න හෙතුපච්චයා ආරම්මණෙ එකං, අනන්තරෙ එකං, (සංඛිත්තං) විගතෙ එකං, අවිගතෙ එකං, (එවං ගණෙතබ්බං.)
පච්චනීයානුලොමං.
පටිච්චවාරො.
(සහජාතවාරොපි පටිච්චවාර සදිසො)
පරිත්තං ධම්මං පච්චයා පරිත්තො ධම්මො උප්පජ්ජති හෙතු පච්චයා පරිත්තං එකං ඛන්ධං පච්චයා තයො ඛන්ධා චිත්තසමුට්ඨානඤ්ච රූපං, ද්වෙ ඛන්ධෙ, පටිසන්ධික්ඛණෙ ඛන්ධෙ පච්චයා වත්ථු, වත්ථුං පච්චයා ඛන්ධා, එකං මහාභූතං පච්චයා උපාදාරූපං. වත්ථුං පච්චයා පරිත්තා ඛන්ධා, පරිත්තං ධම්මං පච්චයා මහග්ගතො ධම්මො උප්පජ්ජති හෙතු පච්චයා, වත්ථුං පච්චයා මහග්ගතා ඛන්ධා, පටිසන්ධික්ඛණෙ වත්ථුං පච්චයා මහග්ගතා ඛන්ධා.
පරිත්තං ධම්මං පච්චයා අප්පමාණො ධම්මො උප්පජ්ජති හෙතු පච්චයා. වත්ථුං පච්චයා අප්පමාණා ඛන්ධා. පරිත්තං ධම්මං පච්චයා පරිත්තො ච අප්පමාණො ච ධම්මා උප්පජ්ජන්ති හෙතු පච්චයා. වත්ථු පච්චයා අප්පමාණා ඛන්ධා. මහාභූතෙ පච්චයා චිත්තසමුට්ඨානං රූපං. පරිත්තං ධම්මං පච්චයා පරිත්තො ච මහග්ගතො ච ධම්මා උප්පජ්ජන්ති හෙතු පච්චයා. වත්ථුං පච්චයා මහග්ගතා ඛන්ධා. මහාභූතෙ පච්චයා චිත්තසමුට්ඨානං රූපං. පටිසන්ධික්ඛණෙ වත්ථුං පච්චයා-.
මහග්ගතං ධම්මං පච්චයා මහග්ගතො ධම්මො උප්පජ්ජති හෙතු පච්චයා, මහග්ගතං එකං ඛන්ධං පච්චයා-. පටිසන්ධික්ඛණෙ මහග්ගතං එකං ඛන්ධං, මහග්ගතං ධම්මං පච්චයා පරිතෙතා ධම්මො උප්පජ්ජති හෙතු පච්චයා, මහග්ගතෙ ඛන්ධෙ පච්චයා චිත්තසමුට්ඨානං රූප, පටිසන්ධික්ඛණෙ, මහග්ගතං ධම්මං පච්චයා පරිත්තො ච මහග්ගතො ච
ධම්මා උප්පජ්ජන්ති හෙතුපච්චයා, මහග්ගතං එකං ඛන්ධං පච්චයා තයො ඛන්ධා චිත්තසමුට්ඨානඤ්ච රූපං, ද්වෙ ඛන්ධෙ, පටිසන්ධික්ඛණෙ මහග්ගතං එකං ඛන්ධං-.
අප්පමාණං ධම්මං පච්චයා අප්පමාණො ධම්මො උප්පජ්ජති හෙතු පච්චයා, අප්පමාණෙ තීණි, පරිත්තඤ්ච අප්පමාණඤ්ච ධම්මං, පරිත්තො ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා. අප්පමාණෙ ඛන්ධෙ ච මහාභූතෙ ච පච්චයා චිත්තසමුට්ඨානං රූපං, පරිත්තඤ්ච අප්පමාණඤ්ච ධම්මං, අප්පමාණො ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා. අප්පමාණං එකං ඛන්ධඤ්ච වත්ථුඤ්ච පච්චයා තයො ඛන්ධා, පරිත්තඤ්ච අප්පමාණඤ්ච ධම්මං, පරිත්තො ච අප්පමාණො ච ධම්මා උප්පජ්ජන්ති හෙතුපච්චයා. අප්පමාණං එකං ඛන්ධඤ්ච වත්ථුඤ්ච පච්චයා තයො ඛන්ධා, ද්වෙ ඛන්ධෙ, අප්පමාණෙ ඛන්ධෙ ච මහාභූතෙ ච පච්චයා චිත්තසමුට්ඨානං රූපං, පරිත්තඤ්ච මහග්ගතඤ්ච ධම්මං, පරිත්තො ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා. තීණි, පටිසන්ධික්ඛණෙ තීණි පි කාතබ්බා.
පරිත්තං ධම්මං පච්චයා පරිත්තො ධම්මො උප්පජ්ජති ආරම්මණ පච්චයා. පරිත්තං එකං ඛන්ධං පච්චයා තයො ඛන්ධා, ද්වෙ ඛන්ධෙ, පටිසන්ධික්ඛණෙ වත්ථුං පච්චයා ඛන්ධා, චක්ඛායතනං පච්චයා චක්ඛුවිඤ්ඤාණං, කායායතනං පච්චයා-. වත්ථුං පච්චයා පරිත්තා ඛන්ධා, (අවසෙසා ඡ පඤ්හා, හෙතුපච්චයා සදිසා, සත්ත කාතබ්බා,) අධිපතිපච්චයා, පටිසන්ධි නත්ථි, සත්තරස පඤ්හා පරිපුණ්ණා, අනන්තරපච්චයා, (සංඛිත්තං,) අවිගතපච්චයා.
හෙතුයා සත්තරස, ආරම්මණෙ සත්ත, අධිපතියා සත්තරස, අනන්තරෙ සත්ත, සමනන්තරෙ සත්ත, සහජාතෙ සත්තරස, අඤ්ඤමඤ්ඤෙ නව, නිස්සයෙ සත්තරස, උපනිස්සයෙ සත්ත, පුරෙජාතෙ සත්ත, ආසෙවනෙ සත්ත, කම්මෙ සත්තරස, විපාකෙ සත්තරස, ආහාරෙ සත්තරස, ඉන්ද්රියෙ, ඣානෙ, මග්ගෙ සත්තරස, සම්පයුත්තෙ සත්ත, විප්පයුත්තෙ සත්තරස, අත්ථියා සත්තරස, නත්ථියා සත්ත, විගතෙ සත්ත, අවිගතෙ සත්තරස, (එවං ගණෙතබ්බං.)
අනුලොමං.
පරිත්තං ධම්මං පච්චයා පරිත්තො ධම්මො උප්පජ්ජති න හෙතු පච්චයා. අහෙතුකං පරිත්තං එකං ඛන්ධං පච්චයා තයො ඛන්ධා චිත්තසමුට්ඨානඤ්ච රූපං, ද්වෙ ඛන්ධෙ, අහෙතුකං පටිසන්ධික්ඛණෙ ඛන්ධෙ පච්චයා වත්ථු, වත්ථුං පච්චයා ඛන්ධා, එකං මහාභූතං, (සංඛිත්තං.) අසඤ්ඤසත්තානං, චක්ඛායතනං පච්චයා චක්ඛුවිඤ්ඤාණං
කායායතනං, වත්ථුං පච්චයා අහෙතුකා පරිත්තා ඛන්ධා, විචිකිච්ඡාසහගතෙ උද්ධච්චසහගතෙ ඛන්ධෙ ච වත්ථුඤ්ච පච්චයා විචිකිච්ඡාසහගතො උද්ධච්චසහගතො මොහො, පරිත්තං ධම්මං පච්චයා පරිත්තො ධම්මො උප්පජ්ජති න ආරම්මණපච්චයා, (පටිච්චවාර සදිසං,) පඤ්ච.
