංසෘෂ්ට යි ද නො කිය යුත්තේ යි.
ap-vbh:116.8
Pali BJTතයො ඛන්ධා චිත්තසමුට්ඨානා. විඤ්ඤාණක්ඛන්ධො නො චිත්තසමුට්ඨානො. රූපක්ඛන්ධො සියා චිත්තසමුට්ඨානො, සියා නො චිත්තසමුට්ඨානො.
Sinhala BJTතුන් ස්කන්‍ධයෝ චිත්තය සමුත්‍ථාන කොට ඇත්තාහු යැ, විඥානස්කන්‍ධය චිත්ත සමුත්‍ථාන නො වූයේ යැ, රූපස්කන්‍ධය චිත්ත සමුත්‍ථාන ද වන්නේ යැ, ච්ත්ත සමුත්‍ථාන නො ද වන්නේ ය.
ap-vbh:116.9
Pali BJTතයො ඛන්ධා චිත්තසහභුනො. විඤ්ඤාණක්ඛන්ධො නො චිත්තසහභු. රූපක්ඛන්ධො සියා චිත්තසහභු සියා නො චිත්තසහභු.
Sinhala BJTතුන් ස්කන්‍ධයෝ චිත්තය හා උපන්නාහු යැ, විඥානස්කන්‍ධය චිත්ත සහභූ නො වූයේ යැ. රූපස්කන්‍ධය චිත්ත සහභූ ද වන්නේ යැ, චිත්ත සහභූ නො ද වන්නේ යි.
ap-vbh:116.10
Pali BJTතයො ඛන්ධා චිත්තානුපරිවත්තිනො. විඤ්ඤාණක්ඛන්ධො නො චිත්තානුපරිවත්ති, රූපක්ඛන්ධො සියා චිත්තානුපරිවත්ති, සියා නො චිත්තානුපරිවත්තී.
Sinhala BJTතුන් ස්කන්‍ධයෝ සිත අනුව පවත්නාහු යැ, විඥානස්කන්‍ධය සිත අනුව නො පවත්නේ යැ, රූපස්කන්‍ධය සිත අනුව පවත්නේ ද වන්නේ යැ, සිත අනුව නො පවත්නේ ද වන්නේ යි.
ap-vbh:116.11
Pali BJTතයො ඛන්ධා චිත්තසංසට්ඨසමුට්ඨානා. ද්වෙ ඛන්ධා නො චිත්තසංසට්ඨසමුට්ඨානා.
Sinhala BJTතුන් ස්කන්‍ධයෝ චිත්ත සංසෘෂ්ට සමුත්‍ථානයහ, ස්කන්‍ධයෝ දෙදෙනෙක් චිත්ත සංසෘෂ්ට සමුත්‍ථාන නො වෙත්.
ap-vbh:116.12
Pali BJTතයො ඛන්ධා චිත්තසංසට්ඨසමුට්ඨානසහභුනො. ද්වෙ ඛන්ධා නො චිත්තසංසට්ඨසමුට්ඨානසහභුනො.
Sinhala BJTතුන් ස්කන්‍ධයෝ චිත්ත සංසෘෂ්ට සමුත්‍ථාන සහභූහ. ස්කන්‍ධයෝ දෙදෙනෙක් චිත්ත සංසෘෂ්ට සමුත්‍ථාන සහභූ නො වෙත්.
ap-vbh:116.13
Pali BJTතයො ඛන්ධා චිත්තසංසට්ඨසමුට්ඨානානුපරිවත්තිනො. ද්වෙ ඛන්ධා නො චිත්තසංසට්ඨසමුට්ඨානානුපරිවත්තිනො.
Sinhala BJTතුන් ස්කන්‍ධයෝ චිත්ත සංසෘෂ්ට සමුත්‍ථානුපරිවර්තීහ. ස්කන්‍ධයෝ දෙදෙනෙක් චිත්ත සංසෘෂ්ට සමුත්‍ථානානුපරිවර්තී නො වෙත්.
ap-vbh:116.14
Pali BJTවිඤ්ඤාණක්ඛන්ධො අජ්ඣත්තිකො. තයො ඛන්ධා බාහිරා, රූපක්ඛන්ධො සියා අජ්ඣත්තිකො, සියා බාහිරො.
