Puggalapaññatti

Designation of Persons

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry aligned

Showing entries 401-500 of 549

SegmentPali BJTSinhala BJT
Pali BJT13. තත්ථ කතමෙ චත්තාරො බලිවද්දූපමා පුග්ගලා: චත්තාරො බලිවද්දා - සගවචණ්ඩො{1} නො පරගවචණ්ඩො, පරගවචණ්ඩො නො සගවචණ්ඩො, සගවචණ්ඩො ච පරගවචණ්ඩො ච, නෙව සගවචණ්ඩො නො පරගවචණ්ඩො. එවමෙව චත්තාරො බලිවද්දූපමා පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං, කතමෙ චත්තාරො: සගවචණ්ඩො නො පරගවචණ්ඩො, පරගවචණ්ඩො නො සගවචණ්ඩො, සගවචණ්ඩො ච පරගවචණ්ඩො ච නෙව සගවචණ්ඩො නො පරගවචණ්ඩො.
Sinhala BJT13. එහි ගවයාට බඳු පුද්ගලයෝ සතර දෙන කවරහු ද යත්: ගවයෝ සතර දෙනෙකි: සිය ගවයනට සැඬ වූ පරගවයනට සැඬ නො වූයේ යැ, පරගවයනට සැඬ වූ සිය ගවයනට සැඬ නොවූයේ යැ, සිය ගවයනටත් පරගවයනටත් සැඬ වූයේ යැ, සිය ගවයනට සැඬ නො වූයේ ම පරගවයනටත් සැඬ නො වූයේ යැ යි. මෙසේ ම ලෝකයෙහි ගවයාට බඳු පුද්ගලයෝ සතර දෙනෙක් ඇත. කවරහු සතර දෙනෙක් ද යත්: ස්වගවයනට සැඬ වූ පරගවයනට සැඬ නො වූයේ යැ, පරගවයනට සැඬැ වූ ස්වගවයනට සැඬ නො වූයේ යැ ස්වගවයනටත් පරගවයනටත් සැඬ වූයේ යැ ස්වගවයනට සැඬ නො වූයේ මැ පරගවයනටත් සැඬ නො වූයේ යි.
Pali BJTකථඤ්ච පුග්ගලො සගවචණ්ඩො හොති නො පරගවචණ්ඩො: ඉධෙ’කච්චො පුග්ගලො සකපරිසං උබ්බෙජිතා හොති නො පරපරිසං එවං පුග්ගලො සගවචණ්ඩො හොති, නො පරගවචණ්ඩො. සෙය්යථාපි සො බලිවද්දො සගවචණ්ඩො නො පරගවචණ්ඩො, තථූපමො අයං පුග්ගලො.
Sinhala BJTකෙසේ නම් පුද්ගල ස්වගවයනට සැඬ වූයේ පරගවයනට සැඬ නො වූයේ වේ ද යත්: මෙලොව එක් පුද්ගලයෙක් සිය පිරිස් තැති ගන්වන්නේ වෙයි. පර පිරිස් තැති නො ගන්වයි. මෙසේ පුද්ගල සගවචණ්ඩ වූයේ පරගවචණ්ඩ නො වූයේ වේ. ඒ ගව තෙමේ ස්වගවයනට සැඬ වූයේ පරගවයනට සැඬ නො වූයේ යම්සේ ද මේ පුද්ගල එ බඳු යි.
Pali BJTකථඤ්ච පුග්ගලො පරගවචණ්ඩො හොති නො සගවචණ්ඩො: ඉධෙ’කච්චො පුග්ගලො පරපරිසං උබ්බෙජිතා හොති නො සකපරිසං එවං පුග්ගලො පරගවචණ්ඩො හොති නො සගවචණ්ඩො. සෙය්යථාපි සො බලිවද්දො පරගවචණ්ඩො නො සගවචණ්ඩො, තථූපමො අයං පුග්ගලො.
Sinhala BJTකෙසේ නම් පුද්ගල පරගවචණ්ඩ වූයේ සගවචණ්ඩ නො වූයේ වේ ද යත්: මෙලොව එක් පුද්ගලයෙක් පරපිරිස් තැති ගනවන්නේ වෙයි, සිය පිරිස් තැති නො ගන්වයි, මෙසේ පුද්ගල පරගවචණ්ඩ වූයේ සගවචණ්ඩ නො වූයේ වේ. ඒ ගව තෙමේ පරගවයනට සැඬ වූයේ ස්වගවයනට සැඬ නො වූයේ යම්සේ ද, මේ පුද්ගල එබඳු යි.
Pali BJTකථඤ්ච පුග්ගලො සගවචණ්ඩො ච හොති පරගවචණ්ඩො ච: ඉධෙ’කච්චො පුග්ගලො සකපරිසඤ්ච උබ්බෙජිතා හොති පරපරිසඤ්ච, එවං පුග්ගලො සගවචණ්ඩො ච හොති පරගවචණ්ඩො ච. සෙය්යථාපි සො බලිවද්දො සගවචණ්ඩො ච පරගවචණ්ඩො ච, තථූපමො අයං පුග්ගලො.
Sinhala BJTකෙසේ නම් පුද්ගල සගවචණ්ඩ වූයේත් පරගවචණ්ඩ වූයේත් වේ ද යත්: මෙලොව එක් පුද්ගලයෙක් සිය පිරිසත් පරපිරිසත් තැති ගන්වන්නේ වෙයි, මෙසේ පුද්ගල සගවචණ්ඩ වූයේත් පරගවචණ්ඩ වූයේත් වේ. ඒ ගවතෙමේ ස්වගවයනටත් පර ගවයනටත් සැඬවූයේ යම්සේ ද, මේ පුද්ගල එබඳු යි.
Pali BJTකථඤ්ච පුග්ගලො නෙව සගවචණ්ඩො හොති නො පරගවචණ්ඩො: ඉධෙ’කච්චො පුග්ගලො නෙව සකපරිසං උබ්බෙජිතා හොති නො පරපරිසං, එවං පුග්ගලො නෙව සගවචණ්ඩො හොති නො පරගවචණ්ඩො, සෙය්යථාපි සො බලිවද්දො නෙව සගවචණ්ඩො නො පරගවචණ්ඩො. තථූපමො අයං පුග්ගලො. ඉමෙ චත්තාරො බලිවද්දූපමා පුග්ගලා. සන්තො සංවිජ්ජමානා ලොකස්මිං.
Sinhala BJTකෙසේ නම් පුද්ගල සගවචණ්ඩ නො වූයේ ම පරගවචණ්ඩ නො වූයේ වේ ද යත්: මෙලොව එක් පුද්ගලයෙක් සිය පිරිස තැති නො ගන්වන්නේ ම පරපිරිස ද නො තැති ගන්ව යි. මෙසේ පුද්ගල සගවවණඩ නො වූයේ ම පරගවචණ්ඩ නො වූයේ වේ. ඒ ගවතමේ ස්වගවයනට සැඬ නො වූයේ ම පරගවයනට සැඬ නො වූයේ යම්සේ ද, මේ පුද්ගල එ බඳු යි. මොහු සතර දෙන ලෝකයෙහි විද්‍යමාන ගවයනට බඳු පුද්ගලයෝ යි.
Pali BJT14. තත්ථ කතමෙ චත්තාරො ආසිවිසූපමා පුග්ගලා: චත්තාරො ආසිවිසා ආගතවිසො නො ඝොරවිසො, ඝොරවිසො, නො ආගතවිසො, ආගතවිසො ච ඝොරවිසො ච, නෙව ආගතවිසො නො ඝොරවිසො. එවමෙව චත්තාරො ආසිවිසූපමා පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො: ආගතවිසො නො ඝොරවිසො, ඝොරවිසො නො ආගතවිසො, ආගතවිසො ච ඝොරවිසො ච, නෙව ආගතවිසො නො ඝොරවිසො.
Sinhala BJT14. එහි සර්‍පයනට බඳු පුද්ගලයෝ සතර දෙන කවරහ යත්: සර්‍පයෝ සතර දෙනෙකි. ඝෝරවිෂ නැති පැතිරෙන විෂ ඇත්තේ යැ, පැතිරෙන විෂ නැති ඝෝරවිෂ ඇත්තේ යැ, ඝෝරවිෂත් පැතිරෙන විෂත් ඇත්තේ ය, පැතිරෙන විෂ නැත්තේ ම ඝෝරවිෂ නැත්තේ යැ යි. මෙසේ ම සර්‍පයනට බඳු පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක් ද යත්: ඝෝරවිෂ නැති පැතිරෙන විෂ ඇත්තේ යැ, පැතිරෙන විෂ නැති ඝෝර විෂ ඇත්තේ යැ, ඝෝර විෂත් පැතිරෙන විෂත් ඇත්තේ යැ, පැතිරෙන විෂ නැත්තේ ම ඝෝර විෂ නැත්තේ යි.
Pali BJTකථඤ්ච පුග්ගලො ආගතවිසො හොති නො ඝොරවිසො: ඉධෙ’කච්චො පුග්ගලො අභිණ්හං කුජ්ඣති, සො ච ඛ්වස්ස කොධො න චිරං දීඝරත්තං අනුසෙති. එවං පුග්ගලො ආගතවිසො හොති නො ඝොරවිසො, සෙය්යථාපි සො ආසිවිසො ආගතවිසො නො ඝොරවිසො, තථූපමො අයං පුග්ගලො.
Sinhala BJTකෙසේ නම් පුද්ගල ඝෝරවිෂ නැති පැතිරෙන විෂ ඇත්තෙක් වේ ද යත්: මෙලොව එක් පුද්ගලයෙක් නිතොර කිපෙයි, ඔහුගේ ඒ ක්‍රෝධය ද බොහෝ කලක් දිගු කලක් රැඳී නො පවතී. මෙසේ පුද්ගල තෙමේ ඝෝරවිෂ නැති පැතිරෙන විෂ ඇත්තේ වේ. පැතිරෙන විෂ ඇති ඝෝර විෂ නැති ඒ සර්‍ප යම්සේ ද, මේ පුද්ගල එබඳු යි.
Pali BJTකථඤ්ච පුග්ගලො ඝොරවිසො හොති නො ආගතවිසො: ඉධෙ’කච්චො පුග්ගලො නෙව ඛො අභිණ්හං කුජ්ඣති, සො ච ඛ්වස්ස කොධො චිරං දීඝරත්තං අනුසෙති. එවං පුග්ගලො ඝොරවිසො හොති නො ආගතවිසො, සෙය්යථාපි සො ආසිවිසො{1} ඝොරවිසො නො ආගතවිසො, තථූපමො අයං පුග්ගලො.
Sinhala BJTකෙසේ නම් පුද්ගල පැතිරෙන විෂ නැත්තේ ඝෝරවිෂ ඇත්තෙක් වේ ද යත්: මෙලොව එක් පුද්ගලයෙක් නිතොර නො ම කිපෙයි, එතෙකුදු වත් ඔහුගේ ඒ ක්‍රෝධය බොහෝ කලක් දිගු කලක් රැඳී පවති. මෙසේ පුද්ගල පැතිරෙන විෂ නැත්තේ ඝෝරවිෂ ඇත්තේ වේ. පැතිරෙන විෂ නැති ඝෝරවිෂ ඇති ඒ සර්‍ප යම් සේ ද මේ පුද්ගල එබඳු යි.
Pali BJTකථඤ්ච පුග්ගලො ආගතවිසො ච හොති ඝොරවිසො ච: ඉධෙ’කච්චො පුග්ගලො අභිණ්හං කුජ්ඣති, සො ච ඛ්වස්ස කොධො චිරං දීඝරත්තං අනුසෙති. එවං පුග්ගලො ආගතවිසො ච හොති ඝොරවිසො ච. සෙය්යථාපි සො ආසිවිසො ආගතවිසො ච ඝොරවිසො ච, තථූපමො අයං පුග්ගලො.
Sinhala BJTකෙසේ නම් පුද්ගල පැතිරෙන විෂත් ඝෝරවිෂත් ඇත්තේ වේ ද යත්: මෙලොව එක් පුද්ගලයෙක් නිතොර කිපෙයි, ඔහුගේ ඒ ක්‍රෝධය ද බොහෝ කලක් දිගු කලක් රැඳී පවති. මෙසේ පුද්ගල පැතිරෙන විෂත් ඝෝරවිෂත් ඇත්තේ වේ. පැතිරෙන විෂත් ඝෝරවිෂත් ඇති ඒ සර්‍ප තෙම යම් සේ ද මේ පුද්ගල එබඳු යි.
Pali BJTකථඤ්ච පුග්ගලො නෙව ආගතවිසො හොති නො ඝොරවිසො: ඉධෙකච්චො පුග්ගලො නහෙව ඛො අභිණ්හං කුජ්ඣති, සො ච ඛ්වස්ස කොධො න චිරං දීඝරත්තං අනුසෙති. එවං පුග්ගලො නෙව ආගතවිසො හොති නො ඝොරවිසො. සෙය්යථාපි සො ආසිවිසො නෙව ආගතවිසො නො ඝොරවිසො, තථූපමො අයං පුග්ගලො. ඉමෙ චත්තාරො ආසිවිසූපමා පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං.
Sinhala BJTකෙසේ නම් පුද්ගල පැතිරෙන විෂ නැත්තේ ම ඝෝරවිෂ නැත්තේ වේ ද යත්: මෙලොව එක් පුද්ගලයෙක් නිතොර නො කිපේ මැ යි, ඔහුගේ ඒ ක්‍රෝධය ද බොහෝ කලක් දිගු කලක් රැඳී නො පවති. මෙසේ පුද්ගල පැතිරෙන විෂ නැත්තේ ම ඝෝරවිෂ නැත්තේ වේ. පැතිරෙන විෂ නොමැති ඝෝරවිෂ නැති ඒ සර්‍ප යම්සේ ද, මේ පුද්ගල එබඳු යි. මොහු සතර දෙන ලෝකයෙහි විද්‍යමාන සර්‍පයනට බඳු පුද්ගලයෝ යි.
Pali BJT15. කථඤ්ච පුග්ගලො අනනුවිච්ච අපරියොගාහෙත්වා අවණ්ණාරහස්ස වණ්ණං භාසිතා හොති: ඉධෙ’කච්චො පුග්ගලො දුප්පටිපන්නානං මිච්ඡාපටිපන්නානං තිත්ථියානං තිත්ථියසාවකානං වණ්ණං භාසති සුපටිපන්නා{1}. ඉතිපි, සම්මාපටිපන්නා ඉතිපී ති. එවං පුග්ගලො අනනුවිච්ච අපරියොගාහෙත්වා අවණ්ණාරහස්ස වණ්ණං භාසිතා හොති.
Sinhala BJT15. කෙසේ නම් පුද්ගල තුලනය නො කොට (ගුණාගුණ මැන නො බලා යි සේ යි) (ගුණයෙහි) නො බැස ගෙන නුගුණ කියයුත්තහුගේ ගුණ කියන්නේ වේ දයත්: මෙලොව එක් පුද්ගලයෙක් ‘සුපිළිපන්හ යි ද මොනවට පිළිපන්හ’ යි දැ යි දුපිළිපන් වැරැදි ලෙස පිළිපන් තීර්‍ත්‍ථකයන්ගේ තීර්‍ත්‍ථක ශ්‍රාවකයන්ගේ ගුණ කියයි. මෙසේ පුද්ගල තෙමේ තුලනය නො කොට ගුණයෙහි නො බැස ගෙන නුගුණ කිය යුත්තහුගේ ගුණ කියන්නේ වේ.
Pali BJTකථඤ්ච පුග්ගලො අනනුවිච්ච අපරියොගාහෙත්වා වණ්ණාරහස්ස අවණ්ණං භාසිතා හොති: ඉධෙ’කච්චො පුග්ගලො සුපටිපන්නානං සම්මාපටිපන්නානං බුද්ධානං බුද්ධසාවකානං අවණ්ණං භාසති, දුප්පටිපන්නා ඉතිපි, මිච්ඡාපටිපන්නා ඉතිපී ති. එවං පුග්ගලො අනනුවිච්ච අපරියොගාහෙත්වා වණ්ණාරහස්ස අවණ්ණංභාසිතා හොති.
Sinhala BJTකෙසේ නම් පුද්ගල තෙම තුලනය නො කොට ගුණයෙහි නො බැස ගෙන ගුණ කියයුත්තහුගේ නුගුණ කියන්නේ වේ ද යත්: මෙලොව එක් පුද්ගලයෙක් ‘දුපිළිපන්හ’ යි ද ‘වැරැදි ලෙස පිළිපන්හ’ යි ද සුපිළිපන් මනා කොට පිළිපන් බුදුන් වහන්සේගේ බුදු සව්වන්ගේ නුගුණ කියයි. මෙසේ පුද්ගල තුලනය නො කොට ගුණයෙහි නො බැසගෙන ගුණ කියයුත්තහුගේ නුගුණ කියන්නේ වේ.
Pali BJTකථඤ්ච පුග්ගලො අනනුවිච්ච අපරියොගාහෙත්වා අප්පසාදනීයෙ ඨානෙ පසාදං උපදංසිතා හොති: ඉධෙ’කච්චො පුග්ගලො දුප්පටිපදාය මිච්ඡාපටිපදාය පසාදං ජනෙති සුපටිපදා{2}. ඉතිපි, සම්මාපටිපදා ඉතිපී ති එවං පුග්ගලො අනනුවිච්ච අපරියොගාහෙත්වා අප්පසාදනීයෙ ඨානෙ පසාදං උපදංසිතා හොති.
Sinhala BJTකෙසේ නම් පුද්ගල තුලනය නො කොට ගුණයෙහි නො බැසගෙන නො පැහැදිය යුතු තැන ප්‍රසාදය උපදවන්නේ වේ ද යත්: මෙලොව එක් පුද්ගලයෙක් දුෂ්ප්‍රතිපදායෙහි මිථ්‍යාප්‍රතිපදායෙහි සුප්‍රතිපදා ය යි ද මිථ්‍යා ප්‍රතිපදා ය යි දැ යි ප්‍රසාදය උපදවයි. මෙසේ පුද්ගල තුලනය නො කොට ගුණයෙහි නො බැසගෙන නො පැහැදිය යුතු තැන ප්‍රසාදය දක්වන්නේ වේ.
Pali BJTකථඤ්ච පුග්ගලො අනනුවිච්ච අපරියොගාහෙත්වා පසාදනීයෙ ඨානෙ අප්පසාදං උපදංසිතා හොති: ඉධෙ’කච්චො පුග්ගලො සුපටිපදාය සම්මාපටිපදාය අප්පසාදං ජනෙති දුප්පටිපදා ඉතිපි, මිච්ඡාපටිපදා ඉතිපී ති. එවං පුග්ගලො අනනුවිච්ච අපරියොගාහෙත්වා පසාදනීයෙ ඨානෙ අප්පසාදං උපදංසිතා හොති.
Sinhala BJTකෙසේ නම් පුද්ගල තෙම තුලනය නො කොට ගුණයෙහි නො බැස ගෙන පැහැදිය යුතු තැන අප්‍රසාදය දක්වන්නේ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් සුප්‍රතිපදායෙහි සම්‍යක් ප්‍රතිපදායෙහි ‘දුෂ්ප්‍රතිපදා’ ය යි ද ‘මිථ්‍යා’ ‘ප්‍රතිපදා’ ය යි දැ යි අප්‍රසාදය උපදවයි. මෙසේ පුද්ගල තෙමේ තුලනය නො කොට ගුණයෙහි නො බැසගෙන පැහැදිය යුතු තැන අප්‍රසාදය දක්වන්නේ වේ.
Pali BJT16. කථඤ්ච පුග්ගලො අනනුවිච්ච පරියොගාහෙත්වා අවණ්ණාරහස්ස අවණ්ණං භාසිතා හොති: ඉධෙ’කච්චො පුග්ගලො දුප්පටිපන්නානං මිච්ඡාපටිපන්නානං තිත්ථියානං තිත්ථියසාවකානං අවණ්ණං භාසති දුප්පටිපන්නා ඉතිපි, මිච්ඡාපටිපන්නා ඉතිපී’ති. එවං පුග්ගලො අනනුවිච්ච පරියොගාහෙත්වා අවණ්ණාරහස්ස අවණ්ණං භාසිතා හොති.
Sinhala BJT16. කෙසේ නම් පුද්ගල තුලනය කොට ගුණයෙහි බැසගෙන නුගුණ කිය යුත්තහුගේ නුගුණ කියන්නේ වේ ද යත්: මෙලොව එක් පුද්. ගලයෙක් ‘දුෂ්ප්‍රතිපන්නයැ’ යි ද ‘මිථ්‍යාප්‍රතිපන්නයැ’ යි ද යි දුෂ්ප්‍රතිපන්න මිථ්‍යාප්‍රතිපන්න තීර්‍ත්‍ථකයන්ගේ ද තීර්‍ත්‍ථක ශ්‍රාවකයන්ගේ ද නුගුණ කියයි. මෙසේ පුද්ගල තුලනය කොට ගුණයෙහි බැසගෙන නුගුණ කිය යුත්තහුගේ නුගුණ කියන්නේ වේ.
Pali BJTකථඤ්ච පුග්ගලො අනුවිච්ච පරියොගාහෙත්වා වණ්ණාරහස්ස වණ්ණං භාසිතා හොති: ඉධෙ’කච්චො පුග්ගලො සුපටිපන්නානං සම්මාපටිපන්නානං බුද්ධානං බුද්ධසාවකානං වණ්ණං භාසති සුපටිපන්නා ඉතිපි, සම්මාපටිපන්නා ඉතිපී’ති, එවං පුග්ගලො අනුවිච්ච පරියොගාහෙත්වා වණ්ණාරහස්ස වණ්ණං භාසිතා හොති,
Sinhala BJTකෙසේ නම් පුද්ගල තෙම තුලනය කොට ගුණයෙහි බැසගෙන ගුණ කිය යුත්තහුගේ ගුණ කියන්නේ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් ‘සුප්‍රතිපන්නයැ’ යි ද ‘සම්‍යක් ප්‍රතිපන්නයැ’ යි ද යි සුපිළිපන් මොනවට පිළිපන් බුදුන්වහන්සේගේ ද බුදුසව්වන්ගේ ද ගුණ කිය යි. මෙසේ පුද්ගල ගුණ කිය යුත්තහුගේ ගුණ කියන්නේ වේ.
