Pali BJT9. පාසාණලෙඛූපමො පුග්ගලො පඨවිලෙඛූපමො පුග්ගලො උදකලෙඛූපමො පුග්ගලො.
Sinhala BJT9. ගලෙහි ඇඳි හිර බඳු පුද්ගල යැ, පොළොවෙහි ඇඳි හිරබඳු පුද්ගල යැ, දියෙහි ඇඳි හිර බඳු පුද්ගල යි.
Pali BJT10. තයො පොත්ථකූපමා පුග්ගලා.
Sinhala BJT10. සණවැහැරි කඩමාලු බඳු පුද්ගලයෝ තිදෙනෙකි,
Pali BJT11. තයො කාසිකවත්ථූපමා පුග්ගලා.
Sinhala BJT11. කසීවත් බඳු පුද්ගලයෝ තිදෙනෙකි,
Pali BJT12. සුප්පමෙය්යො, දුප්පමෙය්යො, අප්පමෙය්යො.
Sinhala BJT12. සුවසේ මිනිය හැක්කේ යැ, දුකසේ මිනියැ හැක්කේ යැ, නො මිනියැ හැක්කේ යි.
Pali BJT13. අත්ථෙකච්චො පුග්ගලො න සෙවිතබ්බො න භජිතබ්බො න පයිරුපාසිතබ්බො.
Sinhala BJT13. සේවනය නො කළ යුතු භජනය නො කළ යුතු පර්‍ය්‍යුපාසනය නො කළ යුතු කිසි පුද්ගලයෙක් ඇත,
Pali BJTඅත්ථෙකච්චො පුග්ගලො සෙවිතබ්බො භජිතබ්බො පයිරුපාසිතබ්බො, අත්ථෙකච්චො පුග්ගලො සක්කත්වා ගරුකත්වා සෙවිතබ්බො භජිතබ්බො පයිරුපාසිතබ්බො.
Sinhala BJTසේවනය කළ යුතු භජනය කළ යුතු පර්‍ය්‍යුපාසනය කළ යුතු කිසි පුද්ගලයෙක් ඇත, සත්කාර කොට ගරුකාර කොට සේවනය කළයුතු භජනය කළයුතු පර්‍ය්‍යුපාසනය කළයුතු කිසි පුද්ගලයෙක් ඇති.
Pali BJT14. අත්ථෙකච්චො පුග්ගලො ජිගුච්ඡිතබ්බො න සෙවිතබ්බො න භජිතබ්බො න පයිරුපාසිතබ්බො,
Sinhala BJT14. පිළිකුල් කටයුතු වූ සේවනය නොකළ යුතු වූ භජනය නො කළ යුතු වූ පර්‍ය්‍යුපාසනය නො කළ යුතු වූ ඇතැම් පුද්ගලයෙක් ඇත,
Pali BJTඅත්ථෙකච්චො පුග්ගලො අජ්ඣුපෙක්ඛිතබ්බො න සෙවිතබ්බො න භජිතබ්බො න පයිරුපාසිතබ්බො,
Sinhala BJTඋපේක්‍ෂා කටයුතු වූ සේවනය නො කළයුතු වූ භජනය නො කළ යුතු වූ පර්‍ය්‍යුපාසනය නො කළ යුතු වූ කිසි පුද්ගලයෙක් ඇත,
Pali BJTඅත්ථෙකච්චො පුග්ගලො සෙවිතබ්බො භජිතබ්බො පයිරුපාසිතබ්බො.
Sinhala BJTසේවනය කළ යුතු වූ භජනය කළ යුතු වූ පර්‍ය්‍යුපාසනය කළ යුතු වූ කිසි පුද්ගලයෙක් ඇති.
Pali BJT15. අත්ථෙකච්චො පුග්ගලො සීලෙසු පරිපූරකාරී සමාධිස්මිං මත්තසොකාරී පඤ්ඤාය මත්තසොකාරී.
Sinhala BJT15. ශීලයන්හි සපුරා කරන සුලු වූ, සමාධියෙහි එක්දෙසක් කරනසුලු වූ, ප්‍රඥායෙහි එක්දෙසක් කරන සුලු වූ ඇතැම් පුද්ගලයෙක් ඇත,
Pali BJTඅත්ථෙකච්චො පුග්ගලො සීලෙසු ච පරිපූරකාරී සමාධිස්මිං ච පරිපූරකාරී පඤ්ඤාය මත්තසොකාරී.
Sinhala BJTශීලයන්හි ද සපුරා කරනසුලු වූ, සමාධියෙහි දු සපුරා කරනසුලු වූ, ප්‍රඥායෙහි එක්දෙසක් කරනසුලු වූ ඇතැම් පුද්ගලයෙක් ඇත.
Pali BJTඅත්ථෙකච්චො පුග්ගලො සීලෙසු ච පරිපූරකාරී සමාධිස්මිං ච පරිපූරකාරී පඤ්ඤාය ච පරිපූරකාරී.
Sinhala BJTශීලයන්හි දු සපුරා කරන සුලු වූ, සමාධියෙහි දු සපුරා කරනසුලු වූ, ප්‍රඥායෙහි දු සපුරා කරනසුලු වූ කිසි පුද්ගලයෙක් ඇති.
Pali BJT16. තයො සත්ථාරො, අපරෙපි තයො සත්ථාරො.
