Kathāvatthu

Points of Controversy

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

පෙන්වන කොටස් 8401-8500 න් 15036

ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: (තොප මතයෙහි) අන්තරාභවය ඇත. අන්තරාභවය භව, ගති, සත්තාවාස, සංසාර, යෝනි, විඥානස්ථිති, ආත්මභාවප්‍රතිලාභ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
18. ස. පු: රූපභාවොපගකර්‍ම ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අන්තරාභවෝපගකර්‍ම ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
19. ස. පු: රූපභවොපග සත්ත්‍වයෝ ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අන්තරාභවෝපග සත්ත්‍වයෝ ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
20. ස. පු: රූපභවයෙහි සත්ත්‍වයෝ ජාති වශයෙන් උපදිත් ද, ජරා වශයෙන් දිරත් ද, මරණ වශයෙන් මියත් ද, ච්‍යුතිවශයෙන් ච්‍යුත වෙත් ද, ප්‍රතිසන්‍ධිවශයෙන් උපදිත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අන්තරාභවයෙහි සත්ත්‍වයෝ ජාති වශයෙන් උපදිත් ද, ජරාවශයෙන් දිරත් ද, මරණ වශයෙන් මියත් ද, ච්‍යුතිවශයෙන් ච්‍යුත වෙත් ද, ප්‍රතිසන්‍ධිවශයෙන් උපදිත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
21. ස. පු: රූපභවයෙහි රූප වේදනා සංඥා සංස්කාර විඥාන ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අන්තරාභවයෙහි රූප වේදනා සංඥා සංස්කාර විඥාන ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
22. ස. පු: රූපභවය පඤ්චවෝකාරභවයෙක් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අන්තරාභවය පඤ්චවෝකාරභවයෙක් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
23. ස. පු: අරූපභවයෙක් ඇත, අරූපභවය භව, ගති, සත්ත්‍වාවාස, සංසාර, යෝනි, විඥානස්ථිති, ආත්මභාවප්‍රතිලාභ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: (තොප මතයෙහි) අන්තරාභවයෙක් ඇත. අන්තරාභවය භව, ගති, සත්ත්‍වාවාස, සංසාර, යෝනි, විඥානස්ථිති, ආත්මභාවප්‍රතිලාභ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
24. ස. පු: අරූපභවොපග කර්‍ම ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අන්තරාභවෝපග කර්‍ම ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
25. ස. පු: අරූපභවොපග සත්ත්‍වයෝ ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අන්තරාභවෝපග සත්ත්‍වයෝ ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
26. ස. පු: අරූපභවයෙහි සත්ත්‍වයෝ ජාතිවශයෙන් දනත් ද, ජරාවශයෙන් දිරත් ද, මරණවශයෙන් මියත් ද, ච්‍යුතිවශයෙන් සැව යෙත් ද, ප්‍රතිසන්‍ධිවශයෙන් උපදිත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අන්තරාභවයෙහි සත්ත්‍වයෝ ජාතිවශයෙන් දනත් ද, ජරාවශයෙන් දිරත් ද, මරණවශයෙන් මියත් ද, ච්‍යුතිවශයෙන් ච්‍යුත වෙත් ද, ප්‍රතිසන්‍ධිවශයෙන් උපදිත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
27. ස. පු: අරූපභවයෙහි වේදනා සංඥා සංස්කාර විඥාන ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අන්තරාභවයෙහි වේදනා සංඥා සංස්කාර විඥාන ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
28. ස. පු: අරූපභවය චතුවෝකාරභවයෙක් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අන්තරාභවය චතුවෝකාරභවයෙක් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
29. ස. පු: අන්තරාභවයෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සියලු සතුන්ට මැ අන්තරාභවයෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: සියලු සතුන්ට මැ අන්තරාභවයෙක් නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් හැම සතුන්ට මැ අන්තරාභවයෙක් නැත් නම්,
අනු. පා: භවත, ‘අන්තරාභවයෙක් ඇති’ යි නො කියැයුතු මැ යැ.
30. ස. පු: අන්තරාභවයෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ආනන්තරික පුද්ගලයාහට අන්තරාභවයෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: ආනන්තරික පුද්ගලයාහට අන්තරාභවයෙක් නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් ආනන්තරික පුද්ගලයාට අන්තරාභවයෙක් නැත් නම්,
අනු. පා: භවත, ‘අන්තරාභවයෙක් ඇති’ යි නො කියැයුතු මැ යැ.
31. ස. පු: ආනන්තරික නො වූ පුද්ගලයාට අන්තරාභවයෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ආනන්තරික පුද්ගලයාට අන්තරාභවයෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
32. ස. පු: ආනන්තරික පුද්ගලයාහට අන්තරාභවයෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ආනන්තරික නො වූ පුද්ගලයාහට අන්තරාභවයෙක් නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: නිරයෝපග පුද්ගලයාහට … අසංඥසත්‍ත්‍වොපග පුද්ගලයාහට … අරූපෝපග පුද්ගලයාහට අන්තරාභවයෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: අරූපෝපග පුද්ගලයාහට අන්තරාභවයෙක් නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් අරූපෝපග පුද්ගලයාහට අන්තරාභවයෙක් නැත් නම්,
අනු. පා: භවත, ‘අන්තරාභවයෙක් ඇති’ යි නො කියැයුතු මැ යැ.
33. ස. පු: අරූපෝපග නො වූ පුද්ගලයාහට අන්තරාභවයෙක් නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අරූපෝපග පුද්ගලයාහට අන්තරාභවයෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
34. ස. පු: අරූපෝපග පුද්ගලයාහට අන්තරාභවයෙක් නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අරූපෝපග නො වූ පුද්ගලයාහට අන්තරාභවයෙක් නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
35. ප. පු: ‘අන්තරාභවයෙක් ඇතැ’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: අන්තරාපරිනිබ්බායී පුද්ගලයෙක් ඇත්තේ නො වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් අන්තරාපරිනිබ්බායී පුද්ගලයෙක් ඇත් නම්,
අනු. පා: භවත, එකරුණින් ‘අන්තරාභවයෙක් ඇතැයි, නො කියැයුතු යැ.
36. ස. පු: ‘අන්තරාපරිනිබ්බායී පුද්ගල ඇති’ යි කරුණු කොට ගෙන අන්තරාභවයෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ‘උපහච්චපරිනිබ්බායී පුද්ගල ඇති’ යි කරුණු කොට ගෙන උපහච්වභවයෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
37. ස. පු: ‘අන්තරාපරිනිබ්බායී පුද්ගල ඇති’ යි කරුණු කොට ගෙන අන්තරාභවයෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ‘අසඞ්ඛාරපරිනිබ්බායී පුද්ගල … සසඞ්ඛාරපරිනිබ්බායී පුද්ගල ඇති’ යි කරුණු කොට ගෙන සසඞ්ඛාරභවයෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
අන්තරාභවකථා නිමි.