Pali BJTකථඤ්ච පුග්ගලො අනුවිච්ච පරියොගාහෙත්වා අප්පසාදනීයෙ ඨානෙ අප්පසාදං උපදංසිතා හොති: ඉධෙ’කච්චො පුග්ගලො දුප්පටිපදාය මිච්ඡාපටිපදාය අප්පසාදං ජනෙති, දුප්පටිපදා ඉතිපි මිච්ඡාපටිපදා ඉතිපී’ති’ එවං පුග්ගලො අනුවිච්ච පරියොගාහෙත්වා අප්පසාදනීයෙ ඨානෙ අප්පසාදං උපදංසිතා හොති.
Sinhala BJTකෙසෙයින් පුද්ගල නුවණින් විමසා ගුණයෙහි බැසගෙන නො පැහැදිය යුතු තැන්හි අප්‍රසාදය දනවන්නේ වේ ද: මෙලොව පුද්ගලයෙක් ‘නින්‍දිත ප්‍රතිපත්’ ය යි ද ‘වැරැදි පිළිවෙතැ’ යි ද දැන නින්‍දිත ප්‍රතිපදායෙහි වැරැදි පිළිවෙතෙහි අප්‍රසාදය උපදවයි. මෙසේ පුද්ගල නුවණින් විමසා ගුණයෙහි බැසගෙන නො පැහැදිය යුතු තැන්හි අප්‍රසාදය දනවයි.
Pali BJTකථඤ්ච පුග්ගලො අනුවිච්ච පරියොගාහෙත්වා පසාදනීයෙ ඨානෙ පසාදං උපදංසිතා හොති: ඉධෙ’කච්චො පුග්ගලො සුපටිපදාය සම්මාපටිපදාය පසාදං ජනෙති, සුපටිපදා ඉතිපි, සම්මාපටිපදා ඉතිපී’ති එවං පුග්ගලො අනුවිච්ච පරියොගාහෙත්වා පසාදනීයෙ ඨානෙ පසාදං උපදංසිතා හොති.
Sinhala BJTකෙසේ නම් පුද්ගල නුවණින් විමසා ගුණයෙහි බැසගෙන පැහැදිය යුතු තැන්හි ප්‍රසාදය දනවන්නේ වේ ද: මෙලොව කිසි පුද්ගලයෙක් ‘මනා පිළිවෙතැ’ යි ද ‘නිවැරැදි පිළිවෙතැ’ යි ද දැන මනා පිළිවෙතෙහි නිවැරදි පිළිවෙතෙහි ප්‍රසාදය උපදවයි. මෙසේ පුද්ගල නුවණින් විමසා ගුණයෙහි බැසගෙන පැහැදිය යුතු තැන්හි ප්‍රසාදය දනවයි.
Pali BJT17. කථඤ්ච පුග්ගලො අවණ්ණාරහස්ස අවණ්ණං භාසිතා හොති භූතං තච්ඡං කාලෙන, නො ච ඛො වණ්ණාරහස්ස වණ්ණං භාසිතා හොති භූතං තච්ඡං කාලෙන, ඉධෙ’කච්චෙ පුග්ගලෙ වණ්ණො’පි සංවිජ්ජති. අවණ්ණො’පි සංවිජ්ජති, යො තත්ථ අවණ්ණො තං භණති භූතං තච්ඡං කාලෙන, යො තත්ථ වණ්ණො තං න භණති භූතං තච්ඡං කාලෙන. එවං පුග්ගලො අවණ්ණාරහස්ස අවණ්ණං භාසිතා හොති භූතං තච්ඡං කාලෙන, නො ච ඛො වණ්ණාරහස්ස වණ්ණං භාසිතා හොති භූතං තච්ඡං කාලෙන.
Sinhala BJT17. කෙසේ නම් පුද්ගල නුගුණ කිය යුත්තනුගේ ඇත්තා වූ තථ්‍ය වූ (එසේ ම වූ) නුගුණය සුදුසු කල්හි කියන්නේ වේ ද, එතෙකුදු වත් ගුණ කිය යුත්තාහුගේ ඇත්තා වූ තථ්‍ය වූ ගුණය සුදුසු කල්හි නො කියන්නේ වේ ද: මෙලොව පුද්ගලයකු කෙරෙහි ගුණයෙක් ද පැනෙයි, නුගුණයෙක් ද පැනෙයි. එහි නුගුණය යමෙක් ද ඇත්තා වූ තථ්‍ය වූ එය සුදුසු කල්හි කියයි. එහි යම් ගුණයෙක් වේ නම් විද්‍යමාන වූ තථ්‍ය වූ එය සුදුසු කල්හි නො කියයි. මෙසේ පුද්ගල නුගුණ කියයුත්තහුගේ විද්‍යමාන වූ තථ්‍ය වූ නුගුණය සුදුසු කල්හි කියන්නේ වෙයි. එතෙකුදුවත් ගුණකියයුත්තහුගේ ඇත්තා වූ තථ්‍ය වූ ගුණය සුදුසු කල්හි නො කියන්නේ වේ.
Pali BJTකථඤ්ච පුග්ගලො වණ්ණාරහස්ස වණ්ණං භාසිතා හොති භූතං තච්ඡං කාලෙන නො ච ඛො අවණ්ණාරහස්ස අවණ්ණං භාසිතා හොති භූතං තච්ඡං කාලෙන ඉධෙ’කච්චෙ පුග්ගලෙ වණ්ණො’පි සංවිජ්ජති, අවණ්ණො’පි සංවිජ්ජති, යො තත්ථ වණ්ණො තං භණති භූතං තච්ඡං කාලෙන, යො තත්ථ අවණ්ණො තං න භණති භූතං තච්ඡං කාලෙන එවං පුග්ගලො වණ්ණාරහස්ස වණ්ණං භාසිතා හොති භූතං තච්ඡං කාලෙන, නො ච ඛො අවණ්ණාරහස්ස අවණ්ණං භාසිතා හොති භූතං තච්ඡං කාලෙන.
Sinhala BJTකෙසේ නම් පුද්ගල තෙම ගුණ කිය යුත්තහුගේ ඇත්තා වූ තථ්‍ය වූ ගුණය සුදුසු කල්හි කියන්නේ වේ ද, එතෙකුදු වත් නුගුණ කිය යුත්තහුගේ ඇත්තා වූ තථ්‍ය වූ නුගුණය සුදුසු කල්හි නො කියන්නේ වේ ද: මෙලොව පුද්ගලයකු කෙරෙහි ගුණයෙක් ද පැනෙයි, නුගුණයෙක් ද පැනෙයි. එහි යම් ගුණයෙක් වේ නම් ඇත්තා වූ තථ්‍ය වූ එය සුදුසු කල්හි කියයි. එහි නුගුණය යමෙක් ද ඇත්තා වූ තථ්‍ය වූ එය සුදුසු කල්හි නො කියයි. මෙසේ පුද්ගල ගුණ කිය යුත්තහුගේ ඇත්තා වූ තථ්‍ය වූ ගුණය සුදුසු කල්හි කියන්නේ වෙයි, එතෙකුදු වත් නුගුණ කිය යුත්තහුගේ ඇත්තා වූ තථ්‍ය වූ නුගුණය සුදුසු කල්හි නො කියන්නේ වේ.
Pali BJTකථඤ්ච පුග්ගලො අවණ්ණාරහස්ස අවණ්ණං භාසිතා හොති භූතං තච්ඡං කාලෙන වණ්ණාරහස්ස ච වණ්ණං භාසිතා හොති භූතං තච්ඡං කාලෙන: ඉධෙ’කච්චෙ පුග්ගලෙ අවණ්ණො’පි සංවිජ්ජති, වණ්ණොපි සංවිජ්ජති. යො තත්ථ අවණ්ණො තං භණති භූතං තච්ඡං කාලෙන යො පි තත්ථ වණ්ණො තම්පි භණති භූතං තච්ඡං කාලෙන. තත්ර කාලඤ්ඤූ හොති තස්ස පඤ්හස්ස වෙය්යාකරණාය. එවං පුග්ගලො අවණ්ණාරහස්ස ච අවණ්ණං භාසිතා හොති භූතං තච්ඡං කාලෙන. වණ්ණාරහස්ස ච වණ්ණං භාසිතා හොති භූතං තච්ඡං කාලෙන.
Sinhala BJTකෙසේ නම් පුද්ගල නුගුණ කිය යුත්තහුගේ ද ඇත්තා වූ තථ්‍ය වූ නුගුණය සුදුසු කල්හි කියන්නේ වේ ද ගුණ කිය යුත්තහුගේ ද ඇත්තා වූ තථ්‍ය වූ ගුණය සුදුසු කල්හි කියන්නේ වේ ද: මෙලොව පුද්ගලයෙකු කෙරෙහි නුගුණයෙක් ද පැනෙයි. ගුණයෙක් ද පැනෙයි. එහි යම් නුගුණයෙක් වේ නම් ඇත්තා වූ තථ්‍ය වූ එය සුදුසු කල්හි කියයි. තව ද එහි ගුණය යමෙක් ද ඇත්තා වූ තථ්‍ය වූ එය ද සුදුසු කල්හි කියයි. එහි ඒ ප්‍රශ්නය විසඳීමට සුදුසු කල් දන්නේ වෙයි. මෙසේ පුද්ගල නුගුණ කිය යුත්තාහුගේ ද ඇත්තා වූ තථ්‍ය වූ නුගුණය සුදුසු කල්හි කියන්නේ වෙයි. ගුණ කිය යුත්තාහුගේ ද ඇත්තා වූ තථ්‍ය වූ ගුණය සුදුසු කල්හි කියන්නේ වේ.
Pali BJTකථඤ්ච පුග්ගලො නෙ’ව අවණ්ණාරහස්ස අවණ්ණං භාසිතා හොති භූතං තච්ඡං කාලෙන, නොපි වණ්ණාරහස්ස වණ්ණං භාසිතං හොති භූතං තච්ඡං කාලෙන: ඉධෙ’කච්චෙ පුග්ගලෙ වණ්ණො’පි සංවිජ්ජති, අවණ්ණො’පි සංවිජ්ජති. යො තත්ථ අවණ්ණො තං න භණති භූතං තච්ඡං කාලෙන, යොපි තත්ථ වණ්ණො තම්පි න භණති භූතං තච්ඡං කාලෙන. උපෙක්ඛකො විහරති සතො සම්පජානො. එවං පුග්ගලො නෙව අවණ්ණාරහස්ස අවණ්ණං භාසිතා හොති භූතං තච්ඡං කාලෙන, නොපි වණ්ණාරහස්ස වණ්ණං භාසිතා හොති භූතං තච්ඡං කාලෙන.
Sinhala BJTකෙසේ නම් පුද්ගල නුගුණ කිය යුත්තහුගේ ද වූ තථ්‍ය වූ නුගුණය සුදුසු කල්හි නො කියන්නේ ම ගුණ කිය යුත්තණුගේ භූත වූ තථ්‍ය වූ ගුණය සුදුසු කල්හි නො කියන්නේත් වේ ද: මෙලොව කිසි පුද්ගලයකු කෙරෙහි ගුණයෙක් ද පැනෙයි, නුගුණයෙක් ද පැනේ. එහි යම් නුගුණයෙක් වේ නම් භූත වූ තථ්‍ය වූ එය සුදුසු කල්හි නො කියයි. තව ද එහි යම් ගුණයෙකුත් වේ නම් භූත වූ තථ්‍ය වූ එය ද සුදුසු කල්හි නො කියයි. සිහි ඇත්තේ සම්‍යක් ප්‍රඥා ඇත්තේ මැදහත් ව වෙසෙයි. මෙසේ පුද්ගල තෙමේ නුගුණ කියයුත්තහුගේ භූත වූ තථ්‍ය වූ නුගුණය සුදුසු කල්හි නො කියන්නේ ම ගුණ කියයුත්තහුගේ භූත වූ තථ්‍ය වූ ගුණය සුදුසු කල්හි නො ද කියන්නේ වේ.
Pali BJT18. කතමො ච පුග්ගලො උට්ඨානඵලූපජීවී නො පුඤ්ඤඵලූපජීවී: යස්ස පුග්ගලස්ස උට්ඨහතො ඝටතො වායමතො ආජීවො අභිනිබ්බත්තති නො පුඤ්ඤතො, අයං වුච්චති පුග්ගලො උට්ඨානඵලූපජීවී නො පුඤ්ඤඵලූපජීවී.
Sinhala BJT18. කවර පුද්ගලයෙක් ‘උත්‍ථානඵලෝපජීවී’ වූයේ පුණ්‍යඵලෝපජීවී නො වේ ද යත්: නැඟී සිටුනා උත්සාහ කරන ව්‍යායාම කරන යම් පුද්ගලයක්හුගේ දිවි පැවැත්ම සැපයේ ද පුණ්‍යයෙන් නො සැපයේ ද මේ පුද්ගල උත්‍ථානඵලෝපජීවී වූයේ පුණ්‍යඵලෝපජීවී නො වේ යැ යි කියනු ලැබේ.
Pali BJTකතමො ච පුග්ගලො පුඤ්ඤඵලූපජීවී නො උට්ඨානඵලූපජීවී: පරනිම්මිතවසවත්තිදෙවෙ උපාදාය තතූපරි දෙවා පුඤ්ඤඵලූපජීවිනො නො උට්ඨානඵලූපජීවිනො.
Sinhala BJTකවර පුද්ගලයෙක් ‘පුණ්‍යඵලෝපජීවී’ වූයේ ‘උත්‍ථානඵලෝපජීවී’ නො වේ ද යත්: පරනිර්මිතවශවර්ත්තී දෙවියන් පටන් ගෙන ඉන් මතුයෙහි දෙවියෝ පුණ්‍යඵලෝපජීවී වූවාහු උත්‍ථානඵලෝපජීවී නො වූවාහු ය.
Pali BJTකතමො ච පුග්ගලො උට්ඨානඵලූපජීවී ච පුඤ්ඤඵලූපජීවී ච: යස්ස පුග්ගලස්ස උට්ඨහතො ඝටතො වායමතො ආජීවො අභිනිබ්බත්තති පුඤ්ඤතො ච, අයං වුච්චති පුග්ගලො උට්ඨානඵලූපජීවී ච පුඤ්ඤඵලූපජීවී ච.
Sinhala BJTකවර පුද්ගලයෙක් ‘උත්‍ථානඵලෝපජීවී’ත් ‘පුණ්‍යඵලෝපජීවී’ත් වේ ද යත්: නැගී සිටුනා උත්සාහ කරන වෑයම් කරන යම් පුද්ගලයක්හුගේ දිවි පැවැත්ම සැපයේ ද පිනිනුදු සැපයේ ද මේ පුද්ගල ‘උත්‍ථානඵලෝපජීවී’ත් ‘පුණ්‍යඵලෝපජීවී’ත් වේ ය යි කියනු ලැබේ.
Pali BJTකතමො ච පුග්ගලො නෙව උට්ඨානඵලූපජීවී නො පුඤ්ඤඵලූපජීවී: නෙරයිකා නෙව උට්ඨානඵලූපජීවිනො නො පුඤ්ඤඵලූපජීවිනො.
Sinhala BJTකවර පුද්ගලයෙක් ‘උත්‍ථානඵලෝපජීවී’ නො මැ වූයේ ‘පුණ්‍යඵලෝපජීවී’ නො වේ ද යත්: නිරිසත්හු ‘උත්‍ථානඵලෝපජීවීහු’ නො මැ වූවාහු ‘පුණ්‍යඵලෝපජීවී’ නො වෙත්.
Pali BJT19. කථඤ්ච පුග්ගලො තමො හොති තමපරායණො: ඉධෙ’කච්චො පුග්ගලො නීචෙ කුලෙ පච්චාජාතො හොති චණ්ඩාලකුලෙ වා නෙසාදකුලෙ වා වෙණකුලෙ වා රථකාරකුලෙ වා පුක්කුසකුලෙ වා දළිද්දෙ අප්පන්නපානභොජනෙ කසිරවුත්තිකෙ, යත්ථ කසිරෙන ඝාසච්ඡාදො ලබ්භති, සො ච හොති දුබ්බණ්ණො දුද්දිසිකො ඔකොටිමකො බව්හාබාධො කාණො වා කුණී වා ඛඤ්ජො වා පක්ඛහතො වා න ලාභී අන්නස්ස පානස්ස වත්ථස්ස යානස්ස මාලාගන්ධවිලෙපනස්ස සෙය්යාවසථපදීපෙය්යස්ස. සො කායෙන දුච්චරිතං චරති, වාචාය දුච්චරිතං චරති, මනසා දුච්චරිතං චරති. සො කායෙන දුච්චරිතං චරිත්වා, වාචාය දුච්චරිතං චරිත්වා, මනසා දුච්චරිතං චරිත්වා, කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති එවං පුග්ගලො තමො හොති තමපරායණො.
Sinhala BJT19. කෙසේ නම් පුද්ගල ‘තමෝතමපරායණ’ (අඳුරු වූයේ අඳුරට යන්නේ) වේ ද යත්: මෙලොව එක් පුද්ගලයෙක් යම් කුලයෙකැ දුකසේ ආහාර වස්ත්‍ර ලැබේ ද එබඳු දිළිඳු වූ මඳ වූ ආහාර පාන භෝජන ඇති, දුකින් වැටෙන නීචකුල වූ සැඩොල්කුලයෙහි හෝ මුවවැදි කුලයෙහි හෝ කුලුපොතු කුලයෙහි හෝ රියවඩු කුලයෙහි හෝ පුප්සඬු කුලයෙහි හෝ උපන්නේ වෙයි. හේ ද දුර්වර්‍ණයෙක් නපුරු දැකුම් ඇත්තෙක්, ලකුණටකයෙක් බොහෝ ආබාධ ඇත්තෙක් වෙයි. කණෙක් හෝ අත්පා කොරෙක් හෝ පිළෙක් හෝ වෙයි. ආහාර පාන, වස්ත්‍ර, යාන මල් ගඳ විලෙවුන්, ශයනාගාර ප්‍රදීපෝපකරණ නොලබන්නෙක් වේ. හෙතෙම කයින් දුසිරිත් කරයි. වචනයෙන් දුසිරිත් කරයි. මනසින් දුසිරිත් කරයි. හෙතෙම කයින් දුසිරිත් කොට වචනයෙන් දුසිරිත් කොට මනසින් දුසිරිත් කොට කා බුන් මරණින් මතු සැප නැති අපායෙහි දුගති වූ විනිපාත වූ නිරයට පැමිණේ: මෙසේ පුද්ගල ‘තමෝතමපරායණ’ වේ.
Pali BJTකථඤ්ච පුග්ගලො තමො හොති ජොතිපරායණො: ඉධෙ’කච්චො පුග්ගලො නීචෙ කුලෙ පච්චාජාතො හොති චණ්ඩාලකුලෙ වා නෙසාදකුලෙ වා වෙණකුලෙ වා රථකාරකුලෙ වා පුක්කුසකුලෙ වා දළිද්දෙ අප්පන්නපානභොජනෙ කසිරවුත්තිකෙ, යත්ථ කසිරෙන ඝාසච්ඡාදො ලබ්භති, සො ච හොති දුබ්බණ්ණො දුද්දසිකො ඔකොටිමකො බව්හාබාධො. කාණො වා කුණී වා ඛඤ්ජො වා පක්ඛහතො වා න ලාභී අන්නස්ස පානස්ස වත්ථස්ස යානස්ස මාලාගන්ධවිලෙපනස්ස සෙය්යාවසථපදීපෙය්යස්ස. සො කායෙන සුචරිතං චරති, වාචාය සුචරිතං චරති, මනසා සුචරිතං චරති. සො කායෙන සුචරිතං චරිත්වා, වාචාය සුචරිතං චරිත්වා මනසා සුචරිතං චරිත්වා, කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උප්පජ්ජති. එවං පුග්ගලො තමො හොති ජොතිපරායණො.
Sinhala BJTකෙසේ නම් පුද්ගල තමෝජෝතිපරායණ (අඳුරු වූයේ ආලෝකයට යන්නේ) වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් යම් කුලයෙකැ දුකසේ ආහාර හා වස්ත්‍ර ලැබේ ද එබඳු දිළිඳු වූ මඳ වූ ආහාර පාන භෝජන ඇති දුකින් වැටෙන නීචකුල වූ සැඩොල්කුලයෙහි හෝ මුවවැදිකුලයෙහි හෝ කුලුපොතු කුලයෙහි හෝ රියවඩුකුලයෙහි හෝ පුප්සඬුකුලයෙහි හෝ උපන්නේ වෙයි. හේ ද දුර්වර්‍ණයෙක් නපුරු දැකුම් ඇත්තෙක් ලකුණ්ටකයෙක් රෝගබහුලයෙක් වෙයි, කණෙක් හෝ අත් පා කොරෙක් හෝ පිළෙක් හෝ වෙයි, ආහාර පාන වස්ත්‍ර යාන මල් ගඳ විලෙවුන් ශයනාගාර ප්‍රදීපෝපකරණ නො ලබන්නෙක් වේ. හෙතෙම කයින් සුසිරිතෙහි හැසිරෙයි. වචනයෙන් සුසිරිතෙහි හැසිරෙයි, මනසින් සුසිරිතෙහි හැසිරේ. හෙතෙම කයින් සුසිරිතෙහි හැසිර වචනයෙන් සුසිරිතෙහි හැසිර, මනසින් සුසිරිතෙහි හැසිර කාබුන් මරණින් මතු ශෝභනගති ඇති ස්වර්‍ගලෝකයට පැමිණේ. මෙසේ පුද්ගල ‘තමෝජෝතිපරායණ’ වේ.
Pali BJTකථඤ්ච පුග්ගලො ජොති හොති තමපරායණො: ඉධෙ’කච්චො පුග්ගලො උච්චෙ කුලෙ පච්චාජාතො හොති ඛත්තියමහාසාළකුලෙ වා බ්රාහ්මණමහාසාළකුලෙ වා ගහපතිමහාසාළකුලෙ වා අඩ්ඪෙ මහද්ධනෙ මහාභොගෙ පහූතජාතරූපරජතෙ පහූතවිත්තූපකරණෙ පහූතධනධඤ්ඤෙ. සො ච හොති අභිරූපො දස්සනීයො පාසාදිකො පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතො. ලාභී අන්නස්ස පානස්ස වත්ථස්ස යානස්ස මාලාගන්ධවිලෙපනස්ස සෙය්යාවසථපදීපෙය්යස්ස. සො කායෙන දුච්චරිතං චරති, වාචාය දුච්චරිතං චරති මනසා දුච්චරිතං චරති සො කායෙන දුච්චරිතං චරිත්වා වාචාය දුච්චරිතං චරිත්වා මනසා දුච්චරිතං චරිත්වා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. එවං පුග්ගලො ජොති හොති තමපරායණො.
