698. ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි අවිතක්කං විචාරමත්තං විවෙකජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං. තස්මිං සමයෙ චතුරඞ්ගිකං ඣානං හොති විචාරො පීති සුඛං චිත්තස්ස එකග්ගතා, ඉදං වුච්චති දුතියංඣානං. අවසෙසා ධම්මා ඣානසම්පයුත්තා.
699. ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විතක්කවිචාරානං වූපසමා -පෙ- තතියං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං. තස්මිං සමයෙ තිවඞ්ගිකං ඣානං හොති සුඛං චිත්තස්ස එකග්ගතා, ඉදං වුච්චති තතියං ඣානං අවසෙසා ධම්මා ඣානසම්පයුත්තා.
700. ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භුමිය පත්තියා, පීතියා ච විරාගා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං. තස්මිං සමයෙ දුවඞ්ගිකං ඣානං හොති උපෙක්ඛා චිත්තස්ස එකග්ගතා, ඉදං වුච්චති චතුත්ථං ඣානං අවසෙසා ධම්මා ඣානසම්පයුත්තා.
701. ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා සුඛස්ස ච පහානා -පෙ- පඤ්චමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං. තස්මිං සමයෙ දුවඞ්ගිකං ඣානං හොති උපෙක්ඛා චිත්තස්ස එකග්ගතා, ඉදං වුච්චති පඤ්චමං ඣානං. අවසෙසා ධම්මා ඣානසම්පයුත්තා.
702. චත්තාරි ඣානානි: පඨමං ඣානං, දුතියං ඣානං, තතියං ඣානං, චතුත්ථං ඣානං.
703. තත්ථ කතමං පඨමං ඣානං: ඉධ භික්ඛු යස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති. විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති පඨවීකසිණං. තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති, ඉමෙ ධම්මා කුසලා. තස්සෙව රූපාවචරස්ස කුසලස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා විපාකං විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති පඨවීකසිණං. තස්මිං සමයෙ පඤ්චඞ්ගිකං ඣානං හොති. විතක්කො විචාරො පීති සුඛං චිත්තස්ස එකග්ගතා, ඉදං වුච්චති පඨමං ඣානං. අවසෙසා ධම්මා ඣානසම්පයුත්තා.
704. තත්ථ කතමං දුතියං ඣානං: ඉධ භික්ඛු යස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති. විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං උපසම්පජ්ජ විහරති පඨවීකසිණං. තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති, ඉමෙ ධම්මා කුසලා. තස්සෙව රූපාවචරස්ස කුසලස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා විපාකං විතක්ක විචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං -පෙ- පඨමං ඣානං -පෙ- පඤ්චමං ඣානං උපසම්පජ්ජ විහරති පඨවීකසිණං. තස්මිං සමයෙ දුවඞ්ගිකං ඣානං හොති. උපෙක්ඛා චිත්තස්ස එකග්ගතා, ඉදං වුච්චති පඤ්චමං ඣානං. අවසෙසා ධම්මා ඣානසම්පයුත්තා -පෙ-
705. ඉධ භික්ඛු යස්මිං සමයෙ අරූපූපපත්තියා මග්ගං භාවෙති. සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතන සඤ්ඤාසහගතං සුඛස්ස ච පහානා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති. ඉමෙ ධම්මා කුසලා. තස්සෙව අරූපාවචරස්ස කුසලස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා විපාකං සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනසඤ්ඤාසහගතං සුඛස්ස ච පහානා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති තස්මිං සමයෙ දුවඞ්ගිකං ඣානං හොති උපෙක්ඛා චිත්තස්ස එකග්ගතා, ඉදං වුච්චති චතුත්ථං ඣානං. අවසෙසා ධම්මා ඣානසම්පයුත්තා.
706. චත්තාරි ඣානානි: පඨමං ඣානං, දුතියං ඣානං, තතියං ඣානං, චතුත්ථං ඣානං.
707. තත්ථ කතමං පඨමං ඣානං: ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං. තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති, ඉමෙ ධම්මා කුසලා. තස්සෙව ලොකුත්තරස්ස කුසලස්ස ඣානස්ස කතත්තා භාවිතත්තා විපාකං විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛා පටිපදං දන්ධාභිඤ්ඤං සුඤ්ඤතං. තස්මිං සමයෙ පඤ්චඞ්ගිකං ඣානං හොති: විතක්කො විචාරො පීති සුඛං චිත්තස්ස එකග්ගතා. ඉදං වුච්චති පඨමං ඣානං. අවසෙසා ධම්මා ඣානසම්පයුත්තා.
