Kathāvatthu

Points of Controversy

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

පෙන්වන කොටස් 9401-9500 න් 15036

8. ස. පු: රූපය අරමුණු කොට මෝහය උපදී. රූපය මෝහකාරණයට හිත වේ ද, අඥානකරණ වේ ද …නිර්‍වාණසංවර්‍තනික නො වන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නිවන අරමුණු කොට මෝහය උපදී. නිවන මෝහකාරණයට හිත වේ ද, අඥානකරණ වේ ද … නිර්‍වාණසංවර්‍තනික නො වන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
9. ස. පු: නිවන් අරමුණු කොට සංයෝජනයෝ උපදිත්. නිවන සංයෝජනයට හිත නො වූයේ ග්‍රන්‍ථයන් විසින් නො ගෙතුණේ ඕඝයන් විසින් නො වතුළේ යෝගයෙන් නො යෙදුණේ නීවරණයට හිත නො වූයේ තෘෂ්ණාදෘෂ්ටින් විසින් පරාමර්‍ශ නො කරන ලද්දේ උපාදානයට හිත නො වූයේ සංක්ලේශයට හිත නො වූයේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රූපය අරමුණු කොට සංයෝජනයෝ උපදිත්. රූපය අසංයෝජනීය … අග්‍රන්‍ථනීය … අසාංක්ලේශික වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
10. ස. පු: නිවන් අරමුණු කොට රාගය උපදී. නිවන රාගස්ථානිය, රජනීය, කමනීය, මදනීය, බන්‍ධනීය මූර්ඡනීය නො වන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රූපය අරමුණු කොට රාගය උපදී. රූපය රාගස්ථානිය නො වූයේ … මූර්ඡනීය නො වූයේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
11. ස. පු: නිවන අරමුණු කොට ද්වේෂය උපදී. නිවන ද්වේෂස්ථානිය නො වූයේ කොපස්ථානිය නො වූයේ ප්‍රතිඝස්ථානිය නො වූයේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රූපය අරමුණු කොට ද්වේෂය උපදී. රූපය ද්වේෂස්ථානිය නො වූයේ කොපස්ථානිය නො වූයේ ප්‍රතිඝස්ථානිය නො වූයේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
12. ස. පු: නිවන අරමුණු කොට මෝහය උපදී. නිවන මෝහස්ථානිය නො වූයේ අඥානකරණ නො වූයේ … නිර්‍වාණසංවර්‍තනික නො වූයේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රූපය අරමුණු කොට මෝහය උපදී. රූපය මෝහස්ථානිය නො වූයේ අඥානකරණ නො වූයේ … නිර්‍වාණ සංවර්‍තනික නො වූයේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
13. ප. පු: ‘අමෘතාලම්බන සංයෝජන ය’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද්දේ මැ නු: “නිබ්බානය නිබ්බාන විසින් (විපරීතසංඥා වශයෙන්) සඤ්ජානන කෙරෙයි. නිබ්බානය නිබ්බාන විසින් සංඤ්ජානන කොට නිබ්බානය ත්‍රිවිධ මඤ්ඤනායෙන් හඟියි, නිබ්බානයෙහි ලා හඟියි, නිබ්බානයෙන් (වෙන් කොටගෙන) හඟියි, නිබ්බානය මාගේ යයි (ආත්මායත්ත කොට) හඟියි, නිබ්බානය අභිනන්‍දන කෙරෙයි” වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ස. පටිඤ්ඤා: එසේ යැ.
පටි. ආ: එ කරුණින් අමෘතාලම්බන සංයෝජන වෙයි. (දෘෂ්ටධර්‍මනිර්‍වාණ පිණිස වදාළ සූත්‍රාන්ත වන බැවින් මේ සාධක අසාධක වෙයි.)
අමෘතාලම්බනකථා නිමි.
රූපං සාරම්මණන්ති කථා
[රූපය සප්‍රත්‍යයාර්‍ත්‍ථයෙන් සාරම්මණ වෙයි. අනෙකක් අරමුණු නො කෙරේ යයි ආලම්බන ප්‍රත්‍යය වශයෙන් සාරම්මණ නො වෙයි. ඒ වෙනස නො ගෙන ‘රූපය සාරම්මණ යැ’ යි කියන උත්තරාපථකයන්ගේ වාද බිඳුනට ‘රූපං සාරම්මණන්ති කථා’ එයි.]
1. ස. පු: රූපය සාලම්බන වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ඊට ආවර්‍ජනා, ආභෝග, සමන්‍වාහාර, මනස්කාර, චේතනා, ප්‍රාර්‍ත්‍ථනා, ප්‍රණිධි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: ඊට ආවර්‍ජනා, ආභෝග, … ප්‍රණිධි නැත්තේ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඊට ආවර්‍ජනා, ආභෝග … ප්‍රණිධි නැත් නම්,
අනු. පා: ‘රූපය සාලම්බන යැ’ යි නො කියැයුතු මැ යැ.