පරිත්තං ධම්මං පච්චයා පරිත්තො ධම්මො උප්පජ්ජති න අධිපතිපච්චයා, පරිත්තං එකං ඛන්ධං පච්චයා තයො ඛන්ධා, චිත්තසමුට්ඨානඤ්ච රූපං, ද්වෙ ඛන්ධෙ, පටිසන්ධික්ඛණෙ අසඤ්ඤසත්තානං, චක්ඛායතනං, කායායතනං, වත්ථුං පච්චයා පරිත්තා ඛන්ධා.
පරිත්තං ධම්මං පච්චයා මහග්ගතො ධම්මො උප්පජ්ජති න අධිපතිපච්චයා. වත්ථුං පච්චයා මහග්ගතාධිපති. වත්ථුං පච්චයා විපාකා මහග්ගතා ඛන්ධා, පටිසන්ධික්ඛණෙ වත්ථුං පච්චයා මහග්ගතා ඛන්ධා.
පරිත්තං ධම්මං පච්චයා අප්පමාණො ධම්මො උප්පජ්ජති න අධිපතිපච්චයා, වත්ථුං පච්චයා අප්පමාණාධිපති, පරිත්තං ධම්මං, පරිත්තො ච මහග්ගතො ච ධම්මා, න අධිපතිපච්චයා, වත්ථුං පච්චයා විපාකා මහග්ගතා ඛන්ධා, මහාභූතෙ පච්චයා චිත්තසමුට්ඨානං රූපං, පටිසන්ධික්ඛණෙ.
මහග්ගතං ධම්මං පච්චයා මහග්ගතො ධම්මො, න අධිපතිපච්චයා, මහග්ගතෙ ඛන්ධෙ පච්චයා මහග්ගතාධිපති, විපාකං මහග්ගතං එකං ඛන්ධං පච්චයා තයො ඛන්ධා, ද්වෙ ඛන්ධෙ, පටිසන්ධික්ඛණෙ.
මහග්ගතං ධම්මං පච්චයා පරිත්තො ධම්මො උප්පජ්ජති න අධිපතිපච්චයා. විපාකෙ මහග්ගතෙ ඛන්ධෙ පච්චයා චිත්තසමුට්ඨානං රූපං, පටිසන්ධික්ඛණෙ මහග්ගතං ධම්මං, පරිත්තො ච මහග්ගතො ච ධම්මා උප්පජ්ජන්ති න අධිපතිපච්චයා. විපාකං මහග්ගතං එකං ඛන්ධං පච්චයා තයො ඛන්ධා, චිත්තසමුට්ඨානඤ්ච රූපං. ද්වෙ ඛන්ධෙ, පටිසන්ධික්ඛණෙ, අප්පමාණං ධම්මං, අප්පමාණො ධම්මො උප්පජ්ජති න අධිපතිපච්චයා, අප්පමාණෙ ඛන්ධෙ පච්චයා අප්පමාණාධිපති, පරිත්තඤ්ච අප්පමාණඤ්ච ධම්මං, අප්පමාණො ධම්මො උප්පජ්ජති න අධිපතිපච්චයා. අප්පමාණෙ ඛන්ධෙ ච වත්ථුඤ්ච පච්චයා අප්පමාණාධිපති.
පරිත්තඤ්ච මහග්ගතඤ්ච ධම්මං පච්චයා පරිත්තො ධම්මො උප්පජ්ජති න අධිපතිපච්චයා, විපාකෙ මහග්ගතෙ ඛන්ධෙ ච මහාභූතෙ ච පච්චයා චිත්තසමුට්ඨානං රූපං. පටිසන්ධික්ඛණෙ, පරිත්තඤ්ච මහග්ගතඤ්ච ධම්මං-. මහග්ගතො ධම්මො-. න අධිපතිපච්චයා. මහග්ගතෙ ඛන්ධෙ ච වත්ථුඤ්ච පච්චයා මහග්ගතාධිපති, විපාකං මහග්ගතං එකං
ඛන්ධඤ්ච වත්ථුඤ්ච පච්චයා තයො ඛන්ධා, ද්වෙ ඛන්ධෙ, පටිසන්ධික්ඛණෙ, පරිත්තඤ්ච මහග්ගතඤ්ච ධම්මං, පරිත්තො ච මහග්ගතො ච ධම්මා, න අධිපතිපච්චයා. විපාකං මහග්ගතං එකං ඛන්ධඤ්ච වත්ථුඤ්ච පච්චයා තයො ඛන්ධා, ද්වෙ ඛන්ධෙ විපාකෙ මහග්ගතෙ ඛන්ධෙ ච මහාභූතෙ ච පච්චයා චිත්තසමුට්ඨානං රූපං, පටිසන්ධික්ඛණෙ මහග්ගතෙ ඛන්ධෙ පච්චයා.
පරිත්තං ධම්මං පච්චයා පරිත්තො ධම්මො උප්පජ්ජති න අනන්තර පච්චයා, න සමනන්තරපච්චයා, න අඤ්ඤමඤ්ඤ, න උපනිස්සය, න පුරෙජාතපච්චයා, (පටිච්චවාර සදිසා,) ද්වාදස පඤ්හා, න පච්ඡාජාත පච්චයා, න ආසෙවනපච්චයා, පරිපුණ්ණං, (විපාකොති නිද්දිසිතබ්බං, චිත්තසමුට්ඨානං රූපං විපාකොති න කාතබ්බං,) න කම්මපච්චයා, න විපාකපච්චයා, පටිසන්ධි විපාකො’පි නත්ථි, න ආහාරපච්චයා, න ඉන්ද්රිය, න ඣාන, න මග්ග, න සම්පයුත්ත, න විප්පයුත්ත, නො නත්ථි, නො විගත පච්චයා.
න හෙතුයා එකං, න ආරම්මණෙ පඤ්ච, න අධිපතියා ද්වාදස, න අනන්තරෙ පඤ්ච, න සමනන්තරෙ, න අඤ්ඤමඤ්ඤෙ, න උපනිස්සයෙ, න පුරෙජාතෙ ද්වාදස, න පච්ඡාජාතෙ සත්තරස, න ආසෙවනෙ සත්තරස, න කම්මෙ සත්ත, න විපාකෙ සත්තරස, න ආහාරෙ, න ඉන්ද්රියෙ, න ඣානෙ, න මග්ගෙ එකං, න සම්පයුත්තෙ පඤ්ච, න විප්පයුත්තෙ තීණි, නො නත්ථියා පඤ්ච, නො විගතෙ පඤ්ච, එවං (ගණෙතබ්බං.)
පච්චනීයං.
හෙතුපච්චයා න ආරම්මණෙ පඤ්ච, න අධිපතියා ද්වාදස, න අනන්තරෙ පඤ්ච, න සමනන්තරෙ පඤ්ච, න අඤ්ඤමඤ්ඤෙ පඤ්ච, න උපනිස්සයෙ පඤ්ච, න පුරෙජාතෙ ද්වාදස, න පච්ඡාජාතෙ සත්තරස, න ආසෙවනෙ සත්තරස, න කම්මෙ සත්ත, න විපාකෙ සත්තරස, න සම්පයුත්තෙ පඤ්ච, න විප්පයුත්තෙ තීණි, නො නත්ථියා පඤ්ච, නො විගතෙ පඤ්ච, (එවං ගණෙතබ්බං.)
අනුලොමපච්චනීයං.
න හෙතුපච්චයා ආරම්මණෙ එකං, අනන්තරෙ, සමනන්තරෙ, සහජාතෙ, විගතෙ, අවිගතෙ එකං, (එවං ගණෙතබ්බං.)
පච්චනීයානුලොමං.