Sinhala BJT16. ශාස්තෲහු තිදෙනෙක, අන්‍ය වූ ද ශාස්තෲහු තිදෙනෙකි.
Pali BJTතිකි මාතිකා නිට්ඨිතා.
Sinhala BJTත්‍රික මාතෘකා නිමි.
Pali BJT4. චතුක්ක මාතිකා
Sinhala BJT4. චතුෂ්ක මාතෘකා
Pali BJT1. අසප්පුරිසො, අසප්පුරිසෙන අසප්පුරිසතරො, සප්පුරිසො. සප්පුරිසෙන සප්පුරිසතරො.
Sinhala BJT1. අසත්පුරුෂ යැ, අසත්පුරුෂයාට වඩා අසත්පුරුෂතර යැ, සත්පුරුෂ යැ, සත්පුරුෂයාට වඩා සත්පුරුෂතර යි.
Pali BJT2. පාපො, පාපෙන පාපතරො, කල්යාණො, කල්යාණෙන කල්යාණතරො.
Sinhala BJT2. පාප යැ, පාපියාට වඩා පාපතර යැ, කල්‍යාණ යැ, කල්‍යාණයාට වඩා කල්‍යාණතර යි.
Pali BJT3. පාපධම්මො, පාපධම්මෙන පාපධම්මතරො, කල්යාණධම්මො, කල්යාණධම්මෙන කල්යාණධම්මතරො.
Sinhala BJT3. පාපධර්‍ම යැ, පාපධර්‍මයාට වඩා පාපධර්‍මතර යැ, කල්‍යාණධර්‍ම යැ, කල්‍යාණධර්‍මයාට වඩා කල්‍යාණධර්‍මතර යි.
Pali BJT4. සාවජ්ජො, වජ්ජබහුලො, අප්පවජ්ජො, අනවජ්ජො.
Sinhala BJT4. සාවද්‍ය යැ, වද්‍ය බහුල යැ, අල්පවද්‍ය යැ, අනවද්‍ය යි.
Pali BJT5. උග්ඝටිතඤ්ඤූ, විපඤ්චිතඤ්ඤූ{1}, නෙය්යො, පදපරමො.
Sinhala BJT5. උග්ඝටිතඥ යැ, විපඤ්චිතඥ යැ, නේය යැ, පදපරම යි.
Pali BJT6. යුත්තපටිභානො නො මුත්තපටිභානො, මුත්තපටිභානො නො යුත්තපටිභානො, යුත්තපටිභානො ච මුත්තපටිභානො ච, නෙව යුත්තපටිභානො නො මුත්තපටිභානො.
Sinhala BJT6. මුක්තප්‍රතිභාන නො වූ යුක්තප්‍රතිභාන යැ, යුක්තප්‍රතිභාන නො වූ මුක්තප්‍රතිභාන යැ, යුක්තප්‍රතිභාන ද මුක්තප්‍රතිභාන ද වූයේ යැ, යුක්තප්‍රතිභාන නො ද වූ මුක්ත ප්‍රතිභාන නො වූයේ යි.
Pali BJT7. චත්තාරො ධම්මකථිකා පුග්ගලා.
Sinhala BJT7. ධර්‍මකථික පුද්ගලයෝ සතර දෙනෙකි.
Pali BJT8. චත්තාරො වලාහකූපමා පුග්ගලා.
Sinhala BJT8. වලාහකයට බඳු පුද්ගලයෝ සතර දෙනෙකි.
Pali BJT9. චත්තාරො මූසිකූපමා පුග්ගලා.
Sinhala BJT9. මූෂිකෝපම පුද්ගලයෝ සතර දෙනෙකි.
Pali BJT10. චත්තාරො අම්බූපමා පුග්ගලා.
Sinhala BJT10. අම්බූපම (අඹයට බඳු) පුද්ගලයෝ සතර දෙනෙකි.
Pali BJT11. චත්තාරො කුම්භූපමා පුග්ගලා.
Sinhala BJT11. කුම්භූපම (කළය බඳු) පුද්ගලයෝ සතර දෙනෙකි.
Pali BJT12. චත්තාරො උදකරහදූපමා පුග්ගලා.
Sinhala BJT12. උදකරහදුපම (ජලාශය බඳු) පුද්ගලයෝ සතර දෙනෙකි.
Pali BJT13. චත්තාරො බලිවද්දූපමා{2} පුග්ගලා.
Sinhala BJT13. බලිවර්‍දොපම (ගවයා බඳු) පුද්ගලයෝ සතර දෙනෙකි.
Pali BJT14. චත්තාරො ආසිවිසූපමා පුග්ගලා.
