Puggalapaññatti

Designation of Persons

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry aligned

පෙන්වන කොටස් 1-100 න් 549

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඅභිධම්මපිටකෙ
Sinhala BJTඅභිධර්‍මපිටකයෙහි
Pali BJTපුග්ගලපඤ්ඤත්තිප්පකරණං
Sinhala BJTපුද්ගල ප්‍රඥප්ති ප්‍රකරණය
Pali BJTනමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස
Sinhala BJTඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා.
Pali BJTමාතිකා
Sinhala BJTමාතෘකා
Pali BJT1. එකක මාතිකා
Sinhala BJT1. ඒකක මාතෘකා
Pali BJTඡ පඤ්ඤත්තියො: ඛන්ධපඤ්ඤත්ති, ආයතනපඤ්ඤත්ති, ධාතුපඤ්ඤත්ති, සච්චපඤ්ඤත්ති, ඉන්ද්රියපඤ්ඤත්ති, පුග්ගලපඤ්ඤත්තී ති.
Sinhala BJTප්‍රඥප්තීහු සදෙනෙකි: ස්කන්‍ධ ප්‍රඥප්ති ය, ආයතන ප්‍රඥප්ති ය, ධාතු ප්‍රඥප්ති ය, සත්‍ය ප්‍රඥප්ති ය, ඉන්‍ද්‍රිය ප්‍රඥප්ති ය, පුද්ගල ප්‍රඥප්ති යි.
Pali BJTකිත්තාවතා ඛන්ධානං ඛන්ධපඤ්ඤත්ති: යාවතා පඤ්චක්ඛන්ධො, රූපක්ඛන්ධො වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො. එත්තාවතා ඛන්ධානං ඛන්ධපඤ්ඤත්ති.
Sinhala BJTකෙතෙකින් ස්කන්‍ධයන්ගේ ස්කන්‍ධප්‍රඥප්තිය වේ ද යත්: යම් පමණෙකින් (සැකෙවින්) පඤ්චස්කන්‍ධය වේ ද, (විභාග විසින්) රූපස්කන්‍ධය, වේදනාස්කන්‍ධය, සංඥාස්කන්‍ධය, සංස්කාරස්කන්‍ධය, විඥානස්කන්‍ධ යි. මෙතෙකින් ස්කන්‍ධයන්ගේ ස්කන්‍ධප්‍රඥප්තිය වේ.
Pali BJTකිත්තාවතා ආයතනානං ආයතනපඤ්ඤත්ති: යාවතා ද්වාදසායතනානි චක්ඛායතනං රූපායතනං සොතායතනං සද්දායතනං ඝානායතනං ගන්ධායතනං ජිව්හායතනං රසායතනං කායායතනං ඵොට්ඨබ්බායතනං මනායතනං ධම්මායතනං. එත්තාවතා ආයතනානං ආයතනපඤ්ඤත්ති.
Sinhala BJTකෙතෙකින් ආයතනයන්ගේ ආයතනප්‍රඥප්තිය වේ ද යත්: යම් පමණෙකින් (සැකෙවින්) දොළොස් ආයතන කෙනෙක් වෙත් ද, (විභාග විසින්) චක්‍ෂුරායතන ය, රූපායතන ය, ශ්‍රෝත්‍රායතන ය, ශබ්දායතන ය, ඝ්‍රාණායතනය, ගන්‍ධායතන ය, ජිහ්වායතන ය, රසායතන ය, කායායතන ය, ස්ප්‍රෂ්ටව්‍යායතන ය, මනආයතන යැ යි. මෙතෙකින් ආයතනයන්ගේ ආයතනප්‍රඥප්තිය වේ.
Pali BJTකිත්තාවතා ධාතූනං ධාතුපඤ්ඤත්ති: යාවතා අට්ඨාරසධාතුයො, චක්ඛුධාතු රූපධාතු චක්ඛුවිඤ්ඤාණධාතු, සොතධාතු සද්දධාතු සොතවිඤ්ඤාණධාතු, ඝානධාතු ගන්ධධාතු ඝානවිඤ්ඤාණධාතු, ජිව්හාධාතු රසධාතු ජිව්හාවිඤ්ඤාණධාතු, කායධාතු ඵොට්ඨබ්බධාතු කායවිඤ්ඤාණධාතු, මනොධාතු ධම්මධාතු මනොවිඤ්ඤාණධාතු. එත්තාවතා ධාතූනං ධාතුපඤ්ඤත්ති.
