Pali BJTසො අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා සො අභිජ්ඣං ලොකො පහාය විගතාභිජ්ඣෙන චෙතසා විහරති අභිජ්ඣාය චිත්තං පරිසොධෙති. ව්යාපාදදොසං පහාය අව්යාපන්නචිත්තො විහරති. සබ්බපාණභූතහිතානුකම්පී. ව්යාපාදදොසා චිත්තං පරිසොධෙති. ථීනමිද්ධං පහාය විගතථීනමිද්ධො විහරති ආලොකසඤ්ඤී සතො සම්පජානො ථීනමිද්ධා චිත්තං පරිසොධෙති උද්ධච්චකුක්කුච්චං පහාය අනුද්ධතො විහරති. අජ්ඣත්තං වූපසන්තචිත්තො. උද්ධච්චකුක්කුච්චා චිත්තං පරිසොධෙති. විචිකිච්ඡං පහාය තිණ්ණවිචිකිච්ඡො විහරති අකථඞ්කථී කුසලෙසු ධම්මෙසු. විචිකිච්ඡාය චිත්තං පරිසොධෙති.
Sinhala BJTහෙතෙම අරණ්‍යයට ගියේ හෝ වෘක්‍ෂමූලයට ගියේ හෝ ශුන්‍යාගාරයට ගියේ හෝ පලක් බැඳ කය ඍජු කොට තබා කර්‍මස්ථානාභිමුඛ කොට සිහි එළවා කායලෝකයෙහි අභිධ්‍යාව දුරු කොට පහ වූ අභිධ්‍යාව ඇති සිතින් යුතු වැ වාස කෙරෙයි. අභිධ්‍යාවෙන් සිත පිරිසිදු කරයි. ව්‍යාපාද දෝෂය හැර දමා ව්‍යාපාද රහිත සිත් ඇත්තේ සියලු ප්‍රාණභූතයන්ට හිතානුකම්පීව වාස කෙරෙයි. හිත - අනුකම්පා ඇත්තේ ව්‍යාපාද දෝෂයෙන් සිත සෝධා හරියි. ථීනමිද්ධය දුරු කොට පහ වූ ථීනමිද්ධ ඇත්තේ ආලෝකසංඥා ඇති වැ සිහි ඇති වැ සම්‍යක් ප්‍රඥා ඇති වැ වාස කෙරෙ යි. ථීනමිද්ධයෙන් සිත පිරිසිදු කෙරෙයි. උද්ධච්චකුක්කුච්චය දුරු කොට උඩඟු නො වූයේ අධ්‍යාත්මයෙහි සන්හුන් සිත් ඇති වැ වාස කෙරෙයි. උද්ධච්චකුක්කුච්චයෙන් සිත පිරිසිදු කෙරෙයි. විචිකිච්ඡාව දුරු කොට විචිකිච්ඡායෙන් එතෙර වූයේ කුශලධර්‍මයන්හි සැක රහිත වූයේ වෙසෙයි. විචිකිච්ඡායෙන් සිත පිරිසුදු කෙරේ.
Pali BJTසො ඉමෙ පඤ්චනීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ විවිවච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමංඣානං උපසම්පජ්ජ විහරති. විතක්කවිචාරානං වූපසමා දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ආසවානං ඛයඤාණාය චිත්තං අභිනින්නාමෙති. සො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති, අයං දුක්ඛසමුදයොති යථාභූතං පජානාති, අයං දුක්ඛනිරොධොති යථාභූතං පජානාති. අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති.
Sinhala BJTහෙතෙම චිත්තයාගේ උපක්ලේශයන් වූ ප්‍රඥාව දුර්‍වල කරන්නා වූ මේ පඤ්චනීවරණයන් දුරු කොට කාමයන් ගෙන් වෙන් වැ මැ අකුශල ධර්‍මයන් ගෙන් වෙන් වැ විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිසුඛය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙයි, විතර්‍කවිචාරයන් සන්හිඳීමෙන් ද්විතීයධ්‍යානයට ... තෘතීය ධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසෙයි. හෙතෙම මෙසේ සිත සමාධිගත වූ කල්හි පිරිසුදු වූ කල්හි නිර්‍මල වූ කල්හි කෙලෙස් රහිත වූ කල්හි පහ වූ උපක්ලේශයන් ඇති කල්හි මොළොක් වූ කල්හි කර්‍මණ්‍ය වැ සිටි කල්හි නො සැලෙන බවට පැමිණි කල්හි ආස්‍රවක්‍ෂයඥානය පිණිස සිත නමයි. හෙතෙම මේ දුකැ යි ඇති සැටියෙන් දැනගනී. මේ දුක් ඇති වීමේ හේතු යැ යි ඇති සැටියෙන් දැනගනී. මේ දුක් නැති කිරීමැ යි ඇති සැටියෙන් දැනගනි. මේ දුක් නැති කිරීමට යන පිළිවෙතැ යි ඇති සැටියෙන් දැනගනි.
Pali BJTඉමෙ ආසවානං යථාභූතං පජානාති, අයං ආසවසමුදයොති යථාභූතං පජානාති. අයං ආසවනිරොධොති යථාභූතං පජානාති. අයං ආසවනිරොධගාමිනීපටිපදාති යථාභූතං පජානාති. තස්ස එවං ජානතො එවං පස්සතො කාමාසවාපි චිත්තං විමුච්චති. භවාසවාපි චිත්තං විමුච්චති අවිජ්ජාසවාපි චිත්තං විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති, ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාති. ඉදමස්ස සඞ්ගාමවිජයස්මිං. සෙය්යථාපි සො යොධාජීවො සහති රජග්ගං, සහති ධජග්ගං, සහති උස්සාදනං, සහති සම්පහාරං. සො තං සඞ්ගාමං අභිවිජිනිත්වා විජිකසඞ්ගාමො තමෙව සඞ්ගාමසීසං අජ්ඣාවසති. තථූපමො අයං පුග්ගලො. එවරූපොපි ඉධෙ’කච්චො පුග්ගලො හොති. අයං පඤ්චමො යොධාජීවූපමො පුග්ගලො සන්තො සංවිජ්ජමානො භික්ඛූසු. ඉමෙ පඤ්ච යොධාජීවූපමා පුග්ගලා සන්තො සංවිජ්ජමානා භික්ඛුසු.