Sinhala BJTකෙසේ නම් පුද්ගල ජ්‍යොතිමත් වූයේ අඳුර කරා යන්නේ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් ඉසුරු ඇති මහදනැති මහාභෝග ඇති බොහෝ රන් රිදී ඇති මනපිනවන බොහෝ උපකරණ ඇති බොහෝ ධනධාන්‍ය ඇති උසස් කුල වූ කැත්මහසල් කුලයෙහි හෝ බමුණු මහසල් කුලයෙහි හෝ ගැහැවිමහසල් කුලයෙහි හෝ උපන්නේ වෙයි. හේ ද මනාරූ ඇත්තේ දැකුම්කලු වූයේ දුටුවන් පහදවන්නේ උතුම් සිරුරු පැහැයෙන් යුතු වූයේ ආහාර පාන වස්ත්‍ර යාන මල් ගඳ විලෙවුන් ශයනාගාර ප්‍රදීපෝපකරණ ලබන්නේ වෙයි. හෙතෙම කයින් දුසිරිතෙහි හැසිරෙයි. වචනයෙන් දුසිරිතෙහි හැසිරෙයි, මනසින් දුසිරිතෙහි හැසිරේ. හෙතෙම කයින් දුසිරිතෙහි හැසිර වචනයෙන් දුසිරිතෙහි හැසිර මනසින් දුසිරිතෙහි හැසිර කාබුන් මරණින් මතුයෙහි සැපයෙන් පහ වූ දුකට ගති වූ විවස ව පතිත වන නිරයට පැමිණේ. මෙසේ පුද්ගල ‘ජෝතිතමපරායණ’ වේ.
Pali BJTකථඤ්ච පුග්ගලො ජොති හොති ජොතිපරායණො: ඉධෙ කච්චො පුග්ගලො උච්චෙ කුලෙ පච්චාජාතො හොති ඛත්තියමහාසාළකුලෙ වා බ්රාහ්මණමහාසාළකුලෙ වා ගහපතිමහාසාළකුලෙ වා අඩ්ඪෙ මහද්ධනෙ මහාභොගෙ පහූතජාතරූපරජතෙ පහූතචිත්තූපකණෙ පහූතධනධඤ්ඤෙ. සො ච හොති අභිරූපො දස්සනීයො පාසාදිකො පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතො, ලාභී අන්නස්ස පානස්ස වත්ථස්ස යානස්ස මාලාගන්ධවිලෙපනස්ස සෙය්යාවසථපදීපෙය්යස්ස. සො කායෙන සුචරිතං චරති, වාචාය සුචරිතං චරති, මනසා සුචරිතං චරති සො කායෙන සුචරිතං චරිත්වා, වාචාය සුචරිතං චරිත්වා මනසා සුචරිතං චරිත්වා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. එවං පුග්ගලො ජොති හොති ජොතිපරායණො.
Sinhala BJTකෙසේ නම් පුද්ගල ආලෝකයෙන් යුක්ත වූයේ ආලෝකයට යන්නේ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් ඉසුරු ඇති මහදනැති මහාභෝග ඇති බොහෝ රන්රිදී ඇති මනපිනවන බොහෝ උපකරණ ඇති බොහෝ ධනධාන්‍ය ඇති උසස් කුලවූ කැත් මහසල් කුලයෙහි හෝ බමුණුමහසල් කුලයෙහි හෝ ගැහැවිමහසල් කුලයෙහි හෝ උපන්නේ වෙයි. හේ ද මනාරූ ඇත්තේ දැකුම්කලු වූයේ දුටුවන් පහදවන්නේ උතුම් සිරුරු පැහැයෙන් සමන්‍වාගත වූයේ ආහාර පාන වස්ත්‍ර යාන මල් ගඳ - විලෙවුන් ශයනාගාර ප්‍රදීපෝපකරණ ලබන්නේ වේ. හෙතෙම කයින් සුසිරිතෙහි හැසිරෙයි. වචනයෙන් සුසිරිතෙහි හැසිරෙයි, මනසින් සුසිරිතෙහි හැසිරේ. හෙතෙම කයින් සුසිරිතෙහි හැසිර වචනයෙන් සුසිරිතෙහි හැසිර මනසින් සුසිරිතෙහි හැසිර කාබුන් මරණින් මතු ශෝභනගති ඇති ස්වර්‍ගලෝකයට පැමිණේ. මෙසේ පුද්ගල ‘ජෝතිපොතිපරායණ’ වේ.
Pali BJT20. කථඤ්ච පුග්ගලො ඔනතොනතො හොති: ඉධෙකච්චො පුග්ගලො නීචෙ කුලෙ පච්චාජාතො -පෙ- එවං පුග්ගලො ඔනතොනතො හොති. කථඤ්ච පුග්ගලො ඔනතුන්නතො හොති -පෙ- එවං පුග්ගලො ඔනතුන්නතො හොති. කථඤ්ච පුග්ගලො උන්නතොනතො හොති ඉධෙකච්චො පුග්ගලො උච්චෙ කුලෙ පච්චාජාතො හොති -පෙ- එවං පුග්ගලො උන්නතොනතො හොති. කථඤ්ච පුග්ගලො උන්නතුන්නතො හොති -පෙ- එවං පුග්ගලො උන්නතුන්නතො හොති.
Sinhala BJT20. කෙසේ නම් පුද්ගල (දැනුදු) නීච වූයේ (මතුදු) නීචයෙක් වේ ද: මෙලොව කිසි පුද්ගලයෙක් නීචකුලයෙහි උපන්නේ වෙයි ... මෙසේ පුද්ගල නීච වූයේ නීචයෙක් වේ. කෙසේ නම් පුද්ගල නීචවූයේ උච්චයෙක් වේ ද ... මෙසේ පුද්ගල අවනත - උන්නත වේ. කෙසේ නම් පුද්ගල උච්ච වූයේ නීචයෙක් වේ ද මෙලොව කිසි පුද්ගලයෙක් උච්චකුලයෙහි උපන්නේ වෙයි ... මෙසේ පුද්ගල ‘උන්නත - අවනත’ වේ, කෙසේ නම් පුද්ගල උච්ච වූයේ උච්වයෙක් වේ ද -පෙ- මෙසේ පුද්ගල ‘උන්නත - උන්නත’ වේ.
Pali BJT21. තත්ථ කතමෙ චත්තාරො රුක්ඛූපමා පුග්ගලා: චත්තාරො රුක්ඛා, ඵෙග්ගුසාරපරිවාරො, සාරො ඵෙග්ගුපරිවාරො, ඵෙග්ගු ඵෙග්ගු පරිවාරො, සාරො සාරපරිවාරො. එවමෙවං චත්තාරො රුක්ඛූපමා පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො: ඵෙග්ගු සාරපරිවාරො, සාරො ඵෙග්ගුපරිවාරො, ඵෙග්ගු ඵෙග්ගුපරිවාරො, සාරො සාරපරිවාරො. කථඤ්ච පුග්ගලො ඵෙග්ගු හොති සාරපරිවාරො: ඉධෙ කච්චො පුග්ගලො දුස්සීලො හොති පාපධම්මො පරිසා ච ඛ්වස්ස හොති සීලවතී කල්යාණධම්මා. එවං පුග්ගලො ඵෙග්ගු හොති සාරපරිවාරො. සෙය්යථාපි සො රුක්ඛො ඵෙග්ගු සාරපරිවාරො. තථූපමො අයං පුග්ගලො.
Sinhala BJT21. එහි වෘක්‍ෂයට බඳු පුද්ගලයෝ සතර දෙන කවරහු ද යත්: වෘක්‍ෂයෝ සතර දෙනෙකි. හරරුක් පිරිවැරූ එළරුක යැ, එළරුක් පිරිවැරූ හරරුක ය, එළරුක් පිරිවැරූ එළරුක යැ, හරරුක් පිරිවැරූ හරරුක යි. මෙසේ ම වෘක්‍ෂෝපම පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි ඇත්තාහු දක්නා ලැබෙත්. කවරහු සතර දෙනෙක යත්: ඵෙග්ගුසාරපරිවාර යැ, සාරඵෙග්ගුපරිවාර යැ, ඵෙග්ගුඵෙග්ගුපරිවාර යැ, සාරසාරපරිවාර යැ යි. කෙසේ නම් පුද්ගල ඵෙග්ගු වූයේ සාර - පරිවාර වේ ද යත්: මෙලොව එක් පුද්ගලයෙක් දුශ්ශීල වූයේ පාපධර්‍ම ඇත්තේ වෙයි. එතෙකුදු වත් ඔහුගේ පිරිස සිල්වත් වූවා කලණදහම් ඇත්තී වෙයි. මෙසේ පුද්ගල ඵෙග්ගුසාරපරිවාර වේ. යම්සේ ඒ රුක ඵෙග්ගුසාරපරිවාර වේ ද මේ පුද්ගල එබඳු යි.
Pali BJTකථඤ්ච පුග්ගලො සාරො හොති ඵෙග්ගුපරිවාරො: ඉධෙ’කච්චො පුග්ගලො සීලවා හොති කල්යාණධම්මො පරිසා ච ඛ්වස්ස හොති දුස්සීලා පාපධම්මා. එවං පුග්ගලො සාරො හොති ඵෙග්ගුපරිවාරො. සෙය්යථාපි සො රුක්ඛො සාරො ඵෙග්ගුපරිවාරො, තථූපමො අයං පුග්ගලො.
Sinhala BJTකෙසේ නම් පුද්ගල සාරවූයේ ඵෙග්ගුපරිවාර වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් සිල්වතෙක් කල්‍යාණධර්‍මයෙක් වෙයි. එතෙකුදු වත් ඔහුගේ පිරිස දුසිල් වූවා පාපධර්‍ම ඇත්තී වෙයි. මෙසේ පුද්ගල සාර වූයේ ඵෙග්ගුපරිවාර වේ. යම්සේ ඒ රුක සාර වූයේ ඵෙග්ගුපරිවාර වේ ද මේ පුද්ගල තෙමේ එබඳු යි.
Pali BJTකථඤ්ච පුග්ගලො ඵෙග්ගු හොති ඵෙග්ගුපරිවාරො: ඉධෙ’කච්චො පුග්ගලො දුස්සීලො හොති පාපධම්මො. පරිසාපි’ස්ස හොති දුස්සීලා පාපධම්මා. එවං පුග්ගලො ඵෙග්ගු හොති ඵෙග්ගුපරිවාරො සෙය්යථාපි සො රුක්ඛො ඵෙග්ගු ඵෙග්ගුපරිවාරො. තථූපමො අයං පුග්ගලො.
Sinhala BJTකෙසේ නම් පුද්ගල ඵෙග්ගු වූයේ ඵෙග්ගුපරිවාර වේ ද යත්: මෙලොව එක් පුද්ගලයෙක් දුශ්ශීලයෙක් පාපධර්‍මයෙක් වෙයි. ඔහුගේ පිරිස ද දුසිල් වූවා පාපධර්‍ම ඇත්තී වෙයි. මෙසේ පුද්ගල ඵෙග්ගු වූයේ ඵෙග්ගුපරිවාර වේ. යම්සේ ඒ රුක ඵෙග්ගු - ඵෙග්ගුපරිවාර වේ ද මේ පුද්ගල එබඳු යි.
Pali BJTකථඤ්ච පුග්ගලො සාරො හොති සාරපරිවාරො: ඉධෙ’කච්චො පුග්ගලො සීලවා හොති කල්යාණධම්මො, පරිසාපිස්ස හොති සීලවතී කල්යාණධම්මා. එවං පුග්ගලො සාරො හොති සාරපරිවාරො, සෙය්යථාපි සො රුක්ඛො සාරො සාරපරිවාරො, තථූපමො අයං පුග්ගලො. ඉමෙ චත්තාරො රුක්ඛූපමා පුග්ගලා සන්තා සංවිජ්ජමානා ලොකස්මිං.
Sinhala BJTකෙසේ නම් පුද්ගල සාර වූයේ සාරපරිවාර වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් සිල් ඇත්තේ කලණ දහම් ඇත්තේ වෙයි. ඔහුගේ පිරිස ද සිල්වත් වූවා කලණදහම් ඇත්තී වෙයි. මෙසේ පුද්ගල සාර වූයේ සාරපරිවාර වේ. යම්සේ ම ඒ රුක සාර වූයේ සාරපරිවාර වේ ද මේ පුද්ගල එබඳු යි. මොහු සතර දෙන ලෝකයෙහි ඇති විද්‍යමාන වු වෘක්‍ෂෝපම පුද්ගලයෝ යි.
Pali BJT22. කතමො ච පුග්ගලො රූපප්පමාණො රූපප්පසන්තො: ඉධෙ’කච්චො පුග්ගලො ආරොහං වා පස්සිත්වා පරිණාහං වා පස්සිත්වා සණ්ඨානං වා පස්සිත්වා පරිපූරං වා පස්සිත්වා තත්ථ පමාණං ගහෙත්වා පසාදං ජනෙති, අයං වුච්චති පුග්ගලො රූපප්පමාණො රූපප්පසන්තො.
Sinhala BJT22. කවර පුද්ගලයෙක් ‘රූපප්‍රමාණ වූයේ රූපප්‍රසන්න’ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් ආරෝහය (උස්බව) හෝ බලා පරිණාහය හෝ බලා රූසටහන හෝ බලා ලකුණු පිරිපුන් බව හෝ බලා එහි පමණ ගෙන ප්‍රසාදය උපදවයි. මේ පුද්ගල ‘රූපප්‍රමාණ වූයේ රූපප්‍රසන්න’ යැ යි කියනු ලැබේ.
Pali BJTකතමො ච පුග්ගලො ඝොසප්පමාණො ඝොසප්පසන්නො: ඉධෙ’කච්චො පුග්ගලො පරවණ්ණනාය පරථොමනාය පරපසංසනාය පරවණ්ණහාරිකාය{1} තත්ථ පමාණං ගහෙත්වා පසාදං ජනෙති. අයං වුච්චති පුග්ගලො ඝොසප්පමාණො ඝොසප්පසන්නො.
Sinhala BJTකවර පුද්ගලයෙක් ‘ඝෝෂප්‍රමාණ වූයේ ඝෝෂප්‍රසන්න’ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් පරවර්‍ණනායෙහි පරස්තුතියෙහි පරප්‍රශසායෙහි පරපුරින් ගෙන යන ගුණකථනයෙහි ප්‍රමාණය ගෙන එහි ප්‍රසාදය උපදවයි. මේ පුද්ගල ‘ඝෝෂප්‍රමාණ ඝෝෂප්‍රසන්න’ යැ යි කියනු ලැබේ.
Pali BJTකතමො ච පුග්ගලො ලූඛප්පමාණො ලූඛප්පසන්නො: ඉධෙ’කච්චො පුග්ගලො චීවරලූඛං වා පස්සිත්වා, සෙනාසනලූඛං වා පස්සිත්වා විවිධං වා දුක්කරකාරිකං පස්සිත්වා, තත්ථ පමාණං ගහෙත්වා පසාදං ජනෙති. අයං වුච්චති පුග්ගලො ලූඛප්පමාණො ලූඛප්පසන්නො.
Sinhala BJTකවර පුද්ගලයෙක් ‘ලූඛප්පමාණ වූයේ ලුඛප්පසන්න’ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් සිවුරු රළු බව හෝ බලා සෙනසුන් රළු බව හෝ බලා නන් වැදෑරුම් වූ දුෂ්කරක්‍රියා හෝ බලා එහි පමණ ගෙන ප්‍රසාදය උපදවයි. මේ පුද්ගල ‘ලුඛප්පමාණ – ලුඛප්පසන්න’ යැ යි කියනු ලැබේ.
Pali BJTකතමො ච පුග්ගලො ධම්මප්පමාණො ධම්මප්පසන්නො: ඉධෙ’කච්චො පුග්ගලො සීලං වා පස්සිත්වා සමාධිං වා පස්සිත්වා පඤ්ඤං වා පස්සිත්වා තත්ථ පමාණං ගහෙත්වා පසාදං ජනෙති. අයං වුච්චති පුග්ගලො ධම්මප්පමාණො ධම්මප්පසන්නො.
Sinhala BJTකවර පුද්ගලයෙක් ‘ධර්‍මප්‍රමාණ වූයේ ධර්‍මප්‍රසන්න’ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් ශීලය හෝ බලා සමාධිය හෝ බලා ප්‍රඥාව හෝ බලා එහි පමණ ගෙන ප්‍රසාදය උපදවයි. මේ පුද්ගල ‘ධර්‍මප්‍රමාණ ධර්‍මප්‍රසන්න’ යැ යි කියනු ලැබේ.
Pali BJT23. කථඤ්ච පුග්ගලො අත්තහිතාය පටිපන්නො හොති නො පරහිතාය: ඉධෙ’කච්චො පුග්ගලො අත්තනා සීලසම්පන්නො හොති නො පරං සීලසම්පදාය සමාදපෙති, අත්තනා සමාධිසම්පන්නො හොති නො පරං සමාධිසම්පදාය සමාදපෙති, අත්තනා පඤ්ඤාසම්පන්නො හොති පරං පඤ්ඤාසම්පදාය සමාදපෙති. අත්තනා විමුත්තිසම්පන්නො හොති නො පරං විමුත්තිසම්පදාය සමාදපෙති, අත්තනා විමුත්තිඤාණදස්සසම්පන්නො හොති නො පරං විමුත්තිඤාණදස්සසම්පදාය සමාදපෙති. එවං පුග්ගලො අත්තහිතාය පටිපන්නො හොති නො පරහිතාය.
Sinhala BJT23. කෙසේ නම් පුද්ගල තමහට හිත පිණිස පිළිපන්නේ අනුනට හිත පිණිස නො පිළිපන්නේ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් ශීලසම්පන්න වෙයි. අනුන් ශීලසම්පත්තියෙහි සමාදන් නො කරවයි. තෙමේ සමාධිසම්පන්න වෙයි. අනුන් සමාධිසම්පත්තියෙහි සමාදන් නො කරවයි. තෙමේ ප්‍රඥාසම්පන්න වෙයි. අනුන් ප්‍රඥාසම්පත්තියෙහි සමාදන් නො කරවයි. තෙමේ විමුක්තිසම්පන්න වෙයි. අනුන් විමුක්ති සම්පත්තියෙහි සමාදන් නො කරවයි. තෙමේ විමුක්තිඥානදර්‍ශන සම්පන්න වෙයි. අනුන් විමුක්තිඥානදර්‍ශන සම්පත්තියෙහි සමාදන් නො කරවයි. මෙසේ පුද්ගල තමහට හිත පිණිස පිළිපන්නේ අනුනට හිත පිණිස නො පිළිපන්නේ වේ.
Pali BJTකථඤ්ච පුග්ගලො පරහිතාය පටිපන්නො හොති නො අත්තහිතාය: ඉධෙ’කච්චො පුග්ගලො අත්තනා න සීලසම්පන්නො හොති පරං සීලසම්පදාය සමාදපෙති, අත්තනා න සමාධිසම්පන්නො හොති පරං සමාධිසම්පදාය සමාදපෙති. අත්තනා න පඤ්ඤාසම්පන්නො හොති පරං පඤ්ඤාසම්පදාය සමාදපෙති: අත්තනා න විමුත්තිසම්පන්නො හොති පරං විමුත්තිසම්පදාය සමාදපෙති. අත්තනා න විමුත්තිඤාණදස්සනසම්පන්නො හොති පරං විමුත්තිඤාණදස්සනසම්පදාය සමාදපෙති, එවං පුග්ගලො පරහිතාය පටිපන්නො හොති නො අත්තහිතාය.
Sinhala BJTකෙසේ නම් පුද්ගල අනුනට හිත පිණිස පිළිපන්නේ තමහට හිත පිණිස නො පිළිපන්නේ වේ ද යත්: මෙලොව කිසිපුද්ගලයෙක් ශීල සම්පන්න නො වෙයි. අනුන් ශීලසම්පත්තියෙහි සමාදන් කරවයි. තෙමේ සමාධිසම්පන්න නො වෙයි, අනුන් සමාධිසම්පත්තියෙහි සමාදන් කරවයි. තෙමේ ප්‍රඥාසම්පන්න නො වෙයි, අනුන් ප්‍රඥාසම්පත්තියෙහි සමාදන් කරවයි. තෙමේ විමුක්තිසම්පන්න නො වෙයි. අනුන් විමුක්තිසම්පත්තියෙහි සමාදන් කරවයි, තෙමේ විමුක්තිඥානදර්‍ශනසම්පන්න නො වෙයි, අනුන් විමුක්තිඥානදර්‍ශනසම්පත්තියෙහි සමාදන් කරවයි. මෙසේ පුද්ගල අනුනට හිත පිණිස පිළිපන්නේ තමහට හිත පිණිස නො පිළි පන්නේ වේ.
Pali BJTකථඤ්ච පුග්ගලො අත්තහිතාය චෙව පටිපන්නො හොති පරහිතාය ච: ඉධෙ’කච්චො පුග්ගලො අත්තනා ච සීලසම්පන්නො හොති පරඤ්ච සීලසම්පදාය සමාදපෙති, අත්තනා ච සමාධිසම්පන්නො හොති පරඤ්ච සමාධිසම්පදාය සමාදපෙති අත්තනා ච පඤ්ඤාසම්පන්නො හොති පරඤ්ච පඤ්ඤාසම්පදාය සමාදපෙති අත්තනා ච විමුත්තිසම්පන්නො හොති පරඤ්ච විමුත්තිසම්පදාය සමාදපෙති. අත්තනා ච විමුත්තිඤාණදස්සනසම්පන්නො හොති පරඤ්ච විමුත්තිඤාණදස්සනසම්පදාය සමාදපෙති. එවං පුග්ගලො අත්තහිතාය චෙව පටිපන්නො හොති පරහිතාය ච.
