Kathāvatthu

Points of Controversy

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

පෙන්වන කොටස් 9201-9300 න් 15036

ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ඉදින් රූපීධර්‍මයන්ගේ ආයු, ස්ථිති, යපන, යාපන, ඉරියන, වර්‍තන, පාලන ඇත. රූපජීවිතේන්‍ද්‍රිය ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: රූපීධර්‍මයන්ගේ ආයු, ස්ථිති, යපන, යාපන, ඉරියන, වර්‍තන, පාලන ඇත. රූපජීවිතේන්‍ද්‍රිය නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අරූපීධර්‍මයන්ගේ ආයු, ස්ථිති, යපන, යාපන, ඉරියන, වර්‍තන, පාලන ඇත. අරූපජීවිතෙන්‍ද්‍රිය නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: අරූපී ධර්‍මයන්ගේ ආයු අරූප ජීවිතේන්‍ද්‍රිය වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රූපීධර්‍මයන්ගේ ආයු රූපජීවිතේන්‍ද්‍රිය වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: රූපීධර්‍මයන්ගේ ආයු රූපජීවිතේන්‍ද්‍රිය යයි නො කියැයුතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අරූපීධර්‍මයන්ගේ ආයු අරූපජීවිතෙන්‍ද්‍රිය යයි නො කියැයුතු වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ස. පු: රූපීධර්‍මයන්ගේ ආයු අරූපජීවිතෙන්‍ද්‍රිය වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අරූපීධර්‍මයන්ගේ ආයු අරූපජීවිතෙන්‍ද්‍රිය වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
8. ස. පු: අරූපීධර්‍මයන්ගේ ආයු රූපජීවිතේන්‍ද්‍රිය යයි නො කියැ යුතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රූපීධර්‍මයන්ගේ ආයු අරූපජීවිතෙන්‍ද්‍රිය යයි නො කියැයුතු වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
9. ස. පු: රූපී වූත් අරූපී වූත් ධර්‍මයන්ගේ ආයු අරූපජීවිතෙන්‍ද්‍රිය වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රූපී වූත් අරූපී වූත් ධර්‍මයන්ගේ ආයු රූපජීවිතේන්‍ද්‍රිය වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
10. ස. පු: රූපී වූත් අරූපී වූත් ධර්‍මයන්ගේ ආයු රූපජීවිතේන්‍ද්‍රිය යයි නො කියැයුතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රූපී වූත් අරූපී වූත් ධර්‍මයන්ගේ ආයු අරූපජීවිතෙන්‍ද්‍රිය යයි නො කියැයුතු වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
11. ස. පු: රූපජීවිතේන්‍ද්‍රිය නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නිරෝධයට සමවන්නහුට ජීවිතේන්‍ද්‍රිය නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
12. ස. පු: නිරෝධයට සමවන්නහුට ජීවිතේන්‍ද්‍රිය ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් නිරෝධයට සමවන්නහුට ජීවිතේන්‍ද්‍රිය ඇත් නම්,
අනු. පා: භවත ‘රූපජීවිතේන්‍ද්‍රිය නැති’ යි නො කියැයුතු මැ යැ.
13. ස. පු: නිරෝධයට සමවන්නහුට ජීවිතේන්‍ද්‍රිය ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පු: කිනම් ස්කන්‍ධයෙක ඇතුළත් වේ ද?
ප. වි: සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වෙයි.
ස. අනු: නිරෝධයට සමවන්නහුට සංස්කාරස්කන්‍ධ ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ නො කියැයුතු යැ …
14. ස. පු: නිරෝධයට සමවන්නහුට සංස්කාරස්කන්‍ධ ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නිරෝධයට සමවන්නහුට වේදනාස්කන්‍ධ ඇද්ද? … සංඥාස්කන්‍ධ ඇද්ද? … විඥානස්කන්‍ධ ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