Sinhala BJTවිඥානස්කන්‍ධය ආධ්‍යාත්මික ය. ස්කන්‍ධයෝ තිදෙනෙක් බාහිරයෝ යැ. රූපස්කන්‍ධය ආධ්‍යාත්මික ද වන්නේ යැ බාහිර ද වන්නේ යි.
ap-vbh:116.15
Pali BJTචත්තාරො ඛන්ධා නො උපාදා. රූපක්ඛන්ධො සියා උපාදා, සියා නො උපාදා.
Sinhala BJTසතර ස්කන්‍ධයෝ උපාදා නො වෙති, රූපස්කන්‍ධය උපාදා ද වන්නේ යැ, උපාදා නො ද වන්නේ යි.
ap-vbh:116.16
Pali BJTසියා උපාදින්නා, සියා අනුපාදින්නා.
Sinhala BJT(පඤ්චස්කන්‍ධයෝ) උපාදින්න ද වෙති අනුපාදින්න ද වෙත්.
ap-vbh:118.1
Pali BJT220. චත්තාරො ඛන්ධා නො උපාදානා. සඞ්ඛාරක්ඛන්ධො සියා උපාදානං, සියා නො උපාදානං.
Sinhala BJT220. සතර ස්කන්‍ධයෝ උපාදාන නො වෙති, සංස්කාරස්කන්‍ධය උපාදාන ද වන්නේ යැ, නො ද උපාදාන වන්නේ යි.
ap-vbh:118.2
Pali BJTරූපක්ඛන්ධො උපාදානියො. චත්තාරො ඛන්ධා සියා උපාදානියා, සියා අනුපාදානියා.
Sinhala BJTරූපස්කන්‍ධය උපාදානිය වෙයි, සතර ස්කන්‍ධයෝ උපාදානිය ද වන්නාහ, අනුපාදානිය ද වන්නාහු යැ.
ap-vbh:118.3
Pali BJTරූපක්ඛන්ධො උපාදානවිප්පයුත්තො. චත්තාරො ඛන්ධා සියා උපාදානසම්පයුත්තා, සියා උපාදානවිප්පයුත්තා.
Sinhala BJTරූපස්කන්‍ධය උපාදාන විප්‍රයුක්ත යැ. සතර ස්කන්‍ධයෝ උපාදාන සම්ප්‍රයුක්ත ද වන්නාහ, උපාදාන විප්‍රයුක්ත ද වන්නාහු යැ.
ap-vbh:118.4
Pali BJTරූපක්ඛන්ධො න වත්තබ්බො උපාදානං චෙව උපාදානියො’ති, උපාදානියො චෙව නො ච උපාදානං. තයො ඛන්ධා න වත්තබ්බා උපාදානා චෙව උපාදානියා’ති, සියා උපාදානියා චෙව නො ච උපාදානා, සියා න වත්තබ්බා උපාදානියා චෙව නො ච උපාදානාති. සඞ්ඛාරක්ඛන්ධො සියා උපාදානඤ්චෙව උපාදානියො ච, සියා උපාදානියො චෙව නො ච උපාදානං, සියා න වත්තබ්බො උපාදානං චෙව උපාදානියොති’පි, උපාදානියො චෙව නො ච උපාදානන්ති’පි.
Sinhala BJTරූපස්කන්‍ධය උපාදාන ද වූයේ ම උපාදානිය යි නො කිය යුත්තේ ය, උපාදානිය ද වූයේ ම නො ද උපාදාන වෙයි. ස්කන්‍ධයෝ තිදෙනෙක් උපාදාන ද වූවාහු මැ උපාදානිය ද වෙතී නො කිය යුත්තාහ, උපාදානිය ද වූවාහු මැ නො ද උපාදාන වන්නාහ, උපාදානිය ද වූවාහු මැ නො ද උපාදාන වෙතී නො කිය යුත්තාහ. සංස්කාරස්කන්‍ධය උපාදාන ද වූයේ මැ උපාදානිය ද වන්නේ ය, උපාදානිය ද වූයේ මැ නො ද උපාදාන වන්නේ ය, උපාදාන ද වූ ම උපාදානිය යි ද උපාදානිය ද වූ මැ නො ද උපාදාන යි ද නො කිය යුතු වන්නේ යි.