Sinhala BJTමොහු ආස්‍රවහ යි ඇති සැටියෙන් දැනගනි. මේ ආස්‍රවයන් ඇති වීමේ හේතු යැ යි ඇති සැටියෙන් දැනගනි. මේ ආස්‍රවයන්ගේ නිරෝධ යැයි ඇති සැටියෙන් දැනගනී. මේ ආස්‍රවයන් නිරුද්ධ කරන පිළිවෙතැයි ඇති සැටියෙන් දැනගනි. මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ ඔහුගේ සිත කාමාස්‍රවයෙනුදු භවාස්‍රවයෙනුදු අවිද්‍යාස්‍රවයෙනුදු මිදෙයි. මිදුණු කල්හි මිදිණැ යි නුවණ පහළ වෙයි. ජාතිය ක්‍ෂය වූවා යැ බඹසර වැස නිමවන ලද. කළ යුතු කිස කරන ලදි. මෙ අර්‍හත්‍වය සඳහා අන් කළ යුතු දැයෙක් නැතැ යි දැනගනි. මේ ඔහුගේ සංග්‍රාමවිජය යි. යම්සේ මැ ඒ යුදබළ ධූලිකඳ ඉවසා ද දද’ග ඉවසා ද රණහඩ ඉවසා ද ප්‍රහාරය ඉවසා ද හෙතෙම ඒ සංග්‍රාමය ජය ගෙන දිනූසංග්‍රාම ඇත්තේ ඒ මැ රණබිම්හි වෙසේ ද, මේ පුද්ගල එබඳු යි. මෙහි මෙබඳු වූ ද කිසි පුද්ගලයෙක් වෙයි. මේ තෙමේ භික්‍ෂූන් අතුරෙහි ඇති, දක්නා ලැබෙන පස් වැනි යුද සෙබළාට බඳු පුද්ගලයා යි.
Pali BJT4. තත්ථ කතමෙ පඤ්ච පිණ්ඩපාතිකා: මන්දත්තා මොමූහත්තා පිණ්ඩපාතිකො හොති, පාපිච්ඡො ඉච්ඡාපකතො පිණ්ඩපාතිකො හොති, උම්මාදා චිත්තක්ඛෙපා පිණ්ඩපාතිකො හොති. වණ්ණිතං බුද්ධෙහි බුද්ධ සාවකෙහීති පිණ්ඩපාතිකො හොති. අපි ච අප්පිච්ඡතංයෙව නිස්සාය, සන්තුට්ඨිංයෙව නිස්සාය, සල්ලෙඛංයෙව නිස්සාය, ඉදමට්ඨිතංයෙව නිස්සාය පිණ්ඩපාතිකො හොති.
Sinhala BJT4. එහි පිණ්ඩපාතිකයෝ පස්දෙන කවරහ යත්: අඥාන බැවින් අතිශයින් මූඪ බැවින් පිණ්ඩපාතික වෙයි. පාපේච්ඡා ඇත්තේ පාපේච්ඡායෙන් මැඩුණේ පිණ්ඩපාතික වෙයි. උමතුවෙන් චිත්ත වික්‍ෂේපයෙන් පිණ්ඩපාතික වෙයි. බුදුවරුන් විසින් බුදුසව්වන් විසින් පසස්නා ලදැ යි පිණ්ඩපාතික වෙයි. තව ද අල්පේච්ඡභාවය මැ නිසා සන්තෝෂය මැ නිසා කෙලෙසුන්ගේ තුනු බව මැ නිසා ‘මේ ඇත’ යන බව මැ නිසා පිණ්ඩපාතික වේ.
Pali BJTතත්ර ස්වායං පිණ්ඩපාතිකො අප්පිච්ඡතංයෙව{1} නිස්සාය, සන්තුට්ඨිං යෙව නිස්සාය, සල්ලෙඛංයෙව නිස්සාය, ඉදමට්ඨිතංයෙව{2} නිස්සාය, පිණ්ඩපාතිකො හොති. අයං ඉමෙසං පඤ්චන්නං පිණ්ඩපාතිකානං අග්ගො ච සෙට්ඨො ච මොක්ඛො ච උත්තමො ච පවරො ච. සෙය්යථාපි නාම ගාවා ඛීරං, ඛීරම්හා දධි, දධිම්හා නොනීතං, නොනීතම්හා සප්පි සප්පිම්හා සප්පිමණ්ඩො. සප්පිමණ්ඩං තත්ථ අග්ගමක්ඛායති. එවමෙව ය්වායං පිණ්ඩපාතිකො අප්පිච්ඡතංයෙව නිස්සාය සන්තුට්ඨිං යෙව නිස්සාය සල්ලෙඛංයෙව නිස්සාය ඉදමට්ඨිතංයෙව නිස්සාය පිණ්ඩපාතිකො හොති, අයං ඉමෙසං පඤ්චන්නං පිණ්ඩපාතිකානං අග්ගො ච සෙට්ඨො ච මොක්ඛො ච උත්තමො ච පවරො ච, ඉමෙ පඤ්ච පිණ්ඩපාතිකා.
Sinhala BJTඔවුනතුරෙහි යම් පිණ්ඩපාතිකයෙක් අල්පේච්ඡභාවය මැ නිසා සන්තෝෂ මැ නිසා, කෙලෙසුන්ගේ තුනු බව මැ නිසා ‘මේ ඇත’ යන බව මැ නිසා පිණ්ඩපාතික වේ ද, මේ තෙමේ මේ පිණ්ඩපාතිකයන් පස් දෙනා අතුරෙන් අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද ප්‍රධාන ද උත්තම ද ප්‍රවර ද වෙයි. යම්සේ දෙනගෙන් කිරි කිරෙන් දී දීයෙන් වෙඬරු වෙඬරුයෙන් ගී ගීයෙන් ගීමඬ ලැබේ ද, ඔවුනතුරෙහි සප්පිමණ්ඩය මැ අග්‍ර යැ යි කියනු ලැබේ. එපරිදි මැ යම් පිණ්ඩපාතිකයෙක් අල්පේච්ඡභාවය මැ නිසා සන්තෝෂ මැ නිසා කෙලෙසුන්ගේ තුනු බව මැ නිසා, ‘මේ ඇත’ යන බව මැ නිසා පිණ්ඩපාතික වේ ද, මේ තෙමේ මේ පිණ්ඩපාතිකයන් පස් දෙනා අතුරෙන් අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද ප්‍රධාන ද උත්තම ද ප්‍රවර ද වේ. මොහු පස් වැදෑරුම් පිණ්ඩපාතිකයෝ යි.
Pali BJT5-14. තත්ථ කතමෙ පඤ්ච ඛලුපච්ඡාභත්තිකා -පෙ- පඤ්ච එකාසනිකා -පෙ- පඤ්චපංසුකූලිකා -පෙ- පඤ්ච තෙචීවරිකා -පෙ- පඤ්ච ආරඤ්ඤිකා -පෙ- පඤ්ච රුක්ඛමූලිකා -පෙ- පඤ්ච අබ්භොකාසිකා -පෙ- පඤ්ච නෙසජ්ජිකා -පෙ- පඤ්ච යථාසන්ථතිකා -පෙ- පඤ්ච සොසානිකා.
Sinhala BJT5-14. එහි පස්වැදෑරුම් ඛලුපච්ඡාභත්තිකයෝ ... පස් වැදෑරුම් ඒකාසනිකයෝ ... පස් වැදෑරුම් පංශුකූලිකයෝ ... පස් වැදෑරුම් තෙචීවරිකයෝ ... පස් වැදෑරුම් ආරණ්‍යකයෝ ... පස් වැදෑරුම් වෘක්‍ෂමූලිකයෝ ... පස් වැදෑරුම් අභ්‍යවකාශිකයෝ ... පස් වැදෑරුම් නෙසජ්ජිකයෝ ... පස් වැදෑරුම් යථාසන්‍ථතිකයෝ ... පස් වැදෑරුම් සෝසානිකයෝ කවරහ යත්:
Pali BJTතත්ථ කතමෙ පඤ්ච සොසානිකා: මන්දත්තා මොමූහත්තා සොසානිකො හොති, පාපිච්ඡො ඉච්ඡාපකතො සොසානිකො හොති, උම්මාදා චිත්තවික්ඛෙපො සොසානිකො හොති. වණ්ණිතං බුද්ධෙහි බුද්ධසාවකෙහීති සොසානිකො හොති, අපිච අප්පිච්ඡතංයෙව නිස්සාය සන්තුට්ඨිංයෙව නිස්සාය සල්ලෙඛංයෙව නිස්සාය ඉදමට්ඨිතංයෙව නිස්සාය සොසානිකො හොති.
