Kathāvatthu

Points of Controversy

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

පෙන්වන කොටස් 8501-8600 න් 15036

කාමගුණකථා
[පඤ්චිමෙ භික්ඛවේ කාමගුණා’ යි වදාළ වචන නිසා ‘පස්කම්ගුණයෝ මැ කාමධතුයහ’ යි විවාද ගත් පූර්‍වශෛලීය ආදි නිකාය වාසීන්ගේ වාද බිඳුනට කාමගුණකථා එයි.]
1. ස. පු: පස්කම්ගුණ මැ කාමධාතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: තත්ප්‍රතිසංයුක්ත ඡන්‍දය ඇත්තේ නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් තත්ප්‍රතිසංයුක්ත ඡන්‍දය ඇත් නම්,
අනු. පා: භවත, ‘පස්කම්ගුණ මැ කාමධාතු’යයි නො කියැයුතු මැ යැ
2. ස. අනු: තත්ප්‍රතිසංයුක්ත රාගය, තත්ප්‍රතිසංයුක්ත ඡන්‍දය, තත්ප්‍රතිසංයුක්ත ඡන්‍දරාගය, තත්ප්‍රතිසංයුක්ත සංකල්පය, තත්ප්‍රතිසංයුක්ත රාගය, තත්ප්‍රතිසංයුක්ත සංකල්පරාගය, තත්ප්‍රතිසංයුක්ත ප්‍රීතිය, තත්ප්‍රතිසංයුක්ත සෞමනස්‍යය, තත්ප්‍රතිසංයුක්ත ප්‍රීතිසෞමනස්‍යය ඇත්තේ නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් තත්ප්‍රතිසංයුක්ත ප්‍රීතිසෞමනස්‍යය ඇත් නම්,
අනු. පා: භවත, ‘පස්කම්ගුණ මැ කාමධාතු’යයි නො කියැයුතු මැ යැ.
3. ස. පු: පස්කම්ගුණ මැ කාමධාතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මිනිසුන්ගේ ඇස කාමධාතු නො වන්නේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: මිනිසුන්ගේ කන … මිනිසුන්ගේ නැහැය … මිනිසුන්ගේ දිව … මිනිසුන්ගේ කය … මිනිසුන්ගේ මනස කාමධාතු නො වන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: මිනිසුන්ගේ මනස කාමධාතු නො වන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නො:
“ලෝකයෙහි මනස සවැනි කොට ඇති පඤ්චකාමගුණයෝ දන්නාලදහ. එහි ඡන්‍දය පහා මෙසේ දුකින් මිදේ” යයි
වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: එකරුණින් ‘මිනිසුන්ගේ මනස කාමධාතු වෙති’ යි නො කියැයුතු යැ.
5. ස. පු: පස්කම්ගුණ මැ කාමධාතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කාමගුණ භව, ගති, සත්ත්‍වාවාස, සංසාර, යෝනි, විඥානස්ථිති, ආත්මභාවප්‍රතිලාභ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: කාමගුණෝපග කර්‍ම ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: කාමගුණෝපග සත්ත්‍වයෝ ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: කාමගුණයෙහි සත්ත්‍වයෝ ජාතිවශයෙන් දනත් ද, ජරාවශයෙන් දිරත් ද, මරණවශයෙන් මියත් ද, ච්‍යුතිවශයෙන් සැව යෙත් ද, ප්‍රතිසන්‍ධිවශයෙන් උපදිත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: කාමගුණයෙහි රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: කාමගුණ පඤ්චවෝකාරභව වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: කාමගුණයෙහි සම්‍යක්සම්බුද්ධයෝ උපදිත් ද, ප්‍රත්‍යෙකසම්බුද්ධයෝ උපදිත් ද, ශ්‍රාවකයුගමය උපදී ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. .ස. පු: කාමධාතු වනාහි භව, ගති, සත්ත්‍වාවාස, සංසාර, යෝනි, විඥානස්ථිති, ආත්මභාවප්‍රතිලාභ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කාමගුණ වනාහි භව, ගති, සත්ත්‍වාවාස, සංසාර, යෝනි, විඥානස්ථිති, ආත්මභාවප්‍රතිලාභ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ස. පු: කාමධාතූපග කර්‍ම ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කාමගුණෝපග කර්‍ම ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
8. ස. පු: කාමධාතූපග සත්ත්‍වයෝ ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කාමගුණෝපග සත්ත්‍වයෝ ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
9. ස. පු: කාමධාතුයෙහි සත්ත්‍වයෝ ජාතිවශයෙන් දනත් ද, ජරාවශයෙන් දිරත් ද, මරණවශයෙන් මියත් ද, ච්‍යුතිවශයෙන් සැවෙත් ද, පිළිසිඳ විසින් උපදිත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කාමගුණයෙහි සත්ත්‍වයෝ ජාතිවශයෙන් දනත් ද, ජරාවශයෙන් දිරත් ද, මරණවශයෙන් මියත් ද, ච්‍යුතිවශයෙන් සැවෙත් ද, පිළිසඳ විසින් උපදිත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
10. ස. පු: කාමධාතුයෙහි රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කාමගුණයෙහි රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
11. ස. පු: කාමධාතු පඤ්චවෝකාරභාව වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කාමගුණ පඤ්චවෝකාරභව වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
12. ස. පු: කාමධාතුයෙහි සම්‍යක් සම්බුද්ධයෝ උපදිත් ද? ප්‍රත්‍යෙකසම්බුද්ධයෝ උපදිත් ද? ශ්‍රාවක යුග්මය උපදනේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කාමගුණයෙහි සම්‍යක්සම්බුද්ධයෝ උපදිත් ද, ප්‍රත්‍යෙකසම්බුද්ධයෝ උපදිත් ද, ශ්‍රාවකයුග්මය උපදනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
13. ප. පු: ‘පස්කම්ගුණයෝ මැ කාමධාතු නො වෙති’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු:
“මහණෙනි, මේ කාමගුණයෝ පසෙකි. කවර පසෙක යත්: ඉෂ්ට කාන්ත මනාප ප්‍රිය ස්වරූප කාමෝපසංහිත රඤ්ජනාර්‍හ චක්‍ෂුර්විඥේය රූපයෝ යැ … ශ්‍රෝත්‍රවිඥේය ශබ්දයෝ යැ … ඝ්‍රාණවිඥේය ගන්‍ධයෝ යැ … ජිහ්වාවිඥේය රසයෝ යැ … ඉෂ්ට කාන්ත මනාප ප්‍රියස්වරූප කාමෝපසංහිත රඤ්ජනාර්‍හ කායවිඥේය ස්පර්‍ශයෝ යැ. මහණෙනි, මොහු යැ පඤ්චකාමගුණයෝ” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ස. පටිඤ්ඤා: එසේ යැ.
පටි. ආ: එකරුණින් ‘පස්කම් ගුණයෝ මැ කාමධාතු වෙති’ යි
කාමගුණකථා නිමි.
කාමකථා
[‘රූපායතනාදි පඤ්චායතනයෝ මැ කාමයහ’ යි ලබ්ධි ගත් පූර්‍වශෛලිය ආදි නිකායවාසීන්ගේ වාද බිඳුනට කාමකථා එයි.]
1. ස. පු: රූපාදි පඤ්චායතනයෝ මැ කාම වෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: තත්ප්‍රතිසංයුක්ත ඡන්‍දය ඇත්තේ නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ඉදින් තත්ප්‍රතිසංයුක්ත ඡන්‍දය ඇත් නම්,
අනු. පා: භවත ‘පඤ්චායතනයෝ මැ කාමයහ’ යි නො කියැයුතු යැ.
2. ස. පු: තත්ප්‍රතිසංයුක්ත රාගය, තත්ප්‍රතිසංයුක්ත ඡන්‍දය, තත්ප්‍රතිසංයුක්ත ඡන්‍දරාගය, තත්ප්‍රතිසංයුක්ත සංකල්පය, තත්ප්‍රතිසංයුක්තරාගය, තත්ප්‍රතිසංයුක්ත සංකල්පරාගය, තත්ප්‍රතිසංයුක්ත ප්‍රීතිය, තත්ප්‍රතිසංයුක්ත සෞමනස්‍යය, තත්ප්‍රතිසංයුක්ත ප්‍රීතිසෞමනස්‍යය ඇත්තේ නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් තත්ප්‍රතිසංයුක්ත ප්‍රීතිසෞමනස්‍යය ඇත් නම්,
අනු. පා: භවත, ‘පඤ්චායතනයෝ මැ කාමයහ’ යි කියැයුතු යැ.
3. ප. පු: ‘පඤ්චායතනයෝ මැ කාමයහ’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මහණෙනි, මේ කාමගුණයෝ පස් දෙනෙකි. කවර පස් දෙනෙක යත්: ඉෂ්ට කාන්ත මනාප ප්‍රියස්වරූප කාමෝපසංහිත රඤ්ජනාර්‍හ චක්‍ෂුර්විඥේය රූපයෝ යැ, ශ්‍රෝත්‍රවිඥේය ශබ්දයෝ යැ …
ඝ්‍රාණවිඥේය ගන්‍ධයෝ යැ … ජිහ්වාවිඥේය රසයෝ යැ … ඉෂ්ට කාන්ත මනාප ප්‍රියරූප කාමෝපසංහිත රඤ්ජනාර්‍හ කායවිඥේය ස්පර්‍ශයෝ යි. මහණෙනි, මොහු පස්දෙන කාමගුණයහ” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. නිග: එකරුණින් ‘පඤ්චායතනයෝ මැ කාමයහ’.
4. ස. පු: පඤ්චායතනයෝ මැ කාම වෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු: “මහණෙනි, මේ කාමගුණයෝ පස් දෙනෙකි. කවර පස් දෙනෙක යත්: චක්‍ෂුර්විඥේය රූපයෝ යැ … ඉෂ්ට කාන්ත මනාප ප්‍රියරූප කාමෝපසංහිත රඤ්ජනාර්‍හ කායවිඥේය ස්පර්‍ශයෝ යැ. වැළිදු මහණෙනි, තුලුහු කාමයෝ නො වෙති. ආර්‍ය්‍යවිනයෙහි තුලුහු ‘කාමගුණයහ’ යි කියනු ලැබෙත්.
පුරුෂයාගේ සංකල්පරාගය කාම වෙයි. ලෝකයෙහි යම් චිත්‍රාලම්බනයෝ ඇද්ද, ඔහු කාම නො වෙති. පුරුෂයාගේ සංකල්පරාගය කාම වෙයි. ලෝකයෙහි ඒ චිත්‍රාලම්බනයෝ එ සැටි මැ සිටිති. වැළි මෙහිලා ධීරයෝ ඡන්‍දය හැර පියති” යි