Sinhala BJTකෙතෙකින් ධාතූන්ගේ ධාතුප්‍රඥප්තිය වේ ද යත්: යම් පමණෙකින් (සැකෙවින්) අටළොස් ධාතු කෙනෙක් වෙත් ද, (විභාග විසින්) චක්‍ෂුර්ධාතු ය, රූපධාතු ය, චක්‍ෂුර්විඥානධාතුය, ශ්‍රෝත්‍රධාතුය, ශබ්දධාතුය, ශ්‍රෝත්‍රවිඥානධාතු ය, ඝ්‍රාණධාතු ය, ගන්‍ධධාතු ය, ඝ්‍රාණවිඥානධාතු ය, ජිහ්වාධාතු ය, රසධාතු ය, ජීහ්වාවිඥානධාතු ය, කායධාතු ය, ස්ප්‍රෂ්ටව්‍යධාතු ය, කායවිඥානධාතු ය, මනෝධාතු ය, ධර්‍මධාතු ය, මනෝවිඥානධාතු යැ යි. මෙතෙකින් ධාතූන්ගේ ධාතුප්‍රඥප්තිය වේ.
Pali BJTකිත්තාවතා සච්චානං සච්චපඤ්ඤත්ති: යාවතා චත්තාරි සච්චානි, දුක්ඛසච්චං සමුදයසච්චං නිරොධසච්චං මග්ගසච්චං. එත්තාවතා සච්චානං සච්චපඤ්ඤත්ති.
Sinhala BJTකෙතෙකින් සත්‍යයන්ගේ සත්‍යප්‍රඥප්තිය වේ ද යත්: යම් පමණෙකින් (සැකෙවින්) සතර සත්‍ය කෙනෙක් වෙත් ද, (විභාග විසින්) දුඃඛ සත්‍ය ය, සමුදය සත්‍ය ය, නිරෝධසත්‍ය ය, මාර්‍ගසත්‍ය යැ යි. මෙතෙකින් සත්‍යයන්ගේ සත්‍යප්‍රඥප්තිය වේ.
Pali BJTකිත්තාවතා ඉන්ද්රියානං ඉන්ද්රියපඤ්ඤත්ති: යාවතා බාවීසතින්ද්රියානි: චක්ඛුන්ද්රියං සොතින්ද්රියං ඝානින්ද්රියං ජිව්හින්ද්රියං කායින්ද්රියං මනින්ද්රියං ඉත්ථින්ද්රියං පුරිසින්ද්රියං ජීවිතින්ද්රියං සුඛින්ද්රියං දුක්ඛින්ද්රියං සොමනස්සින්ද්රියං දොමනස්සින්ද්රියං උපෙක්ඛින්ද්රියං සද්ධින්ද්රියං විරියින්ද්රියං සතින්ද්රියං සමාධින්ද්රියං පඤ්ඤින්ද්රියං අනඤ්ඤාතඤ්ඤාස්සාමීතින්ද්රියං අඤ්ඤින්ද්රියං අඤ්ඤාතාවින්ද්රියං. එත්තාවතා ඉන්ද්රියානං ඉන්ද්රියපඤ්ඤත්ති.
Sinhala BJTකෙතෙකින් ඉන්‍ද්‍රියයන්ගේ ඉන්‍ද්‍රියප්‍රඥප්තිය වේ ද යත්: යම්පමණෙකින් (සැකෙවින්) දෙවිසි ඉන්‍ද්‍රිය කෙනෙක් වෙත් ද, (විභාග විසින්) චක්‍ෂුරින්‍ද්‍රියය, ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය ය, ඝ්‍රාණේන්‍ද්‍රියය, ජිහ්වේන්‍ද්‍රිය ය, කායේන්‍ද්‍රිය ය, මනඉන්‍ද්‍රිය ය, ස්ත්‍රීන්‍ද්‍රිය ය, පුරුෂේන්‍ද්‍රිය ය, ජීවිතේන්‍ද්‍රිය ය, සුඛේන්‍ද්‍රිය ය, දුඃඛේන්‍ද්‍රියය, සෞමනස්‍යෙන්‍ද්‍රිය ය, දෞර්‍මනස්‍යෙන්‍ද්‍රිය ය, උපේක්‍ෂේන්‍ද්‍රිය ය, ශ්‍රද්ධේන්‍ද්‍රියය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය, ස්මෘතීන්‍ද්‍රියය, සමාධීන්‍ද්‍රිය ය, ප්‍රඥේන්‍ද්‍රිය ය, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ය, අඤ්ඤින්‍ද්‍රිය ය, අඤ්ඤාතාවින්‍ද්‍රිය ය යි. මෙතෙකින් ඉන්‍ද්‍රියයන්ගේ ඉන්‍ද්‍රිය ප්‍රඥප්තිය වේ.
