Kathāvatthu

Points of Controversy

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

පෙන්වන කොටස් 9601-9700 න් 15036

ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: රහත් චක්‍ෂුර්විඥානසමඞ්ගී වූයේ ‘ඥානී’ යයි කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ඒ ඥානයට ආලම්බනයෙක් ඇද්ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ …
ප. ආ: එ කරුණින් ඥානය අනාලම්බන වෙයි.
11. ප. පු: චක්‍ෂුර්විඥානසමන්‍විත රහත් ‘ප්‍රඥාවත්’ යයි කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ඒ ප්‍රඥාවට ආලම්බන ඇද්ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ …
ප. ආ: එ කරුණින් ප්‍රඥා අනාලම්බන වෙයි.
ඤාණං අනාරම්මණන්තිකථා නිමි.
අතීතානාගතාරම්මණකථා
[යම් හෙයෙකින් අතීත අනාගත ආරම්මණ නැද්ද, එහෙයින් අතීතාරාම්මණ චිත්තයෙන් වේවයි අනාගතාරම්මණ චිත්තයෙන් වේවයි ගත් ආරම්මණයෙක් නැත් නුයි ‘අතීතානාගතාරම්මණ චිත්තය අනාරම්මණ වියයුතු යැ’ යන උත්තරාපථකයන්ගේ වාද බිඳුනට ‘අතීතානාගතාරම්මණකථා’ එයි.]
1. ස. පු: අතීතාලම්බන චිත්තය අනාලම්බන වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අතීතාලම්බන ඇත්තේ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් අතීතාලම්බන ඇත්තේ වේ නම්,
අනු. පා: භවත, අතීතාලම්බන චිත්තය අනාලම්බන යැ’ යි නො කියැයුතු යැ …
අනු. ආ: ‘අනාලම්බනචිත්තය අතීතාලම්බන යැ’ යනු මිථ්‍යා යැ.
පටි. ඨ: ඉදින් අනාලම්බන හෝ වේ නම්,
පටි. පා: භවත, ‘අතීතාලම්බන යැ’ යි නො කියැයුතු නු යි,
පටි. ආ: ‘අනාලම්බනචිත්තය අතීතාලම්බන යැ’ යනු මිථ්‍යා යි.
2. ස. පු: අතීතාලම්බනචිත්තය අනාලම්බන වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අතීතය ඇරැබැ ආවර්‍ජනා … ප්‍රණිධි ඇත්තේ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් අතීතය ඇරැබැ ආවර්‍ජනා … ප්‍රණිධි ඇත් නම්,
අනු. පා: භවත, අතීතාලම්බනචිත්තය අනාලම්බන යැ’ යනු නො කියැයුතු මැ යැ.
3. ස. පු: අනාගතාලම්බන චිත්තය අනාලම්බන වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනාගතාලම්බන ඇත්තේ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් අනාගතාලම්බන ඇත්තේ වේ නම්,
අනු. පා: භවත, ‘අනාගතාලම්බන චිත්තය අනාලම්බන යැ’ යි නො කියැයුතු යැ මැ යි.
අනු. ආ: ‘අනාගතාලම්බන චිත්තය අනාලම්බන යැ’ යනු මිථ්‍යා යි,
පටි. ඨ: ඉදින් අනාලම්බන හෝ වේ නම්,
පටි. පා: භවත, ‘අනාලම්බන යැ’ යි නො කියැයුතු මැ යි,
පටි. ආ: ‘අනාලම්බන චිත්තය අනාගතාලම්බන යැ’ යනු මිථ්‍යායි.
4. ස. පු: අනාගතාලම්බන චිත්තය අනාලම්බන වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනාගතය ඇරැබැ ආවර්‍ජනා … ප්‍රණිධි ඇත්තේ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් අනාගතය ඇරැබැ ආවර්‍ජනා … ප්‍රණිධි ඇත් නම්,
අනු. පා: භවත, අනාගතාලම්බන චිත්තය අනාලම්බන යැ යි නො කියැයුතු මැ යැ.