Sinhala BJTකෙසේ නම් පුද්ගල තමහට හිත පිණිසත් පිළිපන්නේ මැ අනුනට හිත පිණිසත් පිළිපන්නේ වේ ද යත්: මෙලොව එක් පුද්ගලයෙක් තෙමේත් ශීලසම්පන්න වෙයි. අනුනුදු ශීලසම්පත්තියෙහි සමාදන් කරවයි. තෙමේත් සමාධිසම්පන්න වෙයි, අනුනුදු සමාධිසම්පත්තියෙහි සමාදන් කරවයි. තෙමේත් ප්‍රඥාසම්පන්න වෙයි, අනුනුදු ප්‍රඥාසම්පත්තියෙහි සමාදන් කරවයි, තෙමේත් විමුක්තිසම්පන්න වෙයි. අනුනුදු විමුක්ති සම්පත්තියෙහි සමාදන් කරවයි. තෙමේත් විමුක්තිඥානදර්‍ශනසම්පන්න වෙයි. අනුනුදු විමුක්තිඥානදර්‍ශනසම්පත්තියෙහි සමාදන් කරවයි. මෙසේ පුද්ගල තමහට හිත පිණිසත් පිළිපන්නේ ම අනුනට භිත පිණිසත් පිළිපන්නේ වේ.
Pali BJTකථඤ්ච පුග්ගලො නෙව අත්තහිතාය පටිපන්නො හොති නො පරහිතාය: ඉධෙ’කච්චො පුග්ගලො අත්තනා න සීලසම්පන්නො හොති නො පරං සීලසම්පදාය සමාදපෙති. අත්තනා න සමාධිසම්පන්නො හොති නො පරං සමාධිසම්පදාය සමාදපෙති. අත්තනා න පඤ්ඤාසම්පන්නො හොති නො පරං පඤ්ඤාසම්පදාය සමාදපෙති, අත්තනා න විමුත්තිසම්පන්නො හොති නො පරං විමුත්තිසම්පදාය සමාදපෙති, අත්තනා න විමුත්තිඤාණදස්සනසම්පන්නො හොති නො පරං විමුත්තිඤාණදස්සන සම්පදාය සමාදපෙති. එවං පුග්ගලො නෙව අත්තහිතාය පටිපන්නො හොති නො පරහිතාය.
Sinhala BJTකෙසේ නම් පුද්ගල තමහට හිත පිණිස නො මැ පිළිපන්නේ අනුනට හිත පිණිස නො පිළිපන්නේ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් තෙමේ ශීලසම්පන්න නො වෙයි. අනුන් ශීලසම්පත්තියෙහි සමාදන් නො කරවයි. තෙමේ සමාධිසම්පන්න නො වෙයි. අනුන් සමාධිසම්පත්තියෙහි සමාදන් නො කරවයි. තෙමේ ප්‍රඥාසම්පන්න නො වෙයි. අනුනුදු ප්‍රඥාසම්පත්තියෙහි සමාදන් නො කරවයි, තෙමේ විමුක්ති සම්පන්න නො වෙයි. අනුන් විමුක්තිසම්පත්තියෙහි සමාදන් නො කරවයි, තෙමේ විමුක්තිඥානදර්‍ශනසම්පන්න නො වෙයි. අනුන් විමුක්තිඥාන දර්‍ශනසම්පත්තියෙහි සමාදන් නො කරවයි. මෙසේ පුද්ගල තමහට හිත පිණිස නො මැ පිළිපන්නේ අනුනට හිත පිණිස නො පිළි පන්නේ වේ.
Pali BJT24. කථඤ්ච පුග්ගලො අත්තන්තපො හොති අත්තපරිතාපනානුයොගමනුයුත්තො: ඉධෙ’කච්චො පුග්ගලො අචෙලකො හොති මුත්තාචාරො, හත්ථාපලෙඛනො, න එහිභදන්තිකො, න තිට්ඨභදන්තිකො, න අභිහටං, න උද්දිස්සකටං, න නිමන්තනං සාදියති. සො න කුම්භිමුඛා පතිගණ්හාති, න කළොපිමුඛා{1} පතිගණ්හාති, න ඵලකමන්තරං, න දණ්ඩමන්තරං, න මුසලමන්තරං, න ද්වින්නං භුඤ්ජමානානං, න ගබ්භිනියා, න පායමානාය, න පුරිසන්තරගතාය, න සංකිතකීසු, න යත්ථ සා උපට්ඨිතො හොති, න යත්ථ මක්ඛිකා සණ්ඩසණ්ඩචාරීනි, න මච්ඡං, න මංසං, න සුරං, න මෙරයං, න ථුසොදකං පිවති. සො එකාගාරිකො වා හොති එකාලොපිකො වා, ද්වාගාරිකො වා හොති ද්වාලොපිකොවා, සත්තාගාරිකො වා හොති සත්තාලොපිකො වා, එකිස්සා’පි දත්තියා යාපෙති ද්වීහි’පි දත්තීහි යාපෙති -පෙ- සත්තහිපි දත්තීහි යාපෙති, එකාහිකම්පි ආහාරං ආහාරෙති, ද්වාහිකම්පි{2} ආහාරං ආහාරෙති, -පෙ- සත්තාහිකම්පි ආහාරං ආහාරෙති. ඉති එවරූපං අද්ධමාසිකම්පි{3} පරියායභත්තභොජනානුයොගමනුයුත්තො විහරති.
Sinhala BJT24. කෙසේ නම් පුද්ගල ආත්මය තවනුයේ ආත්මය තවන යෝග යෙහි යෙදුණේ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් අචේලක (නිරුවත්) වෙයි. හළ ආචාර ඇත්තේ යැ, අත ලෝනේ යැ, (පිඬු ගන්නා පිණිස) ‘එවහිමි’ යි කිව නො එන්නේ යැ, ‘සිට හිමි’ යි කිව නො සිටුනේ යැ, පළමු කළ භික්‍ෂාව නො ගනියි, උදෙසා කළ භික්‍ෂාව නො ගනියි, පවරා දුන් භික්‍ෂාව නො ගනියි, සැළින් ගෙන දුන් භික්‍ෂාව නො ගනියි, පැසින් ගෙන දෙන භික්‍ෂාව නො ගනියි, එළිපත අතුරු කොට ලා දුන් භික්‍ෂාව නො ගනියි, දණ්ඩක් අතුරු කොට ලා දුන් භික්‍ෂාව නො ගනියි, මොහොලක් අතුරු කොට ලා දුන් භික්‍ෂාව නො ගනියි, වළඳන දෙදෙනකු අතුරින් එකකු දුන් භික්‍ෂාව නො ගනියි, ගැබිනියගේ භික්‍ෂාව නො පිළිගනියි, කිරිපොවන්නියගේ භික්‍ෂාව නො පිළිගනියි, පිරිමින් අතරට ගිය තැනැත්තියගේ භික්‍ෂාව නො පිළිගනියි, සමාදන් කොට කළ බතින් භික්‍ෂාව නො පිළිගනියි, සුනඛයන් එළඹ සිටි තැන්හි භික්‍ෂූ නො පිළිගනියි, මැස්සන් මුළු මුළු වැ හැසිරෙන තැන්හි භික්‍ෂාව නො පිළිගනියි, දියමස් නො පිළිගනියි, ගොඩ මස් නො පිළිගනියි, රහ නො බොයි, මේරය නො බොයි, කාඩි දිය නො බොයි, හෙතෙම එක් ගෙයක සිඟන්නෙන් හෝ එක් පිඬෙකින් යැපෙන්නේ හෝ වෙයි, ගෙවල් දෙකක සිඟන්නේ හෝ දෙපිඬෙකින් යැපෙන්නේ හෝ වෙයි, ගෙවල් සතක සිඟන්නේ හෝ සත්පිඬෙකින් යැපෙන්නේ හෝ වෙයි, එක් දත්තියකිනුදු (කුඩා බඳුනකින්) යැපෙයි. දෙදත්තියකිනුදු යැපෙයි, -පෙ- සත් දත්තියකිනුදු යැපෙයි. දිනකට වරකුදු අහර ගනියි, දෙදිනකට වරකුදු අහර ගනියි, -පෙ- සතියකට වරකුදු අහර ගනියි. මෙසේ මෙ අයුරින් අඩමසකට වරකුදු වරුබත් වැළඳු මෙහි යෙදී වෙසෙයි.
Pali BJTසො සාකභක්ඛො වා හොති, සාමාකභක්ඛො වා හොති, නීවාරභක්ඛො වා හොති, දද්දුලභක්ඛො වා හොති, හටභක්ඛො වා හොති, කණභක්ඛො වා හොති, ආචාමභක්ඛො වා හොති, පිඤ්ඤාකභක්ඛො වා හොති, තිණභක්ඛො වා හොති, ගොමයභක්ඛො වා හොති, වනමූලඵලාහාරො යාපෙති, පවත්තඵලභොජී. සො සාණානිපි ධාරෙති, මසාණානිපි ධාරෙති, ඡවදුස්සානිපි ධාරෙති, පංසුකූලානිපි ධාරෙති, තිරීටානිපි ධාරෙති, අජිනානිපි ධාරෙති, අජිනක්ඛිපම්පි ධාරෙති, කුසචීරම්පි ධාරෙති, වාකචීරම්පි ධාරෙති, ඵලකචීරම්පි ධාරෙති, කෙසකම්බලම්පි ධාරෙති, වාලකම්බලම්පි ධාරෙති, උලූකපක්ඛම්පි ධාරෙති, කෙසමස්සුලොචකොපි හොති කෙසමස්සුලොචනානුයොගමනුයුත්තො, උබ්භට්ඨ කොපි හොති ආසනපටික්ඛිත්තො, උක්කුටිකොපි හොති උක්කුටිකප්පධාන මනුයුත්තො, කණ්ටකාපස්සයිකොපි හොති කණ්ටකාපස්සයෙ සෙය්යංකප්පෙති, සායතතියකම්පි{4} උදකොරොහනානුයොගමනුයුත්තො විහරති. ඉති එවරූපං අනෙකවිහිතං කායස්ස ආතාපනපරිතාපනානුයොගමනුයුත්තො විහරති. එවං පුග්ගලො අත්තන්තපො හොති අත්තපරිතාපනානුයොගමනුයුත්තො.
Sinhala BJTහෙතෙම අමු පළා කන්නේ හෝ වෙයි, බොඩහමු කන්නේ හෝ වෙයි, ඌරුහැල් කන්නේ හෝ වෙයි, සම්කසට කන්නේ හෝ වෙයි, සෙවෙල් කන්නේ හෝ වෙයි, කුඩු කන්නේ හෝ වෙයි, දමුකඩ කන්නේ හෝ වෙයි, මුරුවට කන්නේ හෝ වෙයි, තණ කන්නේ හෝ වෙයි, ගොම කන්නේ හෝ වේ. වනමුල්පල අහරින් යැපෙයි, වැටුණු පල වළඳනසුලු වෙයි. හෙතෙම සණවැහැරි ද දරයි, මිශ්‍රවස්ත්‍ර ද දරයි, මළ සිරුරු එතූ වස්ත්‍ර ද දරයි, පංශුකූල ද දරයි. වැහැරි ද දරයි, අඳුන් දිවිසම් ද දරයි, මැදින් පළන ලද අඳුන් දිවිසම් ද දරයි, කුස වැහැරි ද දරයි, නියඳවැහැරි ද දරයි, පතුරුවැහැරි ද දරයි, කෙස්කම්බිලි ද දරයි, ලොම්කම්බිලි ද දරයි, මහමුහුණු පියාපතින් කළ වස්ත්‍ර ද දරයි. කෙස් මස් ඉදිරීමෙහි යෙදුණේ කෙස් මස් උදුරන්නේ ද වෙයි. හිඳීම ප්‍රතික්‍ෂේප කෙළේ උඩුහුරු ව සිටුනේ ද වෙයි. උක්කුටික ව්‍රතයෙහි යෙදුණේ උක්කුටිකයෙක් ද වෙයි. කටු ඇතිරි ඇත්තේ ද වෙයි, කටු ඇතිරියෙහි හෝනේ වෙයි. සවස තුන්වනු කොට දියෙහි ගැලෙන ව්‍රතයෙහි යෙදී වෙසෙයි. මෙසේ මෙබඳු නන් වැදෑරුම් වූ සිරුරු තවන වෙසෙසින් තවන ව්‍රතයන්හි යෙදී වෙසෙයි. මෙසේ පුද්ගල ආත්මය තවන්නේ ආත්මය තවන යෝගයන්හි යෙදුණේ වේ.
Pali BJTකථඤ්ච පුග්ගලො පරන්තපො හොති පරපරිතාපනානුයොගමනුයුත්තො: ඉධෙ’කච්චො පුග්ගලො ඔරබ්භිකො හොති සූකරිකො සාකුණිකො මාගවිකො ලුද්දො මච්ඡාඝාතකො චොරො චොරඝාතකො{*} බන්ධනාගාරිකො, යෙ වා පනඤ්ඤෙපි කෙචි කුරූරකම්මන්තා. එවං පුග්ගලො පරන්තපො හොති පරපරිතාපනානුයොගමනුයුත්තො.
Sinhala BJTකෙසේ නම් පුද්ගල මෙරමා තවන්නේ මෙරමා තවන යෝගයෙහි යෙදුණේ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් එළු වැදි හුරු වැදි ලිහිණිවැදි මුව වැදි රෞද්‍ර කෙවුළු සොර චෝරවධක බන්‍ධනාගාරගෝපක වෙයි. අන්‍ය වූ හෝ කිසි ක්‍රෑර ක්‍රියා කරන්නෙක් වේ. මෙසේ පුද්ගල මෙරමා තවන්නේ මෙරමා තවන යෝගයෙහි යෙදුණේ වේ.
Pali BJTකථඤ්ච පුග්ගලො අත්තන්තපො ච හොති අත්තපරිතාපනානුයොගමනුයුත්තො පරන්තපො ච හොති පරපරිතාපනානුයොගමනුයුත්තො: ඉධෙකච්චො පුග්ගලො රාජා වා හොති ඛත්තියො මුද්ධාභිසිත්තො{1} බ්රාහ්මණො වා මහාසාළො, සො පුරත්ථිමෙන නගරස්ස නවං යඤ්ඤාගාරං{2} කාරාපෙත්වා, කෙසමස්සුං ඔහාරෙත්වා ඛුරාජිනං{3} නිවාසෙත්වා සප්පිතෙලෙන කායං අබ්භඤ්ජිත්වා, මිගවිසාණෙන{4} පිට්ඨිං කණ්ඩුයමානො{5} යඤ්ඤාගාරං{2} පවිසති සද්ධිං මහෙසියා බ්රාහ්මණෙන ච පුරොහිතෙන. සො තත්ථ අනන්තරහිතාය භූමියා හරිතූපත්තාය සෙය්යං කප්පෙති. එකිස්සා ගාවියා සරූපවච්ඡාය යං එකස්මිං ථනෙ ඛීරං හොති තෙන රාජා යාපෙති යං දුතියස්මිං ථනෙ ඛීරං හොති තෙන මහෙසී යාපෙති, යං තතියස්මිං ථනෙ ඛීරං හොති තෙන බ්රාහ්මණො පුරොහිතො යාපෙති, යං චතුත්ථස්මිං ථනෙ ඛීරං හොති තෙන අග්ගිං ජුහති. අවසෙසෙන වච්ඡකො යාපෙති.
Sinhala BJTකෙසේ නම් පුද්ගල ආත්මය තවන්නේ ආත්මය තවන යෝග යෙහි යෙදුණේත් පරා තවන්නේ පර තවන යෝගයෙහි යෙදුණේත් වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් ක්‍ෂත්‍රිය වූ මුදුනෙහි අභිෂේක ලද කැත්මහරජ හෝ වෙයි. බමුණු මහසල් හෝ වෙයි. හෙතෙම නුවරට පැදුම් දිග නව යාගශාලාවක් කරවා, කෙස්රැවුළු හරවා කුරසහිත අඳුන්දිවිසමක් හැඳ, ගිතෙලින් හා තලතෙළින් සිරුර පිරිමැද, මුවහඟින් පිට කසමින් මෙහෙසිය හා පෙරෙවි බමුණා සමග යාගශාලාවට පිවිසෙයි. හෙතෙම එහි ඇතිරිලි රහිත ගොම පිරිමැදි බිම සයනය කරයි. සමාන වස්සකු ඇති එක් දෙනකගේ එක් තනයක යම් කිරෙක් වේ ද එයින් රජ යැපෙයි දෙවැනි තනයෙහි යම් කිරෙක් වේ ද එයින් මෙහෙසිය යැපෙයි. තුන්වැනි තනයෙහි යම් කිරෙක් වේ ද එයින් පෙරෙවි බමුණා යැපෙයි. සිව් වැනි තනයෙහි යම් කිරක් වේ ද එයින් ගිනි පුදයි. සෙස්සෙන් වස්සා යැපෙයි.
Pali BJTසො එවමාහ: එත්තකා උසභා හඤ්ඤන්තු යඤ්ඤත්ථාය, එත්තකා වච්ඡතරා හඤ්ඤන්තු යඤ්ඤත්ථාය, එත්තකා වච්ඡතරියො හඤ්ඤන්තු යඤ්ඤත්ථාය, එත්තකා අජා හඤ්ඤන්ති යඤ්ඤත්ථාය, එත්තකා උරබ්භා හඤ්ඤන්තු යඤ්ඤත්ථාය එත්තකා රුක්ඛා ඡිජ්ජන්තු යූපත්ථාය, එත්තකා දබ්භා ලූයන්තු බරිහිසත්ථායාති{6} යෙපිස්ස තෙ හොන්ති දාසාති වා පෙස්සාති වා කම්මකරාති වා තෙපි දණ්ඩතජ්ජිතා භයතජ්ජිතා අස්සුමුඛා රුදමානා පරිකම්මානි කරොන්ති, එවං පුග්ගලො අත්තන්තපො ච හොති අත්තපරිතාපනානුයොගමනුයුත්තො, පරන්තපො ච හොති පරපරිතාපනානුයොගමනුයුත්තො.
Sinhala BJTහෙතෙම මෙසේ කියයි: ‘මෙතෙක් ගොන්නු යාගයට මරනු ලැබෙත්වා, මෙතෙක් නාඹු ගොන්නු යාගයට මරනු ලැබෙත්වා, මෙතෙක් නෑඹි දෙන්නු යාගයට මරනු ලැබෙත්වා, මෙතෙක් එළුවෝ යාගයට මරනු ලැබෙත්වා, මෙතෙක් බැටළුවෝ යාගයට මරනු ලැබෙත්වා, මෙතෙක් රුක් යාගස්තම්භය පිණිස කපනු ලැබෙත්වා, අවුරනු අතුරනු පිණිස මෙතෙක් ඉලුප් කපනු ලැබේවා’ යි ඔහුගේ දාස වූ හෝ සේවක වූ දේ කම්කරු වූ හෝ යම් කෙනෙකුන් වෙත් නම් ඔහු ද දඬුවමින් තැතිගත්තාහු බියෙන් තැති ගත්තාහු කඳුළු මුව ඇති ව හඬමින් අතවර කරත්. මෙසේ පුද්ගල තෙමේ ආත්මය තවන්නේ ආත්මය තවන යෝගයෙහි යෙදුණේත් පරා තවන්නේ පරා තවන යෝගයෙහි යෙදුණේත් වේ.
Pali BJTකථඤ්ච පුග්ගලො නෙවත්තන්තපො හොති න අත්තපරිතාපනානුයොගමනුයුත්තො, න පරන්තපො හොති න පරපරිතාපනානුයොගමනුයුත්තො: සො අනත්තන්තපො අපරන්තපො දිට්ඨෙව ධම්මෙ නිච්ඡාතො නිබ්බුතො සීතිභූතො සුඛපටිසංවෙදී බ්රහ්මභූතෙන අත්තනා විහරති: ඉධ තථාගතො ලොකෙ උප්පජ්ජති අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථී සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා, සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්රහ්මකං සස්සමණබ්රාහ්මණිං පජං සදෙවමනුස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති. සො ධම්මං දෙසෙති ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සව්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙති, තං ධම්මං සුණාති ගහපති වා ගහපතිපුත්තො වා අඤ්ඤතරස්මිං වා කුලෙ පච්චාජාතො.
Sinhala BJTකෙසේ නම් පුද්ගල තමා නො තවන්නේ මැ තමා තවන යෝගයෙහි නො යෙදුණේත් පරා නො තවන්නේ පරා තවන යෝගයෙහි නො යෙදුණේත් වේ ද යත්: හෙතෙම තමා නො තවන්නේ පරා නො තවන්නේ මෙ අත්බැව්හි මැ තෘෂ්ණා රහිත වූයේ නිවුණේ සිහිල් වූයේ සුව විඳුනේ ශ්‍රේෂ්ඨ වූ ආත්මයෙන් යුක්ත වැ වෙසෙයි. මේ ලෝකයෙහි තථාගත වූ අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ විද්‍යාචරණ සම්පන්න වූ මනා ගමන් ඇති ලොව දන්නා වූ නිරුත්තර වූ පුරුෂදම්‍යසාරථි වූ දෙව්මිනිසුන්ට ශාස්තෘ වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උපදිති. උන්වහන්සේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මෙලොව මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව තුමූ වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කරති. උන්වහන්සේ මුල යහපත් වූ මැද යහපත් වූ කෙළවර යහපත් වූ අරුත් සහිත වූ ව්‍යඤ්ජන සහිත වූ සියල්ල සම්පූර්‍ණ වූ ධර්‍මය දෙසති. පිරිසුදු බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කරති. ඒ ධර්‍මය ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ අන්‍යතර වූ කුලයක උපන්නෙක් හෝ අසයි.
Pali BJTසො තං ධම්මං සුත්වා තථාගතෙ සද්ධං පටිලභති, සො තෙන සද්ධාපටිලාභෙන සමන්නාගතො ඉති පටිසඤ්චික්ඛති: සම්බාධො ඝරාවාසො රාජාපථො, අබ්භොකාසො පබ්බජ්ජා, නයිදං සුකරං ආගාරං අජ්ඣාවසතා එකන්තපරිපුණ්ණං එකන්තපරිසුද්ධං සඞ්ඛලිඛිතං බ්රහ්මචරියං චරිතුං යන්නූනාහං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා ආගාරස්මා අනගාරියං පබ්බජෙය්යන්ති, සො අපරෙන සමයෙන අප්පං වා භොගක්ඛන්ධං පහාය, මහන්තං වා භොගක්ඛන්ධං පහාය, අප්පං වා ඤාතිපරිවට්ටං පහාය, මහන්තං වා ඤාතිපරිවට්ටං පහාය, කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා, අගාරස්මා අනගාරියං පබ්බජති.
