Pali BJT3. තික නිද්දෙසො
Sinhala BJT3. ත්‍රික නිර්‍දෙශය
Pali BJT1. කතමො ච පුග්ගලො නිරාසො: ඉධෙ’කච්චෙ පුග්ගලො දුස්සීලො හොති පාපධම්මො අසුචි සංකස්සරසමාචාරො පටිච්ඡන්නකම්මන්තො අස්සමණො සමණපටිඤ්ඤො අබ්රහ්මචාරී බ්රහ්මචාරීපටිඤ්ඤො අන්තොපූති අවස්සුතො කසම්බුජාතො. සො සුණාති ඉත්ථන්නාමො කිර භික්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙවධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරතී’ති. තස්ස න එවං හොති: ‘කුදස්සු නාම අහම්පි ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙවධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සාමී’ති, අයං වුච්චති පුග්ගලො නිරාසො.
Sinhala BJT1. කවර පුද්ගලයෙක් ‘නිරාස’ (ආශා නැත්තේ) වේ ද යත්: මෙලොවැ එක් පුද්ගලයෙක් දුශ්ශීලයෙක් ලාමක ස්වභාව ඇත්තෙක් අපිරිසුදු කායකර්‍මාන්තාදිය ඇත්තෙක් සැකයෙන් සිහිකළයුතු පැවැතුම් ඇත්තෙක් සැඟවිය යුතු ක්‍රියා ඇත්තෙක් ශ්‍රමණ ප්‍රතිරූපක ව ‘ශ්‍රමණයෙමි’ යි ප්‍රතිඥා කරන්නෙක් බ්‍රහ්මචාරී ප්‍රතිරූපක ව ‘බ්‍රහ්මචාරීයෙමි’ යි ප්‍රතිඥා කරන්නෙක් ඇතුළත කුණු වූයෙක් රාගාදීන් තෙත් වූයෙක් හට ගත් රාගාදි කසළ ඇත්තෙක් වේ ද, හෙතෙම “මෙ නම් මහණ ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය මෙ අත්බැව්හි මැ තෙමේ වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාස කරන්නේ ල” යි අසයි. ඔහුට “කවරදා නම් මම ද ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් නිරාස්‍රව වූ චිත්තවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය මෙ අත්බැව්හි මැ තෙමේ වෙසෙසින් දැන සාක්‍ෂාත් කොට ඊට පැමිණ වාස කරන්නෙම් දැ” යි මෙ බඳු සිතෙක් නො වෙයි. මේ පුද්ගල ‘නිරාස’ යැ යි කියනු ලැබේ.
Pali BJTකතමො ච පුග්ගලො ආසංසො: ඉධෙ’කච්චො පුග්ගලො සීලවා හොති කල්යාණධම්මො, සො සුණාති ‘ඉත්ථන්නාමො කිර භික්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරතී’ති. තස්ස එවං හොති ‘කුදස්සු නාම අහම්පි ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සාමී’ති, අයං වුච්චති පුග්ගලො ආසංසො.
Sinhala BJTකවර පුද්ගලයෙක් ‘ආසංස’ (ප්‍රාර්‍ත්‍ථනා ඇත්තේ) වේ ද යත්: මෙලොවැ එක් පුද්ගලයෙක් සිල්වතෙක් යහපත් ධර්‍ම ඇත්තෙක් වේ ද, හෙතෙම “මෙ නම් මහණ ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් ආස්‍රව රහිත වූ චිත්ත විමුක්තිය ප්‍රඥාවිමුක්තිය මෙ අත්බැව්හි මැ තෙමේ වෙසෙසින් දැන සාක්‍ෂාත් කොට ඊට පැමිණ වාස කරන්නේ ල” යි අසයි. ඔහුට ‘කවරදා නම් මම ද ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් නිරාස්‍රව වූ චිත්ත විමුක්තිය ප්‍රඥා විමුක්තිය මෙ අත්බැව්හි මැ තෙමේ වෙසෙසින් දැන සාක්‍ෂාත් කොට ඊට පැමිණ වාස කරන්නෙම් දැ” යි මෙ බඳු සිතෙක් වෙයි. මේ පුද්ගල ‘ආසංස’ යැයි කියනු ලැබේ.
Pali BJTකතමො ච පුග්ගලො විගතාසො: ඉධෙ’කච්චො පුග්ගලො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙවධම්මෙ සයං අභිඤ්ඤාසච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. සො සුණාති ‘ඉත්ථන්නාමො කිර භික්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙවධම්මෙ සයං අභිඤ්ඤාසච්ඡිකත්වා උපසම්පජ්ජ විහරතී’ති තස්ස න එවං හොති. ‘කුදස්සු නාම අහම්පි ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සාමී’ති. තං කිස්සහෙතු: යාහි’ස්ස පුබ්බෙ අවිමුත්තස්ස විමුත්තාසා සාස්ස{1}. පටිප්පස්සද්ධා, අයං වුච්චති පුග්ගලො විගතාසො.
Sinhala BJTකවර පුද්ගලයෙක් ‘විගතාස’ (පහ වූ ආසා ඇත්තේ) වේ ද යත්: මෙලොවැ එක් පුද්ගලයෙක් ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය මෙ අත් බැව්හි මැ තෙමේ වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාසය කෙරේ ද, හෙතෙම “මෙ නම් මහණ ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය ප්‍රඥා විමුක්තිය මෙ අත් බැව්හි මැ තෙමේ වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාස කරන්නේ ල” යි අසයි. ඔහුට “කවරදා නම් මම ද ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය මෙ අත්බැව්හි මැ තෙමේ වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාස කරන්නෙම්දැ” යි මෙ බඳු සිතෙක් නො වෙයි. ඒ කවර හෙයින යත්: යම් හෙයකින් පෙර විමුක්තියට නො පත් මොහුගේ යම් විමුක්ති ආශාවක් වූ නම් ඒ ආශාව සන්හිඳුණි ද එහෙයිනි. මෙ බඳු පුද්ගල ‘විගතාස’ යැ යි කියනු ලැබේ.
Pali BJT2. තත්ථ කතමෙ තයො ගිලානූපමා පුග්ගලා තයො ගිලානාඉධෙ’කච්චොගිලානො ලභන්තො වා සප්පායානි භොජනානි, අලභන්තො වා සප්පායානි භොජනානි, ලභන්තො වා සප්පායානි භෙසජ්ජානි අලභන්තො වා සප්පායානි භෙසජ්ජානි, ලභන්තො වා පතිරූපං උපට්ඨාකං අලභන්තො වා පතිරූපං උපට්ඨාකං, නෙව වුට්ඨාති තම්හා ආබාධා, ඉධ පන එකච්චො ගිලානො ලභන්තො වා සප්පායානි භොජනානි, අලභන්තො වා සප්පායානි භොජනානි, ලභන්තො වා සප්පායානි භෙසජ්ජානි, අලභන්තො වා සප්පායානි භෙසජ්ජානි, ලභන්තො වා පතිරූපං උපට්ඨාකං අලභන්තො වා පතිරූපං උපට්ඨාකං වුට්ඨාති තම්හා ආබාධා. ඉධ පන එකච්චො ගිලානො ලභන්තොව සප්පායානි භොජනානි නො අලභන්තො, ලභන්තොව සප්පායානි භෙසජ්ජානි නො අලභන්තො, ලභන්තොව පතිරූපං උපට්ඨාකං නො අලභන්තො, වුට්ඨාති තම්හා ආබාධා. තත්ර ස්වායං ගිලානො ලභන්තොව සප්පායානි භොජනානි නො අලභන්තො, ලභන්තොව සප්පායානි භෙසජ්ජානි නො අලභන්තො, ලභන්තොව පතිරූපං උපට්ඨාකං නො අලභන්තො වුට්ඨාති තම්හා ආබාධා. ඉමං ගිලානං පටිච්ච ගිලානභත්තං අනුඤ්ඤාතං, ගිලානභෙසජ්ජං අනුඤ්ඤාතං, ගිලානුපට්ඨාකො අනුඤ්ඤාතො, ඉමඤ්ච පන ගිලානං පටිච්ච අඤ්ඤෙ’පි ගිලානා උපට්ඨාතබ්බා.
Sinhala BJT2. එහි ගිලනුන්ට බඳු පුද්ගලයෝ තිදෙනා කවරහු ද යත්: ගිලන්නු තිදෙනෙකි. මෙලොව එක් ගිලනෙක් පථ්‍ය වූ භෝජනයන් ලබන්නේ හෝ පථ්‍ය වූ භෝජනයන් නො ලබන්නේ හෝ පථ්‍ය වූ බෙහෙත් ලබන්නේ හෝ පථ්‍ය වූ බෙහෙත් නො ලබන්නේ හෝ සුදුසු උපස්ථායකයකු ලබන්නේ හෝ සුදුසු උපස්ථායකයකු නො ලබන්නේ හෝ ඒ ආබාධයෙන් නො නැඟෙන්නේ මැ යි. යළි මෙහි එක් ගිලනෙක් පථ්‍ය වූ භෝජනයන් ලබන්නේ හෝ පථ්‍ය වූ භෝජනයන් නො ලබන්නේ හෝ පථ්‍ය වූ බෙහෙත් ලබන්නේ හෝ පථ්‍ය වූ බෙහෙත් නො ලබන්නේ හෝ සුදුසු උපස්ථායකයකු ලබන්නේ හෝ සුදුසු උපස්ථායකයකු නො ලබන්නේ හෝ ඒ ආබාධයෙන් නැඟීසිටියි. තව ද මෙහි එක් ගිලනෙක් පථ්‍ය වූ භෝජනයන් ලබන්නේ මැ (රොවින් නැඟී සිටියි) නොලබන්නේ (නො නැඟී සිටියි) පථ්‍ය වූ බෙහෙත් ලබන්නේ මැ (රොවින් නැඟී සිටියි) නො ලබන්නේ (නො නැඟී සිටියි) සුදුසු උපස්ථායකයකු ලබන්නේ මැ නැඟීසිටියි, නො ලබන්නේ ඒ ආබාධයෙන් නො නැඟී සිටියි. ඔවුනතුරෙහි යම් මේ ගිලනෙක් පථස වූ භෝජනයන් නො ලබන්නේ නො වැ ලබන්නේ මැ පථ්‍ය වූ බෙහෙත් නො ලබන්නේ නො වැ ලබන්නේ මැ සුදුසු උපස්ථායකයකු නො ලබන්නේ නො වැ ලබන්නේ මැ ඒ ආබාධයෙන් නැඟී සිටී ද, මේ ගිලනා සඳහා ගිලන් බත් අනුදන්නා ලදී. ගිලන් බෙහෙත් අනුදන්නා ලදී. ග්ලානෝපස්ථායකයෙක් අනුදන්නා ලද්දේ යි. තව ද මේ ගිලනා නිසා සෙසු ගිලන්හු ද උපස්ථාන කළ යුත්තාහ.
Pali BJTඑවමෙව{1} තයො ගිලානූපමා පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ තයො: ඉධෙ’කච්චො පුග්ගලො ලභන්තො වා තථාගතං දස්සනාය, අලභන්තො වා තථාගතං දස්සනාය, ලභන්තො වා තථාගතප්පවෙදිතං ධම්මවිනයං සවනාය, අලභන්තො වා තථාගතප්පවෙදිතං ධම්මවිනයං සවනාය, නෙව ඔක්කමති නියාමං කුසලෙසු ධම්මෙසු සම්මත්තං. ඉධ පන එකච්චො පුග්ගලො ලභන්තො වා තථාගතං දස්සනාය අලභන්තො වා තථාගතං දස්සනාය, ලභන්තො වා තථාගතප්පවෙදිතං ධම්මවිනයං සවනාය, අලභන්තො වා තථාගතප්පවෙදිතං ධම්මවිනයං සවනාය. ඔක්කමති නියාමං කුසලෙසු ධම්මෙසු සම්මත්තං. ඉධ පන එකච්චො පුග්ගලො ලභන්තොව තථාගතං දස්සනාය නො අලභන්තො, ලභන්තොව තථාගතප්පවෙදිතං ධම්මවිනයං සවනාය නො අලභන්තො, ඔක්කමති නියාමං කුසලෙසු ධම්මෙසු සම්මත්තං. තත්ර ස්වායං පුග්ගලො ලභන්තොව තථාගතං දස්සනාය නො අලභන්තො, ලභන්තොව තථාගතප්පවෙදිතං ධම්මවිනයං සවනාය නො අලභන්තො ඔක්කමති නියාමං කුසලෙසු ධම්මෙසු සම්මත්තං. ඉමං පුග්ගලං පටිච්ච භගවතා ධම්මදෙසනා අනුඤ්ඤාතා, ඉමඤ්ච පන පුග්ගලං පටිච්ච අඤ්ඤෙසම්පි ධම්මො දෙසෙතබ්බො. ඉමෙ තයො ගිලානූපමා පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං.
Sinhala BJTමෙසේ මැ ලෝකයෙහි ඇත්තා වූ විද්‍යමානවූ ‘ගිලානෝපම පුද්ගලයෝ තිදෙනෙක්’ වෙති: කවර තිදෙනෙක් ද යත්: මෙලොව, එක් පුද්ගලයෙක් තථාගතයන් වහන්සේ දක්නට ලබන්නේ හෝ තථාගතයන් වහන්සේ දක්නට නො ලබන්නේ හෝ තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කළධර්‍ම විනය අසන්නට ලබන්නේ හෝ තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කළ ධර්‍ම විනය අසන්නට නො ලබන්නේ හෝ කුශල ධර්‍මයන්හි නියාම ය යි කියන ලද ආර්‍ය්‍යමාර්‍ගයට නො පිවිසේ මැ යැ. යළි මෙහි එක් පුද්ගලයෙක් තථාගතයන් වහන්සේ දක්නට ලබන්නේ හෝ තථාගතයන් වහන්සේ දක්නට නො ලබන්නේ හෝ තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කළ ධර්‍ම විනය අසන්නට ලබන්නේ හෝ තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කළ ධර්‍ම විනය අසන්නට නො ලබන්නේ හෝ කුශලධර්‍මයන්හි නියාම යැ යි කියන ලද ආර්‍ය්‍ය මාර්‍ගයට පිවිසෙයි. යළි මෙහි එක් පුද්ගලයෙක් තථාගතයන් වහන්සේ දක්නට නො ලබන්නේ නො වැ ලබන්නේ මැ තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කළ ධර්‍ම - විනය අසන්නට නො ලබන්නේ නො වැ ලබන්නේ මැ කුශල ධර්‍මයන්හි නියාමය යි කියන ලද ආර්‍ය්‍යමාර්‍ගයට පිවිසෙයි. ඔවුනතුරෙහි යම් මේ පුද්ගලයෙක් තථාගතයන් වහන්සේ දක්නට නො ලබන්නේ නො වැ ලබන්නේ මැ තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කළ ධර්‍ම විනය අසන්නට නො ලබන්නේ නො වැ ලබන්නේ මැ කුශල ධර්‍මයන්හි නියාම යැ යි කියන ලද ආර්‍ය්‍ය මාර්‍ගයට පිවිසේ ද, මේ පුද්ගලයා උදෙසා භාග්‍යවතුන් වහන්සේ විසින් දහම් දෙසීම අනුදන්නා ලදී. තව ද මේ පුද්ගලයා උදෙසා අන්‍යයන්ට ද දහම් දෙසිය යුතු යැ. මොහු තිදෙනා ලෝකයෙහි ඇති විද්‍යාමාන වූ ‘ගිලානෝපම පුද්ගලයෝ’ යි.
Pali BJT3. කතමො ච පුග්ගලො කායසක්ඛී: ඉධෙ’කච්චො පුග්ගලො අට්ඨවිමොක්ඛෙ කායෙන ඵස්සිත්වා{1} විහරති, පඤ්ඤාය චස්ස දිස්වා එකච්චෙ ආසවා පරික්ඛීණා හොන්ති. අයං වුච්චති පුග්ගලො කායසක්ඛි.
Sinhala BJT3. කවර පුද්ගලයෙක් ‘කායසාක්‍ෂී’ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් ‘අෂ්ටවිමෝක්‍ෂයන්’ (නාම) කයින් ස්පර්‍ශ කොට වාස කෙරේ. යළි ඔහු විසින් මාර්‍ගප්‍රඥාවෙන් දැක ඇතැම් ආස්‍රව කෙනෙක් ක්‍ෂය කරන ලද්දාහු වෙත් ද, මේ පුද්ගල ‘කායසාක්‍ෂී’ යැ යි කියනු ලැබේ.
Pali BJTකතමො ච පුග්ගලො දිට්ඨප්පත්තො: ඉධෙ’කච්චො පුග්ගලො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති, අයං දුක්ඛසමුදයොති යථාභූතං පජානාති, අයං දුක්ඛනිරොධොති යථාභූතං පජානාති, අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති, තථාගතප්පවෙදිතා චස්ස ධම්මා පඤ්ඤාය වොදිට්ඨා හොන්ති වොචරිතා පඤ්ඤාය චස්ස දිස්වා එකච්චෙ ආසවා පරික්ඛීණා හොන්ති. අයං වුච්චති පුග්ගලො දිට්ඨප්පත්තො.
Sinhala BJTකවර පුද්ගලයෙක් ‘දෘෂ්ටප්‍රාප්ත’ වේ ද යත්: මෙලොවැ කිසි පුද්ගලයෙක් මේ (පඤ්චස්කන්‍ධය) දුකැයි ඇති සැටියෙන් දනියි. මේ (තෘෂ්ණාව) දුක් ඇති කිරීමේ හේතුව යැ යි ඇති සැටියෙන් දැනගනියි. මේ (තෘෂ්ණාව නැතිවීම) දුක් නැති වීම යැ යි ඇති සැටියෙන්දැනගනියි. මේ (ආර්‍ය්‍යඅෂ්ටාංගික මාර්‍ගය) දුක් නැති කිරීමේ පිළිවෙතැ යි ඇති සැටියෙන් දැන ගනී. තථාගතයන් වහන්සේ විසින් දක්නා ලද ධර්‍මයෝ ද මොහු විසින් නුවණින් මොනවට දක්නා ලද්දාහු මැනැවින් හසළාහු වෙති. තවද නුවණින් දැක මොහු විසින් ඇතැම් ආස්‍රව කෙනෙක් ක්‍ෂය කරන ලද්දාහු වෙත්. මේ පුද්ගල ‘දෘෂ්ටප්‍රාප්ත’ යැ යි කියනු ලැබේ.
Pali BJTකතමො ච පුග්ගලො සද්ධාවිමුත්තො: ඉධෙ’කච්චො පුග්ගලො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති -පෙ- තථාගතප්පවෙදිතා චස්ස ධම්මා පඤ්ඤාය වොදිට්ඨා හොන්ති වොචරිතා, පඤ්ඤාය චස්ස දිස්වා එකච්චෙ ආසවා පරික්ඛීණා හොන්ති. නො ච ඛො යථා දිට්ඨප්පත්තස්ස. අයං වුච්චති පුග්ගලො සද්ධාවිමුත්තො.
Sinhala BJTකවර පුද්ගලයෙක් ‘ශ්‍රද්ධා විමුක්ත’ වේ ද යත්: මෙලොවැ කිසි පුද්ගලයෙක් මේ දුකැ යි ඇති සැටියෙන් දැනගනියි. මේ දුක් ඇතිවීමේ හේතු යැ යි ඇති සැටියෙන් දැනගනියි. මේ දුක් නැති වීම යි ඇති සැටියෙන් දැන ගනියි. මේ දුක් නැති කිරීමේ පිළිවෙතැ යි ඇති සැටියෙන් දැනගනී. තථාගතයන් වහන්සේ විසින් දක්නා ලද ධර්‍මයෝ ද මොහු විසින් නුවණින් මොනවට දක්නා ලද්දාහු හසළාහු වෙති. තවද නුවණින් දැක මොහු විසින් ඇතැම් ආස්‍රව කෙනෙක් ක්‍ෂය කරන ලද්දා හු වෙත්. එතෙකුදු වුවත් දෘෂ්ටි ප්‍රාප්තයාහට බඳු නො වේ. මේ පුද්ගල ‘ශ්‍රද්ධාවිමුක්ත’ යැ යි කියනු ලැබේ.
Pali BJT4. කතමො ච පුග්ගලො ගූථභාණී: ඉධෙ කච්චො පුග්ගලො මුසාවාදී හොති, සභග්ගතො{2} වා, පරිසග්ගතො{3} වා ඤාතිමජ්ඣගතො වා, පූගමජ්ඣගතො වා, රාජකුලමජ්ඣගතො වා, අභිනීතො සක්ඛිපුට්ඨො ‘එහම්භො පුරිස{4} යං ජානාසි තං වදෙහී’ති සො අජානං වා ආහ{5} ජානාමීති, ජානං වා ආහ න ජානාමීති, අපස්සං වා ආහ පස්සාමීති, පස්සං වා ආහ න පස්සාමීති, ඉති අත්තහෙතු වා පරහෙතු වා ආමිසකිඤ්චික්ඛහෙතු වා, සම්පජානමුසා භාසිතා හොති. අයං වුච්චති පුග්ගලො ගූථභාණී.
Sinhala BJT4. කවර පුද්ගලයෙක් ‘ගුථභාණි’ (අසුචියට බඳු කථා ඇත්තේ) වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් මුසා බස් කියන්නේ වෙයි සභායෙහි සිටියේ හෝ පිරිසෙහි සිටියේ හෝ නෑයන් මැද සිටියේ හෝ මහපිරිස් මැද සිටියේ හෝ රජකුලන් හමුවට ගියේ හෝ ‘එව එම්බා පුරුෂය, යමක් දන්නෙහි නම් එය කියව’ යි ඉදිරියට පමුණුවනු ලැබ සාක්‍ෂි විචාරන ලද හෙතෙම නො දන්නේ හෝ දනිමි යි කියයි, දන්නා දැය හෝ නො දනිමි යි කියයි, නො දක්නේ හෝ දිටිමි යි, දක්නේ හෝ නො දිටිමි යි කියයි. මෙසෙයින් තමා නිසා හෝ මෙරමා නිසා හෝ මඳ පමණ අල්ලසක් නිසා හෝ දැන දැන මුසවා කියන්නේ වෙයි. මෙ බඳු පුද්ගල ‘ශුථභාණි’ යැයි කියනු ලැබේ.
Pali BJTකතමො ච පුග්ගලො පුප්ඵභාණී: ඉධෙ’කච්චො පුග්ගලො මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො හොති සභග්ගතො වා පරිසග්ගතො වා ඤාතිමජ්ඣගතො වා පූගමජ්ඣගතො වා රාජකුලමජ්ඣගතො වා අභිනීතො සක්ඛිපුට්ඨො ‘එහම්භො පුරිස යං ජානාසි තං වදෙහී’ති, සො අජානං වා ආහ න ජානාමීති, ජානං වා ආහ ජානාමීති, අපස්සං වා ආහ න පස්සාමීති, පස්සං වා ආහ පස්සාමීති, ඉති අත්තහෙතු වා පරහෙතු වා ආමිසකිඤ්චික්ඛහෙතු වා න සම්පජානමුසා භාසිතා හොති, අයං වුච්චති පුග්ගලො පුප්ඵභාණී.