5. ස. පු: ප්‍රත්‍යුත්පන්නය ඇරැබැ ආවර්‍ජනා … ප්‍රණිධි ඇත. ප්‍රත්‍යුත්පන්නාලම්බන චිත්තය සාලම්බන වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අතීතය අරභයා ආවර්‍ජනා … ප්‍රණිධි ඇත් නු’ යි අතීතාලම්බන චිත්තය සාලම්බන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: ප්‍රත්‍යුත්පන්නය අරභයා ආවර්‍ජනා … ප්‍රණිධි ඇත. ප්‍රත්‍යුත්පන්නාලම්බන චිත්තය සාලම්බන වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනාගතය අරභයා ආවර්‍ජනා … ප්‍රණිධි ඇත. අනාගතාලම්බන චිත්තය සාලම්බන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ස. පු: අතීතය අරභයා ආවර්‍ජනා … ප්‍රණිධි ඇත. අතීතාලම්බන චිත්තය අනාලම්බන වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ප්‍රත්‍යුත්පන්නය අරභයා ආවර්‍ජනා … ප්‍රණිධි ඇත. ප්‍රත්‍යුත්පන්නාලම්බන චිත්තය අනාලම්බන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
8. ස. පු: අනාගතය අරභයා ආවර්‍ජනා … ප්‍රණිධි ඇත. අනාගතාලම්බනචිත්තය අනාලම්බන වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ප්‍රත්‍යුත්පන්නය අරභයා ආවර්‍ජනා … ප්‍රණිධි ඇත. ප්‍රත්‍යුත්පන්නාලම්බන චිත්තය අනාලම්බන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
9. ප. පු: අතීතානාගතාලම්බන චිත්තය අනාලම්බන යැ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: අතීතානාගත නැත්තේ නො වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් අතීතානාගත නැත් නම්,
අනු. පා: එයින් භවත, “අතීතානාගතාලම්බන චිත්තය අනාලම්බන” යැ යි කියැයුතු මැ වේ.
අතීතානාගතාරම්මණකථා නිමි.
විතක්කානුපතිතකථා
[‘අවිශේෂයෙන් හැම සිත මැ විතර්‍කානුපතිත යැ’ යි ලබ්ධි ගත් උත්තරාපථකයන්ගේ වාද බිඳුනට ‘විතක්කානුපතිතකථා’ එයි.]
1. ස. පු: හැම සිත් විතර්‍කානුපතිත (විතර්‍කානුගත වේ ද?)
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: හැම සිත් විචාරානුපතිත, ප්‍රීත්‍යනුපතිත, සුඛානුපතිත, දුඃඛානුපතිත, සෞමනස්‍යානුපතිත, දෞර්‍මනස්‍යානුපතිත, උපේක්‍ෂානුපතිත, ශ්‍රද්ධානුපතිත, වීර්‍ය්‍යානුපතිත, ස්මෘත්‍යනුපතිත, සමාධ්‍යනුපතිත, ප්‍රඥානුපතිත, රාගානුපතිත, ද්වේෂානුපතිත, … අනපත්‍රපානුපතිත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: හැම සිත් විතර්‍කානුපතිත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අවිතර්‍කවිචාරමාත්‍ර සමාධියෙක් ඇත්තේ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් අවිතර්‍කවිචාරමාත්‍ර සමාධියෙක් ඇත් නම්,
අනු. පා: භවත, ‘හැම සිත විතර්‍කානුපතිත යැ’ යි නො කියැයුතු මැ යැ.
3. ස. පු: හැම සිත් විතර්‍කානුපතිත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අවිතර්‍කවිචාරමාත්‍ර සමාධියෙක් ඇත්තේ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් අවිතර්‍කඅවිචාරමාත්‍ර සමාධියෙක් ඇත් නම්,
අනු. පා: භවත, ‘හැම සිත විතර්‍කානුපතිත යැ’ යි නො කියැයුතු යැ.
4. ස. පු: හැම සිත් විතර්‍කානුපතිත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘සවිතර්‍කසවිචාරසමාධි යැ අවිතර්‍කවිචාරමාත්‍ර සමාධි යැ අවිතර්‍කඅවිචාර සමාධි යැ’ යි සමාධීහු තුන් දෙනෙක් වදාරනලද්දාහු නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින් “සවිතර්‍කසවිචාරසමාධි යැ අවිතර්‍කවිචාරමාත්‍ර සමාධි යැ අවිතර්‍කඅවිචාර සමාධි යැ’ යි සමාධීහු තුන් දෙනෙක් වදාරන ලද්දාහු වෙත් නම්,
අනු. පා: භවත, ‘හැම සිත විතර්‍කානුපතිත යැ’ යි නො කියැයුතු මැ යැ.
විතක්කානුපතිතකථා නිමි.
විතක්කවිප්ඵාරසද්දකථා
[‘විතර්‍කවිචාර වාක්සංස්කාරයහ’ යි වදාළෙන් විතර්‍කණය කරන්නහුගේ විතර්‍කවිස්ථාරය ශබ්ද වේ’ යයි ලබ්ධි ගත් පූර්‍වශෛලියයන්ගේ වාද බිඳුනට ‘විතක්කවිප්ඵාරසද්දකථා’ එයි.]
1. ස. පු: සර්‍වප්‍රකාරයෙන් විතර්‍කවිචාර කරන්නහුගේ විතර්‍ක විස්ඵාරය ශබ්ද වේ ද?