ප. පටි: එසේ නො කියැයුතු යැ …
10. ස. පු: ප්‍රතිඝානුශය මානානුශය දෘෂ්ට්‍යානුශය විචිකිත්සානුශය භවරාගානුශය අවිද්‍යානුශය අනාලම්බන වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අවිද්‍යාව, අවිද්‍යෞඝය, අවිද්‍යායෝගය, අවිද්‍යානුශය, අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථානය, අවිද්‍යාසංයෝජනය, අවිද්‍යානීවරණය අනාලම්බන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
11. ස. පු: අවිද්‍යාව, අවිද්‍යෞඝ … අවිද්‍යානීවරණ සාරම්මණ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අවිද්‍යානුශය සාලම්බන ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
12. ස. පු: අවිද්‍යානුශය අනාලම්බන ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කවරස්කන්‍ධයෙක්හි ඇතුළු වේ ද?
ප. වි: සංස්කාරස්කන්‍ධයෙහි ඇතුළු වේ.
ස. අනු: සංස්කාරස්කන්‍ධය අනාලම්බන ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
13. ස. පු: සංස්කාරස්කන්‍ධය අනාලම්බන ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: වේදනාස්කන්‍ධය, සංඥාස්කන්‍ධය, විඥානස්කන්‍ධය අනාලම්බන ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
14. ස. පු: අවිද්‍යානුශය අනාලම්බන ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කවර ස්කන්‍ධයෙක්හි ඇතුළු වේ ද?
ප. වි: සංස්කාරස්කන්‍ධයෙහි ඇතුළු වේ.
ස. අනු: සංස්කාරස්කන්‍ධය අනාලම්බන ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
15. ස. පු: සංස්කාරස්කන්‍ධය අනාලම්බන ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: වේදනාස්කන්‍ධය, සංඥාස්කන්‍ධය, විඥානස්කන්‍ධය අනාලම්බන ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
16. ස. පු: අවිද්‍යානුශය සංස්කාරස්කන්‍ධ පර්‍ය්‍යාපන්නවූයේ අනාලම්බන ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අවිද්‍යාව සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වූවා අනාලම්බන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
17. ස. පු: අවිද්‍යාව සංස්කාරස්කන්‍ධ පර්‍ය්‍යාපන්නවූවා සාලම්බනද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අවිද්‍යානුශය සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වූයේ සාලම්බන ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
18. ස. පු: අවිද්‍යානුශය සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වූයේ අනාලම්බන යැ. අවිද්‍යාව සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වූවා සාලම්බන ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සංස්කාරස්කන්‍ධ එකදෙශයක් සාලම්බන වේ ද? එක දේශයක් අනාලම්බන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
19. ස. පු: සංස්කාරස්කන්‍ධ එකදෙශයක් සාලම්බන වේ ද, එක දේශයක් අනාලම්බන වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: වේදනාස්කන්‍ධය, සංඥාස්කන්‍ධය, විඥානස්කන්‍ධය එකදෙශයක් සාලම්බන වේ ද, එකදෙශයක් අනාලම්බන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
20. ප. පු: “අනුශයෝ අනාලම්බන වෙති” යි නො කියයුතු ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: පෘථග්ජන තෙමේ කුශලඅව්‍යාකෘත සිත පවත්නා කල්හි අනුශය සහිත යයි කියැයුතු ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ඒ අනුශයන්ට ආරම්මණ ඇද්ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ …
ප. ආ: එ කරුණින් අනුශයයෝ අනාරම්මණ වෙති.
21. ප. පු: පෘථග්ජනතෙමේ කුශලඅව්‍යාකෘත සිත පවත්නා කල්හි රාග සහිත යයි කියැයුතු ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ඒ රාගයට අරමුණු ඇද්ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ …
ප. ආ: එ කරුණින් රාගය අනාරම්මණ වේ.
අනුසයා අනාරම්මණාතිකථා නිමි.
9. 5.
ඤාණං අනාරම්මණන්තිකථා
[චක්‍ෂුර්විඥාන සමන්‍විත අර්‍හත් ‘ඥාතී’ නම් වේ. ඥානයට එකෙණෙහි අරමුණක් නැත. එහෙයින් ‘ඤාණය අනාරම්මණ ය’ යි අන්‍ධක නිකාය වාසීන් සෙයින් ලබ්ධිගත් වාදීන්ගේ වාද බිඳුනට ඤාණං අනාරම්මණන්ති කථා එයි.]
1. ස. පු: ඥානය අනාරම්මණ (අරමුණු රහිත) වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: (ඥානය) රූප, නිර්‍වාණ, චක්‍ෂුරායතන … ස්ප්‍රෂ්ටව්‍යායතන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: ඥානය අනාරම්මණ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ප්‍රඥා, ප්‍රඥේන්‍ද්‍රිය ප්‍රඥාබල සම්‍යග්දෘෂ්ටි ධර්‍මවිචය සම්බෝධ්‍යඞ්ග අනාරම්මණ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: ප්‍රඥා, ප්‍රඥේන්‍ද්‍රිය, ප්‍රඥාබල, සම්‍යග්දෘෂ්ටි, ධර්‍මවිචය සම්බෝධ්‍යඞ්ග සාරම්මණ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ඥානය සාරම්මණ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: ඥානය අනාරම්මණ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: (ඥානය) කවර ස්කන්‍ධයෙක්හි ඇතුළු වේ ද?
ප. වි: සංස්කාරස්කන්‍ධයෙහි ඇතුළු වේ.
ස. අනු: සංස්කාරස්කන්‍ධය අනාරම්මණ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: සංස්කාරස්කන්‍ධය අනාරම්මණ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: වේදනාස්කන්‍ධය සංඥාස්කන්‍ධය විඥානස්කන්‍ධය අනාරම්මණ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: ඥානය සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වූයේ අනාරම්මණ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ප්‍රඥාව සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වූවා අනාරම්මණ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ස. පු: ප්‍රඥාව සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වූවා සාරම්මණ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ඥානය සංස්කාරස්කන්‍ධ පර්‍ය්‍යාපන්න වූයේ සාරම්මණ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
8. ස. පු: ඥානය සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වූයේ අනාරම්මණ වේ. ප්‍රඥාව සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වූවා සාරම්මණ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සංස්කාරස්කන්‍ධය එකදෙශයක් සාරම්මණ වේ ද, එකදෙශයක් අනාරම්මණ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
9. ස. පු: සංස්කාරස්කන්‍ධය එකදෙශයක් සාරම්මණ වූයේ එකදෙශයක් අනාරම්මණ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: වේදනාස්කන්‍ධය, සංඥාස්කන්‍ධය, විඥානස්කන්‍ධය එකදෙශයක් සාරම්මණ වේ ද, එකදෙශයක් අනාරම්මණ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
10. ප. පු: ‘ඥානය අනාලම්බන වේ යැ’ යි නො කියැයුතු වේ ද?