ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කාමභවයෙන් සමන්‍වාගත පුද්ගල කාමභව හා අරූපභවයෙනැයි දෙභවයෙකින් සමන්‍වාගත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
8. ස. පු: රූපී ධර්‍මයෝ රූපධාතු වෙති. අරූපී ධර්‍මයෝ අරූපධාතු වෙති. කාමධාතුයෙහි රූප වේදනා සංඥා සංස්කාර විඥාන ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ඒ කාමධාතුම මැ ඒ රූපධාතු ඒ අරූපධාතු වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
9. ස. පු: ඒ කාමධාතුම මැ ඒ රූපධාතු ඒ අරූපධාතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කාමභවයෙන් සමන්‍වාගත පුද්ගල කාමභවයෙන, රූපභවයෙන, අරූපභවයෙනැයි තුන් භවයෙකින් සමන්‍වාගත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
අරූපධාතුකථා නිමි.
8. 7.
රූපධාතුයා ආයතනකථා
[‘බ්‍රහ්මකායික දෙවියන්ගේ ඝ්‍රාණාදි නිමිත්තයෝත් ආයතනයහ’ යි සලකා උන්ගේ ආත්මභාවය ෂඩායතනිකයැ’යි අන්‍ධක සම්මිතීය නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘රූපධාතුයා ආයතනකථා’ එයි.]
1. ස. පු: රූපධාතුයෙහි ෂඩායතනික ආත්මභාව ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: එහි ඝ්‍රාණායතන ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: එහි ගන්‍ධායතන ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: එහි ජිහ්වායතන ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: එහි රසායතන ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: එහි කායායතන ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: එහි ස්ප්‍රෂ්ටව්‍යායතන ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: එහි ගන්‍ධායතන නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: එහි ඝ්‍රාණායතන නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: එහි රසායතන නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: එහි ජිහ්වායතන නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: එහි ස්ප්‍රෂ්ටව්‍යායතන නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: එහි කායායතන නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ස. පු: එහි චක්‍ෂුරායතන ඇත. රූපායතන ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: එහි ඝ්‍රාණායතන ඇත. ගන්‍ධායතන ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
8. ස. පු: එහි චක්‍ෂුරායතන ඇත, රූපායතන ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: එහි ජිහ්වායතන ඇත, රසායතන ඇද්ද … එහි කායායතන ඇත, ස්ප්‍රෂ්ටව්‍යායතන ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
9. ස. පු: එහි ශ්‍රෝතායතන ඇත. ශබ්දායතන ඇද්ද? … එහි මනායතන ඇත, ධර්‍මායතන ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: එහි ඝ්‍රාණායතන ඇත, ගන්‍ධායතන ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
10. ස. පු: එහි මනායතන ඇත. ධර්‍මායතන ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: එහි ජිහ්වායතන ඇත, රසායතන ඇද්ද? එහි කායායතන ඇත, ස්ප්‍රෂ්ටව්‍යායතන ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
11. ස. පු: ඝ්‍රාණායතන ඇත. ගන්‍ධායතන නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: එහි චක්‍ෂුරායතන ඇත. රූපායතන නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
12. ස. පු: ඝ්‍රාණායතන ඇත. ගන්‍ධායතන නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: එහි ශ්‍රෝත්‍රායතන ඇත. ශබ්දායතන නැද්ද … එහි මනායතන ඇත. ධර්‍මායතන නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
13. ස. පු: එහි ජිහ්වායතන ඇත, රසායතන නැද්ද? … එහි කායායතන ඇත, ස්ප්‍රෂ්ටව්‍යායතන නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: එහි චක්‍ෂුරායතන ඇත. රූපායතන නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
14. ස. පු: කායායතන ඇත. ස්ප්‍රෂ්ටව්‍යායතන නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: එහි ශ්‍රෝතායතන ඇත. ශබ්දායතන නැද්ද … එහි මනායතන ඇත. ධර්‍මායතන නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
15. ස. පු: එහි චක්‍ෂුරායතන ඇත. රූපායතන ඇත. ඒ චක්‍ෂුසින් ඒ රූපය දක්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: එහි ඝ්‍රාණායතන ඇත. ගන්‍ධායතන ඇත. ඒ ඝ්‍රාණයෙන් ඒ ගන්‍ධය ආඝ්‍රාණ කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
16. ස. පු: එහි චක්‍ෂුරායතන ඇත. රූපායතන ඇත. ඒ චක්‍ෂුසින් ඒ රූපය දක්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: එහි ජිහ්වායතන ඇත. රසායතන ඇත. ඒ ජිහ්වායෙන් ඒ රසය ආස්වාද කෙරේ ද … එහි කායායතන ඇත. ස්ප්‍රෂ්ටව්‍යායතන ඇත. ඒ කයින් ඒ ස්ප්‍රෂ්ටව්‍යය ස්පර්‍ශ කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
17. ස. පු: එහි ශ්‍රෝතායතන ඇත. ශබ්දායතන ඇත … එහි මනායතන ඇත, එහි ධර්‍මායතන ඇත. ඒ මනසින් ඒ ධර්‍මාලම්බනය දැනගන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: එහි ඝානායතන ඇත, එහි ගන්‍ධායතන ඇත, ඒ ඝ්‍රාණයෙන් ඒ ගන්‍ධාලම්බනය ආඝ්‍රාණ කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
18. ස. පු: එහි මනායතන ඇත, ධර්‍මායතන ඇත, ඒ මනසින් ඒ ධර්‍මාලම්බනය දැනගන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: එහි ජිහ්වායතන ඇත, රසායතන ඇත … එහි කායායතන ඇත, ස්ප්‍රෂ්ටව්‍යායතන ඇත, ඒ කයින් ඒ ස්ප්‍රෂ්ටව්‍යය ස්පර්‍ශ කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
19. ස. පු: එහි ඝ්‍රාණායතන ඇත, ගන්‍ධායතන ඇත, ඒ ඝ්‍රාණයෙන් ඒ ගන්‍ධාලම්බනය ආඝ්‍රාණ නො කරන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: එහි චක්‍ෂුරායතන ඇත, රූපායතන ඇත, ඒ චක්‍ෂුසින් ඒ රූපාලම්බනය නො දක්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
20. ස. පු: එහි ඝ්‍රාණායතන ඇත, ගන්‍ධායතන ඇත, ඒ ඝ්‍රාණයෙන් ඒ ගන්‍ධාලම්බනය ආඝ්‍රාණ නො කරන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: එහි ශ්‍රෝතායතන ඇත. ශබ්දායතන ඇත … එහි මනායතන ඇත, එහි ධර්‍මායතන ඇත, ඒ මනසින් ඒ ධර්‍මාලම්බනය නො දැනගන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
21. ස. පු: එහි ජිහ්වායතන ඇත, රසායතන ඇත ... එහි කායායතන ඇත, ස්ප්‍රෂ්ටව්‍යායතන ඇත, ඒ කයින් ඒ ස්ප්‍රෂ්ටව්‍යාලම්බනය ස්පර්‍ශ නො කරන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: එහි චක්‍ෂුරායතන ඇත, රූපායතන ඇත, ඒ චක්‍ෂුසින් ඒ රූපාලම්බනය නො දක්නේ වේ ද?