Sinhala BJTකවර පුද්ගලයෙක් ‘පුප්ඵභාණි’ (පුෂ්පයට බඳු කථා ඇත්තේ) වේ ද යත්: මෙලොවැ කිසි පුද්ගලයෙක් මුසවා හැරදමා මුසවායෙන් වෙන් වූයේ වෙයි. සභාවට ගියේ හෝ පිරිසට ගියේ හෝ නෑයන් මැදට ගියේ හෝ මහපිරිස් මැදට ගියේ හෝ රජකුලන් මැදට ගියේ හෝ එව එම්බා පුරුෂය, යමක් දන්නෙහි නම් එය කියව යි ඉදිරියට පමුණුවනු ලැබ සාක්‍ෂි විචාරන ලද්දේ නො දන්නේ හෝ නො දනිමි යි කියයි දන්නේ හෝ දනිමි යි කියයි හෝ නො දක්නේ හෝ නො දැක්මියි කියයි දක්නේ හෝ දක්මියි කියයි. මෙසෙයින් තමා නිසා හෝ මෙරමා නිසා හෝ මඳ පමණ අල්ලසක් නිසා දැන දැන මුසවා නො කියන්නේ වෙයි. මේ පුද්ගල ‘පුප්ඵභාණි’ යැ යි කියනු ලැබේ.
Pali BJTකතමො ච පුග්ගලො මධුභාණී: ඉධෙ’කච්චො පුග්ගලො යා සා වාචා නෙලා කණ්ණසුඛා පෙමනීයො හදයඞ්ගමා පොරී බහුජනකන්තා බහුජනමනාපා තථාරූපිං වාචං භාසිතා හොති. අයං වුච්චති පුග්ගලො මධුභාණී.
Sinhala BJTකවර පුද්ගලයෙක් ‘මධුභාණි’ (මිහිරිකථා ඇත්තේ) වේ ද යත්: මෙලොවැ කිසි පුද්ගලයෙක්, යම් ඒ වචනයක් නිදොස් ද කනට සුව එළවන්නේ ද පෙම් උපදවන්නේ ද සිත්හි වැදගන්නේ ද නාගරික ද බොහෝ දෙනාගේ සිත් අදනේ ද බොහෝ දෙනාගේ මන වඩනේ ද, එබඳු වචන කියන්නේ වෙයි. මේ පුද්ගල ‘මධුභාණි’ යැ යි කියනු ලැබේ.
Pali BJT5. කතමො ච පුග්ගලො අරුකූපමචිත්තො: ඉධෙ’කච්චො පුග්ගලො කොධනො හොති උපායාසබහුලො, අප්පම්පි වුත්තො සමානො අභිසජ්ජති කුප්පති ව්යාපජ්ජති පතිත්ථීයති{1} කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතු කරොති සෙය්යථාපි නාම දුට්ඨාරුකා{2} කට්ඨෙන වා කඨලෙන වා ඝට්ටිතා{3} භිය්යොසොමත්තායඅස්සන්දති.{4} එවමෙව ඉධෙකච්චො පුග්ගලො කොධනො හොති උපායාසබහුලො. අප්පම්පි වුත්තො සමානො අභිසජ්ජති කුප්පති බ්යාපජ්ජති, පතිත්ථීයති, කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති. අයං වුච්චති පුග්ගලො අරුකූපමචිත්තො.
Sinhala BJT5. කවර පුද්ගලයෙක් ‘ව්‍රණයකට බඳු සිත් ඇත්තේ’ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් කිපෙනසුලු වූයේ දැඩි ආයාස බහුල කොට ඇත්තේ වෙයි. යම්තමකුදු කියන ලද පමණින් ලැගෙයි. කිපෙයි, තතු වෙනස් කෙරේ. තද බවට පැමිණෙයි. කෝපයත්, ද්වේෂයත් නො සතුටත් පාළ කෙරේ. යම් සේ නම් ව්‍රණයක් දණ්ඩකින් හෝ කැකින් පහරන ලද්දේ බොහෝ සෙයින් පූයා වගුරවනු වේ ද මෙසේ මැ මෙලොව කිසි පුද්ගලයෙක් කිපෙනසුලු වූයේ දැඩි ආයාස බහුල කොට ඇත්තේ වෙයි. යම්තමකුදු කියන ලද පමණින් ලැගෙයි, කිපෙයි, තතු වෙනස් කරයි. තද බවට පැමිණෙයි. කෝපයත් ද්වේෂයත් නො සතුටත් පාළ කෙරේ. මේ පුද්ගල ‘වණයකට බඳු සිත් ඇත්තේ’ යැ යි කියනු ලැබේ.
Pali BJTකතමො ච පුග්ගලො විජ්ජූපමචිත්තො: ඉධෙ’කච්චො පුග්ගලො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති, අයං දුක්ඛසමුදයොති යථාභූතං පජානාති, අයං දුක්ඛනිරොධොති යථාභූතං පජානාති, අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. සෙය්යථාපි නාම චක්ඛුමා පුරිසො රත්තන්ධකාරතිමිසායං{5} විජ්ජන්තරිකාය රූපානි පස්සෙය්ය, එවමෙව ඉධෙකච්චො පුග්ගලො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති. අයං දුක්ඛසමුදයොති යථාභූතං පජානාති, අයං දුක්ඛනිරොධොති යථාභූතං පජානාති, අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති, අයං වුච්චති පුග්ගලො විජ්ජූපමචිත්තො.
Sinhala BJTකවර පුද්ගලයෙක් ‘විදුලියට බඳු සිත් ඇත්තේ’ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් මේ දුකැ යි ඇති සැටියෙන්දැනගනී. මේ දුක් උපදනා හේතුව යි ඇති සැටියෙන් දැනගනී. මේ දුක් නැති වීමැ යි ඇති සැටියෙන් දැනගනී. මේ දුක් නැති කිරීමට යන පිළිවෙතැ යි ඇති සැටියෙන් දැනගනී. යම් සේ නම් ඇස් ඇති පුරුෂයෙක් රැය බොල්අඳුරෙහි විදුලිය අතුරින් රූපයන් දක්නේ ද එපරිද්දෙන් මැ මෙලොව කිසි පුද්ගලයෙක් මේ දුකැ යි ඇති සැටියෙන් දැනගනී. මේ දුක් උපදනා හේතුවැ යි ඇති සැටියෙන් දැනගනී. මේ දුක් නැති වීම යි ඇති සැටියෙන් දැනගනී. මේ දුක් නැති කිරීමට යන පිළිවෙතැ යි ඇති සැටියෙන් දැනගනී. මේ පුද්ගල ‘විදුලියට බඳු සිත් ඇත්තේ’ යැ යි කියනු ලැබේ.
Pali BJTකතමො ච පුග්ගලො වජිරූපමචිත්තො: ඉධෙ’කච්චො පුග්ගලො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. සෙය්යථාපි නාම වජිරස්ස නත්ථී කිඤ්චි අභෙජ්ජං මණී වා පාසාණො වා, එවමෙව ඉධෙ’කච්චො පුග්ගලො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති, අයං වුච්චති පුග්ගලො වජිරූපමචිත්තො.
Sinhala BJTකවර පුද්ගලයෙක් ‘විදුරු බඳු සිත් ඇත්තේ’ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් ආස්‍රව රහිත වූ චිත්ත විමුක්තියත් ප්‍රඥාවිමුක්තියත් මෙ අත් බැව්හි මැ තෙමේ වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාස කරයි. යම් සේ නම් විදුරට නො බිඳෙන කිසි මැණිකක් හෝ ගලක් නැත්තේ ද එපරිද්දෙන් මැ මෙලොව එක් පුද්ගලයෙක් ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් ආස්‍රව රහිත වූ චිත්තවිමුක්තියත් ප්‍රඥා විමුක්තියත් තෙමේ වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාසය කරයි. මේ පුද්ගල ‘විදුරට බඳු සිත් ඇත්තේ’ යැ යි කියනු ලැබේ.
Pali BJT6. කතමො ච පුග්ගලො අන්ධො: ඉධෙ’කච්චස්ස පුග්ගලස්ස තථා රූපං චක්ඛු න හොති, යථාරූපෙන චක්ඛුනා අනධිගතං වා භොගං අධිගච්ඡෙය්ය අධිගතං වා භොගං ඵාතිකරෙය්ය,{1} තථාරූපම්පනස්ස{2} චක්ඛු න හොති, යථාරූපෙන චක්ඛුනා කුසලාකුසලෙ ධම්මෙ ජානෙය්ය, සාවජ්ජානවජ්ජෙ ධම්මෙ ජානෙය්ය, හීනප්පණීතෙ ධම්මෙ ජානෙය්ය, කණ්හසුක්කසප්පටිභාගෙ ධම්මෙ ජානෙය්ය, අයං වුච්චති පුග්ගලො අන්ධො.
Sinhala BJT6. කවර පුද්ගලයෙක් ‘අන්‍ධ’ වේ ද යත්: යම් බඳු පැනැසකින් නො ලද සම්පත් ලබන්නේ නම් හෝ ලද සම්පත් දියුණු කරන්නේ නම් එබඳු ඇසක් මෙලොව කිසි පුද්ගලයකුට නැත. තව ද යම් බඳු ඇසකින් කුසල් අකුසල් දහම් දන්නේ නම්, වරද නිවරද දහම් දන්නේ නම්, උස් පහත් දහම් දන්නේ නම් අන්‍යෝන්‍ය ප්‍රතිපක්‍ෂ වූ කෘෂ්ණ ශුක්ලධර්‍මයන් දන්නේ නම් එබඳු ඇසකුදු ඔහුට නැත. මේ පුද්ගල ‘අන්‍ධ’ යැ යි කියනු ලැබේ.
Pali BJTකතමො ච පුග්ගලො එකචක්ඛු: ඉධෙ’කච්චස්ස පුග්ගලස්ස තථා රූපං චක්ඛු හොති, යථාරූපෙන චක්ඛුනා අනධිගතං වා භොගං අධිගච්ඡෙය්ය අධිගතං වා භොගං ඵාතිකරෙය්ය, තථාරූපම්පනස්ස චක්ඛු න හොති, යථාරූපෙන චක්ඛුනා කුසලාකුසලෙ ධම්මෙ ජානෙය්ය, සාවජ්ජානවජ්ජෙ ධම්මෙ ජානෙය්ය, හීනප්පණීතෙ ධම්මෙ ජානෙය්ය, කණ්හසුක්කසප්පටිභාගෙ ධම්මෙ ජානෙය්ය, අයං වුච්චති පුග්ගලො එකචක්ඛු.
Sinhala BJTකවර පුද්ගලයෙක් ‘එකැස් ඇත්තේ’ වේ ද යත්: යම් බඳු ඇසකින් නො ලද සම්පතක් ලබන්නේ නම් හෝ ලද සම්පත දියුණු කරන්නේ නම් එබඳු ඇස මෙලොව කිසි පුද්ගලයක් හට ඇත. එතෙකුදු වුවත් යම් බඳු ඇසකින් කුසල් අකුසල් දහම් දන්නේ නම් වරද නිවරද දහම් දන්නේ නම් උස් පහත් දහම් දන්නේ නම් අන්‍යෝන්‍ය ප්‍රතිපක්‍ෂ වූ කෘෂ්ණ ශුක්ල ධර්‍මයන් දන්නේ නම් එබඳු ඇස ඔහුට නැත. මේ පුද්ගල ‘එකැස් ඇත්තේ’ යැ යි කියනු ලැබේ.
Pali BJTකතමො ච පුග්ගලො ද්විචක්ඛු: ඉධෙ’කච්චස්ස පුග්ගලස්ස තථාරූපං චක්ඛු හොති, යථාරූපෙන චක්ඛුනා අනධිගතං වා භොගං අධිගච්ඡෙය්ය අධිගතං වා භොගං ඵාතිකරෙය්ය, තථාරූපම්පනස්ස චක්ඛු හොති, යථාරූපෙන චක්ඛුනා කුසලාකුසලෙ ධම්මෙ ජානෙය්ය, සාවජ්ජානවජ්ජෙ ධම්මෙ ජානෙය්ය, හීනප්පණීතෙ ධම්මෙ ජානෙය්ය, කණ්හසුක්කසප්පටිභාගෙ ධම්මෙ ජානෙය්ය, අයං වුච්චති පුග්ගලො ද්විචක්ඛු.
Sinhala BJTකවර පුද්ගලයෙක් ‘දෑස් ඇත්තේ’ වේ ද යත්: යම් බඳු ඇසකින් නො ලද සම්පතක් ලබන්නේ නම් හෝ ලද සම්පත දියුණු කරන්නේ නම් එබඳු ඇස මෙලොව කිසි පුද්ගලයක් හට ඇත. තවද යම් බඳු ඇසකින් කුසල් අකුසල් දහම් දන්නේ නම්, වරද නිවරද දහම් දන්නේ නම්, උස් පහත් දහම් දන්නේ නම් අන්‍යෝන්‍ය ප්‍රතිපක්‍ෂ වූ කෘෂ්ණ ශුක්ල ධර්‍මයන් දන්නේ නම් එබඳු ඇසකුදු ඔහුට ඇත. මේ පුද්ගල ‘දෑස් ඇත්තේ’ යැ යි කියනු ලැබේ.
Pali BJT7. කතමො ච පුග්ගලො අවකුජ්ජපඤ්ඤො: ඉධෙ’කච්චො පුග්ගලො ආරාමං ගන්තා{1} හොති, අභික්ඛණං භික්ඛූනං සන්තිකෙ ධම්මසවණාය,{2} තස්ස භික්ඛු ධම්මං දෙසෙන්ති: ආදිකල්යාණං මජ්ඣෙ කල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සව්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙන්ති, සො තස්මිං ආසනෙ නිසින්නො තස්තා කථාය නෙව ආදිං මනසිකරොති, න මජ්ඣං මනසිකරොති න පරියොසානං මනසිකරොති වුට්ඨිතො’පි තම්හා ආසනා තස්සා කථාය නෙව ආදිං මනසිකරොති. න මජ්ඣං මනසිකරොති, න පරියොසානං මනසිකරොති. සෙය්යථාපි නාම කුම්භො නික්කුජ්ජො{3} තත්ර උදකං ආසිත්තං විවට්ටති නො සණ්ඨාති, එවමෙව ඉධෙ’කච්චො පුග්ගලො ආරාමං ගන්තා හොති අභික්ඛණං භික්ඛූනං සන්තිකෙ ධම්මසවණාය, තස්ස භික්ඛු ධම්මං දෙසෙන්ති, ආදිකල්යාණං මජ්ඣෙ කල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සව්යජ්ඣනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙන්ති. සො තස්මිං ආසනෙ නිසින්නො තස්සා කථාය නෙව ආදිං මනසිකරොති, න මජ්ඣං මනසිකරොති, න පරියොසානං මනසිකරොති, වුට්ඨිතො’පි තම්හා ආසනා තස්සා කථාය නෙව ආදිං මනසිකරොති, න මජ්ඣං මනසිකරොති න පරියොසානං මනසිකරොති, අයං වුච්චති පුග්ගලො අවකුජ්ජපඤ්ඤො.
Sinhala BJT7. කවර පුද්ගලයෙක් ‘අවකුජ්ජපඤ්ඤ’ (යටිහුරු කළ නුවණ ඇත්තේ) වේ ද යත්: මෙලොව එක් පුද්ගලයෙක් නිතොර භික්‍ෂූන් වෙත දහම් අසනු පිණිස අරමට යන්නේ වෙයි. ඔහුට භික්‍ෂූහු මුල යහපත් වූ මැද යහපත් වූ කෙළවර යහපත් වූ අරුත් සහිත වූ පැහැදිලි අකුරු ඇති සියල්ල පිරිපුන් වූ පිරිසුදු වූ දහම් දෙසත්. ශ්‍රේෂ්ඨචර්‍ය්‍යාව (ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගය) ප්‍රකාශ කරත්. හෙතෙම ඒ අසුන්හි හුන්නේ ඒ කථායෙහි මුල නො මැ මෙනෙහි කෙරේ. මැද නො මෙනෙහි කෙරේ. අවසන නො මෙනෙහි කෙරේ. ඒ අසුනින් නැඟී සිටියේ ද ඒ කථායෙහි මුල නො මැ මෙනෙහි කෙරෙයි. මැද නො මෙනෙහි කෙරෙයි. අවසන නො මෙනෙහි කෙරෙයි. යම් සේ කළයක් යටිහුරු කරන ලද්දේ එහි වත් කරන ලද ජලය පිටතට ගලායේ ද නො සිටී ද, එපරිද්දෙන් මැ මෙලොව කිසි පුද්ගලයෙක් නිතොර භික්‍ෂූන් වෙත දහම් අසනු පිණිස අරමට යන්නේ වෙයි. ඔහුට භික්‍ෂූහු මුල යහපත් වූ මැද යහපත් වූ කෙළවර යහපත් වූ අරුත් සහිත වූ පැහැදිලි අකුරු ඇති (සියල්ල) පිරිපුන් වූ පිරිසුදු වූ දහම් දෙසත්, (ශ්‍රේෂ්ඨචර්‍ය්‍යාව) ප්‍රකාශ කරත්. හෙතෙම ඒ අසුන්හි හුන්නේ ඒ කථායෙහි මුල නො මැ මෙනෙහි කෙරේ. මැද නො මෙනෙහි කෙරේ. අවසන නො මෙනෙහි කෙරේ. ඒ අසුනින් නැඟී සිටියේ ද ඒ කථායෙහි මුල නො මැ මෙනෙහි කෙරෙයි. මැද නො මෙනෙහි කෙරෙයි. අවසන නො මෙනෙහි කෙරෙයි. මේ පුද්ගල ‘අවකුජ්ජපඤ්ඤ’ යැ යි කියනු ලැබේ.
Pali BJTකතමො ච පුග්ගලො උච්ඡඞ්ගපඤ්ඤො: ඉධෙ කච්චො පුග්ගලො ආරාමං ගන්තා හොති අභික්ඛණං භික්ඛූනං සන්තිකෙ ධම්මසවණාය. තස්ස භික්ඛු ධම්මං දෙසෙන්ති ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සව්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙන්ති, සො තස්මිං ආසනෙ නිසින්නො තස්සා කථාය ආදිම්පි මනසිකරොති, මජ්ඣම්පි මනසිකරොති. පරියොසානම්පි මනසිකරොති, වුට්ඨිතො ච ඛො තම්හා ආසනා තස්සා කථාය නෙව ආදිං මනසිකරොති, න මජ්ඣං මනසිකරොති, න පරියොසානං මනසිකරොති, සෙය්යථාපි නාම පුරිසස්ස උච්ඡඞ්ගෙ නානා ඛජ්ජකානි ආකිණ්ණානි තිලා තණ්ඩුලා{4} මොදකා බදරා, සො තම්හා ආසනා වුට්ඨහන්තො සතිසම්මොසා පකිරෙය්ය. එවමෙව ඉධෙ’කච්චො පුග්ගලො ආරාමං ගන්තා හොති, අභික්ඛණං භික්ඛූනං සන්තිකෙ ධම්මසවණාය, තස්ස භික්ඛු ධම්මං දොසෙන්ති ආදිකල්යාණං මජ්ඣෙ කල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සව්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙන්ති, සො තස්මිං ආසනෙ නිසින්නො තස්සා කථාය ආදිම්පි මනසිකරොති, මජ්ඣම්පි මනසිකරොති, පරියොසානම්පි මනසිකරොති වුට්ඨිතො තම්හා ආසනා තස්සා කථාය නෙව ආදිම්පි මනසිකරොති න මජ්ඣිම්පි මනසිකරොති න පරියොසානම්පි මනසිකරොති. අයං වුච්චති පුග්ගලො උච්ඡඞ්ගපඤ්ඤො.
Sinhala BJTකවර පුද්ගලයෙක් ‘උච්ඡඞ්ගපඤ්ඤ’ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් නිතොර භික්‍ෂූන් වෙත දහම් අසනු පිණිස අරමට යන්නේ වෙයි. ඔහුට භික්‍ෂූහු මුල යහපත් වූ මැද යහපත් වූ කෙළවර යහපත් වූ අරුත් සහිත වූ පැහැදිලි අකුරු ඇති සියල්ල පිරිපුන් වූ පිරිසුදු වූ දහම් දෙසත්. ශ්‍රේෂ්ඨචර්‍ය්‍යාව ප්‍රකාශ කරත්. හෙතෙම ඒ අසුන්හි හුන්නේ ඒ කථායෙහි මුලත් මෙනෙහි කෙරෙයි. මැදත් මෙනෙහි කෙරෙයි. අවසනත් මෙනෙහි කෙරේ, එතෙකුදු වුවත් ඒ අසුනින් නැඟීසිටියේ ඒ කථායෙහි මුල නොමැ මෙනෙහි කෙරෙයි. මැද නො මෙනෙහි කෙරෙයි. අවසන නො මෙනෙහි කෙරේ. යම් සේ පුරුෂයකුගේ ඇකයෙහි තල, සහල්, අග්ගලා, ඩෙබර ආදි නොයෙක් කෑ යුතු දෑ බහා තබන ලද්දා හු ද, හෙතෙම ඒ අසුනින් නැඟීසිටින්නේ සිහිමුළායෙන් විසුරුවන්නේ ද එපරිද්දෙන් ම මෙලොව කිසි පුද්ගලයෙක් නිතොර භික්‍ෂූන් වෙත දහම් අසනු පිණිස අරමට යන්නේ වෙයි. ඔහුට භික්‍ෂූහු මුල යහපත් වූ මැද යහපත් වූ අග යහපත් වූ අරුත් සහිත වූ පැහැදිලි අකුරු ඇති සියල්ල පිරිපුන් වූ පිරිසුදු වූ දහම් දෙසත්. ශ්‍රේෂ්ඨචර්‍ය්‍යාව ප්‍රකාශ කරත්. හෙතෙම ඒ අසුන්හි හුන්නේ ඒ කථායෙහි ආදියත් මෙනෙහි කෙරෙයි. මධ්‍යයත් මෙනෙහි කෙරෙයි. අවසානයත් මෙනෙහි කෙරේ. ඒ අසුනින් නැඟී සිටියේ ඒ කථායෙහි මුලත් නො ම මෙනෙහි කෙරෙයි. මැදත් නො මෙනෙහි කෙරෙයි. අගිත් නො මෙනෙහි කෙරේ. මේ පුද්ගල ‘උච්ඡඞ්ගපඤ්ඤ’ යැයි කියනු ලැබේ.