Pali BJTකිත්තාවතා පුග්ගලානං පුග්ගලපඤ්ඤත්ති:
Sinhala BJTකොතෙකින් පුද්ගලයන්ගේ පුද්ගලප්‍රඥප්තිය වේ ද යත්:
Pali BJT1. සමයවිමුත්තො
Sinhala BJT1. සමයවිමුක්ත ය,
Pali BJT2. අසමයවිමුත්තො
Sinhala BJT2. අසමයවිමුක්ත ය,
Pali BJT3. කුප්පධම්මො
Sinhala BJT3. කෝප්‍යධර්‍ම ය,
Pali BJT4. අකුප්පධම්මො
Sinhala BJT4. අකෝප්‍යධර්‍ම ය,
Pali BJT5. පරිහානධම්මො
Sinhala BJT5. පරිහාණධර්‍ම ය,
Pali BJT6. අපරිහානධම්මො
Sinhala BJT6. අපරිහාණධර්‍ම ය,
Pali BJT7. චෙතනාභබ්බො
Sinhala BJT7. චේතනාභව්‍ය ය,
Pali BJT8. අනුරක්ඛනාභබ්බො
Sinhala BJT8. අනුරක්‍ෂණාභව්‍ය ය,
Pali BJT9. පුථුජ්ජනො
Sinhala BJT9. පෘථග්ජන ය,
Pali BJT10. ගොත්රභූ
Sinhala BJT10. ගෝත්‍රභූ ය,
Pali BJT11. භයූපරතො
Sinhala BJT11. භයොපරත ය,
Pali BJT12. අභයූපරතො
Sinhala BJT12. අභයෝපරත ය,
Pali BJT13. භබ්බාගමනො
Sinhala BJT13. භව්‍යාගමන ය,
Pali BJT14. අභබ්බාගමනො
Sinhala BJT14. අභව්‍යාගමන ය,
Pali BJT15. නියතො
Sinhala BJT15. නියත ය,
Pali BJT16. අනියතො
Sinhala BJT16. අනියත ය,
Pali BJT17. පටිපන්නකො
Sinhala BJT17. ප්‍රතිපන්නක ය,
Pali BJT18. ඵලෙඨීතො
Sinhala BJT18. ඵලස්ථිත ය,
Pali BJT19. සමසීසී
Sinhala BJT19. සමශීර්ෂී ය
Pali BJT20. ඨීතකප්පී
Sinhala BJT20. ස්ථිතිකල්පී ය,
Pali BJT21. අරියො
Sinhala BJT21. ආර්‍ය්‍ය ය.
Pali BJT22. අනරියො
Sinhala BJT22. අනාර්‍ය්‍ය ය,
Pali BJT23. සෙඛො{1}
Sinhala BJT23. ශෛක්‍ෂ ය,
Pali BJT24. අසෙඛො{2}
Sinhala BJT24. අශෛක්‍ෂ ය,
Pali BJT25. නෙවසෙඛො නාසෙඛො{3}
Sinhala BJT25. නෛවශෛක්‍ෂ නාශෛක්‍ෂ ය,
Pali BJT26. තෙවිජ්ජො
Sinhala BJT26. ත්‍රෛවිද්‍ය ය,
Pali BJT27. ඡළභිඤ්ඤො
Sinhala BJT27. ෂඩභිඥ ය,
Pali BJT28. සම්මාසම්බුද්ධො
Sinhala BJT28. සම්‍යසක්සම්බුද්ධ ය,
Pali BJT29. පච්චෙකබුද්ධො{4}
Sinhala BJT29. ප්‍රත්‍යෙකබුද්ධ ය,
Pali BJT30. උභතොභාගවිමුත්තො
