9. ගලෙහි ඇඳි හිර බඳු පුද්ගල යැ, පොළොවෙහි ඇඳි හිරබඳු පුද්ගල යැ, දියෙහි ඇඳි හිර බඳු පුද්ගල යි.
10. සණවැහැරි කඩමාලු බඳු පුද්ගලයෝ තිදෙනෙකි,
11. කසීවත් බඳු පුද්ගලයෝ තිදෙනෙකි,
12. සුවසේ මිනිය හැක්කේ යැ, දුකසේ මිනියැ හැක්කේ යැ, නො මිනියැ හැක්කේ යි.
13. සේවනය නො කළ යුතු භජනය නො කළ යුතු පර්‍ය්‍යුපාසනය නො කළ යුතු කිසි පුද්ගලයෙක් ඇත,
සේවනය කළ යුතු භජනය කළ යුතු පර්‍ය්‍යුපාසනය කළ යුතු කිසි පුද්ගලයෙක් ඇත, සත්කාර කොට ගරුකාර කොට සේවනය කළයුතු භජනය කළයුතු පර්‍ය්‍යුපාසනය කළයුතු කිසි පුද්ගලයෙක් ඇති.
14. පිළිකුල් කටයුතු වූ සේවනය නොකළ යුතු වූ භජනය නො කළ යුතු වූ පර්‍ය්‍යුපාසනය නො කළ යුතු වූ ඇතැම් පුද්ගලයෙක් ඇත,
උපේක්‍ෂා කටයුතු වූ සේවනය නො කළයුතු වූ භජනය නො කළ යුතු වූ පර්‍ය්‍යුපාසනය නො කළ යුතු වූ කිසි පුද්ගලයෙක් ඇත,
සේවනය කළ යුතු වූ භජනය කළ යුතු වූ පර්‍ය්‍යුපාසනය කළ යුතු වූ කිසි පුද්ගලයෙක් ඇති.
15. ශීලයන්හි සපුරා කරන සුලු වූ, සමාධියෙහි එක්දෙසක් කරනසුලු වූ, ප්‍රඥායෙහි එක්දෙසක් කරන සුලු වූ ඇතැම් පුද්ගලයෙක් ඇත,
ශීලයන්හි ද සපුරා කරනසුලු වූ, සමාධියෙහි දු සපුරා කරනසුලු වූ, ප්‍රඥායෙහි එක්දෙසක් කරනසුලු වූ ඇතැම් පුද්ගලයෙක් ඇත.
ශීලයන්හි දු සපුරා කරන සුලු වූ, සමාධියෙහි දු සපුරා කරනසුලු වූ, ප්‍රඥායෙහි දු සපුරා කරනසුලු වූ කිසි පුද්ගලයෙක් ඇති.
16. ශාස්තෲහු තිදෙනෙක, අන්‍ය වූ ද ශාස්තෲහු තිදෙනෙකි.
ත්‍රික මාතෘකා නිමි.
4. චතුෂ්ක මාතෘකා
1. අසත්පුරුෂ යැ, අසත්පුරුෂයාට වඩා අසත්පුරුෂතර යැ, සත්පුරුෂ යැ, සත්පුරුෂයාට වඩා සත්පුරුෂතර යි.
2. පාප යැ, පාපියාට වඩා පාපතර යැ, කල්‍යාණ යැ, කල්‍යාණයාට වඩා කල්‍යාණතර යි.
3. පාපධර්‍ම යැ, පාපධර්‍මයාට වඩා පාපධර්‍මතර යැ, කල්‍යාණධර්‍ම යැ, කල්‍යාණධර්‍මයාට වඩා කල්‍යාණධර්‍මතර යි.
4. සාවද්‍ය යැ, වද්‍ය බහුල යැ, අල්පවද්‍ය යැ, අනවද්‍ය යි.
5. උග්ඝටිතඥ යැ, විපඤ්චිතඥ යැ, නේය යැ, පදපරම යි.
6. මුක්තප්‍රතිභාන නො වූ යුක්තප්‍රතිභාන යැ, යුක්තප්‍රතිභාන නො වූ මුක්තප්‍රතිභාන යැ, යුක්තප්‍රතිභාන ද මුක්තප්‍රතිභාන ද වූයේ යැ, යුක්තප්‍රතිභාන නො ද වූ මුක්ත ප්‍රතිභාන නො වූයේ යි.
7. ධර්‍මකථික පුද්ගලයෝ සතර දෙනෙකි.
8. වලාහකයට බඳු පුද්ගලයෝ සතර දෙනෙකි.