Pali BJTකතමො ච පුග්ගලො පුථුපඤ්ඤො: ඉධෙ’කච්චො පුග්ගලො ආරාමං ගන්තා හොති අභික්ඛණං භික්ඛූනං සන්තිකෙ ධම්මසවණාය තස්ස භික්ඛු ධම්මං දෙසෙන්ති, ආදිකල්යාණං මජ්ඣෙ කල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සව්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙන්ති. සො තස්මිං ආසනෙ නිසින්නො තස්සා කථාය ආදිම්පි මනසිකරොති, මජ්ඣම්පි මනසිකරොති, පරියොසානම්පි මනසිකරොති; වුට්ඨිතො’පි තම්හා ආසනා තස්සා කථාය ආදිම්පි මනසිකරොති, මජ්ඣම්පි මනසිකරොති, පරියොසානම්පි මනසිකරොති. සෙය්යථාපි නාම කුම්භො උක්කුජ්ජො. තත්ර උදකං ආසිත්තං සණ්ඨාති නො විවට්ටති. එවමෙව ඉධෙ’කච්චො පුග්ගලො ආරාමං ගන්තා හොති: අභික්ඛණං භික්ඛූනං සන්තිකෙ ධම්මසවණාය. තස්ස භික්ඛු ධම්මං දෙසෙන්ති ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සව්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙන්ති. සො තස්මිං ආසනෙ නිසින්නො තස්සා කථාය ආදිම්පි මනසිකරොති. මජ්ඣම්පි මනසිකරොති, පරියොසානම්පි මනසිකරොති, වුට්ඨිතො’පි තම්හා ආසනා තස්සා කථාය ආදිම්පි මනසිකරොති, මජ්ඣම්පි මනසිකරොති, පරියොසානම්පි මනසිකරොති. අයං වුච්චති පුග්ගලො පුථුපඤ්ඤො.
Sinhala BJTකවර පුද්ගලයෙක් ‘පුථුපඤ්ඤ’ (පුළුල් නුවණැත්තේ) වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් නිතොර භික්‍ෂූන් වෙත දහම් අසනු පිණිස අරමට යන්නේ වෙයි. ඔහුට භික්‍ෂූහු මුල යහපත් වූ මැද යහපත් වූ අග යහපත් වූ අරුත් සහිත වූ පැහැදිලි අකුරු ඇති සියල්ල පිරිපුන් වූ පිරිසුදු වූ දහම් දෙසති. ශ්‍රේෂ්ඨවර්‍ය්‍යාව ප්‍රකාශ කරත්. හෙතෙම ඒ අසුන්හි හුන්නේ ඒ කථායෙහි මුලත් මෙනෙහි කෙරෙයි. මැදත් මෙනෙහි කෙරෙයි. අගත් මෙනෙහි කෙරෙයි. ඒ අසුනින් නැඟීසිටියේ ද ඒ කථායෙහි මුලත් මෙනෙහි කෙරෙයි. මැදත් මෙනෙහි කෙරෙයි. අගත් මෙනෙහි කෙරේ. යම් සේ කළයක් උඩුහුරු කරන ලද්දේ එහි වත්කරන ලද ජලය රඳා ද පිටතට ගලා නො යෙ ද එසේ ම මෙලොව කිසි පුද්ගලයෙක් නිතොර භික්‍ෂූන් වෙත දහම් අසනු පිණිස අරමට යන්නේ වෙයි. ඔහුට භික්‍ෂූහු මුල යහපත් වූ මැද යහපත් වූ අග යහපත් වූ අරුත් සහිත වූ පැහැදිලි අකුරු ඇති සියල්ල පිරිපුන් වූ දහම් දෙසත්. බ්‍රහ්මචර්‍ය්‍යයාව ප්‍රකාශ කරත්, හෙතෙම ඒ අසුන්හි හුන්නේ ඒ කථායෙහි මුලත් මෙනෙහි කෙරෙයි. මැද ත් මෙනෙහි කෙරෙයි. අගත් මෙනෙහි කෙරෙයි. ඒ අසුනින් නැඟී සිටියේ ද ඒ කථායෙහි මුලත් මෙනෙහි කෙරෙයි. මැදත් මෙනෙහි කෙරෙයි, අගත් මෙනෙහි කෙරේ. මේ පුද්ගල ‘පුථුපඤ්ඤ’ ය යි කියනු ලැබේ.
Pali BJT8. කතමො ච පුග්ගලො කාමෙසු ච භවෙසු ච අවීතරාගො: සොතාපන්නසකදාගාමිනො, ඉමෙ වුච්චන්ති පුග්ගලා කාමෙසු ච භවෙසු ච අවීතරාගා.
Sinhala BJT8. කවර පුද්ගලයෙක් පඤ්චකාම ගුණයෙහි ද (රූපාරූප) භවයෙහි ද පහ නො කළ රාග ඇත්තේ’ වේ ද යත්: ශ්‍රෝතාපන්න සකෘදාගාමීහු යැ. මේ පුද්ගලයෝ ‘කාමයෙහි ද භවයෙහි ද පහ නො කළ රාග ඇත්තාහු’ යැ යි කියනු ලැබෙත්.
Pali BJTකතමො ච පුග්ගලො කාමෙසු වීතරාගො භවෙසු අවීතරාගො: අනාගාමී. අයං වුච්චති පුග්ගලො කාමෙසු වීතරාගො, භවෙසු අවීතරාගො.
Sinhala BJTකවර පුද්ගලයෙක් ‘කාමයෙහි පහකළ රාග ඇත්තේ භවයෙහි පහ නො කළ රාග ඇත්තේ’ වේ ද යත්: අනාගාමී තෙමේ යැ, මේ පුද්ගල තෙමේ ‘කාමයෙහි පහකළ රාග ඇත්තේ භවයෙහි නො පහකළ රාග ඇත්තේ’ යැ යි කියනු ලැබේ.
Pali BJTකතමො ච පුග්ගලො ච කාමෙසු ච භවෙසු ච වීතරාගො: අරහා. අයං වුච්චති පුග්ගලො කාමෙසු ච භවෙසු ච වීතරාගො.
Sinhala BJTකවර පුද්ගලයෙක් ‘කාමයෙහි ද භවයෙහි ද පහකළ රාග ඇත්තේ’ ද යත්: රහතුන් වහන්සේ යි. මේ පුද්ගල ‘කාමයෙහි ද භවයෙහි ද පහකළ රාග ඇත්තේ’ යැ යි කියනු ලැබේ.
Pali BJT9. කතමො ච පුග්ගලො පාසාණලෙඛූපමො: ඉධෙ’කච්චො පුග්ගලො අභිණ්හං කුජ්ඣති, සො ච ඛ්වස්ස කොධො චිරං දීඝරත්තං අනුසෙති. සෙය්යථාපි නාම පාසාණලෙඛා න ඛිප්පං ලුජ්ජති වාතෙන වා උදකෙන වා චිරට්ඨිතිකා හොති. එවමෙව ඉධෙ’කච්චො පුග්ගලො අභිණ්හං කුජ්ඣති, සො ච ඛ්වස්ස කොධො චිරං දීඝරත්තං අනුසෙති. අයං වුච්චති පුග්ගලො පාසාණලෙඛූපමො.
Sinhala BJT9. කවර පුද්ගලයෙක් ‘පාසාණ ලේඛුපම’ (ගලෙහි ඇඳි ඉරට බඳු) වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් නිතොර කිපෙයි. ඔහුගේ ඒ ක්‍රෝධයත් බොහෝ කලක් දිගුකලක් රඳා සිටී. යම් සේ ගලෙහි ඇඳි ඉර සුළඟින් හෝ දියෙන් හෝ වහා නො නැසේ ද බොහෝ කල් පවතින්නේ වේ ද එසේ මැ මෙලොව කිසි පුද්ගලයෙක් නිතොර කිපෙයි, ඔහුගේ ඒ ක්‍රෝධයත් බොහෝ කලක් දිගු කලක් රඳා සිටී. මේ පුද්ගල ‘පාසාණ ලේඛුපම’ යැ යි කියනු ලැබේ.
Pali BJTකතමො ච පුග්ගලො පඨවිලෙඛූපමො: ඉධෙ’කච්චො පුග්ගලො අභිණ්හං කුජ්ඣති, සො ච ඛ්වස්ස කොධො න චිරං දීඝරත්තං අනුසෙති. සෙය්යථාපි නාම පඨවියා ලෙඛා ඛිප්පං ලුජ්ජති වාතෙන වා උදකෙන වා න චිරට්ඨිතිකා හොති. එවමෙව ඉධෙ’කච්චො පුග්ගලො අභිණ්හං කුජ්ඣති සො ච ඛ්වස්ස කොධො න චිරං දීඝරත්තං අනුසෙති. අයං වුච්චති පුග්ගලො පඨවිලෙඛූපමො.
Sinhala BJTකවර පුද්ගලයෙක් ‘පඨවිලේඛුපම’ (පොළොවෙහි ඇඳි ඉරට බඳු) වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් නිතොර කිපෙයි. ඔහුගේ ඒ ක්‍රෝධය ද බොහෝ කලක් දිගුකලක් රඳා සිටින්නේ නො වෙයි, යම් පරිදි පොළොවෙහි ඇඳි ඉර සුළඟින් හෝ ජලයෙන් හෝ වහා මැකී යේ ද බොහෝ කල් නො පවත්නේ වේද එසේ මැ මෙලොව කිසි පුද්ගලයෙක් නිතොර කිපෙයි ඔහුගේ ඒ ක්‍රෝධයත් බොහෝ කලක් දිගුකලක් රඳා නො සිටී, මේ පුද්ගල ‘පඨවිලේඛුපම’ යැ යි කියනු ලැබේ.
Pali BJTකතමො ච පුග්ගලො උදකලෙඛූපමො: ඉධෙ’කච්චො පුග්ගලො ආගාළ්හෙන පි වුච්චමානො ඵරුසෙන’පි වුච්චමානො අමනාපෙන’පි වුච්චමානො සංසන්දතිමෙව, සන්ධීයතිමෙව; සම්මොදතිමෙව සෙය්යථාපි නාම උදකෙ ලෙඛා ඛිප්පං ලුජ්ජති, න චිරට්ඨිතිකා හොති, එවමෙව ඉධෙ’කච්චො පුග්ගලො ආගාළ්හෙන’පි වුච්චමානො ඵරුසෙන’පි වුච්චමානො අමනාපෙන’පි වුච්චමානො සංසන්දතිමෙව, සන්ධීයතිමෙව, සම්මොදතිමෙව. අයං වුච්චති පුග්ගලො උදකලෙඛූපමො.
Sinhala BJTකවර පුද්ගලයෙක් ‘උදකලෙඛුපම’ (දියෙහි ඇඳි ඉරට බඳු) වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් ඉතා තදබසිනුදු කියනු ලබන්නේ රළු බසිනුදු කියනු ලබන්නේ නො මනාපයෙනුදු කියනු ලබන්නේ සැසැඳේ (එක් වේ) මැ යැ ගැළපේ මැ යැ, සතුටු වේ මැ යි, සේ නම් දියෙහි ඇඳි ඉර වහා මැකේ ද, බොහෝ කල් නො පවත්නේ ද එසේ මැ මෙලොව කිසි පුද්ගලයෙක් ඉතා තද බසිනුදු කියනු ලබන්නේ රළු බසිනුදු කියනු ලබන්නේ නො මනාපයෙනුදු කියනු ලබන්නේ සැසැඳේ මැ යැ. ගැළපේ මැ යැ, සතුටු වේ මැ යි. මේ පුද්ගල ‘උදකලෙඛුපම’ යැ යි කියනු ලැබේ.
Pali BJT10. තත්ථ කතමෙ තයො පොත්ථකූපමා පුග්ගලා: තයො පොත්ථකා, නවො’පි පොත්ථකො දුබ්බණ්ණොචෙව හොති දුක්ඛසම්ඵස්සො ච අප්පග්ඝො ච, මජ්ඣිමො ච පොත්ථකො දුබ්බණ්ණොචෙව හොති දුක්ඛසම්ඵස්සො ච අප්පග්ඝො ච. ජිණ්ණො’පි පොත්ථකො දුබ්බණ්ණො චෙව හොති දුක්ඛසම්ඵස්සො ච අප්පග්ඝො ච. ජිණ්ණම්පි පොත්ථකං උක්ඛලිපරිමජ්ජනං වා කරොන්ති. සඞ්කාරකූටෙ වා නං ඡඩ්ඩෙන්ති. ‘එවමෙව තයො පොත්ථකූපමා පුග්ගලා සන්තො සංවිජ්ජමානා භික්ඛූසු.
Sinhala BJT10. එහි කවරහු තිදෙනෙක් ‘පොත්‍ථකුපම’ (හණවැහැරියට බඳු) පුද්ගලයෝ වෙත් ද යත්: සණවැහැරි තුනෙකි. අළුත් වුවද සණවැහැරිය දුර්වර්‍ණ වූයේ මැ රළුපහස් ඇත්තේ ද මඳක් අගනේ ද වෙයි. මධ්‍යම සණවැහැරිය ද දුර්වර්‍ණ වූයේ මැ රළුපහස් ඇත්තේ ද මඳක් අගනේ ද වෙයි. දිරාගිය සණවැහැරිය ද දුර්වර්‍ණ වූයේ මැ රළු පහස් ඇත්තේ ද මඳක් අගනේ ද වේ. දිරාගිය සණවැහැරිය ද වළන් පිස්නක් හෝ කරති. කසළ ගොඩෙහි හෝ දමත්. එපරිද්දෙන් මැ භික්‍ෂූන් අතුරෙහි ඇත්තා වූ විද්‍යමාන වූ ‘සණවැහැරියට බඳු පුද්ගලයෝ’ තිදෙනෙකි.
Pali BJTකතමෙ තයො: නවොචෙ’පි භික්ඛු හොති දුස්සීලො පාපධම්මො ඉදමස්ස දුබ්බණ්ණතාය, සෙය්යථාපි සො පොත්ථකො දුබ්බණ්ණො තථූපමො අයං පුග්ගලො යො ඛො පනස්ස සෙවන්ති භජන්ති පයිරුපාසන්ති දිට්ඨානුගතිං ආපජ්ජන්ති, තෙසං තං හොති දීඝරත්තං අහිතාය දුක්ඛාය. ඉදිමස්ස දුක්ඛසම්ඵස්සතාය. සෙය්යථාපි සො පොත්ථකො දුක්ඛසම්ඵස්සො තථූපමො අයං පුග්ගලො යෙසං ඛො පන පතිගණ්හාති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං. තෙසං තං න මහප්ඵලං හොති න මහානිසංසං.
Sinhala BJTකවර තිදෙනෙක් ද යත්: ඉදින් නවක මහණ තෙමේ ත් දුසිල් වූයේ ලාමකගති ඇත්තේ වේ නම් මේ ඔහුගේ දුර්වර්‍ණ බව පිණිස වෙයි. යම් සේ ඒ සණවැහැරිය දුර්වර්‍ණ වූයේ ද මේ පුද්ගල එබඳු වෙයි. යළි යම් කෙනෙක් ඔහු සේවනය කරත් ද භජනය කරත් ද පර්‍ය්‍යුපාසනය කරත් ද ඔහුගේ දෘෂ්ටිය අනුගමනය කරත් ද ඔවුනට එය බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස වෙයි. මේ ඔහුගේ රළුපහස වෙයි. යම්සේ ඒ සණවැහැරිය රළුපහස් ඇත්තේ ද මේ පුද්ගල එබඳු යි. තවද යම් කෙනෙකුන්ගේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර පිළිගනී ද ඔවුනට එය මහත් ඵල නො වෙයි. මහානිසංස නො වේ.
Pali BJTඉදමස්ස අප්පග්ඝතාය සෙය්යථාපි සො පොත්ථකො අප්පග්ඝො තථූපමො අයං පුග්ගලො. මජ්ඣිමො චෙ’පි භික්ඛු හොති -පෙ- ථෙරො චෙ’පි භික්ඛු හොති, දුස්සීලො පාපධම්මො, ඉදමස්ස දුබ්බණ්ණතාය, සෙය්යථාපි සො පොත්ථකො දුබ්බණ්ණො තථූපමො අයං පුග්ගලො. යො ඛො පනස්ස සෙවන්ති. භජන්ති, පයිරුපාසන්ති, දිට්ඨානුගතිං ආපජ්ජන්ති, තෙසං තං හොති දීඝරත්තං අහිතාය දුක්ඛාය. ඉදමස්ස දුක්ඛසම්ඵස්සතාය. සෙය්යථාපි සො පොත්ථකො දුක්ඛසම්ඵස්සො තථූපමො අයං පුග්ගලො. යෙසං ඛො පන පතිගණ්හාති{1}. චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං, තෙසං තං න මහප්ඵලං හොති න මහානිසංසං ඉදමස්ස අප්පග්ඝතාය. සෙය්යථාපි සො පොත්ථකො අප්පග්ඝො තථූපමො අයං පුග්ගලො. එවරූපො ථෙරො චෙ’පි භික්ඛු සඞ්ඝමජ්ඣෙ භණති. තමෙනං භික්ඛු එවමාහංසු: කින්නුඛො තුය්හං බාලස්ස අව්යත්තස්ස භණිතෙන ත්වම්පි නාම භණිතබ්බං මඤ්ඤසීති. සො කුපිතො අනත්තමනො තථාරූපිං වාචං නිච්ඡාරෙති. යථාරූපාය වාචාය සඞ්ඝො උක්ඛිපති සඞ්කාරකූටෙ’ව නං පොත්ථකං. ඉමෙ තයො පොත්ථකූපමා පුග්ගලා සන්තො සංවිජ්ජමානා භික්ඛූසු.
Sinhala BJTමේ ඔහුගේ මඳක් අගනා බව යැ, යම් පරිදි ඒ සණ වැහැරිය මඳක් අගනේද මේ පුද්ගල එ බඳු යි. ඉදින් මධ්‍යම වූ මහණ තෙමේ ත් ... ස්ථවිර වූ මහණ තෙමේත් දුසිල් වේ නම් ලාමක ගති ඇත්තේ නම් මේ ඔහුගේ දුර්වර්‍ණ බව වෙයි. යම් සේ ඒ සණවැහැරිය දුරුවර්‍ණ වූයේ ද මේ පුද්ගල එ බඳු යි. යම් කෙනෙක් වනාහි ඔහු සේවන භජන පර්‍ය්‍යුපාසන කෙරෙත් ද (ඔහුගේ) දෘෂ්ටිය අනුගමනය කෙරෙත් ද ඔවුනට එය බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස වෙයි. මේ ඔහුගේ රළුපහස වෙයි. යම් සේ ඒ සණවැහැරිය රළු පහස් ඇත්තේ ද මේ පුද්ගල එ බඳු යි. යම් කෙනකුන්ගේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර පිළිගනී ද ඔවුනට එය මහත් ඵල නො වෙයි, මහ අනුසස් ඇත්තේ නො වේ. මේ ඔහුගේ මද අගනා බව යි. යම්සේ සණ වැහැරිය මඳ වූ අගය ඇත්තේ ද මේ පුද්ගල එ බඳු යි, ඉදින් මෙබඳු වූ ස්ථවිර මහණ තෙමේ ත් සඟ මැද කථා කෙරේ නම් ඒ ඔහුට භික්‍ෂූහු මෙසේ කියත්. ‘කිම බාල වූ නො වියත් වූ තොපගේ කථායෙන්, තොප වැන්නවුන් පවා කථා කළ යුතු යැ යි සිතන්නහු ද’ යි. හෙතෙම කිපියේ නො සතුටු සිත් ඇත්තේ යම් බඳු වචනයකින් සංඝ තෙමේ කසළ ගොඩෙහි ලන සණවැහැරියක් මෙන් ඔහු උත්ක්‍ෂේපනය කෙරේ ද එබඳු වූ වචන පිට කරයි. මොහු තිදෙන භික්‍ෂූන් අතුරෙහි ඇති දක්නා ලැබෙන ‘සණවැහැරි බඳු පුද්ගලයෝ’ යි.
Pali BJT11. තත්ථ කතමෙ තයො කාසිකවත්ථූපමා පුග්ගලා: තීණි කාසිකවත්ථානි, නවම්පි කාසිකං වත්ථං වණ්ණවන්තඤ්චෙව හොති සුඛසම්ඵස්සඤ්ච මහග්ඝඤ්ච, මජ්ඣිමම්පි කාසිකං වත්ථං වණ්ණවන්තඤ්චෙව හොති සුඛසම්ඵස්සඤ්ච මහග්ඝඤ්ච. ජිණ්ණම්පි කාසිකං වත්ථං වණ්ණවන්තඤ්චෙව හොති සුඛසම්ඵස්සඤ්ච මහග්ඝඤ්ච. ජිණ්ණම්පි කාසිකං වත්ථං රතන පළිවෙඨනං වා කරොන්ති, ගන්ධකරණ්ඩකෙ වා නං නික්ඛිපන්ති. එවමෙව තයො කාසිකවත්ථූපමා පුග්ගලා සන්තො සංවිජ්ජමානා භික්ඛූසු.
Sinhala BJT11. එහි කවරහු තිදෙනෙක් ‘කසීවතට බඳු’ පුද්ගලයෝ වෙත් ද යත්: කසීවත් තුනෙකි, අළුත් වූ ද කසීවත වර්‍ණවත් මැ වූයේ ද සුවපහස් ඇත්තේ ද මහඇඟි ද වෙයි. මධ්‍යම කසීවත ද වර්‍ණවත් මැ වූයේත් සුවපහස් ඇත්තේ ද මහඇඟි ද වෙයි. දිරාගිය කසීවත ද වර්‍ණවත් මැ වූයේ ද සුවපහස් ඇත්තේ ද මහඇඟි ද වේ. දිරාගිය කසීවත පවා රුවන් ඔතන්නක් හෝ කරති, සුවඳ කරඩුවෙක හෝ එය බහා තබත්. එසේ මැ භික්‍ෂූන් අතුරෙහි ඇති දක්නා ලැබෙන ‘කසීවතට බඳු පුද්ගලයෝ තිදෙනෙක්’ වෙති.
Pali BJTකතමෙ තයො: නවො චෙ’පි භික්ඛු හොති සීලවා කල්යාණධම්මො ඉදමස්ස සුවණ්ණතාය. සෙය්යථාපි තං කාසිකං වත්ථං වණ්ණවන්තං තථූපමො අයං පුග්ගලො. යෙ ඛො පනස්ස සෙවන්ති භජන්ති පයිරුපාසන්ති දිට්ඨානුගති ආපජ්ජන්ති තෙසං තං හොති දීඝරත්තං හිතාය සුඛාය. ඉදමස්ස සුඛසම්ඵස්සතාය.
Sinhala BJTකවර තිදෙනෙක් ද යත්: ඉදින් නවක භික්‍ෂු තෙමේ ත් සිල්වත් වූයේ යහපත් ගති ඇත්තේ වේනම් මේ ඔහුගේ සුවර්‍ණ බව යැ, යම් සේ ඒ කසීවත වර්‍ණවත් නම් මේ පුද්ගල තෙමේ එ බඳුයි. තව ද යම්කෙනෙක් ඔහු සේවනය කරත් ද භජනය කරත් ද පර්‍ය්‍යුපාසනය කරත් ද ඔහුගේ දෘෂ්ටානු ගතියට, යෙත් ද ඔවුනට ඒ බොහෝ කලක් භිත පිණිස සුව පිණිස වෙයි. මේ ඔහුගේ සුවපහස් බව වේ.