708. තත්ථ කතමං පඨමං ඣානං: ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං තස්මිං සමයෙ ඵස්සො හොති, -පෙ- අවික්ඛෙපො හොති. ඉමෙ ධම්මා කුසලා. තස්සෙව ලොකුත්තරස්ස කුසලස්ස ඣානස්ස කතත්තා භාවිතත්තා විපාකං විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං -පෙ- පඨමං ඣානං -පෙ- පඤ්චමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං සුඤ්ඤතං තස්මිං සමයෙ දුවඞ්ගිකං ඣානං හොති උපෙක්ඛා චිත්තස්ස එකග්ගතා, ඉදං වුච්චති පඤ්චමං ඣානං. අවසෙසා ධම්මා ඣානසම්පයුත්තා.
709. චත්තාරි ඣානානි: පඨමං ඣානං, දුතියං ඣානං, තතියං ඣානං, චතුත්ථං ඣානං.
710. තත්ථ කතමං පඨමං ඣානං: ඉධ භික්ඛු යස්මිං සමයෙ රූපාවචරං ඣානං භාවෙති කිරියං නෙව කුසලං නාකුසලං න ච කම්මවිපාකං දිට්ඨධම්මසුඛවිහාරං. විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති විහරති පඨවීකසිණං. තස්මිං සමයෙ පඤ්චඞ්ගිකං ඣානං හොති. විතක්කො විචාරො පීති සුඛං චිත්තස්ස එකග්ගතා. ඉදං වුච්චති පඨමං ඣානං අවසෙසා ධම්මා ඣානසම්පයුත්තා.
711. තත්ථ කතමං දුතියං ඣානං: ඉධ භික්ඛු යස්මිං සමයෙ රූපාවචරං ඣානං භාවෙති කිරියං නෙව කුසලං නාකුසලං න ච කම්මවිපාකං දිට්ඨධම්මසුඛවිහාරං, විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං -පෙ- පඨමං ඣානං -පෙ- පඤ්චමං ඣානං උපසම්පජ්ජ විහරති පඨවීකසිණං. තස්මිං සමයෙ දුවඞ්ගිකං ඣානං හොති උපෙක්ඛා චිත්තස්ස එකග්ගතා, ඉදං වුච්චති පඤ්චමං ඣානං අවසෙසා ධම්මා ඣානසම්පයුත්තා -පෙ-.
712. ඉධ භික්ඛු යස්මිං සමයෙ අරූපාවචරං ඣානං භාවෙති කිරියං නෙව කුසලං නාකුසලං න ච කම්මවිපාකං දිට්ඨධම්මසුඛවිහාරං සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතන සඤ්ඤාසහගතං. සුඛස්ස ච පහානා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. තස්මිං සමයෙ දුවඞ්ගිකං ඣානං හොති උපෙක්ඛා චිත්තස්ස එකග්ගතා. ඉදං වුච්චති චතුත්ථං ඣානං. අවසෙසා ධම්මා ඣානසම්පයුත්තාති.
අභිධම්මභාජනියං.
713. චත්තාරි ඣානානි: පඨමං ඣානං දුතියං ඣානං තතියං ඣානං චතුත්ථං ඣානං.
714. චතුන්නං ඣානානං කති කුසලා, කති අකුසලා, කති අව්යාකතා -පෙ- කති සරණා, කති අරණා:
715. සියා කුසලා සියා අව්යාකතා.
තීණි ඣානානි එත්ථුප්පන්නං සුඛං වෙදනං ඨපෙත්වා සුඛාය වෙදනාය සම්පයුත්තා. චතුත්ථං ඣානං එත්ථුප්පන්නං අදුක්ඛමසුඛං වෙදනං ඨපෙත්වා අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තං.
සියා විපාකා, සියා විපාකධම්මධම්මා, සියා නෙව විපාක න විපාක ධම්මධම්මා.
සියා උපාදින්නුපාදානියා සියා අනුපාදින්නුපාදානියා සියා අනුපාදින්නඅනුපාදානියා.
සියා අසංකිලිට්ඨසංකිලෙසිකා සියා අසංකිලිට්ඨඅසංකිලෙසිකා.
පඨමං ඣානං එත්ථුප්පන්නෙ විතක්කවිචාරෙ ඨපෙත්වා සවිතක්කං සවිචාරං. තීණි ඣානානි අවිතක්කඅවිචාරා.
ද්වෙ ඣානා එත්ථුප්පන්නං පීතිං ඨපෙත්වා පීතිසහගතා. තීණි ඣානානි එත්ථුප්පන්නං සුඛං ඨපෙත්වා සුඛසහගතා. චතුත්ථං ඣානං එත්ථුප්පන්නං උපෙක්ඛං ඨපෙත්වා උපෙක්ඛාසහගතං.