Sinhala BJTහෙතෙම ඒ ධර්‍මය අසා තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ලබයි. හෙතෙම ඒ ශ්‍රද්ධා ප්‍රතිලාභයෙන් යුක්ත වූයේ මෙසේ නුවණින් සලකයි. ‘ගෘහවාසය පරිරෝධයෙකි, කෙලෙස් රජස් නැඟෙන තැනෙකි, පැවිද්ද අභ්‍යවකාශයෙකි, ගිහිගෙයි වසන්නහු විසින් ඒකාන්තයෙන් පරිපූර්‍ණ වූ ඒකාන්තයෙන් පරිශුද්ධ වූ සංඛලිඛිත (ලියැවූ සැකක් බඳු) මේ බඹසරෙහි හැසිරෙන්නට සුකර නො වේ, මම කෙස් රැවුළු හරවා කහවත් හැඳගෙන ගිහිගෙන් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිදි වන්නෙම් නම් ඉතා යෙහෙකැ’ යි හෙතෙම පසු කලෙක අල්ප හෝ භෝගයන් හැර දමා මහත් වූ හෝ භෝගයන් හැරදමා අල්ප වූ හෝ නැදෑයන් හැරදමා මහත් වූ හෝ නැදෑයන් හැරදමා කෙස් රැවුළු හරවා කහවත් හැඳපෙරෙව ගිහිගෙන් නික්ම සසුන්හි පැවිදි වෙයි.
Pali BJTසො එවං පබ්බජිතො සමානො භික්ඛූනං සික්ඛාසාජීවසමාපන්නො පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති නිහිතදණ්ඩො නිහිතසත්ථො ලජ්ජි දයාපන්නො සබ්බපාණභූතහිතානුකම්පී විහරති, අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතො හොති දින්නාදායි දින්නපාටිකඞ්ඛී අථෙනෙන සුචිභූතෙන අත්තනා විහරති. අබ්රහ්මචරියං පහාය බ්රහ්මචාරී හොති ආරාචාරී විරතො මෙථුනා ගාමධම්මා, මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො හොති සච්චවාදී සච්චසන්ධො ථෙතො පච්චයිකො අවිසංවාදකො ලොකස්ස. පිසුනාවාචං පහාය පිසුනාය වාචාය පටිවිරතො හොති ඉතො සුත්වා න අමුත්ර අක්ඛාතා ඉමෙසං භෙදාය, අමුත්ර වා සුත්වා න ඉමෙසං ආක්ඛාතා අමූසං භෙදාය, භින්නානං වා සන්ධාතා සහිතානං වා අනුප්පදාතා, සමග්ගා රාමො සමග්ගරතො සමග්ගනන්දි සමග්ගකරණිං වාචං භාසිතං හොති. ඵරුසාවාචං පහාය ඵරුසාය වාචාය පටිවිරතො හොති, යා සා වාචා නෙලා කණ්ණසුඛා පෙමනීයා හදයඞ්ගමා පොරී බහුජනකන්තා බහුජනමනාපා, තථාරූපිං වාචං භාසිතා හොති. සම්ඵප්පලාපං පහාය සම්ඵප්පලාපා පටිවිරතො හොති, කාලවාදී භූතවාදී අත්ථවාදී ධම්මවාදී විනයවාදී නිධානවතිං වාචං භාසිතා හොති කාලෙන සාපදෙසං පරියන්තවතිං අත්ථසංහිතං.
Sinhala BJTහේ මෙසේ පැවිදි වූයේ භික්‍ෂූන්ගේ ශික්‍ෂා සංඛ්‍යාත සහජීවයට පැමිණියේ ප්‍රාණවධ හැර ප්‍රාණවධයෙන් වැළකුණේ වෙයි. බහා තැබූ දඬු ඇත්තේ බහා තැබූ අවි ඇත්තේ ලජ්ජා ඇතියේ දයාවට පැමිණියේ සියලු ප්‍රාණභූතයනට හිතානුකම්පා ඇත්තේ වෙසෙයි. නුදුන්දැය ගැනුම හැර නුදුන්දැය ගැනීමෙන් වෙන් වූයේ වෙයි. දුන්දැය ගන්නා සුලු වූයේ දුන්දැය කැමැති වනසුලු වූයේ නො සොර වූ පිරිසුදු වූ ආත්මයෙන් යුතු ව වෙසෙයි. අබ්‍රහ්මචර්‍ය්‍යාව හැර බ්‍රහ්මචාරී වෙයි, අබ්‍රහ්මවර්‍ය්‍යායෙන් දුරු වූයේ ග්‍රාම්‍යධර්‍ම වූ මෛථුනයෙන් වෙන් වූයේ වෙයි. මුසවා හැර පියා මුසවායෙන් වෙන් වූයේ සත්‍යය වාදී වූයේ සත්‍යයෙන් සත්‍යය ගළපන්නේ ස්ථිර කථා ඇතියේ හැදහිය යුත්තේ ලොව නොරවටනුයේ වෙයි. පිසුනුබස් හැරපියා පිසුනුබසින් වෙන් වූයේ වෙයි. මෙතැනින් අසා මොවුන්ගේ බිඳීම පිණිස එතැන නො කියන්නේ යැ, එතැනින් හෝ අසා තුලුන්ගේ බිඳීම පිණිස මෙතැන නො කියන්නේ යැ, බිඳුණවුන් සමගි කරනුයේ හෝ වෙයි. සමගිවූවන් දැඩි කරන්නේ හෝ වෙයි, සමගියෙහි කැමැති වූයේ සමගියෙහි ඇලුණේ සමගියෙහි සතුටු වූයේ සමගි කරුණු වූ වදන් කියන්නේ වේ. රළුවදන් හැරපියා රළුවදනින් වෙන් වූයේ වෙයි. යම් ඒ වචනයෙක් නිදොස් ද කනට සුව ද ඇලුම් කටයුතු ද හෘදයංගම ද නාගරික ද බොහෝ දෙන අදනාසුලු ද, බොහෝ දෙනාගේ මනවඩන්නේ ද එබඳු වදන් කියන්නේ වේ. තුළුල් තෙපුල් (හිස් වදන) හැරදමා තුළුල් තෙපුලින් වෙන් වූයේ වෙයි, නිසි කල්හි කියන්නේ තථ්‍යය කියන්නේ වැඩ ඇති තෙපුල් කියන්නේ ධර්‍මවාදියෙක් විනයවාදියෙක් මතක තබා ගත යුතු වදන් කියන්නෙක් අවස්ථානුකූල ව නිදසුන් සහිත ව පිරිසිඳීම් ඇති අරුතින් සැදුණු වදන් කියන්නෙක් වේ.
Pali BJTසො බීජගාමභූතගාමසමාරම්භා පටිවිරතො හොති, එකභත්තිකො හොති රත්තූපරතො විරතො විකාලභොජනා, නච්චගීතවාදිතවිසූකදස්සනා පටිවිරතො හොති. මාලාගන්ධවිලෙපනධාරණමණ්ඩනවිභූසනට්ඨානා පටිවිරතො හොකි, උච්චාසයනමහාසයනා පටිවිරතො හොති, ජාතරූපරජතපටිග්ගහණා පටිවිරතො හොති, ආමකධඤ්ඤ පටිග්ගහණා පටිවිරතො හොති, ආමකමංසපටිග්ගහණා පටිවිරතො හොති, ඉත්ථිකුමාරිකපටිග්ගහණා පටිවිරතො හොති, දාසිදාසපටිග්ගහණා පටිවිරතො හොති. අජෙළකපටිග්ගහණා පටිවිරතො හොති, කුක්කුටසූකරපටිග්ගහණා පටිවිරතො හොති, හත්ථිගවාස්සවළවාපටිග්ගහණා පටිවිරතො හොති, ඛෙත්තවත්ථුපටිග්ගහණා පටිවිරතො හොති, දූතෙය්යපහිණගමනානුයොගා පටිවිරතො හොති, කායවික්කයා පටිවිරතො හොති, තුලාකූටමානකූටා පටිවිරතො හොති, උක්කොටනවඤ්චන නිකතිසාචියොගා පටිවිරතො හොති, ඡෙදනවධබන්ධනවිපරාමොස ආලොපසහසාකාරා පටිවිරතො හොති.
Sinhala BJTහෙතෙම බීජගාම භූතගාම විකෝපනයෙන් වැළැකියේ වෙයි, රාත්‍රි භෝජනයෙන් වෙන් වූයේ විකල්හි වැළඳුමෙන් තොර වූයේ එක් වේලේ වළඳන්නේ වේ, නැටුම් ගැයුම් - වැයුම් - විසුළුදස්නෙන් වෙන් වූයේ වෙයි, මණ්ඩන විභූෂණයට කරුණු වූ මල්ගඳවිලෙවුන් දැරීමෙන් තොරවූයේ වෙයි. උසසුන් මහ අස්නෙන් වෙන් වූයේ වෙයි. රන්රිදී පිළිගැන්මෙන් තොර වූයේ වෙයි, අමු ධාන්‍ය පිළිගැන්මෙන් තොර වූයේ වෙයි, අමුමස් පිළිගැන්මෙන් තොර වූයේ වෙයි. ස්ත්‍රීන් හා කුමාරිකාවන් පිළිගැන්මෙන් තොර වූයේ වෙයි, දැසිදසුන් පිළිගැන්මෙන් තොර වූයේ වෙයි, එළු බැටළුවන් පිළි ගැන්මෙන් තොර වූයේ වෙයි, කුකුළන් හූරන් පිළිගැන්මෙන් තොර වූයේ වෙයි, ඇත් අස් ගව වෙළඹුන් පිළිගැන්මෙන් තොර වූයේ වෙයි. කෙත්වත් පිළිගැන්මෙන් තොර වූයේ වෙයි, දූත ගමන්හි හසුන් ගෙන යෑමෙහි යෙදීමෙන් තොර වූයේ වෙයි, ගනු දෙනුයෙන් වෙන් වූයේ වෙයි. තුලාකූට මානකූට දෙකින් වෙන් වූයේ වෙයි. අල්ලස් ගැනීම රැවටීම මායාව ආදි කූට යෝගයෙන් වෙන් වූයේ වෙයි, කැපීම් මැරීම් බන්‍ධන මංපැහැරීම් ගම්පැහැරීම් ආදී සාහසික ක්‍රියායෙන් වෙන් වූයේ වේ.
Pali BJTසො සන්තුට්ඨො හොති කායපරිහාරිකෙන චීවරෙන කුච්ඡිපරිහාරිකෙන පිණ්ඩපාතෙන, සො යෙන යෙනෙව පක්කමති සමාදායෙව පක්කමති, සෙය්යථාපි පක්ඛී සකුණො යෙන යෙනෙව ඩෙති සප්පතභාරොව ඩෙති. එවමෙව භික්ඛු සන්තුට්ඨො හොති කායපරිහාරිකෙන චීවරෙන කුච්ඡිපරිහාරිකෙන පිණ්ඩපාතෙන, යෙන යෙනෙව පක්කමති, සමාදායෙව පක්කමති, සො ඉමිනා අරියෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො අජ්ඣත්තං අනවජ්ජසුඛං පටිසංවෙදෙති.
Sinhala BJTහෙතෙම සිරුරට පොහෝනා පමණ සිවුරින් කුසට පොහෝනා පමණ පිණ්ඩපාතයෙන් සතුටු වූයේ වෙයි, හෙතෙම යම් යම් තැනෙක්හි මැ යේ නම් ශ්‍රමණ පරිෂ්කාරයන් රැගෙන ම යෙයි. යම්සේ පියාපත් ඇති ළිහිණි යම් යම් තැනෙක්හි පියාඹා නම් තමපිය පත් බර ඇත්තේ මැ පියාඹා ද එපරිද්දෙන් මැ මහණ සිරුරට පොහෝනා පමණ සිවුරින් කුසට පොහෝනා පමණ පිණ්ඩපාතයෙන් සතුටු වූයේ වෙයි. යම් යම් තැනෙක්හි යේ නම් මහණ පිරිකර රැගෙන මැ යේ. හෙතෙම මේ ආර්‍ය්‍ය ශීලස්කන්‍ධයෙන් යුක්ත වූයේ අධ්‍යාත්මයෙහි නිදොස් සුව විඳියි.
Pali BJTසො චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හොති නානුව්යඤ්ජනග්ගාහී යත්වාධිකරණමෙනං චක්ඛුන්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිජ්ජති රක්ඛති චක්ඛුන්ද්රියං චක්ඛුන්ද්රියෙ සංවරං ආපජ්ජති. සොතෙන සද්දං සුත්වා, -පෙ- ඝානෙන ගන්ධං සායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මානසා ධම්මා විඤ්ඤාය න නිමිත්තග්ගාහී හොති නානුව්යඤ්ජනග්ගාහී යත්වාධිකරණමෙනං මනින්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං තස්ස සංවරාය පටිපජ්ජති රක්ඛති මනින්ද්රියං මනින්ද්රියෙ සංවරං ආපජ්ජති, සො ඉමිනා අරියෙන ඉන්ද්රියසංවරෙන සමන්නාගතො අජ්ඣත්තං අව්යාසෙකසුඛං පටිසංවෙදෙති.
Sinhala BJTහෙතෙම ඇසින් රුවක් දැක නිමිතිගන්නේ නො වෙයි. අනුව්‍යඤ්ජන ගන්නේ නො වෙයි. යම් කරුණෙකින් චක්‍ෂුරින්‍ද්‍රියය සංවර නො කොට වාසය කරන්නා වූ මොහු අභිධ්‍යාදෟර්‍මනස්‍ය සංඛ්‍යාත ලාමක අකුශල ධර්‍මයෝ ලුහු බඳනාහු නම් ඒ චක්‍ෂුරින්‍ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදියි. චක්‍ෂුරින්‍ද්‍රියය රකියි. චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණේ. කනින් හඬක් අසා ... නැහැයෙන් ගඳක් අඝා ... දිවින් රසයක් විඳ ... කයින් පහසක් පැහැස ... මනසින් දහමක් දැන නිමිති ගන්නේ නො වෙයි. අනුව්‍යඤ්ජන ගන්නේ නොවෙයි, යම් කරුණෙකින් මනින්‍ද්‍රියය අසංවෘත ව වසන්නා වූ මොහු අභිධ්‍යයා දෞර්‍මනස්‍ය සංඛ්‍යාත ලාමක අකුශල ධර්‍මයෝ ලුහුබඳනාහු නම් ඒ මනින්‍ද්‍රියයාගේ සංවරය කරනු පිණිස පිළිපදී. මනින්‍ද්‍රියය රකි, මනින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණේ. හෙතෙම මේ නිදොස් වූ ඉන්‍ද්‍රිය සංවරයෙන් සමන්‍වාගත වූයේ ක්ලේශාභිෂේක රහිත සුවය විඳියි.
Pali BJTසො අභික්කන්තෙ පටික්කන්තෙ සම්පජානකාරී හොති. අලොකිතෙ විලොකිතෙ සම්පජානකාරී හොති, සම්මිඤ්ජිතෙ පසාරිතෙ සම්පජානකාරී හොති, සඞ්ඝාටිපත්තචීවරධාරණෙ සම්පජානකාරී හොති, අසිතෙ පීතෙ ඛායිතෙ සායිතෙ සම්පජානකාරී හොති, උච්චාරපස්සාවකම්මෙ සම්පජානකාරී හොති. ගතෙ ඨිතෙ නිසින්නෙ සුත්තෙ ජාගරිතෙ භාසිතෙ තුණ්හීභාවෙ සම්පජානකාරී හොති.
Sinhala BJTහෙතෙම යෑමෙහි ඊමෙහි සිහි එළවා කරන්නේ වෙයි, ඉදිරි බැල්මෙහි අවට බැල්මෙහි සිහි එළවා කරන්නේ වෙයි, අත්පා වක් කිරීමෙහි දික් කිරීමෙහි සිහි එළවා කරන්නේ වෙයි, සඟළ - පා - සිවුරු දැරීමෙහි සිහි එළවා කරන්නේ වෙයි, වැළඳුමෙහි පීමෙහි කෑමෙහි රසවිඳීමෙහි සිහි එළවා කරන්නේ වෙයි, සුළුදියවටන් මහදියවටන් කිසෙහි සිහි එළවා කරන්නේ වෙයි. ගමනෙහි සිටීමෙහි හිඳීමෙහි නිදීමෙහි නිදිවැරීමෙහි බිණීමෙහි නිහඬ බැව්හි සිහි එළවා කරන්නේ වේ.
Pali BJTසො ඉමිනා අරියෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො, ඉමිනා ච අරියෙන ඉන්ද්රියසංවරෙන සමන්නාගතො, ඉමිනා ච අරියෙන සතිසම්පජඤ්ඤෙන සමන්නාගතො ඉමාය ච අරියාය සන්තුට්ඨියා සමන්නාගතො විවිත්තං සෙනාසනං භජති අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්ථං අබ්භොකාසං පලාලපුඤ්ජිං.
Sinhala BJTහෙතෙම මේ නිදොස් වූ ශීලස්කන්‍ධයෙන් යුක්ත වූයේ මේ නිදොස් වූ ඉන්‍ද්‍රියසංවරයෙන් ද යුක්ත වූයේ මේ නිදොස් වූ ස්මෘතිසම්ප්‍රජන්‍යයෙන් ද යුක්ත වූයේ මේ නිදොස් වූ සන්තෝෂයෙන් ද යුක්ත වූයේ අරණ්‍ය යැ වෘක්‍ෂමූල යැ පර්‍වත යැ කඳුරු යැ ගිරි ගුහා යැ සොහොන යැ වනසෙනසුන යැ අභ්‍යවකාශ යැ පිදුරුබිස්ස යැ යන විවේක සෙනසුනක් භජනය කරයි.
Pali BJTසො පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා, සො අභිජ්ඣං ලොකෙ පහාය විගතාභිජ්ඣෙන චෙතසා විහරති, අභිජ්ඣාය චිත්තං පරිසොධෙති. ව්යාපාදදොසං පහාය අව්යාපන්නචිත්තො විහරති, සබ්බපාණභූතහිතානුකම්පී ව්යාපාදපදොසා චිත්තං පරිසොධෙති, ථීනමිද්ධං පහාය විගතථීනමිද්ධො විහරති ආලොකසඤ්ඤී සතො සම්පජානො ථීනමිද්ධා චිත්තං පරිසොධෙති. උද්ධච්චකුක්කුච්චං පහාය අනුද්ධතො විහරති අජ්ඣත්තං වූපසන්තචිත්තො උද්ධච්චකුක්කුච්චා චිත්තං පරිසොධෙති. විචිකිච්ඡං පහාය තිණ්ණවිචිකිච්ඡො විහරති අකථඞ්කථී කුසලෙසු ධම්මෙසු විචිකිච්ඡාය චිත්තං පරිසොධෙති.
Sinhala BJTහෙතෙම පසුබත්හි පිණ්ඩපාතයෙන් පෙරළා ආයේ පළක් බැඳ කය ඍජු වැ පිහිටුවා කර්‍මස්ථානාභිමුඛ වැ සිහි එළවා හිඳියි. හෙතෙම ස්කන්‍ධ ලෝකයෙහි අභිධ්‍යාව හැරපියා පහ වූ අභිධ්‍යා ඇති සිතින් යුතු ව වෙසෙයි. අභිධ්‍යාවෙන් සිත පිරිසිදු කෙරෙයි. ව්‍යාපාද දෝෂය හැරැපියා ව්‍යාපාද රහිත සිත් ඇති ව සියලු ප්‍රාණභූතයන් කෙරෙහි හිත - අනුකම්පා ඇති වැ වෙසෙයි. ව්‍යාපාද දෝෂයෙන් සිත පිරිසුදු කෙරෙයි. ථීනමිද්ධය හැරපියා පහ වූ ථිනමිද්ධ ඇති වැ ආලෝකසංඥා ඇති වැ සිහි ඇති වැ සම්‍යක් ප්‍රඥා ඇති වැ වෙසෙයි, ථීනමිද්ධයෙන් සිත පිරිසුදු කෙරෙයි. උද්ධච්චකුක්කුච්චය හැරපියා නො විසුළ සිත් ඇත්තේ ඇතුළත සන්හුන් සිත් ඇති වැ වෙසෙයි, උද්ධච්චකුක්කුච්චයෙන් සිත පිරිසුදු කෙරෙයි. විචිකිච්ඡාව හැරපියා තරණය කළ විචිකිච්ඡා ඇත්තේ කුශලධර්‍මයන්හි සැක රහිත වූයේ වෙසෙයි. විචිකිච්ඡායෙන් සිත පිරිසුදු කෙරෙයි.
Pali BJTසො ඉමෙ පඤ්චනීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ විවිච්චෙව කාමෙහි විවිච්චෙව අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති සතො ච සම්පජානො. සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති- යං තං අරියා ආචික්ඛන්ති උපෙක්ඛකො සතිමා සුඛවිහාරීති-තතිය ඣානං උපසම්පජ්ජ විහරති සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛං අසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති.
Sinhala BJTහෙතෙම මේ සිත කිලිටි කරන ප්‍රඥාව දුර්‍වල කරන පඤ්චනීවරණයන් දුරු කොට කාමයන්ගෙන් වෙන් වැ මැ අකුශල ධර්‍මයන්ගෙන් වෙන් වැ මැ විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීති සුඛ ඇති ප්‍රථමධ්‍යානය උපයා වාස කෙරෙයි. විතර්‍කවිචාරයන්ගේ ව්‍යුපසමයෙන් අධ්‍යාත්මයෙහි ප්‍රසාදය ඇති කරන්නා වූ චිත්තයාගේ එකඟ බව යැ යි කියන ලද විතර්‍ක රහිත වූ විචාර රහිත වූ සමාධියෙන් උපන් ප්‍රීතිසුඛය ඇති ද්විතීයධ්‍යානයට එළඹ වාස කෙරෙයි. ප්‍රීතියගේ ද විරාගයෙන් උපේක්‍ෂා ඇත්තේ සිහි ඇත්තේ සම්‍යක් ප්‍රඥා ඇත්තේ වෙසෙයි. කයින් සමාධි සුවය ද විඳියි. උපේක්‍ෂක යැ ස්මෘතිමත් යැ සුඛවිහාරී යැ යි ආර්‍ය්‍යයෝ ඒ යමකට කියත් නම් එකී තෘතීයධ්‍යානය උපයා වාස කෙරෙයි. සුඛයාගේ ප්‍රහාණයෙන් දුඃඛයාගේ ද ප්‍රහාණ යෙන් පළමු මැ සොම්නස්දොම්නසුන්ගේ අස්තංගමයෙන් නිදුක් වූ නො සුව වූ උපේක්‍ෂාස්මෘතිපාරිශුද්ධිය ඇති චතුර්‍ත්‍ථධ්‍යානය උපයා වාස කෙරෙයි.