(නිස්සයවාරො පච්චයවාරසදිසො.)
සංසට්ඨවාරො.
පරිත්තං ධම්මං සංසට්ඨො පරිත්තො ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා, පරිත්තං එකං ඛන්ධං සංසට්ඨා තයො ඛන්ධා, ද්වෙ ඛන්ධෙ, පටිසන්ධික්ඛණෙ, මහග්ගතං ධම්මං සංසට්ඨො මහග්ගතො ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා, මහග්ගතං එකං ඛන්ධං සංසට්ඨා තයො ඛන්ධා, ද්වෙ ඛන්ධෙ, පටිසන්ධික්ඛණෙ, අප්පමාණං ධම්මං සංසට්ඨො අප්පමාණො ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා, අප්පමාණං එකං ඛන්ධං සංසට්ඨා තයො ඛන්ධා, ද්වෙ ඛන්ධෙ.
පරිත්තං ධම්මං සංසට්ඨො පරිත්තො ධම්මො උප්පජ්ජති ආරම්මණ පච්චයා, අධිපතිපච්චයා, පටිසන්ධි නත්ථි, අනන්තරපච්චයා, සමනන්තර පච්චයා, සහජාතපච්චයා, අඤ්ඤමඤ්ඤ, නිස්සය, උපනිස්සය පච්චයා, පුරෙජාතපච්චයා, පටිසන්ධි නත්ථි, ආසෙවන පච්චයා, විපාකො’පි පටිසන්ධි’පි නත්ථි, කම්ම පච්චයා, විපාක, ආහාර, ඉන්ද්රිය, ඣාන, මග්ග, සම්පයුත්ත, විප්පයුත්ත, අත්ථි, නත්ථි, විගත, අවිගතපච්චයා.
හෙතුයා තීණි, ආරම්මණෙ තීණි, අධිපතියා තීණි, (සංඛිත්තං,) අවිගතෙ තීණි, (එවං ගණෙතබ්බං.)
අනුලොමං.
පරිත්තං ධම්මං සංසට්ඨො පරිත්තො ධම්මො උප්පජ්ජති න හෙතුපච්චයා, අහෙතුකං පරිත්තං එකං ඛන්ධං සංසට්ඨා තයො ඛන්ධා, ද්වෙ ඛන්ධෙ, අහෙතුක පටිසන්ධික්ඛණෙ විචිකිච්ඡාසහගතෙ උද්ධච්චසහගතෙ ඛන්ධෙ සංසට්ඨො විචිකිච්ඡාසහගතො උද්ධච්චසහගතො මොහො.
පරිත්තං ධම්මං සංසට්ඨො පරිත්තො ධම්මො උප්පජ්ජති න අධිපතිපච්චයා, පරිත්තං එකං ඛන්ධං සංසට්ඨා තයො ඛන්ධා, ද්වෙ ඛන්ධෙ, පටිසන්ධික්ඛණෙ, මහග්ගතං ධම්මං සංසට්ඨො මහග්ගතො ධම්මො උප්පජ්ජති න අධිපතිපච්චයා, මහග්ගතෙ ඛන්ධෙ සංසට්ඨා මහග්ගතා-. අධිපති, විපාකං මහග්ගතං එකං ඛන්ධං සංසට්ඨා, පටිසන්ධික්ඛණෙ.
අප්පමාණං-. සංසට්ඨො අප්පමාණො ධම්මො උප්පජ්ජති න අධිපති පච්චයා, අප්පමාණෙ ඛන්ධෙ සංසට්ඨා අප්පමාණා අධිපති.
පරිත්තං ධම්මං සංසට්ඨො පරිත්තො ධම්මො උප්පජ්ජති න පුරෙජාතපච්චයා. අරූපෙ පරිත්තං එකං ඛන්ධං සංසට්ඨා-. පටිසන්ධික්ඛණෙ. මහග්ගතං ධම්මං සංසට්ඨො මහග්ගතො ධම්මො උප්පජ්ජති
න පුරෙජාතපච්චයා. අරූපෙ මහග්ගතං එකං ඛන්ධං සංසට්ඨා තයො ඛන්ධා, පටිසන්ධික්ඛණෙ. අප්පමාණං ධම්මං-. අප්පමාණො ධම්මො උප්පජ්ජති න පුරෙජාතපච්චයා. අරූපෙ අප්පමාණං එකං ඛන්ධං සංසට්ඨා තයො ඛන්ධා.
පරිත්තං ධම්මං සංසට්ඨො පරිත්තො ධම්මො උප්පජ්ජති න පච්ඡාජාතපච්චයා. න ආසෙවනපච්චයා, පරිත්තං එකං ඛන්ධං සංසට්ඨා තයො ඛන්ධා, පටිසන්ධික්ඛණෙ.
මහග්ගතං ධම්මං සංසට්ඨො මහග්ගතො ධම්මො උප්පජ්ජති න ආසෙවනපච්චයා. විපාකං මහග්ගතං එකං ඛන්ධං සංසට්ඨා, පටිසන්ධික්ඛණෙ. අප්පමාණං ධම්මං සංසට්ඨො අප්පමාණො ධම්මො උප්පජ්ජති න ආසෙවනපච්චයා. විපාකං අප්පමාණං එකං ඛන්ධං සංසට්ඨා. පරිත්තං ධම්මං සංසට්ඨො පරිත්තො ධම්මො උප්පජ්ජති න කම්මපච්චයා පරිත්තෙ ඛන්ධෙ සංසට්ඨා පරිත්තා චෙතනා. මහග්ගතං ධම්මං, මහග්ගතො ධම්මො උප්පජ්ජති න කම්මපච්චයා මහග්ගතෙ ඛන්ධෙ සංසට්ඨා මහග්ගතා චෙතනා. අප්පමාණං ධම්මං සංසට්ඨො අප්පමාණො ධම්මො උප්පජ්ජති න කම්මපච්චයා. අප්පමාණෙ ඛන්ධෙ සංසට්ඨා අප්පමාණා චෙතනා.
පරිත්තං ධම්මං සංසට්ඨො පරිත්තො ධම්මො උප්පජ්ජති න විපාකපච්චයා. පරිත්තං එකං ඛන්ධං සංසට්ඨා තයො ඛන්ධා. මහග්ගතං ධම්මං-. මහග්ගතො ධම්මො උප්පජ්ජති න විපාකපච්චයා. මහග්ගතං එකං ඛන්ධං සංසට්ඨා තයො ඛන්ධා. අප්පමාණං ධම්මං, අප්පමාණො ධම්මො උප්පජ්ජති න විපාකපච්චයා. අප්පමාණං එකං ඛන්ධං සංසට්ඨා තයො ඛන්ධා.
පරිත්තං ධම්මං සංසට්ඨො පරිත්තො ධම්මො උප්පජ්ජති න ඣානපච්චයා, න මග්ගපච්චයා, න විප්පයුත්තපච්චයා, අරූපෙ පරිත්තං එකං, ඛන්ධං, මහග්ගතං ධම්මං සංසට්ඨො මහග්ගතො ධම්මො උප්පජ්ජති න විප්පයුත්තපච්චයා. අරූපෙ මහග්ගතං එකං ඛන්ධං, අප්පමාණං ධම්මං සංසට්ඨො අප්පමාණො ධම්මො උප්පජ්ජති න විප්පයුත්තපච්චයා. අරූපෙ අප්පමාණං එකං ඛන්ධං.
න හෙතුයා එකං, න අධිපතියා තීණි, න පුරෙජාතෙ තීණි, න පච්ඡාජාතෙ තීණි, න ආසෙවනෙ තීණි, න කම්මෙ තීණි, න විපාකෙ තීණි, න ඣානෙ එකං, න මග්ගෙ එකං, න විප්පයුත්තෙ තීණි, (එවං ගණෙතබ්බං.)