Sinhala BJTඑහි පස් වැදෑරුම් සෝසානිකයෝ කවරහ යත්: අඥාන බැවින් අතිශයින් මූඪ බැවින් සෝසානික වෙයි. ලාමක පැතුම් ඇත්තේ පාපේච්ඡායෙන් මැඬුණේ සෝසානික වෙයි. උමතුවෙන් චිත්තවික්‍ෂේපයෙන් සෝසානික වෙයි. බුදුවරුන් විසින් බුදුසව්වන් විසින් පසසන ලද යි සෝසානික වෙයි. තවද අල්පේච්ඡභාවය මැ නිසා සන්තෝෂභාවය මැ නිසා කෙලෙසුන්ගේ තුනු බව මැ නිසා ‘මේ ඇත’ යන බව මැ නිසා සෝසානිකයෙක් වේ.
Pali BJTතත්ර ය්වායං සොසානිකො අප්පිච්ඡතංයෙව නිස්සාය සන්තුට්ඨියෙව නිස්සාය සල්ලෙඛංයෙව නිස්සාය ඉදමට්ඨිතංයෙව නිස්සාය සොසානිකො හොති, අයං ඉමෙසං පඤ්චන්නං සොසානිකානං අග්ගො ච සෙට්ඨො ච මොක්ඛො ච උත්තමො ච පවරො ච. සෙය්යථාපි නාම ගාවා ඛීරං ඛීරම්හා දධි දධිම්හා නොනීතං නොනීතම්හා සප්පි, සප්පිම්හා සප්පිමණ්ඩො, සප්පිමණ්ඩං තත්ථ අග්ගමක්ඛායති, එවමෙව ය්වායං සොසානිකො අප්පිච්ඡතංයෙව නිස්සාය සන්තුට්ඨිංයෙව නිස්සාය සල්ලෙඛංයෙව නිස්සාය ඉදමට්ඨිතංයෙව නිස්සාය සොසානිකො හොති, අයං ඉමෙසං පඤ්චන්නං සොසානිකානං අග්ගො ච සෙට්ඨො ච මොක්ඛො ච උත්තමො ච පවරො ච. ඉමෙ පඤ්ච සොසානිකා.
Sinhala BJTඔවුනතුරෙහි යම් සෝසානිකයෙක් අල්පේච්ඡභාවය මැ නිසා සන්තෝෂභාවය මැ නිසා කෙලෙසුන්ගේ තුනු බව මැ නිසා, ‘මේ ඇත’ යන බව මැ නිසා සෝසානික වේ ද මේ තෙමේ මේ පස්වැදෑරුම් සෝසානිකයන් අතුරෙන් අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද ප්‍රධාන ද උත්තම ද ප්‍රවර ද වෙයි, යම්සේ දෙනගෙන් කිරි, කිරෙන් දී, දීයෙන් වෙඬරු, වෙඬරුයෙන් ගී, ගීයෙන් ගීමඬ ලබා ද ගීමඬ – ඝෘතමණ්ඩය ඔවුනතුරෙන් අග්‍ර යැ යි කියනු ලැබේ ද, එපරිදි මැ යම් සෝසානිකයෙක් අල්පේච්ඡභාවය මැ නිසා සන්තෝෂභාවය මැ නිසා කෙලෙසුන්ගේ තුනු බව මැ නිසා ‘මේ ඇත’ යන බව මැ නිසා සෝසානික වේ ද මේ තෙමේ මේ පස්වැදෑරුම් සෝසානිකයන් අතුරෙන් අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද ප්‍රධාන ද උත්තම ද ප්‍රවර ද වේ. මොහු පස් වැදෑරුම් සෝසානිකයෝ යි.
Pali BJTපඤ්චක නිද්දෙසො නිට්ඨිතො.
Sinhala BJTපඤ්චක නිර්දේශ නිමියේ යි.
Pali BJT6. ඡක්ක නිද්දෙසො
Sinhala BJT6. ෂට්ක නිර්‍දෙශය
Pali BJT1. තත්ර ය්වායං පුග්ගලො පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු සාමං සච්චානි අභිසම්බුජ්ඣති. තත්ර ච සබ්බඤ්ඤුතං පාපුණාති බලෙසු ච වසීභාවං. සම්මාසම්බුද්ධො තෙන දට්ඨබ්බො.
Sinhala BJT1. ඔවුනතුරෙහි (ෂඩ්විධ පුද්ගලයන් අතුරෙහි) යම් පුද්ගලයෙක් පෙර නො ඇසූ විරූ ධර්‍මයන්හි තෙමේ සත්‍යයන් අවබෝධ කෙරේ ද, එහි දු සර්‍වඥ භාවයට පැමිණේ ද, බලධර්‍මයන්හි දු වශීභාවයට පැමිණේ ද එකරුණින් (ඒ සබ්බඤ්ඤුත ඤාණයෙන්) සම්මා සම්බුදුන් වහන්සේ දත යුත්තාහ.
Pali BJTතත්ර ය්වායං පුග්ගලො පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු සාමං සච්චානි අභිසම්බුජ්ඣති, න ච තත්ථ සබ්බඤ්ඤුතං පාපුණාති න ච බලෙසු වසීභාවං. පච්චෙකසම්බුද්ධො තෙන දට්ඨබ්බො.
Sinhala BJTඔවුනතුරෙහි යම් පුද්ගලයෙක් පෙර නො ඇසූ විරූ ධර්‍මයන්හි තෙමේ සත්‍යයන් අවබෝධ කෙරේ ද, එතෙකුදු වත් එහි සර්‍වඥභාවයට නො පැමිණේ ද බලධර්‍මයන්හි වශීභාවයට නො ද පැමිණේ ද එකරුණින් (ඒ පච්චේක බෝධිඤාණයෙන්) පසේ බුදුන් වහන්සේ දතයුත්තාහ.
Pali BJTතත්ර ය්වායං පුග්ගලො පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු සාමං සච්චානි අනභිසම්බුජ්ඣති දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තං කරොති{1} සාවකපාරමිඤ්ච පාපුණාති, සාරිපුත්තමොග්ගල්ලානා තෙන දට්ඨබ්බා.
Sinhala BJTඔවුනතුරෙහි යම් පුද්ගලයෙක් පෙර නො ඇසූ විරූ ධර්‍මයන්හි තෙමේ සත්‍යයන් අවබෝධ කෙරේ ද, මෙ අත් බැව්හි මැ දුක් කෙළවර කෙරේ ද, ශ්‍රාවකපාරමිතාවටත් පැමිණේ ද, එකරුණින් (ඒ සාවක පාරමී ඤාණයෙන්) ශාරීපුත්‍ර - මෞද්ගල්‍යානයෝ දතයුත්තාහ.
Pali BJTතත්ර ය්වායං පුග්ගලො පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු සාමං සච්චානි අනභිසම්බුජ්ඣති, දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තං කරොති න ච සාවකපාරමිං පාපුණාති, අවසෙසා අරහන්තා තෙන දට්ඨබ්බා.
Sinhala BJTඔවුනතුරෙහි යම් පුද්ගලයෙක් පෙර නො ඇසූ විරූ ධර්‍මයන්හි තෙමේ සත්‍යයන් අවබෝධ නො කෙරේ ද, මෙ අත් බැව්හි මැ දුක් කෙළවර කෙරේ ද, එතෙකුදු වත් ශ්‍රාවකපාරමිතාවට නො පැමිණේ ද එකරුණින් (දුක්ඛන්තකර ඤාණයෙන්) සෙසු රහත්හු දතයුත්තාහ.
Pali BJTතත්ර ය්වායං පුග්ගලො පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු සාමං සච්චානි අනභිසම්බුජ්ඣති, න ච දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තං කරොති අනාගාමී හොති අනාගන්තා ඉත්ථත්තං, අනාගාමී තෙන දට්ඨබ්බො.
Sinhala BJTඔවුනතුරෙහි යම් පුද්ගලයෙක් පෙර නො ඇසූ විරූ ධර්‍මයන්හි තෙමේ සත්‍යයන් අවබෝධ කෙරේ ද, එතෙකුදු වත් මෙ අත් බැව්හි මැ දුක් කෙළවර නො කෙරේ ද, එකරුණින් (අනාගාමි ඤාණයෙන්) මෙලොවට නො එන අනාගාමි දතයුත්තේ යි.
Pali BJTතත්ර ය්වායං පුග්ගලො පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු සාමං සච්චානි අනභිසම්බුජ්ඣති, න ච දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො හොති, ආගාමී හොති ආගන්තා ඉත්ථත්තං, සොතාපන්නසකදාගාමිනො තෙන දට්ඨබ්බා.
Sinhala BJTඔවුනතුරෙහි යම් පුද්ගලයෙක් පෙර නො ඇසූ විරූ ධර්‍මයන්හි තෙමේ සත්‍යයත් අවබෝධ නො කෙරේ ද, මෙ අත්බැව්හි මැ දුක් කෙළවර කරන්නේත් නො වේ ද, මේ අත් බවට එන්නේ ආගාමී වේ ද එකරුණින් (ආගාමී හෙයින්) සෝතාපන්න සකදාගාමීහු දතයුත්තාහ.
Pali BJTඡක්ක නිද්දෙසො නිට්ඨිතො.
Sinhala BJTෂට්ක නිර්දේශ නිමියේ යි.
Pali BJT7. සත්තක නිද්දෙසො
Sinhala BJT7. සප්තක නිර්‍දෙශය
Pali BJT1. කථඤ්ච පුග්ගලො සකිං නිමුග්ගො නිමුග්ගොව හොති: ඉධෙ’කච්චො පුග්ගලො සමන්නාගතො හොති එකන්තකාළකෙහි අකුසලෙහි ධම්මෙහි එවං පුග්ගලො සකිං නිමුග්ගො නිමුග්ගොව හොති.
Sinhala BJT1. කෙසේ නම් පුද්ගල වරක් ගිලුණේ ගිලුණේ මැ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් ඒකාන්තයෙන් කෘෂ්ණ වූ අකුශල ධර්‍මයන් ගෙන් යුක්ත වූයේ වෙයි. මෙසේ පුද්ගල වරක් ගිලුණේ ගිලුණේ මැ වේ.
Pali BJTකථඤ්ච පුග්ගලො උම්මුජ්ජිත්වා නිමුජ්ජති: ඉධෙ’කච්චො පුග්ගලො උම්මුජ්ජති සාහු{1} සද්ධා කුසලෙසු ධම්මෙසු සාහු හිරි කුසලෙසු ධම්මෙසු සාහු ඔත්තප්පං කුසලෙසු ධම්මෙසු සාහු විරියං කුසලෙසු ධම්මෙසු සාහු පඤ්ඤා කුසලෙසු ධම්මෙසූති, තස්ස සා සද්ධා නෙව තිට්ඨති නො වඩ්ඪති, හායතිමෙව, තස්ස සා හිරි නෙව තිට්ඨති නො වඩ්ඪති හායතිමෙව, තස්ස තං ඔත්තප්පං නෙව තිට්ඨති නො වඩ්ඪති හායතිමෙව, තස්ස තං විරියං{2} නෙව තිට්ඨති නො වඩ්ඪති හායතිමෙව, තස්ස සා පඤ්ඤා නෙව තිට්ඨති නො වඩ්ඪති හායතිමෙව, එවං පුග්ගලො උම්මුජ්ජිත්වා නිජ්ජති.
Sinhala BJTකෙසේ නම් පුද්ගල ඉල්ප ගිලේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් කුශලධර්‍මයන්හි ශ්‍රද්ධාව මැනැවැ කුශලධර්‍මයන්හි හිරිය (ලජ්ජාව) මැනැවැ කුශලධර්‍මයන්හි ඔත්තප්පය (බිය) මැනැවැ කුශල ධර්‍මයන්හි වීර්‍ය්‍යය මැනැවැ කුශලධර්‍මයන්හි ප්‍රඥාව මැනැවැ යි ඉල්පෙයි. ඔහුගේ ඒ ශ්‍රද්ධාව නො මැ සිටියි, නො වැඩෙයි, පිරිහේ මැ යි. ඔහුගේ ඒ හිරිය නො මැ සිටියි, නො වැඩෙයි, පිරිහේ මැ යි. ඔහුගේ ඒ ඔත්තප්පය නො මැ සිටියි, නො වැඩෙයි, පිරිහේ මැ යි. ඔහුගේ ඒ වීර්‍ය්‍යය නො මැ සිටියි, නො වැඩෙයි, පිරිහේ මැ යි. ඔහුගේ ඒ ප්‍රඥාව නො මැ සිටියි, නො වැඩෙයි, පිරිහේ මැ යි මෙසේ පුද්ගල ඉල්පී ගිලේ.
Pali BJTකථඤ්ච පුග්ගලො උම්මුජ්ජිත්වා ඨිතො හොති: ඉධෙ’කච්චො පුග්ගලො උම්මුජ්ජති, සාහු සද්ධා කුසලෙසු ධම්මෙසු සාහු හිරි කුසලෙසු ධම්මෙසු සාහු ඔත්තප්පං කුසලෙසු ධම්මෙසු සාහු විරියං කුසලෙසු ධම්මෙසු සාහු පඤ්ඤා කුසලෙසු ධම්මෙසූති. තස්ස සා සද්ධා නෙව හායති නො වඩ්ඪති ඨිතා හොති, තස්ස සා හිරි නෙව හායති නො වඩ්ඪති ඨිතා හොති, තස්ස තං ඔත්තප්පං නෙව හායති නො වඩ්ඪති ඨිතං හොති, තස්ස තං විරියං නෙව හායති නො වඩ්ඪති ඨිතං හොති, තස්ස සා පඤ්ඤා නෙව හායති, නො වඩ්ඪති ඨිතා හොති එවං පුග්ගලො උම්මුජ්ජිත්වා ඨිතො හොති.