9. මූෂිකෝපම පුද්ගලයෝ සතර දෙනෙකි.
10. අම්බූපම (අඹයට බඳු) පුද්ගලයෝ සතර දෙනෙකි.
11. කුම්භූපම (කළය බඳු) පුද්ගලයෝ සතර දෙනෙකි.
12. උදකරහදුපම (ජලාශය බඳු) පුද්ගලයෝ සතර දෙනෙකි.
13. බලිවර්‍දොපම (ගවයා බඳු) පුද්ගලයෝ සතර දෙනෙකි.
14. ආශිර්විෂෝපම (සර්‍පයාට බඳු) පුද්ගලයෝ සතර දෙනෙකි,
15. තුලනය නො කොට නුවණින් ගුණයට නො බැස නුගුණ කියයුත්තාගේ ගුණ කියන කිසි පුද්ගලයෙක් ඇත,
තුලනය නො කොට නුවණින් ගුණයට නො බැස ගුණ කියයුත්තාගේ නුගුණ කියන්නේ වේ ද (එබඳු) ඇතැම් පුද්ගලයෙක් ඇත,
තුලනය නො කොට නුවණින් ගුණයට නො බැස නො පැහැදිය යුතු තැන ප්‍රසාදය උපදවන්නේ වේ ද (එබඳු) කිසි පුද්ගලයෙක් ඇත,
තුලනය නො කොට නුවණින් ගුණයට නො බැස පැහැදිය යුතු තැන අප්‍රසාදය උපදවන්නේ වේ ද (එබඳු) කිසි පුද්ගලයෙක් ඇති.
16. තුලනය කොට නුවණින් ගුණයට බැස නුගුණ කිය යුත්තාගේ නුගුණ කියන්නේ වේ ද (එබඳු) ඇතැම් පුද්ගලයෙක් ඇත,
තුලනය කොට නුවණින් ගුණයට බැස ගුණ කිය යුත්තාගේ ගුණ කියන්නේ වේ ද (එබඳු) ඇතැම් පුද්ගලයෙක් ඇත,
තුලනය කොට නුවණින් ගුණයට බැස නො පැහැදිය යුතු තැන අප්‍රසාදය උපදවන්නේ වේ ද (එබඳු) ඇතැම් පුද්ගලයෙක් ඇත.
තුලනය කොට නුවණින් ගුණයට බැස පැහැදිය යුතු තැන ප්‍රසාදය උපදවන්නේ වේ ද (එබඳු) කිසි පුද්ගලයෙක් ඇති.
17. නුගුණ කියයුත්තාගේ විද්‍යමාන වූ සත්‍ය වූ නුගුණ සුදුසු කල්හි කියන්නේ වේ ද, එතෙකුදු වුවත් ගුණ කිය යුත්තාගේ විද්‍යමාන වූ සත්‍ය වූ ගුණ සුදුසු කල්හි නො කියන්නේ වේ ද (එබඳු) කිසි පුද්ගලයෙක් ඇත.
ගුණ කියයුත්තාගේ විද්‍යමාන වූ සත්‍ය වූ ගුණ සුදුසු කල්හි කියන්නේ වේ ද, එතෙකුදු වුවත් නුගුණ කියයුත්තාගේ විද්‍යමාන වූ සත්‍ය වූ නුගුණ සුදුසු කල්හි නො කියන්නේ වේ ද, (එබඳු) ඇතැම් පුද්ගල දෙයක් ඇත.
නුගුණ කිය යුත්තාගේ විද්‍යමාන වූ තථ්‍ය වූ නුගුණ සුදුසු කල්හි කියන්නේ වේ ද, ගුණකියයුත්තාගේ (ද) විද්‍යමාන වූ තථ්‍ය වූ ගුණ සුදුසු කල්හි කියන්නේ වේ ද (එබඳු) ඇතැම් පුද්ගලයෙක් ඇත.
නුගුණ කියයුත්තාගේ විද්‍යමාන වූ තථ්‍ය වූ නුගුණ සුදුසු කාලයෙහි නො මැ කියන්නේ වේ ද, ගුණ කියයුත්තාගේ ද විද්‍යමාන වූ තථ්‍ය වූ ගුණ සුදුසු කල්හි නො කියන්නේ වේ ද (එබඳු) පුද්ගලයෙක් ඇති.
18. පුණ්‍යඵලයෙන් නො ව උත්‍ථාන (වීර්‍ය්‍ය) ඵලයෙන් දිවිරක්නේ යැ, උත්‍ථානඵලයෙන් නො ව පුණ්‍යඵලයෙන් දිවිරක්නේ යැ, උත්‍ථාන ඵලයෙනුත් පුණ්‍යඵලයෙනුත් දිවිරක්නේ යැ, උත්‍ථාන ඵලයෙනුත් පුණ්‍යඵලයෙනුත් දිවි නො රක්නේ යි.