Sinhala BJT14. ආශිර්විෂෝපම (සර්‍පයාට බඳු) පුද්ගලයෝ සතර දෙනෙකි,
Pali BJT15. අත්ථෙකච්චො පුග්ගලො, අනනුවිච්ච අපරියොගාහෙත්වා අවණ්ණාරහස්සා වණ්ණං භාසිතා හොති,
Sinhala BJT15. තුලනය නො කොට නුවණින් ගුණයට නො බැස නුගුණ කියයුත්තාගේ ගුණ කියන කිසි පුද්ගලයෙක් ඇත,
Pali BJTඅත්ථෙකච්චො පුග්ගලො අනනුවිච්ච අපරියොගාහෙත්වා වණ්ණාරහස්ස අවණ්ණං භාසිතා හොති,
Sinhala BJTතුලනය නො කොට නුවණින් ගුණයට නො බැස ගුණ කියයුත්තාගේ නුගුණ කියන්නේ වේ ද (එබඳු) ඇතැම් පුද්ගලයෙක් ඇත,
Pali BJTඅත්ථෙකච්චො පුග්ගලො අනනුවිච්ච අපරියොගාහෙත්වා අප්පසාදනීයෙ ඨානෙ පසාදං උපදංසිතා හොති,
Sinhala BJTතුලනය නො කොට නුවණින් ගුණයට නො බැස නො පැහැදිය යුතු තැන ප්‍රසාදය උපදවන්නේ වේ ද (එබඳු) කිසි පුද්ගලයෙක් ඇත,
Pali BJTඅත්ථෙකච්චො පුග්ගලො අනනුවිච්ච අපරියොගාහෙත්වා පසාදනීයෙ ඨානෙ අප්පසාදං උපදංසිතා හොති.
Sinhala BJTතුලනය නො කොට නුවණින් ගුණයට නො බැස පැහැදිය යුතු තැන අප්‍රසාදය උපදවන්නේ වේ ද (එබඳු) කිසි පුද්ගලයෙක් ඇති.
Pali BJT16. අත්ථෙකච්චො පුග්ගලො අනුවිච්ච පරියොගාහෙත්වා අවණ්ණාරහස්ස අවණ්ණං භාසිතා හොති,
Sinhala BJT16. තුලනය කොට නුවණින් ගුණයට බැස නුගුණ කිය යුත්තාගේ නුගුණ කියන්නේ වේ ද (එබඳු) ඇතැම් පුද්ගලයෙක් ඇත,
Pali BJTඅත්ථෙකච්චො පුග්ගලො අනුවිච්ච පරියොගාහෙත්වා වණ්ණාරහස්ස වණ්ණං භාසිතා හොති,
Sinhala BJTතුලනය කොට නුවණින් ගුණයට බැස ගුණ කිය යුත්තාගේ ගුණ කියන්නේ වේ ද (එබඳු) ඇතැම් පුද්ගලයෙක් ඇත,
Pali BJTඅත්ථෙකච්චො පුග්ගලො අනුවිච්ච පරියොගාහෙත්වා අප්පසාදනීයෙ ඨානෙ අප්පසාදං උපදංසිතා හොති,
Sinhala BJTතුලනය කොට නුවණින් ගුණයට බැස නො පැහැදිය යුතු තැන අප්‍රසාදය උපදවන්නේ වේ ද (එබඳු) ඇතැම් පුද්ගලයෙක් ඇත.
Pali BJTඅත්ථෙකච්චො පුග්ගලො අනුවිච්ච පරියොගාහෙත්වා පසාදනීයෙ ඨානෙ පසාදං උපදංසිතා හොති.
Sinhala BJTතුලනය කොට නුවණින් ගුණයට බැස පැහැදිය යුතු තැන ප්‍රසාදය උපදවන්නේ වේ ද (එබඳු) කිසි පුද්ගලයෙක් ඇති.
Pali BJT17. අත්ථෙකච්චො පුග්ගලො අවණ්ණාරහස්ස අවණ්ණං භාසිතා හොති භූතං තච්ඡං කාලෙන, නො ච ඛො වණ්ණාරහස්ස වණ්ණං භාසිතා හොති භූතං තච්ඡං කාලෙන,
Sinhala BJT17. නුගුණ කියයුත්තාගේ විද්‍යමාන වූ සත්‍ය වූ නුගුණ සුදුසු කල්හි කියන්නේ වේ ද, එතෙකුදු වුවත් ගුණ කිය යුත්තාගේ විද්‍යමාන වූ සත්‍ය වූ ගුණ සුදුසු කල්හි නො කියන්නේ වේ ද (එබඳු) කිසි පුද්ගලයෙක් ඇත.
Pali BJTඅත්ථෙකච්චො පුග්ගලො වණ්ණාරහස්ස වණ්ණං භාසිතා හොති භූතං තච්ඡං කාලෙන, නො ච ඛො අවණ්ණාරහස්ස අවණ්ණං. භාසිතා හොති භූතං තච්ඡං කාලෙන,
Sinhala BJTගුණ කියයුත්තාගේ විද්‍යමාන වූ සත්‍ය වූ ගුණ සුදුසු කල්හි කියන්නේ වේ ද, එතෙකුදු වුවත් නුගුණ කියයුත්තාගේ විද්‍යමාන වූ සත්‍ය වූ නුගුණ සුදුසු කල්හි නො කියන්නේ වේ ද, (එබඳු) ඇතැම් පුද්ගල දෙයක් ඇත.
Pali BJTඅත්ථෙකච්චො පුග්ගලො අවණ්ණාරහස්ස අවණ්ණං භාසිතා හොති භූතං තච්ඡං කාලෙන, වණ්ණාරහස්ස වණ්ණං භාසිතා හොති භූතං තච්ඡං කාලෙන.