Pali BJTසෙය්යථාපි තං කාසිකං වත්ථං සුඛසම්ඵස්සං තථූපමො අයං පුග්ගලො. යෙසං ඛො පන පතිගණ්හාති{1} චීවරපිණ්ඩපාත සෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං තෙසං තං මහප්ඵලං හොති මහානිසංසං. ඉදමස්ස මහග්ඝතාය. සෙය්යථාපි තං කාසිකං වත්ථං මහග්ඝං තථූපමො අයං පුග්ගලො. මජ්ඣිමො චෙ’පි භික්ඛු -පෙ- ථෙරො චෙ’පි භික්ඛු හොති සීලවා කල්යාණධම්මො ඉදමස්ස සුවණ්ණතාය. සෙය්යථාපි තං කාසිකං වත්ථං වණ්ණවන්තං, තථූපමො අයං පුග්ගලො යෙ ඛො පනස්ස සෙවන්ති භජන්ති පයිරුපාසන්ති දිට්ඨානුගතිං ආපජ්ජන්ති. තෙසං තං හොති දීඝරත්තං හිතාය සුඛාය, ඉදමස්ස සුඛසම්ඵස්සතාය. සෙය්යථාපි තං කාසිකං වත්ථං සුඛසම්ඵස්සං, තථූපමො අයං පුග්ගලො. යෙසං ඛො පන පතිගණ්හාති’ චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං. තෙසං තං මහප්ඵලං හොති මහානිසංසං. ඉදමස්ස මහග්ඝතාය. සෙය්යථාපි තං කාසිකං වත්ථං මගග්ඝං, තථූපමො අයං පුග්ගලො. එවරූපො ච ථෙරො භික්ඛුසඞ්ඝමජ්ඣෙ භණති, තමෙනං භික්ඛු එවමාහංසු අප්පසද්දා ආයස්මන්තො හොථ, ථෙරො භික්ඛු ධම්මඤ්ච විනයඤ්ච භණතීති. තස්ස තං වචනං ආධෙය්යං ගච්ඡති ගන්ධකරණ්ඩකෙ’ව න කාසිකං වත්ථං, ඉමෙ තයො කාසිකවත්ථූපමා පුග්ගලා සන්තො සංවිජ්ජමානා භික්ඛූසු.
Sinhala BJTයම් සේ ඒ කසීවත සුව පහස් ඇත්තේ නම් මේ පුද්ගල එබඳු යි. තව ද යම් කෙනකුන්ගේ සිවුරු පිඬුවා ගිලන්පස බෙහෙත් පිරිකර පිළිගනී ද ඔවුනට ඒ මහත් ඵල මහ අනුසස් ඇත්තේ වේ. මේ ඔහුගේ මහඇඟි බව වේ. යම් සේ ඒ කසීවත මහඇඟි නම් මේ පුද්ගල එ බඳු යි. ඉදින් මධ්‍යම භික්‍ෂු තෙමේ ත් -පෙ- ඉදින් ස්ථවිර භික්‍ෂු තෙමේ ත් සිල්වත් වූයේ කළණ ගති ඇත්තේ වේ නම් මේ ඔහුගේ සුවර්‍ණ බව වෙයි. යම් සේ ඒ කසීවත වර්‍ණවත් නම් මේ පුද්ගල එ බඳු යි. තව ද යම් කෙනෙක් ඔහු සේවනය කෙරෙත් ද භජනය කෙරෙත් ද පර්‍ය්‍යුපාසන කෙරෙත් ද ඔහුගේ දෘෂ්ටානුගතියට යෙත් ද ඔවුනට ඒ දිගු කලක් හිත පිණිස සුව පිණිස වෙයි. මේ ඔහුගේ සුවපහස් බව වෙයි. යම් සේ ඒ කසීවත සුවපහස් නම් මේ පුද්ගල එ බඳු යි. තවද යම් කෙනකුන්ගේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර පිළිගනී ද ඔවුනට ඒ මහත්ඵල වෙයි. මහ අනුසස් ඇත්තේ වෙයි. මේ ඔහුගේ ‘මහ ඇඟි බව’ වේ. යම් සේ ඒ කසීවත මහ ඇඟි නම් මේ පුද්ගල එබඳු යි. තව ද මෙ බඳු ස්ථවිර මහණ සඟමැද කථා කෙරෙයි ද ඒ මොහුට භික්‍ෂූහු මෙසේ කියත්. “ඇවැත්නි නිහඬ වවු ස්ථවිර මහණ ධර්‍මයත් විනයත් දෙසයි” කියා යි. ඔහුගේ ඒ වචනය ඒ කසීවත සුවඳ කරඩුවෙක නිදන් කරන්නා සේ නිදන් කළ යුතු බවට යෙයි. මොහු තිදෙන භික්‍ෂූන් අතුරෙහි ඇති දක්නා ලැබෙන ‘කසීවතට බඳු පුද්ගලයෝ’ යි.
Pali BJT12. කතමො ච පුග්ගලො සුප්පමෙය්යො: ඉධෙ’කච්චො පුග්ගලො උද්ධතො හොති උන්නලො චපලො මුඛරො විකිණ්ණවාචො මුට්ඨස්සති අසම්පජානො අසමාහිතො විබ්භන්තචිත්තො අසංවුතින්ද්රියො. අයං වුච්චති පුග්ගලො සුප්පමෙය්යො.
Sinhala BJT12. කවර පුද්ගලයෙක් ‘සුවසේ ප්‍රමාණ කළ හැක්කේ’ වේ ද යත්: මෙසස්නෙහි එක් පුද්ගලයෙක් උඩඟු යැ. උස් වූ මාන ඇත්තේ යැ. චපල යැ. වාචාල යැ. විසුරුණු වචන ඇත්තේ යැ. මුළා වූ සිහි ඇත්තේ යැ. සම්‍යක්ප්‍රඥා නැත්තේ යැ. එකඟ වූ සිත් නැත්තේ යැ. විසුරුණු සිත් ඇත්තේ යැ. සංවරණය නො කළ ඉඳුරන් ඇත්තේ යි. මේ පුද්ගල ‘සුවසේ ප්‍රමාණ කළ හැක්කේ’ යැ යි කියනු ලැබේ.
Pali BJTකතමො ච පුග්ගලො දුප්පමෙය්යො: ඉධෙ’කච්චො පුග්ගලො අනුද්ධතො හොති අනුන්නලො අචපලො අමුඛරො අවිකිණ්ණවාචො උපට්ඨිතසති සම්පජානො සමාහිතො එකග්ගචිත්තො සංවුතින්ද්රියො. අයං වුච්චති පුග්ගලො දුප්පමෙය්යො.
Sinhala BJTකවර පුද්ගලයෙක් ‘දුකසේ ප්‍රමාණ කළ හැක්කේ’ වේ ද යත්: මෙසස්නෙහි එක් පුද්ගලයෙක් උඩඟු නො වෙයි, උස් වූ මාන නැත්තේ වෙයි. චපල නො වෙයි, වාචාල නො වෙයි. විසුරුණු වචන ඇත්තේ නො වෙයි. එළඹ සිටි සිහි ඇත්තේ වෙයි. සම්‍යක් ප්‍රඥා ඇත්තේ වෙයි. සන්සුන් සිත් ඇත්තේ වෙයි. එකඟ වූ සිත් ඇත්තේ වෙයි. සංවරණය කළ ඉඳුරන් ඇත්තේ වේ. මේ පුද්ගල ‘දුකසේ ප්‍රමාණ කළ හැක්කේ’ යැ යි කියනු ලැබේ.
Pali BJTකතමො ච පුග්ගලො අප්පමෙය්යො: ඉධෙ’කච්චො පුග්ගලො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. අයං වුච්චති පුග්ගලො අප්පමෙය්යො.
Sinhala BJTකවර පුද්ගලයෙක් ‘ප්‍රමාණ කළ නො හැක්කේ’ වේද යත්: මෙසස්නෙහි කිසි පුද්ගලයෙක් ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් ආස්‍රව රහිත වූ චිත්ත විමුක්තියත් ප්‍රඥාවිමුක්තියත් මෙ අත් බැව්හි මැ තෙමේ වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාසය කෙරේ ද මේ පුද්ගල ‘ප්‍රමාණ කළ නො හැක්කේ’ යැ යි කියනු ලැබේ.
Pali BJT13. කතමො ච පුග්ගලො න සෙවිතබ්බො, න භජිතබ්බො න පයිරුපාසිතබ්බො: ඉධෙ’කච්චො පුග්ගලො හීනො හොති සීලෙන සමාධිනා පඤ්ඤාය. එවරූපො පුග්ගලො න සෙවිතබ්බො, න භජිතබ්බො, න පයිරුපාසිතබ්බො අඤ්ඤත්ර අනුද්දයා, අඤ්ඤත්ර අනුකම්පා.
Sinhala BJT13. කවර පුද්ගලයෙක් ‘සේවනය නො කළ යුත්තේ භජනය නො කළ යුත්තේ පර්‍ය්‍යුපාසනය නො කළ යුත්තේ’ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් ශීලයෙන් සමාධියෙන් ප්‍රඥායෙන් හීන වූයේ වෙ යි ද මෙබඳු පුද්ගල දයාවෙන් මිස අනුකම්පාවෙන් මිස සේවනය නො කළ යුත්තේ යැ. භජනය නො කළ යුත්තේ යැ පර්‍ය්‍යුපාසනය නො කළ යුත්තේ යි.
Pali BJTකතමො ච පුග්ගලො සෙවිතබ්බො, භජිතබ්බො පයිරුපාසිතබ්බො: ඉධෙකච්චො පුග්ගලො සදිසො හොති සීලෙන සමාධිනා පඤ්ඤාය, එවරූපො පුග්ගලො සෙවිතබ්බො භජිතබ්බො පයිරුපාසිතබ්බො, තං කිස්සහෙතු: සීලසාමඤ්ඤගතානං සතං සීලකථා ච නො භවිස්සති සා ච නො ඵාසු භවිස්සති. සා ච නො පවත්තනී{1} භවිස්සති. සමාධි සාමඤ්ඤගතානං සතං සමාධිකථා ච නො භවිස්සති. සා ච නො ඵාසු භවිස්සති, සා ච නො පවත්තනී{1} භවිස්සති. පඤ්ඤාසාමඤ්ඤගතානං සතං පඤ්ඤාකථා ච නො භවිස්සති. සා ච නො ඵාසු භවිස්සති, සා ච නො පවත්තනී භවිස්සති. තස්මා එවරූපො පුග්ගලො සෙවිතබ්බො භජිතබ්බො පයිරුපාසිතබ්බො.
Sinhala BJTකවර පුද්ගලයෙක් ‘සේවනය කළ යුත්තේ භජනය කළ යුත්තේ පර්‍ය්‍යුපාසනය කළ යුත්තේ’ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් ශීලයෙන් සමාධියෙන් ප්‍රඥායෙන් (තමා) සම වූයේ වේ ද මෙ බඳු පුද්ගල සේවනය කළ යුත්තේ යැ. භජනය කළ යුත්තේ යැ. පර්‍ය්‍යුපාසනය කළ යුත්තේ යි. එයට හේතු කවරේ ද යත්: ශීලයෙන් සම බවට ගියා වූ අපගේ ශීලකථාව ද වන්නී යැ. ඒ කථාව ද අපට සැප විහරණ පිණිස වන්නී යැ. තව ද අපගේ ඒ කථාව පවත්නක් වන්නීය. සමාධියෙන් සම බවට ගියා වූ අපගේ සමාධිකථාවත් වන්නීය. ඒ කථාව ද අපට සැපවිහරණ පිණිස වන්නී යැ. තව ද අපගේ ඒ කථාව පවත්නක් වන්නී යැ. ප්‍රඥායෙන් සම බවට ගියා වූ අපගේ ප්‍රඥාකථාවත් වන්නී යැ. ඒ කථාව ද අපට සැපවිහරණ පිණිස වන්නී යැ. තව ද අපගේ ඒ කථාව පවත්නක් වන්නීය. එහෙයින් මේ පුද්ගල සේවනය කටයුත්තේ යැ. භජනය කටයුත්තේ යැ. පර්‍ය්‍යුපාසනය කටයුත්තේ යි.
Pali BJTකතමො ච පුග්ගලො සක්කත්වා ගරුකත්වා{2} සෙවිතබ්බො, භජිතබ්බො පයිරුපාසිතබ්බො ඉධෙ’කච්චො පුග්ගලො අධිකො හොති සීලෙන සමාධිනා පඤ්ඤාය. එවරූපො පුග්ගලො සක්කත්වා ගරුකත්වා සෙවිතබ්බො භජිතබ්බො, පයිරුපාසිතබ්බො. තං කිස්සහෙතු අපරිපූරං වා සීලක්ඛන්ධං පරිපූරෙස්සාමි, පරිපූරං වා සීලක්ඛන්ධං තත්ථ තත්ථ පඤ්ඤාය අනුග්ගහෙස්සාමි, අපරිපූරං වා සමාධික්ඛන්ධං පරිපූරෙස්සාමි, පරිපූරං වා සමාධික්ඛන්ධං තත්ථ තත්ථ පඤ්ඤාය අනුග්ගහෙස්සාමි. අපරිපූරං වා පඤ්ඤාක්ඛන්ධං පරිපූරෙස්සාමි, පරිපූරං වා පඤ්ඤාක්ඛන්ධං තත්ථ තත්ථ පඤ්ඤාය අනුග්ගහෙස්සාමී’ති. තස්මා එවරූපො පුග්ගලො සක්කත්වා ගරුකත්වා{2} සෙවිතබ්බො, භජිතබ්බො, පයිරුපාසිතබ්බො.
Sinhala BJTකවර පුද්ගලයෙක් ‘සත්කාර කොට ගරුකාර කොට සේවනය කළ යුත්තේ භජනය කළ යුත්තේ පර්‍ය්‍යුපාසනය කළ යුත්තේ’ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් ශීලයෙන් සමාධියෙන් ප්‍රඥායෙන් අධික වෙයි. මෙ බඳු පුද්ගල සත්කාර කොට ගරුකාර කොට සේවනය කළ යුත්තේ යැ. භජනය කළ යුත්තේ යැ. පර්‍ය්‍යුපාසනය කළ යුත්තේ යි. ඒ කවර හෙයින යත්: අසම්පූර්‍ණ වූ හෝ ශීලස්කන්‍ධය සම්පූර්‍ණ කරන්නෙමි. සම්පූර්‍ණ වූ හෝ ශීලස්කන්‍ධයට ඒ ඒ තැන්හි ප්‍රඥායෙන් අනුග්‍රහ කරන්නෙමි. අසම්පූර්‍ණ වූ හෝ සමාධිස්කන්‍ධය සම්පූර්‍ණ කරන්නෙමි. සම්පූර්‍ණ වූ හෝ සමාධිස්කන්‍ධයට ඒ ඒ තැන්හි ප්‍රඥායෙන් අනුග්‍රහ කරන්නෙමි. අසම්පූර්‍ණ වූ හෝ ප්‍රඥාස්කන්‍ධය සම්පූර්‍ණ කරන්නෙමි, සම්පූර්‍ණ වූ හෝ ප්‍රඥාස්කන්‍ධයට ඒ ඒ තැන්හි ප්‍රඥායෙන් අනුග්‍රහ කරන්නෙමි’ යි එහෙයින් මේ පුද්ගල සත්කාර කොට ගරුකාර කොට සේවනය කළ යුත්තේ යැ භජනය කළ යුත්තේ යැ පර්‍ය්‍යුපාසනය කළ යුත්තේ යි.
Pali BJT14. කතමො ච පුග්ගලො ජිගුච්ඡිතබ්බො න සෙවිතබ්බො, න භජිතබ්බො, න පයිරුපාසිතබ්බො: ඉධෙ’කච්චො පුග්ගලො දුස්සීලො හොති පාපධම්මො අසුචි සඞ්කස්සරසමාචාරො පටිච්ඡන්නකම්මන්තො අස්සමණො සමණපටිඤ්ඤො, අබ්රහ්මචාරී බ්රහ්මචාරිපටිඤ්ඤො අන්තො පූති අවස්සුතො කසම්බුජාතො එවරූපො පුග්ගලො ජිගුච්ඡිතබ්බො න සෙවිතබ්බො. න භජිතබ්බො, න පයිරුපාසිතබ්බො’ තං කිස්සහෙතු: කිඤ්චාපි එවරූපස්ස පුග්ගලස්ස න දිට්ඨානුගතිං ආපජ්ජති අථ ඛො නං පාපකො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති පාපමිත්තො පුරිසපුග්ගලො පාපසහායො පාපසම්පවඞ්කො’ති. සෙය්යථාපි නාම අභි ගූථගතො කිඤ්චාපි න දංසති අථ ඛො නං මක්ඛෙති, එවමෙව කිඤ්චාපි එවරූපස්ස පුග්ගලස්ස න දිට්ඨානුගතිං ආපජ්ජති අථ ඛො නං පාපකො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති පාපමිත්තො පුරිසපුග්ගලොපාපසහායො පාපසම්පවඞ්ඛොති තස්මා එවරූපො පුග්ගලො ජිගුච්ඡිතබ්බො න සෙවිතබ්බො, න භජිතබ්බො, න පයිරුපාසිතබ්බො.
Sinhala BJT14. කවර පුද්ගලයෙක් පිළිකුල් කළ යුත්තේ සේවනය නො කළ යුත්තේ භජනය නො කළ යුත්තේ පර්‍ය්‍යුපාසනය නො කළ යුත්තේ ද: මෙලොව එක් පුද්ගලයෙක් දුසිල් වූයේ වෙයි ලාමක ගති ඇත්තේ අපිරිසිදු කායකර්‍මාදිය ඇත්තේ සැකයෙන් සිහි කටයුතු පැවැතුම් ඇත්තේ සැඟවිය යුතු ක්‍රියා ඇත්තේ ශ්‍රමණ ප්‍රතිරූපක වූයේ ශ්‍රමණයෙමි ප්‍රතිඥා කරන්නේ බ්‍රහ්මචාරී ප්‍රතිරූපක වූයේ බ්‍රහ්මවාරියෙමි’ යි ප්‍රතිඥා කරන්නේ ඇතුළත කුණු වූයේ රාගාදීන් තෙත් වූයේ හටගත් රාගාදි කසළ ඇත්තේ වෙයි, මෙ බඳු පුද්ගල පිළිකුල් කළ යුත්තේ ය, සේවනය නො කළ යුත්තේ ය, භජනය නො කළ යුත්තේ ය, පර්‍ය්‍යුපාසනය නො කළ යුත්තේ යි. ඒ කවර හෙයින යත්: මෙ බඳු පුද්ගලයාගේ දෘෂ්ටානුගතියට නො පැමිණෙයි. එතෙකුදු වුවත් ‘පවිටු මිතුරන් ඇති පවිටු සහායයන ඇති පවට නැඹුරු වූ පුද්ගලයෙකි’ යන ඔහු පිළිබඳ ලාමක වූ කීර්තිශබ්දය උස් ව නැඟෙයි. යම් සේ අසුචියෙහි සිටි සර්‍පයා දෂ්ට නොකෙරේ නමුදු වැලි (අසූචියෙන්) ඔහු තවරයි එසේ ම මෙබඳු වූ පුද්ගලයාගේ දෘෂ්ටානුගතියට නො පැමිණේ නමුදු වැලි ‘පවිටු මිතුරන් ඇති පවිටු සහායයන් ඇති පවට නැඹුරු වූ පුරුෂ පුද්ගලයෙක’ යන ඔහු පිළිබඳ ලාමක කථාහඩ උස්ව නැඟෙයි, එහෙයින් මෙබඳු වූ පුද්ගල පිළිකුල් කළ යුත්තේ සේවනය නො කළ යුත්තේ ය. භජනය නො කළ යුත්තේ ය. පර්‍ය්‍යුපාසනය නො කළ යුත්තේ යි.
Pali BJTකතමො ච පුග්ගලො අජ්ඣුපෙක්ඛිතබ්බො න සෙවිතබ්බො න භජිතබ්බො න පයිරුපාසිතබ්බො: ඉධෙ’කච්චො පුග්ගලො කොධනො හොති උපායාසබහුලො අප්පම්පි වුත්තො සමානො අභිසජ්ජති කුප්පති ව්යාපජ්ජති පතිත්ථීයති, කොපඤ්ච දොසඤ්ච අප්පච්චඤ්චෙ පාතුකරොති, සෙය්යථාපි නාම දුට්ඨාරුකා කට්ඨෙන වා කඨලාය වා ඝට්ටිතා භිය්යොසොමත්තාය අස්සන්දති, එවමෙව ඉධෙ’කච්චො පුග්ගලො කොධනො හොති උපායාසබහුලො අප්පම්පි වුත්තො සමානො අභිසජ්ජති කුප්පති ව්යාපජ්ජති, පතිත්ථීයති කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති, සෙය්යථාපි නාම තින්දුකාලාතං කට්ඨෙන වා කඨලයා වා ඝට්ටිතං භිය්යොසොමත්තාය චිච්චිටායති චිටිචිටායති, එවමෙව ඉධෙකච්චො පුග්ගලො කොධනො හොති උපායාසබහුලො අප්පම්පි වුත්තො සමානො අභිසජ්ජති කුප්පති ව්යාපජ්ජති පතිත්ථීයති, කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති, සෙය්යථාපි නාම ගූථකූපො කට්ඨෙන වා කඨලාය වා ඝට්ටිතො භිය්යොසොමත්තාය දුග්ගන්ධො හොති, එවමෙව ඉධෙකච්චො පුග්ගලො කොධනො හොති උපායාසබහුලො, අප්පම්පි වුත්තො සමානො අභිසජ්ජති කුප්පති ව්යාපජ්ජති පතිත්ථීයති කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති, එවරූපො පුග්ගලො අජ්ඣුපෙක්ඛිතබ්බො න සෙවිතබ්බො න භජිතබ්බො න පයිරුපාසිතබ්බො. තං කිස්සහෙතු: අක්කොසෙය්යපි මං පරිභාසෙය්යපි මං අනත්ථම්පි මෙ{1} කරෙය්යාති, තස්මා එවරූපො පුග්ගලො අජ්ඣුපෙක්ඛිතබ්බො, න සෙවිතබ්බො, න භජිතබ්බො, න පයිරුපාසිතබ්බො.
Sinhala BJTඋපේක්‍ෂා කළ යුතු සේවනය නො කළ යුතු භජනය නො කළ යුතු පර්‍ය්‍යුපාසනය නො කළ යුතු පුද්ගල කවරේ ද: මෙලොව කිසි පුද්ගලයෙක් කිපෙනසුලු ය, දැඩි ආයාස බහුල කොට ඇත්තේ ය. යම්තමක් කියන ලද පමණිනුදු ලැගෙයි, කිපෙයි, ප්‍රකෘතිය හරී, තද බවට පැමිණෙයි, කෝපයත් ද්වේෂයත් නො සතුටත් පහළ කෙරෙයි. යම් සේ පැරැණි ව්‍රණය දණ්ඩකින් හෝ කැබිලිත්තකින් පහරන ලද්දේ බොහෝ සෙයින් පූයා වගුරුවා ද එසේ ම මෙලොව කිසි පුද්ගලයෙක් කිපෙනසුලු ය. දැඩි ආයාස බහුල කොට ඇත්තේ ය. මදකුදු කියන ලද්දේ ලැගෙයි, කිපෙයි, ප්‍රකෘතිය හරී, තද බවට පැමිණෙයි. කෝපයත් ද්වේෂයත් නො සතුටත් පහළ කෙරෙයි. යම් සේ තිඹිරි පෙනහෙල්ලක් දණ්ඩෙන් හෝ කැබිලිත්තෙන් ගටනා ලද්දේ බොහෝ සෙයින් ‘චිච්චිට’ හඩ නඟා ද ‘චිට චිට’ හඬ නඟා ද එපරිද්දෙන් ම මෙලොව කිසි පුද්ගලයෙක් කිපෙනසුලු වෙයි. දැඩි ආයාස බහුල කොට ඇත්තේ වෙයි, මදකුදු කියන ලද්දේ ලැගෙයි, කිපෙයි, ප්‍රකෘතිය හරී. තද බවට පැමිණෙයි, කෝපයත් ද්වේෂය නොසතුටත් පහළ කෙරෙයි. යම්සේ ගූථකූපය දණ්ඩකින් හෝ කැබිලිත්තකින් හෝ ගටනා ලද්දේ බොහෝ සෙයින් දු ගඳ වෙයි ද එපරිද්දෙන් ම මෙලොව කිසි පුද්ගලයෙක් කිපෙන සුලු වෙයි, දැඩි ආයාස බහුල කොට ඇත්තේ වෙයි, මදකුදු කියන ලද්දේ ලැගෙයි, කිපෙයි ප්‍රකෘතිය හරී, තද බවට පැමිණෙයි. කෝපයත් ද්වේෂයත් නො සතුටත් පහළ කෙරෙයි, මෙ බඳු පුද්ගල උපේක්‍ෂා කටයුත්තේ ය. සේවනය නො කළ යුත්තේ ය, භජනය නො කළ යුත්තේ ය, පර්‍ය්‍යුපාසනය නො කළ යුත්තේ යි. එයට හේතු කවරේ ද යත්: මට ආක්‍රෝශ කරනු ඇතැයි ද මට අවමන් කරනු ඇතැ යි ද මට අවැඩ කරනු ඇතැයි ද කියා යි. එහෙයින් මෙ බඳු පුද්ගල උපේක්‍ෂා කටයුතුය, සේවනය නො කළ යුත්තේය, භජනය නො කළ යුත්තේ ය, පර්‍ය්‍යුපාසනය නො කළ යුත්තේයි.
Pali BJTකතමො ච පුග්ගලො සෙවිතබ්බො, භජිතබ්බො, පයිරුපාසිතබ්බො: ඉධෙ’කච්චො පුග්ගලො සීලවා හොති, කල්යාණධම්මො, එවරූපො පුග්ගලො සෙවිතබ්බො, භජිතබ්බො, පයිරුපාසිතබ්බො, තං කිස්ස හෙතු: කිඤ්චාපි එවරූපස්ස පුග්ගලස්ස න දිට්ඨානුගතිං ආපජ්ජති අථ ඛො නං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති. කල්යාණමිත්තො පුරිසපුග්ගලො, කල්යාණසහායො කල්යාණසම්පවඞ්කො’ති තස්මා එවරූපො පුග්ගලො සෙවිතබ්බො, භජිතබ්බො, පයිරුපාසිතබ්බො.
Sinhala BJTකවර පුද්ගලයෙක් සේවනය කළ යුත්තේ භජනය කළ යුත්තේ පර්‍ය්‍යුපාසනය කළ යුත්තේ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් සිල්වත් වෙයි, යහපත් ගති ඇත්තේ ය, මෙ බඳු පුද්ගල සේවනය කළ යුත්තේය. භජනය කළ යුත්තේ ය, පර්‍ය්‍යුපාසනය කළ යුත්තේ යි. එයට හේතු කවරේ ද යත්: මෙබඳු පුද්ගලයාගේ දෘෂ්ටානුගතියට නො පැමිණේ නමුදු වැලි ‘කලණ මිතුරන් ඇති’ ‘කලණ සහායයන් ඇති’ ‘කලණයන්ට නැඹුරු වූ පුරුෂ පුද්ගලයෙක’ යන ඔහු පිළිබඳ වූ යහපත් කීර්ති ශබ්දය උස් ව නැඟෙයි. එහෙයින් මෙ බඳු වූ පුද්ගල සේවනය කළ යුත්තේය. භජනය කළ යුත්තේ ය. පර්‍ය්‍යුපාසනය කළ යුත්තේ යි.
Pali BJT15. කතමො ච පුග්ගලො සීලෙසු පරිපූරකාරී සමාධිස්මිං මත්තසොකාරී පඤ්ඤාය මත්තසොකාරී: සොතාපන්නසකදාගාමිනො. ඉමෙ වුච්චන්ති පුග්ගලා සීලෙසු පරිපූරකාරිනො, සමාධිස්මිං මත්තසොකාරිනො, පඤ්ඤාය මත්තසොකාරිනො.
Sinhala BJT15. කවර පුද්ගලයෙක් සීලයන් සපුරා කරන්නේ සමාධිය එක් දෙසක් කරන්නේ ප්‍රඥාව එක් දෙසක් කරන්නේ වේ ද යත්: සෝතාපන්න සකදාගාමීහු ය. මොහු සීලයන්හි සපුරා කරන සුලු සමාධියෙහි එක් දෙසක් කරන සුලු ප්‍රඥායෙහි එක්දෙසක් කරන සුලු පුද්ගලයෝ ය යි කියනු ලැබෙත්.
Pali BJTකතමො ච පුග්ගලො සීලෙසු ච පරිපූරකාරී, සමාධිස්මිඤ්ච පරිපූරකාරී පඤ්ඤාය මත්තසොකාරී: අනාගාමී. අයං වුච්චති පුග්ගලො සීලෙසු ච පරිපූරකාරී සමාධිස්මිඤ්ච පරිපූරකාරී, පඤ්ඤාය මත්තසොකාරී.
Sinhala BJTකවර පුද්ගලයෙක් සීලයන් ද සපුරා කරන්නේ සමාධිය ද සපුරා කරන්නේ ප්‍රඥාව එක් දෙසක් කරන්නේ වේ ද යත්: අනාගාමී තෙමේ යි. මේ තෙමේ සීලයන් ද සපුරා කරන සුලු සමාධිය ද සපුරා කරන ප්‍රඥාව එක් දෙසක් කරන පුද්ගලයා යැ යි කියනු ලැබේ.
Pali BJTකතමො ච පුග්ගලො සීලෙසු ච පරිපූරකාරී, සමාධිස්මිඤ්ච පරිපූරකාරී, පඤ්ඤාය ච පරිපූරකාරී: අරහා. අයං වුච්චති පුග්ගලො සීලෙසු ච පරිපූරකාරී සමාධිස්මිඤ්ච පරිපූරකාරී, පඤ්ඤාය ච පරිපූරකාරී.
Sinhala BJTකවර පුද්ගලයෙක් සීලයන් ද සපුරා කරන්නේ සමාධිය ද සපුරා කරන්නේ ප්‍රඥාව ද සපුරා කරන්නේ වේ ද යත්: රහතුන් වහන්සේ යි. මේ තෙමේ සීලයන් ද සපුරා කරන සමාධිය ද සපුරා කරන ප්‍රඥාව ද සපුරා කරන පුද්ගලයා යැ යි කියනු ලැබේ.
Pali BJT16. තත්ථ කතමෙ තයො සත්ථාරෙ: ඉධෙ’කච්චො සත්ථා කාමානං පරිඤ්ඤං පඤ්ඤාපෙති, න රූපානං පරිඤ්ඤං පඤ්ඤාපෙති, න වෙදනානං පරිඤ්ඤං පඤ්ඤාපෙති. ඉධ පන එකච්චො සත්ථා කාමානඤ්ච පරිඤ්ඤං පඤ්ඤාපෙති. රූපානඤ්ච පරිඤ්ඤං පඤ්ඤාපෙති, න වෙදනානං පරිඤ්ඤං පඤ්ඤාපෙති, ඉධ පන එකච්චො සත්ථා කාමානඤ්ච පරිඤ්ඤං පඤ්ඤාපෙති, රූපානඤ්ච පරිඤ්ඤං පඤ්ඤාපෙති වෙදනානඤ්ච පරිඤ්ඤං පඤ්ඤාපෙති. තත්ර ය්වායං සත්ථා කාමානං පරිඤ්ඤං පඤ්ඤාපෙති, න රූපානං පරිඤ්ඤං පඤ්ඤාපෙති, න වෙදනානං පරිඤ්ඤං පඤ්ඤාපෙති{1} රූපාවචරසමාපත්තියා ලාභී සත්ථා තෙන දට්ඨබ්බො තත්ර ය්වායං සත්ථා කාමානඤ්ච පරිඤ්ඤං පඤ්ඤාපෙති රූපානඤ්ච පරිඤ්ඤං පඤ්ඤාපෙති න වෙදනානං පරිඤ්ඤං පඤ්ඤාපෙති අරූපාවචරසමාපත්තියා ලාභී සත්ථා තෙන දට්ඨබ්බො. තත්ර ය්වායං සත්ථා කාමානඤ්ච පරිඤ්ඤං පඤ්ඤාපෙති, රූපානඤ්ච පරිඤ්ඤං පඤ්ඤාපෙති, වෙදනානඤ්ච පරිඤ්ඤං පඤ්ඤාපෙති, සම්මාසම්බුද්ධො සත්ථා තෙන දට්ඨබ්බො, ඉමෙ තයො සත්ථාරො.
Sinhala BJT16. එහි ශාස්තෘහු තිදෙනා කවරහු ද යත්: මෙලොව එක් ශාස්තෘවරයෙක් කාමයන්ගේ ප්‍රහාණය පනවයි. රූපයන්ගේ ප්‍රහාණය නො පනවයි. වේදනාවන්ගේ ප්‍රහාණය නො පනවයි. යළි මෙහි එක් ශාස්තෘ වරයෙක් කාමයන්ගේ ද ප්‍රහාණය පනවයි. රූපයන්ගේ ද ප්‍රහාණය පනවයි. වේදනාවන්ගේ ප්‍රහාණය නො පනවයි. තවද මෙහි එක් ශාස්තෘවරයෙක් කාමයන්ගේ ද ප්‍රහාණය පනවයි. රූපයන්ගේ ද ප්‍රහාණය පනවයි. වේදනාවන්ගේ ද ප්‍රහාණය පනවයි. ඔවුනතුරෙහි යම් මේ ශාස්තෘවරයෙක් කාමයන්ගේ ප්‍රහාණය පනවා ද රූපයන්ගේ ප්‍රහාණය නො පනවා ද වේදනාවන්ගේ ප්‍රහාණය නො පනවා ද එකරුණෙන් රූපාවචර සමාපත්තිය ලබනසුලු ශාස්තෘවරයෙකැ යි දත යුත්තේ ය. ඔවුනතුරෙහි යම් ශාස්තෘවරයෙක් කාමයන්ගේත් ප්‍රහාණය පනවා ද රූපයන්ගේත් ප්‍රහාණය පනවා ද වේදනාවන්ගේත් ප්‍රහාණය නො පනවාද එකරුණින් අරූපාවචර සමාපත්තිය ලබන සුලු ශාස්තෘ වරයෙකැයි දත යුත්තේ ය. ඔවුනතුරෙහි යම් ශාස්තෘවරයෙක් කාමයන්ගේත් ප්‍රහාණය පනවා ද රූපයන්ගේත් ප්‍රහාණය පනවා ද වේදනාවන්ගේත් ප්‍රහාණය පනවා ද එකරුණෙන් සම්‍යක් සම්බුද්ධ වූ ශාස්තෘන් වහන්සේ ය යි දත යුත්තා හ. මොහු තිදෙන ශාස්තෘහු යි.
Pali BJT17. තත්ථ කතමෙ අපරෙපි තයො සත්ථාරො: ඉධෙකච්චො සත්ථා දිට්ඨෙචෙව ධම්මෙ අත්තානං සච්චතො ථෙතතො පඤ්ඤාපෙති, අභිසම්පරායඤ්ච අත්තානං සච්චතො ථෙතතො පඤ්ඤාපෙති ඉධ පන එකච්චො සත්ථා දිට්ඨෙව ධම්මෙ අත්තානං සච්චතො ථෙතතො පඤ්ඤාපෙති, නො ච ඛො අභිසම්පරායං අත්තානං සච්චතො ථෙතතො පඤ්ඤාපෙති, ඉධ පන එකච්චො සත්ථා දිට්ඨෙචෙව ධම්මෙ අත්තානං සච්චතො ථෙතතො න පඤ්ඤාපෙති. අභිසම්පරායඤ්ච අත්තානං සච්චතො ථෙතතො පඤ්ඤාපෙති. තත්ර ය්වායං සත්ථා දිට්ඨෙචෙව ධම්මෙ අත්තානං සච්චතො ථෙතතො පඤ්ඤාපෙති, අභිසම්පරායඤ්ච අත්තානං සච්චතො ථෙතතො පඤ්ඤාපෙති සස්සතවාදො සත්ථා තෙන දට්ඨබ්බො, තත්ර ය්වායං සත්ථා දිට්ඨෙ’ව ධම්මෙ අත්තානං සච්චතො ථෙතතො පඤ්ඤාපෙති නො ච ඛො අභිසම්පරායං අත්තානං සච්චතො ථෙතතො පඤ්ඤාපෙති උච්ඡෙදවාදො සත්ථා තෙන දට්ඨබ්බො. තත්ර යාවායං සත්ථා දිට්ඨෙචෙව ධම්මෙ අත්තානං සච්චතො ථෙතතො න පඤ්ඤාපෙති. අභිසම්පරායඤ්ච අත්තානං සච්චතො ථෙතතො න පඤ්ඤාපෙති. සම්මා සම්බුද්ධො සත්ථා තෙන දට්ඨබ්බො, ඉමෙ අපරෙ’පි තයො සත්ථාරො.
Sinhala BJT17. එහි අන්‍ය වූ ද ශාස්තෘහු තිදෙනා කවරහු ද යත්: මෙලොව එක් ශාස්තෘවරයෙක් මෙ අත් බැව්හි ම සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් ආත්මය පනව යි. පෙර අත් බැව් හි ද සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් ආත්මය පනවයි. යළි මෙහි එක් ශාස්තෘවරයෙක් මෙ අත්බැව්හි ම සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් ආත්මය පනවයි. එතෙකුදු වත් පෙර අත් බැව්හි සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් ආත්මය නො පනවයි. තවද මෙහි එක් ශාස්තෘ වරයෙක් මෙ අත්බැව්හි ද සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් ආත්මය නො පනවයි. පෙර අත් බැව්හි ද සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් ආත්මය නො පනව යි. ඔවුනතුරෙහි යම් ශාස්තෘ වරයෙක් මෙ අත් බැව්හි ද සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් ආත්මය පනවා ද, පෙර අත්බැව්හි ද සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් ආත්මය පනවාද එකරුණින් ශාස්වතවාදී ශාස්තෘ වරයෙකැයි දත යුත්තේ ය. ඔවුනතුරෙහි යම් ශාස්තෘවරයෙක් මෙ අත්බැව්හි ම සත්‍යවශයෙන් ස්ථිර වශයෙන් ආත්මය පනවාද එතෙකුදු වත් පෙර අත්බැව්හි සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් ආත්මය නො පනවාද එකරුණින් උච්ඡේදවාදී ශාස්තෘවරයෙකැයි දත යුත්තේ ය. ඔවුනතුරෙහි යම් ශාස්තෘ වරයෙක් මෙ අත්බැව්හි සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් ආත්මය නො පනවා ද පෙර අත්බැව්හිත් සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් ආත්මය නො පනවා ද එකරුණෙන් සම්‍යක් සම්බුද්ධ වූ ශාස්තෘන් වහන්සේ ය යි දත යුත්තාහ. මොහු අන්‍ය වූ ද ශාස්තෘහු තිදෙනා යි.
Pali BJTතික නිද්දෙසො නිට්ඨිතො.
Sinhala BJTත්‍රික නිර්‍දෙශය නිමියේ යි.
Pali BJT4. චතුක්ක නිද්දෙසො
Sinhala BJT4. චතුෂ්ක නිර්‍දෙශය
Pali BJT1. කතමො ච පුග්ගලො අසප්පුරිසො: ඉධෙ’කච්චො පුග්ගලො පාණාතිපාතී හොති, අදින්නාදායී මොති, කාමෙසු මිච්ඡාචාරී හොති මුසාවාදී හොති, සුරාමෙරයමජ්ජපමාදට්ඨායී හොති. අයං වුච්චති පුග්ගලො අසප්පුරිසො.
Sinhala BJT1. කවර පුද්ගලයෙක් අසත්පුරුෂ වේ ද යත්: මෙලොවැ කිසි පුද්ගලයෙක් ප්‍රාණීන් නසන්නේ වෙයි. නුදුන් දැය ගන්නේ වෙයි. කාමයෙහි වරදවා හැසිරෙන්නේ වෙයි. බොරු කියන්නේ වෙයි. රහමෙර පානයෙහි යෙදුණේ වේ. මේ පුද්ගල අසත්පුරුෂ යි කියනු ලැබේ.
Pali BJTකතමො ච පුග්ගලො අසප්පුරිසෙන අසප්පුරිසතරො: ඉධෙ’කච්චො පුග්ගලො අත්තනා ච පාණාතිපාතී හොති, පරඤ්ච පාණාතිපාතෙ සමාදපෙති. අත්තනා ච අදින්නාදායී හොති, පරඤ්ච අදින්නාදානෙ සමාදපෙති. අත්තනා ච කාමෙසු මිච්ඡාචාරී හොති, පරඤ්ච කාමෙසු මිච්ඡාචාරෙ සමාදපෙති, අත්තනා ච මුසාවාදී හොති, පරඤ්ච මුසාවාදෙ සමාදපෙති, අත්තනා ච සුරාමෙරයමජ්ජපමාදට්ඨායී හොති, පරඤ්ච සුරාමෙරයමජ්ජපමාදට්ඨානෙ සමාදපෙති, අයං වුච්චති පුග්ගලො අසප්පුරිසෙන අසප්පුරිසතරො.
Sinhala BJTකවර පුද්ගලයෙක් අසත්පුරුෂයාට වඩා අතිශයින් අසත්පුරුෂ වේ ද යත්: මෙලොවැ එක් පුද්ගලයෙක් තෙමේත් ප්‍රාණීන් නසන්නේ වෙයි. අනුනුදු ප්‍රාණීන් නැසීමෙහි සමාදන් කරවයි. තෙමේත් නුදුන් දැය ගන්නේ වෙයි. අනුනුදු නුදුන් දැය ගැන්මෙහි සමාදන් කරවයි. තෙමේත් කාමයෙහි වරදවා හැසිරෙන්නේ වෙයි. අනුනුදු කාමයෙහි වරදවා හැසිරීමෙහි සමාදන් කරවයි. තෙමේත් බොරු කියන්නේ වෙයි. අනුනුදු බොරුකීමෙහි සමාදන් කරවයි. තෙමේත් රහමෙර පානයෙහි යෙදුණේ වෙයි. අනුනුදු රහමෙර පානයෙහි සමාදන් කරවයි. මේ පුද්ගල අසත්පුරුෂයාට වඩා අතිශයින් අසත්පුරුෂ යි කියනු ලැබේ.
Pali BJTකතමො ච පුග්ගලො සප්පුරිසො: ඉධෙ’කච්චො පුග්ගලො පාණාතිපාතා පටිවිරතො හොති, අදින්නාදානා පටිවිරතො හොති, කාමෙසුමිච්ඡාචාරා පටිවිරතො හොති, මුසාවාදා පටිවිරතො හොති, සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතො හොති, අයං වුච්චති පුග්ගලො සප්පුරිසො.
Sinhala BJTකවර පුද්ගලයෙක් සත්පුරුෂ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් ප්‍රාණඝාතයෙන් වෙන් වූයේ වෙයි. නුදුන් දැය ගැන්මෙන් වෙන් වූයේ වෙයි. කාමයෙහි වරදවා හැසිරීමෙන් වෙන් වූයේ වෙයි. මුසවා කීමෙන් වෙන් වූයේ වෙයි. රහමෙර පානයෙන් වෙන් වූයේ වේ. මේ පුද්ගල සත්පුරුෂ යි කියනු ලැබේ.
Pali BJTකතමො ච පුග්ගලො සප්පුරිසෙන සප්පුරිසතරො: ඉධෙ’කච්චො පුග්ගලො අත්තනා ච පාණාතිපාතා පටිවිරතො හොති, පරඤ්ච පාණාතිපාතාවෙරමණියා සමාදපෙති. අත්තනා ච අදින්නාදානා පටිවිරතො හොති, පරඤ්ච අදින්නාදානා වෙරමණියා සමාදපෙති. අත්තනා ච කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති, පරඤ්ච කාමෙසු මිච්ඡාචාරා වෙරමණියා සමාදපෙති. අත්තනා ච මුසාවාදා පටිවිරතො හොති, පරඤ්ච මුසාවාදා වෙරමණියා සමාදපෙති. අත්තනා ච සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතො හොති, පරඤ්ච සුරාමෙරයමජ්ජපමාදට්ඨානා වෙරමණියා සමාදපෙති. අයං වුච්චති පුග්ගලො සප්පුරිසෙන සප්පුරිසතරො.
Sinhala BJTකවර පුද්ගලයෙක් සත්පුරුෂයාට වඩා අතිශයින් සත්පුරුෂ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් තෙමේත් ප්‍රාණඝාතයෙන් වෙන් වූයේ වෙයි, මෙරමා ද ප්‍රාණඝාතයෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. තෙමේත් නුදුන් දැය ගැන්මෙන් වෙන් වූයේ වෙයි. මෙරමා ද නුදුන් දැය ගැන්මෙන් වෙන් වීමෙහි සමාදන් කරවයි. තෙමේත් කාමයෙහි වරදවා හැසිරීමෙන් වෙන් වූයේ වෙයි. මෙරමා ද කාමයෙහි වරදවා හැසිරීමෙන් වෙන් වීමෙහි සමාදන් කරවයි. තෙමේත් මුසවා කීමෙන් වෙන් වූයේ වෙයි, මෙරමා ද මුසවා කීමෙන් වෙන් වීමෙහි සමාදන් කරවයි, තෙමේත් රහමෙර පානයෙහි ගැලීමෙන් වෙන් වූයේ වෙයි, මෙරමා ද රහමෙර පානයෙහි ගැලීමෙන් වෙන් වීමෙහි සමාදන් කරවයි. මේ පුද්ගල සත්පුරුෂයාට වඩා අතිශයින් සත්පුරුෂයා යි කියනු ලැබේ.
Pali BJT2. කතමො ච පුග්ගලො පාපො: ඉධෙ’කච්චො පුග්ගලො පාණාතිපාතී හොති, අදින්නාදායී හොති, කාමෙසු මිච්ඡාචාරී හොති, මුසාවාදී හොති, පිසුනාවාචො{1} හොති, ඵරුසවාචො{2} හොති, සම්ඵප්පලාපී හොති, අභිජ්ඣාලූ හොති, ව්යාපන්නචිත්තො හොති, මිච්ඡාදිට්ඨි හොති, අයං වුච්චති පුග්ගලො පාපො.
Sinhala BJT2. කවර පුද්ගලයෙක් පාපී වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් ප්‍රාණීන් නසන්නේ වෙයි. නුදුන් දැය ගන්නේ වෙයි. කාමයෙහි වරදවා හැසිරෙන්නේ වෙයි. මුසවා කියන්නේ වෙයි. පෙහෙසුන් බස් (කේලාම්) කියන්නේ වෙයි. රළු වදන් කියන්නේ වෙයි. ප්‍රලාප (හිස් වදන්) කියන්නේ වෙයි. අනුන් අයත් දැය තමා සතු කරන රිසි ඇත්තේ වෙයි. මෙරමා නසන සිත් ඇත්තේ වෙයි. මිසදිටු වේ. මේ පුද්ගල පාපී (පව් ඇත්තේ) යයි කියනු ලැබේ.
Pali BJTකතමො ච පුග්ගලො පාපෙන පාපතරො: ඉධෙ’කච්චො පුග්ගලො අත්තනා ච පාණාතිපාතී හොති. පරඤ්ච පාණාතිපාතෙ සමාදපෙති. අත්තනා ච අදින්නාදායී හොති, පරඤ්ච අදින්නාදානෙ සමාදපෙති, අත්තනා ච කාමෙසු මිච්ඡාචාරී හොති පරඤ්ච කාමෙසු මිච්ඡාචාරෙ සමාදපෙති, අත්තනා ච මුසාවාදී හොති, පරඤ්ච මුසාවාදෙ සමාදපෙති, අත්තනා ච පිසුනවාචො{1} හොති, පරඤ්ච පිසුනාය වාචාය සමාදපෙති, අත්තනා ච ඵරුසවාචො හොති, පරඤ්ච ඵරුසාය වාචාය සමාදපෙති, අත්තනා ච සම්ඵප්පලාපී හොති, පරඤ්ච සම්ඵප්පලාපෙ සමාදපෙති, අත්තනා ච අභිජ්ඣාලූ හොති, පරඤ්ච අභිජ්ඣාය සමාදපෙති, අත්තනා ච ව්යාපන්නචිත්තො හොති, පරඤ්ච ව්යාපාදෙ සමාදපෙති, අත්තනා ච මිච්ඡාදිට්ඨි හොති, පරඤ්ච මිච්ඡාදිට්ඨියා සමාදපෙති: අයං වුච්චති පුග්ගලො පාපෙන පාපතරො.
Sinhala BJTකවර පුද්ගලයෙක් පාපියාහට වඩා අතිශයින් පාපී වේදයත්: මෙලොව කිසි පුද්ගලයෙක් තෙමේත් ප්‍රාණීන් නසන්නේ වෙයි. මෙරමාත් ප්‍රාණීන් නැසීමෙහි සමාදන් කරවයි. තෙමේත් නුදුන් දැය ගන්නේ වෙයි. මෙරමාත් නුදුන් දැය ගැන්මෙහි සමාදන් කරවයි. තෙමේත් කාමයෙහි වරදවා හැසිරෙන්නේ වෙයි. මෙරමාත් කාමයෙහි වරදවා හැසිරීමෙහි සමාදන් කරවයි. තෙමේත් මුසවා කියන්නේ වෙයි. මෙරමාත් මුසවා කීමෙහි සමාදන් කරවයි. තෙමේත් පිසුනු බස් කියන්නේ වෙයි. මෙරමාත් පිසුනු වදන්හි සමාදන් කරවයි. තෙමේත් රළුවදන් කියන්නේ වෙයි. මෙරමාත් රළුවදන් කීමෙහි සමාදන් කරවයි. තෙමේත් සිස් තෙපුල් කියන්නේ වෙයි. මෙරමාත් සිස් තෙපුල් කීමෙහි සමාදන් කරවයි. තෙමේත් අන්සතු දෑ තමා සතු කරන රිසි ඇත්තේ වෙයි. මෙරමාත් අන්සතු දැය තමා සතු කරන රිසියෙහි සමාදන් කරවයි. තෙමේත් මෙරමා නසන සිත් ඇත්තේ වෙයි. මෙරමාත් මෙරමා නසන සිත්හි සමාදන් කරවයි. තෙමේත් මිසදිටු වෙයි. මෙරමාත් මිසදිටුයෙහි සමාදන් කරවයි. මේ පුද්ගල පාපියාට වඩා අතිශයින් පාපීය යි කියනු ලැබේ.
Pali BJTකතමො ච පුග්ගලො කල්යාණො: ඉධෙ’කච්චො පුග්ගලො පාණාතිපාතා පටිවිරතො හොති, අදින්නාදානා පටිවිරතො හොති, කාමෙසුමිච්ඡාචාරා පටිවිරතො හොති, මුසාවාදා පටිවිරතො හොති. පිසුණාය වාචාය පටිවිරතො හොති, ඵරුසාය වාචාය පටිවිරතො හොති, සම්ඵප්පලාපා පටිවිරතො හොති, අනභිජ්ඣාලූ හොති, අව්යාපන්නචිත්තො හොති, සම්මාදිට්ඨි හොති. අයං වුච්චති පුග්ගලො කල්යාණො.
Sinhala BJTකවර පුද්ගලයෙක් කල්‍යාණ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් ප්‍රාණඝාතයෙන් වැළැකුණේ වෙයි. නුදුන්දැය ගැන්මෙන් වැළැකුණේ වෙයි. කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළැකුණේ වෙයි. මුසවාකීමෙන් වැළැකුණේ වෙයි. පෙහෙසුන් බස් (කේලාම්) කීමෙන් වැළැකුණේ වෙයි. රළු වදන් කීමෙන් වැළැකුණේ වෙයි. හිස් වදන් කීමෙන් වැළැකුණේ වෙයි. අන්සතු දැය තමා සතු කරන රිසි නැත්තේ වෙයි. අනුන් නසන සිත් නැත්තේ වෙයි. සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වේ. මේ පුද්ගල කල්‍යාණය යි කියනු ලැබේ.
Pali BJTකතමො ච පුග්ගලො කල්යාණෙන කල්යාණතරො: ඉධෙ’කච්චො පුග්ගලො අත්තනා ච පාණාතිපාතා පටිවිරතො හොති, පරඤ්ච පාණාතිපාතා වෙරමණියා සමාදපෙති, අත්තනා ච අදින්නාදානා පටිවිරතො හොති. පරඤ්ච අදින්නාදානා වෙරමණියා සමාදපෙති, අත්තනා ච කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති, පරඤ්ච කාමෙසු මිච්ඡාචාරා වෙරමණියා සමාදපෙති. අත්තනා ච මුසාවාදා පටිවිරතො හොති,
Sinhala BJTකවර පුද්ගලයෙක් කල්‍යාණයාට වඩා අතිශයින් කල්‍යාණ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් තෙමේත් ප්‍රාණඝාතයෙන් වැළැකුණේ වෙයි. මෙරමාත් ප්‍රාණඝාතයෙන් වැළැකීමෙහි සමාදන් කරවයි. තෙමේත් නුදුන් දය ගැන්මෙන් වැළැකුණේ වෙයි. මෙරමාත් නුදුන් දැය ගැන්මෙන් වැළැකීමෙහි සමාදන් කරවයි. තෙමේත් කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළැකුණේ වෙයි, මෙරමාත් කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළැකීමෙහි සමාදන් කරවයි. තෙමේත් මුසවා කීමෙන් වැළැකුණේ වෙයි.
Pali BJTපරඤ්ච මුසාවාදා වෙරමණියා සමාදපෙතා, අත්තනා ච පිසුනාය වාචාය පටිවිරතො හොති, පරඤ්ච පිසුනාය වාචාය වෙරමණියා සමාදපෙති. අත්තනා ච ඵරුසාය වාචාය පටිවිරතො හොති, පරඤ්ච ඵරුසාය වාචාය වෙරමණියා සමාදපෙති. අත්තනා ච සම්ඵප්පලාපා පටිවිරතො හොති, පරඤ්ච සම්ඵප්පලාපා වෙරමණියා සමාදපෙති. අත්තනා ච අනභිජ්ඣාලු හොති, පරඤ්ච අනභිජ්ඣාය සමාදපෙති. අත්තනා ච අව්යාපන්නචිත්තො හොති. පරඤ්ච අව්යාපාදෙ සමාදපෙති. අත්තනා ච සම්මාදිට්ඨි හොති, පරඤ්ච සම්මාදිට්ඨියා සමාදපෙති. අයං වුච්චති පුග්ගලො කල්යාණෙන කල්යාණතරො.
Sinhala BJTමෙරමාත් මුසවා කීමෙන් වැළැකීමෙහි සමාදන් කරවයි. තෙමේත් පිසුණු වදන් වැළැකුණේ වෙයි, මෙරමාත් පිසුණු වදනින් වැළැකීමෙහි සමාදන් කරවයි. තෙමේත් රළුවදනින් වැළැකුණේ වෙයි, මෙරමාත් රළු වදනින් වැළැකීමෙහි සමාදන් කරවයි. තෙමේත් සිස් තෙපුලින් වැළැකුණේ වෙයි, මෙරමාත් සිස් තෙපුලින් වැළැකීමෙහි සමාදන් කරවයි. තෙමේත් අන්සතු දැය තමා සතු කරන රිසි නැත්තේ වෙයි, මෙරමාත් අන්සතු දැය තමා සතු කරන රිසි නැති වීමෙහි සමාදන් කරවයි. තෙමේත් මෙරමා නසනසිත් නැත්තේ වෙයි, මෙරමාත් මෙරමා නසන සිත් නැති වීමෙහි සමාදන් කරවයි. තෙමේත් සම්‍යග් දෘෂ්ටි ඇත්තේ වෙයි, මෙරමාත් සම්‍යග්දෂ්ටියෙහි සමාදන් කරවයි. මේ පුද්ගල කල්‍යාණයාට වඩා අතිශයින් කල්‍යාණ යයි කියනු ලැබේ.
Pali BJT3. කතමො ච පුග්ගලො පාපධම්මො: ඉධෙ’කච්චො පුග්ගලො පාණාතිපාතී හොති -පෙ- මිච්ඡාදිට්ඨී හොති, අයං වුච්චති පුග්ගලො පාපධම්මො.
Sinhala BJT3. කවර පුද්ගලයෙක පාපධර්‍ම ඇත්තේ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් ප්‍රාණීන් නසන්නේ වෙයි -පෙ- මිසදිටු වේ. මේ පුද්ගල පාපධර්‍ම ඇත්තේ යයි කියනු ලැබේ.
Pali BJTකතමො ච පුග්ගලො පාපධම්මෙන පාපධම්මතරො: ඉධෙ’කච්චො පුග්ගලො අත්තනා ච පාණාතිපාතාතී හොති, පරඤ්ච පාණාතිපාතෙ සමාදපෙති. අත්තනා ච අදින්නාදායී හොති, පරඤ්ච අදින්නාදානෙ සමාදපෙති -පෙ- අත්තනා ච මිච්ඡාදිට්ඨි හොති, පරඤ්ච මිච්ඡාදිට්ඨියා සමාදපෙති. අයං වුච්චති පුග්ගලො පාපධම්මෙන පාපධම්මතරො.
Sinhala BJTකවර පුද්ගලයෙක් පාපධර්‍ම ඇත්තාට වඩා අතිශයින් පාපධර්‍ම ඇත්තේ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් තෙමේත් ප්‍රාණීන් නසන්නේ වෙයි, මෙරමාත් ප්‍රාණීන් නැසීමෙහි සමාදන් කරවයි -පෙ- තෙමේත් මිසදිටු වෙයි. මෙරමාත් මිසදිටුයෙහි සමාදන් කරවයි. මේ පුද්ගල පාපධර්‍ම ඇත්තාහට වඩා අතිශයින් පාපධර්‍ම ඇත්තේ ය යි කියනු ලැබේ.
Pali BJTකතමො ච පුග්ගලො කල්යාණධම්මො: ඉධෙ’කච්චො පුග්ගලො පාණාතිපාතා පටිවිරතො හොති, අදින්නාදානා පටිවිරතො හොති -පෙ- සම්මාදිට්ඨි හොති. අයං වුච්චති පුග්ගලො කල්යාණධම්මො.
Sinhala BJTකවර පුද්ගලයෙක් කල්‍යාණ ධර්‍ම ඇත්තේ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් ප්‍රාණඝාතයෙන් වැළැකුණේ වෙයි, -පෙ- සම්‍යග් දෘෂ්ටි ඇත්තේ වේ. මේ පුද්ගල කල්‍යාණ ධර්‍ම ඇත්තේ යයි කියනු ලැබේ.
Pali BJTකතමො ච පුග්ගලො කල්යාණධම්මෙන කල්යාණධම්මතරො: ඉධෙ’කච්චො පුග්ගලො අත්තනා ච පාණාතිපාතා පටිවිරතො හොති, පරඤ්ච පාණාතිපාතා වෙරමණියා සමාදපෙති. -පෙ- අත්තනා ච සම්මාදිට්ඨි හොති, පරඤ්ච සම්මාදිට්ඨියා සමාදපෙති. අයං වුච්චති පුග්ගලො කල්යාණධම්මෙන කල්යාණධම්මතරො.
Sinhala BJTකවර පුද්ගලයෙක් කල්‍යාණ ධර්‍ම ඇත්තාහට වඩා අතිශයින් කල්‍යාණධර්‍ම ඇත්තේ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් තෙමේත් ප්‍රාණඝාතයෙන් වැළැකුණේ වෙයි, මෙරමාත් ප්‍රාණඝාතයෙන් වෙන් වීමෙහි සමාදන් කරවයි -පෙ- තෙමේත් සම්‍යග්දෘෂ්ටි ඇත්තේ වෙයි. මෙරමාත් සම්‍යග් දෘෂ්ටියෙහි සමාදන් කරවයි. මේ පුද්ගල කල්‍යාණ ධර්‍ම ඇත්තාට වඩා අතිශයින් කල්‍යාණධර්‍ම ඇත්තේ යයි කියනු ලැබේ.
Pali BJT4. කතමො ච පුග්ගලො සාවජ්ජො: ඉධෙ’කච්චො පුග්ගලො සාවජ්ජෙන කායකම්මෙන සමන්නාගතො හොති; සාවජ්ජෙන වචීකම්මෙන සමන්නාගතො හොති, සාවජ්ජෙන මනොකම්මෙන සමන්නාගතො හොති. අයං වුච්චති පුග්ගලො සාවජ්ජො.
Sinhala BJT4. කවර පුද්ගලයෙක් සාවද්‍ය වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් සදොස් වූ කායකර්‍මයෙන් යුක්ත වූයේ වෙයි, සදොස් වූ වාක් කර්‍මයෙන් යුක්ත වූයේ වෙයි, සදොස් වූ මනඃකර්‍මයෙන් යුක්ත වූයේ වේ. මේ පුද්ගල සාවද්‍ය යයි කියනු ලැබේ.
Pali BJTකතමො ච පුග්ගලො සාවජ්ජබහුලො: ඉධෙකච්චො පුග්ගලො සාවජ්ජෙන බහුලං කායකම්මෙන සමන්නාගතො හොති අප්පං අනවජ්ජෙන, සාවජ්ජෙන බහුලං වචීකම්මෙන සමන්නාගතො හොති - අප්පං අනවජ්ජෙන, සාවජ්ජෙන බහුලං මනොකම්මෙන සමන්නාගතො හොති අප්පං අනවජ්ජෙන, අයං වුච්චති පුග්ගලො සාවජ්ජ බහුලො.
Sinhala BJTකවර පුද්ගලයෙක් සාවද්‍ය බහුල වේ ද යත්: මෙලොව එක් පුද්ගලයෙක් සදොස් වූ කායකර්‍මයෙන් බහුලව නිදොස් වූ කායකර්‍මයෙන් අල්ප ව ද සමන්‍වාගත (යුක්ත) වෙයි, සදොස් වූ වාක් කර්‍මයෙන් බහුල ව ද නිදොස් වූ වාක් කර්‍මයෙන් අල්පව ද සමන්‍වාගත වෙයි, සදොස් වූ මනඃකර්‍මයෙන් බහුලව ද නිදොස් වූ මනඃකර්‍මයෙන් අල්පව ද සමන්‍වාගත වේ. මේ පුද්ගල සාවද්‍ය බහුල ය යි කියනු ලැබේ.
Pali BJTකතමො ච පුග්ගලො අප්පසාවජ්ජො: ඉධෙ’කච්චො පුග්ගලො අනවජ්ජෙන බහුලං කායකම්මෙන සමන්නාගතො හොති අප්පං සාවජ්ජෙන, අනවජ්ජෙන බහුලං වචීකම්මෙන සමන්නාගතො හොති අප්පං සාවජ්ජෙන, අනවජ්ජෙන බහුලං මනොකම්මෙන සමන්නාගතො හොති අප්පං සාවජ්ජෙන. අයං වුච්චති පුග්ගලො අප්පසාවජ්ජො.
Sinhala BJTකවර පුද්ගලයෙක් අල්පසාවද්‍ය වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් නිදොස් වූ කායකර්‍මයෙන් බහුල ව ද සදොස් වූ කාය කර්‍මයෙන් අල්ප ව ද යුක්ත වෙයි. නිදොස් වූ වාක්කර්‍ම බහුල ව ද සදොස්වූ වාක්කර්‍මයෙන් අල්පව ද යුක්ත වූයේ වෙයි. නිදොස් වූ මනඃකර්‍මයෙන් බහුලව ද සදොස් වූ මනඃකර්‍මයෙන් අල්පව ද යුක්ත වූයේ වේ. මේ පුද්ගල අල්පසාවද්‍ය ය යි කියනු ලැබේ.
Pali BJTකතමො ච පුග්ගලො අනවජ්ජො: ඉධෙ’කච්චො පුග්ගලො අනවජ්ජෙන කායකම්මෙන සමන්නාගතො හොති, අනවජ්ජෙන වචීකම්මෙන සමන්නාගතො හොති, අනවජ්ජෙන මනොකම්මෙන සමන්නාගතො හොති, අයං වුච්චති පුග්ගලො අනවජ්ජො.
Sinhala BJTකවර පුද්ගලයෙක් අනවද්‍ය වේ ද යත්: මෙලොව එක් පුද්ගලයෙක් නිදොස් වූ කාය කර්‍මයෙන් සමන්‍වාගත වෙයි, නිදොස් වූ වාක්කර්‍මයෙන් සමන්‍වාගත වෙයි, නිදොස් වූ මනඃකර්‍මයෙන් සමන්‍වාගත වේ. මේ පුද්ගල අනවද්‍ය ය යි කියනු ලැබේ.
Pali BJT5. කතමො ච පුග්ගලො උග්ඝටිතඤ්ඤූ: යස්ස පුග්ගලස්ස සහඋදාහටවෙලාය ධම්මාභිසමයො හොති. අයං වුච්චති පුග්ගලො උග්ඝටිතඤ්ඤූ.
Sinhala BJT5. කවර පුද්ගලයෙක් උද්ඝටිතඥ වේ ද යත්: යම් පුද්ගලයකුට උදාහෘත වේලායෙහි ම (යම්තම් කරුණ නඟා දැක් වූ කල්හි ම යි සේයි) (චතුස්සත්‍ය) ධර්‍මාවබෝධය වේ ද, මේ පුද්ගල උද්ඝටිතඥය යි කියනු ලැබේ.
Pali BJTකතමො ච පුග්ගලො විපචිතඤ්ඤූ: යස්ස පුග්ගලස්ස සඞ්ඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථෙ විභජියමානෙ. ධම්මාභිසමයො හොති, අයං වුච්චති පුග්ගලො විපචිතඤ්ඤූ.
Sinhala BJTකවර පුද්ගලයෙක් විපඤ්චිතඥ (කරුණ විස්තර කළ කල්හි ම අරුත දන්නේ) වේ ද යත්: යම් පුද්ගලයකුට සැකෙවින් කියන ලද ධර්‍මයාගේ අර්‍ත්‍ථය විස්තරයෙන් විභාග කරනු ලබන කල්හි ම ධර්‍මාභිසමය වේ ද, මෙ බඳු පුද්ගල විපඤ්චිතඥ ය යි කියනු ලැබේ.
Pali BJTකතමො ච පුග්ගලො නෙය්යො: යස්ස පුග්ගලස්ස උද්දෙසතො පරිපුච්ඡතො යොනිසො මනසිකරොතො කල්යාණමිත්තෙ සෙවතො භජතො පයිරුපාසතො එවං අනුපුබ්බෙන ධම්මාභිසමයො හොති. අයං වුච්චති පුග්ගලො නෙය්යො.
Sinhala BJTකවර පුද්ගලයෙක් නෙය්‍ය වේ ද යත්: යම් පුද්ගලයකු ට උදෙසීමෙන් පිළිවිසීමෙන් කරුණු වශයෙන් මෙනෙහි කිරීමෙන් කළණ මිතුරන් සේවනයෙන් භජනයෙන් ළංව ඇසුරු කිරීමෙන් මෙසේ අනුපිළිවෙළින් ධර්‍මාභිසමය වේ ද, මේ පුද්ගල තෙමේ නෙය්‍ය ය යි කියනු ලැබේ.
Pali BJTකතමො ච පුග්ගලො පදපරමො: යස්ස පුග්ගලස්ස බහුම්පි සුණතො බහුම්පි භණතො බහුම්පි ධාරයතො බහුම්පි වාචයතො, න තාය ජාතියා ධම්මාභිසමයො හොති. අයං වුච්චති පුග්ගලො පදපරමො.
Sinhala BJTකවර පුද්ගලයෙක් පදපරම වේ ද යත්: බොහෝ කොට අසන්නා වූ ද බොහෝ කොට කියන්නා වූ ද බොහෝ කොට දරන්නා වූ ද බොහෝ කොට කියවන්නාවූද යම් පුද්ගලයෙකුට ඒ ආත්මභාවයෙහි ධර්‍මාභිසමය නො වේ ද මේ පුද්ගල පදපරම ය යි කියනු ලැබේ.
Pali BJT6. කතමො ච පුග්ගලො මුත්තපටිභානො, නො යුත්තපටිභානො: ඉධෙ’කච්චො පුග්ගලො පඤ්හං පුට්ඨො සමානො යුත්තං වදති නො සීඝං. අයං වුච්චති පුග්ගලො යුත්තපටිභානො නො මුත්තපටිභානො.
Sinhala BJT6. කවර පුද්ගලයෙක් යුත්තපටිභාන වූයේ (සාර්‍ත්‍ථක සකාරණ වචන ඇත්තේ) මුත්තපටිභාන (වහා පිළිතුරු දෙන්නේ) නො වූයේ වේ ද යත්: මෙලොව එක් පුද්ගලයෙක් ප්‍රශ්නය විචාරන ලදුයේ සාර්‍ත්‍ථක සකාරණ කොට කියයි. ශීඝ්‍ර ව නො කියයි. මේ පුද්ගල මුත්තපටිභාන නො වූ යුත්තපටිභාන යැ යි කියනු ලැබේ.