19. අඳුරින් අඳුරට යන්නේ යැ, අඳුරින් එළියට යන්නේ යැ, එළියෙන් අඳුරට යන්නේ යැ, එළියෙන් එළියට යන්නේ යි.
20. අවනත වැ සිට අවනත වන්නේ යැ, අවනත වැ සිට උන්නත වන්නේ යැ, උන්නත වැ සිට අවනත වන්නේ යැ, උන්නත වැ සිට උන්නත වන්නේ යි.
21. වෘක්‍ෂෝපම (රුකක් බඳු) පුද්ගලයෝ සතර දෙනෙකි.
22. රූප ප්‍රමාණ රූප ප්‍රසන්න යැ, ඝෝෂ ප්‍රමාණ ඝෝෂ ප්‍රසන්න යැ, රූක්‍ෂ ප්‍රමාණ රූක්‍ෂ ප්‍රසන්න යැ, ධර්‍ම ප්‍රමාණ ධර්‍ම ප්‍රසන්න යි.
23. තමාට හිත පිණිස පිළිපන්නේ පරහට හිත පිණිස පිළිපන්නේ නො වේ ද (එබඳු) එක්තරා පුද්ගලයෙක් ඇත,
පරහට හිත පිණිස පිළිපන්නේ තමාහට හිත පිණිස පිළිපන්නේ නො වේ ද (එබඳු) එක්තරා පුද්ගලයෙක් ඇත,
තමහට හිත පිණිස ද පිළිපන්නේ ම පරහට ද හිත පිණිස පිළිපන්නේ වේ ද (එබඳු) එක්තරා පුද්ගලයෙක් ඇත,
තමහට හිත පිණිස නො පිළිපන්නේ ම පරහට හිත පිණිස (ද) නො පිළිපන්නේ වේ ද (එබඳු) එක්තරා පුද්ගලයෙක් ඇති.
24. තමා තවන්නේ තමන් තවන ප්‍රතිපදාවෙහි යෙදුවේ ද (එබඳු) ඇතැම් පුද්ගලයෙක් ඇත,
අනුන් තවන්නේ අනුන් තවන ප්‍රතිපදාවෙහි යෙදුණේ වේ ද (එබඳු) ඇතැම් පුද්ගලයෙක් ඇත,
තමා තවන්නේ තමන් තවන ප්‍රතිපදාවෙහි යෙදුණේ ද, අනුන් තවන්නේ අනුන් තවන ප්‍රතිපදාවෙහි යෙදුණේත් වේ ද (එබඳු) ඇතැම් පුද්ගලයෙක් ඇත,
තමා නො තවන්නේ ම තමා තවන ප්‍රතිපදායෙහි නො යෙදුණේ, අනුන් නො තවන්නේ අනුන් තවන ප්‍රතිපදායෙහි නොයෙදුණේ වේද, හෙතෙම තමා නො තවන්නේ අනුන් නො තවන්නේ මෙ අත්බැව්හි ම තෘෂ්ණා රහිත වූයේ නිවුණේ සිහිල් වූයේ සුව විඳුනේ ශ්‍රේෂ්ඨ වූ ආත්මයෙන් යුතුව වාස කෙරේද, (එබඳු) ඇතැම් පුද්ගලයෙක් ඇති.
25. රාග සහිත යැ, ද්වේෂ සහිත යැ, මෝහ සහිත යැ, මානසහිත යි.
26. අධ්‍යාත්මයෙහි විත්තශමථය ලබන්නේ අධිප්‍රඥා ධර්‍මවිදර්‍ශනාව නො ලබන්නේ වේ ද (එබඳු) ඇතැම් පුද්ගලයෙක් ඇත,
අධිප්‍රඥාධර්‍මවිදර්‍ශනාව ලබන්නේ, අධ්‍යාත්මයෙහි විත්තශමථය නො ලබන්නේ වේ ද (එබඳු) ඇතැම් පුද්ගලයෙක් ඇත,
අධ්‍යාත්මයෙහි විත්තශමථය ලබන්නේ ම අධිප්‍රඥා ධර්‍මවිදර්‍ශනාව ලබන්නේත් වේ ද (එබඳු) ඇතැම් පුද්ගලයෙක් ඇත,
අධ්‍යාත්මයෙහි චිත්තශමථය නො ලබන්නේ ම අධිප්‍රඥාධර්‍මවිදර්‍ශනාව නො ලබන්නේත් වේ ද (එබඳු) ඇතැම් පුද්ගලයෙක් ඇති.
