අනු. පා: භවත, ‘අතීතය හා සමන්‍වාගත වේ’ යයි නො කියැයුතු මැ යැ.
2. ස. පු: අනාගතය හා සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනාගතය නූපන්නේ, නො වූයේ, නො හටගත්තේ, නො නිපන්නේ, වෙසෙසින් නො නිපන්නේ, නො පහළ වූයේ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් අනාගතය නූපන්නේ නො වූයේ නො හැටුනේ නො නිපන්නේ වෙසෙසින් නො නිපන්නේ, නො පහළ වූයේ වී නම්,
අනු. පා: භවත, ‘අනාගතය හා සමන්‍වාගත වෙති’යි නො කියැයුතු මැ යැ.
3. ස. පු: අතීත රූපස්කන්‍ධය හා සමන්‍වාගත වේ ද, අනාගත රූපස්කන්‍ධය හා සමන්‍වාගත වේ ද, ප්‍රත්‍යුත්පන්න රූපස්කන්‍ධය හා සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: තුන් රූපස්කන්‍ධයෙකින් සමන්‍වාගත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: අතීත පඤ්චස්කන්‍ධයෙන් සමන්‍වාගත වේ ද, අනාගත පඤ්චස්කන්‍ධයෙන් සමන්‍වාගත වේ ද, ප්‍රත්‍යුත්පන්න පඤ්චස්කන්‍ධයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පසළොස් ස්කන්‍ධයෙකින් සමන්‍වාගත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: අතීත චක්‍ෂුරායතනයෙන් සමන්‍වාගත වේ ද, අනාගත චක්‍ෂුරායතනයෙන් සමන්‍වාගත වේ ද, ප්‍රත්‍යුත්පන්න චක්‍ෂුරායතනයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: තුන් චක්‍ෂුරායතනයෙකින් සමන්‍වාගත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: අතීත ද්වාදශායතනයෙන් සමන්‍වාගත වේ ද, අනාගත ද්වාදශායතනයෙන් සමන්‍වාගත වේ ද, ප්‍රත්‍යුත්පන්න ද්වාදශායතනයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සතිස් ආයතනයෙකින් සමන්‍වාගත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ස. පු: අතීත චක්‍ෂුර්ධාතුයෙන් සමන්‍වාගත වේ ද, අනාගත චක්‍ෂුර්ධාතුයෙන් සමන්‍වාගත වේ ද, ප්‍රත්‍යුත්පන්න චක්‍ෂුර්ධාතුයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: තුන් චක්‍ෂුර්ධාතුයෙකින් සමන්‍වාගත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
8. ස. පු: අතීත අටළොස් ධාතුයෙන් සමන්‍වාගත වේ ද, අනාගත අටළොස් ධාතුයෙන් සමන්‍වාගත වේ ද, ප්‍රත්‍යුත්පන්න අටළොස් ධාතුයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සියුපනස් ධාතුයෙකින් සමන්‍වාගත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
9. ස. පු: අතීත චක්‍ෂුරින්‍ද්‍රියයෙන් සමන්‍වාගත වේ ද, අනාගත චක්‍ෂුරින්‍ද්‍රියයෙන් සමන්‍වාගත වේ ද, ප්‍රත්‍යුත්පන්න චක්‍ෂුරින්‍ද්‍රියයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: තුන් චක්‍ෂුරින්‍ද්‍රියයෙකින් සමන්‍වාගත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
10. ස. පු: අතීත දෙවිසි, ඉන්‍ද්‍රියයෙන් සමන්‍වාගත වේ ද, අනාගත දෙවිසි ඉන්‍ද්‍රියයෙන් සමන්‍වාගත වේ ද? ප්‍රත්‍යුත්පන්න දෙවිසි ඉන්‍ද්‍රියයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සසැට ඉන්‍ද්‍රියයෙකින් සමන්‍වාගත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
11. ප. පු: ‘අතීතානාගතයෙන් සමන්‍වාගත වෙති’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: අෂ්ටවිමෝක්‍ෂධ්‍යාන කරනුයෙක්, සතර ධ්‍යානයන් කැමැතිසේ ලබනුයෙක්, නව අනුපූර්‍වවිහාරසමාපත්ති ලබනුයෙක් ඇත්තේ මැ නො?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් අෂ්ටවිමෝක්‍ෂධ්‍යාන කරනුයෙක්, සතර දැහැන් කැමැති සේ ලබනුයෙක්, නව අනුපූර්‍වවිහාරසමාපත්තින් ලබනුයෙක් ඇත් නම්,
අනු. පා: භවත, එකරුණින් ‘අතීතානාගතයන් හා සමන්‍වාගත වෙති’ යි කියැයුතු මැ යැ.
අතීතානාගතෙහි සමන්නාගතකථා නිමි.
නව වැනි වර්‍ගය නිමි.
එහි උද්දානය:
ආනිසංසකථා යැ, අමතාරම්මණකථා යැ, රූපං සරම්මණන්ති කථා යැ, අනුසයා අනාරම්මණා’ති කථා යැ, ඤාණං අනාරම්මණන්තිකථා යැ, අතීතානාගතාරම්මණකථා යැ, විතක්කානුපතිතකථා යැ, විතක්කවිප්ඵාරසද්දකථා යැ, න යථාචිත්තස්ස වාචාති කථා යැ, න යථාචිත්තස්ස කායකම්මන්ති කථා යැ, අතීතානාගතෙහි සමන්නාගත කථා යි.
දසම වර්‍ගය
10. 1.
නිරෝධකථා
[උපපත්තෙසිය සඞ්ඛ්‍යාත භවාඞ්ගචිත්තයාගේ භඞ්ගය වන්නා හා මැ කුශල වූ හෝ අකුශල වූ හෝ සතර වැදෑරුම් ක්‍රියාස්කන්‍ධ හා චිත්තසමුත්‍ථාන රූපස්කන්‍ධය දැ’යි පඤ්චස්කන්‍ධයෝ උපදිති. ‘උන් නූපන් කල භවාඞ්ගය නිරුද්ධ වත් මැ සන්තතිවිච්ඡේද වෙති’ යි ලබ්ධි ගත් අන්‍ධකනිකායවාසීන්ගේ වාද බිඳුනට නිරෝධ කථා එයි.]
1. ස. පු: උපපත්තෙසිය වූ පඤ්චස්කන්‍ධයන් නිරුද්ධ නො වත් මැ ක්‍රියා පඤ්චස්කන්‍ධයෝ උපදිත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: උපපත්තෙසිය ස්කන්‍ධයන්ගේ ද ක්‍රියාස්කන්‍ධයන්ගේ දැ’ යි දශ ස්කන්‍ධයන්ගේ සමවධාන වේ ද, දශ ස්කන්‍ධයෝ සම්මුඛීභාවයට පැමිණෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: දශ ස්කන්‍ධයන්ගේ සමවධාන වේ ද, දශ ස්කන්‍ධයෝ සම්මුඛීභාවයට පැමිණෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ. (පුරිමපශ්චිම වශයෙනුදු උපපත්තෙසිය හා ක්‍රියා වශයෙනුදු නානාත්‍වය සඳහා පිළින කෙරෙයි.)
ස. අනු: ස්පර්‍ශයන් දෙදෙනෙකුන්ගේ ... චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: උපපත්තෙසිය සඞ්ඛ්‍යාත පඤ්චස්කන්‍ධයන් නිරුද්ධ නො වත් මැ ක්‍රියා සඞ්ඛ්‍යාත සතර ස්කන්‍ධයෝ උපදිත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ස්කන්‍ධයන් නව දෙනකුන්ගේ සමවධාන වේ ද? ස්කන්‍ධයෝ නව දෙනෙක් සම්මුඛීභාවයට පැමිණෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: ස්කන්‍ධයන් නව දෙනකුන්ගේ සමවධාන වේ ද, ස්කන්‍ධයෝ නව දෙනෙක් සම්මුඛීභාවයට පැමිණෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ස්පර්‍ශයන් දෙදෙනකුගේ ... චිත්තයන් දෙදෙනකුගේ සමවධාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: උපපත්තෙසිය සඞ්ඛ්‍යාත පඤ්චස්කන්‍ධයන් නිරුද්ධ නො වත් මැ (අනාලම්බනඥාන සඞ්ඛ්‍යාත) ක්‍රියාඥානය උපදී ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ස්කන්‍ධයන් සදෙනකුන් සමවධාන වේ ද, ස්කන්‍ධයෝ සදෙනෙක් සම්මුඛීභාවයට පැමිණෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: ස්කන්‍ධයන් සදෙනකුන් සමවධාන වේ ද, ස්කන්‍ධයෝ සදෙනෙක් සම්මුඛීභාවයට පැමිණෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ස්පර්‍ශයන් දෙදෙනකුගේ ... චිත්තයන් දෙදෙනකුගේ සමවධාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ප. පු: උපපත්තෙසිය සඞ්ඛ්‍යාත පඤ්චස්කන්‍ධයන් නිරුද්ධ වත් මැ මාර්‍ගය උපදනේ වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ. (නිරුද්ධ නො වත් මැ නූපදනා හෙයින් ප්‍රතිඥා යි.)
ප. අනු: මළේ මාර්‍ගභාවනා කෙරේ ද, කලුරිය කෙළේ මාර්‍ගභාවනා කෙරේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
නිරෝධකථා නිමි.
10. 2.
රූපං මග්ගෝ’ති කථා
[‘සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාආජීව යන මේ මාර්‍ගාඞ්ගයෝ රූප වෙති’ යි ලබ්ධි ගත් මහිංසාසක සමමිතීය මහාසඞ්ඝිකයන්ගේ වාද බිඳුනට ‘රූපං මග්ගෝති කථා’ එයි.]
1. ස. පු: මාර්‍ගසමඞ්ගී පුද්ගලයාගේ රූපය මාර්‍ග වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සාලම්බන වේ ද, ඊට ආවර්‍ජනා, අභෝග, සමන්‍වාහාර, මනසිකාර, චේතනා, ප්‍රාර්‍ත්‍ථනා, ප්‍රණිධි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: අනාලම්බන නො? ඊට ආවර්‍ජනා ... ප්‍රණිධි නැත්තේ නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් අනාලම්බන වේ නම්, ඊට ආවර්‍ජනා ... ප්‍රණිධි නැත් නම්,
අනු. පා: භවත, ‘මාර්‍ගසමඞ්ගීහුගේ රූපය මාර්‍ග යැ’ යි නො කියැයුතු මැ යැ.
2. ස. පු: සම්මාවාචාව මාර්‍ග වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සාලම්බන වේ ද, ඇයට ආවර්‍ජනා ... ප්‍රණිධි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: අනාලම්බන නො? ඇයට ආවර්‍ජනා ... ප්‍රණිධි නැත්තේ නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් අනාලම්බන වේ නම්, ඇයට ආවර්‍ජනා ... ප්‍රණිධි නැත් නම්,