Kathāvatthu

Points of Controversy

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

පෙන්වන කොටස් 8801-8900 න් 15036

ප. පටි: එසේ නො කියැයුතු යැ …
22. ස. පු: එහි කායායතන ඇත, ඵොට්ඨබ්බායතන ඇත, ඒ කයින් ඒ ස්ප්‍රෂ්ටව්‍යය ස්පර්‍ශ නො කරන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: එහි සෝතායතන ඇත, සද්දායතන ඇත … එහි මනායතන ඇත, එහි ධර්‍මායතන ඇත, ඒ මනසින් ඒ ධර්‍මය නො දන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
23. ස. පු: එහි ඝ්‍රාණායතන ඇත, ගන්‍ධායතන ඇත. ඒ ඝ්‍රාණයෙන් ඒ ගන්‍ධය ආඝ්‍රාණ කරන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: එහි මූලගන්‍ධ සාරගන්‍ධ ත්‍වග්ගන්‍ධ පත්‍රගන්‍ධ පුෂ්පගන්‍ධ ඵලගන්‍ධ ආමගන්‍ධ, (පූතිමාංසාදි) විස්‍රගන්‍ධ සුගන්‍ධ දුර්‍ගන්‍ධ ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
24. ස. පු: එහි ජිහ්වායතන ඇත, රසායතන ඇත, ඒ දිවින් ඒ රස ආස්වාද කෙරේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: එහි මූලරස ස්කන්‍ධරස ත්‍වග්රස පත්‍රරස පුෂ්පරස ඵලරස ආම්ල, මධුර තික්ත කටුක ලවණ ක්‍ෂාර, (ගිවුළු ආදි) ලපිලක කසට ස්වාදු අස්වාදු රස ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
25. ස. පු: එහි කායායතන ඇත, ස්ප්‍රෂ්ටව්‍යායතන ඇත, ඒ කයින් ඒ ස්ප්‍රෂ්ටව්‍යය ස්පර්‍ශ කෙරේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: එහි කර්‍කශ, මෘදු, ශ්ලක්‍ෂණ, පරුෂ සුඛසංස්පර්‍ශ, දුඃඛසංස්පර්‍ශ ගරුක ලඝුක ස්පර්‍ශ ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
26. ප. පු: රූපධාතුයෙහි “ෂඩායතනික ආත්මභාවය” යනු නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: එහි ඝ්‍රාණනිමිත්ත ජිහ්වානිමිත්ත කායනිමිත්ත ඇත්තේ නො වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් එහි ඝ්‍රාණනිමිත්ත ජිහ්වානිමිත්ත කායනිමිත්ත ඇත් නම්,
අනු. පා: භවත, එකරුණින් ‘රූපධාතුයෙහි ආත්මභාවය ෂඩායතනික’ යයි කියැයුතු මැ යැ …
රූපධාතුයා ආයතනකථා නිමි.
අරූපෙ රූපකථා
[‘අරූපභවයෙහිදු සියුම් රූප ඇති’ යි අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘අරූපෙ රූපකථා’ එයි.]
1. ස. පු: අරූපභවයෙහි රූප ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ, (ඕළාරිකරූපයෙන් වෙන් වූ සියුම්රූප ඇත යන ලබ්ධියෙන් කළ ප්‍රතිඥා යි.)
ස. අනු: රූපභව, රූපගති, රූපසත්ත්‍වාවාස, රූපසංසාර, රූපයෝනි, රූපආත්මභාවප්‍රතිලාභ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: අරූපභව, අරූපගති, අරූපසත්ත්‍වාවාස, අරූපසංසාර, අරූපයෝනි, අරූපආත්මභාවප්‍රතිලාභ වන්නේ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් අරූපභව … අරූප ආත්මභාවප්‍රතිලාභ වේ නම්,
අනු. පා: භවත,‘අරූපභවයෙහි රූප ඇති’ යි නො කියැයුතු මැ යැ.
3. ස. පු: අරූපභවයෙහි රූප ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පඤ්චවෝකාරභව, ගති, සත්ත්‍වාවාස, සංසාර, යෝනි, විඥානස්ථිති, ආත්මභාවප්‍රතිලාභ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: චතුවෝකාරභව … ආත්මභාවප්‍රතිලාභ වන්නේ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් චතුවෝකාරභව, ගති, … ආත්මභාවප්‍රතිලාභ වේ නම්,
අනු. පා: භවත,‘අරූපභවයෙහි රූප ඇති’ යි නො කියැයුතු මැ යැ.
5. ස. පු: රූපධාතුයෙහි රූප ඇත. එ ද රූපභව, රූපගති, රූපසත්ත්‍වාවාස, රූපසංසාර, රූපයෝනි, රූපආත්මභාවප්‍රතිලාභ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: (තොප මතයෙහි) අරූපභවයෙහි රූප ඇත. එ ද රූපභව, රූපගති … රූපාත්මභාවප්‍රතිලාභ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: රූපධාතුයෙහි රූප ඇත. එ ද පඤ්චවෝකාරභව, ගති ... ආත්මභාවප්‍රතිලාභ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අරූපභවයෙහි රූප ඇත. එ ද පඤ්චවෝකාරභව, ගති … ආත්මභාවප්‍රතිලාභ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ස. පු: අරූපභවයෙහි රූප ඇත. එ ද අරූපභව, අරූපගති, අරූපසත්ත්‍වාවාස, අරූපසංසාර, අරූපයෝනි, අරූපආත්මභාවප්‍රතිලාභ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අරූපධාතුයෙහි රූප ඇත. එ ද අරූපභව, අරූපගති … අරූපආත්මභාවප්‍රතිලාභ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