Pali BJTසො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ අනෙඤ්ජප්පත්තෙ පුබ්බෙනිවාසානුස්සතිඤාණාය චිත්තං අභිනින්නාමෙති, සො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. සෙය්යථීදං: එකම්පි ජාතිං ද්වෙපි ජාතියො තිස්සොපි ජාතියො, චතස්සොපි ජාතියො පඤ්චපි දසපි ජාතියො වීසතිම්පි ජාතියො තිංසම්පි ජාතියො චත්තාරීසම්පි ජාතියො පඤ්ඤාසම්පි ජාතියො ජාතිසතම්පි ජාතිසහස්සම්පි ජාතිසතසහස්සම්පි අනෙකෙපි සංවට්ටකප්පෙ අනෙකෙපි විවට්ටකප්පෙ අමුත්රාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො. සො තතො චුතො අමුත්ර උප්පාදිං, තත්රාපාසිං එවංනාමො -පෙ- එවමායුපරියන්තො සො තතො චුතො ඉධූපපන්නොති, ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති.
Sinhala BJTහෙතෙම මෙසේ සිත සමාධියට ගිය කල්හි පිරිසිදු වූ කල්හි හාත්පසින් නිර්‍මල වූ කල්හි කෙලෙස් රහිත වූ කල්හි පහ වූ උපක්ලේශයන් ඇති කල්හි මෘදු වූ කල්හි කර්‍මක්‍ෂ වැ සිටි කල්හි නො සැලෙන බවට පැමිණි කල්හි පූර්‍වනිවාසානුස්මෘතිඥානය පිණිස සිත නැඹුරු කෙරෙයි. හෙතෙම අනේක ප්‍රකාර වූ පූර්‍වනිවාසය සිහි කෙරෙයි. කෙසේ යැ යත්: ‘එක් ජාතියක් ද ජාති දෙකක් ද ජාති තුනක් ද ජාති සතරක් ද ජාති පසක් ද ජාති දසයක් ද, ජාති විස්සක් ද, ජාති තිසක් ද, ජාති සතලිසක් ද, ජාති පණසක් ද, ජාති සියයක් ද, ජාති දහසක් ද, ජාති සියදහසක් ද, නොයෙක් සංවර්‍ත කල්පයන් ද නොයෙක් විවර්‍ත කල්පයන් ද, නොයෙක් සංවර්‍ත විවර්‍ත කල්පයන් ද, අසුවල් තැන මෙබඳු නම්, මෙබඳු ගොත් මෙ බඳු රූ මෙබඳු අහර ඇත්තෙම් වීමි. මෙබඳු සුවදුක් විඳියෙමි. මෙබඳු ආයු ඇත්තෙම් වීමි. ඒ මම එතැනින් ච්‍යුත වූයෙම් අසුවල් තැන උපන්මි. එහි දූ මෙබඳු නම් ... මෙබඳු ආයු කෙළවර ඇත්තෙම් වීමි. ඒ මම් එයින් සැව මෙහි උපන්මි’ මෙසේ ආකාර සහිත වැ, උද්දේශ සහිත වැ අනේක ප්‍රකාර වූ පූර්‍වනිවාසය සිහි කෙරේ.
Pali BJTසො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ සත්තානං චුතූපපාතඤාණාය චිත්තං අභිනින්නාමෙති. සො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උප්පජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථා කම්මූපගෙ සත්තෙ පජානාති: ඉමෙ වත භොන්තො සත්තා කාය දුච්චරිතෙන සමන්නාගතා, වචීදුච්චරිතෙන සමන්නාගතා මනොදුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා. තෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා. ඉමෙ වා පන භොන්තො සත්තා කායසුචරිතෙන සමන්නාගතා, වචීසුචරිතෙන සමන්නාගතා, මනොසුචරිතෙන සමන්නාගතා අරියානං අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්මසමාදානා. තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නොති ඉති දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උප්පජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති.
Sinhala BJTහෙතෙම මෙසේ සිත එකඟ වූ කල්හි පිරිසිදු වූ කල්හි හාත්පසින් නිර්‍මල වූ කල්හි කෙලෙස් රහිත වූ කල්හි පහ වූ උපක්ලේශයන් ඇති කල්හි, මෘදු වූ කල්හි කර්‍මයෝග්‍ය වැ සිටි කල්හි, නො සැලෙන බවට පැමිණි කල්හි සත්‍වයන්ගේ චුතූපපාතඥානය පිණිස සිත නැඹුරු කෙරෙයි. හෙතෙම මිනිස් බව ඉක්ම වූ පිරිසිදු වූ දිවැසින් සතුන් බලයි. මැරෙන උපදින හීන වූ ප්‍රණීත වූ සුවර්‍ණ වූ දුර්වර්‍ණ වූ සුගත වූ දුර්‍ගත වූ කම් වූ පරිදි ගිය සත්‍වයන් දැනගනී. ඒකාන්තයෙන් මේ භවත් සත්‍වයෝ කායදුශ්චරිතයෙන් යුක්ත වූවාහු වාග්දුශ්චරිතයෙන් යුක්ත වූවාහු මනෝ දුශ්චරිතයෙන් යුක්ත වූවාහු ආර්‍ය්‍යයනට උපවාද කළාහු මිථ්‍යාදෘෂ්ටික වූවාහු මිසදිටුකම් සමාදන් වූවාහු යැ. ඔහු කරජකායයාගේ භේදයෙන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස වැ පතිත වන නිරයෙහි උපන්නාහු යැ, තවද මේ භවත් සත්‍වයෝ කායසුචරිතයෙන් යුක්ත වූවාහු වාක්සුචරිතයෙන් යුක්ත වූවාහු මනඃසුචරිතයෙන් යුක්ත වූවාහු ආර්‍ය්‍යයන්ට උපවාද නො කළාහු සම්‍යක්දෘෂ්ටි ඇත්තාහු සම්‍යක්දෘෂ්ටි කර්‍ම සමාදන් වූවාහු යැ, ඔහු කාබුන් මරණින් මතු ශෝභනගති ඇති ස්වර්‍ග ලෝකයට පැමිණියාහු යැ යි මෙසේ මිනිස් බව ඉක්ම වූ පිරිසිදු වූ දිවැසින් සත්‍වයන් බලයි. මැරෙන උපදින හීන වූ ප්‍රණීත වූ සුවර්‍ණ වූ දුර්වර්‍ණ වූ සුගත වූ දුර්‍ගත වූ කම් වූ පරිදි ගිය සත්‍වයන් දැනගනී.
Pali BJTසො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ආසවානං ඛයඤාණාය චිත්තං අභිනින්නාමෙති, සො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති. අයං දුක්ඛසමුදයොති යථාභූතං පජානාති, අයං දුක්ඛනිරොධොති යථාභූතං පජානාති, අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති, ඉමෙ ආසවාති යථාභූතං පජානාති. අයං ආසවසමුදයොති යථාභූතං පජානාති. අයං ආසවනිරොධොති යථාභූතං පජානාති. අයං ආසවනිරොධගාමිනීපටිපදාති යථාභූතං පජානාති. තස්ස එවං ජානතො එවං පස්සතො කාමාසවාපි චිත්තං විමුච්චති භවාසවාපි චිත්තං විමුච්චති, අවිජ්ජාසවාපි චිත්තං විමුච්චති, විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති, ඛීණා ජාති වුසිතං බ්රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්ථත්තායාති පජානාති. එවං පුග්ගලො නෙව අත්තන්තපො හොති න අත්තපරිතාපනානුයොගමනුයුත්තො, න පරන්තපො හොති න පරපරිතාපනානුයොගමනුයුත්තො. සො අනත්තන්තපො අපරන්තපො දිට්ඨෙව ධම්මෙ නිච්ඡාතො නිබ්බුතො සීතිභූතො සුඛපටිසංවෙදී බ්රහ්මභූතෙන අත්තනා විහරති.
Sinhala BJTහෙතෙම මෙසේ සිත එකඟ වූ කල්හි පිරිසිදු වූ කල්හි හාත්පසින් නිර්‍මල වූ කල්හි කෙලෙස් රහිත වූ කල්හි උපක්ලේශයන් පහ වැ ගිය කල්හි මෘදුවූ කල්හි කර්‍මයෝග්‍ය වැ සිටිකල්හි නො සැලෙන බවට පැමිණි කල්හි ආස්‍රවක්‍ෂය ඥානය පිණිස සිත නැඹුරු කෙරෙයි. හෙතෙම මේ දුකැ යි ඇති සැටියෙන් දැනගනි. මේ දුක් උපදනා හේතු යැ යි ඇති සැටියෙන් දැනගනි. මේ දුක් නැති කිරීමැ යි ඇති සැටියෙන් දැනගනි. මේ දුක් නැතිකිරීමට යන පිළිවෙතැ යි ඇති සැටියෙන් දැනගනි. මොහු ආස්‍රවයෝ යි ඇති සැටියෙන් දැනගනී. මේ ආස්‍රව උපදනා හේතු යැ යි ඇති සැටියෙන් දැනගනි. මේ ආස්‍රව නැති කිරීමැ යි ඇති සැටියෙන් දැනගනි. මේ ආස්‍රව නැති කිරීමට යන පිළිවෙතැ යි ඇති සැටියෙන් දැනගනි. ඔහු මෙසේ දන්නා කල්හි මෙසේ දක්නා කල්හි කාමාස්‍රවයෙන් සිත මිදෙයි. භවාස්‍රවයෙනුදු සිත මිදෙයි. අවිද්‍යාස්‍රවයෙනුදු සිත මිදෙයි. මිදුණු කල්හි මිදිණැ යි නුවණ ඇති වෙයි. ජාතිය ක්‍ෂය වූවා ය, බඹසර වැස නිමවන ලද, කළ යුත්ත කරන ලද, මේ අර්‍හත්‍වය පිණිස (කළ යුතු) අනෙකක් නැතැ යි දැනගනි. මෙසේ පුද්ගල ආත්මය (තමා) නො තවන්නේ මැ ආත්මය තවන යෝගයෙහි නො යෙදුණේ වෙයි. පරා නො තවන්නේ පරා තවන යෝගයෙහි නො යෙදුණේ වේ. හෙතෙම තමා නො තවන්නේ පරා නො තවන්නේ මෙ අත්බැව්හි මැ තෘෂ්ණා රහිත වූයේ නිවුණේ සිහිල් වූයේ සුව විඳුනේ ශ්‍රේෂ්ඨ වූ ආත්මයකින් යුතු වැ වාස කෙරේ.
Pali BJT25. කතමො ච පුග්ගලො සරාගො: යස්ස පුග්ගලස්ස රාගො අප්පහීණො, අයං වුච්චති පුග්ගලො සරාගො. කතමො ච පුග්ගලො සදොසො, යස්ස පුග්ගලස්ස දොසො අප්පහීණො, අයං වුච්චති පුග්ගලො සදොසො. කතමො ච පුග්ගලො සමොහො: යස්ස පුග්ගලස්ස මොහො අප්පහීණො, අයං වුච්චති පුග්ගලො සමොහො. කතමො ච පුග්ගලො සමානො, යස්ස පුග්ගලස්ස මානො අප්පහීණො, අයං වුච්චති පුග්ගලො සමානො.
Sinhala BJT25. ‘සරාග’ පුද්ගල කවරේ ද යත්: යම් පුද්ගලයක්හුගේ රාගය ප්‍රහීණ නො වූයේ ද, මේ පුද්ගල ‘සරාග’ යැ යි කියනු ලැබේ. ‘සදොස්’ පුද්ගල කවරේ ද යත්: යම් පුද්ගලයක්හුගේ ද්වේෂය ප්‍රහීණ නො වූයේ ද මේ පුද්ගල ‘සදෝස’ යැ යි කියනු ලැබේ. ‘සමෝහ’ පුද්ගල කවරේ ද යත්: යම් පුද්ගලයක්හුගේ මෝහය ප්‍රහීණ නො වූයේ ද මේ පුද්ගල ‘සමෝහ’ යැ යි කියනු ලැබේ. ‘සමාන’ පුද්ගල කවරේ ද යත්: යම් පුද්ගලයක්හුගේ මානය ප්‍රහීණ නො වූයේ ද මේ පුද්ගල ‘සමාන’ යැ යි කියනු ලැබේ.
Pali BJT26. කථඤ්ච පුග්ගලො ලාභී හොති අජ්ඣත්තං චෙතොසමථස්ස න ලාභී අධිපඤ්ඤාධම්මවිපස්සනාය, ඉධෙ’කච්චො පුග්ගලො ලාභී හොති රූපසහගතානං වා අරූපසහගතානං වා සමාපත්තීනං න ලාභී ලොකුත්තරමග්ගස්ස වා ඵලස්ස වා එවං පුග්ගලො ලාභී හොති අජ්ඣත්තං චෙතොසමථස්ස, න ලාභී අධිපඤ්ඤාධම්මවිපස්සනාය.
Sinhala BJT26. කෙසේ නම් පුද්ගල ‘ආධ්‍යාත්මික චිත්තසමථය ලබන්නේ අධිප්‍රඥා සංඛ්‍යාත ධර්‍මවිදර්‍ශනාව (ස්කන්‍ධාදියෙහි අනිත්‍යාදිවශයෙන් පවත්නා විදර්‍ශනාව) නො ලබන්නේ’ වේ ද යත්: මෙ සස්නෙහි කිසි පුද්ගලයෙක් රූපසහගත වූ හෝ අරූපසහගත වූ හෝ සමාපත්තීන් ලබන සුලු යැ, ලෝකෝත්තර මාර්‍ගය හෝ ඵලය නො ලබනසුලු වෙයි. මෙසේ පුද්ගල ආධ්‍යාත්මික ‘චිත්තසමථය ලබන්නේ අධිප්‍රඥා සංඛ්‍යාත ධර්‍මවිදර්‍ශනාව නො ලබන්නේ’ වේ.
Pali BJTකථඤ්ච පුග්ගලො ලාභී හොති අධිපඤ්ඤාධම්මවිපස්සනාය න ලාභී අජ්ඣත්තං චෙතොසමථස්ස: ඉධෙ’කච්චො පුග්ගලො ලාභී හොති ලොකුත්තරමග්ගස්ස වා ඵලස්ස වා, න ලාභී රූපසහගතානං වා අරූපසහගතානං වා සමාපත්තීනං එවං පුග්ගලො ලාභී හොති අධිපඤ්ඤාධම්මවිපස්සනාය න ලාභී අජ්ඣත්තං චෙතොසමථස්ස.
Sinhala BJTකෙසේ නම් පුද්ගල ‘අධිප්‍රඥාධර්‍මවිදර්‍ශනාව ලබන්නේ ආධ්‍යාත්මික විත්තශමථය නො ලබන්නේ’ වේ ද යත්: මෙ සස්නෙහි කිසි පුද්ගලයෙක් ලෝකෝත්තරමාර්‍ගය හෝ ඵලය ලබනසුලු යැ රූපසහගත (රූපාවචර) වූ හෝ අරූපසහගත (අරූපාවචර) වූ හෝ සමාපත්තීන් නො ලබනසුලු වෙයි. මෙසේ පුද්ගල ‘අධිප්‍රඥා සංඛ්‍යාත ධර්‍මවිදර්‍ශනාව ලබන්නේ ආධ්‍යාත්මික චිත්තශමථය නො ලබන්නේ’ වේ.
Pali BJTකථඤ්ච පුග්ගලො ලාභී චෙව හොති අජ්ඣත්තං චෙතොසමථස්ස ලාභී ච හොති අධිපඤ්ඤාධම්මවිපස්සනාය. ඉධෙ’කච්චො පුග්ගලො ලාභී හොති රූපසහගතානං වා අරූපසහගතානං වා සමාපත්තීනං, ලාභී ලොකුත්තරමග්ගස්ස වා ඵලස්ස වා එවං පුග්ගලො ලාභී චෙව හොති අජ්ඣත්තං චෙතොසමථස්ස, ලාභී අධිපඤ්ඤාධම්මවිපස්සනාය.
Sinhala BJTකෙසේ නම් පුද්ගල ‘ආධ්‍යාත්මික චිත්තශමථය ලබන්නේ මැ අධිප්‍රඥා සංඛ්‍යාත ධර්‍මවිදර්‍ශනාවත් ලබන්නේ වේ ද යත්: මෙ සසුන්හි කිසි පුද්ගලයෙක් රූපසහගත වූ හෝ අරූපසහගත වූ සමාපත්තීන් ලබන සුලු යැ, ලෝකෝත්තරමාර්‍ගය හෝ ඵලය ලබනසුලු වෙයි. මෙසේ පුද්ගල ‘ආධ්‍යාත්මික චිත්තශමථය ලබන්නේ මැ අධිප්‍රඥා සංඛ්‍යාත ධර්‍මවිදර්‍ශනාවත් ලබන්නේ’ වේ.
Pali BJTකථඤ්ච පුග්ගලො නෙව ලාභී හොති අජ්ඣත්තං චෙතො සමථස්ස, න ලාභී අධිපඤ්ඤාධම්මවිපස්සනාය: ඉධෙ’කච්චො පුග්ගලො නෙව ලාභී හොති රූපසහගතානං වා අරූපසහගතානං වා සමාපත්තීනං, ලාභී න ලොකුත්තරමග්ගස්ස වා ඵලස්ස වා එවං පුග්ගලො නෙව ලාභී හොති අජ්ඣත්තං චෙතොසමථස්ස, න ලාභී අධිපඤ්ඤාධම්මවිපස්සනාය.
Sinhala BJTකෙසේ නම් පුද්ගල ‘ආධ්‍යාත්මික විත්තශමථය නො ලබන්නේ මැ අධිප්‍රඥා සංඛ්‍යාත ධර්‍මවිදර්‍ශනාවත් නො ලබන්නේ’ වේ ද යත්: මෙ සසුන්හි කිසි පුද්ගලයෙක් රූපසහගත වූ හෝ අරූප සහගත වූ හෝ සමාපත්තීන් නො ලබන්නේ මැ වෙයි. ලෝකෝත්තරමාර්‍ගය හෝ ඵලයත් නො ලබනසුලු යැ, මෙසේ පුද්ගල ආධ්‍යාත්මික චිත්තශමථය නො ලබන්නේ මැ අධිප්‍රඥා සංඛ්‍යාත ධර්‍මවිදර්‍ශනාවත් නො ලබන්නේ වේ.
Pali BJT27. කතමො ච පුග්ගලො අනුසොතගාමී: ඉධෙකච්චො පුග්ගලො කාමෙ ච පටිසෙවති පාපඤ්ච කම්මං කරොති, අයං වුච්චති පුග්ගලො අනුසොතගාමී.
Sinhala BJT27. ‘අනුසෝතගාමී’ පුද්ගල කවරේ ද යත්: මෙ සසුන්හි කිසි පුද්ගලයෙක් කාමයන් ද සේවනය කෙරෙයි. පව්කම් ද කෙරෙයි, මේ පුද්ගල ‘අනුසෝතගාමී’ යැ යි කියනු ලැබේ.
Pali BJTකතමො ච පුග්ගලො පටිසොතගාමී: ඉධෙ’කච්චො පුග්ගලො කාමෙ ච න සෙවති, පාපඤ්ච කම්මං න කරොති, සො සහාපි දුක්ඛෙන සහාපි දොමනස්සෙන අස්සුමුඛො රුදමානො පරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං චරති, අයං වුච්චති පුග්ගලො පටිසොතගාමී.
Sinhala BJT‘පටිසෝතගාමී’ පුද්ගල කවරේ ද යත්: මෙ සසුන්හි කිසි පුද්ගලයෙක් කාමයන් ද සේවනය නො කෙරෙයි. පව් කම් ද නො කෙරෙයි. හෙතෙම දුක් සහිත වැ මැ දොම්නස් සහිත වැ මැ කඳුළු මුව ඇත්තේ හඬමින් පිරිපුන් පිරිසුදු බඹසර රකි. මේ පුද්ගල ‘පටිසෝතගාමී’ යැයි කියනු ලැබේ.
Pali BJTකතමො ච පුග්ගලො ඨිතත්තො: ඉධෙ’කච්චො පුග්ගලො පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා ඔපපාතිකො හොති තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මො තස්මා ලොකා, අයං වුච්චති පුග්ගලො ඨිතත්තො.
Sinhala BJT‘ස්ථිතාත්ම’ (නැවැතුණු ස්වභාව ඇති) පුද්ගල කවරේ ද යත්: මෙ සසුන්හි කිසි පුද්ගලයෙක් පඤ්චවිධ ඕරම්භාගිය සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් ඕපපාතික වූයේ ඒ සුද්ධාවාස බඹලොව්හි පිරිනිවෙනුයේ එලොවින් පෙරළා නො එන ස්වභාව ඇත්තේ වෙයි. මේ පුද්ගල ‘ස්ථිතාත්ම’ යැ යි කියනු ලැබේ.
Pali BJTකතමො ච පුග්ගලො තිණ්ණො පාරගතො ථලෙ තිට්ඨති බ්රාහ්මණො: ඉධෙ’කච්චො පුග්ගලො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති- අයං වුච්චති පුග්ගලො තිණ්ණො පාරගතො ථලෙ තිට්ඨති බ්රාහ්මණො.
Sinhala BJTකවර පුද්ගලයෙක් (තෘෂ්ණා ස්‍රොතස) තරණය කෙළේ නිවන් නැමැති පරතෙරට ගියේ අර්‍හත්ඵලසමාපත්ති නැමැති ස්ථලයෙහි සිටුනා ‘බ්‍රාහ්මණ’ වේ ද යත්: මෙ සසුන්හි කිසි පුද්ගලයෙක් ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් ආස්‍රව රහිත වූ චිත්තවිමුක්තියත් ප්‍රඥාවිමුක්තියත් මෙ අත්බැව්හි මැ තෙමේ වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වෙසෙයි. මේ පුද්ගල තරණය කළ එතෙරට ගිය ස්ථලයෙහි සිටුනා ‘බ්‍රාහ්මණ’ වේ.
Pali BJT28. කථඤ්ච පුග්ගලො අප්පස්සුතො හොති සුතෙන අනුප්පන්නො: ඉධෙ’කච්චස්ස පුග්ගලස්ස අප්පකං සුතං හොති සුත්තං ගෙය්යං වෙය්යාකරණං ගාථං උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වෙදල්ලං, සො තස්ස අප්පකස්ස සුතස්ස න අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මපටිපන්නො හොති. එවං පුග්ගලො අප්පස්සුතො හොති සුතෙන අනුප්පන්නො.
Sinhala BJT28. කෙසේ නම් පුද්ගල ‘අල්පශ්‍රැත වූයේ ශ්‍රැතයෙන් අනුත්පන්න’ වේ ද යත්: මෙ සසුන්හි කිසි පුද්ගලයක්හු විසින් සූත්‍ර ගෙය්‍ය වෙය්‍යාකරණ ගාථා උදාන ඉතිවුත්තක ජාතක අද්භූතධර්‍ම වේදල්ල යන මොහු මඳක් අසන ලද්දාහු වෙති. හෙතෙම ඒ අසන ලද මඳ දැයෙහි අර්‍ත්‍ථය දැනගෙන ධර්‍මය දැන ගෙන ධර්‍මානුධර්‍මයෙහි පිළිපන්නේ නො වෙයි. මෙසේ පුද්ගල ‘අල්පශ්‍රැත වූයේ ශ්‍රැතයෙන් අනුත්පන්න’ වේ.
Pali BJTකථඤ්ච පුග්ගලො අප්පස්සුතො හොති සුතෙන උප්පන්නො: ඉධෙකච්චස්ස පුග්ගලස්ස අප්පකං සුතං හොති සුත්තං ගෙය්යං වෙය්යාකරණං ගාථං උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වෙදල්ලං, සො තස්ස අප්පකස්ස සුතස්ස අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මපටිපන්නො හොති. එවං පුග්ගලො අප්පස්සුතො හොති සුතෙන උප්පන්නො.
Sinhala BJTකෙසේ නම් පුද්ගල ‘අල්පශ්‍රැත වූයේ ශ්‍රැතයෙන් උත්පන්න’ වේ ද යත්: මෙ සසුන්හි කිසි පුද්ගලයක්හු විසින් සූත්‍ර ගෙය්‍ය වෙය්‍යාකරණ ගාථා උදාන ඉතිවුත්තක ජාතක අද්භූතධර්‍ම වේදල්ල යන මොහු මඳ කොට අසන ලද්දාහු වෙති. හෙතෙම ඒ අසන ලද මඳ දැයෙහි අර්‍ත්‍ථය දැනගෙන ධර්‍මය දැනගෙන ධර්‍මානුධර්‍මයෙහි පිළිපන්නේ වෙයි. මෙසේ පුද්ගල ‘අල්පශ්‍රැත වූයේ ශ්‍රැතයෙන් උත්පන්න’ වේ.
Pali BJTකථඤ්ච පුග්ගලො බහුස්සුතො හොති සුතෙන අනුප්පන්නො: ඉධෙ’කච්චස්ස පුග්ගලස්ස බහුකං සුතං හොති සුත්තං ගෙය්යං වෙය්යාකරණං ගාථං උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වෙදල්ලං, සො තස්ස බහුකස්ස සුතස්ස න අත්ථමඤ්ඤාය න ධම්මමඤ්ඤාය න ධම්මානුධම්මපටිපන්නො හොති, එවං පුග්ගලො බහුස්සුතො හොති සුතෙන අනුප්පන්නො.
Sinhala BJTකෙසේ නම් පුද්ගල ‘බහුශ්‍රුත වූයේ ශ්‍රැතයෙන් අනුත්පන්න’ වේ ද යත්: මෙ සසුන්හි කිසි පුද්ගලයක්හු විසින් සූත්‍ර ගෙය්‍ය වෙය්‍යාකරණ ගාථා උදාන ඉතිවුත්තක ජාතක අද්භූතධර්‍ම වේදල්ල යන මොහු බොහෝ කොට අසන ලද්දාහු වෙති. හෙතෙම ඒ බොහෝ කොට අසන ලද දැයෙහි අර්‍ත්‍ථය දැනගෙන ධර්‍මය දැනගෙන ධර්‍මානුධර්‍මයෙහි පිළිපන්නේ නො වෙයි. මෙසේ පුද්ගල ‘බහුශ්‍රුත වූයේ ශ්‍රැතයෙන් අනුත්පන්න’ වේ.
Pali BJTකථඤ්ච පුග්ගලො බහුස්සුතො හොති සුතෙන උප්පන්නො: ඉධෙ’කච්චස්ස පුග්ගලස්ස බහුකං සුතං හොති සුත්තං ගෙය්යං වෙය්යාකරණං ගාථං උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වෙදල්ලං සො තස්ස බහුකස්ස සුතස්ස අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මපටිපන්නො හොති, එවං පුග්ගලො බහුස්සුතො හොති සුතෙන උප්පන්නො,
Sinhala BJTකෙසේ නම් පුද්ගල ‘බහුශ්‍රුත වූයේ ශ්‍රැතයෙන් උත්පන්න’ වේ ද යත්: මෙ සසුන්හි කිසි පුද්ගලයක්හු විසින් සූත්‍ර ගෙය්‍ය වෙය්‍යාකරණ ගාථා උදාන ඉතිවුත්තක ජාතක අද්භූතධර්‍ම වේදල්ල යන මොහු බොහෝ කොට අසන ලද්දාහු වෙති, හෙතෙම ඒ බොහෝ කොට අසන ලද දැයෙහි අර්‍ත්‍ථය දැනගෙන ධර්‍මය දැනගෙන ධර්‍මානුධර්‍මයෙහි පිළිපන්නේ වෙයි. මෙසේ පුද්ගල බහුශ්‍රුත වූයේ ශ්‍රැතයෙන් උත්පන්න’ වේ.
Pali BJT29. කතමො ච පුග්ගලො සමණමචලො: ඉධෙ’කච්චො පුග්ගලො තිණ්ණං සංයොජනානං පරික්ඛයා සොතාපන්නො හොති අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො, අයං වුච්චති පුග්ගලො සමණමචලො.
Sinhala BJT29. කවර නම් පුද්ගලයෙක් ‘සමණමචල’ (අචල ශ්‍රමණ) වේ ද යත්: මෙ සසුන්හි කිසි පුද්ගලයෙක් සංයෝජනත්‍රයක්හුගේ ක්‍ෂයකිරීමෙන් සෝතාපන්න වූයේ විනිපාත ස්වභාව නැත්තේ (මාර්‍ග) නියත වූයේ සම්බෝධිය පිහිට කොට ඇත්තේ වෙයි. මේ පුද්ගල ‘ශ්‍රමණාචල’ යැ යි කියනු ලැබේ.
Pali BJTකතමො ච පුග්ගලො සමණපදුමො: ඉධෙ’කච්චො පුග්ගලො තිණ්ණං සංයොජනානං පරික්ඛයා රාගදොසමොහානං තනුත්තා සකදාගාමී හොති සකිදෙව ඉමං ලොකං ආගන්ත්වා දුක්ඛස්සන්තං කරොති, අයං වුච්චති පුග්ගලො සමණපදුමො.
Sinhala BJTකවර නම් පුද්ගලයෙක් ‘ශ්‍රමණ පද්ම’ වේ ද යත්: මෙ සසුන්හි කිසි පුද්ගලයෙක් සංයෝජනත්‍රයක්හුගේ ක්‍ෂය කිරීමෙන් රාග ද්වේෂ මෝහයන්ගේ තුනී බැවින් සකෘදාගාමී වෙයි. වරක් මැ මෙලොවට අවුත් දුක් කෙළවර කෙරෙයි. මේ පුද්ගල ‘ශ්‍රමණපද්ම’ යැ යි කියනු ලැබේ.
Pali BJTකතමො ච පුග්ගලො සමණපුණ්ඩරීකො: ඉධෙ’කච්චො පුග්ගලො පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා ඔපපාතිකො හොති තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මො තස්මා ලොකා, අයං වුච්චති පුග්ගලො සමණපුණ්ඩරීකො.
Sinhala BJTකවර නම් පුද්ගලයෙක් ‘ශ්‍රමණපුණ්ඩරීක’ වේ ද යත්: මෙ සසුන්හි කිසි පුද්ගලයෙක් පඤ්චවිධ ඕරමභාගීය සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් ඕපපාතික වූයේ එහි පිරිනිවෙනසුලු වූයේ එලොවින් පෙරළා නො එන ස්වභාව ඇත්තේ වෙයි. මේ පුද්ගල ‘ශ්‍රමණ පුණ්ඩරීක’ යැ යි කියනු ලැබේ.
Pali BJTකතමො ච පුග්ගලො සමණෙසු සමණසුඛුමාලො: ඉධෙ’කච්චො පුග්ගලො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති, අයං වුච්චති පුග්ගලො සමණෙසු සමණසුඛුමාලො.
Sinhala BJTකවර පුද්ගලයෙක් ශ්‍රමණයන් අතුරෙහි ‘ශ්‍රමණසුකුමාර’ වේ ද යත්: මෙසසුන්හි කිසි පුද්ගලයෙක් ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් ආසුව රහිත වූ චිත්ත විමුක්තියත් (ඵලසමාධිය) ප්‍රඥා විමුක්තිය (ඵල ප්‍රඥාව)ත් මෙ අත්බැව්හි මැ තෙමේ වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වෙසෙයි. මේ පුද්ගල ශ්‍රමණයන් අතුරෙහි ‘ශ්‍රමණසුකුමාර’ යැ යි කියනු ලැබේ.
Pali BJTචතුක්ක නිද්දෙසො නිට්ඨිතො.
Sinhala BJTචතුෂ්ක නිර්‍දෙශය නිමියේ.
Pali BJT5. පඤ්චක නිද්දෙසො
Sinhala BJT5. පඤ්චක නිර්‍දෙශය
Pali BJT1. තත්ර ය්වායං පුග්ගලො ආරම්භති{1} ච විප්පටිසාරී ච හොති. තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං නප්පජානාති යත්ථස්ස තෙ උප්පන්නා පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්ති. සො එවමස්ස වචනීයො: ආයස්මතො ඛො ආරම්භජා ආසවා සංවිජ්ජන්ති, විප්පටිසාරජා ච ආසවා පවඩ්ඪන්ති, සාධුවතායස්මා ආරම්භජෙ ආසවෙ පහාය විප්පටිසාරජෙ ආසවෙ පටිවිනොදෙත්වා චිත්තං පඤ්ඤඤ්ච භාවෙතු. එවමායස්මා අමුනා පඤ්චමෙන පුග්ගලෙන සමසමො භවිස්සතීති.
Sinhala BJT1. ඔවුනතුරෙහි යම් පුද්ගලයෙක් ඇවැතට පැමිණෙන්නේත් විපිළිසර වන්නේත් වේ ද, යම් තැනක ඔහුට උපන් ඒ ලාමක අකුශලධර්‍මයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම් ඒ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් ඇති සැටියෙන් නො දනී ද හෙතෙම මෙසේ කියයුතු වන්නේ යැ. (කෙසේ ද.) “ආයුෂ්මතුන්ගේ ඇවැතට පැමිණීමෙන් හටගත් ආස්‍රවයෝ දක්නා ලැබෙත්. විපිළිසරයෙන් හටගත් ආස්‍රවයෝ ද වෙසෙසින් වැඩෙත්. ආයුෂ්මත් තෙමේ ඇවැතට පැමිණීමෙන් හටගත් ආස්‍රවයන් දුරු කොට විපිළිසරයෙන් හටගත් ආස්‍රවයන් ද බැහැර කොට සමාධියත් විදර්‍ශනාවත් වඩනු මැනැවි. මෙසේ ආයුෂ්මත් තෙල පස් වැනි (ක්‍ෂීණාස්‍රව) පුද්ගලයා හා සමසමයෙක් වන්නේ යැ” යි.
Pali BJTතත්ර ය්වායං පුග්ගලො ආරම්භති න විප්පටිසාරී හොති. තඤ්ච චෙතො විමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං නප්පජානාති යත්ථස්ස තෙ උප්පන්නා පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්ති. සො එවමස්ස වචනීයො-ආයස්මතො ඛො ආරම්භජා ආසවා සංවිජ්ජන්ති, විප්පටිසාරජා ආසවා නප්පවඩ්ඪන්ති, සාධුවතායස්මා ආරම්භජෙ ආසවෙ පහාය චිත්තං පඤ්ඤඤ්ච භාවෙතු එවමායස්මා අමුනා පඤ්චමෙන පුග්ගලෙන සමසමො භවිස්සතීති.
Sinhala BJTඔවුනතුරෙහි යම් පුද්ගලයෙක් ඇවැතට පැමිණේ ද විපිළිසර නො වනසුලු වේ ද යම් තැනක ඔහුට උපන් ඒ ලාමක අකුශලධර්‍මයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම් ඒ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් ඇති සැටියෙන් නො දනි ද, හෙතෙම මෙසේ කිය යුතු වන්නේ යැ, ආයුෂ්මතුන්ගේ ඇවැතට පැමිණීමෙන් හටගත් ආස්‍රවයෝ දක්නා ලැබෙත්. විපිළිසරයෙන් හටගත් ආස්‍රවයෝ නො වැඩෙත්. ආයුෂ්මත් ඇවැතට පැමිණීමෙන් හටගත් ආස්‍රවයන් දුරු කොට සමථයත් විදර්‍ශනාවත් වඩනු මැනවි. මෙසේ ආයුෂ්මත් තෙල පස් වැනි (ක්‍ෂීණාස්‍රව) පුද්ගලයා හා සමසමයෙක් වන්නේ යැ” යි.
Pali BJTතත්ර ය්වායං පුග්ගලො න ආරම්භති විප්පටිසාරී හොති. තඤ්ච චෙතො විමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං නප්පජානාති යත්ථස්ස තෙ උප්පන්නා පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්ති. සො එවමස්ස වචනීයො-ආයස්මතො ඛො ආරම්භජා ආසවා න සංවිජ්ජන්ති, විප්පටිසාරජා ආසවා පවඩ්ඪන්ති, සාධු වතායස්මා විප්පටිසාරජෙ ආසවෙ පටිවිනොදෙත්වා චිත්තං පඤ්ඤඤ්ච භාවෙතු එවමායස්මා අමුනා පඤ්චමෙන පුග්ගලෙන සමසමො භවිස්සතීති.
Sinhala BJTඔවුනතුරෙහි යම් පුද්ගලයෙක් ඇවැතට නො පැමිණේ ද, විපිළිසර වන්නේ ද, යම් තැනක ඔහුට උපන් ඒ ලාමක අකුශලධර්‍මයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම් ඒ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් ඇති සැටියෙන් නො දනී ද, හෙතෙම මෙසේ කිය යුතු වන්නේ යැ, “ආයුෂ්මතුන්ගේ ඇවැතට පත්වීමෙන් හටගත් ආස්‍රවයෝ නො දක්නා ලැබෙත්. විපිළිසරයෙන් හටගත් ආස්‍රවයෝ වෙසෙසින් වැඩෙත්. ආයුෂ්මත් විපිළිසරයෙන් හටගත් ආස්‍රවයන් බැහැර කොට සමථ විදර්‍ශනා වඩනු මැනැවි. මෙසේ ආයුෂ්මත් තෙල පස්වැනි (ක්‍ෂීණාස්‍රව) පුද්ගලයා භා සමසමයෙක් වන්නේ යැ” යි.
Pali BJTතත්ර ය්වායං පුග්ගලො නාරම්භති න විප්පටිසාරී හොති, තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං නප්පජානාති, යත්ථස්ස තෙ උප්පන්නා පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්ති. සො එවමස්ස වචනීයො-ආයස්මතො ඛො ආරම්භජා ආසවා න සංවිජ්ජන්ති, විප්පටිසාරජා ආසවා නප්පවඩ්ඪන්ති. සාධු වතායස්මා චිත්තං පඤ්ඤඤ්ච භාවෙතු එවමායස්මා අමුනා පඤ්චමෙන පුග්ගලෙන සමසමො භවිස්සතීති. ඉති ඉමෙ චත්තාරො පුග්ගලා අමුනා පඤ්චමෙන පුග්ගලෙන එවං ඔවදියමානා, එවං අනුසාසියමානා අනුපුබ්බෙන ආසවානං ඛයං පාපුණන්ති.
Sinhala BJTඔවුනතුරෙහි යම් පුද්ගලයෙක් ඇවැතට නො පැමිණේ ද, විපිළිසර නො වන්නේ ද යම් තැනක ඔහුට උපන් ඒ ලාමක අකුශලධර්‍මයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම් ඒ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් ඇති සැටියෙන් නො දනි ද, හෙතෙම මෙසේ කිය යුතු වන්නේ යැ: “ආයුෂ්මතුන්ගේ ඇවැතට පැමිණීමෙන් හටගත් ආස්‍රවයෝ නොදක්නා ලැබෙත්. විපිළිසරයෙන් හටගත් ආස්‍රවයෝ නො වැඩෙත්. ආයුෂ්මත් සමථවිදර්‍ශනා වඩනු මැනැවි. මෙසේ ආයුෂ්මත් තෙමේ තෙල පස්වැනි (ක්‍ෂීණාස්‍රව) පුද්ගලයා හා සමසමයෙක් වන්නේ යැ යි මෙසේ මේ පුද්ගලයෝ සතරදෙන තෙල පස්වැනි (ක්‍ෂීණාස්‍රව) පුද්ගලයා විසින් මෙසේ අවවාද කරනු ලබන්නාහු මෙසේ අනුශාසනා කරනු ලබන්නාහු අනුක්‍රමයෙන් ආස්‍රවයන්ගේ ක්‍ෂය වීමට පැමිණෙත්.
Pali BJT2. කථඤ්ච පුග්ගලො දත්වා අවජානාති: ඉධෙ’කච්චො පුග්ගලො පුග්ගලස්ස දෙති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං තස්ස එවං හොති අහං දම්මි, අයං{1} පතිගණ්හාතීති{2}, තමෙනං දත්වා අවජානාති, එවං පුග්ගලො දත්වා අවජානාති.
Sinhala BJT2. කෙසේ පුද්ගල ‘දී අවසනැ අවමන් කෙරේ’ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් පුද්ගලයක් හට සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර දෙයි. ඔහුට “මම දෙමි, මේ තෙමේ පිළිගනී” යන මෙ බඳු සිතෙක් වෙයි. ඒ මොහුට ‘දී’ අවමන් කෙරේ. මෙසේ පුද්ගල ‘දී අවමන් කෙරේ.’
Pali BJTකථඤ්ච පුග්ගලො සංවාසෙන අවජානාති: ඉධෙ’කච්චො පුග්ගලො පුග්ගලෙන සද්ධිං සංවසති ද්වෙ වා තීණි වා වස්සානි, තමෙනං සංවාසෙන අවජානාති, එවං පුග්ගලො සංවාසෙන අවජානාති.
Sinhala BJTකෙසේ නම් පුද්ගල ‘සංවාසයෙන් අවමන් කෙරේ’ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් පුද්ගලයකු සමග හවුරුදු දෙකක් හෝ තුනක් හෝ එක් වැ වෙසෙයි. ඒ මොහුට (ගරු සරු නො කිරීමෙන්) සහවාසයෙන් අවමන් කෙරේ. මෙසේ පුද්ගල ‘සහවාසයෙන් අවමන් කෙරේ.’
Pali BJTකථඤ්ච පුග්ගලො ආධෙය්යමුඛො හොති: ඉධෙ’කච්චො පුග්ගලො පරස්ස වණ්ණෙ වා අවණ්ණෙ වා භාසියමානෙ ඛිප්පඤ්ඤෙව අධිමුච්චිතා හොති, එවං පුග්ගලො ආධෙය්යමුඛො හොති.
Sinhala BJTකෙසේ නම් පුද්ගල ‘ආධෙය්‍යමුඛ’ (පළමු වචනය තර වැ ගන්නේ) වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් අනෙකකුගේ ගුණයක් හෝ නුගුණයක් හෝ කියනු ලබන කල්හි වහා මැ හදහන්නේ වෙයි. මෙසේ පුද්ගල ‘ආධෙය්‍යමුඛ’ වේ.
Pali BJTකථඤ්ච පුග්ගලො ලොලො හොති: ඉධෙ’කච්චො පුග්ගලො ඉත්තරසද්ධො හොති, ඉත්තරභත්තී, ඉත්තරපෙමො, ඉත්තරපසාදො, එවං පුග්ගලො ලොලො හොති.
Sinhala BJTකෙසේ නම් පුද්ගල ‘ලෝලයෙක්’ (සැලෙන්නේ) වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් ‘හීනශ්‍රද්ධා’ ඇත්තේ, හීනභක්ති ඇත්තේ හීනප්‍රේම ඇත්තේ හීනප්‍රසාද ඇත්තේ වෙයි. මෙසේ පුද්ගල ‘ලෝලයෙක්’ වේ.
Pali BJTකථඤ්ච පුග්ගලො මන්දො මොමූහො හොති: ඉධෙ’කච්චො පුග්ගලො කුසලාකුසලෙ ධම්මෙ න ජානාති. සාවජ්ජානවජ්ජෙ ධම්මෙ න ජානාති. හීනප්පණීතෙ ධම්මෙ න ජානාති: කණ්හසුක්කසප්පටිභාගෙ ධම්මෙ න ජානාති. එවං පුග්ගලො මොමූහො හොති.
Sinhala BJTකෙසේ නම් පුද්ගල අඥානයෙක් මහාමූඪයෙක් වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් කුශලාකුශලධර්‍මයන් නො දනි. සාවද්‍ය නිරවද්‍ය ධර්‍මයන් නො දනි හීනප්‍රණීත ධර්‍මයන් නො දනී. සප්‍රතිභාග (අන්‍යෝන්‍ය ප්‍රතිවිරුද්ධ) වූ කෘෂ්ණශුක්ල ධර්‍මයන් නො දනි. මෙසේ පුද්ගල ‘අඥානයෙක් මහාමූඪයෙක්’ වේ.