පච්චනීයං.
හෙතුපච්චයා න අධිපතියා තීණි, න පුරෙජාතෙ, න පච්ඡාජාතෙ, න ආසෙවනෙ, න කම්මෙ, න විපාකෙ, න විප්පයුත්තෙ තීණි. (එවං ගණෙතබ්බං.)
අනුලොමපච්චනීයං.
න හෙතුපච්චයා ආරම්මණෙ එකං, අනන්තරෙ එකං, (සංඛිත්තං.) අවිගතෙ එකං, (එවං ගණෙතබ්බං.)
පච්චනීයානුලොමං.
(සම්පයුත්තවාරො සංසට්ඨවාරසදිසො.)
පරිත්තො ධම්මො පරිත්තස්ස ධම්මස්ස හෙතුපච්චයෙන පච්චයො. පරිත්තා හෙතු සම්පයුත්තකානං ඛන්ධානං චිත්තසමුට්ඨානානඤ්ච රූපානං හෙතුපච්චයෙන පච්චයො. පටිසන්ධික්ඛණෙ මහග්ගතො ධම්මො මහග්ගතස්ස ධම්මස්ස හෙතුපච්ච-. තීණි. (පවත්ති පටිසන්ධිකාතබ්බා.)
අප්පමාණො ධම්මො අප්පමාණස්ස ධම්මස්ස හෙතුපච්ච-. තීණි. පරිත්තො ධම්මො පරිත්තස්ස ධම්මස්ස ආරම්මණපච්ච-. දානං දත්වා සීලං සමාදියිත්වා උපොසථකම්මං කත්වා තං පච්චවෙක්ඛති. පුබ්බෙ සුචිණ්ණානි පච්චවෙක්ඛති. අරියා ගොත්රභුං පච්චවෙක්ඛන්ති. වොදානං පච්චවෙක්ඛන්ති. පහීනෙ කිලෙසෙ පච්චවෙක්ඛන්ති. වික්ඛම්හිතෙ කිලෙසෙ පච්චවෙක්ඛන්ති. පුබ්බෙ සමුදාචිණ්ණෙ කිලෙසෙ ජානන්ති. චක්ඛුං, වත්ථුං පරිත්තෙ ඛන්ධෙ අනිච්චතො විපස්සන්ති, අස්සාදෙන්ති, අභිනන්දන්ති. තං ආරබ්භ රාගො උප්පජ්ජති. දොමනස්සං උප්පජ්ජති. රූපායතනං චක්ඛු -පෙ- ඵොට්ඨබ්බායතනං කායවිඤ්ඤාණස්ස ආරම්මණ පච්ච-.
පරිත්තො ධම්මො මහග්ගතස්ස ධම්මස්ස ආරම්මණපච්ච-. දිබ්බෙන චක්ඛුනා රූපං පස්සති. දිබ්බාය සොත ධාතුයා සද්දං, චෙතොපරියඤාණෙන පරිත්ත චිත්තසමඞ්ගිස්ස චිත්තං ජානාති. පරිත්තා ඛන්ධා ඉද්ධිවිධඤාණස්ස, චෙතොපරියඤාණස්ස, පුබ්බෙනිවාසා, යථාකම්මූඅනාගතංසඤාණස්ස ආරම්මණපච්ච-.
මහග්ගතො ධම්මො මහග්ගතස්ස ධම්මස්ස ආරම්මණපච්ච-. ආකාසානඤ්චායතනං විඤ්ඤාණඤ්චායතනස්ස, ආකිඤ්චඤ්ඤායතනං නෙවසඤ්ඤානාසඤ්ඤායතනස්ස ආරම්මණපච්ච-. චෙතොපරියඤාණෙන මහග්ගත චිත්තසමඞ්ගිස්ස චිත්තං ජානාති, මහග්ගතා ඛන්ධා ඉද්ධිවිධඤාණස්ස, චෙතොපරිය-. පුබ්බෙනිවාසා-. යථාකම්මූ-. අනාගතංසඤාණස්ස ආරම්මණපච්ච-.
මහග්ගතො ධම්මො පරිත්තස්ස ධම්මස්ස ආරම්මණපච්ච-. පඨමං ඣානං පච්චවෙක්ඛති. නෙවසඤ්ඤානාසඤ්ඤායතනං පච්චවෙක්ඛති. දිබ්බං චක්ඛුං පච්චවෙක්ඛති. දිබ්බං සොතධාතුං, ඉද්ධිවිධඤාණං පච්චවෙක්ඛති. චෙතොපරියඤාණං, පුබ්බෙනිවාසා-. යථාකම්මූ-. අනාගතංස ඤාණං පච්චවෙක්ඛති. මහග්ගතෙ ඛන්ධෙ අනිච්චතො විපස්සති. අස්සාදෙති, අභිනන්දති, තං ආරබ්භ රාගො උප්පජ්ජති. දොමනස්සං උප්පජ්ජති.
අප්පමාණො ධම්මො අප්පමාණස්ස ධම්මස්ස ආරම්මණපච්ච-. නිබ්බානං මග්ගස්ස, ඵලස්ස ආරම්මණපච්ච-. අප්පමාණො ධම්මො පරිත්තස්ස ධම්මස්ස, ආරම්මණපච්ච-. අරියා මග්ගා වුට්ඨහිත්වා මග්ගං පච්චවෙක්ඛන්ති. ඵලං පච්චවෙක්ඛන්ති. නිබ්බානං පච්චවෙක්ඛන්ති. නිබ්බානං ගොත්රභුස්ස, වොදානස්ස, ආවජ්ජනාය ආරම්මණපච්ච-. අප්පමාණො ධම්මො මහග්ගතස්ස ධම්මස්ස ආරම්මණපච්ච-. අරියා චෙතොපරියඤාණෙන අප්පමාණ චිත්තසමඞ්ගිස්ස චිත්තං ජානන්ති. අප්පමාණා ඛන්ධා චෙතොපරියඤාණස්ස, පුබ්බෙනිවාසා, අනාගතංසඤාණස්ස ආරම්මණපච්ච-.
පරිත්තො ධම්මො පරිත්තස්ස ධම්මස්ස අධිපතිපච්ච-. ආරම්මණාධිපති, සහජාතාධිපති, -පෙ- ආරම්මණාධිපති, දානං දත්වා සීලං සමාදියිත්වා උපොසථකම්මං කත්වා, තං ගරුං කත්වා පච්චවෙක්ඛති. පුබ්බෙ සුචිණ්ණානි ගරුං කත්වා පච්චවෙක්ඛති. සෙඛා ගොත්රභුං ගරුං කත්වා වොදානං ගරුං කත්වා පච්චවෙක්ඛන්ති. චක්ඛුං වත්ථුං, පරිත්තෙ ඛන්ධෙ ගරුං කත්වා අස්සාදෙන්ති, අභිනන්දන්ති තං ගරුං කත්වා රාගො උප්පජ්ජති. දිට්ඨි උප්පජ්ජති සහජාතාධිපති පරිත්තාධිපති, සම්පයුත්තකානං ඛන්ධානං චිත්තසමුට්ඨානානඤ්ච රූපානං අධිපතිපච්ච-. මහග්ගතො ධම්මො මහග්ගතස්ස ධම්මස්ස අධිපතිපච්ච-. සහජාතාධිපති මහග්ගතාධිපති සම්පයුත්තකානං ඛන්ධානං අධිපතිපච්ච-.