27. (සංසාර ස්‍රෝතස්හි) යටිගං බලා යන සුලු පුද්ගල යැ, උඩුගං බලා යන සුලු පුද්ගල යැ, ස්ථිතාත්ම පුද්ගල යැ, තරණය කළ පරතෙරට ගිය ගොඩසිටුනා බ්‍රාහ්මණ යි.
28. අල්පශ්‍රැත වූයේ ශ්‍රැතයෙන් අනුත්පන්න යැ, අල්පශ්‍රැත වූයේ ශ්‍රැතයෙන් උත්පන්න යැ, බහුශ්‍රුත වූයේ ශ්‍රැතයෙන් අනුත්පන්න යැ, බහුශ්‍රුත වූයේ ශ්‍රැතයෙන් උත්පන්න යි.
29. සමණමචල යැ, සමණපදුමයැ, සමණපුණ්ඩරීක යැ, මහණුන්අතුරෙහි සමණ සුඛමාල යි.
චතුෂ්ක මාතෘකා නිමි.
5. පඤ්චක මාතෘකා
1. ඇවතට පැමිණෙයි, (සිකපද මඬී) විපිළිසර ද වෙයි, ඒ චිත්තවිමුක්තියත් ප්‍රඥාවිමුක්තියත් ඇතිසැටියෙන් නො දනී. යම් තැනක ඔහුගේ ඒ උපන් ලාමක වූ අකුශලධර්‍මයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම්, ඒ චිත්තවිමුක්තියත් ප්‍රඥාවිමුක්තියත් ඇති සැටියෙන් නො දනී.
එක් පුද්ගලයෙක් ඇත: (හෙතෙම) ඇවතට පැමිණෙයි එතෙකුදු වත් විපිළිසර නො වෙයි. යම් තැනක ඔහුගේ ඒ උපන් ලාමක වූ අකුශලධර්‍මයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම් ඒ චිත්ත විමුක්තියත්, ප්‍රඥාවිමුක්තියත් ඇති සැටියෙන් නො දනි.
එක් පුද්ගලයෙක් ඇත: (හෙතෙම) ඇවැතට නො පැමිණෙයි, විපිළිසරත් වෙයි. ඒ චිත්ත විමුක්තියත් ප්‍රඥාවිමුක්තියත් ඇතිසැටියෙන් නො දනි. යම් තැනක ඔහුගේ ඒ උපන් ලාමක වූ අකුශලධර්‍මයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම් ඒ චිත්තවිමුක්තියත් ප්‍රඥාවිමුක්තියත් ඇති සැටියෙන් නො දනි.
එක් පුද්ගලයෙක් ඇත: (හෙතෙම) ඇවැතට නො පැමිණෙයි. විපිළිසර නො වෙයි. යම් තැනෙක ඔහුගේ ඒ උපන් ලාමක වූ අකුශල ධර්‍මයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම්, ඒ චිත්තවිමුක්තියත් ප්‍රඥාවිමුක්තියත් ඇති සැටියෙන් නො දනි.
එක් පුද්ගලයෙක් ඇත: (හෙතෙම) ඇවැතට නො පැමිණෙයි. විපිළිසර නො වෙයි. යම් තැනෙක ඔහුගේ ඒ උපන් ලාමක වූ අකුශලධර්‍මයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම්, ඒ චිත්තවිමුක්තියත් ප්‍රඥාවිමුක්තියත් ඇති සැටියෙන් දන්නේ වේ,
2. දී අවමන් කරන්නේ යැ, එක් වැ වැස අවමන් කරන්නේ යැ, ආදිවචනය ම අදහාගන්නේ යැ, ලොල් වූයේ යැ, බාල වූයේ අතිශයින් මුළා වූයේ වේ.
3. යෝධාජීවූපම (යුද්ධයෙන් දිවිරක්නවුන් බඳු) පුද්ගලයෝ පස් දෙනෙකි.
4. පිණඩපාතිකයෝ පස්දෙනෙකි.
5. ඛලුපච්ඡාභත්තිකයෝ (බතින් පසු නො වළඳන පුද්ගලයෝ) පස්දෙනෙකි.
6. ඒකාසනිකයෝ පස්දෙනෙකි.
7. පංශුකූලිකයෝ පස්දෙනෙකි.
8. තෙචීවරිකයෝ පස්දෙනෙකි.
9. ආරඤ්ඤිකයෝ පස්දෙනෙකි.