Sinhala BJTනුගුණ කිය යුත්තාගේ විද්‍යමාන වූ තථ්‍ය වූ නුගුණ සුදුසු කල්හි කියන්නේ වේ ද, ගුණකියයුත්තාගේ (ද) විද්‍යමාන වූ තථ්‍ය වූ ගුණ සුදුසු කල්හි කියන්නේ වේ ද (එබඳු) ඇතැම් පුද්ගලයෙක් ඇත.
Pali BJTඅත්ථෙකච්චො පුග්ගලො නෙව අවණ්ණාරහස්ස අවණ්ණං භාසිතා හොති භූතං තච්ඡං කාලෙන, නො ච වණ්ණාරහස්ස වණ්ණං භාසිතා හොති භූතං තච්ඡං කාලෙන.
Sinhala BJTනුගුණ කියයුත්තාගේ විද්‍යමාන වූ තථ්‍ය වූ නුගුණ සුදුසු කාලයෙහි නො මැ කියන්නේ වේ ද, ගුණ කියයුත්තාගේ ද විද්‍යමාන වූ තථ්‍ය වූ ගුණ සුදුසු කල්හි නො කියන්නේ වේ ද (එබඳු) පුද්ගලයෙක් ඇති.
Pali BJT18. උට්ඨානඵලූපජීවී නො පුඤ්ඤඵලූපජීවී, පුඤ්ඤඵලූපජීවී නො උට්ඨානඵලූපජීවී, උට්ඨානඵලූපජීවී ච පුඤ්ඤඵලූපජීවී ච. නෙව උට්ඨානඵලූපජීවී නො පුඤ්ඤඵලූපජීවී.
Sinhala BJT18. පුණ්‍යඵලයෙන් නො ව උත්‍ථාන (වීර්‍ය්‍ය) ඵලයෙන් දිවිරක්නේ යැ, උත්‍ථානඵලයෙන් නො ව පුණ්‍යඵලයෙන් දිවිරක්නේ යැ, උත්‍ථාන ඵලයෙනුත් පුණ්‍යඵලයෙනුත් දිවිරක්නේ යැ, උත්‍ථාන ඵලයෙනුත් පුණ්‍යඵලයෙනුත් දිවි නො රක්නේ යි.
Pali BJT19. තමොතම පරායනො, තමො ජොතිපරායනො, ජොතිතමපරායනො, ජොති ජොති පරායනො.
Sinhala BJT19. අඳුරින් අඳුරට යන්නේ යැ, අඳුරින් එළියට යන්නේ යැ, එළියෙන් අඳුරට යන්නේ යැ, එළියෙන් එළියට යන්නේ යි.
Pali BJT20. ඔනතොනතො, ඔනතුන්නතො, උන්නතොනතො, උන්නතුන්නතො.
Sinhala BJT20. අවනත වැ සිට අවනත වන්නේ යැ, අවනත වැ සිට උන්නත වන්නේ යැ, උන්නත වැ සිට අවනත වන්නේ යැ, උන්නත වැ සිට උන්නත වන්නේ යි.
Pali BJT21. චත්තාරො රුක්ඛූපමා පුග්ගලා.
Sinhala BJT21. වෘක්‍ෂෝපම (රුකක් බඳු) පුද්ගලයෝ සතර දෙනෙකි.
Pali BJT22. රූපප්පමාණො රූපප්පසන්නො, ඝොසප්පමාණො ඝොසප්පසන්නො, ලූඛප්පමාණො ලූඛප්පසන්නො, ධම්මප්පමාණො ධම්මප්පසන්නො.
Sinhala BJT22. රූප ප්‍රමාණ රූප ප්‍රසන්න යැ, ඝෝෂ ප්‍රමාණ ඝෝෂ ප්‍රසන්න යැ, රූක්‍ෂ ප්‍රමාණ රූක්‍ෂ ප්‍රසන්න යැ, ධර්‍ම ප්‍රමාණ ධර්‍ම ප්‍රසන්න යි.
Pali BJT23. අත්ථෙකච්චො පුග්ගලො අත්තහිතාය පටිපන්නො හොති නො පරහිතාය,
Sinhala BJT23. තමාට හිත පිණිස පිළිපන්නේ පරහට හිත පිණිස පිළිපන්නේ නො වේ ද (එබඳු) එක්තරා පුද්ගලයෙක් ඇත,
Pali BJTඅත්ථෙකච්චො පුග්ගලො පරහිතාය පටිපන්නො හොති නො අත්තහිතාය,
Sinhala BJTපරහට හිත පිණිස පිළිපන්නේ තමාහට හිත පිණිස පිළිපන්නේ නො වේ ද (එබඳු) එක්තරා පුද්ගලයෙක් ඇත,
Pali BJTඅත්ථෙකච්චො පුග්ගලො අත්තහිතාය චෙව පටිපන්නො හොති පරහිතාය ච,
Sinhala BJTතමහට හිත පිණිස ද පිළිපන්නේ ම පරහට ද හිත පිණිස පිළිපන්නේ වේ ද (එබඳු) එක්තරා පුද්ගලයෙක් ඇත,
Pali BJTඅත්ථෙකච්චො පුග්ගලො නෙවත්තහිතාය පටිපන්නො හොති නො පරහිතාය.
Sinhala BJTතමහට හිත පිණිස නො පිළිපන්නේ ම පරහට හිත පිණිස (ද) නො පිළිපන්නේ වේ ද (එබඳු) එක්තරා පුද්ගලයෙක් ඇති.