8. ස. පු: අරූපභවයෙහි රූප ඇත. එ ද චතුවෝකාරභව, ගති … ආත්මභාවප්‍රතිලාභ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අරූපධාතුයෙහි රූප ඇත. එ ද චතුවෝකාරභව, ගති, … ආත්මභාවප්‍රතිලාභ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
9. ස. පු: අරූපභවයෙහි රූප ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘රූපයන්ගේ නිස්සරණය (බැහැර කිරීම) අරූප’ යයි වදාරන ලද්දේ නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින් ‘රූපයන්ගේ නිස්සරණය අරූප’ යයි වදාරන ලද්දේ වී නම්,
අනු. පා: භවත, ‘අරූපභවයෙහි රූප ඇති’ යි නො කියැයුතු මැ යැ.
10. ස. පු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘රූපයන්ගේ නිස්සරණය අරූප’ යයි වදාරන ලදි. අරූපභවයෙහි රූප ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘කාමයන්ගේ නිස්සරණය නෙක්ඛම්ම’ යයි වදාරන ලදි. නෙක්ඛම්මයෙහි කාමයෝ ඇද්ද? අනාස්‍රවයෙහි ආස්‍රවයෝ ඇද්ද? අපර්‍ය්‍යාපන්නයෙහි පර්‍ය්‍යාපන්නයෝ ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
අරූපෙ රූපකථා නිමි.
රූපං කම්මන්ති කථා
[මහිංසාසක සම්මිතීය නිකායවාසීහු කායවාග්විඥප්ති සඞ්ඛ්‍යාත රූපය මැ කායකර්‍ම වාක්කර්‍ම යයි ද, එ ද කුශල සමුත්‍ථාන ඇතියේ ‘කුශලකර්‍ම’ යයි ද, අකුශල සමුත්‍ථාන ඇතියේ ‘අකුශලකර්‍ම’ යයි ද ගනිති. උන්ගේ වාද බිඳුනට ‘රූපං කම්මන්ති කථා’ එයි.]
1. ස. පු: කුශල චිත්තයා විසින් සමුත්‍ථිත (නගන ලද) කායකර්‍මරූප කුශල වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සාරම්මණ වේ ද? ඒ කුශලරූපයට ආවර්‍තනා, ආභෝග, සමන්‍වාහාර, මනසිකාර, ප්‍රාර්‍ත්‍ථනා - ප්‍රණිධි සඞ්ඛ්‍යාත චේතනා ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: අනාරම්මණ නො වේ ද? ඒ කුශල රූපයට ආවර්‍තනා, ආභෝග, සමන්‍වාහාර, මනසිකාර, ප්‍රාර්‍ත්‍ථනා-ප්‍රණිධි සඞ්ඛ්‍යාත චේතනා නැත්තේ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් අනාරම්මණ වේ නම්, ඒ කුශලරූපයට ආවර්‍තනා, … ප්‍රාර්‍ත්‍ථනා - ප්‍රණිධි සඞ්ඛ්‍යාත චේතනා නැත් නම්,
අනු. පා: භවත,’කුශලචිත්තයා විසින් සමුත්‍ථිත කායකර්‍මරූප කුශල වේ ය’ යි නො කියැයුතු මැ යැ.
3. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත ස්පර්‍ශ කුශල වේ ද? සාරම්මණ වේ ද? එයට ආවර්‍තනා, … ප්‍රණිධි ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත කායකර්‍මරූප සාරම්මණකුසල වේ ද? එයට ආවර්‍තනා … ප්‍රණිධි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත වේදනා … සංඥා - චේතනා- ශ්‍රද්ධා - වීර්‍ය්‍ය - ස්මෘති - සමාධි … ප්‍රඥා - සාලම්බන කුශල වේ ද? එයට ආවර්‍තනා … ප්‍රණිධි ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත කායකර්‍මරූප සාලම්බන කුශල වේ ද? එයට ආවර්‍තනා … ප්‍රණිධි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත කායකර්‍මරූප අනාලම්බන කුශල වේ ද? එයට ආවර්‍තනා, … ප්‍රණිධි නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත ස්පර්‍ශ අනාලම්බන කුශල වේ ද? එයට ආවර්‍තනා … ප්‍රණිධි නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත කායකර්‍මරූප අනාලම්බන කුශල වේ ද? එයට ආවර්‍තනා … ප්‍රණිධි නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත වේදනා … සංඥා - චේතනා … ශ්‍රද්ධා … වීර්‍ය්‍ය … ස්මෘති … සමාධි … ප්‍රඥා අනාලම්බන කුශල වේ ද? එයට ආවර්‍තනා … ප්‍රණිධි නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ස. පු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත කායකර්‍මරූප කුශල වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කුශලචිත්තයා විසින් සමුත්‍ථිත යම් මැ රූපයෙක් ඇත් නම්, ඒ හැම කුශල වේ ද?