නෙවදස්සනෙන න භාවනාය පහාතබ්බා.
නෙවදස්සනෙන න භාවනාය පහාතබ්බහෙතුකා.
සියා ආචයගාමිනො සියා අපචයගාමිනො සියා නෙව ආචයගාමිනාපචයගාමිනො.
සියා සෙක්ඛා සියා අසෙක්ඛා සියා නෙවසෙක්ඛානාසෙක්ඛා.
සියා මහග්ගතා සියා අප්පමාණා.
තීණි ඣානානි නවත්තබ්බා පරිත්තාරම්මණාතිපි මහග්ගතාරම්මණාතිපි සියා අප්පමාණාරම්මණා සියා න වත්තබ්බා අප්පමාණාරම්මණාති. චතුත්ථං ඣානං සියා පරිත්තාරම්මණං සියා මහග්ගතාරම්මණං සියා අප්පමාණාරම්මණං සියා න වත්තබ්බං පරිත්තාරම්මණන්තිපි මහග්ගතාරම්මන්තිපි අප්පමාණාරම්මණන්තිපි.
සියා මජ්ඣිමා සියා පණීතා.
සියා සම්මත්තනියතා සියා අනියතා.
තීණි ඣානානි න මග්ගාරම්මණා සියා මග්ගහෙතුකා සියා මග්ගාධිපතිනො සියා න වත්තබ්බා මග්ගහෙතුකාති’පි මග්ගාධිපතිනොති’පි චතුත්ථං ඣානං සියා මග්ගාරම්මණං සියා මග්ගහෙතුකං සියා මග්ගාධිපති සියා න වත්තබ්බං මග්ගාරම්මණන්ති’පි මග්ගහෙතුකන්ති’පි මග්ගාධිපතීති’පි.
සියා උප්පන්නා සියා අනුප්පන්නා සියා උප්පාදිනො.
සියා අතීතා සියා අනාගතා සියා පච්චුප්පන්නා.
තීණි ඣානානි න වත්තබ්බා අතීතාරම්මණාති’පි අනාගතාරම්මණාති’පි පච්චුප්පන්නාරම්මණාති’පි. චතුත්ථං ඣානං සියා අතීතාරම්මණං සියා අනාගතාරම්මණං සියා පච්චුප්පන්නාරම්මණං. සියා න වත්තබ්බං අතීතාරම්මණන්ති’පි අනාගතාරම්මණන්ති’පි පච්චුප්පන්නාරම්මණන්ති’පි.
සියා අජ්ඣත්තා සියා බහිද්ධා සියා අජ්ඣත්තබහිද්ධා.
තීණි ඣානානි බහිද්ධාරම්මණා. චතුත්ථං ඣානං සියා අජ්ඣත්තාරම්මණං සියා බහිද්ධාරම්මණං සියා අජ්ඣත්තබහිද්ධාරම්මණං සියා න වත්තබ්බං අජ්ඣත්තාරම්මණන්ති’පි බහිද්ධාරම්මණන්ති’පි අජ්ඣත්තබහිද්ධාරම්මණන්ති’පි.
716. අනිදස්සනඅප්පටිඝා.
න හෙතූ.
සහෙතුකා.
හෙතුසම්පයුත්තා.
න වත්තබ්බා හෙතු චෙව සහෙතුකාති, සහෙතුකා චෙව න ච හෙතු
න වත්තබ්බා හෙතු චෙව හෙතුසම්පයුත්තාති, හෙතුසම්පයුත්තා චෙව න ච හෙතු.
න හෙතු සහෙතුකා.
717. සප්පච්චයා.
සඞ්ඛතා.
අනිදස්සනා.
අප්පටිඝා.
අරූපා.
සියා ලොකියා සියා ලොකුත්තරා.
කෙනචි විඤ්ඤෙය්යා, කෙනචි න විඤ්ඤෙය්යා.
718. නො ආසවා.
සියා සාසවා සියා අනාසවා.
ආසවවිප්පයුත්තා.
න වත්තබ්බා ආසවා චෙව සාසවාති, සියා සාසවා චෙව නො ච ආසවා, සියා න වත්තබ්බා සාසවා චෙව නො ච ආසවාති.
න වත්තබ්බා ආසවා චෙව ආසවසම්පයුත්තාති’පි, ආසවසම්පයුත්තා චෙව නො ච ආසවාති’පි.
සියා ආසවවිප්පයුත්තා සාසවා, සියා ආසවවිප්පයුත්තා අනාසවා.
719. නො සඤ්ඤොජනා -පෙ- නො ගන්ථා -පෙ- නො ඔඝා -පෙ- නො යොගා -පෙ- නො නීවරණා -පෙ- නො පරාමාසා -පෙ-.
720. සාරම්මණා.
නො චිත්තා.