Pali BJT3. තත්ථ කතමෙ පඤ්ච යොධාජීවූපමා පුග්ගලා පඤ්ච යොධාජීවා, ඉධෙ’කච්චො යොධාජීවො රජග්ගඤ්ඤෙව දිස්වා සංසීදති, විසීදති, න සන්ථම්භති{3} න සක්කොති සංගාමං ඔතරිතුං එවරූපොපි ඉධෙ’කච්චො යොධාජීවො හොති අයං පඨමො යොධාජීවො සන්තො සංවිජ්ජමානො ලොකස්මිං.
Sinhala BJT3. එහි යුදසෙබළුන් බඳු පුද්ගලයෝ පස් දෙන කවරහ යත්: යුදසෙබළු පස් දෙනෙකි; මෙලොව යුදසෙබළෙක් ධූලිකඳ මතු දැක නවති, පසු බසී, දැඩි නො වෙයි, රණබිමට බස්නට නො හැකි වෙයි. මෙලොව මෙබඳු වූ ද යුද සෙබළෙක් වෙයි. මේ තෙමේ ලොවැ ඇති. විද්‍යමාන වූ පළමුවැනි යුද සෙබළා යි.
Pali BJTපුන චපරං ඉධෙ’කච්චො යොධාජීවො සහති රජග්ගං. අපි ච ඛො ධජග්ගඤ්ඤෙව දිස්වා සංසීදති, විසීදති, න සන්ථම්භති, න සක්කොති සඞ්ගාමං ඔතරිතුං, එවරූපොපි ඉධෙ’කච්චො යොධාජීවො හොති. අයං දුතියො යොධාජීවො සන්තො සංවිජ්ජමානො ලොකස්මිං.
Sinhala BJTතවද අනෙකෙකි: මෙලොව එක් යුදසෙබළෙක් ධූලිකඳ ඉවසයි. එතෙකුදු වත් දද කෙළවර මතු දැක නවතී, පසුබසී, නො දැඩි වෙයි, රණබිමට බස්නට නො හැකි වෙයි. මෙහි මෙබඳු වූ ද කිසි යුද සෙබළෙක් වෙයි. මෙ තෙමේ ලොව ඇති දක්නා ලැබෙන දෙවැනි යුදසෙබළා යි.
Pali BJTපුන චපරං ඉධෙ’කච්චො යොධාජීවො සහති රජග්ගං, සහති ධජග්ගං, අපි ච ඛො උප්පාදනං යෙව සුත්වා සංසීදති, විසීදති න සන්ථම්භති{1} න සක්කොති සඞ්ගාමං ඔතරිතුං. එවරූපො’පි ඉධෙ’කච්චො යොධාජීවො හොති. අයං තතියො යොධාජීවො සන්තො සංවිජ්ජමානො ලොකස්මිං.
Sinhala BJTතවද අනෙකෙකි; මෙහි කිසි යුදසෙබළෙක් (රණබිම්හි) ධූලිකඳ ඉවසයි, දද කෙළවර ඉවසයි, එතෙකුදු වත් රණගොස මතු අසා නවති, පසුබසි, නො දැඩි වෙයි. රණ බිමට බස්නට නො හැකි වෙයි. මෙහි මෙබඳු වූ ද කිසි යුදසෙබළෙක් වෙයි. මේ තෙමේ ලොවැ ඇති දක්නා ලැබෙන තුන්වැනි යුදසෙබළා යි.
Pali BJTපුන චපරං ඉධෙ’කච්චො යොධාජීවො සහති රජග්ගං, සහති ධජග්ගං, සහති උස්සාදනං. අපි ච ඛො සම්පහාරෙ හඤ්ඤති ව්යාපජ්ජති, එවරූපො’පි ඉධෙ’කච්චො යොධාජීවො හොති, අයං චතුත්ථො යොධාජීවො සන්තො සංවිජ්ජමානො ලොකස්මිං.
Sinhala BJTතවද අනෙකෙකි: මෙලොව කිසි යුදසෙබළෙක් ධූලිකඳ ඉවසයි දද අග ඉවසයි, රණගොස ඉවසයි. එතෙකුදු වත් පහර එත් මැ නැසෙයි, දුර්මුඛ වෙයි. මෙහි මෙ බඳු වූ ද කිසි යුදසෙබළෙක් වෙයි. මේ තෙමේ ලොවැ ඇති දක්නා ලැබෙන සතරවැනි යුදසෙබළා යි.
Pali BJTපුන චපරං ඉධෙ’කච්චො යොධාජීවො සහති රජග්ගං, සහති ධජග්ගං, සහති උස්සාදනං, සහති සම්පහාරං, සො තං සඞ්ගාමං අභිවිජිනිත්වා විජිතසඞ්ගාමො තමෙව සඞ්ගාමසීසං අජ්ඣාවසති. එවරූපො’පි ඉධෙ’කච්චො යොධාජීවො හොති අයං පඤ්චමො යොධාජීවො සන්තො සංවිජ්ජමානො ලොකස්මිං.
Sinhala BJTතවද අනෙකෙකි; මෙහි එක් යුදසෙබළෙක් ධූලි කඳ ඉවසයි, දද අග ඉවසයි, රණගොස ඉවසයි, අවිපහර ඉවසයි. හෙතෙම ඒ යුදය ජය ගෙන දිනූයුද ඇත්තේ ඒ මැ ජය කඳවුරෙහි වාස කෙරෙයි, මෙහි මෙබඳු වූ ද කිසි යුදසෙබළෙක් වෙයි. මේ තෙමේ ලොව ඇති, දක්නා ලැබෙන පස්වැනි යුදසෙබළා යි.
Pali BJTඉමෙ පඤ්ච යොධාජීවා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං, එවමෙව පඤ්ච යොධාජීවූපමා පුග්ගලා සන්තො සංවිජ්ජමානා භික්ඛූසු, කතමෙ පඤ්ච: ඉධෙ’කච්චො භික්ඛු රජග්ගඤ්ඤෙව දිස්වා සංසීදති, විසීදති, න සන්ථම්භති, න සක්කොති බ්රහ්මචරියං සන්තානෙතුං{2}. සික්ඛා දුබ්බල්යං ආවීකත්වා, සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති. කිමස්ස රජග්ගස්මිං: ඉධ භික්ඛු සුණාති, අමුකස්මිං නාම ගාමෙ වා නිගමෙ වා ඉත්ථී වා කුමාරී වා අභිරූපා දස්සනීයා පාසාදිකා පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතාති. සො තං සුත්වා සංසීදති, විසීදති, න සන්ථම්භති, න සක්කොති බ්රහ්මචරියං සන්තානෙතුං, සික්ඛාදුබ්බල්යං ආවීකත්වා{3} සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති. ඉදමස්ස රජග්ගස්මිං. සෙය්යථාපි සො යොධාජීවො රජග්ගඤ්ඤෙව දිස්වා සංසීදති, විසීදති, න සන්ථම්භති, න සක්කොති සඞ්ගාමං ඔතරිතුං. තථූපමො අයං පුග්ගලො. එවරූපො’පි ඉධෙ’කච්චො පුග්ගලො හොති අයං පඨමො යොධාජීවූපමො පුග්ගලො සන්තො සංවිජ්ජමානො භික්ඛූසු.
Sinhala BJTමොහු පස්දෙන ලොවැ ඇති දක්නා ලැබෙන යුදසෙබළු යි. එපරිදි මැ භික්‍ෂූන් අතුරෙහි ඇති දක්නා ලැබෙන යුදසෙබළුනට බඳු පුද්ගලයෝ පස් දෙනෙකි. කවර පස් දෙනෙක් ද යත්: මෙ සසුන්හි එක් මහණෙක් රජග්ගය මැ දැක කිඳෙයි පසුබසී නො දැඩි වෙයි. බඹසර රක්නට නො හැකි වෙයි. ශික්‍ෂා දුර්‍වල බව ප්‍රකාශ කොට ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යානය කොට ගිහි වෙයි. ඔහුගේ රජග්ගය කිමෙක් ද යත්: මෙ සසුන්හි මහණ “අසුවල් නම් ගම්හි හෝ නිගම්හි හෝ ස්ත්‍රියක් හෝ කුමරියක් හෝ මනා රූ ඇත්තී යැ දැකුම්කලු යැ ප්‍රසාද එළවනසුලු යැ උතුම් රූසපුයෙන් යුක්ත යැ යි අසයි. හෙතෙම එය අසා කිඳෙයි, පසු බසී, නො දැඩි වෙයි. බඹසර රක්නට නො හැකි වෙයි. ශික්‍ෂා දුර්‍වල බව ප්‍රකාශ කොට ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යානය කොට ගිහි වේ. මේ ඔහුගේ රජග්ගය යි. යම්සේ මැ ඒ යුදසෙබළ තෙමේ රජග්ගය මැ දැක කිඳේ ද, පසු බසී ද, නො දැඩි වේ ද, රණ බිමට බස්නට නො හැකි වේද, මේ පුද්ගල එබඳු යි. මෙහි මෙබඳු වූ ද පුද්ගලයෙක් වෙයි. මෙතෙමේ භික්‍ෂූන් අතුරෙහි ඇති දක්නා ලැබෙන පළමු වැනි යුද සෙබළාට බඳු පුද්ගලයා යි.
Pali BJTපුන චපරං ඉධෙ’කච්චො භික්ඛු සහති රජග්ගං අපි ච ඛො ධජග්ගඤ්ඤෙව දිස්වා සංසීදති, විසීදති, න සන්ථම්භති. න සක්කොති බ්රහ්මචරියං සන්තානෙතුං.{2} සික්ඛාදුබ්බල්යං ආවීකත්වා, සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති, කිමස්ස ධජග්ගස්මිං: ඉධ භික්ඛු නහෙව ඛො සුණාති, අමුකස්මිං නාම ගාමෙ වා නිගමෙ වා ඉත්ථී වා කුමාරි වා අභිරූපා දස්සනීයා පාසාදිකා පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතාති.
Sinhala BJTතවද අනෙකෙකි: මෙ සසුන්හි කිසි මහණෙක් රජග්ගය ඉවසයි. එතෙකුදු වත් ධජග්ගය දැක කිඳෙයි, පසුබසී, නො දැඩි වෙයි, බඹසර පවත්වන්නට නො හැකි වෙයි. ශික්‍ෂා දුර්‍වල බව ප්‍රකාශ කොට ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යානය කොට ගිහි වෙයි. ඔහුට ධජග්ගය කිමෙක් ද යත්: මෙ සසුන්හි මහණ “අසුවල් නම් ගම්හි හෝ නිගම්හි හෝ ස්ත්‍රියක් හෝ කුමරියක් හෝ මනාරූ ඇත්තී යැ, දැකුම්කලු යැ, ප්‍රසාදය එළවනසුලු යැ, උතුම් රූසපුයෙන් යුක්ත යැ යි නො මැ අසයි.
Pali BJTඅපි ච ඛො සාමං යෙව පස්සති{1} ඉත්ථිං වා කුමාරිං වා අභිරූපං දස්සනීයං පාසාදිකං පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතං. සො තං දිස්වා සංසීදති, විසීදති, න සන්ථම්භති, න සක්කොති බ්රහ්මචරියං සන්තානෙතුං, සික්ඛාදුබ්බල්යං ආවීකත්වා සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති. ඉදමස්ස ධජග්ගස්මිං. සෙය්යථාපි සො යොධාජීවො සහති රජග්ගං. අපි ච ඛො ධජග්ගඤ්ඤෙව දිස්වා සංසීදති විසීදති න සන්ථම්භති න සක්කොති සඞ්ගාමං ඔතරිතුං තථූපමො අයං පුග්ගලො. එවරූපොපි ඉධෙ’කච්චො පුග්ගලො හොති. අයං දුතියො යොධාජීවූපමො පුග්ගලො සන්තො සංවිජ්ජමානො භික්ඛූසු.
Sinhala BJTඑතෙකුදු වත් “මනාරූ ඇති දැකුම්කලු වූ ප්‍රසාද එළවනසුලු වූ උතුම් රූසපුයෙන් යුත් ස්ත්‍රියක් හෝ කුමරියක් හෝ තෙමේ මැ දකි. හෙතෙම ඇය දැක කිඳෙයි, පසු බසී, නො දැඩි වෙයි, බඹසර රක්නට නො හැකි වෙයි. ශික්‍ෂා දුර්‍වල බව ප්‍රකාශ කොට ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යානය කොට ගිහි බවට පෙරළෙයි. මේ ඔහුට ධජග්ග යි. යම් සේ මැ ඒ යුදසෙබළ රජග්ගය ඉවසා ද එතෙකුදු වත් ධජග්ගය මැ දක කිඳේ ද, පසු බසී ද, නො දැඩි වේ ද, රණ බිමට බස්නට නො හැකි වේ ද, මේ පුද්ගල එබඳු යි. මෙහි මෙබඳු වූ ද පුද්ගලයෙක් වෙයි. මේ තෙමේ භික්‍ෂූන් අතුරෙහි ඇති දක්නා ලැබෙන දෙවැනි යුදසෙබළාට බඳු පුද්ගලයා යි.
Pali BJTපුන චපරං ඉධෙ’කච්චො භික්ඛු සහති රජග්ගං සහති ධජග්ගං. අපි ච ඛො උස්සාදනංයෙව සුත්වා සංසීදති, විසීදති, න සන්ථම්භති, න සක්කොති බ්රහ්මචරියං සන්තානෙතුං{2} සික්ඛාදුබ්බල්යං ආවීකත්වා සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති, කිමස්ස උස්සාදනායං. ඉධ භික්ඛුං අරඤ්ඤගතං වා, රුක්ඛමූලගතං වා, සුඤ්ඤාගාරගතං වා මාතුගාමො උපසංකමිත්වා ඌහසති උල්ලපති උජ්ඣග්ඝති උප්පණ්ඩෙති. සො මාතුගාමෙන ඌහසියමානො උල්ලපියමානො උජ්ඣග්ඝියමානො උප්පණ්ඩියමානො සංසීදති, විසීදති, න සන්ථම්භති, න සක්කොති බ්රහ්මචරියං සන්තානෙතුං සික්ඛාදුබ්බල්යං ආවීකත්වා සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති. ඉදමස්ස උස්සාදනාය. සෙය්යථාපි සො යොධාජීවො සහති රජග්ගං, සහති ධජග්ගං. අපිච ඛො උස්සාදනංයෙව සුත්වා සංසීදති, විසීදති, න සන්ථම්භති, න සක්කොති සඞ්ගාමං ඔතරිතුං. තථූපමො අයං පුග්ගලො, එවරූපොපි ඉධෙ’කච්චො පුග්ගලො හොති. අයං තතියො යොධාජීවූපමො පුග්ගලො සන්තො සංවිජ්ජමානො භික්ඛුසු.
Sinhala BJTතවද අනෙකෙකි: මෙ සසුන්හි කිසි මහණෙක් රජග්ගය ඉවසයි, ධජග්ගය ඉවසයි. එතෙකුදු වත් (රණහඬ) උස්සාදනය මැ අසා කිඳෙයි, පසු බසී, නො දැඩි වෙයි, බඹසර රක්නට නො හැකි වෙයි. ශික්‍ෂා දුර්‍වලභාවය ප්‍රකාශ කොට ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යානය කොට ගිහි බවට පෙරළෙයි. ඔහුට (රණහඬ) උස්සාදනය කිමෙක් ද යත්: මෙ සසුන්හි අරණ්‍යගත වූ හෝ වෘක්‍ෂමූලගත වූ හෝ ශුන්‍යාගාරගත වූ හෝ මහණකු කරා මාගමක් එළඹ මුකුළු කොට සිනා සෙයි, කථා කරයි, හඬනගා සිනා සෙයි, කෙළි කවට බෙණෙයි. හෙතෙම මාගම විසින් මුකුළු කොට සිනාසෙනු ලබන්නේ මුකුළු කොට බණනු ලබන්නේ හඬනඟා සිනාසෙනු ලබන්නේ කවටකම් කරනු ලබන්නේ කිඳෙයි, පසු බසී, නොදැඩි වෙයි. බඹසර රක්නට නො හැකි වෙයි, ශික්‍ෂණ දුර්‍වල බව ප්‍රකාශ කොට ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යානය කොට ගිහි බවට පෙරළෙයි. මේ ඔහුට රණහඬ වෙයි. යම්සේ මැ ඒ යුදසෙබළ රජග්ගය ඉවසා ද ධජග්ගය ඉවසා ද එතෙකුදු වත් උස්සාදනය (රණහඬ) මැ අසා කිඳේ ද පසු බසී ද නො දැඩි වේද රණබිමට බස්නට නො හැකි වේ ද, මේ පුද්ගල එබඳු යි. මෙහි මෙබඳු වූ ද පුද්ගලයෙක් වෙයි. මේ තෙමේ භික්‍ෂූන් අතුරෙහි ඇති දක්නා ලැබෙන තුන්වැනි වූ යුදසෙබළාට බඳු පුද්ගලයා යි.
Pali BJTපුන චපරං ඉධෙ’කච්චො භික්ඛු සහති රජග්ගං, සහති ධජග්ගං, සහති උස්සාදනං. අපි ච ඛො සම්පහාරෙ හඤ්ඤති ව්යාපජ්ජති. කිමස්ස සම්පහාරස්මිං. ඉධ භික්ඛුං අරඤ්ඤගතං වා රුක්ඛමූලගතං වා සුඤ්ඤාගාරගතං වා මාතුගාමො උපසංකමිත්වා අභිනිසීදති, අභිනිපජ්ජති, අජ්ඣොත්ථරති. සො මාතුගාමෙන අභිනිසීදියමානො අභිනිපජ්ජියමානො අජ්ඣොත්ථරියමානො සික්ඛං අපච්චක්ඛාය දුබ්බල්යං අනාවීකත්වා මෙථුනං ධම්මං පතිසෙවති, ඉදමසස්ස සම්පහාරස්මිං. සෙය්යථාපි සො යොධාජීවො සහති රජග්ගං, සහති ධජග්ගං, සහති උස්සාදනං. අපිච ඛො සම්පහාරෙ හඤ්ඤති ව්යාපජ්ජති තථූපමො අයං පුග්ගලො. එවරූපොපි ඉධෙ’කච්චො පුග්ගලො හොති, අයං චතුත්ථො යොධාජීවූපමො පුග්ගලො සන්තො සංවිජ්ජමානො භික්ඛූසු.
Sinhala BJTතවද අනෙකෙකි: මෙ සසුන්හි කිසි මහණෙක් ධූලිකඳ ඉවසයි, දද අග ඉවසයි, රණහඩ ඉවසයි. එතෙකුදු වත් පහර හෙත් මැ නැසෙයි, පෙරළෙ යි. ඔහුට පහර දීම යනු කිමෙක් ද යත්: මෙ සසුන්හි අරණ්‍යගත වූ හෝ වෘක්‍ෂමූල ගත වූ හෝ ශුන්‍යාගාරගත වූ හෝ මහණකු කරා මාගමක් එළඹ ළඟ හිඳියි, ළඟ හොවියි, මැඩගෙන හිඳියි. හෙතෙම මාගම විසින් ළඟ හිඳිනු ලබන්නේ ළඟ හොවිනු ලබන්නේ මැඩගනු ලබන්නේ ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යානය නො කොට දුර්‍වල බව ප්‍රකාශ නො කොට මෛථුනධර්‍ම සේවනය කරයි. මේ ඔහුට පහර දීම යි. යම්සේ මැ ඒ යුදබළ ධූලිකඳ ඉවසා ද දද අග ඉවසා ද රණහඩ ඉවසා ද එතෙකුදු වත් පහර හෙත් මැ නැසේ ද වැනසේ ද මේ පුද්ගල එබඳු යි. මෙහි මෙබඳු වූ ද පුද්ගලයෙක් වේ. මේ තෙමේ භික්‍ෂූන් අතුරෙහි ඇති, දක්නා ලැබෙන සතර වැනි වූ යුදසෙබළාට බඳු පුද්ගලයා යි.
Pali BJTපුන චපරං ඉධෙ’කච්චො භික්ඛු සහති රජග්ගං, සහති ධජග්ගං සහති උස්සාදනං සහති සම්පහාරං. සො තං සඞ්ගාමං අභිවිජිනිත්වා විජිත සඞ්ගාමො තමෙව සඞ්ගාමසීසං අජ්ඣාවසති. කිමස්ස සඞ්ගාමවිජයස්මිං ඉධ භික්ඛුං අරඤ්ඤගතං වා රුක්ඛමූලගතං වා සුඤ්ඤාගාරගතං වා මාතුගාමො උපසංකමිත්වා අභිනිසීදති, අභිනිපජ්ජති අජ්ඣොත්ථරති. සො මාතුගාමෙන අභිනිසීදියමානො අභිනිපජ්ජියමානො අජ්ඣොත්ථරියමානො විනිවට්ටෙත්වා විනිමොචෙත්වා යෙන කාමං පක්කමති. සො විවිත්තං සෙනාසනං භජති අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්ථං අබ්භොකාසං පලාලපුඤ්ජිං.
Sinhala BJTතවද අනෙකෙකි: මෙ සසුන්හි කිසි මහණෙක් ධූලිකඳ ඉවසයි, දද’ග ඉවසයි, රණහඩ ඉවසයි, පහරහෙනු ඉවසයි. හෙතෙම සංග්‍රාමය ජයගෙන දිනූ සංග්‍රාම ඇත්තේ එම යුදකඳවුරෙහි වාස කෙරෙයි. ඔහුට සංග්‍රාමවිජය කිමෙක යත්: මෙ සසුන්හි අරණ්‍යගත වූ හෝ වෘක්‍ෂමූල ගත වූ හෝ ශුන්‍යාගාර ගත වූ හෝ මහණකු කරා මාගමක් එළඹ ළඟහිඳියි. ළඟ හොවියි. මැඩගනියි. හෙතෙම මාගම විසින් ළඟ හිඳිනු ලබන්නේ ළඟ හොවිනු ලබන්නේ මැඩගනු ලබන්නේ වෙළුම් හැර ග්‍රහණයෙන් මිදී කැමැති පරිදි යම් තැනෙක යෙයි. හෙතෙම අරණ්‍ය යැ වෘක්‍ෂමූල යැ පර්‍වත යැ කඳුරැලි යැ ගිරිගුහා යැ ශ්මසාන යැ වනසෙනසුන යැ අභ්‍යාවකාශ යැ පිදුරුබිස්ස යැ යන විවේක සේනාසනයක් භජනය කෙරේ.