Pali BJT24. අත්ථෙකච්චො පුග්ගලො අත්තන්තපො හොති අත්තපරිතාපනානුයොගමනුයුත්තො,
Sinhala BJT24. තමා තවන්නේ තමන් තවන ප්‍රතිපදාවෙහි යෙදුවේ ද (එබඳු) ඇතැම් පුද්ගලයෙක් ඇත,
Pali BJTඅත්ථෙකච්චො පුග්ගලො පරන්තපො හොති පරපරිතාපනානුයොගමනුයුත්තො,
Sinhala BJTඅනුන් තවන්නේ අනුන් තවන ප්‍රතිපදාවෙහි යෙදුණේ වේ ද (එබඳු) ඇතැම් පුද්ගලයෙක් ඇත,
Pali BJTඅත්ථෙකච්චො පුග්ගලො අත්තන්තපො ච හොති අත්තපරිතාපනානුයොගමනුයුත්තො පරන්තපො ච පරපරිතාපනානුයොගමනුයුත්තො,
Sinhala BJTතමා තවන්නේ තමන් තවන ප්‍රතිපදාවෙහි යෙදුණේ ද, අනුන් තවන්නේ අනුන් තවන ප්‍රතිපදාවෙහි යෙදුණේත් වේ ද (එබඳු) ඇතැම් පුද්ගලයෙක් ඇත,
Pali BJTඅත්ථෙකච්චො පුග්ගලො නෙව අත්තන්තපො හොති න අත්තපරිතාපනානුයොගමනුයුත්තො, න පරන්තපො න පරපරිතාපනානුයොගමනුයුත්තො, සො අනත්තන්තපො අපරන්තපො දිට්ඨෙවධම්මෙ නිච්ඡාතො නිබ්බුතො සීතිභූතො සුඛපටිසංවෙදී බ්රහ්මභූතෙන අත්තනා විහරති.
Sinhala BJTතමා නො තවන්නේ ම තමා තවන ප්‍රතිපදායෙහි නො යෙදුණේ, අනුන් නො තවන්නේ අනුන් තවන ප්‍රතිපදායෙහි නොයෙදුණේ වේද, හෙතෙම තමා නො තවන්නේ අනුන් නො තවන්නේ මෙ අත්බැව්හි ම තෘෂ්ණා රහිත වූයේ නිවුණේ සිහිල් වූයේ සුව විඳුනේ ශ්‍රේෂ්ඨ වූ ආත්මයෙන් යුතුව වාස කෙරේද, (එබඳු) ඇතැම් පුද්ගලයෙක් ඇති.
Pali BJT25. සරාගො, සදොසො, සමොහො, සමානො.
Sinhala BJT25. රාග සහිත යැ, ද්වේෂ සහිත යැ, මෝහ සහිත යැ, මානසහිත යි.
Pali BJT26. අත්ථෙකච්චො පුග්ගලො ලාභී හොති අජ්ඣත්තං චෙතො සමථස්ස, න ලාභී අධිපඤ්ඤාධම්මවිපස්සනාය.
Sinhala BJT26. අධ්‍යාත්මයෙහි විත්තශමථය ලබන්නේ අධිප්‍රඥා ධර්‍මවිදර්‍ශනාව නො ලබන්නේ වේ ද (එබඳු) ඇතැම් පුද්ගලයෙක් ඇත,
Pali BJTඅත්ථෙකච්චො පුග්ගලො ලාභී හොති අධිපඤ්ඤාධම්මවිපස්සනාය, න ලාභී අජ්ඣත්තං චෙතොසමථස්ස.
Sinhala BJTඅධිප්‍රඥාධර්‍මවිදර්‍ශනාව ලබන්නේ, අධ්‍යාත්මයෙහි විත්තශමථය නො ලබන්නේ වේ ද (එබඳු) ඇතැම් පුද්ගලයෙක් ඇත,
Pali BJTඅත්ථෙකච්චො පුග්ගලො ලාභී චෙව හොති අජ්ඣත්තං චෙතොසමථස්ස, ලාභී අධිපඤ්ඤාධම්මවිපස්සනාය.
Sinhala BJTඅධ්‍යාත්මයෙහි විත්තශමථය ලබන්නේ ම අධිප්‍රඥා ධර්‍මවිදර්‍ශනාව ලබන්නේත් වේ ද (එබඳු) ඇතැම් පුද්ගලයෙක් ඇත,
Pali BJTඅත්ථෙකච්චො පුග්ගලො නෙව ලාභී හොති අජ්ඣත්තං චෙතොසමථස්ස න ලාභී අධිපඤ්ඤාධම්මවිපස්සනාය.
Sinhala BJTඅධ්‍යාත්මයෙහි චිත්තශමථය නො ලබන්නේ ම අධිප්‍රඥාධර්‍මවිදර්‍ශනාව නො ලබන්නේත් වේ ද (එබඳු) ඇතැම් පුද්ගලයෙක් ඇති.
Pali BJT27. අනුසොතගාමී පුග්ගලො, පටිසොතගාමී පුග්ගලො, ඨිතත්තො පුග්ගලො, තිණ්ණො පාරගතො{1}. ථලෙ තිට්ඨති බ්රාහ්මණො.