Sinhala BJTකෙසේ නම් පුද්ගල ඉල්ප සිටියේ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් කුශලධර්‍මයන්හි ශ්‍රද්ධාව මැනැවැ කුශලධර්‍මයන්හි හිරිය මැනැවැ කුශලධර්‍මයන්හි ඔත්තප්පය මැනැවැ කුශලධර්‍මයන්හි වීර්‍ය්‍යය මැනැවැ කුශලධර්‍මයන්හි ප්‍රඥාව මැනැවැ යි ඉල්පෙයි. ඔහුගේ ඒ ශ්‍රද්ධාව නො මැ පිරිහෙයි, නො වැඩෙයි, සිටියා වෙයි. ඔහුගේ ඒ හිරිය නො මැ පිරිහෙයි, නො වැඩෙයි, සිටියා වෙයි. ඔහුගේ ඒ ඔත්තප්පය නො මැ පිරිහෙයි, නො වැඩෙයි, සිටියේ වෙයි. ඔහුගේ ඒ වීර්‍ය්‍යය නො මැ පිරිහෙයි, නො වැඩෙයි, සිටියේ වෙයි. ඔහුගේ ඒ ප්‍රඥාව නො මැ පිරිහෙයි, නො වැඩෙයි, සිටියා වෙයි. මෙසේ පුද්ගල ඉල්ප සිටියේ වේ.
Pali BJTකථඤ්ච පුග්ගලො උම්මුජ්ජිත්වා විපස්සති විලොකෙති: ඉධෙ’කච්චො පුග්ගලො උම්මුජ්ජති, සාහු සද්ධා කුසලෙසු ධම්මෙසු, සාහු හිරි කුසලෙසු ධම්මෙසු, සාහු ඔත්තප්පං කුසලෙසු ධම්මෙසු, සාහු විරියං කුසලෙසු ධම්මෙසු. සාහු පඤ්ඤා කුසලෙසු ධම්මෙසූති. සො තිණ්ණා සංයොජනානං පරික්ඛයා සොතාපන්නො හොති අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො. එවං පුග්ගලො උම්මුජ්ජිත්වා විපස්සති විලොකෙති.
Sinhala BJTකෙසේ නම් පුද්ගල ඉල්ප අවට දකී ද බලා ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් කුශලධර්‍මයන්හි ශ්‍රද්ධාවැ මැනැවැ කුශලධර්‍මයන්හි හිරිය මැනවැ කුශලධර්‍මයන්හි ඔත්තප්පය මැනැවැ කුශලධර්‍මයන්හි වීර්‍ය්‍යය මැනැවැ කුශලධර්‍මයන්හි ප්‍රඥාව මැනැවැ යි ඉල්පෙයි. හෙතෙම තුන් සංයෝජනයන්ගේ ක්‍ෂය වීමෙන් විනිපාතධර්‍ම (නිරයධර්‍ම) රහිත වූ නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝතාපන්නයෙක් වෙයි. මෙසේ පුද්ගල ඉල්ප අවට දකියි අවට බලයි.
Pali BJTකථඤ්ච පුග්ගලො උම්මුජ්ජිත්වා පතරති: ඉධෙ’කච්චො පුග්ගලො උම්මුජ්ජති, සාහු සද්ධා කුසලෙසු ධම්මෙසු, සාහු හිරි කුසලෙසු ධම්මෙසු සාහු ඔත්තප්පං කුසලෙසු ධම්මෙසු, සාහු විරියං කුසලෙසු ධම්මෙසු, සාහු පඤ්ඤා කුසලෙසු ධම්මෙසූති, සො තිණ්ණං සඤ්ඤොජනානං පරික්ඛයා රාගදොසමොහානං තනුත්තා සකදාගාමී හොති සකිදෙව ඉමං ලොකං ආගන්ත්වා දුක්ඛස්සන්තං කරොති. එවං පුග්ගලො උම්මුජ්ජිත්වා පතරති.
Sinhala BJTකෙසේ නම් පුද්ගල ඉල්ප තරණය කෙරේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් කුශලධර්‍මයන්හි ශ්‍රද්ධාව මැනැවැ කුශලධර්‍මයන්හි හිරිය මැනවැ කුශලධර්‍මයන්හි ඔත්තප්පය මැනැවැ කුශලධර්‍මයන්හි වීර්‍ය්‍යය මැනැවැ කුශලධර්‍මයන්හි ප්‍රඥාව මැනැවැ යි ඉල්පෙයි. හෙතෙම තුන් සංයෝජනයන්ගේ ක්‍ෂය වීමෙන් රාග ද්වේෂ මෝහයන් තුනී කිරීමෙන් සකෘදාගාමි වෙයි. වරක් මැ මෙලොවට අවුත් දුක් කෙළවර කෙරෙයි. මෙසේ පුද්ගල ඉල්ප තරණය කෙරේ.
Pali BJTකථඤ්ච පුග්ගලො උම්මුජ්ජිත්වා පතිගාධප්පත්තො හොති: ඉධෙ’කච්චො පුග්ගලො උම්මුජ්ජති, සාහු සද්ධා කුසලෙසු ධම්මෙසු සාහු හිරි කුසලෙසු ධම්මෙසු, සාහු ඔත්තප්පං කුසලෙසු ධම්මෙසු, සාහු විරියං කුසලෙසු ධම්මෙසු සාහු පඤ්ඤා කුසලෙසු ධම්මෙසූති, සො පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා ඔපපාතිකො හොති තත්ථ පරිනිබ්බායි අනාවත්තිධම්මො තස්මා ලොකා. එවං පුග්ගලො උම්මුජ්ජිත්වා පතිගාධප්පත්තො හොති.
Sinhala BJTකෙසේ නම් පුද්ගල ඉල්ප නො ගැඹුරට (ප්‍රතිෂ්ඨාස්ථානයට) පැමිණියේ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් කුශලධර්‍මයන්හි ශ්‍රද්ධාව මැනැවැ කුශල ධර්‍මයන්හි හිරිය මැනැවැ කුශලධර්‍මයන්හි ඔත්තප්පය මැනැවැ කුශලධර්‍මයන්හි වීර්‍ය්‍යය මැනැවැ කුශලධර්‍මයන්හි ප්‍රඥාව මැනැවැයි ඉල්පෙයි. හෙතෙම පස්වැදෑරුම් ඕරම්භාගිය සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් ශුද්ධාවාසයෙහි උපදනේ එහි පිරිනිවෙන්නේ, එලොවින් පෙරළා නොඑන සුලු වූයේ වෙයි. මෙසේ පුද්ගල ඉල්ප නො ගැඹුරට පැමිණියේ වේ.