මහග්ගතො ධම්මො පරිත්තස්ස ධම්මස්ස අධිපතිපච්ච-. ආරම්මණාධිපති, සහජාතාධිපති. ආරම්මණාධිපති: පඨමං ඣානං ගරුං කත්වා, නෙවසඤ්ඤානාසඤ්ඤායතනං දිබ්බං චක්ඛුං අනාගතංසඤාණං ගරුං කත්වා පච්චවෙක්ඛති. මහග්ගතෙ ඛන්ධෙ ගරුං කත්වා අස්සාදෙති, අභිනන්දති. තං ගරුං කත්වා රාගො උප්පජ්ජති. දිට්ඨි උප්පජ්ජති. සහජාතාධිපති මහග්ගතාධිපති චිත්තසමුට්ඨානානං රූපානං අධිපතිපච්ච-.
මහග්ගතො ධම්මො පරිත්තස්ස ච මහග්ගතස්ස ච ධම්මස්ස අධිපතිපච්ච-. සහජාතාධිපති, මහග්ගතාධිපති සම්පයුත්තකානං ඛන්ධානං චිත්තසමුට්ඨානානඤ්ච රූපානං අධිපතිපච්ච-.
අප්පමාණො ධම්මො අප්පමාණස්ස ධම්මස්ස අධිපතිපච්ච-. ආරම්මණාධිපති, සහජාතාධිපති, -පෙ- ආරම්මණාධිපති, නිබ්බානං මග්ගස්ස, ඵලස්ස අධිපතිපච්ච. සහජාතාධිපති අප්පමාණාධිපති සම්පයුත්තකානං ඛන්ධානං අධිපතිපච්ච-.
අප්පමාණො ධම්මො පරිත්තස්ස ධම්මස්ස අධිපතිපච්ච-. ආරම්මණාධිපති සහජාතාධිපති, ආරම්මණාධිපති: අරියා මග්ගා වුට්ඨහිත්වා මග්ගං ගරුං කත්වා පච්චවෙක්ඛන්ති. ඵලං ගරුං කත්වා, නිබ්බානං ගරුං කත්වා-. නිබ්බානං ගොත්රභුස්ස, වොදානස්ස අධිපතිපච්ච-. සහජාතාධිපති, අප්පමාණාධිපති චිත්තසමුට්ඨානානං රූපානං අධිපතිපච්ච-.
අප්පමාණො ධම්මො පරිත්තස්ස ච අප්පමාණස්ස ච ධම්මස්ස අධිපතිපච්ච-. සහජාතාධිපති, අප්පමාණාධිපති සම්පයුත්තකානං ඛන්ධානං චිත්තසමුට්ඨානානඤ්ච රූපානං අධිපතිපච්ච-.
පරිත්තො ධම්මො පරිත්තස්ස-. අනන්තරපච්ච-. පුරිමා පුරිමා පරිත්තා ඛන්ධා පච්ඡිමානං පච්ඡිමානං ඛන්ධානං අනන්තරපච්ච-. අනුලොමං ගොත්රභුස්ස, අනුලොමං වොදානස්ස ආවජ්ජනාය පරිත්තානං ඛන්ධානං අනන්තරපච්ච-.
පරිත්තො ධම්මො මහග්ගතස්ස-. අනන්තරපච්ච-. පරිත්තං චුති චිත්තං මහග්ගතස්ස උපපත්ති චිත්තස්ස අනන්තරපච්ච-. පරිත්තා ඛන්ධා මහග්ගතස්ස-. වුට්ඨානස්ස, අනාගතංසඤාණස්ස අනන්තරපච්ච-. පඨමස්ස ඣානස්ස පරිකම්මං, නෙවසඤ්ඤානාසඤ්ඤායතනස්ස පරිකම්මං, දිබ්බස්ස චක්ඛුස්ස පරිකම්මං, අනාගතංසඤාණස්ස පරිකම්මං, අනාගතංසඤාණස්ස අනන්තරපච්ච-.
පරිත්තො ධම්මො අප්පමාණස්ස ධම්මස්ස අනන්තරපච්ච-. ගොත්රභුමග්ගස්ස, වොදානං මග්ගස්ස, අනුලොමං ඵලසමාපත්තියා අනන්තර පච්ච-.
මහග්ගතො ධම්මො මහග්ගතස්ස ධම්මස්ස අනන්තරපච්ච-. පුරිමා පුරිමා මහග්ගතා ඛන්ධා පච්ඡිමානං පච්ඡිමානං මහග්ගතානං ඛන්ධානං අනන්තරපච්ච-.
මහග්ගතො ධම්මො පරිත්තස්ස ධම්මස්ස අනන්තරපච්ච-. මහග්ගතං චුතිචිත්තං පරිත්තස්ස උපපත්තිචිත්තස්ස අනන්තරපච්ච-. මහග්ගතං භවඞ්ගං ආවජ්ජනාය අනන්තරපච්ච-. මහග්ගතා ඛන්ධා පරිත්තස්ස වුට්ඨානස්ස අනන්තරපච්ච-.
මහග්ගතො ධම්මො අප්පමාණස්ස ධම්මස්ස අනන්තරපච්ච-. නෙවසඤ්ඤානාසඤ්ඤායතනං නිරොධා වුට්ඨහන්තස්ස ඵලසමාපත්තියා අනන්තරපච්ච-. අප්පමාණො ධම්මො අප්පමාණස්ස ධම්මස්ස අනන්තර පච්ච-. පුරිමා පුරිමා අප්පමාණා ඛන්ධා පච්ඡිමානං පච්ඡිමානං-. අනන්තර පච්ච-. මග්ගො ඵලස්ස, ඵලං ඵලස්ස අනන්තරපච්ච.
අප්පමාණො ධම්මො පරිත්තස්ස ධම්මස්ස අනන්තරපච්ච-. ඵල පරිත්තස්ස වුට්ඨානස්ස අනන්තරපච්ච-. අප්පමාණො ධම්මො මහග්ගතස්ස ධම්මස්ස අනන්තරපච්ච-. ඵලං මහග්ගතස්ස වුට්ඨානස්ස අනන්තර පච්ච-.
(සමනන්තර පච්චයං අනන්තරපච්චයසදිසං.)
පරිත්තො ධම්මො පරිත්තස්ස ධම්මස්ස සහජාතපච්ච-. පරිත්තො එකො ඛන්ධො තිණ්ණන්නං ඛන්ධානං චිත්තසමුට්ඨානානඤ්ච රූපානං සහජාතපච්ච-. ද්වෙ ඛන්ධා, පටිසන්ධික්ඛණෙ ඛන්ධා වත්ථුස්ස, වත්ථුඛන්ධානං සහජාතපච්ච-. එකං මහාභූතං, (සංඛිත්තං.) අසඤ්ඤසත්තානං පරිත්තො ධම්මො මහග්ගතස්ස ධම්මස්ස, පටිසන්ධික්ඛණෙ වත්ථු මහග්ගතානං ඛන්ධානං සහජාතපච්ච-.
මහග්ගතො ධම්මො මහග්ගතස්ස ධම්මස්ස, මහග්ගතො එකො ඛන්ධො තිණ්ණන්නං ඛන්ධානං, ද්වෙ ඛන්ධා, පටිසන්ධික්ඛණෙ, මහග්ගතො ධම්මො පරිත්තස්ස ධම්මස්ස, මහග්ගතා ඛන්ධා චිත්තසමුට්ඨානානං රූපානං සහජාතපච්ච-. පටිසන්ධික්ඛණෙ මහග්ගතා ඛන්ධා කටත්තා රූපානං සහජාතපච්ච-.