Sinhala BJT27. (සංසාර ස්‍රෝතස්හි) යටිගං බලා යන සුලු පුද්ගල යැ, උඩුගං බලා යන සුලු පුද්ගල යැ, ස්ථිතාත්ම පුද්ගල යැ, තරණය කළ පරතෙරට ගිය ගොඩසිටුනා බ්‍රාහ්මණ යි.
Pali BJT28. අප්පස්සුතො සුතෙන අනුප්පන්නො, අප්පස්සුතො සුතෙන උප්පන්නො, බහුස්සුතො සුතෙන අනුප්පන්නො, බහුස්සුතො සුතෙන උප්පන්නො.
Sinhala BJT28. අල්පශ්‍රැත වූයේ ශ්‍රැතයෙන් අනුත්පන්න යැ, අල්පශ්‍රැත වූයේ ශ්‍රැතයෙන් උත්පන්න යැ, බහුශ්‍රුත වූයේ ශ්‍රැතයෙන් අනුත්පන්න යැ, බහුශ්‍රුත වූයේ ශ්‍රැතයෙන් උත්පන්න යි.
Pali BJT29. සමණමචලො, සමණපදුමො, සමණපුණ්ඩරීකො, සමණෙසු සමණසුඛුමාලො.
Sinhala BJT29. සමණමචල යැ, සමණපදුමයැ, සමණපුණ්ඩරීක යැ, මහණුන්අතුරෙහි සමණ සුඛමාල යි.
Pali BJTචතුක්ක මාතිකා නිට්ඨිතා.
Sinhala BJTචතුෂ්ක මාතෘකා නිමි.
Pali BJT5. පඤ්චක මාතිකා
Sinhala BJT5. පඤ්චක මාතෘකා
Pali BJT1. අත්ථෙකච්චො පුග්ගලො ආරභති{1} ච විප්පටිසාරී ච හොති තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං නප්පජානාති, යත්ථස්ස තෙ උප්පන්නා පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්ති.
Sinhala BJT1. ඇවතට පැමිණෙයි, (සිකපද මඬී) විපිළිසර ද වෙයි, ඒ චිත්තවිමුක්තියත් ප්‍රඥාවිමුක්තියත් ඇතිසැටියෙන් නො දනී. යම් තැනක ඔහුගේ ඒ උපන් ලාමක වූ අකුශලධර්‍මයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම්, ඒ චිත්තවිමුක්තියත් ප්‍රඥාවිමුක්තියත් ඇති සැටියෙන් නො දනී.
Pali BJTඅත්ථෙකච්චො පුග්ගලො ආරභති න විප්පටිසාරී ච හොති තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං නප්පජානාති, යත්ථස්ස තෙ උප්පන්නා පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්ති.
Sinhala BJTඑක් පුද්ගලයෙක් ඇත: (හෙතෙම) ඇවතට පැමිණෙයි එතෙකුදු වත් විපිළිසර නො වෙයි. යම් තැනක ඔහුගේ ඒ උපන් ලාමක වූ අකුශලධර්‍මයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම් ඒ චිත්ත විමුක්තියත්, ප්‍රඥාවිමුක්තියත් ඇති සැටියෙන් නො දනි.
Pali BJTඅත්ථෙකච්චො පුග්ගලො නාරභති විප්පටිසාරී හොති තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං නප්පජානාති යත්ථස්ස තෙ උප්පන්නා පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්ති.
Sinhala BJTඑක් පුද්ගලයෙක් ඇත: (හෙතෙම) ඇවැතට නො පැමිණෙයි, විපිළිසරත් වෙයි. ඒ චිත්ත විමුක්තියත් ප්‍රඥාවිමුක්තියත් ඇතිසැටියෙන් නො දනි. යම් තැනක ඔහුගේ ඒ උපන් ලාමක වූ අකුශලධර්‍මයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම් ඒ චිත්තවිමුක්තියත් ප්‍රඥාවිමුක්තියත් ඇති සැටියෙන් නො දනි.
Pali BJTඅත්ථෙකච්චො පුග්ගලො නාරභති න විප්පටිසාරී හොති තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං නප්පජානාති යත්ථස්ස තෙ උප්පන්නා පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්ති.
Sinhala BJTඑක් පුද්ගලයෙක් ඇත: (හෙතෙම) ඇවැතට නො පැමිණෙයි. විපිළිසර නො වෙයි. යම් තැනෙක ඔහුගේ ඒ උපන් ලාමක වූ අකුශල ධර්‍මයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම්, ඒ චිත්තවිමුක්තියත් ප්‍රඥාවිමුක්තියත් ඇති සැටියෙන් නො දනි.
Pali BJTඅත්ථෙකච්චො පුග්ගලො නාරභති න විප්පටිසාරී හොති තඤ්ච චෙතො විමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං පජානාති යත්ථස්ස තෙ උප්පන්නා පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්ති.
Sinhala BJTඑක් පුද්ගලයෙක් ඇත: (හෙතෙම) ඇවැතට නො පැමිණෙයි. විපිළිසර නො වෙයි. යම් තැනෙක ඔහුගේ ඒ උපන් ලාමක වූ අකුශලධර්‍මයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම්, ඒ චිත්තවිමුක්තියත් ප්‍රඥාවිමුක්තියත් ඇති සැටියෙන් දන්නේ වේ,
Pali BJT2. දත්වා අවජානාති, සංවාසෙන අවජානාති, ආධෙය්යමුඛො හොති, ලොලො හොති මන්දො මොමූහො හොති.