10. රුක්ඛමූලිකයෝ පස්දෙනෙකි.
11. අබ්භෝකාසිකයෝ පස්දෙනෙකි.
12. නෙසජ්ජිකයෝ පස්දෙනෙකි.
13. යථාසන්‍ථතිකයෝ පස්දෙනෙකි.
14. සෝසානිකයෝ පස්දෙනෙකි.
පඤ්චක මාතෘකා නිමි.
6. ෂට්ක මාතෘකා
1. එක් පුද්ගලයෙක් ඇත: (හෙතෙම) පෙර නො ඇසූ ධර්‍මයන්හි තෙමේ ම සිව්සස් අවබෝධ කෙරෙයි, එහි සර්‍වඥත්‍වයට ද පැමිණෙයි, බලධර්‍මයන්හි ද වශීභාවයට පැමිණේ.
එක් පුද්ගලයෙක් ඇත: (හෙතෙම) පෙර නො ඇසූ දහම්හි තෙමේ ම සිව්සස් අවබෝධ කෙරෙයි, එහි සර්‍වඥත්‍වයට නො ද පැමිණෙයි, බලධර්‍මයන්හි වගීභාවයට නො ද පැමිණේ.
එක් පුද්ගලයෙක් ඇත: (හෙතෙම) පෙර නො ඇසූ දහම්හි තෙමේ ම සිව්සස් අවබෝධ නො කෙරෙයි, මෙ අත්බැව්හි ම දුක් කෙළවර කරන්නේ වෙයි, ශ්‍රාවකපාරමිතාවට ද පැමිණේ.
එක් පුද්ගලයෙක් ඇත: (හෙතෙම) පෙර නො ඇසූ දහම්හි තෙමේම සිව්සස් අවබෝධ නො කෙරෙයි, මෙ අත්බැව්හි ම දුක් කෙළවර කරන්නේ වෙයි, ශ්‍රාවකපාරමිතාවට නො ද පැමිණේ.
එක් පුද්ගලයෙක් ඇත: (හෙතෙම) පෙර නො ඇසූ දහම්හි තෙමේ ම සිව්සස් අවබෝධ නො කෙරෙයි, මෙ අත්බැව්හි ම දුක් කෙළවර කරන්නේ නො ද වෙයි, මේ කාමධාතුවට නො එන්නේ අනාගාමී වේ.
එක් පුද්ගලයෙක් ඇත: (හෙතෙම) පෙර නො ඇසූ දහම්හි තෙමේ ම සිව්සස් අවබෝධ නො කෙරෙයි, මෙ අත්බැව්හි ම දුක් කෙළවර කරන්නේ නො ද වෙයි, මේ කාමධාතුවට එන්නේ ආගාමී වේ.
ෂට්ක මාතෘකා නිමි.
7. සප්තක මාතෘකා
1. උදකෝපම පුද්ගලයෝ සත්දෙනෙකි: වරක් ගිලුණේ ගිලුණේ මැ, වෙයි. ඉල්පැ ගිලෙයි, ඉල්පැ සිටියේ වෙයි, ඉල්පැ අවට විමසයි බලයි, ඉල්ප පිහිනයි, ඉල්පැ නො ගැඹුරට පැමිණියේ වෙයි, ඉල්ප තරණය කෙළේ වෙයි ඒ බ්‍රාහ්මණ පරතෙර ගියේ ගොඩ සිටී.
2. උභතෝභාගවිමුක්ත යැ, ප්‍රඥාවිමුක්ත යැ, කායසාක්‍ෂී යැ, දෘෂ්ටිප්‍රාප්ත යැ, ශ්‍රද්ධාවිමුක්ත යැ, ධර්‍මානුසාරී යැ, ශ්‍රද්ධානුසාරී යි.
සප්තක මාතෘකා නිමි.
8. අෂ්ටක මාතෘකා
1. මාර්‍ගසමඞ්ගී පුද්ගලයෝ සතර දෙන යැ, ඵලසමඞ්ගී පුද්ගලයෝ සතර දෙනා යි.
අෂ්ටක මාතෘකා නිමි.
9. නවක මාතෘකා
1. සම්‍යක් සම්බුද්ධ යැ, ප්‍රත්‍යෙක බුද්ධ යැ, උභතෝභාග විමුක්ත යැ, ප්‍රඥා විමුක්ත යැ, කායසාක්‍ෂී යැ, දෘෂ්ටප්‍රාප්ත යැ, ශ්‍රද්ධාවිමුක්ත යැ, ධර්‍මානුසාරී යැ, ශ්‍රද්ධානුසාරී යි.