Pali BJTකතමො ච පුග්ගලො මුත්තපටිභානො, නො යුත්තපටිභානො: ඉධෙ’කච්චො පුග්ගලො පඤ්හං පුට්ඨො සමානො සීඝං වදති නො යුත්තං. අයං වුච්චති පුග්ගලො මුත්තපටිභානො, නො යුත්තපටිභානො.
Sinhala BJTකවර පුද්ගලයෙක් යුත්තපටිභාන නො වූ මුත්තපටිභාන වූයේ වේ ද යත්: මෙලොව එක් පුද්ගලයෙක් ප්‍රශ්නය විචාරන ලද්දේ වහා පිළිතුරු දෙයි, සාර්‍ත්‍ථක සකාරණ කොට පිළිතුරු නො දෙයි. මේ පුද්ගල යුක්තපටිභාන නො වූ මුක්තපටිභාන යි කියනු ලැබේ.
Pali BJTකතමො ච පුග්ගලො යුත්තපටිභානො ච මුත්තපටිභානො ච: ඉධෙ’කච්චො පුග්ගලො පඤ්හං පුට්ඨො සමානො යුත්තඤ්ච වදති. සීඝඤ්ච අයං වුච්චති පුග්ගලො යුත්තපටිභානො ච මුත්තපටිභානො ච.
Sinhala BJTකවර පුද්ගලයෙක් යුත්තපටිභානත් මුත්තපටිභානත් වේ ද යත්: මෙලොව එක් පුද්ගලයෙක් ප්‍රශ්නය විචාරන ලද්දේ සාර්‍ත්‍ථක සකාරණ කොට ද පිළිතුරු දෙයි වහ වහා පිළිතුරු දෙයි. මේ පුද්ගල යුත්තපටිභානත් මුත්තපටිභානත් වූයේ යි කියනු ලැබේ.
Pali BJTකතමො ච පුග්ගලො නෙව යුත්තපටිභානො නො මුත්තපටිභානො: ඉධෙ’කච්චො පුග්ගලො පඤ්හං පුට්ඨො සමානො නෙව යුත්තං වදති, නො සීඝං. අයං වුච්චති පුග්ගලො නෙව යුත්තපටිභානො නො මුත්තපටිභානො.
Sinhala BJTකවර පුද්ගලයෙක් යුත්තපටිභාන නො වූයේ ම මුත්තපටිභානත් නො වූයේ වේ ද යත්: මෙලොව එක් පුඟුලෙක් පැන පුළුවුස්නා ලද්දේ සාර්‍ත්‍ථක සකාරණ කොට නො ම කියයි, යුහු වැ ද නො කියයි. මේ පුද්ගල යුත්තපටිභාන නො වූයේ ම මුත්තපටිභාන නො වූයේ යි කියනු ලැබේ.
Pali BJT7. තත්ථ කතමෙ චත්තාරො ධම්මකථිකා පුග්ගලා: චත්තාරො ධම්මකථිකා - ඉධෙ’කච්චො ධම්මකථිකො අප්පඤ්ච භාසති, අසහිතඤ්ච පරිසා චස්ස න කුසලා හොති සහිතාසහිතස්ස, එවරූපො ධම්මකථිකො එවරූපාය පරිසාය ධම්මකථිකොත්වෙව සඞ්ඛං ගච්ඡති. ඉධ පන එකච්චො ධම්මකථිකො අප්පඤ්ච භාසති සහිතඤ්ච, පරිසාය චස්ස කුසලා හොති සහිතාසහිතස්ස, එවරූපො ධම්මකථිකො එවරූපාය පරිසා ධම්මකථිකොත්වෙව සඞ්ඛං ගච්ඡති. ඉධ පන එකච්චො ධම්මකථිකො බහුඤ්ච භාසති අසහිතඤ්ච පරිසාචස්ස න කුසලා හොති සහිතාසහිතස්ස, එවරූපො ධම්මකථිකො එවරූපාය පරිසාය ධම්මකථිකොත්වෙව සඞ්ඛං ගච්ඡති. ඉධ පන එකච්චො ධම්මකථිකො බහුඤ්ච භාසති සහිතඤ්ච, පරිසා චස්ස කුසලා හොති සහිතාසහිතස්ස, එවරූපො ධම්මකථිකො එවරූපාය පරිසාය ධම්මකථිකොත්වෙව සඞ්ඛං ගච්ඡති. ඉමෙ චත්තාරො ධම්මකථිකා පුග්ගලා.
Sinhala BJT7. එහි ධර්‍මකථික පුද්ගලයෝ සතර දෙන කවරහු ද යත්: ධර්‍ම කථිකයෝ සතර දෙනෙකි - මෙලොව එක් ධර්‍මකථිකයෙක් මඳක් ද කියයි. නිරර්‍ත්‍ථක නිෂ්කාරණ දැයක් ද කියයි, ඔහුගේ පිරිස ද සාර්‍ත්‍ථක නිරර්‍ත්‍ථක බව දැනුමට නො සමත් වෙයි. මෙ බඳු ධර්‍මකථික මෙ බඳු පිරිසෙහි ධර්‍මකථික යන සංඛ්‍යාවට යෙයි. තව ද මෙහි එක් ධර්‍ම කථිකයෙක් ස්වල්ප වූත් සාර්‍ත්‍ථක සකාරණ වූත් දැයක් කියයි, ඔහුගේ පිරිස ද සාර්‍ත්‍ථක නිරර්‍ත්‍ථක බව දැනුමට සමත් වෙයි, මෙ බඳු ධර්‍මකථික තෙමේ මෙ බඳු පිරිසෙහි ධර්‍මකථික යන සංඛ්‍යාවට යෙයි. තව ද මෙහි එක් ධර්‍මකථිකයෙක් බොහෝ වූත් නිරර්‍ත්‍ථක නිෂ්කාරණ වූ ත් දැයක් කියයි. ඔහුගේ පිරිස ද සාර්‍ත්‍ථක සකාරණ නිරර්‍ත්‍ථක නිෂ්කාරණ බව දැනුමට නො සමත් වෙයි, මෙ බඳු ධර්‍මකථික තෙමේ මෙ බඳු පිරිසෙහි ධර්‍මකථික යන සංඛ්‍යාවට යෙයි. තව ද මෙහි එක් ධර්‍ම කථිකයෙක් බොහෝ වූ ත් සාර්‍ත්‍ථක සකාරණ වූ ත් දැයක් කියයි, ඔහුගේ පිරිස ද සාර්‍ත්‍ථක සකාරණ නිරර්‍ත්‍ථක නිෂ්කාරණ බව දැනුමට සමත් වෙයි. මෙබඳු ධර්‍මකථික තෙමේ මෙ බඳු පිරිසෙහි ධර්‍මකථික යන සංඛ්‍යාවට යෙයි. මොහු ධර්‍මකථික පුද්ගලයෝ සතර දෙනා යි.
Pali BJT8. තත්ථ කතමෙ චත්තාරො වලාහකූපමා පුග්ගලා: චත්තාරො වලාහකා; ගජ්ජිතා නො වස්සිතා වස්සිතා, නො ගජ්ජිතා, ගජ්ජිතා ච වස්සිතා ච, නෙව ගජ්ජිතා නො වස්සිතා. එවමෙව චත්තාරො වලාහකූපමා පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො: ගජ්ජිතා නො වස්සිතා, වස්සිතා නො ගජ්ජිතා, ගජ්ජිතා ච වස්සිතා ච, නෙව ගජ්ජිතා නො වස්සිතා.
Sinhala BJT8. එහි මේඝයට බඳු පුද්ගලයෝ සතර දෙන කවරහු ද යත්: මේඝයෝ සතර දෙනෙකි: ගුගුරන නො වස්නා මේඝ ය යැ, වස්නා නො ගුගුරන මේඝය යැ, ගුගුරන්නා වූ ත් වස්නා වූ ත් මේඝය යැ, නො මැ ගුගුරන්නා වූ ත් නො වස්නා මේඝ යි. මෙසේ මා ලෝකයෙහි මේඝයට බඳු පුද්ගලයෝ සතර දෙන විද්‍යමානයහ. කවරක් සතර දෙනෙක් ද යත්: ගුගුරන නො වස්නා පුද්ගල යැ. වස්නා නො ගුගුරන පුද්ගල යෑ, ගුගුරන්නා වූ ත් වස්නා වූ ත් පුද්ගල යැ, නො ගුගුරන නො වස්නා පුද්ගල යි.
Pali BJTකථඤ්ච පුග්ගලො ගජ්ජිතා හොති නො වස්සිතා: ඉධෙ’කච්චො පුග්ගලො භාසිතා හොති නො කත්තා. එවං පුග්ගලො ගජ්ජිතා හොති නො වස්සිතා. සෙය්යථාපි සො වලාහකො ගජ්ජිතා නො වස්සිතා. තථූපමො අයං පුග්ගලො.
Sinhala BJTකෙසේ නම් පුද්ගල තෙමේ ගුගුරන්නේ නො වස්නේ වේ ද යත්: මෙලොව එක් පුද්ගලයෙක් කියන්නේ වෙයි, කරන්නේ නො වෙයි. මෙසෙයින් පුද්ගල ගුගුරනුයේ වෙයි, වස්නේ නො වෙයි. යම් සේ ඒ මේඝය ගර්‍ජනා කරන්නේ නො වස්නේ වේ ද, මේ පුද්ගල එබඳු යි.
Pali BJTකථඤ්ච පුග්ගලො වස්සිතා හොති නො ගජ්ජිතා: ඉධෙ’කච්චො පුග්ගලො කත්තා හොති නො භාසිතා. එවං පුග්ගලො වස්සිතා හොති නො ගජ්ජිතා. සෙය්යථාපි සො වලාහකො වස්සිතා නො ගජ්ජිතා. තථූපමො අයං පුග්ගලො.
Sinhala BJTකෙසේ නම් පුද්ගල වස්නේ නො ගුගුරන්නේ වේ ද යත්: මෙලොව එක් පුද්ගලයෙක් කරන්නේ නො කියන්නේ වෙයි, මෙසේ පුද්ගල වස්නේ නො ගුගුරන්නේ වෙයි. යම් සේ ඒ මේඝය වස්නේ නො ගුගුරන්නේ වේ ද, මේ පුද්ගල එබඳු යි.
Pali BJTකථඤ්ච පුග්ගලො ගජ්ජිතා ච හොති වස්සිතා ච: ඉධෙ කච්චො පුග්ගලො භාසිතා ච හොති කත්තා ච එවං පුග්ගලො ගජ්ජිතා ච හොති වස්සිතා ච. සෙය්යථාපි සො වලාහකො ගජ්ජිතා ච වස්සිතා ච. තථූපමො අයං පුග්ගලො.
Sinhala BJTකෙසේ නම් පුද්ගල ගුගුරන්නේත් වස්නේත් වේ ද යත්: මෙලොව එක් පුද්ගලයෙක් කියන්නේත් කරන්නේත් වෙයි. මෙසේ පුද්ගල ගුගුරන්නේත් වස්නේත් වෙයි. යම් සේ ඒ මේඝය ගුගුරන්නේත් වස්නේත් වේ දැ මේ පුද්ගල එබඳු යි.
Pali BJTකථඤ්ච පුග්ගලො නෙව ගජ්ජිතා හොති නො වස්සිතා: ඉධෙ’කච්චො පුග්ගලො නෙව භාසිතා හොති නො කත්තා, එවං පුග්ගලො නෙව ගජ්ජිතා හොති නො වස්සිතා, සෙය්යථාපි සො වලාහකො නෙව ගජ්ජිතා නො වස්සිතා, තථූපමො අයං පුග්ගලො. ඉමෙ චත්තාරො වලාහකූපමා පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං.
Sinhala BJTකෙසේ නම් පුද්ගල නො ගොරවන්නේ ම නො වස්නේත් වේද යත්: මෙලොව එක් පුද්ගලයෙක් නො ම කියයි. නො දකරයි. මෙසේ පුද්ගල තෙමේ නො මැ ගුගුරන්නේත් නො වස්නේත් වෙයි. යම් සේ ඒ මේඝය නො ගුගුරන්නේ ම නො වස්නේ මැ වේදත් මේ පුද්ගල එ බඳුයි. මේඝයට බඳු උපමා ඇති මේ පුද්ගලයෝ සතර දෙන ලෝකයෙහි විද්‍යමානයහ.
Pali BJT9. තත්ථ කතමෙ චත්තාරො මූසිකූපමා පුග්ගලා: චතස්සො මූසික: ගාධං කත්තා නො වසිතා, වසිතා නො ගාධං කත්තා. ගාධං කත්තා ච වසිතා ච, නෙව ගාධං කත්තා නො වසිතා. එවමෙව චත්තාරො මූසිකූපමා පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො: ගාධං කත්තා නො වසිතා, වසිතා නො ගාධං කත්තා, ගාධං කත්තා ච, වසිතා ච, නෙව ගාධං කත්තා නො වසිතා.
Sinhala BJT9. එහි මූෂිකෝපම (මීයනට බඳු) පුද්ගලයෝ සතර දෙන කවරහු ද යත්: මූෂිකාවෙන් සතර දෙනෙකි: බිල සාදන්නී නො වසන්නී යැ, (අනෙකකු කළ බිලයෙහි) වසන්නී බිල නො සාදන්නී යැ, බිල සාදන්නී වසන්නීත් යැ, බිල නො සාදන්නී ම නො වසන්නී යැ යි මෙසේ ම ලෝකයෙහි මූෂිකෝපම පුද්ගලයෝ සතර දෙනෙ විද්‍යමානයහ. කවර සතර දෙනෙක් ද යත්: බිලය කරන්නේ නො වසන්නේ යැ, වසන්නේ බිල නොකරන්නේ යැ, බිල කරන්නේත් වසන්නේත් යැ, බිලය නො කරන්නේ ම නො වසන්නේ යැ යි.
Pali BJTකථඤ්ච පුග්ගලො ගාධං කත්තා හොති නො වසිතා: ඉධෙ’කච්චො පුග්ගලො ධම්මං පරියාපුණාති: සුත්තං ගෙය්යං වෙය්යාකරණං ගාථං උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං. වෙදල්ලං. සො ඉදං දුක්ඛන්ති යථාභූතං නප්පජානාති, අයං දුක්ඛසමුදයොති යථාභූතං නප්පජානාති අයං දුක්ඛනිරොධොති යථාභූතං නප්පජානාති, අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං නප්පජානාති. එවං පුග්ගලො ගාධං කත්තා හොති නො වසිතා. සෙය්යථාපි සා මූසිකා ගාධං කත්තා නො වසිතා, තථූපමො අයං පුග්ගලො.
Sinhala BJTකෙසේ නම් පුද්ගල බිල කරන්නේ නො වසන්නේ වේ ද යත්: මෙසස්නෙහි ඇතැම් පුද්ගලයෙක් සූත්‍ර ගෙය්‍ය වෙය්‍යාකරණ ගාථා උදාන ඉතිවුත්තක ජාතක අබ්භූතධම්ම වේදල්ල සංඛ්‍යාත ධර්‍මය උගනියි. හෙතෙම මේ දුකැ යි ඇති සැටියෙන් නො දනියි, මේ දුක් උපදනා හේතුව යැ යි ඇති සැටියෙන් නො දනියි, මේ දුක් නැති කිරීම යි ඇති සැටියෙන් නො දනියි, මේ දුක් නැති කිරීමේ පිළිවෙතැයි ඇති සැටියෙන් නො දනි. මෙසේ පුද්ගල බිල කරන්නේ නො වසන්නේ වෙයි. යම් සේ ඒ මූෂිකා බිලය සාදන්නී නො වසන්නී ද මේ පුද්ගල තෙමේ එබඳු යි.
Pali BJTකථඤ්ච පුග්ගලො වසිතා හොති නො ගාධං කත්තා: ඉධෙ’කච්චො පුග්ගලො න ධම්මං පරියාපුණාති: සුත්තං ගෙය්යං වෙය්යාකරණං ගාථා උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වෙදල්ලං. සො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති, අයං දුක්ඛසමුදයොති යථාභූතං පජානාති, අයං දුක්ඛනිරොධොති යථාභූතං පජානාති, අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. එවං පුග්ගලො වසිතා හොති නො ගාධං කත්තා සෙය්යථාපි සා මූසිකා වසිතා නො ගාධං කත්තා. තථූපමො අයං පුග්ගලො.
Sinhala BJTකෙසේ නම් පුද්ගල වසන්නේ බිල නො කරන්නේ වේ ද යත්: මෙසස්නෙහි එක් පුද්ගලයෙක් සූත්‍ර ය, ගෙය්‍ය ය, වෙය්‍යාකරණ ය, ගාථා ය, උදාන ය, ඉතිවුත්තක ය, ජාතක ය, අබ්භූතධම්ම ය, වේදල්ල ය යන ධර්‍මය නො උගනියි, හෙතෙම මේ දුකැ යි ඇති සැටියෙන් දනියි, මේ දුක් උපදනා හේතුවැ යි ඇති සැටියෙන් දැන ගනියි, මේ දුක් නැති කිරීම යි ඇති සැටියෙන් දැන ගනියි. මේ දුක් නැති කිරීමේ පිළිවෙතැ යි ඇති සැටියෙන් දැන ගනි. මෙසේ පුද්ගල වසන්නේ බිල නො කරන්නේ වෙයි. යම්සේ ඒ මූෂිකා වසන්නී බිල නො සාදන්නී ද මේ පුද්ගල එබඳු යි.
Pali BJTකථඤ්ච පුග්ගලො ගාධං කත්තා ච හොති වසිතා ච: ඉධෙ’කච්චො පුග්ගලො ධම්මං පරියාපුණාති: සුත්තං ගෙය්යං වෙය්යාකරණං ගාථා උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වෙදල්ලං. සො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති, අයං දුක්ඛසමුදයොති යථාභූතං පජානාති, අයං දුක්ඛනිරොධොති යථාභූතං පජානාති, අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. එවං පුග්ගලො ගාධං කත්තා ච හොති වසිතා ච. සෙය්යථාපි සා මූසිකා ගාධං කත්තා ච හොති වසිතා ච-තථූපමො අයං පුග්ගලො.
Sinhala BJTකෙසේ නම් පුද්ගල බිල කරන්නේත් වසන්නේත් වේ ද යත්: මෙසස්නෙහි එක් පුද්ගලයෙක් සූත්‍ර ය, ගෙය්‍ය ය, වෙය්‍යාකරණ ය, ගාථා ය, උදාන ය, ඉතිවුත්තක ය, ජාතකය, අබ්භූතධම්ම ය, වේදල්ල ය යන ධර්‍මය උගනියි. හෙතෙම මේ දුකැ යි ඇති සැටියෙන් දනියි, මේ දුක් උපදනා හේතු වැ යි ඇති සැටියෙන් දනියි. මේ දුක් නැති කිරීම යි ඇති සැටියෙන් දනියි, මේ දුක් නැති කිරීමේ පිළිවෙතැයි ඇති සැටිනේ දැන ගනී. මෙසේ පුද්ගල තෙමේ බිලය කරන්නේත් වසන්නේත් වෙයි. යම් සේ ඒ මූෂිකා බිලය සාදන්නීත් වසන්නීත් වේ ද, මේ පුද්ගල එබඳුයි.
Pali BJTකථඤ්ච පුග්ගලො නෙව ගාධං කත්තා හොති නො වසිතා; ඉධෙ’කච්චො පුග්ගලො න ධම්මං පරියාපුණාති; සුත්තං ගෙය්යං වෙය්යාකරණං ගාථං උදානං ඉතිවුත්තකං ජාකතං අබ්භුතධම්මං වෙදල්ලං, සො ඉදං දුක්ඛන්ති යථාභූතං නප්පජානාති, අයං දුක්ඛසමුදයොති යථාභූතං නප්පජානාති, අයං දුක්ඛනිරොධොති යථාභූතං නප්පජානාති, අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං නප්පජානාති, එවං පුග්ගලො නෙව ගාධං කත්තා හොති නො වසිතා. සෙය්යථාපි සා මූසිකා. නෙව ගාධං කත්තා නො වසිතා, තථූපමො අයං පුග්ගලො. ඉමෙ චත්තාරො මූසිකූපමා පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං.
Sinhala BJTකෙසේ නම් පුද්ගල බිල නො කරන්නේ ම නො වසන්නේ වේ ද යත්: මෙසස්නෙහි එක් පුද්ගලයෙක් සූත්‍රය, ගෙය්‍ය ය, වෙය්‍යාකරණ ය, ගාථා ය, උදානය, ඉතිවුත්තක ය, ජාතක ය, අබ්භූත ධම්ම ය, වේදල්ල ය යන ධර්‍මය නො උගනියි. හෙතෙම මේ දුකැ යි ඇති සැටියෙන් නො දනියි, මේ දුක් උපදනා හේතු වැ යි ඇති සැටියෙන් නො දනියි. මේ දුක් නැති කිරීම යි ඇති සැටියෙන් නො දනියි. මේ දුක් නැති කිරීමේ පිළිවෙතයි ඇති සැටියෙන් නො දනි. මෙසේ පුද්ගල බිල නො කරන්නේ ම නො වසන්නේ වේ. යම් සේ ඒ මූෂිකා බිලය නො කරන්නී ම නො වසන්නී වේ ද, මේ පුද්ගල එබඳු යි. මොහු සතර දෙන ලෝකයෙහි විද්‍යමාන මූෂිකෝපම පුද්ගලයෝ යි.
Pali BJT10. තත්ථ කතමෙ චත්තාරො අම්බූපමා පුග්ගලා: චත්තාරි අම්බානි, ආමං පක්කවණ්ණි, පක්කං ආමවණ්ණි, ආමං ආමවණ්ණි, පක්කං පක්කවණ්ණි. එවමෙව{1} චත්තාරො අම්බූපමා පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො: ආමො පක්කවණ්ණී, පක්කො ආමවණ්ණී, ආමො ආමවණ්ණී, පක්කො පක්කවණ්ණී.
Sinhala BJT10. එහි අම්බූපම (අඹඵලයට බඳු) පුද්ගලයෝ සතර දෙන කවරහු ද යත්: අඹපල සතරෙකි: අමු වූ පැසුණු පැහැ ඇත්තේ යැ, පැසුණු අමු පැහැඇත්තේ යැ, අමු වූ අමුපැහැ ඇත්තේ යැ, පැසුණු පැසුණුපැහැ ඇත්තේ යැ යි. මෙසේ ම ලෝකයෙහි අම්බූපම පුද්ගලයෝ සතර දෙනෙක් විද්‍යමාන වෙත්: කවර සතර දෙනෙක් ද යත්: අමු වූ පැසුණු පැහැ ඇත්තේ යැ, පැසුණා වූ අමුපැහැ ඇත්තේ යැ, අමු වූ අමු පැහැ ඇත්තේ යැ, පැසුණු පැසුණ පැහැ ඇත්තේ යැ යි.