ap-vbh:118.5
Pali BJTරූපක්ඛන්ධො න වත්තබ්බො උපාදානං චෙව උපාදානසම්පයුත්තොති’පි, උපාදානසම්පයුත්තො චෙව නො ච උපාදානන්ති’පි. තයො ඛන්ධා න වත්තබ්බා උපාදානා චෙව උපාදානසම්පයුත්තා’ති, සියා උපාදානසම්පයුත්තා චෙව නො ච උපාදානා, සියා න වත්තබ්බා උපාදානසම්පයුත්තා චෙව නො ච උපාදානාති. සඞ්ඛාරක්ඛන්ධො සියා උපාදානං චෙව උපාදානසම්පයුත්තො ච, සියා උපාදානසම්පයුත්තො චෙව නො ච උපාදානං, සියා න වත්තබ්බො උපාදානං චෙව උපාදානසම්පයුත්තොති’පි, උපාදානසම්පයුත්තො චෙව නො ච උපාදානන්ති’පි.
Sinhala BJTරූපස්කන්‍ධය උපාදාන ද වූයේ මැ උපාදාන සම්ප්‍රයුක්ත යි ද උපාදාන සම්ප්‍රයුක්ත ද වූ මැ නො ද උපාදාන යි ද නො කිය යුත්තේ ය. ස්කන්‍ධයෝ තිදෙනෙක් උපාදාන ද වූ මැ උපාදාන සම්ප්‍රයුක්තයෝ යි නො කිය යුත්තාහ, උපාදාන සම්ප්‍රයුක්ත ද වූ මැ නො ද උපාදාන වන්නාහ, උපාදාන සම්ප්‍රයුක්ත ද වූ මැ නො ද උපාදානැ යි නො කිය යුතු වන්නාහ. සංස්කාරස්කන්‍ධය උපාදාන ද වූ මැ උපාදාන සම්ප්‍රයුක්ත ද වන්නේ ය, උපාදාන සම්ප්‍රයුක්ත ද වූයේ මැ නො ද උපාදාන වන්නේ යැ, උපාදාන ද වූ මැ උපාදාන සම්ප්‍රයුක්තයෙකැ යි ද උපාදාන සම්ප්‍රයුක්ත ද වූ ම නො ද උපාදානයෙකැ යි ද නො කිය යුතු වන්නේ යි.
ap-vbh:118.6
Pali BJTරූපක්ඛන්ධො උපාදානවිප්පයුත්තඋපාදානියො. චත්තාරො ඛන්ධා සියා උපාදානවිප්පයුත්තඋපාදානියා, සියා උපාදානවිප්පයුත්තඅනුපාදානියා, සියා න වත්තබ්බා උපාදානවිප්පයුත්තඋපාදානියාතිපි උපාදානවිප්පයුත්තඅනුපාදානියාතිපි.
Sinhala BJTරූපස්කන්‍ධය උපාදාන විප්‍රයුක්ත උපාදානිය වෙයි, සතර ස්කන්‍ධයෝ උපාදාන විප්‍රයුක්ත උපාදානිය වන්නාහ, උපාදාන විප්‍රයුක්ත අනුපාදානිය ද වන්නාහ, උපාදාන විප්‍රයුක්ත උපාදානිය යි ද උපාදාන විප්‍රයුක්ත අනුපාදානිය යි ද නො කිය යුතු වන්නාහු යැ.
ap-vbh:118.7
Pali BJT221. චත්තාරො ඛන්ධා නො කිලෙසා. සඞ්ඛාරක්ඛන්ධො සියා කිලෙසො, සියා නො කිලෙසො.
Sinhala BJT221. සතර ස්කන්‍ධයෝ ක්ලේශයෝ නො වෙති, සංස්කාරස්කන්‍ධය ක්ලේශ ද වන්නේ ය, නො ද ක්ලේශ ද වන්නේ යි.
ap-vbh:118.8
Pali BJTරූපක්ඛන්ධො සංකිලෙසිකො. චත්තාරො ඛන්ධා සියා සංකිලෙසිකා, සියා අසංකිලෙසිකා.
Sinhala BJTරූපස්කන්‍ධය සාංක්ලේශික ය, සතර ස්කන්‍ධයෝ සාංක්ලේශික ද වන්නාහ, අසාංක්ලේශික ද වන්නාහු ය.
ap-vbh:118.9
Pali BJTරූපක්ඛන්ධො අසංකිලිට්ඨො. චත්තාරො ඛන්ධා සියා සංකිලිට්ඨා, සියා අසංකිලිට්ඨා.
Sinhala BJTරූපස්කන්‍ධය අසංක්ලිෂ්ට ය, සතර ස්කන්‍ධයෝ සංක්ලිෂ්ට ද වන්නාහ, අසංක්ලිෂ්ට ද වන්නාහු ය.
ap-vbh:118.10
Pali BJTරූපක්ඛන්ධො කිලෙසවිප්පයුත්තො. චත්තාරො ඛන්ධා සියා කිලෙසසම්පයුත්තා, සියා කිලෙසවිප්පයුත්තා.
Sinhala BJTරූපස්කන්‍ධය ක්ලේශ විප්‍රයුක්ත ය, සතර ස්කන්‍ධයෝ ක්ලේශ සම්ප්‍රයුක්ත ද වන්නාහ, ක්ලේශ විප්‍රයුක්ත ද වන්නාහු ය.
ap-vbh:118.11
Pali BJTරූපක්ඛන්ධො න වත්තබ්බො කිලෙසො චෙව සංකිලෙසිකොති, සංකිලෙසිකො චෙව නො ච කිලෙසො. තයො ඛන්ධා න වත්තබ්බා කිලෙසා චෙව සංකිලෙසිකාති, සියා සංකිලෙසිකා චෙව නො ච කිලෙසා සියා න වත්තබ්බා සංකිලෙසිකා චෙව නො ච කිලෙසාති. සඞ්ඛාරක්ඛන්ධො සියා කිලෙසො චෙව සංකිලෙසිකො ච, සියා සංකිලෙසිකො චෙව නො ච කිලෙසො, සියා න වත්තබ්බො කිලෙසො චෙව, සංකිලෙසිකොතිපි සංකිලෙසිකො චෙව නො ච කිලෙසොතිපි.
Sinhala BJTරූපස්කන්‍ධය ක්ලේශ ද වූයේ මැ සාංක්ලේශික යි නො කියයුත්තේ යැ, සාංක්ලේශික ද වූ මැ නො ද ක්ලේශ වූයේ යැ. ස්කන්‍ධයෝ තිදෙනෙක් ක්ලේශ ද වූ මැ සාංක්ලේශිකහ යි නො කියයුත්තාහ, සාංක්ලේශික ද වූ මැ නො ද ක්ලේශ වන්නාහ, සාංක්ලේශික ද වූවාහු මැ නො ද ක්ලේශ වූහ යි නො කියයුත්තාහ, සංස්කාරස්කන්‍ධය ක්ලේශ ද වූයේ මැ සාංක්ලේශික ද වන්නේ යැ, සාංක්ලේශික ද වූයේ නො ද ක්ලේශ වන්නේ යැ, ක්ලේශ ද වූයේ මැ සාංක්ලේශික යි ද සාංක්ලේශික ද වූ මැ නො ද ක්ලේශ යි ද නො කියයුතු වන්නේ යි.
ap-vbh:120.1
Pali BJTරූපක්ඛන්ධො න වත්තබ්බො කිලෙසො චෙව සංකිලිට්ඨොතිපි, සංකිලිට්ඨො චෙව නො ච කිලෙසොතිපි. තයො ඛන්ධා න වත්තබ්බා කිලෙසා චෙව සංකිලිට්ඨාති, සියා සංකිලිට්ඨා චෙව නො ච කිලෙසා, සියා න වත්තබ්බා සංකිලිට්ඨා චෙව නො ච කිලෙසාති. සඞ්ඛාරක්ඛන්ධො සියා කිලෙසො චෙව සංකිලිට්ඨො ච, සියා සංකිලිට්ඨො චෙව නො ච කිලෙසො. සියා න වත්තබ්බො කිලෙසො චෙව සංකිලිට්ඨොතිපි, සංකිලිට්ඨො චෙව නො ච කිලෙසොතිපි.
Sinhala BJTරූපස්කන්‍ධය ක්ලේශ ද වූයේ මැ සංක්ලිෂ්ට යි ද සංක්ලිෂ්ට ද වූයේ මැ නො ද ක්ලේශ යි ද නො කියයුත්තේ යැ, ස්කන්‍ධයෝ තිදෙනෙක් ක්ලේශ ද වූවාහු මැ සංක්ලිෂ්ට වූහ යි නො කියයුත්තාහ, සංක්ලිෂ්ට ද වූවාහු මැ නො ද ක්ලේශ වන්නාහ, සංක්ලිෂ්ට ද වූවාහු මැ නො ද ක්ලේශයෝ යි නො කියයුත්තාහ, සංස්කාරස්කන්‍ධය ක්ලේශ ද වූයේ මැ සංක්ලිෂ්ට ද වන්නේ යැ සංක්ලිෂ්ට ද වූයේ මැ නො ද ක්ලේශ වන්නේ යැ, ක්ලේශ ද වූයේ මැ සංක්ලිෂ්ට යි ද සංක්ලිෂ්ට ද වූයේ මැ නො ද ක්ලේශ යි ද නො කියයුතු වන්නේ යි.
ap-vbh:120.2
Pali BJTරූපක්ඛන්ධො න වත්තබ්බො කිලෙසො චෙව කිලෙස සම්පයුත්තොතිපි, කිලෙසසම්පයුත්තො චෙව නො ච කිලෙසොතිපි. තයො ඛන්ධා න වත්තබ්බා කිලෙසා චෙව කිලෙසසම්පයුත්තාති, සියා කිලෙසසම්පයුත්තා චෙව නො ච කිලෙසා, සියා න වත්තබ්බා කිලෙසසම්පයුත්තා චෙව නො ච කිලෙසාති. සඞ්ඛාරක්ඛන්ධො සියා කිලෙසො චෙව කිලෙසසම්පයුත්තො ච, සියා කිලෙසසම්පයුත්තො චෙව නො ච කිලෙසො, සියා න වත්තබ්බො කිලෙසො චෙව කිලෙසසම්පයුත්තොතිපි, කිලෙසසම්පයුත්තො චෙව නො ච කිලෙසොතිපි.
Sinhala BJTරූපස්කන්‍ධය ක්ලේශ ද වූයේ මැ ක්ලේශ සම්ප්‍රයුක්ත යි ද ක්ලේශ සම්ප්‍රයුක්ත ද වූයේ මැ නො ද ක්ලේශ යි ද නො කියයුත්තේ යැ, ස්කන්‍ධයෝ තිදෙනෙක් ක්ලේශ ද වූවාහු මැ ක්ලේශ සම්ප්‍රයුක්තහ යි නො කියයුත්තාහ, ක්ලේශ සම්ප්‍රයුක්ත ද වූ මැ නො ද ක්ලේශ වන්නාහ, ක්ලේශ සම්ප්‍රයුක්ත ද වූවාහු මැ නො ද ක්ලේශයෝ යි නො කියයුතු වන්නාහු යැ. සංස්කාරස්කන්‍ධය ක්ලේශ ද වූ මැ ක්ලේශ සම්ප්‍රයුක්ත ද වන්නේ යැ, ක්ලේශ සම්ප්‍රයුක්ත ද වූ මැ නො ද ක්ලේශ වන්නේ යැ, ක්ලේශ ද වූ මැ ක්ලේශ සම්ප්‍රයුක්ත යි ද ක්ලේශ සම්ප්‍රයුක්ත ද වූ මැ නො ද ක්ලේශ යි ද නො කියයුතු වන්නේ යි.
ap-vbh:120.3
Pali BJTරූපක්ඛන්ධො කිලෙසවිප්පයුත්තසංකිලෙසිකො. චත්තාරො ඛන්ධා සියා කිලෙසවිප්පයුත්තසංකිලෙසිකා, සියා කිලෙසවිප්පයුත්තඅසංකිලෙසිකා, සියා න වත්තබ්බා කිලෙසවිප්පයුත්තසංකිලෙසිකාතිපි, කිලෙසවිප්පයුත්තඅසංකිලෙසිකාතිපි.
Sinhala BJTරූපස්කන්‍ධය ක්ලේශ විප්‍රයුක්ත සාංක්ලේශික යැ, සතර ස්කන්‍ධයෝ ක්ලේශ විප්‍රයුක්ත සාංක්ලේශික ද වන්නාහ, ක්ලේශ විප්‍රයුක්ත අසාංක්ලේශික ද වන්නාහ, ක්ලේශ විප්‍රයුක්ත සාංක්ලේශික යි ද ක්ලේශ විප්‍රයුක්ත අසාංක්ලේශික යි ද නො කියයුතු වන්නාහු යි.
ap-vbh:120.4
Pali BJT222. රූපක්ඛන්ධො න දස්සනෙන පහාතබ්බො. චත්තාරො ඛන්ධා සියා දස්සනෙන පහාතබ්බා, සියා න දස්සනෙන පහාතබ්බා.
Sinhala BJT222. රූපස්කන්‍ධය දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය නො වූයේ යැ, සතර ස්කන්‍ධයෝ දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය ද වන්නාහ, දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය නො ද වන්නාහු යි.
ap-vbh:120.5
Pali BJTරූපක්ඛන්ධො න භාවනාය පහාතබ්බො. චත්තාරො ඛන්ධා සියා භාවනාය පහාතබ්බා, සියා න භාවනාය පහාතබ්බා.
Sinhala BJTරූපස්කන්‍ධය භාවනායෙන් ප්‍රහාතව්‍ය නො වූයේ යැ, සතර ස්කන්‍ධයෝ භාවනායෙන් ප්‍රහාතව්‍ය ද වන්නාහ, භාවනායෙන් ප්‍රහාතව්‍ය නො ද වන්නාහු යි.
ap-vbh:120.6
Pali BJTරූපක්ඛන්ධො න දස්සනෙන පහාතබ්බහෙතුකො. චත්තාරො ඛන්ධා සියා දස්සනෙන පහාතබ්බහෙතුකා, සියා න දස්සනෙන පහාතබ්බහෙතුකා.
Sinhala BJTරූපස්කන්‍ධය දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතුක නො වෙයි, සතර ස්කන්‍ධයෝ දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යෙහ්තුක ද වන්නාහ, දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතුක නො ද වන්නාහු ය.
ap-vbh:120.7
Pali BJTරූපක්ඛන්ධො න භාවනාය පහාතබ්බහෙතුකො. චත්තාරො ඛන්ධා සියා භාවනාය පහාතබ්බහෙතුකා, සියා න භාවනාය පහාතබ්බහෙතුකා.
Sinhala BJTරූපස්කන්‍ධය භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතුක නො වෙයි, සතර ස්කන්‍ධයෝ භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතුක ද වන්නාහ, භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතුක නො ද වන්නාහු ය.
ap-vbh:120.8
Pali BJTරූපක්ඛන්ධො අවිතක්කො. චත්තාරො ඛන්ධා සියා සවිතක්කා සියා අවිතක්කා.
Sinhala BJTරූපස්කන්‍ධය අවිතර්‍ක යැ, සතර ස්කන්‍ධයෝ සවිතර්‍ක ද වන්නාහ, අවිතර්‍ක ද වන්නාහු යි.
ap-vbh:120.9
Pali BJTරූපක්ඛන්ධො අවිචාරො. චත්තාරො ඛන්ධා සියා සවිචාරා. සියා අවිචාරා.
Sinhala BJTරූපස්කන්‍ධය අවිචාර යැ, සතර ස්කන්‍ධයෝ සවිචාර ද වන්නාහ, අවිචාර ද වන්නාහු යි.
ap-vbh:120.10
Pali BJTරූපක්ඛන්ධො අප්පීතිකො. චත්තාරො ඛන්ධා සියා සප්පීතිකා, සියා අප්පීතිකා.
Sinhala BJTරූපස්කන්‍ධය අප්‍රීතික යැ සතර ස්කන්‍ධයෝ සප්‍රීතික ද වන්නාහ, අප්‍රීතික ද වන්නාහු යි.
ap-vbh:120.11
Pali BJTරූපක්ඛන්ධො න පීතිසහගතො. චත්තාරො ඛන්ධා සියා පීතිසහගතා, සියා න පීතිසහගතා.
Sinhala BJTරූපස්කන්‍ධය ප්‍රීතිසහගත නො වෙයි, සතර ස්කන්‍ධයෝ ප්‍රීති සහගත ද වන්නාහ, ප්‍රීති සහගත නො ද වන්නාහු යි.
ap-vbh:120.12
Pali BJTද්වෙ ඛන්ධා න සුඛසහගතා. තයො ඛන්ධා සියා සුඛසහගතා, සියා න සුඛසහගතා.
Sinhala BJTස්කන්‍ධයෝ දෙදෙනෙක් සුඛ සහගත නො වෙති, ස්කන්‍ධයෝ තිදෙනෙක් සුඛ සහගත ද වන්නාහ, සුඛ සහගත නො ද වන්නාහු ය.
ap-vbh:120.13
Pali BJTද්වෙ ඛන්ධා න උපෙක්ඛාසහගතා. තයො ඛන්ධා සියා උපෙක්ඛාසහගතා, සියා න උපෙක්ඛාසහගතා.