Pali BJTකථඤ්ච පුග්ගලො උම්මුජ්ජිත්වා තිණ්ණො හොති පාරගතො ථලෙ තිට්ඨති බ්රාහ්මණො: ඉධෙකච්චො පුග්ගලො උම්මුජ්ජති, සාහු සද්ධා කුසලෙසු ධම්මෙසු, සාහු හිරි කුසලෙසු, ධම්මෙසු, සාහු ඔත්තප්පං කුසලෙසු ධම්මෙසු, සාහු විරියං කුසලෙසු ධම්මෙසු, සාහු පඤ්ඤා කුසලෙසු ධම්මෙසූති, සො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. එවං පුග්ගලො උම්මුජ්ජිත්වා තිණ්ණො හොති පාරංගතො ථලෙ තිට්ඨති බ්රාහ්මණො.
Sinhala BJTකෙසේ නම් පුද්ගල ඉල්ප තරණය කෙළේ, පරතෙරට ගියේ ‘ගොඩබිම සිටුනා බ්‍රාහ්මණ’ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් කුශලධර්‍මයන්හි ශ්‍රද්ධාව මැනැවැ කුශලධර්‍මයන්හි හිරිය මැනැවැ කුශලධර්‍මයන්හි ඔත්තප්පය මැනැවැ කුශලධර්‍මයන්හි වීර්‍ය්‍යය මැනැවැ කුශලධර්‍මයන්හි ප්‍රඥාව මැනැවැයි ඉල්පෙයි. හෙතෙම ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් ආස්‍රව රහිත වූ ඵලසමාධිය, ඵලප්‍රඥාව මෙ අත් බැව්හි මැ තෙමේ වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වෙසෙයි. මෙසේ පුද්ගල ඉල්ප තරණය කෙළේ පරතෙරට ගියේ ‘ගොඩබිම සිටුනා බ්‍රාහ්මණ’ වේ.
Pali BJT2. කතමො ච පුග්ගලො උභතොභාගවිමුත්තො: ඉධෙ’කච්චො පුග්ගලො අට්ඨවිමොක්ඛෙ කායෙන ඵුසිත්වා විහරති, පඤ්ඤාය චස්ස දිස්වා ආසවා පරික්ඛීණා හොන්ති, අයං වුච්චති පුග්ගලො උභතොභාග විමුත්තො.
Sinhala BJT2. කවර පුද්ගලයෙක් ‘උභතොභාගවිමුක්ත’ වේ ද යත්: මෙ සස්නෙහි කිසි පුද්ගලයෙක් අෂ්ටවිමෝක්‍ෂයන් (නාම) කයින් ස්පර්‍ශ කොට වෙසෙයි. (විදර්‍ශනා) ප්‍රඥායෙනුදු දැක ඔහුගේ ආස්‍රවයෝ ක්‍ෂය වූවාහු වෙති, මේ පුද්ගල ‘උභතොභාගවිමුක්ත’ යැ යි කියනු ලැබේ.
Pali BJTකතමො ච පුග්ගලො පඤ්ඤාවිමුත්තො -පෙ- කායසක්ඛී -පෙ- දිට්ඨිප්පත්තො -පෙ- සද්ධාවිමුත්තො -පෙ- ධම්මානුසාරී -පෙ- කතමො ච පුග්ගලො සද්ධානුසාරී. යස්ස පුග්ගලස්ස සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නස්ස සද්ධින්ද්රියං අධිමත්තං හොති, සද්ධාවාහී සද්ධාපුබ්බඞ්ගමං අරියමග්ගං භාවෙති. අයං වුච්චති පුග්ගලො සද්ධානුසාරී. සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො සද්ධානුසාරී. ඵලෙ ඨිතො සද්ධාවිමුත්තො.
Sinhala BJTකවර පුද්ගලයෙක් ‘ප්‍රඥා විමුක්ත’ ... ‘කායසාක්‍ෂි’ … ‘දෘෂ්ටිප්‍රාප්ත’ ... ‘ශ්‍රද්ධාවිමුක්ත’ ... ‘ධර්‍මානුසාරී’ වේ ද යත්: ... කවර පුද්ගලයෙක් ‘ශ්‍රද්ධානුසාරී’ වේ ද යත්: සෝතාපත්තිඵලය සාක්‍ෂාත් කරනු පිණිස පිළිපන් යම් පුද්ගලයක්හුගේ ශ්‍රද්ධේන්‍දියය අධික වේ ද ශ්‍රද්ධාව විසින් ඔසවනසුලු වූයේ ශ්‍රද්ධාපූර්‍වංගම වූ ආර්‍ය්‍යමාර්‍ගය වඩා ද, මේ තෙමේ ‘ශ්‍රද්ධානුසාරී’ පුද්ගලයා යි කියනු ලැබේ. සෝතාපත්තිඵලය සාක්‍ෂාත් කරනු පිණිස පිළිපන් පුද්ගල ‘ශ්‍රද්ධානුසාරී’ යැ ඵලයෙහි සිටියේ ‘ශ්‍රද්ධාවිමුක්ත’ යි.
Pali BJTසත්තක නිද්දෙසො නිට්ඨිතො.
Sinhala BJTසප්තක නිර්දේශ නිමියේ යි.
Pali BJT8. අට්ඨක නිද්දෙසො
Sinhala BJT8. අෂ්ටක නිර්‍දෙශය
Pali BJT1. තත්ථ කතමෙ චත්තාරො මග්ගසමඞ්ගිනො, චත්තාරො ඵලසමඞ්ගිනො පුග්ගලා:
Sinhala BJT1. ඔවුනතුරෙහි චතුර්විධ මාර්‍ගයෙන් යුක්ත වූ, චතුර්විධ ඵලයෙන් යුක්ත වූ පුද්ගලයෝ කවරහ යත්:
Pali BJTසොතාපන්නො, සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නො සකදාගාමී, සකදාගාමීඵලසච්ඡිකිරියාය පටිපන්නො, අනාගාමී, අනාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො, අරහා, අරහත්තඵලසච්ඡිකිරියාය{1} පටිපන්නො. ඉමෙ චත්තාරො මග්ගසමඞ්ගිනො, චත්තාරො ඵලසමඞ්ගිනො පුග්ගලා.
Sinhala BJTසෝතාපන්න යැ සෝතාපත්තිඵලය සාක්‍ෂාත් කරනු පිණිස පිළිපන්නේ යැ සකදාගාමී යැ සකදාගාමීඵලය සාක්‍ෂාත් කරනු පිණිස පිළිපන්නේ යැ අනාගාමී යැ අනාගාමීඵලය සාක්‍ෂාත් කරනු පිණිස පිළිපන්නේ යැ අර්‍හත් යැ අර්‍හත්ඵලය සාක්‍ෂාත් කරනු පිණිස පිළිපන්නේ යැ (යන) මොහු චතුර්විධ මාර්‍ගයෙන් යුක්ත වූ චතුර්විධ ඵලයෙන් යුක්ත වූ පුද්ගලයෝ යි.
Pali BJTඅට්ඨක නිද්දෙසො නිට්ඨිතො.
Sinhala BJTඅෂ්ටක නිර්‍දෙශය නිමියේ යි.
Pali BJT9. නවක නිද්දෙසො
Sinhala BJT9. නවක නිර්‍දෙශය
Pali BJT1. කතමො ච පුග්ගලො සම්මාසම්බුද්ධො: ඉධෙ’කච්චො පුග්ගලො පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු සාමං සච්චානි අභිසම්බුජ්ඣති, තත්ථ ච සබ්බඤ්ඤුතං පාපුණාති, බලෙසු ච වසීභාවං. අයං වුච්චති පුග්ගලො සම්මාසම්බුද්ධො.
Sinhala BJT1. කවර පුද්ගලයෙක් ‘සම්‍යක් සම්බුද්ධ’ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් පෙර නො ඇසූ විරූ ධර්‍මයන්හි තෙමේ සත්‍යයන් අවබෝධ කෙරේ. එහිදු සර්‍වඥත්‍වයට පැමිණේ, බලධර්‍මයන්හි දූ වශීභාවයට පැමිණේ. මේ පුද්ගල ‘සම්‍යක්සම්බුද්ධ’ යැ යි කියනු ලැබේ.
Pali BJTකතමො ච පුග්ගලො පච්චෙකබුද්ධො: ඉධෙකච්චො පුග්ගලො පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු සාමං සච්චානි අභිසම්බුජ්ඣති, න ච තත්ථ සබ්බඤ්ඤුතං පාපුණාති, න ච බලෙසු වසීභාවං. අයං වුච්චති පුග්ගලො පච්චෙකබුද්ධො.
Sinhala BJTකවර පුද්ගලයෙක් ‘ප්‍රත්‍යෙකබුද්ධ’ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් පෙර නො ඇසූ විරූ ධර්‍මයන්හි තෙමේ සත්‍යයන් අවබෝධ කෙරේ. එතෙකුදු වත් එහි සර්‍වඥභාවයට නො පැමිණෙයි, බලධර්‍මයන්හි වශීභාවයට ද නො පැමිණේ. මේ පුද්ගල ‘ප්‍රත්‍යෙකබුද්ධ’ යැ යි කියනු ලැබේ.
Pali BJTකතමො ච පුග්ගලො උභතොභාගවිමුත්තො: ඉධෙ’කච්චො පුග්ගලො අට්ඨවිමොක්ඛෙ කායෙන ඵුසිත්වා විහරති, පඤ්ඤාය චස්ස දිස්වා ආසවා පරික්ඛීණා හොන්ති. අයං වුච්චති පුග්ගලො උභතොභාගවිමුත්තො.
Sinhala BJTකවර පුද්ගලයෙක් ‘උභතොභාගවිමුක්ත’ වේ ද යත්: මෙලොව පුද්ගලයෙක් අෂ්ටවිමෝක්‍ෂයන් (නාම) කායයෙන් ස්පර්‍ශ කොට වෙසෙයි. (විදර්‍ශනා) ප්‍රඥායෙනුදු දැක ඔහු විසින් ආස්‍රවයෝ ක්‍ෂය කරන ලද්දාහු වෙති. මේ පුද්ගල ‘උභතොභාගවිමුක්ත’ යැ යි කියනු ලැබේ.
Pali BJTකතමො ච පුග්ගලො පඤ්ඤාවිමුත්තො: ඉධෙ’කච්චො පුග්ගලො නහෙව අට්ඨ විමොක්ඛෙ කායෙන ඵුසිත්වා විහරති, පඤ්ඤාය චස්ස දිස්වා ආසවා පරික්ඛීණා හොන්ති, අයං වුච්චති පුග්ගලො පඤ්ඤා විමුත්තො.
Sinhala BJTකවර පුද්ගලයෙක් ‘ප්‍රඥාවිමුක්ත’ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් අෂ්ටවිමෝක්‍ෂයන් (නාම) කයින් ස්පර්‍ශ කොට නො මැ වෙසෙයි. එතෙකුදු වත්, ප්‍රඥායෙන් දැක ඔහු විසින් ආස්‍රවයෝ ක්‍ෂය කරන ලද්දාහු වෙති. මේ පුද්ගල ‘ප්‍රඥාවිමුක්ත’ යැ යි කියනු ලැබේ.
Pali BJTකතමො ච පුග්ගලො කායසක්ඛී: ඉධෙ’කච්චො පුග්ගලො අට්ඨ විමොක්ඛෙ කායෙන ඵුසිත්වා විහරති, පඤ්ඤාය චස්ස දිස්වා එකච්චෙ ආසවා පරික්ඛීණා හොන්ති, අයං වුච්චති පුග්ගලො කායසක්ඛී.
Sinhala BJTකවර පුද්ගලයෙක් ‘කායසාක්‍ෂී’ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් අෂ්ටවිමෝක්‍ෂයන් කයින් ස්පර්‍ශ කොට වෙසෙයි. ප්‍රඥායෙනුදු දැක ඔහු විසින් ඇතැම් ආස්‍රවයෝ ක්‍ෂය කරන ලද්දාහු වෙති. මේ පුද්ගල ‘කායසාක්‍ෂී’ යැ යි කියනු ලැබේ.
Pali BJTකතමො ච පුග්ගලො දිට්ඨිප්පත්තො: ඉධෙ’කච්චො පුග්ගලො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති, අයං දුක්ඛසමුදයොති යථාභූතං පජානාති, අයං දුක්ඛනිරොධොති යථාභූතං පජානාති, අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති, තථාගතප්පවෙදිතා චස්ස ධම්මා පඤ්ඤාය වොදිට්ඨා හොන්ති වොචරිතා, පඤ්ඤාය චස්ස දිස්වා එකච්චෙ ආසවා පරික්ඛීණා හොන්ති, අයං වුච්චති පුග්ගලො දිට්ඨිප්පත්තො.
Sinhala BJTකවර නම් පුද්ගලයෙක් ‘දෘෂ්ටිප්‍රාප්ත’ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් මේ දුකැ යි ඇති සැටියෙන් දැනගනි. මේ දුක් උපදනා හේතු යැ යි ඇති සැටියෙන් දැනගනි. මේ දුක් නැති වීමැ යි ඇති සැටියෙන් දැනගනි. මේ දුක් නැති කිරීමට යන පිළිවෙතැ යි ඇති සැටියෙන් දැනගනි. තථාගතයන් වහන්සේ විසින් දන්නා ලද ධර්‍මයෝ ද මොහු විසින් ප්‍රඥාවෙන් මොනවට දක්නා ලදහ. මොනවට පිළිපදනා ලදහ. ප්‍රඥායෙනුදු දැක ඔහු විසින් ඇතැම් ආස්‍රවයෝ ක්‍ෂය කරන ලද්දාහු වෙති. මේ පුද්ගල තෙමේ ‘දෘෂ්ටිප්‍රාප්ත’ යැ යි කියනු ලැබේ.
Pali BJTකතමො ච පුග්ගලො සද්ධාවිමුත්තො: ඉධෙ’කච්චො පුග්ගලො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති -පෙ- අයං දුක්ඛනිරොධගාමිනීපටිපදාති යථාභූතං පජානාති, තථාගතප්පවෙදිතා චස්ස ධම්මා පඤ්ඤාය වොදිට්ඨා හොන්ති වොචරිතා, පඤ්ඤාය චස්ස දිස්වා එකච්චෙ ආසවා පරික්ඛීණා හොන්ති නො ච ඛො යථාදිට්ඨිප්පත්තස්ස, අයං වුච්චති පුග්ගලො සද්ධාවිමුත්තො.