චෙතසිකා.
චිත්තසම්පයුත්තා.
චිත්තසංසට්ඨා.
චිත්තසමුට්ඨානා.
චිත්තසහභුනො.
චිත්තානුපරිවත්තිනො.
චිත්තසංසට්ඨසමුට්ඨානා.
චිත්තසංසට්ඨසමුට්ඨානසහභුනො.
චිත්තසංසට්ඨසමුට්ඨානානුපරිවත්තිනො.
බාහිරා.
නො උපාදා.
සියා උපාදින්නා, සියා අනුපාදින්නා.
721. නො උපාදානා -පෙ- නො කිලෙසා -පෙ-
න දස්සනෙන පහාතබ්බා
න භාවනාය පහාතබ්බා.
න දස්සනෙන පහාතබ්බහෙතුකා.
න භාවනාය පහාතබ්බහෙතුකා.
පඨමං ඣානං එත්ථුප්පන්නං විතක්කං ඨපෙත්වා සවිතක්කං. තීණි ඣානානි අවිතක්කා.
පඨමං ඣානං එත්ථුප්පන්නං විචාරං ඨපෙත්වා සවිචාරං. තීණි ඣානානි අවිචාරා.
ද්වෙ ඣානා එත්ථුප්පන්නං පීතිං ඨපෙත්වා සප්පීතිකා. ද්වෙ ඣානා අප්පීතිකා.
ද්වෙ ඣානා එත්ථුප්පන්නං පීති ඨපෙත්වා පීතිසහගතා. ද්වෙ ඣානා න පීතිසහගතා.
තීණි ඣානානි එත්ථුප්පන්නං සුඛං ඨපෙත්වා සුඛසහගතා. චතුත්ථං ඣානං න සුඛසහගතං.
චතුත්ථං ඣානං එත්ථුප්පන්නං උපෙක්ඛං ඨපෙත්වා උපෙක්ඛාසහගතං. තීණි ඣානානි න උපෙක්ඛාසහගතා.
න කාමාවචරා.
සියා රූපාවචරා. සියා න රූපාවචරා.
තීණි ඣානානි න අරූපාවචරා. චතුත්ථං ඣානං සියා අරූපාවචරං සියා න අරූපාවචරං.
සියා පරියාපන්නා, සියා අපරියාපන්නා.
සියා නිය්යානිකා, සියා අනිය්යානිකා.
සියා නියතා, සියා අනියතා.
සියා සඋත්තරා, සියා අනුත්තරා.
අරණාති.
පඤ්හපුච්ඡකං.
ඣානවිභඞ්ගො නිට්ඨිතො.
13. අප්පමඤ්ඤා විභඞ්ගො.
722. චතස්සො අප්පමඤ්ඤායො. ඉධ භික්ඛු මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති. තථා දුතියං තථා තතියං තථා චතුත්ථිං.{1} ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං මෙත්තාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන{2} ඵරිත්වා විහරති. කරුණාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති. තථා දුතියං තථා තතියං තථා චතුත්ථිං ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං කරුණාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන ඵරිත්වා විහරති. මුදිතාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති. තථා දුතියං තථා තතියං තථා චතුත්ථිං ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං මුදිතාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන ඵරිත්වා විහරති. උපෙක්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති. තථා දුතියං තථා තතියං තථා චතුත්ථිං ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං උපෙක්ඛාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන ඵරිත්වා විහරති.
723. කථං ච භික්ඛු මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති: සෙය්යථාපි නාම එකං පුග්ගලං පියං මනාපං දිස්වා මෙත්තායෙය්ය එවමෙව සබ්බෙ සත්තෙ මෙත්තාය එරති.
තත්ථ කතමා මෙත්තා: යා සත්තෙසු මෙත්ති මෙත්තායනා මෙත්තායිතත්තං මෙත්තාචෙතොවිමුත්ති. අයං වුච්චති මෙත්තා. තත්ථ කතමං චිත්තං: යං චිත්තං මනො මානසං හදයං පණ්ඩරං මනො මනායතනං මනින්ද්රියං විඤ්ඤාණං විඤ්ඤාණක්ඛන්ධො තජ්ජාමනොවිඤ්ඤාණධාතු, ඉදං වුච්චති චිත්තං. ඉදං චිත්තං ඉමාය මෙත්තාය සහගතං හොති සහජාතං සංසට්ඨං සම්පයුත්තං, තෙන වුච්චති මෙත්තා සහගතෙන චෙතසාති.
‘එකං දිස’න්ති: පුරත්ථිමං වා දිසං පච්ඡිමං වා දිසං උත්තරං වා දිසං දක්ඛිණං වා දිසං උද්ධං වා අධො වා තිරියං වා විදිසං වා.