Kathāvatthu

Points of Controversy

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

පෙන්වන කොටස් 9001-9100 න් 15036

32. ස. පු: අනාලම්බන වූයේ නො වේ ද? එයට ආවර්‍තනා ආභෝග සමන්‍වාහාර මනසිකාර චේතනා ප්‍රාර්‍ත්‍ථනා ප්‍රණිධි නැත්තේ නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ ය.
අනු. ඨ: ඉදින් අනාලම්බන වේ නම්, එයට අවර්‍තනා ආභෝග සමන්‍වාහාර මනසිකාර චේතනා ප්‍රාර්‍ත්‍ථනා ප්‍රණිධි නැත් නම්,
අනු. පා: භවත, ‘අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත කායකර්‍මරූපය අකුශල වේ ය’ යි නො කියැයුතු මැ යැ.
33. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත ස්පර්‍ශය අකුශල වූයේ සාලම්බන වූයේ එයට ආවර්‍තනා … ප්‍රණිධි ඇත්තේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත කායකර්‍මරූපය අකුශල වූයේ සාලම්බන වූයේ එයට ආවර්‍තනා … ප්‍රණිධි ඇත්තේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
34. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වේදනා … සංඥා … චේතනා රාග … ද්වේෂ …මෝහ … මාන… දෘෂ්ටි … විචිකිත්සා … සත්‍යාන … ඖද්ධත්‍ය … අහ්‍රීක … අනපත්‍රපා අකුශල වූයේ සාලම්බන වූයේ එයට ආවර්‍තනා … ප්‍රණිධි ඇත්තේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත කායකර්‍මරූපය අකුශල වෙයි, සාලම්බන වෙයි. එයට ආවර්‍තනා … ප්‍රණිධි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
35. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත කායකර්‍මරූපය අකුශල වෙයි, අනාලම්බන වෙයි. එයට ආවර්‍තනා … ප්‍රණිධි නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත ස්පර්‍ශය අකුශල වෙයි, අනාලම්බන වෙයි. එයට ආවර්‍තනා … ප්‍රණිධි නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
36. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත කායකර්‍මරූපය අකුශල වෙයි, අනාලම්බන වෙයි. එයට ආවර්‍තනා … ප්‍රණිධි නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වේදනා … සංඥා … චේතනා … රාග … ද්වේෂ … මෝහ … මාන… දෘෂ්ටි … විචිකිත්සා … සත්‍යාන … ඖද්ධත්‍ය … අහ්‍රීක … අනපත්‍රපා අකුශල වෙයි, අනාලම්බන වෙයි. එයට ආවර්‍තනා … ප්‍රණිධි නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
37. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත කායකර්‍මරූපය අකුශල වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත යම් මැ රූපයෙක් ඇද්ද, එ හැම අකුශල වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
38. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූපය අකුශල වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සාලම්බන වෙයි. එයට ආවර්‍තනා … ප්‍රණිධි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
39. ස. පු: අනාලම්බන නො වේ ද, එයට ආවර්‍තනා … ප්‍රණිධියෙක් නැත්තේ නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් අනාලම්බන වේ නම්, එයට අවර්‍තනා … ප්‍රණිධි නැත් නම්;
අනු. පා: භවත, ‘අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූප අකුශල වේ ය’ යි නො කියැයුතු මැ යැ.
40. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත ස්පර්‍ශය අකුශල වෙයි. සාලම්බන වෙයි. එයට ආවර්‍තනා … ප්‍රණිධි ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූප අකුශල වෙයි, සාලම්බන වෙයි. එයට ආවර්‍තනා … ප්‍රණිධි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
41. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වේදනා … සංඥා … චේතනා … රාග … ද්වේෂ … මෝහ … මාන … දෘෂ්ටි … විචිකිත්සා … සත්‍යාන … ඖද්ධත්‍ය … අහ්‍රීක … අනපත්‍රපා අකුශල වෙයි, සාලම්බන වෙයි. එයට ආවර්‍තනා … ප්‍රණිධි ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූප අකුශල වෙයි, සාලම්බන වෙයි. එයට ආවර්‍තනා … ප්‍රණිධි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
42. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූප අකුශල වෙයි, අනාලම්බන වෙයි. එයට ආවර්‍තනා ප්‍රණිධි නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වේදනා … සංඥා … චේතනා … රාග … ද්වේෂ … මෝහ … මාන… දෘෂ්ටි … විචිකිත්සා … සත්‍යාන … ඖද්ධත්‍ය … අහ්‍රීක … අනපත්‍රපා අකුශල වෙයි, අනාලම්බන වෙයි. එයට ආවර්‍තනා … ප්‍රණිධි නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
43. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූපය අකුශල වෙයි, අනාලම්බන වෙයි. එයට ආවර්‍තනා … ප්‍රණිධි නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත ස්පර්‍ශය අකුශල වෙයි, අනාලම්බන වෙයි. එයට ආවර්‍තනා … ප්‍රණිධි නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
44. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූපය අකුශල වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත යම් මැ රූපයෙක් වේ නම්, එ හැම අකුශල වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
45. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූපය අකුශල වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත රූපායතන අකුශල වේද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
46. ස. පු: අකුශල චිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූප අකුශල වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත ශබ්දායතන … ගන්‍ධායතන … රසායතන … ස්පර්‍ශායතන … පෘථිවීධාතු … අබ්ධාතු … තෙජොධාතු … වායෝධාතු … අසුචි … කඳුළු … ලෙහෙ … සෝදිය අකුශල වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
47. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත රූපායතන අව්‍යාකෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූප අව්‍යාකෘත වේද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
48. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත ශබ්දායතනය … ගන්‍ධායතනය රසායතනය … ස්පර්‍ශායතනය … පෘථිවීධාතු … අබ්ධාතු … තෙජොධාතු … වායෝධාතු … අසුචි … කඳුළු … ලෙහෙ … සෝදිය අව්‍යාකෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූපය අව්‍යාකෘත වේද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
49. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූපය අනාලම්බන අකුශල වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත රූපායතනය අනාලම්බන අකුශල වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
50. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූපය අනාලම්බන අකුශල වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත ශබ්දායතන … ගන්‍ධායතන … රසායතන … ස්පර්‍ශායතන … පෘථිවීධාතු … අබ්ධාතු … තෙජොධාතු … වායෝධාතු … අසුචි … කඳුළු … ලෙහෙ … ස්වේද අනාලම්බන අකුශල වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
51. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත රූපායතනය අනාලම්බන අව්‍යාකෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූපය අනාලම්බන අව්‍යාකෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
52. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත ශබ්දායතනය … ගන්‍ධායතනය … රසායතනය … ස්පර්‍ශායතන … පෘථිවීධාතු … අබ්ධාතු … තෙජොධාතු … වායෝධාතු … අසුචි … අශ්‍රැ … රුධිර … ස්වේද අනාලම්බන අව්‍යාකෘත වේ ද?
ප. පටි: එසේ යැ.
ස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූපය අනාලම්බන අව්‍යාකෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
53. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූපය අකුශල වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත රූපායතනය ස්පර්‍ශවිප්‍රයුක්ත අකුශල වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
54. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූපය ස්පර්‍ශවිප්‍රයුක්ත අකුශල වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත ශබ්දායතන … ගන්‍ධායතන … රසායතන … ස්ප්‍රෂ්ටව්‍යායතන … පෘථිවීධාතු … ආපෝධාතු … තෙජොධාතු … වායෝධාතු … අසුචි … අශ්‍රැ … ලෝහිත … ස්වේද ස්පර්‍ශවිප්‍රයුක්ත අකුශල වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
55. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත රූපායතනය ස්පර්‍ශවිප්‍රයුක්ත අව්‍යාකෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූපය ස්පර්‍ශවිප්‍රයුක්ත අව්‍යාකෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
56. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත ශබ්දායතන … ගන්‍ධායතනය … රසායතනය … ස්ප්‍රෂ්ටව්‍යායතනය … පෘථිවීධාතු … අබ්ධාතු … තෙජොධාතු … වායෝධාතු … අසුචි … අශ්‍රැ … ලෝහිත … ස්වේද ස්පර්‍ශවිප්‍රයුක්ත අව්‍යාකෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූපය ස්පර්‍ශවිප්‍රයුක්ත අව්‍යාකෘත වේ ද?