Sinhala BJTකවර පුද්ගලයෙක් ‘ශ්‍රද්ධාවිමුක්ත’ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් මේ දුකැ යි ඇති සැටියෙන් දැනගනි. ... මේ දුක් නැති කිරීමට යන පිළිවෙතැ යි ඇති සැටියෙන් දැනගනි. තථාගතයන් වහන්සේ විසින් ප්‍රවිදිත වූ ධර්‍මයෝ ද මොහු විසින් ප්‍රඥායෙන් මොනොවට දක්නා ලදහ. මොනොවට පිළිපදනා ලදහ. ප්‍රඥායෙනු දු දැක මොහු විසින් ඇතැම් ආස්‍රවයෝ ක්‍ෂය කරන ලද්දාහු වෙති. එතෙකුදු වත් දෘෂ්ටිප්‍රාප්තයා බඳු නො වේ, මේ පුද්ගල ‘ශ්‍රද්ධාවිමුක්ත’ යැ යි කියනු ලැබේ.
Pali BJTකතමො ච පුග්ගලො ධම්මානුසාරී: යස්ස පුග්ගලස්ස සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නස්ස පඤ්ඤින්ද්රියං අධිමත්තං හොති, පඤ්ඤාවාහී පඤ්ඤාපුබ්බඞ්ගමං අරියමග්ගං භාවෙති, අයං වුච්චති පුග්ගලො ධම්මානුසාරී සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො ධම්මානුසාරී ඵලෙ ඨිතො දිට්ඨිප්පත්තො.
Sinhala BJTකවර පුද්ගලයෙක් ‘ධර්‍මානුසාරී’ වේ ද යත්: සෝවන් ඵලය සාක්‍ෂාත් කරනු පිණිස පිළිපන් යම් පුද්ගලයක්හුගේ ප්‍රඥේන්‍ද්‍රිය අධික වේ ද, ප්‍රඥාව විසින් ඔසවනසුලු වූයේ ප්‍රඥාපූර්‍වාඞ්ගම කොට ආර්‍ය්‍ය මාර්‍ගය වඩා ද මේ පුද්ගල ‘ධර්‍මානුසාරී’ යැ යි කියනු ලැබේ. සෝවන් ඵලය සාක්‍ෂාත් කරනු පිණිස පිළිපන් පුද්ගල ‘ධර්‍මානුසාරී’ යි. ඵලයෙහි සිටියේ ‘දෘෂ්ටිප්‍රාප්ත’ යි.
Pali BJTකතමො ච පුග්ගලො සද්ධානුසාරී: යස්ස පුග්ගලස්ස සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නස්ස සද්ධින්ද්රියං අධිමත්තං හොති, සද්ධාවාහී සද්ධාපුබ්බඞ්ගමං අරියමග්ගං භාවෙති, අයං වුච්චති පුග්ගලො සද්ධානුසාරී සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො සද්ධානුසාරී ඵලෙ ඨිතො සද්ධාවිමුත්තො.
Sinhala BJTකවර පුද්ගලයෙක් ‘ශ්‍රද්ධානුසාරී’ වේ ද යත්: සෝතාපත්තිඵලය පසක් කරනුවට පිළිපන් යම් පුද්ගලයක්හුගේ ශ්‍රද්ධේන්‍ද්‍රිය අධික වේ ද ශ්‍රද්ධාව විසින් ඔසවනසුලු වූයේ ශ්‍රද්ධාපූර්‍වංගම කොට ආර්‍ය්‍යමාර්‍ගය වඩා ද මේ පුද්ගල ‘ශ්‍රද්ධානුසාරී’ යැ යි කියනු ලැබේ. සෝතාපත්තිඵලය සාක්‍ෂාත් කරනුවට පිළිපන් පුද්ගල ‘ශ්‍රද්ධානුසාරී’ යි. ඵලයෙහි සිටියේ ‘ශ්‍රද්ධාවිමුක්ත’ යි.
Pali BJTනවක නිද්දෙසො නිට්ඨිතො.
Sinhala BJTනවක නිර්දේශ නිමියේ යි.
Pali BJT10. දසක නිද්දෙසො
Sinhala BJT10. දශක නිර්‍දෙශය
Pali BJTකතමෙසං පඤ්චන්නං ඉධ නිට්ඨා: සත්තක්ඛත්තුපරමස්ස කොලඞ්කොලස්ස එකබීජිස්ස සකදාගාමිස්ස, යො ච දිට්ඨෙව ධම්මෙ අරහා ඉමෙසං පඤ්චන්නං ඉධ නිට්ඨා.
Sinhala BJTකවර පස් දෙනකුන්ගේ ‘ඉහනිෂ්ඨා’ (කාමාවචර භූමියෙහි නිෂ්ඨාව) වන්නී ද යත්: සත්තක්ඛත්තුපරමයාගේ යැ කොලංකොලයාගේ යැ ඒකබීජීහුගේ යැ සකදාගාමීහුගේ යැ යමෙකුත් මෙ අත් බැව්හි ම අර්‍හත් වේ ද ඔහුගේ දැයි මොවුන් පස් දෙනා ගේ ‘ඉහනිෂ්ඨා’ යි.
Pali BJTකතමෙසං පඤ්චන්නං ඉධ විහාය නිට්ඨා: අන්තරාපරිනිබ්බායිස්ස උපහච්චපරිනිබ්බායිස්ස අසඞ්ඛාරපරිනිබ්බායිස්ස සසඞ්ඛාරපරිනිබ්බායිස්ස උද්ධංසොතස්ස අකනිට්ඨගාමිනො. ඉමෙසං පඤ්චන්නං ඉධ විහාය නිට්ඨාති.
Sinhala BJTකවර පස් දෙනකුන්ගේ ‘ඉහවිහායනිෂ්ඨා’ (කාමාවචරය හැර) අන්තරා පරිනිබ්බායීහුගේ යැ උපහච්චපරිනිඛබායීහුගේ යැ අසංඛාර පරිනිබ්බායීහුගේ යැ සසංඛාරපරිනිබ්බායීහුගේ යැ උද්ධංසෝත අකනිට්ඨගාමීහුගේ යැ යි මොවුන් පස් දෙනාගේ ‘ඉහවිහායනිෂ්ඨා’ යි.
Pali BJTඑත්තාවතා පුග්ගලානං පුග්ගලපඤ්ඤත්ති.
Sinhala BJTමෙතෙකින් පුද්ගලයනට පුද්ගලප්‍රඥප්ති වෙයි.
Pali BJTදසක නිද්දෙසො නිට්ඨිතො.
Sinhala BJTදසක නිර්දේශ නිමියේ යි.
Pali BJTපුග්ගලපඤ්ඤත්තිප්පකරණං සමත්තං.
Sinhala BJTපුද්ගල ප්‍රඥප්තිප්‍රකරණ සමාප්ත යි.