මහග්ගතො ධම්මො පරිත්තස්ස ච මහග්ගතස්ස ච ධම්මස්ස, මහග්ගතො එකො ඛන්ධො තිණ්ණන්නං ඛන්ධානං චිත්තසමුට්ඨානානඤ්ච රූපානං සහජාතපච්ච-. ද්වෙ ඛන්ධා, පටිසන්ධික්ඛණෙ, අප්පමාණො ධම්මො, අප්පමාණස්ස ධම්මස්ස, අප්පමාණො එකො ඛන්ධො තිණ්ණන්නං ඛන්ධානං සහජාතපච්ච-. අප්පමාණො ධම්මො පරිත්තස්ස ධම්මස්ස, අප්පමාණා ඛන්ධා චිත්තසමුට්ඨානානං රූපානං සහජාතපච්ච, අප්පමාණො ධම්මො පරිත්තස්ස ච අප්පමාණස්ස ච ධම්මස්ස, අප්පමාණො එකො ඛන්ධො තිණ්ණන්නං ඛන්ධානං චිත්තසමුට්ඨානානඤ්ච රූපානං සහජාතපච්ච-.
පරිත්තො ච අප්පමාණො ච ධම්මා පරිත්තස්ස ධම්මස්ස, අප්පමාණා ඛන්ධා ච මහාභූතා ච චිත්තසමුට්ඨානානං රූපානං සහජාත පච්ච-. පරිත්තො ච මහග්ගතො ච ධම්මා පරිත්තස්ස ධම්මස්ස.
මහග්ගතා ඛන්ධා ච මහාභූතා ච චිත්තසමුට්ඨානානං රූපානං සහජාතපච්ච, පටිසන්ධික්ඛණෙ මහග්ගතා ඛන්ධා ච මහාභූතා ච කටත්තා රූපානං සහජාතපච්ච-. පරිත්තො ච මහග්ගතො ච ධම්මා මහග්ගතස්ස ධම්මස්ස සහජාතපච්ච. පටිසන්ධික්ඛණෙ මහග්ගතො එකො ඛන්ධො ච වත්ථු ච තිණ්ණන්නං ඛන්ධානං සහජාතපච්ච-.
පරිත්තො ධම්මො පරිත්තස්ස ධම්මස්ස අඤ්ඤමඤ්ඤපච්ච-. පරිත්තො එකො ඛන්ධො තිණ්ණන්නං ඛන්ධානං අඤ්ඤමඤ්ඤපච්ච-. පටිසන්ධික්ඛණෙ ඛන්ධා වත්ථුස්ස වත්ථු ඛන්ධානං අඤ්ඤමඤ්ඤපච්ච-. එකං මහාභූතං, අසඤ්ඤසත්තානං, පරිත්තො ධම්මො මහග්ගතස්ස ධම්මස්ස අඤ්ඤමඤ්ඤපච්ච-. පටිසන්ධික්ඛණෙ වත්ථු මහග්ගතානං ඛන්ධානං අඤ්ඤමඤ්ඤපච්ච-. මහග්ගතො ධම්මො මහග්ගතස්ස ධම්මස්ස, මහග්ගතො එකො ඛන්ධො තිණ්ණන්නං ඛන්ධානං අඤ්ඤමඤ්ඤපච්ච-. පටිසන්ධික්ඛණෙ මහග්ගතො ධම්මො පරිත්තස්ස ධම්මස්ස, පටිසන්ධික්ඛණෙ මහග්ගතා ඛන්ධා වත්ථුස්ස අඤ්ඤමඤ්ඤපච්ච-.
මහග්ගතො ධම්මො පරිත්තස්ස ච මහග්ගතස්ස ච ධම්මස්ස, පටිසන්ධික්ඛණෙ මහග්ගතො එකො ඛන්ධො තිණ්ණන්නං ඛන්ධානං වත්ථුස්ස ච අඤ්ඤමඤ්ඤපච්ච-. අප්පමාණො ධම්මො අප්පමාණස්ස ධම්මස්ස, අප්පමාණො එකො ඛන්ධො තිණ්ණන්නං ඛන්ධානං අඤ්ඤමඤ්ඤපච්ච-. ද්වෙ ඛන්ධා, පරිත්තො ච මහග්ගතො ච ධම්මා මහග්ගතස්ස ධම්මස්ස අඤ්ඤමඤ්ඤපච්ච-. පටිසන්ධික්ඛණෙ මහග්ගතො එකො ඛන්ධො ච වත්ථු ච තිණ්ණන්නං ඛන්ධානං අඤ්ඤමඤ්ඤපච්ච-.
පරිත්තො ධම්මො පරිත්තස්ස ධම්මස්ස නිස්සයපච්චයෙන පච්චයො, පරිත්තො එකො ඛන්ධො තිණ්ණන්නං ඛන්ධානං චිත්තසමුට්ඨානානඤ්ච රූපානං නිස්සයපච්ච-. ද්වෙ ඛන්ධා, පටිසන්ධික්ඛණෙ ඛන්ධා වත්ථුස්ස. වත්ථු ඛන්ධානං නිස්සයපච්ච-. එකං මහාභූතං -පෙ- අසඤ්ඤසත්තානං එකං මහාභූතං-. චක්ඛායතනං චක්ඛුවිඤ්ඤාණස්ස, කායායතනං කායවිඤ්ඤාණස්ස-. වත්ථු පරිත්තානං ඛන්ධානං නිස්සයපච්ච-. පරිත්තො ධම්මො මහග්ගතස්ස ධම්මස්ස, වත්ථු මහග්ගතානං ඛන්ධානං නිස්සයපච්ච-. පටිසන්ධික්ඛණෙ වත්ථු මහග්ගතානං ඛන්ධානං නිස්සයපච්ච-. පරිත්තො ධම්මො අප්පමාණස්ස ධම්මස්ස-. වත්ථු අප්පමාණානං ඛන්ධානං නිස්සයපච්ච, මහග්ගතො ධම්මො මහග්ගතස්ස ධම්මස්ස-. මහග්ගතො එකො ඛන්ධො තිණ්ණන්නං ඛන්ධානං, ද්වෙ ඛන්ධා, පටිසන්ධික්ඛණෙ.
මහග්ගතො ධම්මො පරිත්තස්ස ධම්මස්ස, මහග්ගතා ඛන්ධා චිත්තසමුට්ඨානානං රූපානං නිස්සයපච්ච-. පටිසන්ධික්ඛණෙ මහග්ගතා ඛන්ධා කටත්තාරූපානං නිස්සයපච්ච-. මහග්ගතො ධම්මො පරිත්තස්ස
ච මහග්ගතස්ස ච ධම්මස්ස, මහග්ගතො එකො ඛන්ධො තිණ්ණන්නං ඛන්ධානං චිත්තසමුට්ඨානානඤ්ච රූපානං නිස්සයපච්ච-. ද්වෙ ඛන්ධා, පටිසන්ධික්ඛණෙ.
අප්පමාණො ධම්මො අප්පමාණස්ස ධම්මස්ස, අප්පමාණො එකො ඛන්ධො තිණ්ණන්නං ඛන්ධානං නිස්සයපච්ච, අප්පමාණො ධම්මො පරිත්තස්ස ධම්මස්ස, අප්පමාණා ඛන්ධා, චිත්තසමුට්ඨානානං රූපානං නිස්සයපච්ච.
අප්පමාණො ධම්මො පරිත්තස්ස ච අප්පමාණස්ස ච ධම්මස්ස, අප්පමාණො ධම්මො-. එකො ඛන්ධො තිණ්ණන්නං ඛන්ධානං චිත්තසමුට්ඨානානාඤ්ච රූපානං නිස්සයපච්ච-. පරිත්තො ච අප්පමාණො ච ධම්මා පරිත්තස්ස ධම්මස්ස, අප්පමාණා ඛන්ධා ච මහාභූතා ච චිත්තසමුට්ඨානානං රූපානං නිස්සයපච්ච-.