2. ස. පු: ස්පර්‍ශය සාලම්බන යැ. ඊට ආවර්‍ජනා ආභෝග … ප්‍රණිධි ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රූපය සාලම්බන යැ. ඊට ආවර්‍ජනා, ආභෝග … ප්‍රණිධි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: වේදනා … සංඥා … චේතනා … චිත්ත … ශ්‍රද්ධා … වීර්‍ය්‍ය … ස්මෘති සමාධි … ප්‍රඥා … රාග … ද්වේෂ … මෝහ … මාන … දෘෂ්ටි … විචිකිත්සා … සත්‍යාන … ඖද්ධත්‍ය … අහ්‍රීක … අනපත්‍රපා සාලම්බන යැ. ඊට ආවර්‍ජනා ආභෝග … ප්‍රණිධි ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රූපය සාලම්බනය. ඊට ආවර්‍ජනා ආභෝග … ප්‍රණිධි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: රූපය සාලම්බන යැ. ඊට ආවර්‍ජනා, ආභෝග … ප්‍රණිධි නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ස්පර්‍ශ සාලම්බන යැ. ඊට ආවර්‍ජනා, ආභෝග, … ප්‍රණිධි නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: රූපය සාලම්බන යැ. ඊට ආවර්‍ජනා, ආභෝග, … ප්‍රණිධි නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: වේදනා … සංඥා … අනපත්‍රපා සාලම්බන යැ. ඊට ආවර්‍ජනා, ආභෝග, … ප්‍රණිධි නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ප. පු: ‘රූපය සාලම්බන යැ’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: රූපය සප්‍රත්‍යය නො වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් රූපය සප්‍රත්‍යය වේ නම්,
අනු. පා: භවත, එකරුණින් ‘රූපය සාලම්බන යැ’ යි කියැයුතු මැ යැ.
රූපං සාරම්මණන්තිකථා නිමි.
අනුසයා අනාරම්මණා’ති කථා
[‘අනුශයධර්‍මයෝ නම් චිත්තවිප්‍රයුක්ත අහේතුක අව්‍යාකෘතයෝ වෙත් නුයි අනාලම්බනයහ’ යි ලබ්ධි ගත් අන්‍ධකාදීන්ගේ වාද බිඳුනට ‘අනුසයා අනාරම්මණා’ ති කථා එයි.]
1. ස. පු: අනුශය ධර්‍මයෝ අනාලම්බන වෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රූප වේ ද, නිර්‍වාණ වේ ද, චක්‍ෂුරායතන වේ ද … ස්පර්‍ශායතන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: කාමරාගානුශය අනාලම්බන වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කාමරාගය, කාමරාගපර්‍ය්‍යුත්‍ථානය, කාමරාග සඤ්ඤෝජනය, කාමෝඝය, කාමයෝගය, කාමච්ඡන්‍දනීවරණය අනාලම්බන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: කාමරාගය, කාමරාගපර්‍ය්‍යුත්‍ථානය, කාමරාග සංයෝජනය, කාමෝඝය, කාමයෝගය, කාමච්ඡන්‍දනීවරණය සාලම්බන වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කාමරාගානුශය සාලම්බන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: කාමරාගානුශය අනාලම්බන වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පු: කවර ස්කන්‍ධයෙක්හි ඇතුළු වේ ද?
ප. වි: සංස්කාරස්කන්‍ධයෙහි ඇතුළු වෙයි.
ස. අනු: සංස්කාරස්කන්‍ධය අනාලම්බන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: සංස්කාරස්කන්‍ධය අනාලම්බන වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: වේදනාස්කන්‍ධය, සංඥාස්කන්‍ධය, විඥානස්කන්‍ධය අනාලම්බන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: කාමරාගානුශය සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වූයේ අනාලම්බන වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කාමරාගය සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වූයේ අනාලම්බන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ස. පු: කාමරාගය සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වූයේ සාලම්බන වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කාමරාගානුශය සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වූයේ සාලම්බන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
8. ස. පු: (තොප මතයෙහි) කාමරාගානුශය සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වූයේ අනාලම්බන වෙයි. කාමරාගය සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වූයේ සාලම්බන වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සංස්කාරස්කන්‍ධය එකදෙශයක් සාලම්බන වූයේ එකදෙශයක් අනාලම්බන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
9. ස. පු: සංස්කාරස්කන්‍ධය එකදෙශයක් සාලම්බන වූයේ එකදෙශයක් අනාලම්බන වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: වේදනාස්කන්‍ධය, සංඥාස්කන්‍ධය, විඥානස්කන්‍ධය එකදෙශයක් සාලම්බන වූයේ එකදෙශයක් අනාලම්බන වේ ද?