Sinhala BJT2. දී අවමන් කරන්නේ යැ, එක් වැ වැස අවමන් කරන්නේ යැ, ආදිවචනය ම අදහාගන්නේ යැ, ලොල් වූයේ යැ, බාල වූයේ අතිශයින් මුළා වූයේ වේ.
Pali BJT3. පඤ්ච යොධාජීවූපමා පුග්ගලා.
Sinhala BJT3. යෝධාජීවූපම (යුද්ධයෙන් දිවිරක්නවුන් බඳු) පුද්ගලයෝ පස් දෙනෙකි.
Pali BJT4. පඤ්ච පිණ්ඩපාතිකා.
Sinhala BJT4. පිණඩපාතිකයෝ පස්දෙනෙකි.
Pali BJT5. පඤ්ච ඛලුපච්ඡාභත්තිකා.
Sinhala BJT5. ඛලුපච්ඡාභත්තිකයෝ (බතින් පසු නො වළඳන පුද්ගලයෝ) පස්දෙනෙකි.
Pali BJT6. පඤ්ච එකාසනිකා.
Sinhala BJT6. ඒකාසනිකයෝ පස්දෙනෙකි.
Pali BJT7. පඤ්ච පංසුකූලිකා.
Sinhala BJT7. පංශුකූලිකයෝ පස්දෙනෙකි.
Pali BJT8. පඤ්ච තෙචීවරිකා.
Sinhala BJT8. තෙචීවරිකයෝ පස්දෙනෙකි.
Pali BJT9. පඤ්ච ආරඤ්ඤිකා.
Sinhala BJT9. ආරඤ්ඤිකයෝ පස්දෙනෙකි.
Pali BJT10. පඤ්ච රුක්ඛමූලිකා.
Sinhala BJT10. රුක්ඛමූලිකයෝ පස්දෙනෙකි.
Pali BJT11. පඤ්ච අබ්භොකාසිකා.
Sinhala BJT11. අබ්භෝකාසිකයෝ පස්දෙනෙකි.
Pali BJT12. පඤ්ච නෙසජ්ජිකා.
Sinhala BJT12. නෙසජ්ජිකයෝ පස්දෙනෙකි.
Pali BJT13. පඤ්ච යථාසන්ථතිකා.
Sinhala BJT13. යථාසන්‍ථතිකයෝ පස්දෙනෙකි.
Pali BJT14. පඤ්ච සොසානිකා.
Sinhala BJT14. සෝසානිකයෝ පස්දෙනෙකි.
Pali BJTපඤ්චක මාතිකා නිට්ඨිතා.
Sinhala BJTපඤ්චක මාතෘකා නිමි.
Pali BJT6. ඡක්ක මාතිකා
Sinhala BJT6. ෂට්ක මාතෘකා
Pali BJT1. අත්ථෙකච්චො පුග්ගලො පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු සාමං සච්චානි අභිසම්බුජ්ඣති, තත්ථ ච සබ්බඤ්ඤුතං පාපුණාති බලෙසුව වසීභාවං.
Sinhala BJT1. එක් පුද්ගලයෙක් ඇත: (හෙතෙම) පෙර නො ඇසූ ධර්‍මයන්හි තෙමේ ම සිව්සස් අවබෝධ කෙරෙයි, එහි සර්‍වඥත්‍වයට ද පැමිණෙයි, බලධර්‍මයන්හි ද වශීභාවයට පැමිණේ.
Pali BJTඅත්ථෙකච්චො පුග්ගලො පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු සාමං සච්චානි අභිසම්බුජ්ඣති, න ච තත්ථ සබ්බඤ්ඤුතං පාපුණාති න ච බලෙසු{1} වසීභාවං.
Sinhala BJTඑක් පුද්ගලයෙක් ඇත: (හෙතෙම) පෙර නො ඇසූ දහම්හි තෙමේ ම සිව්සස් අවබෝධ කෙරෙයි, එහි සර්‍වඥත්‍වයට නො ද පැමිණෙයි, බලධර්‍මයන්හි වගීභාවයට නො ද පැමිණේ.
Pali BJTඅත්ථෙකච්චො පුග්ගලො පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු සාමං සච්චානි අනභිසම්බුජ්ඣති දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො හොති, සාවකපාරමිං ච පාපුණාති.
Sinhala BJTඑක් පුද්ගලයෙක් ඇත: (හෙතෙම) පෙර නො ඇසූ දහම්හි තෙමේ ම සිව්සස් අවබෝධ නො කෙරෙයි, මෙ අත්බැව්හි ම දුක් කෙළවර කරන්නේ වෙයි, ශ්‍රාවකපාරමිතාවට ද පැමිණේ.
Pali BJTඅත්ථෙකච්චො පුග්ගලො පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු සාමං සච්චානි අනභිසම්බුජ්ඣති දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො හොති, න ච සාවකපාරමිං පාපුණාති.
Sinhala BJTඑක් පුද්ගලයෙක් ඇත: (හෙතෙම) පෙර නො ඇසූ දහම්හි තෙමේම සිව්සස් අවබෝධ නො කෙරෙයි, මෙ අත්බැව්හි ම දුක් කෙළවර කරන්නේ වෙයි, ශ්‍රාවකපාරමිතාවට නො ද පැමිණේ.
