Kathāvatthu

Points of Controversy

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

පෙන්වන කොටස් 8601-8700 න් 15036

වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ප. පටිඤ්ඤා: එසේ යැ.
පටි. ආ: එකරුණින් ‘පඤ්චායතනයෝ මැ කාමයහ’ යි නො කියැයුතු යැ.
කාමකථා නිමි.
රූපධාතුකථා
[“රූපී ධර්‍මයෝ මැ රූපධාතු නම්හ” යි අන්‍ධක නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට රූපධාතුකථා එයි.]
1. ස. පු: රූපී ධර්‍මයෝ රූපධාතු වෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රූපය වනාහි භව, ගති, සත්ත්‍වාවාස, සංසාර, යෝනි, විඥානස්ථිති, ආත්මභාවප්‍රතිලාභ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: රූපෝපග කර්‍ම ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: රූපෝපග සත්ත්‍වයෝ ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: රූපයෙහි ලා සත්ත්‍වයෝ ජාතිවශයෙන් දනත් ද, ජරාවශයෙන් දිරත් ද, මරණවශයෙන් මියත් ද, ච්‍යුතිවශයෙන් සැව යෙත් ද, ප්‍රතිසන්‍ධිවශයෙන් උපදිත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: රූපයෙහි ලා රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: රූපය වනාහි පඤ්චවෝකාරභව වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: රූපධාතුව වනාහි භව, ගති … ආත්මභාවප්‍රතිලාභ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රූපය වනාහි භව, ගති … ආත්මභාවප්‍රතිලාභ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: රූපධාතූපග කර්‍ම ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රූපූපග කර්‍ම ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: රූපධාතූපග සත්ත්‍වයෝ ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රූපෝපග සත්ත්‍වයෝ ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: රූපධාතුයෙහි ලා සත්ත්‍වයෝ ජාතිවශයෙන් දනත් ද, ජරාවශයෙන් දිරත් ද, මරණවශයෙන් මියත් ද, ච්‍යුතිවශයෙන් සැව යෙත් ද, පිළිසඳ විසින් උපදිත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රූපයෙහි ලා සත්ත්‍වයෝ ජාතිවශයෙන් දනත් ද? ජරාවශයෙන් දිරත් ද, මරණවශයෙන් මියත් ද, ච්‍යුතිවශයෙන් සැව යෙත් ද, පිළිසඳ විසින් උපදිත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: රූපධාතුයෙහි රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රූපයෙහි රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ස. පු: රූපධාතු පඤ්චවෝකාරභව වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රූපය පඤ්චවෝකාරභව වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
8. ස. පු: (තොප මතයෙහි) රූපී ධර්‍මයෝ රූපධාතුයහ. කාමධාතුයෙහිත් රූප ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: එ කාමධාතු මැ ඒ රූපධාතු වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
9. ස. පු: ඒ කාමධාතුම මැ ඒ රූපධාතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කාමධාතුයෙන් සමන්‍වාගත පුද්ගල කාමභව හා රූපභව දෙකින් සමන්‍වාගත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
රූපධාතුකථා නිමි.
අරූපධාතුකථා
[‘අරූපීධර්‍මයෝ මැ අරූපධාතු නම්හ’ යි අන්‍ධක නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට අරූපධාතුකථා එයි.]
1. ස. පු: අරූපී ධර්‍මයෝ අරූපධාතු වෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: වේදනාව වනාහි භව, ගති, සත්ත්‍වාවාස, සංසාර, යෝනි, විඥානස්ථිති, ආත්මභාවප්‍රතිලාභ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: වේදනෝපග කර්‍ම ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: වේදනෝපග සත්ත්‍වයෝ ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: වේදනායෙහි ලා සත්ත්‍වයෝ දනත් ද, දිරත් ද, මියත් ද, සැව යෙත් ද, උපදිත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: වේදනායෙහි ලා වේදනා සංඥා සංස්කාර විඥාන ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: වේදනාව චතුවෝකාරභව වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: අරූපධාතු භව, ගති … ආත්මභාවප්‍රතිලාභ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: වේදනාව භව, ගති … ආත්මභාවප්‍රතිලාභ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. පු: අරූපධාතූපග කර්‍ම ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: වේදනෝපග කර්‍ම ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. පු: අරූපධාතූපගසත්ත්‍වයෝ ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: වේදනෝපග සත්ත්‍වයෝ ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: අරූපධාතුයෙහි සත්ත්‍වයෝ දනත් ද, දිරත් ද, මියත් ද, සැව යෙත් ද, උපදිත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: වේදනායෙහි ලා සත්ත්‍වයෝ දනත් ද, දිරත් ද, මියත් ද, සැව යෙත් ද, උපදිත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: අරූපධාතුයෙහි වේදනා, සංඥා, සංස්කාර, විඥාන ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: වේදනායෙහි වේදනා, සංඥා, සංස්කාර, විඥාන ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: අරූපධාතු චතුවෝකාරභව වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: වේදනාව චතුවෝකාරභව වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: (තොප මතයෙහි) අරූපී ධර්‍මයෝ අරූපධාතු වෙති. කාමධාතුයෙහි වේදනා, සංඥා, සංස්කාර, විඥාන ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: එ කාමධාතු මැ ඒ අරූපධාතු වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ස. පු: ඒ කාමධාතුම මැ ඒ අරූපධාතු වේ ද?