ප. පටි: එසේ නො කියැයුතු යැ …
8. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත කායකර්‍මරූප කුශල වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත රූපායතන කුශල වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
9. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත වූ කායකර්‍මරූපය කුශල වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත වූ ශබ්දායතනය … ගන්‍ධායතනය … රසායතනය … ස්ප්‍රෂ්ටව්‍යායතනය … පෘථිවිධාතු … ආපෝධාතු … තෙජොධාතු … වායෝධාතු කුශල වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
10. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත වූ රූපායතනය අව්‍යාකෘත (කුශලාදි විසින් නො කියන ලද) වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත වූ කායකර්‍මරූපය අව්‍යාකෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
11. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත වූ ශබ්දායතනය … ගන්‍ධායතනය … රසායතනය … ස්ප්‍රෂ්ටව්‍යායතනය … පෘථිවීධාතු … ආපෝධාතු … තෙජොධාතු … වායෝධාතු අව්‍යාකෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත වූ කායකර්‍මරූපය අව්‍යාකෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
12. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත වූ කායකර්‍මරූපය අනාලම්බන කුශල වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත රූපායතනය අනාලම්බන කුශල වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
13. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත වූ කායකර්‍මරූපය අනාලම්බන කුශල වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත වූ ශබ්දායතනය … ගන්‍ධායතනය … රසායතනය … ඵොට්ඨබ්බායතනය … පෘථිවීධාතු … ආපෝධාතු … තෙජොධාතු … වායෝධාතු අනාලම්බන කුශල වේ ද?
ප. පටිඤ්ඤා: එසේ නො කියැයුතු යැ …
14. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත රූපායතනය අනාලම්බන අව්‍යාකෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත වූ කායකර්‍මරූපය අනාලම්බන අව්‍යාකෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
15. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත ශබ්දායතනය … ගන්‍ධායතනය රසායතනය … ස්ප්‍රෂ්ටව්‍යායතනය … පෘථිවීධාතු … ආපෝධාතු … තෙජොධාතු … වායෝධාතු … අනාලම්බන අව්‍යාකෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත කායකර්‍මරූපය අනාලම්බන අව්‍යාකෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
16. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත කායකර්‍මරූපය ස්පර්‍ශ සම්ප්‍රයුක්ත කුශල වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත රූපායතනය ස්පර්‍ශ විප්‍රයුක්ත කුශල වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
17. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත කායකර්‍මරූපය ස්පර්‍ශ විප්‍රයුක්ත කුශල වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත වූ ශබ්දායතනය … ගන්‍ධායතනය රසායතනය … ස්ප්‍රෂ්ටව්‍යායතනය … පෘථිවීධාතු … ආපෝධාතු … තෙජොධාතු … වායෝධාතු ස්පර්‍ශවිප්‍රයුක්ත කුශල වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
18. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත රූපායතනය ස්පර්‍ශවිප්‍රයුක්ත අව්‍යාකෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත කායකර්‍මරූපය ස්පර්‍ශවිප්‍රයුක්ත අව්‍යාකෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
19. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත ශබ්දායතනය … ගන්‍ධායතනය … රසායතනය … ස්ප්‍රෂ්ටව්‍යායතනය … පෘථිවීධාතු … ආපෝධාතු … තෙජොධාතු … වායෝධාතු ස්පර්‍ශවිප්‍රයුක්ත අව්‍යාකෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත කායකර්‍මරූපය ස්පර්‍ශවිප්‍රයුක්ත අව්‍යාකෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
20. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත කායකර්‍මරූපය අනාලම්බන ස්පර්‍ශවිප්‍රයුක්ත කුශල වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත රූපායතනය අනාලම්බන ස්පර්‍ශවිප්‍රයුක්ත කුශල වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
21. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත කායකර්‍මරූපය අනාලම්බන ස්පර්‍ශවිප්‍රයුක්ත කුශල වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත ශබ්දායතනය … ගන්‍ධායතනය … රසායතනය … ස්ප්‍රෂ්ටව්‍යායතනය … පෘථිවීධාතු … ආපෝධාතු … තෙජොධාතු … වායෝධාතු අනාලම්බන ස්පර්‍ශවිප්‍රයුක්ත කුශල වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
22. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත රූපායතනය අනාලම්බන ස්පර්‍ශවිප්‍රයුක්ත අව්‍යාකෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත කායකර්‍මරූපය අනාලම්බන ස්පර්‍ශවිප්‍රයුක්ත අව්‍යාකෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
23. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත ශබ්දායතනය … ගන්‍ධායතනය … රසායතනය … ස්පර්‍ශායතනය … පෘථිවීධාතුව … අබ්ධාතුව … තේජෝධාතුව … වායෝධාතුව අනාලම්බන ස්පර්‍ශවිප්‍රයුක්ත අව්‍යාකෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත කායකර්‍මරූපය අනාලම්බන ස්පර්‍ශවිප්‍රයුක්ත අව්‍යාකෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
<hr/>
24. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූපය කුශල වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ආලම්බන සහිත වේ ද, එයට අවර්‍තනා … ප්‍රණිධි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
25. ස. පු: අනාලම්බන නො, එයට ආවර්‍තනා … ප්‍රණිධි නැත්තේ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් අනාලම්බන වේ නම්, එයට අවර්‍තනා … ප්‍රණිධි නැත් නම්,
අනු. පා: භවත, ‘කුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූප කුශල වේ ය’ යි නො කියැයුතු මැ යැ.
26. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත ස්පර්‍ශය කුශල වූයේ සාලම්බන වේ ද, එයට ආවර්‍තනා … ප්‍රණිධි ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූප කුශල වූයේ සාලම්බන වේ ද? එයට ආවර්‍තනා … ප්‍රණිධි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
27. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත වේදනා … සංඥා … චේතනා … ශ්‍රද්ධා … වීර්‍ය්‍ය … ස්මෘති … සමාධි… ප්‍රඥා … කුසල් වූයේ සාලම්බන වේ ද, එයට ආවර්‍තනා … ප්‍රණිධි ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූප කුසල් වූයේ සාලම්බන වේ ද, එයට ආවර්‍තනා … ප්‍රණිධි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
28. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූප කුශලවූයේ අනාලම්බන වූයේ එයට ආවර්‍තනා … ප්‍රණිධි නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත ස්පර්‍ශය කුශල වූයේ අනාලම්බන වූයේ එයට ආවර්‍තනා … ප්‍රණිධි නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
29. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූප කුශල වූයේ අනාලම්බන වූයේ එයට ආවර්‍තනා … ප්‍රණිධි නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත වේදනා … සංඥා … චේතනා … ශ්‍රද්ධා … වීර්‍ය්‍ය … ස්මෘති … සමාධි… ප්‍රඥා … කුශල වූවා අනාලම්බන වූවා ඇයට ආවර්‍තනා … ප්‍රණිධි නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
30. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත වාක්කර්‍මරූප කුශල වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත යම් මැ රූපයෙක් ඇද්ද, එ හැම කුශල වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
(කායකර්‍ම රූප කුශල විස්තරය යම් සේ ද, වාක්කර්‍ම රූප කුශල විස්තරය ද එසේ යි.)
<hr/>
31. ස. පු: අකුශලචිත්තයා විසින් සමුත්‍ථිත කායකර්‍මරූපය අකුශල වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සාලම්බන වූයේ එයට ආවර්‍තනා ආභෝග සමන්‍වාහාර මනසිකාර චේතනා ප්‍රාර්‍ත්‍ථනා ප්‍රණිධි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …