ප. පටි: එසේ නො කියැයුතු යැ …
57. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූපය අනාලම්බන ස්පර්‍ශවිප්‍රයුක්ත අකුශල වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත රූපායතනය අනාලම්බන ස්පර්‍ශවිප්‍රයුක්ත අකුශල වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
58. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූපය අනාලම්බන ස්පර්‍ශවිප්‍රයුක්ත අකුශල වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත ශබ්දායතන … ගන්‍ධායතන … රසායතන … ස්ප්‍රෂ්ටව්‍යායතන … පෘථිවීධාතු … අබ්ධාතු … තෙජොධාතු … වායෝධාතු… අසුචි … අශ්‍රැ … ලෙහෙ … සෝදිය අනාලම්බන ස්පර්‍ශවිප්‍රයුක්ත අකුශල වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
59. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත රූපායතනය අනාලම්බන ස්පර්‍ශවිප්‍රයුක්ත අව්‍යාකෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූපය අනාලම්බන ස්පර්‍ශවිප්‍රයුක්ත අව්‍යාකෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
60. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත ශබ්දායතන … ගන්‍ධායතන … රසායතන … ස්ප්‍රෂ්ටව්‍යායතන … පෘථිවීධාතු … අබ්ධාතු … තෙජොධාතු … වායෝධාතු … අසුචි … අශ්‍රැ … ලෝහිත … ස්වේද අනාලම්බන ස්පර්‍ශවිප්‍රයුක්ත අව්‍යාකෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූපය අනාලම්බන ස්පර්‍ශවිප්‍රයුක්ත අව්‍යාකෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
61. ප. පු: රූපය ‘කුශල යැ’ යි ‘අකුශල යැ’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: කායකර්‍ම වාක්කර්‍ම කුශලත් අකුශලත් වන්නේ නො වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් කායකර්‍ම වාක්කර්‍ම කුශලත් අකුශලත් වේ නම්,
අනු. පා: භවත, එකරුණින් ‘රූපය කුශලත් අකුශලත් වේය’ යි නො කියැයුතු මැ යැ.
62. ස. පු: රූපය කුශලත් අකුශලත් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: චක්‍ෂුරායතනය කුශලත් අකුශලත් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
63. ස. පු: රූපය කුශලත් අකුශලත් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ශ්‍රෝතායතනත … ඝ්‍රාණායතනය … ජිහ්වායතනය … කායායතනය … රූපායතනය … ශබ්දායතනය … ගන්‍ධායතනය … රසායතනය … ස්පර්‍ශායතනය … පෘථිවීධාතු … අබ්ධාතු … තෙජොධාතු … වායෝධාතු … අසුචි … අශ්‍රැ … රුධිර … ස්වේද කුශලත් අකුශලත් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
64. ස. පු: කාය රූප වේ ද, කායකර්‍ම රූප වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මනස රූප වේ ද, මනඃකර්‍ම රූප වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
65. ස. පු: මනස අරූප වේ ද, මනඃකර්‍ම අරූප වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කාය අරූප වේ ද, කායකර්‍ම අරූප වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
66. ස. පු: කාය රූප වෙයි, කාය කර්‍ම අරූප වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මනස රූප වේ ද, මනඃකර්‍ම අරූප වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
67. ස. පු: මනස අරූප වෙයි, මනඃකර්‍ම අරූප වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කාය අරූප වේ ද, කායකර්‍ම අරූප වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
68. ස. පු: කාය රූප වේනුයි කායකර්‍ම රූප වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: චක්ඛායතනය රූප වේනුයි චක්‍ෂුර්විඥානය රූප වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
69. ස. පු: කය රූප වේනුයි කායකර්‍ම රූප වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ශ්‍රෝත්‍රායතනය රූප වේනුයි ශ්‍රෝත්‍රවිඥානය රූප වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
70. ස. පු: කය රූප වේනුයි කායකර්‍ම රූප වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ඝ්‍රාණායතන රූප වේනුයි ඝ්‍රාණවිඥානය රූප වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
71. ස. පු: කය රූප වේනුයි කායකර්‍ම රූප වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ජිහ්වායතන රූප වේනුයි ජිහ්වාවිඥානය රූප වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
72. ස. පු: කය රූප වේනුයි කායකර්‍ම රූප වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කායායතන රූප වේනුයි කායවිඥාන රූප වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
73. ස. පු: රූපය කර්‍ම වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ මැ නු: “මහණෙනි, මම චේතනාව කර්‍ම යැ යි කියමි. සිතා කයින් වචනයෙන් මනසින් කර්‍ම කෙරේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ආ: එකරුණින් ‘රූපය කර්‍ම යැ’ යි නො කියැයුතු යැ.