පරිත්තො ච අප්පමාණො ච ධම්මා අප්පමාණස්ස ධම්මස්ස, අප්පමාණො එකො ඛන්ධො ච වත්ථු ච තිණ්ණන්නං ඛන්ධානං නිස්සයපච්ච-. ද්වෙ ඛන්ධා, පරිත්තො ච මහග්ගතො ච ධම්මා පරිත්තස්ස ධම්මස්ස, මහග්ගතො ඛන්ධො ච මහාභූතා ච චිත්තසමුට්ඨානානං රූපානං නිස්සයපච්ච-. පටිසන්ධික්ඛණෙ මහග්ගතා ඛන්ධා ච මහාභූතා ච කටත්තා රූපානං නිස්සයපච්ච-.
පරිත්තො ච මහග්ගතො ච ධම්මා මහග්ගතස්ස ධම්මස්ස, මහග්ගතො එකො ඛන්ධො ච වත්ථු ච තිණ්ණන්නං ඛන්ධානං නිස්සයපච්ච, පටිසන්ධික්ඛණෙ මහග්ගතො එකො ඛන්ධො ච වත්ථු ච තිණ්ණන්නං ඛන්ධානං නිස්සයපච්ච-. ද්වෙ ඛන්ධෙ.
පරිත්තො ධම්මො පරිත්තස්ස ධම්මස්ස උපනිස්සයපච්ච-. ආරම්මණූපනිස්සයො, අනන්තරූපනිස්සයො, පකතූපනිස්සයො, - පකතූපනිස්සයො: පරිත්තං සද්ධං උපනිස්සාය දානං දෙති, සීලං සමාදියති, උපොසථකම්මං කරොති, විපස්සනං උප්පාදෙති, මානං ජප්පෙති, දිට්ඨිං ගණ්හාති, පරිත්තං සීලං, පඤ්ඤං, රාගං, පත්ථනං, කායිකං සුඛං. සෙනාසනං උපනිස්සාය දානං දෙති, සීලං, උපොසථ-. විපස්සනං උප්පාදෙති, පාණං හන්ති. සඞ්ඝං භින්දති, පරිත්තා සද්ධා, පඤ්ඤා, රාගො, පත්ථනා, කායිකං සුඛං, සෙනාසනං, පරිත්තාය සද්ධාය, පඤ්ඤාය, රාගස්ස, පත්ථනාය, කායිකස්ස සුඛස්ස, කායිකස්ස දුක්ඛස්ස උපනිස්සයපච්චයෙන පච්චයො, කුසලාකුසලං කම්මං විපාකස්ස උපනිස්සයපච්චයෙන පච්චයො, පාණාතිපාතො පාණාතිපාතස්ස උපනිස්සයපච්චයෙන පච්චයො.
(චක්කං කාතබ්බං) මාතුඝාතිකම්මං මාතුඝාතිකම්මස්ස උපනිස්සය පච්චයෙන පච්චයො, (චක්කං කාතබ්බං, කුසලත්තික සදිසං.)
පරිත්තො ධම්මො මහග්ගතස්ස-. අනන්තරූපනිස්සයො, පකතූපනිස්සයො, පකතූපනිස්සයො: පරිත්තං සද්ධං උපනිස්සාය මහග්ගතං ඣානං උප්පාදෙති, අභිඤ්ඤං, සමාපත්තිං උප්පාදෙති, පරිත්තං සීලං පඤ්ඤං, රාගං, සෙනාසනං උපනිස්සාය මහග්ගතං ඣානං උප්පාදෙති, අභිඤ්ඤං, සමාපත්තිං උප්පාදෙති, පරිත්තා සද්ධා, සෙනාසනං, මහග්ගතාය සාද්ධය පඤ්ඤාය උපනිස්සයපච්චයෙන පච්චයො, පඨමස්ස ඣානස්ස පරිකම්මං, නෙවසඤ්ඤානාසඤ්ඤායතනස්ස පරිකම්මං, නෙව සඤ්ඤානාසඤ්ඤායතනස්ස උපනිස්සය පච්චයෙන පච්චයො, දිබ්බස්ස චක්ඛුස්ස පරිකම්මං, අනාගතංස ඤාණස්ස.
පරිත්තො ධම්මො අප්පමාණස්ස ධම්මස්ස උපනිස්සය පච්චයෙන පච්චයො අනන්තරූප නිස්සයො, පකතූපනිස්සයො, -පකතූපනිස්සයො: පරිත්තං සද්ධං උපනිස්සාය අප්පමාණං ඣානං උප්පාදෙති, මග්ගං, ඵලසමාපත්තිං උප්පාදෙති, පරිත්තං සීලං, පඤ්ඤං, රාගං, පත්ථනං, කායිකං සුඛං, සෙනාසනං උපනිස්සාය අප්පමාණං ඣානං උප්පාදෙති, මග්ගං, ඵලසමාපත්තිං උප්පාදෙති, පරිත්තා සද්ධා සෙනාසනං අප්පමාණාය සද්ධාය පඤ්ඤාය මග්ගස්ස ඵලසමාපත්තියා උපනිස්සයපච්චයෙන පච්චයො. පඨමස්ස මග්ගස්ස පරිකම්මං පඨමස්ස මග්ගස්ස චතුත්ථස්ස මග්ගස්ස පරිකම්මං චතුත්ථස්ස මග්ගස්ස උපනිස්සයපච්චයෙන පච්චයො. මහග්ගතො ධම්මො මහග්ගතස්ස ධම්මස්ස උපනිස්සයපච්චයෙන පච්චයො. අනන්තරූපනිස්සයො, පකතූපනිස්සයො, - පකතූපනිස්සයො: මහග්ගතං සද්ධං උපනිස්සාය මහග්ගතං ඣානං උප්පාදෙති, අභිඤ්ඤං, සමාපත්තිං උප්පාදෙති, මහග්ගතං සීලං, පඤ්ඤං උපනිස්සාය මහග්ගතං ඣානං, අභිඤ්ඤං, සමාපත්තිං උප්පාදෙති, මහග්ගතා සද්ධා, පඤ්ඤා මහග්ගතාය සද්ධාය, පඤ්ඤාය උපනිස්සයපච්චයෙන පච්චයො, පඨමං ඣානං දුතියස්ස ඣානස්ස, ආකිඤ්චඤ්ඤායතනං නෙවසඤ්ඤානාසඤ්ඤායතනස්ස උපනිස්සයපච්ච-.
මහග්ගතො-. පරිත්තස්ස, ආරම්මණූපනිස්සයො, අනන්තරූපනිස්සයො, පකතූපනිස්සයො, පකතූපනිස්සයො: මහග්ගතං සද්ධං උපනිස්සාය දානං දෙති, සීලං සමාදියති, උපොසථකම්මං කරොති, විපස්සනං උප්පාදෙති, මානං ජප්පෙති, දිට්ඨිං ගණ්හාති, මහග්ගතං සීලං, පඤ්ඤං උපනිස්සාය දානං දෙති, විපස්සනං උප්පාදෙති -පෙ- මහග්ගතා සද්ධා. පඤ්ඤා පරිත්තාය සද්ධාය, පඤ්ඤාය, කායිකස්ස සුඛස්ස, කායිකස්ස දුක්ඛස්ස උපනිස්සයපච්චයෙන පච්චයො.
මහග්ගතො ධම්මො අප්පමාණස්ස, අනන්තරූපනිස්සයො, පකතූපනිස්සයො, - පකතූපනිස්සයො: මහග්ගතං සද්ධං උපනිස්සාය අප්පමාණං ඣානං උප්පාදෙති, මග්ගං ඵලසමාපත්තිං උප්පාදෙති, මහග්ගතං සීලං. පඤ්ඤං උපනිස්සාය අප්පමාණං ඣානං, මග්ගං, ඵලසමාපත්තිං උප්පාදෙති, මහග්ගතා සද්ධා. පඤ්ඤා, අප්පමාණාය සද්ධාය, පඤ්ඤාය, මග්ගස්ස ඵලසමාපත්තියා උපනිස්සයපච්ච-.
