Kathāvatthu

Points of Controversy

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

පෙන්වන කොටස් 9701-9800 න් 15036

ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සර්‍වප්‍රකාරයෙන් ස්පර්‍ශ කරන්නහුගේ ස්පර්‍ශවිස්ඵාරය ශබ්ද වේ ද, සර්‍වප්‍රකාරයෙන් වේදනා විඳුනහුගේ වේදනාවිප්ඵාරය ශබ්ද වේ ද, සර්‍වප්‍රකාරයෙන් සඤ්ජානන කරන්නහුගේ සඤ්ඤාවිප්ඵාරය ශබ්ද වේ ද, සර්‍වප්‍රකාරයෙන් චේතනා කරන්නහුගේ චේතනාවිප්ඵාරය ශබ්ද වේ ද? සර්‍වප්‍රකාරයෙන් චින්තන කරන්නහුගේ චිත්තවිප්ඵාරය ශබ්ද වේ ද, සර්‍වප්‍රකාරයෙන් ස්මරණය කරන්නහුගේ සතිවිප්ඵාරය ශබ්ද වේ ද, සර්‍වප්‍රකාරයෙන් ප්‍රජානන කරන්නහුගේ පඤ්ඤාවිප්ඵාරය ශබ්ද වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: සර්‍වප්‍රකාරයෙන් විතර්‍කවිචාර කරන්නහුගේ විතර්‍කවිස්ඵාරය ශබ්ද වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: විතර්‍කවිස්ඵාර ශබ්දය ශ්‍රෝත්‍රවිඥේය වේ ද, ශ්‍රෝත්‍රයෙහි ගැටේ ද, ශ්‍රෝත්‍රයාගේ ආපාථයට පැමිණේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: විතර්‍කවිස්ඵාරශබ්දය ශ්‍රෝත්‍රවිඥේය නො වූයේ ශ්‍රෝත්‍රයෙහි නො හැනෙන්නේ ශ්‍රෝත්‍රයාගේ ආපාථයට නො පැමිණෙන්නේ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් විතර්‍කවිස්ඵාරශබ්දය ශ්‍රෝත්‍රවිඥේය නො වේ නම්, ශ්‍රෝත්‍රයෙහි නො හැනෙන්නේ නම්, ශ්‍රෝත්‍රයාගේ ආපාථයට නො පැමිණෙන්නේ නම්,
අනු. පා: භවත, ‘සර්‍වප්‍රකාරයෙන් විතර්‍කවිචාර කරන්නහුගේ විතර්‍කවිස්ඵාරය ශබ්දයෙකි’ යි නො කියැයුතු මැ යැ.
විතක්කවිප්ඵාරසද්දකථා නිමි.
න යථාචිත්තස්ස වාචාතිකථා
[යම් හෙයෙකින් යමෙක් ‘අනෙකක් කියමි’ යි අනෙකක් කියා ද, එහෙයින් ‘යථාචිත්තයාගේ වචන හෙවත් චිත්තානුගතික ව්‍යවහාර නො වේ යයි ද, චිත්තයෙන් තොර වචන ඇති’ යි ද ලබ්ධි ගත් පූර්‍වශෛලියනිකායවාසීන්ගේ වාද බිඳුනට ‘න යථාචිත්තස්ස වාචානි කථා’ එයි.]
1. ස. පු: වචන චිත්තානුගතික නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: (එකෙණෙහි) ස්පර්‍ශ රහිතයක්හුගේ වචන, අවේදකයක්හුගේ වචන, අසංඥයක්හුගේ වචන, අචේතනයක්හුගේ වචන, අචිත්තකයක්හුගේ වචන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: ස්පර්‍ශ සහිතයක්හුගේ වාක්, වේදනා සහිතයක්හුගේ වාක්, සංඥා සහිතයක්හුගේ වාක්, චේතනා සහිතයක්හුගේ වාක්, චිත්ත සහිතයක්හුගේ වාක් නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් ස්පර්‍ශ සහිතයක්හුගේ වාක් … සචිත්තයක්හුගේ වාක් වේ නම්,
අනු. පා: භවත, චිත්තානුගතික වාක් නො වෙතියි නො කියයුතු මැ යැ.
2. ස. පු: වචන චිත්තානුගතික නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ආවර්‍ජනා නො කරන්නහුගේ වාක් … ආභෝග නැතියහුගේ වාක් … ප්‍රණිධාන නැතියහුගේ වාක් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: ආවර්‍ජනා කරන්නහුගේ වාක් … ආභෝග ඇතියහුගේ වාක් … ප්‍රණිධාන ඇතියහුගේ වාක් නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් ආවර්‍ජනා කරන්නහුගේ වාක් … ආභෝග ඇතියහුගේ වාක් … ප්‍රණිධාන කරන්නහුගේ වාක් වේ නම්,
අනු. පා: භවත, චිත්තානුරූප වාක් නො වෙති’යි නො කියැයුතු මැ යැ.
3. ස. පු: යථාචිත්ත වාක් නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: වාචා තොමෝ චිත්තසමුත්‍ථාන වූවා චිත්තය හා සහජාත වූවා චිත්තය හා ඒකෝත්පාද ඇත්තී නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් වාචා තොමෝ චිත්තසමුත්‍ථාන වූවා චිත්තය හා සහජාත වූවා චිත්තය හා ඒකෝත්පාද ඇත්තී වූ නම්,
අනු. පා: භවත, ‘චිත්තානුගත වාක් නො වෙති’ යි නො කියැයුතු මැ යැ.
4. ස. පු: යථාචිත්ත වාක් නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: බණනු කැමැති වැ නො බෙණේ ද, කියනු කැමැති වැ නො කියා ද, අමතනු කැමැති වැ නො අමතා ද, ව්‍යවහාර කරනු කැමැති වැ ව්‍යහාර නො කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: බණනු කැමැතිවැ බණන්නේ නො වේ ද, කියනු කැමැති වැ කියන්නේ නො වේ ද, අමතනු කැමැති වැ අමතන්නේ නො වේ ද, ව්‍යවහාර කරනු කැමැති වැ ව්‍යවහාර කරන්නේ නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් බණනු කැමැතිවැ බෙණේ නම්, කියනු කැමැති වැ කියා නම්, අමතනු කැමැති වැ අමතා නම්, වහරනු කැමැති වැ ව්‍යවහාර කෙරේ නම්,
අනු. පා: භවත, ‘යථාචිත්ත වාක් නො වෙති’ යි නො කියැයුතු මැ යැ.
5. ස. පු: ‘යථාචිත්ත වාක් නො වෙති’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ‘අනෙකක් කියමි’ අනෙකක් කියන, ‘අනෙකක් බෙණෙමි’ යි අනෙකක් බණන ‘අනෙකකු අමතමි’ යි අනෙකකු අමතන, ‘අනෙකක් වහරමි’ යි අනෙකක් වහරන කිසිවෙක් ඇත්තේ නො වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් ‘අනෙකක් බෙණෙමි’ යි අනෙකක් බණන ‘අනෙකක් වහරමි’ යි අනෙකක් වහරන කිසිවෙක් ඇත් නම්,
අනු. පා: භවත, එකරුණින් ‘වාක් චිත්තානුගතික නො වේ ය’ යි කියැයුතු වෙයි.
න යථාචිත්තස්ස වාචාතිකථා නිමි.
න යථාචිත්තස්ස කායකම්මන්ති කථා
[යම් හෙයෙකින් අන් තැනෙක යමියි අන් තැනෙක යන යම් මැ කෙනෙක් ඇත්තාහු වෙත් ද, එහෙයින් කායකර්‍ම චිත්තානුගතික නො වෙයි, චිත්තයෙන් වෙන් වැ ද පවත්නේ’ යයි ලබ්ධි ගත් පූර්‍වශෛලියයන්ගේ වාද බිඳුනට ‘න යථාචිත්තස්ස කායකම්මන්ති කථා’ එයි.]
1. ස. පු: කායකර්‍ම චිත්තානුගතික නො වන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අඵස්සකයාගේ කායකර්‍ම … අචිත්තකයාගේ කායකර්‍ම වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: සඵස්සකයාගේ කායකර්‍ම නො? … සචිත්තකයාගේ කායකර්‍ම නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් සඵස්සකයාගේ කායකර්‍ම වේ නම් … සචිතයක්හුගේ කායකර්‍ම වේ නම්,
අනු. පා: භවත, ‘යථාචිත්ත කායකර්‍ම නො වෙති’යි නො කියැයුතු මැ යැ.
2. ස. පු: යථාචිත්ත කායකර්‍ම නො වන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ආවර්‍ජනා නො කරන්නහුගේ කායකර්‍ම වේ ද? ප්‍රණිධාන නො කරන්නහුගේ කායකර්‍ම වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: ආවර්‍ජනා කරන්නහුගේ කායකර්‍ම නො? ප්‍රණිධාන කරන්නහුගේ කායකර්‍ම නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් ආවර්‍ජනා කරන්නහුගේ කායකර්‍ම වේ නම් … ප්‍රණිධාන කරන්නහුගේ කායකර්‍ම වේ නම්,
අනු. පා: භවත, ‘යථාචිත්ත කායකර්‍ම නො වෙති’යි නො කියැයුතු යැ.
3. ස. පු: යථාචිත්ත කායකර්‍ම නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කායකර්‍මය චිත්තසමුත්‍ථාන, චිත්තසහජාත, චිත්තය හා ඒකෝත්පාද නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් කායකර්‍මය චිත්තසමුත්‍ථාන චිත්තසහජාත චිත්තය හා ඒකෝත්පාද වේ නම්,
අනු. පා: භවත, ‘යථාචිත්ත කායකර්‍ම නො වේ’ යයි නො කියැයුතු මැ යැ.
4. ස. පු: යථාචිත්ත කායකර්‍ම නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පෙරට නො යනු කැමැත්තේ පෙරට යේ ද, පෙරළා නො එනු කැමැත්තේ පෙරළා ඒ ද, ඉදිරි නො බලනු කැමැත්තේ ඉදිරි බලා ද, අවට නො බලනු කැමැත්තේ අවට බලාද, අත්පා නො හකුළනු කැමැත්තේ අත්පා හකුළා ද, අත්පා දික් නො කරනු කැමැත්තේ අත්පා දික් කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: පෙරට යනු කැමැත්තේ පෙරට යන්නේ නො, පෙරළා එනු කැමැත්තේ පෙරළා යේ නො, ඉදිරි බලනු කැමැත්තේ ඉදිරි බලනුයේ නො, අවට බලනු කැමැත්තේ අවට බලා නො, අත්පා හකුළනු කැමැත්තේ අත්පා හකුළා නො, අත්පා දික් කරනු කැමැත්තේ අත්පා දික් කෙරේ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් පෙරට යනු කැමැත්තේ පෙරට යේ නම් … අත්පා දික් කරනු කැමැත්තේ අත්පා දික් කෙරේ නම්,
අනු. පා: භවත, ‘යථාචිත්ත කායකර්‍ම නො වේ’ යයි නො කියැයුතු මැ යැ.
5. ස. පු: කායකර්‍ම චිත්තානුගතික නො වේ’ යයි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ‘අන් තැනෙක යන්නෙමි’යි අන් තැනෙක යන කිසිවෙක් ඇත්තේ නො? … ‘අනෙකක් දික් කරන්නෙමි’ යි අනෙකක් දික් කරන කිසිවෙක් ඇත්තේ නො?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් ‘අන් තැනෙක යන්නෙමි’යි අන් තැනෙක යන … ‘අනෙකක් දිගු කරන්නෙමි’ යි අනෙකක් දිගු කරන කිසිවෙක් ඇත් නම්,
අනු. පා: එකරුණින් භවත, කායකර්‍ම චිත්තානුගතික නො වෙති’ යි කියැයුතු මැ යැ.
න යථාචිත්තස්ස කායකම්මන්තිකථා නිමි.
අතීතානාගතෙහි සමන්නාගතකථා
[අෂ්ටසමාපත්තිලාභීහුගේ සමවත්හු ඒකක්‍ෂණයෙහි නො පවත්නාහු නමුදු අතීත වශයෙනුදු අනාගත වශයෙනුදු ප්‍රත්‍යුත්පන්න වශයෙනුදු පවතිත්. ප්‍රතිවේධ කොට අපරිහීන වන හෙයින් ‘සමාපත්ති ලාභීහ’ යි කියනු ලැබේ. යම් කෙනෙක් විභාගවශයෙන් මෙසේ නො ගෙන ‘ධ්‍යානලාභීන්ගේ අතීතානාගත ධ්‍යානයෝ ද ඇත් නු යි ඔහු අතීතානාගත ධ්‍යානයෙනුදු සමන්‍වාගතයහ’ යි ලබ්ධි ගනිත් ද, ඒ අන්‍ධකනිකාය ආදීන්ගේ වාද බිඳුනට ‘අතීතානාගතෙහි සමන්නාගත කථා’ එයි.]
1. ස. පු: අතීතය හා සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අතීතය නිරුද්ධ වූයේ පහව ගියේ විපරිණත වූයේ අස්තයට ගියේ මැනැවින් අස්තයට ගියේ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් අතීතය නිරුද්ධ වී නම්, විගත වී නම්, විපරිණත වී නම්, අස්තඞ්ගත වී නම්, අභ්‍යස්තඞ්ගත වී නම්,