Pali BJTකථඤ්ච පුග්ගලො ආමො හොති පක්කවණ්ණි: ඉධෙ’කච්චස්ස පුග්ගලස්ස පාසාදිකං හොති අභික්කන්තං පටික්කන්තං ආලොකිතං විලොකිතං සම්මිඤ්ජිතං පසාරිතං සඞ්ඝාටිපත්තචීවරධාරණං. සො ඉදං දුක්ඛන්ති යථාභූතං නප්පජානාති, අයං දුක්ඛසමුදයොති යථාභූතං නප්පජානාති, අයං දුක්ඛනිරොධොති යථාභූතං නප්පජානාති, අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං නප්පජානාති. එවං පුග්ගලො ආමො හොති පක්කවණ්ණී. සෙය්යථාපි තං අම්බං ආමං පක්කවණ්ණි, තථූපමො අයං පුග්ගලො.
Sinhala BJTකෙසේ නම් පුද්ගල අමු වූයේ පැසුණු පැහැ ඇත්තේ ද යත්: මෙලොව එක් පුද්ගලයක්හුගේ යෑම, ඊම, ඉදිරි බැල්ම, අවට බැල්ම, අත්පා හැකිලීම, අත් පා දිග හැරීම, සඟළ පා සිවුරු දැරීම ප්‍රසාදය එළවන්නේ වෙයි. හෙතෙම මේ දුකයි ඇති සැටියෙන් නො දැනගනියි, මේ දුක් උපදනා හේතුවැ යි ඇති සැටියෙන් නො දැනගනියි, මේ දුක් නැති කිරීම යි ඇති සැටියෙන් නො දැන ගනියි, මේ දුක් නැති කිරීමට යන පිළිවෙතැයි ඇති සැටියෙන් නො දැන ගනි. මෙසේ පුද්ගල අමු වූයේ පැසුණුපැහැ ඇත්තේ වෙයි. යම් සේ ඒ අඹය අමු වූයේ පැසුණුපැහැ ඇත්තේ ද, මේ පුද්ගල එබඳු යි.
Pali BJTකථඤ්ච පුග්ගලො පක්කො හොති ආමවණ්ණී: ඉධෙ’කච්චස්ස පුග්ගලස්ස න පාසාදිකං හොති අභික්කන්තං පටික්කන්තං ආලොකිතං විලොකිතං සම්මිඤ්ජිතං පසාරිතං සඞ්ඝාටිපත්තචීවරධාරණං. සො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති, අයං දුක්ඛසමුදයොති යථාභූතං පජානාති, අයං දුක්ඛනිරොධොති යථාභූතං පජානාති, අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. එවං පුග්ගලො පක්කො හොති ආමවණ්ණී. සෙය්යථාපි තං අම්බං පක්කං ආමවණ්ණී, තථූපමො අයං පුග්ගලො.
Sinhala BJTකෙසේ නම් පුද්ගල පැසුණේ අමු පැහැ ඇත්තේ වේ ද යත්: මෙලොව එක් පුද්ගලයක්හුගේ යෑම, ඊම, ඉදිරි බැල්ම, අවට බැල්ම, අත්පා හැකිලීම, අත්පා දිග හැරීම, සඟළ පා සිවුරු දැරීම ප්‍රසාදය එළවන්නේ නො වෙයි. හෙතෙම මේ දුකැ යි ඇති සැටියෙන් දැනගනියි, මේ දුක් උපදනා හේතු වැ යි ඇති සැටියෙන් දැනගනියි, මේ දුක් නැති කිරීමැ යි ඇති සැටියෙන් දැනගනියි, මේ දුක් නැති කිරීමට යන මඟැ යි ඇති සැටියෙන් දැනගනි. මෙසේ පුද්ගල පැසුණේ අමු පැහැ ඇත්තේ වෙයි. යම් සේ ඒ අඹය පැසුණේ අමුපැහැ ඇත්තේ ද, මේ පුද්ගල එබඳු යි.
Pali BJTකථඤ්ච පුග්ගලො ආමො හොති ආමවණ්ණී: ඉධෙ’කච්චස්ස පුග්ගලස්ස න පාසාදිකං හොති අභික්කන්තං පටික්කන්තං ආලොකිතං විලොකිතං සම්මිඤ්ජිතං පසාරිතං සඞ්ඝාටිපත්තචීවරධාරණං. සො ඉදං දුක්ඛන්ති යථාභූතං නප්පජානාති -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං නප්පජානාති. එවං පුග්ගලො ආමො හොති ආමවණ්ණී. සෙය්යථාපි තං අම්බං ආමං ආමවණ්ණී, තථූපමො අයං පුග්ගලො.
Sinhala BJTකෙසේ නම් පුද්ගල අමු වූයේ අමු පැහැ ඇත්තේ වේ ද යත්: මෙලොව එක් පුද්ගලයක්හුගේ යෑම, ඊම ඉදිරි බැල්ම, අවට බැල්ම, අත්පා හැකිළීම, අත් පා දිගහැරීම, සඟළ පා සිවුරු දැරීම ප්‍රසාදය එළවන්නේ නො වෙයි. හෙතෙම මේ දුකැ යි ඇති සැටියෙන් නො දනියි ... මේ දුක් නැති කිරීමට යන මඟැ යි ඇති සැටියෙන් නො දනී. මෙසේ පුද්ගල අමු වූයේ අමු පැහැ ඇත්තේ වෙයි. යම්සේ ඒ අඹය අමු වූයේ අමු පැහැ ඇත්තේ ද, මේ පුද්ගල තෙමේ එබඳු යි.
Pali BJTකථඤ්ච පුග්ගලො පක්කො හොති පක්කවණ්ණී: ඉධෙ’කච්චස්ස පුග්ගලස්ස පාසාදිකං හොති අභික්කන්තං පටික්කන්තං ආලොකිතං විලොකිතං සම්මිඤ්ජිතං පසාරිතං සඞ්ඝාටිපත්තචීවරධාරණං. සො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. එවං පුග්ගලො පක්කො හොති පක්කවණ්ණී. සෙය්යථාපි තං අම්බං පක්කං පක්කවණ්ණි. තථූපමො අයං පුග්ගලො. ඉමෙ චත්තාරො අම්බූපමා පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං.
Sinhala BJTකෙසේ නම් පුද්ගල පැසුණේ පැසුණු පැහැ ඇත්තේ වේ ද යත්: මෙලොව එක් පුද්ගලයක්හුගේ යෑම ඊම ඉදිරි බැල්ම අවට බැල්ම අත්පා හැකිළීම අත් පා දිග හැරීම සඟළ පා සිවුරු දැරීම ප්‍රසාදය එළවන්නේ වෙයි. හෙතෙම මේ දුකැ යි ඇති සැටියෙන් දැනගනියි. මේ දුක් උපදනා හේතු වැ යි ඇති සැටියෙන් දැනගනි. මේ දුක් නැති කිරීම යි ඇති සැටියෙන් දැන ගනියි, මේ දුක් නැති කිරීමට යන මඟැ යි ඇති සැටියෙන් දැනගනි. මෙසේ පුද්ගල පැසුණේ පැසුණු පැහැ ඇත්තේ වේ. යම්සේ ඒ අඹය පැසුණේ පැසුණු පැහැ ඇත්තේද, මේ පුද්ගල තෙමේ එබඳු යි. මොහු සතර දෙන ලෝකයෙහි විද්‍යමාන අම්බූපම පුද්ගලයෝ යි.
Pali BJT11. තත්ථ කතමෙ චත්තාරො කුම්භූපමා පුග්ගලා: චත්තාරො කුම්භා: තුච්ඡො පිහිතො, පූරො විවටො, තුච්ඡො විවටො, පූරො පිහිතො. එවමෙව චත්තාරො කුම්භූපමා පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො: තුච්ඡො පිහිතො, පූරො විවටො, තුච්ඡො විවටො, පූරො පිහිතො.
Sinhala BJT11. එහි කුම්භූපම (කළයට බඳු) පුද්ගලයෝ සතර දෙන කවරහු ද යත්: කුම්භයෝ (කළ) සතර දෙනෙකි: හිස් වූ වසන ලද්ද ය, පිරුණු නො වසන ලද්ද ය, හිස් වූ නො වසන ලද්ද ය, පිරුණු වසන ලද්ද යි. මෙසේ ම ලෝකයෙහි විද්‍යමාන කුම්භූපම පුද්ගලයෝ සතර දෙනෙකි. කවරහු සතර දෙනෙක් ද යත්: හිස් වූ වසන ලද්දේ යැ, පිරුණා වූ නො වසන ලද්දේ යැ, හිස් වූ නො වසන ලද්දේ යැ, පිරුණා වූ වසන ලද්දේ යැයි.
Pali BJTකථඤ්ච පුග්ගලො තුච්ඡා හොති පිහිතෙ: ඉධෙ’කච්චස්ස පාසාදිකං හොති අභික්කන්තං පටික්කන්තං ආලොකිතං විලොකිතං සම්මිඤ්ජිතං පසාරිතං සඞ්ඝාටිපත්තචීවරධාරණං. සො ඉදං දුක්ඛන්ති යථාභූතං නප්පජානාති -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං නප්පජානාති. එවං පුග්ගලො තුච්ඡො හොති පිහිතො. සෙය්යථාපි සො කුම්භො තුච්ඡො පිහිතො, තථූපමො අයං පුග්ගලො.
Sinhala BJTකෙසේ නම් පුද්ගල හිස්වූයේ වසන ලද්දේ වේ ද යත්: මෙලොව එක් පුද්ගලයක්හුගේ යෑම, ඊම, ඉදිරි බැල්ම, අවට බැල්ම, අත් පා හැකිළීම, අත් පා දිග හැරීම, සඟළ පා සිවුරු දැරීම ප්‍රසාද එළවන්නේ වෙයි. හෙතෙම මේ දුකැ යි ඇති සැටියෙන් නො දනියි ... මේ දුක් නැති කිරීමට යන මඟැ යි ඇති සැටියෙන් නො දනී. මෙසේ පුද්ගල තෙමේ හිස් වූයේ වසන ලද්දේ වෙයි. ඒ හිස් වූ වසන ලද කුම්භය යම්සේ ද, මේ පුද්ගල එබඳු යි.
Pali BJTකථඤ්ච පුග්ගලො පූරො හොති විවටො: ඉධෙ’කච්චස්ස පුග්ගලස්ස න පාසාදිකං හොති අභික්කන්තං පටික්කන්තං ආලොකිතං විලොකිතං සම්මිඤ්ජිතං පසාරිතං සඞ්ඝාටිපත්තචීවරධාරණං. සො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති -පෙ- අයං දුක්ඛනිරොධගාමිනීපටිපදාති යථාභූතං පජානාති. එවං පුග්ගලො පූරො හොති විවටො. සෙය්යථාපි සො කුම්භො පූරො විවටො, තථූපමො අයං පුග්ගලො.
Sinhala BJTකෙසේ නම් පුද්ගල පිරුණේ නො වසන ලද්දේ වේ ද යත්: මෙලොව එක් පුද්ගලයක්හුගේ යෑම ඊම ඉදිරි බැල්ම අවට බැල්ම අත්පා හැකිළීම, අත්පා දිගහැරීම, සඟළ පා සිවුරු දැරීම ප්‍රසාද එළවන්නේ නො වෙයි. හෙතෙම මේ දුකැ යි ඇති සැටියෙන් දැන ගනියි ... මේ දුක් නැති කිරීමට යන මඟැ යි ඇති සැටියෙන් දැන ගනියි. මෙසේ පුද්ගල පිරුණේ නො වසන ලද්දේ වේ. ඒ කුම්භය පිරුණේ නො වසන ලද්දේ යම්සේ ද, මේ පුද්ගල එබඳු යි.
Pali BJTකථඤ්ච පුග්ගලො තුච්ඡො හොති විවටො: ඉධෙ’කච්චස්ස පුග්ගලස්ස න පාසාදිකං හොති අභික්කන්තං පටික්කන්තං ආලොකිතං විලොකිතං සම්මිඤ්ජිතං පසාරිතං සඞ්ඝාටිපත්තචීවරධාරණං සො ඉදං දුක්ඛන්ති යථාභූතං නප්පජානාති -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං නප්පජානාති. එවං පුග්ගලො තුච්ඡො හොති විවටො. සෙය්යථාපි සො කුම්භො තුච්ඡො විවටො, තථූපමො අයං පුග්ගලො.
Sinhala BJTකෙසේ නම් පුද්ගල හිස් වූයේ නො වසන ලද්දේ වේ ද යත්: මෙලොව එක් පුද්ගලයක්හුගේ යෑම, ඊම, ඉදිරි බැල්ම, අවට බැල්ම, අත් පා හැකිළීම, අත්පා දිගහැරීම, සඟළ පා සිවුරු දැරීම ප්‍රසාද එළවන්නේ නො වෙයි. හෙතෙම මේ දුකැයි ඇති සැටියෙන් නො දැනගනියි ... මේ දුක් නැති කිරීමේ පිළිවෙතැයි ඇති සැටියෙන් නො දැන ගනි. මෙසේ පුද්ගල තෙමේ හිස් වූයේ නො වසන ලද්දේ වෙයි, ඒ කුම්භය හිස් වූයේ නො වසන ලද්දේ යම් සේ ද, මේ පුද්ගල එබඳු යි.
Pali BJTකථඤ්ච පුග්ගලො පූරො හොති පිහිතො: ඉධෙ’කච්චස්ස පුග්ගලස්ස පාසාදිකං හොති අභික්කන්තං පටික්කන්තං ආලොකිතං විලොකිතං සම්මිඤ්ජිතං{1}. පසාරිතං සඞ්ඝාටිපත්තචීවරධාරණං. සො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. එවං පුග්ගලො පූරො හොති පිහිතො. සෙය්යථාපි සො කුම්භො පූරො පිහිතො, තථූපමො අයං පුග්ගලො. ඉමෙ චත්තාරො කුම්භූපමා පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං.
Sinhala BJTකෙසේ නම් පුද්ගල පිරුණේ වසන ලද්දේ වේ ද යත්: මෙලොව එක් පුද්ගලයක්හුගේ යෑම, ඊම, ඉදිරි බැල්ම, අවට බැල්ම, අත්පා හැකිළීම, අත්පා දිගහැරීම, සඟළ පා සිවුරු දැරීම ප්‍රසාද එළවන්නේ වෙයි. හෙතෙම මේ දුකැ යි ඇති සැටියෙන් දැනගනියි -පෙ- මේ දුක් නැති කිරීමට යන මඟැ යි ඇති සැටියෙන් දැනගනි. මෙසේ පුද්ගල තෙමේ පිරුණේ වසන ලද්දේ වේ. ඒ කුම්භය පිරුණේ වසන ලද්දේ යම්සේ ද මේ පුද්ගල එ බඳුයි. මොහු සතර දෙන ලෝකයෙහි කුම්භූපම පුද්ගලයෝ යි.
Pali BJT12. තත්ථ කතමෙ චත්තාරො උදකරහදූපමා පුග්ගලා: චත්තාරො උදකරහදා: උත්තානො ගම්භීරොභාසො, ගම්භීරො උත්තානොභාසො උත්තානො උත්තානොභාසො, ගම්භීරො ගම්භීරොභාසො. එවමෙව චත්තාරො උදකරහදූපමා පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො: උත්තානො ගම්භීරොභාසො, ගම්භීරො උත්තානො භාසො, උත්තානො උත්තානොභාසො, ගම්භීරො ගම්භීරොභාසො.
Sinhala BJT12. එහි ජලාශයට බඳු පුද්ගලයෝ සතර දෙන කවරහු ද යත්: ජලාශයයෝ සතර දෙනෙකි: ගැඹුරු ආකාර ඇති නො ගැඹුරු ජලාශය යැ, නො ගැඹුරු ආකාර ඇති ගැඹුරු ජලාශය යැ, නො ගැඹුරු ආකාර ඇති නො ගැඹුරු ජලාශය යැ, ගැඹුරු ආකාර ඇති ගැඹුරු ජලාශය යැ යි. මෙසේ මැ ලෝකයෙහි ජලාශයට බඳු පුද්ගලයෝ සතර දෙනෙක් විද්‍යමානයහ. කවර සතර දෙනෙක් ද යත්: ගැඹුරු ආකාර ඇති නො ගැඹුරු වූයේ යැ, නො ගැඹුරු ආකාර ඇති ගැඹුරු වූයේ යැ, නො ගැඹුරු ආකාර ඇති නො ගැඹුරු වූයේ යැ, ගැඹුරු ආකාර ඇති ගැඹුරු වූයේ යි.
Pali BJTකථඤ්ච පුග්ගලො උත්තානො හොති ගම්භීරොභාසො: ඉධෙකච්චස්ස පුග්ගලස්ස පාසාදිකං හොති අභික්කන්තං පටික්කන්තං ආලොකිතං විලොකිතං සම්මිඤ්ජිතං පසාරිතං සඞ්ඝාටිපත්තචීවරධාරණං. සො ඉදං දුක්ඛන්ති යථාභූතං නප්පජානාති -පෙ- අයං දුක්ඛනිරොධගාමිනීපටිපදාති යථාභූතං නප්පජානාති. එවං පුග්ගලො උත්තානො හොති ගම්භීරො භාසො. සෙය්යථාපි සො උදකරහදො උත්තානො ගම්භීරොභාසො තථූපමො අයං පුග්ගලො.
Sinhala BJTකෙසේ නම් පුද්ගල ගැඹුරු ආකාර ඇත්තේ නො ගැඹුරු වූයේ වේ ද යත්: මෙලොව එක් පුද්ගලයක්හුගේ යෑම, ඊම, ඉදිරි බැල්ම, අවට බැල්ම, අත්පා හැකිළීම, දිගහැරීම, සඟළ පා සිවුරු දැරීම ප්‍රසාද එළවන්නේ වෙයි. හෙතෙම මේ දුකැ යි ඇති සැටියෙන් නො දනි -පෙ- මේ දුක් නැති කිරීමේ පිළිවෙතැයි ඇති සැටියෙන් නො දනි. මෙසේ පුද්ගල ගැඹුරු ආකාර ඇත්තේ නො ගැඹුරු වූයේ වේ. ඒ ජලාශය ගැඹුරු ආකාර ඇත්තේ නො ගැඹුරු වූයේ යම්සේ ද මේ පුද්ගල එබඳු යි.
Pali BJTකථඤ්ච පුග්ගලො ගම්භීරො හොති උත්තානොභාසො: ඉධෙකච්චස්ස පුග්ගලස්ස න පාසාදිකං හොති අභික්කන්තං පටික්කන්තං ආලොකිතං විලොකිතං සම්මිඤ්ජිතං පසාරිතං සඞ්ඝාටිපත්තචීවරධාරණං. සො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. එවං පුග්ගලො ගම්භීරො හොති උත්තානො භාසො සෙය්යථාපි සො උදකරහදො ගම්භීරො උත්තානොභාසො තථූපමො අයං පුග්ගලො.
Sinhala BJTකෙසේ නම් පුද්ගල නො ගැඹුරු ආකාර ඇත්තේ ගැඹුරු වූයේ වේ ද යත්: මෙලොව එක් පුද්ගලයක්හුගේ යෑම - ඊම, ඉදිරි බැල්ම අවට බැල්ම අත් පා හැකිළීම - දිගහැරීම, සඟළ පා සිවුරු දැරීම ප්‍රසාද එළවන්නේ නො වෙයි. හෙතෙම මේ දුකැ යි ඇති සැටියෙන් දැනගනියි -පෙ- මේ දුක් නැති කිරීමට යන මඟැ යි ඇති සැටියෙන් දැනගනි. මෙසේ පුද්ගල නො ගැඹුරු ආකාර ඇත්තේ ගැඹුරු වූයේ වේ. ඒ ජලාශය නො ගැඹුරු ආකාර ඇත්තේ ගැඹුරු වූයේ යම්සේ ද මේ පුද්ගල එබඳු යි.
Pali BJTකථඤ්ච පුග්ගලො උත්තානො හොති උත්තානොභාසො: ඉධෙකච්චස්ස පුග්ගලස්ස න පාසාදිකං හොති අභික්කන්තං පටික්කන්තං ආලොකිතං විලොකිතං සම්මිඤ්ජිතං පසාරිතං සඞ්ඝාටිපත්තචීවරධාරණං. සො ඉදං දුක්ඛන්ති යථාභූතං නප්පජානාති -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං නප්පජානාති. එවං පුග්ගලො උත්තානො හොති උත්තානොභාසෙ. සෙය්යථාපි සො උදකරහදො උත්තානො උත්තානොභාසො තථූපමො අයං පුග්ගලො.
Sinhala BJTකෙසේ නම් පුද්ගල නො ගැඹුරු ආකාර ඇත්තේ නො ගැඹුරු වූයේ වේ ද යත්: මෙලොව එක් පුද්ගලයක්හුගේ යෑම - ඊම, ඉදිරි බැල්ම අවට බැල්ම අත්පා හැකිළීම - දිගහැරීම සඟළ පා සිවුරු දැරීම ප්‍රසාද එළවන්නේ නො වෙයි. හෙතෙම මේ දුකැ යි ඇති සැටියෙන් නො දනියි -පෙ- මේ දුක් නැති කිරීමට යන මඟැ යි ඇති සැටියෙන් නො දනියි. මෙසේ පුද්ගල නො ගැඹුරු ආකාර ඇත්තේ නො ගැඹුරු වූයේ වේ. ඒ ජලාශය නො ගැඹුරු ආකාර ඇත්තේ නො ගැඹුරු වූයේ යම්සේ ද, මේ පුද්ගල එබඳු යි.
Pali BJTකථඤ්ච පුග්ගලො ගම්භීරො හොති ගම්භීරොභාසො: ඉධෙ’කච්චස්ස පුග්ගලස්ස පාසාදිකං හොති අභික්කන්තං පටික්කන්තං ආලොකිතං විලොකිතං සම්මිඤ්ජිතං පසාරිතං සඞ්ඝාටිපත්තචීවරධාරණං. සො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. එවං පුග්ගලො ගම්භීරො හොති ගම්භීරොභාසො. සෙය්යථාපි සො උදකරහදො ගම්භීරො ගම්භීරොභාසො, තථූපමො අයං පුග්ගලො. ඉමෙ චත්තාරො උදකරහදූපමා පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං.
Sinhala BJTකෙසේ නම් පුද්ගල ගැඹුරු ආකාර ඇත්තේ ගැඹුරු වූයේ වේ ද යත්: මෙලොව එක් පුද්ගලයක්හුගේ යෑම - ඊම, ඉදිරි බැල්ම, අවට බැල්ම, අත් පා හැකිළීම, දිගහැරීම, සඟළ පා සිවුරු දැරීම ප්‍රසාද එළවන්නේ වෙයි. හෙතෙම මේ දුකැ යි ඇති සැටියෙන් දැනගනියි -පෙ- මේ දුක් නැති කිරීමට යන මඟැ යි ඇති සැටියෙන් දැනගනි. මෙසේ පුද්ගල ගැඹුරු ආකාර ඇත්තේ ගැඹුරු වූයේ වේ. ඒ ජලාශය ගැඹුරු ආකාර ඇත්තේ ගැඹුරු වූයේ යම්සේ ද, මේ පුද්ගල එ බඳු යි.