අප්පමාණො-. අප්පමාණස්ස, ආරම්මණූපනිස්සයො, අනන්තරූපනිස්සයො, පකතූපනිස්සයො, - පකතූපනිස්සයො: අප්පමාණං සද්ධං උපනිස්සාය අප්පමාණං ඣානං උප්පාදෙති, මග්ගං, ඵලසමාපත්තිං, උප්පාදෙති, අප්පමාණං සීලං, පඤ්ඤං උපනිස්සාය අප්පමාණං ඣානං, මග්ගං, ඵලසමාපත්තිං උප්පාදෙති, අප්පමාණා සද්ධා, පඤ්ඤා අප්පමාණාය සද්ධාය, පඤ්ඤාය උපනිස්සයපච්චයෙන පච්චයො, පඨමො මග්ගො දුතියස්ස, තතියො මග්ගො චතුත්ථස්ස මග්ගස්ස.
අප්පමාණො ධම්මො පරිත්තස්ස-. උපනිස්සයපච්චයෙන පච්චයො. ආරම්මණූපනිස්සයො, අනන්තරූපනිස්සයො, පකතූපනිස්සයො: පකතූපනිස්සයො: අප්පමාණං සද්ධං උපනිස්සාය දානං දෙති, සීලං. උපොසථකම්මං, විපස්සනං උප්පාදෙති, අප්පමාණං සීලං. පඤ්ඤං උපනිස්සාය දානං දෙති, සීලං. උපොසථං, විපස්සනං, අප්පමාණා සද්ධා, පඤ්ඤා පරිත්තාය සද්ධාය, පඤ්ඤාය, කායිකස්ස සුඛස්ස, කායිකස්ස දුක්ඛස්ස උපනිස්සයපච්චයෙන පච්චයො. ඵලසමාපත්ති කායිකස්ස සුඛස්ස උපනිස්සයපච්ච-. අරියා මග්ගං උපනිස්සාය සඞ්ඛාරෙ අනිච්චතො විපස්සන්ති, මග්ගො අරියානං-. අත්ථපටිසම්භිදාය, ධම්මං, නිරුත්ති, පටිභාන, ඨානාඨාන කොසල්ලස්ස උපනිස්සයපච්ච-.
අප්පමාණො ධම්මො මහග්ගතස්ස ධම්මස්ස උපනිස්සයපච්ච-. අනන්තරූපනිස්සයො, පකතූපනිස්සයො, - පකතූපනිස්සයො: අප්පමාණං සද්ධං උපනිස්සාය මහග්ගතං ඣානං අභිඤ්ඤං සමාපත්තිං උප්පාදෙති. අප්පමාණං සීලං, පඤ්ඤං උපනිස්සාය මහග්ගතං ඣානං අභිඤ්ඤං සමාපත්තිං උප්පාදෙති. අප්පමාණා සද්ධා. පඤ්ඤා මහග්ගතාය සද්ධාය. පඤ්ඤාය උපනිස්සයපච්චයෙන පච්චයො. අරියා මග්ගං උපනිස්සාය අනුප්පන්නං සමාපත්තිං උප්පාදෙන්ති. උප්පන්නං සමාපජ්ජන්ති.
පරිත්තො-. පරිත්තස්ස පුරෙජාතපච්චයෙන පච්චයො. ආරම්මණ පුරෙජාතං, වත්ථු පුරෙජාතං, - ආරම්මණ පුරෙජාතං: චක්ඛුං අනිච්චතො විපස්සති. අස්සාදෙති, අභිනන්දති. තං ආරබ්භ රාගො, දොමනස්සං උප්පජ්ජති, සොතං, වත්ථුං අනිච්චතො, දොමනස්සං උප්පජ්ජති. රූපා
යතනං චක්ඛුවිඤ්ඤාණස්ස, ඵොට්ඨබ්බායතනං කායවිඤ්ඤාණස්ස පුරෙජාතපච්ච-. වත්ථු පුරෙජාතං. චක්ඛායතනං චක්ඛුවිඤ්ඤාණස්ස, කායායතනං -පෙ- වත්ථු පරිත්තානං ඛන්ධානං පුරෙජාතපච්ච-.
පරිත්තො-. මහග්ගතස්ස-. පුරෙජාත. ආරම්මණ පුරෙජාතං, වත්ථු පුරෙජාතං ආරම්මණ පුරෙජාතං: දිබ්බෙන චක්ඛුනා රූපං, දිබ්බාය සොත ධාතුයා සද්දං. වත්ථු පුරෙජාතං වත්ථු මහග්ගතානං ඛන්ධානං පුරෙජාතපච්ච-.
පරිත්තො ධම්මො අප්පමාණස්ස-. පුරෙජාත, වත්ථු අප්පමාණානං ඛන්ධානං පුරෙජාතපච්චයෙන පච්චයො.
පරිත්තො-. පරිත්තස්ස පච්ඡාජාතපච්චයෙන පච්චයො. පච්ඡාජාතා පරිත්තා ඛන්ධා පුරෙජාතස්ස ඉමස්ස කායස්ස පච්ඡාජාතපච්ච-. මහග්ගතො ධම්මො පරිත්තස්ස-. පච්ඡාජාතපච්ච-. පච්ඡාජාතා මහග්ගතා ඛන්ධා පුරෙජාතස්ස ඉමස්ස කායස්ස පච්ඡාජාතපච්ච-. අප්පමාණො පරිත්තඤ්ච-. පච්ඡාජාතපච්ච-. පච්ඡාජාතා අප්පමාණා ඛන්ධා පුරෙජාතස්ස ඉමස්ස කායස්ස පච්ඡාජාතපච්ච-.
පරිත්තො-. පරිත්තස්ස ආසෙවනපච්චයෙන පච්චයො. පුරිමා පුරිමා පරිත්තා ඛන්ධා පච්ඡිමානං පච්ඡිමානං, අනුලොමං ගොත්රභුස්ස, අනුලොමං වොදානස්ස-. ආසෙවනපච්චයෙන පච්චයො. පරිත්තො මහග්ගතස්ස ආසෙවනපච්චයෙන පච්චයො. පඨමස්ස ඣානස්ස පරිකම්මං තස්සෙව ආසෙවනපච්ච. නෙවසඤ්ඤානාසඤ්ඤායතනස්ස පරිකම්මං තස්සෙව ආසෙවනපච්ච-. දිබ්බස්ස චක්ඛුස්ස පරිකම්මං-. අනාගතංස ඤාණස්ස පරිකම්මං අනාගතංස ඤාණස්ස ආසෙවනපච්චයෙන පච්චයො. පරිත්තො-. අප්පමාණස්ස- ආසෙවනපච්චයෙන පච්චයො. ගොත්රභූ මග්ගස්ස, වොදානං මග්ගස්ස ආසෙවනපච්චයෙන පච්චයො. මහග්ගතො මහග්ගතස්ස ආසෙවනපච්ච-. පුරිමා පුරිමා මහග්ගතා ඛන්ධා පච්ඡිමානං පච්ඡිමානං-. ආසෙවනපච්ච-.
පරිත්තො-. පරිත්තස්ස-. කම්මපච්ච. සහජාතා, නානාඛණිකා, සහජාතා පරිත්තා චෙතනා සම්පයුත්තකානං ඛන්ධානං චිත්තසමුට්ඨානානඤ්ච රූපානං කම්මපච්චයෙන පච්චයො. පටිසන්ධික්ඛණෙ පරිත්තා චෙතනා සම්පයුත්තකානං ඛන්ධානං කටත්තා ච රූපානං කම්මපච්චනානාඛණිකා පරිත්තා චෙතනා විපාකානං පරිත්තානං ඛන්ධානං කටත්තා ච රූපානං කම්මපච්ච-.