Sinhala BJT30. උභතොභාගවිමුක්ත ය,
Pali BJT31. පඤ්ඤාවිමුත්තො
Sinhala BJT31. ප්‍රඥාවිමුක්ත ය,
Pali BJT32. කායසක්ඛී
Sinhala BJT32. කායසාක්‍ෂී ය,
Pali BJT33. දිට්ඨප්පත්තො
Sinhala BJT33. දෘෂ්ටප්‍රාප්ත ය,
Pali BJT34. සද්ධාවිමුත්තො
Sinhala BJT34. ශ්‍රද්ධාවිමුක්ත ය,
Pali BJT35. ධම්මානුසාරී
Sinhala BJT35. ධර්‍මානුසාරී ය,
Pali BJT36. සද්ධානුසාරී
Sinhala BJT36. ශ්‍රද්ධානුසාරී ය,
Pali BJT37. සත්තක්ඛත්තුපරමො
Sinhala BJT37. සප්තකෘත්වඃපරම ය,
Pali BJT38. කොලංකොලො
Sinhala BJT38. කොලංකොල ය,
Pali BJT39. එකබීජී
Sinhala BJT39. ඒකබීජී ය,
Pali BJT40. සකදාගාමී
Sinhala BJT40. සකෘදාගාමී ය,
Pali BJT41. අනාගාමී
Sinhala BJT41. අනාගාමී ය,
Pali BJT42. අන්තරාපරිනිබ්බායී
Sinhala BJT42. අන්තරාපරිනිර්‍වායි ය,
Pali BJT43. උපහච්චපරිනිබ්බායී
Sinhala BJT43. උපහත්‍යපරිනිර්‍වායි ය,
Pali BJT44. අසඞ්ඛාරපරිනිබ්බායී
Sinhala BJT44. අසංස්කාරපරිනිර්‍වායි ය,
Pali BJT45. සසඞ්ඛාරපරිනිබ්බායී
Sinhala BJT45. සසංස්කාරපරිනිර්‍වායි ය,
Pali BJT46. උද්ධංසොතො අකනිට්ඨගාමී
Sinhala BJT46. ඌර්ද්ධවංස්‍රෝත අකනිෂ්ටගාමී ය,
Pali BJT47. සොතාපන්නො, සොතාපත්තිඵල සච්ඡිකිරියාය පටිපන්නො
Sinhala BJT47. ශ්‍රෝතආපන්න යැ, ශ්‍රොතආපත්තිඵල සාක්‍ෂාත් කරනු පිණිස පිළිපන්නේ යැ,
Pali BJT48. සකදාගාමී, සකදාගාමීඵල සච්ඡිකිරියාය පටිපන්නො
Sinhala BJT48. සකෘදාගාමී යැ, සකෘදාගාමී ඵල සාක්‍ෂාත් කරනු පිණිස පිළිපන්නේ යැ,
Pali BJT49. අනාගාමී, අනාගාමිඵල සච්ඡිකිරියාය පටිපන්නො
Sinhala BJT49. අනාගාමී යැ, අනාගාමි ඵල සාක්‍ෂාත් කරනු පිණිස පිළිපන්නේ යැ,
Pali BJT50. අරහා, අරහත්තඵල සච්ඡිකිරියාය{1} පටිපන්නො
Sinhala BJT50. අර්‍හත් යැ, අර්‍හත්ත්‍වඵල සාක්‍ෂාත් කරනු පිණිස පිළිපන්නේ යැ, (යන මෙතෙකින් පුද්ගලයන්ගේ පුද්ගලප්‍රඥප්තිය වේ.)
Pali BJTඑකක මාතිකා නිට්ඨිතා
Sinhala BJTඒකක මාතෘකා නිමි.