15. ස. පු: නිරෝධයට සමවන්නහුට වේදනාස්කන්‍ධ ඇද්ද? … සංඥාස්කන්‍ධ ඇද්ද? … විඥානස්කන්‍ධ ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නිරෝධ සමාපන්න නො වන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
16. ස. පු: රූප ජීවිතේන්‍ද්‍රිය නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අසංඥසත්ත්‍වයනට ජීවිතේන්‍ද්‍රිය නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
17. ස. පු: අසංඥසත්ත්‍වයනට ජීවිතේන්‍ද්‍රිය ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් අසංඥසත්ත්‍වයන්ට ජීවිතේන්‍ද්‍රිය ඇත් නම්,
අනු. පා: භවත ‘රූපජීවිතේන්‍ද්‍රිය නැති’ යි නො කියැයුතු මැ යැ.
18. ස. පු: අසංඥසත්ත්‍වයනට ජීවිතේන්‍ද්‍රිය ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පු: කවර ස්කන්‍ධයෙක පර්‍ය්‍යාපන්න වේ ද?
ප. වි: සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වෙයි.
ස. අනු: අසංඥසත්ත්‍වයනට සංස්කාරස්කන්‍ධ නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ නො කියැයුතු යැ …
19. ස. පු: අසංඥසත්ත්‍වයනට සංස්කාරස්කන්‍ධ ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අසංඥසත්ත්‍වයනට වේදනාස්කන්‍ධ ඇද්ද? … සංඥාස්කන්‍ධ ඇද්ද? … විඥානස්කන්‍ධ ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
20. ස. පු: අසංඥසත්ත්‍වයනට වේදනාස්කන්‍ධ ඇද්ද? … සංඥාස්කන්‍ධ ඇද්ද? … විඥානස්කන්‍ධ ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පඤ්චවෝකාරභව වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
21. ස. පු: උපපත්තෙසියචිත්තයෙන් සමුත්‍ථිත ජීවිතේන්‍ද්‍රිය උපපත්තෙසියචිත්තය භිද්‍යාමාන වත් මැ ඒකදේශ වැ බිඳේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: උපපත්තෙසියචිත්තයෙන් සමුත්‍ථිත ස්පර්‍ශය උපපත්තෙසියචිත්තය භිද්‍යාමානවත් මැ ඒකදේශ වැ බිඳේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
22. ස. පු: උපපත්තෙසිය චිත්තයෙන් සමුත්‍ථිත ස්පර්‍ශය එ සිත භිද්‍යාමාන වත් මැ අනවශේෂ වැ බිඳේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: උපපත්තෙසිය චිත්තයෙන් නැඟි ජීවිතේන්‍ද්‍රිය එ සිත භිද්‍යාමාන වත් මැ අනවශේෂ වැ බිඳේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
23. ප. පු: ජීවිතේන්‍ද්‍රියයෝ දෙදෙනෙක් ඇද්ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ජීවිත දෙකෙකින් ජීවත් වේ ද? මරණ දෙකෙකින් මැරේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ජීවිතෙන්‍ද්‍රියකථා නිමි.
කම්මහේතු කථා
[‘යම් රහත් කෙනෙක් අතීත භවයෙහි දී රහත්හට අභ්‍යාඛ්‍යාන කළාහු වෙත් ද, ඔව්හු තත් හේතුයෙන් රහත් බැවින් පිරිහෙති’ යි ලබ්ධි ගත්තාහු ඇති. පූර්‍වශෛලීය සම්මිතීය නිකාය වාසීන් සෙයිනි. උන්ගේ වාද බිඳුනට ‘කම්මහෙතුකථා’ එයි.]
1. ස. පු: කර්‍මහේතුයෙන් රහත් රහත් බැවින් පිරිහී යේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කර්‍මහේතුයෙන් සොවන්පුඟුල් සෝවත්ඵලයෙන් පිරිහී යේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: කර්‍මහේතුයෙන් රහත් රහත් බැවින් පිරිහී යේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කර්‍මහේතුයෙන් සෙදගැමි පුඟුල් … අනගැමි පුඟුල් අනගැමි ඵලයෙන් පිරිහී යේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: කර්‍මහේතුයෙන් ශ්‍රෝතාපන්න පුද්ගල ශ්‍රෝතාපත්තිඵලයෙන් පිරිහී නො යේ ද?