74. ස. පු: රූපය කර්‍ම වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ මැ නු: “ආනන්‍දය, කය හෝ ඇති කල්හි කායසඤ්චේතනා හේතුයෙන් අධ්‍යාත්ම සුඛදුඃඛය උපදී. ආනන්‍දය, වචනය හෝ ඇති කල්හි වචීසඤ්චේතනා හේතුයෙන් අධ්‍යාත්ම සුඛදුඃඛ උපදී. මනස හෝ ඇති කල්හි මනෝසඤ්චේතනා හේතුයෙන් අධ්‍යාත්ම සුඛදුඃඛ උපදි” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ආ: එකරුණින් ‘රූපය කර්‍ම යැ’ යි නො කියැයුතු යැ.
75. ස. පු: රූපය කර්‍ම වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ මැ නු: “මහණෙනි, ත්‍රිවිධ කායසඤ්චේතනාව දුක් වූ දුඃඛවිපාක වූ අකුශල කායකර්‍ම වෙයි. මහණෙනි, චතුර්විධ වාක්සඤ්චෙතනාව දුක් වූ දුඃඛවිපාක වූ අකුශල වාක්කර්‍ම වෙයි. මහණෙනි, ත්‍රිවිධ මනඃසඤ්චේතනාව දුක් වූ දුඃඛවිපාක වූ අකුශල මනඃකර්‍ම වෙයි. මහණෙනි, ත්‍රිවිධ කායසඤ්චේතනාව සුඛ වූ සුඛවිපාක වූ කුශල කායකර්‍ම වෙයි. මහණෙනි, චතුර්විධ වාක්සඤ්චෙතනාව සුඛ වූ සුඛවිපාක වූ කුශලවාක්කර්‍ම වෙයි. මහණෙනි, ත්‍රිවිධ වූ මනඃසඤ්චේතනාව සුඛ වූ සුඛවිපාක වූ කුශලමනඃකර්‍ම වේ යැ” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ආ: එකරුණින් ‘රූපය කර්‍ම යැ’ යි නො කියැයුතු යැ.
76. ස. පු: රූපය කර්‍ම වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ මැ නො: “ඉදින් ආනන්‍දය, මේ සමිද්ධි මෝඝපුරුෂපාටලීපුත්‍ර පරිව්‍රාජක විසින් මෙසේ පුළුවුස්නා ලද්දේ මෙසේ පවසන්නේ යැ. (කෙසේ යැ යත්:) ඇවැත්නි, පාටලීපුත්‍රය, කයින් වචසින් මනසින් සුඛවේදනාවට හිත සඤ්චේතනික කර්‍ම කොට හේ සුව විඳියි. ඇවැත්නි, පාටලීපුත්‍රය, කයින් වචසින් මනසින් දුඃඛවෙදනාවට හිත සඤ්චේතනික කර්‍ම කොට හේ දුක් විඳියි. ඇවැත්නි, පාටලීපුත්‍රය, කයින් වචසින් මනසින් උපේක්‍ෂා වේදනාවට හිත සඤ්චේතනික කර්‍ම කොට හේ නො දුක් නො සුව වේදනා විඳී යයි. ආනන්‍දය, මෙසේ පවසන සමිද්ධි මෝඝපුරුෂ පාටලීපුත්‍ර පරිව්‍රාජකහට මොනොවට පවසන්නේ වේ යයි” වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: එකරුණින් ‘රූපය කර්‍ම යැ’ යි නො කියැයුතු යැ.
රූපං කම්මන්තිකථා නිමි.
8. 10.
ජීවිතින්‍ද්‍රිය කථා
[ජීවිතේන්‍ද්‍රිය නම් චිත්තවිප්‍රයුක්ත අරූපධර්‍මයෙකැයි ද, එයින් ‘රූපජීවිතේන්‍ද්‍රිය නැත’ යනු ද පූර්‍වශෛලීය සමමිතීය නිකායවාසින්ගේ ලබ්ධියෙකි. උන්ගේ වාද බිඳුනට ජීවිතින්‍ද්‍රිය කථා එයි.]
1. ස. පු: රූපජීවිතේන්‍ද්‍රිය නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රූපීධර්‍මයන්ගේ ආයු, ස්ථිති, යපන, යාපන, ඉරියන, වර්‍තන, පාලන නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: රූපීධර්‍මයන්ගේ ආයු, ස්ථිති, යපන, යාපන, ඉරියන, වර්‍තන, පාලන ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් රූපීධර්‍මයන්ගේ ආයු, ස්ථිති, යපන, යාපන, ඉරියන, වර්‍තන, පාලන ඇත් නම්,
අනු. පා: භවත,’රූපජීවිතේන්‍ද්‍රිය නැති’ යි නො කියැයුතු මැ යැ.
3. ස. පු: අරූපීධර්‍මයන්ගේ ආයු, ස්ථිති, යපන, යාපන, ඉරියන, වර්‍තන, පාලන ඇත. අරූපජීවිතෙන්‍ද්‍රිය ඇද්ද?