Pali BJTඅත්ථෙකච්චො පුග්ගලො පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු සාමං සච්චානි අනභිසම්බුජ්ඣති න ච දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො හොති, අනාගාමී හොති අනාගන්තා ඉත්ථත්තං.
Sinhala BJTඑක් පුද්ගලයෙක් ඇත: (හෙතෙම) පෙර නො ඇසූ දහම්හි තෙමේ ම සිව්සස් අවබෝධ නො කෙරෙයි, මෙ අත්බැව්හි ම දුක් කෙළවර කරන්නේ නො ද වෙයි, මේ කාමධාතුවට නො එන්නේ අනාගාමී වේ.
Pali BJTඅත්ථෙකච්චො පුග්ගලො පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු සාමං සච්චානි අනභිසම්බුජ්ඣති න ච දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො හොති, ආගාමී හොති ආගන්තා ඉත්ථත්තං.
Sinhala BJTඑක් පුද්ගලයෙක් ඇත: (හෙතෙම) පෙර නො ඇසූ දහම්හි තෙමේ ම සිව්සස් අවබෝධ නො කෙරෙයි, මෙ අත්බැව්හි ම දුක් කෙළවර කරන්නේ නො ද වෙයි, මේ කාමධාතුවට එන්නේ ආගාමී වේ.
Pali BJTඡක්ක මාතිකා නිට්ඨිතා.
Sinhala BJTෂට්ක මාතෘකා නිමි.
Pali BJT7. සත්තක මාතිකා
Sinhala BJT7. සප්තක මාතෘකා
Pali BJT1. සත්ත උදකූපමා පුග්ගලා: සකිං නිමුග්ගො නිමුග්ගොව හොති, උම්මුජ්ජිත්වා නිමුජ්ජති, උම්මුජ්ජිත්වා ඨිතො හොති, උම්මුජ්ජිත්වා විපස්සති විලොකෙති, උම්මුජ්ජිත්වා පතරති, උම්මුජ්ජිත්වා පටිගාධප්පත්තො හොති, උම්මුජ්ජිත්වා තිණ්ණො හොති පාරගතො ථලෙ තිට්ඨති බ්රාහ්මණො.
Sinhala BJT1. උදකෝපම පුද්ගලයෝ සත්දෙනෙකි: වරක් ගිලුණේ ගිලුණේ මැ, වෙයි. ඉල්පැ ගිලෙයි, ඉල්පැ සිටියේ වෙයි, ඉල්පැ අවට විමසයි බලයි, ඉල්ප පිහිනයි, ඉල්පැ නො ගැඹුරට පැමිණියේ වෙයි, ඉල්ප තරණය කෙළේ වෙයි ඒ බ්‍රාහ්මණ පරතෙර ගියේ ගොඩ සිටී.
Pali BJT2. උභතොභාගවිමුත්තො, පඤ්ඤාවිමුත්තො, කායසක්ඛී, දිට්ඨප්පත්තො, සද්ධාවිමුත්තො, ධම්මානුසාරී, සද්ධානුසාරී.
Sinhala BJT2. උභතෝභාගවිමුක්ත යැ, ප්‍රඥාවිමුක්ත යැ, කායසාක්‍ෂී යැ, දෘෂ්ටිප්‍රාප්ත යැ, ශ්‍රද්ධාවිමුක්ත යැ, ධර්‍මානුසාරී යැ, ශ්‍රද්ධානුසාරී යි.
Pali BJTසත්තක මාතිකා නිට්ඨිතා.
Sinhala BJTසප්තක මාතෘකා නිමි.
Pali BJT8. අට්ඨක මාතිකා
Sinhala BJT8. අෂ්ටක මාතෘකා
Pali BJT1. චත්තාරො මග්ගසමඞ්ගිනො, චත්තාරො ඵලසමඞ්ගිනො-පුග්ගලා.
Sinhala BJT1. මාර්‍ගසමඞ්ගී පුද්ගලයෝ සතර දෙන යැ, ඵලසමඞ්ගී පුද්ගලයෝ සතර දෙනා යි.
Pali BJTඅට්ඨක මාතිකා නිට්ඨිතා
Sinhala BJTඅෂ්ටක මාතෘකා නිමි.
Pali BJT9. නවක මාතිකා
Sinhala BJT9. නවක මාතෘකා
Pali BJT1. සම්මා සම්බුද්ධො, පච්චෙක බුද්ධො, උභතොභාගවිමුත්තො, පඤ්ඤාවිමුත්තො, කායසක්ඛී, දිට්ඨප්පත්තො, සද්ධාවිමුත්තො, ධම්මානුසාරී, සද්ධානුසාරී.
Sinhala BJT1. සම්‍යක් සම්බුද්ධ යැ, ප්‍රත්‍යෙක බුද්ධ යැ, උභතෝභාග විමුක්ත යැ, ප්‍රඥා විමුක්ත යැ, කායසාක්‍ෂී යැ, දෘෂ්ටප්‍රාප්ත යැ, ශ්‍රද්ධාවිමුක්ත යැ, ධර්‍මානුසාරී යැ, ශ්‍රද්ධානුසාරී යි.