Sinhala BJTස්කන්‍ධයෝ දෙදෙනෙක් උපේක්‍ෂාසහගත නො වන්නාහ, ස්කන්‍ධයෝ තිදෙනෙක් උපේක්‍ෂාසහගත ද වන්නාහ, උපේක්‍ෂාසහගත නො ද වන්නාහු යි.
ap-vbh:122.1
Pali BJTරූපක්ඛන්ධො කාමාවචරො. චත්තාරො ඛන්ධා සියා කාමාවචරා, සියා න කාමාවචරා.
Sinhala BJTරූපස්කන්‍ධය කාමාවචර යැ, සතර ස්කන්‍ධයෝ කාමාවචර ද වන්නාහ, කාමාචර නො ද වන්නාහු යි.
ap-vbh:122.2
Pali BJTරූපාක්ඛන්ධො න රූපාවචරො. චත්තාරො ඛන්ධා සියා රූපාවචරා සියා න රූපාවචරා.
Sinhala BJTරූපස්කන්‍ධය රූපාවචර නො වෙයි, සතර ස්කන්‍ධයෝ රූපාවචර ද වන්නාහ, රූපාවචර නො ද වන්නාහු යි.
ap-vbh:122.3
Pali BJTරූපක්ඛන්ධො න අරූපාවචරො. චත්තාරො ඛන්ධා සියා අරූපාවචරා සියා න අරූපාවචරා.
Sinhala BJTරූපස්කන්‍ධය අරූපාවචර නො වෙයි, සතර ස්කන්‍ධයෝ අරූපාවචර ද වන්නාහ, අරූපාවචර නො ද වන්නාහු යි.
ap-vbh:122.4
Pali BJTරූපක්ඛන්ධො පරියාපන්නො. චත්තාරො ඛන්ධා සියා පරියාපන්නා සියා අපරියාපන්නා.
Sinhala BJTරූපස්කන්‍ධය පර්‍ය්‍යාපන්න යැ, සතර ස්කන්‍ධයෝ පර්‍ය්‍යාපන්න ද වන්නාහ, අපර්‍ය්‍යාපන්න ද වන්නාහු යි.
ap-vbh:122.5
Pali BJTරූපක්ඛන්ධො අනිය්යානිකො. චත්තාරො ඛන්ධා සියා නිය්යානිකා, සියා අනිය්යානිකා.
Sinhala BJTරූපස්කන්‍ධය අනෛර්‍ය්‍යාණික යැ, සතර ස්කන්‍ධයෝ නෛර්‍ය්‍යාණික ද වන්නාහ, අනෛර්‍ය්‍යාණික ද වන්නාහු යි.
ap-vbh:122.6
Pali BJTරූපක්ඛන්ධො අනියතො. චත්තාරො ඛන්ධා සියා නියතා සියා අනියතා.
Sinhala BJTරූපස්කන්‍ධය අනියත යැ, සතර ස්කන්‍ධයෝ නියත ද වන්නාහ, අනියත ද වන්නාහු යි.
ap-vbh:122.7
Pali BJTරූපක්ඛන්ධො සඋත්තරො. චත්තාරො ඛන්ධා සියා සඋත්තරා, සියා අනුත්තරා.
Sinhala BJTරූපස්කන්‍ධය සඋත්තර යැ, සතර ස්කන්‍ධයෝ සඋත්තර ද වන්නාහ, අනුත්තර ද වන්නාහු යි.
ap-vbh:122.8
Pali BJTරූපක්ඛන්ධො අරණො. චත්තාරො ඛන්ධා සියා සරණා සියා අරණාති.
Sinhala BJTරූපස්කන්‍ධය අරණ ය, සතර ස්කන්‍ධයෝ සරණ ද වන්නාහ, අරණ ද වන්නාහු යි.
ap-vbh:122.9
Pali BJTපඤ්හපුච්ඡකං.
Sinhala BJTපඤ්හ පුච්ඡක යි.
ap-vbh:122.10
Pali BJTඛන්ධවිභඞ්ගො නිට්ඨිතො.
Sinhala BJTස්කන්‍ධවිභඞ්ගය නිමියේ යි.
ap-vbh-2:124.1
Pali BJT2. ආයතන විභඞ්ගො
Sinhala BJT2. ආයතන විභඞ්ගය