Kathāvatthu

Points of Controversy

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

පෙන්වන කොටස් 8301-8400 න් 15036

ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින් ‘නිරය, තිරිසන්යෝන, ප්‍රේතවිෂය, මනුෂ්‍ය, දෙව’ යයි පඤ්ච ගතියක් වදාරනලද නම්,
අනු. පා: භවත, ‘ගති සයෙකැ’යි නො කියැයුතු මැ යැ.
2. ස. පු: ගති සයෙක් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කාලකඤ්ජික අසුරයෝ ප්‍රෙතයන් හා සමානවර්‍ණ ඇත්තාහු සමානභෝග සමානාහාර සමාන ආයු ඇත්තාහු ප්‍රෙතයන් හා සමඟ ආවාහවිවාහයට යෙත් නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් කාලකඤ්ජික අසුරයෝ ප්‍රෙතයන් හා සමානවර්‍ණ සමානභෝග සමානාහාර සමාන ආයු ඇත්තාහු ප්‍රෙතයන් හා සමග ආවාහවිවාහයට යෙත් නම්,
අනු. පා: භවත, ‘ගති සයෙකැ’ යි නො කියැයුතු මැ යැ.
3. ස. පු: ගති සයෙක් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: වේපචිත්ති පිරිස්ගතයෝ දෙවියනට සමානවර්‍ණ ඇත්තාහු සමානභෝග සමානාහාර සමාන ආයු ඇත්තාහු දෙවියන් හා සමග ආවාහවිවාහයට යෙත් නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් වේපචිත්ති පිරිස්ගතයෝ දෙවියනට සමානවර්‍ණ ඇත්තාහු සමානභෝග සමානාහාර සමාන ආයු ඇත්තාහු දෙවියන් හා සමග ආවාහවිවාහයට යෙත් නම්,
අනු. පා: භවත, ‘ගති සයෙකැ’ යි නො කියැයුතු මැ යැ.
4. ස. පු: ගති සයෙක් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: වේපචිත්ති පිරිස්ගතයෝ පූර්‍වදේව නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් වෙපචිත්තිපිරිස්ගතයෝ පූර්‍වදේව වූහු නම්,
අනු. පා: භවත, ‘ගති සයෙකැ’ යි නො කියැයුතු මැ යැ.
5. ප. පු: ‘ගති සයෙකැ’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ‘අසුරකාය’ ඇත් නු?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් අසුරකාය ඇත් නම්,
අනු. පා: භවත, එකරුණින් ‘ගති සයෙකැ’ යි කියැයුතු මැ යැ.
ගතිකථා නිමි.
අන්තරාභවකථා
[‘අන්තරාපරිනිබ්බායී’ යන සූත්‍රපද නුනුවණින් හෙන අන්තරාභවයෙක් ඇතැයි පූර්‍වශෛලීය - සම්මිතියනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට අන්තරාභවකථා එයි.]
1. ස. පු: අන්තරාභවයෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: (තොප මතයෙහි අන්තරාභවය) කාමභව වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: අන්තරාභවයෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ඒ රූපභව වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: අන්තරාභවයෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ඒ අරූපභව වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: අන්තරාභවයෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කාමභවයටත් රූපභවයටත් අතුරෙහි අන්තරා භවයෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: අන්තරාභවයෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රූපභවයටත් අරූපභවයටත් අතුරෙහි අන්තරා භවයෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. අනු: කාමභවයටත් රූපභවයටත් අතුරෙහි අන්තරා භවයෙක් නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් කාමභවයටත් රූපභවයටත් අතුරෙහි අන්තරාභවයෙක් නැත් නම්,
අනු. පා: භවත, ‘අන්තරාභවයෙක් ඇතැ’ යි නො කියැයුතු මැ යැ.
7. ස. අනු: රූපභවයටත් අරූපභවයටත් අතුරෙහි අන්තරා භවයෙක් නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් රූපභවයටත් අරූපභවයටත් අතුරෙහි අන්තරාභවයෙක් නැත් නම්,
අනු. පා: භවත, ‘අන්තරාභවයෙක් ඇතැ’ යි නො කියැයුතු මැ යැ.
8. ස. පු: අන්තරාභවයෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ඒ පස්වැනි යෝනි වේ ද, ඒ සවැනි ගති වේ ද; ඒ අටවැනි විඥානස්ථිති වේ ද, ඒ දසවැනි සත්ත්‍වාවාස වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
9. ස. පු: අන්තරාභවයෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අන්තරාභවය ගති, සත්ත්‍වාවාස, සංසාර, යෝනි, විඥානස්ථිති, ආත්මභාවප්‍රතිලාභ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
10. ස. පු: අන්තරාභවයට (ප්‍රතිසන්‍ධි විසින්) පැමිණෙන කර්‍මයෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. පු: අන්තරාභවයට (ප්‍රතිසන්‍ධි විසින්) පැමිණි සත්ත්‍වයෝ ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: අන්තරාභවයෙහි සත්ත්‍වයෝ හටගනිත් ද, දිරත් ද, මියෙත් ද, ච්‍යුත වෙත් ද, උපදිත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: අන්තරාභවයෙහි රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
11. ස. පු: කාමභවය ඇත, කාමභවය භව, ගති, සත්ත්‍වාවාස, සංසාර, යෝනි, විඥානස්ථිති, ආත්මභාවප්‍රතිලාභ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: (තොප මතයෙහි) අන්තරාභවයෙක් ඇත. අන්තරාභවය භව, ගති, සත්ත්‍වාවාස, සංසාර, යෝනි, විඥානස්ථිති, ආත්මභාවප්‍රතිලාභ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
12. ස. පු: කාමභවයට පැමිණෙන කර්‍මයෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අන්තරාභවයට පැමිණෙන කර්‍මයෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
13. ස. පු: කාමභවයට පැමිණෙන සත්ත්‍වයෝ ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අන්තරාභවයට පැමිණෙන සත්ත්‍වයෝ ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ … (ඔහු කාමභවෝපග වෙතියි ලබ්ධියෙන් කළ ප්‍රතික්‍ෂේප යි)
14. ස. පු: කාමභවයෙහි සත්ත්‍වයෝ හටගනිත් ද, ජරාවට යෙත් ද, මියෙත් ද, ච්‍යුත වෙත් ද, උපදිත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අන්තරාභවයෙහි සත්ත්‍වයෝ හටගනිත් ද, ජරාවට යෙත් ද, මියෙත් ද, සැව යෙත් ද, උපදිත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
15. ස. පු: කාමභවයෙහි රූප වේදනා සංඥා සංස්කාර විඥාන ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අන්තරාභවයෙහි රූප වේදනා සංඥා සංස්කාර විඥාන ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
16. ස. පු: කාමභවය පඤ්චවෝකාරභව වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අන්තරාභවය පඤ්චවෝකාරභව වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
17. ස. පු: රූපභවය ඇත, රූපභවය භව, ගති, සත්තාවාස, සංසාර, යෝනි, විඥානස්ථිති, ආත්මභාවප්‍රතිලාභ වේ ද?