Pali BJT2. දුක මාතිකා
Sinhala BJT2. ද්වික මාතෘකා
Pali BJT1. කොධනො ච උපනාහී ච
Sinhala BJT1. ක්‍රෝධ ඇත්තේ ද, බද්ධවෛර ඇත්තේ ද,
Pali BJT2. මක්ඛී ච පළාසී ච
Sinhala BJT2. ගුණමකු වූයේ ද, යුගග්‍රාහ (තමා අනුන් හා සම කිරීම) ඇත්තේ ද,
Pali BJT3. ඉස්සුකී ච මච්ඡරී ච
Sinhala BJT3. ඊර්‍ෂ්‍යා ඇත්තේ ද, මාත්සර්‍ය්‍ය (මසුරු බව) ඇත්තේ ද,
Pali BJT4. සඨො ච මායාවී ච
Sinhala BJT4. කෛරාටික වූයේ ද, මායා ඇත්තේ ද,
Pali BJT5. අහිරිකො ච අනොත්තප්පී ච
Sinhala BJT5. (පාපයෙහි) ලජ්ජා නැත්තේ ද, (උපවාදයෙහි) බිය නැත්තේ ද,
Pali BJT6. දුබ්බචො ච පාපමිත්තො ච
Sinhala BJT6. දුර්වචස්ක වූයේ ද, පාපමිත්‍රයන් ඇත්තේ ද,
Pali BJT7. ඉන්ද්රියෙසු අගුත්තද්වාරො ච භොජනෙ අමත්තඤ්ඤූ ච
Sinhala BJT7. ඉඳුරන්හි නො පියන ලද දොර ඇත්තේ ද,වැළැඳීමෙහි පමණ නො දන්නේ ද,
Pali BJT8. මුට්ඨස්සති ච අසම්පජානො ච
Sinhala BJT8. මුළා වූ සිහි ඇත්තේ ද, නුවණ නැත්තේ ද,
Pali BJT9. සීලවිපන්නො ච දිට්ඨිවිපන්නො ච
Sinhala BJT9. ශීලවිපත්තියට පැමිණියේ ද, දෘෂ්ටිවිපත්තියට පැමිණියේ ද,
Pali BJT10. අජ්ඣත්තසඤ්ඤොජනො ච බහිද්ධාසඤ්ඤොජනො ච
Sinhala BJT10. අධ්‍යාත්ම සංයෝජන ඇත්තේ ද, බාහ්‍ය සංයෝජන ඇත්තේ ද,
Pali BJT11. අක්කොධනො ච අනුපනාහී ච
Sinhala BJT11. ක්‍රෝධ නැත්තේ ද, බද්ධවෛර නැත්තේ ද,
Pali BJT12. අමක්ඛී ච අපලාසී ච
Sinhala BJT12. ගුණමකු නො වූයේ ද, යුගග්‍රාහ (තමා අනුන් හා සම කොට ගැනුම්) නැත්තේ ද,
Pali BJT13. අනිස්සුකී ච අමච්ඡරී ච
Sinhala BJT13. ඊර්‍ෂ්‍යා නැත්තේ ද, මාත්සර්‍ය්‍ය (මසුරුබව) නැත්තේ ද,
Pali BJT14. අසඨො ච අමායාවී ච
Sinhala BJT14. කෛරාටික නොවූයේ ද, මායා නැත්තේ ද,
Pali BJT15. හිරිමා ච ඔත්තප්පී ච
Sinhala BJT15. (පාපයෙහි) ලජ්ජා ඇත්තේ ද, (උපවාදයෙහි) බිය ඇත්තේ ද,
Pali BJT16. සුවචො ච කල්යාණමිත්තො ච
Sinhala BJT16. සුවච වූයේ ද, කල්‍යාණ මිත්‍රයන් ඇත්තේ ද,
Pali BJT17. ඉන්ද්රියෙසු ගුත්තද්වාරො ච භොජනෙ මත්තඤ්ඤූ ච
Sinhala BJT17. ඉන්‍ද්‍රියයන්හි පියන ලද දොරඇත්තේද, වැළැඳීමෙහි පමණ දන්නේ ද,
Pali BJT18. උපට්ඨිතසති ච සම්පජානො ච
Sinhala BJT18. එළඹ සිටි සිහි ඇත්තේ ද, නුවණ ඇත්තේ ද,
Pali BJT19. සීලසම්පන්නො ච දිට්ඨිසම්පන්නො ච
Sinhala BJT19. ශීල සම්පන්න වූයේ ද, දෘෂ්ටි සම්පන්න වූයේ ද, (වෙති.)
Pali BJT20. ද්වෙපුග්ගලා දුල්ලභා ලොකස්මිං
Sinhala BJT20. ලෝකයෙහි දුර්‍ලභ පුද්ගලයෝ දෙදෙනෙකි,
Pali BJT21. ද්වෙ පුග්ගලා දුතප්පයා
Sinhala BJT21. පිණවීමට දුෂ්කර පුද්ගලයෝ දෙදෙනෙකි,
Pali BJT22. ද්වෙ පුග්ගලා සුතප්පයා
Sinhala BJT22. පිණවීමට සුකර පුද්ගලයෝ දෙදෙනෙකි,
Pali BJT23. ද්වින්නං පුග්ගලානං ආසවා වඩ්ඪන්ති
Sinhala BJT23. පුද්ගලයන් දෙදෙනකුන්ගේ ආස්‍රවයෝ වැඩෙත්,
Pali BJT24. ද්වින්නං පුග්ගලානං ආසවා න වඩ්ඪන්ති
Sinhala BJT24. පුද්ගලයන් දෙදෙනකුන්ගේ ආස්‍රවයෝ නො වැඩෙත්,
Pali BJT25. හීනාධිමුත්තො ච පණීතාධිමුත්තො ච
Sinhala BJT25. හීනාධිමුක්ත වූයේ ද, ප්‍රණීතාධිමුක්ත වූයේ ද,
Pali BJT26. තිත්තො ච තප්පෙතා ච
Sinhala BJT26. තෘප්ත වූයේ ද, තෘප්තිකාරක වූයේ ද (යන මොහු ය.)
Pali BJTදුක මාතිකා නිට්ඨිතා
Sinhala BJTද්වික මාතෘකා නිමි.
Pali BJT3. තික මාතිකා
Sinhala BJT3. ත්‍රික මාතෘකා
Pali BJT1. නිරායො ආසංසො විගතාසො.
Sinhala BJT1. ප්‍රාර්‍ත්‍ථනා නැත්තේ යැ, ප්‍රාර්‍ත්‍ථනා ඇත්තේ යැ, පහ වූ ප්‍රාර්‍ත්‍ථනා ඇත්තේ යි,
Pali BJT2. තයො ගිලානූපමා පුග්ගලා.
Sinhala BJT2. ගිලනාට බඳු උපමා ඇති පුද්ගලයෝ තිදෙනෙකි.
Pali BJT3. කායසක්ඛී දිට්ඨිප්පත්තො සද්ධාවිමුත්තො.
Sinhala BJT3. කායසාක්‍ෂී යැ, දෘෂ්ටප්‍රාප්ත යැ, ශ්‍රද්ධාවිමුක්ත යැ.
Pali BJT4. ගූථභාණී පුප්ඵභාණී මධුභාණී.
Sinhala BJT4. ගුථයට බඳු වචන ඇත්තේ යැ, පුෂ්පයට බඳු වචන ඇත්තේ යැ, මී බඳු වචන ඇත්තේ යි.
Pali BJT5. අරුකූපම{1} චිත්තො පුග්ගලො විජ්ජූපමචිත්තො පුග්ගලො වජිරූපමචිත්තො පුග්ගලො.
Sinhala BJT5. පැරණි ව්‍රණයට බඳු සිත් ඇති පුද්ගල යැ, විදුලියට බඳු සිත් ඇති පුද්ගල යැ, වජ්‍රයට බඳු සිත් ඇති පුද්ගල යි.
Pali BJT6. අන්ධො එකචක්ඛු ද්විචක්ඛු.
Sinhala BJT6. අන්‍ධ යැ, එකැස් ඇතියේ යැ, දෑස් ඇතියේ යි.
Pali BJT7. අවකුජ්ජපඤ්ඤො පුග්ගලො උච්ඡඞ්ගපඤ්ඤො පුග්ගලො පුථුපඤ්ඤො පුග්ගලො.
Sinhala BJT7. යැටිකුරු වූ ප්‍රඥා ඇති පුද්ගල යැ, ඇකයෙහි ලූවක් බඳු ප්‍රඥා ඇති පුද්ගල යැ, පතළා වූ ප්‍රඥා ඇති පුද්ගල යි.
Pali BJT8. අත්ථෙකච්චො පුග්ගලො කාමෙසු ච භවෙසු ච අවීතරාගො, අත්ථෙකච්චො පුග්ගලො කාමෙසු වීතරාගො භවෙසු අවීතරාගො, අත්ථෙකච්චො පුග්ගලො කාමෙසු ච භවෙසු ච වීතරාගො.
Sinhala BJT8. (පඤ්ච) කාමයන්හි ද, (රූපාරූප) භවයන්හි ද නො පහ වූ රාග ඇති ඇතැම් පුද්ගලයෙක් ඇත, කාමයන්හි පහ වූ රාග ඇති භවයන්හි නො පහ වූ රාග ඇති ඇතැම් පුද්ගලයෙක් ඇත, කාමයන්හි ද භවයන්හි ද පහ වූ රාග ඇති ඇතැම් පුද්ගලයෙක් ඇති.